ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසයේදී උද්ධමනය 4.6% දක්වා පහත වැටී ඇති අතර ආහාර උද්ධමනය සෘණ 2.5%ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 10.9%ක් ලෙසත් වාර්තා වෙනවා. උද්ධමන දර්ශකය, එනම් රටේ සාමාන්‍ය මිල මට්ටම, මාස 10කට පෙර 2022 සැප්තැම්බර් මාසයේදී පැවති මට්ටමට දක්වා පහත වැටී තිබෙනවා. මාසය තුළ තත්ත්වය සැලකුවහොත්, ආහාර මිල ගණන් වල මෙන්ම ආහාර නොවන මිල ගණන් වලද සමස්තයක් ලෙස පහළ යාමක් දකින්නට ලැබෙනවා.
Monday, August 21, 2023
ජාතික පාරිභෝගික මිල දර්ශකය - ජූලි 2023
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසයේදී උද්ධමනය 4.6% දක්වා පහත වැටී ඇති අතර ආහාර උද්ධමනය සෘණ 2.5%ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 10.9%ක් ලෙසත් වාර්තා වෙනවා. උද්ධමන දර්ශකය, එනම් රටේ සාමාන්‍ය මිල මට්ටම, මාස 10කට පෙර 2022 සැප්තැම්බර් මාසයේදී පැවති මට්ටමට දක්වා පහත වැටී තිබෙනවා. මාසය තුළ තත්ත්වය සැලකුවහොත්, ආහාර මිල ගණන් වල මෙන්ම ආහාර නොවන මිල ගණන් වලද සමස්තයක් ලෙස පහළ යාමක් දකින්නට ලැබෙනවා.
Monday, July 31, 2023
උද්ධමනය තනි අංකයකට!
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු ජූලි මාසයේදී උද්ධමනය 6.3% දක්වා අඩු වී තිබෙනවා. මෙය මහ බැංකුවේ ඉලක්ක උද්ධමන සීමාව වන 6%ට ඉතාම ආසන්න අගයක්. ආහාර උද්ධමනය සෘණ 1.4%ක් වීම විශේෂ කරුණක්.
උද්ධමනය අඩුවීම යනු මිල ගණන් අඩුවීම නොවුනත්, සෘණ උද්ධමනයක් හෙවත් අවධමනයක් යනු මිල ගණන්ද අඩු වීමක්. මේ අනුව, පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව සමස්තයක් ලෙස ආහාර මිල ගණන් 1.4%කින් අඩු වී තිබෙනවා. සහල්, තිරිඟු පිටි, පාන්, පොල් තෙල්, නූඩ්ල්ස්, කරවල, සීනි, මයිසූර් පරිප්පු ආදී ආහාර ද්‍රව්‍ය වල මිල පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇති අතර බිත්තර, කුකුළු මස්, පොල්, අළුත් මාළු, පළතුරු, තේ කොළ ආදී ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් තව දුරටත් පෙර වසරට වඩා ඉහළ මට්ටමක පවතිනවා.
Friday, June 30, 2023
උද්ධමනය 12% දක්වා අඩු වේ!
අප විසින් මාස ගණනාවකට පෙර සිටම විශ්වාසනීය ලෙස ප්‍රකාශ කළ පරිදි ගෙවුණු ජූනි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය 12.0% දක්වා අඩු වී ඇති අතර ආහාර උද්ධමනය 4.1% දක්වාම පහත වැටී තිබෙනවා. මේ මාසයේදී ආහාර උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙන බවද අප විසින් කලින්ම සඳහන් කර තිබුණු දෙයක්. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු ජූනි මාසයේ උද්ධමනය මීටත් වඩා අඩු වී තිබිය හැකියි.
ආහාර උද්ධමනය මේ වන විටද මහ බැංකුවේ අපේක්ෂිත දිගුකාලීන ඉලක්කය වන 4%-6% පරාසය කරා පැමිණ තිබෙනවා. ඉදිරි ජූලි මාසයේදී සමස්ත උද්ධමනය 8%කට ආසන්න මට්ටමකට පැමිණෙනු ඇති අතර අගෝස්තු මාසය වන විට තවත් පහළට පැමිණ ඉලක්ක පරාසය වෙත පැමිණීමට නියමිතයි.
ඉහත තත්ත්වය තුළ මේ වන විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තිබෙන්නේ උද්ධමන අගයට වඩා ප්‍රතිශතාංක කිහිපයක් ඉහළින්. මෙම තත්ත්වය හමුවේ, එළැඹෙන බ්‍රහස්පතින්දා මහ බැංකුව විසින් සිය පොලී අනුපාතික වල සැලකිය යුතු කප්පාදුවක් කරනු ඇතැයි සිතිය හැකියි.