ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය වෙත විවිධ පාර්ශ්ව වලින් මූල්‍යාධාර ලැබී තිබෙනවා. පහත තිබෙන්නේ මාධ්‍ය වාර්තා වලින් සොයා ගත හැකි එවැනි මූල්‍යාධාර ලැබීම් පිළිබඳ තොරතුරු කිහිපයක්.
1. රටවල් 33ක විදේශගත ශ්‍රී ලාංකිකයින් 30,470 දෙනෙකුගෙන් මුල් දින කිහිපය තුළ "රීබිල්ඩින් ශ්‍රී ලංකා" අරමුදලට ලැබී ඇති මුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වලට ලැබී ඇති මුදල - රුපියල් මිලියන 696ක් පමණ (ඇමරිකන් ඩොලර් මිලියන 2.2ක් පමණ)
2. ඕස්ට්‍රේලියානු රජයෙන් ලැබී ඇති මුදල - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3.5 (ඇමරිකන් ඩොලර් මිලියන 2.3ක් පමණ)
3. ඇමරිකන් රජයෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 2.0ක්
4. එක්සත් රාජධානියේ රජයෙන් - පවුම් මිලියනයක් (ඇමරිකන් ඩොලර් මිලියන 1.3ක් පමණ)
5. චීන රජයෙන් සහ ජනතාවගෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 1.1ක් පමණ
6. මාල දිවයින් රජයෙන් සහ ජනතාවගෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 2.4ක් පමණ
7. නේපාල රජයෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 0.2ක්.
ශ්‍රී ලංකාව වැනි දුර්වල ආර්ථිකයක් මෙවැනි ආපදාවකට මුහුණ දීමෙන් පසුව රටට හා රජයට ලැබෙන හැම ඩොලරයකටම වටිනාකමක් තිබෙනවා. ළූණු බිකත් බඩට කියා කියනවනේ. නමුත් ඉහත අයිතමයින් කිසිවක් රුපියල් බිලියනය ඉක්මවන ලැබීම් නෙමෙයි. ඉහත ලැබීම් සියල්ලේ එකතුව ඩොලර් මිලියන 11.5ක් පමණයි. ධනවත් රටවලින් මෙවැනි අවස්ථා වලදී විශාල ලෙස ආධාර කරනු ලැබූ යුගය දැන් අවසන්. අද තිබෙන්නේ 1957දී පැවති ලෝකය නෙමෙයි.
ඉහත ලැයිස්තුව රජයට ලැබී ඇති අරමුදල් පිළිබඳ සවිස්තර හෝ නිල වාර්තාවක් නෙමෙයි. ඒ වගේම, තවත් යම් කාලයක් යන තුරු රජයට මෙවැනි මූල්‍යමය ආධාර ලැබෙයි. නමුත් ඉහත ලැයිස්තුව ඇසුරෙන් දැනට ලැබී ඇති හා ඉදිරි කාලයේදී ලැබෙන්නට ඉඩ තිබෙන මූල්‍යමය ආධාර වල පරිමාණය ගැන පහසුවෙන්ම අදහසක් ගන්න පුළුවන්. ද්‍රව්‍යමය ආධාර ලැබීම් සහ වෙනත් පාර්ශ්ව හරහා ලැබෙන මූල්‍යමය ආධාර ප්‍රස්තුත කරුණට අදාළ නැහැ. මෙහි අවධානය යොමු කෙරෙන රාජ්‍ය මූල්‍යනය හා අදාළව වැදගත් වන්නේ රජයට අභිමත පරිදි වැය කළ හැකි මූල්‍යමය ආධාර පමණයි.
රාජ්‍ය මූල්‍යනය හා අදාළව වැදගත් වන අපේක්ෂිත මුළු ලැබීම් ප්‍රමාණය ඉහත එකතුව මෙන් තෙගුණයක් පමණ සේ සැලකුවත් එය ඩොලර් මිලියන 34ක පමණ මුදලක් පමණයි. ඒ කියන්නේ රුපියල් බිලියන 10ක පමණ මුදලක්. එම මුදල සහ ආපදාව වෙනුවෙන් රජය විසින් වැය කරන්නට සැලසුම් කර තිබෙන රුපියල් බිලියන 572ක මුදල සසඳද්දී මතක් කර ගත හැක්කේ කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් යාමේ කතාවයි. ඒ අනුව, රජයේ ආපදා වියදම් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් හැර අනෙක් සියලුම වියදම් වල බර පැටවෙන්නේ රටේ බදු ගෙවන ජනතාව මත බව පැහැදිලියි.
ජනාධිපති දිසානායකගේ කතාව අනුව, මෙම වසරේ අවසන් දින 25 තුළ රජය විසින් ආපදා වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 72.2ක මුදලක් වෙන් කර තිබෙනවා. එම මුදලෙන් රුපියල් බිලියන 22.2ක් අයවැයෙන් කලින්ම වෙන් කර තිබෙන මුදල් වන අතර ඉතිරි රුපියල් බිලියන 50 අලුතෙන් වැය කෙරෙන මුදලක්. ඒ අනුව, මෙම වසරේ රාජ්‍ය වියදම් කලින් ඇස්තමේන්තු කලාට වඩා රුපියල් බිලියන 50කින් ඉහළ යනවා. එයින් අදහස් වන්නේ මෙම වසරේ ප්‍රාථමික අතිරික්තය කලින් ඇස්තමේන්තු කළාට වඩා එපමණකින් අඩු වන බවයි.
පසුගිය අයවැය ඇස්තමේන්තු සකස් කරද්දී රුපියල් බිලියන 1,202ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇස්තමේන්තු කර තිබුණා. එම මුදල දදේනියෙන් 3.8%ක්. මෙම අතිරික්තය රුපියල් බිලියන 50කින් අඩු වුවද අවම වශයෙන් දදේනියෙන් 3.6%ක ප්‍රාථමික අතිරික්තයක් ඉතිරි වෙනවා. මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා අනුව අවශ්‍ය වන්නේ දදේනියෙන් 2.3%කට නොඅඩු ප්‍රාථමික අතිරික්තයක් බැවින් මෙය ස්ථායීකරණ වැඩ පිළිවෙළ හා අදාළව කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. පරිපූරක ඇස්තමේන්තුවෙන් පසුවද තව දුරටත් දදේනියෙන් 1.3%ක පමණ වාසියක් ඉතිරි වෙනවා. එහි වටිනාකම තේරෙන්නේ ඉදිරි (2026) වසරේ රාජ්‍ය මූල්‍යනයේදීයි.
මෙම වසරේ තත්ත්වයට සාපේක්ෂව බලද්දී ඉදිරි වසර හා අදාළව දැකිය හැක්කේ වෙනස් තත්ත්වයක්. අයවැයෙන් සැලසුම් කර තිබුණේ දදේනියෙන් 2.5%ක ප්‍රාථමික අතිරික්තයක් පමණක් බැවින් දැනට සැලසුම් කර ඇති රුපියල් බිලියන 500ක වියදම අමතර වියදමක් ලෙස එකතු වුවහොත්, ප්‍රාථමික අතිරික්තය 2.3% මට්ටමෙන් පහතට වැටෙනවා. මෙම අමතර වියදම දදේනියෙන් 1.5%කට ආසන්න වියදමක්. ඒ අනුව, ඉදිරි වසරේ ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 1.0%කට නොඅඩු මට්ටමක් දක්වා පහත වැටීමේ විභවයක් තිබෙනවා. ඒ කියන්නේ අවශ්‍ය මට්ටමට වඩා 1.3%කින් අඩු මට්ටමක්. කෙසේ වුවද, එවැනි තත්ත්වයක් යටතේ වුවත්, මේ වසරේ 1.3%ක අමතර ඉතිරිය නිසා, දිගුකාලීනව රටේ ණය තිරසාරත්ව ඉලක්කය පවත්වා ගැනීමට නොහැකි වන්නේ නැහැ. එකම ප්‍රශ්නය යම් හෙයකින් නැවතත් මෙවැනි කම්පනයක් ඇති වුවහොත් එයට ඔරොත්තු දීම අසීරු වීම පමණයි.
රුපියල් බිලියන 500ක අමතර මුදල සොයා ගන්නා ආකාරය හරියටම දැනගන්නට ලැබෙන්නේ රජය විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තුව පිළියෙළ කර ඉදිරිපත් කිරීමෙන් පසුවයි. දැනටම අයවැයෙන් වෙන් කර තිබෙන වියදම් නවත්වා එම අරමුදල් මේ වෙනුවෙන් යෙදවීම මගින් අවශ්‍ය වන රුපියල් බිලියන 500ක මුදලින් යම් ප්‍රමාණයක් ආවරණය කර ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස අලුත් මාර්ග හෝ ගොඩනැගිලි වෙනුවෙන් වෙන් කර ඇති මුදල් කැඩී ගිය මාර්ග හා ගොඩනැගිලි වෙනුවෙන් යොදවන්න පුළුවන්. ඒ නිසා, ඉදිරි වසරේ ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 1.0% මට්ටම දක්වාම පහත වැටෙන එකක් නැහැ. එහෙත් මේ ක්‍රමයට රුපියල් බිලියන 500ක් වැනි විශාල මුදලක් සොයා ගන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප් වැනි බොහෝ වියදම් වෙනස් කළ නොහැකි වියදම්.
මෙවැනි ආපදාවකින් පසුව රාජ්‍ය ආදායම් යම් තරමකින් හෝ අඩු වනු මිස වැඩි වන්නේ නැහැ. ඒ නිසා, ඒ පැත්තෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නෙත් නැහැ. මේ අනුව, ප්‍රායෝගිකව බොහෝ විට ඉදිරි වර්ෂයේ ප්‍රාථමික අයවැය හිඟය 2.3% මට්ටමට වඩා අඩු, දදේනියෙන් 1.5%-1.8% ආසන්න මට්ටමක් වෙන්න පුළුවන්. රජය විසින් පරිපූරක අයවැය සකස් කිරීමෙන් පසුව මේ ගැන හරියටම දැනගන්න පුළුවන්.
රජයේ ප්‍රාථමික වියදම් හා අදාළව ව්‍යවස්ථාපිත සීමාවක් තිබෙනවා. එම වියදම් දදේනියෙන් 13.0% ඉක්මවා යා නොහැකියි. එහෙත් මෙවැනි විශේෂ තත්ත්වයන් යටතේ සීමාව ඉක්මවා වියදම් කිරීම සඳහා ප්‍රතිපාදන තිබෙන නිසා එම නීතිය මේ අවස්ථාවේදී සීමාකාරී සාධකයක් වෙන්නේ නැහැ. මූල්‍ය අරමුදලේ 2.3% ඉලක්කය හා අදාළව කියන්නට තියෙන්නේත් මේ කතාවමයි. මගේ තක්සේරුව අනුව පවතින තත්ත්වය සුවිශේෂී තත්ත්වයක් බව මූල්‍ය අරමුදල විසින් හඳුනා ගන්නා බවට සැකයක් නැහැ.
ආපදා තත්ත්වයක් යටතේ කෙටිකාලීනව රාජ්‍ය වියදම් වැඩි කිරීම සහ ආකෘතිමය වෙනස්කම් හරහා දිගුකාලීනව රාජ්‍ය වියදම් වැඩි කිරීම කරුණු දෙකක්. පළමුවැන්නෙහි තිබෙන්නේ තාවකාලික බලපෑමක් පමණයි. ඒ බව මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, එක් වසරක වියදම් වුවද සැලකිය යුතු ලෙස වැඩි වුවහොත් එයින් ණය තිරසාරත්වය විශ්ලේෂණයට බලපෑමක් සිදු වෙනවා. ඒ නිසා, ස්ථායීකරණ වැඩපිළිවෙළේ පරාමිතීන්ද වෙනස් කරන්නට සිදු වෙනවා.
දැනට රජයේ ප්‍රවේශය බව පෙනෙන්නේ ආපදා තත්ත්වය හමුවේ ස්ථායීකරණ වැඩ සටහනෙහි පරාමිතීන් සීරුමාරු කරගැනීම සඳහා මූල්‍ය අරමුදලේ උදවු ලබා ගැනීමයි. ඒ සඳහා මාස කිහිපයක් ගත විය හැකි නමුත් එම සඳහා මූල්‍ය අරමුදලේ උදවු ලැබීම පිළිබඳව සැකයක් නැහැ. කෙසේ වුවද, මෙම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වනුයේ රටේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ගත වන කාලය ආපදාවට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ප්‍රමාද වීමයි.
මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින රැස් වී ශ්‍රී ලංකාවේ මීළඟ ණය වාරිකය ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත්, මේ වන විට එම රැස්වීම අවලංගු කර තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකා රජය විසින් කලින් අනුමත කරනු ලැබ වාරික වශයෙන් ලැබෙමින් තිබුණු ණය මුදලට අමතරව, ඩොලර් මිලියන 200ක හදිසි අවශ්‍යතා ණයක් සඳහා ඉල්ලුම් කර තිබෙනවා.
මෙම ඩොලර් මිලියන 200ක ණය මුදල අනුමත වුවහොත් එම මුදල සහ දෙසැම්බර් 15 දින ලැබෙන්නට නියමිතව තිබුණු ඩොලර් මිලියන 350ක මුදල පෙබරවාරි මාසයේදී පමණ එකවර ලැබෙන්නට ඉඩ තිබෙනවා. ඊට පෙර ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකා රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 500ක අමතර මුදලක් වියදම් කිරීම සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම අතුරු අයවැය වුවද සකස් කෙරෙනු ඇත්තේ මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට යටත්වයි. වෙනත් විදිහකින් කිවුවොත්, ආපදාවෙන් පසුවද රජය විසින් කරමින් සිටින්නේ මූල්‍ය අරමුදලේ රාමුව තුළම සිටිමින් විසඳුම් සෙවීමයි.
මෙම ආපදා තත්ත්වය හමුවේ පසුගිය වසර කිහිපය තුළ යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් පවත්වා ගැනීමේ වාසිය පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා, පවතින ආතති තත්ත්වය හමුවේ වුවද රජයට රුපියල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වී නැහැ. එහෙත්, රුපියල් හා අදාළව තිබෙන එම වාසිදායක තත්ත්වය ඩොලර් හා අදාළව නැහැ. ඊට හේතුව තවමත් ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩ නැගී නොතිබීමයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා රජයට මූල්‍ය අරමුදලෙන් ලැබිය හැකි සුළු හෝ අමතර මුදලක් පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන සිටීමට සිදු වී තිබෙනවා.
'රාජ්‍ය මූල්‍යනය හා අදාළව වැදගත් වන අපේක්ෂිත මුළු ලැබීම් ප්‍රමාණය ඉහත එකතුව මෙන් තෙගුණයක් පමණ සේ සැලකුවත් එය ඩොලර් මිලියන 34ක පමණ මුදලක් පමණයි. ඒ කියන්නේ රුපියල් බිලියන 10ක පමණ මුදලක්. එම මුදල සහ ආපදාව වෙනුවෙන් රජය විසින් වැය කරන්නට සැලසුම් කර තිබෙන රුපියල් බිලියන 572ක මුදල සසඳද්දී මතක් කර ගත හැක්කේ කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් යාමේ කතාවයි.'
ReplyDeleteජනතා විමුක්ති පෙරමුණේ සහ මාලිමවට කඩේ ගිය විදෙස් රටවල අය සල්ලි එවලා නැද්ද ඔය කියන තරං ඉකොනෝ?
දැන් එතකොට ගෙවල් දොරවල් කැඩුන අයට කවදා වන්දි ලැබෙයිද? ඔය කියන ගණන් ගෙවන්න පුළුවන් වෙයිද ?
@ Ano
Deleteරජය විසින් කර තිබෙන්නේ ඇස්තමේන්තුවක් සහ ප්‍රචාරයක් පමණයි
ඔය කියන ගණනින් ඇත්තටම 10% ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් උපරිම වශයෙන් ගෙවයි එනම් රුපියල් බිලියන පණහක් විතර ඉතුරු ඒවා ඒ මිනිස්සුම බලාගනීවි අනිත් එක පවුල් පිටින් විනාශ වූ අයට කොහොමත් වන්දි ගෙවන්න ඕන නෑනේ, ඒවා බොරු ඇස්තමේන්තු
@ Economatta
ReplyDeleteඔයා දන්නවද ඔයාගේ පොඩි කාලේ පාවිච්චි කරපු පරණ Nokia ෆෝන් එකේ තිබ්බ බැටරිය හදපු මනුස්සයා, අද වෙනකොට Elon Musk ටත් වඩා වැඩියෙන් Electric කාර් විකුණනවා කියලා? Tesla එකට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ, ඒක තමයි EV ලෝකේ රජා කියලා අපි හිතන් හිටියට, චීනයේ රසායනාගාරයක හිටපු chemical engineer කෙනෙක් Elon Musk ගේ සිහින රාජ්‍යය හොල්ලලා ඉවරයි කියලා කිව්වොත්? මේක නිකන්ම ව්‍යාපාරික කතාවක් නෙමෙයි. මේක විද්‍යාව, රසායන විද්‍යාව සහ ඉංජිනේරු තාක්ෂණය එකතු වෙලා ලෝකේ ආර්ථිකය වෙනස් කරපු හැටි ගැන කතාවක්.
මේ මනුස්සයාගේ නම Wang Chuanfu. 2011 දී Bloomberg TV එකේ interview එකකදී නිවේදිකාව Elon Musk ගෙන් අහනවා, "ඔයා BYD එක ගැන මොකද හිතන්නේ? එයාලා Tesla එකට තරගයක් වෙයිද?" කියලා. Elon Musk ට උත්තර දෙන්න බැරි වෙනවා, එයාට හිනා යනවා. එයා හිනාවෙලා අහනවා "ඔයා දැකලා තියෙනවද එයාලගේ කාර්? ඒවා joke එකක්නේ" කියලා. ඒ වෙලාවේ Musk හිතුවේ BYD කියන්නේ චීනයේ කොහේ හරි තියෙන ලාබ බාල බඩු හදන පොඩි කම්පැනියක් කියලා. ඒත් අද වෙද්දී Musk ට හිනා වෙන්න වෙලාවක් නෑ. මොකද BYD එක Tesla පහු කරගෙන ගිහින් ඉවරයි. ලෝකේ වැඩිම EV විකුණන කම්පැණිය විදිහට කිරුළ දාගෙන ඉවරයි. කොහොමද phone බැටරි හද හද හිටපු මනුස්සයෙක් මේ වගේ වැඩක් කළේ?
Wang Chuanfu කියන්නේ කාර් පිස්සෙක් නෙමෙයි. එයා බැටරි පිස්සෙක්. 1990 ගණන්වල එයා පටන් ගත්තේ phone බැටරි හදන්න. Motorola, Nokia වගේ ලොකු companies වලට එයා බැටරි supply කළා. හැබැයි 2003 දී එයාට හිතුණා "මේ බැටරි තාක්ෂණයම පාවිච්චි කරලා ඇයි අපිට කාර් හදන්න බැරි?" කියලා. එයා බංකොලොත් වෙච්ච පොඩි කාර් factory එකක් සල්ලි දීලා ගත්තම හැමෝම හිනා වුණා. "බැටරි කාරයෙක් කොහොමද කාර් හදන්නේ?" කියලා ඇහුවා. ඒත් Wang දැක්කේ කාර් එකක් නෙමෙයි, එයා දැක්කේ "රෝද හයි කරපු ලොකු බැටරියක්".
BYD එකේ සාර්ථකත්වයේ රහස තියෙන්නේ කාර් එකේ මෝටරේවත්, software එකේවත්, ලස්සන design එකේවත් නෙමෙයි. ඒක තියෙන්නේ බැටරියේ. අනිත් හැම car company එකක්ම වගේ (Tesla ත් එක්කම) මුල් කාලේ පාවිච්චි කළේ Lithium-ion (NCM - Nickel Cobalt Manganese) බැටරි. මේවා බලවත්, හැබැයි ප්‍රශ්න දෙකක් තිබ්බා. එකක්, මේවා හදන්න ඕන Cobalt කියන ලෝහය හරිම ගණන් සහ හොයන්න අමාරුයි. දෙක, මේවා පොඩ්ඩක් damage වුණොත් ගිනි ගන්නවා. Wang Chuanfu මේකට විසඳුමක් හෙව්වා. එයා ආපහු ගියා පරණ තාක්ෂණයකට: Lithium Iron Phosphate (LFP). මේක ලාබයි, Cobalt ඕන නෑ, ගිනි ගන්නේ නෑ. හැබැයි ලොකුම අවුල තමයි මේකේ බලය (Energy Density) අඩුයි. ඒ කියන්නේ සාමාන්‍ය LFP බැටරියකින් කාර් එකක් දුවන්න පුළුවන් දුර (Range) අඩුයි. ඉංජිනේරුවෝ කිව්වා "LFP දාලා හදන කාර් එකක් කිලෝමීටර් 200ක්වත් දුවන්න බෑ" කියලා.
ඔන්න ඔතනදි තමයි Wang ගේ "Engineering Genius" එක එළියට එන්නේ. එයා chemical engineer කෙනෙක් නිසා එයා බැටරිය දිහා බැලුවේ අලුත් විදිහකට. එයා හැදුවා "Blade Battery" එක. සාමාන්‍යයෙන් EV බැටරි පැක් එකක් හැදෙන්නේ මෙහෙමයි: පොඩි බැටරි cells ගොඩක් එකතු කරලා "Module" එකක් හදනවා. ඒ Modules ගඩොල් වගේ එකතු කරලා තමයි ලොකු "Pack" එක හදන්නේ. මේකෙදී මොඩියුල් වෙන් කරන ප්ලාස්ටික් කෑලි, වයර්, සම්බන්ධක, කූලින් බට නිසා බැටරි පැක් එකේ ඉඩෙන් 60%ක්ම අපරාදේ යනවා. Wang මේ "Module" සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අයින් කළා. එයා බැටරි cells හැදුවේ දිග, සිහින්, පිහිතල (Blades) වගේ. මේ Blade එක කෙලින්ම බැටරි pack එකේ ව්‍යුහය (Structural Component) විදිහට පාවිච්චි කළා. හරියට පොත් රාක්කයක පොත් තියනවා වගේ නෙමෙයි, ඒ පොත් වලින්ම රාක්කේ හදනවා වගේ වැඩක්. මේ නිසා, පරණ ඉඩේම 50%ක් වැඩිපුර බැටරි දාන්න පුළුවන් වුණා. ප්‍රතිඵලය මොකද්ද දන්නවද? ගිනි ගන්නේ නැති, ලාබ LFP තාක්ෂණයෙන්ම, Tesla එකක range එකම ගන්න පුළුවන් වුණා. මේක කොච්චර ආරක්ෂිතද කියනවා නම්, "Nail Penetration Test" එකේදී, සාමාන්‍ය බැටරි පුපුරද්දී, Blade Battery එක රත් වුණේවත් නෑ. Wang Chuanfu එක පාරක් ආයෝජකයෝ ඉස්සරහ බැටරි වලට දාන දියරය (Electrolyte) බීලා පෙන්නුවා "මේකේ වස නෑ, මේක පරිසරයට හිතකාමී" කියලා ඔප්පු කරන්න. අන්න එහෙමයි එයා තමන්ගේ තාක්ෂණය විශ්වාස කළේ.
ඒ වගේම මෑන්ගේ අනිත් රහස: Vertical Integration. Tesla හරි Toyota හරි ගත්තොත්, එයාලා කාර් එකේ කෑලි ගොඩක් පිටින් ගේන්නේ. Bosch එකෙන් brake , වෙන තැනකින් වීදුරු, තව තැනකින් chips. ඒත් BYD එක වෙනස්. Wang Chuanfu විශ්වාස කළේ "හැමදේම අපිම හදමු" කියලා. BYD එකෙන් කාර් එකේ ටයර් එකයි වීදුරුවයි ඇරුණම අනිත් හැමදේම - බැටරියේ ඉඳන්, මෝටරේ, dashboard එකේ ලයිට් එක, අන්තිමට කාර් එක දුවන semiconductor chips පවා - හදන්නේ එයාලගේම factory වල. මේ නිසා මොකද වුණේ? COVID කාලේ අනිත් හැමෝම chips නැතුව කාර් හදන්න බැරුව දඟලද්දී, BYD එක කිසි අවුලක් නැතුව කාර් හැදුවා. ඒ වගේම, පිටින් කෑලි ගේන්න ඕන නැති නිසා, අතරමැදියෝ නැති නිසා, එයාලට පුළුවන් වුණා පුදුම අඩු ගාණකට කාර් හදන්න. අද BYD Seagull (Lamborghini මිනි වගේ පේන පොඩි කාර් එක) චීනයේ විකුණන්නේ ඩොලර් 10,000 කට විතර. ඒ ගාණට ඒ වගේ quality කාර් එකක් හදන එක ඇමරිකන් කාරයොන්ට හිතාගන්නවත් බැරි දෙයක්.
Deleteදැන් තේරෙනවද ඇයි Warren Buffett වගේ ලෝකේ ලොකුම ආයෝජකයෙක්, 2008 දීම Tesla එක පැත්තක තියලා BYD එකට සල්ලි දැම්මේ කියලා? එයාගේ partner Charlie Munger කිව්වා "Wang Chuanfu කියන්නේ Thomas Edison ගෙයි Jack Welch ගෙයි එකතුවක්" කියලා. එයා දැක්කා Wang Chuanfu කියන මනුස්සයා නිකන්ම සිහින දකින්නෙක් නෙමෙයි, ප්‍රශ්න වලට ප්‍රායෝගිකව, රසායනිකව උත්තර හොයන ඉංජිනේරුවෙක් කියලා. Wang Chuanfu phone බැටරි හදද්දී ඉගෙන ගත්ත "Efficiency" සහ "Chemistry" කියන පාඩම් දෙක, අද ලෝකේ ලොකුම වාහන කර්මාන්තය උඩු යටිකුරු කරලා තියෙනවා.
අපිට මේකෙන් ගන්න තියෙන පාඩම මොකක්ද? ඔයා පටන් ගන්නේ කොතනින්ද කියන එක අදාළ නෑ. phone බැටරි හදන එක "පොඩි වැඩක්" කියලා Wang හිතුවේ නෑ. එයා ඒ පොඩි දේ ඇතුලේ තියෙන තාක්ෂණය උපරිමයටම ප්‍රගුණ කළා. අන්තිමට ඒ දැනුම පාවිච්චි කරලා ලෝකේ ලොකුම දැවැන්තයෝ එක්ක හැප්පුනා. ඔයා කරන දේ පොඩි වෙන්න පුළුවන්, හැබැයි ඒකේ "Master" කෙනෙක් වෙන්න. ඒ දැනුම කවදාහරි ඔයාව ලෝකේ අංක එකට ගෙනියයි.
ඉකොනෝමැට්ටා
ReplyDeleteලංකාවේ වර්තමාන සුළි කුණාටුව නිසා පූර්ණ වශයෙන් හානි වූ ගෙවල් 4164
එක ගෙයකට කෝටි 1/2 යි
එතකොට කෝටි 2082යි,බිලියන 20යි.. නමුත් දේවානි ජයතිලක නමැති ජවිපෙ ජාතික ජන බලවේගයට සම්බන්ධ පරිසර නිලධාරිනියක ඇතුලු පිරිසක් විසින් මෙම ව්‍යාපෘතිය මැද්දට පැන මෙමගින් දුර්ලභ පණුකරඳ ගහක් විනාශ වන බවට බොරු ව්‍යාජ ප්‍රචාරයක් නිර්මාණය කර ජනතාව කුපිත කරවීම සහ ව්‍යාපෘතියේ ගෙදර කිරීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ව්‍යාපාර අලාභ ලෙස පුද්ගලයන් 825 දෙනෙකුට රුපියල් කෝටි 72කට වැඩි මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
ඉදිකිරීම් කටයුතු නිමවනතුරු මෙම වන්දි මුදල් දිගින් දිගටම ගෙවීමට සිදුවන්නේ යැයි නිරීක්ෂණය වූ බව පවසන එම කාර්යාලය වන්දි ගෙවූ පුද්ගලයන් අතුරින් දාහක් දෙනෙකුට 2023 සහ 2024 වසර සඳහා පිළිවෙළින් එක් අයෙකුට රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් බැගින් නැවත ගෙවීමට සිදුව තිබූ බව වාර්තාව සඳහන් කරනවා. මේ මුලු මුදල කෝටි දෙදාහක් හෙවත් බිලියන විස්සක පමණ මුදලක්,
චුට්ටක් කල්පනා කරලා බලන්න, දේවානි ජයතිලක නමැත්තිය සිදු කර ඇති විනාශය සම්බන්ධව දේවානි යන අයගේ පෞද්ගලික වත්කම් සහ ජවිපෙ ජාතික ජන බලවේග දේශපාලන පක්‍ෂ අරමුදලෙන් මේ වියදම් නැවත අයකර ගැනීමට හැකි වේවිද?
57 මොකක්ද උනේ?
ReplyDeleteමීට පෙර ඇති වූ මහා ගංවතුර
Delete@ Economatta
ReplyDeleteශ්‍රී ලංකාව ස්වභාවික විපත් හමුවේ සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව 2025 'Ditwah' සුළි කුණාටුවෙන් නැවතත් බරපතල ප්‍රශ්න මතු වී තිබේ. ලංකා ඉතිහාසය පුරා මේතාක් ඉතිහාසයේ නිල සංඛ්‍යාලේඛන අනුව විශාලතම ගංවතුර වූ 1957 මහා ගංවතුරෙන් පවා ඉගෙන නොගත් පාඩම්, අද වන විට මූල්‍ය හා මානුෂීය වශයෙන් රටට විශාලතම විනාශය අත්කර දී ඇත.
ඉතිහාසය පුනරාවර්තනය වීම සහ වැඩිවන හානිය ගැන බලමු
1957 නත්තල් සමයේ ඇද හැළුණු මහා වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නායයෑම් සහ මුළු දිවයිනම ගංවතුරට යටවී අවම වශයෙන් පුද්ගලයින් 300 කට ජීවිත අහිමි විය. සමහර වාර්තා අනුව මිය ගිය පිරිස එක්දහස් පන්සීයකට වැඩිය.
ඒ කාලයේ දැනට වඩා බොහෝ සේ සම්පත් හිඟයක් තිබුණත්, මානුෂීය සහයෝගය ශක්තිමත් විය.
නමුත් 2025 දී, වඩා හොඳ තාක්ෂණයක් සහ සම්පත් තිබියදීත්, 'Ditwah' කුණාටුවෙන් මානුෂීය හා මූල්‍යමය හානිය 1957 තත්ත්වයද ඉක්මවා ඇත.
දැනට නිල තොරතුරු අනුව:
මරණ සංඛ්‍යාව දෙගුණ වෙයි: 1957 දී 300කට වඩා ජීවිත අහිමි වූ නමුත්, 2025 දී එම සංඛ්‍යාව 600 කට වඩා වැඩි වී තිබේ.
දේපළ හානිය: 1957 ට සාපේක්ෂව දෙගුණයකටත් වඩා දේපළ හානියක් සිදුව ඇති අතර, පූර්ණ හානි වූ නිවාස 4,164 ක් සඳහා පමණක් ඇස්තමේන්තුගත මුදල කෝටි 2,082 ක් හෙවත් රුපියල් බිලියන 20 ඉක්මවීමෙන්, රටේ ආර්ථිකයට එල්ල වී ඇති කම්පනය පැහැදිලියි.
ජීවිත හා දේපළ රැක දීමේ වගකීම පැහැර හැරීම
ආණ්ඩුවක මූලික වගකීම වන්නේ ජීවිත හා දේපළ රැක දීමයි. එහෙත්, Indian Express පුවත්පත පෙන්වා දෙන පරිදි, ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව ලංකාවට නිල වශයෙන් දැක්වූ අනතුරු ඇඟවීම් ගැන හෝ නිසි අවධානයක් යොමු නොකිරීම තුළින් පෙනී යන්නේ, මියගිය ජීවිත ගණන අඩුකර ගැනීමට තිබූ අවස්ථාව අහිමි කර ගත් බවයි.
ජනතාව වෙනුවෙන් නිසි වේලාවට ක්‍රියා කිරීමට වර්තමාන ලංකා රජය අසමත් වූවා පමණක් නොව, ඔවුන්ගේ අකාර්යක්ෂමතාව පිළිබඳව ජනතාව ප්‍රශ්න කිරීම වැළැක්වීමට ආණ්ඩුව දැන් ආපදා දේශපාලනයක (Disaster Politics) නිරත වෙමින් සිටී.
සංවර්ධන ප්‍රමාදයේ මූල්‍යමය අමතර බර
මේ සියල්ලටම අමතරව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රමාදය හේතුවෙන් ඇති වූ මූල්‍යමය අලාභය, ආපදා සහන කටයුතු සඳහා යොදාගත හැකිව තිබූ සම්පත් තවදුරටත් සීමා කර ඇත.
ජාතික විගණන කාර්යාලය පවසන පරිදි, දේවානි ජයතිලක නමැති පරිසර ක්‍රියාකාරිනියක ඇතුළු පිරිසකගේ මැදිහත්වීම නිසා වූ ප්‍රමාදයන් හේතුවෙන් පුද්ගලයන් 825 දෙනෙකුට ව්‍යාපාර අලාභ ලෙස කෝටි 72කට වැඩි මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇත.
අඛණ්ඩ ගෙවීම්: ඉදිකිරීම් අවසන් වනතුරු මෙම වන්දි දිගින් දිගටම ගෙවීමට සිදුවීම, ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව නිසා රටට සිදුවන මූල්‍ය කාන්දුව කොතරම් විශාලද යන්නට කදිම නිදසුනකි.
අපේ රට මුහුණ දී ඇති මෙම ද්විත්ව අර්බුදය (ආපදා හා ප්‍රමාදයන්) පැහැදිලිවම පෙන්වා දෙන්නේ වගවීම සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් පවතින ගැටලුයි. අද අපට අහිමි වූ බිලියන 20කට අධික මුදල සහ 600කට අධික ජීවිත වෙනුවෙන් කවුරුන් වගකීම ගත යුතුද? මේ ගැන ඔබේ අදහසත් විස්තර සහිතව ලියන්න පුළුවන්ද?