වෙබ් ලිපිනය:

Saturday, November 9, 2019

ෆෙඩරල් රෙජිස්ට්‍රියේ මෙවරත් ගෝඨාභයගේ නම නැහැ!


සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ වසරේ තෙවන කාර්තුව තුළ ඇමරිකන් පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය අත් හළ බවට වාර්තා වී ඇති 183 දෙනෙකුගේ නම් ඇතුළත් ෆෙඩරල් රෙජිස්ට්‍රිය ලබන අඟහරුවාදා (නොවැම්බර් 12) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු  ලැබීමට නියමිතයි. අදාළ නම් ලැයිස්තුව මහජන විමර්ශනය සඳහා මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙවර නම් ලැයිස්තුවටද ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නැහැ. මෙසේ ප්‍රකාශයට පත් කෙරෙන්නේ ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයට පෙර නිකුත් කෙරෙන අවසන් ෆෙඩරල් රෙජිස්ට්‍රියයි. අදාළ නම් ලැයිස්තුව පහත තිබෙනවා.

https://s3.amazonaws.com/public-inspection.federalregister.gov/2019-24474.pdf

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධව ඇමරිකානු රජය විසින් මේ වන තුරු කිසිදු නිල ප්‍රකාශයක් කර නැති නිසා මේ කරුණ හා අදාළව කිසියම් අවිනිශ්චිතතාවයක් තිබෙනවා.

මේ අවිනිශ්චිතතාවය දුරු කරන සේ ඉල්ලමින් ඇමරිකාවේ නිව් ජර්සි හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන අනුර රූපසිංහ නම් අයෙකු නිව් යෝර්ක්හි දකුණු දිස්ත්‍රික් අධිකරණයේ ඊ‌යේ (08) නඩුවක් පවරා ඇති බව ලංකාඊනිවුස් වාර්තා කර තිබෙනවා.


15 comments:

  1. ගෝඨාභය ජන්දෙන් දිනුවොත් ඔහුගේ පුරවැසිබව ප්‍රශ්න කරන කෙනෙක් නැහැ. කවුරුහරි නඩුවක් දැම්මත් ඕකට වංගු දදා ඉදි ජනාධිපතිධුරය අවසන් වෙන තෙක්. ඒත් ගෝඨාභය පැරදුනොත් මොකද වෙන්නේ? ඔහු රට යයිද ආයේ?

    ReplyDelete
  2. දිවංගත බණ්ඩාරනායක
    පුංචි ඔගාවා, පුංචි ඔගාවා
    නියම නම
    පුංචි ඔගාවා


    ආ ඌරූ පැටව්. තොපි කුකුළු මස්සෙක්ක බත් කෑවද? හරක් මස් එක්ක බත් කෑවද? උබලා බත් පාන් කෑවද? බැල්ලි වරෙන් එලියට. පුංචි ඔගාවා.බැල්ලි තෝ. හරක් මස්සෙක්ක බත් කමු.

    ReplyDelete
  3. බුදුහාමුදුරුවෝ සිඟාලෝවාද සූත්‍රයේ කියලා තියෙනවා දෙමාපියන්ගෙන් දරුවන්ට වියයුතු යුතුකම් ගැන
    හැබැයි දරුවන්ගේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ගේ දරුවන්ට වියයුතු යුතුකමක් ගැන ඒකේ නෑ.
    ඒකෙන් අදහස් වෙන්නේ දරුවන් ගැනත් හිතන්න ඔ්නේ සිමාවකට යටත්ව බවයි.

    සිංහල චන්ද දායකයන්ගේ යුතුකම වන්නේ ඝෝඨාභයට චන්දය දැමීමමයි. හැබැයි ඒ ඝෝටා හොඳ නිසා නෙමෙයි. එයාගේ රටවැසිකම්ගැන එයාට විරුද්ධ කණ්ඩායම් බලාගනී. අපි අපේ යුතුකම කෙරුවාම ඇති. වැඩිය හිතන්න අවශ්‍ය නෑ.

    කොහොමත් ද්විත්ව රටවැසියන්ට දේශපාලනය තහනම්කලේ ඝෝඨා වෙනුවෙන්මයි. ඒකේ වෙන කිසිම අර්ථයක් නෑ.
    ජාතිකවාදියෙක් හැටියට කියන්න තියෙන්නේ. බහු රටවැසිකම් අවලංගු කලයුතු බවයි.
    ඊනියා කළු ජූලිය පිට දාලා රට පැන්න දෙමළුන්ට පොඩි වන්දියක් ගෙන ලංකා රටවැසිකම අතහැරීම හෝ
    නැතිනම් පිටරටදී හම්බකල මුදල්ද රැගෙන ලංකාවට ඒමට කීම සහ එසේ එන අයට බදු සහන දීමයි.
    බහුපුරවැසින්ගෙන් එක රටකටවත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. අන්තෝ ජටා - භහි ජටා

      Delete
    2. හැමදේටම චන්ද දායකයන් ගැලපීම කසිකබල් මාක්ස්වාදී ක්‍රීයාවක්.
      (ant ho niyo boru katha)

      Delete
    3. https://www.halseynews.com/2017/05/01/social-balkanization-globalismmulticulturalism-will-tear-fabric-western-society/

      Some things truly lose their soul when they become a business.

      This can apply to anything of course. Countries are no different; if a country becomes a slave to the progress of its own economy it’s becoming a business. Don’t get me wrong, obviously I still think the economy is incredibly important (I’d be mad to think otherwise), but that’s no reason to make it the only thing that matters, while selling a nations virtues, principle and culture down the river.

      හැමදේම ආර්ථික සාධක ඔස්සේ මැනීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්. ෴ නෙළුම් සිල්වා

      Delete
  4. නම නැතිනම් රෙජිස්ටරේ
    මොනවද ඉන් කියවෙන්නේ
    නොතේරෙන ලෙසට කිසිවක්
    ඇතිවද එහි සිහළුන්නේ

    මෝඩකමට බෙහෙත් නැතිලු
    ගෝටාභය වහලුන්ගේ

    ReplyDelete
  5. පුක දුන්න ඇති බන්. නවත්තපන්කෝ මේක

    ReplyDelete
  6. ලංකාවේදී මෙවර 2019/20 ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම මෙම කාර්තුවේ දී නිකුත් කරන ලද ඇමරිකානු ‘ෆෙඩරල් රෙජිස්ටර්’ වෙබ්ජාලා අඩවියේ නම ඇතුළත් කර නැති බවත් එය මහත් අතිශයෝක්තියට නගමින් බයිලා කියමින් ඒ හේතුවෙන් ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිකම මෙතෙක් ඉවත් කර නැති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී නිල අන්තර්ජාල මාධ්‍ය සහ ඉකොනොමැට්ටා වැනි කැපුවත් කොළ එක්සත් ජාතික පක්ෂයේ සබ්-කන්ට්රැක්ට් කරන නිල බ්ලොග් අඩවි මහත් හාස්‍යජනක ලෙස පාඨකයන් හිනස්සති.

    මේ සම්බන්ධයෙන් කලකට පෙරද මේ පිරිසම මේවගේ පිස්සු කෙලිය විට ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු ගෙන් ලංකාවේ මාධ්‍ය කල විමසීමකදී ඔහු පැහැදිලි ලෙස ප්‍රකාශ කලේ කිසියම් පුද්ගලයෙකු ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සිදු කරන්නේ කරන්නේ එම තැනැත්තා පුරවැසි භාවය දරන රටේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් පමණක් බවයි.

    ඇමරිකන් ෆෙඩරල් රෙජිස්ටර් ජාලා අඩවියේ එසේ ඉවත් කල නම ඇතුළත් වීමට ඇතැම් විට වසරක් නැතිනම් වසර දෙකක් හෝ ඊට වඩා අධික කාලයක් පවා ප්‍රමාද විය හැකි බවද ඔහු සඳහන් කළේ රටම හිනා ගස්සමින්.

    තවදුරටත් අදහස් දක්වමින් වඩාත් ප්‍රායෝගිකව ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී කිසියම් පුද්ගලයකු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තේ නම් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශ කිසිවක් සිදු කිරීමට අවශ්‍යතාවක් පැන නොනගින බවත් තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද ලිපිය පමණක් නිල ලියවිල්ල ලෙස සෑහෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

    ඒ දවස්වලම දීර්ඝ කාලයක් ඇමරිකාවේ වාසය කළ ලංකාවේ එජාපයේ ඇමතිවරයෙකු ලෙසත් කලින් කටයුතු කරන ලද මිලින්ද මොරගොඩ නමැත්තාද මේ බව සහතික කරමින් සඳහන් කරන්නේත් තම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීම ෆෙඩරල් රෙජිස්ටර් ලැයිස්තුව පැමිණියේ වසරකට වඩා වැඩි කාලයක් ප්‍රමාද වීමෙන් පසුව බවයි. ඉතින් ඉකොනොමැට්ටා ඔබ මේ කරන්න හදන්නේ ප්‍රහසන බ්ලොගයක් ද මන්දා?

    ReplyDelete
  7. Got a is really murderer.he is the person ordered to fire the people who demanded pure water.This is only one incident in the world.In 2012 he ordered STF to invade Welikada prison to kill 27 person so we must not vote as he is furious killer.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඉයන්

      ඇයි හත් ඉලව්වේ 2015 ඉඳලම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක්නෙ. මේ අවුරුදු හතර හමාරේ මුන්දල පොල්ගැවද ? දැන් කතා කරන්නේ විරුද්ධ පක්ෂනායක වගේනෙ? අම්මප හබැට තමුන්නහෙට තමන්ගේ ආණ්ඩුවක් තියාගෙන නොකරපු දේවල්
      ගැන කතා කරන්න ලැජ්ජ නැද්ද? ඉතින් ඔය කෙහෙල්මල් මිනීමරු රාජපක්ෂ කල්ලියේ සෙට් එකට දඬුවම් නොකර පොල් ගෑවේ?

      එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඔය වගේ 2.50 හාල් කෑලි ජනපති උනාම දෙනව කියන සුරඟන කතා පිළිගන්න ලංකාවේ මිනිස්සු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් වගේම මෝඩ මීහරක් කියලද හිතන්නේ ඉයන්?

      Delete
  8. වියත් මගෙන් අරඹා
    වසන්ත සේනානායක
    කරේ තියාගන යන
    ගෝටගේ
    දේශපාලන ගමන් මග
    හෙට දවසේ
    කොතැනටද?

    ReplyDelete
  9. ලොක්කන් කොහොමත් නීතිය නවන එකනේ කරන්නේ අපේ රටේ නම්! අතීතයටත් ගැළපෙන විදිහට නීති වෙනස් කළේ!

    ReplyDelete
  10. නඩුවලට
    යන්න බය උනාට
    චන්දයට යමි
    යාපනයට

    මොනව උනත් යකෝ
    හදනවා මම
    නීති ගරුක රටක්!

    ReplyDelete
  11. අපේ පුංචි මාමා දවසක් මට කතාවක් කිව්වා.ස්ටාලින්ට පඩයක් ගියහම මෙහෙ ඉන්න සමසමාජ කාරයෝ කියනවා අන්න අපේ නායකයගේ සුවඳ ආඝ්‍රාහණය කරපල්ලා කියලා.එහෙම කියලා මාමා හයියෙන් හිනා උනා.මමත් හිනා උනා.ඒත් ඒ කතාවේ නියම අර්ථය මට දැනුනේ අවුරුදු තිහක් විතර ගියාට පස්සෙ.සජිත්ට වාතයක් ගිහාම යූ එන් පී පාක්ෂිකයෝ කියනවා අන්න අපේ නායකයගේ සුවඳ ආඝ්‍රාහණය කරපල්ලා කියලා.සජිත් විරෝධින් කියනවා අන්න අරූ පැහැරුවා ගදේ බෑ කියලා.ගෝඨාභයට වාතයක් ගිහාම ගෝඨාභය පාක්ෂිකයෝ කියනවා අන්න අපේ නායකයගේ සුවඳ ආඝ්‍රාහණය කරපල්ලා කියලා.ගෝඨාභය විරෝධින් කියනවා අන්න අරූ පැහැරුවා ගඳේ බෑ කියලා.අනුර කුමාරට වාතයක් ගියත් සම්බන්දන්ට වාතයක් ගියත් මේ කතාව වෙනස් වෙන්නේ නෑ.දේශපාලන වහල් මානසිකත්වයෙන් මිඳිලා, විචාර බුද්ධියෙන් බැලීමට අප පුරුදු උන දාට මේ රව ගොඩනගන්න පුළුවන් වෙයි.එහෙම නැතුව කිසිම දවසක මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ නෑ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: