Sunday, February 21, 2016

"රනිල් කියන ගොනා ගොනා -ගොන් පණතක් ගෙනා ගෙනා"


ඒ 1981 වසරේ කිසියම් දිනයකි. කාලගුණය පැහැබරය. එවකට මා ඉගෙනුම ලබමින් සිටියේ පාසැලේ කනිෂ්ඨ ද්වීතියික පන්තියකය. එදින උදේ මා පාසැලට පැමිණෙන විට පාසැලේ වෙනදා නොතිබෙන කිසිදු කලබලකාරී කමක් පෙනෙන්නට නොතිබුණේය. මම කෙළින්ම අපේ පන්තියට ගියෙමි.

පළමු කාල පරිච්ඡේදය සාමාන්‍ය පරිදි අවසන් විය. ඉන් පසුව ඇත්තේ දෙවන කාල පරිච්ඡේදය ආරම්භ වීමට පෙර පන්තිභාර ගුරුවරයා පැමිණ නම් ලකුණු කිරීම සඳහා වෙන්වූ විනාඩි පහක කාලයයි. කිසියම් හේතුවකින් ඔහුගේ පැමිණීම ප්‍රමාද වෙමින් පැවතුණේය. අපේ පන්තිය ඉදිරියෙන් උසස්පෙළ පන්ති වල උගත් සිසුන් සැලකිය යුතු පිරිසක් ඇවිදගෙන යති. ඔවුන් යන්නේ පාසැල් පිට්ටනිය දිශාවටය. මෙය තරමක් අසාමාන්‍ය දසුනකි.

"ස්ට්‍රයික් කරන්න යන්නේ..."

ඒ මගේ පන්ති සගයෙකි.

"අපිත් යමුද?"

මා මේ කාලයේදී පන්තියේ දීප්තිමත් සිසුවෙකු වුවද, නසරානි වැඩ වලදී පෙරමුණ ගැනීමට එය බාධාවක් කොට නොසැලකුවෙමි.

"ගිහිං බලමු!"

අපි වහවහා අපට ඉදිරියෙන් ගිය දෙතුන් සියයක වැඩිහිටි සිසු කණ්ඩායම හා එක් වූයෙමු. අපේ ගමනාන්තය වූයේ ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටි පාසැල් පිට්ටනියයි.

ටික වෙලාවකින් මේ කණ්ඩායම තවත් විශාල විය. එහෙත්, එහි එක්රැස්වී සිටි දික්කලිසං අයියලා අතර අප වැනි කොටකලිසං මල්ලිලා හිටියේ ඉතා සුළු පිරිසකි. මෙයින් වසර හත අටකට පසු සිදු වූ අයුරින් පහළ පන්තිවලට රතිඤ්ඤා විසිකර සිසුන් පන්ති වලින් එළියට ගැනීමක් සිදු නොවුණු නිසා අපට මෙන් ලොකු අමාරුවක් නොතිබුණු අනිත් කොටකලිසං මල්ලිලාට පිට්ටනියට පැමිණීමට අවශ්‍යතාවයක් තිබුණේ නැත.

මේ කරන්නට හදන්නේ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි විරෝධතාවක් බව අපි වැඩි වෙලාවක් නොගොස් දැනගත්තෙමු. එහෙත්, මේ විරෝධතාව මෙහෙයවන නායකයෙකු හෝ නායක කණ්ඩායමක් පෙනෙන්නට නොසිටියේය. කිසියම් පත්‍රිකා වගයක් බෙදා හැරෙනු දැක මා වහාම එයින් එකක් ලබාගත්තේ තිබුණු
පත්‍රිකා ප්‍රමාණය රැස්ව සිටි සිසුන් ගණනට වඩා අතිශයින්ම අඩු බව ක්ෂණිකව අවබෝධ වූ බැවිනි. "අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ" කියා පටන්ගෙන රතු අකුරින් කොළේ දෙපැත්තේම මුද්‍රණය කර තිබුණු විස්තරයට අනුව "ධවල පත්‍රිකාව" නම් වූ උගුලක් අටවා රජය විසින් අපේ නිදහස් අධ්‍යාපන අයිතිය උදුරා ගන්නට ලෑස්ති වේ. දැන් මේ අප පන්ති කට් කර පිට්ටනියට රැස් වී සිටින්නේ ඒ අයිතිය රැක ගන්නටය.

ඉතිං අපි කෑගසන්නට පටන් ගත්තෙමු.

"රනිල් කියන ගොනා ගොනා -ගොන් පණතක් ගෙනා ගෙනා"

ටික වේලාවක් යනතුරු වැඩේ නැගලා ගියේය. පාරේ බස්රථ වල යන මඟීහු කවුළු වලින් ඔළුව දමා මේ වෙන දෙය බලති. අපට හෙණ ආතල්ය.

කෙසේවුවද, වැඩේ කණපිට හැරීමේ පළමු සලකුණ දිස්වන්නට වැඩි වෙලාවක් ගත නොවීය. අපේ විදුහල්පතිවරයා පිට්ටනිය දෙසට සීරුවෙන් පිය මනී. කිසිදු කලබල ගතියක් මුහුණේ නැත. වේවැල රඳවාගත් දෑත පසුපසට බැඳගෙන, බඩ ඉස්සරහට දමාගෙන ඔහු සුපුරුදු ලැසි ගමණින් විදුහල්පති කාර්යාලයේ සිට පිට්ටනිය ලෙසට ඇති තාර පාර දිගේ ඇවිදගෙන එයි.

මම වටපිට බැළුවෙමි. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක කවුරුත් කරන්නේ විදුහල්පතිවරයාට මුහුණ නොපෙන්වා හැකි ඉක්මණින් පංතියට දිවීම හෝ වැසිකිළිය වැනි වෙනත් ආරක්ෂක ස්ථානයක සැඟවීමයි. එහෙත්, එදානම් කිසිවෙකු එසේ කරන පාටක් පෙනෙන්නට තිබුණේ නැත. අපි ස්ට්‍රයික්නේ...මොකට බය වෙනවද? අධ්‍යාපනය රැකගන්නනේ මේ හදන්නේ...

විදුහල්පතිවරයා සිසුකණ්ඩායම ඉදිරියට පැමිණ සෘජුව හිටගත්තේය. සටන්පාඨ මොහොතකට නැවතිණි. දැන් ඔහු සිසුන් පෝලිම් ගස්වා වේවැලෙන් පහර බැගින් දී පන්ති වලට පිටත් කරනු ඇති බව මගේ සිත කියයි. මම තරමක් පස්සට වුනෙමි. දැන් කොහොමත් පරක්කු වැඩිය. අනික් අතට විදුහල්පතිවරයාගෙන් වේවැල් පහරක් ලැබීම ටිකක් 'ලොකු' දෙයකි. හරියට දේශපාලනඥයෙකුට රක්ෂිත බන්ධනාගාරගත වීමේ අවස්ථාවක් ලැබෙනවා වැනි වීරයෙකු වීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

"දැන් මොකක්ද මේ ළමයි මෙතන කරන්නේ?"

ඔහු යම් සිසුවෙකුගේ මුහුණ බලා මේ ප්‍රශ්නය ඇසූ බැවින් ඒ සිසුවාට පිළිතුරක් නොදී සිටීමේ හැකියාවක් තිබුණේ නැත.

"සර්, අපි ස්ට්‍රයික් කරනවා..."



මේ සිසුවාගේ හඬ ටික වේලාවකට පෙර සටන් පාඨ කියමින් කෑගැසූ තරම් තේජාන්විත නැත.


"ඇයි?"

"ධවල පත්‍රිකාවට විරුද්ධව"

"දැන් මොකක්ද ඔය ධවල පත්‍රිකාව කියන්නේ?"

එවරනම් සිසුවා නිරුත්තරය. විදුහල්පතිවරයා හිස ඔසවා සිංහයෙකු මෙන් සිසු කණ්ඩායම දෙස බලයි.

ගහන පාටක් පෙනෙන්නට නැති නිසා මම වෙන දේ හොඳින් බලාගන්නට ඉස්සරහට ආවෙමි.

"ඔය ධවල ප්‍රතිකාව කියන එකේ තියෙන්නෙ මොනවද කියල දන්න කවුරු හරි මෙතන ඉන්නවද?"

ඇත්ත නේන්නං...දන්නේ නෑනේ...වස ලැජ්ජාවයි. විදුහල්පතිවරයා ඇසූ ප්‍රශ්නයට පට් ගා උත්තර දී පොරක් වීමට බැරිවීම ගැන මට ඇති වූයේ මා ගැනම කණගාටුවකි.

"අඩුගානේ ඔය ධවල පත්‍රිකාව මොන පාටද කියල කවුරු හරි දන්නවද?"

ඒ පාරනම් මගේ අත ඉස්සෙන්නම ගියේය. ධවල කියන්නේ සුදු පාටනේ. එහෙමනං ධවල පත්‍රිකාව සුදු මිසක් වෙන පාටක් වෙන්න බෑනේ...

සියගණනක් සිසුන් අතරින් නිවැරදි පිළිතුර පළමුවෙන්ම දී ජයග්‍රාහකයා වීමට තිබුණු උවමනාව මම ක්ෂණිකව පාලනය කරගත්තෙමි.

නෑ. සුදුපාට වෙන්න විදිහක් නෑ. ඒ තරම්ම ලේසි ප්‍රශ්නයක්නම් ඕක ප්‍රින්සිපල් කවදාවත් අහන්නෙ නෑ. දැන් ඔය කළුගඟ කියල කිවුවට ඕකේ වතුර කළු පාටයැ?

සියගණනක කණ්ඩායමක් වුවද පිරිස මීයට පිම්බාක් මෙන් නිහඬය. ඒ අතරින් සිහින් හඬක් මතු විය.

"ඊස්ට්මන් වර්ණ"

ඒ, ඒ දිනවල තිරගත වූ ජනප්‍රිය වර්ණ චිත්‍රපටයක් ප්‍රචාරනයේදී පට්ට ගැසූ වචනයකි. සිහින් සිනා හඬක් පැතිර ගියේය. ඉදිරිපෙළ සිටි අනෙක් සිසුන්ට මෙන්ම මටද ඒ සිනාවට දායක වීමට නොහැකි විය.

"ධවල පත්‍රිකාව මොන පාටද කියල මෙතන කවුරු හරි දන්නවද?"

විදුහල්පතිවරයා නැවතත් සැරෙන් ඇසීය. සිනාහඬ නැවතී නැවතත් නිහඬතාව රජයන්නට විය.

"මේ තියෙන්නෙ ඔය කියන ධවල පත්‍රිකාව."

විදුහල්පතිවරයා සිය සාක්කුවට අත දමා කුඩා පොත් පිංචක් එළියට ගත්තේය.

"අම්මටහුඩු, තැඹිලි පාට!"

වහාම මගේ ඇස ගියේ එහි පිටකවරයේ පැහැයටය.

"හොඳ වෙලාවට කට පියාගෙන හිටියේ. කිවුවනම් වස නෝන්ඩිය."

"අද ගෙදර ගියහම මේක හොයාගෙන හොඳට කියවල බලන්න. ස්ට්‍රයික් කරන්න හේතුවක් තියෙනවනම් හෙට උදේට මටත් ඇවිත් කියන්න."

සිසුහු විදුහල්පතිවරයාගේ  කට දිහා බලාගෙන සිටිති.

"දැන් පන්ති වලට යන්න!"

අපි එකා පස්සේ
එකා වැටී පන්ති වලට නැවත ගියෙමු. අපේ ධවල පත්‍රිකා විරෝධය එයින්ම නිමා විය.

මේ ධවල පත්‍රිකා විරෝධයට එක් වුනු සිසුහු දැන් හිස නිකට පැසුණු පුද්ගලයෝ වෙති. අපේ පාසැලේ ධවල පත්‍රිකා විරෝධය පහසුවෙන් නිමා කළ,  සාමාන්‍යයයෙන් හොඳ පරිපාලකයෙකු වූ, අපේ විදුහල්පතිතුමා මේ සිදුවීමෙන් වසර පහකට පසුව සිය සේවා කාලය තුළදීම හෘදයාබාධයක් වැළඳී සිය දිවිසැරිය නිමා කළේය.

ධවල පත්‍රිකා යෝජනා ඉදිරිපත් කිරීමට මුල් වූයේ එවකට ජේ ආර් ජයවර්ධන රජයේ අධ්‍යාපන ඇමතිව සිටි, වසර තිස්දෙකක තරුණ දේශපාලනඥයෙකු වූ රනිල් වික්‍රමසිංහයි. එවකට වයස මෙන් දෙගුණයකටත් වැඩි වයසකට එළැඹ සිටින රනිල් වික්‍රමසිංහ දැන් ශ්‍රී ලංකාවේ අගමැතිවරයාය.

ධවල පත්‍රිකා යෝජනාවලිය පුළුල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකිය. මේ යෝජනාවලියේ සාධනීය අංග රැසක් තිබුණේය. එමෙන්ම, ටික දෙනෙකු එකතු වී හදන ජාතික ප්‍රතිපත්තියක ඕනෑ තරම් අඩුපාඩු තිබිය හැක. තවත් අංග සැබවින්ම සාධනීය අංග වුවත් නිශේධනීය අංග ලෙස බොහෝ දෙනෙකුට පෙනිය හැකිය. එවැන්නක්, පුළුල් ලෙස සාකච්ඡා වීමට ඉඩ හැරිය යුත්තේ ඒ නිසාය. ධවල පත්‍රිකා යෝජනා සම්බන්ධව මෙවැනි පුළුල් කතිකාවකට ඉඩක් ලැබුණේ නැත. 
එමෙන්ම, එහි සාධනීය අංග නිසි ලෙස 'මාකට් කිරීමක්' රජය පාර්ශ්වයෙන් සිදු නොවීය.

කෙසේවුවද, ධවල පත්‍රිකා යෝජනාවලියට විරුද්ධ වූ සරසවි සිසුන් ප්‍රධාන බලවේග ඒ විරෝධය සාර්ථකව මාකට් කළේය. ධවල පත්‍රිකාව මොන පාටදැයි නොදත් බොහෝ දෙනා ඒ විරෝධතාවන්ට එක් වූහ. අපේ පාසැලේ පැවති විරෝධය ඉහත අයුරින් අවසන් වුවද, රට පුරා පැවති ධවල පත්‍රිකා විරෝධී රැල්ල එතරම් පහසුවෙන් අවසන් නොවූ අතර අවසානයේදී ජයවර්ධන රජයට මේ යෝජනාවලිය අකුලා ගැනීමට සිදුවිය. (ඒ යෝජනා එකිනෙක පසුව හිමිහිට ක්‍රියාත්මක කෙරුණු බව වෙනම කරුණකි.)

ඉතිහාසය වෙනස් කළ නොහැකිය. එහෙත්, ඉතිහාසය පුනරාවර්තනය වේනම් ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු පාඩම් නොසලකා හැරිය නොහැකිය.


(Image: www.sundaytimes.lk)

71 comments:

  1. රාජකීය විද්යාලයේ ඔවැනි උද්ගෝසන නොපැවතුනු නිසා දවල පත්‍රිකා විරෝදී උද්ගෝසන අකුසලයට සම්මාදන් නොවීමු!

    ඒ ගැන බොහෝ සතුටුය!

    ReplyDelete
    Replies
    1. අපරාදේ වටිනා අවස්ථාවක් මිස් වෙලා තියෙන්නේ!

      Delete
    2. //රාජකීය විද්යාලයේ// මේ තියෙන්නේ උඹේ තියෙන මානසික රෝගයේ ලක්ෂණ බං............... උඹනං මේ කපේ ගොඩගන්න බැරි බයියෙක් බං......

      Delete
    3. සරසා මොන පන්තියේද එතකොට වීරසුරිය මරුන එකට සහ මේකට මට මතක විධිහට අපි බැස්සා එලියට.

      Delete
  2. මගේ ජපන් ජාතික මහාචාර්ය තුමා බොහෝ විට කියන්නේ ඔවුන්ගේ ආර්ථිකය උපක්‍රමශීලීව චීනයේ එල්ලුවිට චීනය තරමක් දුරට හෝ එය ඇදගෙන යනු ඇති බවයි. දේශපාලනිකව වශයෙන් විරුද්ධ වුවද තාක්ෂණික හා පර්යේෂණ අංශයන්හිදී චීනය සමග සම්බධය ඉතා වැදගත් බව ඔහු නිතර කියයි. ජ්‍යාත්‍යන්තර සමුළු වලට ගිය විට ඉන්දියානුවන් කැදවාගෙන විත් මා හට අදුන්වා දෙයි. ශ්‍රී ලංකික පර්යේෂකයෙකු ලෙස මගේ ඉදිරි ජීවිතයට ඉන්දියානු පර්යේෂකයන් සමග සබැදියාව ඔහු නිතර මට මතක් කරයි. භෞතික දුර යන සාධකයේ වැදගත් කම නිතර කියා දෙයි. මගේ දැනුම අනුව පුද්ගලික මතය නම් ඉන්දියාව සහ ලංකාව අතර මෙම මෙවැනි ගිවිසුමකින් තොරව අපට ඉදිරියට යාමට නොහැකි බවය. නමුත් වෘතිකයන්ගේ ඔලුවලට විෂ පොවනා අය උන්ට කියන්නේ දැන් ඉන්න හැටියට හිගන්නෝ වගේ සිටියාම ඇති බවයි. මම මේ ගැන ඉන්දියානු පරිඝනක වෘත්තිකයන් සමග කතා කල විට ඔවුන් පවසන්නේ ලංකාවට සේවයට යාමට කැමති අය ඉතා අල්ප බවය. ඔවුන් කියන්නේ ඉන්දියානු පරිඝනක වෘත්තිකයන් ජපානය කොරියාව වැනි රටවලට පවා යාමට අකමැති බවය. ඔවුන්ගේ ඉලක්කය බොහෝවිට ඇමෙරික එක්සත් ජනපදයයි.
    විහිලුවට කාරණය වන්නේ තවමත් මෙම ගිවිසුමේ විශ්වසනීය කෙටුම්පතක් කිසිවෙකු දැක නැති වීමයි. ඉතින් අපි ගිවිසුම නොදැක එයට එරෙහිවීම ඔබේ කතාවට බොහෝ සමානයි. අනික් අතට ගත කල SAITAM හි සිසුන් බදවාගැනීමේ අඩුපාඩු ඇති නිසා, ඒවා නිවැරදි කිරීම වෙනුවට එය වසා දැමිය යුතුබව කියන; (ලෙඩක් ඇතිවිට ලෙඩට බෙහෙත් නොදී ලෙඩා මරා දැමිය යුතුබව) අමනොඥ්ය GMOA වැනි කුහක සංවිධාන වලින් මීට වැඩි බුද්ධිමත් අවංක භාවයක් බලපොරුත්තුවීම ද මෝඩ කමකි. මුලින්ම අප කලයුත්තේ ගිවිසුමේ විශ්වසනීය කෙටුම්පතක් හෙළි කරන ලෙස රජයට බල කිරීම මිස අහස කඩාවැටී දිවූ හාවමෙන් හැසිරීම නොවේ.

    මේ මගේ අදහසයි. වෙනත් අදහස් ද දැනගෙන මේ ගැන මගේ අදහස් වැරදි නම් එය වෙනස් කරගැනීමට ද මම කැමතියි.

    ReplyDelete
    Replies

    1. ලෙඩක් ඇතිවිට ලෙඩට බෙහෙත් නොදී ලෙඩා මරා දැමිය යුතුබව) අමනොඥ්ය GMOA වැනි කුහක සංවිධාන වලින් මීට වැඩි බුද්ධිමත් අවංක භාවයක් බලපොරුත්තුවීම ද මෝඩ කමකි//////////////////////////

      GMOA සාමාජිකයෙකු ලෙස ඔබ විසින් පෙන්වන කරුණු වල යම් පදනමක් තිබෙන බව මමද පිලිගනිමි. නමුත් GMOA එකේ මධ්‍යස්ථමතධාරීන් බොහොමයක් ද සිටිති. නමුත් ඔවුන් දිනා ගැනීමට හෝ ඔවුන්ට කරුණු තේරුම් කර දීමට තවමත් රජය් අපොහොසත්

      Delete
    2. Trans Sylvania

      ඉහත කමෙන්ට්කරු යනු තමා මහා උගතෙක් මෙන් පෙන්වන්නට හදන නූගතෙක්. අඩුම ගානේ ඔහු හෝ ඇය මහාචාර්ය යනු කවරෙක්ද, මහාචාර්යවරයෙකුගේ කාර්යයභාරය, GMOA යනු කුමක්ද මෙන්ම ජපානය චීනය යන රටවල ආර්ථිකයන් ගැනවත් මෙලෝ හසරක් නොදන්නා අයෙක් බව එම කතාවෙන් පැහැදිලි වෙනවා.

      "භෞතික දුර" වැනි 19 වැනි සියවසටත් පෙර යල්පැනගිය මෝඩ සංකල්ප ඉදිරිපත්කිරීමෙන්ම අන්තර්ජාලය හරහා විශ්ව ගම්මානයක් වී ඇති නූතන ලෝකය පිළිබඳ නොදැනුවත්භාවය ප්‍රකට වේ.

      පහත සබැඳි වලින් ඔබට චීන සහ ජපන් ආර්ථික පිලිබඳවත් එහි R&D ගැනත් දත හැකියි.

      http://www.bloomberg.com/news/articles/2015-07-15/could-china-be-the-next-japan-

      http://www.universityworldnews.com/article.php?story=20141114112226407

      http://www.cnbc.com/2014/04/23/why-chinas-economy-is-still-lagging-japan.html

      http://www.unesco.org/new/en/media-services/single-view/news/research_and_development_usa_europe_and_japan_increasingly_challenged_by_emerging_countries_says_a_unesco_report/#.VssH9fl97IV

      GMOA හි සයිටම් (SAITM) විරෝධය තුළ යම් කුහක බවකුත් අඩංගු බව ඇත්තක්. නමුත් අවුන් ගෙන එන යෝජනාවේ කියන්නේ එය වසන්නට කියා නොව එක්කො එය රාජ්‍ය සරසවියක් කරන ලෙස හෝ එහි ප්‍රමිතිය උසස් කර ඇතුළත් වීමට ඉහළ ලකුණු මට්ටමක් නියම කරන ලෙසයි. නමුත් මෙය ප්‍රායෝගිකව කිරීම අපහසුයි.

      Delete
    3. Trans Sylvania

      ඉහත කමෙන්ට්කරු යනු තමා මහා උගතෙක් මෙන් පෙන්වන්නට හදන නූගතෙක්. අඩුම ගානේ ඔහු හෝ ඇය මහාචාර්ය යනු කවරෙක්ද, මහාචාර්යවරයෙකුගේ කාර්යයභාරය, GMOA යනු කුමක්ද මෙන්ම ජපානය චීනය යන රටවල ආර්ථිකයන් ගැනවත් මෙලෝ හසරක් නොදන්නා අයෙක් බව එම කතාවෙන් පැහැදිලි වෙනවා.

      "භෞතික දුර යන සාධකය" වැනි 19 වැනි සියවසටත් පෙර යල්පැනගිය මෝඩ සංකල්ප ඉදිරිපත්කිරීමෙන්ම අන්තර්ජාලය හරහා විශ්ව ගම්මානයක් වී ඇති නූතන ලෝකය පිළිබඳ නොදැනුවත්භාවය ප්‍රකට වේ.

      පහත සබැඳි වලින් ඔබට චීන සහ ජපන් ආර්ථික පිලිබඳවත් එහි R&D ගැනත් දත හැකියි.

      http://www.bloomberg.com/news/articles/2015-07-15/could-china-be-the-next-japan-

      http://www.universityworldnews.com/article.php?story=20141114112226407

      research_and_development_usa_europe_and_japan_increasingly_challenged_by_emerging_countries_says_a_unesco_report

      http://www.ft.com/cms/s/3/241d9366-3058-11e5-91ac-a5e17d9b4cff.html

      http://www.eastasiaforum.org/2015/09/09/are-japan-china-relations-sweetening-or-souring/

      GMOA හි සයිටම් (SAITM) විරෝධය තුළ යම් කුහක බවකුත් අඩංගු බව ඇත්තක්. නමුත් අවුන් ගෙන එන යෝජනාවේ කියන්නේ එය වසන්නට කියා නොව එක්කො එය රාජ්‍ය සරසවියක් කරන ලෙස හෝ එහි ප්‍රමිතිය උසස් කර ඇතුළත් වීමට ඉහළ ලකුණු මට්ටමක් නියම කරන ලෙසයි. නමුත් මෙය ප්‍රායෝගිකව කිරීම අපහසුයි.

      Delete
    4. Trans Sylvania

      ඉහත කමෙන්ට්කරු මහාචාර්ය යනු කවරෙක්ද, මහාචාර්යවරයෙකුගේ කාර්යයභාරය, GMOA යනු කුමක්ද මෙන්ම ජපානය චීනය යන රටවල ආර්ථිකයන් ගැනවත් මෙලෝ හසරක් නොදන්නා අයෙක් බව එම කතාවෙන් පැහැදිලි වෙනවා.

      "භෞතික දුර යන සාධකය" වැනි 19 වැනි සියවසටත් පෙර යල්පැනගිය මෝඩ සංකල්ප ඉදිරිපත්කිරීමෙන්ම අන්තර්ජාලය හරහා විශ්ව ගම්මානයක් වී ඇති නූතන ලෝකය පිළිබඳ නොදැනුවත්භාවය ප්‍රකට වේ.

      පහත සබැඳි වලින් ඔබට චීන සහ ජපන් ආර්ථික පිලිබඳවත් එහි R&D ගැනත් දත හැකියි.

      http://www.bloomberg.com/news/articles/2015-07-15/could-china-be-the-next-japan-

      http://www.universityworldnews.com/article.php?story=20141114112226407

      research_and_development_usa_europe_and_japan_increasingly_challenged_by_emerging_countries_says_a_unesco_report

      http://www.ft.com/cms/s/3/241d9366-3058-11e5-91ac-a5e17d9b4cff.html

      http://www.eastasiaforum.org/2015/09/09/are-japan-china-relations-sweetening-or-souring/

      GMOA හි සයිටම් (SAITM) විරෝධය තුළ යම් කුහක බවකුත් අඩංගු බව ඇත්තක්. නමුත් අවුන් ගෙන එන යෝජනාවේ කියන්නේ එය වසන්නට කියා නොව එක්කො එය රාජ්‍ය සරසවියක් කරන ලෙස හෝ එහි ප්‍රමිතිය උසස් කර ඇතුළත් වීමට ඉහළ ලකුණු මට්ටමක් නියම කරන ලෙසයි. නමුත් මෙය ප්‍රායෝගිකව කිරීම අපහසුයි.

      Delete
    5. Trans Sylvania

      ඉහත කමෙන්ට්කරුගේ කිසිදු අදහසක් සමග එකඟවිය නොහැක.

      පහත සබැඳි වලින් ඔබට චීන සහ ජපන් ආර්ථික පිලිබඳවත් එහි R&D ගැනත් දත හැකියි.

      http://www.bloomberg.com/news/articles/2015-07-15/could-china-be-the-next-japan-

      http://www.universityworldnews.com/article.php?story=20141114112226407

      research_and_development_usa_europe_and_japan_increasingly_challenged_by_emerging_countries_says_a_unesco_report

      http://www.ft.com/cms/s/3/241d9366-3058-11e5-91ac-a5e17d9b4cff.html

      http://www.eastasiaforum.org/2015/09/09/are-japan-china-relations-sweetening-or-souring/

      GMOA හි සයිටම් (SAITM) විරෝධය තුළ යම් කුහක බවකුත් අඩංගු බව ඇත්තක්. නමුත් අවුන් ගෙන එන යෝජනාවේ කියන්නේ එය වසන්නට කියා නොව එක්කො එය රාජ්‍ය සරසවියක් කරන ලෙස හෝ එහි ප්‍රමිතිය උසස් කර ඇතුළත් වීමට ඉහළ ලකුණු මට්ටමක් නියම කරන ලෙසයි. නමුත් මෙය ප්‍රායෝගිකව කිරීම අපහසුයි.

      Delete
    6. //නමුත් GMOA එකේ මධ්‍යස්ථමතධාරීන් බොහොමයක් ද සිටිති. නමුත් ඔවුන් දිනා ගැනීමට හෝ ඔවුන්ට කරුණු තේරුම් කර දීමට තවමත් රජය් අපොහොසත්//

      GMOA සමාජිකයන්ට කරුණු තේරුම් කර දීමට වෙනත් අය ? ඔබ විහිලු කරනවා විය යුතුයි. ලංකාවේ සිටින උගත්ම, බුද්ධිමත්ම, වැදගත්ම, ශ්‍රේෂ්ටම වෘත්තිකයන්ට වෛද්‍ය වරුන්වීමට නොහැකි වුන ඊරිසියාවෙන් පෙලෙන අප වැනි මෝඩයන් කරුණු තේරුම් කරන්නට ? අහෝ එය කුහකමෝඩයන්ගේ අත පය හතරද කඩා ගැනීමේ ක්‍රියාන්විතයක් විය හැකි බව ඔබට නොපෙනේද ? අනෙක ඔවුන් අපේ අත පය කැඩුවොත් මේ කුහක මෝඩයන්ට බෙහෙතක් දීමටවත් කෙනෙක් ඉදිරිපත් වේවිද ?

      MB සහ BS යනුවෙන් මුලික උපාධි දෙකක්ම එකට කැටිකොට ඇති එවන් ශ්‍රේෂ්ට උගත් බුද්ධිමතුන්, වෛද්‍යාචාර්ය උපාධියක් පවා ඇති අග්‍රගන්‍ය වටිනා වෛද්‍ය උතුමෙකු වන ඔබ මෙන් නොඉවසයි. ඔවුන් ඉක්මනින් කිපෙයි. #'&'(&'&# බව කියයි. ඒ නිසා ඔවුන්ට කරුණු තේරුම් කිරීමට නම් අපේ කාලයේ ප්‍රඥ්යා ඩීල් දාස වැනි අයෙක් ම සිටිය යුතුයි.

      P.S. වෛද්‍ය රුවන් යනු මම ඉතා ගරු කරන වැදගත් අයෙකි. ඔහුගේ සිත නොරිදවා තැබීමට හැකි තරම් උත්සුක වුයෙමි.

      Delete
    7. මම මීගමුව රෝහලේ සිටියදී GMOA ක්‍රියාකාරියයෙකු වූයෙමි. නමුත් එහිදී සමහර අයුතු දේවල් සිදුවනුද දුටිමි. මගේ GMOA අත්දැකීම් ගැන ඉදිරි කාලයේ ලිවීමට බලාපොරොත්තු වෙමි. එය මගින් මගේ බෝහෝ දොස්තර මිත්‍රයන් මා සමග අමනාප වනු ඇත​. නමුත් මම ලේඛකයෙකි. මම මගේ අත්දැකීම් ලියමි. තවද කිව යුතු දෙයක් තිබේ. GMOA එකේ බොහෝ යහපත් වෛද්‍යවරුද සිටිති. වෛද්‍ය පාදෙනිය යනු සකල GMOA එක නොවේ.

      Delete
    8. //මුලින්ම අප කලයුත්තේ ගිවිසුමේ විශ්වසනීය කෙටුම්පතක් හෙළි කරන ලෙස රජයට බල කිරීම මිස අහස කඩාවැටී දිවූ හාවමෙන් හැසිරීම නොවේ.//මෙය තමයි කළ යුත්තේ. අනිත් අතට මහජනතාව දැනුවත් නොකර හදිසියේ හොරෙන් ගිවිසුම් අත්සන් කළ ඉතිහාසයක් රටේ තිබීමත් මේ හැසිරීමට හේතුවක්. ඒ අවිශ්වාසය රජය විසින් නැති කළ යුතුයි.

      Delete
  3. ධවල පත්‍ර ගෙන එන්නට
    අපි ඉඩකඩ දෙන්නෙත් නෑ
    බලයෙන් සම්මත කෙරුවොත්
    අප පස්සට යන්නෙත් නෑ

    ගොවි කම්කරු ශිෂ්‍ය තරුණ
    බලවේගය පාරට ගෙන
    යූඇම්පිය පන්න දමන
    පටන් ගනිමු අපේ සටන!

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඔය තියෙන්නේ ඒ කාලේ නිතර ඇහුන සටන් පාඨයක්. අප්පේ........ ජේවීපී එක ඔය සටන්පාඨ වලින් රට හෙල්ලුවා. ඉකොන් කියනවා වගේ, ධවල පත්‍රිකාව කියන්නේ මොකක්ද කියලා අන්දෝසංසාරයක් නොදන්නා ඉස්කෝල ළමයි, පාරට බැස්සුවා.

      අන්තිමට මොකද වුණේ? ධවල පත්‍රිකාවේ තිබුන දේවල් ක්‍රියාවට නැගුණා. ජේවීපී එක කෑලි වලට කැඩුනා.

      අනේ අනිච්චං සංසාරේ - බල්ලෙක් මැරිලා මහපාරේ!

      Delete
    2. මා ඔය කාල යේ ඉතාම කුඩා නිසා මට ඕක ඇහු නෙම දහවල් පත්‍රිකාව කියා

      ඇත්තටම ඕකට උ නෙත් දවල් මි ගෙල් රෑ දනි යෙල් ව ගේ වැඩක් නේද

      Delete
    3. මම හිතන හැටියට ඒ කාලයේ සරසවි වල පැරණි වාමාංශික පක්ෂ වල බලය පිරිහිලා තිබුණේ නැහැ. මේ කාලය ඒ පක්ෂ හැලී ජවිපෙ සරසවි තුළ උඩට මතු වීමේ ආරම්භක යුගය විය යුතුයි. රසික මේ ගැන වඩා හොඳින් දන්නවා ඇති.

      Delete
    4. මතකද "පලා බබා අපට එපා "

      Delete
  4. සම හරක් කෑ ගහන සිව් පා මේක එට්කා ද සීපා ද කියලා දන්නෙත් නෑ දැකලත් නෑ...

    අම්මට හැමිනිලා තියෙයි මුන් ඉන්න කාලෙක මිහිඳු හාන්දුරුවෝ එහෙම වැඩ්ඩා නම්...

    ReplyDelete
    Replies
    1. /අම්මට හැමිනිලා තියෙයි මුන් ඉන්න කාලෙක මිහිඳු හාන්දුරුවෝ එහෙම වැඩ්ඩා නම්... /
      +++

      Delete
    2. අන්න හරි මාතලන්. ලෙසටම කියල තියෙනව. ලංකාවට එට්කා සිව්පා ඕනෙමයි නැත්නම් රට ඉවරෙටම ඉවරයි. මෙන්න මේ පහත ලින්ක් එකේ තියෙනව ඉන්දියාවේ නූතන තාක්ෂණික දියුණුව ගැන මනා විග්‍රහයක්.
      https://www.facebook.com/noindiasavelanka/videos/241560056178367/

      මේක බලල දීපන් ඔය පට්ට ගෝත්‍රික අමුම අමු ජාතිවාදී ගොං අමු ගොබ්බ බයියන්ට රෙදි ගැලවෙන්ට.

      Delete
    3. මාතලන් කුමන ආකාරයේ කෙනෙකුද යන්න මම නොදන්නේ මම ඔහු අසුරුකර නොමෙති බෙවිනි, මට පෙනෙන ආකාරය අනුවනම් මෙවෙනි කාරනා සම්බන්දව ඔහුගේ කරුනු දෙක්විම පිස්සුවකි. ඔහු හිතන්නේ ඉදිරිගාමි විම(මාතලන් කෙලෙස සිතුවද මෙම වචනයට අත්තේ වාමන්ශික තෙරුම්ගෙනිමකි) යනු මිනිස්සුන්ගේ අතට කියක් හෝ වෙඩිපුර ලෙබෙන 1 කියාය. එය නිවරදිනම් ................. මිහිදු හාමුදුරුවන් ලන්කාවට එන්නේ නෙතිය.
      ප්‍රදිප් මන්ගල

      Delete
    4. මච්චාන් පෙරදීප් උඹ තම්බිද අප්පා එන්න ඉදි ශිංගල ටයිපිං ඩා.

      Delete
    5. ජයගත් නමුත් විශාල වියදමක් දරන්නට සිදු වූ කාලිංග යුද්ධයෙන් පසුව ධර්මාශෝක රජුගේ යුද ව්‍යාපෘතිය නැවතුණු පසු ඔහුට යටත් කර ගැනීමට අවශ්‍යව තිබුණු ඉතිරි ප්‍රදේශ උපක්‍රමිකව පාලනය කිරීම සඳහා ධර්ම විජය ව්‍යාපාරය උපයෝගී කරගත්තා කියලත් අදහසක් තියෙනවා නේද?

      Delete
  5. චැක් අද වෙනකම් මම හිතා හිටියේ ඕක සුදුපාට එකක් කියලා,ආණ්ඩ්වේ වැඩක් නම් රෝනියෝ කොලිටියට තියෙන්න ඕනැනේ, ඒ කාලේ තැඹිලි පාට කවරයක් තියන පොත් පිංචක් ගැහුවා කියන්නේ ඒ පිළිබඳව සෑහෙන උනන්දුවක් තිබිල කියනවා.

    අපි නම් පිට්ටනි පහු කරලා මහ පාරෙත් සෑහෙන දුරක් අය්යලාගේ පස්සෙන් ගියා බාලිකාව ගාවට යනකම්, අනෙත් ඉස්කෝලවල අය ටවුමට ගියාලු ඒත් අපේ අය්යලා ගියේ අනෙත් පැත්තට එයාලට ඒ කාලෙත් කාන්තා සහභාගීත්වය ගැන නොසෑහෙන වගවීමක් තිබිල තියේ. එ්තමා පොලිසියේ කුළු සජීවීව දැක්ක පළමුවතාව, පොලොසියේ පටිදාපු කෙනෙක් ට්‍ර‍ක් එකක් පෙන්නලා කීවා එතැනින් එහාට ගියෝතින් ගෙනිහින් කූඩු කරනවා කියා, අපි පොඩිවුන් සේරම පන එපා කියලා ආපහු දිව්වා.

    ReplyDelete
    Replies
    1. //ඒ කාලේ තැඹිලි පාට කවරයක් තියන පොත් පිංචක් ගැහුවා කියන්නේ ඒ පිළිබඳව සෑහෙන උනන්දුවක් තිබිල කියනවා.// රනිල් ඒ කාලේ ඉඳලම වැඩ කළේ ඔහුටම ආවේණික පිළිවෙලකට සහ දිගුකාලින අරමුණු සහිතව. ඒත් රටේ මිනිස්සු ඉන්නේ කොතනද කියන එක ගැන එක්කෝ ඔහුට හරි අවබෝධයක් තිබුණේ නැහැ. නැත්නම් හිතාමතාම එය නොසලකා හැරියා. මේ දෙකෙන් කොයි එකද කියන එක මට හරියටම පැහැදිලි මදි. දැන් දැන් හිතෙන්නේ දෙවන එක කියලයි.

      Delete
  6. ඉතිහාසෙන් පාඩම් රට කරන අයවත්, රට කරන අයට විරුද්ධ වෙන අයවත්, රටේ ඉන්න අයවත් ඉගෙන ගෙනත් නෑ ඉගෙන ගන්නේත් නෑ....
    කොහොමත් හිංගල අපිට මාර්කටින් බෑනේ....ඉතින් රනිල් කියල වෙනසක් නෑ....
    යුනයිටඩ් ප්‍රොෆෙෂනල් ෆ්‍රන්ට් එක විරුද්ධවෙනකොට ඇයි GMOA එක විතරක් රනිල්ට පෙනෙන්නේ කියන එකත් එක්තරා විදියක ඉතිහාසෙන් පාඩම් ඉගෙන නොගැනීමක් නේද..?

    ReplyDelete
    Replies
    1. /ඇයි GMOA එක විතරක් රනිල්ට පෙනෙන්නේ.../ ඉස්ට්‍ර‍යික් කරන්න පුළුවන් එයාලට විතරයිනේ.

      Delete
    2. ඒකාබද්ධ වෘත්තිකයන්ගේ සංගමය දක්වන්නේ හුදු විරෝධතාවක් පමණක් නොවේ . ඔවුන්ගේ ඉල්ලීම වන්නේ නියමිත සහ අතවශ්‍ය ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක් කිරීමකින් තොරව එට්කා ගෙන්න එපා කියාය.

      Delete
  7. රනිල්ව මාකට් කරන්න බැරි රනිල්ට මාකටිං බැරි නිසානේ . අපේ ඉස්කෝලේ තිබ්බ ධවල පත්‍රිකා පෙළපාලිය ඉස්කෝලෙ පිට්ටනියෙන් පිටත් වුනේ ' අපේ ගමන ත්‍රිවිධ හමුදාවම ආවත් නතර කරන්න බෑ' කියල . ඒත් ප්‍රින්සිපල් අත තීබූ එරමුදු පොල්ල දෙපාරක් කරකැවූ පසු හැමෝටම පන්තිකාමර කරා උපක්‍රමිකව පසුබාන්නට සිදුවිය

    ReplyDelete
    Replies
    1. උවමනාවක් නැතිකම බැරිකමට වඩා ප්‍රශ්නයක්.

      Delete
  8. ඉකොනො,

    ඔබ මෙම ලිපියෙන් කියන්නට හදන්නේ කුමක්ද? මේ ධවල පත්‍රිකාවට එරෙහි විරෝධතාව එට්කා ගිවිසුමට එරෙහිව යන විරෝධය හා සම කිරීමට තටමන්නේද?

    ඔබ 1981 ධවල පත්‍රිකාවට එරෙහිව නැගීසිටි නොමේරූ ලාබාල මෙන්ම නොදැනුවත් පාසල් සිසුන් සමග 2016 පරිණත ලාංකීය වෘත්තීයවේදීන් ඉතාම පැහැදිලි හේතු කාරණා සහිතව නැගී සිටින අරගලයක් සම කරන්නට හදන්නේද? ඔබ එසේ කරන්නේ නම් උගත් පළපුරුදු ලාංකීය වෘත්තිකයන් අමු ගොබ්බ මුග්ධයින් පිරිසකි. එසේනම් මෙරටදී මූලික උපාධිය දක්වා උගත් ඔබද ඊටද වඩා අමු ගොබ්බ මුග්ධයෙක් නොවන්නේ ද? ඔබ පවතින රජය වෙනුවෙන් නග්න ලෙස කඩේ ගියාට කම් නැත. නමුත් මෙවැනි කිසිදු පදනමක් නැති ගොබ්බ කතා නොකියා කරුණාකර එට්කා ගිවිසුමෙන් පසු අපට ලැබෙන වාසි සහ රටට ලැබෙන දියුණුව සාක්ශි සහිතව පැහැදිලි කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. ඔබ IP address එක පවා වසා කමෙන්ට් එකක් දැමීමට මහන්සි වීමෙන් මෙය ඔබට විශාල බලපෑමක් කරන කරුණක් බව පෙනේ. කරුණාකර උදවුවක් වශයෙන් ඔය ගිවිසුමේ පිටපතක් ඇති තැනකට ලින්ක් එකක් දාන්න පුලුවන්ද?

      Delete
    2. There is no reliable copy and the GoSL doesn't reveal anything and keep it as an utmost confidential secret. Only this draft is available;

      https://www.facebook.com/noindiasavelanka/photos/ms.c.eJw9zdsJADEQQtGOQuYZ7b~_xhZjZz8MF9SzzOFlwI7FcbrnHpFWFjxGeQNfvlmNMeT8z7t6hnNtuD4z13~;gALz8dEw~-~-.bps.a.245123732488666.1073741829.233813420286364/245123765821996/?type=3&theater

      Anyway not sure about this.

      I can understand your point but without revealing anything, Hon. PM just threatening the people that whoever oppose, they will implement it by hook or crook. Our point is why can't they reveal a draft policy and let the relevant professionals to conference on that? Why it kept as an utmost confidential secret?

      Delete
    3. මමත් ඔය ගැන හිතුව. පත්‍රිකාව හෝ ගිවිසුම හරියට එලියට දානකන් මුකුත් කියන්නේ නැත්තේ එකයි.

      Delete
  9. //ධවල පත්‍රිකාව මොන පාටදැයි නොදත් බොහෝ දෙනා ඒ විරෝධතාවන්ට එක් වූහ.//
    හරියටම හරි.

    ReplyDelete
    Replies
    1. මමනම් ඒ නිසා පාට හරි දැනගත්තා.

      Delete
  10. Replies
    1. ඒකාලේ හිටපු සමහර පොඩි ළමයි තාමත් පොඩි ළමයි.

      Delete
  11. ලන්කවේ මිනිසුන් යම්කිසි දෙයකට විරුද්දවන්නේ හෝ එකගවන්නේ තමන්ට ලෙබෙන තොරතුරු ප්‍රමනය අනුව සහ තමන් දෙනටම අත්කරගේන අති මතවාදය අනුවය. ඒ අනුව තවමත් තොරතුරු ලෙබ්නෙති තත්වයක්තුල බලනවිටකදි ඉන්දු ලන්කා ගිවිසුමට විරුද්ද හෝ එකගවිම කල නොහෙකි දෙයකි. ඔබ සම්පුර්න ලිපියතුල ඒ පිලිබදව කිසිවක් පවසා නොමෙතිවුවද මාගේ කියවිම අනුව ඔබ ලියා අත්තේ කිසිවක් නොදෙන විරුද්දවිම වෙඩකට නෙති දෙයක් බවය.

    මම යොජන කරන්නෙ අප බෙලිය යුත්තෙ අපට ඉන්දියාව සමග ගිවිසුමකට යාමට සිදුවන තත්වයක් අතිකර අත්තේ අයිද යන්න පිලිබන්දව සහ එවෙනි තත්වයක් තුලදි අප කලයුත්තේ කුමක්ද යන්න පිලිබන්දවය. මෙහිදි අපට වාසිදයක හා ඉන්දියාවට වාසිදායක යනුවෙන් ත්ත්වයන් දෙකක් මට අනුවනම් නෙත. අත්තට තියෙනුයේ ආයොජකයින්ට වඩාත්ම වාසිදායක තත්වයක් අති කිරිමේ අවශය තාවයයි. අවශ්ය වන්නෙ එහි ප්‍රතිපල වක්‍රව ලන්කාවේ මිනිසුන්ගේ ජිවන තත්වය ඉහල නෙන්විමට උපකාර කිරිමයි. ප්‍රශ්නය අත්තේ ලන්කාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් ගෙටලුව පිලිබන්දව නිවරදිව නොදෙකිමයි. අප හවුන්ගේ අන් සුදුද රතුද කියා තර්කකර වෙඩක් නෙත. අප තේරුම්ගත යුත්තේ හාවුන්ට අන් නෙත යන්නයි.

    රනිල් සිතන ආකාරය පිලිබන්දව මට සිතිය හෙක්කේ ඒපිලිබන්දව මම දන්නා ඔහුගේ ඉතිහාසය අනුවය. මම රනිල්ගේ තිරන පිලිබන්දව සිතන ආකාරය මගේ දෙනුමක්ය ඔබටද එලෙසමය. අපට අනෙකා පිලිබන්දව විස්වාසයක් අත්තේ ඔහු අපිට නිරාවරනය වනතරමටය


    අධාපන ධවල පත්‍රිකාව ක්‍රියත්මවුවනම් මෙලෙස සිදුවිය හෙකියෙයි සිතිම මහින්ද දිනුවනම් (2005දි රනිල් දිනුවානම්) මෙලෙස සිදුවෙයෙයි සිතිම හා සමානමය. දෙපෙත්තටම සිතියහෙක එහෙත් එලෙස සිදුවන්නේ නෙත.

    ප්‍රදිප් මන්ගල

    ReplyDelete
    Replies
    1. ප්‍රදිප්

      ලංකාව හා ඉන්දියාව අතර ඇති කර ගැනීමට නියමිත ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (Economic & Technology Corporation Agreement) පිළිබදව මෙරට දේශපාලන දහරාවන්හි මෙන්ම වෘත්තිය වේදී සංවිධාන සහ වාණිජ සංවිධාන අතර විශාල විරෝධතාවක් ආරම්භ වී ඇත. දෙරට අතර සිදුකරන මෙම ගිවිසුම අදියර දෙකකින් සිදු වේ. ඒ අනුව මූලික පදනම් ගිවිසුම පෙබරවාරි මාසයේදී ද සම්පූර්ණ ගිවිසුම ලබන ජුනි මාසයේ දීද අත්සන් කිරීමට නියමිත බව පැවසේ. රටවල් දෙකක් අතර සිදුවන මෙවැනි ගිවිසුම්වලදී අප රටේ ආර්ථිකයට අත්වන ඉරණම හා වාසි සහ අවාසි ගැන ඉතා ගැඹුරු අවධානයකින් කටයුතු කළ යුතුයි. එසේම මෙවැනි ගිවිසුම්වලට එළැඹීමේ දී රට තුළ සංවාදයක් ආරම්භ කිරීම හා ඒ ඒ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රවීණයන්ගෙන් මෙන්ම වෘත්තියවේදීන්ගේ සංවිධාන මෙන්ම දේශපාලන නියෝජිතයන්ගේ අදහස් විමසා කටයුතු සිදු කිරීම කළ යුතුම කාර්යයකි.

      එසේ නොවී අත්තනෝමතික ලෙස විදේශීය රටවල් සමග ගිවිසුම්වලට එළැඹීම අනර්ථකාමී ක්‍රියාවක් මෙන්ම මෙරට සමාජය තුළ කැළඹීම්වලට තුඩු දෙන්නක් බව ඉතිහාසය සාක්ෂි දරයි. 2000 වසරෙදි ඉන්දියාව සමග ඇති කරගන්නට ගිය සීපා (CEPA) ගිවිසුම ද 1998 වසරේ හිටපු ජනපතිනිය විසින් ඉන්දියානු සංචාරයක් අතරතුර අත්සන් කෙරුණු නිදහස් වෙළද ගිවිසුම ද අසාර්ථක ගිවිසුම් බවට පත් වන්නේ මෙම ඉක්ටා ගිවිසුම මෙන් රට අභ්‍යන්තරයේ පුළුල් සංවාදයක් ඇති කර නොගත් නිසාවෙනි. හිටපු ජනපතිනිය විසින් එලෙස අත්සන් කළ නිදහස් වෙළද ගිවිසුම ගැන මෙරට දැන්ගත්තේ මාධ්‍ය මගිනි. එබැවින් රටට බලපාන මොනයම් ආකාරයේ ගිවිසුමක් වුව ද අදාළ ක්ෂේත්‍රයන්හි නියෝජිතයන් හා එක්ව පුළුල් සංවාදයකින් අනතුරුව සිදු කළ යුතුමය.

      එසේම මහජන ඡන්දයෙන් තේරී පත්වුණු නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුවට මෙම ගිවිසුම ගැන සත්‍ය තොරතුරු ඉදිරිපත් කොට සාකච්ඡා සංවාද විවාද තුළින් ඔවුන්ගේ ද අදහස් විමසා මෙවැනි අවබෝධතා ගිවිසුම්වලට එළැඹිය යුතුය යන්න අපගේ හැගීමයි.

      බැලු බැල්මට මෙම ගිවිසුමෙන් වාසි අත්කර දෙනුයේ ඉන්දියාවටය. බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබු අප වසර 68කට පසු මෙවැනි ගිවිසුම් හරහා ඉන්දියානුකරණයකට ක්‍රමානුකූලව ගොදුරු නොවන්නේ දැයි මැනවින් සිතා බැලිය යුතු කරුණකි. ඓතිහාසිකව සිදු වූ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී මෙරට ගෙන් වූ ශ්‍රමිකයින් නිසා ඇති වූ බලපෑම කුමන ආකාරයේ එකක් දැයි යන්න ද එතෙක් මෙතෙක් ලංකාව ගිවිසුම්ගතව ලබාගත් වාසි සහ අවාසි මොනවාදැයි යන්න පිළිබද තක්සේරුවකට පැමිණ ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.

      එසේ නොවුනහොත් කෙටිකාලීන විසදුම් සොයන්නට ගොස් දීර්ඝකාලීනව අප රටට විශාල අනර්ථයක් මෙමගින් සිදු විය හැකිය. මෙවැනි ගිවිසුම් හරහා අප රටට අනාගතයේ දී මුහුණු පෑමට සිදුවන ආර්ථික, සාමාජික, හා සංස්කෘතික බලපෑම් ගැන ද අවධානය යොමු කළ යුතුම වන්නේ අතීත පාඩම් ද සැලකිල්ලට ගිනිමිනි.

      රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයයට 60 ක් පමණ වූ සේවා වෙළදාම ඉන්දියාවට විවෘත කර තැබීම කිසිලෙසකින්වත් අප රටට වාසියක් නම් අත්කර නොදෙයි. අනෙක් කරුණ විරැකියාව අතින් ලංකා ජනගහනය මෙන් දෙගුණයක් තරම් ගැටලුවක් පවතිද්දි ශ්‍රි ලංකා ශ්‍රමිකයින්ට ඉන්දියාව තුළ නව රැකියා අවස්ථා ලැබේ යැයි සිතීම පවා විහිළුවකි. සියුම්ව විමසා බැලීමේ දී මෙම ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ECTA) මෙරට දුප්පත් කුළී රථ රියදුරාගේ සිට ඉංජිනේරුවා දක්වාත් ගොවි කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වාත් විහිද යන මෙන්ම දැඩිව බලපාන ගැටලුවක් බව පැහැදිලිය.

      එම නිසා ආණ්ඩු පක්ෂයේ සිටින කිහිප දෙනෙකුගේ මතයට හෝ තමන්ගේ මතය හෝ පක්ෂ ප්‍රතිපත්ති මත පිහිටා හෝ තම හිතවත් ව්‍යාපාර ප්‍රජාවේ අදහස් මත හෝ මෙවැනි ගිවිසුම්වලට එළැඹීම නොකළ යුතුය යන්න අපගේ ස්ථාවරයයි. එම නිසා සමස්ත රටටම හා රට වැසියාටම බලපාන මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙරාතුව ඒ ඒ ක්ෂේත්‍රයන්හි අදාළ වෘත්තීය සමිති, රටට හිතැති වෘත්තිය දැනුමක් සහිත පුද්ගලයන්ගෙන් මෙන්ම මහජන නියෝජිතයන්ගෙන් ද අදහස් විමසා කටයුතු සිදුකිරීම කළ යුතුම කාර්යයකි. යහපාලන ආණ්ඩුවට ඡන්දය දුන් උගත් ජනතාවගේ අදහස් වලට ගරු කරමින් විවෘතභාවයකින් හා විනිවිදභාවයකින් කටයුතු කළ යුතු අතර මේ සම්බන්ධව විරෝධය පළ කරන වෘත්තිය සංවිධාන බියවැද්දීමට හෝ මැඩපැවැත්වීමට කටයුතු නොකළ යුතුය.

      Delete
    2. //මාගේ කියවිම අනුව ඔබ ලියා අත්තේ කිසිවක් නොදෙන විරුද්දවිම වෙඩකට නෙති දෙයක් බවය.//
      නොදැන විරුද්ධවීම (වගේම පක්ෂ වීමත්) වැඩකට නැතිම වීම කෙසේ වුවත් ඉතාම අකාර්යක්ෂම දෙයක්. ශක්තිය වැය කරන තරමට ප්‍රයෝජනයක් නැහැ.

      //අපට අනෙකා පිලිබන්දව විස්වාසයක් අත්තේ ඔහු අපිට නිරාවරනය වනතරමටය// තොරතුරු විවෘත වූ තරමට ඕනෑම දෙයක ඵලදායීතාවය වැඩියි.

      //මෙහිදි අපට වාසිදයක හා ඉන්දියාවට වාසිදායක යනුවෙන් ත්ත්වයන් දෙකක් මට අනුවනම් නෙත.// වාසි හෝ අවාසි ඇත්තේ පුද්ගලයින්ටය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් ඇතැම් අයට වාසිත් ඇතැම් අයට අවාසිත් සිදුවනු ඇත. දේශ සීමා බාධක කියන්නේම කෘතීම දෙයකි. මේවා අනාගතයේ යම් කාලයක නැති වනු ඇත. කවර හෝ බාධකයක් ඇති විට කෙනෙකුට නැති වන අවස්ථාවක් වෙනත් කෙනෙකුට ලැබේ. බාධකය ඉවත් වූ විට ඒ වාසිය නැති වේ. බාධක ඉවත් වූ තරමට සමස්තයක් වශයෙන් කාර්යක්ෂමතාවන් වැඩි වේ. ඒ නිසා දිගුකාලීනව දෙරටටම වාසියක් වේ. එහෙත් කෙටිකාලීනව සමස්තයක් වශයෙන් විශාල වෙනසක් සිදු නොවේ. අවස්ථාව හඳුනාගෙන ප්‍රයෝජන ගන්නා අයට වාසි සැලසෙනු ඇත. බොහෝ දෙනෙක් එසේ ප්‍රයෝජන ගත්තොත් රටටද සමස්තයක් වශයෙන් වාසියක් සැලසෙනු ඇත. ඉන්දියානුවෙකුට අළුතෙන් විවෘත වන්නේ දැනට ඇති වෙළඳපොළට සාපේක්ෂව සුළු අවකාශයකි. ලාංකිකයෙකුට ඉතා විශාල අවකාශයක් විවෘත වේ. එහෙත් එයින් වැඩක් වන්නේ ඒ අවකාශයෙන් ප්‍රයෝජන ගන්නා තරමටය. පහළ ඇනෝ ලෙස දමා ඇති ලින්ක් දෙක පරිදි ඉන්දියානු උපාධිධාරීන්ගේ තත්ත්වය ඉතා නරකනම් සිදුවනු ඇත්තේ ඔවුන්ට ලංකාවේ රැකියා අවස්ථා ලැබීම වෙනුවට එහි අනිත් පැත්ත වීමයි.

      Delete
  12. අද තත්වය අනුව හදිසියේම රන්න පොනිලා මියගියහොත් ලංකාවට මොකක් වෙයිද? (කලින් දවසක දෙතිස් කතා අඩවියෙනුත් ඕක ඇහුවා. එදත් පෝය දිනක්:D )

    ReplyDelete
    Replies
    1. වලලන්න වෙනවා, දෙකක් නෑ. රනිල ඇන්ග්ලිකන්.

      Delete
    2. Jagath,

      මෙම සිපා ගිවිසුම ඉතාම වටිනා දෙයක්. මිලියන ගනනක් නව රැකියා බිහි වනවා. රටට ලාභ ශ්‍රමය පැමිනිමෙන් විදෙස් ආයොජන ගලන්න පටන් ගන්නවා. සුදුතුම්පිය අති උතුම් රනිල් පියානන්ට 2030 වන තෙක් රට පාලනය කිරිමට ජිසස් ගෙ ආශීර්වාදය.

      Just for fun; take it easy !

      Delete
    3. දුකට හෝ සතුටට බොන්න හොයන අයට බාර් වසා තිබීම නිසා සෑහෙන ප්‍රශ්නයක් වෙනවා.

      Delete
  13. it is ironic that when the Government has maintained total silence on the ETCA issue, the first draft of the agreement prepared by Sri Lanka’s negotiating team for submission to its counterparts in India and updated up to 12.01.2016 has been published by the GMOA on its webpage.

    According to the new Government of SL, the proposed Economic and Technological Cooperation Agreement (ETCA) has been one of the crucial economic reforms which the Government is planning to introduce, to deliver the promised prosperity to Sri Lankans.

    It had not been specifically mentioned as a policy by name in the manifesto which the ruling UNP (along with Sirisena & the clans) had presented to the electorate in August 2015 coaxing voters to vote it to power. However, the ETCA must be considered as the major program under the main economic strategy outlined in the manifesto to deliver prosperity to people.

    On the other hand, CEPA negotiations between Canada and India commenced in late 2009 and even in 2016 they are still having on going negotiations ! An advocacy group called Council of Canadians is trying to stop the deal.

    India is bullying the Sri Lankan government. Ranil and Sirisena may be under obligation to India for its role played in the last Presidential Election. Otherwise no other government in the world will sign such a merely one-sided agreement to offer jobs to the citizens of another country while baton charging and water cannoning their own unemployed youth.

    Well, we should not care about their politics but we should safeguard the interests of our country isn't it?

    ReplyDelete
  14. එකොනො,

    මෙහි ගැටලුව නම් අදාළ වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් හා එම වෘත්තීය නියෝජනය කරන නිල ආයතනවල සහභාගීත්වයකින් තොරව මෙම ගිව්සුම කෙටුම්පත් කිරීමය. වෙළද හා වාණිජ අමාත්‍යාංශයේ සීමිත නිලධාරීන් පිරිසක් දේශපාලකයින් සමග එක්ව, තමන් නොදන්නා වෘත්තිය ක්ෂේත්‍ර පිළිබදව පාරදෘශ්‍ය නොවන ආකාරයට, ඉන්දියාව වැනි ප්‍රබල රාජ්‍යයක් සමග කෙරෙන පුළුල් ද්විපාර්ශ්වික සේවා ගිවිසුමක් සකස් කිරීමට යාමෙන් පොදුවේ රටට සිදුවිය හැකි හානිය කෙතරම්දැයි වටහා ගැනීම අපහසුද?

    මේ පිළිබඳව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL), ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය (SLEA) ඇතුළු අනෙකුත් වෘත්තීය ආයතන එකමුතුවී එකහඬින් රජයෙන් ලිඛිතව ඉල්ලා සිටියේ මෙම ETCA අත්සන් කිරීම අවශ්‍ය නම් නිසි අධ්‍යයනයකින් යුතුව ගිවිසුම සකස් කිරීමේ කර්තව්‍යයට ඒකාබද්ධව ක්‍රියාකාරී ලෙස සහභාගී වීමට එම වෘත්තීය ආයතන සියල්ල සූදානම් බවය. කෙසේ වෙතත් එම ඉල්ලීම මුළුමනින්ම නොසලකා හැර තම තනි මතයට ඒකාධිපති ආකාරයෙන් මේ වසරේදී ETCA ගිව්සුමට එළඹීමට රජය ගත් තීරණයේ කිසි වෙනසක් වී සිදුවී නොමැත.

    කරුණු එසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මෙම ගිවිසුමට එරෙහිව දැක්වූ ප්‍රබල විරෝධය හමුවේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කොටස් ETCA ගිවිසුමෙන් ඉවත්කර ගැනීමට රජයට සිදුවිය. වෛද්‍ය සංගමය සතු කේවල් කිරීමේ හැකියාව හමුවේ රජයට පවා පියවරක් පසුපසට ගැනීමට සිදුවිය.

    ETCA ගිවිසුමෙන් වැඩිම හානිකර බලපෑමක් ඇතිවන ක්ෂේත්‍රයක් ලෙස ඉංජිනේරු වෘත්තිය සැළකිය හැක. දෙරට අතර වෘත්තීය සංක්‍රමණය සදහා මුලින්ම විවෘත කෙරෙන්නේද ඉංජිනේරු අංශ දෙකක් වන තොරතුරු තාක්ෂනය (IT) හා නැව් නිර්මාණකරණයයි (Ship Building). පසුව අනෙකුත් ඉංජිනේරු අංශයන්ද ක්‍රමානුකුලව විවෘත කෙරෙනු ලබයි.

    පහත දැක්වෙන්නේ ඉන්දීය අයිටී සහ ඉංජිනේරු උපාධිධාරීන් පිළිබඳව ඔවුන්ගේම මාධ්‍ය තුළ පළවූ අදහස්;

    http://timesofindia.indiatimes.com/tech/tech-news/Over-80-of-engineering-graduates-in-India-unemployable-Study/articleshow/50704157.cms

    http://articles.economictimes.indiatimes.com/2013-06-24/news/40166802_1_employability-knowledge-economy-graduates

    ReplyDelete
    Replies
    1. මෙයට කලින් ඉන්දියා සමඟ ශ්‍රී ලංකාව නිදහස් වෙළෙඳ ගිවිසුමක් ක්‍රියාත්මක කළේය. එම ඉන්දීය ශ්‍රී ලංකා ගිවිසුම ක්‍රියාත්මකවූ වසර 18ක කාලය තුළ අපට ලැබුණේ ආයෝජන කම්හල් දෙකකි. එකක් පරන තඹ භාණ්ඩ අඩුමිලට එකතු කොට ඉන් ඉන්දියාවට අමුද්‍රව්‍ය ලෙස යැවීමට තඹ කුට්ටි කරන කම්හලකි. අනෙක වනස්පති ගිතෙල් හදන කම්හලකි. එම කම්හල් දෙකම ශ්‍රී ලංකාවට මෙලෝ වැඩක් නැති ඉන්දියාවට පමණක් වැඩක් ඇති දේවල්ය. ඉන්දීය ව්‍යාපාරික සමාගම් ලෙස නාරහේන්පිට ඇපලෝ රෝහලද, එයාටෙල් දුරකථන සමාගමද, ලංකා අයි.ඕ.සී තෙල් සමාගමද පමණක් ආරම්භ කර තිබේ. ඒවා පිහිටුවීමට ශ්‍රී ලංකා බැංකුවලින් ණය ගත්තා මිසක ප්‍රාග්ධනයක් රටට ආයෝජනය නොකළේය. ඉන්දීය අයි.ඕ.සී තෙල් සමාගම ලෝක‍ වෙළෙඳ පොලේ තෙල් මිල පහත වැටීමත් සමඟම දැන් ගජරාමෙට උ‍පයන ලාභයද ගිවිසුම අනුව බදු කොන්දේසි වලින් නිදහස්ව ඉන්දියාවට පොම්ප කෙරේ. එමෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත ගිණිපෙට්ටි, ඉටිපන්දම්, හදුන්කූරු වැනි ස්වයං රැකියා නිෂ්පාදන ශ්‍රී ලංකාවට එම නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ගෙන ඒමේදී ශ්‍රී ලංකාවේ එම නිෂ්පාදන සකස්කල කම්හල් පමණක් නොව නිවෙස්වල ස්වයංරැකියාලාභීන් දහස් ගණනකට උන්හිටි තැන්ද නැතිවිය. එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාව සිදුවූ පාඩුව, ලාභයට වඩා දස ගුණයකින් වැඩි බවට ඇතැම් විද්වත්හු පවසති.

      ඉන්දියාව සමඟ සීපා ගිවිසුම ශ්‍රී ලංකාවට අත්සන් කිරීමට 'බලකළේ' 2008 සිටය. සීපා වෙනුවට දැන් ආවේ ඉන්දු-ලංකා තාක්ෂණික සහයෝගිතා(ඉට්කා) ගිවිසුමය. විධිමත් තාක්ෂණික අධ්‍යයනයකින් තොරව ඉන්දියාව වැනි ප්‍රබල රාජ්‍යයක් සමඟ පුළුල් විවෘත ගිවිසුමකට එළැබීම ඉතා අවදානම්කාරී ක්‍රියාවකි. අගමැති රනිල් වික්‍රමසිංහ 2015 සැප්තැම්බර් 14,15 සහ 16 ඉන්දියාවට ගොස් කල සාකච්ඡාවෙන් අනතුරුව ඉට්කා ගිවිසුම කරළියට නැ‍ගිණි. ගිවිසුම දැනට පිටු 64කින් පමණ සමන්විත වන අතර තවමත් සම්පූර්ණකර නොමැති පරිච්ඡේද දෙකක් ගෙඩි පිටින් ගලවා ගැනීමට යන්නේ කලින් ලොප් වුණ සීපා ගිවිසුමෙනි.

      ඉට්කා ගිවිසුම අනුව දැනට ආණ්ඩුව ප්‍රකාශකර ඇති පරිදි ඔවුන් අනුමත කර ඇත්තේ භාණ්ඩ සහ සේවා ක්ෂේත්‍රයන් දෙකටය. එයට තොරතුරු තාක්ෂණ සහ සමස්ථ ඉංජි‍නේරු සේවාවන්ට අදාළ වෘත්තීන් ඇතුළත්ය. එහිම සඳහන් වන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ රැකියා ක්ෂේත්‍රයට වෛද්‍ය, පශු සහ දන්ත වෛද්‍ය, නීතිඥ, හෙද, වින්නඹු, පරිගණක ශිල්පී, පොත් තැබීම්, ගෘහ නිර්මාණ, භෞතික චිකිස්සක, දේපල සහ ලීසීන්, ඇසුරුම්, ධීවර, ප්‍රචාරක සහ උත්සව, සිනමා සහ රූපවාහිනී, අධ්‍යාපන සේවා, පාරිසරික කටයුතු, කොණ්ඩා කැපීම සහ රූපලාවන්‍ය ශිල්පී වැනිදෑද ඇතුළත් සෞඛ්‍ය සහ සමාජ සේවා ඇතුළු කේෂේත්‍ර ගණනාවක රැකියාවන්ද ඉන්දියානුවන්ට විවෘතවන බවය.

      දැනුම නිෂ්පාදනය කල හැකි අති බහුතර ඉන්දියානුවන් එක්කෝ නවතින්නේ ඇමරිකාවේ හෝ යුරෝපයේය. ශ්‍රී ලංකාවට එනු ඇත්තේද ඉතිරිව ඇති අඩු සම්භාවිතාවයකින් යුත් ඉන්දීය 'හාල් කෑලිය'. ඉන්දියානු රැකියාද ඒ අනුව ශ්‍රී ලංකිකයින්ට විවෘත වනු ඇත. සිදුවන්නේ ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ වැඩක් පමණි.

      Delete
    2. ඇනෝ කමෙන්ට් සියල්ලටම ස්තුතියි!

      Delete
  15. බොහෝ විට ලංකාවේ ජනතාව යම් කිසි වූ ආර්ථික ,සමාජයීය හෝ මූල්‍ය ප්‍රතිපත්තියක් දකින්නේ මැදසාලය හරහා ගෙදරට එන රූපවාහිනී නිවේදකයා හරහා , ඉන්පසු කුඩා වාක්‍ය ඛණ්ඩ අනුසාරයෙන් සැකසු යම් යම් උපහාසාත්මක හෝ ආවේගශීලී වැකි මුහුණු පොත හරහා සංසරණය වෙද්දී .ඒ තමයි අද ලංකාවේ ජනයා යම්කිසි ප්‍රතිපත්තියක් දකින විදිහ .

    මේ තත්වය අතික්‍රමය කරන්න රජයට පැහැදිලි වැඩ පිළිවෙලක් නැහැ. ඉතින් දෙරණේ දිල්කා හරීන් ප්‍රනාන්දු වැනි ජනප්‍රිය දහරාවේ අත්දැකීම් රහිත දේශපාලුවෙකු ඇන්නීම සහ දෙරණේ චතුර වැනි නොමෙරූ මාධ්‍යවේදියෙකු කරන වචන හරඹ තුලින් මේ එට්කා වට විරුද්ධ වීම සාධාරණය.

    ඇත්තෙන්ම රජය කල යුත්තේ මේ ගිවිසුම ප්‍රසිද්ධ කිරීමය . රටට හා වෘත්තිකයන්ට හානිකර යමක් එහි අන්තර්ගත් වේනම් අනිවාර්යයෙන් ඒවා සංශෝධනය කිරීමට රජය බැදී සිටීයැ යුතුය.

    මේ ගැන හරියාකාර දැනුවත් කිරීමට සහ හරියාකාරව දැනුවත් වීමට රජයට මෙන්ම ජනතාවටද වගකීමක් තිබේ .

    ReplyDelete
    Replies
    1. රනිල් යනු සියල්ල නොවේ , රනිල් යනු මොලයක් ද අලයක් දයානන් තීරණය වන්නේ මේ තත්වය ඔහු කළමනාකරණය කරන ආකාරය අනුවය. දැනටනම් එහම පරිනත බවක් ඔහුගෙන දිස්වන්නේ නැත. වළං කඩේට පැන්න ගොනාමෙන් හැම අතටම ඇනීම හැර වෙනදෙයක් ඔහු පෙන්නුවේ නැත.

      මේ ගිවිසුම කෙටුම්පත් කිරීමට දායක වූවන් සහ ආර්ථික විදවතුන් අතර සංවාදයක් ගොදනගේන්න් නැත්තේ ඇයි .

      Delete
    2. මුල කෑල්ලට අදාළව, ඔබ කියා ඇති දේවලට එකඟයි, ඉවාන්! මෙතන ආරම්භකයා රජය නිසා මුලින්ම බෝලේ තියෙන්නේ ඒ පැත්තේ.

      දෙවන කොටස ගැන මගේ ටිකක් වෙනස් කියවීමක් තියෙනවා. රනිල් තුලින් මම දකින්නේ ජේආර්ගේ ලක්ෂණ- හොඳ සහ නරක දෙකම. මෙය කොයි වෙලාවේ හෝ සටහන් කර තැබිය යුතු දෙයක්.

      Delete
    3. ///දැනටනම් එහම පරිනත බවක් ඔහුගෙන දිස්වන්නේ නැත. වළං කඩේට පැන්න ගොනාමෙන් හැම අතටම ඇනීම හැර වෙනදෙයක් ඔහු පෙන්නුවේ නැත. ///
      ++++++++++++++++++++++++++++

      Delete
  16. // රනිල් යනු සියල්ල නොවේ , රනිල් යනු මොලයක් ද අලයක් දයානන් තීරණය වන්නේ මේ තත්වය ඔහු කළමනාකරණය කරන ආකාරය අනුවය. දැනටනම් එහම පරිනත බවක් ඔහුගෙන දිස්වන්නේ නැත. වළං කඩේට පැන්න ගොනාමෙන් හැම අතටම ඇනීම හැර වෙනදෙයක් ඔහු පෙන්නුවේ නැත. //


    තවදුරටත් රනිල් ව විවේචනය කොලොත් ඔබේ නම ටොයි රෙජිස්ටරයෙන් ගලවා බයි රෙජිස්ටරයේ ලියනා බව කරුනාවෙන් සලකන්න....

    ReplyDelete
  17. මුකුත් දන්නේ නැතුව විරුද්ධ වෙන එක වැරදියි කියල කිව්වට, අඩු ගානේ මෙච්චර විරුද්ධ වෙලත් පොනිල් කරන්නේ තග දාන එක විතරක් නිසා විරෝධ කිරීම සාධාරණ බවයි මගේ හැඟීම...
    මුන්ට මේක එළියට දාන්න බැරි ඇයි...
    මිනිස්සු විරුද්ධ වෙන කරුණු කාරණා තියෙන නිසා මිසක් වෙන මක්කවත් නිසා නෙමෙයි ඕකුන් ඔය අටමගලේ එළියට දාන්නේ නැත්තේ...

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවකට සියල්ලන්ම සතුටු කරන්න බෑ. සමස්තයක් ලෙස හොඳක් වන යම් ප්‍රතිපත්ති තීරණයකින් ඇතැම් කොටස් වලට අවාසියක් වීම සාමාන්‍ය දෙයක්. ඒත්, ඇතැම් අයට එවැනි අවාසි වෙනවනම් එවැනි තීරණයක් ගන්නේ ඇයි කියන එක (වෙනත් අයට එහි ඇති වාසි) පැත්තක සිටින මධ්‍යස්ථ අයට පැහැදිලි කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. එසේ නොකළ විට අර පාට දන්නේ නැති අයත් මෙහි මොකක් හෝ අවුලක් ඇති බව හිතන්න පෙළඹෙනවා. අද පරම්පරාව 1977දී විවෘත ආර්ථිකය හඳුන්වා දෙනවිට සිටි අයට සාපේක්ෂව ටිකක් හෝ විමසිලිමත්. controlled landing එකකයි crash landing එකකයි වෙනස දන්නේ නැති තරමටම මෝඩ නෑ.

      Delete
  18. ඔය ධවල පත්‍රිකාව තැඹිලි පාට කියලා දැන ගත්තේ අද තමයි හිටං.ඇයි අර ගුවන් යානා වල කළු පෙට්ටියත් තැඹිලි පාටයි කියනවා නේ.

    කොහොම වෙතත් මේ ගිවිසුම ගැන රනිල් කියන කතා ඇහුවම හිතෙන්නේ බලහත්කාරයෙන් හෝ මේ වැඩේ කරන්න සුදානම් වගේ කියලා.හරියට කොච්චර විරෝධයක් ආවත් ජේ.ආර් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරුවා වගේ.
    ඔබ කියනවා වගේ මේ ගිවිසුම කළුද ?සුදුද? යන්නවත් හරියට නොදැන තමයි මෙයට විරුද්ධ වෙන අයත් පක්ෂ වෙන අයත් කටයුතු කරන්නේ.රනිල්ගේ චණ්ඩි කතා නැතුව මේ ගැන ආණ්ඩුව පැහැදිලි කිරීමක් කරලා රට ඇතුලේ සංවාදයකට යොමු කරවීමයි කල යුත්තේ.

    ReplyDelete
  19. නැහැ මෙහෙම පරුෂ වචනයෙන් කථා කිරීමේ තියන්නේ අපි 1980 ගණන් වල ජේ ආර් ලගෙන් දැක්ක බලහත්කාරයමයි. "නෑ අපි උඹලාට මේක කියන්නෙම නෑ, අපි දෙගොල්ල සාකච්ඡා කරලා ඒක කරනවා" මේකෙන් ආතල් ලබන්නේ "රනිල් මහත්තයා මහ මොළයක් කට හොල්ලන්න දෙන්නෙ නෑ, වැඩේ නියමෙට කරයි" කියලා හිතන අයයි, වලව්වේ බත්බැලයන් හැසිරෙන්නේත් මෙහෙම තමා. බත් බැලයා බලා ඉන්නේ 'හාමු' කියන දේ ගැනය. ආණ්ඩුවට කඩේ යන අයගේ තර්කය නම් "හරියට දැකලාත් නැතුව විරුද්ධ නේ" කියලා අහන එකයි. එහෙමා හරියට නෙවෙයි කොහොමත් දැකලා නැති කීයකට අපේ රට අස්සන් කලාද ඉනිදියන් සාමහමුදාව ගෙන්නුවේ අපට කියලද? ප්‍රබාකරන් එක්ක සාම ගිවිසුම කට එලඹුනේ අපට කියලාද? චීනෙත් එක්ක එක එක ගිවිසුම් ගැහුවේ අපට කියලද?
    මෙහෙම අපට නොකියා ගහන ගිවිසුම් හැම එකෙන්ම රටට අනන්ත්යක් කෙල වුනේය. පලාත් සභා සුදු අලි බවට පත් විය. සාම ගිවිසුම අමු අමුවේ උල්ලන්ඝන්ය විය, චීනෙන් ගත්ත ණය වල පොලී අධිකය.
    ඉතින් නොඩැක තමා කෑ ගහන්න වෙන්නේ. කෑ ගහලා කියන්නේ " ඕක අපට පෙන්නන්න" කියන එකයි. බෝලය තියන්නේ ආන්ඩුව පැත්තේය. මේක ආන්ඩුවේ පබ්ලික් රිලේශන්ස් අවුලක් යයි කියා පෙන්නන්නට ඉකොනොමැට්ටාත් උත්සාහ ගන්නා බව යන්තමට වගේ පෙනේ.
    ධවල ප්ත්‍රිකාව කාලේ අපි හිටියේ විශ්ව්ව විද්යාල වලය. හරි හමන් ක්‍රය ශඛියක් නැතිව හිටි මධ්යම පන්තියක් තිබුනු ඒ කාලයේ සමහර දේ ආරම්භ කිරීමේ අතිශය භයානක කමක් තිබුනි.
    ප්‍රශ්නය වෙන්නේ බහුතරයකට හොඳ වෙද්දී සුලුතරයකට පාඩු වීම කියන එකම නෙවෙයි. ඒ සුලුතරය කවුරුද කියන එක ලොකුවට බලපානවා. ඒ සුලුතරය තරුනයො නම් උපාධිධාරීන් නම් ඒ පීඩනය ගහන්නෙ රටේ කොඳු නාරටියට, තාම අධ්‍යාප්පනය ගොඩයන්න පුල්ලුවන් මාර්ගයක් හැටියට ලන්කාවේ පේන්න තියනවා. ඒක අන්තිමට මිරිඟුවක් වෙනවානම් ඒ සුලුතරය 'ක්‍රිටිකල් මාස්' එකට වැඩි නම් එතන අවුලක් ඇති වෙනවා.
    විරෝධය කියන්නේ මේ පාර්ලිමේන්තු ටොයි බයි හටනවත්, ටී වී වල බුද්ධිනී දීල්කා රතු කලු ඉරවල සටන නෙවෙයි. ඒක බොක්කටම වැදෙන එකක්, පලවෙනි ලෝක යුද්දෙ වන්දි ගෙවන්න තියන නිසා තමන්ගෙ රටේ අඟුරු පිටට යනවා බලාගන හූල්ලපු ජර්මන් ජාටිහ්කයන්ගේ සුසුම් මැද්දෙන් තමා එච්චර සංස්කෘතියෙන් පෝසත් රටක හිට්ලර් රකුසා එන්නේ. මේවා වලත් අවසාන ප්‍රතිපලය රකුසු නායකත්වයක් ඇති ආන්ඩු විරෝධය, ඒක ගේන හානිය ෆේස්බුක් ටොයියන් නොදන්නවාට අපි නම් දෙපාරක්ම අගේට දැක ඇත්තෙමු.

    ReplyDelete
    Replies
    1. මම ලියන්න සිටි දේවල් ටිකක් ඔබ ලියල තියෙනවා. කතාව සම්පූර්ණ වීමට එකතු කළ යුතු තවත් දේවල් තියෙනවා. පසුගිය දින දෙකේ සිදුවූ වෙනස්කම් එක්ක දැනට ඒවා ලියන්න හදිසියක් පේන්නේ නෑ. දැනට නැතත් යන විදිහට කොහොමත් කියන්න සිටි දේවල් කියන්න අවස්ථාවක් ඉක්මණින්ම ලැබෙයි.

      Delete
  20. me dawala pathrikawalata wiruddhawa apith galleface giya. Poice ballo ashwayo pitin evilla apiva moodata thallu kara. Moratuwe campus eke kellekuge ankle eka kaduna. Eki eeta passe sahenna charter wuna.

    ReplyDelete
    Replies
    1. අන්තිමට ධවල පත්‍රිකා යෝජනා බොහොමයක්ම එකින් එක ක්‍රියාත්මක කෙරුණා. සමහර ඒවා විජමු අධ්‍යාපන ඇමති වූ පසු ආපසු හැරවූවා.

      Delete
  21. මචං ඉකනෝ...........

    ඇත්තට ම මේ ඉට්කා ගැන සංවාදයක් ඇති වීමට කාලය වුණාට තාම මේ ගැන ඇත්තේ හාහූවක් පමණයි. ඒ තුළ කිසිම කරුණු කාරණා සහිත සංවාදයක් නැහැ.... තියෙන්නේ විරෝධයක් පමණයි..... අහන්න තියෙන්නේ අර උඹලාගේ විදුහල්පතිතුමාගේ කතාව තමා..... ආ ඉට්කා කලුද සුදුද????

    ReplyDelete
    Replies
    1. සංවාදයක් ඉතාම සීමිතව වෙනවා. GMOA වෙබ් සයිට් එකේ දෙපැත්තේම අදහස් පළ කර තිබෙනවා.

      Delete
  22. ආකෘතික ගිවිසුමක් අත්සන් කොට පසුව මස් පුරවන නිසා කලින් හෙලිකලහැකි දේවල් නොමැතිය.. මෙය වත් තේරුම් ගන්නට බැරි මෝඩයන් ඉට්කා වෙත විරුද්ධ බවද දැන් දැන් කියවෙනවා.. ඉංදියාව සත පහකට විස්වාස කරන්න බැරි බව ඔවුන් සංවිධානය කරන දේවල් දිහා බලපුවාම පෙනෙනවා.විනය අංක එකට තියෙන ක්‍රීඩාව විනාස කරන හැටි දැක්කම පුදුම අපුලක්.එහෙව් එකේ කොහෙ විස්වාස කරන්නද? රනිලුත් පෙර වැරදිත් එක්ක ඉන්න නිසා මිනිස්සු ව්‍යාකූල වෙලා.අපි ඉතින් ඉකෝන් ලා ලියන දේ දිහා බලන් ඉන්නෙ මක්කදෑ මේ සිද්ධවෙන්නෙ කියලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ගස්ලබ්බ. මෙය තමයි වෙන්නේ. අත්සන් කරන ආකෘතික ගිවිසුමක බොහෝවිට කියන්න තරම් හොඳක් හෝ නරකක් නැහැ. ඒකට හැමෝම බොරුවට කෑගහනවා. මෙහෙම කෑගහන්නේ ඇත්තටම නැති, ලොකු යකෙක්ව මවාගෙන. ටික දවසකින් පෙන්වනවා එහෙම ලොකු යකෙක් නැති බව. ඊට පස්සේ සෝඩා බෝතලේ රැස් ඉවරයි. අන්තිමට මස් පුරවන වෙලාවට කවුරුවත් මොකද වෙන්නේ කියලවත් දන්නේ නෑ. සමහරවිට මේක ආණ්ඩුවේ ක්‍රමෝපාය වෙන්න පුළුවන්.

      මෙහි තිබෙනවා කොමන් ප්‍රශ්න ගොඩකට පිළිතුරු. පරිවර්තනය කර දමන්න වෙලාවක් නැහැ.

      https://www.colombotelegraph.com/index.php/etca-is-not-cepa-in-all-respects-but-it-should-be-made-public-to-allay-fears/

      Delete
  23. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/3039-2016-02-24-23-32-59

    ReplyDelete
  24. මට හිතෙන්නෙ වුර්තිකයන් කියන දේට ICTA විරොදය කියල වැරදි අර්තකථනයක් දීල කියල. ඔවුන් කියන දේ නිවැරදිව වටහා ගන්න. වුර්තීය එකමුතුව කියන්නෙ ගිවිසුම ගහන්න එපා කියල නෙවෙයි. ඉස්සෙල්ල මුලින් ගහපු ගිවිසුම හරියට අද්යනය කරන්න. එකෙන් අපිට ගන්න පුලුවන් පාඩම් අරගන්න. මොකද ඉන්දියාව තුල ප්‍රාන්ත වශයෙන් වූ නොයෙකුත් අර්තික හ සමාජමය සීමාවන් තියෙනව. උදාහරණයකට ගත්තොත් එකම ඉන්දියනු මරුති කාරයක මිල සහ භාවිතය ප්‍රාන්ත අනුව විශාල වශයෙන් වෙනස් වෙනව. අනිත් කාරණය GMOA එක හෝ වේවා වෙනත් ආයතන වේව යමක් කියනකොට ඔවුනගෙ ඊට අදාල නොවන ලක්ශනයන් වලට පහර ගැහැව්ව කියල ඇතිවෙන ඵලය මොකක්ද. විය යුත්තේ මෙය සමාජය මත බලෙන් පැටවීම වෙනුවට මේ ගැන හොඳ කතිකාවතක් ඇතිකර මෙහි සිදුවිය හැකි වාසි සහ අවාසි ගැන දැනුවත් භාවයක් ඇතිකිරීමයි. අවාසි ගැන මගේ හිතේ සාදාරණ සැකසන්ක තියෙනව. ඒත් කාට හරි කියන්න පුලුවන්ද මේකෙන් සිදුවිය හැකි වාසියක්

    ReplyDelete
  25. ධවල පත්‍රිකාව මොන පාටද කියන ප්‍රශ්නය අපේ විදුහල්පතිතුමාත් අපෙන් ඇහුවා. ඔහු අපට පෙන්වූයේ තැඹිලි පාට පොත් පිංචක් නොව කළු පැහැති කවරයකින් යුත් ඒ4 ප්‍රමාණයටත් වඩා මඳක් වැඩි පිටු 120ක් විතර තිබුනු පොතක්. (සමහරවිට ෆුල් වර්ෂන් එක වෙන්න ඇති.)
    එතුමා අපට කිව්වෙ, “ස්ට්‍රයික් කරන්න එපා. අපේ පාසලේ නම කැත වෙනවා. රජයෙන් ලැබෙන්න නියමිත සමහර පහසුකම් නොලැබෙන්නත් පුළුවනි. ධවල පත්‍රිකාවේ ඇතැම් කොටස් වලට මාත් එකඟ නැහැ. ඒත් ස්ට්‍රයික් කරල මේක නවත්වන්න බැහැ.“
    තාවකාලිකව පසුබැස්සත් ඉස්කෝලෙට ඇවිත් හිටපු කැමපස් අයියලා කොහොම හරි ළමයි ටික පාරට ගත්තා. ඔය “රනිල් ගොනා....“ වගන්ති අපිත් මහ හයියෙන් කෑ ගහල කිවුවා. විරෝධය නැගල ගියා. ධවල පත්‍රිකාව අකුළාගන්න ආණ්ඩුවට සිද්ධ වුනා. ඒත් ඒකෙ වගන්ති ක්‍රියාත්මක වුනා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.