වෙබ් ලිපිනය:

Tuesday, December 12, 2023

IMF දෙවන වාරිකය නිදහස් කරයි!


අද (දෙසැම්බර් 12) දින පැවති ජාත්යන්තර මූල්ය අරමුදලේ අධ්යක්ෂ්ය මණ්ඩල රැස්වීමේදී ශ්රී ලංකාව හා අදාළ ස්ථායිකරණ වැඩ පිළිවෙලේ ප්රගතිය පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ඩොලර් මිලියන 337ක් වන දෙවන වාරිකය නිදහස් කර තිබෙනවා.

මෙම සමාලෝචනයේදී ජාත්යන්තර මූල්ය අරමුදලේ අධ්යක්ෂ්ය මණ්ඩලය විසින් ණය තිරසාරත්වය නැවත ඇති කිරීම, රාජ්ය ආදායම් වැඩි කරගැනීම, විදේශ සංචිත වර්ධනය කරගැනීම, උද්ධමනය පහත හෙළීම හා මූල්ය ස්ථාවරත්වය තහවුරු කිරීම සම්බන්ධව බලධාරීන් විසින් සිදු කර ඇති කාර්ය භාරය අගය කර තිබෙනවා. එමෙන්ම, ශ්රී ලංකාව අරමුදලේ ක්රමවේද අනුගමනය කරමින් රාජ්ය පාලනයේ අඩුපාඩු හඳුනා ගෙන වාර්තාවක් නිකුත් කර ඇති (Governance diagnostic report) පළමු ආසියාතික රට බවට පත් වීම ගැනද විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.
අරමුදලේ නිවේදනය අනුව වර්ෂාවසාන සංචිත ඉලක්කය ලෙස සටහන්ව ඇත්තේ ඩොලර් මිලියන 3,806ක මුදලක්. මෙම මුදල මුල් ඉලක්කය වූ ඩොලර් මිලියන 4,431ට වඩා අඩු, අපහසුවකින් තොරව ලඟා කර ගත හැකි ඉලක්කයක්. නොවැම්බර් මාසය අවසානයේදී පැවති නිල විදේශ සංචිත ප්රමාණය වූ ඩොලර් මිලියන 3,584ට අරමුදලේ ඩොලර් මිලියන 337ක මුදල එකතු වූ විට ඉහත ඉලක්කය පහසුවෙන්ම ඉක්මවා යනවා.

9 comments:

  1. බෝතලයක් ගහලා සමරමු

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. විවේචකයින්ගේ කටවල් වැහෙයිද?

      Delete
    2. දයා සර් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් නේද?

      Delete
  3. අජිත් ධර්මකීර්ති මහතා ඉලක්ක කොට මඩ ප්‍රහාර එල්ල කරන්නේ ජේවීපීයට කඩේ යන සයිකල්කාරයෙක් නේද?

    ඒ මිනිහා ලේලී ඇඳුම් මාරු කරනවා බලං ඉදලා මාට්ටු උනයි කියනවනේ.
    මැයි 9 වෙනිදා ලංකාවේ ගෙවල් කඩලා මංකොල්ල කාලා ඔසී පැන්න.
    එහෙන් එලෙව්වා ලේලී ට බැල්ම දාන්න ගිහින්.

    ReplyDelete
  4. ඉකොනෝ,

    ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති එකඟතාව තම සමගිජන බලවේග රජයක් යටතේ නැවත සාකච්ඡා කර ඉතාම ජනතාවාදී බදු බර විශාලලෙස පහළට දැමියහැකි ජන දුක නිවන සහන විශාල වශයෙන් ලබාදෙන දිළිඳු ජනතාව නගාසිටුවීමට ආධාර විශාල ලෙස ලබාදීමට හැකිවන පරිදි වෙනමම මූල්‍ය ගිවිසුමකට එළඹීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් පාර්ලිමේන්තුවට පැවසූවා.

    අයවැය විවාදයේ අවසන් දිනයේදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහට අභියෝග කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ වර්තමාන දූෂිත වික්‍රමසිංහ රෙජීමය පලවාහැරීමට ඉක්මනින්ම පියවර තබන බවත් ඉන් අනතුරුව ජනතාව කිසිසේත්ම අපහසුතාවට පත් නොවන ජනතාවාදී නව ගිවිසුමකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එළඹෙන බවයි.

    මෙබඳු නව ගිවිසුමක් ඇතිකර ගැනීමට පුළුවන්කම තිබෙනව ද? එවිට මේ ගිවිසුම අහෝසි වනවාද? එමෙන්ම සමගිජන බලවේගය පෙන්වාදෙන එබඳු බදු බර විශාල ලෙස අඩුකර තව තවත් ජනසවිය රජයෙන් නොමිලේ උදාගම්මාන නව වෙහෙර විහාර ආරාම නව පොදු ප්‍රවාහන සේවා, සෑම පාසලකටම පාසැල් බස්රථ සහ සෑම පාසලකටම පිහිනුම් තටාක, රුපියල් ලක්ෂයකට අඩු ආදායම් ඇති හැමෝටම රුපියල් විසිදහසකට වැඩි සහන මල්ලක් සෑම නිවසකටම නොමිලේ මහන මැෂින් වසර තුන දක්වා සෑම දරුවෙකුට සහ ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක්.... etc. ආදී විවිධ සහනාධාර රාශියක් සැලසීමට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව ගිවිසුමකට එළඹීමට හැකියාව ඇති බැවින් වර්තමාන රජය එවැනි ගිවිසුමකට මෙම ගිවිසුම වෙනස් කරන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
  5. ඩොලර් බිලියන 4.4 ඉදන් බිලියන 3.8 කට සංචිත අඩු කරන කොට ඒකේන් වෙන බලපෑම මොකක්ද? මේ විදේශ සංචිත ගොඩ නැගීමේ ටාගට් දීලා තියෙන්නෙ ඉදිරියෙදී ගෙවෙන්න තියෙන විදේශ ණය ගෙවීම සදහා අරමුලක් නැංවීම මූලික කරගෙන නේද? - Mayya

    ReplyDelete
    Replies
    1. නැහැ. සංචිත එකතු කර ගෙන එයින් නැවත ණය ආපසු ගෙවුවොත් සංචිත වැඩි වෙන්නේ නැහැනේ. සංචිත වැඩි කර ගැනීමේ අරමුණ රුපියල ශක්තිමත් කිරීම. දැන් වෙන්නේ සංචිත එකතු කර ගැනීමේ ක්‍රියාවලිය මාස කිහිපයකින් කල් යන එක පමණයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: