වෙබ් ලිපිනය:

Saturday, December 18, 2021

ගෑස් බෝම්බ, මධ්‍යගත සැලසුම් හා නියාමනය

ලංකාවේ ගෑස් සිලින්ඩර වල ප්‍රමිතිය හිටි හැටියේ වෙනස් කිරීම නිසා ඇති වූ ප්‍රශ්නය ගැන නැවත ලියන්න අවශ්‍ය නැහැනේ. ප්‍රශ්නය කවුරුත් දන්නවා. මිනිස්සු කඩේ ගිහින් ගෑස් සිලින්ඩර මිල දී ගන්නවා. ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. ඒ තමන්ගේ කැමැත්තෙන්. මේ විදිහට කාගෙවත් බලපෑමක් නැතිව, තමන්ගේ කැමැත්තෙන් ගනුදෙනුවක් කරලා ගෙදර අරගෙන යන ගෑස් සිලින්ඩරේ පිපිරිලා ජීවිත හානියක් හෝ වෙනත් හානියක් සිදු වුනොත් එහි වැරැද්ද තියෙන්නේ කොහේද? මේ වගේ අවස්ථාවක රජය මැදිහත් විය යුතුද? එසේනම් ඒ මැදිහත්වීම කවර ආකාරයේ මැදිහත්වීමක් විය යුතුද?

ගොඩක් වෙලාවට අපට දැකිය හැක්කේ මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලට රජය මැදිහත් වීම නිසාම ඇති වන ප්‍රශ්න. ලංකාව වගේ අඩුවෙන් ධනවාදී වැඩියෙන් සමාජවාදී රටවල මේ තත්ත්වය බොහෝ විට දැකිය හැකියි. හොඳම මෑතකාලීන උදාහරණය රසායනික පොහොර තහනම. රසායනික පොහොර තහනම නිසා ඇති වූ ප්‍රශ්න මේ වෙද්දී එම ප්‍රශ්න ඇති කළ පාර්ශ්ව විසින්ම තේරුම් ගෙන තිබෙන නිසා අපි ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

මේ තරම් අවුලක් වුනේ මිනිස්සු ගොවිතැන් කිරීමේදී තමන්ගේ වගාවන්ට යෙදිය යුතු පෝර මොනවාද කියන එක පමණක් රජය විසින් තීරණය කරන්න යාම තුළයි. ඒ වැඩෙන් පමණක් ඔය තරම්ම අවුලක් වුනානම්, මිනිස්සු තමන්ගේ ඉඩම් වල වගා කළ යුත්තේ මොනවාද, එක් එක් භෝගය වැවිය යුතු ඉඩම් ප්‍රමාණය කොපමණද ආදී කුදු මහත් හැම දෙයක්ම රජයේ මධ්‍යගත සැලසුමක් යටතේ තීරණය වන තත්ත්වයක් යටතේ සිදු විය හැකි විනාශය කාටවත් හිතාගන්නවත් පුළුවන්ද? හැබැයි වැඩේ කියන්නේ තමන් බලයට පැමිණ එවැනි මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන අය තමයි රසායනික පොහොර තහනමට විරුද්ධව වැඩිපුර කතා කළේ සහ කරන්නේ.

මධ්‍යගත සැලසුම් ක්‍රමයකට කවදාවත් වෙළඳපොළ තරම් කාර්යක්ෂම වෙන්න බැහැ. අපි හිතමු රටේ එක් එක් ගොවියා සතු ඉඩමේ වැවිය යුතු බෝග හා එම බෝග වර්ග වෙනුවෙන් ඉඩම වෙන් කළ යුතු ආකාරය රජය විසින් තීරණය කරනවා කියලා. මේක විහිළුවක් නෙමෙයි. බලයට පත් වෙන්න අපේක්ෂා කරන ලංකාවේ දේශපාලන පක්ෂයක නිල කෘෂිකාර්මික ප්‍රතිපත්තිය. 

දැන් මේ වගේ වැඩක් සාර්ථක වෙන්නනම් එක් එක් ඉඩමේ විවිධ කොටස් වල හොඳින්ම වැවෙන බෝගය පිළිබඳව ඉඩම් හිමියා සතු දැනුමට නොඅඩු දැනුමක් රජය සතුව තිබිය යුතුයි. ඒ දැනුම රජයට ලබා ගත හැක්කේ විශාල පිරිසක් යොදවා විශාල තොරතුරු ප්‍රමාණයක් එකතු කිරීමෙන්. ඒ වගේම, මේ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කරන්නත් වෙනවා. හැබැයි එහෙම කරලත් ඉඩමක ජීවත් වෙන ගොවියෙකු ක්ෂණිකව දැන ගන්නා දෙයක් රජයට ඊට කලින් දැන ගන්න අමාරුයි. පොඩි හෝ කාල පමාවක් සිදු වෙනවා. ඒ නිසා, මධ්‍යගත සැලසුමක් කිසි විටෙකත් ප්‍රසස්ථ සැලසුමක් වෙන්නේ නැහැ.

මධ්‍යගත සැලසුමක් කිසි විටෙකත් ප්‍රසස්ථ සැලසුමක් නොවන නිසා එවැනි සැලසුමක් හා අනුගත නොවීම තමන්ට වාසිදායක බව ඉතා ඉක්මණින් ගොවීන්ට තේරෙන්න පටන් ගන්නවා. එවිට ඔවුන් සැලසුමෙන් පිට පැන තමන්ගේ හිතු මනාපයට වැඩ කරන්න උත්සාහ කරනවා. එසේ නැතත්, මධ්‍යගත සැලසුම ඇත්තටම හොඳ එකක් වුවත්, හැම ගොවියෙක්ම තමන්ගේ කැමැත්තෙන් එයට අනුගත වන්නේ නැහැ. තමන්ට හොඳයි කියා හිතෙන විදිහට කටයුතු කරමින් රජය විසින් බලහත්කාරයෙන් තමන් මත පටවන සැලසුමෙන් පිට පනින්න උත්සාහ කිරීම මිනිස් ස්වභාවය අනුව සිදු වන දෙයක්. 

කෘෂිකර්මයෙන් පිටතට ගියොත් මේ සඳහා හොඳම මෑතකාලීන නිදර්ශනය කෝවිඩ් එන්නත්කරණය. වඩා ධනවාදී රටවල පවා මේ කාරණයේදී මධ්‍යගත සැලසුමක් යටතේ රාජ්‍ය බලහත්කාරය ක්‍රියාත්මක වෙනවා. වැඩි පිරිසක් එන්නත්කරණය කිරීම කෝවිඩ් සඳහා හොඳම විසඳුම වෙන්න පුළුවන්. නමුත් ඔය කතාව හැමෝම පිළි ගත යුතුද? තමන්ට එන්නත  අනවශ්‍යයයි සිතන කෙනෙක් එන්නත විද ගත යුතුද?

මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී මතුවන දෙවන හා ප්‍රධාන ප්‍රශ්නය ඕකයි. සැලසුම ඇත්තටම හොඳ එකක් වුනත්, රටක ජීවත් වන බොහෝ දෙනෙක් එවැනි සැලසුමකට අනුගත වෙන්න කැමති නැහැ. මෙවැනි සැලසුම් වල බොහෝ විට පැහැදිලි අඩුපාඩු තිබෙන නිසා එම පිරිස තවත් වැඩි වෙනවා. එහිදී රජයට තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න බලහත්කාරය යොදන්න වෙනවා. සැලසුමෙන් පිට පනින අය හොයන්න වෙනවා. ඒ අයට දඬුවම් දෙන්න වෙනවා. මේ හැම දෙයකටම විශාල පිරිස් බලයක් අවශ්‍යයි. විශාල රජයක් අවශ්‍යයි.

කෘෂිකර්මය වෙත ගියොත් එක පැත්තකින් රටේ ඉඩම් ගැන, ගොවීන් ගැන, කාලගුණය ගැන, වෙළඳපොළ ඉල්ලුම ගැන විස්තරාත්මක හා අලුත්ම තොරතුරු දිගින් දිගටම හොයා වාර්තා කරන්න විශාල පිරිසක් අවශ්‍යයි. ඉන් පසුව, මේ තොරතුරු හා දත්ත විශ්ලේෂණය කර මධ්‍යගත සැලසුම නිරන්තරයෙන් සුසර කරන්න පිරිසක් අවශ්‍යයි. එම සැලසුම මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට, සැලසුම ගැන රටේ සියල්ලන්ම දැනුවත් කිරීමට, සැලසුමෙන් පිට පනින අය ගැන හොයා බලා සැලසුම ඇතුළට ගැනීමට, එසේ සැලසුම ඇතුළට ගත නොහැකි අයට දඬුවම් කිරීමට විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි.

මේවා හිතළු නෙමෙයි. මේ වගේ මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කරන්න ගත් උත්සාහයන් පිළිබඳ නිදර්ශන අපට ලෝකයෙන් වගේම ලංකාවෙනුත් අඩු නැතුව හොයා ගන්න පුළුවන්. මධ්‍යගත සැලසුම් යටතේ සිදු වන දෙය නැවත නැවත පරීක්ෂා කළ යුතු දෙයක් නෙමෙයි.

මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේදී පළමුවම සිදු වන දෙය එම මධ්‍යගත සැලසුම් යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශාල රාජ්‍ය යාන්ත්‍රනයේ බර එම රාජ්‍ය යාන්ත්‍රනයට පිටින් සිටින මිනිසුන් මත පතිත වීමයි. මේ කරුණ හේතුවෙන් පමණක්ම වුවද නිෂ්පාදන කාර්යක්ෂමතාවය විශාල ලෙස පහත වැටෙනවා. ඒ වගේම, රාජ්‍ය යාන්ත්‍රනය විශාල වන තරමට එහි එක් එක් දැති රෝදය සමස්ත යාන්ත්‍රනය සමඟ සුසරව කැරකෙන බව තහවුරු කර ගැනීම අසීරු වෙනවා. තේරෙන බාසාවෙන් කිවුවොත් රජයෙන් වැටුපක් ලබා වගාබිම් පිළිබඳ දත්ත එකතු කරන්න යන රාජ්‍ය සේවකයෙක් හැමවිටම තමන්ගේ රාජකාරිය හරියටම කරයිද? ගෙදර ඉඳලා බොරුවට කොළ පුරවා එවුවොත් මොකද වෙන්නේ?

මධ්‍යගත සැලසුමෙන් පිට පනින එක තමන්ට වාසිදායක වගේ පෙනුනහම මිනිස්සු එසේ කරන්න උත්සාහ කරනවා. නමුත් එහිදී ඔවුන්ට දඬුවමට ලක් වෙන්න සිදු වෙනවා. මෙවැනි දඬුවම් වලින් බේරෙන්න පුළුවන් පහසු ක්‍රමයක් වන්නේ තමන් ගැන හොයා බලන්න එන රාජ්‍ය සේවකයාට සන්තෝෂමක් දෙන එකයි. මේක දෙන්නාටම වාසියි. 

මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයින්ම මේ විදිහට සැලසුමෙන් පිට කටයුතු කළ හැකි නිසා එයට විසඳුමක්ද එවැනි මධ්‍යගත සැලසුමක් තුළ සාමාන්‍යයෙන් තිබෙනවා. එක් අයෙක් සැලසුමෙන් පිට පනිනවාද බලා සිටින්න තවත් අයෙක් අවශ්‍යයි. දෙවැන්නා ගැන බලන්න තුන් වැන්නෙක් අවශ්‍යයි. 

රාජ්‍ය සේවය තුළ සිදු විය හැකි හොරකම්, දූෂණ, නාස්ති කියා කියන්නේ ක්‍රමයේ වැරැද්දක් මිසක් අදාළ පුද්ගලයින්ගේ වැරැද්දකින් සිදු වන දෙයක් නෙමෙයි. විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කරන තුරු, රාජ්‍ය ව්‍යුහයේ ඉහළම තට්ටුව මාරු කිරීමෙන් පමණක් මේ හොරකම්, දූෂණ, නාස්ති නැති කරන්න බැහැ. ඒ නිසා, මධ්‍යගත සැලසුම් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින අතර හොරකම්, දූෂණ, නාස්ති වලට එරෙහි වීම කියා කියන්නේ එක පැත්තකින් ප්‍රශ්නයක් ඇති කරමින් අනෙක් පැත්තෙන් එසේ ඇති කළ ප්‍රශ්නයට විසඳුම් හෙවීමක්. හෝද හෝදා මඩේ දමමින් මඩ වතුරෙන් රෙදි හේදීමක්!

හොරකම්, දූෂණ, නාස්ති අවම කළ හැකි ස්ථිරසාර ක්‍රමය රජය කුඩා කිරීමයි. හැබැයි අප රජය කුඩා කිරීමක් ගැන මිසක් රජය අහෝසි කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. එය තවත් ආන්තීය අදහසක් පමණයි. ප්‍රායෝගිකව රජයකට පමණක් කළ හැකි නිශ්චිත කාර්යයන් ගණනාවක් තිබෙනවා. වෙළඳපොළ සැලකුවත්, රජය වෙළඳපොළට කිසිදු ආකාරයක මැදිහත් වීමක් කළ යුතු නැතැයි අප හිතන්නේ නැහැ.

ගෑස් ප්‍රශ්නයට නැවත එමු. සල්ලි දී ගෙදර ගෙන යන ගෑස් සිලින්ඩර හිටිවනම පුපුරනවා. මෙය සිදු වන්නේ එක් සැපයුම්කරුවෙකු විසින් පළමුව ගෑස් වල ප්‍රමිතිය වෙනස් කිරීම නිසා කියා අපි හිතමු. මේ වෙළඳපොළ තරඟකාරී නිදහස් වෙළඳපොළක් වුනානම්, රජයේ නියාමනයක් නැතිවම මේ ප්‍රශ්නය වෙළඳපොළ විසින්ම විසඳනවා. ඒ කොහොමද?

ගෑස් පිපිරීම් දෙක තුනක් සිදු වන විට මේ ගැන රටම දැනුවත් වෙනවා. බොහෝ විට වෙනත් ගෑස් සැපයුම්කරුවෙකු විසින් හේතුව උපකල්පනය කර අදාළ සමාගමේ ගෑස් සිලින්ඩරයක සංයුතිය පරික්ෂා කිරීමෙන් එම හේතුව තහවුරු කර ගන්නවා. ඉන් පසුව, මේ බව ප්‍රචාරණය කරමින් අදාළ ගෑස් සමාගමේ පාරිභෝගිකයින් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට පටන් ගන්නවා. සංයුතිය වෙනස් කළ ගෑස් සමාගම බංකොලොත් වෙනවා. අනෙකුත් ගෑස් සමාගම් විසින් අනාගතයේදී මෙවැනි "අත් වැරැද්දක්" කරන එකද නවතිනවා.

මේ වගේ දෙයක් වෙන්නේ ලංකාවේ ගෑස් වෙළඳපොළ තරඟකාරී නිදහස් වෙළඳපොළක්ව පැවතුණානම් පමණයි. එහෙත් එම වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නොවෙයි.

වෙළඳපොළක් තරඟකාරී වන්නේ විශාල සැපයුම්කරුවන් පිරිසක් සිටින විටයි. ලංකාවේ ගෑස් වෙළඳපොළ එවැන්නක් නෙමෙයි.  මේ වෙළඳපොළේ සැපයුම්කරුවන් සිටින්නේ දෙදෙනෙකු පමණයි. එයින්ද ප්‍රධානම සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික සමාගමක් නෙමෙයි. එය රජයේම කොටසක්. එහෙත්, අනෙකුත් සැපයුම්කරු වන ලාෆ්ස් ගෑස් සමාගම තිබෙන්නේ පෞද්ගලික අයිතිය යටතේ.

පෞද්ගලික සමාගමකට මෙන් නොව රජය සතු සමාගමකට පැවතීම සඳහා ලාබ අවශ්‍ය නැහැ. ලාබ නැතත් බදු මුදලින් නඩත්තු වෙමින් අකාර්යක්ෂමතාවය නඩත්තු කළ හැකියි. ලිට්‍රෝ ගෑස් සමාගම ඇතැම් විට පාඩු ලබමින්, පිරිවැය හෝ නොඉක්මවමින්, ගෑස් විකුණනවා. ඔවුන් ගෑස් විකුණන මිල තීරණය වන්නේ ආර්ථික සාධක මත නෙමෙයි. දේශපාලන සාධක මතයි.

ලාෆ්ස් ගෑස් සමාගම පෞද්ගලික සමාගමක් වුවත් ඔවුන්ටද තමන්ගේ ගෑස් මිල තීරණය කළ නොහැකියි. එය තීරණය කරන්නේද රජය විසින්. බොහෝ විට රජය විසින් තීරණය කරන්නේ ගෑස් වල උපරිම මිල නිසා ඔවුන්ට අවශ්‍යනම් අඩු මිලකට ගෑස් විකුණන්න බැරිකමක් නැහැ.

මෙසේ නියම කරන උපරිම මිල ගොඩක් ඉහළ මිලක්නම් ලාෆ්ස් ගෑස් සමාගමට ලිට්‍රෝ ගෑස් සමාගමට වඩා අඩුවෙන් ගෑස් විකුණා ඔවුන්ගේ පාරිභෝගිකයින් අල්ලා ගන්න පුළුවන්. එහෙත්, බොහෝ විට රජය විසින් පනවන උපරිම මිල එතරම් ඉහළ මිලක් නෙමෙයි. ඇතැම් විට ඒ මිලට ගෑස් විකුණන්න වෙන්නේ පාඩුවට වෙන්නත් පුළුවන්. 

රජයේම කොටසක් වන ලිට්‍රෝ ගෑස් සමාගමනම් හිතාමතාම පාඩුවට ගෑස් විකුණනවා. එසේ කරන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යන වකවානු වලදී. නිෂ්පාදන පිරිවැය පහළ යන වකවානු වලදී ඔවුන් ඒ පාඩුව හෝ එයින් කොටසක් අල්ලා ගන්නවා. මේ වෙළඳපොළේ දැවැන්තයා ලිට්‍රෝ ගෑස් සමාගම නිසා ලාෆ්ස් ගෑස් සමාගමට ඔවුන් කරන දෙයම කරනු හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා, ඔවුන් කරන්නේද, අඩුවට විකිණිය හැකි අවස්ථා වලදී පවා, උපරිම මිලටම හෝ ආසන්න මිලකට ගෑස් විකුණා ලාබ එකතු කර ගන්න එකයි. ඇතැම් වකවානු වල තමන්ගේ ගෑස් පාඩුවට විකුණන්න සිදු වෙන නිසා එසේ නොකර ඔවුන්ට දිගුකාලීනව මේ වෙළදපොළේ රැඳී ඉන්න බැහැ. 

ලංකාවේ ගෑස් වෙළඳපොලේ ලොකුම සැපයුම්කරුවා මෙන්ම මෙම වෙළඳපොළේ නියාමකයාද එකම අයෙක් නිසා පිළිසිඳියා ගැටුමක් නැතිව, කාටත් සාධාරණව, මේ වෙළඳපොළ නියාමනය වීමක් අපේක්ෂා කරන්න බැහැ. මෙවැනි සන්දර්භයක පෞද්ගලික සමාගමක් වන ලාෆ්ස් ගෑස් සමාගමටද රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු හැර තරඟකරුවෙකු වීමේ විකල්පයක් නැහැ. ඒ නිසා, සෛද්ධාන්තිකව සමාගම් දෙකක් අතර තරඟයෙන් වුවත් තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න පුළුවන් වුනත්, මෙහිදී සිදු විය හැක්කේත්, සිදු වී තිබෙන්නේත්, පූර්ණ ඒකාධිකාරයකට ආසන්න තත්ත්වයක් ඇති වීමයි. පෞද්ගලික සමාගමක් වන ලාෆ්ස් ගෑස් සමාගමද මේ ඒකාධිකාරයේ එක් කොටස්කරුවෙකු පමණයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළ නියාමකයා විසින්ම වෙළඳපොළට ගෑස් සැපයුම කරන සන්දර්භයක මේ වෙළඳපොළට යම් හෙයකින් අලුතෙන් පැමිණෙන සමාගමකට වුවත් දැනට වෙළඳපොළෙහි සිටින සමාගම් වලට සැබෑ තරඟකරුවෙකු වීමේ හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් ඇති වීමටනම්, අවම වශයෙන්, රජය මේ වෙළඳපොළෙන් ඉවත් විය යුතුයි.

ලිට්‍රෝ ගෑස් සමාගමද රජයට සම්බන්ධයක් නැති, පෞද්ගලික සමාගමක්ව තිබුනා කියා අපි හිතමු. එවැනි තත්ත්වයක් යටතේ ලිට්‍රෝ හා ලාෆ්ස් සමාගම් අතර ඇති විය හැකි තරඟයකින් පාරිභෝගිකයන්ට යහපතක් සිදු විය හැකියි. අනෙක් අතට, ඇමරිකාවේ මෙන් නීතිමය බාධාවක් නැති නිසා, මේ සමාගම් දෙකට තව දුරටත් කාටලයක් සේ කටයුතු කරමින් ඒකාධිකාරයක් පවත්වා ගන්නත් පුළුවන්. ඒ වගේම, එවැනි තත්ත්වයක් යටතේ නියාමකයා වන රජයට පිළිසිඳියා ගැටුමක් නැති නිසා මේ සමාගම් දෙකෙන් එකකට හෝ පාරිභෝගිකයන්ට එරෙහිව මේ සමාගම් දෙකටම වාසියක් සැලසීමට සෛද්ධාන්තික අවශ්‍යතාවයක් නැතත් ප්‍රායෝගිකව එය එසේම නොවන්නට පුළුවන්. රජය බලවත් වන තරමට වංචා, දූෂණ, හොරකම් වලට ඉඩ වැඩියි.

කෙසේ වුවත්, වෙළඳපොළේ සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවානම් නියාමකයාට ඒ එක් අයෙකුට විශේෂ වාසියක් කරන්න අමාරුයි. ඒ වගේම, ඒ සියලු දෙනාම එකතු වී කාටලයක් සේ ක්‍රියා කිරීමත් සිදු වන්නේ නැහැ.

ලංකාවේ ගෑස් වෙළඳපොළ තරඟකාරී නැති බවත්, ඒ සඳහා අවම කොන්දේසියක් වන්නේ රජය මේ ව්‍යාපාරයෙන් ඉවත් වීම බවත් පැහැදිලියි. තරඟකාරී නැති මේ වෙළඳපොළ නිදහස් වෙළඳපොළක්ද?

ගෑස් පාරිභෝගිකයකු විසින් මුලින්ම ගෑස් සිලින්ඩරයක් මිල දී ගන්නේත්, එයට නැවත නැවත ගෑස් පුරවන්නේත් ස්ව-කැමැත්තෙන්. සැපයුම්කරු ගෑස් විකුණන්නේනම් කොහොමටත් කැමැත්තෙන්. එපමණකින් මෙය නිදහස් ගනුදෙනුවක් වෙනවාද?

තමන් විසින් මුදල් ගෙවා මිල දී ගන්නා භාණ්ඩය ගැන එය මිල දී ගන්නා පාරිභෝගිකයා දන්නේ මොනවාද? ගෑස් විකුණන සැපයුම්කරු ඒ ගැන දන්නා හැම දෙයක්ම ගෑස් මිල දී ගන්නා අවස්ථාවේදී මේ පාරිභෝගිකයාත් දන්නවාද? එසේ නොවී, මේ දෙදෙනා අතර තොරතුරු අසමමිතියක් ඇත්නම්, පාරිභෝගිකයා විසින් ඇත්තටම මිලදී ගන්නේ ඔහුට මුදල් ගෙවා මිල දී ගන්න අවශ්‍ය වූ දෙයමද? එය එසේ නොවේනම්, මෙය නිදහස් ගනුදෙනුවක්ද?

විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව ගැනත් (CA/Writs/609/2021), රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් ඊයේ ලබා දුන් තීන්දුව පිළිබඳවත් කතා කළ යුත්තේ මේ සන්දර්භය තුළයි. ලිපිය දිග වැඩි නිසා එය අපි පසුවට තබමු.


29 comments:

  1. ඉකොනොමැට්ටා නොදන්න මගුල් කියවන්න කලින් මේක බලනවා නම් හොඳයි

    සියලුම රාජ්‍ය සේවකයන් දූෂිත නෑ ගොඩාක්ම රාජපක්ෂ හොර හැත්තගේ වන්දිභට්ට අමන හොර රැල තමයි,

    https://www.facebook.com/726587577439285/posts/4474946239270048/
    https://fb.watch/9ZU2jVd1Do/

    රට ජනතාව දිනවීමට අපි දිනනවා !
    බලයට පත්වන පක්ෂය ප්‍රතිපත්ති ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතියක් කරන්න ඕනෑ..

    සම්පූර්ණ වීඩියෝව

    https://youtu.be/zDaaCxx9S0g

    මේක බලන්න සේරටම කලින්

    https://www.facebook.com/726587577439285/posts/4474794069285265/

    මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි

    https://fb.watch/9ZUYEIops2/

    ලංකාවේ සැබෑ තොරතුරු ගැන මළ පොතේ අකුරක් නොදන්න ඉකොනො මැට්ටාට රජයේ සේවයේ පළපුරුදු ඇති නිළ තල දරපු මහින්ද ජයසිංහ සහෝදරයා මේ ගැන කියන දේ වලින් තේරුම් ගන්න පුළුවන් වෙයි

    https://fb.watch/9ZV5VrBPiD/

    ReplyDelete
    Replies
    1. නිකන් බොරුවට මනස්ගාත නොලියා ජවිපෙ ජාතික ජන බලවේගයේ සැබෑ ප්‍රතිපත්ති පිලිබඳව අවධානය යොමු කර පහත link එක හරහා එම ප්‍රතිපත්ති මාලා ලබා ගෙන කියවා දැනුවත් වන

      https://www.npp.lk/policies/

      ලෝකයේ වෙනත් රටවල් වල, විශේෂයෙන්ම කියුබාව වැනි සමාජවාදී රාජ්‍ය වල මෙන්ම සහ ධනවාදී සමාජ ක්‍රමයක් පවතින බොහෝ ස්කැන්ඩිනේවියානු රටවල් වල පවා රජයේ ආයතන ඉතා හොඳින් ලාභ ලබනවා, නමුත් ඔය කියන ඇමරිකානු ධනවාදී සමාජයේ එහෙම නෑ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ගැන වෙනම කතා කරන්න ඕන. නමුත් ලංකාවේ ප්‍රශ්නයට ආවාම ලංකාවේ රජයේ ආයතන මහජන මුදල් නාස්ති කරන සුදු අලි වෙලා තියෙන්නේ දූෂිත දේශපාලකයන් සහ උන්ගේ ගෝලයන් හෙංචයියන් දමාගෙන කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වංචා කරමින් හොරා කන එක නිසා තමයි රටට ඇත්තටම ආදරේ කරන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රටේ යහපත උදෙසා කැපවීමෙන් කටයුතු කරන්න විශාල පිරිසක් ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය සමග එම කණ්ඩායමට එක්වී සිටින නිසා මේවා ලාභ ලබන ආයතන බවට පත්කරන්නට ඉතා පහසුවෙන් පුළුවන්. ජවිපෙ ජාතික ජන බලවේගය ඒ ගැන ජනතාවට සහතික කොට ඉතා වගකීමෙන් පොරොන්දුවක් දී තියෙනවා.

      Delete
  2. ලංකාවේ පාලනයේ වෙන්නේ මොකක්ද සහ ඇත්තටම ලංකාව මෙතනින් ගොඩ ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න ගැන 2021 /11 / 08 දින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා DATE WITH ANURADHA මාධ්‍ය අංශයේ අනුරාධා හේරත් සමග පැවති මාධ්‍ය සාකච්චාවයි. එය ඉතා වැදගත් එකක් ලෙස දුටු බැවින් මෙසේ ඔබට ලියා ඉදිරිපත් කිරීමට තීරණය කලෙමි. ඊට හේතුව බොහෝ දෙනෙක් අහන ප්‍රශනයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණිය හොත් මේ ඇතිවී තිබෙන ඩොලර් හිගයට කඩිනම් විසඳුම් මොනවාද යන්න විමසනවා. එනිසා ඒ ගැන පමණක් නොව බලය ගන්නේ කොහොමද? එසේ ගත් විට කරන්නේ කුමක්ද ? යන්න මෙහි පැහැදිලි පිළිතුරු ලබා දෙනවා. එනිසා මෙය සම්පුර්ණයෙන්ම කියවා ප්‍රශන කරන හැමෝගේම දැන ගැනීම පිණිස බෙදාහැරීමට කටයුතු කරන්න.

    https://www.youtube.com/watch?v=Vm0Tr5WXuTE

    ප්‍රශනය : කොහොමද ඔබතුමා මේ දිනවල දේශපාලන කටයුතු.

    පිලතුර : විශේෂයෙන්ම අපි රටේ ජනතාව හමුවන්න වැඩ සටහනක් දියත් කර තිබනවා. මේවනවිට ගමෙන් පටන් ගමු යන ව්‍යාපෘතිය යටතේ අපේ පක්ෂයේ සියලු දෙනා ගම්මාන වලට ගිහින් පුරවැසියන් මුණ ගැහීමේ වැඩ කටයුත්තකට නිරත වෙලා සිටින්නේ.

    ප්‍රශ්නය : ඔව් ඔබතුමන්ලා බිම් මට්ටම නියෝජනය නොවන බවට විවිධ චෝදනා තිබුනා. දැන්වත් ඒක නිසිවිදිහට ක්‍රියාත්මක වෙනවාද?

    පිලතුර : නැහැ විශේෂයෙන්ම බිම් මට්ටම නියෝජනය නොවීමක් නොවෙයි. අපි පසුගිය කාලය පුරාවටම ප්‍රාදේශීය සභා නගර සභා කේන්ද්‍ර කරගෙන අපේ සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබුනා. නමුත් රටේ වර්තමානයේ මතුවී තිබෙන විශේෂ දේශපාලන තත්වය හේතුකොට ගෙන එය වේගවත්ව සැලසුම් සහගතව කරගෙන යාමේ උවමනාව මත තමයි මේ වැඩසටන දියත් කරනු ලැබුවේ.

    ප්‍රශ්නය : මෙහෙමයි අපි හරි කතාවට යමුකෝ, ජනතාව සුදානම් ජවිපෙට රට භාර දෙන්න ජවිපෙ සුදානම්ද වගේම ජනාතා විමික්ති පෙරමුණට පුලුවනිද මෙතියෙන තත්වයත් එක්ක රට ආපස්සට හරවන්න.

    පිලිතුර : විශේෂයෙන්ම අපි සුදානම් මේ රටේ බලය අපේ අතට ගත යුතුමයි. ඒවගේම මේ ගමන් කරමින් තිබෙන දිසාව අපේ රටේ සියලු ශේෂ්ත්‍ර ප්‍රපාතයට වගේම කඩා වැටෙමින් තිබෙන දිසාවකට ගමන් කරමිනුයි තිබෙන්නේ. ඒ වෙනුවට අපේ රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් යලි ගොඩ නැංවීමේ දිසාවට ගමන් කිරීම සඳහා දැඩි විශ්වාසයෙන් යුතුව තමයි අපි කටයුතු කරමින් සිටින්නේ.

    ප්‍රශ්නය : ජනතාව එක්ක සාකච්චා කරන විට බහුතරයක් කියන්නේ දැන් නම් ජනතා විමුක්ති පෙරමුණ පත් කරන්න ඕනා හැබැයි ජන්දය දෙන කොට ඔවුන් මැලිකමක් දක්වනවා මේක ඔබතුමන්ලාගේ අසමත් කමක්ද ජනතාව ලඟා කර ගැනීමේ නොහැකියාව?

    පිලතුර : නැහැ විශේෂයෙන්ම පසුගිය කාලේ සාමාන්යෙන් සෑම මැතිවරණයකදීම , මැතිවරණ ව්‍යාපාරය තුලත් සාමාන්‍ය තත්වය තුලත් අපේ පක්ෂයට විශාල ප්‍රශාදයක් විශාල කැමැත්තක් තිබෙනවා, මේ රටේ වංචා දුෂණ වල නොදෙන දේශපාලන ව්‍යාපාරය මොකක්ද කියලා ඇසුවොත් ඒ ජනතා විමුක්ති පෙරමුණ..

    මේ රටටත් මේ රටේ ජනතාවත් මීට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කල හැක්කේ කාටද කියා ඇසුවොත් ඒ ජනතා විමුක්ති පෙරමුණට. මෙරට ගොඩ නැගීම සඳහා අවංක කැපකිරීම කරන දේශපාලන ව්‍යාපාරය මොකක්ද කියා ඇසුවොත් ඒ ජනතා විමුක්ති පෙරමුණ. එනිසා රටේ ජනතාවගේ බලාපොරොත්තු සහ අපේ බලාපොරොත්තු අතර සමපාත වීමක් තිබෙනවා. මොකද පුරවැසියන් හිතන දේම තමයි අපි කරනදේ.

    නමුත් අපේ රටේ මැතිවරණ වලදී අවසානය කියන්නේ ආණ්ඩුවක් පිහිටුවීම. ඉතින් ජන්තාවට් අපි ආණ්ඩුවක් පිහිටුවනවා පෙනෙන්නේ නැති නම් අපි ඒ ආණ්ඩු පිහිටුවීමේ බල කවයට ඇතුල්වී නැතිනම් පුරවැසියාට දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි අදාළ නොවන තත්වයක් ඇතිවෙනවා. එනිසා මේ තත්වය වෙනස් කල හැකි වන්නේ ආණ්ඩුව පිහිටුවියකි බල කවය තුලට අපි ඇතුල් වියතුයි. ඒ සඳහා අවශ්‍ය වන වැඩ පිලිවල තමයි අපි සකස් කරමින් යන්නේ. එතකොට ජනතාව තුල මේ තියෙන කැමැත්ත ජන්දයක් බවට පත් වෙන බවට අපට දැඩි විශ්වාසයක් තියෙනවා.

    ප්‍රශ්නය : ඒ කියන්නෙම ප්‍රශ්නය තියෙන්නේ පක්ෂය තුලයි ?

    පිලතුර : පක්ෂය තුල නෙවෙයි. පක්ෂය සමාජයට ඒත්තු ගන්වන්නට අසමත් වී තිබෙනවා අපි බලය සුදානම් දේශපාලන ව්‍යාපාරයක පෙනුම සහ හැඩය. එනිසා එය නිර්මාණය කිරීම තමයි අපේ අභියෝගය.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය : සාමාන්යෙන් සුද්දා ගෙන් පසුව රටේ පාලනය කලේ වලව් වල හාමුලා. අනුර කුමාර දිසානායක වලව්වක හාමුකෙනෙකුත් නෙවෙයි. පරම්පරා ගත සල්ලි කාරයෙකුත් නෙවෙයි. මේ යන සිස්ටම් එක ඇතුලේ ඔබට හැකි වෙයිද මේ රට භාර ගන්න? මිනිස්සු ඔබව භාර ගනීවිද ඒ ක්‍රමයත් එක්ක.?

      පිලතුර : මේ යන සිස්ටම් එක සාර්ථක වෙලාද තියෙන්නේ? ස්වාමියාගෙන් බිරිඳට ආපු දේශපාලනයක්. පවුලෙන් දුවට ආපු දේශපාලනයක්. අයියා ගෙන් මල්ලිට ආපු දේශපාලනයක්. තාත්තා ගෙන් පුතාව ගෙන්වීමේ උත්සාහයක් දරන දේශපාලනයක්. මේ රටේ සාර්ථක වෙලා නැහැ. ඒ නිසා පරම්පරා ගත දේශපාලනය හෝ පරම්පරාවකට උරුම වී තිබෙන නායකත්වයන් එක එක යුගයකට අයිතියි.

      වර්තමාන යුගය අපේක්ෂා කරන්නේ එවැනි පරම්පරාගත දේශපාලනයක් නොවෙයි. දැනුම, ඥානය, කැපකිරීම, පරිත්‍යාගය, අවංක භාවයෙන් හෙබි ස්වේච්ඡාවෙන් වැඩ කරන ආදර්ශමත් දේශපාලනයක් අද රටට අවශ්‍ය වී තිබෙන්නේ. එනිසා පරම්පරාගත පවුල් දේශපාලනයත් පරම්පරා ගත ප්‍රභූ දේශපාලනයේ අවසන් අදියරයි අද මේ රටේ ගමන් කරන්නේ. මේ රට දැන් අවසන් අදියරෙයි තිබෙන්නේ. එනිසා අපි විශ්වාස කරනවා අපේ රටට නව දේශපාලන පරිවර්තනයක් ඇතිකළ හැකි වන්නේ අලුත් පරම පරාවන් වලටයි. අලුත් දේශපාලන ව්‍යාපාරයන් වලට බලය අත්පත් කරදීමෙන් පමණයි. 

      ප්‍රශ්නය ; පසුගිය දිනවල ප්‍රබල දේශපාලන පවුල් විදිහට රාජපක්ෂ දේශපාලනය ජාත්‍යන්තරයටත් ගියා. එවන් තත්වයන් තුල  රාජපක්ෂලාගේ දේශපාලනය මේ රටින් අයින් කරන්න පුළුවන් කියා හිතනවාද?

      පිලතුර : මම හිතන්නේ මේ අවසන් යුගය මේ ගමන් කරමින් තිබෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා පසුගිය ජනධිපති මැතිවරණයේදීත් , මහා මැතිවරණයේදීත්, රටේ සුවිශාල ජනතාවක් විශාල බලාපොරොත්තු සහිතව ගෝඨාභය ජනාධිපති වරයාට බලය ලබා දෙනු ලැබුවා.

      ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය දුරයට මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය දුරයට බැසිල් රාජපක්ෂ, තවත් අමාත්‍යංශ දුර ගණනාවකට චමල් රාජපක්ෂ,  තවත් අමාත්‍යංශ දුර ගණනාවකට නාමල් රාජපක්ෂ, තවත් රාජ්ය පාලනයේ බොහෝ ස්ථානවල රාජපක්ෂ පවුලෙන් කේන්ද්‍ර ගත කර තිබෙනවා.  එහෙනම් අද දේශපාලන පක්ෂයක් හැටියට හෝ දේශපාලන මතයක් හැටියට පමණක් නොවෙයි මේ අසාර්ථක භාවය අත්පත් කරගෙන ඇත්තේ පවුලක් හැටියටයි. 

      අද අපේ රටේ ආර්ථිකය බිඳ වැටීම, වංචා දුෂණය ඉහවා තිබීම, නීතිය හා විධානයේ ආදිපත්‍ය කඩා වැටීම, භාණ්ඩ මිල ඉහල යාම සහ විශාල ලෙස භාණ්ඩ වල හිඟයක් ඇතිවීම, මේ සියල්ලන්ටම නිර්මාතෘන් සහ වගකීම දරන්නන් බවට අද මේ රාජපක්ෂ පවුල කේන්ද්‍ර ගතවී තිබෙනවා. එනිසා මා හිතනවා ඔවුන්ගේ අවසන් පුරුකේ දේශපාලනය තමයි මේ ඇතිවී තිබෙන්නේ කියා මා විශ්වාස කරනවා.

      ප්‍රශ්නය : නමුත් ජනතා මතයක් තියෙනවා නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඊළඟට එන්න නියමිතයි. ඒ කාරණය කොහොමද දකින්නේ?

      පිලතුර :  ඉතින් කාටත් බලාපොරොත්තු තියා ගන්න පුලුවනිනේ. එනිසා ඔවුන්ගේ බලාපොරොත්තු වලට ඔවුන්ගේ සිහිනයන්ට අපි බාදා කරන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරනවා මෙරටේ පොදු ජනතාව අද වේගයෙන් නව දේශපාලන ගමනක අවශ්‍යතාවය තේරුම් ගනිමින් තිබෙනවා වගේම ඒ වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටිනවා. එනිසා බලාපොරොත්තු තබා ගන්නන්ට වගේම සිහින දකින්නන්ට ඒ සිහින තුලම ජීවත් වෙන්නට ඉඩ හැරලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ පරිවත්නය අපට කල හැකියි කියලා.

      Delete
    2. ප්‍රශ්නය : රටේ පුරවැසින් කතා කරන තවත් කාරණයක් තමයි අපි කැමතියි සිස්ටම් එක වෙනස් කරන්න. හැබැයි අපිට නායකයෙක් නැහැ.  නායකයෙකුගේ ප්‍රශ්නයක් මෙරටේ තියෙනවා. ඒක ඔබ දකින්නේ කොහොමද?  

      ඉතින් ඔබ දකින්න ඇතිනේ ඔය කියන සුවිශේෂීය සමාජ කුලකයේ පුද්ගල නායකයින් කොපමණක් ගෙනාවාද? දුප්පතාගේ හිතවතා ලෙස පුද්ගල නායකයෙක් ගෙනාවා රණසිංහ ප්‍රේමදාහ  .....     රට බේරාගැනීමේ විහාර මහා දේවිය ලෙස ගෙනාවා චන්ද්‍රිකා කුමාරණතුංග....  දුටුගැමුණු රජතුමාගේ අනුප්‍රාප්තිකයෙක් ලෙස මහින්ද රාජපක්ෂ ගෙන ආවා......   පොළොන්නරුවේ  සාමාන්‍ය ගමිකු ලෙස මෛත්‍රීපාල සිරිසේන ආවා.... 

      රට බේරාගැනීමේ විරුවෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ආවා.... ආසියාවේ ලොකුම මොලය ලෙස රනිල් වික්‍රම සිංහ ආවා.... ඉතින් මේ පුද්ගල වන්දනාව හා පුද්ගලයින් සියල්ල මත තබා තිබු විශ්වාසය අද සුනුවිසුනු වෙලා තියෙනවා. එවැනි චරිත වලට ආවේශ වෙලා අපේ රටට අත්පත්කර දී ඇති ඉරණම කුමක්ද?

      ඒ ඉරණම තමයි විශාල ණය  උගුලක අපි හිර කොට තිබෙනවා.. ණය ගෙවා ගන්නට නොහැකි තැනකට අපේ ආර්ථිකය පත්කොට තිබෙනවා. විශාල ලෙස භාණ්ඩවල මිල ඉහල යාමකට යොමුකොට තිබෙනවා. රටේ ජාතික නිෂ්පාදනය කඩා වට්ටලා තිබෙනවා.  මහජනයාගේ ධනය කොටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන තත්වයක් ඇතිකොට තිබෙනවා.
         
      එවැනි වංචනිකයන් දුශිතයින් දඬුවම් නොකොට නීතියෙන් ආරක්ෂා වෙන තත්වයක් ඇතිකොට තිබෙනවා. සමාජයේ විශාල අපරාධ සිදුවෙමින් තිබෙනවා. අපරාධ කරුවන් ආරක්ෂා වෙමින් තිබෙනවා. එනිසා අපේ රටටත් අපේ රටේ ජනතාවටත් මේ තනි පුද්ගල කේන්ද්‍රගත දේශපාලන ක්‍රමය උරුම කොට ඇත්තේ අතිශය කටුක සහ විනාශකාරී අත්දැකීමකි.

      එනිසා අපේ රටේ ජනතාවට අපි කියන්නේ ඔබේ එක්තරා සමාජ පැලැන්තියක තනි පුද්ගලයෙකු කෙරෙහි තබා ඇති විශ්වාසය අත්හරින්න. එනිසයි අපි හැමදාමත් ඔබට කියන්නේ මේ රට ගොඩ නැගිය හැක්කේ ඉන්ද්‍ර ජාලකයෙකුට හෝ මැජික් කාරයෙකුට නොව මේ රට ගොඩනැගිය හැක්කේ ජනතාව වෙනුවෙන් සැබෑවට කැපවූ පුද්ගල කණ්ඩායමක නායකත්වය යටතේ සාමුහික ප්‍රයත්නයකිනි. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික ජන බලවේගය ලෙසත් අපි එහි වගකීම් දරමින් සාමුහික ප්‍රයත්නයක යෙදෙන්නේ.

      ප්‍රශ්නය : ඔබට සෑහීමකට පත්වන්නට පුලුවනිද ඔබ වටා ඉන්න කණ්ඩායම ඊට ප්‍රමාණවත්ද? 

      පිලතුර : අනිවාරයෙන්ම මෙතෙක් ගොඩනගන ලද හැම ආණ්ඩුවකටම වඩා ලංකාවේ හොඳම ආණ්ඩුව අපිට හදන්න පුළුවනි. මෙතෙක් අමාත්‍ය දුර දරාපු හැම කෙනාටම වඩා හොදට ඒ මාතය දුර මෙහෙය වන්නට පුලුවන් හැකියාව නිපුනතාවය දක්ෂතාවය කැපකිරීම අවංකභාවය, තිබෙන කණ්ඩායමක් අපට අමාත්‍ය දුරවලට පත් කිරීමට පුළුවනි. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙරට ගොඩ නැගීම සඳහා සාමුහික ප්‍රයත්නයක යෙදෙනවා. තනි තනි පුද්ගලයින් මොනවාද කරලා තියෙන්නේ තනි තනි පුදගලයින්ට කල හැක්කේ විනාශයක් පමණයි. හැබැයි මේ රට ගොඩ නැගීම සාමුහික ව්‍යායාමයක් තුලින්.අන්න ඒ සාමුහික ව්‍යායාමට ඉතා හොඳින් උර දෙන්න දෙන්න පුළුවන් කණ්ඩායමක් අප සතුව ඉන්නවා.

      Delete
    3. ප්‍රශ්නය : මේ වනවිට ට්‍රිලියන 16 ක් ණයයි. උද්ධමන ප්‍රශ්නය තියෙනවා එතකොට නිෂ්පාදන නැහැ. ආදායම් නැහැ. කොවිඩ් එක්ක එය දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. එවැනි තත්වයක සල්ලි නැහැ ඩොලර් නැහැ. ඇත්තටම කොහොමද කරන්නේ? අපිට පොත් පුරවන්න පුළුවනි අපේ ප්‍රතිපත්තිය මේකයි කියලා. එත් කොහොමද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ.?

      පිලතුර: ඔබේ පළමු ප්‍රශ්නය ගත්තොත් අපි පාලන බලය හෙබෙව්වා නම් මෙවැනි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ වගේම මේ ආර්ථික ගමන අපිට මහා විනාශයක් කරන බව අපි දශක ගණනාවක් තිස්සේ කිව්වා. අපි කියන එව්වා මේ රටේ ජනතාව ඇසුවා නම් මේ දේ අද අත්පත් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අපි කියන දේ අසුවානම් අපි බලයට පත්වූවා නම් මේ විනාශකාරී ඉරණම අපේ රටට අත් වෙන්නේ නැහැ.

      එහෙනම් දැන් අපි අත්පත් කර ගත්තාට පසුව මෙරටේ ජනතාව මුහුණ දී ඇති අභියෝගයන් සහ දැන් අපේ රට මුහුණ දී ඇති අභියෝගයන් සාර්ථක ලෙස ජයග්‍රහණය කිරීම සඳහා අපි ආණ්ඩු බලය ගන්න සුදානම්. අන්න ඒ ආණ්ඩු බලය ගත මොහොතේදී අපි මුහුණ දෙන ගැටළු දෙකක් තියෙනවා. එකක් කෙටිකාලීන විසඳුම්  සහ ඇතිවී තිබෙන අර්බුධයන් සඳහා දිගු කාලීන තිරසාර  සැලසුම්. අපේ ඒ දිගුකාලීන සැලසුම් ඇතිව තමයි අපි මේ ආණ්ඩු බලය ඉල්ලන්නේ.   

      අප දන්නවා මෙරටේ දැනට ඇතිවී තිබෙන ඩොලර් හිඟ වීමේ අර්බුධය (ආනයන අපනයන පරතරය) එය මේ වසරේ ඩොලර් බිලියන 9 ක් පමණ වෙනවා. ඒ වගේම අපේ නය පොලිය සහ වාරික ගෙවීම සඳහා ඩොලර් බිලියන 7 ක් පමණ ඉහල අගයක් ගන්නවා. එනිසා සමස්තයක් වශයෙන් ගත්විට මෙවසරට ඩොලර් බිලියන 16 ක අවශ්‍යතාවයක් තිබෙනවා.

      ඒ සඳහා විදේශ ගත ශ්‍රමිකයන් ගෙන් ඩොලර් බිලියන 7.5 ක් පමණ එනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය සාර්ථක උනොත් ඩොලර් බිලියන 2 හමාරක් හෝ 3 ක් එනවා. ඒ සියල්ල එලෙසටම ලැබුනත් විශාල හිඟ පරතරයක් තිබෙනවා. මේ මෑතකදී මහා බැංකුවේ ආර්ථික විශේඥ කණ්ඩායමක් ඉදිරියෙදී ඇතිවිය හැකි පුරෝකථනයන් ඉදිරිපත් කළා. මේ ගමන් කරන ආකාරයටම නම් අපේ රටේ ආර්ථිකය ගමන් කරන්නේ.  2025 වනවිට ඩොලර් සංචිතය සෘණ 6.3 ක් දක්වා පහල යන බවට අනාවරණය කලා. ඒ කියන්නේ කිසිවක්ම නැහැ කියන එක විතරක් නෙවෙයි සෘණ තත්වයක්ද ඇතිවෙනවා කියන එකයි.

      එහෙනම් කොහොමද අපි මේ පහුගිය ආණ්ඩු විසින් ඇතිකළ ණය උගුලෙන් ගැලවී මෙය විසඳා ගතහැකි වන්නේ? අපිට යම් තුන්වන පාර්ශවයකගේ සහය ලබා ගන්නට වෙනවා. ඒ කියන්නේ අපිට ණය දෙන ආයතන සමග සාකච්චා කොට වසරක් පාසා ගෙවීමට ඇති ණය රීශඩුල් (ප්‍රතිලේඛනය) කර ගන්නට වෙනවා. එසේ කර ගත්තොත් පමණයි මෙයින් තරමක හෝ සහනයක් දැකීමට හැකිවන්නේ. එනිසා අප බලයගත් වහාම කෙටි කාලයක්... ඇතුලත මේ අසාර්ථක මහා පරිමාන ව්‍යාපෘතී සියල්ලම විඝණනයකට ලක්කොට ඒ විගණන වාරතාවද සහිතව රට ගොඩනැගීමේ සැලසුම් සහිතව මෙකී ණය දුන් ආයතන මුණ ගැහෙනවා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපේ සාකච්ඡා හරහා පහසුවෙන්ම එසේ කර ගැනීමට හැකිවන බව.

      ඒ ආයතන වලින් අපි ඉල්ලා හිටිනවා මෙන්න ඒ ව්‍යාපෘති තුලින් ඇතිවී තිබෙන ප්‍රතිවිපාක. මෙන්න අපේ ආර්ථක සැලැස්ම ඒ අනුව අපට මෙය ගෙවා ගන්නට සහන කාලයක් දීර්ඝ කොට වගේම රට ගොඩ නැගෙන කාලයේදී ඉතාම අඩු වාරිකයක් සහ ක්‍රමයෙන් දියුණුවන විට වැඩි අගයකින් යුත් වාරික වලින් ගෙවා දැමීමට සහනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා හිටිනවා මට ඉතා විශාල විස්වාසයක් තියෙනවා අපිට ඒ සහනය අනිවාර්යයෙන්ම ලබා ගන්නට හැකියි. හැබැයි දැනට ඉන්න මේ අන්ත දූෂිත පාලකයන්ට අපේ රටේ ජාතික ව්‍යාපෘති ගැන විඝනණයක් කරන්නට බැහැ. හැබැයි අපි ඒක කරනවා. ඊළඟට අපි දන්නවා අපේ රට දියුණුවී ගොඩ නැගෙනවා දකින්න කැමති විදෙස්ගත ශ්‍රීලාංකිකයන් අති විශාල පිරිසක් ඉන්නවා. සමහර විට ඒ අය මෙරටට එන්න බලාපොරොත්තුවක් නැතුව ඇති. ඒ වගේම ඔවුන්ගේ දරුවන් පවා මෙරටට එන එකක් නැති වෙන්නටත් පුළුවනි. එත් ඒ හැමෝම මේ රට දියුණු සංවර්ධිත රටක් වනවා දකින්න මහා පිපාසාවෙන් පෙලෙන පිරිසක් බව අපි හොඳින් තේරුම් ගෙන තිබෙනවා.

      Delete
    4. විදේශගත ශ්‍රීලාංකිකයින් කොටස් තුනක් හැටියට ඉන්නවා

      1 )  විදේශගත ශ්‍රමිකයින්...
      2 ) විදේශගත ශ්‍රීලාංකික ධනවතුන්... 3 ) මාධ්‍ය පරිමාන සහ ඉතා විශාල ගෝලීය ව්‍යාපාර හිමි අතිශය ධනවත් ව්‍යාපාරිකයින් ඉන්නවා..

      අපි එයාලට ආරාධනා කරනවා. ඔබ උපයාගෙන ඇති ධනය ලංකාවේ ආයෝජනය කරන්න. ශ්‍රමිකයින්ට අපි ආරාධනා කරනවා ඔබ මෙතෙක් ලංකාවට එවූ ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එවන්න. ඔබ හිතන්න රට ගොඩ නැගෙනවා කියා ඉතා විශ්වාසවන්ත පැහැදිලි න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කලවිට එය විශ්වාසයක් ලෙස හැඟෙන හැම කෙනෙක්ම එසේ කරනවා.

      ඔබට මතක ඇති පසුගිය ජනාධිපති මැතිවරණයෙදී මාස 2 ක 3 ක පඩිය එකතු කරලා චාටර් ෆ්ලයිට් අරගෙන කතිරයක් ගහලා යන්න ආවා. එයින් කියන්නේ කුමක්ද? රට ගොඩ නැගෙනවාට ඔවුන් ගේ උනන්දුවයි. එනිසා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වගේ ඉතා සංවිධානාත්මක ලෙස මේ ක්‍රමය හරහා ආරම්භයේදී මේ ඩොලර් අර්බුදය සඳහා කෙටිකාලීන වශයෙන් සැලකියයුතු පංගුවක් විසඳා ගැනීමට හැකියි.ප්‍රශ්නය: නමුත් ඔබ දන්නවා මෑතකදී තරුණ පරම්පරාව  මේ රටේ ඉන්න කැමති නැහැ. ඔවුන් විදේශ ගතවීම සඳහා දැඩි උනන්දුවක් දක්වනවා. එවැනි තත්වයක් යටතේ ඔබ කියනවා ඩොලර් මෙහෙට එවන්න කියලා ඔබ හිතනවාද එහෙම කරන්න හැකිවෙයි කියලා.

      පිලතුර: ඒක කරන්න පුළුවන් අපට පමණයි. මෙරටේ පුරවැසියන්ට පාලකයා අවංක බව පෙන්වනවා නම්, තමන්ගේ  ජනාධිපති වරයා, අගමැති වරයා මන්ත්‍රී වරයා, ඒවා වරප්‍රසාද ලෙස සිතන්නේ නැතිව අවංකව මෙරටට සේවයක් කරන්න සුදානම් කියා දැනුන විට මේ රටේ පුරවැසියන් ඒ සඳහා මැදිහත් වෙනවා සහතිකයි. අපි ආරම්භයේදීම අන්න ඒ අවංක භාවය මේ රටේ ජනතාවට ඔප්පු කොට පෙන්වනවා.

      Delete
    5. ප්‍ර: මෙහෙමයි ඔබතුමන්ලාගේ වචන හොඳයි, අවංක භාවය හොඳයි, ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් ගන්න බයයි. මේ මතය දැන් සමාජ ගත වෙලා තියෙන්නේ. ඇත්තටම බයයිද ආණ්ඩුවක් ගන්න.?

      පිලතුර: අපි...(සිනහවක්) අපි  බලය ගන්න ඕනෑම මොහොතක සුදානම් අපි බලය හසුරවන්න ඕනෑම මොහොතකදී සුදානම්. මේ රට ගොඩ නගන්න සුදානම්. අපි මේ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේද, අපි මේ ව්‍යාපාරයට මැදිහත් වන ලද්දේද බලය අත්පත් කර ගැනීමේ අරමුණෙනි. එනිසා අපට බලය ලැබෙන පළමු මොහොතේදීම බලය ගන්නත් වගේම මේ රට ගොඩ නගන්නටද සුදානම්.

      ප්‍රශ්නය; ඒ වගේම මේ රටේ ධනය දශක ගණනාවක් හොරා කාපු මුදල් තියෙනවා මිලියන බිලියන ගණනක් ඒවා කිසි දිනක නැවත අත්පත් කරගෙන  නැහැ. ඒවා නැවත අත්පත් කර ගන්නවා කියලා සහතිකයක් දෙන්නේ කෙසේද? හොරු රැලක් ඉන්න මට්ටමට අද ලංකාවේ කතා කරනවා.?

      පිලතුර : පළමු කොටම වංචනිකයෙකුට දුශිතයෙකුට දඬුවමක් දීමට හැකිවන්නේ. වන්චාවේ දුෂණයේ නොදෙන කෙනෙකුට පමණයි.  මා මීට පෙරත් කියා තිබෙනවා. හොරෙක් කිසිවිටක දී හොරෙකුට දඬුවම් දෙන්නේ නැහැ. එනිසා අපේ රටේ මේ වංචාව දුෂණය නතර කල හැකිවන්නේත් දුශිතයින්ට දඬුවම් දිය හැකි වන්නේත් අපේ පාලනයකදී පමණයි.

      හැබැයි අපි බලය අත්පත් කරගන්නේ  අපේ රටේ මහජනයාගේ ධනය ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ධනය ඉතා කුඩා කණ්ඩායමක් අතෙහි සංකේන්ද්‍රණය වී ඇති පසුබිමක ඔවුන් එක්රැස් කරගෙන තිබෙන ඒ ධනය අපේ යලි අපේ රටේ ජනතාවට නැවත අත්පත් කරදීම යුක්ති සහගතයි. ඒක අයුතික්ති සහගත එකක් නෙවෙයි. අසාධාරණ එකක් නෙවෙයි, පලිගැනීමක් නෙවෙයි, අපි ඒ දේ කරනවා.  
        
      ප්‍ර: හැබැයි ඔය කියන කාරණය විහිලු සහගතයි කියලා පෙන්න පුළුවනි. මොකද අල්ලස් හා දුෂණ කොමිෂන සභාවට දාපු නඩු මේ වෙනකොට සියල්ල නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. එතකොට එවැනි තත්වයකදී කොහොමද ඒ හොරුන්ට නැවත දඬුවම් දෙන්නේ කාලක?

      පිලතුර:  ඉතින් නඩු තියෙන කෙනාම පාලකයෙක් උනහම, නඩු තියෙන අයගේ හිතවතුන් පාලකයන් වූ විට, අල්ලස් කොමිෂමෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ නඩු ඉල්ලා අස්කර ගැනීම අරුම පුදුමයක් වෙන්නේ නැහැ. එක නිසා තමයි මම කිව්වේ වංචනිකයෙකුට තවත් වංචනිකයෙකුට දඬුවම් දෙන්න බැහැ කියලා. ඒ විතරක් නෙවෙයි සදාචාරාත්මක අයිතියකුත් නැහැ.

      Delete
  3. ලංකාවේ ගෑස් වෙළෙඳපොලට කුමාරවරුන්ගේ ගෑස් කොම්පැණියක් අලුතෙන් එකතු වෙන්න යන කතාව ආරංචි නැද්ද ඉකොනෝ... හැකි නම් හොයලා බලලා ලියන්නකෝ.... මට නං හිතෙන්නේ ඒ පෙරහරේ කසකරුවා තමයි මේ සිදුවීම් පෙළ...
    අපේ අයට කොවිඩ් ලෙඩේ හැදෙන හැටි බලන්න යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්නුවයි කියලා ප්‍රසිද්ධියේ කියවෙච්චි රටක්නේ මේ!

    ReplyDelete
  4. මෙතනනම් ප්‍රශ්නෙ ඔය හැම එකටම වඩා මිනිස්සුන්ට ආයතන පද්දතිය ගැන විශ්වාසයක් නැතිකම.
    මුන් ආවෙම ස්වාදීන ආයතන කියල් ජාතියක නෑ කියාගෙන නිසා උන්ම පරිප්පුව කන එක හොඳයි

    ReplyDelete
  5. ගෑස් සංයුතිය වෙනස් වුන නිසා ඒවා පිපිරී යාමෙන් මිනිසුන් මැරුණා කියන චෝදනාව විභාග කිරීමට අවශ්‍ය නැත්ද? රජයේ ආයතනයකින් එය කල යුතු නොවේද? එසේ කර එම සමාගමට ඒ ගැන වන්දි ගෙවීමට නියම කල යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. ගෑස් සංයුතිය වෙනස් වුන නිසා ඒවා පිපිරී යාමෙන් මිනිසුන් මැරුණාද කියන එක තීරණය කිරීමත්, එසේ සිදුවී ඇත්නම් අගතියට පත් පාර්ශ්ව වලට වන්දියක් නියම කිරීමත් මූලික වශයෙන් අධිකරණය විසින් කළ යුතු දෙයක්. ඒ සඳහා, මුලින්ම කවුරු හෝ අධිකරණය වෙත යා යුතුයි. නාගානන්ද විසින් එසේ කර තිබීම අගය කළ යුතු දෙයක්. ඊට අමතරව රජයේ වෙනත් පාර්ශ්ව වලටත් මේ සම්බන්ධ වගකීමක් තිබෙනවා. පොදු යහපත වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා කවුරු හෝ අධිකරණය වෙත යන තුරුම ඉන්න අවශ්‍ය නැහැ. ප්‍රධාන ගෑස් සැපයුම්කරු රජයේ සමාගමක් නිසා මේ වගකීම වඩාත් විශාල එකක්. වන්දියක් ගෙවන්න අධිකරණ නියෝගයක් ලැබෙන තුරුම ඉන්න අවශ්‍ය නැහැ.

      Delete
  6. ඉකොනොමැට්ටා,

    මේ පෝස්ට් එක හොඳ පෝස්ට් එකක්, මම හිතන්නේ ලංකාවේ රජය විසින් රජයේ නිලධාරීන් යොදවා ව්‍යාපාර කරන එක වෙනුවට පුද්ගලික අංශයේ සමාගම් ගණනාවක් සඳහා ගෑස් විකිණීමේ අයිතිය ලබා දී අවශ්‍ය ලැබ් සහ පරීක්ෂණ කටයුතු පමණක් කරමින් නියාමනයන් පමණක් කිරීම සුදුසු බවයි. මිල නිදහස් වෙළද පොළේ මිල ගණන් අනුව තීරණය විය යුතු අතර ගෑස් වෙළඳ සමාගම් කාර්ටෙල් එකක් ලෙස එකතු වෙලා මිල ගණන් අධික ලෙස වැඩි කරනවා නම් පමණක් රජය සහ අධිකරණය හරහා ඊට මැදිහත් වීමෙන් මිල පාලනය කරන එක වරදක් නැති වෙයි. ඒ වගේම මේ මාතෘකාවට අදාල නැති වෙනත් දෙයක් තියෙනවා අහන්න, විශේෂයෙන්ම ඔබේ ඇමරිකානු අත්දැකීම් අනුව නිසි පරිදි විරෝධය පළ කළ යුතු ආකාරය ගැන. ඇත්තටම මේ දවස්වල ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය හා සමග කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව පිළිබඳ දැඩි විරෝධයක් එල්ල වන සිද්ධිය ගැන ඔබත් දකින්නට ඇති. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද? හැබැයි මගේ අදහස් ටිකක් වෙනස් මේ සම්බන්ධයෙන්. මොකද තමන් අකමැති දෙයකට “විරෝධය“ දැක්වීම කලයුතුම දෙයක්. හැබැයි “විරෝධය“ දක්වන්න ඕනේ ඇමරිකන් එක්සත් ජනපදයේදී කලකට පෙර මාලන් බ්‍රැන්ඩෝ ඔස්කාර් සම්මාන උළෙලකදී ඉතාමත් කලාත්මක විදියට පෙන්වු අමතක නොවන විරෝධය වගේ ආදරේ හිතෙන විදියට. ලෝකයම තමන් වෙත අවදානය දිනාගන්නා විදියට.

    මගේ විශ්වාසය අනුව විරෝධය දැක්වීම හරහා අපි කරන්නේ සමාජයට පණ්ඩිඩයක් දීමයි, ඔවුන් කරනා දෙයට අපේ අකමැත්ත ප්‍රකාශ කිරිමයි, සමාජයේ මේ ගැන කතාකිරිමට අවස්ථාවක් හදාගැනීමයි. හැබැයි මේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදි, එහි කුලපති හිමියන්ට විරෝධය දක්වපු විදිය ගැන මම කිසිසේත්ම එකග නැහැ. එයින් වුනේ, විරෝධය දක්වපු අයට විරෝධයක් සමාජයෙන් ආපු එකයි. ඇත්තටම ඒ දක්වපු විරෝධයෙන් වුනේ ඒ කුලපති හිමියන් ගැන සමාජයේ තිබුණු විරෝධය නැතිවීමයි. ඒක කිසිසේත්ම සිදුනොවිය යුතු දෙයක්. යම් දෙයකට විරෝධය දැක්වීමට ඉගෙන ගැනීමත් කලාවක්. ඒක දන්නේ නැතිනම් විරෝධය පාන්නේ නැතුව ඉන්න එක විරෝධය පාලා ඇනගන්න එකට වඩා ඉතාමත් හොදයි.

    එදා මාලන් බ්‍රැන්ඩෝ විසින් ඔහුට ලැබුණු “ඔස්කාර්“ සම්මානය ප්‍රතික්ශේප කිරීම හා ඔහුගේ විරෝධය පෙන්වූ විදියෙන්, ඔහු අපි හැමෝටම දෙන්නේ හොද ආදර්ශයක්. මේක ගැන හිතන්නේ මොකද?

    https://www.youtube.com/watch?v=2QUacU0I4yU

    ReplyDelete
  7. ලංකාවේ දුප්පත් අන්ත අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට බෙහෙතක් ගන්න පාන් ගෙඩියක් සැමන් ටින් එකක් ගන්න තියෙන සල්ලි ටික ජාවාරම් කරමින් සුළු පිරිසක් වන ධනවත් බලවත් ආයෝජකයන් වෙනුවෙන් ගෙවීමට ලංකාවේ තියෙන ඉතාමත් කුඩා සංචිත වලින් පවා ඩොලර් මිලියන 500 ක් ලබන අවුරුද්දේ මුල විතර එන ජනවාරි මස ගෙවීමටත් වර්තමානයේ පවතින දූෂිත ජඩ ආණ්ඩුව තීරණය කරලා කියලා ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ගැන පැහැදිලි කිරීමක් කරල තියෙන්නෙ.

    //ඉන්දියාව මටත් කතා කළා. ජනතාවගේ බෙල්ල හිර කරලා කාගේ සාක්කුද මේ පුරවන්න හදන්නේ?

    ජනවාරි 18 කල් පිරෙන බැඳුම්කරයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මිලදීගෙන තිබෙන්නේ ලංකාවේ අය. ආණ්ඩුව කියන්නේ එයින් වැඩිම කොටස මිලදීගෙන තිබෙන්නේ ලංකාවේ බැංකුලු.

    ඉතිරිය මිලදී ගත්තේ කවුද? ඇයි මම එහෙම ප්‍රශ්න කරන්නේ? ජනතාවට අවශ්‍ය බෙහෙත් ළදරු කිරී පිටි, පාන් පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් ගෙනාපු කන්ටේනර් වලට පවා ඩොලර් දෙන්නෙ නැතිව වරායේ ගොඩ ගහගෙන දැනට තියන ඩොලර් ටික හිර කරගෙන ඉන්නවා මේ ධනවත් බලවත් පුද්ගලයන් සුළු පිරිසකට ගෙවන්න. මොවුන්ට ඉතිහාසයේ කවදාවත් නොලැබුණු ප්‍රතිලාභයක් ලැබෙන්නයි යන්නේ. ලංකාවේ තියෙන බරපතල අර්බුදයත් සුළු පිරිසකට මහා වාසියක් වෙලා.

    සම්පුර්ණ වැඩසටහන: https://bit.ly/3F9Asc8//

    මේකත් බලන්න

    //බෙහෙත් ටික කපලා කාටද ඉතිහාසයේ ඉහළම ප්‍රතිලාභය ගෙවන්න හදන්නේ?

    ලංකාවට කිරිපිටි ගේන්න, ඹෟෂධ ගේන්න, අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න ඩොලර් නෑ. මිනිස්සු මාර කට්ටක් කනවා. රටක් අර්බුදයට ලක් වෙනකොට එහෙම වෙනවයි කියමුකෝ.

    නමුත්, ආණ්ඩුව කරන්නේ ලංකාවේ ද්විතීයික වෙළෙඳපොළෙන් ජාත්‍යන්තර බැඳුම්කර ගත් සුළු පිරිසකට ඉහළ ප්‍රතිලාභයක් ගෙවන්න, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ගෙවන්නෙ නැතිව ඩොලර් යම් ප්‍රමාණයක් තියන් ඉන්න එක.

    ඒක අසාධාරණයි. මිලියන 22 ක මිනිස්සු කට්ට කනකොට කාටද මේ ඉහළම ප්‍රතිලාභයක් ගෙවන්න හදන්නේ? කෝ සමාජ සාධාරණත්වය ? කවුද ලංකාවේ මේ බැඳුම්කර ගත්තේ?

    සම්පුර්ණ වැඩසටහන: https://bit.ly/3yk6gII

    #HarshadeSilva #IMF #SJB #Lka//

    https://fb.watch/9-Qb53Oyk2/

    ReplyDelete
    Replies
    1. HarshadeSilva ගොනෙක් කියල දැනන් හිටිය මෙහෙම ගොනෙක් කියල හිතුවේ නෑ.

      Delete
    2. AnonymousDecember 20, 2021 at 1:24 AM

      හැට නවලක්සෙ තැරිදාර පුන්නක්කු තඩි අම්බරු පටිටියෙ එකෙක් උනාට උම්බෑ කියන්න එපා උඹ නම් රාජපස්ස ගේ සට්ටඹිරාල කෙනෙක් නිසා ඔහොම හිතුවට කමක් නෑ. ලොක්කා USA ගියේ හොරකම් කරපු ඩොලර් කෝටි ගණනක් ඇමෙරිකාවේ ආයෝජනය කරලා එන්න. උඹලා වගේ වහලු ඉන්නකම් උන් ගොඩ, උන් ටික රටින් පනිනවා ඉක්මනට. රට වලපල්ලට දාලා පාලකයින් රට සවාරියේ .කඩා වැටෙන රට බේරා ගන්න පුලුවන් ජේවිපි එකට විතරයි .මුන් සේරම හොරු කියල කියද්දිත් රට ඉදල අතින් වියදම් කරගෙන ඇවිත් මුන්ව රජකරන්න තමන්ගෙ චන්දෙ දුන්නු තැරිදාර පුන්නක්කු තඩි අම්බරු රැලේ කේප්ප මී හරකෙක් ලෙස තෝත් මේකට වගකිව යුතු ලාංකිකයෙක්. තෝ පරය මෙතන සෙල්ලම් දා කන පලා ගන්න ඒපා. ඒ නිසා තෝ මෝඩ වහල කට පියාගෙන හිටු, ඊලග චන්දෙදිත් මේ හොරුන්ගෙන් එකෙකුගෙ මුසාබස්වලට රැවටී රට තව තවත් අගාධයට දාන්න මග හෙලිකරන්නෙ තොපි වගේ වහල් කාලකන්නි රටට සාපයක්. ඒනිසාම තවත් කියවන්නෙ නැතිව සද්ද නොකර හිටපිය පරයා.

      Delete
    3. AnonymousDecember 20, 2021 at 1:24 AM

      කාලකන්නි බයි වහලා. උඹල කොතරම් පාපෝච්චාරණය කලත්, බක පංඩිතකම් කීවත්, උඹලා අන්ධ භක්තියෙන් මේ කපටි පවුලේ එවුන් සහ උන් වටා සිටින හොරු රංචුව කවුරුන්දැයි වටහාගතහැකි තරමට සවිඥානික විය යුතුව තිබුනා. උබල කලේම මේ හොරු රංචුව බලයට ගෙන එන පරිදි දිගින් දිගටම ජන මනස විකෘති වන පරිදි මාධ්‍යය තුල තමන්ගේ මෝඩ අදහස් පැල කිරීමයි. ඒ තුලින් යම් සබුද්ධික අය පවා මේ හොරු රංචුව වටා ගාල් කිරීම කරගෙන යනු ලැබුවා. එනයින් උඹ වැනි වහල් බයියකුට සමාවක් දිය හැකිද? උඹලා ලබන වරත් තවත් බයි පටිටියෙ කාලකන්නියෙකුට කඩේ ගොස් අපේ මවුබිම අපට අහිමි කර නොදැමිතැයි කෙසේ නම් විශ්වාස කරන්නද? උඹයි කුලියට ජීවත් වෙන බයි සෙට් එකයි විතරයි ඕවා බොරු කියලා පිළිගන්නේ, ඒ නිසා උඹලා වැනි මෝඩ වහලුන්ට මෙතන තවත් පංඩිතකම් කීමට ඉඩ නොදෙන බව හොදින් මතක තබාගනින් කාලකන්නියා.

      Delete
  8. ලොව පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ‘ෆිච් රේටිං’ ආයතනයෙන් පහුගිය කාලේ පුරාම 2017, 2018, 2019, 2020 සහ 2021 දීත් දිගින් දිගටම කළාක් මෙන් ලංකාවේ රේටින් තවදුරටත් පහත හෙළා තිබේ.

    මෙවර 2021 නවතම ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව CC වල සිට CCC දක්වාමෙම පහත හෙළීම කර ඇත්තේ ලංකාවේ නරක අතට හැරෙන බාහිර ද්‍රවශීලතා තත්ත්වය අනුවල ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හේතුවෙන් විදේශ විනිමය සංචිතවල පහත වැටීමක් අවධාරණය කරන ඔවුන් ඉදිරි මාසවලදී පැහැර හැරීමේ සිදුවීමක වැඩි සම්භාවිතාවක් ඇතැයිද කියා සිටී. කෙසේ නමුත් මූල්‍ය ආතතියේ බරපතලකම රජයේ බැඳුම්කර ඵලදාව ඉහළ යාම සහ මුදල් ඒකකයේ පහළට යන පීඩනය මගින් නිරූපණය කරනු ඇතැයිද වාර්තාව සදහන් කරයි.

    වාර්තාව : -

    https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-long-term-foreign-currency-idr-to-cc-17-12-2021

    මේ අතරම ලංකාවේ ඉන්ධන මිල වහාම ක්‍රියාත්මක වන පරිදි කඩිනමින් වැඩි කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත්තේ පසුගිය දෙසැම්බර් 10 වැනි දින ලිපියක් මගින්. ඒකෙන් කබ්‍රාල් දන්වා දී ඇත්තේ ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇති බවත් ඒ නිසා ඒ අනුව පෙට්‍රල් රුපියල් 35ක්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහාම වැඩි කළ කර ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට පියවර ගත යුතු බවද ඔහු පෙන්වා දී ඇති නමුත් මෙම ලිපිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැතත් ඉදිරි ඉන්ධන අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ඇණවුම් කිරීම සඳහා ඩොලර් නිකුත් නොකිරීම නිසා ණයවර ලිපි නිකුත් කිරීම ද අතරමග නැවතී ඇතැයි ලංකාවේ මාධ්‍ය වාර්තා කර තිබුණා. ගැන

    මීට අමතරව ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුයුක්ත රජයේ ආයතනයක ප‍්‍රධානියකු කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දැඩි බලපෑම මත මේ මස අවසානයේදී ධූරයෙන් ඉවත් කිරීමට දියත් වූ මෙහෙයුමක් ගැන ලංකාවේ මාධ්‍ය වල පළවුණා, මෙම ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානියාගේ සේවය දීර්ග කිරීමට අදාළ ලිපිය ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න විසින් අත්සන් කර ඇතත් අදෘෂ්‍යමාන හස්තයක ක‍්‍රියාත්මක වීම හමුවේ එය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ හරහා අනුමත වී නැති බවත් පැවසේ. මේක සත්‍යක්ද?

    මේ ගැන ඇතැම් මාධ්‍ය පවසන්නේ කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ සංවිධාන 33 කට විදේශවලින් ඩොලර් මිලියන 5 ක් වසරකට ලැබෙන බව ඉහත කී ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානියා සොයාගෙන තිබුණ බවත් එසේම හිටපු ඇමරිකානු හමුදා නිලධාරි ට‍්‍රැවිස් ගාඞ්නර්ගේ වීසා බලපත‍්‍රය එකඟ නොවීම සහ උතුරේ යම්කිසි පිරිසක් සමග සමඟ ගාඞ්නර් මෙහෙය වන අබිරහස් ව්‍යාපෘති ගැනද රහස් තොරතුරු මෙම ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානියා සොයාගෙන රජයේ බලධාරීන්ට වාර්තා කර තිබුණ බවත් මාධ්‍ය වල පළ වුණා, මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    ReplyDelete
  9. ලංකාවේ වත් මන් ජරාපස්ස ආණ්ඩුව විසින් ට්‍රිලියන ගනනක් මුදල් නෝට්ටු අච්චු ගහල බෙදාදුන් නිසා උද්ධමනය ඉහළ යාමත් සමඟ රුපියල් 10,000 වටිනාකම සහිත නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කිරීමට යන බව සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර ඇතුළු පිරිසක් පහුගිය දවස් වල අනාවරණය කළා, මෙහෙම යද්දී ලංකාවේ හාල් කිලෝවක් ගන්න දාහෙ කොලයක් දෙන්න වෙන දවස වැඩි ඈතක නෙමේ කරුමෙ කියන්නෙ මෙහෙම නෙමේ කොහොම කෙලවුනත් රටේ ආර්ථිකය අද තියෙන්නෙ කොතනද ඒවට පාලකයො ලග මොනවද තියෙන විසදුම් කියල ප්‍රශ්න කරන්න පුලුවන් ජනතාවක් නොමැති වීම ඉන්නෙ කොදු නාරටි කඩා ගත්තු බොරු ජාති ආල දේශප්‍රේමී මනෝරාජික හෙළ ආතල් ගුලි ගිලපු වහල් මීහරක් රැලක්.

    ReplyDelete
  10. ඉකොනො,

    මේ ලින්ක් එකේ කියන රටවල් සෙට් එක කියන තරමට හොඳයි ද?

    https://www.cntraveler.com/gallery/are-these-the-best-countries-in-the-world/amp

    ReplyDelete
  11. හැමෝම මේ ලින්ක් එකේ තියෙන ලංකාවේ අර්බුදය ජයගැනීමට ඇති කඩිනම් ප්‍රවේශයක් කියන දේ අනිවාර්යයෙන්ම බලන්න.

    https://www.facebook.com/100044587142556/posts/459611185535116/?app=fbl

    මේක විතරයි ලංකාවේ ආර්ථිකය සහ මේ ප්‍රශ්නෙට තියෙන එකම විසඳුම. වෙන එකක් නෑ. මේක බලලා දැනුවත් වෙන්න. වෙන අයටත් what's ap , Facebook messenger වගේ හැම විදියකින්ම ෂෙයාර්ස් කරන්න හැමෝම දැනුවත් කරමින් හැම ගෙදරින්ම ඡන්ද උපරිම වශයෙන් ජාතික ජන බලවේගයට මාලිමාවට ලබා දෙන්න. පොහොට්ටු පක්ෂයේ අය බොහොමයක් දැනටම මාලිමාව තෝරා ගෙන තියෙනවා. සජබේ සහ රනිල්ගේ කට්ටිය තමයි දැන් හරවා ගන්න තියෙන්නේ. හැමෝම සජබේ සහ යූ එන් පී ඡන්ද මාලිමාවට ලබා දෙන්න. වෙන විකල්ප නැත. මාලිමාව පමණයි එකම පිරිස ලංකාවේ ආර්ථිකය සහ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට හැකිවන.

    ReplyDelete
  12. Econ,

    What's your opinion on the following issue?

    https://economynext.com/sri-lanka-may-draw-down-us1-5bn-china-swap-88943/

    In addition, Sri Lanka opposition NPP (JVP previously) held a new convention of NPP agents and marketing representatives and expressed that they are ready to take over from current regime & will solve all the matters ASAP once they get in to the power.

    https://economynext.com/sri-lankas-opposition-npp-ready-to-take-up-leadership-anura-dissanayake-88952/

    "ECONOMYNEXT – Anura Kumara Dissanayake, leader of Sri Lanka’s National People’s Power (NPP), an opposition coalition led by the Marxist-Lenninist Janatha Vimukthi Peramuna (JVP), on Monday (20) declared the party’s willingness to lead the country.

    Addressing a convention of NPP agents/representatives at the Monarch Imperial in Colombo, Dissanayake acknowledged a pledge made by the NPP membership to turn the party into a people’s movement with the capacity to mobilise.

    “We shall say one thing. We are ready to take up [the leadership] of this country. We’re also ready to build this country,” he said.

    In a speech harshly critical of the Gotabaya Rajapaksa administration, Dissanayake lambasted the government for the worsening economic crisis facing the country amid a crippling forex shortage and soaring cost of living.

    “Our economy has taken a catastrophic turn. There is a massive shortage in goods. Prices have skyrocketed. Over 1,500 containers of essential goods are stuck at the port. There is uncertainty over meeting upcoming debt obligations. Life has been turned into a crisis with problems piling on for the general public,” he said.

    The JVP leader blamed Sri Lanka’s economic woes on what he called the failed political and economic policies adopted by successive governments over the decades.

    “What is faced by the people of this country today is no natural disaster. This crisis is a consequence of the failed and incorrect economic and political strategies employed by our country over a long period of time,” he said.

    However, critics of the JVP say the party’s protectionist, anti-privatisation and overly statist approach to economic management, which has now been mainstreamed and at least partially adopted by governing parties, have also contributed significantly to the status quo.

    “The only way out for the motherland is following the correct economic and political path,” said Dissanayake.

    The former presidential candidate said an attitude of apathy brought about by disillusionment in the system or an “it makes no difference to us who comes to power” approach is not the answer.

    “We can see before our eyes how that is not the way,” he said.

    Commenting on recent reports of a spike in emigration, Dissanayake said: “Many are leaving the country. It’s not just in search of employment, but in search social security.”

    He also called for a collective struggle as opposed to individually taking on the challenges.

    “When the people were stuck at home afraid for their lives, the leaders stole from rapid antigen test kits, from quarantine facilities, from foreign remittances, from the meals served at the quarantine camps. Will such leaders build the country?” he said, listing out a series of allegations that included, among other things, the government’s widely criticised policy blunder of shifting to organic agriculture overnight.

    “Our country is stuck in a mountain of debt. Debt that stood at 1 billion rupees in 1950 is now at 16,300,000 million. Where is that wealth? Show us what has been built using this mountain of debt. There’s nothing for them to show,” he said. (Colombo/Dec20/2021)"

    As an economist/ professional and intellectual, what is your opinion on this regard? Could they do it with their policies explained so far? It seems like they have created a social media campaign with so much effort but not sure that they could really do it. Will see.

    ReplyDelete
    Replies
    1. See the links below;

      https://www.jvpsrilanka.com/english/npp-ready-to-become-the-solution-to-rebuild-the-battered-motherland-comrade-anura-dissanayake/

      https://www.youtube.com/watch?v=keYqNyznzFU&t=165s

      Quoted;

      ///අපේ රට අපි එකතු වී ගොඩ නගමු
      එසේ නම් මේ නරුම තුප්පහි කාලකන්නි පාලනය පලවා හරිමු
      දේශය ගොඩ ගැනීමට බුද්දිය හා
      ශරමය කැපවීම ට කැමති අය පමණක් එකතු වෙමු ආත්මාර්ථකාමී තමන්ට පමණක් යන මතය අත හැර එක්වමු පොදු
      මතයකට එකගවෙමු///

      Delete
    2. //As an economist/ professional and intellectual, what is your opinion on this regard? Could they do it with their policies explained so far?//

      Very clearly, No. Their ideology is that the government can better design the economy, the ideology that has clearly failed. People elected GR on the same assumption. I am really happy if JVP/NPP also gets the chance to prove that the problem is the government itself but not who runs it. Then only Sri Lankans will realize how well the economy has been managed under the current regime. Sri Lanka may have to pay the cost of another experiment before a new political movement would emerge and help the country to rise from the ashes.

      Delete
    3. However, I see they are moving in the right direction and trying to understand markets. I like charging Rs 60 from the invitees to cover the cost of the booklet (and perhaps the cost of the "American" glass water bottle too).

      Delete
  13. ලබන අවුරුද්දේ ජනවාරි මාසයත් අප්‍රේල් මාසයත් අතරතුර ලංකාව ස්ථිර වශයෙන්ම බංකොලොත් වෙනවා

    -මාධ්‍යවේදී වික්ටර් අයිවන්-

    අදාළ කෙටි වීඩියෝව නරඹන්න -

    https://youtu.be/EuV3nXekSEA

    ReplyDelete
  14. Hi, Thanks for your inspiring articles and sharing your knowledge and views. However, the USA is a country which uses data very much. Sri Lankan is not based on data. And also USA has good regulations and also anti-competitive laws. It seems you always ignore them since you don't like the centralized system.

    ReplyDelete
    Replies
    1. Please also read the next article before jumping into conclusions.

      ගෑස් සමාගම් වලට එරෙහි නාගානන්දගේ සටන
      http://economatta.blogspot.com/2021/12/blog-post_20.html

      Sri Lanka also has data and the general public pay for collecting and compiling those data. However, those data are rarely used. I am not against regulation if regulation facilitates efficiency. I guess what you meant by "anti-competitive laws" was laws to prevent anticompetitive behavior. Am I wrong?

      Delete
    2. Yes. Exactly. We don't have laws to prevent anti- competitions. Not only for efficiency, before making decisions people need to analyze the situation and the consequences of various decisions. In order to do so, we need data and analysts (like you). I think this is the foundation of any democratic system. Unfortunately, we don't have data and analysts. I mean enough number of. Yes, we have some data and I also got to know some data from your articles. Generally, we don't have data. Do you know how much we pay for a pubic officer (say a school teacher). I am not talking about the salary but the amount we pay (this should include the discounted pension too). Without these, it is not possible to compare. Another issue is with the definitions, how we count covid deaths and USA counts.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: