වෙබ් ලිපිනය:

Friday, December 15, 2023

ආර්ථිකය නැවතත් වර්ධන මාවතට!


පසුගිය (2022) වසරේ පළමු කාර්තුවේ සිට කාර්තු හයක් තිස්සේ දිගින් දිගටම සංකෝචනය වෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් වර්ධන මාවත වෙත පිවිස තිබෙනවා. මේ බව සනිටුහන් කරමින්, 2023 තෙවන කාර්තුවේදී ආර්ථිකය 1.6%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. 

කලකට පසුව ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහිම වර්ධනයක් දැක ගත හැකි වීම තවත් සුවිශේෂී කරුණක්. කෘෂිකාර්මික අංශය 3.0%කින්ද, කාර්මික අංශය 0.3%කින්ද වර්ධනය වී ඇති අතර, සේවා අංශය 1.3%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. 

10 comments:

  1. අයිඑම් එෆ් එක පූර්වකථනය කලෙත් ආර්ථිකය ධන වෙන්නෙ 2024 දි කියලා නේද....2023 අවුරුද්දම ගත්තොත් සෘණ නේද? - Mayya

    ReplyDelete
    Replies
    1. පළමු අර්ධය විශාල සෘණ අගයක් නිසා සමස්තයක් ලෙස සෘණ පැත්තේ තියෙයි.

      Delete
  2. රිණ ධන ඉලක්කම් කරනව හොඳ සෙල්ලම්
    බඩු මිල ගිහිං ආකාසෙට, නැහැ පල්ලම්
    එක වේලක් කකා හරි පණ රැක ගන්නම්
    දෙසිය විසිපහට තුන් සරණයි දැන් නම්!

    ReplyDelete
    Replies
    1. පිළිකාවකි බ්ලොග් ලෝකෙට කුහක නිමල්
      බේබදු අජිතුත් බරකි ලෝකෙටම හපන්

      Delete
  3. Where did you get these economics data from?

    ReplyDelete
  4. Really?..a sustainable trend?

    ReplyDelete
  5. මේවා සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාර රජයේ ජඩ මාධ්‍ය වල පච ප්‍රචාර බව ඉතාම පැහැදිලිය. කොටින්ම වර්තමාන රනිල් වික්‍රමසිංහ රෙජීමය යටතේ ලංකාවේ දරිද්‍රතාවය දිනෙන් දින ඉහළ යමින් ඇත. 2019 වන විට රටේ ජනගහනයෙන් මිලියන 03 ක් වූ ජනයා දුප්පතුන් බව ලර්න් ඒෂියා (LIRNEasia) ආයතනය විසින් කල නවතම සමීක්ෂණයකින් හෙළි විය. 2023 වන විට එම සංඛ්‍යාව මිලියන 07 දක්වා තවත් මිලියන 04 කින් ඉහළ ගොස් තිබෙන බව ඔවුන් කියති. ලංකාවේ මිලියන 22.2 ක් වූ ජනගහනයෙන් 31% ක් (1/3) දුප්පතුන්ය. මෙය 2024 වන විට තවත් ඉහළ යෑම නොවැළැක්විය හැක. https://lirneasia.net/wp-content/uploads/2023/06/LIRNEasia-Social-Safety-Nets-and-the-State-of-Poverty-in-Sri-Lanka.pdf

    ලෝක බැංකුව විසින් ලංකාව පිළිබඳව පසුගිය දා ඉදිරිපත් කල "Sri Lanka Development Update : Mobilizing Tax Revenue for a Brighter Future" වාර්තාවට අනුව 2023 වසරේ ලංකාවේ දුප්පත් කම 27.9% වනු ඇති බව කියයි. මාගේ තක්සේරුව අනුව වර්තමාන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙන යන අයිඑම්එෆ් "තකතීරු" ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් 2024 පළමු කාර්තුව අවසන් වන විට රටේ දුප්පත් කම 35%-37% අතර මට්ටමට යෑම නොවැළැක්විය හැකි බවය. https://documents1.worldbank.org/curated/en/099807010022320004/pdf/IDU0e8d0983c05238044150a6a60b6949b0e03d5.pdf

    එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පසුගිය දා එලිදැක්වූ බහුවිධ අවදානම් තත්ව දර්ශකය (Multidimensional Vulnerability Index) අනුවද ලංකාවේ ජනගහනයෙන් 55.7% ක් විවිධ වූ අවදානම් තත්වයන් වලට මුහුණ පා සිටින බව සඳහන් කොට තිබුණි. මිලියන 22.2 ක් වූ ජනගහනයෙන් මිලියන 12.3 ක් දෙනාට ප්‍රධාන දර්ශක 12 න් අධ්‍යාපනය , සෞඛ්‍ය , ස්වාභාවික හෝ වෙනත් ආපදා , යහපත් ජීවන තත්ත්වය යන ප්‍රධාන දර්ශක වලින් අවම තුනක් වත් අහිමි වී ඇත. https://www.undp.org/srilanka/blog/navigating-vulnerability-insights-sri-lankas-multidimensional-vulnerability-index

    2024 ජනවාරි 01වන දා සිට ක්‍රියාත්මක වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමේ බලපෑම හේතුවෙන් සාමාන්‍ය ජනයාට තවත් විශාල ප්‍රශ්න රාශියකට මුහුණ පෑමට සිදුවේ. පැවති වැට් බද්ද අදාළ වූ කාණ්ඩ වල භාණ්ඩ සඳහා 15% සිට 18% දක්වා බදු වැඩි වීමට අමතරව මෙතෙක් වැට් (VAT ) අය නොකළ භාණ්ඩ 97ක් සඳහ 18% ක් කෙලින්ම බදු අය කිරීම තුල ජීවත් වීමට කිසියම් ස්වයං රැකියාවක් හෝ දේශීය නිෂ්පාදනයක් කිරීමට උත්සාහ කරන සියළු දෙනා කබලෙන් ලිපට ඇද දමා ඇත. එදා වේල සරිකර ගැනීමට යුද්ධයක් කරන ජනයා වස බොන තත්ත්වයට පත්වනු ඇත. පෝසතුන් තවත් පෝසත් කරන දුප්පතුන් තවත් දුප්පත් කරන මෙම නව ලිබරල් ආර්ථික ක්‍රමය ඉක්මනින්ම පරාජය කල යුතුය. ඒ සඳහා ජාතික ජන බලවේගය සමූපකාර ව්‍යාපාර හරහා සමාජවාදී සංකල්ප මත ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ සැලසුමක් ඉදිරිපත් කර තිබෙන අතර ලංකාවේ බහුතර ජනතාව සැම ජවිපෙ ජාතික ජන බලවේගය සමග එක්ව ඊට සම්පූර්ණයෙන්ම සහාය ලබාදෙන්න කටයතු කරන බව බහුතර ජනතාව තීරණය කර ඇති බව යුතුය.

    ReplyDelete
  6. people may not think so.they have not proved that. .their moulds .can't be changed.
    But polution .should also be invesitigated with them...

    ReplyDelete
  7. Isn't this bar chart to purposely mislead the public? If you shown it in curve its gone down for last 6 quarters by about 40% and now that its got upward turn of 1.6% which far from coming to normalcy of 2021 and we will never in future come to level of 2012.Economics pundits always misguided public for political agendas.

    ReplyDelete
  8. මෙහි ..... "දුප්පතුන් ගනන වැඩිවෙනවා" සහ "2023 වසර සම්පූර්ණයෙන්ම ගතහොත් ඝෘණ වර්ධනයක් තියෙන්නේ" යන අදහස් දෙක, සමහර අය මතුකර තිබෙනවා දැක්කා.

    නමුත්...අප එය වෙනුවට මෙහිදී සලකා බැලිය යුත්තේ ....දුප්පතුන් ගනන වැඩිවීම සහ ආර්ථික වර්ධන වල වේගයේ පතිශත කොහොමද කියලායි.
    දුප්පත් කම වැඩිවීමේ වේගයේ ප්‍රතිශතය "ඝෘණ" වෙලා..සහ ආර්ථික වර්ධන වේගය "ධන" වෙලා නම්, එයින් කියැවෙන්නේ..රට සංවර්ධන මාවතට පිවිසිලා කියන එකයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: