වෙබ් ලිපිනය:

Sunday, September 1, 2024

දැන් තත්ත්වය මොන වගේද?


ජනාධිපතිවරණයට තවත් තිබෙන්නේ තෙසතියකට වඩා අඩු කාලයක්. පෙර ලිපි කිහිපයකින්ම විවිධ මත විමසුම් හා සමීක්ෂණ පිළිබඳව තාක්ෂණික පැහැදිලි කිරීම් කළා. ඒ හැම එකකම අඩු වැඩි වශයෙන් අඩුපාඩු තිබුණත් ප්‍රතිඵලය පිළිබඳව යම් අදහසක් ගැනීම සඳහා ඒවා ප්‍රයෝජනවත්.

සියලුම මත විමසුම් හා සමීක්ෂණ වල තිබෙන තොරතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුව මට පෙනී යන්නේ මේ වන විටද ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා අතර විවෘත තරඟයක් පවතින බවයි. පහත එක්සෙල් වර්ක්ෂීට් එකේ තිබෙන්නේ විය හැකියාවන් තුනක්. ලැබෙන අලුත් තොරතුරු අනුව මා මෙහි පරාමිතීන් දිනපතා වෙනස් කරනවා. මේ අද මා දකින තත්ත්වයයි.

ඔබට ඔබේ දැක්ම අනුව මෙහි උපකල්පන වෙනස් කර ප්‍රතිඵලය පරීක්ෂා කළ හැකියි.

https://docs.google.com/spreadsheets/d/1BHyD8UhD1DtYwEhQRcaKuab6PAlqujjP/edit?gid=1638881459#gid=1638881459

සජබ හා මාලිමා කඳවුරු වල ප්‍රචාරක කටයුතු මුල සිටම ඉහළ මට්ටමකින් පැවති බැවින් ඉදිරි තෙසතිය තුළ ප්‍රතිඵලය සඳහා තීරණාත්මක ලෙස බලපාන්නේ රනිල් කඳවුර කොපමණ ක්‍රියාශීලී වනු ඇත්ද යන්නයි. රනිල් කඳවුර ක්‍රියාශීලී වීම මාලිමා කඳවුරට වාසිදායක ලෙස බලපාමින් තිබෙනවා.


2024 Presidential Election- Possible Outcomes

Definitions:

SLPP_block = Average of SLPP vote percentages in 2019 and 2020

NPP_block = Average of NPP vote percentages in 2019 and 2020

SJB_block = SJB percentage in 2020

UNP_block = UNP percentage in 2020

TNA_block = TNA percentage in 2020

UNPR_block = UNP percentage in 2019 - UNP percentage in 2020 - SJB percentage in 2020 - TNA percentage in 2020

Other_block = Other percentage in 2019

(All percentages are based on the total number of voters, not actual votes or valid votes).

Red_belt = Western, Sothern and North Central provinces and Puttalam and Monaragala Districts which include 10 districts.

Green_belt = Central, Sabaragamuwa, Northern and Eastern provinces and Kurunegala and Badulla districts.

 

Assumptions:

NPP votes = NPP_block  + 70% of SLPP_block in Red_belt + 50% of SLPP_block in Green_belt

Other votes = 5% of of SLPP_block + Other_block

 

Derivation:

SLPPR_block = 25% of SLPP_block in Red_belt + 45% of SLPP_block in Green_belt

 

Scenario 1 (No strong RW campaign):

SJB votes = SJB_block + TNA_block + 50% 0f UNPR_block

UNP votes = UNP_block + 50% 0f UNPR_block + 50% of SLPPR_block

 

Scenario 2 (Aggressive RW campaign):

SJB votes = SJB_block + TNA_block + 20% 0f UNPR_block

UNP votes = UNP_block + 80% 0f UNPR_block + 100% of SLPPR_block

 

Scenario 3 (In between situation):

SJB votes = SJB_block + TNA_block + 35% 0f UNPR_block

UNP votes = UNP_block + 65% 0f UNPR_block + 75% of SLPPR_block

 

Scenario 1 Results:

AKD: 4,888,140 (38.5%)

SP: 4,414,957 (34.8%)

RW: 2,656,190 (20.9%)

Others: 724,193 (5.7%)

Total valid votes: 12,683,479 (75.3%)

Outcome: SP is more likely to win during the second round.

 

Scenario 2 Results:

AKD: 4,888,140 (35.1%)

SP: 3,749,769 (26.9%)

RW: 4,574,107 (32.8%)

Others: 724,193 (5.2%)

Total valid votes: 13,889,923 (82.4%)

Outcome: RW is more likely to win during the second round.

 

Scenario 3 Results:

AKD: 4,888,140 (36.8%)

SP: 4,054,720 (30.5%)

RW: 3,615,148 (27.2%)

Others: 724,193 (5.5%)

Total valid votes: 13,395,466 (79.5%)

Outcome: AKD is more likely to win during the second round.

 

I think now we are moving away from Scenario 1 towards Scenario 3.


17 comments:

  1. Only the first two advance to the second round, right? So, how can RW win scenario 2?

    ReplyDelete
  2. තෙසතියක්
    දිගු කාලයක්
    ඉවසගෙන ඉමු
    පතා වෙනසක්!

    ReplyDelete
  3. ඉකොනෝමැට්ටාගේ පුරෝකථන මෙවරත් වැරදෙනවා.

    දැන් හැම චන්දෙම ඉකොනෝ දිනයි කිව්ව මිනිහා පරාදයි.
    ලංකාවේ විතරක් නෙමේ ඇමරිකාවේ චන්දෙත් එහෙමයි උනේ.

    ReplyDelete
    Replies
    1. මේ පාර වරදින්නේ නෑ. තුන්දෙනාම දිනන විදිය කියලා තියෙන්නේ

      Delete
  4. ලංකාවෙ ජනාදිපතිවරනෙදි මනාප ලකුණු කිරීමේ පුරුද්දක් නැති තරම්. හැමෝම තමන් කැමති කෙනාට චන්දෙ දානවා මිසක් 1,2,3, ලකුණු කරණවා අඩුයි මම හිතන්නෙ. එහෙම වැටුනත් ඒක නොගිනිය යුතු තරම ප්‍රතිශතයක් වෙයි කියලයි මට හිතෙන්නෙ. එහෙම වුනොත් මෙ කොයි සිනාරියෝ එකෙන් බැලුවත් අකුදි දිනුම්. එහෙම මනාප ලකුණූ වෙනවා නම් රනිල්ට චන්දය දෙන අය සජිත්ටත් එකෙම අනිත් පැත්තත් වෙන්න තියන සම්භාවිතාව අඩුයි දෙගොල්ලන්ගෙ තියන විරසකය නිසා. මුල් දෙන්නගෙ මනාප ගනින්නෙ නැති නිසා, සජිත් දෙවෙනියා වුනොත් ඊළඟට වැඩිම චන්ද තියෙන්නෙ පුළුවන් රනිල්ගෙ මනාප සජිත්ට වැටෙන්නෑ. රනිල් දෙවෙනියා වුනත් සජිත්ගෙ මනාප රනිල්ට වැටෙන්නෑ.. අනිත් අයගෙ චන්ද ගාන පොඩි නිසා ලැබෙන මනාප ගාන අකුදි අතර තියන පරතරය ඉක්මවා යන්න මදි වේවි..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      මේ ඉකොනොමැට්ටා කියන්නෙ ප්‍රායෝගිකව දේශපාලනය ගැන තියා අවම වශයෙන් ප්‍රායෝගිකව ආර්ථිකය හෝ හැසිරෙන ආකාරය පිළිබඳව කිසිම අවබෝධයක් නොමැති හාන්සිපුටු පණ්ඩිත මහත්මයෙක්. මේක ඔහුට අපහාසයක් කිරීමේ අදහසකින් කිව්වේ නෑ, ඒක තමයි යථාර්තය.

      ඔයාට පුළුවන් නම් හොයලා බලන්න මාලිමාවේ වැලිමඩ රැළිය කොහොමද කියලා ..ඇත්තටම චිරාත් කාලයක් තිස්සෙ වැලිමඩ කියන්නෙ යූඑන්පී බලකොටුවක්..හැමදාම බදුල්ල දිස්ත්‍රික්කය තදටම කොලපාටට බරයි.

      එජාපය කුල්ල කුජීත වෙලා හරිහමන් ජනාධිපති අපේක්ෂකයෙක් වත් නැතිව කවුරුවත් නොදන්නා ශ්‍රීමා දිසානායක ජනාධිපති අපේක්ෂක කරපු 1994 දි පවා චන්ද්‍රිකා කුමාරතුංග මුලු ලංකාවෙම ආසන 168 න් 167 ක් දිනද්දී බදුලු දිස්ත්‍රික්කයේ මහියංගනය ආසනය පරාජය උනා.

      චබකු මැතිවරණයේ සමස්ත ප්‍රකාශිත ඡන්ද වලින් 62% ක් දිනාගත්තත් සමස්ත බදුලු දිස්ත්‍රික්කය දිනන්න හැකි උනේ යාන්තම් වැඩිඡන්ද හතලිස්තුන් දාහකින්...

      එහෙම නිසා 2024 දී මේ වගේ අතිවිශිෂ්ට අතිවිශාල මහාසෙනගක් වැලිමඩදි මාලිමාවට එකතු කරගන්න ලැබෙන එක ලොකුම ලොකු ජයග්‍රහණයක්..

      මේකට තව හේතුවක් තියනවා..හොඳින් බලන්න ඇත්තටම මාලිමාව වටේ වැඩියෙන්ම තැග් ගැහිලා ඉන්නෙ රනිල් එක්ක දශක ගානක් පැරදි පැරදි අසාර්ථක වෙච්ච නිසාත්, විධායක ජනාධිපති කෙනෙක්ව 1994 න් පස්සෙ බිහිකරගන්න බැරි උන නිසාත්,රනිල් යූඑන්පී එකේ බිහිකළ කල්ලිවාදයෙන් කලකිරුණු ක්‍රමයෙන් යූඑන්පී එකෙන් ගැලවුනු උපන්ගෙයි යූඑන්පීකාරයො බවත් ඉතාමත් පැහැදිලියි.

      ඒ වගේම තමයි මාලිමාව කියන්නේ බංකොලොත් යූඑන්පීකාරයන්ට සෙවන දෙන සාරවත් පැහැබර අලුත්ම ගහ..රෝස පාටට වඩා මාලිමාවෙ පාට ලාකොල උනා නම් තමා වඩාත් ගැලපෙන්නෙ..

      ඉතින් රැල්ල මාලිමා පැත්තට කැරකුනු මේ වෙලාවෙ වැලිමඩ, බන්ඩාරවෙල, පස්සර පැත්තෙදි මාලිමාව ලොකු ප්‍රගතියක් ලබන එක පුදුමයක් නෙවේ..

      ඇත්තටම ⁣මාලිමාව දැන් ඉන්නෙ ලොකු තැනක.. රනිල්ට 2020 මහමැතිවරණයේ ප්‍රමාණය වඩා ටිකක් වැඩිපුර ලැබෙයි පොහොට්ටු හොර රැල නිසා. උපරිම වශයෙන් 5% විතර ගනී කොච්චර උඩ පැන්නත් එච්චරම තමයි.

      Delete
  5. @ Economatta

    Please find below link for the economic policies for tomorrow debate organized by Ceylon chamber of commerce;

    https://www.youtube.com/live/NzCZDZgJ1OA?si=JCzAKJAo83jjA8V0

    Watch this debate, the policies of main candidates of presidential election 2024 and could you please elaborate and explain this in detail in another post?

    ReplyDelete
  6. මම මාතර, රනිල් කියල කෙනෙක් චන්දෙ ඉල්ලනවද කියලවත් ගම්වල මිනිස්සු දන්නෙ නෑ. ගම් මට්ටමේ campaign එක කරන්න කෙනෙක් නෑ. කාන්චනයි වයසක කතානායකයි විතරයි. සමහර ආසන වල නාමල් රනිල්ට වඩා ගනීවි කියල හිතෙනව. දවස් 20ක් ඉවසල බලමු. මටනම් හිතෙන්නෙ AKD සහ සජිත් අතර තියුනු තරගයක්. ඊයෙ TNA එකේ announcement එකත් එක්ක වෙනසක් වෙන්න පුලුවන්. TNA එකේ බෙදීමෙන් රනිල්ට චන්ද ටිකක් යන්න පුලුවන්. ඒක සැලකියයුතු ගානක් වේවිද දන්නෙ නෑ. මොකද ඉන්දියාවෙ ආරක්ශක ප්‍රදානිය ඇවිල්ල ගියයින් පස්සෙ මේ announcement එක කලේ මොකක් හරි ඉන්දියාවෙ බලපෑමකට වෙන්න පුලුවන්.
    37% - 40% අතරෙ දෙන්නම ඉන්නෙ කියල හිතෙනව.

    ReplyDelete
  7. ජාතික ජන බලවේගය වෙනුවෙන් මුළු ඇමෙරිකාවම ලංකාවට එනවා;

    😎THEY ARE COMING |🇺🇸
    ඇමරිකාවෙ මේ ටෙක්සාස් වල විතරයි තව ඉන්න පොඩ්ඩක්
    ලොස් ඇන්ජලිස්, නිවුයොර්ක්, චිකාගෝ, ෆ්ලොරිඩා, ඉන්ඩියානා, ෆිලඩෙල්ෆියා, මයාමි,... etc. මග එනවා 😎
    Texas to Sri Lanka...

    මෙතනින් බලන්න

    https://www.facebook.com/share/p/jxWBmrctrWRHWrcr/?mibextid=oFDknk

    ඉකොනෝ ඔයාලා ඉන්දියානාපොලිස් වල මෙහෙම එකක් සංවිධානය කරලා ලංකාවට චාටර් ෆ්ලයිට් එකක් දාගෙන ඉක්මනින්ම එනවා නේද?

    ජය වේවා මාලිමාවට රටම එකමිටට 🙂🫡👏👏👏

    ReplyDelete
  8. දැන් තත්ත්වය මොන වගේද?

    තත්වේ ගහගනින් තොගේ පුකේ පොන්න වෙසිගේ පුතා

    ReplyDelete
    Replies
    1. හා හා පරුෂ වචනයෙන් වලකිමු 👍

      Delete
  9. Slppr-block කියන්නෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. SLPP Residual block = SLPP voters whose voting intention is not known. They may not vote, not decided to vote yet or decided to vote but haven't revelated their preferences.

      Delete
    2. මගේ දේශපාලනික අවබෝධය අනුව ඉකෝන් කියන ඔය බහුතර SLPP බ්ලොක් එකේ දේශපාලන මතයට කිට්ටුවම තියෙන්නේ දිලිත්. ඊළඟට නාමල්. එපමණයි නැත්නම් ඡන්දය නොදා ඉඳීවි. ඒ වගේම සජබ හෝ රනිල් කියන්නෙම ඒ සෙට් එකට කිසිසේත්ම ගැලපෙන තැනක් නෙවි. ඒත් මාලිමාව කියන්නේ තක්කඩියන්ගේ අම්බලමක් නිසා සමහර වෙලාවට මාලිමාවට ලොකු රැල්ලක් ආවොත් යම් පිරිසක් මාලිමාවට ඡන්දය දෙන්න ඉඩ තියෙනවා, ඒත් ඔය පොහොට්ටු කාරයින්ගෙන් උපරිමය 30% ක් මාලිමාවට යාවි ඊට වඩා නම් යන්නේ නෑ. බොහෝ වෙලාවට හැට නම ලක්ෂයෙන් ලක්ෂ විස්සක විතර ප්‍රමාණයක් මාලිමාවට යයි උපරිමය එපමණයි.

      Delete
    3. ඒ කියන්නෙ රනිලට දිනන්න කිසිම චාන්ස් එකක් නැද්ද?

      Delete
  10. ඉකොනොමැට්ටා මොකද හිතන්නේ රනිල් සජිත් අනුර සහ නාමල් කියන හතර දෙනාටම 20 - 25% බැගින් බෙදිලා ගියොත්? එතකොට මහා අවුලක් නේද හැදෙන්නේ?

    උදාහරණයක් විදියට;

    සජිත් 25.5% අනුර 25.0% රනිල් 24.5% නාමල් 18.5% දිලිත් 2.5% උතුරේ අපේක්ෂකයා 1% වෙනත් 3%

    මෙහෙම බෙදිලා ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද?

    රනිල් මැතිවරණ වෙනුවෙන් ඉතාම භතානක පොරොන්දු දෙන කෙනෙක්.
    2015 රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩි කරනවා කිව්වා. ඒ වගේම 10,000කින් වැඩි කලා.

    මේ අවුරුද්දේ මුල පඩි වැඩි කරනවා කියලා ගිය අවුරුද්දේ කිව්වා. ඒ කිව්වා වගේම නැවත 10,000කින් වැටුප් වැඩි කලා.

    දැන් නැවත 24%කින් වැටුප් වැඩි කරනවා කියලා කියනවා. ඒ අනුව පළමු අදියර යටතේ ලබන ජනවාරිවල රුපියල් 7,200කින් ජිවන වියදම් දීමනාව වැඩි කරනවා.

    මේතන තියෙන්නේ රජයේ බදු ආදායම වැටුප් වලට නාස්ති කිරීමක්. රටේ ප්‍රධාන ප්‍රාග්ධන වියදම් දැඩි ලෙස කපා හැරලා සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා වැටුප් වැඩි කරලා බදු ආදායම නිකම්ම විනාශ වෙනවා මේ වගේ තකතීරු තීරණ නිසා.

    මෝඩ රනිල්ගේ මේ මෝඩ තකතීරු තීරණය නිසා කවුරු ජනාධිපති වුණත් මේ ඉල්ලීම් දිනා ගැනීමට ජනාධිපතිවරණය අවසන් වූ දිනයේ සිටම සටන් කළ යුතු බවයි රජයේ සේවකයන් කියන්නේ, කොටින්ම මාලිමාවේ අනුර කුමාර දිනුවත් අනුර කුමාරටත් මේක අනිවාර්යෙන්ම දෙන්නම වෙනවා. මොකද අනුර කුමාර තමන්ගේ වෘත්තිය සමිති එළියට දාල පහුගිය කාලේ රුපියල් 30,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිය නිසා ඔහුටත් ගැලවීමක් නෑ.

    කවුරු ජනාධිපති උනත් ඊළඟ අයවැයෙන්ම මේ වැටුප් විෂමතාවය ඉවත් කරගැනීමට සියලු රාජ්‍ය සේවකයන් එක්ව සටන් කරනවාමයි. ජනාධිපති වැඩ ආරම්භ කළ වහාම සියලු රාජ්‍ය සේවකයන් පාරට බහින්න අනිවාර්යෙන්ම ලෑස්ති වෙලා ඉන්නේ මේ දවස් වල, මේ වගේ ගොබ්බ වැඩ නිසා ඊළඟට පත්වන ආණ්ඩුවත් අනාථයි, ඊටත් වඩා රටම අනාථයි විශේෂයෙන් පෞද්ගලික අංශයේ අය සහ විදේශ රැකියා කරන අයටයි මේ රනිල්ගේ මෝඩ වැඩ නිසා ලොකුම ප්‍රශ්නෙ වෙන්නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: