වෙබ් ලිපිනය:

Monday, December 8, 2025

ඉන්දියාවේ 8.2%ක ආර්ථික වර්ධනයක්!


මෙම වසරේ දෙවන කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 8.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකාර්මික කටයුතු 3.5%කින් වර්ධනය වෙද්දී ඉදිකිරීම් අංශය 7.2%කින්ද නිෂ්පාදන අංශ 9.2%කින්ද වර්ධනය වී ඇති අතර සේවා අංශ (මූල්‍ය, නිවාස හා දේපොළ සහ වෘත්තීය සේවා) 10.2%කින් වර්ධනය වී තිබෙනවා. පළමු කාර්තුවේ 7.8%ක වර්ධන වේගය හා එක්ව ගත් විට වසරේ පළමු අර්ධයේ වර්ධන වේගය 8.0%ක් ලෙස වාර්තා වෙනවා. 

5 comments:

  1. Imf එකෙන් කියල ඒක බොරුවක්ලු.

    ReplyDelete
  2. @ ඉකොනොමැට්ටා

    ආර්ථික විශේෂඥයින් ඉන්දීය ආර්ථික වර්ධනය ගැන පවසන මේ කතාව ඇත්ත ද?

    //India's recent 8.2% GDP growth figure is misleading, obscuring underlying structural weaknesses and potentially overstating the true health of the economy. The official data relies on an outdated base year (2011-12) and problematic deflation methods that create significant statistical inconsistencies, as highlighted by the IMF's recent 'C' grade for the country's national accounts data.

    When adjusting for these methodological flaws and considering alternative high-frequency indicators (like private consumption and corporate revenue trends), the realistic growth for the period is likely closer to 5.6%. Furthermore, persistent issues such as a struggling informal sector and low private investment suggest that the growth narrative is fragile, with a more grounded prediction of around 4.3% for the next fiscal year appearing far more credible than official exuberance//

    මේ කතාව ගැන විස්තර සහිතව සාධක සහ සාක්ෂි උදාහරණ සහිතව මේක වැරදි බව සහ ඔබ ඉහත දක්වන ප්‍රකාශය සත්‍ය බවත් සාධක සහිතව පෙන්වා දෙන්නට පුළුවන්ද?

    ReplyDelete
  3. @ Economatta

    ඉන්දියාව කෙසේ වෙතත් ලංකාව ගත්තාම ඇත්තම කිව්වොත් එක් එක් පලාතෙන් රටේ සමස්ත GDP එකට දෙන contribution එක ගණනය කරන විදියේ ලොකු අවුලක් තියෙනව. දැන් තියෙන්නෙ ඉලක්කම් හරඹයක්.

    මම හොඳ උදාහරණයක් දෙන්නම්. මන්දාරම්නුවර ගොවියන්ගෙන් ලීක්ස් කිලෝව තොග ගන්නෙ රුපියල් 75ට. කිලෝ දාහක් ගත්තොත් 75,000යි.

    නමුත් ඒ ලීක්ස් කිලෝව කොළඹදි රුපියල් 300යි. එතකොට කිලෝ දාහෙ මිල 300,000යි.

    මධ්‍යම පළාතෙ GDP එකට 75,000යි. බස්නාහිර පළාතෙ GDP එකට ආසන්නව 225,000යි. මේ එකම ලීක්ස් ටොන් එක.

    මරුම වැඩේ තමයි මධ්‍යම පලාතෙන් ඕක ආවෙ නැත්තං බස්නාහිර 225,000 එකතු වෙන්නෙත් නැති එක.

    ඉලක්කම් හරඹ ආර්ථික විද්‍යාව තියෙන තාක් අපෙ රටේ ඇත්ත ආර්ථිකය හදන්න ලේසි නෑ.

    ලංකාවේ පලාත් ගත්තම බස්නාහිර පළාත සම්පුර්ණයෙන්ම ලංකාවේ ආර්ථිකයෙන් 50%කට ආසන්න ප්‍රමාණයකට වගේම කියනවා වයඹ පට්ට බැලන්ස්ඩ් කියල හිතුනා % එකක් විදියට කෘෂිකාර්මයට අංක එකට දායක වෙන ගමන් කර්මාන්ත අංශයෙන් අංක දෙකට සේවා වලින් අංක හතරට ඉන්නවා.විශේෂයෙන් වර්ථමානයේ රටේ තුන්වෙනි වැඩිම ජනගහනයක් ඉන්න දිස්ත්‍රික්කයත් කුරුණෑගල . Logistic පහසුකම් , manpower availability , port/ airport easy access එක්ක මීට වඩා හොද ආයෝජන ටිකක් ආවොත් හොදයි.
    මද්‍යම පළාත විශේෂයෙන් නුවරඑළිය / බදුල්ල සහ මහනුවර දුම්බර ආශ්‍රිත ප්‍රදේශ වල හුදු ආර්ථික වටිනාකම GDP සහ අනෙක් ආර්ථික දර්ශක වලින් මනිනවට වඩා ඒවා රටේ ප්‍රදානම ජලපෝෂක ප්‍රදේශය රටේ හදවත වගේ නිසාම සංරක්ෂණ වැඩපිළිවෙලකට ගියොත් හොදයි නේද? දකුණූ පලාතේත් කර්මාන්ත සංවර්ධනය කරන්න ඕනේ සේවා අපනයන අංශයෙන් දෙවෙනි තැනට ඉන්නේ දකුණු පලාත

    අනෙත් අතට දුෂ්කර ප්‍රදේශවල ඌව, නැගෙනහිර උතුරුමැද උතුර සහ සබරගමුව පලාත් සංවර්ධනය කිරීමට අරමුණු කරගෙන ආයෝජන වැඩපිලිවෙලක් ආරම්භ කරන්න ඕන ඒත් වර්තමාන ජනාධිපතිවරයාට සහ රජයට ඒ වගේ දේවල් ගැන කිසිම අවබෝධයක් නැතිව බොරු ව්‍යාජ නාඩගම් නට නට එදාවෙල ඇදගෙන යනවා විතරයි නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: