වෙබ් ලිපිනය:

Monday, June 13, 2022

මෙන්න තවත් උද්ධමන ප්‍රතිඵලයක්!

 


නිෂ්පාදක මිල දර්ශකය (Producer Price Index) අනුව පසුගිය අප්‍රේල් මාසයේදී ලංකාවේ උද්ධමනය 52.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් පෙන්වූ 39.1% උද්ධමන මට්ටම ඉක්මවා යන උද්ධමනයක්. 

පාරිභෝගික මිල දර්ශක ගැනත් ස්ටීව් හැන්කිගේ උද්ධමන දර්ශකය ගැනත් අපි පසු ගිය ලිපි කිහිපයකම කතා කළා. ස්ටීව් හැන්කිගේ උද්ධමන දර්ශකය උද්ධමනය මනින සම්මත දර්ශකයක් නෙමෙයි. කලින්ද කියා ඇති පරිදි, උද්ධමනය මනින ප්‍රචලිතම සම්මත දර්ශකය පාරිභෝගික මිල දර්ශකයයි. එහෙත් උද්ධමනය මනින වෙනත් සම්මත දර්ශකද කිහිපයක්ම තිබෙනවා.

පාරිභෝගික මිල දර්ශකයකින් කරන්නේ පාරිභෝගිකයන් විසින් මිල දී ගන්නා අවස්ථාවේදී භාණ්ඩ හා සේවා වෙනුවෙන් ගෙවිය යුතු මිල වෙනස්වීම නිරීක්ෂණය කිරීමයි. මෙයින් වෙනස්ව, නිෂ්පාදක මිල දර්ශකයකින් විකුණන අවස්ථාවේදී නිෂ්පාදකයින්ට ලැබෙන මිල වෙනස්වීම නිරීක්ෂණය කෙරෙනවා. 

අවසාන වශයෙන් මේ ඕනෑම සම්මත උද්ධමන දර්ශකයකින් මෙන්ම හැන්කිගේ උද්ධමන දර්ශකය වැනි එකකිනුත් උත්සාහ කරන්නේ රටේ මුදල් ඒකකය බාල්දු වී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමටයි. මෙය රෝගියෙකුගේ උණ බැලීමේදී නළලෙන්, කිහිල්ලෙන් හෝ දිව යටින් මිනුම් ගන්නවා වගේ වැඩක්. කොහෙන් බැලුවත් බලන්නේ ඇඟේ තියෙන එකම උණ වුනත්, බලන තැන අනුව මේ මිනුම් වෙනස් වෙනවා.

පාරිභෝගික මිල දර්ශකය හා නිෂ්පාදක මිල දර්ශකය අතර තිබෙන ප්‍රධානම වෙනස්කමක් වන්නේ පාරිභෝගික මිල දර්ශකයක ආනයන භාණ්ඩද තිබුනත්, නිෂ්පාදක මිල දර්ශකයකට රටේ හදන භාණ්ඩ හා සේවා පමණක් අයත් වීමයි. මේ අනුව, නිෂ්පාදක මිල දර්ශකය පාරිභෝගික මිල දර්ශකයට වඩා වැඩි වේගයකින් ඉහළ යාමෙන් අදහස් වන්නේ කුමක්ද?

මෙයින් අදහස් වන පළමු කරුණ මේ වන විට දේශීය නිෂ්පාදකයින්ට උද්ධමනයේ අවාසිය ඉක්මවා යන හොඳ මිලක් ලැබෙන බවයි. දෙවන කරුණ, ඩොලර් එක කොපමණ ඉහළ ගොස් තිබුණත්, දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යාමට සාපේක්ෂව ආනයන වල මිල තවමත් වැඩි වී නැති බවයි. 

නිෂ්පාදක මිල දර්ශකයේ කොටස් දෙස බැලූ විට කෘෂිකාර්මික නිෂ්පාදකයින්ට ලැබෙන මිල 35.4%කිනුත්, කාර්මික නිෂ්පාදන සඳහා ලැබෙන මිල 58.9%කිනුත් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, ඉහත තර්ක අදාළ වන්නේ කාර්මික නිෂ්පාදන වලටයි. එහෙත්, කෘෂිකාර්මික නිෂ්පාදන මිල අඩුවෙන් ඉහළ යාමට හේතුව තේ, රබර් වැනි බහුවාර්ෂික බෝග නිෂ්පාදන වල මිල අඩුවෙන් ඉහළ යාමයි. වී, එළවලු වැනි බහුවාර්ෂික නොවන බෝග වල නිෂ්පාදන මිල 63.8%කින් ඉහළ ගොස් තිබෙන අතර සත්ත්ව නිෂ්පාදන වල මිලද 53.5%කින් ඉහළ ගොස් තිබෙනවා. 

5 comments:

  1. දත්ත විශ්ලේෂකයෙකු සැරයක් කිව්ව දෙයක් මේ. "සංඛ්‍යා ලේඛන මුක්කුවකට ගතහැකි දණ්ඩක් වගේ. වැටෙන්න යන ගහකට හේත්තු කරලා ගහ කෙලින් කරන්න වුණත් පුළුවනි. ඒ වගේම ඒ පොල්ලෙන් ගහල දෙයක් විනාශ කරන්න වුණත් පුළුවනි. කෙරෙන වැඩේ තීරණේ වෙන්නේ විග්‍රහය කරන කෙනාගේ අභිලාශය මතයි." (මට මතක අදහස විතරයි- වචන නෙවෙයි. හොඳේ.)

    ReplyDelete
  2. //දෙවන කරුණ, ඩොලර් එක කොපමණ ඉහළ ගොස් තිබුණත්, දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යාමට සාපේක්ෂව ආනයන වල මිල තවමත් වැඩි වී නැති බවයි. //
    මේක තවදුරටත් ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. දේශීය නිෂ්පාදන මිල මිල 52.4%කින් ඉහළ යද්දී සමස්තයක් ලෙස (දේශීය හා ආනයනික) සියළු පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහළ ගිහින් තියෙන්නේ 39.1%කින් පමණයි. දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යනවාට වඩා වැඩියෙන් ආනයන මිල ඉහළ ගියානම් දෙවැන්න වඩා වැඩි විය යුතුයි.

      Delete
  3. අස්සලාම් අලෛක්කුම් ව'රහ්මතුල්ලාහ් ව'බරකාතු !

    ඉකොන් ඔබ මොකද හිතන්නේ මේ තීරණය ගැන?

    https://island.lk/cpc-monopoly-to-end-with-govt-inviting-multinational-companies/

    Minister of Power and Energy, Kanchana Wijesekera, on Sunday, told the media that giving the Ceylon Petroleum Corporation (CPC) the monopoly over the oil industry was a mistake and the government was taking steps to allow multinational oil companies to recommence operations in Sri Lanka. The petroleum sector was nationalised in the early 1960s and the CPC was given a monopoly.

    Addressing the media in Colombo, the Minister said that several other companies must get involved in fuel distribution in the country as it had become obvious that the CPC couldn’t do it alone.

    “We need a few companies like Lanka IOC. Soon, I will present a Cabinet Paper on this matter. Not only the CPC and the LIOC, but also companies of other oil producing nations must be given the chance to supply and distribute oil. Companies like Shell and Caltex were in Sri Lanka earlier. We made a serious error when we gave the CPC a monopoly,” he said.

    The Minister also insisted that many oil companies had shifted to Singapore after Sri Lanka nationalised the petroleum sector. The Minister said that Singapore had become a petrochemical hub thereafter.

    ” We want a company which can give us oil at least for one year on credit––a company that could use its own funds to import fuel. The purpose will be lost if they too start tapping into the dollars that local banks have. If the IOC wants to expand, we must allow that to happen. We have taken a decision to allow oil producing companies to start operations in Sri Lanka,” he said.

    Cont...

    ReplyDelete
    Replies
    1. The Minister also said that two ships carrying petrol and diesel would arrive on the 23 and 24 June. Sri Lanka had enough stocks of diesel for 10 days and the CPC was supplying to the market more than it usually does, he said.

      “The LIOC has 10,000 MT of petrol in its stores in Trincomalee. It only issue 300 MT a day but we asked it to release 1,000 tonnes a day in the coming days. We urge people not to queue up for petrol in the coming four days unless it’s an emergency,” he said,

      The Minister also insisted that the CPC officials were following procurement guidelines to the letter when making fuel purchases, as they feared that they would be hauled up before various probe commissions and therefore they were hesitant to take prompt action. “The Cabinet is now contemplating laws to give officials some legal cover to protect themselves, when officials take proactive decisions during emergencies.”

      The minister said: “The Ceylon Electricity Board (CEB) needs fuel to ensure that power cuts do not exceed three hours. The train services also need 150 tonnes of diesel a day. State and privately owned buses, engaged in public transport, need 600 tonnes of diesel a day. We have instructed depots to pump diesel to buses with route permits from Sunday (19). The police have been instructed to provide security. Tourist coaches, staff transport services and school services, too, can queue up at sheds. There is fuel for everyone. I urge drivers of these vehicles not to queue up in gas stations from now on.”

      The Minister also said that in the next week the police and divisional secretaries would come up with a list of full-time three wheeler drivers and allocate them specific gas stations for refuelling.

      “We will divide the vehicles so that each vehicle has two days a week to obtain 20 to 30 litres of fuel. Health workers can also get fuel to their vehicles at selected gas stations every Friday. We will get three crude oil shipments on 29 June and 10 and 14 July,” the minister said.

      මේ පිළිබඳව ගෝල්ෆේස් අරගලයේ නියුතු සහෝදරවරුන් පවසන්නේ මේ හරහා අමෙරිකානු චෙව්‍රොන්, එක්සෝන්මොබිල් ආදී සමාගම් වලට ලංකාවට පැමිණ ලංකාවේ ධනය සූරාකෑම පිණිස දූශිත රාජපක්ස රෙජීමය බැසිල් සහ රනිල් ඩීල් යටතේ කරන කුමන්ත්‍රණක මූලික පියවර බවත් බැසිල්ට සහ රනිල්ගේ මිතුරන්ට මේ වෙනුවෙන් ඩොලර් ලැබෙන බවත්, මේ ගැන ඔබට කිව හැකි කුමක්ද? තෙල් සංස්ථාව පාඩු වුණත් එහි මුදල් ලංකාව තුල ඉතිරි වී ආනයන වියදම පමණක් පිටට යන බවත් මේ විදේශීය ආයෝජන මගින් ඉතා අධික මිලට තෙල් විකුණා සියලුම ලාභය ඇමරිකාව ඇතුලු රට්වලට රැගෙන යන බවත් පැවසෙන කතාව ඇත්තද? මෙය ආර්ථික සහ මූල්‍ය පැත්තෙන් සත්‍යක් තියෙනවාද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: