වෙබ් ලිපිනය:

Sunday, September 19, 2021

ප්‍රයිවෙට් බස් ප්‍රයිවෙට්ද?


හැත්තෑ හතේදී ලංකාව තුළ සෝවියට් ක්‍රමයේ සමාජවාදය වෙනුවට චීන ක්‍රමයේ සමාජවාදයක් ආදේශ වීම ගොඩක් අය හඳුන්වන්නේ ලංකාවට විවෘත ආර්ථිකයක් පැමිණීමක් ලෙසයි. පරණ ක්‍රමයට සාපේක්ෂව ආර්ථිකය යම් තරමකින් බාහිර ලෝකයට විවෘත වූ නිසා මේ යෙදුමේ විශාල වැරැද්දක් නැහැ. එහෙත්, හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය බාහිරට විවෘත වුනේ ඊට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව පමණයි.

හැත්තෑ හතේ ආ පැකේජ් එක ඇතුළේ එතෙක් රජය විසින් තනිවම කළ ඇතැම් ආර්ථික ක්‍රියාකාරකම් රජයට අවශ්‍ය ආකාරයට කරමින් පෞද්ගලිකව ලාබ ලැබීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ රජය විසින් තෝරාගත් පිරිසකට ලැබුණා. සෝවියට් දේශය බිඳ වැටුනට පස්සේ චීනය අනුගමනය කළ ක්‍රමයත් මෙයයි. මේ ක්‍රමය පෙර ක්‍රමයට සාපේක්ෂව ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් කළා.

සෝවියට් සමාජවාදය තුළ නිෂ්පාදනය හා බෙදා හැරීම තනිකරම වාගේ රාජ්‍ය ඒකාධිකාරයක්ව පැවතුනා. හැම දෙයක්ම තීරණය වුනේ රජයේ පස් අවුරුදු සැලසුම් ඇතුළේ. සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේත් මේ ක්‍රමයයි. 

සෝවියට් සමාජවාදය, එහෙමත් නැත්නම් "නියම" සමාජවාදය, ඇතුළේ එයට වැඩිකල් යාමට නොහැකි වන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවන් ගණනාවක් තිබුණා. ප්‍රධානම ප්‍රශ්නය වුනේ මධ්‍යගත සැලසුම් ක්‍රමයකට කිසිසේත්ම වෙළඳපොළ තරමට කාර්යක්ෂම වීමට නොහැකි වීමයි. අනුන්ගේ සම්පත් පාලනය කළ "මහජන සේවකයින්ට" තමන්ගේ ව්‍යාපාරයක් කරන අයෙකු මෙන් ලාබ උපයන්නට අවශ්‍ය නොවූ නිසාත්, තරඟයක් නොතිබුණු නිසාත්, න්‍යායාත්මකව සිදු විය හැකි පරිදිම රාජ්‍ය ව්‍යවසායයන් විසින් දිගින් දිගටම අකාර්යක්ෂමතාවය නඩත්තු කළා. ක්‍රමය තුළ සිදු විය යුතු පරිදිම හොරකම්, වංචා සිදු වුනා. ඒවා වළක්වන්නත් වියදමක් දරන්න සිදු වුනා. 

සමගි පෙරමුණු ආණ්ඩුව සමයේ ලංකාව ඇතුළු සෝවියට් පන්නයේ සමාජවාදය ක්‍රියාත්මක වූ හැම රටකටම වගේ වෙළඳපොල ආර්ථිකයක් තිබුණු අනෙකුත්  රටවල් වල කාර්යක්ෂමතාවය සමඟ තරඟ කළ නොහැකි වූ නිසා රටවල් සංවෘතව තියා ගන්න සිදු වුනා. කාර්යක්ෂම විය හැකිව තිබුණේ තවත් සමාජවාදී රටක් සමඟම කරන ගනුදෙනු වලදී පමණයි. ඒ නිසා, සෝවියට් සමාජවාදය බොහෝ විට ක්‍රියාත්මක වුනේ එක්කෝ සංවෘත ජාතික සමාජවාදී රාමුවක් ඇතුළේ. නැත්නම් මේ ගොඩේ සිටි ලොකු අයියා වූ සෝවියට් දේශයේ සෙවණ යටතේ පරිවාර රාජ්‍යයක් විදිහට. ඒ හැර වෙනත් ස්වාධීන පැවැත්මක් සෝවියට් සමාජවාදය අනුගමනය කළ කිසිදු රටකට තිබුණේ නැහැ.

අන්තිමේදී සෝවියට් දේශය බිඳ වැටුනා. ඒ එක්කම ලෝක මට්ටමෙන් සෝවියට් පන්නයේ සමාජවාදයද බිඳ වැටුණා. 

චීන සමාජවාදය වෙත මාරු වීම තුළ සමාජවාදී ක්‍රමයට තව දුරටත් නොමැරී ජීවත් වීමේ හැකියාව ලැබුණා. මෙහිදී මේ රටවල් සමාජවාදී නොවන ලෝකයට විවෘත වුනා වගේම රජයේ පාලනය යටතේ වෙළඳපොළට යම් ඉඩක් විවෘත වුනා. රට ඇතුළේ යම් පිරිසකට ලාබ උපයන්න අවස්ථාව ලැබුණා. 

ආර්ථික වශයෙන් දියුණු රටකට තවත් දියුණු වෙන්න ව්‍යවසායකත්වය අවශ්‍යයි. ව්‍යවසායකත්වය ඉස්මතු වෙන්නේ සියල්ලන්ටම සමාන අවස්ථා ලැබෙන, තරඟය තුළ වඩා කාර්යක්ෂම ව්‍යවසායකයා ඉතිරි වන ක්‍රමයක් තුළයි. එහෙත්, ආර්ථික වශයෙන් නොදියුණු රටකට පහසුවෙන් දියුණු රටක් දිහා බලාගෙන දියුණු වෙන්න පුළුවන්. අවශ්‍ය වන්නේ ප්‍රමාණවත් තරම් ලෝකයට විවෘත වීම පමණයි. ව්‍යවසායකත්වය බිහි කරන ධනවාදී ලෝකයක් බාහිරින් පවතින තුරු, චීන සමාජවාදයට සෝවියට් සමාජවාදය මෙන් කඩා නොවැටී පවතින්න පුළුවන්. ධනවාදී රටක කිට්ටුවට එන තුරු වේගයෙන් වර්ධනය වෙන්නත් පුළුවන්. 

කාර්යක්ෂම ධනවාදයක් පැවතිය හැක්කේ සියල්ලන්ටම සමාන අවස්ථා හිමි වේනම් පමණයි. ඒ සඳහා දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් එක රැයින් ගොඩ නැගෙන්නේ නැහැ. එය කාලයක් තිස්සේ සිදුවන පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. වැඩවසම් ක්‍රමයක හෝ සෝවියට් පන්නයේ සමාජවාදයක හිර වී සිටින රටකට එක පාරටම ධනවාදයක් කරා මාරු වෙන්න බැහැ. චීන සමාජවාදය එවැනි රටකට හොඳ අතරමැදි පියවරක්. හැත්තෑ හතේදී ලංකාව තැබුවේ මේ අතරමැදි පියවරයි. ධනවාදය මීට වඩා බොහෝ දුරින් තිබෙන දෙයක්. ළඟා කරගත යුතු ඉලක්කයක්.

බොහෝ දෙනෙක් "විවෘත ආර්ථිකය" ලෙස වැරදියට හඳුන්වන ජේආර්ගේ චීන සමාජවාදී ක්‍රමය තුළ ලංකාවේ ප්‍රයිවෙට් බස් පාරට ආවා. ලංකාවේ ඊනියා විවෘත ආර්ථිකයේ වැරදි දකින්න කැමති බොහෝ දෙනෙක් මේ ප්‍රයිවෙට් බස් උදාහරණයකට ගන්නවා. දැන්නම් ලංකාවේ ප්‍රයිවෙට් බස් ඒ තරම්ම නරක නැහැ. නමුත්, කොන්ද නමාගෙන යා යුතු පාන් බාග වෑන් වල සාඩින් පැක් කරන්නාක් මෙන් මිනිස්සු පැක් කළ කාලයක් තිබුණා. හැත්තෑ ගණන් වල අග හෝ අසූ ගණන් වල මුල සිත්තර පත්තරයක් හොයා ගෙන මැද පිටුවේ පහළ කැමිලස්ගේ ගජමෑන් කොටස් බලන්න.

කලක් යද්දී පාන් බාග තහනම් වුනා. හැබැයි පොල් පටවනවාක් සේ සෙනඟ පැටවීම, මහ පාරේ පදික ජීවිත හා මගී ජීවිත නොසලකමින් සිදු වූ මිනීමරු තරඟය, මගියා "කෑල්ලක්" වීම නැවතුනේ නැහැ. ඉතා පැහැදිලිවම ලංකාවේ ප්‍රයිවෙට් බස් ආකෘතිය හොඳ ආකෘතියක් නෙමෙයි. එහෙම වුනේ ඇයි? වැරැද්ද වෙළඳපොළ තරඟයේද? එහෙම නැත්නම් වෙළඳපොළ තරඟයක් නැතිකමේද? ලංකාවේ ප්‍රයිවෙට් බස් ඇත්තටම ප්‍රයිවෙට්ද?

ප්‍රයිවෙට් බස් කියා කියන්නේ ප්‍රවාහනය සඳහා තිබෙන විකල්ප අතරින් එක් විකල්පයක් පමණයි. ප්‍රවාහනය සඳහා තිබෙන විකල්ප පෞද්ගලික ප්‍රවාහනය හා පොදු ප්‍රවාහනය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. පෞද්ගලික ප්‍රවාහනය සේ සැලකෙන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් තමන්ගේ වාහනයකින් තමන්ට අවශ්‍ය තැනකට යාමයි. එසේ නැත්නම් පවුලේ අයෙකු හෝ වෙනත් අයෙකු තමන්ට අවශ්‍ය තැනකට ප්‍රවාහනය කිරීමයි. මෙහිදී මගියෙකුගෙන් අදාළ ගමන වෙනුවෙන් මුදල් අය කිරීමක් සිදු වන්නේ නැහැ.

මෙයින් වෙනස්ව පොදු ප්‍රවාහනයේදී කිසියම් මුදලක් අය කර වෙනත් අයෙකුව අවශ්‍ය තැනකට ප්‍රවාහනය කෙරෙනවා. බොහෝ විට සේවය සපයන්නා සහ මගියා එකිනෙකා හඳුනන අය නෙමෙයි. ඒ වගේම, එක වර එකිනෙකා නොහඳුනන පුද්ගලයින් ගණනාවක් ප්‍රවාහනය කෙරෙන්න පුළුවන්. මෙවැනි ගනුදෙනුවක් පුද්ගලයින් ගණනාවක් සම්බන්ධ වන සංකීර්ණ ගනුදෙනුවක්.

පෞද්ගලික ප්‍රවාහනයේදී වුවත් වාහන ගමන් කරන්නේ පෞද්ගලික පාරවල් වල නෙමෙයි. පාරවල් බොහෝ විට පොදු පාරවල්. ඒ නිසා, පෞද්ගලික ප්‍රවාහනය වුවත් පුද්ගලයින් ගණනාවක් සම්බන්ධ වන සංකීර්ණ ගනුදෙනුවක්. මේ හේතුව නිසා ප්‍රවාහනය යනු යම් ආකාරයක සමාජයීය එකඟතාවයන් අවශ්‍ය වන සංකීර්ණ ගනුදෙනුවක්. එය දෙදෙනෙකු අතර සිදු වන සරල ගනුදෙනුවක් නෙමෙයි. මෙවැනි ගනුදෙනුවක් හා අදාළ සමාජයීය එකඟතාවයන් තුළ තෙවන පාර්ශ්වයන්ට හානි සිදු නොවන බවට සහතිකයක් තිබිය යුතුයි. නියාමනය හරහා රජය මැදිහත්වීමක් කරන්නේනම් එහි ප්‍රධාන අරමුණ විය යුත්තේ එකිනෙකාගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව ඇති වන සමාජයීය සම්මුතියක් බලාත්මක කිරීමයි.

පෞද්ගලික හෝ රජයේ බස් සේවාවකින් කෙරෙන්නේ කිසියම් කාලයක් තුළ කිසියම් ස්ථාන දෙයක් අතර ගමන් කරන්නට අවශ්‍ය පිරිසකට එකවර එම අවස්ථාව ලබා දීමයි. මේ වෙනුවෙන් පිරිවැයක් දරන්නට සිදු වනවා. එම පිරිවැය මගීන්ගෙන් අය කෙරෙනවා. 

ලංකාවේ බස් සේවා කර්මාන්තය ඓන්ද්‍රීය ලෙස ගොඩ නැගුනු එකක්. 1940 පමණ වන තුරු කිසිදු නියාමනයක් සිදු වී නැහැ. සේවා සපයන සමාගම් විසින් පාරවල් "අයිති කර ගැනීමක්" සිදුව ඇති බව පේනවා. එක් එක් ප්‍රදේශ වල බස් සේවා සැපයීමේ ඒකාධිකාරය විවිධ පුද්ගලයින් සතුව තිබී ඇති බව පේනවා. කිසියම් ප්‍රදේශයක එක් සමාගමකට වඩා බස් සේවා සපයන්න ඉදිරිපත් වූ අවස්ථා වල ගැටුම් ඇති වී තිබෙනවා. බස් පෞද්ගලික වුවත් පාරවල් පෞද්ගලික නොවූ නිසා රජයට මෙම කර්මාන්තය පහසුවෙන් නියාමනය කළ හැකිව තිබුණා. 1940-1958 අතර කාලයේ එවැනි නියාමනයන් සිදුව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සේවාවන්ගේ ගුණාත්මක භාවයද ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, රාත්‍රී කාලයේදී හෝ දුෂ්කර පාරවල් වල සේවා සැපයීමක් එතරම් දුරට සිදු වී නැහැ.

බස් ජනසතුව සිදු වුනේ ඔය වගේ පසුබිමක. බස් ජනසතු කරද්දී බස් සමාගම් 73ක් පමණ ලංකාව පුරා ක්‍රියාත්මකව තිබෙනවා. මේවා බස් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු තරමක් විශාල දේශීය සමාගම්. එකවරම මේ කර්මාන්තය බිඳ දමා බස් සේවා සැපයීමේ ඒකාධිකාරය රජය සතු කර ගන්නවා.

සමාගම් 73ක් විසින් වෙන වෙනම සැපයූ සේවාවන් ඒකාබද්ධ කිරීමේ යම් වාසිද තිබෙනවා. මධ්‍යගත සැලසුම් ක්‍රමය සමස්තයක් ලෙස අකාර්යක්ෂම වුවත්, එහි සාධනීය අංග තිබෙනවා. රාත්‍රී කාලයේදී හා දුෂ්කර පාරවල් වලද වැඩි වශයෙන් බස් සේවා සපයන්නට හැකි වීම එවැනි එක් වාසියක්. එහෙත්, මේ සේවාවන් මධ්‍යගත පාලනයක් නැතිව වුවද සැපයිය හැකිව තිබුණා. කළ යුතුව තිබුණේ යම් කොන්දේසි යටතේ යම් ප්‍රදේශයක පාරවල් වල බස් සේවා සැපයීමේ අවස්ථාව වෙන්දේසි කිරීමයි. එසේ වෙන්දේසි කර සමාගම් එකක් හෝ කිහිපයක් තෝරා ගැනීමයි.  රාත්‍රී කාලයේදී හා දුෂ්කර පාරවල් වල සේවාවන් සැපයීම වඩා වාසිදායක තත්ත්වයන් යටතේ සේවා සැපයීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා අනිවාර්ය කොන්දේසියක් කළානම් ප්‍රශ්නය ඉවරයි. 

ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භයේදී වේගයෙන් ව්‍යාප්ත වුවත් පාලකයින්ට සෘජු ලාබ නොලැබෙන තත්ත්වයක් තුළ සාමාන්‍යයෙන් සිදුවන පරිදි කාලයත් සමඟ අකාර්යක්ෂමතාවය ඉහවහ යනවා. ලංගම දිගින් දිගටම පාඩු ලබමින් මහජන මුදලින් නඩත්තු වෙනවා. අද වන විට කවුරුත් කතා කරන ලංකාවේ දැවැන්ත රාජ්‍ය ණය මල්ල තුළ ලංගම පාඩු වෙනුවෙන් රජය ගත් ණය හා එම ණය වල පොලිය කොපමණක්ද යන්න ගණන් හදා බැලිය යුතු දෙයක්. 

වැඩි කලක් නොගොස් ලංගම අකාර්යක්ෂමතාවයේ සංකේතයක් බවට පත් වෙනවා. දේශපාලන හෙන්චයියන්ගෙන් ලංගම පිරෙනවා. ඔවුන් කරන දෙයක් නැහැ. ලංගමින් පඩි ලබමින් කරන්නේ දේශපාලනය. යම් අවස්ථාවක එක බසයකට සේවක ප්‍රමාණය 17ක් හෝ වැඩි ගණනක් දක්වා ඉහළ ගොස් තිබුණු බව මට මතකයි. සමගි පෙරමුණු රජය කාලයේ මැයි පෙලපාලි වලට සෙනග අදින්නට ලංගම බස් විශාල සේ යොදාගත් බව මගේ මතකයේ ඇති දෙයක්. හැත්තේ හතේදී ලංගම බස් වල නිල් පාට පටිය කොළ පාට වූ පසුද මේ තත්ත්වය මුළුමනින්ම වෙනස් වුනේ නැහැ. ඇතැම් බස් වල ගමනාන්ත වුනේ ඩිපෝ පරීක්ෂකගේ නිවෙස. එසේ නැත්නම් ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ හිතවතෙකුගේ නිවස. ඇතැම් විට බස් කාල සටහන් හැදුනේද ඇතැම් අයගේ පෞද්ගලික අවශ්‍යතා සමග ගැලපෙන පරිදියි. මේවා මම හොදින්ම දන්නා, මට හොඳින්ම මතක දේවල්.

පනස් අටේ බස් ජනසතුව හරහා ඊබට් සිල්වා සමාගම වැනි දේශීය සමාගම් ගණනාවක් මරා දමනු ලැබෙනවා. නැගී ගෙන එන දේශීය කර්මාන්තයක් උපන් ගෙයිම මරා දැමෙනවා. මේ කර්මාන්තය අවශ්‍ය පරිදි නියාමනය කර දියුණු වෙන්නට ඉඩ ඇරියානම් රජයේ බදු ආදායම්ද ඉහළ යා හැකිව තිබුණත් ඒ වෙනුවට වෙන්නේ සුදු අලියෙකුට පණ දීමයි. සමස්ත වියදමෙන් 40%ක් පමණ දක්වා ණයෙන් සුබසාධනය වන තැනට වැටෙන ලංගමට මුලින් තිබුණු බස් ටිකම කැඩෙන විට හද හදා දුවවනවා හෝ එම වර්ග වලම බස් අලුතින් ධාවනයට එකතු කරනවා මිස ගුණාත්මක භාවයෙන් ඉහළ හොඳ බස් ධාවනයට එකතු කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. හැත්තෑ හත වෙනකොට ලංගම මැරිලා. 

හැත්තෑ හතෙන් පසුව, හැත්තෑ අටේදී, පෞද්ගලික බස් ධාවනයට නැවත ඉඩ සැලසෙනවා. ඒ වෙද්දී බස් ජනසතුව සිදු වී යාන්තම් අවුරුදු විස්සයි. ඒ අවුරුදු විස්ස වසර පහෙන් පහට එජාප-ශ්‍රීලනිප තට්ටුමාරුව සිදු වූ කාලයක්. හැත්තෑ හතෙන් පසුව අනූ තුන පමණ වන තුරු ශ්‍රීලනිපය සෝවියට් සමාජවාදය අත හැර තිබුණේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ පනස් අටට පෙර බස් කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කළ සමාගම් වලට සිදු වූ දෙය දැක තිබුණු විශාල ආයෝජකයින් තමන්ගේ අත පුච්චා ගන්න හදිස්සි නොවන බව අමුතු දෙයක් නෙමෙයි.

මෙවැනි තත්ත්වයක් යටතේ වුවත් හැත්තෑ අටේදී මුලින්ම පාරට බස් දැම්මේ ලොකු බස් විශාල ප්‍රමාණයක් පාරට දමන්න තරම් සල්ලි තිබුණු අයයි. උදාහරණයක් විදිහට රත්නපුර පැත්තේ මැණික් ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් මුලින්ම මේ බස් වැඩේට අත ගැහුවා. ඒ බස් ලංගම බස් වලට වඩා අලුත්, සුවපහසු, ලොකු බස්. ලංකාව පුරා නගර වලට මේ බස් දිවුවා. ගාස්තුව තිබුණේ ලංගම ගාස්තුවට වඩා ටිකක් ඉහළින්. මම ජීවත්ව සිටි තැන සිට ලඟම නගරයට යන්න ලංගම බස් ගාස්තුව ශත 20ක් වුවත් පෞද්ගලික බස් එකක ශත 25ක් අය කළා. බස් සේවකයෝ මගීන්ට හොඳින් සැලකුවා. කෙටුවේ නැහැ වගේම රේස් ගියේත් නැහැ. අත දැම්මොත් බස් එක නැවැත්තුවා. ලංගම බස් වගේ අත දමද්දී මගීන් නොසලකා ගහගෙන ගියේ නැහැ. ලංගම බස් නම් සෙනග නැතත් සමහර වෙලාවට එහෙම කළා. මේ පෞද්ගලික බස් වල බොහෝ විට සීට් තිබුණා. හිටගෙන යන්න වුනේ නැහැ. පෞද්ගලික බස් පිළිබඳ මගේ මුල්ම පෞද්ගලික අත්දැකීම් ඉතා ප්‍රසන්න අත්දැකීම්. 

හැබැයි මේ තත්ත්වය වැඩි කාලයක් තිබුණේ නැහැ. 1979 අවසාන වන විට ලංකාවේ පෞද්ගලික බස් අයිතිකරුවන් ප්‍රමාණය 3,800 ඉක්මවලා. මේ ගොඩක් අය එක් බසයක් පමණක් තිබුණු අය. සමහර විට රියදුරු හෝ කොන්දොස්තර වුනේ අයිතිකරුමයි. ඉතා ඉක්මනින් මේ තත්ත්වය වෙනස් වෙලා බස් අයිතිකරුවන් හා මෙහෙයවන්නන් කණ්ඩායම් දෙකක් වුනා. වඩා වැදගත් කරුණ අර මුලින්ම පාරට බස් විශාල ප්‍රමාණයක් දමපු සමාගම් එකින් එක කර්මාන්තයෙන් ඉවත් වුනා. ඒ එක්කම සේවයේ ගුණාත්මක භාවය විශාල ලෙස පිරිහුණා.

දැන් බැලූ බැල්මටම පෙනෙන්නේ මේ වැඩේ වුනේ තරඟය නිසා බවයි. එහෙත් එය එහෙමද? 

පෞද්ගලික බස් වලට අවසර දී ඉතා කෙටි කලකින් හෝ ආරම්භයේදීම රජය මගින් මිල නියාමනය කරනු ලැබුවා. මේ මිල නියාමනය අදටත් එසේම තිබෙනවා. ඒ කියන්නේ බස් ප්‍රයිවෙට් වුනත් බස් ගාස්තුව තීරණය කරන්නේ රජයයි.

නිදහස් වෙළඳපොළක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. පහසුවට අපි ඉල්ලුම ස්ථිර, අනම්‍ය ඉල්ලුමක් සේ සලකමු. දැන් බස් සේවා සපයන්නන්ට එකිනෙකා සමඟ තරඟ කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. එකක් අඩු මිලකට සේවාවන් සැපයීම. අනෙක වැඩි ගුණාත්මක සේවයක් සැපයීම. හැබැයි අඩු මිලකට සේවාවන් සැපයීමේ දී සේවයේ ගුණාත්මක භාවයද අඩු වෙනවා. ඒ නිසා, ගුණාත්මක සේවයක් සැපයිය හැක්කේ වැඩි මිලක් අය කරන්නට ඉඩක් ලැබේනම් පමණයි. 

පෞද්ගලික බස් වලට අවසර දීමෙන් පසු මිල පාලනය නොකළේනම් විවිධ සැපයුම්කරුවන් විසින් විවිධ පැකේජ් ඉදිරිපත් කරනවා. ඇතැම් අය වැඩි මිලක් අය කර ගුණාත්මක සේවයක් සපයයි. ඇතැම් අය ගුණාත්මක භාවය අඩු කර අඩු මිලකට සේවය සපයයි. තෝරා ගැනීම එක් එක් පාරිභෝගිකයා සතු වෙයි. 

රජය මිල පාලනය කිරීම නිසා මේ වැඩේ මේ විදිහට සිදු වුනේ නැහැ. මිල තීරණය කර තිබුණේ ලංගම මිල මත පදනම්වයි. ඒ මිලට ලංගමට ගුණාත්මක සේවයක් සපයන්න හැකි වී තිබුණේ නැහැ. සපයපු අඩු ගුණාත්මක සේවය යටතේ වුවත් ලාබ ලබන්න පුළුවන්කමක් තිබුණේත් නැහැ. 

පෞද්ගලික බස් හිමියන්ට ලංගම වගේ පාඩුවට බස් දුවවන්න බැහැ. ඔවුන්ව බදු සල්ලි වලින් හෝ උද්ධමන බද්දෙන් සුබසාධනය වෙන්නේ නැහැ. යාන්තමින් හෝ ලාබ ලබන්නනම් ඔවුන්ට ගුණාත්මක භාවය පහළ දමනවා මිස වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ වැඩේ ඒ විදිහටම සිදු වුනා. සේවය ගුණාත්මක බවින් අඩු වුනත් තරඟය හමුවේ වඩා කාර්යක්ෂම සේවා සපයන්නන් පමණක් ඉතිරි වීම නිසා ඔවුන් කෙසේ හෝ ලාබ ලැබුවා. එවැනිම ගුණාත්මක බවින් අඩු සේවයක් සැපයු ලංගම අකාර්යක්ෂමතාවය නඩත්තු කරමින් දිගින් දිගටම පාඩු ලැබුවා.

ඇත්තටම කියනවානම් මේ පෞද්ගලික බස් හිමියන්ද ලාබ ලැබුවේ නැහැ. ඔවුන් ලාබ සේ දැක්කේ තමන්ගේ ශ්‍රමයේ වියදම නොසැලකීමෙන් පසු සිදු වූ ඉතිරියයි. නමුත්, බස් ගණනාවක් අයිතිව සිටි අයට බස් ධාවනය කළ හැකි වූයේ රියදුරු හා කොන්දොස්තරවරුන් ලෙස වෙනත් අයව සේවයේ යෙදවීමෙන්. ඔවුන්ට වැටුප් ගෙවීමට සිදු වීමත්, ඔවුන් හොරකම් කිරීම වැළැක්වීම අසීරු වීමත් නිසා, විශාල බස් සමාගම් වලට තනි බස් අයිතිකරුවන් සමඟ තරඟ කරන්න බැරි වුනා. ඔවුන් වෙළඳපොළෙන් ඉවත්ව ගියා. තනි බස් අයිතිකරුවන් පමණක් ඉතිරි වුනා.

කොහොම වුනත් හැත්තෑ හතේ සිට අද දක්වාම කැමති කෙනෙකුට ප්‍රයිවෙට් බස් එකක් පාරට දමන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ අයිතිය හිමි වුනේ ආණ්ඩුව කැමති අයට පමණයි. රූට් පර්මිට් ලැබුණේ ආණ්ඩුවේ හෙන්චයියන්ටයි. මේ හේතුව නිසා ඉතිරි වූ තනි බස් අයිතිකරුවන් අතර ඉතිරි වුණෙත් ආණ්ඩුවට හිතවත් අය මිසක් වඩා කාර්යක්ෂම අය නෙමෙයි. ඒ කියන්නේ චීන සමාජවාදය මිසක් කිසිසේත්ම නිදහස් වෙළඳපොළක් හෝ ධනවාදයක් මෙතැන තිබුණේ නැහැ. 

මුලදී රූට් පර්මිට් ලැබුණේ දැන් බාර් පර්මිට් ලැබෙන විදිහට දේශපාලනඥයින් හරහා. දැන් වුනත් මේ වැඩේ මේ විදිහට නොවෙනවා කියා කියන්න බැහැ. රූට් පර්මිට් එකක් ගන්න දේශපාලනඥයකු වෙත යා යුතුයි. අත යටින් ගාණක් දෙන්න ඕනෑ වගේම දිගටම මැතිවරණ වලදී පෝස්ටර් මුද්‍රණය කර දීම වැනි උදවු කරන්නත් වෙනවා. මේ සියල්ල අය කර ගන්න වෙන්නේ ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන් වුවත් එය රජයෙන් තීරණය කර අවසානයි. ඒ නිසා, ලාබ ලබන්න තිබෙන එකම ක්‍රමය ගුණාත්මක භාවය අඩු කිරීම. බොහෝ බටහිර රටවල මෙන් රාත්‍රී හෝ සති අන්ත සේවා සැපයුවා කියා වැඩි මිලක් අය කරන්න ඉඩ නොලැබුණු නිසා එවැනි සේවාවන් සපයන්න කිසිවකු නැඹුරු වුනේ නැහැ. 

ඕනෑම කෙනෙකුට රූට් පර්මිට් ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා රූට් පර්මිට් ලබා ගත හැකි වූ අයට බස් පාරට නොදමාම රූට් පර්මිට් එක වෙනත් අයෙකුට දීමෙන් පමණක් ආදායමක් උපයන්න අවස්ථාවක් ලැබුණා. අවදානමක් හෝ මහන්සියක් නැතිව මාසෙ අන්තිමට අතට අවශ්‍ය ගාණ එනවානම් බස් දුවවන්න මහන්සි වෙන්නේ මොන මගුලකටද? 

දැන් පාරට බස් එකක් දමා ලාබ හොයන්න කැමති කෙනෙකුට මුදලක් ගෙවා වෙනත් අයෙකු සතු රූට් පර්මිට් එක පාවිච්චි කිරීමේ විකල්පය තිබෙනවා. මෙය තනිකරම අමතර වියදමක් වගේම නිදහස් වෙළඳපොළක් නැති කමේ, ලංකාවේ සමාජවාදී ක්‍රමයේ, ප්‍රතිඵලයක්. මේ වියදමත් ආවරණය කරගත යුතු වුවත් ප්‍රවේශ පත්‍ර මිල වැඩි කරන්න බැහැ. ආදායම් වැඩි කර ගත හැකි ක්‍රමය හැකි තරම් සෙනග පැටවීම හා සෙනග සිටින වෙලාවට වැඩි ටර්න් ගණනක් දුවන එකයි.

මේ තනි අයිතිකරුවෝ බොහෝ දෙනෙක් බස් අරන් තියෙන්නේ ලීස් කරලා. එක පැත්තකින් එහෙම වෙන්නත් ඕනෑනේ. අතේ සල්ලි දමලා කලින් පාර වගේ ජනසතුවක් වුනොත් කාට කියන්නද? ඔය ජනසතු කිරීම් වල ඔය ආකාරයේ දිගුකාලීන අවාසි තිබෙනවා. ජනසතු කිරීමේ ඉතිහාසයක් තිබෙන රටක මිනිස්සු තමන්ගේ සල්ලි ආයෝජනය කරන්න බයයි. ලීස් කරලා ගත්තහම අවුලක් නැහැ. අනෙක් අතට බස් එක තමන්ගේම නොවන නිසා බස් එක පරිස්සම් කරන්න මහන්සි වෙන්නත් අවශ්‍ය නැහැ. මාස්පතා ලීසිං එක ගෙවන්න ආදායමක් ලැබෙනවානම් එච්චරයි. තව තෙල් වියදම්, සේවක පඩිනඩි ගෙවන්නත්  අවශ්‍යයි.

මේ ක්‍රමයත් වැඩිකල් පැවතුණේ නැහැ. මොකද සැමන් වගේ පැක් කරපු බස් පට් පට් ගාලා ටර්න් ගහද්දී කොන්දොස්තර මාටියා ගහන එක අල්ලන්න බස් අයිතිකාරයාට පහසු නැහැ. අන්තිමට බස් අයිතිකාරයා අතින් කාලා හරක් බලනවා. බස් එක දවසේ කුලියට කොන්දොස්තරටම දෙන වත්මන් ක්‍රමය පරිණාමය වුනේ ඔය විදිහටයි. දැන් ලීසිං සමාගමට, රූට් පර්මිට් අයිතිකාරයාට හා බස් එකේ අයිතිකාරයට නිශ්චිත ගාණක් ලැබෙනවා. කොන්දොස්තර මොන විදිහට හරි ඔය වියදම් හෙවුවට පස්සේ තමයි ඔහුට ලාබයක් ලැබෙන්නේ. ඩ්‍රයිවර්ගේ ගාණත් දෙන්න ඕනෑ. ගුණාත්මක භාවය පවත්වාගෙන ඔය ඔක්කොම කරන්න බැහැ.

ලීසිං පොලී ගිණි ගණන් බව කවුරුත් දන්නවනේ. ඒ ඇයි? අවදානමක් නැතිව රජයට ණය දී (භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන) වැඩි පොලියක් ලබන්න පුළුවන්කම තියෙද්දී වැඩි අවදානමක් දරාගෙන ඊට වඩා අඩු පොලියකට වෙන අයට ණය දෙන්න බැහැනේ. අවදානමට සරිලන පොලියක් අය කරන්න වෙනවා. භාණ්ඩාගාර බිල්පත් පොලිය වැඩි ඇයි? අයවැය හිඟය! කොයි පාරෙන් ගියත් මුල තියෙන්නේ විශාල රජයක් නඩත්තු කිරීමේ ප්‍රශ්නය. අනෙක් පැත්තෙන් බස් එකේ මිලෙන් වැඩි කොටසක් රජය අය කරන බදු. තෙල් මිලේ වුනත් එහෙමයි.

කාගෙනුත් බැනුම් අහන්නේ බස් එකේ කොන්දොස්තර කොලුවා තමයි. නමුත් මේ කොන්දොස්තර කොලුවා කරන්නේ කුමක්ද? දවස පුරා මාර කට්ටක් කා, මගීන් හැකි තරම් පීඩාවට පත් කර උපයන සල්ලි රජයට හා ආණ්ඩුවේ ගජමිතුරන්ට ලබා දෙන එකයි. ඕක ධනවාදයක්ද? ඕක තමයි චීන සමාජවාදය.

ප්‍රයිවෙට් බස් නමට ප්‍රයිවෙට් තමයි. හැබැයි නමට විතරයි. ලංකාවේ ප්‍රයිවෙට් බස් පාලනය කරන්නෙත් රජයම තමයි.

41 comments:

  1. බසයේ ගමන් දැන් හරියට අඩු හින්දා
    වෙන්නේ මොනවාද දන්නෙත් නැති හන්දා
    අදහස් කියන එක වැරදියි වගෙ හින්දා
    නොලියා හිඳිමි එය සුදුසුම දේ හන්දා

    ReplyDelete
  2. ඉකොන්,

    මේ පෙත්සම සාර්ථක වේවිද?

    https://www.ft.lk/front-page/Petition-filed-in-CA-challenging-Cabraal-s-CBSL-appointment/44-723091

    ඒ වගේම මේක අසාර්ථක වුණොත් මේ කුප්‍රකට පුද්ගලයාගේ පාලනය යටතේ නැවතත් සුපුරුදු පරිදි ලංකාවේ බැඳුම්කර හොරකම් ගැන අපට දකින්නට අහන්නට ලැබෙයි කියල හිතන්න පුළුවන්, ඒ විතරක් නෙවෙයි තවත් මුදල් විශුද්ධිකරණය සහ තවත් බොහෝ මූල්‍ය වංචා වලට කප් ගහපු රටක් බවට ලංකාව ලෝක ප්‍රසිද්ධ වේවි.

    ReplyDelete
  3. Do you know how the Swedish system work? Fixed price with high quality. One ticket for bus, train (metro), and ferry. By the way, essential elements for democracy and open economy are availability of reliable data, regulations, and people with rational mind. We don't have those elements in Sri Lanka. I don't see big difference with private busses and selling degrees in Sri Lanka (including gov universities)

    ReplyDelete
  4. කාලයක සිට ලියන්නට සිටි කාරණාවක්. දැන් එය ලිවීමට අත්‍යාවශ්‍ය නෑ. කප්පම් කාරයන් සහ පොලී කාරයන් ගැනත් මේ ලිපියටම ඇතුළත් වී නම් කතාව සම්පූර්ණයි.

    * ඉතුරු සල්ලි කෝ >>> https://katha32.blogspot.com/2012/07/bus-ticket.html
    * මගී ප්‍රවාහනයට නව තාක්ෂනය >>> https://katha32.blogspot.com/2012/08/bus-ticketing-actors-1.html
    * මගී ප්‍රවාහනයට නව තාක්ෂනය - ii >>> https://katha32.blogspot.com/2012/08/bus-ticketing-actors-2.html

    ලංකාවේ බස් ව්‍යාපාරය දැන් පවතින තත්වයෙන් නම් පරපෝෂිතයන් විසින් ග්‍රහණයට ගත් අසරණ ජීවියෙක්. එය ප්‍රකෘති තත්වයට පත් කිරීමට දැඩි දේශපාලන උවමනාවක් සහ බලයක් අවශ්‍යයි. දැන් මේ වැඩකට නැති කොරෝනා මර්ධනයක් වෙනුවෙන් වැය කරන උවමනාවෙන් සහ බලයෙන් දාහෙන් පංගුවක් උවත් ඒ සඳහා ප්‍රමාණවත් බව මාගේ විශ්වාසයයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ ලිපි කලින් කියවා තිබුණේ නැහැ. ප්‍රස්තුත කරුණට අදාළ හැම දෙයක්ම මෙන් මනාව විස්තර කර තිබෙනවා. මේ වැඩේ සාපේක්ෂව පහසුවෙන් කළ හැකි, බොහෝ වාසි තිබෙන වැඩක්. ඔබම මේ වාසි විස්තර කර ඇති නිසා නැවත ලියන්නේ නැහැ.

      කප්පන් කාරයින් ගැන ලියා නැති වීම අඩුවක් තමයි. ලියද්දී එය මට මතක් වුනා. සාමාන්‍යයෙන් මගේ ලිපි පදනම් වන්නේ පිළිගත හැකි මූලාශ්‍රයකින් ලබා ගන්නා දත්ත හෝ මගේම පෞද්ගලික අත්දැකීම් මත. කප්පන් කතාව කවුරුත් දන්නා දෙයක් වුවත් එය මේ ගොඩවල් දෙකටම නොවැටෙන නිසා ලිවුවේ නැහැ. පොලී කාරයින් කතාවනම් පැහැදිලි නැහැ හෝ දන්නේ නැහැ.

      Delete
    2. පොලී කාරයින් ගැන කතාව බස් ගැමුණු මහතාමයි කීවේ.

      ඔහුම ගත් උදාහරණය අනුව,
      බස් හිමියාගේ ගෙදර 32" TV එකක් තිබේ යැයි සිතමු. බස් රියැදුරුගේ බිරිඳට 55" TV එකකින් කිසියම් ටෙලිනාට්‍යයක් බැලීමට / නැතිනම් මවුට අසුවල් සුවාමින් වාන්සේගේ බණක් 3D TV එකකින් ඇසීමට ආශාවක් තිබේ. මෙන්න මේ අවශ්‍යතාවය තෘප්ත කරන්නා පොලී කාරයා නම් වේ.

      කෙසේද?
      පොලී කාරයා නිශ්චිත බස් නැවතුම් කිහිපයකින් එකක සිටී. රියදුරු මහතා තම (බිරිඳගේ / මවුගේ) අවශ්‍යතාවය පොලී කාරයාට දන්වයි. සවස TV එක ගෙදර. නමුත් පොලී කාරයා නිතිපතා අර කී බස් නැවතුමේ දී නියමිත වාරිකය අය කර ගනී. මෙය බස් රථයේ දෛනික ආදායමේ සෘජු කාන්දුවකි. TV එක ලක්‍ෂයයි නම්, පොලී කාරයා Credit card එකෙන් වාරික පහසුකම යටතේ එය මිළට ගෙන අවුරුදකදී ගණන් බේරයි නම්, රියැදුරු මහතා දෛනිකව ඔහුට දෙන මුදල වසරක් තුළදී ඉතා වැඩි ගණනකි. බොහෝ විට TV එකේ වටිනාකම තුන් මාසයක් හාර මාසයක් තුලදී පියැවේ.

      බස් රථය දවස් කුළියට රියදුරුට ලබා දීමෙන් මේ ප්‍රශ්න බොහෝ දුරට විසඳෙන මුත් ප්‍රවාහණය කර්මාන්තයක් වශයෙන් දියුණු වන්නේ නැත. බස් හිමියෙක් වශයෙන් ඔහුගේ අවධානය යොමු වුණේ ඒ දෙසයි. මා මේ ප්‍රශ්නය දෙස බලන කෝණය ඊට වඩා වෙනස්ය.

      Delete
    3. මෙය සෘජුවම බස් කර්මාන්තයට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතන විදිහට ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය සමඟ කිට්ටුවෙන් යන තරමක් පුළුල් සමාජයීය ප්‍රශ්නයක්. කොහොම වුනත් මේ විස්තරය මම නොදැන සිටි දෙයක්. ඔබ ලියා තිබුණු කාඩ් ගෙවීම් ක්‍රමයක් තුළ මේ වගේ ප්‍රශ්න වලටත් යම් විසඳුමක් තිබෙනවා. කෙටියෙන් කිවුවොත් දවස් පඩි ලබන්නන් වන බස් රථ සේවකයින් මාස් පඩි ලබන්නන් කළ හැකියි. ඒ වගේම ඔවුන්ට මුදල් ඉතිරි කිරීමට යම් පෙළඹවීමක් ඇති වෙන්නත් පුළුවන්.

      Delete
    4. බස් හිමියන්ගේ ප්‍රශ්නයක්.
      ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු ආයෝජන සහ ප්‍රතිලාභ බෙදා ගැනීමේ මාර්‍ගයක් ලෙසයි මා දන්නේ. ඉහත උදාහරණය පාරිභෝජනය සඳහා ණය.
      අනෙක් කාරණා දෙකම, අර ව්‍යාපෘතියේ අරමුණු අතර තිබුණා. බස් රථ රියැදුරු (සහ කොන්දොස්තර) "වෘත්තියක්" බවට පත් කිරීම, පළපුරුද්ද සහ මනා සේවාව මත උසස් වීම් ලැබෙන ක්‍රම, EPF / ETF ප්‍රතිලාභ. සහ තව බොහෝ දේ.

      Delete
    5. //ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු ආයෝජන සහ ප්‍රතිලාභ බෙදා ගැනීමේ මාර්‍ගයක් ලෙසයි මා දන්නේ. ඉහත උදාහරණය පාරිභෝජනය සඳහා ණය.//

      ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම වලින් සාමාන්‍යයෙන් විය යුත්තේ ඔබ කියන දෙය වුවත්, පසුගිය කාලයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම යටතේ (හෝ එම ලේබලය යටතේ) විශාල වශයෙන් පාරිභෝජනය සඳහා ණය ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල ඇති වී තිබුණු සමාජයීය ප්‍රශ්නයයි මම අදහස් කළේ. එය බොහෝ දුරට ඔබ කියන බස් කතාවට සමානයි.

      Delete
  5. ඉකොනෝ මහත්තයාලැයි රටට ගෝඨාභය ජනාධිපතිතුමා ආවම බලන්න එපැයි පොලිස් වාහන පිරිවරාගෙන, තව තව ලොකු වාහන එක්ක එතුමා ගමන් කරපු උජාරුව. එතුමාට ඔහේ ලොකු තැනක් තියෙනවා නේද? ගොඩක් සතුටුයි අපේ රටට ඒ වගේ පිළිගැනීමක් ලැබෙන එක ගැන. ඉකොනෝ මහත්තයාලා යන්නේ නැද්දේ එතුමන් හම්බ වෙන්න? එතුමා යන එන මාර්ගයේ දෙපස රැස්ව සිට ඉකොනෝලාගේ සතුට, ගෞරවය පෙන්වන්න එතුමාට.

    ReplyDelete
    Replies
    1. මචන්, අපේ ආචාර්ය ඉකොනෝ මහත්තයා මැදමුලනේ හාල් කෑලි වන නන්දසේන කාඩපක්ෂ වගේ ගංකබර හැත්ත ගණන් ගන්නේ නැහැ. එතුමා කැමති ආචාර්ය ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ වැදගත් උගත් බුද්ධිමත් ආචාර්ය උපාධියක් සහිත වියතෙක් වගේ මහා නායකයන්ට විතරයි. අපේ ඉකෝනෝතුමාට ඇමරිකානු එක්සත් ජනපදයේ මහ විසාල පිලිගැනීමක් තියෙනවා, එතුමා ලෝකයේම පිළිගත් ආර්ථික විද්‍යාව පිළිබඳ නෝබල් ප්‍රයිස් එක ද හිමි ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්. ඒක දැනගෙන ගරු නම්බු දීලා කතාකරපිය මෙතන බයිල ගහන්නේ නැතුව.

      Delete
  6. ඔබ හිතන විදියට ලන්කාවෙ නියම විදියට ධනවාදය ක්‍රියාත්මක වෙන එක් ක්ශෙත්‍රයක්වත් නැතිද?

    ReplyDelete
    Replies
    1. "නියම විදිහට" කියන එක සාපේක්ෂ දෙයක්. පොදු ප්‍රවාහන සේවා සැපයීමම ගත්තොත් ත්‍රිරෝද රථ සේවා සැපයීම හොඳින් ක්‍රියාත්මක වෙන්නේ රජයේ මැදිහත්වීම් අඩු නිසයි. ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් පාරේ යන ආකාරය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. එය නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රශ්නයක් මිසක් වෙළඳපොළ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම පොදුවේ රියදුරු විනය පිළිබඳ ප්‍රශ්නයේ කොටසක්. ඒ වගේම, මගියෙකුට ත්‍රිරෝද රථ රියැදුරෙකුට වාහනය ධාවනය කරන ආකාරය ගැන බලපෑම් කළ හැකියි. පෞද්ගලික බසයක ගමන් කරන මගියෙකුට එය කිරීම අසීරුයි. (එය වෙළඳපොළ හරියට ක්‍රියාත්මක නොවීම පිළිබඳ ප්‍රශ්නයක්). එතරම් පෞද්ගලික අත්දැකීම් නැතත් පාසැල් වෑන් සේවාව වුවත් හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා මම හිතනවා.

      Delete
    2. ඇයි ස්ටාෆ් බස්, ඒකත් බොහොම හොඳට දියුණුවුනා පහුගිය අවුරුදු කිහිපයේ. හොඳ නිදහස් වෙළඳපොලක්.

      Delete
    3. ඔව්. මම පාසැල් වෑන් කියන එකෙන් අදහස් කළේ කාර්යාල වෑන් සේවාද ඇතුළුව මේ සමස්ත කුලකය. මේවා වෙළඳපොළක් ස්වභාවිකවම නියාමනය වන ආකාරය පිළිබඳ හොඳ නිදසුන්. මිල හා ගුණාත්මක භාවය ප්‍රසස්ථ සමතුලිතතාවයක තිබෙනවා. මම හිතන හැටියට බජට් ටැක්සි සේවා වල තත්ත්වයත් හොඳයි.

      Delete
    4. IT සෙක්ටර් එක ගැන මොකද හිතන්නෙ? එතන යම්කිසි අකාර්‍යක්ශමතාවයක් නඩත්තු වෙනවද දැනට?

      Delete
    5. IT සෙක්ටර් එක කියා කිවුවහම ටිකක් පුළුල්නේ. ඔබ අදහස් කරන්නේ මෘදුකාංග වැඩි දියුණු කිරීමද? දුරකථන ජාල සැපයුම්, දත්ත සැපයුම් වගේ අංශද? සියල්ල පොදුවේද?

      Delete
    6. දුරකතන ජාල සැපයීම මේකට අදාල නැහැ කියන්නත් හදල ඒක ටෙලිකොම් පැත්තත් අයත් වෙන නිසා නොකිය හිටියෙ. ලන්කාවෙ ටෙල්කො ඉන්ඩස්ට්‍රිය දූශිතයි කියල කවුරුත් දන්න දෙයක්නෙ. මෘදුකාන්ග සැපයීම කියන එක තමයි මහිතෙ මම හිතන ප්‍රශ්නෙට අදාල

      Delete
    7. මෙය ප්‍රවාහන සේවා සැපයීමට සාපේක්ෂව සංකීර්ණ කර්මාන්තයක්. මේ කර්මාන්තය තුළ වෙළඳපොළ ගණනාවක අන්තර්ක්‍රියාවන් තිබෙනවා. හැම පැත්තක්ම සාකච්ඡා කරන්නනම් ඉහත ලිපියට වඩා දිග ලිපියක් ලියන්න වෙනවා. විශාල හා අකාර්යක්ෂම රජයක් පැවතීම බැලූ බැල්මටම රජයෙන් ස්වායත්ත සේ පෙනෙන මෙවැනි කර්මාන්තයක කාර්යක්ෂමතාව කෙරෙහි වුවද බලපාන විවිධ ආකාර විස්තර කළ හැකි වුවත් කෙටියෙන් විස්තර කරන්න අමාරුයි. මම මෙහිදී අවධානය යොමු කරන්නේ application software කර්මාන්තය වෙතයි. මූලික මට්ටමේ මෘදුකාංග හා අදාළව සිදුවෙන්නේ ආනයනය කර විකිණීමක් පමණයිනේ. මෙහි මූලික ආකෘතිය වන්නේ කිසියම් සමාගමක් විසින් මෘදුකාංග ඉංජිනේරුවන්ගේ ශ්‍රමය යොදවා මෘදුකාංගයක් වැඩි දියුණු කර එහි පිටපත් විකුණා ලාබ ලැබීමයි. දිගින් දිගටම පාරිභෝගික සේවා සැපයීම, customize කිරීම වැනි පැතිත් තිබෙනවා. මේ කර්මාන්තයේ වර්ධනය සඳහා පළමු අවශ්‍යතාවය පුහුණු ශ්‍රමිකයන්. කර්මාන්තයේ නියැලීම සඳහා කාටත් ලැබෙන පොදු පාසැල් අධ්‍යාපනයට අමතර පුහුණුවක් අවශ්‍යයි. කර්මාන්තය ලෝක මට්ටමෙන් ප්‍රචලිත වෙන්න පටන් ගත් කාලයේ සිට අද දක්වාම ලංකාවේ උසස් අධ්‍යාපන කර්මාන්තය අකාර්යක්ෂම රාජ්‍ය ඒකාධිකාරයක්. අනාගතවාදී වී අනාගත රැකියා වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයන් නිර්මාණය කරන්න ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය යොමු වෙන්නේ අඩුවෙන්. මම නිවැරදිනම් මුලින්ම ලංකාවේ පරිගණක විද්‍යා උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වුනේ 1984 වසරේ උසස් පෙළ කර කොළඹ විද්‍යා පීඨයට ඇතුළු වූ සිසුන්ට. ඔවුන් එළියට ආවේ 1992දී පමණ. මොරටුව ඉංජිනේරු පීඨය හා පේරාදෙණිය විද්‍යා පීඨය පරිගණක විද්‍යා උපාධි පාඨමාලා පටන් ගත්තේ ඉන් පසුව. මේ වෙද්දී NIBM ආයතනය වසර ගණනක සිට මෘදුකාංග ඉංජිනේරුවන් පුහුණු කරමින් සිටියා. එම ආයතනයට උපාධි පිරිනැමීමේ හැකියාවක් නොතිබුණු නිසා මේ සිසුන්ට හිමි වුනේ ඩිප්ලෝමාවක්. එහෙත්, ඔවුන්ට හොඳ වැටුපකට හොඳ රැකියා ලැබුණා. පරිගණක ක්ෂේත්‍රය තනිකරම වගේ අල්ලාගෙන හිටියේ NIBM ඩිප්ලෝමාධාරීන්. මේ අය ලංකාවේ බොහෝ දෙනෙකුට වැදගත් උසස් පෙළ සම්මතය අනුව දෙවන පංතියේ කුසලතා/ බුද්ධි මට්ටම් තිබුණු අය. රජයේ සරසවියකට ඇතුළු විය හැකිව තිබුණු අයෙකු NIBM ඩිප්ලෝමාව හදාරන්න ගියේ නැහැ. ඒ වගේම උසස්පෙළ විභාගයෙන් සරසවි වරම් අහිමි වූ ඊළඟ මට්ටමේ සිසුන් ඕනෑම කෙනෙකුට මේ අවස්ථාව ලැබුණේත් නැහැ. එක පැත්තකින් මුදල් ගෙවීමේ හැකියාවත්, අනෙක් පැත්තෙන් අනාගත රැකියා වෙළඳපොළ පිළිබඳ දෙමවුපියන්ගේ අවබෝධයේ මට්ටම් වල වෙනස්කමුත් නිසා NIBM ඩිප්ලෝමාව හැදෑරුවේ යම් සමාජ තීරුවක සිටි අයගේ දරුවන්. රජයේ සරසවි වල උපාධිධාරීන් රැකියා නැතුව වේලෙද්දී මේ අය හොඳ වැටුප් ලැබුවා. ඒ වගේම මේ අය අධ්‍යාපනය ලැබුවේ තමන්ගේ මුදල් වැය කර ස්ව කැමැත්තෙන් නිසා නමට ඩිප්ලෝමාවක් ලබා ගැනීම වෙනුවට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමක් සිදු වුනා. ඔවුන්ට වැඩි වැටුප් ලැබුණේ මේ කුසලතා නිසා මිසක් ඩිප්ලෝමාව නිසා නෙමෙයි. ඩිප්ලෝමාව කුසලතා පිළිබඳ සංඥාවක් පමණක්ම වුනා. රජයේ සරසවි පරිගණක විද්‍යා පාඨමාලා හඳුන්වා දුන්නේ වෙළඳපොළ ඉල්ලුම් පීඩනය තුළ එය නොකර බැරි තැනකට පැමිණීමෙන් පසුවයි. ඒ වන විට මේ ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබුණා. වැටුප් වරප්‍රසාද ඉහළ මට්ටමක තිබුණා. ඒ නිසා, සරසවි වල පරිගණක විද්‍යා පාඨමාලා වලට අදාළ කණ්ඩායම් වල සිටි දක්ෂම සිසුන් ආකර්ෂණය වුනා. කලින්ම පුහුණු ශ්‍රම වෙළඳපොළක් හැදී තිබුණු නිසා සරසවි උපාධිධාරීන්ට කුසලතා නැතිව, නමට උපාධියක් අරගෙන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා, සරසවි වල පරිගණක විද්‍යා පාඨමාලා හැදෑරු සිසුන්ද එළියට ආවේ කුසලතා පූර්ණවයි. ඊට අමතරව ඔවුන් NIBM ඩිප්ලෝමාධාරීන්ට සාපේක්ෂව උසස්පෙළ කඩුල්ල පන්නාගත් වඩා දක්ෂ සිසුන්ද වුනා. මේ කණ්ඩායම දෙකම වුවත් පැවති ඉල්ලුමට ප්‍රමාණවත් වූයේ නැහැ. රැකියා සැපයුම ඊට වඩා ඉහළ මට්ටමක තිබුණා. ඒ හමුවේ හතු පිපෙන්නාක් මෙන් පරිගණක පාඨමාලා බිහි වුනා. රැකියා වෙළඳපොළේ ඉල්ලුම සැපයුම සමතුලිත වන තුරු මෙය සිදු වුනා. එසේ සමතුලිතවීමෙන් පසුව ගුණාත්මකභාවය වැඩි පාඨමාලා හැදෑරු හා කුසලතා පූර්ණ ශ්‍රමිකයන් වෙළඳපොළ විසින් ඉතිරි කර අනෙක් අය බැහැර කෙරුනා. මේ කුසලතාවය රටින් බැහැරද අගය කෙරුණු කුසලතාවක් වූ නිසා බොහෝ දෙනෙකුට රටින් පිට රැකියා අවස්ථාද විවර වුනා. ශ්‍රම වෙළඳපොළ (ඒකදෛශිකව වුවත්) බැහැරට විවෘතව තිබුණු නිසා රට ඇතුළේ වැටුප් මට්ටම් විශාල ලෙස ඉහළ ගියා. කර්මාන්තයේ ස්වභාවය අනුව නිෂ්පාදනය සිදු වන්නේ කොහේද කියන එක වැදගත් නැති නිසා විදේශීය මෘදුකාංග සමාගම්ද ලංකාවට ආකර්ශනය වුනා. ලංකාවට සාපේක්ෂව වැඩි වැටුප් ගෙවුවත් එම වැටුප් ගෙවීමෙන් පසුවද ඔවුන්ට ලාබ ලැබිය හැකිව තිබුණා.

      Delete
    8. මෙහිදී මෙවැනි සමාගම් වල පාරිභෝගිකයින් වූයේ ලංකාවේ සමාගම් හෝ රජය නෙමෙයි. එවැනි අවස්ථා තිබුනත් ඒවා ව්‍යතිරේඛයන්. මෙහිදී නිදහස් වෙළඳපොළක වාසිය මෙන්ම විවෘත වෙළඳපොලක වාසියද බොහෝ පාර්ශ්ව වලට ලැබුණා. කෙසේ වුවද, දේශීය පාරිභෝගිකයින් වෙත සේවා සැපයීමේදී වෙළඳපොළ අකාර්යක්ෂමතාවයන් මුළුමනින්ම නැති වූයේ නැහැ. විශේෂයෙන්ම රජය වෙත සේවා සැපයීමේදී අත යටින් ගනුදෙනු සුලභ ලෙස සිදු වුනා. රජයෙන් බැහැර ලංකාවේ විශාල සමාගම් පාලනය කරන කළමණාකරුවන්ද මේ කාරණයේදී එතරම්ම වෙනස් නොවූ නිසා මෙවැනි ගනුදෙනු හැම විටම තරඟකාරී පදනමක සිදු වූයේ නැහැ. බොහෝ විට මේ තත්ත්වය දැනටත් මෙසේම විය හැකියි. මෙහිදී බොහෝ විට පාඩුව සිදු වුනේ රජයට හා විශාල සමාගම් වලට. මෘදුකාංග සමාගම් බොහෝ විට අනිසි වාසියක් ලැබුවා. ජාත්‍යන්තර සමාගම් සමඟ පුහුණු ශ්‍රමය සඳහා තරඟ කරන්නට වීමේ අසීරු කර්තව්‍යය ජයගන්නට මෙවැනි අනිසි වාසිද දේශීය සමාගම් වලට උදවු වුනා. මේ "අමතර වියදම්"ද දේශීය මෘදුකාංග සේවා සැපයීම් වල මිලට එකතු වුනා. අනෙක් අතට කුඩා හා මධ්‍යම පරිමාණ සමාගම් විසින් බොහෝ විට මෘදුකාංග වෙනුවෙන් ඉහළ මිලක් ගෙවන්න සූදානම්ව සිටියේ නැහැ. මෘදුකාංග සමාගම් වල සේවය කළ ඇතැම් අය ඔවුන් සමඟ අත යටින් ගනුදෙනු කළා. මේ කර්මාන්තයේ ස්වභාවය අනුව ස්ථිර පිරිවැය ගොඩක් වැඩියි. විචල්‍ය පිරිවැය අඩුයි. ඒ නිසා රටේ නීතියෙන් බුද්ධිමය දේපොළ අයිතිය තහවුරු කර තිබීම කර්මාන්තයේ කාර්යක්ෂමතාවය සඳහා අත්‍යවශ්‍ය කරුණක්. මෙය මෙලෙසම සිදු වී තිබුණේ නැහැ. සමාගමේ මෘදුකාංග කොපි කරගෙන පැනීම හා ඉන් පසුව තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ නිදර්ශන ගණනාවක් තිබෙනවා. මේ කර්මාන්තය ගැන දිගින් දිගට ලියන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක් පෞද්ගලික අත්දැකීම්ද තිබෙන කර්මාන්තයක් නිසා. සමහර දේවල් දැන් වෙනස් වෙලා. එහෙත් හැම දෙයක්ම වෙනස් වී නැහැ.

      Delete
    9. දිගු පිලිතුරට ස්තුති. පිලිතුරෙන් හැඟුන විදියට මේ ඉන්ඩස්ට්‍රි එක සාපෙක්ශව කාර්‍යක්ශම්ව ක්‍රියාත්මක වෙනව. දූශනය සිදුවෙන්න වැඩි ඉඩකඩක් තියෙන්නෙ දේශීය ගැනුම්කරුවන් සමග ගනුදෙනු කරද්දි.

      //සමාගමේ මෘදුකාංග කොපි කරගෙන පැනීම හා ඉන් පසුව තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ නිදර්ශන ගණනාවක් තිබෙනවා.//
      නිඩසුනක් දෙකක් දෙන්න පුලුවන්ද. ?

      NIBM එක ගැන ඔබ කියන එක ඇත්ත. ඒ කාලෙ විදියට සෑහෙන මුදලක් සහ කාලයක් යොදවා ඩිප්ලෝම එකක් කරනවද කියන එක රජයෙ විශ්ව දිද්‍යාලයකට තේරුන කෙනෙකුට තිබුන ලොකු ගැටලුවක්. විශේශයෙන් ගම් පලාත්වල ලමයින්ට හා දෙමව්පියන්ට.
      ලන්කාවෙ තියෙන ප්‍රශ්න..

      Delete
    10. 1. ඔව්. ඔබට හැඟුණු දේ තමයි මම අදහස් කළේ.

      2. ප්‍රසිද්ධ නිදර්ශන කියා කිවුවට එතරම් ප්‍රසිද්ධ නැතුව ඇති. මම ඔය කර්මාන්තයේ සිටි කාලයේ කර්මාන්තය තුළ සිටි බොහෝ දෙනෙක් දැන සිටි දේවල්. කොහේ හෝ පොදු අවකාශයක වෙනත් කවුරු හෝ සටහන් කළ තැනක් හමු වුනොත් ලින්ක් එකක් දමන්නම්. අසා ඇති දේ නිසා මේවා කියන එක එතරම් හරි නැහැනේ.

      Delete
  7. මේවන විට ලංකාවේ බලය අත්පත් කරගෙන සිටින ඇමරිකානු රාජපක්ෂ සහෝදරයෝ සහ පුත්‍රයෝ බ්‍රෝකර් සමාගමේ වාණිජ සැලසුම් අනුව ජවිපෙ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පහුගිය කාලේ පුරාම අනාවරණය කළ පරිදිම කොළඹ නගරය මධ්‍යයේ ඉතාමත්ම වටිනා දේපල වලින් තවත් වටිනා ඉඩම් 03ක් 99 අවුරුදු බදු පදනම මත ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ආයෝජකයන්ව කැඳවා ඇත. මේ වෙනුවෙන් සැප්තැම්බර් 19 වැනිදා අධිකාරිය විසින් දැන්වීම් පලකරපු බව මේ ගැන දැඩි ලෙස ප්‍රශ්න කළ විට මාධ්‍ය වලට උත්තර දෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර තහවුරු කළා. මිශ්‍ර සංවර්ධන ව්‍යපෘති සඳහා කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් 03ක් ලබාදීම සඳහා මෙමගින් දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇත.

    මෙම ප්‍රවෘත්ති අනුව කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ නො.12 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, නො.38 දරන අංකයේ පිහිටි මහජන බැංකු රැජිණ ශාඛාව පිහිටි ස්ථානය හා නො. 40 දරන සතොස ගබඩා සංකීර්ණය මේ ව්‍යාපෘති සඳහා ලබාදීමට යෝජනා කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය පිහිටි භූමියේ පදනම් වටිනාකම රුපියල් බිලියන 3.7 ක්, මහජන බැංකු ශාඛාව පිහිටි ඉඩම පදනම් වටිනාකම රුපියල් බිලියන 1.3 ක් හා සතොස ගබඩා සංකීර්ණය පිහිටි ඉඩමේ පදනම් වටිනාකම රුපියල් බිලියන 1.6 ක් ලෙස අධිකාරිය ඇස්තමේන්තු සකස් කර ඇත.

    කෙසේ වෙතත් මෙම ඉඩම්වල ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී ඇත්තේ මාසයක කාලයක් පමණකි. මේ අතර දැනටමත් සෙලෙන්දිවා ආයෝජන ව්‍යාපෘති මගින් ද විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල, හිල්ටන් හා ග්‍රැන්ඩ් ඔරියන්ට් හෝටලය ඇතුළු කොළඹ නගරයේ වටිනා දේපොළ ගණනාවක්ම ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීමට යෝජනා ඉදිරිපත් වී තිබේ.

    මේ පිළිබඳව නියමුවා පුවත්පත් වල පලකර තිබුණ පහත සිරස්තල යටතේ ඇති ලිපි වල මේ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන් වෙයි;

    ”වරාය විකිනිමෙන් කොමිස් ගිලදැමු වංචනිකයා, මහින්ද සමරසිංහ දේපළ වෙන්දේසි කිරීමට නැවතත් ඉදිරියට..!”

    ” ඵම් සී සී” ගිවිසුම වක්‍ර ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට පසුතලය කූඨලෙසින් සකස්කරනා වංචනික මෙහෙයුම නැවතත් ක්‍රීයාත්මකයි ..!

    ReplyDelete
  8. ඉකොනො, ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් ඇතිවිය හැකි බව මේ ප්‍රවෘත්තියේ සඳහන්.

    https://bit.ly/39nDET4

    මේ ලංකාවේ ආණ්ඩුවේ අදූරදර්ශී තීරණ නිසා ලංකාවට ඉක්මනින්ම ඉතාමත් භයානක විදුලි බල හා බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව සිතිය හැකියි. මේ සම්බන්ධයෙන් රජයේ පාලනය මීට වඩා වැඩි කළ යුතුයි කියලා හිතෙනවා මට නම්.

    ReplyDelete
  9. යුදගනව් විකිනිල්ල විදේශ ආයෝජන කැඳවා ගැනීමක්ද? ඩොලර් හොයාගන්න විකුනපු විකිනිල්ලක්ද? දෙපාර්ශවයටම වාසි ගනුදෙනුවක්ද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ නිවු ෆෙට්‍රොස් නැමැති සමාගමකට ලංකාවේ යුගදනව් විදුලි බලාගාරයෙන් කොටස් පවරා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී ඇති අතර සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් රැසක් වාර්තා කරන්නේ මෙම යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

      කෙරවළපිටිය යුගදනවි Diesel, Fuel oil බලාගාරය එල්. එන්. ජී. විදුලි බලාගාරයක ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමරිකන් සමාගමකට පැවරීම පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර සමාජවාදී පක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්‍ෂ අතර ඊයේ පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් විය.

      මෙම සාකච්ඡාවට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ ද තවත් ඇමැතිවරුන් රැසක් ද එක්වී තිබේ.

      මෙහිදී හවුල්කාර සමාජවාදී දේශපාලන පක්‍ෂවල නායකයන් බලාගාරයේ සියයට 40 ක කොටස් ඩොලර් million 250 - 300 කට ඇමරිකානු නිව් පෝර්ට්රස් සමාගමට ලබාදීම තුළින් උද්ගතවන තත්ත්වයත් එයින් ඇතිවන ආර්ථික අවාසි ගැනත් රටට සිදුවිය හැකි අනර්ථයන් පිළිබඳවත් විදුලිබල ක්‍ෂේත‍්‍රයේ පවතින විවිධ මත පිළිබඳවත් කරුණු දක්වා තිබේ.

      මෙහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ කියා සිටියේ සමාගමට පවරා ඇත්තේ බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් බවත් ආණ්ඩුවට හිමි බලය තුළින් රටට වාසි රැසක් අත්වන බවත්ය. මෙම සමාගමට පැවරීමෙන් විදුලිබල ක්‍ෂේත‍්‍රයට වගේම ආර්ථිකයට ද වැඩි වාසි පවතින බවද ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

      මෙහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ දෙපාර්ශ්වයේම කරුණුවලට මධ්‍යස්ථව සවන් දුන් බවද පක්‍ෂ නියෝජිතයෙක් ‘දිවයින’ට පැවසීය.

      බලාගාරය පැවරීම තුළින් රටටත් ආර්ථිකයටත් ඇති බලපෑම් පිළිබඳ හවුල්කාර පක්‍ෂ දිගින් දිගටම කරුණු දැක්වූ නමුත් මුදල් ඇමැතිවරයා ඇතුළු තවත් ඇමැතිවරුන් රැසක් එහි කොටස් පැවරීම වාසිදායක බවට තර්ක කර තිබේ.

      සමාගමට කොටස් පැවරීම අත්හිටුවීම හෝ නැවත ගිවිසුම අවලංගු කිරීම පිළිබඳව මෙහිදී කිසිදු තීරණයකට එළැඹ නොමැත. කෙසේ වෙතත් තවදුරටත් සාකච්ඡා කිරීමට මෙහිදී එකඟ වී ඇතැයි ද වාර්තා වෙයි.

      මෙහිදී මාධ්‍ය වෙත කරුණු දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා ‘අපි අපේ මතය ඉදිරිපත් කළා මුදල් ඇමැති ඔහුගේ මතය කිව්වා. අගමැති මධ්‍යස්ථව කටයුතු කළා. අපි ජනාධිපතිතුමා පැමිණි පසු යළි සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ මතය ඇතුළත් කර පක්‍ෂ නායකයන් කිහිපදෙනකු අත්සන් කර ජනාධිපතිතුමාට ලිපියක් භාර දෙනවා‘ යැයි ද කීය.

      මෙම සාකච්ඡුාවට හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, ඇමැතිවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා හා මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ යන නායකයන් හා පක්‍ෂ නියෝජිතයන් කිහිප දෙනෙක් ද ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් ද සහභාගි වී ඇත.

      Delete
    2. මෙම ගිවිසුම අත්සන් කළ පසු තමාගේ වෙළෙඳ අධිරාජ්‍යය නඩත්තු කර ගැනීමට ප්‍රසිද්ධියේ ඕනම හිරිකිත වැඩක් කරන කිසිසේත්ම විශ්වාස කළ නොහැකි ගෝලීය දේශපාලන බලය වෙනුවෙන් ඕනෑම තුච්ඡ ක්‍රියාවකට නොපැකිල තීන්දු ගන්නා ඇමරිකන් එක්සත් ජනපදය වැනි පහත් රටක දේශපාලන තීන්දු තීරණ අනුව ඇමරිකාව ගෑස් ලබා දීම නතර කළහොත් ලංකාවට විදුලිය නොමැතිව අන්ත අසරණ ලෙස අනාථ වන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර අනතුරු අඟවයි.

      එහෙයින් එම විනාශයට අත එසවීමට තමන් සූදානම් නොමැති බවත් ලංකාවේ විදුලිබල ඒකාධිකාරය ලෝක පොලිස් කාරයා ලෙස ලොවපුරා රටවල් වලට අමන ලෙස විවිධ අයුතු බලපෑම් කරන එක රටකට ගිය පසු ශ්‍රී ලංකාව (දැනට ඉන්දීය අත් අඩංගුවේ මෙන් සිටින) නේපාලයේ තත්ත්වයට ඇද වැටෙන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසුවේය.

      යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමරිකානු සමාගමකට ලබා දීමේ ගිවිසුම පිළිබඳ අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවට පසු ඔහු මෙසේ පැවසුවේය.

      Delete
    3. උඩ කමෙන්ට්ස් දෙක මකල දාල ඉකොනොගෙ උත්තරේ මෙතන ලියන්න බැරිද? මේ වගෙ වැඩකට නැති දිග කමෙන්ට්ස් මකන්න කියල මම යෝජනා කරනව.
      කමෙන්ට්ස් වල සිදුකරන සාකච්චාව අල කිරීම විතරයි මේ කමෙන්ට්ස් වල අරමුණ

      Delete
    4. මේ ගැන ජවිපෙ නායක අනුර කුමාර සහෝදරයා හොඳ පැහැදිලි කිරීමක් කරනවා, යුදගනව් විකිනිල්ල විදේශ ආයෝජන කැඳවා ගැනීමක්ද ඩොලර් හොයාගන්න විකුනපු විකිනිල්ලක්ද මේකෙන් බලන්න පුලුවන්;

      https://www.youtube.com/watch?v=eNzCyTdt2AQ

      කෙරවලපිටිය විදුලි බලාගාර සංකීර්ණයේ ආයෝජක ඇමරිකා එක්සත් ජනපද නිව්ෆෝට්රෙස් සමාගම පවසන්නේ කෙරවලපිටිය විදුලි බලාගාරය සඳහා ස්වභාවික එල්.එන්.ජී. ගෑස් සැපයීමට මූලික ගිවිසුමකට දැනටමත් එළඹ ඇති බවයි.

      සමාගම් වෙබ් අඩවිය සඳහන් වන්නේ මෙම බලාගාරයේ නව නල පද්ධතියක් සහ ටැන්කි ස්ටෝරේජ් සිස්ටම් එකකින් එල්.එන්.ජී. ගෑස් ගබඩා කිරීම සහ සැපයීම සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

      දැනට මෙගාවොට් 300ක් වන මෙම බලාගාරයේ විදුලි උත්පාදනයට 2025 වන විට මෙගා වොට් 1,000 දක්වා වැඩි කිරීමට ද යෝජිත බව ඔවුන් මෙන්ම ආණ්ඩුවත් කියනවා.

      https://www.businesswire.com/news/home/20210708005924/en/New-Fortress-Energy-and-Government-of-Sri-Lanka-Sign-Agreement-for-LNG-Terminal-and-Gas-Supply-to-Power-Plants

      මම හිතන්නේ මේක ආණ්ඩුවට ඇමරිකානු එක්සත් ජනපදයෙන් ආපු දේශපාලන පීඩනය සහ බලපෑම් නිසා, අනික් පැත්තෙන් මේවා නොකලොත් ටික දවසකින් ලංකාවේ ආණ්ඩු පෙරලයි ඇමරිකන් කාරයෝ. මේ කියන නිව් ෆෝට්‍රස් ආයතනය ඇමරිකන් ජනපති බයිඩන් හෝ ඩිමොක්‍රටික් පක්ෂයේ ආධාරකාර ගජමිතුරු ව්‍යාපාරිකයන්ට අයිති එකක් වෙන්න ඇති බොහෝ දුරට එහෙමනේ ඇමරිකන් එක්සත් ජනපදයේ වෙන්නෙ, දැඩි ලෙස දේශපාලනීකරණය වෙච්ච රටක් නිසා.

      Delete
  10. වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අනිවාර්ය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා සඳහන් කරයි.

    රටට ජනතාවට එරෙහිව පාර්ලිමේන්තුවේ යම් යම් කටයුතු සිද්ධ වෙද්දී පාර්ලිමේන්තුව තුළ ඊට විරුද්ධව යමක් සිද්ධ නොවෙන නිසා මහජන උද්ඝෝෂණ විරෝධතා අත්‍යවශ්‍ය සේවාවක් කළ යුතු තත්ත්වයකට පැමිණ ඇතැයිද ඔහු පැවසීය.

    ඔසු මේ බව කියා සිටියේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න බලන්න.

    ReplyDelete
  11. Econo, I have question regarding "money printing". Dhammika Perera has recently mentioned that "money printing" or increasing money supply is ok in the instances where the Government Revenue is low. This in my view is false as what ever the Government Revenue, when money is printed it would ultimately go to the public hands and that would be inflationary. This can be done in relation to currencies that are reserves, though that is also done in the instances of recession and not while government revenue is low. can u please explain.

    ReplyDelete
    Replies
    1. I am not sure what is the context or rationale of DP's argument. Your understanding is correct, in general. As you say, it is customary to print money during a recession to boost the economy, based on Keynesian views. At the same time, government revenue drops during a recession due to shrunken tax bases and expenditure rises due to increased welfare costs, again due to increases in bases, thus creating a budget deficit or expanding it if is has already been a deficit. So, effectively, the money supply is increased when government revenue is low, simply because it happens during a recession. During a recession, aggregate demand is low, production is below capacity as a result and prices are low causing deflation or very low levels of inflation. (All these are true for a capitalist country but not necessarily for Sri Lanka). In such an environment, money printing, though inflationary, is not harmful. New money added causes prices to increase by encouraging people to spending thus boosting the aggregate demand which ultimately increases supply to capacity. Inflation will reach a normal level from its lows. All this logic work if the economy has underutilized capacity and that is because of insufficient demand for goods and services. If not, only the money supply will increase pushing the aggregate demand but not the supply, thus causing high levels of inflation.

      Delete
    2. Economatta,

      Almost all Sri Lankans except government officials believes that inflation might arise once the GoSL (CBSL) increases the money supply, or print more money in simpler terms. By the way, the inflation rise only if people utilize money for excessive consumption, mostly imported consumer goods (and services).

      However, the Central Bank of SL provides dollars obtaining rupees in return. That is what has happened in SL imo. It was the Central Bank that paid off this amount by using the reserves.

      For this reason, they had to issue Treasury Bills in order to avoid impacts on money circulation isn't it?

      ඒ වගේම දැනට මාස දෙකකට විතර කලින් අලුත් මුදල් ඇමති ලෙස පණත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ ලංකාවේ ආර්ථිකය ගැන පැහැදිලි කිරීමට ලංකාවෙ ප්‍රසිද්ධ කවියක් ද යොදාගෙන ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර ඉතාම මැනවින් පැහැදිලි කළා ඔබ දකින්නට ඇති. එදා බැසිල් ඉදිරිපත් කළ වනේ ගිජිඳාය කවියේ සම්පූර්ණ අර්ථය ගැන සාකච්ඡා කිරීමෙන් ලංකාවේ අර්බුදයේ ගැඹුරද අපට හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වෙයි නේද? ඒ ගැන ඔබේ අදහස් මොනවා ද?

      Delete
  12. ලංකාවේ මේ වනවිට ආර්ථිකයේ ඇති අර්බුදය ගැන මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ අදහස් කවියක් ඇසුරින් පාර්ලිමේන්තුවට පැහැදිලි කළ අතර ඒ "වනේ ගිජිඳාය .... මරණ තුනක් ඇති ගොයියෙක් පැණි කෑය" කියන කවිය හරහායි.

    ඒ අනුව රාජපක්ෂලගේ අදහසේ හැටිය ලංකාව හරියට මහා ඝන වනාන්තරයක වල්මත් වී අන්ත අසරණ වූ අනාථ මනුස්සයෙක් වගේ. මෙහෙම අසරණ වූ ඔහුට මදකිපුනු තනි අලියෙක් මුහුණට මුහුණ හමු වෙනවා. කෝප වූ තනි අලියා මනුස්සයා පසුපස වේගයෙන් එළවාගෙන එනවා. මේක හරියට ලංකාවට ගෙවන්නට තිබෙන ණය කන්දරාව වගෙයි.

    ලංකාව අවුරුදු හතළිස් එකකට වඩා කාලයක් තිස්සේම ලෝකය පුරා සිටින විවිධාකාර ආයෝජකයන්ගෙන් ඩොලර් බිලියන ගණනක් වසර ගණනක් ණයට අරන්, ඉන් 90% ප්‍රතිලාභ නොලැබෙන ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමට, සහනාධාර සහ අකාර්යක්ෂම රජයේ අධික වියදම් වෙනුවෙන් නාස්ති කර තියෙනවා. මින් ඉතිරි 10% පමණ රජයට ප්‍රතිලාභ සෘජුවම ලැබෙන ප්‍රාග්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් ඉන් බොහොමයක් (නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය, මන්නාරම සුළං බලාගාරය වැනි විදුලි බල ව්‍යාපෘති, රටපුරා පුළුල් මාර්ග පද්ධතිය, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ආදියෙන් රජයට විශාල වශයෙන් ආදායම් වැඩි වීම සහ ආනයනික ඉන්ධන, අමතර කොටස් ආදී  වියදම් අඩුවීම නිසා සෑහෙන්න ප්‍රතිලාභ සෘජුවම ලැබී ඇති බවත් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. නමුත් විශාල රජයක් නඩත්තු කරමින් අනෙක් පුනරාවර්තන වියදම් වැඩි වීම නිසා ලංකාවම නිර්මාණය කරගත් ණය අර්බුදය දැන් ලංකාව පසුපස එන්නේ හරියට මද කිපී කෝප වී සිටින අලියෙක් මිනිහෙක් පසුපස එන ආකාරයටයි. ලංකාවේ ආර්ථිකය දුර්වල නිසා නැවත වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීමටත් අපහසුයි. සියලුම ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ලංකාවේ ණය ගෙවීමේ ශ්‍රේණිය පහත දමා ඇති අතර මේ ගැන රාජපක්ෂ/ කබ්රාල් කණ්ඩායමේ මතය අනුව මේ මද කිපුනු තනි අලියාගෙන් ගැලවෙන්නට තිබෙන එක ක්‍රමයක් වන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමයි. ණය ගෙවීම පැහැර හැරියොත් ලංකාව අන්තර්ජාතික වශයෙන් බංකොළොත් රටක් වීමෙන් අන්තර්ජාතික ගනුදෙනු සියල්ල නැවතීමේ අවදානමක් තිබෙන බව කබ්රාල් දරන මතයයි. එසේ වුවහොත් බරපතල කොවිඩ් වසංගත තත්වයක් මැද බෙහෙත් වර්ග, අත්‍යවශ්‍ය භාණ්ඩ, ඛනිජ තෙල් වැනි කිසිවක් ගෙන්වා ගැනීමට නොහැකි හුදෙකලා රටක් වීමේ අවදානමක් තිබෙනවා.

    මේකට රාජපක්ෂ සොලූෂන් එක:

    මේ වෙලාවේ රාජපක්ෂ කබ්රාල් කණ්ඩායමේ මතය අනුව එක විසඳුමක් ණය ප්‍රතිව්‍යූහගත කිරීමයි. නමුත් කබ්රාල්ට අනුව එය ඉතාමත්ම වේදනාකාරී ක්‍රියාපටිපාටියක්. ඒ වගේම රටේ කීර්තිනාමයටත් හානියක් සිදුවෙනවා. වසර ගණනක් නීති කටයුතු දික් ගැස්සෙන කේවල් කිරීම් ගණනාවක් සිදුකිරීමට සිදුවෙන ක්‍රියාවලියක්. නමුත් රටක් බංකොළොත් වීමෙන් ඇතිවන වේදනාවට වඩා එම වේදනාව අවම බව කබ්රාල් මතයයි. ඒ සඳහා චීන එක්සිම් බැංකුව හෝ IMF මූල්‍ය අරමුදල වගේ මූල්‍ය ආයතනවල සහය ලබා ගත යුතුයි. කබ්රාල් IMF එකට යාමට මැලි වන අතර මේ ගැන ධම්මික පෙරේරා වැනි අය කියන්නේ ඕනෑම අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට විශ්වාසය ඇතිකළ හැකි එකම අන්තර්ජාතික ආයතනය IMF මූල්‍ය අරමුදල බවත් එම ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ වී තිබෙන්නේත් එයම බැවින් අප එය භාවිතා කළ යුතුයි කියලා. මේකෙදි කවුද හරි?

    කොහොම හරි මොන ජාතියෙන් හරි කළත් එම විසඳුම හරියට කෝපවී වී අප පසුපස එළවන තනි අලියාගේ වේගය තරමක් අඩු කිරීමක් වගේ. නමුත් එහි තේරුම අප සම්පූර්ණයෙන් තනි අලියාගෙන් පහර කෑමේ අවදානමෙන් මිදුණා කියන එක නොවෙයි. එහි තේරුම අලියාගේ වේගය තරමක් අඩුවීමෙන් අපට ටිකක් වේගයෙන් ඉස්සරහට දුවන්නට වැඩි කාලයක් ලැබීම පමණක් බවයි මට තේරෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. ඊළඟට "ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය" - රජයේ දේශීය ණය ගෙවීමට පොලී අනුපාත අඩුකිරීමෙන් ඇතිවූ විදේශ විනිමය අර්බුදය ගැනයි.

      කවියේ දෙවැනි පදයේදී තනි අලියාගෙන් බේරීමට දුවන මනුස්සයා ළිඳකට පනී. ඒත් පනින්න සැරසුණු ඔහුට එකවරම පෙනෙන්නේ ළිඳේ වතුර නැති බවත් ළිඳ පතුලේ විශාල නාගයෙක් පෙනය පුප්පාගෙන ඉන්නා බවයි. ඒ සමගම ඔහු එක වරම එයින් බේරීමට ළිඳ ඇතුළට එල්ලෙන වැල්පොටක් අත්දෙනික් අල්ලා ගෙන ළිඳට වැටීමෙන් වැළකෙයි. දැන් ඔහු සිටින්නේ වැල්පොටවල් දෙකකින් එල්ලෙමින් ළිං බිත්තියේ. ළිඳ පාමුල තනි අලියා මොරදෙමින් කේන්තියෙන් බලා සිටියි. බේරීමට ළිඳට පැන්නොත් වතුර නැති නිසා එක්කෝ වැටී මියයයි. නැත්තම් නයා දෂ්ට කිරීමෙන් මියයා හැකියි.

      මේක හරියට ණය අර්බුදයෙන් ගැලවීමට ලංකාවෙ විදේශ සංචිත භාවිත කරමින් දිගටම ණය ගෙවූ නමුත් දැන් සංචිත අඩුවීම නිසා අපේ සංචිත ප්‍රමාණවත් වන්නේ සති කිහිපයක ආනයන සඳහා පමණක් වීම වගේ. මෙයින් ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල තවත් පහළට වැටීමේ විශාල අවදානමක් වගේම දේශීය ණය සඳහා විශාල පොලියක් ගෙවීමට අප විශාල කාලයක් කෘත්‍රිමව පොලී අනුපාත අඩු කරගෙන සිටිනවිට සිදුවුණේ ලංකාවෙ ආර්ථිකයේ අති විශාල කොටසක් ආනයන අඩංගු වන නිසා, ආනයන තවත් වැඩි වීමෙන් අපට තිබූ විදේශ විනිමය ටිකත් ශීඝ්‍රයෙන් වියදම් වී යාමයි. කෘත්‍රිම ලෙස පොලී අනුපාත පහළ තබා ගැනීමට විශාල ලෙස මූල්‍ය පද්ධතියට මුදල් එකතු කරනු ලැබුවා. එම නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල ලෙස අවප්‍රමාණ වුණා. මහ බැංකුව සතුව සංචිත නොමැතිවීමෙන් සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් විනිමය අනුපාත පාලනය ද ගිලිහී ගියා. විශාල ලෙස ආනයන ලංකාවට අවශ්‍ය නිසා ආනයනය කරන භාණ්ඩ බොහොමයක, එනම් ඛනිජ තෙල්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් වර්ගවල මිල මෙන්ම සෞඛ්‍ය වියදම ද වැඩි වුණා. එය හරියට මද කිපුනු තනියගෙන් බේරීමට ළිඳට පැනීමෙන් ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරීමක්. කලින් බේරීමට තිබුණේ අලියෙක්ගෙන් විතරක් නමුත් දැන් අලියා සහ නයා දෙන්නෙක්ගෙං බේරිය යුතුයි.

      මීට රාජපක්ෂ කබ්රාල් විසඳුම : බැංකු පොලී අනුපාත මහ බැංකුව තරමක් දුරට ඉහළ දමනු ලැබූ නමුත් පවතින තත්ත්වය අනුව එය තවදුරටත් ඉහළ දමමින් මූල්‍ය පද්ධතිය තරමක් තද කිරීම හැර වෙන ක්‍රමයක් ඉතුරු වී නෑ. විශාල පොළී අනුපාත පැවතීම කිසිම ආර්ථිකයකට සුදුසු කටයුත්තක් නොවෙයි. නමුත් අලියාගෙන් ගැලවීමට සාපේක්ෂව සහ නයාගෙන් මිය යාමට සාපේක්ෂව එය අඩු වේදනාකාරීයි. පොලී අනුපාත වැඩි කිරීමේදී ආර්ථික වර්ධන වේගය අඩු වීම සහ ව්‍යාපාර මගින් ඔවුන්ගේ වියදම් සීමා කිරීම නිරායාසයෙන්ම සිදුවනවා. ඒත් පවතින විදේශ විනිමය අර්බුදයෙන් ගැලවීමට පවතින ක්‍රමයම කරගෙන යන එක ඊටත් වඩා අමාරුයි.

      මීට අමතරව මෙම ප්‍රශ්නයෙන් දීර්ගකාලීනව ගොඩ ඒමට ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම නැවත අවධාරණය කළ අතර පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දැමීම හෝ පුද්ගලීකරණය කිරීම, නිසි පරිදි ආයෝජනය නොකරන රාජ්‍ය වත්කම් පුද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීම එවැනි ක්‍රම කිහිපයක්. යුගදනව් ඇතුළු වියදම් අධික ඩීසල් බලාගාර ආදිය පෞද්ගලික අංශයේ ආයෝජන හරහා ලාභදායී වායු බලාගාර බවට හැරවීම, තව PPP, BOT, BOOT ආදී පෞද්ගලික අංශයේ ආයෝජන, රාජ්‍ය අංශයේ දේපල පෞද්ගලික අංශයට පැවරීම වැනි දේවල් රාශියක් රාජපක්ෂ රෙජීමයේ ඉදිරි වසර දෙක තුන තුල දැකිය හැකි වෙයි. විපක්ෂයට හොඳ මාතෘකා රාශියක් ලැබෙනවා විරෝධතා උද්ඝෝෂණ වලට.

      Delete
    2. ඊළඟට "අතකින් කරවැලෙකි අතකින් දඬුබෑය" - ආණ්ඩුව ඩොලර් එක රු. 200 ට ස්ථාවර කිරීමට උත්සාහ කිරීමෙන් විනිමය ප්‍රශ්නය උග්‍රවීම

      අප ඉහත කී අලියාත් නයාත් අතර මරණ දෙකක සිරවී සිටින මිනිසා ඔහු අල්ලා සිටින එක වැල්පොටක් දිහා බලද්දී ඔහුට පේන්නේ වැල් පොට හසුවී ඇත්තේ තවත් විෂඝෝර කරවැල් සර්පයෙකුගේ බෙල්ලත් සමග බව. සර්පයා කේන්තියෙන් දඟලයි. අත බුරුල් කළොත් කරවැලා දෂ්ට කරයි. එක අතකින් වැටීමෙන් බේරීමට එල්ලුන වැල්පොට කරවැලාගේ බෙල්ල වීම සමාන කළ හැක්කේ රුපියලේ අගය අවප්‍රමාණ වීම වැළැක්වීමට රුපියල 200ට ස්ථාවර කිරීමට මහ බැංකුව ගත් උත්සාහයයි. ඩොලරයේ මිල කෘත්‍රීම ලෙස ස්ථාවර කිරීමෙන් සිදුවී ඇත්තේ ඩොලර් අතේ තිබෙන පුද්ගලයන් බැංකු වෙත ඩොලර් මුදා නොහැරීමයි. වෙළෙඳ පොළේ ඩොලර් අඩුවීමෙන් එයට එල්ලවන ඉල්ලුම වැඩි වීම නිසා සහ අස්ථාවර නිසා ඩොලර් තිබෙන ව්‍යාපාරිකයන් සහ ඩොලර්වලින් මුදල් උපයන කිසිවෙක් දැන් වෙළෙඳ පොළට ඩොලර් නිකුත් කිරීමක් සිදු නොකරයි. එම නිසා මෙතෙක් කල් වැඩිවෙමින් පැවති ප්‍රේෂණ ද දැන් අඩු වෙමින් පවතී. එමගින් මූල්‍ය පද්ධතියේ තිබුණාටත් වඩා ඩොලර් හිඟ වීමෙන් තත්ත්වය තවත් උග්‍රවේ. එමගින් බෙහෙත්, අපනයන සඳහා අවශ්‍ය ආනයන, වාහනවල අමතර කොටස් ඇතුළු ආර්ථිකය පවත්වා ගැනීමට අවශ්‍ය මූලික භාණ්ඩවත් ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති වේ. අපනයන සඳහා අවශ්‍ය ආනයන නොමැති වීමෙන් අපනයන වෙළෙඳ පොළ ද කඩා වැටිය හැකිය. දැන් අලියාගේත්, නයාගේත්, කරවැලාගේත් මරණ තුන අතර මිනිහා දෝලනය වෙයි.

      මේකට විසඳුම :

      රාජපක්ෂ රෙජීමය එතරම් අකමැති වන නමුත් විදේශ විනිමය අනුපාත නිදහස් වෙළෙඳ පොළ අගය ලබා ගැනීමට අවස්ථාව දිය යුතුම දෙයක්. වෙළෙඳ පොළේ ඩොලර් නොමැති නම් ඩොලරයක් රු.203ක් හෝ 205 ක් ලෙස නිවේදනයක් නිකුත් කිරීමෙන් පමණක් කිසිම තේරුමක් නෑ, ඒකෙන් ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය තවත් බිඳ වැටේවි. ඒ නිසා ඩොලරයට වෙළෙඳ පොළ අගය ලබා ගැනීමට අවස්ථාව දුන් විට අතේ ඩොලර් සඟවාගෙන සිටින අය නිරායාසයෙන්ම වැඩි මිලක් ලැබෙන නිසා ඩොලර් මූල්‍ය පද්ධතියට මුදා හරියි. නමුත් එවිට ඩොලරයේ වටිනාකම රු. 270- 300 වැනි ඉහළ අගයකට යාම වැළැක්විය නොහැකියි. එමගින් රටේ සියලුම භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම, අධික ලෙස උද්ධමනය වැඩිවීම සිදුවීම ද වැළැක්විය නොහැකියි. කෙටි කාලීනව බරපතල තත්වයක් ඇති වෙන නමුත් එමගින් දිගුකාලීනව සමස්ත ආර්ථිකයට සිදුවන වේදනාව අඩුයි. නමුත් නැවතත් ලංකාවෙ මූල්‍ය පද්ධතියේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීම අනිවාර්යයි.

      මේ ගැන ලංකාවේ විවිධ ආර්ථික විශේෂඥයින්, විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් යෝජනා කරන්නේ ස්වාධීන ජාතික ණය කාර්යාලයක් පිහිටුවීම, මහ බැංකුවට අනවශ්‍ය ලෙස මූල්‍ය පද්ධතියට මුදල් නිකුත් කිරීම සහ පවතින රජයන්ට මහ බැංකුවට එලෙස බලපෑම් කිරීමට නොහැකි ලෙස ආයතනික ව්‍යූහය සැකසීම වැනි දැවැන්ත ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි. මේවා කරන්න පුළුවන් ද දන්නේ නැහැ නේද? මම හිතන්නේ රාජපක්ෂ රෙජීමය නම් කොහොමවත් මේවා නම් කරන එකක් නැහැ කියලා.

      Delete
    3. ඊළඟට "මරණ තුනක් ඇති ගොයියෙක් පැණි කෑය" - මෑතදී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ සක්‍රීය වීම සහ ස්වයංපෝෂිත වීම පිළිබඳ මිථ්‍යා මත

      උඩදි කියපු එක් අතකින් කරවැලෙක් සහිත වැල්පොට අල්ලාගත් මිනිහාට පහතින් පෙනෙන්නේ ළිඳ පතුලේ පෙණය පුප්පන නයායි. ළිඳේ ඉහළින් සිටින්නේ කේන්ති ගිය තනි අලියායි. හරියටම ලංකාවේ ආර්ථිකය වගේමයි. ඇත්තටම ලංකාවේ ආර්ථික අර්බුදය ඊටත් වඩා භයානක විදියට ඛේදනීයයි. එක් අතකින් විදේශ ණය අර්බුදය, අනෙක් අතින් විදේශ විනිමය අර්බුදය, තවත් පසකින් විදේශ විනිමය හා සම්බන්ධ වුණු ජීවන වියදම් භාණ්ඩ මිල ඉහළ යාම සහ සෞඛ්‍ය අර්බුදය වැනි මරණ ගණනාවක් අතර සිරවී සිටින ගොයියා වගේමයි අපේ ආර්ථිකයත්. නමුත් එක් අතකින් කරවැල් සර්පයෙක් අල්ලං හිටියත්, අනිත් වැල්පොටෙන් එහි තිබූ මී වදයක් පොඩි වීම නිසා ඔහුගේ අත දිගේ මී වදය පොඩි වීමෙන් මීපැණි හෙමින් වැක්කෙරෙනවා, එවිට මිනිහා මරණ තුනක් මත සිටියත් මීපැණිවල රස බලන්නාක් මෙන් සමහර අවස්ථාවල ආර්ථිකයේ ධනාත්මක ආරංචිද ලැබෙනවා. පහුගිය කාලේ ලංකාවේ කොටස් වෙළෙඳ පොළ සක්‍රීය වීම, මාසික අපනයන ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා යාම ඉන් ප්‍රධාන දේවල්. නමුත් වැල්පොට දෙකේ එල්ලී සිට මීපැණි කෑමෙන් මරණ තුනෙන් මිනිසාට ගැලවිය නොහැකි ලෙස එවැනි සිද්ධීන්වල ධනාත්මක බවින් ලංකාවේ ආර්ථික ප්‍රතිසංකරණ කිරීමට ඇති අවශ්‍යතාව අමතක නොකළ යුතුයි.

      එමෙන්ම මීපැණි මෙන් මිහිරි ඇතැම් සමාජවාදී ස්වයංපෝෂිත ආර්ථික ක්‍රම වැනි යල් පැන ගිය ආර්ථික සංකල්පවලට කොටුවීමෙන් අප සිටින්නේ මරණ තුනක් අතර බව අමතක නොකළ යුතුයි. ඒ නිසා කෙටිකාලීනව මීපැණි රස විඳිමින් මරණ තුනක් අතර එල්ලී සිටිනවාට වඩා ලංකාව කළයුතු වන්නේ දිගු කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට ගැනීමයි. එවිට පසුව නිදහසේ මීපැණි කෑ හැකි නිසා මරණ තුන මත සිට කිසිම දෙයක් නොකර වැල් පොට දෙකේ එල්ලී කෙටිකාලීන SWAP මුදල් හුවමාරු මත යැපෙන ගමන් මීපැණි රහට ඇබ්බැහිවීමෙන් වෙන්නේ සිතනවාට වඩා අලියාත්, නයාත්, කරවැලාත් ඉක්මනින් පැමිණීමයි. අප අල්ලා සිටින වරපොටත් ක්‍රමයෙන් බුරුල් වේ. මේ නිසා ආර්ථික ප්‍රතිපත්ති නැවත නැවතත් විමසා බලා ක්ෂණිකව ක්‍රියාකර අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කළ යුතුයි. මේ සඳහා අප රාජපක්ෂ රජයට දැඩි බලපෑමක් එල්ල කිරීම අත්‍යවශ්‍යයි.

      Delete
  13. මේ බස් හිමියා කියන දේවල් ගැන බස් කර්මාන්තය නැංවීම සම්බන්දෙන් ඔබ එකඟද?
    https://youtu.be/AUQZrTUQrdk

    ReplyDelete
  14. ආර්තික විද්‍යාව සහ ප්‍රායෝගික පැත්ත පිකිබඳ ප්‍රශ්න කීපයක් තියෙනව.
    1.පොදු ප්‍රවාහනය කියන්නෙ ආර්තික විද්‍යාත්මකව ගත්තොත් පොදු භාන්ඩයක්/සේවාවක් නෙමෙයි නේද?
    2.දියුනු රටවල බස්ගාස්තු තීරනය කරන්නෙ වෙලඳප්ල මගින්ද? නැතිනම් රජය මගින්ද? මම හිතන්නෙ බස් රූට් කම්පැනිවලට වෙන්දේසි දුන්නත් ගාස්තුව තීරනය කරන්නෙ රජය විසින්.
    3.දියුනු රටවලත් පොදු ප්‍රවාහනය සබ්සිඩෛස්ඩ් කරල නේද දුවන්නෙ?

    ReplyDelete
    Replies
    1. 1. ආර්ථික විද්‍යාවේදී යමක් පොදු භාණ්ඩයක් සේ සැලකෙන්නේ පරීක්ෂාවන් දෙකක් මත. පළමුවැන්න පරිභෝජනය කරන්නන් කිසියම් ක්‍රමයකින් "වෙන් කළ නොහැකි" වීම හෝ එසේ කිරීම ප්‍රායෝගිකව ඉතා අසීරු වීම. උදාහරණයක් විදිහට ඔක්සිජන් වැනි දෙයක්. දෙවැන්න එක් අයෙකු පරිභෝජනය කිරීම නිසා වෙනත් අයෙකුට පරිභෝජනය අහිමි නොවීම. මේ නිර්ණායක දෙකටම අනුව පොදු ප්‍රවාහනය පොදු භාණ්ඩයක් නෙමෙයි.
      2. මෙය පොදුවේ කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇතැම් දියුණු රටවල බස් ගාස්තු තීරණය කරන්නේ රජයෙන් විය හැකියි. මම මේ ගැන සංසන්දනාත්මක හැදෑරීමක් කර නැහැ.
      3. බොහෝ විට යම් සුබසාධනය කිරීමක් සිදු වනු දැකිය හැකියි. බස් ගාස්තු රජයෙන් නියම කරනවා වෙනුවට සුබසාධන අරමුදල් සැපයීම හරහා වක්‍රව මිල සමතුලිතතාවය වෙනස් කිරීමකුයි බොහෝ විට වෙන්නේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: