වෙබ් ලිපිනය:

Monday, November 27, 2023

දෙවන පිරිපහදුව චීනයට!


ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි.

දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කොට හම්බන්තොට ඉදි කෙරෙන අලුත් පිරිපහදුවේ ධාරිතාව නිශ්චිතව නොදන්නා නමුත් එය අවම වශයෙන් බොරතෙල් බැරල් 100,000ක්. මෙහි ඉලක්කය ලංකාව තුළ බොර තෙල් පිරිපහදු කර අපනයනය කිරීම සහ නැව් වලට ඉන්ධන සැපයීමයි. 

මෙම දැවැන්ත ආයෝජනය හරහා සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ගලා ආවත්, එම මුදලින් වැඩි කොටසක් අදාළ ඉදි කිරීම සඳහා අවශ්‍ය ආනයන ලෙස නැවතත් චීනයටම ආපසු යාම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා ශ්‍රමයේ පංගුව ලෙස වුවද විශාල මුදලක් ඉතිරි වේයැයි අපේක්ෂා කළ නොහැකි වුවත්, කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවද මෙම ව්‍යාපෘතිය තුළ යම් ප්‍රමාණයක හෝ ශ්‍රී ලාංකික ශ්‍රමයද යොදා ගැනෙන නිසා ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලා ඒමක් සිදු වෙනවා.

අවසාන ප්‍රතිඵලය ලෙස රටේ නිෂ්පාදනය ඉහළ යාමක් සිදු වන නිසා මේ හරහා රටේ දළ දේශීය නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායම කෙරෙහිද ධනාත්මක බලපෑමක් සිදු වෙනවා. ඒ වගේම, ආනයන හා අපනයන ඉහළ යාමක්ද සිදු වන අතර ආනයන අපනයන පරතරයේ සුළු හෝ අඩු වීමක්ද සිදු වෙනවා. ඒ වගේම රටේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ තරඟකාරිත්වහිද යම් හෝ වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි. 

16 comments:

  1. අජිත් ධර්මකුමාරNovember 28, 2023 at 12:01 AM

    'එම මුදලින් වැඩි කොටසක් අදාළ ඉදි කිරීම සඳහා අවශ්‍ය ආනයන ලෙස නැවතත් චීනයටම ආපසු යාම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා'

    අපිට බැරිද මේ ආයෝජන රැගෙන එන කොම්පැනි වලට කොන්දේසියක් දාන්න ඉදිකිරීම් සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ශ්‍රමය මෙහෙන් ගන්න කියලා. ඔක්කොම නැතත් යම් ප්‍රතිශතයක් වත් ?

    ReplyDelete
    Replies
    1. කොන්දේසි දාන්න පුලුවන් තැනක නෙවෙයි නේද ලංකාව ඉන්නේ

      Delete
    2. වෙන කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැනේ. ඒ නිසා කොන්දේසි දමන්න විශාල අවකාශයක් නැහැ. මීට කලින් මේ වැඩේට ඇත ගහපු සමාගමත් අන්තිමට වැඩේ අත ඇරියනේ.

      Delete
  2. මෙම තත්වය නිසා LIOC සමාගමට කුමක් විය හැකිද? විශේෂයෙන් කොටස් මිල?

    ReplyDelete
  3. බෙදුම්කරුවන්ගේ ටැංකි රථ හිමිකරුවන්ට ගෙවන කොමිස් මුදල වැඩි කරයිද?

    ReplyDelete
  4. ඉකෝන් සෑහෙන කාලෙකට පස්සෙ ලියපු ලියමනක්...බොහොම ස්තූතියි.

    මේ තෙල් පිරිපහදුව සම්භන්ධයෙන් භූගෝල දේශපාලනයත් සම්බන්ධ වෙනවා.

    ඉදිරි දශක කීපය තුල චීනය ඇමෙරිකාව අභිබවා ලෝක බලවතා වේයැයි විශ්වාස කරනවා. ලෝක ඉතිහාසය තුල මෙසේ එක කලාපයක් අනිත් කලාපය අභිබවා පසුකර යනවිය එය සෑම විටම යුද්ධයක් සම්බන්ධ වෙනවා. චීනය හා ඇමෙරිකාව සම්බන්ධයෙන් මේ යුද්ධය තායිවානය සම්බන්ධයෙන් ඇති වේ යැයි අපේක්ෂා කරනවා. එහිදි යුද්ධයේ තීරණාත්මක සාධකය නාවික බලය. නාවික කටයුතු වලදී ලංකාවේ හම්බන්තොට සුවීශේෂ පිහිටීමක් තියෙනවා. මෙතැන පිරිපහදුවක් චීනය සතුව තිබීම තුල තායිලන්ත මුහුද අවට සිදුවන යුද්ධයකදී චීන නාවික යුධ ශක්තියට විශාල වාසියක් හිමිවෙනවා.

    ඔබ නිවැරදිව දක්වා ඇති විදිහට චීන ආයෝජනයෙන් ලංකාවට අපෙක්ශා කල හැකි ආර්ථික වාසිය ඉතා සීමිතයි. මෙය ලංකාවේ මාර්ග සංවර්ධයෙදීද දැක්ක තත්වයක්. එහිදී මෙම පාරවල් තැනුවේ තරඟකාරී ටෙන්ඩර් පටිපාටියකින් තොරවයි. ඒවා අන්සොලිසිටේඩඩ් ටෙන්ඩර් ක්‍රමයට පිරිනැමුනු ඒවා. සරල උදාහරණයකින් කියනවා නම් රුපියල් සීයක් දැම්මොත් කෙලින්ම් එයින් අඩක් චීනය වෙත මුලින්ම තියා ගන්නවා. ඉතිරි රුපියල් පණහෙන් ලංකාවේ දේශීය කොන්ත්‍රාත් සමාගමකට රු 20-30 ප්‍රමානයක් ගියා. එය ඔවුන්ට 15-20% ලාභයක් සහිතව වැඩේ ඉවර කරන්න පුලුවන් ගණනක්. ඉතිරු ප්‍රමානය අල්ලස් හා දූශණය හා සම්භන්ධයි. ඒවගේම ඉදිකිරීම් අමුද්‍රව්‍යත් චීනයෙන්ම ගේන නිසා දේශීය සමාගමට උපකොන්ත්‍රාත් දුන්නත් එවායින් කොටසකුත් චීනය වෙත ඇදී ගියා.

    පසුකාලය වෙන විට දේශීය කොනත්රාත් සමාගම් පැත්තකින් තියා චීන කොන්ත්‍රාත් සමාගම්ම මව් කොම්පැණිය යටතේ වැඩට ආවා.
    පිරිපහදුව සම්බන්ධයෙනුත් මේ තත්වය අපේක්ශා කල හැකියි.

    විනිවිද පෙනෙන, තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකරනතාක් කල් ලංකාව මේ දූශණය පිරුණු මාර්ගයේ ගමන් කරනවා, අනාගත පරපුර ණය කරමින්. අයිඑමෙෆ් එකෙත් ප්‍රධාන යෝජනවාක් වෙන්නෙත් මෙම තරඟකාරී විවෘත ටෙන්ඩර් පටිපාටියක් හදන එක. සමහර විට චීණය ලංකාවෙන් අයින් කරන එකත් ඒකෙ යටි අරමුණක් වෙන්න පුලුවන් - Mayya_https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  5. ඉකොනො මේක චීනයට නොදී එක්සත් ජනපද සමාගමකට පමණක් දිය යුතු බවට ජනාධිපතිවරයාට තීරණය කරන්න බැරිද?

    අනෙක චීනය මේ හරහා එක්සත් ජාතින්ගේ සම්බාධක දමා ඇති ඉරාණයේ හා රුසියාවේ බොරතෙල් ඉතා අඩුමිලට ආනයනය කර ලංකාවේ රජයේ සිපෙට්කෝ සහ අයිඕසී මිලට වඩා ඉතාම අඩුම මිලට බොරතෙල් නිෂ්පාදනය කර අතිවිශාල ලාභයක් ලබමින් අඩුම මිලට තෙල් විකුණා රජයේ සහ ලංකා අයිඕසී වගේ ආයතන වසා දැමීමට පියවර තබයි නේද?

    අනික චීන පිරිපහදු මේවන විට ඉතාම සාර්ථක ලෙස ඉතාම ඉහළ නෙල්සන් සංකීර්ණතා කාර්යක්ෂමතාවකින් වැඩ කරන ඉහළ තාක්ෂණය සහිත නිසා මේකේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත්ම සහ අඩුම මිලට කරන්න පුළුවන් වෙයි ඔවුන් නවීනතම චීන තාක්ෂණය යොදාගත්තොත්, අනෙක උන් ලංකාවේ ප්ලාස්ටික් කෘතිම රබර් පොලිමර් පොලියුරිතීන් ආදී මැටීරියල් වලින් නව චීන කර්මාන්ත ආරම්භ කරාවි හම්බන්තොට කර්මාන්ත පුරයේ, එතකොට වියට්නාමය මෙක්සිකෝව වගේ ලංකාවත් යූස් කරාවි ඇමරිකන් තීරු බදු සම්බාධක වලින් රිංගලා චීන නිෂ්පාදන ඇමරිකානු යුරෝපීය සංගම මාකට් එකට මේඩ් ඉන් ස්රීලංකා කියලා වංගු ගහලා අපනයනය කරන්න? ඒක නවත්තන්න අපට තියෙන නෛතික ප්‍රතිපාදන මොනවාද?

    ඒ වගේම නැව්වලට ඉන්ධන ලෙස හෙවි ෆුඑල් ඔයිල් එච් එෆ් සී වගේම මත්තලට නැප්තා සහ ෆ්ලයිට් වලට ඉන්ධන දේවි. මේ නිසා මේකට චීනා රිංගගත්තොත් රටම ඉවරයි නේද?

    දේශීය කර්මාන්ත කඩාවැටී චීනුන් දේශීය වෙළඳපොල සම්පුර්ණයෙන්ම මෙහෙයවාවි, මේකට විරුද්ධව අරගලය වගේ බරපතල දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන නමුත් අවාසනාවකට වගේ ලංකාවේ බහුතරය චීන හිතවාදී මතයක ඉන්න නිසාත් ඇමරිකානු විරෝධය නිසාත් මේක කරන්න පුලුවන් හොඳම විදිහ මොනවගේද කියල ඉකොනෝට කියන්න පුළුවන්ද?

    ඒ වෙනුවට මගේ යෝජනාව මේකයි මේ ව්‍යාපෘතිය අවලංගු කරලා ඒ වෙනුවට වෙන එකක් පටන් ගන්න ඕන කියල හිතුන, මගේ යෝජනාව ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක් තමයි Tourism; අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම රජයේ වගකීම... මේක හරියට analysis එකක් කරානම්, ලෝකය වටේම ඉන්න Tourist ල ලංකාවට අද්දන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි නේ නේද? ඉකොනෝ lead එකක් අරගෙන අලුත් වැඩක් විදිහට පටන්ගන්නවනම් අපේ අදහස් ඉදිපත් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ භූ පිහිටීම නිසා ඇමෙරිකා චීන භූ දේශපාලනයෙදි ලංකාව වැදගත් වෙනවා. ඒ නිසා මේ ප්‍රබල කදවුරු දෙකින් එකකටවත් කඩේ යන්නෙ නැතුව, ලංකාවේ අවශ්‍යතා වෙනුන්වෙන් මේ තරගය ප්‍රයෝජනයට ගැනීමයි කල යුත්තේ...


      ඒ සදහා අවශ්‍ය වෙන්නෙ මේවගේ ප්‍රොජෙක්ට් වලට, පාරදෘශ්‍ය, තරඟකාරී ටෙන්ඩර් පටිපාටියකට යෑම බව මම හිතනවා. - මයියා mayya

      Delete
  6. ටිකක් pessinistic analysis නේද? මේ පිරිපහදුවෙන් සමහර විට තෙල් අපනයනය කරන්නත් පුළුවන් වෙයි. උදාහරණයකට අයර්ලන්තේ දියුණුවෙන්න එක හේතුවක් වුනේ විදේශීය සමාගම් වල ප්‍රධාන කාර්‍යාල ඒ රටේ ඇති කරන්න ඉඩ දීම. ඒ අනුව එම පිරිපහදුව මෙහි ඇතිකිරීම නිසා ගූගෝලීයව ලඟ නොවුනත් තව රටකට දෙකකට වත් අපනයනයනක් වෙනවානම් අගය එකතු කිරීමක් ලංකාවේ වෙනවා නේද? අපනයන නොවුණොත් ඒක ආනයන අදේශක කර්මාන්තයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. විදේශ රටවල පක්ෂ නායකයොත් අයර්ලන්තේ ගෙවල් වලට ආයෝජනය කරලා තිබෙනවා.

      Delete
    2. @ ඉයන්, ඊට වඩා ලේසියෙන්ම කරන්න පුළුවන් ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමයි, ඒත් ලංකාවට දීර්ගකාලිනව ක්‍රියාත්මක වන ජාතික සංචාරක ප්‍රතිපත්තියක්, master plan එකක්, action plan එකක්, timeline එකක් සහිත execution process එකක් නෑ.
      එහෙම නැතුව නිකන් ආප්ප බානවා වගේ කරන promotion වලින් වෙන සතපහක වැඩක් නෑ, monitoring mechanism එකක්, KPI නැතුව., outcome එක මොන බල්ලෙක්වත් දන්නෙත් නෑ. මේ වසරේ nasty dailyලා ගේන්න ඩොලර් මිලියන ගණනක අතිවිශාල විදේශ විනිමය විනාශ කරලා ආයි ලබන අවුරුද්දෙත් තව මොකක් හරි බයිලයක් කියලා වෙන තොයිලයක් නටයි.

      ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සාලගලා හරීන්ලා මෙහෙයවන දූෂිත ආණ්‌ඩුවත් පහුගිය මහින්ද රාජපක්ෂ දශකය සහ යහපාලන ආණ්ඩු වගේම තමයි

      ආණ්ඩුවේ ඔය මාකටින් කැම්පේන් තනිකර ම ගසාකෑමේ, රට යෑමේ ගේම්.
      ආණ්ඩුව කරන්න ඕනා සිංගා මැලේෂියා සහ මැදපෙරදිග ඩුබායි සහ දැනට සෞදි අරාබිය ප්‍රමුඛ රටවලින් ඉගෙනගෙන රටපුරා පොටෙන්ෂල් සංචාරක ස්ථාන වලට පහසුකම් සැපයීම, ඒ පොදු ස්ථාන ගැන විස්තර තියන වෙබ් එකක් වගේ promote කරන්න පුළුවන් නේද?

      Delete
  7. මීට වසර දෙසිය ගණනකට පෙර ඕලන්දය මහනුවර රජ මාලිගාවට පහර දී රැගෙන ගිය ගිනි අවි නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කෙරු අජිත් ධර්ම මහතාට අපගේ ස්තුතිය මේසේ දක්වා සිටිමු.

    ඔබතුමාට මෙම පුරාවස්තු ගෙන ඒමට අනුමැතිය ලබා දුන් සේනාධිනායක විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සාගල රත්නායක මැතිනියට අපගේ ගෞරවය.

    ReplyDelete
  8. අද කුල්ල කුජීත දවසක්. උදේ ඉදලා නියෝන් එළි කහපාටක් තියෙනකොට මට හිතුනා මේම වෙයි කියලා. ගතවෙන මොහොතේ සතුට කොහොමද හොයාගන්නේ? ජීවිතේ කියන්නේ වෙන සුත්තක් නෙවෙයි. කරකවලා කරකවලා අතෑරියාම වටයක් දෙකක් තුනක් කැරකිලා ජීවිතේ හොයාගන්න අපිට පුලුවන් වෙන්න ඕනෑ. ඒකට ඉතිං ට්‍රෝනේඩෝවක් අස්සේ උනත් පියවිසිහිය රැකගැනීමේ මිකැනිසම් එක අභ්‍යාස කරලා තියෙන්න ඕනී. කොහොම වුණත් දුක දියවෙලා ගංවතුර ගලන නිමේශයෙන් බේරෙන්න උස්බිමක් හොයනකොට මට පෙනුනේ මහරගම පරණපාරේ ෆිල්ම් හෝල් එකට අල්ලපු බාර් එක.

    උදේ ඉදලා තිබුණ අවුල එක්කම ගල් කාලක් ඕඩර් කරේ අමුවෙන්ම ගසන්න හිතාගෙන.. වයිඩ් පෝක් නැතිවුණත් කළුවට කළු ගැහුන ටවුන් පෝක් ප්ලේට් එකක් එක්ක වැඩේ යන්න පටන් ගත්තා. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද හැමදාම වගේ අදත් හිතන්න පටන් ගත්තා. උත්තරයක් නෑ. ඩන්හීල් එකක් ගැහුවා ඒත් උත්තරයක් නෑ. ජීවිත සුළි සුළඟ උඩ පාවෙන්න කෙසෙල් කොට ඕවිල්ලක් හදාගන්න මම හිතුවා. මම හිටිය මේසේ හෝස් ගාලා එළියේ එළිය මූනට ගහන තැනක්..

    මම සයිඩ් වෙන්න කල්පනා කළා...මේසේ මාරු කළා... ඒක මන්දාලෝකය වැටෙන කළුවර බිම් පෙදෙසක්. ඔහේ ඉදගෙන කාල ගහනකොට ඒක ඉවර වෙලා ඊළඟ කාලත් මේසෙට ඇවිත් තිබ්බා. මම මෙතනට නිතරම එන්න කැමති රස්සාව ආදරෙන් කරන වේටරයෙක් අපි එනකම් මඟබලාගෙන හිඳීම. ඌ හැම වෙලාවෙම අපි දිහා බලලා මොනාද කෙරෙන්න ඕනෑ කියලා අහන ගම්කැම්‍රියෙක්. අපි ඉස්සර ගමේ ඉන්න කාලේ ඉදලා ඉස්කෝලේ යන කාලේ ඉදලා ඉතිං මොනාද කෙරෙන්න ඕනී කියලා අහන එවුන්ට මාර කැමතියි. මූත් ඒවගේ කන්කාසියෙක්.

    කොහොමහරි ටික වෙලාවකින් අල්ලපු මේසෙට පොරොක් ඇවිත් ගල් සීයක් එක්ක ස්ප්‍රයිටෙක් සැන්ඩි කලා. මම ඔහේ බලාගෙන හිටියා. කැසට් එකේ ප්‍රින්ස්ගේ සිංදු සෝවක් ඔහේ සුළඟට මුසු වුණා.
    ප්‍රින්ස් ගැන මම ගොඩක් දේවල් දන්නවා. ඒ ඌ මම දැන් ජීවත්වෙන ගෙවල් හතාටකට එහා ජීවත් වුණ නිසා. ඒ රස කතා අතරේ කිමිදෙන ගමන් සයුරු කොනක හිඳ බලා සිටින්නෙමි ඔබ එනතුරු මා පවන් සලා.. අහගෙන ඉන්නකොට අල්ලපු මේසේ ගල් සීයේ හාදයා තවත් දෙසීයක් වීදුරුවට හලාගන්න ගමන් මෙහෙම ඇහුවා.

    මහත්තයා හින්දි දෙමළ සිංදුවලට ආසද?

    විනාශේ පටන් ගත්ත තැන එතන. මම ඔහේ හිනාවක් පාකලා. අපි බීලා වෙරි වෙන්න අතරමඟ මිනිස්සු. මම එහෙම උපේක්ෂාවක් දල්වාගෙන මගේ අලුත් මිත්‍රයාගේ කෝච්චියට බෙල්ලම තිබ්බා.
    කාදල් රොජරේ.. මිනිහා කැසියර් එක ඇත්තට බෙල්ල කරකෝ කරකෝ කීවා. හොරෙන් බල බල කීවා. එතකොට තුනේ කනිසම වදින්න පැය බාගයක් ඇති. බාරුවේ වැඩකොරන්නෝ වැඩ නතර කරන්න හීන බලන වෙලාවේ. ඒ අස්සේ මේකා සිංදුවක් පටන් අරං. ඊළඟ සිංදුව මම ආසම ඒක් පූල් දෝමාලි ෆිල්ම් එකේ. එක මලට බඹරු දෙන්නයි. කතාව ඒකයි.

    මගේ පළවෙනි චිත්‍රපටි බැලිල්ල. රත්නපුරේ ජෝති හෝල් එකේ තමයි බැලුවේ. ඒ ඉතිහාසයම මහරගමට ඇවිත් මාත් එක්ක ගලක් ගහන්න සෙට් උනා. ඒක වෙනම ආතල් එකක්. දැන් ඉතිං නොනවතින භාරත ගීත මේලා වගේ තමයි. හරිහරන්, ආශාබෝස්ලේ ලතා මංගෙෂ්කාර්, කිශෝර් කුමාර්, එස්පී, මුකේෂ්, වගේ අයගේ සිංදු කෑලී මිමිනිලි ඇහෙන්න ගත්තා...

    මහත්තයා කොහේද? මම රත්නපුරේ

    ආ මැණික් පුරේ...

    මම මාතලේ.. මම ට්‍රින්ටි කොලේජ් එකට ගියේ. 1985 තමයි ඉස්කූල් අවුට් වෙලා කොළඹ ආවේ. බොම්බේ කොම්පැනියක වැඩකරන්න තමයි ආවේ. දැන් ඉතිං ජීව්තේ මහරගම තමයි ගෙවෙන්නේ..
    නම මොකද්ද? මට නිකමට අහන්න හිතුනා.

    මම නිත්‍ය අනානන්දන්.. හැමදාම ආනන්දයෙන් තමයි මම ඉන්නේ. මේ බාර් එකේ ඔය පරණ අයගෙන් අහන්න මම එදා ඉදල මෙතනට තමයි බොන්න එන්නේ.. ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බෑ.. සුටුස් ගාන්න පුලුවන්. මගේ ජීවිතේ හැමවෙලාවෙම ගෙවෙන්නේ ආනන්දයෙන්..

    මිනිහා ආයෙත් සිංදු කියන්න පටන් ගත්තා. ඒ කටහඬ.. ආයේ ඉතිං කතාකරන්න දෙයක් නෑ..දවසේ තිබුණ සියලු ප්‍රශ්න අකාමකා දැම්මා...!!!

    ReplyDelete
  9. දැන්වත් වැටී සුමඟට, ගොස් දියුණ වෙත
    රටවැසියන්ට සැලසෙනවා නම් සැපත!

    ReplyDelete
  10. why no posts about Sri Lanka nowdays?

    ReplyDelete
  11. ඉකොනෝ මහත්තයා ටින්නෙකක් බොමුද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: