වෙබ් ලිපිනය:

Friday, March 3, 2023

ලෝක බැංකුවේ සල්ලි, ඩොලරය හා පොලී අනුපාතික


අද වන විට වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල රුපියල් 332 පමණ දක්වාත්, විකිණුම් මිල රුපියල් 346 දක්වාත් අඩු වෙලා. මහ බැංකුව විසින් කිසියම් සැලසුමකට අනුව ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලස්වා ඇති බව පැහැදිලියි. 

අන්තර් බැංකු වෙළඳපොළේ මැදි මිල, එහෙමත් නැත්නම් මහ බැංකුවේ මාර්ගෝපදේශන මිල රුපියල් 346.17ක්. මේ වන විට මහ බැංකුව විසින් දිනක් ඇතුළත ඉහත මිල පහත යා හැකි උපරිම සීමාව රුපියල් 7.50 සිට රුපියල් 10 දක්වා වැඩි කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මෙම මාර්ගෝපදේශන මිල වෙනස් වූ ආකාරය දෙස බැලූ විට මහ බැංකුව විසින් ක්‍රමිකව විණිමය අනුපාතය පහත වැටෙන්නට සලස්වා ඇති ආකාරය ඉතා පැහැදිලි ලෙස දැක ගත හැකියි.

මාර්තු 2 මැදි මිල - රුපියල් 353.65

මාර්තු 1 මැදි මිල - රුපියල් 358.46

මැදි මිල පහළ යාම - රුපියල් 4.81

පහළ යා හැකි වූ උපරිම සීමාව - රුපියල් 5.00


මාර්තු 3 මැදි මිල - රුපියල් 346.17

මාර්තු 2 මැදි මිල - රුපියල් 353.65

මැදි මිල පහළ යාම - රුපියල් 7.48

පහළ යා හැකි වූ උපරිම සීමාව - රුපියල් 7.50


මේ අනුව, වාණිජ බැංකු විසින් මහ බැංකුවේ සංඥාව නිවැරදිව ග්‍රහණය කරගෙන ඇති බව පැහැදිලියි. ඒ වගේම, රුපියල් 7.50 සීමාව නොවන්නට මිල තවත් පහත වැටිය හැකිව තිබුණු බවද පැහැදිලියි. ඩොලරයක මිල පහත යා හැකි උපරිම සීමාව රුපියල් 10 දක්වා වැඩි කර ඇති තත්ත්වයක් තුළ, ලබන සතිය ආරම්භයේදී අන්තර්බැංකු වෙළඳපොළෙහි ඩොලරයක මැදි මිල රුපියල් 336.17 දක්වා පහත වැටීමට මහ බැංකුව විසින් අවකාශ සලසා තිබෙනවා. 

ලංකාව ඇතුළේ තත්ත්වය දෙස බැලුවොත්, මෙතෙක් සිදු වූ පරිදිම, මහ බැංකුව විසින් ඩොලරයක මිල මාර්ගෝපදේශනය කෙරෙමින් පවතිනවා. එහෙත්, පුළුල් චිත්‍රය දෙස බැලුවොත්, මේ හැම දෙයක්ම ලංකාවට පිටින් තීරණය කෙරෙන බවක්ද නිරීක්ෂණය කළ හැකියි.

ලෝක බැංකුවේ ණය දෙන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සමාගම විසින් ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු තුනකට ලබා දුන් ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම පිළිබඳව පසුගිය සටහනේ කතා කළේ නැහැ. බැංකු පද්ධතිය තුළ සිදුවන හැම දෙයක් පසුපසම මෙම ඩොලර් මිලියන 400හි බලපෑම තිබෙනවා. 

ඉහත පහසුකම ගැන කතා කිරීම ප්‍රමාද කළේ ඒ ගැන කතා කරන්නට පෙර ලෝක දේශපාලනය ගැනත්, කල් දැමුවේත් නැති, කල් දමන්නට තිබුණේත් නැති, පළාත් පාලන මැතිවරණ ඇතුළු ලංකාවේ දේශපාලනය ගැනත් කතා කළ යුතු වූ නිසයි. තිත් ගැලපූ පසු මේ සියල්ලේම සම්බන්ධයක් පෙනෙන නිසා දේශපාලනය මග හැර ඉහත ඩොලර් මිලියන 400 ගැන කතා කළ හැකි ආකාරයක් හිතාගත හැකි වූයේ නැහැ. තහනම් වචනය හැකි තරමින් මග හැර මාතෘකාව තුළම කතා කරන ආකාරය හිතාගන්නට පොඩ්ඩක් කාල වේලා අවශ්‍ය වුනා. 

ලංකාවේ දේශපාලනය සමඟ මේ කතාව සම්බන්ධ වන ආකාරය ගැන හිතා ගැනීම පාඨකයින්ට ඉතිරි කර ලෝක දේශපාලනයෙන් පටන් ගත්තොත්, මේ වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලබා දී ලංකාවේ ආර්ථිකය ස්ථායී කිරීමට බටහිර රටවලට සහ ඉන්දියාවට අවශ්‍ය වී තිබුණා. ඔවුන් ඔවුන්ගේ පැත්තෙන් ඒ සඳහා කළ යුතු දේවල් කළා. ලංකාවේ පැත්තෙන් මහ බැංකුව හා රජය විසින්ද කළ යුතු මූලික දේවල් කළා. එහෙත්, චීනයේ සහයෝගය නොමැතිකම නිසා අපේක්ෂිත පරිදි අරමුදලේ සහයෝගය ලංකාවට තවමත් ලැබී නැහැ. 

අරමුදලේ පළමු වාරිකය ලැබුනේනම් ලංකාවට හිමිවන්නේ ඩොලර් මිලියන 790ක පමණ මුදලක් පමණයි. එම මුදලෙන් ලංකාවේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙත්, මෙම මුදල ලැබුණු පසු ලංකාවට නැවත විදේශ මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශ වී අරමුදල් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ හරහා, ආර්ථිකයේ විදේශ අංශය ස්ථායී කර ගත හැකිව තිබුණා. වාරිකය ප්‍රමාද වූ නිසා මේ වැඩේ සිදු වුනේ නැහැ. 

ලෝක බැංකුව විසින් ලංකාවේ පෞද්ගලික වාණිජ බැංකු තුනකට (සම්පත්, කොමර්ෂල් හා නේෂන්ස් ට්‍රස්ට්) ඉහත පහසුකම ලබා දී තිබෙන්නේ මෙවැනි පසුබිමකයි. එක පැත්තකින් මෙසේ ලබා දී තිබෙන පහසුකම සැලකිය යුතු මුදලක්. මෙම මුදල අරමුදලේ පළමු වාරිකය ලෙස ලැබිය හැකිව තිබුණු මුදලෙන් අඩකට පමණ සමානයි. අනෙක් පැත්තෙන් මේ මුදල් ලැබී තිබෙන්නේ මහ බැංකුවට හෝ රජයට නොව සෘජු ලෙසම පෞද්ගලික වාණිජ බැංකු තුනකටයි. (මේ අරමුදල් රාජ්‍ය බැංකු වලට ලබා නොදුන්නේ ඇයි කියන එක පසුපස තවත් දේවල් තිබෙනවා.)

අරමුදලේ වාරිකය ලැබුණානම් ලැබෙන්නේ මහ බැංකුවට මිස වාණිජ බැංකු වලට නෙමෙයි. එම අරමුදල් වාණිජ බැංකු වෙත නිදහස් වන්නේ මහ බැංකුව විසින් විදේශ විණිමය විකිණීම හරහා පමණයි. මේ වෙලාවේ මහ බැංකුවට ඩොලර් මිලියන 790ක් ලැබුණානම් මහ බැංකුව විසින් එම මුදලින් ඩොලර් මිලියන 400ක් වහාම වාණිජ බැංකු වෙත නිකුත් කරන්නේ නැහැ. ඒ නිසා, විණිමය අනුපාතය කෙරෙහි මේ ඩොලර් මිලියන 400 පහසුකමේ බලපෑම වඩා විශාලයි කියා කියන්න පුළුවන්. 

ඉහත ඩොලර් මිලියන 400 පහසුකම ලැබෙන්නේ වසරක කාලයක් සඳහායි. එම මුදල ආනයන සඳහාත්, ආනයනකරුවන්ගේ පරණ ණය ආපසු ගෙවීම සඳහාත් යොදා ගත හැකියි. පරණ ණය ආපසු ගෙවීමෙන් පසුව ආනයනකරුවන්ට නැවතත් සැපයුම්කරුවන්ගෙන් පෙර මෙන් ණය පහසුකම් ලබාගත හැකියි. එමෙන්ම, ඉහත පෞද්ගලික බැංකු වලට මෙම පහසුකමට අමතරව ලෝක බැංකුවේ (ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ) හවුල්කාර ජාත්‍යන්තර බැංකු වලින් අඩු පොලී ණය ලබා ගැනීමේ අවස්ථාවද මේ සමඟ හිමි වෙනවා. එය පැවති තත්ත්වයට සාපේක්ෂව විශාල වෙනසක්. ඒ වගේම, ඉහත හේතු නිසා මේ ඩොලර් මිලියන 400හි බලපෑම එම මුදලට වඩා වැඩියි.

මේ තත්ත්වයත් එක්ක ඉහත වාණිජ බැංකු තුනට ආනයනකරුවන්ට නැවතත් "අත දිගහැර" ඩොලර් විකිණිය හැකි වන නිසා රටට එන ඩොලර් ප්‍රමාණයෙන් කොටසක් ලබා ගැනීමට අනෙක් වාණිජ බැංකු සමඟ පෙර මෙන් තරඟ කරන්නට අවශ්‍ය නැහැ. ඒ නිසාම, අනෙක් වාණිජ බැංකු වලට වැඩියෙන් ඩොලර් මිල දී ගැනීමට අවස්ථාව ලැබෙනවා. සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම ඉක්මවා සැපයුම ඉහළ යනවා. කෙසේ වුවත්, මේ සියල්ල සිදු වන්නේ කෙටිකාලීනවයි.

හරියටම ඉහත ගිවිසුම අත්සන් කළ පෙබරවාරි 27 දිනම මහ බැංකුව විසින් කාලයක් තිස්සේ බැංකු මත පනවා තිබුණු ඩොලර් ලැබීම් වලින් 25%ක් අනිවාර්යයෙන් මහ බැංකුවට විකිණිය යුතු බවට වූ අවශ්‍යතාවය 15% දක්වා ලිහිල් කරනවා. එසේ කරන අතර ඩොලරයක මිල විචලනය විය හැකි සීමාවද පුළුල් කරනවා. මෙය සැලසුම්සහගත ලෙස සිදු කළ දෙයක් බව පැහැදිලියි. එමෙන්ම එසේ කිරීමේ ඉලක්කය ඩොලරයක මිල පහත දමා ගැනීම බවද පැහැදිලියි. මේ කොටස පෙර ලිපියේ විස්තර කර තිබෙන නිසා නැවත විස්තර කරන්නේ නැහැ.

ඉහත 25% සීමාව 15% දක්වා අඩු කිරීම නිසා මසකට බැංකු පද්ධතිය තුළ ඩොලර් මිලියන 100කට ආසන්න ඉතිරියක් සිදු වෙනවා. එම මුදල මහ බැංකුව විසින් මිල දී නොගතහොත් අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ඩොලරයක මිල පහත වැටීමයි. මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් මිල දී ගන්නවා විය යුතුයි. එහෙත් ඩොලරයක මිල පහත වැටීමට බාධා වන තරමට ඩොලර් මිල දී ගන්නා බවක් පෙනෙන්නට නැහැ. 

මෙතෙක් පැහැදිලි කළේ ලංකාව මේ වන විට වැටී සිටින තත්ත්වයට සාපේක්ෂව, හරියටම කියනවානම් රටේ ඉතිරිව තිබෙන නිල සංචිත ප්‍රමාණයට සාපේක්ෂව, ඩොලර් මිලියන 400ක් කියන්නේ මහමෙරක් බවයි. නමුත්, අනෙක් පැත්තෙන්, ලංකාවේ ණය කන්ද මෙන්ම ආනයන ඉල්ලුම හා සැසඳූ විට මේ මුදල සොච්චමක්. දැන් අපි ඒ පැත්ත දෙසත් බලමු. 

ගෙවුණු 2023 ජනවාරි මාසයේදී ලංකාව ආනයන වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1,388ක්. පෙර වසරේ (2022) ජනවාරි මාසයේදී මෙම වියදම ඩොලර් මිලියන 1,959ක්. වෙනස ඩොලර් මිලියන 571ක්. ඒ කියන්නේ, 2022 මට්ටමෙන් ආනයන සිදු වන තත්ත්වයක් යටතේ ඩොලර් මිලියන 400ක් කියන්නේ මාසයකටවත් ප්‍රමාණවත් නොවන මුදලක්. පවතින තත්ත්වය තාවකාලික සහනයක් පමණක් බව තේරුම් ගන්නට මෙම කරුණ වුවද ප්‍රමාණවත්යැයි මා සිතනවා. 2022 ජනවාරි මාසය වන විටද වාහන ආදිය ආනයනය නොකළ බවද අමතක කළ යුතු නැහැ. 

පසුගිය ජනවාරියට සාපේක්ෂව ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා ආනයන ඉල්ලුම පෙර පැවති මට්ටමටම නොපැමිණිය හැකි වුවත්, ඩොලරයක මිල ඕනෑවට වඩා පහළ ගියොත් නැවතත් ආනයන ඉල්ලුම ප්‍රශ්නයක් විය හැකියි. කොහොම වුනත්, මධ්‍යම පංතියට ලොකු ප්‍රශ්නයක් වී ඇති ඇපල්, මිදි, චීස්, සුවඳ විලවුන් නැවතත් රටට එයි. එහෙත්, ඉතා ඉක්මණින් වාහන ගෙන්වන්න ලැබෙයි කියානම් හිතන්න අමාරුයි. 

ආනයනකරුවන්ගේ පැත්තෙන් බැලුවොත් ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙමින් තිබෙන මේ වගේ වෙලාවක ඔවුන් ආනයන සඳහා ඩොලර් මිල දී ගන්න හදිසි වෙන එකක් නැහැ. ඒ නිසා, ඉතාම කෙටිකාලීනවනම් සිදු වන්නේ ආනයන ඉල්ලුම අඩු වීමයි. මේ තත්ත්වය වෙනස් වනු ඇත්තේ නැවතත් ඩොලරයක මිල යම් මට්ටමක ස්ථාවර වීමෙන් පසුවයි. අනෙක් පැත්තෙන් අපනයනකරුවන් විසින් රටෙන් පිටත රඳවාගෙන සිටින ඩොලර් මෙන්ම මුදල් හුවමාරුකරුවන් වැනි අය රඳවාගෙන සිටින ඩොලර් නෝට්ටු පවා මේ වෙලාවේ බැංකු පද්ධතිය වෙත පැමිණීම අනිවාර්යයන්ම සිදු වන දෙයක්. ඒ නිසා, කෙටිකාලීනව සිදුවන්නේ බැංකු පද්ධතිය තුළ ඩොලර් ද්‍රවශීලතාවය විශාල ලෙස ඉහළ යාමයි.

ඩොලරයක මිල පහත වැටීම පාලනය කිරීමට මහ බැංකුවට වෙළදපොලෙන් ඩොලර් මිල දී ගන්නට සිදු වෙනවා. එහෙත්, ඒ සමඟම රුපියල් නිකුත් වීමක්ද සිදු වෙනවා. එම රුපියල් නැවත අවශෝෂණය කර ගැනීමටනම් මහ බැංකුවට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණන්නට සිදු වෙනවා. එහෙත්, එසේ කිරීමේදී පොලී අනුපාතික ඉහළ යනවා.

සල්ලි අච්චු ගැසීමක් සිදුවන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේදී පමණක් නෙමෙයි. මහ බැංකුව විසින් සංචිත ඉහළ දමා ගැනීම සඳහා වෙළඳපොලෙන් ඩොලර් මිල දී ගනිද්දීත් සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. පසුගිය ජනවාරි මාසය තුළ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන නැතත්, ඩොලර් මිල දී ගැනීම නිසා සංචිත මුදල් ඉහළ ගොස් තිබෙනවා. මොන හේතුව නිසා සිදු වුනත් සංචිත මුදල් වැඩිවීම ප්‍රශ්නයක්. එහෙත්, විදෙස් සංචිත ඉහළ දමා ගැනීමද කළ යුතුම දෙයක්. පොලී අනුපාතික ඉහළ යන්නට නොදී මේ දෙකම එකවර කරන්නත් බැහැ. මෙය ඉතාම අභියෝගාත්මක තත්ත්වයක්.

මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. මෙවර මුදල් ප්‍රතිපත්තිය තීරණය කර තිබෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනුයි. ඒ බව මහ බැංකුව කෙළින්ම වගේ කියා තිබෙනවා. කොහොමටත් මහ බැංකුව මේ වන විට පත් වී සිටින තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි කටයුතු කරනවා මිස වෙන කළ හැකි දෙයකුත් නැහැ. පොලී අනුපාතික තවත් වැඩි වෙන්නට ඉඩ නොදෙමින්, උද්ධමනයද පාලනය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස මහ බැංකුව විසින් ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලසා තිබෙනවා විය හැකියි. 

19 comments:

  1. මොකා මක්ක කරල හරි කමක් නෑ පොඩි සහනයක් එනවානම්.. අම්මප..

    ReplyDelete
    Replies
    1. බම්බුව මේකත් වත්මන් ජනපති රනිල් සහ මංගල ඇතුළු පිරිස අර 2015 ෆෝක්ස්වාගෙන් ෆැක්ටරි, තව ඩොලර් බිලියන හෝ ට්‍රිලියන දහ අටක් හොරකම් කරපු හොරු අල්ලන නාඩගම් ඇතුලු දහසකුත් එකක් ප්‍රෝඩාවල් වගේ තවත් එක විගඩමක්. අප්රේල් මාසේ අනිවාර්යෙන්ම රුපියල නැවතත් සුපුරුදු පරිදි අවප්‍රමාණ කිරීමට සිදු වෙනවා, මේ ඉකොනොමැට්ටා කියන හාදයා කලින් පෝස්ට් එකේ කෙබර ගොඩක් අතඈරියාම මොකෙක්ද එක යෝදයෙක් කමෙන්ට් එකක් දාලා මේ ඩොලර් මිලියන තුන්සීයේ කතන්දරේ කිව්වා එතකොට මූ දැන් ආයේ වෙන ඒකත් දාලා තවත් රට බයිලාවක් ගහනවා බොහෝ වෙලාවට මේ ලියන ඒවට එක්සත් ජනපදයේ විදේශ කැම්පේන් වලට ගෙවීමට ඇති අරමුදල් වලින් මේ ලියන බයිලා වලට සහ ජන මනස වෙනස් කර අවශ්‍ය පරිදි දේශපාලනික ගේම් වලට ජනයා මුලා කිරීමට මොවුන්ට ගෙවීම් ලැබෙන බව හිතන්න පුළුවන් ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන්.

      ආයෝජන හෝ ලංකාවට මුදල් එවනවා නම් කලබල වෙන්න එපා තව මාසයක් විතර ඉවසන්න මොකද හරිම කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා දැන්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. /AnonymousMarch 3, 2023 at 12:19 PM// ස්තුතියි මට දීපු උපදෙසට.. කවුරුහරි ආයෝජන හෝ ලංකාවට මුදල් එවනව නම් මටත් කීයක් හරි එව්වට කමක් නෑ. මොකද මම ලංකාවෙම ඉඳගෙන මේ හැම අවනඩුවක්ම විඳගෙන ඉන්න එකෙක්.. ඉකොනොව මම ඔහු ලියන්න ගත්ත මුල්ම කාලේ ඉඳලා කියවනවා.. ඉකොනොව පුද්ගලිකව දැකලා කතා කරලා තියෙන බ්ලොග් පාඨකයෝ අතළොස්සෙන් කෙනෙක් මම.. ඔහුට සල්ලි ලැබෙනවද විනෝදෙට ආසාවට ලියනවද මම දන්නේ නෑ. (මම විශ්වාස කරන්නේ දෙවෙනි එක) මොනව උනත් ඔහු වත්මන් ආර්ථික තත්වය ගැන කරන විග්‍රහ වලට මම කැමතියි. උනා නැතා බලාපොරොත්තුවක් හරි තියාගෙන ඉන්න එක හොඅදයිනේ.

      Delete
    4. අයියලා මම සමරිසි කොල්ලෙක්.

      Delete
  2. නමුත් ඉකොනොමැට්ටා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ ගැන කියන්නේ වෙන කතාවක් නේද? මේ බලන්න මේකෙන්

    https://youtu.be/UhKwqmbolRI

    මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මේ වීඩියෝ එකේ සාකච්ඡාවේ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් නන්දලාල් කියන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය එකවර විශාල පහත වැටීමක් ශ‍්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වී වැළැක් වූ බව, ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකුවලට ඉතාමත් ක්ෂණිකව දවස් පහක් තුළ පැමිණි මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 308 ක ප්‍රමාණයක් ලංකාවේ මහ බැංකුව මැදිහත් වී මිලදී ගත් නිසා එම විශාල මුල්‍ය ඝට්ටනය නවතා ගැනීමට හැකි වු බවත් එසේ නොවූයේ නම් ලංකාවේ ඩොලරය පහළ යාම කොහෙන් නතර වේ දැයි සිතාගත නොහැකි බවත්, දැන් මෙතන කවුද දන්නේ නෑ නේ ඇත්ත කියන්නේ?

    හැබැයි නන්දලාල් කියන විනිමය අනුපාත විශාල වශයෙන් එකවර ඉහළ පහළ යාම ඕනෑම ආර්ථිකයට නුසුදුසු දෙයක් බව නම් ඇත්ත තමයි ඒත් මේ මොනවා ද මේ කරන්නේ කියල නම් කාටවත් විස්වාස කරන්න අමාරුයි කොළේ වහලා ගහන ගේමක් වගේ නේද පේන්නේ එහෙම නේද?

    //ඉහත 25% සීමාව 15% දක්වා අඩු කිරීම නිසා මසකට බැංකු පද්ධතිය තුළ ඩොලර් මිලියන 100කට ආසන්න ඉතිරියක් සිදු වෙනවා. එම මුදල මහ බැංකුව විසින් මිල දී නොගතහොත් අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ඩොලරයක මිල පහත වැටීමයි. මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් මිල දී ගන්නවා විය යුතුයි. එහෙත් ඩොලරයක මිල පහත වැටීමට බාධා වන තරමට ඩොලර් මිල දී ගන්නා බවක් පෙනෙන්නට නැහැ. //

    නන්දලාල් බැංකු නන්දේ ගෝතයා කියන කතාව ඇත්තක් නම් ඉකොනොමැට්ටා මේකේ කියන කතාව කෙබරයක් හාරසීයකින් තුන්සිය අටක් අරන් දැඩි ලෙස ඩොලරයට සාපේක්ෂව රුපියල පහළ අගයක් ලෙස තියාගෙන ඉන්නවා කියලා නන්දේ කෙබරයක් ගහනවා ඉකොනොමැට්ටා මෙතන කොළේ වහලා වෙන කෙබරයක් අතාරිනවා දැන් අපි මේ පරස්පර කෙබර දෙකෙන් මොන කෙබරයටද රැවටෙන්න ඕනේ?

    ReplyDelete
  3. ලංකාවේ ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 2023 මාර්තු තුන් වෙනිදා පැවති රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.50 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16.50 දක්වාත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර සැප්තැම්බර් මාසයේ ඇති කරගත් එකඟතාව මත ලකුණු 100 කින් ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගින් ලංකාවේ මහ බැංකුව ප්‍රමුඛ රජයට බල කරමින් ඉදිරිපත් කළ කොන්දේසි වලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණය ගැනීමට අකමැත්තෙන් වුවත් සිදුවුණ බවත් ඉන් වෙළඳපොළ පොලී අනුපාත වැඩි වීමක් සිදු වීමට ඉඩ ඇති බවත් ලංකාවේ ආර්ථිකය ගැන මත පළ කරන ආර්ථික විශ්ලේෂකයන් බොහෝ දෙනෙක් පවසති.

    ReplyDelete
  4. ඉකොනො ලංකාවේ ජනතාව බලාපොරොත්තුවන්නේ පහුගිය කාලෙ ගෝටගෝහෝම් ටයිප් එකේ අරගලයක් වැනි එම පන්නයේම ගාමක බලවේගයකින් තම දරිද්‍රතාවයට ආමන්ත්‍රණය කරන එක රැයින් හෝ ඉතාම කෙටි කලෙකින් ක්ෂණිකව දිළින්දන් ධනවතුන් කළ හැකි හොඳම ආකාරයේ operation එකක්. එනම් යම් ඉලක්කයක් අර්ථ දක්වා නොනවතින රැල්ලකින් එය සාක්ෂාත් කරගැනීමයි. මෙම operations කිහිපයක් තිබිය හැක. මට පෙනෙන pathways දෙකක් ඇත. මීට වඩා හොඳ මාර්ග පිළිබඳව ඔබත් සිතා පැහැදිලි කළයුතුයි.

    මෙන්න මේ වගේ දේවල්...

    - මුළු රටේම ජනතාව (අඩුම ගණනේ බහුතරයක්) සංවිධානාත්මකව සේවා බිල් නොගෙවා සිටීම (විදුලි බිල ජල විදුලි වරිපනම් බදු ආදිය)

    - ණය ලබා ගෙන ඇති සියලුම දෙනා බැංකු ණය වාරික නොගෙවීම
    (මම මෙය යෝජනා කලත් අවාසනාවට මෙන් මම යෝජනා කල එම සාර්ථක සැලැස්මට එරෙහිවන ඉහල මධ්‍යම පාන්තිකයන් බොහෝ ඇති බව පෙනෙයි).

    - දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් කැඳවීම. (මෙය රටේ සියලු අංශවලට සම්බන්ධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද සම්පූර්ණ සහායෙන් ආරම්භ කළ යුතුයි)

    මේ ක්‍රමය හරහා ලංකාවේ වෙනසක් ඇති කරන්න සහ ආණ්ඩුව ඉක්මනින් පෙරළා ජවිපෙ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න ලේසියෙන් පහසුවෙන් පුළුවන් වෙයි

    ReplyDelete
  5. ලෝකෙම වටවෙලා එක දැලකින් රුදුරු
    ඒ ගැන හිතන්නට ගියවිට පෙනෙයි තරු
    සොබා දහම තව සටනක යෙදෙයි මරු
    මිනිස් වගම මැදිවී යුදයක වියරු!

    ReplyDelete
  6. Econo,
    At what rate the IFC swap happened? If it was at 360 (the rate at the time), those three banks would have had a big loss?

    ReplyDelete
    Replies
    1. I think the prevailing market rate would be applicable when these funds are accessed.

      Delete
  7. නෙගටිව් ඉකොනෝමැට්ටා

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා,

    මට ගැටළු ගණනාවක් තියෙනවා, මුලින්ම කියන්න අවශ්‍යයි එක්සත් ජනපද ඩොලර් මිලියන 400කට රටක exchange rate එක 10% වලින් වෙනස් කරන්න පුළුවන් ආර්ථිකයක් ඇති ලංකාව වගේ රටක (දැනට exchange rate එක තීරණය කරන්නේ central bank එක ), අයි එම් එෆ් එක සතුටු කරන්න (ප්‍රාථමික අංශයේ අය වැඩි කර ගැනීම සඳහා) බදු වැඩි කිරීම සාධාරණීකරණය කරන්න හොඳම හේතුව ඉදිරිපත් කලේ රනිල්

    "මෙහෙම පඩි පතට බදු වැඩි කරපු එක හරි නෑ තමයි ඒත් ඒක තමයි ලේසිම විදිහ"

    රනිල්ව හෝදන බුකී ලියන්නන්ට එහෙම කතාවක්වත් හදා ගන්න බැරි එක නම් විහිළු සහගත කාරණාවක්

    නමුත් IMF යන එකයි, ඔවුන්ගේ කොන්දේසි වලට පටහැනිවන බදු අඩු කිරීම, පොලී අනුපාත අඩු කිරීම, භාණ්ඩ මිළ පාලනය කර අඩු කිරීම් වගෙ දේවලුයි දෙකම එකට කරන්න බෑ කියලා මටනම් හොඳටම ෂුවර්.

    ගණන් මිනුම් පොඩ්ඩක් එහෙ මෙහෙ කරගත්තත් ලොකු සහනයක් ගන්න බෑ IMF යනවනම්.

    ඒ නිසා ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය පවසන ආකාරයට IMF එකට එරෙහි වෙමු,බටහිර කඳවුරේම එල්ලීම වෙනුවට රුසියාව පැත්තටත් පොඩ්ඩක් හැරිල බලමු කියන දේ ප්‍රායෝගිකව කළ හැක්කේ කෙසේද?

    ඒ වගේම මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මාධ්‍ය වලට පැවසූ ආකාරයට මෙම පෞද්ගලික බැංකු තුනට ලබා දුන් ඩොලර් මිලියන 400න් ඩොලර් මිලියන 308 ක් මහ බැංකුව විසින් මිලදී ගෙන මහ බැංකුවේ විදේශ සංචිත වැඩිකරගෙන ඒ වෙනුවට එම බැංකු තුනටම රුපියල් නිකුත් කර තිබෙනවා. දැන් එම බැංකු තුනට මහ බැංකු අධිපති විසින් රුපියල් නිකුත් කළ අනුපාතය කුමක්ද?

    01. මෙම ණය ලැබීමට පෙර පැවති ඩොලර් එකක් රුපියල් 367 පමණ රේට් එකටද නැත්නම් වර්තමානයේ පවතින ඩොලර් එකක් රුපියල් 331 - 340 අතර රේට් එකකට ද?

    02. ඉහත ප්‍රශ්නයට පිළිතුර 360 ගණනක මුල් රේට් එක නම් එම බැංකු තුනට රුපියල් වලින් සිදුවන අතිවිශාල පාඩුව ඔවුන් දරාගැනීමට කැමතියි ද?

    03 ඉහත ප්‍රශ්නයට පිළිතුර 330 - 340 සීමාව නම් එම සීමාව කලින් තීරණය කිරීම සිදු කළේ කෙසේද?

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුව ඩොලර් මිල දී ගන්නේ විචලන සීමාවේ පහළ අගයට. එම අගය තීරණය කර තිබෙන්නේ දවසක් තුළ ඊට වඩා අඩු නොවිය යුතුයි කියන පදනම මත.

      Delete
    2. ඉකොන් මම හිතන්නේ නන්දලාල් වීරසිංහ බලාපොරොත්තු වෙනවා ඩොලරයට සාපේක්ෂව රුපියල 320 - 330 සීමාවේ නිදහසේ ස්ථාවර කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට, නමුත් ලංකාවේ ජනමතය ගැන කතා කරනවා නම් ලංකාවේ මිනිස්සු විශේෂයෙන් සිංහල අය පොදුවේ ජාතියක් වශයෙන් මේ දවස් වල මනෝ ව්‍යාධියකින් පෙළෙන බව පිළිගන්න අවශ්‍යයි.

      ඒක බය වෙන, සැක කරන, සතුටු වීමට නොතේරෙන, ඕනම දෙයක අඳුරු පැත්ත දකිනා, දුකෙන් සිටීමට කැමති පැරනොයිඩ් මනෝභාවයක්.

      ආසන්නතම උදාහරණය විදියට මේ පෝස්ට් එකේ කතා කරන ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ සිදුවීම දිහා ශ්‍රී ලාංකිකයො දැකපු විදිය බලන්න.

      කීදෙනෙක් මේකේ නරක පැත්ත විතරක් දැකලා තිබුනද..? කීදෙනෙක් බැනලා තිබුනද.. මේක ආර්ථිකයට නරකක් වෙන හැටි ගැන හෑලි ලියවිලා තිබුනද.. ඒවා කොච්චර සමාජ ජාල වල ශෙයා වෙලා තිබුනද ..?

      දැන් ආයෙම රුපියල පහළ වැටුනොත් ඒකටත් කීදෙනෙක් බනිවීද ? නරකයි කියාවිද..?

      අපිට රුපියල ශක්තිමත් වුනත් බයයි, සැකයි. රුපියල දුර්වල වුනත් බයයි, සැකයි.

      ඒ එක උදාහරණයක් විතරයි.

      මුළු ලෝකෙම ගත්තොත් ලංකාවේ ව්‍යාපාර ගෝලීය වශයෙන් ලෝකේ තරග කරන්නේ ලාංකීයයන්ට සාපේක්ෂව අතිශය බුද්ධිමත්, තාර්කික, ලාංකීයයන් වගේ හැඟීම් වලට වහල් නොවෙන, ඉතාමත් කල්පනාවෙන් ඉවසන, තරගකාරී නමුත් සමගියෙන් සාමූහිකව ව්‍යාපාර කටයුතු කරන ජාතීන් එක්ක..

      ඉතින් ලංකාවේ ව්‍යාපාර ව්‍යවසායයන් මේ ගේම් එකේදී පරදින එක අරුමයක් නෙවෙයි.. සියල්ල දෙස දේශපාලනික කෝණයකින් නොබලා මැදහත් සිතින් නුවණින් විමසා අවබෝධ කරගෙන තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇති කර ගත යුතුයි නේද? මේ ගැන ඔබේ අදහස කුමක්ද?

      Delete
  9. ලංකාවේ මේ දවස් වල අධික ලෙස වැඩි කිරීමෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කළ පින් ජනපති රනිල් පිනාව ගෙදර යැවීමේ මූලික පියවර ලෙස විදුලි බිල වැඩි කිරිමට එරෙහිව පංචිකාවත්ත මංසන්ධියේදී අද දින පැවැත්වු දැවැන්ත ජන බල උද්ඝෝෂණය... 💪💪💪

    ඒම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට අදාල කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා Vraie Cally Balthazaar සහෝදරිය ද එක්විය ..
    NPP Srilanka

    මේක බලන්න;

    https://m.facebook.com/story.php?story_fbid=pfbid02rhAWZNTj4PAKg8RxrrA63SUha5MtUxGrTSYR1C4FJrkS9B3Dykuf96UbmTwjyvMDl&id=100086615584530&mibextid=Nif5oz

    ReplyDelete
  10. මේ බ්ලොග් එක බලන හැමෝම 75 වසරක දූශිත පාලනය එලවාදමන තරුණයන්ගේ සටනට ️🧭
    අනිවාර්යයෙන්ම ඇඩ් වෙන්න, මොකද මේක විතරමයි අවසන් වතාව මේ පාර බේර නොගත්තොත් ඉවරෙටම ඉවරයි මේ සැරේ කොහොම හරි රට බේරගන්න මේකට එකතු වෙලා මාලිමාව අනිවාර්යයෙන්ම දිනවන්න ඕනේ 💜️🧭❌🇱🇰❤

    https://www.facebook.com/groups/429548458752413/?ref=share

    ReplyDelete
  11. Economatta I don’t think the USD 400 mn discussed here has that much of an impact on SL economy. First it was a cross currency swap. So in order to use that you need to have other currencies in your disposition and the short term liquidity gain is not sorted by commercial banks as they already have enough USD without any available option to dispose. I agree with the other aspects in the article.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: