වෙබ් ලිපිනය:

Wednesday, January 29, 2020

උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්

කාලයකට ඉස්සර උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවූ බව පැවසෙන්නේ අන්දරේ විසින් ඔහුගේ පුතාටයි. අන්දරේ කියන්නේ ඒ වෙද්දී රජවාසල කවටයා.

අන්දරේ කාටත් ඇහෙන්න උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවුවත් අන්දරේගේ හෝ පුතාගේ කටේ පස් තිබුණේ නැහැ. පස් කන බව කෑ ගසා කියමින් ඔවුන් කළේ හිතේ හැටියට රජවාසල සීනි කන එකයි. වෙනත් විදිහකින් කිවුවොත් පොදු දේපොළ අපහරණය කරමින් වංචාවක් කිරීමයි. ඒ දවස් වල වෝහාරික විගණන තිබුණේ නැති නිසා රජවාසල කවටයින් පවුල් පිටින් සීනි කෑමෙන් සිදු වූ අලාභය ගැන ගණන් මිමි නැහැ.

අන්දරේට පොදු දේපොළ අපහරණය කරන්න අවස්ථාව ලැබුණේ රජා විසින් තොරතුරු වසන් කරමින් බොරුවක් කියූ නිසයි. අන්දරේ විසින් රජවාසල මිදුලේ වේලෙන්න වනා තිබුණු සීනි පෙන්වා රජාගෙන් ඒ මොනවාදැයි ඇසූ විට රජා ඇත්ත නොකියා බොරුවක් කිවුවා.

සීනි වල කැලරි අගය ඉහළයි. ඒ වගේම සීනි කන්න කවුරුත් වගේ ආසයි. නමුත්, අන්දරේලාට හා දරුවන්ට රජාට හා දරුවන්ට මෙන් හිතේ හැටියට සීනි කන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, එවැනි අවස්ථාවක් ලැබුණොත් අතාරින්නේත් නැහැ. රජා ඕක දන්නවා. තොරතුරු වසන් කරමින් පැදුරේ තියෙන්නේ වැලි කියා අන්දරේට කියන්නේ ඒකයි.

ඕනෑනම් පැදුරේ තිබෙන්නේ සීනි කියා කියන්න පුළුවන්කම රජාට තිබුණා. ඒ වගේම, ඒ සීනි රාජ්‍ය දේපොළක් බවත් කියන්න තිබුණා. නමුත්, රජා එහෙම කිවුවේ නැහැ. ඒකටත් හේතු තිබෙනවා.

රාජ්‍ය දේපොළ කියන්නේ පොදු දේපොළ. ඒ බව රජා දන්නවා. ඒ එක්කම මේ පොදු දේපොළ භුක්ති විඳින්නේ තමන්, පවුලේ අය සහ වටේ ඉන්න ටික දෙනෙක් පමණක් බවත් දන්නවා. ඒ කුඩා කණ්ඩායම ඇතුළට රජවාසල කවටයින්ව ඇතුළු කර ගන්න රජාට අවශ්‍ය නැහැ. රජා බොරු කියන්නේ ඒ නිසයි.

රජා බොරු කිවුවත් රජවාසල කවටයින්ව අන්දන්න අමාරුයි. රජාවත් අන්දලා රජවාසල සීනි කන හැටි ඔවුන් දන්නවා. තනියම නෙමෙයි පවුල් පිටින්.

අන්දරේ රජවාසල සීනි කන්නේ ලස්සනට රජාගේ කට වහලා. පැදුරු වල තියෙන්නේ සීනි නෙමෙයි වැලි කියලා කිවුවේ රජා විසින්මයි. ඒ නිසා දැන් රජාට රාජ්‍ය දේපොළ අපහරණය කළා කියා අන්දරේට දඩුවම් දෙන්න බැහැ.

රජවාසල කවටයෝ වැලි කිය කිය සීනි කනවා. ඒ අතරේ රටේ මිනිස්සු කන්න දෙයක් නැතුව ඇත්තටම පස් කනවා. පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු තම නිවසේ බිත්තිවල ඇති මැටි  ආහාරයට ගන්නා පුවතක් අද එක්තරා වෙබ් අඩවියක වාර්තා වී තිබුණා.

මා වෛද්‍යවරයෙකුගේ කාර්යය කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ වාර්තාවේ තිබෙන විස්තරය අනුව මෙය පයිකා (pica eating disorder) කියන රෝගී තත්ත්වය වෙන්න පුළුවන්. මෙය සැලකෙන්නේ මානසික රෝගී තත්ත්වයක් ලෙසයි. එහෙත්, මන්දපෝෂණය හා ඛණිජ ලවණ ඌණතා ඇතුළු වෙනත් පෝෂණ ඌණතා සමඟ මේ රෝගී තත්ත්වයේ විශාල සහසම්බන්ධයක් තිබෙනවා. හැම විටම දරුවෙකු පස් කන්නේ පෝෂණ ඌණතා නිසා නොවුණත්, දිගින් දිගටම පස් කන දරුවෙකු පෝෂණ ඌණතා වලින් පෙළෙන්නෙකු වීමේ සම්භාවිතාව ඉතා වැඩියි. වාර්තාවේ තිබෙන අනෙකුත් තොරතුරු අනුව මේ දරුවා පෝෂණ ඌණතාවයකින් පෙළෙන දරුවෙකු බව පැහැදිලියි.

ලංකාව ඉහළ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයක් ඇති බවට උදම් අනන රටක්. ඒ වගේම, මෑතකදී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් වූ රටක්. මේ සියල්ලටම වඩා කාලයක් තිස්සේ විශාල සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යන රටක්. එවැනි රටක දරුවන්ට පස් කන්න යොමු වෙන තරමේ ආහාර සුරක්ෂිතතා ප්‍රශ්නයක් තිබීමෙන් පෙනෙන්නේ මේ සුබසාධන ආකෘතිය අසමත් එකක් බවයි.

අප මේ කරුණ කියන්නේ ඉහත තනි උදාහරණය දෙස බලමින් නෙමෙයි. 2016 ශ්‍රී ලංකා ජනවිකාශ හා සෞඛ්‍ය සමීක්ෂණ ප්‍රතිඵල අනුව ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17%ක් වයසට අවශ්‍ය තරමට වඩා මිටියි. එම දරුවන්ගෙන් 15%කට උසට ගැලපෙන බර නැහැ. අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 21%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. වඩාත්ම කණගාටුවට කරුණ 2006-2016 අතර වසර දහයක් තුළ මේ තත්ත්වයේ පැහැදිලිව පෙනෙන වෙනසක් සිදු වී නොතිබීමයි.


8 comments:

  1. "මා වෛද්‍යවරයෙකුගේ කාර්යය කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ වාර්තාවේ තිබෙන විස්තරය අනුව මෙය 'පයිකා' කියන රෝගී තත්ත්වය වෙන්න පුළුවන්. "


    මම කලින් දාගෙන හිටපු කෑල්ලත් හම්බෙන හැමදාම කන්නම හදන්නේ මගේ පයි එක.එහෙනං එයාටත් මේ ලෙඩේ වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ළඟක හිටියනං අම්මප දානවා උඹේ කටේ පස් ටිකක්. ��

      Delete
  2. ළමයි මොක්කුද? ඡන්ද අයිතියවත් තියෙනවද? මන්ද පෝෂණය හින්දා මොළේ නොවැඩෙනවා නම්, සිරුර දුබල වෙනවා නම් වෙච්චාවේ. 225 අතරේ, එයාලගේ පවුල් අතරේ කෙට්ටු- බර අඩු මොකාද ඉන්නේ?

    ReplyDelete
  3. රට කන උන්
    දමති පස්
    අපේ කටේ

    ReplyDelete
    Replies
    1. බාගයක් කාලා දෙගුණයක් වැඩ කරන්න.
      ෴ හෝ-චි-මිං

      Delete
  4. අපගේ කුසගිනි නිවන්න පිටරට බත අපට එපා
    අපගේ ගත විලි වසන්න පිටරටවත අපට එපා
    අපගේ දුක සැප බලන්න පිට කෙනෙකුගෙ දෙනෙත එපා
    අපගේ පැන විසඳලන්න පිටකෙනෙකුගෙ නුවන එපා

    ෴ රණසිංහ ප්‍රේමදාස කිවිඳු

    ReplyDelete
    Replies
    1. ඔය කවියේ උඩ පේලි දෙකේ "පිටරට" වෙනුවට "නොරටින්" කියලා වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඉතින් අන්තිම පදේ කතාව නම් ඇත්ත. දියුණු වෙච්ච හැම ආසියානු අප්‍රිකා රටක්ම තමුන් ගේ උපදේශකයන් විද්වතුන් යොදාගෙන ඇමරිකන් යුරෝපීය බටහිර රටවල උගුල් වල නොවැටී සැලසුම් සහගතව කටයුතු කර දියුණු වූ බව ඉතා පැහැදිලියි.

      Delete
  5. Sri Lanka has not used Chinese debt appropriately to grow the economy after the end of the civil war, akin to eating a chicken instead of allowing it to lay eggs, a former diplomat cum academic said.

    “The Chinese approach is giving the chicken to you and letting it lay eggs,” Institute of International Affairs Director Yiwei Wang said in Colombo on Monday.

    Speaking at a Ceylon Chamber of Commerce forum on the Belt and Road Initiative, he said China intended for Sri Lanka to use the debt to develop itself.

    However, after the end of the civil war, the government kept borrowing without creating strong economic growth, getting Sri Lanka stuck in endless debt, Wang said.

    “When the economy is not growing you can’t pay it. So, the debt grows more and more. It is endless.”

    Wang said the Chinese government has invested 90 billion rupees in Sri Lanka over the past six years.

    Many investments come through Chinese state-owned enterprises, although some of the largest to build a port, airport and a convention centre in the Southern coastal town of Hambantota, had been made much earlier.

    An AidData and Asian Society Policy Institute study titled ‘Silk Road Diplomacy’ said Sri Lanka has been the third-highest recipient of Chinese investments in Central and South Asia totalling 12.7 billion US dollars.

    Pakistan was leading with 38.43 billion US dollars, followed by Kazakhstan with 32.87 billion US dollars.

    Wang said China’s approach to financing is fundamentally different from the west.

    “The western approach, which we have seen in Africa and Sri Lanka, is like giving you the chicken and you eat the chicken as a chicken soup. That way you will be on huge debt,” he said.

    He said China did not trap Sri Lanka in debt.

    “Many people talk about the debt. Yes, even China bought money in the beginning, from the Asian Development Bank. A huge amount of money. There is no trap.” Wang said.

    “If it is a trap, then 137 countries should be in that trap now.”

    The Belt and Road Initiative (BRI) is a global development strategy adopted by the Chinese government in 2013 involving infrastructure development and investments in 152 countries and international organizations in Asia, Europe, Africa, the Middle East, and the US.

    Jayanath Colombage, additional secretary (foreign affairs) to the President, too backed Wang, saying Sri Lanka is in a debt trap not because of China but due to a poor economy.

    “We have mismanaged our economy. We did not make the use of money we borrowed. And we don’t want to blame somebody else for that.” Colombage said.

    (ECONOMYNEXT – Colombo/Jan28/2020)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: