වෙබ් ලිපිනය:

Friday, July 23, 2021

රුපියලේ අනාගතය කුමක්ද?

අලුත් වැඩක්! ඉදිරියට යනවද කියන එක තීරණය වෙන්නේ ප්‍රතිචාර අනුවයි.




කිසියම් හේතුවක් නිසා ජංගම දුරකථන වලින් පිවිසෙන අයට වීඩියෝව පෙනෙන්නේ නැහැ. පහත ලින්ක් එක හරහා වීඩියෝවට යා හැකියි: https://www.youtube.com/watch?v=echr-J7HYhQ

51 comments:

  1. ලිපි මාලාවක්ද

    ReplyDelete
    Replies
    1. මමත් ලිපි වකට තමා කැමති. වචනල් එකත් සබ්ස්ක්‍රෛබ් කලා

      Delete
    2. ස්තුතියි! ලිපි ලියන එක නවත්වන්නේ නැහැ. මෙය ප්‍රධාන වශයෙන්ම වත්පොතේ ලිපි ශෙයාර් කිරීම වාරණය කර ඇති නිසා එයට විකල්පයක් ලෙස පටන් ගත් දෙයක්. ඒ වගේම ඇතැම් කරුණු විස්තර කරන්න මේ මාධ්‍යය වඩා සුදුසුයි කියා හිතනවා.

      Delete
  2. අහන්න පටන් ගත්තා. දැනට නම් කැමැතියි.

    ReplyDelete
  3. මේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. Mobile එකේ video එක පෙනෙන්නේ නෑ. හදන්න පුළුවන් නම් ලොකු දෙයක්

      Delete
    2. දැනුම් දීම ගැන ස්තුතියි! හේතුව හොයා ගන්න බැරි වුනා. විසඳුමක් ලෙස ලින්ක් එකක් දැම්මා.

      Delete
  4. ජය වේවා!

    හොඳ පාටයි. නමුත් මට නම් පැයකටත් වැඩි කාලයක් එක දිගට වැය කරන්න ලැබෙන ඉඩ අඩුයි!

    ReplyDelete
    Replies
    1. මම වුනත් වීඩියෝ වෙනුවෙන් කාලය වැය කරන්න කැමති නැහැ. එහෙත් මෙහි පාඨකයින් විසින් දමන වීඩියෝ ලින්ක් ප්‍රමාණයෙන් පෙනෙන්නේ එම මාධ්‍යයට වඩා කැමති යම් පිරිසක්ද සිටින බවයි.

      Delete
  5. raveendra weerasooriyaJuly 24, 2021 at 2:13 AM

    Oniii

    ReplyDelete
  6. කතාව, කුඩ සීතාගෙ අඳොනාව වගෙ

    ReplyDelete
  7. පොඩ්කාස්ට් එකක් විදිහට දාන්නකෝ, යනිං ගමං අහන්න හැකිවෙන්න, දැං සිංහලෙන් අහන්න දෙයක් නැති තරම්

    ReplyDelete
  8. ලිපියක් විදියට දැම්මා නං වටින්නේ.
    මොනවා උනත් ඉකොනෝගේ කැමැත්තනේ. මම නං කැමති නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මෙය කළේ ලිපි ලියන එක නැවැත්වීමේ අරමුණින් නෙමෙයි. ප්‍රධාන වශයෙන්ම FB වාරණයට විකල්පයක් විදිහට සහ ශ්‍රව්‍ය මාධ්‍යයට වඩා කැමති බව පෙනෙන පිරිස වෙනුවෙන්.

      Delete
  9. අදහස නරක නෑ. හැබැයි මේ video එක දිග වැඩියි. මම නම් කැමති ලිපි වලට.

    ReplyDelete
  10. මොබයිල් වර්ශන් එකේ වීඩියෝ එක පෙන්නන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. දැනුම් දීම ගැන ස්තුතියි! හේතුව හොයා ගන්න බැරි වුනා. විසඳුමක් ලෙස ලින්ක් එකක් දැම්මා.

      Delete
  11. Wishing you all the best for new try

    ReplyDelete
  12. ඉකොනොමැට්ටා හිතනවා ඔහු තමයි හොඳටම කළේ කියලා, ඇමරිකන් එක්සත් ජනපදයේ ඉන්න උන් හිතන්නේ උන් තමයි හොඳටම කළේ කියලා, යුරෝපීය රටවල් හිතන්නේ උන් තමයි හොඳටම කළේ කියලා, චීන්නු හිතන්නේ උන් තමයි හොඳටම කළේ කියලා, ඔසියෝ හිතනවා ඒත් ඒ වගේම, ලංකාවේ ඉන්න මහ බැංකුවේ උන් හිතන්නේ උන් තමයි හොඳටම කළේ කියලා, ගුරුවරු හිතනවා තමුන් තමයි හොඳටම කළේ කියා... දොස්තරලා හිතනවා එවුන් තමයි හොඳටම කළේ කියා... රියදුරන් හිතනවා උන් තමයි හොඳටම කළේ කියා... ඉංජිනේරුවන් හිතනවා ඒ අය තමයි හොඳටම කළේ කියා... ව්‍යාපාරිකයන් හිතනවා ඒ කට්ටිය තමයි හොඳටම කළේ කියා... නීති‍ඥවරු හිතනවා ඔවුන් තමයි හොඳටම කළේ කියා... මේසන්වරු හිතනවා එයාල තමයි හොඳටම කළේ කියා... මාධ්‍යකරුවන් හිතනවා ඒ යක්කු තමයි හොඳටම කළේ කියා... පරිපාලන නිලධාරීන් හිතනවා තමුන් තමයි හොඳටම කළේ කියා... කලාකරුවන් හිතනවා කලාරිටවල් තමයි හොඳටම කළේ කියා... ගොවියන් හිතනවා ගොයියෝ තමයි හොඳටම කළේ කියා... ආචාර්ය, මහාචාර්යවරුන් හිතනවා ප්‍රොෆාල ඩොකාල තමයි හොඳටම කළේ කියා... ශිෂ්‍යන් හිතනවා උන් තමයි හොඳටම කළේ කියා... දෙමව්පියන් හිතනවා දෙගුරුන් තමයි හොඳටම කළේ කියා... පොලිසිය හිතනවා කාකිසූට් කාරයෝ තමයි හොඳටම කළේ කියා... පාතාලය හිතනවා පාතාල මැරයෝ තමයි හොඳටම කළේ කියා... කළමනාකරුවන් හිතනවා මැනේජර්ලා තමයි හොඳටම කළේ කියා... හෙදියන් හිතනවා නර්ස්ලා තමයි හොඳටම කළේ කියා... ලේඛකයන් හිතනවා ලියනප්පුලා තමයි හොඳටම කළේ කියා... හමුදාව හිතනවා ෆෝසස් තමයි හොඳටම කළේ කියා... සමාජ ක්‍රියාකාරීන් හිතනවා උන් තමයි හොඳටම කළේ කියා... ධීවරයන් හිතනවා එවුන් තමයි හොඳටම කළේ කියා... ත්‍රස්තවාදීන් හිතනවා ටෙරාලා තමයි හොඳටම කළේ කියා... කම්කරුවන් හිතනවා ඔවුන් තමයි හොඳටම කළේ කියා... ක්‍රීඩකයන් හිතනවා උන් තමයි හොඳටම කළේ කියා... ප්‍රේක්ෂකයන් හිතනවා එවුන් තමයි හොඳටම කළේ කියා... ජනතා නියෝජිතයන් හිතනවා ඒ හැත්ත තමයි හොඳටම කළේ කියා... හොරු හිතනවා හොරාලා තමයි හොඳටම කළේ කියා... සිංහල බෞද්ධ ජාතිවාදීන් හිතන්නේ උන් තමයි හොඳටම කළේ කියලා, ලාංකීය දමිළ ජාතිවාදී ඩයස්පොරා එක හිතනවා උන් තමයි හොඳටම කළේ කියා... ලංකාවේ මහමදික ආගමික අන්තවාදීන් ඉන්නෙ උන් තමයි හොඳටම කළේ කියලා, ඔන්න ඔය වගේ හැමෝම හිතනවා ඒ ගොල්ලො තමයි හොඳටම කළේ කියා... අන්තිමට අපි හැමෝම හොඳටම කරලා... නොදකින් මයි ෆුට් තමයි හොඳටම කළේ...

    ReplyDelete
    Replies
    1. ඕක තමයි මිනිස් ස්වභාවය. ඕක වෙනස් කරන්න බැහැ. ඒ වගේම මෙය සාධනීය දෙයක්. ලෝකය ඉදිරියට යන්නේ අනෙක් අයට වඩා හොඳින් යමක් කරන්න බොහෝ දෙනෙකු විසින් දරන උත්සාහය තුළයි. මෙහි තිබෙන සීමාව වන්නේ තමන් හොඳටම කරනවා කියා සිතන අය එසේ නොකරන විට ඔවුන්ට ඒ බව තේරුම් ගැනීමට ඉඩ සලසන යාන්ත්‍රණයක් අවශ්‍ය වීමයි. ධනවාදය කියා කියන්නේ එවැනි යාන්ත්‍රනයක්. ධනවාදය තුළ ඉතිරි වන්නේ අනෙක් අයට වඩා හොඳටම කරන අයයි. හොඳටම නොකරන අය වෙළඳපොළ තුළ ප්‍රතික්ෂේප වෙනවා. එවිට ඔවුන්ට හොඳටම කරන්නේ තමන් නොවන බව පැහැදිලි වෙනවා. හොඳටම කරන බව පෙනෙන අය දෙස බලාගෙන නිරන්තරයෙන් වෙනස්වෙන්න සිදු වෙනවා. එහෙත් වෙළඳපොළ නිදහසට බාධා පවතින විට මෙය සිදු වන්නේ නැහැ. ඒ නිසා, හොඳටම නොකරන අයටත් තමන් හොඳටම කරනවා සේ හිතාගෙන හෝ පෙන්වාගෙන යම් කාලයක් ඉන්න පුළුවන්.

      Delete
  13. This you tube method is also good. However, its little bit longer for continuous hearing among other things. I think a clip of around 20-25 minutes would be ideal.
    Re the lecture, I think you should have added a column to show the external debt payment requirement as well. I think this partly describes the situation but to take the full picture external debt is also important.
    Anyway bon voyage economatta.

    ReplyDelete
  14. ඉකොන්,

    ඔබේ මුදුනා වීමේ ආශාව නිසා, එනම් හැම එකකින්ම හොඳින් හෝ නරකින් හරි පළවෙනි තැන ගැනීමට ඇති අධික තණ්හාව නිසා මේ යූටියුබ් චැනල් එක ජනප්‍රිය කරගන්න පුළුවන් වෙයි. නමුත් මේ සඳහා මගේ යෝජනා මෙහෙමයි.

    මේ වීඩියෝ එක පැයකටත් වඩා ගොඩාක් දිග වැඩියි. ඒ වගේම කරුණු කැටි කොට තවත් බොහෝ කාලයක් අඩු කරන්න පුළුවන් හොඳට ඕගනයිස් කළොත්. ඒ නිසා මුලින්ම මේ වගේ තනියම වීඩියෝ එක කරලා පසුව එඩිට් කරල කපල කොටල තව අමතර picture in picture වගේ දේවල් දාල හොඳින් නිර්මාණශීලීව ග්‍රැෆික් වැඩ ටිකක් දාන්න, මේ සඳහා අන්තර්ජාලයෙන් වෙබ් අඩවි, ඇප් වගේ දේවල් හොයාගන්න පුළුවන්. ඔබ මේ අදහස් වලට එකඟ වෙනවා නම් හොයල හොඳ සයිට් ටිකක් කියන්නම්.

    මේ යෝජනා ඔබගේ අවධානයට;

    01. පැයක් දිග තනි වීඩියෝ එකක් වෙනුවට විනාඩි 16 - 18 වගේ කෙටි වීඩියෝ හතරක් පහක් පමණ දාන්න. ඒවායේ ආරම්භක මොහොතේම හොඳ ආකර්ෂණීය point of entry එකක් හරහා ලංකාවේ ආර්ථිකය මොකද වෙන්නේ? මේ දවස්වල නැගලා යන keywords යොදාගනිමින් හොඳින් මාකට් කරන්න ඕන. ඒ වගේම ඒ කෙටි වීඩියෝ හැම එකක්ම අවසන් කරන විට ඊළඟ කොටස සඳහා ලොකු කුහුලක් දැනෙන විදියට ඉතාමත් කෙටි narrative එකක් එක්ක ඊළඟ එකට point of entry එක දාගන්න.

    02. ඔබේ හඬ පාලනය කරන්න ඕන, ඒකට අන්තර්ජාලයෙන් vocal control වලදි breathing, speed and concentration වගේ දේවල් කමියුනිකේෂන් ස්කිල්ස් සමග දියුණු කරගන්න ඕන.

    03. ඒ වගේම video presentation එක දියුණු කරන්නට මනාව ආකර්ෂණීය structure එකක්, ලස්සන graphic design සහිත graphical interface එකක් යොදාගනිමින් tone එක ඒ හා මනාව මුසු කළ යුතුයි. මේ ගැන වීඩියෝ යන අතරේ අත්දැකීම් සහ අත්හදා බැලීම් හරහා ඔබට improve කරගන්න පුළුවන්.

    04. ඒ වගේම මුල ඉඳන්ම promotion පටන් ගන්න, likes, subscribe, shares වගේම හැම viewer කෙනෙක්ටම හැකි තරම් සුහදව ආචාරශීලීව පිළිතුරු ලබා දී ඔවුන්ගේ හිත් දිනාගැනීමට අත්‍යාවශ්‍යයි.

    ඊළඟ වීඩියෝ එකේදී ආනයන පාලනය හා ලංකාවේ ඩොලර් හිඟය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ලංකාවෙ මේ දවස් වල භාණ්ඩ ආනයනය සීමා කරලා තියෙන නමුත් මගේ සුළු ආර්ථික විද්‍යා දැනුම සහ සාමාන්‍ය වැටහීම අනුව නම් ලංකාවේ ආනයන සීමා කරන්න පුළුවන් ප්‍රමාණයක් නැත්නම් සීමාවක් තියෙනවා. ඒ ආනයන මත රැඳෙන විශාල පිරිසක් ලංකාවේ ඉන්නව වගේම ලංකාවේ ආනයනය කරන භාණ්ඩවලින් පාරිභෝගික භාණ්ඩ තිබෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්, අනෙක් බහුතර භාණ්ඩ intermediate (අන්තර්) භාණ්ඩ සහ අමුද්‍රව්‍ය. ඒ වගේම අපි ආනයනය කරන දේවල්වල අපනයනය සඳහා අවශ්‍ය වන කොටස් ගොඩාරියක් තියේ, උදා: ඇඟළුම් ක්ෂේත්‍රය ගත්තොත් ඒකේ නිෂ්පාදන ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වැනි ප්‍රමාණයක් අපනයනය කරත් ඊට අවශ්‍ය රෙදි, නූල් වැනි අමුද්‍රව්‍ය, උපකරණ ආනයනය සඳහා එයින් සැලකිය යුතු ප්‍රමාණයක් සඳහා වියදම් වෙන්නේ ඒ කිසිවක් ලංකාවේ හදන්නේ නැති නිසා.

    තව ලංකාවේ තේ කර්මාන්තය ගත්තත් ඒ වගේ ලංකාවෙන් තේ අපනයනය කළාට වගාවට අවශ්‍ය පොහොර, weed control & pest control chemicals, machinery and equipment වල ඉඳලා, වියදම අඩු කරන්න ඊට මිශ්‍ර කරන්න 20% පමණ ලාබ තේ කෙන්යාව, ඉන්දියාවේ, ටැන්සානියාවේ ඉඳලා ගේන්න, තව තේ පැකට් කරන පොලිතින් වගේ බොහෝ දේ ආනයනය කරන්න ඕන. මේ නිසා ආනයනය දිගටම දැඩි ලෙස පාලනය කරන එක හරිම අමාරුයි.

    මගේ අදහස නම් මේ විදිහට දිගටම ආනයනය පාලනයක් ගියොත් අපේ මුළු ආර්ථිකයම අර 2016 -18 අඳුරු ආර්ථික අවපාතය කාලේ වගේ සංකෝචනය වෙන්න පුළුවන්. දැනට ලංකාවේ සංචිත ඩොලර් ප්‍රමාණය අඩු නිසා වාණිජමය බැංකුවලින් ලේසියෙන් ණයවර ලිපි (Letter of Credit) විවෘත කරන්න දෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ බලසම්පන්න මහා පරිමාණ ආයතනවලට බාධාවකින් තොරව කටයුතු කරගෙන යන්න පුළුවන් නමුත් අපි වගේ මධ්‍යම පරිමාණ සහ කුඩා ආයතනවලටත් මේ තත්ත්වය දරාගන්න අමාරුයි. ඒ කියන්නේ මේ තත්ත්වය නිසා අමුද්‍රව්‍ය හා අන්තර් භාණ්ඩ ආනයනය කරන කුඩා ව්‍යාපාරවලට පහර වැදී ඒවා හැකිලී ගිහින් ඇතැම් විට වහලා දාන්න පවා වෙන්න පුළුවන්, එය ඉදිරියේදී අර ලංකාවේ 2016 - 2018 අවිචාර සමයේ අධික බදු බර නිසා ව්‍යාපාර වැසී ගිය කාලේ වගේ ප්‍රශ්නයක් නැවත වතාවක් රටේ ඇතිවෙන්න ඉඩ තියෙනවා.

    ඒ වගේම තමයි ආණ්ඩුවේ ඇතැම් දේශීය ආර්ථික බයිලා ගහන අය කියනවා වගේ නූතන ගෝලීයකරණය සමග හැමදෙයක්ම ලංකාවෙ හදන්න පුළුවන් ද කියන කාරණය ගැන ඔබට ඊළඟ වීඩියෝ එකේ පැහැදිලි කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අවංකවම ඔබේ යෝජනානම් ඉතාම සාධනීයයි. ඒ පිළිබඳව ස්තුතිය පළ කරනවා. මේ වෙනුවෙන් විශාල කාලයක් වැය කිරීමට අදහසක් නැහැ. එසේ කිරීමේ හැකියාවක්ද නැහැ. එහෙත්, වැඩේ දිගටම ගියොත් ක්‍රමක්‍රමයෙන් ඔබ යෝජනා කරන තාක්ෂනික උපක්‍රම උපයෝගී කර ගනිමින් ගුණාත්මක භාවය ඉහළ දමන්න උත්සාහ කළ හැකියි.

      //ඒ නිසා මුලින්ම මේ වගේ තනියම වීඩියෝ එක කරලා පසුව එඩිට් කරල කපල කොටල තව අමතර picture in picture වගේ දේවල් දාල හොඳින් නිර්මාණශීලීව ග්‍රැෆික් වැඩ ටිකක් දාන්න, මේ සඳහා අන්තර්ජාලයෙන් වෙබ් අඩවි, ඇප් වගේ දේවල් හොයාගන්න පුළුවන්. ඔබ මේ අදහස් වලට එකඟ වෙනවා නම් හොයල හොඳ සයිට් ටිකක් කියන්නම්.//

      එසේ කළ හැකිනම්, ස්තුතිවන්ත වෙනවා.

      Delete
    2. එහිදී ඔබ ඉතාමත් ආකර්ෂණීය ලෙස පැහැදිලි කළ යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ වන විට ගෝලීය ආර්ථික අන්තර්සබැඳියාව සමග එක භාණ්ඩයක් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන ලෝකයේ කිසිම රටක් නැති තරම් යන කාරණය. මොකද මේ වන විටත් ගෝලීය වෙළඳ පොළේ හොඳින් මාකට් වන ඕනෑම කුඩා භාණ්ඩයක් වුණත් ලෝකයේ රටවල් 20ක පමණ එකතුවෙන් තමයි හැදෙන්නේ. ඔබට මේ සඳහා උදා: ලෙස ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රයේ බ්‍රැන්ඩඩ් කොට්න් dress එකක් හදනකොට කපු ලබාගන්නේ එක රටකින්, නූල් හදන්නේ තවත් රටකින්, රෙදි හදන්නේ තව රටක, වර්ණක හදන්නේ තවත් රටක, මැෂින්, උපකරණ හදන්නේ වෙනත් රටක, මහලා wholesale export කරන්නේ ලංකාවේ, නැව් මගින් re-export කරන්නේ, bonded warehouses, stores, එතකොට retail chain එක තව රටවල් ගණනාවක තියෙන්නේ. ඒ නිසා මේ වගේ පොඩි නිෂ්පාදනයක් ගත්තත් එය රටවල් 20ක, 30ක වගේ පැතිරිලා තියෙන විදිහ ඔබට හොඳින් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

      ඒ වගේම මම කැමතිම විෂයයක් වන වාහන නිෂ්පාදනය කරන ආකාරය සැලකුවත් එහෙම'මයි. මර්සිඩීස් බෙන්ස්, බීඑම් කාර් ගත්තොත් ඒවායේ සීට්වලට ඇතුළත් කරන සංවේදක sensor unit, ඒ වගේම කැබින් air filter එකේ active carbon filtration කොටස් වගේ දේවල් හදන්නේ ලංකාවේ. එතකොට Tesla වාහන වල සුපිරිධාරිත්රක ගැෆීන් යොදාගනිමින් ලංකාවේ හැදුවත් ඒ පොඩි කොටස් විතරයි ලංකාවේ හදන්නේ. සම්පූර්ණයෙන්ම මර්සිඩීස් බෙන්ස්, බීඑම්, ටෙස්ලා වාහනේ ලංකාවේ හදන්න බැහැ. අපට අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ වගේම ඒ විශේෂ ප්‍රාගුණ්‍යය නැති අපිට ඊට වඩා විශාල වියදමක් යන බව, තව ගෝලීය සැපයුම් දාමය ලංකාවේ දේශපාලකයන් සහ මහ බැංකුවේ ආර්ථික විශේෂඥයින් නිසි පරිදි තේරුම් නොගන්න එක අපට කර්මාන්ත ක්ෂේත්‍රයේ අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක්. හැමදෙයක්ම ලංකාවේ හදන්න පුළුවන් කියන සංකල්පයේ අපි හිටපු ඒ යුගය දැන් ඉවර වෙලා තියෙන්නේ ඉකොන්, අපි එය තේරුම්ගත යුතුයි. අපි දැන් අලුත් යුගයකට ඇවිත් ඉන්නේ. මේ නිසා ලංකාව හැටියට අපිත් මේ ගෝලීය ව්‍යාපාර ජාලයේ මහා පරිමාණ නිෂ්පාදනවල අපට ලේසියෙන්ම පුළුවන් කොටස්වලට එකතු වී අප උපරිම වශයෙන් ඉන් ප්‍රයෝජන ගැනීම අවශ්‍යයි කියලයි මගේ අදහස. ඔබ ඊට එකඟ නොවේ නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

      Delete
    3. ඒ වගේම ලංකාවේ මේ දවස් වල තියෙන විදේශ මුදල් සංචිත (ඩොලර්) අර්බුදය බොහෝ දෙනෙක් හිතන තරම් සරල නෑ

      ලංකාවේ ඩොලර් බිලියන අසූවක පමණ ආර්ථිකය තුළ සාමාන්‍යයෙන් විදේශ සංචිතය ඩොලර් බිලියන 16 ක් වත් තියෙන්න ඕන වාර්ෂිකව බිලියන 20 ක් විතර ආනයන වියදම් සමග. ඒ නිසා මේ දවස් වල ලංකාවේ විදේශ ඩොලර් අර්බුදය අද ඊයේ ඇතිවුණු දෙයක් නෙමෙයි දශක ගණනාවක් පුරා තිබුණු ප්‍රශ්නයක් ලෙස එය ඔඩු දිවූ ආකාරය, එයට හේතු රාශියක් තිබෙන බවත් ඉන් මූලිකම එකක් වන ලංකාව තුළ ව්‍යාපාර කරන්න පුළුවන් පසුබිමක් අවුරුදු ගණනාවක් තිස්සේ හැදුණෙ නැති එක ගැන විස්තර කරන්න ඕන. ලෝක බැංකුව ඇතුළු ජගත් දර්ශක ගණනය කිරීම් සහ විවිධ ආර්ථික පර්යේෂණ ආයතන වල වර්ගීකරණ අනුව ලොව ව්‍යාපාර කරන්න පුළුවන් හැකියාව තිබෙන රටවල් අතර අපි හැමදාම හිටියේ පහළ මට්ටමේ. නමුත් අපේ දකුණු සහ ගිනිකොන දිග කලාපයේම වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව විතරක් නෙමෙයි බංග්ලාදේශය සහ ඉන්දියාව වගේ රටවල් පවා ඇතුලත්ව මේ රටවල් සියල්ල අපිට වඩා ඉදිරියට ගිහින්. මේ තරගකාරී රටවල් අතර ආයෝජකයෙක් මේ කලාපය තෝරා ගනිද්දි ලංකාව තෝරාගත්තා කියලා විශේෂ වාසියක් ඔවුන්ට නැහැ. ඉතින් අපේ කලාපය තුළ ව්‍යාපාර කරන්න අපේ රට තුළ අපහසු නම්, ඒ සඳහා පහසුකම් නැත්නම් කවුරුත් මෙහෙ ව්‍යාපාර කරන්න එන්නෙ නැහැ. මේ ප්‍රශ්නය දශක ගාණක් තිස්සේ තිබුණු දෙයක්. ඒ නිසාම වෙන්න ඇති මේ ගැන හොයලා බලන්න ගිය අවුරුද්දෙ ජනාධිපති කමිටුවක් පවා පත්කරලා තියෙන්නේ.

      මේ වගේ ලංකාවේ විදේශ මුදල් (ඩොලර්) අර්බුදයට තවත් විශාලම හේතුවක් තමයි අපිට ගෙවන්න තිබෙන විශාල ණය වාරික සහ පොලිය. ඒ නිසා ආනයනයට ඩොලර් වියදම් කරනවා වෙනුවට ණය සහ පොලිය ගෙවීමට අපිට ඩොලර් වියදම් කරන්න වෙනවා. ලංකාවට 2019 සිට එක දිගටම වසර පහකට වඩා කාලයක් වසරකට ඩොලර් බිලියන පහ හමාරක් බැගින් ණය සහ වාරික ගෙවිය යුතුයි මහ බැංකුවේ ප්‍රකාශ අනුව.

      ජූලි විසි හත ඩොලර් බිලියනයක පමණ බැඳුම්කර (ණය) ගෙවීම, 2021 වසර අගදී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ ණය ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. මහ බැංකු වාර්තා දත්තවලට අනුව අපි ලබාගෙන තිබෙන ණයවල පොලිය පමණක් ගෙවන්න අපේ රට ලබන ආදායමෙන් සියයට 50ක් පමණ වැයවෙනවා. මේ තත්ත්වය තුළ ණය, ණය වාරික සහ පොලිය ගෙවන්න අපේ රාජ්‍ය ආදායම මදි වෙනවා.

      ඒ වගේම මේ දවස් වල තියෙන වසංගත තත්ත්වය යටතේ රාජ්‍ය ආදායම අඩුවෙලා වියදම වැඩි වෙලා තිබෙනවා.

      ඊට අමතරව සාමාන්‍යයෙන් රජය උපයන සෑම රුපියලකින්ම සත 86ක් වැය වෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න.

      ඒ නිසා මේ විෂම චක්‍රීය තත්ත්වයෙන් නිදහස් වෙන්න තිබෙන එක ක්‍රමයක් තමයි, තවත් ණයක් අරගෙන අපිට තිබෙන ණය සහ පොලිය ගෙවලා ඉදිරියට යන එක. නමුත් ඒක කරන්න අමාරු තත්ත්වයක තිබෙන්නේ. ඒ මොකද ග්‍රේණිගත කිරීම් අනුව අපි පහළ මට්ටමක ඉන්නේ. එවැනි රටකට ණය දෙනවා නම් ඒ දෙන අය විශාල පොලියකට තමයි ණය දෙන්නේ. ඒ නිසා අපිට නැවත ණය අරගෙන මේ ප්‍රශ්නය විසඳන තැනට යන්න බැහැ. මේ නිසාම වෙන්න ඇති දැන් රජය පෞද්ගලික ආයතනවලට විදෙස් ණය ලබාගන්න අවස්ථාව දීලා තියෙන්නේ.

      Delete
    4. ඒ වගේම මේ දවස් වල විපක්ෂයේ දැඩි සේ විවේචනයට ලක් වූ රජය වැඩි වශයෙන් මුදල් අච්චු ගහන කතාව අනුව රජයේ වියදම වැඩිවෙලා අදායම අඩුවෙලා තියෙන නිසා මේ වියදම පියවන්න තවදුරටත් වැඩපුර ණය ගැනීමට යොමුවෙනවා. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් නිතුත් කිරීම හෝ විනිමය සුරැකුම්පත් නිකුත් කරන විට මහ බැංකුවම ඒවා මිලදීගෙන බැංකුවලට යම් මුදල් ප්‍රමාණයක් නිදහස් කරනවා. මේක ලංකාවේ මූල්‍ය පද්ධතියට එකතු වෙන්නේ ඒ වගේ කිහිප ගුණයක් වැඩි වෙලා. මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ මේ ක්‍රියා දාමයට. පසුගිය මාස 18ක කාලයේදී ඒ ආකාරයට මුදල් ට්‍රිලියන 02ක වගේ මුදලක් මේ පද්ධතියට එකතු වුණ බව ලංකාවේ විපක්ෂයේ අදහසයි.

      ඒ අනුව එම තත්ත්වය අපිට දරන්න අමාරුයි. රජයේ බදු ආදායම අඩු වුණ අතරේ මේ ආකාරයට වැඩිපුර මුදල් පද්ධතියට එකතු කිරීම තුළ වක්‍රකාරයෙන් සිදුවෙන්නේ ආනයනය වැඩි වීමයි. ඒ අපි කොපමණ ආනයනය සීමා කළත් මුදල් අච්චු ගැසීම හරහා සිදුවෙන්නේ ජනතාවගේ පරිභෝජනය වැඩි කිරීමයි. උදාහරණයක් විදිහට වාහන ආනයනය තහනම් කරලා තිබුණත්, මිනිස්සු අතේ සල්ලි තියෙනවා නම්, අඩු පොළියට ණය ගන්න පුළුවන් නම් ඔවුන් කරන්නේ වාහනය ගෙන්වනවා වෙනුවට වෙනත් කටයුත්තක් කරන එක. ඇතැම් විට ගොඩනැගිල්ලක් හදන එක හෝ වෙනත් කටයුත්තක් වෙන්න පුළුවන්. එතකොට වාහන ආනයනය කරන ප්‍රමාණය තහනම් වුණාට නිවාස හදන ප්‍රමාණය වැඩි වෙනවා.

      ඒ කියන්නේ යකඩ වගේ දේවල්, සිමෙන්ති හදන්න ක්ලින්කර්, තීන්ත හදන්න TiO2 ඇතුළු අමුද්‍රව්‍ය පිටරටින් අපට ආනයනය කරන්න වෙනවා. ඒවා සීමා කරන්න අමාරුයි. අපි එක දෙයක් ආනයනය සීමා කරන විට ඒ හා සාපේක්ෂව වෙනත් දෙයක ආනයනය වැඩිවෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මුදල් අච්චු ගැසීම කරන්න හොඳ දෙයක් නෙමෙයි. අපිට කරන්න තියෙන්නේ පරිභෝජනය අඩු කරලා ආනයනය අඩු කරන එක විතරයි. ඒ වගේම අපි අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තමයි ඕනෑම දෙයකට ඕනෑවට වඩා තහංචි දැම්මොත් කළු කඩ මාෆියාව ඇති වෙන සීන් එක. උදා: Glyphosate (Roundup) තහනම් කරාම ඊට වඩා විස හොර තෙල් වර්ග මාකට් එකට හොරෙන්ම ගෙන්වන්න පුළුවන්.

      Delete
  15. චිනය ට උපායමාර්ගිකව වඩාත් වාසිදායක dollar ණයක් ලංකාවට දෙන එකද, rmb ණයක් දෙන එකද

    ReplyDelete
    Replies
    1. යුවාන් දෙන එකේ සාපේක්ෂ වාසි ගණනාවක් තිබෙනවා. චීනය සතුව සැලකිය යුතු ඩොලර් සංචිත ප්‍රමාණයක් තිබුණත් එම සංචිත චීනය විසින් අමාරුවෙන් උපයාගත් ඩොලර්. චීනයට ඩොලර් මවන්න බැහැ. නමුත් යුවාන් සම්බන්ධව එවැනි සීමාවක් නැහැ. ඕනෑ තරම් යුවාන් මුද්‍රණය කළ හැකියි. ඒ වගේම ණයට දෙන ඩොලර් ලෝකයේ ඕනෑම රටක වගේ වියදම් කළ හැකියි. ණයට දෙන යුවාන් බොහෝ විට නැවත චීනය තුළම වියදම් කරන්න වෙනවා.

      Delete
  16. Yield curve inversion එකක් මේ වෙනකොට අපිට දක්නට නැහැ නේද? ඒකට විශේෂ හේතුවක් තියෙනවද

    ReplyDelete
    Replies
    1. ඵලදා වක්‍රයේ දිගු අන්තය වෙළඳපොළ බලවේග විසින් තීරණය කළත්, දිගින් දිගටම මහ බැංකුව සහ අනෙකුත් captured sources විසින් භාණ්ඩාගාර බිල්පත් අඩු පොලියකට මිල දී ගනිමින් එහි කෙටි අන්තය ඉහළ යාම වලක්වා ගෙන සිටීම.

      Delete
    2. ISB yield curve එක invert වෙලාද කියලා නම් මට හරි අදහසක් නෑ. එහෙම වෙලා නැත්නම් ඒකට හේතුව ඉහත හේතුවමද?

      Delete
    3. ISB yield curve slopes downward very pronouncedly and very sharply. Short end (6-months) is ~27%. Long end (8 years) is ~16%. CBSL and the government have very limited control over the ISB yield curve. Private companies and individuals in SL were invited recently to borrow funds from external sources and purchase ISBs from the secondary market for this very objective.

      Delete
    4. Is there publicly available source to get ISB yield information?

      Delete
    5. CBSL compiles and publishes weekly. You can search internet for most recent numbers but for each ISIN separately (https://www.bondsupermart.com for example).

      Delete
  17. විඩියොවකට වඩා ලිපි කියවීමට කැමතියි. හොද වැඩක් තාක්‍ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕන

    ReplyDelete
  18. අපි පරණ මිනිස්සු... කියවන්න ආසයි තාමත්. දිගටම ලියපන්...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: