වෙබ් ලිපිනය:

Friday, October 31, 2025

ලංකාවේ වාර්ගික හා ආගමික සංයුතිය

පසුගිය (2024) වසරේදී පැවැත්වුණු ජන හා නිවාස සංගණනයේ ප්‍රතිඵල අනුව, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සහ ආගමික සංයුතිය පිළිබඳ යාවත්කාලීන දත්ත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2012 සංගණන අවස්ථාවේදී පැවති තත්ත්වයට සාපේක්ෂව, සිංහල ප්‍රතිශතය 0.8%කින් අඩු වී, මුස්ලිම් ප්‍රතිශතය 1.2%කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අතරම, ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය 1.2%කින් ඉහළ ගොස් ඉන්දියානු දෙමළ ප්‍රතිශතය 1.3%කින් පහත වැටී තිබෙනවා. කෙසේ වුවද, දෙමළ කණ්ඩායම් දෙක අතර මෙම වෙනසට හේතුව සේ පෙනෙන්නේ මීට පෙර ඉන්දියානු දෙමළ සේ තමන්ව හඳුනාගත් සැලකිය යුතු පිරිසක් මේ වන විට තමන්ගේ අනන්‍යතාවය ශ්‍රී ලාංකික දෙමළ සේ සැලකීම බවයි පෙනී යන්නේ. කොටස් දෙකම සැලකූ විට දෙමළ ප්‍රතිශතයේ ලොකු වෙනසක් දැකිය නොහැකියි.

පහත තිබෙන්නේ මේ වන විට ලංකාවේ වාර්ගික සංයුතියයි.

සිංහල - 74.1%

ශ්‍රී ලංකා දෙමළ - 12.3%

ඉන්දියානු දෙමළ - 2.8%

මුස්ලිම් - 10.5%

වෙනත් - 0.3%

ආගමික සංයුතියේ වෙනස් වීම පිරික්සද්දී, බෞද්ධ ප්‍රතිශතයේ 0.3%ක අඩු වීමක්ද, රෝමානු කතෝලික ප්‍රතිශතයේ 0.8%ක අඩුවීමක්ද දැකිය හැකියි. හින්දු ප්‍රතිශතයෙහි වෙනසක් සිදු වී නොමැති අතර ඉස්ලාම් ප්‍රතිශතය 1.0%කින් ඉහළ ගොස් තිබෙනවා.

බෞද්ධ - 69.8%

හින්දු - 12.6%

ඉස්ලාම් - 10.7%

රෝමානු කතෝලික - 5.6%

වෙනත් ක්‍රිස්තියානි - 1.3%

ඉහත රටාවන් දිස්ත්‍රික්ක මට්ටමෙන්ද එලෙසම මෙන් නිරීක්ෂණය කළ හැකියි. අදාළ සංඛ්‍යලේඛන මේ සමඟ පළ කෙරෙන වගු දෙකෙහි තිබෙනවා.

13 comments:

  1. හම්බන්තොට ඉන්න "other" 1.5% (2012), 0.6% (2024) - කවුද ඒ

    ReplyDelete
    Replies
    1. රුසියාව වැළැක්වූ මෝදි ඝාතන ඩකා කුමන්ත්‍රණය

      ඉන්දීය අගමැතිවරයා නින්දට යෑමට පෙර කිරි පානය කිරීමේ පුරුද්දක් තිබුණි, එබැවින් ඔහුගේ සහයක රාම්නාත් ඔහුට කිරි දුන්නේය. එය පානය කිරීමෙන් පසු අගමැතිතුමා නොසන්සුන්ව කාමරය වටා ඇවිද ගොස් ජලය ඉල්ලා සිටියේය. රාම්නාත් ඔහුට ඇඳුම් මේසය මත තිබූ තර්මෝස් බෝතලයකින් ජලය ලබා දුන්නේය. පසුදා කාබුල් වෙත යන ගමන සඳහා ඉක්මනින් අවදි වීමට සිදු වූ බැවින් අගමැතිවරයා තම සහායකයාට ඔහුගේ කාමරයට ගොස් නිදාගැනීමට කීවේය. මෙහිදී රාම්නාත් අගමැති සිටින කාමරයේ බිම නිදා ගැනීමට ඇති ආශාව ප්‍රකාශ කළ නමුත් ශාස්ත්‍රි ඔහුව ඔහුගේ කාමරයට යවා තිබිණි.

      ඇමෙරිකානු හමුදාවේ උතුරු කැරොලිනාවේ ෆෝර්ට් බ්‍රැග් හි මූලස්ථානය කර ඇති 1 වන විශේෂ බළකා අණදෙන නිලධාරි ටෙරන්ස් ආර්වෙල් ජැක්සන් බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි වෙස්ටින් හෝටලයේ 808 කාමරයේ මියගොස් සිටියදී සොයා ගන්නා ලද්දේ පසුගිය අගෝස්තු 31 වැනිදා රාත්‍රියේය. ඔහු වයස අවුරුදු 50 ක් පමණ වූ අතර උතුරු කැරොලිනාවේ රේෆර්ඩ්හි පදිංචිකරුවෙකි. ඩකා පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණ මගින් ස්වාභාවික හේතූන් මත මියගොස් ඇති බව ප්‍රකාශ කර තිබූ අතර කිසිදු අකටයුතුකමක් පිළිබඳ සාක්ෂි හමුවී නොමැත. ජැක්සන්ගේ දේහය මරණ පරීක්ෂණයකින් තොරව ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාර දුන් අතර, මෙලෙස නිසි පරීක්ෂණයකින් තොරව සිරුර භාරදීම පිළිබඳ ප්‍රශ්න මතු විය. එහෙත් තවත් මාධ්‍ය පවසා තිබුණේ හමුදා නිලධාරියා විස ශරීරගත වීම නිසා මරණයට පත්ව ඇති බවයි. ජැක්සන් වසර 20 කට වැඩි ඇමෙරිකානු හමුදාවේ සේවය කර ඇති අතර රහසිගත සීඅයිඒ මෙහෙයුම්වල ප්‍රමුඛ චරිතයකි. සිරියාවේ හා ඇෆ්ගනිස්තානයේ රහසිගත මෙහෙයුම්වල නිරතවූ ජැක්සන් ඩකා අගනුවර සිට ක්‍රියාත්මක වීම ඉන්දීය බුද්ධි අංශවල බලවත් විමසිල්ලට ලක්විය. ඇත්තෙන්ම ඩකාහි සිදු වූ අභිරහස් මරණය කලාපයේම බුද්ධි අංශවල කුණාටුවක් ඇති කර තිබේ. මන්ද දැන් ලැබෙන ආරංචි අනුව මියගිය හමුදා නිලධාරියා ක්‍රියාත්මක වී ඇත්තේ ඉන්දීය අගමැතිට හානියක් කිරීම සඳහාය. මේ රහසිගත කුමන්ත්‍රණය පිළිබඳව රුසියානු බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව රෝ සංවිධානය සමග එක්ව ඩකා අගනුවර කුමන්ත්‍රණය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබේ. මේ පිළිබඳව විස්තරයක් ඉන්දීය පුවත්පතක India, Russia foil CIA plot to assassinate PM Modi? Mysterious death of Terrence Jackson in Dhaka fuels speculations’ යනුවෙන් පසුගිය සතියේ පළව තිබිණි.

      ඇත්තෙන්ම චීනයේ ටියැන්ජින් හි පැවති ෂැන්හයි සහයෝගිතා සමුළුව අතරතුර අගමැති නරේන්ද්‍ර මෝදි ඝාතනය කිරීමට CIA සංවිධානය කුමන්ත්‍රණය කර තිබේ. එය ක්‍රියාත්මක වූයේ ඩකා සිටය. මෙය ත්‍රාසජනක චිත්‍රපටයක කතාවක් මෙනි. ටියැන්ජින් හි සමුළුව පැවැත්වුණේද අගෝස්තු 31 හා සැප්තැම්බර් 01 යන දෙදින තුළය. කාලයක් චීනය සමග ආරෝවක සිටි ඉන්දීය අගමැතිවරයා වසර හයකට පසු පළමුවරට චීනයට ගියේ මේ අවස්ථාවේය. එහිදී චීන දේශය තුළ ඉන්දීය අගමැතිවරයා ඝාතනය කර එහි වගකීම චීන ආණ්ඩුවට පැවරීම CIA උපාය වී තිබිණි. නමුත් රුසියානු චීන හා ඉන්දීය බුද්ධි අංශ එක්ව මෙය වළක්වා තිබේ. චීනයේ MSS, ඉන්දියාවේ RAW සහ රුසියාවේ FSB විසින් බෙදා ගන්නා ලදැයි කියන රහස් අනතුරු ඇඟවීමක් මගින් මේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කර තිබේ. ඇමෙරිකානු හමුදා නිලධාරියා ඝාතනය වන්නේද සමුළුවේ පළමු දිනයේ රාත්‍රියේය. චීන සමුළුවේදී අගමැති මෝදී රුසියා ජනපතිගේ අධිආරක්ෂක රථයේ එක්ව ගමන් කරනු දක්නට ලැබිණි. ඒ මේ කුමන්ත්‍රණය වැළැක්වීම සඳහාද? මේ දෙදෙනා ඒ රථයේ විනාඩි 45ක් එක්ව ගමන්කර තිබේ. එහිදී රාජ්‍ය නායකයන් දෙදෙනා කතා කළේ මොනවාද? ඩකා නුවර සිදුවන්නේ කුමක්ද ගැන ජනපති පුටින් ඉන්දීය නායකයාට පැහැදිලි කරන්නට ඇත.

      අගමැති මෝදි විසින් සිදුකරන කරන ලද තවත් ප්‍රකාශයක් නිසා මේ ඩකා කුමන්ත්‍රණය සහතික කිරීමට යම් සහයක් ලබා දෙයි. සැප්තැම්බර් 2 වන දින, චීනයේ ටියැන්ජින් සිට ආපසු පැමිණීමෙන් පසු දින, අගමැති මෝදි විශේෂ සම්මන්ත්‍රණයක් ඇමතීය. එහිදී ඔහු පවසා තිබුණේ කුමක්ද? “මම චීනයට ගිය නිසා ඔබ අත්පුඩි ගසනවාද නැත්නම් මම යහතින් ආපසු පැමිණි නිසා ඔබ අත්පුඩි ගසනවාද?” විශ්ලේෂකයන්ට අනුව, අගමැති මෝදිගේ මෙම ගුප්ත ප්‍රකාශ බරපතළ පණිවිඩයක් බවට පරිවර්තනය වේ. එය අගමැතිතුමා මුහුණ දෙන ජීවිත තර්ජන සම්බන්ධයෙන් පණිවිඩ යවන බව නොපෙනේද?

      අගෝස්තු 30 රාත්‍රියේ ඉන්දීය හා රුසියානු බුද්ධි අංශ මගින් ඩකා හි සිට ක්‍රියාත්මක වන අනතුරුදායක දුරකථන සංවාද නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව ඒකාබද්ධ රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. එහි ප්‍රතිපලය වන්නේ හෝටලයේ මරණයයි. මේ ගැන ඇමෙරිකාව කිසිම නිල නිවේදනයක් සිදුකර නැත. එසේම ඉන්දීය රජයද මෝදිට එරෙහි මෙහෙයුමක් පිළිබඳ කිසිම ප්‍රකාශයක් කර නැත. නමුත් නොදන්නා නොකියන කතා බොහොමයකි.

      Delete
    2. ඇමෙරිකානු රාජ්‍යය හා එහි කුප්‍රකට බුද්ධි අංශය වන මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) ලොව පුරා ප්‍රසිද්ධ වන්නේ එහි සුවිශේෂී කුමන්ත්‍රණ සඳහා ය. පාලන විරෝධී සටන් අවුලුවාලීම, සිවිල් නැඟිටීම් හරහා නීත්‍යානුකූලව ස්ථාපිත ආණ්ඩු පෙරළා දැමීම සහ ඇමෙරිකානු ආධිපත්‍ය අභිලාෂයන් පෝෂණය කිරීම වෙනුවෙන් එහි කාර්යය වඩා පුළුල්වේ. 1979 සෝවියට් ආක්‍රමණය අතරතුර ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු ක්‍රියාකාරකම් සහ බංග්ලාදේශයේ සහ නේපාලයේ මෑතකාලීන පාලන තන්ත්‍ර අස්ථාවරත්වය දක්වා, දකුණු ආසියාවේ දේශපාලන නාට්‍යය පිටුපස CIA සැබවින්ම සැඟවුණු අතක් ඇති බව ප්‍රසිද්ධ රහසකි. එම නිසාම අගෝස්තු 31 වන දින බංග්ලාදේශයේ ඩකා හි හෝටල් කාමරයකදී ඇමෙරිකානු විශේෂ බළකායේ නිලධාරි ටෙරන්ස් ආර්වෙල් ජැක්සන්ගේ අභිරහස් මරණය පිළිබඳ නවතම කථාංගය, ඇමෙරිකානු බුද්ධි අංශ සම්බන්ධයෙන් තවදුරටත් සැකයන් ඇති කරන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඉන්දියාව කිසිවක් ප්‍රසිද්ධියේ නොපවසන්නේ එය ඔවුනට පාරාවළල්ලක් වන නිසාය. නමුත් තමන්ගේ තෙල් සම්පත නොපැකිලව මිලදී ගන්නා රාජ්‍ය නායකයා ආරක්ෂා කිරීමට රුසියාව ඉදිරිපත් වේ. ඇත්තෙන්ම ඉන්දියාව හා චීනය නොමැතිනම් රුසියාව සුරැකෙන්නේ නැත. යුක්‍රේන ආක්‍රමණයට මුදල් සපයා ගැනීමටද නොහැකිවේ. ඇමෙරිකානු රාජ්‍යය වත්මන් ඉන්දීය පාලනයට අකමැතිය. ඔවුන්ට චීනයට අත තැබිය නොහැකි වුවත් ඉන්දියාව සෙලවීමට උත්සහ කරයි.

      ඉන්දියාවේ දෙවැනි අගමැතිවූ ලාල් බහදුර් ශාස්ත්‍රී 1966 ජුනි 11 වැනිදා උස්බකිස්තානයේ ටෂ්කන්ට් හි මරණයට පත්විය. මොහුගේ මරණය ස්වාභාවික එකක් නොවන බව ප්‍රකටය. පාකිස්තානය සමග ගිවිසුමක් අත්සන් කිරීම සදහා ටෂ්කන්ට් වෙත අගමැතිවරයා ගොස් තිබිණි. මේ ගැන කතාව මෙසේය.

      ඉන්දීය අගමැතිවරයා නින්දට යෑමට පෙර කිරි පානය කිරීමේ පුරුද්දක් තිබුණි, එබැවින් ඔහුගේ සහයක රාම්නාත් ඔහුට කිරි දුන්නේය. එය පානය කිරීමෙන් පසු අගමැතිතුමා නොසන්සුන්ව කාමරය වටා ඇවිද ගොස් ජලය ඉල්ලා සිටියේය. රාම්නාත් ඔහුට ඇඳුම් මේසය මත තිබූ තර්මෝස් බෝතලයකින් ජලය ලබා දුන්නේය. පසුදා කාබුල් වෙත යන ගමන සඳහා ඉක්මනින් අවදි වීමට සිදු වූ බැවින් අගමැතිවරයා තම සහායකයාට ඔහුගේ කාමරයට ගොස් නිදාගැනීමට කීවේය. මෙහිදී රාම්නාත් අගමැති සිටින කාමරයේ බිම නිදා ගැනීමට ඇති ආශාව ප්‍රකාශ කළ නමුත් ශාස්ත්‍රි ඔහුට ඔහුගේ කාමරයට යවා තිබිණි.

      ශාස්ත්‍රිගේ ලේකම්වරයා ඔහුගේ අවසන් බියකරු මොහොත සිහිපත් කරයි අලුයම 1.20 ට, අගමැතිවරයා මගේ දොරට තට්ටු කරමින්, ‘වෛද්‍යවරයා කොහෙද?’ කියා දැඩි වේදනාවෙන් විමසා සිටියේය. ඉන්පසු ඔහු දරුණු ලෙස කහින්නට පටන් ගත්තේය, ඔහුගේ මුළු සිරුරම ගැහෙන්නට විය. පුද්ගලික සහායකයන් ඔහුව නැවත ඇඳ දිගාකරන ලදී. පානය කළ ශාස්ත්‍රි ඔහුගේ පපුවට ඇඟිල්ල දිගු කර ක්ලාන්ත විය. එයින් කතාව අවසන් විය. මේ මරණය පිටුපස ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය සිටින බව ඒ කාලයේම ප්‍රකට විය.

      ලෝක නායකයන් ඝාතනය කිරීම සඳහා CIA සංවිධානය විසින් සිදු කරන ලද මෙහෙයුම් අතරින් වඩාත් කුප්‍රකට ඒවා වූයේ දිවංගත කියුබානු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ ඉලක්ක කරගත් ඒවාය. ස්නයිපර්වරුන්ගේ සිට පුපුරා යන සුරුට්ටු සහ විවධ චිත්‍රපට කතාවලට සුදුසු පරිකල්පනීය කුමන්ත්‍රණ දක්වා නොයක් උත්සාහයන් ගෙන තිබුණි. නමුත් කැස්ත්‍රෝ සම්බන්ධයෙන් CIA උත්සාහයන් නිෂ්ඵල වුවද, 1945 සිට ඇමෙරිකානු බුද්ධි ඒජන්සිය ලොව පුරා වෙනත් තැන්වල නායකයන් පෙළක් – සෘජුව හෝ බොහෝ විට, කුලියට ගත් අපරාධකරුවන් හෝ නම්‍යශීලී විරුද්ධවාදීන් යොදා ගනිමින් එම නායකයින් බලයෙන් පහ කිරීමට හෝ මරා දැමීමට සමත් වී ඇත.

      කොංගෝවේ පළමු අගමැති පැටි්‍රස් ලුමුම්බා, රුසියාවට වඩා සමීප යැයි ඇමෙරිකාව විසින් විනිශ්චය කරන ලදී. 1960 දී, සීඅයිඒ විසින් මාරාන්තික වෛරසයකින් ඔහුව මරා දැමීමට විද්‍යාඥයකු යවන ලදී, නමුත් 1960 දී වෙනත් ක්‍රම මගින් ඔහු ධුරයෙන් ඉවත් කරන විට මෙය අනවශ්‍ය විය. පසුව ඔහු කොන්ගෝවේදී ඝාතනය විය. 1960 ගණන්වල ඝාතනයට ලක් වූ අනෙකුත් නායකයන් අතර ඩොමිනිකන් නායක රෆායෙල් ටෘජිලෝ, ඉන්දුනීසියාවේ ජනාධිපති සුකර්නෝ සහ දකුණු වියට්නාමයේ ජනාධිපති එන්ගෝ ඩින් ඩියම් ඇතුළත් විය. 1973 දී, උග්‍ර වාමාංශිකයකු ලෙස සැලකෙන චිලී ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේ බලයෙන් පහ කිරීම සංවිධානය කිරීමට CIA සංවිධානය උදව් කළේය. ඔහු කුමන්ත්‍රණය සිදු වූ දිනයේදී හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. අවසන් මොහොතේ ගත සේයාරුවක ඔහු AK47 ස්වයංක්‍රීය රයිෆලයක් තදින් අල්ලාගෙන සිටී. මෙය කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝගෙන් ලැබුණු තෑග්ගකි. එය යොදාගෙන ජනපතිවරයා අවසන් ගමන් ගියේය.

      Delete
  2. මෙම සංගණනයෙහි කිසිදු ආගමක් නො අදහන , නිරාගමිකයන් සඳහා වෙන් කිරීමක් කරලා නැහැ නේද? ඉස්ලාම් (යෝනක ) ජාතිය (හෝ ආගම ) වැඩිවෙන්නේ සමස්ථ ලංකාවේම ජනගහණ වර්ධනය වෙන ප්‍රතිශතයට සමානුපාතිකවද ? ලෝක ජනගහනයේත් වැඩියෙන්ම වර්ධනය වන ආගමික ප්‍රජාවත් ඉස්ලාම්. සංඛ්‍යානමය දත්ත ඇසුරින් 2050 වන විට ශ්‍රී ලංකාවේ ආගම් ජාතින් වැඩිවෙන/අඩුවෙන අකාරය පුරෝකතනයක් කරන්න පුළුවනිද ?

    ReplyDelete
    Replies
    1. උඹේ අම්මගෙන් අහපන්කො මං ඕක මේ වාර්තාවක් දෙන්නම්.

      පුරෝකතන ගහගෙන තොගේ වීසික පුතා

      Delete
  3. මුස්ලිම් අපේ උත්තමාචාරය

    ReplyDelete
  4. නෑ පෝලියන් බෝන පාට් ලා කාක් කම්කරන්නේ

    ReplyDelete
  5. // සිංහල - 74.1% // බෞද්ධ - 69.8% //

    උපතින් සිංහලයි බුද්ධාගමේ අයයි
    වැඩියෙන් ඇත්තෙ, වැඩ නං කීමට ලජ්ජයි
    'නමට' මොක වුණත් කිසි යහපතක් නෙවෙයි
    උතුම් මනුසතෙක් වෙමු එය බොහොම වටියි!

    ReplyDelete
    Replies
    1. කුහක ජේවීපී මිනීමරුවන්ට කොහොමත් සිංහල බෞද්ධයන්ව පෙන්නන්න බැහැනේ

      Delete
  6. ඉකොනෝ ඊළඟ පෝස්ට් එකේදී සාකච්ඡාවට මාතෘකාව විදියට මම යෝජනා කරන්නේ වාහන බදු ආදායම හිතුවටත් වඩා වැඩි උනා කියලා උදම් අනන ආණ්ඩුවට තේරුම් ගන්න බැරි දේ තමයි වාහන 95% ගෙන්නුවේ වාහන මිල වැඩි වෙන්න කලින් වාහනයක් ගනිපු අය එයාලට තමන්ගේ පරණ වාහනය විකුණලා අතින් ගානක් දාලා වාහනයක් ගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි, ඊට අමතරව සුපිරිම සල්ලි තියෙන අතලොස්සක් වාහන ගෙන්නුවා එයාලට මිල වැඩක් නෑ, හැබැයි දැන් මිනිස්සු තමන්ගේ පරණ වාහනය විකුණලා අලුතින් වාහන අරන් ඉවරයි ගොඩාක් දුරට, ලබන අවුරුද්දේ වාහන මාකට් එක අනිවාර්යෙන් මන්දගාමී වෙනවා එතකොට ඔය බදු සම්බන්ධ පුරෝකතන වලට මොකද වෙන්නේ කියලා බලමු, පුළුවන් නම් ලබන අවුරුද්දේ අගෝස්තු විතර වෙනකොට මේ පොරටෝක් දෙන ඇමතිම ගෙන්වලා මේ විදියටම ප්‍රශ්නය ඇහුවොත් එදාට ඇමති දෙන උත්තරය මොකක්ද කියලා බලාගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  7. ටිල්වින් ස්ත්‍රී දුෂකයෙක් බව නන්දන යලිත් තහවුරු කරයි.

    " චම්පික කියන විදිහට ටිල්වින් IRC කාරයෙක් විතරද " නමින් ඊයේ රටේ රාළ වෙබ් පිටුවේ පලවු පුවතට ටිල්වින් සම්බන්ධව ජවිපෙ හිටපු දේශපාලන මණ්‌ඩල සභික සහ 1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක දමා ඇති කමෙන්ටුව පහත දැක්වේ..

    තමංගෙ ගෑනිව මොරටුවෙ ලක්ෂ්මන්ගෙ ලී මඩුවෙ ඇසිඩ් බාත් එකකට දාල මරන්න සැලසුම් කරල මුල් හවුල් කාරයො අකැමැති වුනහම අත් හැරල දාන්න වුනා.ලක්ෂ්මන් පස්සේ මලා. ටිල්වින්ගෙ නෝන නතරවෙලා හිටපු තැන ලකී එක්ක ඔත්තු බලන්න ගිය එක්කෙනෙක් පදිංචි ජපානෙ.

    මූ මේ ලී මඩුවටම,අම්පාරෙ නංගි කෙනෙක්ව ( පක්ෂෙ සහෝදරියක් - දැං විවාහ වෙලා ඉන්නෙ පෙරටුගාමී ජ්‍යේෂ්ඨ ක්‍රියාකාරිකයෙක් එක්ක ) බෝලෙ බස්සල අරන් ගිහින් අතවර කරන්න හදද්දි ඒ නංගි ළතෝනි දීගෙන පාරට පැන්නා.ගම්මු මඩුව වටකරා.මුගේ හොඳ වෙලාවට ලක්ෂ්මන් ආවා.ඌ බොරුවක් කියල නංගිවත් ෂේප් කරගෙන ටිල්වියව බේරගත්තා.නැත්තං මූ ගම්මුංගෙන් ගුටිකාල මැරෙන්නෙ එදා.. !!!
    😡 මේ ගැන සැකයට සුජාතා සහෝදරී ලියාපු ලියුමක් තියෙනවා.

    😡 දිමුතු ලියාපු ලියුමකුත් තියෙනවා මුගේ " සහෝදරාත්මක " .ලිංගික බලහත්කාරය ගැන...!!!

    දිමුතු දක්ෂ සහෝදරියක්.මූ ඇයව විනාශ කලා..

    ඇය මූ නිසා සිය දිවි නසාගන්න ගියා.පස්සෙ චීනෙත් එක්ක කථාකරල භාෂා පාඨමාලාවකට යවනව කියල දිමුතුව ලංකාවෙ හංගල තිබ්බා.මුං දේශපාලන මණ්ඩලෙත් ඇන්දුවා - සෝමවංශ ටිල්වින් හවුල.
    භාෂා පාඨමාලාවට ගියැයි කිව්ව දිමුතු මාස 5 කින් විතර ආපහු ආවා.
    කොහොම හරි අන්තිමට " අංග විකල " පොරකගෙ ගෙදරට අළුත් දරුවෙක් ලැබුනා.ඇරපු අතක් නෑ ,ඒ කූනිස්සම තමයි.

    සෝමවංශ මූව ආරක්ෂා කලා.ඔය සිදුවීම් 2004 - 2005 අතර සිද්ධ වුනේ..
    ( අන්තිමට එහෙව් කරපු සෝමවංශට පක්ෂෙ දාලයන්න ගේම් ගහල,ගියහම පිස්ස කිව්වෙත් මූයි අනුරයි )

    වරෙං ටිල්වින් ස්ත්‍රී දූෂකය.. උසාවි.

    මේ කාන්තාවො ඔක්කොම උසාවි එනව උඹට එරෙහිව ...!!!...

    ■ රටේ රාළගේ සටහන.
    විල්වින් මොන යුනිට් හදලා අපිව මරන්න හැදුවත්,
    ඊට ඉස්සෙල්ලා සියල්ල හෙලිවේවී.
    ටිල්වින්ලා වර්තමාන ජවිපෙට කළ අපරාධය
    ජවිපෙ ඉතිහාසයට කළ අපරාධය
    සහ ටිල්වින් විසින් අපයෝජන කරපු සහෝදරියන් හෙට දවසේ කතා කරාවි.
    අපිට කරපු පහරදීම් එකින් එක එලියට ඒවි.
    අසුච්චි පැකට් උස්සගෙන ගෙවල්වලට ආපු ටිල්වින්ගේ අසූචිචි බලකායේ නම් එලියට ඒවි.
    හැප්පිල බලමු.

    ReplyDelete
  8. සිංහල සමාජයට ජනගහන වර්ධනයට ප්‍රශ්න දෙකක් තියෙනව.

    1. කසාදය වියදම් අධික වීම - මෙය ව්‍යාපාර විසින් නිර්මාණය කරන ලද දෙයක්. ප්‍රී ශූට්, හනිමූන් සදහා පිටරය යාම් වගේ දේවල් එක්ක වර්තමානයේ කසාදයක් කර ගන්න කියන්නේ ලේසි දෙයක් නෙමේ. අධික වියදමෙන් කසාදයක් ගත්තට පස්සෙ අවුරුදු ගානක් යනකන්ම දෙන්න ණය වෙලා, ළමයෙක් හදනව කියන්නේ ලේසි දෙයක් නෙමේ, ගෙයක් වාහනයක් අරගෙන ලමයෙක් හදන්න තව අවුරුදු ගානක් යනව. ඒ හින්දම එක්කො හදන ලමයි ගාන එක්කෙනෙක්ට සීමා කරනව. ඉස්සර මෙහෙම තත්වයක් තිබ්බෙ නෑ. නගරයේ කසාද වියදම් අධික උනත් ගමේ කසාදය බොහොම සරල එකක් උනා. දැන් මේක ගමටත් බෝ උනාම, ගම් වලත් ලමයි හදන සංඛ්‍යාව අඩු වෙලා තියනව. ලංකාවේ ඉන්න අනිත් ජාතීන් බොහොම සරල විදියට කසාද ගන්නෙ (විශේෂයෙන්ම ගම් ආශ්‍රිතව ) සමහර තැන් වල සමූහ විවාහ තියනව කෝවිල් හා පල්ලි මූලික වෙලා.
    2. තරගය - විශේෂයෙන් අසැල්වැසියන් එක්ක තරගය ගොඩක්ම බලපානව. හොද ලොකු ගෙයක්, වාහනයක්, ඉන්ටනැෂනල් යන ලමයි, ගොඩාක්ම මධ්‍යම පාන්තික සිංහල ජනතාවගේ තරගය වෙලා. ඒ හින්ද ලමයි දෙන්නෙක් තුන්දෙනෙක් හදනවට වඩා එක ලමයෙක් හදන එකට තමා ගොඩක්ම අවදානය දෙන්නෙ. හැබැයි මේ හදන ලමය ලොකු උනාම ගොඩක්ම වෙලාවට පිටරටකට මූව් වෙනව. ඉතින් තව අවුරුදු 10කින් වගේ අපිට තව ලොකු ජනගහන අවපාතයක් බලාගන්න පුලුවන් වේවි සිංහල ජාතිය තුල. අනිත් ජාතීන් වල මේ ප්‍රවනතාවය බලාගන්න තියෙන්නෙ බොහොම අඩුවෙන්.

    ඉතින් සිංහල බෞද්ධ ජනගහනය අඩුවීමට සංවිධාන හෝ විදේශ බලපෑම් වලට වඩා බලපාන්නේ මිනිස්සුන්ගේ ආකල්ප කියලයි මගේ මතය.

    - ශාඛ්ය-

    ReplyDelete
  9. ඉකොනෝ

    අලුත්ම මූල්‍ය වාර්තා අනුව 2025 වසරේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් හී සමස්ත මූල්‍ය ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස පසුබෑමකට ලක් වී ඇති බව මුදල් අමාත්‍යාංශයේ වාර්තාවෙන් හෙළි වේ.

    මෙම රාජ්‍ය ව්‍යවසායන් විසින් උපයා ඇති සමස්ත ශුද්ධ ලාභය රුපියල් බිලියන 227.8 දක්වා පහත වැටී ඇත.

    මෙය පෙර වසරේ, එනම් 2024 වසරේ පළමු අර්ධයේදී වාර්තා කරන ලද රුපියල් බිලියන 280.7 ක ලාභයට සාපේක්ෂව විශාල වෙනසක් පෙන්වයි.

    දළ වශයෙන් රුපියල් බිලියන 52.9 කින් ලාභය පහත වැටී ඇති මෙම තත්ත්වය, රටේ රාජ්‍ය අංශයේ ආදායම් උත්පාදනය සම්බන්ධයෙන් තිබූ යහපත් ප්‍රවණතාවට බාධාවක් වී ඇත.

    සමස්ත ලාභයේ මෙම සැලකිය යුතු පහත වැටීමට බලපෑ ප්‍රධානතම සාධකය වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) මූල්‍ය ක්‍රියාකාරීත්වයේ සිදු වූ තියුණු පරිවර්තනයයි.

    පෙර වසරේ සැලකිය යුතු ලාභයක් උපයා තිබූ CEB, 2025 පළමු අර්ධය වන විට විශාල පාඩුවක් කරා ගමන් කර ඇත.

    CEB පමණක් රුපියල් බිලියන -13.2 ක විශාලතම පාඩුව වාර්තා කර තිබීම, සමස්ත රාජ්‍ය ව්‍යවසාය සමූහයේ ලාභය පහත වැටීමට තීරණාත්මක බලපෑමක් එල්ල කර ඇති බව පැහැදිලිය.

    CEB ට අමතරව, තවත් රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක්ම 2025 පළමු අර්ධයේදී විශාල පාඩු වාර්තා කර තිබේ.

    විශේෂයෙන්ම, ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන -10.7 ක පාඩුවක් වාර්තා කරමින් දෙවන ස්ථානයේ සිටී.

    මීට අමතරව, ලංකා සීනි සමාගම (රු. බිලියන -2.6), ලංකා පොහොර සංස්ථාව (රු. බිලියන -1.1), සහ සිලෝන් පොහොර සමාගම (රු. බිලියන -1) වැනි ආයතන ද මිලියන ගණනක පාඩු වාර්තා කර ඇත.

    රාජ්‍ය මුද්‍රණ, ස්වාධීන රූපවාහිනී ජාලය සහ රාජ්‍ය ඖෂධ වැනි ආයතන ද පාඩු වාර්තා කර තිබීමෙන් පෙනී යන්නේ ආයතන කිහිපයක මූල්‍ය අස්ථාවරත්වය සමස්ත ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙස බලපා ඇති බවයි.

    සමස්ත ලාභය පහත වැටුණද, රාජ්‍ය අංශයේ සියලුම ව්‍යවසායන් දුර්වල ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර නොමැත.

    රාජ්‍ය බැංකු සහ අනෙකුත් ලාභ ලබන ව්‍යවසායන් වාර්තා කළ ඉහළ ලාභය මගින් CEB ඇතුළු පාඩු ලැබූ ආයතනවල බලපෑමෙන් යම් ප්‍රමාණයක් සමනය කිරීමට හැකි වී තිබේ.

    එසේම, විශාල රාජ්‍ය ව්‍යවසායයන් කිහිපයක් වැඩි දියුණු කළ ප්‍රතිඵල වාර්තා කර ඇති බව ද සඳහන් වේ.

    තවද, මෙම දුර්වල ක්‍රියාකාරීත්වය හමුවේ, රාජ්‍ය වාණිජ ව්‍යවසාය පනත් කෙටුම්පත (Public Commercial Enterprises Bill) හරහා ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබීමෙන් පෙන්නුම් කරන්නේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමට රජය උත්සාහ කරන බවයි!

    සටහන: මේ මූල්‍ය දත්තවලට වංචාව, දූෂණය, හොරකම රුපියල්වලින් ප්‍රකාශ කරන්න පුළුවන්නම් ඉතා හොදයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: