පසුගිය (2025) වසර ඇතුළත ලංකාවට සංචාරකයින් 2,362,521 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙය වසරක් තුළ ලංකාවට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. මීට පෙර ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි 2018 වසරට සාපේක්ෂව 1.2%ක වර්ධනයක් දකින්න තිබෙනවා. ඒ වගේම, පසුගිය වසරට සාපේක්ෂව 15.1%ක වර්ධනයක් දැකිය හැකියි.
වසරේ පළමු මාස දහය ඇතුළත රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ, පෙර වසරට සාපේක්ෂව, 16.7%ක වර්ධනයක් තිබෙනවා. අවසන් මාස දෙකේ එම වර්ධනය 9.0%ක් පමණයි. අවසන් මාස දෙකේ වර්ධනයද 16.7%ක් වුනානම් සංචාරකයින් ගණන තවත් 33,000කින් පමණ ඉහළ යනවා. එම අඩුව, සුළි කුණාටුවේ බලපෑම ලෙස සලකන්න පුළුවන්.
සුළි කුණාටුව නිසා වැඩිම බලපෑමක් සිදු වුනේ කෘෂිකාර්මික නිෂ්පාදිතයට සහ සංචාරක කර්මාන්තයටයි. නමුත් මේ බලපෑමෙන් පසුවද, හතරවන කාර්තුව තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ, පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව, 12.0%ක වර්ධනයක් දකින්න පුළුවන්. මේ අනුව, හතර වන කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයෙන් ලැබිය හැකිව තිබුණු දායකත්වය විශාල ලෙස අඩු වී ඇති බවක් පෙනෙන්න නැහැ.
කෘෂිකාර්මික නිෂ්පාදිතය පිළිබඳ සෘජු දත්ත නැතත්, වෙළඳපොළ මිල ගණන් දෙස බලා සිදු වූ හානිය ගැන වක්‍ර අදහසක් ගන්න පුළුවන්. දෙසැම්බර් මාසය තුළ එළවලු ආදියේ මිල ගණන් ඉහළ යාමෙහි පෙර වසරට සාපේක්ෂව විශාල වෙනසක් නැහැ. ඒ අනුව පෙනෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය තුළින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වයේ වුවද ඒ තරම් විශාල අඩුවක් සිදු වී නොමැති බවයි.
මූල්‍ය අරමුදල විසින් පුරෝකථන සකස් කර තිබෙන්නේ හතරවන කාර්තුවේ වර්ධන වේගය 2% පමණ මට්ටමකට පහත වැටෙනු ඇතැයි උපකල්පනය කරලා. එහෙත් ඉහත නිරීක්ෂණ අනුව පෙනෙන්නේ හතරවන කාර්තුව තුළද 4% ඉක්මවන වර්ධනයක් වාර්තා වීමේ විභවයක් ඇති බවයි. එසේ වුවහොත් මෙම වසරේ ආර්ථික වර්ධනයද 5%කට ආසන්න මට්ටමකට එන්න පුළුවන්.
සුළි කුණාටුවේ බලපෑම බොහෝ දුරට ක්ෂණික බලපෑමක්. එයින් මේ වසරේ හතර වන කාර්තුවට විශාල බලපෑමක් සිදු වී නැත්නම්, ඉදිරි වසරේ දකින්නට ලැබෙනු ඇත්තේද ඒ තරම් විශාල නොවන බලපෑමක්. ඒ බලපෑම ඉදිකිරීම් ආදිය ඉහළ යාම නිසා පහසුවෙන්ම නිශේධනය වී යන්න පුළුවන්.
වසරක් තුළ රටට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය මේ වසරේදී වාර්තා වී ඇතත්, එම ප්‍රමාණය වසර මුල සකස් කර තිබෙන ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩුයි. ඒ අඩුවට හේතුවනම් සුළි කුණාටුව නෙමෙයි. ඇස්තමේන්තු ඕනෑවට වඩා ඉහළ මට්ටමක තිබීම කියා කියන්නත් පුළුවන්. පසුගිය වසර සඳහා සකස් කළ ඇස්තමේන්තු ඉදිරි වසර සඳහානම් නරක ඉලක්ක නෙමෙයි.
@ ඉකොනොමැට්ටා
ReplyDeleteපහුගිය 2020 - 22 කාලය පුරාම ලෝකයටම දැඩි ලෙස බලපෑ COVID-19 වසංගතයෙන් පසුව ලෝකය පුරා සංචාරක ව්‍යාපාරය "පළිගැනීමේ සංචාරක ප්‍රවණතාව" (Revenge Tourism) හරහා අතිවිශාල ලෙස වර්ධනය විය. තායිලන්තය, වියට්නාමය සහ මාලදිවයින වැනි අසල්වැසි රටවල් මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගන්නා විට ශ්‍රී ලංකාව මෙසේ දැඩි ලෙස පසුබෑමට ලක්වීමට ප්‍රධාන හේතුව හුදෙක් ආර්ථිකය නොව "දේශපාලන දුබලතා සහ ආර්ථික අස්ථාවරත්වයයි."
ලංකාවේ දැනට පවති
දූෂණය සහ ප්‍රතිපත්ති අස්ථාවරත්වය මත සංචාරක ප්‍රවර්ධනය සඳහා වෙන්කරන මුදල් නිසි ලෙස කළමනාකරණය නොවීම, වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලීන් පෞද්ගලික සමාගම් වෙත පවරා ලාභ ලැබීමට දැරූ උත්සාහයන් සහ යටිතල පහසුකම් සංවර්ධනයේදී සිදුවන කොමිස් ගැසීම් නිසා ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරව පළුදු විය.
රටේ අනාරක්ෂිත බව සහ දේශපාලන අරගල සහ අර්බුද හමුවේ සංචාරකයින්ට අවශ්‍ය අවම පහසුකම් පවා ලබාදීමට රජය අපොහොසත් වීම නිසා, ලෝක සංචාරක සිතියමේ ශ්‍රී ලංකාව "අනතුරුදායක කලාපයක්" ලෙස හංවඩු ගැසී ඇත. මෙය අහඹු සිදුවීමක් නොව වර්තමාන දූෂිත පාලනයේ සෘජු ප්‍රතිඵලයකි.
ඔබ හිතන පරිදි රටක ජීවන තත්ත්වය උසස් වීමට හේතුව 'ආර්ථික විද්‍යාව' ද? 'තාක්ෂණය' ද?
ආර්ථික විද්‍යාවේ "තාක්ෂණික නිර්ණායකවාදය" (Technological Determinism) නම් සංකල්පය අනුව රජයන් පෙන්වන "ආර්ථික වර්ධන වේගය" (GDP Growth) යනු බොහෝ විට කෘතිමව සකස් කළ ඉලක්කම් සමුදායකි.
සැබවින්ම මිනිසාගේ ජීවිතය වෙනස් කර ඇත්තේ විද්‍යාව සහ තාක්ෂණයයි.
කාර්යක්ෂමතාවය සහ පිරිවැය ගත්තත් අද සාමාන්‍ය මිනිසෙකුට ලොව ඕනෑම තැනක සිටින අයෙකු සමග තත්පරයකින් සම්බන්ධ විය හැක්කේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා නොව, අන්තර්ජාලය සහ ස්මාර්ට් දුරකථන තාක්ෂණය නිසාය. තාක්ෂණය මගින් නිෂ්පාදන පිරිවැය අඩු කරන අතර, එමගින් භාණ්ඩ හා සේවා සාමාන්‍ය ජනතාවට සමීප වේ.
ආර්ථික ඉලක්කම්වල ව්‍යාජ බව නම් රටක GDP අගය ඉහළ ගියද, එම ධනය දූෂිත දේශපාලඥයින් සහ විශාල ව්‍යාපාරිකයින් අත පමණක් සංකේන්ද්‍රණය වේ නම් සාමාන්‍ය ජනතාවට ඉන් පලක් නැත. නමුත් "තාක්ෂණික ප්‍රජාතන්ත්‍රවාදය" (Technological Democratization) හරහා නව සොයාගැනීම් (උදා: සූර්ය බලශක්තිය, AI, ඩිජිටල් බැංකුකරණය) පොදු ජනතාව වෙත ගලා යන විට ඔවුන්ගේ ජීවන තත්ත්වය නිරායාසයෙන්ම ඉහළ යයි.
ලංකාවේ දූෂිත රජය නිසා කර්මාන්ත අඩපණ වීම සමග 'දේශපාලන අර්බුදයක ආර්ථික බලපෑම'
ඕනෑම කර්මාන්තයක කොඳු නාරටිය වන්නේ විශ්වාසය සහ ස්ථාවරත්වයයි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය තුළ:
ආයෝජක විශ්වාසය බිඳවැටීම: දූෂිත ක්‍රමවේද සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම නිසා විදේශ ආයෝජන (FDI) ලංකාව මගහැර වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවලට ගලා යයි.
නිෂ්පාදන බිඳවැටීම: අධික බදු බර සහ දූෂිත නිලධාරිවාදය නිසා දේශීය කර්මාන්තකරුවන්ට සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වී ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ රටේ නිෂ්පාදන ධාරිතාව අඩාල වී ආනයන මත යැපෙන පරාදීන අසමත් රටක් බවට පත්වීමයි.
අද (07) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02ක් ලෙස වාර්තා වී ඇත. 2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වන අතර, අද (07) දිනයේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 306.28ක් හා විකුණුම් මිල රු. 313.81ක් ලෙසින් සටහන් වී ඇත.
Deleteපසුගිය 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%කින් අවප්‍රමාණය වී ඇති බව, ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේය.
ඉකොනෝ
ReplyDeleteආර්ථික විද්‍යාව අනුව මේ පහත දැක්වෙන කතාව ඇත්ත ද කියලා විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
උපුටාගැනීම
//
🇮🇶 2000 දී ඉරාකයේ සදාම් හුසෙන් බොරතෙල් විකිණීමේදී ඇ.එ.ජ. ඩොලරය වෙනුවට යූරෝ පාවිච්චි කිරීමට යෝජනා කරනවා.
❌ වසර කීපයකට පසු සදාම් හුසේන්ට ඉරාකයද ජීවිතයද අහිමි වෙනවා. ඉරාකයේ බොරතෙල් ඇ.එ.ජ. ඩොලර් වලට විකිණීම දිගටම සිදුවෙනවා.
🇱🇾 2009 දී ලිබියාවේ ගඩාෆි බොරතෙල් විකිණීමේදි ඇ.එ.ජ. ඩොලරය වෙනුවට රත්‍රං පාවිච්චි කිරීමට යෝජනා කරනවා.
❌ වසර දෙකකට පසු ගඩාෆිට ලිබියාවද ජීවිතයද අහිමි වෙනවා.
🇻🇪 2018 දී වෙනුසුවේලාවේ මදුරෝ බොර තෙල් විකිණීමේදි ඇ.එ.ජ. ඩොලරය අතෑරලා චීන යුවාන් පාවිච්චි කරන්න ගත්‍නවා.
❌ වසර කීපයකට පසුව දැන් මදුරෝටත් අර කලින් අයට වගේම ඉරණමක් අත්වෙන බව පේන්න තියෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම අපනයන භාණ්ඩය යුධ අවිවත්, යන්ත්‍රෝපකරණවත්, තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නිෂ්පාදනවත් නෙවෙයි...ඒක තමා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය. අදටත් ලෝකේ බොහෝ ගණුදෙනු වෙන්නෙ ඇ.එ.ජ ඩොලරයෙන්. ඔවුන් ලෝකය මත පවත්වාගෙන යන ආර්ථික අධිකාරියට ප්‍රධාන හේතුවක් තමා ඇ.එ.ජ. ඩොලරය.
මේක ට්‍රම්ප්ගෙ හිතුමනාපෙට කරපු වැඩක්වත් ඇමෙරිකාවට වෙනුසුවේලාවෙන් මත්ද්‍රව්‍ය එන නිසා කරපු දෙයක්වත් වෙන මොකක් හෝ හින්දා කරපු දෙයක්වත් නෙවෙයි. මේක ඇමෙරිකාව ලෝකය මත පවත්වාගෙන යන අධිකාරිය පිළිබඳ ප්‍රශ්ණයක්.
//
සටහන Vajira De Silva ගෙන්.
මේක ගැන විස්තර සහිතව ආර්ථික විද්‍යාත්මකව කියන්න පුළුවන්ද?
කමෙන්ට්ස් වගෙම දෙන උත්තර කියවන්න
ReplyDeleteඑන්නෙමි නැවත - ලොව නව තතු දැනගන්න
"වෙනිසියුලාව සතු, දැනට ඇමරිකානු සම්බාධකවලට යටත්ව ඇති බොරතෙල් බැරල් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් අමෙරිකා එක්සත් ජනපදයට භාර දීමට නියමිත බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේද වශයෙන් ප්‍රකාශ කර තිබේ. මේවා එක්සත් ජනපදයේ සම්බාධක උල්ලංඝනය කරමින් චීනය සහ ඉන්දියාව වැනි රටවලට විකිණීමට වෙනසියුලානු බලධාරීන් ගබඩා කර තිබී ඇත.
ReplyDeleteමෙලෙස ලබා ගන්නා බොරතෙල් ලෝක වෙළඳපල මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිත අතර, එමඟින් ලැබෙන ආදායම වෙනිසියුලානු සහ අමෙරිකානු ජනතාවගේ යහපත උදෙසා යෙදවීමට තම පාලනය යටතේ කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සැලසුම වහාම ක්‍රියාත්මක කරන ලෙස ඔහු සිය බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් වෙත උපදෙස් දී ඇති අතර, අදාළ තෙල් තොග එක්සත් ජනපදයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකා මගින් සෘජුවම අමෙරිකානු වරායයන් වෙත ඉක්මනින්ම රැගෙන ඒමට නියමිතය.
වෙනිසියුලානු බලශක්ති ක්ෂේත්‍රය යළි නංවාලීම වෙනුවෙන් වෙනිසියුලානු බොරතෙල් අපනයනය එක්සත් ජනපදයේ සමාගම් යටතේ ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු තෙල් සමාගම් ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා පවසයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා Chevron, Exxon Mobil සහ ConocoPhillips වැනි දැවැන්ත තෙල් සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබේ. දැනටමත් ලිබියාව ඉරාකය ඇන්ගෝලාව වැනි රටවල සාර්ථකව ක්‍රියාත්මක වන එක්සත් ජනපදයේ සමාගම්වල බලශක්ති ප්‍රතිපත්ති වෙනිසියුලාවට ද හඳුන්වා දී ඒ හරහා වෙනිසියුලාව ද සංවර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වන බව එක්සත් ජනපදයේ මාධ්‍ය මගින් විස්තර සහිතව වාර්තා කර ඇත."
මේ නිව්ස් එක ගැන පෝස්ට් එකක් දාලා විස්තර කරන්න පුළුවන් ද ඉකොනො?
ඇමරිකාවට රෙදි නැතිව කඩේ යන ඉකොනො මේ ගැන එක අකුරක් ලියන්නේ නෑ. තක්කඩිකම තමයි
Delete@ Ano
Deleteදැන් එක්සත් ජනපදයට කත් අදින ටික දෙනෙක් ඩෙල්ටා ෆෝස් එක නිකලස් මදුරෝව කුදලගෙන ආවායෙන් පස්සේ Delta Force එක ඔය විදිහටම පුටින්වයි, අර උතුරු කොරියාවේ අහස්කූරූ ඩෑල් එකයි අල්ලගෙන එයි කියලා වර්ණා කරනවා දැක්කා.
ඔය කියන තරම් Ground Operation ලේසි නෑ, අනිවාර්යෙන්ම ඇතුළෙන් සහායක් නැතුව, මදුරෝව ඉස්සුවෙත් සැලකිය යුතු ඇතුළේ සහායක් ඇතුව තමයි.
නමුත් ඩෙල්ටා ෆෝස් එක ගැන බොරු වර්ණනා කරන බටහිර මාධ්‍ය සඟවන Delta Force එක හොඳටම ඇනගත් තැනක් තියෙනවා, ඒ චීනයවත්, රුසියාවවත්, ඉරානයවත් අඩුම උතුරු කොරියාවටවත් ගිහින් නෙමෙයි ඈත අප්‍රිකාවෙ දුප්පත් සෝමාලියාවෙන් කෙනෙක් කුදලගෙන එන්න ගිහින්..
සෝමාලියාවේ War Lord කෙනෙක් හිටියා Mohamed Farrah Aidid කියලා.. පොරව අල්ලාගෙන එන්න Delta Force එකේ බලඇණියක් යනවා සෝමාලියාවට..
Ground Operation එකක් Fail වෙන්න පුළුවන් ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා කියනවනේ, ඒවා තමයි භූමියේ පිහිටීම, අදාළ රටේ හරි ප්‍රදේශයේ හරි ජනතාවගේ සහාය නොලැබීම, ගරිල්ලා ප්‍රහාර වගේ.
එදා Delta Force එකට ලැබුණු බුද්ධි තොරතුරු සහ ඒවා හරියට ගලපාගන්න බැරි වීමත්, සතුරාව underestimate කරපු නිසාත් හොඳටම ඉල්ලගෙන කනවා.
පහළින් ගමන් කරන හෙලිකොප්ටර යානා ඉලක්ක කරලා RPG-7s වලින් පහර දෙනවා Farrah Aidid ගේ සෙබළුන්, මොකක්ද දන්නවද වෙන්නේ MH-60 Black Hawks වර්ගයේ හෙලිකොප්ටර දෙකක් බිම දානවා.
Delta Force එක මොන තරම් ප්‍රබල පුහුණ වීමක් ලබලා හිටියත් සෝමාලියානු War Lord ගේ සෙබළු දහසකට ආසන්න විතර පිරිසක් පිරෙනවා, Delta Force එකට අවි බලයයි, සහායයි දෙකම නැතිවෙනවා.
සෙබළු 18 දෙනෙකුට දිවි අහිමි වෙද්දී 70ක් පමණ තුවාල ලබනවා.. දිවි අහිමි වූ අයගෙ සිරුරු නිරුවත් කරලා ඒ සෝමාලියානු වැසියෝ පාරවල් දිගේ ඇදගෙන යනවා පහර දීගෙන.
මුළු දිනයක්ම අන්ත අසරණ වෙලා යනඑනමං නැතුව ඉද්දී UN එකේ සාම සාධක හමුදාවේ අති විශාල බලඇණියක් (පාකිස්ථානය සහ මැලේසියානු හමුදා සෙබළුන් සහ ප්‍රහාරක යුධ රථ) සහාය ලබාගෙන එක්සත් ජනපදයේ 10 වන Mountain Division එක ගිහින් තමයි මිනී ටිකයි, තුවාල ලබලා හිටපු පිරිසයි ගලවාගෙන එන්නේ..
1993 වසරේ ඔක්තොම්බර් 03 වනදා මේ සිදුවීම වෙන්නේ, දන්න සේරම ශිල්ප ක්‍රම රාශියක්ම දාලාත් ඔක්තොම්බර් 04 වනදා තමයි අනතුරට පත්වෙච්චි පිරිස බේරාගන්නේ.
මේ සටන Battle of Mogadishu කියලා නම් කරනවා, මේ සිද්ධිය අමෙරිකානු යුධ ඉතිහාසයේ තවත් එක් කුජීත කළු පැල්ලමක්. මේ සිද්ධියෙන් පස්සේ ඒ කිව්වේ 1994 දී අමෙරිකානු හමුදා සෝමාලියාවෙන් ඉවත් වෙනවා.
මේ සිද්ධිය අලලා පසුව විශිෂ්ඨ චිත්‍රපටයක් නිර්මාණය වෙනවා, මං ඉකොනෝට බලන්න කියලා යෝජනා කරනවා
චිත්‍රපටයේ නම Black Hawk Down (2001), පැය 2යි විනාඩි 24ක් පුරාවටම ඇදිලා යන මේ චිත්‍රපටය විටෙක ත්‍රාසයත්, විටෙක සංවේදී භාවයත් පිරි චිත්‍රපටයක්, පාදක වෙන්නේ මේ සිද්ධිය..
සෝමාලියාවට ගිහින් ඔහොම නම් අර වගේ රටකට ගිහින් අහවල් කෙනා උස්සගෙන එන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, කරන්න බැරිි වැඩක් 😬 එහෙම නේද?
මේ කතාව ගැන ඉකොනෝගෙ අදහස කුමක්ද?
Me pist good
ReplyDelete