වෙබ් ලිපිනය:

Wednesday, July 17, 2019

ෆේස්ඇප්: ඔබත් මූණ දමා බැලුවාද?


අපේක්ෂිත ආයුකාලය ගැන දැන් ලිපි කිහිපයකින්ම කතා කළා. හැමෝම නොවුණත් අපි ගොඩක් දෙනෙක් තව ටික කලක් ජීවත් වෙන්න කැමතියි. තරුණ හා මැදි වයස් වල ඉන්න බොහෝ අය තව අවුරුදු විස්සක්වත් ජීවත් වෙන්න කැමතියි පමණක් නෙමෙයි, තව අවුරුදු විස්සකින් තමන්ගේ පෙනුම කොයි වගේද කියා දැන ගන්න හැකිනම් එයටත් කැමතියි.

මගේ ලංකාවේ ජීවත් වන දැනට මැදි වියේ ඉන්න මිතුරෙක් අද උදේ වත්පොතේ අපූරු ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා. පළමුවැන්නේ තිබුණේ ඔහුගේ දැන් පෙනුම හා වසර 20කට පසුව පෙනුමයි. තවත් මෙවැනි ඡායාරූප දෙක තුනක් තිබුණා. මේ මිතුරා ඔහුගේ වසර 20කට පසු පෙනුම මොන වගේද කියා දැන ගන්න භාවිතා කර තිබුණේ ෆේස්ඇප් කියන ඇප් එකයි.

ෆේස්ඇප් ඇප් එක ඇවිත් දැන් වසර කිහිපයක් වෙනවා. මේ වෙද්දී එය වෛරල් වී ඇති බව පෙනෙනවා. මේ වන විට මේ ඇප් එක ගූගල් ප්ලේ හරහා මිලියන 100ක් දෙනා බාගත කරගෙන ඇති බවත්, රටවල් 121කම ජනප්‍රියම ඇප් එක බවත් මාධ්‍ය වාර්තා වල කියැවෙනවා.

ෆේස්ඇප් ඇප් එක නිසා ආරක්ෂාවට ඇති වී තිබෙන තර්ජනය ගැන මේ වෙද්දී ඇමරිකානු මාධ්‍ය විසින් කතා කරන්න පටන් අරන් තිබෙනවා. මෙවැනි කතාබහක් ඇති වී තිබෙන්නේ අදාළ ඇප් එක බාගත කර ගන්නා අයෙකු විසින් කැමති විය යුතු කොන්දේසි වල සුවිශේෂී ස්වභාවය නිසයි. ඇප් එකක් බාගත කර ගැනීමට පෙර බොහෝ දෙනෙක් මේ කොන්දේසි නොකියවන බව අමුතුවෙන් කිව යුතු නැහැනේ.

"You grant FaceApp a perpetual, irrevocable, nonexclusive, royalty-free, worldwide, fully-paid, transferable sub-licensable license to use, reproduce, modify, adapt, publish, translate, create derivative works from, distribute, publicly perform and display your User Content and any name, username or likeness provided in connection with your User Content in all media formats and channels now known or later developed, without compensation to you. When you post or otherwise share User Content on or through our Services, you understand that your User Content and any associated information (such as your [username], location or profile photo) will be visible to the public."

ෆේස්ඇප් ඇප් එක බාගත කර ගන්නා අයෙකු දැනුවත්ව හෝ නොසැලකිල්ල හේතුවෙන් එකඟ වන කොන්දේසි අනුව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික තොරතුරු එකතු කරගෙන එම තොරතුරු අදාළ සමාගමට අවශ්‍ය පරිදි මුදල් නොගෙවා භාවිතා කිරීමට, වෙනස් කිරීමට, බෙදා හැරීමට හා ප්‍රසිද්ධ කිරීමට සදාකාලික, අවලංගු කළ නොහැකි අවසරයක් ලබා දෙනවා. අදාළ සමාගමේ මවු සමාගම රුසියානු සමාගමක් වීමත්, පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව විසින් සමාජ මාධ්‍ය හරහා බලපෑමක් කළේය යන්නත් මේ හා අදාළ ඇමරිකානු කණස්සල්ල වැඩි කිරීමට හේතු වී තිබෙනවා.

(Image: https://www.indiatimes.com/technology/news/meet-faceapp-the-aging-app-that-s-taken-over-social-media-recently-371417.html)

6 comments:

  1. ඉකොනෝ, තාක්ෂණයෙ මහිමය තමයි!

    ඒකත් එක්ක හැංගිලා එන දේවල් ගැනත් දැනුම්වත් කිරීම වැදගත්. මට නං ආයේ වයසට ගියාම කොහොමද කියලා බලාගන්න දෙයක් නැහැ. දැනටම ගිහින්නෙ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. තරුණ කාලේ කොහොමද කියලත් බලා ගන්න පුළුවන්! යාලුවා අවුරුදු 20කට කලින් ඡායාරූපයකුත් දමලා තිබුණා. හැබැයි එය එතරම්ම නිවැරදියි කියා මම හිතන්නේ නැහැ.

      Delete
  2. හැම කෙහෙල්මලම ෆොන් එකට දාගන්න උන්ට හොද වැඩේ. නොදන්නා ඇප් දා ගැනිල්ල බොහෝම භයානකයි. නොමිලේ දෙන එවා විතරක් නොවේ මිලදී ගත්තත් තමන්ට උවමනා දේ පමනක් ගැනිල්ල කොයි දේටත් වලංගුයි නේද?

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. නොමිලේ වගේ පෙනෙන්න තිබෙන බොහෝ දේ වල සැඟවුණු මිලක් තිබෙනවා. කවුරු හරි කෙනෙක් යමක් නොමිලේ දෙන කොට ඒ ඇයි කියා හැම වෙලේම හිතන එක ඇඟට ගුණයි!

      Delete
  3. අපේ මොන හොර අල්ලන්නද බං..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. සන්නද්ධ අරගලයකිං ඉකොනොමැට්ටගේ බෝජුන්හළේ පාලනය අල්ලා ගනිමු. කාශ්මීර සන්නන්ධ විමුක්ති අරගලයට අපගේ සහය මෙසේ දක්වා සිටිමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: