වෙබ් ලිපිනය:

Wednesday, July 21, 2021

සෙනසුරු අපලයෙන් බේරෙන්නේ කොහොමද?


ලංකාවේ බොහෝ දෙනෙක් ජ්‍යෝතිෂය විශ්වාස කරනවා. ජ්‍යෝතිෂය විශ්වාස කරන අය සෙනසුරු ඒරාෂ්ඨකය සලකන්නේ ඉතාම නරක අපල කාලයක් ලෙසයි. සෙනසුරු මාරුවක් සිදු වන විට ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂා කර ගන්නවා. සෙනසුරු ඒරාෂ්ඨක එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරය අනුව "හෙනහුරාගේ අපලේ" ලැබෙන ආකාර ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ලග්න ඒරාෂ්ඨකය හෝ ජන්ම ඒරාෂ්ඨකය ලබපුවහම එය ගෙවෙන්න වසර හත හමාරක පමණ කාලයක් යනවා. සෙනසුරු ඒරාෂ්ඨකය ගැන දැන නොසිටියත්, හෙනහුරා අවුරුදු හතහමාරක් විෂ්ණු දෙවියන්ටත් බට කොළ කවපු කතාව ජ්‍යෝතිෂය විශ්වාස නොකරන අයෙක් වුවත් අසා නොතිබෙන්න හේතුවක් නැහැ.

ජ්‍යෝතිෂය පදනම් වී තිබෙන්නේ පෘථිවියට සාපේක්ෂව සිදු වන අනෙකුත් ග්‍රහයන්ගේ චලනය මතයි. කේන්ද්‍ර සටහනකින්  කරන්නේ කිසියම් මොහොතක පෘථිවියට සාපේක්ෂව අනෙකුත් ග්‍රහයින්ගේ පිහිටීම සටහන් කර තබන එකයි. මෙහිදී පොළොවට සාපේක්ෂ අහස කොටස් දොළහකට බෙදා එම එක් එක් කොටසක් තුළ දැකිය හැකි ග්‍රහයින් අදාළ කොටු වල සටහන් කරනවා.

සෙනසුරා හෙවත් ශනි ග්‍රහයා සූර්ය ග්‍රහ මණ්ඩලයේ සූර්යයාට බොහෝ ඈතින් වූ පථයක චලනය වන ග්‍රහයෙක්. පෘථිවිය චලනය වන්නේ සෙනසුරුට සාපේක්ෂව සූර්යයාට කිට්ටුවෙන් නිසා පෘථිවියට සාපේක්ෂව ශනි ග්‍රහයාට වටයක් සම්පූර්ණ කරන්න වසර තිහක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා, කිසියම් මොහොතක අඳින කේන්ද්‍ර සටහනක ශනි ග්‍රහයා ලකුණු කෙරෙන තැනට වටයක් ගොස් නැවත ආපසු එන්නට ශනි ග්‍රහයාට වසර තිහක පමණ කාලයක් ගත වෙනවා. ලග්න දොළහක් තිබෙන නිසා එක ලග්නයක සීමාව පසු කරන්න සෙනසුරුට වසර දෙකහමාරක පමණ කාලයක් ගත වෙනවා.

සෙනසුරු කිසියම් පුද්ගලයෙකුගේ උපන් ලග්නය, ඊට පෙර ලග්නය හා ඊට පසු ලග්නය පසුකරන කාලය සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලෙස හැඳින්වෙනවා. මේ කොටු තුන පහු කරන්න ආසන්න වශයෙන් වසර හතහමාරක් පමණ ගත වෙනවා. එහෙත් මෙය සාපේක්ෂ චලිතයක් නිසා කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. කිසියම් පුද්ගලයකුට බොහෝ විට ජීවිත කාලය තුළ තෙවරක් සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලබනවා. එහෙත්, තෙවන වර දක්වා හැමෝම ජීවත් නොවෙන්න පුළුවන්.

උදාහරණයක් විදිහට, 1948 පෙබරවාරි 4 දින උදේ 7:30ට කොළඹදී උපන් කෙනෙක්ගේ ලග්නය කුම්භ ලග්නයයි. ලංකාවට නිදහස ලැබුණේ මේ වෙලාවේදී නිසා ලංකාවේ රාජ්‍ය ලග්නයද කුම්භ ලග්නය සේ සලකනවා. කුම්භ ලග්නයට පෙර ලග්නය මකර ලග්නයයි. කුම්භ ලග්නයට පසු ලග්නය මීන ලග්නයයි. මේ අනුව, ලංකාවේ රාජ්‍ය කේන්ද්‍රය අනුව, මකර-කුම්භ-මීන රාශි වල සෙනසුරා ගමන් කරන කාලය සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨක කාලය ලෙස සැලකිය හැකියි.  මකරාගේ කොටුවට සෙනසුරා ආවා කියන්නේ ඒරාෂ්ඨක කාලය ලබලා!

පසුගිය 2020 ජනවාරි 24 වෙනිදා සෙනසුරා මකර රාශියට ඇතුළු වුනා. මකර-කුම්භ-මීන රාශි හරහා ගමන් කරමින් සිටින සෙනසුරා මීන රාශියෙන් පිටව යන්නේ 2027 ජූනි මාසයේදී. මේ වසර හත හමාරක කාලය 1948 පෙබරවාරි 4 දින උදේ 7:30ට කොළඹදී උපන් කෙනෙකුගේ සෙනසුරු ඒරාෂ්ඨක කාලයක් සේ හඳුන්වන්න පුළුවන්. ජනශ්‍රැතිය අනුව, විෂ්ණු දෙවියන්ට බට කොළ කන්න සිදු වුනේත් සෙනසුරු ඒරාෂ්ඨක කාලයකයි.

විෂ්ණු දෙවියෝ ගැන කවුරු වුනත් අහලා තියෙනවනේ. ඔහුගේ බිරිඳ ලක්ෂ්මී. ධනයට අධිපති. සෙනසුරු ඒරාෂ්ඨක කාලය ලබන තුරුම විෂ්ණු ලක්ෂ්මීත් එක්ක ඉතාම සතුටින් දිව්‍ය භෝජන වළඳමින්, දෙවු සැප ලබමින් කාලය ගත කරලා තියෙනවා. ඔහොම ඉඳිද්දී හදිසියේම දවසක සෙනසුරා ඇවිදින් දැන් එළැඹෙන්නේ තමන්ගේ කාලය බව විෂ්ණු දෙවියන්ට මතක් කරලා. මේ වගේ දැනුම් දීමක් විෂ්ණු දෙවියන්ට වුනත් නොසලකා හරින්න බැහැනේ. සෙනසුරා එක්ක සෙල්ලම් නැහැ!

කොහොම වුනත් විෂ්ණු දෙවියෝ වගේ බලවත් කෙනෙක්ට පුළුවන්ද සෙනසුරාට වුනත් සෙකන්ඩ් වෙන්න? මොන නව නිංගිරාවක්ද? ඒ නිසා, විෂ්ණු දෙවියෝ කල්පනා කරනවා අපල කාලය ගෙවුනට පස්සේ  "මම තමයි හොඳටම කළේ" කියා කියන්න ක්‍රමයක්. ඔහොම කල්පනා කරලා අන්තිමට තීරණය කරනවා අපලය ගෙවෙන තුරු ඇත් වේශයක් අරගෙන සෙනසුරුට හොයා ගන්න බැරි කැලේක හැංගිලා ඉන්න. කොහොමද ටිකිරි මොළේ?

ඉතිං විෂ්ණු දෙවියෝ ඇත් වේශයක් අරගෙන කැලේකට යනවා. මේක බට කැලයක්. බට කැලේක දිව්‍ය භෝජන නැහැනේ. ඒ නිසා, අවුරුදු හතහමාරක් තිස්සෙම බට කොළ කකා කාලය ගෙවනවා. සෙනසුරු අපලය ගෙවුනට පස්සේ නැවත දිව්‍ය ලෝකයට ඇවිත් සෙනසුරාට කෝචෝක් පාරක් දානවා.

"තමුසේ හැමෝටම අපල කළාට අවුරුදු හතහමාරක් තිස්සෙම මාව අල්ල ගන්න බැරි වුනානේ?" 

මම තමයි පළමු වරට සෙනසුරු අපලෙන් බේරුණේ!

සෙනසුරා කට කොණකින් කින්ඩි හිනාවක් දානවා.

"ඔබ වගේ බලවත් දෙවි කෙනෙක්ට දිව්‍ය භෝජන අත ඇරලා, ලක්ෂ්මිය සමඟ කිසිදු ඇසුරක් නැතිව, අවුරුදු හත හමාරක් කැලේක හැංගිලා බට කොළ කන්න සලස්සන එකට වඩා තවත් කරන්න පුළුවන් අපලයක් තියෙනවද?'

මේ කතාව මට මතක් වුනේ මගේ මිතුරෙක් අහපු ප්‍රශ්නයක් නිසා.

"ආනයන පාලනය කරලා ලංකාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න බැරි වෙයිද?"

ලංකාව ආර්ථික අර්බුදයක ඉන්න බව අපි කවුරුත් දන්නවා. මේක විදේශ අංශයේ අර්බුදයක්. ඒ අනුව, ආර්ථිකය කඩා වැටුනොත් වෙන්නේ කුමක්ද?

මෙහි බලපෑම ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ විණිමය අනුපාතිකයට. නරක තත්ත්වයක් යටතේ ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ යා හැකියි. ඉන් පසු, ආනයන වල රුපියල් මිල ඉහළ යන නිසා බොහෝ දේ පෙර තරමට ආනයනය කරන්න බැරි වෙයි. උදාහරණයක් විදිහට ගොවීන්ට අවශ්‍ය පමණ පෝර ආනයනය කරන්න නොහැකි වී, එය අස්වැන්න අඩු කිරීමට හේතු වෙන්න පුළුවන්. අවශ්‍ය පමණ තෙල් ආනයනය කරන්න බැරි වෙන්න පුළුවන්. මිල අධික නිසා වාහන අවශ්‍ය ඇතැම් අයට වාහන ආනයනය කරන්න බැරි වෙන්න පුළුවන්. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන්න බැරි වී එය ආර්ථික වර්ධනය කෙරෙහි නරක ලෙස බලපාන්න පුළුවන්. රට තුළ බොහෝ දෙනෙකුට ආනයනික භාණ්ඩ මිල දී ගත නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි. මේ දේවල් වෙන්නේ විණිමය අනුපාතිකය එක වර කඩා වැටුණොත්.

ආනයන පාලනය කිරීමෙන් විණිමය අනුපාතිකය කඩා වැටෙන එක වලක්වා ගන්න පුළුවන්!

24 comments:

  1. Jagath PathiranaJuly 21, 2021 at 5:51 PM

    https://www.youtube.com/watch?v=LDS2Cc9Rghs

    ReplyDelete
  2. ඉකොන්,

    මේ දවස්වල ලංකාවේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ විදේශ මුදල් සංචිතය සිඳී ගෙවුම් ශේෂ හිඟය බරපතල ලෙස වැඩි වී ඇති පසුබිමක පවතින තත්ත්වය මත රජයට වුවමනා වී තිබෙන්නේ ඉන්ධන භාවිතය අඩු කිරීම බව ලංකාවේ ප්‍රධානතම සමාජවාදී වාමාංශික මතවාදයන් නියෝජනය කරන දේශපාලකයකු වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළ අතර ඒ සඳහා පහසුම වෙළෙඳපොළ උපක්‍රමය වන්නේ මිල වැඩි කිරීම බවත් එමගින් ඉන්ධන භාවිතය පහළ යන බවත් ඇමැතිවරයා පෙන්වා දුන් නමුත් මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නොවෙයි නේද?

    ඒවගේම රජයේ මැදිහත්වීමක් තුලින් ඉන්ධන මිල අඩු නොකරන්නේ නම් ඊට ඇති විකල්ප ක්‍රමයක් වන්නේ සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම බවත් පැවසූ ඔහු එමගින්ද තෙල් භාවිත කරන ප්‍රමාණය සීමා කළ හැකි යැයි ද පැවසුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිවූ සමගි ජන බලවේගයේ සහ ජවිපෙ ජාතික ජන බලවේගයේ මෙහෙයවීමෙන් ගෙන ආ විශ්වාස භංග යෝජනා ගැන පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයට එක්වී එහිදී අදහස් පළ කරමින්.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් ලබා ගැනීම වෙනුවෙන් පෙරේදා විවෘත කරන ලද ටෙන්ඩරයට කිසිදු සමාගමක් ලංසු ඉදිරිපත් කරන්න නැතැයි වාර්තා වුණ එක ගැන ඔබට අදහසක් තියෙනවා ද?

    (ඒනිසා මේ තත්ත්වය මත එම ටෙන්ඩරය නැවත දින වෙනස් කර ඉදිරිපත් කිරීමට තෙල් සංස්ථාව සූදානම් වන බවද කියවුණා.)

    කෙසේ හෝ මෙහිදී මේ සැපයුම්කරුවන් ටෙන්ඩරය සඳහා උනන්දුවක් නොදැක් වීමට හේතුව ලංකාවේ පවතින ඩොලර් හිඟයයි.

    සාමාන්‍යයෙන් මේ වගේ ටෙන්ඩරයක් ඉදිරිපත් වූ අවස්ථාවලදී ඒ සඳහා ලංසු තැබීමට ලබා දෙන කාලයේ දී අවම වශයෙන් සැපයුම්කරුවන් තිදෙනෙකුවත් එයට ලංසු තබා තිබේ.

    කුමන හෝ තත්ත්වයක් යටතේ හෝ විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මීට පෙර සඳහන් කර ඇත්තේ ඉදිරි සති තුනක සඳහා අවශ්‍ය කාලයට මෙරට තුල ඉන්ධන ප්‍රමාණවත් පරිදි ගබඩා කර ඇති බවයි.

    මේ වගේම මෙතෙක් තෙල් මිලදී ගැනීමේදී ලංකාව දැනට දැඩි විදේශීය විනිමය අර්බුදයකට මුහුණපා සිටින අතර භාණ්ඩ ආනයනය කිරීම ද දැඩි ලෙස සීමා කර තිබේ.

    ඒ වගේම මේ වනවිට ඉදිරි දිනවල පියවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ණය වාරිකයෙන් පසු ඩොලර් හිගය තව දුරටත් උග‍්‍ර වනු ඇතැයි මුල්‍ය විශේෂඥයන්ගේ අදහසයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  3. Sri Lanka's previous President Mahinda Rajapakse’s government to defend Sri Lankan capitalism from 2005 to 2014—the final years of the bloody communal war against the separatist freedom movement Liberation Tigers of Tamil Eelam, and its response to the global financial crisis in 2008–2009 has revealed all of it.

    All of Sri Lanka’s opposition parties, trade unions and the media backed the bloody communal war, which ended in May 2009 with the killing of tens of thousands of innocent unarmed Tamil civilians. Most of the Ordinary people and media activists who criticised the government’s actions were brutally murdered, “disappeared” or severely tortured in massive torture camps like Auschwitz located islanwide. At the same time, the SL government obtained massive foreign loans to finance its war, with workers and the poor made to pay with wages frozen and social expenditure slashed.

    Colombo government responded to the 2008–2009 financial crisis by retrenching around 500,000 employees and imposing IMF-dictated austerity measures to secure a $1.5 billion bailout loan.

    In 2016, the IMF refused the last instalment of another $1.5 billion loan obtained by the Sirisena-Wickremesinghe regime, citing its failure to reduce the fiscal deficit to 3.5 percent of gross domestic product (GDP).

    Over the past 18 months, the former regime's bloody defense secretary and current President NG Rajapakse has spouted nationalist rhetoric, curbed imports and implemented new austerity measures, while insisting that his government would not have to turn to the IMF.

    Last week, however, the Sunday Times, citing a treasury official, reported that the government would request $800 million under IMF special drawing rights. These SDR should be purchased by Either USA, EU or China to convert them to usable money.

    However in Feb 2020, the IMF reviewed the Sri Lankan economy and said: “The authorities should move ahead with growth-enhancing structural reforms to fully harness Sri Lanka’s economic potential.”

    The IMF repeated its call for the privatisation or commercialisation of all state enterprises, further cuts to public education and health, more state sector sackings and other measures.

    ReplyDelete
    Replies
    1. The bloody Rajapakse regime, however, will have to implement even harsher austerity policies than those proposed last year by the IMF, which were issued before the full impact of the COVID-19 pandemic.

      Colombo’s decision to print billions more rupees and provide generous tax concessions to big business, saw Sri Lanka’s fiscal deficit climb to 11 percent of GDP last year. Economists have calculated, however, that the real figure is a staggering 14 percent.

      In line with the president’s criminal policy of prioritising profits before human lives, Finance Minister Rajapakse has also confirmed that he will push for the abandonment of the remaining coronavirus health restrictions. At a meeting this week with other ministers, he emphasised the need to “revitalise the manufacturing base of the country,” warning that unless this occurred, “the government will fall short of money to run the economy.”

      Last month, the Federation of Chambers of Commerce and Industry of Sri Lanka wrote to the government, urging it to take more measures to boost their activities and profits. The Sri Lankan business lobby group wants new laws to expand home/remote work, part-time employment, contract work and flexible hours. It has also demanded more restructuring of state-owned enterprises in order to exploit those industries and services. These job destruction demands will further increase unemployment and poverty, which according to some commentators is over 10 percent.

      Colombo’s attacks on jobs and social spending will fuel the eruption of mass struggles despite the desperate efforts of the unions, opposition political parties and the media to prop up the Rajapakse regime.

      In line with an unfolding wave of struggles by the international working class, Sri Lankan workers have begun resisting the government and big business attacks as indicated by widespread strike action and demonstrations in the health, education, administration, electricity, railways and plantation sectors in recent months. Hope Sri Lankan leftists could lead well against the bloody capitalist dictatorship rules SL at the moment.

      Delete
  4. ඇත්තටම ආනයනය පාලනයෙන් මේක ගොඩ දාන්න පුළුවන් ද? ඒ කියන්නේ දැන් හොඳටම කරනවා කියන එක නේද

    ReplyDelete
    Replies
    1. පුළුවන්. හැබැයි විෂ්ණු දෙවියෝ හෙනහුරු අපලෙන් බේරුණු ක්‍රමයට.

      Delete
    2. එහෙම කරන්න තිබ්බා ලංකාව බටකොල වලින් ස්වයංපෝෂිත නම්. මේ කනාටු බට පඳුරු වලින් මහා ලොකු බටකොළ ප්‍රමාණයක් කඩා ගන්න බැහැ නේද? අන්තිමට බටකොලත් නැතිවෙන ලකුණු නේද තියෙන්නේ

      Delete
  5. භාණ්ඩාගාරය හූරලා කන පාඩු ලබන රාජ්‍ය විවසාය පෞද්ගලිකකරණය කරල, බකන්නිලන් ඉන්න රාජ්‍ය සේවය කාර්යක්ෂම කරලා, රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව මේක නෙමෙයිද

    ReplyDelete
  6. පාඨලීගෙ මේ කතාව ඇත්තද? නැත්නම් තාර බර ඇරලා ගන්න ඕනෙද
    https://www.facebook.com/1225780574132851/posts/4390700037640873/

    ReplyDelete
    Replies
    1. ඉදිරිපත් කරන කරුණු වල තාක්ෂනික වැරැද්දක් නැහැ. පුරෝකථන විය හැකියාවන් ලෙස ගත් විට සිදු විය හැකි දේවල්. එහෙත්, ඒ දේවල් එලෙසම වෙන්න හෝ නොවෙන්න පුළුවන්. ඔහු පෙන්වා දෙන්නේ ඇති විය හැකි නරකම තත්ත්වයක්. මට හිතෙන්නේ දැන් ආණ්ඩුව කෙසේ කීවත් තත්ත්වය වඩා දරුණු වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යයි කියලා. කොහොම වුනත් යම් කාලයක් බට කොළ කන්න වෙයි.

      Delete
    2. IMF වෙත යන්න වෙනවා කියන්නේ, රටේ තිබෙන chronic ප්‍රශ්න කිහිපයකටවත් යම් සාධනීය විසදුම් දෙන්න ආණ්ඩුවට සිද්ද වෙන එකනේ.

      Delete
    3. IMF වෙත යන්න වෙනවා කියන්නේ රටේ තිබෙන chronic ප්‍රශ්න කිහිපයකට තාවකාලික විසදුම් දෙන්න රජයට සිද්ද වෙන එක පමණයි. IMF එක සැලකිලිමත් වෙන්නේ දෙන ණය ආපසු ගෙවන්නට ගත වන කාලය තුළ රටේ ආර්ථිකයේ තත්ත්වය ගැනයි. IMF ගියා කියලා රටේ තිබෙන දිගුකාලීන chronic ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒවා විසඳා ගැනීම ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වැඩක්. IMF යාමෙන් chronic ප්‍රශ්න විසඳෙනවානම් IMF ගිහින් තියෙන තරමට මේ වෙද්දී මේ ප්‍රශ්න විසඳී තිබිය යුතුයි. IMF යාමෙන් ලැබෙන වාසිය ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් හෙවීමට යම් කාලයක් ලැබෙන එක පමණයි.

      Delete
    4. නැහැ ඉකොන් මම අදහස් කලේ ඇත්තටම ඔය කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF, ලෝක බැංකුව IBRD, ලෝක වෙළඳ සංවිධානය WTO, වගේ සම්ප්‍රදායික ණය ආධාර ලබා දෙන ජාත්‍යන්තර ආයතන වලින් සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් වලට ඒ ආධාර වෙනුවෙන් පනවන විවිධාකාර ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති policies වෙනුවෙන් පණවන කොන්දේසි තුළින් ශ්‍රී ලංකාව වැනි රටවල් සාර්ථකත්වයක් ළඟා කරගෙන ඇති බවට ඉතිහාසයේ සාක්ෂි නැති බවයි, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානයට සම්බන්ධ අධ්‍යාපන පුනර්ජීවන වැඩසටහන ඇතුළු බොහෝ ආර්ථික පර්යේෂණ ආයතන වල පර්යේෂණ මගින් තහවුරු කර තිබෙන කාරණා වල හරය වෙන්නේ.

      ඒ අනුව ලංකාව වගේ රටවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන දරන ආර්ථික ප්‍රතිපත්තිවලින් කිසිම රටක් ඔය කියන ගැලවුමක් සොයා ගෙන නැහැ. ඒක තවත් නරක අතට හැරෙන බවට අත්දැකීම් තමයි ලංකාවේ වගේම ආසියාවේ සහ අප්‍රිකා රටවල් ගොඩක් දශක ගණනාවක් තිස්සේ ලබා ගෙන තියෙන්නේ. ඒ නිසා තමයි අප්‍රිකානු රටවල් සියල්ලම පාහේ සහ ගොඩක් ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් ද චීන ණය වගේ විකල්ප මාර්ග හොයන්නට පෙළඹී තියෙන්නේ පහුගිය දශක දෙකකට විතර කාලේ පුරාම.

      ඒ වගේම තමයි 2016 ලංකාවේ ආණ්ඩුව IMF එකෙන් ගත්ත ඩොලර් බිලියන දෙක හමාරක් විතර වූ ණය මුදල නිකන්ම ලැබුණු බව තමයි ඒ කාලේ රජයේ මාධ්‍ය වලින් ඉතා පුළුල් ලෙස ප්‍රචාරයක් දෙමින් ලංකාවේ මහජනතාවට පෙන්වූයේ. නමුත් ආර්ථික වශයෙන් කොන්දේසි ගණනාවක් මූලික අංශ හයක් යටතේ ලංකාවේ ආර්ථිකය ප්‍රතිසංස්කරණවලට ලක් කරන්න ඒ කාලේ තිබුණ රනිල්-මෛත්‍රී ආණ්ඩුව එකඟ වෙලා තිබුණා.

      ඒ අනුව ආණ්ඩුවේ අය වැය හිඟය අවම කිරීම, ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහ ගත කිරීම, විනිමය අනුපාතය සහ ජාත්‍යන්තර නිදහස් වෙළඳ ගිවිසුම් ඉහළ දැමීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට පුළුල් කොන්දේසි මාලාවකට ලංකාව එකඟ වී ඇති බව ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානයේ වාර්තා වල පවා සඳහන් වුණා. එයින් මේ වැඩපිළිවෙළෙන් රටට සිදුවිය හැකි හානිය පරාජය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ නමුත් එය එම ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න එම ආණ්ඩුව කටයුතු කළා. අවසානයේ රටේ ආර්ථිකය හැකිලීම සමග එම ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති වල ඍජු ප්‍රතිඵල ලෙසම ඉතා බරපතල ලෙස ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇති වී රජය දැඩි ලෙස අප්‍රසාදයට පත් වූ අතර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි අගමැතිට, මුදල් ඇමතිවරු දෙදෙනාම සහ තවත් බොහෝ දෙනෙක් දේශපාලනයෙන් පවා ඉවත් කිරීමට ජනයා තීරණය කළා.

      මීට හේතු වෙන්නේ ඉහත කී කොන්දේසි යටතේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේදී යථාර්ථය ආමන්ත්‍රණය කිරීමට ආණ්ඩුව අසමත් වීමයි. උදාහරණයක් විදියට ඒ කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අපට ලැබෙනවා කියල දැන ගත් වහාම රජයේ මැදිහත්වීමකට අනුව ක්ෂණිකව VAT බදු වැඩි වුනා. ලංකාවේ පොදු මහජනතාව මත තමයි ඒ බදු බරත් පැටවුනේ. විශේෂයෙන් අඩු ආදායම් ලාභීන් මහත් සේ පීඩාවට පත් වූ අතර මධ්‍යම පන්තියේ අයත් බොහෝ දුරට කෝපයටත් අපහසුතාවයටත් පත් වූ අතර බදු අඩු කරන්න කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වලට එරෙහිව විශාල වශයෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ඇතිවුණා.

      මේ නිසා ලංකාවේ විදේශ ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුමක් වශයෙන් ජාත්‍යන්තර ණය ආධාර ලබා දෙන මූල්‍ය ආයතන වල කොන්දේසි වලට යටත් වී ණය ගැනීමෙන් තත්ත්වය තව තවත් විෂම චක්‍රයක් නිර්මාණය කරමින් බරපතල විදිහට උග්‍ර වන බව ලංකාවේ පමණක් නොව බෝහෝ දියුණු වන රටවල් වල අත්දැකීමකි. මේ නිසා මීට විකල්ප මාර්ග ලෙස ණය හෝ විදේශ මුදල් ආදායම් ලබා ගෙන දේශීය ආර්ථික විශේෂඥයින්ගේ සැලසුම් ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් ඒ හරහා රටේ ආර්ථිකය දියුණුවට යොදා ගත හැකි ක්‍රමයක් ලෙස ඔබට යෝජනා කළ හැකි දේවල් මොනවද?

      Delete
    5. //සම්ප්‍රදායික ණය ආධාර ලබා දෙන ජාත්‍යන්තර ආයතන වලින් සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් වලට ඒ ආධාර වෙනුවෙන් පනවන විවිධාකාර ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති policies වෙනුවෙන් පණවන කොන්දේසි තුළින්//

      මෙය ඔබ දැන හෝ නොදැන කරන වැරදි ප්‍රකාශයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීමේදී කොන්දේසි පනවන්නේ නැහැ. ඒ වගේම එම ණය දෙන්නේ රටක මහ බැංකුවට මිසක් රජයට නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු තැනකට රටක් වැටෙන්නේම ආර්ථික ප්‍රතිපත්ති වල වරදකින්. එවැනි තැනකට වැටී සිටින රටකට ණය ආපසු ගෙවීමේ හැකියාවක් නැහැ. (දැන් ලංකාව වැටී තිබෙන තැනත් එවැනි තැනක්.) ඒ නිසා ණය ආපසු ගෙවීමේ හැකියාව ඇති බව පෙන්වන්න තමන් මෙතෙක් අනුගමනය කරන ප්‍රතිපත්ති ඉදිරියේදී වෙනස් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්විය යුතුයි. එම වෙනස්කම් නිසා රට නැවත නියම මාර්ගයට වැටෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒත්තු ගැන්වීමට රජයක් සමත් විය යුතුයි. ණය ලැබෙන්නේ ඉන් පසුවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කෙරෙන්නේ අදාළ රජයේ පැත්තෙන්. ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය හැම අවස්ථාවකදීම ඒ වන විට පැවති ගෙවුම් ශේෂ අර්බුදයෙන් මිදී තිබෙනවා. ලංකාව හා අදාළව හැකිනම් එසේ නොවූ එක් අවස්ථාවක් පෙන්වන්න. ලංකාවේ වගේම වෙනත් ලංකාව වැනි රටවලත් ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිටෙන් ගෙවුම් ශේෂ අර්බුදයෙන් ගොඩ යාමෙන් පසු නැවත පරණ පුරුදු මාර්ගයටම වැටෙන එකයි. මෙය හරියට සිරෝසියස් හැදී රෝහල්ගතව යාන්තම් සනීප වී ගෙදර එන කෙනෙක් නැවත කසිප්පු පොළටම යනවා වගේ වැඩක්. ලෝක බැංකුව විසින් බොහෝ විට ලබා දෙන්නේ ව්‍යාපෘති ණය. එහිදී එම ණය ලබා ගැනීමේ කොන්දේසිය වන්නේ ණය ඉල්ලා සිටින ව්‍යාපෘතිය සඳහා අදාළ මුදල් වැය කළ යුතු බවයි. ඒ හැර වෙනත් ප්‍රතිසංස්කරණ යෝජනා කොන්දේසි ලෙස ඉදිරිපත් කරන්නේ නැහැ. ලෝක වෙළඳ සංවිධානය මූලික වශයෙන් ණය දෙන ආයතනයක් සේ සැලකිය නොහැකියි. එහි අරමුණ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරීමයි. ඇතැම් විට එම අරමුණ වෙනුවෙන් ණය හා ආධාර ලබා දෙන අවස්ථා තිබෙනවා.

      Delete
    6. //ඒ අනුව ලංකාව වගේ රටවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන දරන ආර්ථික ප්‍රතිපත්තිවලින් කිසිම රටක් ඔය කියන ගැලවුමක් සොයා ගෙන නැහැ. ඒක තවත් නරක අතට හැරෙන බවට අත්දැකීම් තමයි ලංකාවේ වගේම ආසියාවේ සහ අප්‍රිකා රටවල් ගොඩක් දශක ගණනාවක් තිස්සේ ලබා ගෙන තියෙන්නේ. //

      මෙයත් වැරදි නිරීක්ෂණයක්. කලින් කිවුවා වගේම ජාත්‍යන්තර ආයතන වෙත යන්නේම වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අමාරුවේ වැටුණු රටවල්. එම වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ඒ රටවල් වල තත්ත්වය නරක අතට හැරෙන එක පැත්තක ඉන්න ජාත්‍යන්තර ආයතනයක වැරැද්දක් නෙමෙයි. දිනපතා කසිප්පු බී අක්මාව දිය වීම නිසා රෝහල්ගත වන අයෙක් රෝහල්ගත වී ප්‍රතිකාර ගත්තත් වෙනත් අයෙකුට වඩා කලින් මැරෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඉන් පසුව, "රෝහල්ගත වී ප්‍රතිකාර කරලත් ජීවත් වුනේ අවුරුදු දෙකයි" කියලා එම පදනම මත ඉක්මන් මරණයට හේතුව ලැබුණු ප්‍රතිකාර කියා නිගමනයකට එන්න බැහැ. එම ප්‍රතිකාර නැත්නම් කලින්ම මැරිලා.

      //ඒ නිසා තමයි අප්‍රිකානු රටවල් සියල්ලම පාහේ සහ ගොඩක් ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් ද චීන ණය වගේ විකල්ප මාර්ග හොයන්නට පෙළඹී තියෙන්නේ පහුගිය දශක දෙකකට විතර කාලේ පුරාම.//

      උදාහරණයකින්ම කියනවානම් කසිප්පු වලට ඇබ්බැහි වූ අයෙකුට බෙහෙත් ගන්න ණය දෙන කෙනෙක් කසිප්පු බොන්න ණය දෙන්නේ නැහැ. කසිප්පු බොන්න අවශ්‍යනම් කොන්දේසි නොදා ණය දෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න වෙනවා. එහෙම ණය දෙන අය වුනත් මැරෙන තැනටම වැටුනට පස්සේ තවත් ණය දෙන්නේ නැහැ. දුන්නොත් දෙන්නේ තියෙන ඉඩමක් දේපොළක් අයිති කර ගන්න බලාගෙන පමණයි.

      //ජාත්‍යන්තර ණය ආධාර ලබා දෙන මූල්‍ය ආයතන වල කොන්දේසි වලට යටත් වී ණය ගැනීමෙන් තත්ත්වය තව තවත් විෂම චක්‍රයක් නිර්මාණය කරමින් බරපතල විදිහට උග්‍ර වන බව ලංකාවේ පමණක් නොව බෝහෝ දියුණු වන රටවල් වල අත්දැකීමකි. //

      ඔබ කියන අර්ථයෙන් නොවුනත් මෙයට වෙනත් පදනමකින් එකඟයි. ලංකාවම උදාහරණයට ගත්තත් හැම විටම වෙන්නේ වැරදි හා ජනප්‍රියවාදී ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙස වල ගැට්ටට තල්ලු වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිටෙන් ගොඩ යාම, එහිදී ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති නිසා ආණ්ඩුවේ ජනප්‍රියතාවය අඩු වීම, ආණ්ඩුව නැවතත් ජනප්‍රියවාදී ආර්ථික ප්‍රතිපත්ති කරා යොමු වීම හෝ ජනප්‍රියවාදී ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් බලයට පත් වීම, නැවතත් වල ගැට්ටට තල්ලු වීම කියන විෂම චක්‍රයයි. හැමදාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත්ව ගොඩ දාන නිසා මිනිස්සුන්ට මේ වැරදි හා ජනප්‍රියවාදී ආර්ථික ප්‍රතිපත්ති වල හානිය ගැන කවදාවත් හරියට තේරුම් යන්නේ නැහැ. දැන් වුනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියොත් වෙන්නේ ඕකයි. ඒ නිසා, එසේ නොයාමෙන් දිගුකාලීනව යහපතක් සැලසෙන්න පුළුවන්. 1970-77 දරුණු ආර්ථික පරිහාණිය නොවන්නට එතෙක් සිදු වූ තට්ටුමාරු ක්‍රමය දිගටම යනවා. එම චක්‍රයෙන් මිදෙන්න හැකි වීම 1970-77 ආර්ථික ප්‍රතිපත්ති නිසා සිදු වූ යහපතක්. අපේ තරුණ කාලේ සමහර යාලුවෝ හිටියා කොහේ ගියත් මොකෙක් හරි එක්ක වලියක් දාගන්නම හදන. හැබැයි යාලුවෝ වලියට යන්න නොදී අල්ල ගන්නවා. ඕක හැමදාම කරලා ඇති වෙලා වලියට යන්න ඇරපු දවසක හොඳටම ගුටි කනවා. ඊට පස්සේ අර වලිබරතාවය සදහටම ඉවරයි.

      Delete


    7. .

      // ඒ නිසා, එසේ නොයාමෙන් දිගුකාලීනව යහපතක් සැලසෙන්න පුළුවන්//
      IMF එකට නොයා ඉන්නවා කියන්නේ චීනය ට ඉස්සරහට ලංකාව තුළ ලොකු බලයක් ඇතිවෙන එක. IMF එකට නොයා ඉදීමෙන් සිදුවන දිගුකාලීන අවාසි වැඩියි කියලයි මම හිතන්නේ

      Delete
    8. IMF එකට නොගොස් විකල්පයක් ලෙස චීනයෙන් ණය අරගෙන අර්බුදයකට නොයා බේරුණොත් ඔබ කියන දේ වෙන්න පුළුවන්.

      Delete
    9. ලංකාවට තනියම ගොඩ යන්නත් බැරිනම්, බටහිර එක්ක එල්ලී ගොඩ යන්නත් බැරිනම්, චීනයේ එල්ලී ගොඩ යන්න උත්සාහ කරන එකත් එක විකල්පයක්.

      Delete
    10. ඉකොන්,

      ඔබ මෙහිදී න්‍යායාත්මක ලෙස කතා කරන අතර ප්‍රායෝගික තත්ත්වය දැන හෝ නොදැන අමතක කර තිබෙන බව පැහැදිලියි.

      ඔය ලංකාවේ මහ බැංකුව සහ ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටක් ලෙස අපට සමාන අයිතිවාසිකම තියෙන බව, ඒ අය අපට කොන්දේසි දාන්නේ නැතිව අපේ යෝජනා පිළි අරගෙන ණය සේවාකරණ ක්‍රියාවලිය ආරම්භ කර SDR ඉෂූ කරන බව වගේ දේවල් තනිකරම වැල් බයිලා. හරියට අර ඔසී ආණ්‌ඩුවේ propaganda මළ කෝලමක් වන egalitarian වඳුරු කුණුහබ්බ කතාව වගේ එකක්ම තමයි.

      ජගත් මූල්‍ය සංවිධානත් එක්සත් ජාතීන්ගේ සංවිධාන වගේම යම් යම් බලවත්ම රටවල් සහ සංවිධාන විසින්ම දේශපාලන අරමුණු සහිතව මෙහෙයවන බව හැමෝම දන්න කාරණයක්. චීන එක්සිම් බැංකුවත් ඒ වගේම තමයි, හැබැයි අර වගේ දැඩි කොන්දේසි නෑ flexible.

      උදාහරණයකට දැන් ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළකට යන්න තීරණය කළෝතින් අවම තව මාස හයක් විතර විවිධ සාකච්ඡා වට ගණනාවක් පවත්වන අතර අපේ යෝජනා කපා හැර ඔවුන්ට අවශ්‍ය යෝජනා අප පිළිගත යුතුයි. ඒ වගේම ඒවා අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපට බල කෙරෙන අතර කොන්දේසි කියලා ලෝකය පුරාම කියන්නේ ඒකයි. නැතුව ඔය ආයතන වල වැල් බයිලා තනිකරම බොරු.

      හිතන්න ඔබ ව්‍යවසායකයෙක් හෝ චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක් කියලා. එතකොට ඔබ නිර්මාණශීලීත්වයෙන් සහ ආත්ම විශ්වාසය මත දැඩි අවදානමකට මුහුණ දී ව්‍යාපාර/ අදාළ සිනමා නිර්මාණය ගොඩ නැගීමට ක්‍රියා කරනවා. නමුත් ඔබට මුදල් නෑ. මුදල් තිබෙන අය ණය දීමේදී විවිධ කොන්දේසි පනවා ඔබේ business model එක වෙනස් කර සම්මත සම්ප්‍රදායික ව්‍යාපාරයක් කරන්න කිවිවොත්, ඔබේ සිනමා නිර්මාණයේ cast එක, story එක වෙනස් කර සම්ප්‍රදායික වට්ටෝරු කතාවක් කරන්න කියනවා වගේ මේකත්.

      ලංකාවේද රාජ්‍ය බැංකුත් හරියට මේ වගේ. ඒ නිසාම තමයි නිර්මාණශීලී අලුත්ම ව්‍යවසායකයන්ට ණය ලබා ගැනීමට පොළී මුදලාලිලාට විකල්ප ලෙස සම්පත් බැංකුව වගේ ආයතන බිහි වුණේ.

      ලංකාවේ මහ බැංකුවේ ඉන්න නිලධාරීන් බොහොම දෙනෙක්ම ඒ වගේ පොතේ උගතුන් විතරයි. ඔහේ හැමදාම කළා වගේම IMF ණය ගන්න කතා කරනවා විතරයි අලුත් නිර්මාණශීලී අදහස් යෝජනා මොකවත් නෑ.

      ලංකාව ගොඩ යන්න නම් calculared රිස්ක් එකක් අරගෙන යම් තරමකට වෙනස් වැඩ පිළිවෙලකට යා යුතුයි.

      මේ මාසවල එක අතෙකින් කොරෝනා වසංගතය වැළැක්වීමට වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු අතර තව අතෙකින් ආර්ථිකය පණගැන්වීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සිදු වී තිබීම ලොව රටවල් මුහුණ දෙන බලවත් අභියෝගයක්, රටවල් හා එම රටවල නායකයන් තමන්ගේ ක්‍රමවේද සකසා ගත යුතු අතරම ඒවායෙහි අභියෝග ද භාරගත යුතුයි.

      ඒ වගේම විදේශ ආධාර හා ණය ගත් කල එහි දෙපැත්තක් තියෙනවා. ණය හා පොලී ගෙවීම එක පැත්තක්. කොන්දේසි ක්‍රියාත්මක කිරීම තවත් පැත්තක්, 2019 සිට මේ අවුරුදු පහ ඇතුළත ලංකාව හැම වසරකම අමෙරිකන් ඩොලර් බිලියන පහක/ හතක පමණ ණය මුදලක් ගෙවීමට ඇති බව කියනවා. කුමන ආණ්ඩුවක් ණය ලබාගෙන තිබුණ ද පවතින රජය එම ණය හා පොලී ගෙවා දැමිය යුතුයි. ණය හා පොලී ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙන්නැ’යි රාජ්‍ය නායකයෝ රැසක් බලවත් රටවලින් ඉල්ලා සිටි පරිදි ලංකාවේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද එම ඉල්ලීම කළ අතර එය සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීමක්. අවම ලෙස වසර තුනකවත් සහන කාලයක් අපේක්ෂාවයි.

      ලංකාව ණය හා ආධාර ලබාගත් බලවත් රටවල් කිහිපයක් තිබේ. චීනය, ඉන්දියාව, ජපානය, (IMF SDR හරහා) අමෙරිකා එක්සත් ජනපදය ඒ අතර ප්‍රධානයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, IBRD ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ණය හා ආධාර ලබාගන්නා ජගත් මූල්‍යායතනයි. මේ දක්වාම වසර 70 ක් පමණ ඉහත රටවල් සමඟ හොඳ හිත පවත්වාගැනීමට සේම ජගත් ආයතනවල විශ්වාසය රැකෙන අයුරින් ක්‍රියා කිරීමටත් ශ්‍රී ලංකාව සමත් වී ඇත. එය අප හමුවේ ඇති ප්‍රධාන වාසියක් ලෙස සැලැකිය හැකියි. නමුත් අපට ඒ වෙනුවෙන් නිසි සහයෝගීතාවක් ඒ රටවල් සහ ආයතන වලින් ලැබී තියෙනවද?

      Delete
    11. //ලංකාවේ මහ බැංකුවේ ඉන්න නිලධාරීන් බොහොම දෙනෙක්ම ඒ වගේ පොතේ උගතුන් විතරයි. ඔහේ හැමදාම කළා වගේම IMF ණය ගන්න කතා කරනවා විතරයි අලුත් නිර්මාණශීලී අදහස් යෝජනා මොකවත් නෑ.//

      //ලංකාව ගොඩ යන්න නම් calculared රිස්ක් එකක් අරගෙන යම් තරමකට වෙනස් වැඩ පිළිවෙලකට යා යුතුයි.//

      //උදාහරණයකට දැන් ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළකට යන්න තීරණය කළෝතින් අවම තව මාස හයක් විතර විවිධ සාකච්ඡා වට ගණනාවක් පවත්වන අතර අපේ යෝජනා කපා හැර ඔවුන්ට අවශ්‍ය යෝජනා අප පිළිගත යුතුයි.//

      ලංකාවට කෙළ වෙලා අද ඉන්න තැනට වැටී තියෙන්නේ සමහර අය ඔය විදිහට සම්මත දැනුම නොසලකා හැර, නිසි අධ්‍යයනයක් නැතුව, "calculared රිස්ක්" ගන්න යාම නිසාම තමයි. කෝවිඩ් හමුවේ කළෙත් ඔය වැඩේනේ. අන්තිමට වැක්සීන් වල පිහිට පමණයි. ඒකත් පිනට ලැබෙන තුරු විසඳුමක් නැහැ. ව්‍යවසායකයෙක් හෝ චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක් අවදානමක් ගනිද්දී පරදුවට තබන්නේ තමන්ගේ සල්ලි. පැරදුනොත් පාඩුව තමන්ටයි. නමුත් රජයක් හෝ මහ බැංකුවක් අවදානමක් ගනිද්දී පරදුවට තියන්නේ අනුන්ගේ සල්ලි. පැරදුනොත් පාඩුව තමන්ට නෙමෙයි. වෙනත් අයට. බොහෝ විට අනාගත පරම්පරාවට. ඉතිං බය නැතුව අවදානම් ගන්න පුළුවන්. සූදු කෙළින්න පුළුවන්. අවදානම අරගෙන රෝද හතරැස් කරලා බලන්න ආයෝජනය කරන්න පුළුවන්. "out of the box thinking" කියලා ලංකාවේ ආණ්ඩු බොහෝ විට කරලා තියෙන්නේ කාලයක් තිස්සේ පෙට්ටියෙන් එළියට දාපු, අසාර්ථක බව හොඳින් තහවුරු වූ දේවල් නැවත නැවතත් පෙට්ටිය ඇතුළට ගන්න එක. නිර්මාණශීලී අදහස් ලෙස පැකේජ් කර මහජන මුදල් වැය කරමින් මාධ්‍ය හරහා ජනගත කර එළියට දමන්නේ අදාළ විෂය ගැන දැනුමක් නැතිකම නැති නිසා පාන්දරට පහළ වන විකාර අදහස්. රජයක් හෝ මහ බැංකුවක් විසින් සූදු කෙළින්න යාමේ ඇස් පනාපිට විපාක ලෙස ග්‍රීක බැඳුම්කර, හෙජිං ගනුදෙනු පාඩුව, පසුගිය වසරේ බදු අඩු කිරීමේ හානිය, ණය අරගෙන මහා පරිමාණ ව්‍යාපෘති වල ආයෝජනය කිරීමේ හානි ආදී නිදර්ශන ඕනෑ තරම් තියෙනවා. නමුත් කිසිදු අවස්ථාවක ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් එසේ අමාරුවේ වැටී නැහැ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරන්න යන මහ බැංකුවේ නිලධාරීන් විෂය ගැන දැනුමක් තිබෙන අය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තෙන් සාකච්ඡා වලට එන්නෙත් එවැනිම නිලධාරීන්. ඒ අය ලෝකයේ විවිධ රටවල අය. බොහෝ විට ලංකාව වැනිම සංවර්ධනය නොවූ රටවල අය. සාකච්ඡා සිදු වෙද්දී ඔවුන් නිවැරදි නැති අවස්ථා වලදී මහ බැංකුවේ නිලධාරීන් විසින් ඒ බව කරුණු සගගතව පෙන්වා දීමෙන් පසුව ඔවුන් පිළිගන්නා අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් නිවැරදි දේ කරුණු සගගතව පෙන්වා දෙන විට විෂය දැනුමක් තිබෙන ලංකාවේ පාර්ශ්වයේ අයෙකුට එය පිළිගන්න සිදු වෙනවා. විෂය දැනුමක් නැති අයට පැත්තකට වී එය විවේචනය කරන්න පුළුවන්. එය කෝවිඩ් වලට "out of the box thinking" විසඳුම් හෙවුවා වගේම තමයි. විෂය දැනුමක් නැති අයට පාන්දරට පහළ වෙන විපරීත අදහස් නිර්මාණශීලී අදහස් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා රටට ඒත්තු ගැන්වීම විෂය දැනුමක් තිබෙන අය විසින් කළ යුතු දෙයක් කියා ඇතැම් අය හිතුවත් එය කළ හැකි දෙයක් නෙමෙයි. මේ අවස්ථාවේදී වෙන්නෙත් කෝවිඩ් පාලනයේදී වුනා වගේම එළුවාගේ බෙල්ල කපලා අන්තිමට මුට්ටියත් බිඳින්න වෙන එකයි. අන්තිමට අනෙක් විකල්ප ඔක්කොම පැත්තකට දමලා පිනට ලැබෙන වැක්සීන් ඇතුළු වැක්සීන් වල පිහිටම හොයන්න වුනා වගේ හොඳටම හෙම්බත් වෙලා යම් අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කොහොමටත් යන්න වෙන එකනම් බොහෝ විට සිදුවිය හැකි දෙයක්. එය පරක්කු වන තරමට බොහෝ දේවල් විය හැකියි. සමහර විට මෙතෙක් ලංකා ඉතිහාසයේ සිදු නොවූ දේවල් වුවත්.

      Delete
    12. //අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කොහොමටත් යන්න වෙන එකනම් බොහෝ විට සිදුවිය හැකි දෙයක්. එය පරක්කු වන තරමට බොහෝ දේවල් විය හැකියි. සමහර විට මෙතෙක් ලංකා ඉතිහාසයේ සිදු නොවූ දේවල් වුවත්//
      මේ ගැන පොඩ්ඩක් තව පැහැදිලි කරන්න පුලුවන්ද? පහුගිය කාලේ බොහෝ දෙනෙකුට හැදුන ගායවල් කිහිපය නම් නිට්ටාවටම වගේ සනීප වෙයි කියලා නම් මට හිතෙනවා.

      Delete
    13. මේ ගැන මේ අවස්ථාවේ වැඩිපුර අදහස් දක්වන්න කැමති නැහැ. සාමාන්‍යයෙන් මම අදහස් දක්වන්නේ එම අදහස් වලින් යහපත් බලපෑමක් වෙයි කියන අදහසින්. සමහර දේවල් කියන එකෙන් යහපතකට වඩා අයහපතක් විය හැකියි.

      Delete
  7. සෙනසුරු වින කරන්නෙත් නැති බැරි අයට
    බලැත්තවුන් ළඟදි එයත් වෙයි නිවට
    අපලය ලැබුවමත් වෙනසක් වෙනු කුමට
    අප වැටෙනවා නියතයි කබලෙන් ළිපට

    ReplyDelete
    Replies
    1. ඇති බැරි අය නැති හැකි අය කරමු !

      ඒ වගේම;

      අපගේ කුසගිනි නිවන්න - නොරටින් බත අපට එපා

      අපගේ ගත විළි වසන්න - නොරටින් වත අපට එපා

      අපගේ දුක සැප බලන්න - පිට කෙනෙකුගෙ දෙනෙත එපා

      අපගේ පැන විසඳලන්න පිට කෙනෙකුගෙ නුවණ එපා

      ෴ රණසිංහ ප්‍රේමදාස කිවිඳු
      (එක්සත් ජාතික පක්ෂය)

      ඔය කවියේ අන්තිම පදේ කතාව නම් ඇත්ත. දියුණු වෙච්ච හැම ආසියානු අප්‍රිකා රටක්ම තම රටට අවංකවම හිතවත්කමක් ඇති තමුන්ගේම උපදේශකයන් විද්වතුන් යොදාගෙන ඇමරිකන් යුරෝපීය (බටහිර) රටවල උගුල් වල නොවැටී සැලසුම් සහගතව කටයුතු කර දියුණු වූ බව ඉතා පැහැදිලියි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: