වෙබ් ලිපිනය:

Thursday, December 30, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (පස්වන කොටස)

ඩොලර් අගය අනුව බැලුවත්, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තත්, ලංකාව කියන්නේ විශාල අයවැය හිඟයක් නඩත්තු කරන එකම රට නෙමෙයි. ලැයිස්තුවේ ලංකාවට උඩින් තවත් රටවල් ගණනාවක් ඉන්නවා. එහෙමනම්, අයවැය හිඟය ලංකාවට ප්‍රශ්නයක් වෙන්නත්, අනෙක් රටවලට ප්‍රශ්නයක් නොවෙන්නත් හේතුව කුමක්ද? 

මෙයට වඩා විස්තරාත්මක පිළිතුරක් ඉදිරි කාලයේදී සපයන තුරු දැනට කෙටි පිළිතුරක් දෙන්නම්. පළමුව, මේ අනෙක් රටවල් වලටත් අයවැය හිඟය ප්‍රශ්නයක් තමයි. වෙනස වෙනත් රටවලට අයවැය හිඟය ලංකාවට තරම් ප්‍රශ්නයක් වී නොතිබීමයි.

පළමුව, වසංගතය හමුවේ බොහෝ රටවල 2020දී අයවැය හිඟයක් ඇති වුනත්, මේ අනෙකුත් රටවල් බොහොමයක් ලංකාව මෙන් වසර 65ක පමණ කාලයක් එක දිගට අයවැය හිඟයක් පවත්වා ගෙන නැහැ. කැනඩාව, ජර්මනිය හා රුසියාව යන රටවල 2020දී අයවැය හිඟයක් පැවතුනත් පෙර වසරේදී පැවතුනේ අයවැය අතිරික්තයක්. චීනය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව වැනි රටවල අයවැය හිඟයක් පවතින්නේ 2008 සිටයි. ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ 2001 පමණ සිටයි. ජපානයේ 1993 පමණ සිටයි. ඉන්දියාව, ප්‍රංශය වගේ දිගුකාලයක් තිස්සේ අයවැය හිඟයක් නඩත්තු කරන රටක් ගත්තත් අයවැය හිඟ නඩත්තු කිරීමේ ඉතිහාසය ලංකාවේ තරම් පරණ නැහැ. මේ කාරණයේදීත් ලංකාවට අනෙක් බොහෝ රටවලට නැති දිගු ඉතිහාසයක්නම් තිබෙනවා!

දෙවනුව, විශාල අයවැය හිඟයක් නඩත්තු කරන අනෙකුත් බොහෝ රටවල් වලට ලංකාවට සාපේක්ෂව ඉතා අඩු පොලියකට ණය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙය පළමු කරුණ සමඟද සම්බන්ධ දෙයක්. පසුගිය වසරේ අයවැය හිඟය ඉහළ මට්ටමක පැවතුනු රටවල් කිහිපයක දස අවුරුදු බැඳුම්කරයක ඵලදා අනුපාතය පහත පරිදියි. 


රටක අයවැය හිඟය ඉහළ මට්ටමක තිබුණත් අඩු පොලියට ණය ලබා ගැනීමේ හැකියාව තිබේනම් ලංකාව මෙන් විෂම ණය චක්‍රයක පැටලෙන්නේ නැහැ. ඇතැම් රටවල රජයයන් සෘණ පොලී අනුපාතික වලට පවා ණය ගන්නවා. අයවැය හිඟය ඉහළ මට්ටමක තිබෙන වෙනත් රටවල රජයන්ට අඩු පොලියට ණය ගන්න හැකි වෙන්නත් ලංකාවේ රජයට එසේ කළ නොහැකි වෙන්නත් හේතු දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුයි.

පොලී අනුපාතික තීරණය වන්නේ ණය (බැඳුම්කර) වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම අනුවයි. මෙය ලංකාවට වගේම ලෝකයේ වෙනත් රටවලටත් පොදු කාරණාවක්. දේශීය ණය ඉල්ලුම එන්නේ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගෙන් හා රජයෙන්. නිවාස ඒකක වලින්ද ණය ඉල්ලුමක් එන්න පුළුවන්. රජයක අයවැය හිඟය ඉහළ යද්දී රජයේ ණය ඉල්ලුමත් ඉහළ යනවා. ඒ අනුව, සැපයුම වෙනස් නොවුනොත්, පොලී අනුපාතිකද ඉහළ යනවා.

දේශීය ණය සැපයුම තීරණය වන්නේ පෞද්ගලික ඉතිරි කිරීම් අනුපාතය මත. මේ ඉතිරි කිරීම් කරන්නේ නිවාස ඒකක විසින් හෝ ව්‍යාපාර විසින්. රජයේ අයවැය අතිරික්තයක් ඇත්නම් එයද ණය සැපයුමට එකතු වෙනවා. ලංකාව දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරන නිසා මෙය බලපාන්නේ ණය ඉල්ලුමටයි. මීට අමතරව විදේශ අංශයද ණය වෙළඳපොළේ ඉල්ලුමට හා සැපයුමට බලපෑම් කරනවා.

ලංකාවේ පෞද්ගලික බැඳුම්කර වෙළඳපොළ එතරම් විශාල එකක් නෙමෙයි. ඒ නිසා, සෘජු ණය ඉල්ලුම බොහෝ දුරට එන්නේ රාජ්‍ය අංශයෙන්. පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම එන්නේ වාණිජ බැංකු හරහා වක්‍ර ලෙසයි. වෙනත් කරුණු අතර, ලංකාවේ ඉහළ පොලී අනුපාතික වලින් පෙනෙන්නේ ණය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතර වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව වැඩි අසමතුලිතතාවයක් තිබෙන බවයි. 

රුපියල් ට්‍රිලියන 17 ඉක්මවන ලංකාවේ රාජ්‍ය ණය කන්දරාවෙන් තුනෙන් එකක්ම 1977-1989 කාලයේ එකතු වූ ණය බව මා පෙර ලිපියෙන් පෙන්වා දුන්නා. මෙය මා මීට පෙරද පැහැදිලි කර තිබෙන කරුණක්. 2004-2014 කාලයේදී එකතු වී තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය 1977-1989 කාලයේ එකතු වූ ප්‍රමාණයෙන් බාගයක් පමණ ප්‍රමාණයක්. 

කෙසේ වුවද, නිදහස ලැබූ තැන් පටන් 1977 දක්වා වූ කාලය තුළද රාජ්‍ය ණය සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව අප අමතක නොකළ යුතුයි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 1951 වසර වන විටද 16.1% මට්ටමේ පැවති ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය 1976 වසර වන විට 58.5% දක්වා ඉහළ ගොස් තිබුණා. 1989 වන විට මෙම අගය 108.7% මට්ටම දක්වා ඉහළ ගියා. ඒ වන තෙක් ආර්ථික වර්ධනයට මුල් තැන දුන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආර්ථික ස්ථායීතාවය නොසලකා හරින්න බැරි තත්ත්වයක් ඇති වුනේ ඉන් පසුවයි.


නිදහස ලැබූ තැන් සිට 1994 පමණ දක්වා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රමුඛ ඉලක්කය වුනේ ආර්ථික වර්ධනයයි. මේ කාර්යයයේදී ශ්‍රීලනිප ආණ්ඩු හා සභාග විසින් රජයේ මධ්‍යගත සැලසුම් යටතේ සෘජු ලෙසම නිෂ්පාදනය ඉහළ දැමීමට උත්සාහ කළා. ඒ වෙනුවෙන්, ආරක්ෂණවාදී ජාතික සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළා. සුබසාධන වියදම්ද ඉහළ මට්ටමක පවත්වා ගත්තා. ආදායම ඉක්මවා වියදම් කිරීමට හා ණය ගැනීමට පැකිළුනේ නැහැ. විදේශ ආධාර වලට අමතරව, ණය සේ ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කිරීමද මධ්‍යගත සැලසුම් වල කොටසක් වුනා.

එජාප ආණ්ඩු හා සභාග විසින් සෘජු ලෙසම නිෂ්පාදනය ඉහළ දැමීම වෙනුවට සෘජු ලෙස රජය මැදිහත් වී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා වක්‍ර ලෙස නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සිය ප්‍රතිපත්තිය කරගත්තා. පසුව රාජපක්ෂ දශකය තුළ ක්‍රියාත්මක වූයේද, දැන් බැසිල් රාජපක්ෂ විසින් හඹා යන්නේද මේ ක්‍රමයයි. මෙහිදීද ණය සේ ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කිරීම මධ්‍යගත සැලසුම් වල කොටසක් වුනා. සුබසාධන වියදම් ඉහළ මට්ටමක පවත්වා ගැනීම ප්‍රතිපත්තියේ කොටසක් නොවූවත්, පැවති දේශපාලන වාතාවරණය තුළ සුබසාධන වියදම් දැනෙන තරමකින් කප්පාදු කළ හැකි වූයේ නැහැ. මේ ක්‍රමය තුළද ආදායම ඉක්මවා වියදම් කිරීමට හා ණය ගැනීමට පැකිලීමක් තිබුණේ නැහැ වගේම විශාල අභිරුචියක් පෙනෙන්නට තිබුණා. ආදායම ඉක්මවා වියදම් කිරීම හා අයවැය හිඟය පියවීමට ණය ගැනීම ඉහත වෙනස් මාදිලි දෙකේම වූ පොදු ලක්ෂණයන්ගෙන් එකක්.

අයවැය හිඟය පුළුල් වෙද්දීත්, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ඉහළ යද්දීත්, ණය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු පොලී අනුපාත ඉහළ ගියා. එය බාධාකාරී මට්ටමට යද්දී සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීමට පෙළඹීම නිසා අයවැය හිඟය පුළුල් වෙද්දී උද්ධමනයද ඉහළ ගියා. උදාහරණයක් ලෙස අයවැය හිඟය දදේනි අනුපාතයක් ලෙස 19.2% මට්ටමට ඉහළ ගිය 1980 වසරේදී 91-දින භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 13% මට්ටම දක්වා ඉහළ දමන්න සිදු වුනා. ඒ වන විට ලංකාවේ පොලී අනුපාතික කවදාවත් මෙවැනි ඉහළ මට්ටමකට ගොස් තිබුණේ නැහැ. එයින් පසුවද හිඟය පියවා ගත හැකි තරම් අරමුදල් එකතු නොවූ නිසා විශාල ලෙස සල්ලි අච්චු ගහන්න සිදු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය 26.1% මට්ටමට ගියා. ජූලි වර්ජනය සංවිධානය වූයේ මේ පසුබිමේ. ජූලි වර්ජනය මර්දනය කෙරුණු අතර ආණ්ඩුවට පැවතීමට මර්දනයද දිගටම පවත්වා ගන්න සිදු වුනා.

උතුරේ කැරැල්ලට හා ජවිපෙ දෙවන කැරැල්ලට හේතු වූ සාධක සංකීර්ණ වුවත් ආර්ථික සාධකද නොසලකා හරින්න බැහැ. අයවැය හිඟය පුළුල් වීමට සමාන්තරව උද්ධමනය හා පොලී අනුපාතිකද ඉහළ යාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක්. බඩු මිල ඉහළ යන වේගයෙන් සමාජයේ පහළ ස්ථර වල ආදායම් ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, ඔවුන්ට ජීවත් වීම වඩ වඩා අසීරු වෙනවා. එහෙත්, සමාජයේ ඉහළ ස්ථර වලට මෙය එලෙසම දැනෙන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ නිසා ඔවුන්ගේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභද ඉහළ යනවා. බඩු මිල ඉහළ යද්දී වියදම් වැඩි වන නමුත් ආදායම්ද සමානුපාතිකව ඉහළ යන නිසා ඔවුන්ට එතරම් ප්‍රශ්නයක් නැහැ. මේ හරහා රාජ්‍ය අයවැය හිඟය විසින් රටේ ආදායම් විෂමතාවන් පුළුල් කර සමාජ අසහනය වැඩි කරනවා.

ඇතැම් අය පෙන්වා දී ඇති පරිදි මේ දවස් වල ලංකාවේ තත්ත්වය පහත අයුරින්ද විස්තර කළ හැකියි.

"මිල වැඩි උනත් මිනිස්සුන්ට අවුලක් නැහැ වගේ හැම තැනම මිනිස්සු කාල බීල ආතල් එකේ ඉන්නේ හරී පුදුමයි. කොළඹ අධි සුඛෝපභෝගී වන් ගෝල් ෆේස් ශොපිං මෝල් එකට යන්න බැරි තරම් සෙනග.

එතකොට නුවරඑළිය දේශීය සංචාරකයන්ගෙන් පිරී ගිහින්. ග්‍රෙගරි පාර්ක් එක ෆුල්. නුවරඑළිය ටවුන් එක ෆුලි කම්පැක්ට්. දවල් හෝටන් ප්ලෙන්ස් පාරේ ගියා ජැග්රෝ එකට. සේම්, ෆුඩ් සිට් එකේ පෝලිම. ග්‍රෙගරි පාක් එකත් ෆුල්. ග්‍රෑන්ඩ් ඉන්දියන් එකට කන්න යන්න බැරි උනේ ඉඩ නෑ ඒකේ.

සුපර් මාර්කට් වල මිනිස්සු තරගෙට බඩු ගන්නවා. කොහේ තියෙන සල්ලි ද මන්දා.

කොළඹ මීගමුව නුවර හික්කඩුව වගේ ගොඩක් සුපිරි රෙස්ටෝරන්ට් වල X'mas night dinner ටේබල් ෆුල්.

ඒ විතරක් නෙවෙයි 31st evening gala dinner සේරම වගේ දැනටම ෆුලි රිසර්වුඩ්. එක ෆයිව් ස්ටාර් හොටෙල් එකකවත් Evening Gala dinner table එකක් රිසර්ව් කරන්න 25 වෙද්දි අමාරුයි. අපි මාර කට්ටක් කෑවේ දෙසැ. 27 වෙනිදා get together dinner party එකක් දාන්න ලංකාවෙ යාලුවෝ එක්ක.

ඒ වගේම Book My Show ගිහින් Spider Man - No way home ටිකට්ස් චෙක් කරන්න. දවස් කිහිපයක් ඉස්සරහා ශෝ ටයිම් වල පවා ටිකට්ස් සෝල්ඩ් අවුට්.

ඒ වගේම ඉන්ෆිනිටි ප්ලේ කරපු පෝර්ට් සිටි එකේ ඉවෙන්ට් එක, හවුස් ෆුල්.

පේන විදියට නම් ඉහළ සහ මැද පන්තියේ අය සතුටින් ඉන්නවා. සල්ලි වියදම් කරනවා. හයිවේ පාවිච්චිය 200% කින් විතර වැඩිවෙලාලු මේ දවස් වල, රෙස්ටුරන්ට් තියෙන සර්විස් ඒරියා වලට කිට්ටු කරන්න බෑ සෙනග."

මේ විස්තර කිරීම් බොරු කියා මම කියන්නේ නැහැ. ඔය තත්ත්වයන් පෞද්ගලිකව මටත් කලින්ම නිරීක්ෂණය වී තිබුණා. මේ වගේ තැන් දිහා බලලා ලංකාව ගැන නිගමන වලට එන අයට මග හැරෙන දේවල් කිහිපයක් තිබෙනවා. පළමුව, ඔය කියන තැන් සියල්ල මිනිසුන්ගෙන් පිරෙන්න කොපමණ මිනිස්සු අවශ්‍යද? ඒ ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් කොපමණද? ගණන් හදා බැලුවොත් මේ ප්‍රමාණය රටේ ජනගහණයෙන් ඉතා සුළු ප්‍රතිශතයක්. ඒ පිරිස දෙස බලා සාධාරණ (generalized) නිගමන වලට එළඹෙන එක ඇතැම් පක්ෂ වල රැළි වලට සහභාගී වන සෙනඟ දෙස බලා මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කරනවා වගේ වැඩක්. දෙවනුව, රට පුරා මැතිවරණ රැළි වලට යන පිරිස් වගේම මේ හැම තැනකටම යන්නේ එකම පිරිසක්. ඒ නිසා, ඔය තැන් වල ඉන්න මුළු සෙනඟ ඒ එක් එක් තැන සිටින ප්‍රමාණයන්ගේ එකතුවට සමාන නැහැ.

සමස්තයක් ලෙස ගත් විට සල්ලි අච්චු ගසා පරිභෝජනය ඉහළ නංවා ඒ හරහා නිෂ්පාදනය වැඩි කර ගැනීමේ කේන්සියානු උපාය මාර්ගය තුළ වෙන්නේ ඔය වගේ වැඩක්. අච්චු ගහපු සල්ලි ටික සීමිත පිරිසක් අතේ කැරකෙනවා. ඒ අයගේ පරිභෝජනය ඉහළ යනවා. හැබැයි ඒ නිසා ඉල්ලුම ඉහළ ගිහින් බඩු මිල වැඩි වෙනවා මිසක් නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, බහුතර පිරිස කබලෙන් ලිපට වැටෙනවා.

මතු සම්බන්ධයි.

25 comments:

  1. එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර (GTRZ) කියන මනුස්සයා දාලා තිබ්බ ' කොළඹ වෙනස' කියන ත්‍රෙඩ් එකට මෙන්න මේ පොස්ට් එක යවන්නකෝ එකේ මෙම්බර් කෙනෙක් ඉන්නවා නං.

    කොළඹ වෙනස

    'ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්' - රංග තේනුවර Aka GTRZ

    ReplyDelete
  2. //මේ වගේ තැන් දිහා බලලා ලංකාව ගැන නිගමන වලට එන අයට මග හැරෙන දේවල් කිහිපයක් තිබෙනවා. පළමුව, ඔය කියන තැන් සියල්ල මිනිසුන්ගෙන් පිරෙන්න කොපමණ මිනිස්සු අවශ්‍යද? ඒ ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් කොපමණද? ගණන් හදා බැලුවොත් මේ ප්‍රමාණය රටේ ජනගහණයෙන් ඉතා සුළු ප්‍රතිශතයක්.//

    එහෙම කියලා තියෙනවා දැක්කාම මතක් වුණු දෙයක් මේ ලියන්නෙ.

    ඊයේ දවසේ හම්බන්තොට, වලස්මුල්ලේ කිරම, කොට්ටාවේ ගෙවල් තුනකට යන්න වුණා. එක ගෙදරක ගෑස් ටැංකිය එළියේ තියාගෙන උයනවා.
    දෙවෙනි ගෙදර බය හින්දාම දර ලිපට බැහැලා. ඒ නිවසේ තුන් දෙනෙක්ම උදේට රාජකාරිවලට යන්න ඕනි නිසා පාන්දර නැඟිටලා දර ළිපේ කෙරෙන සුමේ ගැන අපි එක්කත් කියවුණා.
    තුන්වෙනි ගෙදර අය අලුත් ලේබල් සහිත ගෑස් සිලින්ඩරයක් ගෙනත්. සබන් පෙන දියර ටිකක් දාලා බලද්දී එයින් වායු බුබුළු මතුවෙන බව දැකලා. වහාම ඒක රිටර්න් කරලා. දෙවෙනි එකටත් ඒ සෙතේමලු වුනේ. හැබැයි ඒ සිලින්ඩර් දෙකම ඒ වෙලාවේම ආව පාරිභෝගිකයෝ දෙන්නෙක්- මිලදී අරගෙන ගිහින්.

    මගෙත් එක්ක මේ දිනවල හමුවුණු මිනිසුන්ගෙන් වැඩිම දෙනෙක් ඉන්නේ හරිම පීඩාවකින්, බඩු මිල ඉහළ ගියත් පඩි- ආදායම් ඉහළ නොයන නිසා එයාලට දැරීමට වී තිබෙන ප්‍රශ්න ගැන හිතමින්.

    ReplyDelete
  3. https://youtu.be/8s2_YdEp-9A
    මොකක්ද මේ කියන්නෙ ප්‍රාග්දන ගිනුමක් ගැන?

    ReplyDelete
    Replies
    1. මට දැනගන්න ඕන උනේ බන්දුල මෙතන කියන කතාවෙ තේරුම .
      මොකක්ද මේ ප්‍රාග්ඩන ගිනුම වෘත කලාම සල්ලි ටික ආපහු ගියා කියන්නෙ? සහ යහපාලන කාලෙ එහෙම දෙයක් උනාද?

      Delete
    2. ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම රාජපක්ෂ කාලයේ සිට ක්‍රමක්‍රමයෙන් සිදු වෙමින් තිබුණු දෙයක්. යහපාලන කාලයේ සිදු වූ බව කියන විවෘත කිරීම කුමක්ද කියා මටත් පැහැදිලි නැහැ. රාජ්‍ය සුරැකුම්පත් ආදියේ ආයෝජනය කරන්න විදේශිකයන්ට ඉඩ දුන් විට එම ආයෝජන ආපසු ගෙන යා හැකි බවත් තේරුම් ගත යුතු දෙයක්.

      Delete
    3. Bonds වලට එන සල්ලි ප්‍රාග්දන ගිනුමටද බැර වෙන්නෙ? ඔබේ වීඩියො එකේනම් කියන්නෙ ණය අයත් වෙන්නෙ මූල්‍ය ගිනුමට කියලනෙ.

      Delete
    4. මේ වගේ තැන් වල ප්‍රාග්ධන ගිණුම කියලා කියද්දී ගොඩක් අය අදහස් කරන්නේ මූල්‍ය ගිණුම. අළුත් ජාතික ගිණුම් වර්ගීකරණය අනුව ප්‍රාග්ධන ගිණුම පොඩි ගිණුමක්.

      Delete
    5. මටත් පස්සෙ කල්පනා කලාම මේක වෙන්න ඇති මේ කියන්නෙ කියල හිතුන.
      නමුත් මූල්‍ය ගිනුමෙ ඕපන් කරනව කියන්නෙ තේරුමක් ඇති කතාවක්ද? ඉන්වෙස්ට් කරපු දෙයක් කැමති වෙලාවක අරන් යන එක ඉන්වෙස්ටර්ගෙ අයිතියක්නෙ.

      Delete
    6. කතාවේ තේරුම බන්දුලගෙන්ම තමයි අහගන්න වෙන්නේ.

      Delete
    7. මම හිතන්නෙ ඉකොනොගෙ පෙර ලිපියක කියල තිබ්බ නේද මේ රජය බදු අඩු කලාට පස්සෙ ආයෝජකයො සල්ලි ටික ඉවත් කරගත්ත කියල. ඒක පහුගිය ආන්ඩුවට පටවන්න ට්‍රයි එකක් දෙන්නෙ බුවා

      Delete
    8. //මම හිතන්නෙ ඉකොනොගෙ පෙර ලිපියක කියල තිබ්බ නේද මේ රජය බදු අඩු කලාට පස්සෙ ආයෝජකයො සල්ලි ටික ඉවත් කරගත්ත කියල.//

      එවැන්නක් කිවුවානම් කියපු සන්දර්භය පිළිබඳ මතකයක් නැහැ. ඔබ කියන්නේ ශ්‍රේණිගත කිරීම් පහළ වැටීමෙන් පසු ආයෝජන ඉවත් කර ගැනීම (හා බදු අඩු කිරීම ශ්‍රේණිගත කිරීම් පහළ වැටීමට හේතුවක් වීම) ගැන වෙන්න ඇති.

      Delete
    9. ඔව්. ඒක තමයි. ලිපිය හෙව්ව හම්බ උනේ නෑ.

      Delete
    10. බලනකොට ලිපියක නෙමෙයිව වීඩියෝ එකේමයි තිබිල තියෙන්නෙ. 1:03hr හරියෙ.

      Delete
    11. ඩොලර් ආපසු ගියේ මොන කාලයේද කියන එක එහි තිබෙන සංඛ්‍යාලේඛණ දෙස බැළුවහම පැහැදිලියි නේද?

      Delete
    12. ඔව්. දැන් ඔය බන්දුලය කියන හේතුව ඇත්‍තම උනත් උන් ආවට පස්සෙ ගිනුම වහල දාන්න තිබ්බනෙ. 2019නෙ උන් ආවෙ.

      Delete
    13. ආ,, තව එකක් අහන්න අමතක උනා. මම පෙර ලිපියක අහපු ප්‍රශ්නයටද මේ ලිපිය ලිව්වෙ?

      Delete
    14. ප්‍රශ්නය ඇහුවේ ඔබද? එම ප්‍රශ්නයට පිළිතුරක් ලෙසත් එක්ක තමයි ලිවුවේ. එහෙත් පිළිතුර තවමත් සම්පූර්ණ නැහැ.

      Delete
    15. ඔව්. මමයි ඇහුවෙ.
      ඉතිරි කොටසත් එහෙනම් කියවන්න ඕන.

      Delete
  4. මේ වන විට ලංකාවේ පවතින අර්බුදකාරී ආර්ථික බිඳවැටීම හමුවේ බරපතල ලෙස ආර්ථික බිඳවැටීමක් හා භයානක සාගතයක් පැමිණ ඇති බැවින් ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරයෙන් ඉල්ලා අස් වනු ඇති බවට සමාජ ජාල මාධ්‍ය වල සටහන් පළ වෙමින් ඇති බැවින් බොහෝ දුරට ලබන වසර මුල ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි වුවහොත් ඉතා ඉක්මණින් ලබන වසර මැද වෙනකොට අලුතෙන් ජනපතිවරණයක් සහ මහ මැතිවරණයක් පවත්වා අලුත් පිරිසක් බලයට පත් කර ගැනීමට පුළුවන් වේවි. හැබැයි අනිත් පැත්තෙන් ටවුන් එකට ගියාම කොච්චර මිනිස්සු සල්ලි නෑ කිව්වත් හැම එකාම අත්‍යාවශ්ය බඩු වලට වඩා ලක්ශරි බඩු ගන්නවා කොරොනා නිසා business class එකට මාර චාන්ස් එකක් වැදුනෙ, බොහෝ බිස්නස් වල 4 ගුනයකකින් විතර බිස්නස් වැඩි උනා, කොරොනා ලොක් ඩවුන් එක ඇතුලෙ.

    දැන් රට සාමන්ය වෙනකොටත් කලින් ගානට බිස්නස් අඩු උනත්, බඩු වල ප්‍රයිස් හයික් එකත් එක්ක ප්‍රොෆිට් එක වැඩියි. ඉස්සර 100 ට තිබ්බ එක ට හම්බ උඅන් 15% ට වඩා දැන් 150 ක් උනාම 15% ක ලාභය ලොකුයි.

    කොරොනාගෙන් උනේ රටෙ සල්ලි එක පිරිසකට ගියා, මෙතන ප්‍රශ්නේ මේ sector එක සුළු පිරිසක් නෙමෙය්. අඩුම ගණනේ million දෙකක් වත් ඉන්නවා. ලංකාවේ ජනගහනය million 22, අනික colombo city ලිමිට් පිට ඉන්න අයටත් ලොකු buying power එකක් තියනවා, ප්‍රාදේශීය නාගරික පෙදෙස් වලත් සැලකිය යුතු මට්ටමක සල්ලි තියෙන අය අඩුම ගණනේ 5% ක් වත් ඉන්නවා.

    ReplyDelete
  5. පවතින අන්ත දූෂිත පාදඩ ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලන ආණ්ඩුව 2022 නව වසරේදී අනිවාර්යෙන් පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් අද අභීතව මාධ්‍ය වෙත සහතික කොට පවසා සිටියේ මේ ආණ්ඩුවේ සිදුවන වංචා දූෂණ වලට වරදකරුවන්ට එරෙහිව නව සමගි ජන බලවේගයේ ආණ්ඩුව යටතේ අනිවාර්යයෙන්ම සියලුම ආකාරයේ හොරකම් වලට නීතිමය ක්‍රියාමාර්ග ගෙන එම සියලුම හොරුන්ට උපරිම වශයෙන් දැඩි දඬුවම් පමුණුවන බවද ප්‍රතිඥා දෙමින්.

    ඒ වගේම පොහොට්ටු හොර කල්ලියේ කම්බා හොර හැත්ත සමග ඩීල් හෝ ඩීල් දමන පුද්ගලයන් සමගි ජන බලවේග නව ආණ්ඩුවේ නොමැති බව ද ඔහු ඉතාමත් වගකීමෙන් පවසන බවත් ප්‍රතිඥාවක් ලබා දුන්නා. මේ නිසා වහාම මේ දූෂිත ආණ්ඩුව ගෙදර යවන්න හැමෝම එකතු වෙලා සමගි ජන බලවේගයේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් බිහි කරගන්නට පුළුවන් වුණොත් ඉතාමත් සාර්ථකව දැනට ලංකාවේ තියෙන ආකාරයේ සියලුම ප්‍රශ්න වලට ඉක්මන් විසදුම් ලබා ගැනීමට හැකි වේවි.

    ReplyDelete
  6. Pana dahena liyanawa..kade yanawa...canral ge sadaneeya wada

    Hedgings
    Greek bond
    Airbus

    Famiky bonding



    Hu.........hu..,hu

    ReplyDelete
    Replies
    1. නන්දසේනටද හූ කිව්වෙ?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: