වෙබ් ලිපිනය:

Wednesday, December 6, 2023

ප්‍රේෂණ එන්නේ මොන රටවල් වලින්ද?


පසුගිය වසර මැද ලංකාව ආර්ථික අර්බුදයේ පතුළේ කිමිදෙමින් සිටියදී රටට එන විදේශ ප්‍රේෂණ අඩුවීම විශාල ලෙස කතාබහට ලක් වුනා. මේ පිළිබඳ අදහස් දක්වමින්, එක්තරා අවස්ථාවකදී මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ ප්‍රේෂණ පිළිබඳ පෙර ඇස්තමේන්තු නිවැරදි නැති බවයි. එම පෙර සංඛ්‍යාලේඛණ අධිතක්සේරුවක් බව සඳහන් කළ ඔහු ප්‍රේෂණ පිළිබඳ වඩා නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා වානිජ බැංකු සමඟ සාකච්ඡා කර යාන්ත්‍රණයක් සකස් කර ඇති බවද පැවසුවා. 

ඉහත සඳහන් කළ අලුත් යාන්ත්‍රනය හරහා මේ වන විට මහ බැංකුව විසින් වසරක දත්ත එකතු කරගෙන තිබෙනවා. ඒ අනුව, 2022 අවසන් කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා වසරක කාලය තුළ ලංකාවට ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,560.5ක්. ඒ පහත පරිදියි.

2022 සිවුවන කාර්තුව - ඩොලර් මිලියන 1,215.4

2023 පළමු කාර්තුව - ඩොලර් මිලියන 1,413.2

2023 දෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,409.4

2023 තෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,522.5

පසුගිය වසරක කාලයේ ප්‍රවණතා අනුව 2023 සිවුවන කාර්තුව තුළ ඩොලර් මිලියන 1,600 ඉක්මවන ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබේයැයි ඇස්තමේන්තු කළ හැකි අතර ඒ අනුව 2023 වසර තුළ ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රේෂණ ප්‍රමාණයක් ඉලක්ක කළ හැකියි. 

ඉහත සඳහන්, 2023 සැප්තැම්බර් දක්වා වූ වසරක කාලය තුළ ලංකාවට ලැබුණු ඩොලර් මිලියන 5,560.5ක ප්‍රේෂණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණම, එනම් ඩොලර් මිලියන 3,635.4ක්ම, ලැබී තිබෙන්නේ රටවල් අටකින්. පහත තිබෙන්නේ එම රටවල් අටයි.

1. කුවේට් - ඩොලර් මිලියන 612.7

2. කටාර් - ඩොලර් මිලියන 564.6

3. එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් මිලියන 523.7

4. සවුදි අරාබිය - ඩොලර් මිලියන 494.6

5. ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් මිලියන 433.8

6. දකුණු කොරියාව - ඩොලර් මිලියන 384.7

7. එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 312.3

8. ඉතාලිය - ඩොලර් මිලියන 309.0

6 comments:

  1. ඇමරිකාව, බ්‍රිතාන්‍ය රට වලින් ප්‍රේෂණ එන්නේ මොනවා කරන අයගෙන්ද ඉකොනෝ? අපනයන වලින්ද?

    ReplyDelete
    Replies
    1. අපනයන ආදායම් ප්‍රේෂණ නෙමෙයි. ප්‍රේෂණ කියන්නේ හුවමාරුවට කිසිවක් නොගෙන එවන මුදල්.

      Delete
  2. https://web.facebook.com/profile.php?id=100087666110095
    මේ මගේ යාලුවෙක්ගේ ඒජන්සියක් (මමත් මුදලක් යටකරලා තියෙනවා)මේකෙන් ඉතාලි විදේශ රැකියා,
    ශිෂ්‍ය වීසා සහ වැදගත්ම දේ තමයි ඇමරිකා/ කැනඩා පශ්චාත් උපාධි සඳහා ශිෂ්‍යණය පහසුකම් ලබාදීම. ඇමරිකා එක්සත් ජනපදවේ MPower ආයතනය හරහා තමයි ණයදීම සිදුවන්නේ.
    ඔයා රට යනවා නම් මෙතෙනට ගිහින් බලන්න / රට යන්න බලාපොරොත්තුවෙන යාලුවෝ ඉන්නවා නම් මෙතෙන්ට එවන්න.

    https://cttradings.com/apply-with-international-student-loan/

    ReplyDelete
  3. Wise, Remitly වගේ එවන ඒවා මේවාට අයිතිද? එහෙම සල්ලි එවන කොට එවන රට දැනගන්න බැහැ නේද?

    ReplyDelete
    Replies
    1. මම ඔය ක්‍රම ගැන හරියටම දන්නේ නැහැ. කොහොම වුනත් ලංකාවට එන මුදල් වලින් යම් කොටසක් එන රට දැනගන්න බැහැ. එම ප්‍රමාණය ඩොලර් මිලියන 960ක් පමණ.

      Delete
    2. මං දන්න විදිහට වයිස්, රෙවෙලූට් වැනි දේ ඉතා නිත්‍යානුකූල ගණුදෙණු. මේවා හරහා එවන සල්ලො බැර වෙන්නෙත් ලංකාවේ බැංකු ගිණුමකට, එම නිසා ඒවා මේ ප්‍රේශන වල අන්තර්ගත විය ය්තුයි -Mayya

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: