අද (ජනවාරි 7) ඩොලරයක මැදි මිල කලකට පසු රුපියල් 310 සීමාව ඉක්මවා ගියා. රටේ නිල විදේශ සංචිත ඉහළ යද්දී මෙහෙම වෙන්නේ ඇයි කියලා කිහිප දෙනෙක්ම අහලා තිබුණා.
පළමුව, රටේ නිල විදේශ සංචිත ඉහළ යාම හෝ පහළ යාමත්, ඩොලරයක මිල ඉහළ යාම සහ පහළ යාමත් අතර සෘජු සම්බන්ධයක් නැහැ. බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් මිල පහළ යනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් මිල ඉහළ යනවා.
සාමාන්‍යයෙන් මහ බැංකුව වෙළඳපොලෙන් ඩොලර් මිල දී ගන්නේ බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් සැපයුම ඉල්ලුමට වඩා වැඩි දවස් වලටයි. එවැනි දවස් වලට ඩොලරයක මිල පහළ යනවා. මහ බැංකුවේ මැදිහත් වීම නිසා මිල පහත වැටෙන එක සීමා වෙනවා. නමුත් යම් තරමකින් හෝ පහත වැටෙනවා.
උදාහරණයක් විදිහට පසුගිය සිකුරාදා (ජනවාරි 2) ඩොලරයක මිල පෙර දවසට වඩා ශත 46කින් අඩු වී තිබෙනවා. ඇතැම් විට එදින මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගත්තා වෙන්න පුළුවන්. නමුත් අද (ජනවාරි 7) ඩොලරයක මිල ශත 17කින් ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුම සුළු වශයෙන් වැඩි වීම. මේ වගේ අවස්ථාවක ඩොලරයක මිල ඉහළ යනවා.
කිසියම් දවසක් ඇතුළත බැංකු පද්ධතිය ඇතුළේ විශාල ඩොලර් හිඟයක් ඇති වී ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යමින් ඇති බව පෙනී ගියොත් මහ බැංකුව යම් ඩොලර් ප්‍රමාණයක් විකුණලා මිල ඉහළ යාම පාලනය කරනවා. එසේ කරද්දී සංචිත අඩු වෙනවා. නමුත් දවසක් ඇතුළත ඔය වගේ ශත ගණනකින් ඩොලරයක මිල ඉහළ ගියා කියලා මහ බැංකුව විසින් එවැනි මැදිහත්වීමක් කරන්නේ නැහැ.
ආර්ථික අර්බුදයෙන් පසුව මහ බැංකුව ඉන්නේ විදේශ සංචිත වැඩි කරගැනීමේ දිගුකාලීන ඉලක්කයක. ඒ නිසා, පුළුවන් හැම වෙලාවකම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා නමුත් ඩොලර් විකුණන්නේ එසේ නොකරම බැරි දවස් වල පමණයි. ඉල්ලුමට වඩා ඩොලර් සැපයුම වැඩි දවස් වල මහ බැංකුව විසින් අනිවාර්යයෙන්ම මෙන් ඩොලර් මිල දී ගන්නවා. නමුත් ශත කිහිපයකින් ඩොලරයක මිල ඉහළ ගියා කියලා මහ බැංකුව ඩොලර් විකුණන්නේ නැහැ. ඒ නිසා ඩොලරයක මිල එදිනෙදා ඉහළ වගේම පහළද යන නමුත් අවසාන වශයෙන් හෙමින් හෙමින් ඉහළ යනවා.
ඩොලරයක මිල රුපියල් 310ක් වීම ගැන ගොඩක් අය ප්‍රශ්න කර තිබෙන්නේ මේ කරුණ මාධ්‍ය විසින් බර තබා වාර්තා කර තිබෙන නිසා. කරුණක් ලෙස ගත්තොත් මෙය නිවැරදියි. නමුත් මේ විදිහේ මාධ්‍ය වාර්තා දකින බොහෝ දෙනෙක් ඩොලරයක මිල රුපියල් 310 වුනේ කීයේ ඉඳලද කියන එක හොයා බලන්නේ නැහැ.
පසුගිය වසර අවසානයේ, දෙසැම්බර් 31 දින, ඩොලරයක මැදි මිල රුපියල් 309.99යි. ඊයේ (ජනවාරි 7) වන විට මෙය රුපියල් 310.02ක් වී තිබෙනවා. වසර තුළ, මේ දක්වා, ශත තුනක සුළු වැඩිවීමක්. දශම ගණන් බැලුවොත් ශත දෙකහමාරක වැඩි වීමක්.
සතියක් ඇතුළත ඩොලරයක මිල ශත තුනකින් වැඩි වෙලා කියලා වාර්තා කළොත් එහි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැහැ. හැම දවසකම ඩොලරයක මිල යම් තරමකින් අඩු වැඩි වෙනවා. නමුත් ඩොලරයක මිල කාලයකට පසු රුපියල් 310 සීමාව පන්නලා කියලා වාර්තා කළාම එය ගොඩක් අයගේ අවධානයට ලක් වෙනවා. වැඩි වූ ශත තුනට ඊට වඩා වැඩි ප්‍රවෘත්තිමය වටිනාකමක් ලැබෙනවා. නමුත් ඇත්තටම මෙහි කනස්සළු විය යුතු තරමේ දෙයක් නැහැ.
පසුගිය අවුරුද්දම සැලකුවොත් ඩොලරයක මිල 5.6%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව උත්සාහ කරන්නේ දිගුකාලීනව උද්ධමනය 5% මට්ටමේ තියාගන්න. එයින් අදහස් වන්නේ දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන රට ඇතුළේ විකුණන අයට ලැබෙන නාමික ආදායමද වසරකට 5%කින් ඉහළ යනවා කියන එකයි. දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන අපනයනය කරන හෝ වෙනත් විදිහකින් විදේශ විණිමය උපයන අයටත් ඒ හා සමාන ආදායම් වැඩිවීමක් වෙන්නනම් ඩොලරයක මිලද අවශ්‍ය පමණ ඉහළ යා යුතුයි.
හයේ පන්තියේ වැල පොත බැලුවද
ReplyDeleteThe current state of Sri Lanka is absolutely pathetic. Since the defeat of Mahinda Rajapaksa in 2015, the nation has witnessed a total collapse. Vital road and development projects were abandoned or crippled under the incompetent leadership of the Maithripala Sirisena and Ranil Wickremesinghe government. Their governance was a profound failure, a sentiment only intensified by the subsequent COVID-19 crisis and the fake, false, and fabricated "struggles" they presented to the public.
ReplyDeleteThe so-called economic bankruptcy they oversaw was itself a fabricated disaster, engineered by their mismanagement and lack of vision. This legacy of ruin has been cemented by the present-day fake government, which has utterly destroyed the nation's foundations. It is as if Mother Nature herself has been administering a smooth and just punishment to the country from 2015 to the present day for this grand betrayal of our homeland.
The main personalities responsible for this national tragedy are unequivocally Maithripala Sirisena and Ranil Wickremesinghe. Their actions were not merely failures; they constituted a direct betrayal of Sri Lanka's sovereignty to foreign interests. The catastrophic situation they have created is so severe that it appears there is no chance left for Sri Lanka to recover and rise from these ruins.
දෙසැම්බර් 31 ඉඳලා ජනවාරි 7 ට වසරක් වුනේ කොහොමද?
ReplyDeleteඉකොනෝ, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දිනකට තෙල් බැරල් මිලියන 20කට වැඩි ප්‍රමාණයක් පාරෝභෝජනය කරයි. මදුරෝ පැහැරගැනීමෙන් පසුව අන්තර්වාර ආණ්ඩුව විසින් ක්ෂණිකව ඇමරිකාවට තෙල් සැපයීමට ගත් තීරණය ට්‍රම්ප් වෙතින් ප්‍රකාශ වීමත් සමග රට තුල ඉන්දන මිල පහල යමින් තිබේ. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකානු "ජනතාව" ට්‍රම්ප් පාලනය පිළිබඳව විශ්වාසයක් ඇතිකරගනු ඇත.
ReplyDeleteතෙල් අලවි කර ලැබෙන ආදායම සම්පූණයෙන්ම පාලනය කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි.
නීතිය පවතින්නේම එය උල්ලංඝනය කිරීමේ හැකියාව ද සමඟයි
මදුරෝ වෙනුවෙන් පෙනී සිටීම සඳහා සුපිරි නීතිඥයෙකු ඉදිරිපත්ව තිබේ. ඒ විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ව නිදහස් කරගත්බැරී පොලැක් (Barry Pollack) ය.
මදුරෝ අධිකරණයකට යොමු කිරීම විසින්ම තවදුරටත් තහවුරු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි (ඇමරිකාවේ ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය බව). බලවත් රාජ්‍යයකට අවශ්‍ය නම් ඕනෑම බොරුවක් ගොතා අධිකරණ ක්‍රියාවලියකට යොමු කල හැකිය.
ශ්‍රී ලංකාවේ පොලීසිය ද එවැනි ක්‍රියාවන් අනන්තවත් සිදු කරයි (ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක පොලීසි වලට එම හැකියාව තිබේ). එවිට ඉන් සමහරක් මානව හිමිකම් උල්ලංඝනය වීම් බවට ප්‍රකට වී, මානව හිමිකම් වල ඇති උත්තුංගභාවය, ඒවා අනුල්ලන්ඝනීය මෙන්ම විශ්වීය බව, ජාතිය, ආගම හෝ වෙනයම් පදනමක් මත වෙනස් නොවන බව, වැනි ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ගුණාංග තවදුරටත් තහවුරු වේ.
මදුරෝ වෙනුවෙන් දැවැන්ත නීතිඥයෙකු පෙනීසිටීම තුල (එවැනි නීතිඥයින් සිටීම සහ අධිකරණයක නඩු පැවරිය හැකි වීම විසින්ම පවතින ක්‍රමය තුල මෙවැනි පැහැරගැනීම් වැනි සිද්ධීන් තිබිය යුතු බව තහවුරු කරයි) සහ ඔහු විසින් ඉදිරියේදී මදුරෝ නිදහස් කරගැනීම තුල හෝ වරද කරුවෙකු වීම තුල (බොහෝ දුරට නිදහස් වනු ඇත) වඩා හොඳින් තහවුරු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. එසේම ඉන් ඇමරිකාවේ ක්‍රියාව ද ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී බවට විධිමත් තහවුරුවක් ලැබේ.
ඒ අනුව කිසිඳු ප්‍රශ්නයක් නොමැතිව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාවය වන වෙනිසිව්ලාවේ සම්පත් තම සමාගම් වලට නතු කරගැනීම සහ ඊට අදාළ අවශේෂ අවශ්‍යතාවයන් ද (ආර්ථිකමය, දේශපාලනමය සහ සංස්කෘතිකමය වශයෙන් වෙනිසිව්ලාවට බලපෑම් කර එය ධනේශ්වර පර්යයට නිසි පරිදි නතු කර ගැනීම) ඒවාට අවශ්‍ය පරිදි ඉටුවන අතර පැහර ගැනීම සුජාතකරණය වේ (නීතිමය ක්‍රියාවලියකට යොමු කිරීම හේතුවෙන්).
තවදුරටත් පවසන්නේ නම්, පද්ධතිය විසින් සිදුකරන අපරාධයක් (පැහැර ගැනීමක්) අධිකරණ ක්‍රියාවලියකට යොමු කළ සැනින් එය "නීතිමය" ස්වරූපයක් ගනී. මෙහිදී වැදගත් වන්නේ නඩුවේ තීන්දුව නොව, එම ක්‍රියාවලිය හරහා පද්ධතියේ "සාධාරණත්වය" ප්‍රදර්ශනය කිරීමයි (පද්ධතියේ ස්වයං-සාධාරණීකරණය).
ඇමරිකාවට මැදිහත් වීමට ඇති බලය (කෘරත්වය) සහ නීතිඥයෙකුට විත්තිකරුවෙකු නිදහස් කර ගැනීමට ඇති අයිතිය (ශිෂ්ටත්වය) යන දෙකම එකම කාසියක දෙපැත්තයි.
"නීතිය පවතින්නේම එය උල්ලංඝනය කිරීමේ හැකියාව ද සමඟය."
මෙම දෘෂ්ටිවාදී මර උගුල පිළිබඳව අවබෝධ කරගැනීමට වාමාංශිකයින් අසමත්ය. මෙහිදී අධිකරණය දෘෂ්ටිවාදී තිරයක් ලෙස ක්‍රියාත්මක වේ. එනම්, සුපිරි නීතිඥයෙකු පෙනී සිටීම "සර්ව සාධාරණත්වය" පිළිබඳ ෆැන්ටසිය පෝෂණය කරයි. එමගින් සැබෑ ආර්ථික සූරාකෑම (සම්පත් නතු කරගැනීම) සදාචාරාත්මක ආවරණයක් යටතේ වඩාත් පහසුවෙන් සිදු කළ හැකි නොවේද?