Tuesday, December 1, 2015

රත්නපුරේදී කූඩු සදන්ටා...

ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් වෙනත් දිස්ත්‍රික්ක වැඩිම ගණනකට මායිම් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයයි. එය කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, නුවරඑළිය සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට මායිම් වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ සිට මේ දිස්ත්‍රික්ක බොහොමයකටම වැට පනින්නට ප්‍රධාන පාරවල් තිබුණත් නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්ක වලට වැට පැනීම ඒ තරම්ම පහසු නැත.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට යා හැකි එක් ක්‍රමයක් වන්නේ කුඩවෙන් සිංහරාජයට රිංගා නෙළුව කිට්ටුවෙන් මතුවීමයි. මේ ආකාරයෙන්ම එරත්න හෝ පලාබද්දල පාරෙන් සිරීපාදය නැඟ මළුවට ගොඩ වී හෝ නොවී (මහගිරිදඹේට පහළින් හරස් මඟ හරහා) හැටන් පාරට පැන නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතුල් විය හැකිය. එසේ නැත්නම්, බෙලිහුල්ඔය සිට නන්පිරියල්, නග්රැක් හරහා 'මහඑළියට' හෙවත් හෝර්ටන් තැන්නට ගොඩවූ විටද නුවරඑළිය දිස්ත්‍රික්කයේය.

යුනෙස්කෝව මඟින් ලෝක උරුමයන් ලෙස නම් කළ තැන් අටක් ලංකාවේ තිබේ. මේ අතරින් තැන් හයක් සංස්කෘතික උරුමයන්ය. අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය, මහනුවර හා ගාලු කොටුව මේ තැන්ය. ඉතිරි තැන් දෙක ස්වභාවික උරුමයන්ය. ඒ හෝර්ටන්තැන්න හා නකල්ස් ප්‍රදේශය ඇතුළත් මධ්‍යම කඳුකර ප්‍රදේශය සහ සිංහරාජයයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ දෙකොනක පිහිටි මේ ලෝක උරුම දෙක නොඉඳුල් වනාන්තර නැත්නම් 'වර්ජින් ෆොරස්ට්' ලෙස සැලකේ. එහෙත්, කන්‍යාවන්යයි කියන මේ දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් දිගටම කන්‍යාභාවය රැකගෙන සිටීමට ඉඩ ලැබුණේ නැත. අපේ පැරණි සභාග ආණ්ඩු වලින් මේ දෙන්නාගේම කන්‍යාභාවයන්ට කලකට ඉහතදී වැඩේ දී තිබේ.


සිරිමාවෝ බණ්ඩාරනායකගේ පළමු වාමාංශික සභාග රජයට ඉක්මණින් සමාජවාදයට යාමට හෝර්ටන් තැන්න සුද්ද කර අල වවන්නට ඕනෑ විය. ඩඩ්ලිගේ හත්හවුල් ආණ්ඩුවේ සිටි සීපීට සහ පිලිප්ට කොස්ගම තුනී ලෑලි කම්හල දුවවන්නට සිංහරාජයේ ගස් ඕනෑ විය. ඉතා ඉක්මණින්ම සුදු අලියෙකු වී පසුව වසා දැමූ මේ කම්හල විවෘත කළේ ආසියාවේ ලොකුම කම්හල ලෙස පාරම්බාමිනි. මේ වගේ වැඩ වල ඉතිහාසය අළුත් එකක් නොවේ.

ළදරු සෝවියට් දේශයේ මුල් පස් අවුරුදු සැලසුම්වල ප්‍රධාන අංගයක් වුණේ රටේ තිබුණු ස්වභාවික සම්පත් විශාල ලෙස ප්‍රයෝජනයට ගැනීමයි. ලංකාවේ ඇතැම් අය ගෙඩි පිටින් කොපි කළේ ස්වභාවික සම්පත් වලින් පිරුණු, ලෝකයේ ගොඩබිම් වලින් හයෙන් එකක් පුරා පැතිරුණු රටක් කළ දෙයකි.

සිංහරාජයේ ගස් කැපීම වසර ගණනකට පසු නවත්වන විට එහි සෑහෙන කොටසක් විනාශ වී අවසන්ය. මේ තැන් තවමත් මුල් තත්ත්වයට පත්වී නැත. පරිසර පද්ධතියක සමතුලිතතාව බිඳ දැමූ පසු එය නැවත යථා තත්ත්වයට පත්කිරීම කන්‍යාභාවය නැවත ප්‍රතිස්ථාපනය කරන තරම් පහසු නැත.

හෝර්ටන් තැන්නේ ඇත්තේ ලඳු කැලෑ සහ තණබිම් සංකලනයකි. අල වැවීම අරඹන්නට පෙර කාලයක් තිස්සේ මේ සීමාවේ සිටි දිවියන් සහ ගෝන්නුන් අතර ස්වභාවික සමතුලිතතාවයක් තිබුණේය. ගෝන්නු තණ කති. දිවියෝ ගෝන්නු කති. මේ ගහණ දෙකම සමතුලිතව පවතී.

අල වැවීම නවත්වා දැමූ පසු එළි කළ තණබිම් වල නැවත වැවුණේ එහි කලක සිට පැවති උස් තණකොළ නොවේ. ආසන්නව පිහිටි අඹේවෙල නවසීලන්ත ගොවිපලේ වවා තිබුණු 'රට තණකොළ'ය. වැඩි දියුණු කළ මේ තණකොළ වලට පැරණි තණකොළ සමඟ තරඟ කර ජයගැනීම අපහසු නැත. මේ 'අළුත්' තණකොළ වර්ගය කන විට කට සහ දිව කැපී දැනෙන මස් රසට හෝ වෙනත් හේතුවක් නිසා දැන් ගෝන්නුන්ගේ අළුත් තේරීම රට තණකොලය.

අළුත් රට තණකොළ පැරණි තණකොළ තරම් උස නොයයි. ඒ නිසා දිවියන්ට හීන් සීරුවේ ගෝනෙකුට ලංවීම පෙර මෙන් පහසු නැත. වගා සංග්‍රාමයට පින් සිදුවන්නට දැන් ගෝනුන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වී, ජීවන තත්ත්වය උසස් වී තිබේ. දිවියෝනම් වැඩිපුර බඩගින්නේය. මේ නිසා වසරක් පාසා ගෝන්ගහණය වැඩිවේ. දිවිගහණය අඩු වේ.

ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු විශේෂ විසි එකක් ඇතුළු පක්ෂීන් ගණනාවක් හෝර්ටන් තැන්නේ කලක සිට සිටියත් එහි කපුටන් දකින්නට හිටියේ නැත. එහෙත්, මේ පරිසර පද්ධතියට නරඹන්නන්ගෙන් ලැබෙන අනවශ්‍ය 'දායකත්වයන්' නිසා දැන් එහි කපුටෝද අඩු නැත.

කපුටා කොහොමත් අපිට හුරුපුරුදු සතෙකි. කපුටෝ නැති තැන්, නැති වෙලාවල් නැත. එහෙත්, කොහානම් එහෙම නැත. ඌ එන්නේ අවුරුදු කාලයටය. අවුරුදු ළඟ බව දන්වන්නට එන කොහා ආපහු යන්නේ කපුටාගේ කූඩුවේ ෂේප් එකේ බිත්තර දෙක තුනක්ද දමා බව ඉගෙන ගත්තේ පොඩි කාලේය. ඉන්පසු දරුපවුල නඩත්තු කිරීම කපුටාට පවරා කොහා මාරු වේ. කොහාගේ සද්දේ ආයෙමත් ඇහෙන්නේ එරබදු මල් පිපෙන කාලයටය.

ඒ දවස් වල කොළඹ 'කොළඹ කාක්කෝ' සිටියහ. එහෙත්, 'කොළඹ කොහා'ලා නොසිටියහ. වසරකට දෙකකට පෙර මා නිරීක්ෂණය කලේ අවුරුදු පසු වී මාස තුන හතරක් ගිහින් තිබුණත් ගෙන්දගම් පොළව කිට්ටුව පාත 'කොහෝ කොහෝ' අඩුවක් නැති බවයි.

එක් අතකින් සතුටුය. අනෙක් අතින් දුකය. දැන් කොහාලාත් 'දේසේ හැටියට බාසේ' ඉගෙනගෙන කපුටන් සමඟ තරඟයට කුණු හොයති.

කපුටාත් කළුය. කොහාත් කළුය. එසේනම් කපුටාගේත්, කොහාගේත් වෙනස කුමක්ද?

පළමු හිම වැටී සති කිහිපයක්ම අවසන්ය. එහෙත්, ශීත සෘතුව නිල වශයෙන් ඇරඹෙන්නට තව සති තුන හතරක් තිබේ. වසන්ත කාලය බොහෝ දුරය.

(Photo credit: http://www.deserttrails.org/birds-gallery.htm)

57 comments:

  1. උඹේ ලිවීම නං සුපිරියි.....

    ReplyDelete
  2. //එසේනම් කපුටාගේත්, කොහාගේත් වෙනස කුමක්ද?//
    කපුටා කාක් කාක් කියනවා කොහා කු...ක්, කු...ක් කියනවා..... ඔන්න වෙනස

    ReplyDelete
    Replies
    1. කූක් කූක් කියාගෙන එන අයටත් අන්තිමට කාක් කාක් කියන අයත් එක්ක හවුලේ කුණු කන එක ඇරෙන්න වෙන විකල්පයක් නැති එකයි බං කණගාටුවට කරුණ.

      Delete
  3. / එහෙත්, කන්‍යාවන්යයි කියන මේ දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් දිගටම කන්‍යාභාවය රැකගෙන සිටීමට ඉඩ ලැබුණේ නැත. අපේ පැරණි සභාග ආණ්ඩු වලින් මේ දෙන්නාගේම කන්‍යාභාවයන්ට කලකට ඉහතදී වැඩේ දී තිබේ. /

    කන්‍යාභාවය ආරක්ෂාකරගෙනම අර අහවල් වැඩේ කරන ක්‍රමයක් තියනවනෙ ඉකොනො..දන්නවනෙ නේද? අර පශ්චාත්..අන්න ඒක..ඔය කියපු ආණ්ඩු දෙකෙන්ම මිස් හෝර්ටන් ඇන්ඩ් මිස් සිංහරාජ් ට කලේ අන්න ඒ වැඩේ...

    ලියවිල්ල නම් අන්තිම ඉස්තරම්...:)

    ReplyDelete
    Replies
    1. ආණ්ඩු කොයිකත් හැදුවේ කන්‍යාභාවයත් ආරක්ෂා කරගෙන වැඩෙත් කරගන්න තමයි, රවී. හැබැයි ටික දවසක් යනකොට බලන් ඉන්න අයට පේනවා දැඟලුවට වැඩේ කරලත් නෑ ඒත් කන්‍යාභාවයත් නෑ කියලා.

      Delete
  4. /* කන්‍යාභාවය නැවත ප්‍රතිස්ථාපනය කරන තරම් */

    මෙය කළ නොහැක!

    (කන්‍යා පටලය සහ කත්‍යාභාවය යනු එකක් නොවේ. එකක් භෞතික දෙයකි, සිරුරේ කොටසකි, අනෙක ආපසු එන්නට නොහැකි නොට් ගේට් එකකි. පලාබද්දලින් ගිය ද, හැටන් හරහා ගියද, කුරුවිට පාරේ ගිය ද කෝඩුකාරයෙක් ලෙස සිරීපාදේ යන්නට හැක්කේ එක වරෙකි.)

    ReplyDelete
    Replies
    1. කන්‍යාපටලය ප්‍රතිස්ථාපනය කල හැකිය, කන්‍යාභාවය ප්‍රතිස්ථාපනය කල නොහැකිය. රවිට කියන්න ඕන වුනේ ඒකද? එහෙමනං හරි.

      Delete
    2. රවී ට නෙවෙයි රසිකට..

      Delete
    3. කෝඩුවේ ගියපාර ගන්ටාරේ හොල්ලගන්න බැරිවුණොත් මොකද වෙන්නේ?

      Delete
  5. සිංහරාජයෙන් කැපූ ගස් කොටන් රැගත් ට්‍රක් රඨ කලවාන හරහා යන හැටි මා දැක තිබේ. කොපමණ විනාසයක් ද?

    තුනීලෑලි කම්මල තිබුණා නේද ජෝ අබේ රඟපෑ දඬු මොනරය චිත්‍රපටියේ?

    ReplyDelete
    Replies
    1. මම ගස් කපනවානම් දැකල නැහැ. ඒත් මේ කපපු ප්‍රදේශ වල ඇවිදලා තියෙනවා. දඬුමොනරය බලපු බවක් මතක නැහැ. ජෝගේ ගම් පළාතත් සිංහරාජෙට තරමක් විතර කිට්ටුයි.

      Delete
    2. නැසිගිය ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රම මහතා එක්තරා කාලයකදී දැව සංස්‌ථාවේ සභාපති ලෙස කටයුතු කර තිබුණා.

      Delete
    3. ඔහු දැව සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සිටි කාලය ගැන ඇතැම් තොරතුරු මා අසා තිබෙනවා. හරියටම නොදන්නා දේවල් නිසා වැඩි දෙයක් සටහන් කිරීම සුදුසුයයි මා සිතන්නේ නැහැ.

      Delete
  6. සිංහරාජ කැලේ සම්බන්ධව මම වතාවක් රිපෝට් එකක් ලිව්වා...
    එයින් කොටසක් උපුටලා දාන්නම් වැඩිමනක් වශයෙන්...
    මම ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකේ රිපෝට් එකවත් මේ තරම් ආසාවෙන් ලිව්වේ නැහැ, පොඩ්ඩක් නෙමෙයි පිටු 57 ක්, සිංග්ලිෂ් ෆොන්ට් නැති කාලේ DL-Salara කියන මම ආසම ෆොන්ට් එකෙන්...

    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    දැනට ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙම හෙක්ටයාර් 22000 ක පමණ වපසරියකින් යුතු වන මෙම වනගහණය උරුමයක් වන තුරු ආ ගමන් මග පිය සටහන් සහ තොරතුරු අප හට මෙම අධ්‍යයන චාරිකාව පැමිණි දින පටන්ම නොයෙකුත් ආකාරයෙන් අසන්නට ලැබුනි. එම මාර්ගය එතරම් සුව පහසු නොවන බව අප හට පසක් කෙරුනු කතා අනුසාරයයි මේ.

    • වර්ෂ 1964-65 දී තුනී ලෑලි තැනීම සඳහා වන ව්‍යාපෘතිය
    • වර්ෂ 1970-72 අතර කාලය තුළදී මහා පරිමාණයෙන් ගස් කැපීම
    • ජෝර්ජ් රාජපක්ෂ කොමිසම
    දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණු සනාථ කළ නොහැකි නිසාවෙන් වන සංහාරය දිගටම සිදු වීම
    • වර්ෂ 1977 දී ආණ්ඩු මාරුව
    • වන සංහාරය නවතන ලෙස නෙළුවේ ගුණානන්ද හිමියන්ගේ ඉල්ලීම
    • වර්ෂ 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතා මැදිහත් වී වන විනාශය නවත්වා දැමීම

    මෙයට අමතරව සිංහරාජය රැක ගැනීම සඳහා කුමන අයුරින් හෝ දායක වූ පරිසර හිතකාමී ජනතාව ද අප අමතක නොකළ යුතුය.

    මෙම නෙළීම සිංහරාජයේදී සිදු වූ ප්‍රථම යාන්ත්‍රික නෙළීම වූ බැවින් එය සිංහරාජයට මහත් වූ හානියක් සිදු කිරීමට සමත් විය. යන්ත්‍ර ගෙන යාම සඳහා පාරවල් කැපීම නිසා වනයෙන් විශාල ප්‍රමාණයක් හානි විය. එමගින් පස සෝදා යාම, ශාක වර්ග වඳ වී යාම ආදී අතුරු ප්‍රතිපල බහුල විය.

    මෙම නෙළීමේදී සිංහරාජය අක්කරය බැගින් වන කුඩා කොටස් වලට වෙන් කර, එම කොටසකින් අවුරුදු 200ට වරක් දැව නෙළීමට තීරණය කර තිබුනි. අක්කරයකින් ගස් 8 ක් කැපීමට තීරණය විය.
    නමුත් එම දැව දිගු කාලයක් වනයේ තිබූ පැරණි ගස් වලින් ලබා ගත් ඒවා වූ බැවින්, "දැව වශයෙන්" එතරම් හොඳ තත්ත්වයේ නොවීය. එම නිසා පළමු අදියරේ දැව නෙළීම් මගින් අපේක්ෂිත ප්‍රතිපල ලබා ගැනීමට නොහැකි විය. එය සිංහරාජය ආරක්ෂා වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නට ඇත.

    • 1977 ට පෙර “මිනිසා සහ ජෛවගෝලය” නමින් අක්කර 3000 ක වපසරියක් වෙන් කරන ලදී.
    • අනතුරුව 1977න් පසුව අක්කර 20000 ක ප්‍රමාණයක් එයට ඈඳාලමින් වපසරිය වැඩි කිරීමට කටයුතු සම්පාදනය කළහ.
    • නමුත් දැනට සිංහරාජය ලෙස වෙන් වී ඇති භූමි භාගය මිනිසාගේ අතවරයට ලක් වීමට නොහැකි කමින් ඉතිරි වූ ප්‍රමාණයක් බව සිහියට ගත යුතුය. (භූමියේ විවිධත්වය නිසාවෙන් හට ගත් බාධා.....)

    අනතුරුව සිංහරාජයේ සිදු කෙරුණු පර්යේෂණ කටයුතු සහ වැදගත් අවස්ථා පහත ආකාරයට ලඝුගත කළ හැක,
    • 1980 දී මහාචාර්ය සරත් කොටගම මහතා ඇතුළු පිරිස පරීක්ෂණ ආරම්භ කිරීම
    • 1976 දී ජාතික උද්‍යානයක් කිරීමට යෝජනා වීම
    • 1986 දී මිනිසා සහ ජෛවගෝලය ජාතික මට්ටමේ සිට අන්තර්ජාතික තලයට පැමිණිම
    • 1986 දී “WILDNESS HERITAGE ACT” එක යටතට පැමිණීම
    • සිංහරාජ වැඩමුළුවේ ආරම්භය (මේ මා සම්බන්ධ වූ විශ්ව විද්‍යාලය මගින් සිදු කල වැඩ මුළුවයි)
    • 1989 දී නාම ලේඛණ සකස් කිරීම සහ “ලෝක උරුමයක්” බවට පත් වීම

    ReplyDelete
    Replies
    1. කන්නෙලියෙත් ගස් කැපුව නේද?

      Delete
    2. කන්නෙලියේ ගස් කපලා තියෙනවා අසු ගණන් වල...
      ඒ ගිංතොට තුනී ලෑලි එකට...

      Delete
    3. මේ ඉන්නේ සිංහරාජ කාපර් කෙනෙක්.. මන් සිංහරාජේ ගැන දැන ගත්තෙත් ලොකු පුතාගෙන් තමයි.. (අහල තිබුණට දැන ගෙන හිටියේ නෑ..)

      Delete
    4. ලොකුපුතා, මෙය ඉතා වටිනා එකතු කිරීමක්. මම සාමාන්‍යයෙන් ලියන්න ආරම්භ කරන්නේ මා දන්නා දේවල් වලින්. ඒත් මගේ මතකය නිවැරදි නොවිය හැකි නිසා අන්තර්ජාලයේ කොහේ හෝ තිබෙන මුලාශ්‍ර පරික්ෂා කරනවා. මේ ලිපියට අදාලව එවැන්නක් සොයාගත හැකි නොවූ නිසා මම හරියටම සහතික නැති දේවල් ලිවුවේ නැහැ. මේ තොරතුරු ගොඩක් වටිනවා.

      Delete
    5. කන්නෙලිය-දැරණියගල-නාකියාදෙනිය (KDN) වන සංකීර්ණය තමයි මේ ව්‍යාපෘතියේ ප්‍රධානම ගොදුර වුනේ. ගස් කැපීම ඇරඹුණේ හැටේ දශකයේදී. සිංහරාජයට සාපේක්ෂව අඩු විරෝධයක් පැවති නිසා ගස් විශාල ප්‍රමාණයක් කැපුණා.

      Delete
    6. අයිරාංගනී සේරසිංහ ඇතුළු පිරිසකගේ 'රුක්රැකගන්නෝ' සංවිධානය මේ වන විනාශය නවත්වන්න විශාල සක්‍රිය දායකත්වයක් මුල ඉඳලම දක්වලා තියෙනවා. මම හිතන්නේ පසුව ජේආර්ව දැනුවත් කිරීමටත් ඇය සම්බන්ධ වී ඇති බවයි.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අර ගීත පදමාලාවේ නිවැරදි යෙදුම, 'ස්වප්න පුරේහී කූඩු සදන්ටා' යන්නයි. පසු කාලයේදී ගීතය ගායනා කිරීමේදීත්, පටිගත කිරීමේදීත්, වැරදි සිදුවී ඇතිබව, මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් පෙන්වාදී තිබෙනවා.

    ලංකාවේ ස්වභාවික වනාන්තර වලට සිදුවූ තවත් බරපතල විනාශයක් වන්නේ, පිදුරුතලාගල ස්වභාවික රක්ෂිතය වනසමින්, පිදුරුතලාගල පාමුල සිට, එහි මුදුන දක්වා යාමට, අඩි 12 ක් පළල, කි.මී. 7 ක් පමණ දිග, කොන්ක්‍රීට් පාරක් සැකසීමයි.

    ReplyDelete
    Replies
    1. ඔවු, විචාරක. මෙතනනම් මම ජනප්‍රිය වැරදි භාවිතය යෙදුවේ හිතාමතා.

      Delete
  9. හෝර්ටන් තැන්න ආක්‍රමණය වුනා ඉස්සර ඉඳන් - බ්‍රිතාන්‍ය කාලයේ හඳුන්වාදුන් Gorse පඳුරු දැන් තර්ජනයක්. ගඟට දාපු Trout තාම ඉන්නව.
    ඒකාලයේ ඒක නරක දෙයක් ලෙස සැලකුනේ නෑ. ආවේණික වර්ග සංරක්ෂණ සංකල්ප මොනවත් තිබුනෙ නෑ. ලෝකෙ කැලෑ ඕනෙ තරම් තිබුනා.

    ඒත් 70 ගණන් මැද ගණන් වලත් ආණ්ඩුව සිංහරාජ ගස් තුනී ලෑලිවලට කැපුව කියන එක අපරාධයක්.. සෝවියක්‍රම අන්ධානුකරණය- පවත්වාගෙන යාමට හරි ක්‍රමවේදයක් සකස් නොකර වතු ජනසතුව වගේ

    ReplyDelete
    Replies
    1. මේ gorse පැලයක් මුලින්ම එක්තරා ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක්ගේ බිරිඳ විසින් එංගලන්තයෙන් ගෙන ආපසු ඉතා ඉක්මණින් නිවෙස්වල විලාසිතාවක් වූ බවයි මා අසා තිබෙන්නේ.

      Delete
  10. ආසියාවෙ ලොකුම ඒව හදන්න අපි හරිම ප්‍රසිද්ධයිනෙ.
    මොනව උනත් තව කොච්චර කාලෙකට සිංහරාජෙ ඔහොම බේරිලා තියෙයිද කියන එකනං හැකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තත්ත්වය ලොකු පුතාගේ වාර්තාවේ ඇති මේ දෙයයි.

      // නමුත් දැනට සිංහරාජය ලෙස වෙන් වී ඇති භූමි භාගය මිනිසාගේ අතවරයට ලක් වීමට නොහැකි කමින් ඉතිරි වූ ප්‍රමාණයක් බව සිහියට ගත යුතුය. (භූමියේ විවිධත්වය නිසාවෙන් හට ගත් බාධා.....)//

      Delete
  11. ලිපිය එල ද බ්‍රා..
    මම තවම සිංහරාඡ ගිහින් නෑ..යනවනම් ලොකු පුතා එක්ක යන්න ඔනේ..

    ReplyDelete
    Replies
    1. මම තවම සිංහරාඡ ගිහින් නෑ..යනවනම් ලොකු පුතා එක්ක යන්න ඔනේ.. x 2

      Delete
    2. සිංහරාජේ කියන්නේ මගේ ඇනිමල් (ඒ කියන්නේ ඇනුවල්) ට්‍රිප් එකක්...
      මේ අවුරුද්දේනම් එපා උනා පොඩි එකා නිසා...
      සිංහරාජේ කියන්නේ පට්ට පාලු කම්මැලි තැනක්...
      උඹලට එපා වෙන්න ඉඩ තියෙනවා, වතාවක් මමයි වයිෆ් යි දෙන්න එක්ක ගිහින් හරි කම්මැලි හිතුනා...
      අපි හැම අවුරුද්දෙම කැම්පස් එකේ වර්ක් ෂොප් එකට යද්දී 40 ක් 50 ක් ඉන්න නිසා සහ ලොකු දැනුමක් එහෙ මෙහෙ වෙන නිසා පාළුවක් නැහැ...

      Delete
    3. උඩින් සඳහන් කර ඇති 'බෝඩර් ක්‍රොසින්' ට්‍රිප් තුනම මම වරක් හෝ කිහිප වරක් (දෙපැත්තටම) ගොස් තිබෙනවා.

      Delete
    4. සිංහරාජේ කියන්නේ පට්ට පාලු කම්මැලි තැනක්...
      උඹලට එපා වෙන්න ඉඩ තියෙනවා,//

      උඔට මම ගැන නම් එහම කියන්න අයිතියක් නෑ..මම උඔට ඔප්පු කරලා පෙන්නුවා ගහකොල දොල පාරවල් ගල්මුල් අතරදි මම කොච්චර ක්‍රියාශිලිද කියලා..බොරැනම් සෝමේ මාමගෙන් අහපන් මම කිතුල් ගහේ බාගයක් නැගපු නැගිල්ල..

      ලොකු..මම දැක්කා උඔ ඇදලා හිටපු ටි-ෂර්ට් එකෙත් සිංහරාඡ ව්‍යපතියක් ගැන ගහලා තිබුනා..අපි ලබන අවුරැද්දෙ යමු..කමියාත් එතන ඉන්න ඔනේ එකෙක්..ඇයි කටුස්සා?

      Delete
  12. හරිම ලස්සන ලිපියක. විසිතුරු මසුන් ඇතිකරන්නන් විසින් සවභාවික පරිසරයට මුදා හැරපු මත්සයයින් නිසා සමහර දේශීය මසුන් වදවී යාමේ තර්ජනයට ලක්වෙලා. අපේ අධ්‍යාපනය තුල දරුවන් මේ සම්බන්දව දැනුවත් කිරීම් නෑ.
    කොළඹ නගරයේ තිබෙන අපේ ගබඩාවක වහලයේ ඉතාම ආරක්ෂාකාරී තැනක බස්සෙක් හිටියා , මගේ නිරීක්ශනයට අනුව ඌ මීට කලින් දැකල තිබ්බ එවුන්ට වඩා වෙනස් . පස්සෙ යාළුවෙක් මාර්ගයෙන් දැනගත්තෙ ඌ මෙවෙනි පරිසරයක් තුල කවදාවත් දකින්ඩ ලැබිල නැති කෙනෙක් කියල. පස්සෙ මේ සතාව ගොඩක් දෙනා ෆොටෝ ගත්ත .පැය ගානක් කට්ට කාගෙන ෆොටෝ ගන්න විදිහ දැකල අපේ එවුන්ට මම කිවුව බලපල්ල ඌ කොච්චර වටින සතෙක්ද කියල.
    දවසක් ඌට කොල්ලෙක් ගල්වලින් ගහල පස්සෙ ඌ තැන මාරු කරල , මොකෙක්ගෙ හරි ගොදුරක් වෙලා තටු බිම තිබුන.

    ReplyDelete
    Replies
    1. දැන් කලින් කැලෑ වල හිටපු සතුන්ට කොළඹත් අනිත් ප්‍රදේශ වලට වඩා ලොකුවට වෙනසක් නැති පැත්තක් වෙලා තියෙන්නේ.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මම මේ දවස්වල ඉන්නේ රත්නපුරේ... සිංහරාජයෙත් කාළයක් උන්නා.. ඩිස්කවරි කෲ එකක් එක්ක.. පුදුම සුන්දර මතක සටහන් තියෙන්නේ.. උන්නේ දෙනියායේ අත් සුන්දර තේ වත්තක බංගලාවේ.. හෝර්ටන් තැන්නත් පුදුම පරිසර පද්දතියක්.. නක්ල්ස් ඊටත් ලස්සනයි.. මේවයේ තියෙන සුන්දරත්වයත් රැකගෙන මේවා සංචාරක ව්‍යාපාරයට ඇතුලත් කරලා විශාළ විදේශ විනිමයක් පෙන්නන්න පුළුවත්. මැණික් පතල් තියෙන්නේ රත්නපුරේ.. මැණික් හම්බ වෙන්නෙත් රත්නපුරේ.. ඒත් රත්නපුරේ විදේශිකයෝ නෑ.. නුවර බිල්ඩින් ඇතුලේ තියෙන මයින්ස් සුද්දන්ට විකුණලා ගල් 500 ක් විතර ගන්න පුළුවන් ගානකට කුණු ගලක් දීලා ලාබය කොම්පැනියි වෙළෙන්දොයි මග පෙන්වන්නොයි ගරා ගන්නවා.. මේවට විරුද්ධ වෙන්නේ එහෙමත් එකෙක් දෙන්නෙක්.. කොහොමත් ඔය දේවල් වැඩි කල් කරන්න වෙන්නේ නෑ.. බොරුව කවදා හෝ පාදිනවා.. රත්නපුරේ සංචාරක කර්මාන්තයට විවෘත් වෙලා තියෙනවා හොඳටම මදි...

    ReplyDelete
    Replies
    1. මමත් ඔය හැම තැනකම ගිහින් තියෙනවා. දැන් කොයිතරම් වෙනස් වෙලාද කියන එකනම් දන්නේ නැහැ. සම්ප්‍රදායික මැණික් පතලයක් කියන්නේ හොඳ සංචාරක ආකර්ශනයක්. මෙය ඇත්තටම උනන්දුවක් ඇති අයෙකුට හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. ඔය ආණ්ඩුවේ රස්සා බලාගෙන ඉන්න වෙලාවේ ඔය වගේ වැඩක් කවුරු හරි පටන් ගත්තනම් ටික දවසකින් ඕනෑවටත් වඩා ලොකු රැල්ලක් වෙයි.

      Delete
    2. වෙනත් රටවල අතහැර ඇති රන් ආකාර මෙවැනි සංචාරක ආකර්ශන ලෙස දියුණු කර ඇති තැන් වලට මම ගිහින් තියෙනවා. ඒ වගේම අතීතය ප්‍රතිනිර්මාණය කරපු ගාලු කොටුව වගේ තැන්.

      Delete
  15. චෝගම් වලට ආපු රාජ්‍ය නායකයින්ට පෙන්නන්නද තෑගී දෙන්නද මොකක්ද කියලා ජාතික රූපවාහිනියෙන් ප්‍රෝග්‍රෑම් එකක් කරා ඔය ලෝක උරුම අට ගැන.. ඒකෙ ඉංග්‍රීසි ස්ක්‍රිප්ට් එක ලියුවේ මම.. ඒ කාලේ සැහෙන්න මහන්සිවෙලා ගොඩක් තොරතුරු එකතු කර ගත්තා.. හැබැයි එදාවත් ඇති නොවිච්ච විදියේ දුකක් හැඟීමක් අද මේක කියවලා ඇතිඋනේ..

    ReplyDelete
    Replies
    1. යූ-ටියුබ් වගේ තැනක තියෙනවද?

      Delete
    2. මාත් කියුවහම තමයි චෙක් කරේ.. එකේ එඩිට් කරපු වර්ෂන් එකක් නම් තියෙනවා ටුවරිසම් ටාගට් කරලා හදපු..ඔරිජිනල් එක විනාඩි 40ක් විතර.. අරුන් ඩයස් වොයිස් කරේ.. ඒවා මොකුත් එඩිටඩ් වර්ෂන් එකේ නෑ.. නිකම් මියුසික් එකක් විතරයි.. මගේ ගාව CD එක නම් ඇති.. බලන්නම් අප්ලෝඩ් කරන්න පුලුවන්ද කියලා..

      Delete
    3. කමියා
      මට ඒක බලන්න ඔනේ..
      අපි උඔට රේෂපට් කරනවා මදිනේ...
      අඩ්ඩක් ගහන වෙලාවක බලන්න අරන් වරෙන්

      Delete
  16. සිරිමාවෝ බණ්ඩාරනායකගේ පළමු වාමාංශික සභාග රජයට ඉක්මණින් සමාජවාදයට යාමට හෝර්ටන් තැන්න සුද්ද කර අල වවන්නට ඕනෑ විය. ////// සහතික ඇත්ත​.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සමහර විට වැඩියෙන් අවධානයට ලක්වෙන වැඩ කරන්න ඕන වෙන්න ඇති.

      Delete
  17. හෝටර්න් තනන සුද්ද කරලා අල වැව්වා කියල දැනගත්තේ මේක කියෙව්වයින් පස්සෙයි ඕන් ... බුද්ධිමත් නොවන මිනිස්සු රටේ ඉහල තැන්වලට ගියාම රටම විනාසයි...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එයාලා මාරම බුද්ධිමත් පිරිසක් කියලයි කියන්නේ...

      Delete
    2. අප්පේ බුද්ධිමත්කම ඉහින් කනින් බේරෙනවා...
      ඇත්තටම මේ යන විදිහට බුද්ධිමත් කම මනින නිර්ණායක තියෙන පරීක්ෂණ නැතුව ඕනෑම පඟර නැට්ටෙකුට පාර්ලිමේන්තු යන්න දීම තුලින් රටට මොන වගේ අනාගතයක් උදා වෙයිද..

      මේ වෙද්දී මම නිමල් සිරිපාලගේ අමාත්‍යනශේ රැකියාවක් කරානම් මම වැඩට ගිය වෙලාවේ හිටන්ම සීට් එකට වෙලා බුදියනවා.. ඇයි යකෝ අමාත්යන්ශේ ගැන තීරණ ගන්න ඇමති පාර්ලිමේන්තුවේ බුදිනම් සේවකයෝ නිදාගත්තාම මක් වෙනවද..

      ලොකු ලොකු විභාග සමත් වෙලා අමාරුවෙන් රැකියාවේ ඉහලට යන නිලධාරීන් අට පාස් ඇමතිලාට දෙකට නැවෙන හැටි දැක්කාම මටනම් ලංකාව දිහා හැරිලා බත්කන්නත් අප්පිරියයි මාතලන්..

      Delete
    3. බුද්ධිමත්කමේ මට්ටම් ගැන මෙහි ලියවී තිබෙනවා.

      http://transyl2014.blogspot.com/2015/12/blog-post_2.html

      Delete
  18. පරිසරයට මිනිසා විසින් කරන බලපෑම නොවේ නම් ලෝකයේ සමතුලිතතාවය හොඳ මට්ටමක පවත්වා ගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. සමතුලිතතා කියන ඒවත් නිශ්චිත දේවල් නෙමෙයි. ඒත් ඇතැම් ලොකු වෙනස්කම් කරලා සමතුලිතතාවය බිඳුනහම එය නිවැරදි වෙන්නේ සෑහෙන කලක් ගිහින්. ඒ වගේම එය මුල් සමතුලිතාතවම වෙන්නේත් නැහැ.

      Delete
  19. මාත් ඉතිං සිංහරාජෙ මායිමේනෙ. ඒ උනාට ඕකෙ ගිහිං තියෙන්නෙ කීප වතාවයි. දැන්නං ඕවෑ යන්න ආසාවක් නෑ. ඒ තරං ඇවිදින්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. සුරංගනම් ඉතිං වැට අයිනේමනේ...

      Delete
  20. මේ පොඩි කාලෙට කැලෑ කොච්චර වෙනස් වෙලාද ..???
    දැං හෝටන් තැන්නෙ සර්පයොත් ඉන්නවලු ...

    ReplyDelete
  21. රත්නපුරෙන් නුවර එලියට:

    බලන්ගොඩ රෝහල අසලින් වමට (කන්ද පැත්තට ) පින්නවල තෙක් කාපට් පාර... ඉන් පසු දුශ්කර වතු පාරවල්... උඩගම, කැම්පියන් වතුයාය, බගවන්තලාව, නොර්වුඩ් හරහා කොටගල ට වැටේ..... වසර දෙකකට පෙර එම පාරේ දාවනය කලෙමි!

    ReplyDelete
    Replies
    1. ඔවු, සා රස, මම 'ප්‍රධාන' පාරක් කියා ලිවුවේ ඕලුගංතොට රෝහල ගාවින් පින්නවලට ගොස් බගවන්තලාවට යා හැකි මේ පාර තියෙන නිසා. මේ පාර අපහසුවක් නැතිව වාහනයක් ධාවනය කළ හැකි තත්ත්වයට සංවර්ධනය වී ඇත්තේ පසුගිය දශකය තුළ බවයි මගේ අදහස. මම ඔය පැත්තේ අවසන් වරට ගොස් ඇත්තේ වසර විස්සකට විසිපහකට පමණ පෙර.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.