වෙබ් ලිපිනය:

Tuesday, June 7, 2022

බදු කැපිල්ලේ වාසිය ගියේ කාටද?

දෙවසරකට පෙර ආණ්ඩුව විසින් සිදු කළ බදු අඩු කිරීම වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ බව දැන් පොදුවේ පිළිගැනෙන කරුණක්. මේ වන විට එම බදු සංශෝධනය යම් පමණකින් ආපසු හරවා තිබෙනවා. එහෙත්, මුළුමනින්ම නෙමෙයි. බදු වැඩි කිරීම් වලින් පසුවද රජයේ ආදායම් අවශ්‍ය පමණ වැඩි වන එකක් නැහැ. ඒ ගැන අපි පසුව වෙනම කතා කරමු.

පහත තිබෙන්නේ 2020 බදු අඩු කිරීම් එක් එක් ආදායම් කාණ්ඩයට බලපෑ ආකාරයයි. මෙය සකස් කිරීමේදී සියලු වක්‍ර බදු හා රජය අය කරන ගාස්තු පරිභෝජනයට සමානුපාතික සේ සලකා තිබෙනවා. ආදායම් බදු අවම ආදායම් බදු සීමාවෙන් උඩ පිරිස් විසින් ගෙවූ බව උපකල්පනය කර තිබෙනවා. 

ජනප්‍රිය මතය කුමක් වුවත් ඉහළම ආදායම් කාණ්ඩයට බදු කැපිල්ලෙන් ලැබුණු වාසිය අනෙක් අයට ලැබුණු වාසියට වඩා අඩුයි. බදු කැපිල්ලෙන් වැඩිම ප්‍රතිලාභ ලැබුවේ මාසික ආදායම රුපියල් 41,667 සිට රුපියල් 250,000 දක්වා වූ පිරිසයි. කලින් සෘජු බදු ගෙවූ ඔවුන් දැන් ගෙවන්නේ වක්‍ර බදු පමණයි. බදු කැපිල්ල නිසා 2019දී 1,550,000ක් වූ බදු ගෙවන්නන් ප්‍රමාණය 2021 වන විට 412,000 දක්වා අඩු වුනා.

බදු කැපිල්ලට පෙර 2019 වසරේදී රටේ නිවාස ඒකක වලින් 70%ක් රජයෙන් ලබන ප්‍රතිලාභ වලට වඩා අඩුවෙන් බදු ගෙවමින් අනෙක් අයගේ වියදමෙන් සුබසාධනය වුනා. ඉතිරි 30% ශුද්ධ වශයෙන් රජයට බදු ගෙවුවා. බදු කැපිල්ලෙන් පසුව රටේ නිවාස ඒකක වලින් 90%ක්ම රජයෙන් ලබන ප්‍රතිලාභ වලට වඩා අඩුවෙන් බදු ගෙවමින් අනෙක් අයගේ වියදමෙන් සුබසාධනය වෙනවා. ශුද්ධ වශයෙන් රජයට බදු ගෙවන්නේ ඉහළම 10% පමණයි. 



11 comments:

  1. ෆේස්බුක් එකෙන් දැක්ක. එක ඇත්ත. එකොන් ලංකාව අපනයනය කරන රටවල් වල ලිස්ට් එකක් හොයා ගන්න පුලුවන්ද? මේ රුසියාව රුසියාව අකියල කෑ ගැහුවට රුසියාව අපෙන් ගොඩක් භාණ්ඩ ගන්නේ නැහැ කියලයි මම දන්නේ

    ReplyDelete
    Replies
    1. 1.2% of Sri Lankan exports go to Russia (US$ 162 million in 2021). https://tradingeconomics.com/sri-lanka/exports-by-country

      Delete
    2. මේ සන්චාරකයො නැතිව නේද?
      රුසියන් සන්චාරකයින්ගෙන් බිලියන් 3ක් විතර එනව කියල හිතුවොත්.

      Delete
    3. මැයි මාසයේ මුළු සංචාරක ඉපැයීම් ප්‍රමාණයම ඩොලර් මිලියන 54යි. රුසියාවේ කොටස මිලියන 5.7යි.

      Delete
    4. ඉකොනොමැට්ටා මේ නිව්ස් එක ඇත්ත කතාවක් ද?

      //
      *ලංකාවට පැමිණි රුසියානුවන් 2000 ක් මාලදිවයිනට යති....*


      මැයි මාසයේ මාලදිවයිනට සංචාරකයෝ 25,522 ක් පැමිණෙති.
      මැයි මාසයේ ලංකාවට පැමිණ තිබෙන සංචාරකයන් ගණන 30,207 ක්.

      රුසියානු ගුවන් යානාවක් ලංකාව තුළ රදවා ගැනීමේ සිදුවීමත් සමග රුසියානු ගුවන් සේවය ලංකාව බලා සිදු කළ ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කර ඇති බැවින්, මෙරට සංචාරය සදහා පැමිණ සිටි දෙදහසකට ආසන්න රුසියානුවන් පිරිසක් මාලදිවයින බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

      සතියකට රුසියානු ගුවන් යානා 04 ක් මාලදිවයින බලා පැමිණේ.

      රුසියානු ගුවන් යානාවක් රදවා ගැනීමේ සිදුවීමත් සමග, රුසියාවේ සිට මෙරටට පැමිණි ගුවන් යානා තුනක් ද මාලදිවයින වෙත යොමු කිරීමට රුසියානු රජය කටයුතු කරමින් සිටින බව උදයංග වීරතුංග මහතා පවසා තිබුණි.

      ඔහු ඒ බව පවසා තිබුණේ චමුදිත සමරවික්‍රම සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.

      කෙසේ වෙතත්, මැයි මාසයේ දී විදේශීය සංචාරකයන් 125,522 දෙනෙකු මාලදිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. එය වාර්තා ගත වැඩි වීමකි.

      මාලදිවයිනට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. දෙවැනියට වැඩිම සංචාරයකන් පිරිසක් පැමිණෙන්නේ එක්සත් රාජධානියෙනි. තෙවැනි තැන ගන්නේ රුසියාවයි.//

      Delete
    5. Econo @11:39 PM
      ඒක හරි. ඒත් බිලියන 3ක් එනව කියල හිතන්න පුලුවන්නේද? හැමෝම එහෙම නේද හිතන් ඉන්නෙ

      Delete
  2. ඇත්තටම ඉකොනො ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ රනිල්ගෙන් පස්සෙ රටේ නායකත්වය ගන්න යම් දැනුමක් තේරුමක් ඇති වගේම වගකීමක් සහිතව කටයුතු කරන්න හැකියාවක් තියෙන එකම ඔප්ෂන් එක පාඨලී චම්පික රණවක විතරයි. වර්තමානයේ ලංකාවේ දේශපාලන පක්ෂ විපක්ෂ සියලුම කණ්ඩායම් වල රාජපක්ෂ පවුල, රනිල් වික්‍රමසිංහ සහ පාඨලී චම්පික රණවක හැරුණාම වගකීමක් ඇතුව රටේ පාලනය භාර දෙන්න පුළුවන් කියලා හිතෙන කිසිම කෙනෙක් ලංකාවේ දැන උගත් සියලුම පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටින බහුතරයක් ජනතාවට නෑ.

    හැබැයි තව පැත්තක් තියනවා පාඨලීලට තරගයක් දෙන්න දේශපාලනික ක්ෂේත්‍රයට පිටින් කට්ටිය එන්න ඉඩ තියෙනවා සෑහෙන්න දුරට. දැන් බලන්න ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වන පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා පත් කිරීමට නියමිත බවද වාර්තා කරල තියෙන්නෙ ලංකාවේ මාධ්‍ය මගින්.
    මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් වීමෙන් පසු ඔහු අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇති බවත් එය ආයෝජන ප්‍රවර්ධනයට අදාළ ප්‍රධාන පෙළේ අමාත්‍ය දුරයක් වනු ඇති බවද දැනගන්නට ලැබුණා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    මේ අතර හෙට උදේ පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී බැසිල් රාජපක්ෂ සහභාගී වන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා එහිදී තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්‍ෂ අදහස් දැක්වීමට නියමිත බවත් තමන් ලංකාවේ රටේ සංවර්ධනයටත් ආර්ථිකයටත් ඉටුකළ සේවය ඇතැම් පිරිස්වල කිසිදු අගය කිරීමකට ලක් වී නැති බවට බැසිල් රාජපක්ෂ පවසන්නට ඉඩ ඇති අතරම ඒ අනුව තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු තම සමීපතම හිතවතුන් පිරිසකට සඳහන් කර ඇතිබවත් තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය මේ සතියේ දී පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කරන බවද බැසිල් රාජපක්ෂ කියා ඇති බව ආරංචියි. ඔබට හැකිනම් මේ ගැනත් කෙටියෙන් හෝ අදහසක් දක්වන්න. ස්තූතියි.

    ReplyDelete
  3. මැතිවරන තියන්න පාටක් නෑ නේද? මුන්ට ජනතාව ගැන වගේ වගක් නෑ.

    ReplyDelete
  4. බදු ගැන ඉකොනොමැට්ටා මෙතන මතුකරන කාරණා ඉතාමත් වැදගත්, නමුත් බදු ප්‍රතිපත්ති වැනි මැක්‍රෝ ලෙවෙල් පොලිසීස් වගේම අනිත් මොනිටරි, ෆිස්කල්, සප්ලයි සයිඩ්, ලේබර් මාකට්, ටැරිෆ් ට්‍රේඩ් පොලිසීස් වගේම මැක්‍රෝ ලෙවෙල් එකේ අනිත් සබ්සිඩීස්, ප්‍රයිසස් ඇන්ඩ් මාකට් රෙගියුලේශන්ස් ක්‍රියාත්මක කරන්න වගේම සියලු ආකාරයේ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති සඳහා දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍ය සාධකයක්, මේ වෙලාවේ මම හිතන්නේ රටේ පවතින දේශපාලන තත්වය දිගටම ස්ථාවරව තබාගෙන මුලින්ම ආර්ථිකය ගොඩදාගත යුතුයි.

    අනික ලංකාවේ දැනට තියෙන තත්වය යටතේ මැතිවරණ තිව්ව කියල වැඩක් ඇත්තෙත් නෑ ඉතින්, මොකද මිනිස්සුන්ට තෝර ගන්න කිසිම ඔප්ශන් එකක් නෑ එක පැත්තකින්... අනිත් පැත්තෙන් විපක්ෂ වල ඉන්න කට්ටිය කවුරුත් පණ ඇතුව බය නැතුව වගකීමක් බාර අරගෙන කට්ට කාගෙන වැඩේ ගොඩ දාන්න කැමැත්තක්වත් හැකියාවක් වත් නෑ, රනිල්ට සපෝට් එකට ඕනෙනම් චම්පික විතරක් ඉදිරිපත් වෙයි, ජනතා විමුක්ති-පෙරටුගාමී බලව්වේගය කෝප් කමිටුව බාර අරන් හොරකම් වංචා කතන්දර ටිකක් හොයාගෙන මාධ්‍ය හරහා ඒවා වවාගෙන කමින් ටයිම් පාස් කරයි.

    ඉන්න එකම ඔප්ෂන් එක චම්පික රනිල් සුසංයෝගය විතරයි පෙන හැටියට, අනිත් පක්ෂ වලිනුත් හොඳ අය තෝරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ, ධම්මික පෙරේරා වගකීමක් බාර අරන් කරන්න කැමති නම් ඌටත් චාන්ස් එකක් දීල බලමු, කොහොමත් දැන් ඉතින් උලත් එකයි පිලත් එකයි, රාජපක්ෂ කල්ලිය ශේප් එකේ ඩවුන් ගිහින් පස්සෙ අවුරුදු ගාණකින් මමී රිටර්න්ස් මූවී එකේ වගේ ආයෙත් ගේමට එන්ටර් වෙන්න හොරගල් අහුලනවා, උන්ට ආයෙත් නැගිටින්න බැරිවෙන්නත් මොකක් හරි ප්ලෑන් එකක් කරන්න වෙනවා, ඒත් රනිල් සහ ඇමරිකන් ඉන්දියන් ඩීලර්ස්ලා ඒකට කැමති වෙයිද සැකයි, රාජපක්සලාත් දැන් ඉන්දියාව ඇමරිකාව එක්ක ශක්තිමත් ඩීල් එකකක ඉන්නේ චීනය කැපුණට පස්සේ හැබැයි චීනුත් හොරගල් අහුලලා ගේමක් දෙන්න ඉඩ තියෙනවා.

    දැනට චීන්නු සජිත් එක්ක ගේමක් ගහන්න ගිහින් සජිත් මෙලෝ රහක් නැහැ කියලා තෙරිලා අයින් කරලා දැම්මාට පස්සේ උන්ට ලංකාවෙන් හොඳ විස්වාසවන්ත ලීඩර්ගෙනෙක් සහිත පාටි එකක් සෙට් කරගන්න බැරිවෙච්චි එකෙන් තමයි උන් සයිලන්ට් ඉන්නේ. උන් ලංකාවේ වෙනස්ම විදිහක අලුත් පාටි එකක් එකපාරටම ගේන්නත් පුලුවන්, ඇෆ්ඝනිස්ථාන් වල තලීබාන් ඩීල් එක වගේ දෙයක් වෙන්නත් පුලුවන් කොහොම වුණත් තව අවුරුදු දෙකක් වත් යනකම් ඔය තියෙන විදිහට ගිහින් ආර්ථිකය ස්ටැබිලයිස් කරගත යුතුයි නැත්නම් රට තවත් කුජීත විදිහට විනාස වෙලා තමයි නවතින්නේ නේද?

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා,

    ලංකාවේ ආර්ථිකය බිඳවැටීමට මූලික වශයෙන්ම හේතු වූයේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස් වීමට වඩා වාහන ආනයනය නැවතීම සහ කොවිඩ් තත්වය යටතේ මාස ගණන් රට වසා තබමින් බදු ගෙවන කර්මාන්ත සහ සේවා ආයතන වල ටර්න් ඕවර් එක අඩාල කිරීම නිසා බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල පවසනවා ඔබ දකින්න ඇති, මේ කතාවේ ලොකු ඇත්තක් තියෙනව. ලංකාවට වාහනයක් ගේනකොට 300% විතර බද්දක් තිබුන, උදාහරණයක් හැටියට ජපානය් වාහන නිශ්පාදකයන් උපයන ලාබයට වඩා ලංකාවෙ රජය එක් වාහනයකින් ලාබයක් ඉපයුව. ඩොලර් 1000 ලංකාවෙන් පිටවුනාට ඒ වගේ 300% නැවත ලබා ගත්තා. ආනයන නවත්වල දේශීය නිශ්පාදන දිරිගන්වන්න බැහැ. කියුබාවේ වාහන ආනයනය කරන්නෙ නැහැ නමුත් කුයුබාවෙ නිශ්පදිත වාහනත් වෙලදපොලෙ නැහැ. පහුගිය දශක කීපයේම ලංකාවට වාහන ආනයනය කරත් ලංකාවේ වාහන එකලස් කිරීමේ කර්මන්තශාල 13ක් ඇතිවුන. මඉක්‍රො (www.microcars.lk/company-profile.html, සොටි Zotye (https://www.unitedmotors.lk/personal/cars/zotye/zotye-z100), මහින්ඩ්‍රා (https://www.mahindra.com.lk/) කර්මාන්ත්ශාලා ලංකාවෙ පටන්ගත්තේ වාහන ආනයන තිබුන කාලෙ.

    ඒ වගේම ඔබ හිතන්නේ මොකද ලංකාවේ ව්‍යවස්ථාව අනුව මන්තී‍්‍රකමක් දරන කිසියම් පුද්ගලයෙකුට හිමිකාරීත්වය සහිත සමාගමක් ආණ්ඩුව සමඟ ගණුදෙනු කලහොක් මන්ත්‍රීධුරය අහෝසි වී යන නීතිය ගැන? මේ නිසාම ධම්මික පෙරේරා ලංකාවේ ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වීම නිසා මන්ත්‍රීවරයකු වීමට පෙර ඔවුන් ඔහු ඉන් ඉවත් විය යුතුව ඇත. නමුත් ධම්මික පෙරේරා ප්‍රබල ධුරයට පත් වනු ඇතැයි පළවු වාර්තා හේතුවෙන් ඔහුට හිමි ව්‍යාපාර රැසක කොටස් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් අලූත්ම වාර්තා සඳහන් කරන්නේ ධම්මික පෙරේරාට අදාළ නීතිමය ගැටලු නිරාකරණය කරගනු ඇති බවයි. ඒ අනුව ඔහුට ලබාදීම සඳහා ලංකාවේ එතෙක් මෙතෙක් පිහිටුවන ප්‍රබලතම අමාත්‍යාංශය සූදානම් කර ඇතැයි ලංකාවේ මාධ්‍ය වල සඳහන් නමුත් ඔහුට ආයෝජන අංශයට අදාල අමාත්‍ය ධූරයක් වනු ඇතැයි ද එම ඇමති ධුරය සදහා දැනට ජනාධිපතිවරයා යටතේ ඇති විශ්‍යන් කිහිපයක්ද එක්වනු ඇති බවද පැවසේ. රට දියුණු කරන්න බැරි හොරකම හින්දාම නෙමෙයි . ආයෝජන ව්‍යාපෘති කඩාකප්පල් කරන නිළධාරි මාෆියාව, ව්‍යාපාර මාෆියාව, තානාපති බලපෑම් ,මහකොමසාරිස්වරුන්ගෙ බලපෑම්, රාජ්‍ය නොවන කලු බළල් හමුදාව ඇතුළු මෙකී නොකී ද්‍රොහීන් හින්දා බවයි මගේ අදහස. මේ ගැන විස්තර කළ හැකිද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: