පසුගිය (2024) වසරේදී පැවැත්වුණු ජන හා නිවාස සංගණනයේ ප්‍රතිඵල අනුව, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සහ ආගමික සංයුතිය පිළිබඳ යාවත්කාලීන දත්ත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2012 සංගණන අවස්ථාවේදී පැවති තත්ත්වයට සාපේක්ෂව, සිංහල ප්‍රතිශතය 0.8%කින් අඩු වී, මුස්ලිම් ප්‍රතිශතය 1.2%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අතරම, ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය 1.2%කින් ඉහළ ගොස් ඉන්දියානු දෙමළ ප්‍රතිශතය 1.3%කින් පහත වැටී තිබෙනවා. කෙසේ වුවද, දෙමළ කණ්ඩායම් දෙක අතර මෙම වෙනසට හේතුව සේ පෙනෙන්නේ මීට පෙර ඉන්දියානු දෙමළ සේ තමන්ව හඳුනාගත් සැලකිය යුතු පිරිසක් මේ වන විට තමන්ගේ අනන්‍යතාවය ශ්‍රී ලාංකික දෙමළ සේ සැලකීම බවයි පෙනී යන්නේ. කොටස් දෙකම සැලකූ විට දෙමළ ප්‍රතිශතයේ ලොකු වෙනසක් දැකිය නොහැකියි.
පහත තිබෙන්නේ මේ වන විට ලංකාවේ වාර්ගික සංයුතියයි.
සිංහල - 74.1%
ශ්‍රී ලංකා දෙමළ - 12.3%
ඉන්දියානු දෙමළ - 2.8%
මුස්ලිම් - 10.5%
වෙනත් - 0.3%
ආගමික සංයුතියේ වෙනස් වීම පිරික්සද්දී, බෞද්ධ ප්‍රතිශතයේ 0.3%ක අඩු වීමක්ද, රෝමානු කතෝලික ප්‍රතිශතයේ 0.8%ක අඩුවීමක්ද දැකිය හැකියි. හින්දු ප්‍රතිශතයෙහි වෙනසක් සිදු වී නොමැති අතර ඉස්ලාම් ප්‍රතිශතය 1.0%කින් ඉහළ ගොස් තිබෙනවා.
බෞද්ධ - 69.8%
හින්දු - 12.6%
ඉස්ලාම් - 10.7%
රෝමානු කතෝලික - 5.6%
වෙනත් ක්‍රිස්තියානි - 1.3%
ඉහත රටාවන් දිස්ත්‍රික්ක මට්ටමෙන්ද එලෙසම මෙන් නිරීක්ෂණය කළ හැකියි. අදාළ සංඛ්‍යලේඛන මේ සමඟ පළ කෙරෙන වගු දෙකෙහි තිබෙනවා.
හම්බන්තොට ඉන්න "other" 1.5% (2012), 0.6% (2024) - කවුද ඒ
ReplyDelete