වෙබ් ලිපිනය:

Wednesday, January 19, 2022

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (දහවන කොටස)

මෙය මෙම ලිපි මාලාවේ පළමු අදියරේ අවසන් ලිපියයි. ඉන් පසුව, දෙවන අදියරේ ලිපිද කොටස් වශයෙන් පළ කිරීම අපේක්ෂාවයි. පළමු අදියරෙහි අප විස්තර කරන්නේ ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයෙහි ඓතිහාසික මූලයන් පිළිබඳවයි. දෙවන අදියරෙන් අප මෙම අර්බුදයේ වත්මන් තත්ත්වය විග්‍රහ කරනවා. විසඳුම් ගැන කතා කෙරෙනු ඇත්තේ තෙවන අදියරෙහිදී. 

ලංකාවේ ආර්ථික අර්බුදයට මුල් වූ පාදක හේතුව රාජ්‍ය අයවැය හිඟය බවත්, එය නිදහස ලැබූ තැන් පටන්ම වර්ධනය වූ හිඟයක් බවත්, රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් ප්‍රශ්නයට දායක වී ඇති බවත් අප දැනටමත් දන්නවා. කෙසේ වුවත්, රාජ්‍ය අයවැය හිඟය සමඟ ලංකාව විශාල කාලයක් ඉදිරියට ගියා. වත්මන් ආර්ථික අර්බුදයට රාජ්‍ය අයවැය හිඟයේ දායකත්වය අමතක කළ නොහැකි වුවත්, එය ආසන්න හේතුව නෙමෙයි. ආසන්න හේතුව දළ වශයෙන් 2010 වසරේදී ලංකාව ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තේයැයි කිව හැකි පොන්සි ක්‍රීඩාවයි. 

ලිපි මාලාවේ පළමු අදියර අවසන් කිරීමට පෙර අපි මේ පොන්සි ක්‍රීඩාව හොඳින් අවබෝධ කර ගනිමු. 

පහත වගුවෙහි පෙන්වා තිබෙන්නේ 2021 තෙවන කාර්තුව අවසානයේදී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයයි. මෙම ණය වලට රුපියල් ණය මෙන්ම ඩොලර් ණයද ඇතුළත්. සංසන්දනය කිරීමේ පහසුව පිණිස සියළුම ණය රුපියල් වලින් මෙන්ම ඩොලර් වලින්ද පෙන්වා තිබෙනවා.


ඉහත සංඛ්‍යාලේඛණ අනුව ලංකාවේ රාජ්‍ය ණය වලින් විදේශ ණය තිබෙන්නේ 37.9%ක් පමණයි. ඉතිරි 62.1% දේශීය ණය. කෙසේ වුවත්, විදේශයන්ට ණය වී තිබෙන්නේ ලංකාවේ රජය පමණක් නෙමෙයි. පහත පළ කෙරෙන ඊළඟ වගුව දෙස බැලූ විට මේ බව පැහැදිලි වෙනවා. 

ලංකාවේ සමස්ත විදේශ වත්කම් හා බැරකම් අතර වෙනස ඩොලර් මිලියන 54,012ක හිඟයක්. මේ හිඟයෙන් සැලකිය යුතු කොටසක් රාජ්‍ය ණය නෙමෙයි. කෙසේ වුවත්, වගු දෙකම එක්ව ගෙන කියවූ විට සමස්ත චිත්‍රය දැකිය හැකියි.

මධ්‍යම රජයේ දේශීය ණය එම ණය ලබාගත් මූලාශ්‍රය අනුව කොටස් තුනකට වර්ග කළ හැකියි. ඒ මහ බැංකුවෙන් ලබාගත් ණය, අනෙකුත් වාණිජ බැංකු වලින් ලබාගත් ණය හා බැංකු නොවන අංශ වලින් ලබා ගත් ණය ලෙස. මෙයින් පළමු කාණ්ඩ දෙක උද්ධමනාත්මක මූලාශ්‍ර. 

රජයට ණය දෙන මේ කණ්ඩායම් තුනම මේ වන විට ශුද්ධ වශයෙන් ලෝකයට ණයයි. අර කපුගේ කියන්නේ "පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය" කියලා. ඒ වගේ, ලංකාවේ මධ්‍යම රජය දේශීය ණය ලබා ගන්නා මූලාශ්‍ර තුනම මේ වෙද්දී ශුද්ධ වශයෙන් ලෝකයට ණයකරුවෝ. ඉතිං මහ බැංකුවට වුනත්, අනෙකුත් බැංකු වලට වුනත්, රටේ අනෙකුත් අංශ වලට වුනත්, රජයට තවත් ණය දෙන්න වෙන්නේ ලෝකයට තවත් ණය වෙලා. එහෙම නැත්නම් මුදල් සැපයුම වැඩි කරලා.

මහ බැංකුවෙන් පටන් ගනිමු. පසුගිය වසරේ තෙවන කාර්තුව අවසන් වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය (ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය) ඩොලර් මිලියන 747ක්. මහ බැංකුව රජයට දී තිබෙන ණය වල ඩොලර් අගය මිලියන 9,166ක්. ඒ කියන්නේ මහ බැංකුව විසින් තමන් සතු මුළු සේසතම රජයට ණයට දීලා තවත් ඩොලර් මිලියන 747ක් ණයට අරගෙනත් දීලා තියෙනවා. මෑතකදී අත්සන් කළ විණිමය හුවමාරු ගිවිසුම් ආදිය තියෙන්නේ ඔය ගොඩේ. රජය බේරගන්න ගිහින් දැන් මහ බැංකුවත් ලෝකයට ණයකරුවෙක්!

වාණිජ බැංකු දිහා බැලුවත් දැකිය හැක්කේ ඔය කතාවමයි. වාණිජ බැංකු වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,998ක්. වාණිජ බැංකු වලින් රජයට දී තිබෙන ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 19,806ක්. ඔය ණය වලින් කොටසක් වාණිජ බැංකු විසින් රජයට ලබා දී තියෙන්නේ ලෝකයට ණය වෙලා. ලංකාවේ වාණිජ බැංකු විසින් ස්වෛරිත්ව බැඳුම්කර වල කර තිබෙන ආයෝජන ආදිය තිබෙන්නේ ඔය ගොඩේ.

අනෙකුත් අංශ දිහා බැලුවත් කතාව ඕකමයි. අනෙකුත් අංශ වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 19,110ක්. ඇත්තටම ඔය ණය වලින් සැලකිය යුතු කොටසක් රජයටම සම්බන්ධ ආයතන වල විදේශ ණය. ඒ ප්‍රමාණය වෙනම හොයා ගන්න නැති නිසා, අපි මුළු ණය ප්‍රමාණයම ගත්තත්, අනෙකුත් අංශ වලින් රජයට දී තිබෙන ණය වල ඩොලර් වටිනාකම මිලියන 23,887ක්. 

දැන් පැහැදිලියිනේ කතාව. ලංකාවේ සන්දර්භයේ රටේ කවුරු හෝ විසින් ලබාගත් විදේශ ණය අවසාන වශයෙන් වියදම් කර තිබෙන්නේ රජය විසින්. සංඛ්‍යාලේඛණ වල තිබෙන රජයේ දේශීය වලින් සැලකිය යුතු කොටසක් වක්‍ර ලෙස විදේශ ණයම තමයි. 

පසුගිය වසරේ තෙවන කාර්තුව අවසන් වෙද්දී ලංකාවේ සමස්ත විදේශ බැරකම් ප්‍රමාණය වන ඩොලර් මිලියන 54,012 මධ්‍යම රජයේ ණය වලින් 63.5%ක්. මේ ප්‍රතිශතය සංඛ්‍යාලේඛණ වල දැකිය හැකි දේශීය ණය ප්‍රතිශතය වන 37.9%ට වඩා ගොඩක් වැඩියි. ඉතිරි කොටසත් මෑත කාලයේදී උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් ලබාගත් ණය. ඒ කියන්නේ අච්චු ගැසූ හෝ මවනු ලැබූ සල්ලි. 

දැන් මෙයින් කියැවෙන කතාව කුමක්ද? 

ලංකාවේ රජය විසින් මේ ආකාරයෙන් අත දිග හැර වියදම් කර තිබෙන්නේ රට තුළ කිසිදා නූපයූ ආදායම්. එක්කෝ රටේ කවුරු හෝ විසින් ගත් විදේශ ණය. එහෙම නැත්නම්, අච්චු ගහපු සල්ලි. හැබැයි මේ සල්ලි වැය කර තිබෙන්නේ කවුරු හෝ විසින් නිපදවූ දේවල් මිල දී ගෙන පරිභෝජනය කරන්න. ඒ වෙනුවෙන් කිසිදා නොගෙවූ මිල කවදා හෝ ගෙවන්නම වෙනවා. ලොතරැයි ක්‍රීඩාවක ජයග්‍රාහකයෝ පමණක් ඉන්න බැහැ!

මේ තත්ත්වය අහම්බයක් නෙමෙයි. සැලසුමක කොටසක්. ඕක තමයි 2010 සිට ලංකාවේ සාර්ව-ආර්ථික ආකෘතිය. නැති සල්ලි වියදම් කිරීම හා ඒ ණය ගෙවන්න වෙද්දී ඊටත් වඩා වැඩියෙන් නැති සල්ලි වියදම් කිරීම. ලෝකයට සාපේක්ෂව ලංකාවේ ආර්ථිකය ගොඩක් පොඩි නිසා ඔය වගේ පොන්සි ක්‍රීඩාවක් යම් කාලයක් කරන්න පුළුවන්. 

මෙහිදී මේ පොන්සි ක්‍රීඩාව ආරම්භ වුනේ 2010දී කියා නිශ්චිත ලෙස කියන්නේ කොහොමද? ලංකාවේ රාජ්‍ය අයවැය හිඟය නඩත්තු වුනේ නිදහස ලැබූ තැන් සිට. ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට ගියේ 1964දී. එතැන් සිටම ලංකාවට ගෙවුම් ශේෂ අර්බුද ආවා. හැබැයි 2010 වන තුරුම මෙය අනිවාර්යයෙන්ම බිඳ වැටෙන පොන්සි ක්‍රීඩාවක තත්ත්වයට පත් වුනේ නැහැ.

පහත රූප සටහනෙහි පෙන්වා තිබෙන්නේ 1960 සිට ලංකාවේ රාජ්‍ය ණය හා විදේශ ණය ඉහළ ගිය ආකාරය. මේ විදේශ ණය සියල්ලම සෘජු ලෙස රජයේ ණය නොවූවත්, වක්‍ර ලෙස රජයේ ණයම බව මම මදකට පෙර පැහැදිලි කළා. සියලුම සංඛ්‍යා තිබෙන්නේ 2020 ඩොලර් වලින්. ඒ නිසා, කාලයත් සමඟ මුදල් ඒකක වල අගය වෙනස් වීමේ බලපෑමක් මෙහි පෙන්වන්නේ නැහැ.


මම හිතන්නේ රූප සටහන දෙස බැලූ විට 2010න් පසුව 2011 වසරේදී එක වර සිදු වන වෙනස හඳුනා ගන්න අපහසු නැහැ. 1980-1987 කාලය තුළත් ශුද්ධ විදේශ බැරකම් ඉහළ යනවා. එහෙත් මේ කාලය නැවත ආපසු නොයන දිගුකාලීන ආයෝජන රටට පැමිණි කාලයක්. එම ආයෝජන වලින් රට තුළ ඩොලර් උල්පත් හැදෙනවා. ඒ නිසා, 1987න් පසුව රටේ ශුද්ධ විදේශ බැරකම් දිගින් දිගටම ඉහළ යන්නේ නැහැ. 2006 වසර පමණ දක්වාම මේ තත්ත්වය දැකිය හැකියි. 

ලංකාවේ පළමු ස්වෛරිත්ව බැඳුම්කරය හරහා ඩොලර් මිලියන 500ක් හොයාගෙන ඩොලරයේ මිල පාලනය කරන්න පටන් ගත් 2007න් පසුව 2008දීත්, දෙවන ස්වෛරිත්ව බැඳුම්කරය හරහා ඩොලර් මිලියන 500ක් ලබාගත් 2009න් පසුව 2010දීත් රටේ ශුද්ධ විදේශ බැරකම් යම් තරමකින් ඉහළ යනවා. එහෙත්, ලොකුම වෙනසක් දැකිය හැක්කේ 2010දී ඩොලර් බිලියනයක තෙවන ස්වෛරිත්ව බැඳුම්කරය නිකුත් කිරීමෙන් පසුව 2011දීයි. 

එම වසර තුළ ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය 2020 ඩොලර් වලින් මිලියන 12,817 සිට 24,757 දක්වා දෙගුණයකින් ඉහළ යනවා. නාමික ඩොලර් වලින් බැලුවොත් 2010 අවසානයේදී මිලියන 12,817ක් වූ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 25,718 දක්වා ඩොලර් මිලියන 12,900කින් වැඩි වීමක්. ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කර ණය ගනිද්දී ඩොලර් බිලියන 13කින් පමණ රටේ විදේශ ණය වැඩි වුනේ කොහොමද?

මේක තමයි පොන්සි ක්‍රීඩාව. එහෙම නැතුව මේක ගත්ත ණය ඵලදායී ලෙස ආයෝජනය නොකිරීමේ හෝ හොරකම් කර ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රශ්න කොහොමටත් තිබෙනවා. නමුත්, මේ හිරවීම හිර වුනේ පොන්සි ක්‍රීඩාවක් පටන් ගත් නිසා. ප්‍රශ්නය ගොඩින් බේරාගෙන "වේදනාවක් නැතිව" ගැලවෙන්න අමාරු ඒ නිසයි. මොකද ලොතරැයි ක්‍රීඩාවක පරාජයන් නැතිව ජයග්‍රහණ පමණක් තියෙන්න බැහැ. මේ තත්ත්වය නිවැරදිව තේරුම් නොගෙන අවුල ලෙහන්න බැහැ.



ඉහත පෙන්වා තිබෙන්නේ 2006-2020 අතර ලංකාවේ විණිමය අනුපාතය කළමනාකරණය කළ ආකාරය. 2007 වන තුරු පුළුවන් තරම් කාලයක් මෙය රුපියල් 107 පමණ මට්ටමක තියාගෙන හිටියා. මේ විදිහට විණිමය අනුපාතය එක තැන තියා ගෙන ඉඳිද්දී සංචිත හිඳෙනවා. සංචිත හිඳෙද්දී ඩොලරය එම මට්ටමේ තියාගෙන ඉන්න බැරි වුනා. 

ඉන් පසුව, 2007දී පළමු ස්වෛරිත්ව බැඳුම්කරයෙන් ඩොලර් මිලියන 500ක් හොයාගෙන කොහොම හරි ඩොලරය රුපියල් 113 මට්ටමේ හිර කර ගත්තා. ඉන් පසුව, 2011 වන තුරුම ඩොලරය නිදහස් කළේ නැහැ. ඔය කාලය තුළ ස්වෛරිත්ව බැඳුම්කර හරහා තවත් ඩොලර් මිලියන 1,500ක් ගන්න වුනා. හැබැයි ඩොලරය 113 මට්ටමේ තියා ගත්තේ ඒ සල්ලි වලින් නෙමෙයි. ඩොලර් මිලියන 1,500කින් එවැන්නක් කරන්න බැහැ. 

මේක කළේ අර මම කියපු පොන්සි ක්‍රීඩාව හරහා. රුපියල ඩොලරයට සාපේක්ෂව 3.00%කින් අධිප්‍රමාණය වූ 2010 වසර මෙහිදී විශේෂයි. මින් පසු රුපියල තව දුරටත් දිගින් දිගටම අවප්‍රමාණය නොවන බවත්, එය අධිප්‍රමාණය වනු ඇති බවත් මේ කාලයේදී මහ බැංකු අධිපතිවරයා කෙළින්ම කිවුවා. එවැන්නක් වෙළඳපොළට ලබා දෙන සෘජු සංඥාවක්. කිවුවා වගේම මහ බැංකුව මෙය කරලත් පෙන්නුවා. 

මේ කාලයේදී රුපියල් වලින් ලංකාවේ ආයෝජනය කරන කෙනෙකුට අවදානමක් නැතිව 8%ක පමණ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්කම තිබුණා. ඩොලර් රුපියල් කර ආයෝජනය කරන කෙනෙකුට තවත් 3%ක් ලැබෙනවා. එතකොට 11%ක්. ඔය කාලය වන විට ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලිය 0.3%කටත් වඩා අඩුයි. ඒ කියන්නේ පොලියක් නැහැ වගේ. යුරෝපයේ තත්ත්වයේ වුනත් වැඩි වෙනසක් තිබුණේ නැහැ. එහෙම තියෙද්දී 11%ක ප්‍රතිලාභයක් ලැබෙන තැනකට සල්ලි ගේන්නේ නැත්තේ කවුද? 

රුපියල කඩා වැටීමේ අවදානමක් මෙතැන තිබුණා තමයි. හැබැයි 11%ක් ලැබෙද්දී ඒ අවදානම ගන්න ගොඩක් අය බය වෙන්නේ නැහැ. මේ කිවුවේ විදේශිකයන්ගේ පැත්තනේ. ලංකාවේ බැංකු වල පැත්තෙන් තත්ත්වය කොහොමද? 

ඇමරිකාවේ හා යුරෝපයේ තැන්පතු වලට බැංකු පොලියක් ගෙවන්නේම නැති තරම් නිසා ලංකාවේ බැංකු වලට 2-3%ක පොලියක් ගෙවලා පහසුවෙන් ඩොලර් වලින් ණය ගන්න පුළුවන්. ණය ගැනීම කියා කිවුවේ ඩොලර් ගිණුම් වලට තැන්පතු එක්රැස් කර ගැනීම ගැනයි. ඊට පස්සේ ඒ ඩොලර් රුපියල් කරලා 8% පොලියට භාණ්ඩාගාර බිල්පත් වල දාලා 5-6%ක ලාබයක් ලබන්න පුළුවන්. තැන්පතු ආපසු ගෙවද්දී 3%ක් අඩුවෙන් මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් නිසා ලාබය 8-9% තරම් ඉහළයි. ණයට ගන්න ඩොලර් රුපියල් කරලා පෞද්ගලික අංශයට ණය විදිහට දුන්නොත් තවත් ලාබයි. විදේශ බැංකුවකින් ණය ගන්න පුළුවන් ව්‍යාපාරිකයෙකුට වුනත් මේ වාසියම තියෙනවා.

දැන් මහ බැංකුව විසින් ලංකාවේ වාණිජ බැංකු විසින් හා පුළුවන්කමක් තිබෙන අනෙක් සියලුම ආයතන හා පුද්ගලයින් විසින් ණයට ඩොලර් ගැනීමට පොළඹවන වාතාවරණයක් හදලා. ඒ වගේම විදේශිකයින් ඩොලර් ලංකාවට ගෙනත් රුපියල් වලින් ආයෝජනය කරන වාතාවරණයක් හදලා. ඔය ක්‍රම දෙකටම රටට ඩොලර් එද්දී විණිමය අනුපාතය නිකම්ම පහළ වැටෙනවා. 2011දී ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් දෙගුණ වුනේ ඔය ක්‍රමයටයි.

ප්‍රශ්නය තියෙන්නේ මේ විදිහට රටට එන හැම ඩොලරයක් වෙනුවෙන්ම 10%ක පමණ අමතර ඩොලර් ප්‍රමාණයක් වාර්ෂිකව රටින් එළියට යා යුතු වීමයි. විණිමය අනුපාතිකය නොවෙනස්ව තිබෙන තාක් මේ විදිහට එකතු වන ප්‍රතිලාභ නැවත නැවත රට ඇතුළේම ආයෝජනය වෙනවා. ඒ ඩොලර් වලටත් පොලිය හැදෙනවා. ඒ නිසා, එසේ එළියට යා යුතු ඩොලර් ඇත්තටම රටේ නොතිබීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ඩොලර් විදේශිකයන්ගේ වත්කම් ලෙස ගිණුම් වල තිබෙනවා. නමුත්, ඔවුන්ට රටින් පිටට ගෙන යා හැකි පරිදි ඇත්තටම රටේ ඩොලර් නැහැ. සියළුම ගිණුම් හිමියෝ එකවර බැංකුවට ගියොත් දෙන්න සල්ලි බැංකුවක නැහැ වගේ. 

පොලී ආදායම් හා රුපියල අධිප්‍රමාණය වීමේ ප්‍රතිලාභ ලෙස විදේශිකයන් ලංකාවෙන් උපයන ඩොලර් ගිණුම් වල සටහන් වුනත් ඒ ඩොලර් කොහෙන්වත් රටට එන්නේ නැහැනේ. රට ඇතුළේ රුපියල් මිසක් ඩොලර් අච්චු ගහන්නත් බැහැ. ඒ නිසා, රටේ විදේශ ණය වලින් කොටසක් ආපසු ගෙවිය හැක්කේ තවත් ණය අරගෙනම පමණයි. මේ කොටස ආපසු ගෙවිය හැකි වෙනත් ක්‍රමයක් නැහැ. 

එහෙමනම්, අඩු වශයෙන්, රටට පැමිණි ඩොලර් ආපසු ගෙවිය හැකි ලෙස රටේ ඉතිරි වෙනවද?

විණිමය අනුපාතය හිර කරගෙන සිටිද්දී, රටට එන ඩොලර් රටේ ඉතිරි වෙන්නෙත් නැහැ. මේ සන්දර්භයේදී ඩොලර් ණයට ගන්න කෙනෙක් එය කරන්නෙම ඩොලර් රුපියල් කරන්න බලාගෙන. ඩොලර් විදිහටම තියා ගත්තොත් අතින් පාඩුයි. මොකද රුපියලට සාපේක්ෂව ඩොලර් එක බහිනවා. ඒ නිසා, ඩොලර් අතේ තියෙන අය ඒ ඩොලර් කීයකට හෝ විකුණලා දමනවා. සමතුලිතතාවයක් ඇති වෙන්නේ මේ ඩොලර් මොන ක්‍රමයකින් හෝ රටින් එළියට ගියොත් පමණයි. ඒ නිසා, අනිවාර්යයෙන්ම ආනයන ඉහළ යනවා.

සෛද්ධාන්තිකව සිදු විය යුතු මේ ආනයන ඉහළ යාම ප්‍රායෝගිකවද සිදු වී ඇති බව සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව පෙනෙනවා. 2009දී ලංකාවේ ආනයන වියදම ඩොලර් මිලියන 10,207 පමණයි. 2010 වෙද්දී මෙය ඩොලර් මිලියන 13,451ක් වෙනවා. 2011 වෙද්දී ඩොලර් මිලියන 20,269ක් දක්වා ඉහළ යනවා. මේ විදිහට දෙවසරක් තුළ ලංකාවේ ආනයන වියදම දෙගුණ වෙන්නේ කොහොමද? 

මේක වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ රුචිකත්වය එක රැයකින් වෙනස් වූ නිසා හෝ දේශීය නිෂ්පාදන වලට තැන නොදීම නිසා හෝ නෙමෙයි. මම විස්තර කරපු පොන්සි ක්‍රීඩාව නිසා. 2011 වසර තුළ රජයේ විදේශ ණය ඩොලර් මිලියන 2,203කින් ඉහළ යද්දී රටේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 12,900කින් වැඩි වෙන්න හේතු වෙන්නෙත්, ඊට සමානුපාතිකව ආනයන ඉහළ යන්නේත් ඔය පොන්සි ක්‍රීඩාව නිසා.

අන්තිමට රටට කිසිදා නොආ, එහෙත් ලංකාව විසින් ගෙවිය යුතු, ඩොලර් ප්‍රමාණය වගේම රටට පැමිණි ඩොලර් ටිකත් රටේ නැහැ. ඒ ඩොලර් ආනයන වෙනුවෙන් වැය වෙද්දී රටේ අපනයන කර්මාන්ත වර්ධනය අඩාල වී ඒ හරහා ලැබෙන්න තිබුණු ඩොලර් ප්‍රමාණයකුත් අහිමි වෙලා. ඔය දේවල් වෙද්දී මහ බැංකුව කොච්චර කිවුවත් ලංකාවට විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්න කොහොමටවත් බැහැ කියන එක මේ ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙකුට පැහැදිලි වෙනවා. එවිට ඔවුන් කරන්නේ වහාම තමන්ගේ ඩොලර් රටින් ඉවත් කර ගැනීමයි. ඒ ඩොලර් රුපියල් කරලානම් ඉතා ඉක්මණින් නැවත ඩොලර් කරගෙන රටින් ඉවත් කර ගන්නවා. මෙහිදී ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙනවා. 

ලංකාවට 2012දී මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වුනා. ඉතා කෙටි කලක් තුළ ඩොලරයේ මිල සීඝ්‍රයෙන් ඉහළ ගියා. රුපියල් 113 මට්ටමේ වසර හතරක් පමණ රඳවාගෙන සිටි ඩොලරයේ මිල රුපියල් 130 මට්ටමට වැටුණා. හැබැයි පරණ සෙල්ලම නැවතුනේ නැහැ. එය නැවත පටන් ගත්තා. පොන්සි ක්‍රීඩකයෝ නැවතත් ක්‍රීඩාවට අවතීර්ණ වුනා. 

වසර තුනක් ගොස් 2014 වන විට මේ සෙල්ලම නැවතත් දුරදිග ගිහින්. රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණය අවසන් වන තුරු කොහොම හරි අල්ලාගෙන හිටියා. විණිමය අනුපාතය අවප්‍රමාණය වුනේ මැතිවරණයෙන් පසුව 2015දී. එවර ඩොලරය රුපියල් 145 පමණ මට්ටමකට ගියා.

යහපාලන ආණ්ඩුව මේ පොන්සි ක්‍රීඩාවෙන් ඉවත් වුනාද? ඒ වෙද්දී මෙය කොටි වලිගයක් වී අවසන්. යහපාලන ආණ්ඩුව පොඩ්ඩක් පරිස්සමෙන් ක්‍රීඩා කළත් ක්‍රීඩාව අත ඇරියේ නැහැ. ස්වෛරිත්ව බැඳුම්කර විකුණමින් ණය ගැනීම් දිගටම සිදු වුනා. ඩොලරයේ මිල 150 මට්ටමෙහි තවත් කාලයක් නඩත්තු කෙරුණා. දිගින් දිගටම වෙළඳපොළපොළට ඩොලර් පොම්ප කෙරුණු නිසා ආනයන අඩු වුනේ නැහැ. 2018දී නැවතත් හිරවුනා. ඩොලරය කෙටි කාලයක් තුළ රුපියල් 180 මට්ටමට ගියා. ඉන් පසුව, රුපියල් 180 සීමාවේ ක්‍රීඩා කරමින් සිට බෝලය මේ ආණ්ඩුවට පාස් කළා. දැන් මේ ආණ්ඩුව රුපියල් 200 සීමාවේ ක්‍රීඩා කරනවා. ක්‍රීඩාව දිගටම කරගෙන යාම සඳහා අළුත් ක්‍රීඩකයින් හොයනවා.

ලංකාවේ විනිමය ප්‍රතිපත්ති පොන්සි ක්‍රීඩාව තුළ ක්‍රීඩකයෙකුට හඳුනා ගත හැකි පැහැදිලි රටාවක් තිබෙනවා. ඒ නිසා, ඔවුන්ට ඔවුන්ගේ අවදානම කළමණාකරණය කරගෙන දිගටම ක්‍රීඩා කළ හැකියි. රුපියල වේගයෙන් කඩා වැටී ඩොලරයක මිල ස්ථාවර වීමෙන් පසු වසර දෙක තුනක් කෙසේ හෝ එය ඒ මට්ටමේ තියා ගන්න බව ඔවුන් දන්නවා. ඒ නිසා, ඔවුන් බය නැතුව සල්ලි දමමින් ක්‍රීඩාවට එළැඹෙනවා. රුපියල කඩා වැටීමේ අවදානම ඉහළ යද්දී ඔවුන් ක්ෂණිකව ඉවත් වෙනවා. එය කළ නොහැකි වූ අය ක්‍රීඩාවෙන් පරදිනවා. මේ ක්‍රීඩාවට ආකර්ශනය වන්නේ සූදුවට කැමති සමපේක්ෂකයින් මිසක් සැබෑ ආයෝජකයන් නෙමෙයි. ක්‍රීඩාවේ පසුබිමේ වෙනම මානයක භූ දේශපාලනයද ක්‍රියාත්මක වෙනවා.

එජාපය හෝ සජබෙ මේ පොන්සි ක්‍රීඩාවට අකැමැති හෝ විරුද්ධ නැහැ. ඔවුන් ආණ්ඩුවට කරන විවේචනය වන්නේ ආණ්ඩුව ක්‍රීඩාව හොඳින් නොකරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හරහා පොන්සි ක්‍රීඩාව කඩා වැටෙන දවස ප්‍රමාද කරගත හැකියි. හැබැයි මුලින් කී පරිදි, පොන්සි ක්‍රීඩාවක් දිගටම හැමදාම පවත්වා ගෙන යන්න බැහැ. 

සරල විග්‍රහයක සිටින ජවිපෙට මේ කිසිවක් ගැන නිවැරදි අවබෝධයක් නැහැ. විසඳුමක් තිබිය හැක්කේ ප්‍රශ්නය ගැන අවබෝධයක් ඇත්නම් පමණයි. ප්‍රශ්නය ගැන අවබෝධයක් තිබුනත් එය ප්‍රශ්නයක් සේ නොදැකීම හෝ නොදැක්කා සේ සිටීම මේ ආණ්ඩුවේ ප්‍රශ්නයයි. එජාපය මේ ක්‍රීඩාවෙහි ප්‍රශ්න දැක්කත් සමස්ත ක්‍රීඩාවම ප්‍රශ්නයක් සේ දකින්නේ නැහැ.

මෙය මේ ලිපි මාලාවේ පළමු අදියරෙහි අවසන් මෙන්ම වැදගත්ම කොටසයි. ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කළ හැකි නමුත්, මීටත් වඩා සරලව හෝ කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. මෙතෙක් ලියා ඇති දේ නිරවුල්ව තේරුම් ගැනීමට කාලයක් තබා අර්බුදයේ වත්මන් දිශානතිය ගැනත්, ගැලවිය හැකි ක්‍රමය ගැනත් කතා කිරීමට ප්‍රවේශ වෙමු. ඊට අමතරව, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, බලශක්තිය, ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර වෙන් වෙන්ව ගෙන ගැටළු හා විසඳුම් කතා කළ හැකි වුවත්, එය කළ හැක්කේ මූලික සාර්ව-ආර්ථික ගැටළු විසඳා ගෙන ආර්ථිකය හරි පාරට දමා ගැනීම සඳහා අප විසින් යෝජනා කිරීමට නියමිත ප්‍රවේශය සමඟ පුළුල් එකඟතාවක් ඇති පිරිසක් සමඟ පමණයි. 

58 comments:

  1. ෆේස්බුක් ආර්ථික විශේෂඥයන් කියන දේවල් ඇත්ත නෙමෙයි- අජිත් නිවාඩ්

    ඔන්න ඉකොනෝමැට්ටා වගේ අයගේ බොරු වලට රැවටෙන්න එපා කියලා මහ බැංකු අධිපති අජිත් නිවාඩ්ම කියලා තියෙනවා.

    මේකේ වීඩියෝ එකත් ඇති. දැන් වත් ඉකොනෝමැට්ටාට ඇති වෙන්නේ නැද්ද මේකේ බොරු කියලා.

    දැන් ඉතින් අවුරුදු ගානක් ඉදන් කියන්නේ ලබන අවුරුද්දේ ආර්ථිකය කඩන් වැටෙනවා, ලබන මාසේ වැටෙනවා, හෙට වැටෙනවා කියලානේ.

    අර ඉකොනෝගේ ජනාධිපතිවරණ සහ මහමැතිවරණ ජන්ද පුරෝකථන වගේ තමයි. කියන දේට විරුද්ධ දේ වෙන්නේ.

    තවත් මොකද ඔය අසාර්ථක ඉකොනොගේ ආර්ථික ක්‍රමය ගැන පල් හෑලි ලියන්නේ? කොහෙන් වත් මුදල් හම්බෙනවද?


    ReplyDelete
    Replies
    1. @ Ano 1.06 PM

      ඔය කියන කතාවේ ඇත්තක් නැත්තේමත් නෑ ඉතින්, අනේ මන්දා ඒත් මෙහෙම ගිහින් කියන විදිහට ලංකාවේ ආර්ථිකය කඩා නොවැටෙයි කියලා කියන්නත් බෑ බලමු ඉතින් කාලයට ඉඩ දීල පැත්තකට වෙලා ඉන්න තියෙන්නෙ මොනව කරන්නද අපට කියලා වෙනසක් කරන්න ඕන වුණත් මොනවා කියලා කරන්නද? ඡන්දයක් තිබුණොත් වෙන කාට හරි ඡන්දෙ දෙන්න පුළුවන් ඒත් එහෙම දෙන්න එකෙක් වත් නෑ ලංකාවේ පළවෙනි වතාවට තමයි විකල්ප ඔප්ෂන් එකක් නැති වෙලා පුල් නන්නත්තාර වෙලා ඉන්නේ ගොඩක් මිනිස්සු, කබරයියා කීයන විදිහට මේ ආණ්ඩුව මේක ගොඩ දාල දුන්නොත් හොඳයි නැත්නම් ඉතින් සදා සොත්ථි... ගොඩ එන්න බැරි අගාධයකට වැටෙන්න පුළුවන්. රනිල් දැන් වයසයි වෙන කවුරුවත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ වෙනත් පක්ෂවල හරි දේශපාලන ක්ෂේත්‍රයේ මොළේ තියෙන බව පේන කෙනෙක් වත් කණ්ඩායමක් වත් නෑ නේද? ධම්මික පෙරේරා වගේ අයට යම් දෙයක් කරන්න පුළුවන් බව පේනවා ඒත් දේශපාලනයට එන එකක් නැහැ නේද?

      Delete
    2. එයාලා දේශපලකොයෝ අල්ලාගෙන කරලා තියෙන හරිය මදිද. තව දේශපාලනයටත් එන්න කියන්නේ.

      Delete
    3. මම ගත්තා ටෙලස්කෝප් එකක්. එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර(GTRZ) එක්ක තමයි ඉස්සෙල්ලම තරු බැලුවේ. ඊයේ හවසත් අපි දෙන්න නෝර්වීජියානු සැමන් ෆිලට් එක්ක ගොට් චීස් කන ගමන් බියර් බිව්වා.

      මේ පහලින් තියෙන්නේ මගේ එකේ පින්තුරයක්.

      -මහේෂ් වලතර(Scurvy)

      මෙතනින් බලන්න

      Delete
  2. // වාණිජ බැංකු වලින් රජයට දී තිබෙන ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 19,806ක්. ඔය ණය වලින් කොටසක් වාණිජ බැංකු විසින් රජයට ලබා දී තියෙන්නේ ලෝකයට ණය වෙලා. ලංකාවේ වාණිජ බැංකු විසින් ස්වෛරිත්ව බැඳුම්කර වල කර තිබෙන ආයෝජන ආදිය තිබෙන්නේ ඔය ගොඩේ.//

    මේ නිසාද රජය මොන විදිහකට හරි මේ ISB ගෙවන්න හදන්නේ? නැතිනම් මුළු බැංකු පද්දතියම කඩා වැටීමට හැකි නිසාද?

    ReplyDelete
    Replies
    1. එහෙම පැත්තක් තිබුණත් එය කිසිසේත්ම ප්‍රධාන හේතුවක් නෙමෙයි. මොන විදිහකට හරි ISB ගෙවන එක කළ යුතුම දෙයක්. ණය නොගෙවා ඉන්න කියා කියන එක දේශපාලනික අරමුණකින් විපක්ෂයේ ඇතැම් අය යෝජනා කරන රටට දිගුකාලීනව ඉතාම හානිදායක දෙයක්. යන්තම් හෝ ණය ගෙවීමේ හැකියාවක් ඇත්නම් කවදාවත් වගකිවයුතු රජයක් එවැනි දෙයක් කරන්නේ නැහැ. ණය පැහැර හැරීම් ගැන මම කලකට පෙර ලිපියකින් පැහැදිලි කළා. ණය පැහැර හරිනවා කියා කියන්නේ "අපි ගෙවන්නේ නෑ. පුළුවන් දෙයක් කරනවා!" කියල චණ්ඩි පාට් එකක් දාලා ණය නොගෙවා ඉන්නවා වගේ දෙයක් නෙමෙයි. නියමිත දවසට ගිවිසුමේ පොරොන්දු වූ ආකාරයටම ණය නොගෙවීම. එහෙම කළත් අවසාන වශයෙන් හැකි වූ වහාම ණය හා පොලිය ගෙවන්න වෙනවා. අන්තිමට රටේ නම නරක් වෙන එක විතරයි වෙන්නේ. මෙය කතා කිරීමවත් නොවටිනා විකල්පයක්.

      Delete
    2. Recently, the head of Verite research Dr.Nishan de Mel has mentioned that we should not repay the sovereign bonds. he was referring to debt restructuring model where government need not repay now but delay the repayment of capital. He sighted that rating agencies would evaluate the country based on the future potential and not on "unblemished" debt repayment record. Do you have nay comments on this.

      Delete
    3. //He sighted that rating agencies would evaluate the country based on the future potential and not on "unblemished" debt repayment record.//

      This is true. But how can the future potential be higher after a default? I think he proposes some sort of debt restructuring as a component of a comprehensive restructuring program which covers all areas and improve the future potential.

      Delete
  3. ණයට අරගෙන වුව කාලා ගිතෙල්
    කියන දහමකුත් තිබ්බලුනෙ ආතල්
    ඒකද දන්නෑ කරන්නෙ මේ පල්-
    මෝඩයො දිගටම කියමින් 'වච්චිල්'

    ReplyDelete
    Replies
    1. යාවත් ජීවේත් සුඛං ජීවේත් - සෘණං කෘත්වා ඝෘතං පිබේත්

      භස්මීකෘතස්‍ය දේහස්‍ය - පුනරාගමනං කෘතඃ

      Delete
  4. මට හිතෙන විදියට මේ පොස්ට් එකේ ඉකොනොමැට්ටා කරල තියෙන්නේ අංක විජ්ජාවක් අර පෙරෙල්මාන්ගේ පොත සෝවියට් ප්‍රොපගැන්ඩාවක් කියුවා වගේ පදනමක් නැති දේවල් ගොඩක් තියෙනවා නේද?

    සරල උදාහරණයක් විදියට ගෝලීය ආර්ථික අර්බුදයක් ඇවිත් ලෝකයේම අපනයන ආනයන කඩා වැටුනු 2008 අග සිට 2009 වසර සහ ලංකාව ගත්තොත් යුද්ධය උත්සන්න වෙලා ඩොලර් සංචිත වැටී නන්නත්තාර වුණු 2009 වසරේ ලංකාවේ ආනයන ඉතාමත් අඩු වුණා, එවා වලට සාපේක්ෂව ඒ ඇරියස් කවර් කරපු 2010 සහ 2011 වසර වල ආනයන වැඩි වුනා. ඒ විතරක් නෙවෙයි 2010-14 වසරවල සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කියමින් ආණ්ඩුව සුඛෝපභෝගී වාහන ගෙන්වීමට, සුඛෝපභෝගී හෝටල් ඉදිකිරීමට සහ කොළඹ ලක්ෂරි අපාර්මන්ට් ඉදිකිරීමට බී ඕ අයි (BoI) බදු සහන ලබා දුන් අතරම 2010 - 2013 කාලයේදී ඊට කලින් 2006-2009 පටි තදකරගෙන හිටපු රජයේ වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවකයන්ට අධික ලෙස පර්මිට් ලබාදීම, ආණ්ඩුවේ මැති ඇමතිවරු, පළාත් සභා වල ගෝතයින් ඇතුළු විශාල පිරිසකට වාහන පර්මිට් ලැබුණු අතර විදේශ රටවල සේවය කළ අයට ගිෆ්ට් පර්මිට් නමින් වාහන ගෙන්වීමේ ක්‍රමය යටතේ විශාල වශයෙන් ලංකාවේ සමීප ඥාතීන්ට වාහන තෑගි වශයෙන් එවීම සහ ඒවා ලංකාවේ නැවත විකුණා එම මුදල් එංගලන්තය, ඔස්ට්‍රේලියා, කැනඩා ආදී තම මව් රටවලට ගෙන්වා ගත්තා. (මැදපෙරදිග/ දකුණු කොරියා හිටපු අය නම් ගොඩක් දුරට ඒවා නැවත ලංකාවේම ආයෝජනය කරන්න ඇති.)

    ඒ නිසා මේ කැල්ල වැරදියි;

    //සෛද්ධාන්තිකව සිදු විය යුතු මේ ආනයන ඉහළ යාම ප්‍රායෝගිකවද සිදු වී ඇති බව සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව පෙනෙනවා. 2009දී ලංකාවේ ආනයන වියදම ඩොලර් මිලියන 10,207 පමණයි. 2010 වෙද්දී මෙය ඩොලර් මිලියන 13,451ක් වෙනවා. 2011 වෙද්දී ඩොලර් මිලියන 20,269ක් දක්වා ඉහළ යනවා. මේ විදිහට දෙවසරක් තුළ ලංකාවේ ආනයන වියදම දෙගුණ වෙන්නේ කොහොමද? //

    මේ බලන්න 2008 ලංකාවේ ආනයන වියදම ඩොලර් මිලියන 13,629 (13.6 Billion US $)

    Source:

    https://wits.worldbank.org/CountryProfile/en/Country/LKA/Year/2008/Summarytext

    Summary

    Exports and imports of Sri Lanka in 2008 are below, along with number of countries and products

    01. The total value of exports (FoB) was 8,177 million.

    02. The total value of imports (CIF) was 13,629 million.

    2009 ස්පෙශල් කේස් එකක් සහ 2010/11 ඇරියස් කවර් කරපු කාලයක්.

    මේ වගේ මේකේ අනිත් ඒවායෙත් ගොඩක් විස්තර වල වැරදි තියෙනවා, වෙලාව ලැබෙන විදියට එකින් එක විස්තර කරන්න උත්සාහ කරමු, නමුත් මට වෙලාව නැහැ මේ දවස් වල වැඩ අධික නිසා, හැකි පමණින් බලමු.

    තවදුරටත් ලංකාවේ ආනයන අපනයන ගැන විස්තර මේකෙන් බලා ගන්න පුළුවන්

    A. Overall Exports and Imports for Sri Lanka 2009;

    Exports and imports of Sri Lanka in 2009 are below, along with number of countries and products

    01. The total value of exports (FoB) was 7,121 million.

    02. The total value of imports (CIF) was 9,432 million.

    ref: https://wits.worldbank.org/CountryProfile/en/Country/LKA/Year/2009/Summarytext

    B. Exports and imports of Sri Lanka in 2010 are below, along with number of countries and products

    01. The total value of exports (FoB) was 8,304 million.

    02. The total value of imports (CIF) was 12,354 million.

    Ref: shorturl.at/cqyCG

    C. Exports and imports of Sri Lanka in 2011 are below, along with number of countries and products

    01. The total value of exports (FoB) was 10,011 million.

    02. The total value of imports (CIF) was 19,696 million.

    Ref: https://wits.worldbank.org/CountryProfile/en/Country/LKA/Year/2011/Summarytext

    ReplyDelete
    Replies
    1. නැවත 2012 දී 2011 ඇරියස් කවර් එකට සාපේක්ෂව බිලියන් දෙකකින් විතර ඉම්පොර්ට් අඩු වෙනවා

      D. Exports and imports of Sri Lanka in 2012 are below, along with number of countries and products

      01. The total value of exports (FoB) was 9,370 million.

      02. The total value of imports (CIF) was 17,885 million.

      Ref: https://wits.worldbank.org/CountryProfile/en/Country/LKA/Year/2012/Summarytext

      ඒ වගේම ලංකාවේ ඇමරිකන් ඩොලර් එකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වූ 2015 - 2017 සහ 2018 වසර ගැන වෙනම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි.

      ලංකාවේ ඩොලර් එක 126 (2015) සිට 151 (2017) දක්වා අවප්‍රමාණ වූ කාලය තුල වාර්ෂික ආනයන වියදම

      ඒ. 2015 - 18.967 US$ Billion

      බී. 2016 - 19.501 US$ Million

      සී. 2017 - 21.316 US $ Million

      මූලාශ්‍ර: https://wits.worldbank.org/CountryProfile/en/country/LKA/startyear/2015/endyear/2017/tradeFlow/Import/indicator/MPRT-TRD-VL/partner/WLD/product/Total

      එම කාලය තුළ අපනයන ආදායම් - US $ Billion

      ඒ. 2015 - 10.55
      බී. 2016 - 10.36
      සී. 2017 - 11.36

      Ref: https://www.statista.com/statistics/728552/export-of-goods-to-sri-lanka/

      මීට අමතරව 2018 වසර ගැන සහ මෙහි අඩංගු අනෙත් කාරණා ගැන ඉදිරියට බලමු.

      Delete
    2. //මේ වගේ මේකේ අනිත් ඒවායෙත් ගොඩක් විස්තර වල වැරදි තියෙනවා, වෙලාව ලැබෙන විදියට එකින් එක විස්තර කරන්න උත්සාහ කරමු, නමුත් මට වෙලාව නැහැ මේ දවස් වල වැඩ අධික නිසා, හැකි පමණින් බලමු.//

      කරුණාකර හැකි වෙලාවක ඔබට පෙනෙන අනෙක් වැරදිත් පෙන්වන්න.

      Delete
  5. //ඒ මහ බැංකුවෙන් ලබාගත් ණය, අනෙකුත් වාණිජ බැංකු වලින් ලබාගත් ණය හා බැංකු නොවන අංශ වලින් ලබා ගත් ණය ලෙස. මෙයින් පළමු කාණ්ඩ දෙක උද්ධමනාත්මක මූලාශ්‍//
    දෙවැනි මූලාශ්‍රය උද්ධමනාත්මක මූලාශ්‍රයක් ලෙස සලකන්නේ ඇයි කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සන්දර්භයේදී වාණිජ බැංකු වලින් රජය ගන්න ණය උද්ධමනයට හේතු වන ආකාර ගණනාවක් තිබෙනවා. එක් ප්‍රමුඛ ආකාරයක් කියන්නම්. මේ වන විට ලංකාවේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,330ක් පමණ. ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 460ක්. වාණිජ බැංකු විසින් මේ හිඟය පියවා ගන්නේ මහ බැංකුවෙන් 6.5% පොලියට ණය අරගෙන. (6.5% කළේත් අද). වාණිජ බැංකු වලින් රුපියල් බිලියන 4000ක් පමණ රජය විසින් ණය අරගෙන තියෙනවනේ. එයින් රුපියල් බිලියන 600ක් පමණ විදේශිකයන්ගෙන් ණයට ගත් මුදල්. තව රුපියල් බිලියන 460ක් මහ බැංකුවෙන් ණයට ගත් මුදල්. වාණිජ බැංකු රජයට නැති සල්ලි ණයට දීලා ඒ අඩුවට මහ බැංකුවෙන් දෛනිකව ණය ගන්නවා. රජය මේ සල්ලි වියදම් කරද්දී එම මුදල් සංසරණයට එකතු වී භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් උද්ධමනය වැඩි වෙනවා. මහ බැංකුව විසින් සංචිත මුදල් වලට එකතු කර පෙන්නුවේ නැතත්, මේ විදිහට සංසරණය වන්නේ අළුතෙන් අච්චු ගැසූ මුදල්. (ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් සංචිත මුදල් පිළිබඳ සංඛ්‍යාලේඛණ පෙන්වද්දී මේ මුදල් "ණයට ගත් සංචිත (borrowed reserves)" සේ සලකමින් "ණයට නොගත් සංචිත මුදල් (non-borrowed reserves)" වලට එකතු කර පෙන්වනවා. එහෙත් ලංකාව පෙන්වන්නේ දෙවන කොටස පමණයි.) මේ ක්‍රමය හරහා ද්‍රවශීලතා හිඟයක් නඩත්තු කරමින් රජය විසින් වාණිජ බැංකු වලින් ණය ගැනීමේදී පටු/පුළුල් මුදල් සැපයුමට අමතරව සංචිත මුදල් ප්‍රමාණයද සෘජු ලෙසම ඉහළ යනවා. කොහොමටත් අවසාන වශයෙන් උද්ධමනය කෙරෙහි බලපාන්නේ පටු/පුළුල් මුදල් සැපයුම ඉහළ යාමයි. ලංකාවේ සන්දර්භයේදී රජය වාණිජ බැංකු වලින් ණය ගන්නා තරමටම වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට දෙන ණය පහළ යන්නේ නැහැ. ඒ නිසා, සංචිත මුදල් නොවෙනස්ව තිබෙන විටෙක පවා, රජය විශාල ලෙස වාණිජ බැංකු වලින් ණය ගනිද්දී, මුදල් ගුණනය වීම වැඩි වී පටු/පුළුල් මුදල් සැපයුම ඉහළ යනවා.

      Delete
  6. ලංකාවේ විදේශ වෙළඳාම ගැන විස්තර සහිතව මේකෙන් බලා ගන්න පුළුවන්;

    http://www.statistics.gov.lk/pocket%20book/chap09.pdf

    හැබැයි තියෙන්නේ රුපියල් වලින් - මේකේ හැටියට ලංකාවේ වෙළඳ හිඟය 2010 සිට 2020 වේගයෙන් වැඩිවෙලා තියෙනවා විශේශයෙන්ම 2016 / 2017 /2018 වසරවල වෙළඳ හිඟය අධික ලෙස වැඩිමීවමට හේතුව කුමක්ද?

    මම හිතන්නේ 2017 ඉතා අධික ලෙස හාල් මෙට්‍රික් ටොන් 747,000 ක් ආනයනය, අධික ලෙස තිරිඟු පිටි ආනයනය 2015 ආනයන බදු අඩු කිරීමත් සමගම වී ඇති දෙයක් ද?

    ReplyDelete
    Replies
    1. ඔය ලින්ක් එකේම පහළට ගිය විට, 9.7 වගුවේ විණිමය අනුපාත තිබෙනවා. අවශ්‍යනම් ඒවා යොදාගෙන වෙළඳ ශේෂය ඩොලර් කර බැලිය හැකියි. ඔබ කියන ඔය කාලයේදී වුනෙත් ස්වෛරිත්ව බැඳුම්කර හරහා ණය ගනිමින් ඩොලරයක මිල රුපියල් 150 පමණ මට්ටමේ හිර කරගෙන ඉන්න එකනේ. රුපියල යම් තරමකින් අවප්‍රමාණය වුනත්, අවශ්‍ය පමණ අවප්‍රමාණය වුනේ නැහැ. ක්‍රීඩාව කරගත නොහැකිව ඩොලරයක මිල රුපියල් 180 මට්ටමට කඩා වැටුණේ 2018 අවසාන භාගයේදී.

      Delete
    2. ඉකොනොමැට්ටා සහ උඩ ඇනෝ කියන්නේ මේ පොන්සි ක්‍රමය (ක්‍රීඩාව) රාජපක්ෂ සහ වික්‍රමසිංහ (+ගමරාළ) දෙදෙනාම එක හා සමාන මට්ටමේ සූදුවක් විදිහට කළ බව ද?

      ඇත්තටම කබ්රාල් පටන් ගත්ත මේ සූදුව ඒ ආකාරයෙන්ම ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වගේ ආර්ථික විද්‍යාඥයෙක් යටතේ පවා සිදු කරලා තියෙන්නේ ඇයි? අඩුම තරමෙ ලෝකයේ පිළිගත් ආර්ථික විද්‍යා අධ්‍යාපනයක් ලබා ඇති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා යටතේ පවා මේ වැඩේ දිගටම කන්ටිනියු වීම හරිම පුදුමයි නේද?

      ආචාර්ය ඩබ් ඩී ලක්ෂ්මන් මහතාගේ එම් එම් ටී modern monitory theory විගඩම් සහ ඉන් ලංකාවේ ආර්ථිකයට සිදු වූ විනාශය සහ කබ්රාල්ට එය පාලනය කරගන්න පුළුවන් වෙයි ද කියලා ඔබට අදහසක් තියෙනවා ද?

      Delete
    3. //ඉකොනොමැට්ටා සහ උඩ ඇනෝ කියන්නේ මේ පොන්සි ක්‍රමය (ක්‍රීඩාව) රාජපක්ෂ සහ වික්‍රමසිංහ (+ගමරාළ) දෙදෙනාම එක හා සමාන මට්ටමේ සූදුවක් විදිහට කළ බව ද?//

      මම මෙහි විස්තර කර තිබෙන පරිදි ගැලවෙන්න අමාරු ලෙස මේ පොන්සි ක්‍රීඩා උගුලේ ලංකාව පැටලුනු නිශ්චිත අවස්ථාව 2010-2011 කාලයයි. (උඩ ප්‍රස්ථාරයේ තැඹිලි පාට ස්ථම්භ දෙස බලන්න) උගුලේ පැටලුනාට පසුව වෙන්නේ කොටි වලිගය අල්ලා ගත්තා වගේ වැඩක්. ක්‍රීඩාවෙන් ඉවත් වුනොත් ක්ෂණිකව ආර්ථිකය විශාල ලෙස කඩා වැටෙනවා. එවැන්නක් දරාගත නොහැකි දැවැන්ත කඩා වැටීමක්. ඒ නිසා, ක්‍රීඩාව යම් මට්ටමකින් හෝ දිගටම කරගෙන යන්නම වෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේදී සිදු වුනේ එයයි. ඒ නිසා, මේ දෙක එකක්ම නෙමෙයි. යහපාලන ආණ්ඩුව විණිමය අනුපාතය එකම තැන තියා ගෙන ඉන්න ප්‍රතිපත්තියක හිටියේ නැහැ. ඔය කියන 2015-2017 කාලයේදී ඩොලරයක මිල යම් තරමකින් ඉහළ ගියා. නමුත්, ඒ ඉහළ යාම පොන්සි ක්‍රීඩාවෙන් ඉවත්වීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් වුනේ නැහැ. වඩා හොඳ වෙන සැලසුමකදී වුවත් මේ ක්‍රීඩාවෙන් එකවර ගැලවෙන්න බැහැ. කඩා වැටීමක් වැළැක්විය හැකි ප්‍රසස්ථම සැලසුමකදී වුවත් අවුරුදු හත අටක්වත් මේ ක්‍රීඩාව දිගටම කරගෙන යන්නම වෙනවා. වැඩි විස්තර ලිපි මාලාවේ දෙවන අදියරේදී.

      Delete
  7. මේ බලන්න ඉකෝන් චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් මිලියන් එකක් ලංකාවට නොමිලේ ත්‍යාගයක් ලෙස ලබා දීමට තීරණය කර ඇති අතර 1952 චීන ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර හැත්තෑවක් සම්පූර්ණ වන නිසා මෙම තොගය නොමිලේ ලබා දෙන බවත් ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර චීනයෙන් මෙසේ නොමිලේ ලබා දෙන ප්‍රමාණය මාස පහක් සදහා රටටම ප‍්‍රමාණවත් බවත් ලංකාවේ රූපවාහිනී මාධ්‍ය පවසනවා.

    https://www.business-standard.com/article/international/chinese-foreign-minister-to-visit-maldives-sri-lanka-to-shore-up-ties-121123000877_1.html

    https://www.newsfirst.lk/2022/01/19/china-to-donate-rice-to-sri-lanka-by-april/

    ඇත්තටම ඇමරිකන් එක්සත් ජනපදයටත් මේ වගේ ලංකාවට නොමිලේ තිරිඟු පිටි මෙට්‍රික් ටොන් මිලියන දෙක තුනක් සහ සෝයා බෝන්චි/ කව් පී වැනි දේවල් නොමිලේ ලබාදිය නොහැකි ඇයි? හමදේම සල්ලි වලට දෙනවා විතරයි, නොමිලේ දුන්නොත් ඩොලර් ලක්ශෙක දෙකක තුට්ටු දෙකේ ප්‍රදානයක් විතරයි, මේක වෙනස් කරන්න ඉකොනොමැට්ටලාට බැරි ඇයි?

    ඇමරිකන් එක්සත් ජනපදය ලංකාවට වඩා බොහෝ සෙයින් ධනවත් රටක් වන ඊස්‍රායෙල් වලට නිල වශයෙන් ඊස්‍රායෙල් වලට ඩොලර් බිලියන තුනක් බැගින් වාර්ෂිකව ප්‍රදානය කරනවා 1980 ගණන් වල ඉඳලා, ඊට අමතරව ඊස්‍රායෙල් භාණ්ඩ ඩොලර් බිලියන් 27 - 30 ක් වාර්ශිකව ආනයනය කරනවා, නිදහස් වෙළඳ ගිවිසුම් හරහා, ඉතින් ලංකාවේ භඬ තව ඩොලර් බිලියන් එකක් වත් වැඩි කරන්න බැරි ඇයි?

    ඇමරිකන් එක්සත් ජනපදය ලංකාවට වඩා බොහෝ සෙයින් ධනවත් රටක් වන ඊස්‍රායෙල් වලට නිල වශයෙන් ඊස්‍රායෙල් වලට ඩොලර් බිලියන තුනක් බැගින් වාර්ෂිකව ප්‍රදානය කරනවා 1980 ගණන් වල ඉඳලා, ඊට අමතරව ඊස්‍රායෙල් භාණ්ඩ ඩොලර් බිලියන් 27 - 30 ක් වාර්ශිකව ආනයනය කරනවා, නිදහස් වෙළඳ ගිවිසුම් හරහා, ඉතින් ලංකාවට තව ඩොලර් බිලියන් එකක් වත් වැඩි කරන්න බැරි ඇයි?

    ලංකාවේ ඇමරිකන් පුරවැසියන් හරහා ඇමරිකන් පදේට ඔහේ පිස්සු ඇමරිකන් රූකඩ ආණ්ඩුවක් තියෙද්දිත් මේ වගේ උදව්වක් වත් කරන්නේ නැත්නම් වැඩක් නැහැ නේද? කලින් ඇමරිකන් හිතවතෙක් වූ රනිල් ඉන්දෙද්දිත් කරපු මගුලක් නැහැනේ?

    මේ නිසා ලංකාවේ චීනය සමග මිතුරුව සමාජවාදයට බර පුළුල් ජනතා බලවේගයක් හරහා ආණ්ඩුවක් හැදුවොත් ඔවුන් චීනය සමග ඉතා ශක්තිමත්ව සහ බැරෑරුම් ලෙස නෙගෝශියේට් කරමින් ක්‍රියා කළොත් චීන ණය ප්‍රතිව්‍යූහගත කර ගැනීමටත් චීන ආධාර ඇතුව ලංකාව වේගයෙන් දියුණු කිරීමටත් හැකි වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඇදිහැස විස්කෝතු වල සිට කෝවිඩ් එන්නත් හා වෙන්ටිලේටර් දක්වා ඇමරිකාවෙන් නිකම් ලැබුණු දේවල් ගැන නොදන්නවාද? නොදන්නවා වාගේ ඉන්නවාද? එතකොට අර එපා කියපු නිකම්ම දුන්න මිලියන 500? වෙන කිසිම රටකින් ආපසු නොගන්නා එවැනි විශාල ආධාරයක් ලැබී තියෙනවද?

      වඩා වැදගත් ප්‍රශ්නය ඒක නෙමෙයි. ඔබ හදන්න යන සමාජවාදී ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය කවුරු හෝ රටක් නිකම් දෙන දේවල් හොයා ගෙන හිඟමනේ යන එකද?

      Delete
    2. ඉකොනොමැට්ටා,

      මමත් උඩ ඇනෝ කියන කතාව සමග එකඟයි. ඇත්තටම ලංකාවට සහල් මෙට්‍රික් ටොන් මිලියන එකක් ත්‍යාගයක් ලෙස ප්‍රදානය කිරීමට චීනයට ඩොලර් මිලියන 700 ක් වත් අඩුම තරමින් වියදම් වෙයි නේද? එම් සී සී ගිවිසුම වගේ කිසිම කොන්දේසි හෝ ඉඩම් ලබා දීමක් නැතුව නිකන්ම මේ කියන විදිහට හාල් ලබා දීම කළොත් එක්සත් ජනපදයේ එම් සී සී කුප්‍රකට ගිවිසුමට වඩා චීන ආධාර උපකාර ඉතා වටිනවා. කියන අදහස අපට පිළිගන්න වෙනවා.

      ඒ වගේම 2018 පොළොන්නරුව ඇතුළුව ලංකාවේ සංවර්ධනය සඳහා චීනය කිසිම වාසි සහගත දෙයක් බලාපොරොත්තු නොවී නොමිලේ ලබා දුන් ඩොලර් මිලියන 300 ක් විතර මුදල ගැන ඔබ ඉතා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන එක ගැන මට නම් සැකයක් තියෙනවා ඇයි ඒ?

      https://www.reuters.com/article/us-sri-lanka-china-grant-idUSKBN1KC0D8

      මේකේ ඒ ගැන පැහැදිලි කිරීමක් කරල තියෙනවා.. ඔබත් මේ අදහස් වලට එකඟයි ද ?

      Delete
    3. වී ගොවිතැන වැට්ටුවට ඉන්දියාවට ලංකාවේ මාකට් එක අල්ල ගන්න දෙන එක ලේසි නෑ වගේ!

      Delete
  8. මේ ලිපියට සම්බන්දයක් නැති ප්‍රශ්නයක්.
    මිල්කෝ ලාභ ලැබීම ගැන ඉකොනොගෙ අදහස මොකක්ද? රාජ්‍ය ව්‍යාපාර කිරීමෙන් අගතියක් වෙන්න්නෙ කියන මතය බිඳ වැටෙනව නේද? අවශ්‍ය හරි මිනිහව හරි තනතුරට දැමීම නේද?

    ReplyDelete
    Replies
    1. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ උපාධියක්/ නිෂ්පාදන කළමනාකරණය (Production Management) පිළිබඳ Masters උපාධියක් සහිත ලසන්ත වික්‍රමසිංහ මිල්කෝ ආයතනයේ විධායක සභාපතිවරයා ලෙස පත්වී එන්නට පෙර ලංකාවේ පෞද්ගලික අංශයේ නමක් දිනූ වෘත්තිකයෙකි. ව්‍යාපාර පද්ධති විශ්ලේෂකයකු (Business Systems Analyst - business strategies to help companies maximize productivity and communication) සහ සැපයුම් දාම Supply Chain Expert ලෙස සම්භාවනාවට ලක් වූ ඔහු Haycarb PLC (A Dhammika Perera Venture) නිෂ්පාදන සැලසුම්කරුවකු ලෙස වසර දෙකක කාලක්/ පුරා වසර 13ක් මෘදුකාංග සංවර්ධන සමාගමක් වන IFS ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර විශ්ලේෂකයෙක් (Senior Business Analyst) ලෙස කටයුතු කළ අතර මිල්කෝ ආයතනය තිබුණේ පාඩු ලබමිනි. 2017 සහ 2018 වසරවල ආයතනය වාර්ෂිකව රුපියල් මිලියන හයසීයකට වඩා වැඩි පාඩුවක් ලැබු අතර අගමැති රනිල් කිහිප වරක්ම මෙය පුද්ගලීකරණය කිරීමට දැඩි උත්සාහයක් ගත් නමුත් පොළොන්නරුවේ මෝඩ ගමරාල කෘෂිකර්ම ඇමති ලෙස දැඩි ලෙස විරුද්ධ වෙමින් එය වළකා ලූ අතරම 2019 දී පමණක් ලැබූ පාඩුව මිලියන 800කි.

      2019 වසර වනවිටත් පොළොන්නරු ගමරාළගේ පොළවෙන් මතුවූ පාලනය යටතේ දඹුල්ල ඇතුළු කිරි ශීත කරන මධ්‍යස්ථාන හැත්තෑ හතක ශීතකරණ 24 පැයේම කිරි සිසිල් කරත් ගොවීන්ගෙන් මිලදී ගන්නා විශාල කිරි තොගයක් කිරි බඳුන්වලම තබන්නට සිදුවී තිබූ අතර මිල්කෝ සමාගම සමග තරඟකාරී පෞද්ගලික සමාගම් දෙකක් ලංකාවේ කිරි ගොවීන්ගෙන් කිරී නොගෙන පිටරට වලින් අඩු මිලට කිරි ගෙන්වීමත්, දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වැඩි මිලට ගැනීමට සිදු වීමත් නිසා සමාගම බරපතල අර්බුදයකට මුහුණ පා සිටි අතර මිල්කෝ සමාගමේ හිටපු සභාපති පැවසුවේ සමාගම කිසිම ගොවියකු හරවා නොයවන බවත් කිරි විසි කරන්න සිදු වුවත් ගොවීන්ගෙන් කිරි මිලට ගනිමින් කිරි යන්ත්‍රාගාර සියල්ලටම දිනකට ලීටර් ලක්ෂ දෙකක් ඉක්මවා මිලට ගත් බවත්.

      http://www.naosl.gov.lk/web/images/audit-reports/upload/2017/Companies/9th_ints_partvi/Milco-Private-Ltd-E.pdf

      කෙසේ නමුත් ඊට සරිලන පරිදි අඹේවෙල, පොළොන්නරුව, නාරාහේන්පිට හා දිගන කම්හල්වලින් වෙළෙඳ පොළට කිරි නිෂ්පාදන නො සපයන බවත් මිල්කෝ සේවක වෘත්තීය සමිති පෙන්වා දුන් අතරම ගොවීන්ගෙන් මිලට ගන්නා අමුකිරි එම බඳුන්වල හා ප්‍රවාහන බවුසර් වලම තිබියදී පැය හතරකට වරක්, නරක් නොවීම සඳහා බෙහෙත් මුසු කිරීමට සිදුව තිබූ බවත් දිනකට කිරි ලීටර් හතළිස් දහසක් පමණ නරක් නොවී බේරා ගැනීම බරපතල අර්බුදයක් වී පැවති බවත් 2020 මුල ගෙන්වූ අලුත් යන්ත්‍ර මගින් මෙම තත්වය වෙනක් කළ හැකි වූ බවත් වෘත්තිය සමිති කියයි.

      නමුත් පසුගිය 2020 මූල්‍ය වර්ෂය අවසන් වනවිට ආයතනය ශුද්ධ ලෙස මිලියන 430ක ලාබයක් ලබා තිබිණි.

      https://www.dailymirror.lk/business__main/MILCO-now-a-profit-making-venture--says-Chairman/245-198603

      මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ පවසන පරිදි මිල්කෝ ආයතනය වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දී ජනාධිපති රාජපක්සගේ වචනයෙන්ම කියනවා නම්, "හැමෝම ලෙහෙසි ඒවා ඉල්ලනවා, අමාරු එකක් අරගෙන කරන්න" කියන අභියෝගය තමයි ඔහුට භාර දුන්නේ. මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ එම අභියෝගය භාරගෙන වසර දෙකක් ඇතුළත දී 2019 අධික ලෙස පාඩු ලැබූ නිසා වැහෙන්න ගිය ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා, පසුගිය 2021 අවුරුද්දෙත් මිලියන 439 ක් පමන ලාභ ලබන ආයතනයක් බවට පත්වුණා. ඊට කලින් 2020 අවුරුද්දෙත් මිලියන 430 ක ලාභයක් ලැබුවා කියලා කියනවා.

      But now the Government has replaced him with new guy called Renuka Perera, a henchman of MR instead of GR's Wiyath Maga henchman Lasantha, FYI;

      https://lankanewsweb.net/archives/2616/plot-to-oust-milco-chairman-video/

      Delete
    2. //රාජ්‍ය ව්‍යාපාර කිරීමෙන් අගතියක් වෙන්න්නෙ කියන මතය බිඳ වැටෙනව නේද? අවශ්‍ය හරි මිනිහව හරි තනතුරට දැමීම නේද?//

      රජය ව්‍යාපාර කිරීමෙන් පාඩු වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ සමාන තත්ත්වයන් යටතේ පෞද්ගලික ව්‍යවසායයෙකු විසින් ලැබිය හැකිව තිබුණු ලාබ වලට සාපේක්ෂව පාඩුවක් වෙනවා කියන එකයි. ඒ වගේම, මෙය සමස්තයක් ලෙස කියන දෙයක්. හැම වසරකම හැම රාජ්‍ය ආයතනයක්ම පාඩු ලබනවා කියන එක එයින් අදහස් වන්නේ නැහැ. රාජ්‍ය ආයතන ලාබ ලබන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේ නිශ්චිත අවස්ථාව හෝ පුද්ගලයා ගැන මම හැදෑරීමක් කරලා නැහැ. ඒ නිසා, ඔහු වෙනත් අයෙකුට කළ නොහැකි අමුතු දෙයක් කරලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. එසේ කළ බවක් කෙහේවත් සඳහන්ව තිබෙන බවක් මම දැක්කේ නැහැ. කිරිපිටි ආනයනය නවත්තලා ඒකාධිකාරයක් හදලා දුන්නට පස්සේ එම කර්මාන්තයේ නියැලෙන ආයතනයකින් ලාබ පෙන්වීම අපහසු දෙයක් නෙමෙයි.

      Delete
  9. පහුගිය කාලයේ ලංකාවේ දූෂිත දේශපාලකයන් රට වනසමින් රටේ වටිනා ඉඩම් අක්කර ලක්ෂ ගණනක් ඇමරිකන් කොල්ලකාරී සමාගම් වලට පාවාදීමට කැසකැවූ ඇමරිකානු එම් සී සී ගිවිසුම මෙන්ම රටේ සමස්ත බලශක්ති ක්ශේත්‍රය ඇමරිකන් කොල්ලකාරීනට පැවරීමට කැස කැවූ යුගදනව් බලාගාර හොර මගඩිය, ත්‍රි'මලේ තෙල් ටැංකි පාවාදීම වැනි අවකල් ක්‍රියා වලට එරෙහිව අභීතව නැගී සිටිමින් සිසු දරු දැරියන් දෙමාපියන් සහ තරුණ පරපුර සමග රටම දැනුවත්කළ විශ්වයේ සොඳුරුතම ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක ගුරුදේවයන් එකල විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ තමන් සහ අනුර කුමාර දිසානායක සහෝදරයා යන දෙදෙනාම සිටියේ එකම නේවාසිකාගාර එකම ඇඳක බව අනාවරණය කළා. එකල ආණ්ඩුවේ කුරිරු මර්දනයෙන් බේරීමට අරවින්ද දිසානායක නමින් පෙනී සිටිමින් තමන් එකල දේශන සඳහා යාමට සූදානම් වෙද්දී අනුර දිසානායක සහෝදරයා කොහේදෝ සිට ජනේලයෙන් කාමරයට පැමිණ නිදාගන්න බවත් තමන් ආපසු එන විට අනුර දිසානායක සහෝදරයා කාමරයෙන් පිට වී යන බවත් එසේ යන්නේ දේශපාලන වැඩවලට බවද අනුර දිසානායක සහෝදරයා කිසිම දිනක විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා සහභාගී නොවූ බවත් එසේ නමුත් දේශණවලට සහභාගී වූ අයගේ සටහන් පොටෝකොපි කරගෙන පාඩම් කර විභාගය ද ඉතාමත් ඉහළින්ම සමත් වූ විශිෂ්ටතම මීටරයක් බවත් සිසුන් පිරිසක් ඉදිරියේ දී මහත් ගෞරවයෙන් පැවසුවා.

    https://www.youtube.com/watch?v=CGmg2nLqcL8

    මේක නම් සුපිරි වීඩියෝ එකක්, 1M+ views එයි අනිවාරෙන්, Lectures ඉන්නෙ නැතුව විභාගෙට Notes බලලා Exams Pass වෙලා Degree 2ක් ගන්නවා කියන්නෙ මොන මොළයක් ඔහුට තියනවා ඇතිද? ලංකාවේ මිනිස්සු අන්ධයි. ඒ නිසාම රට ම අඳුරේ. අනුර කුමාර සහෝදරයා කියන්නේ මෝටරයක් නෙවේ සුපිරි මීටරයක්,,, වංචාව දූෂණය හොරකම නැති නිසා රටේ තැනක් නැහැ, මොකද රටේ අති බහුතරයක් හොරු නිසා, අනුර සහෝදරයා කියන්නෙ සුපිරි ම මීටරයක්. මාර මතකයක් තියෙන්නේ ඉලක්කම් කටපාඩමින් කියන විදිය එකේ දත්ත. ❤ මම නම් පාර්තමේන්තුවේ උන්ගෙන් කතා කරනවා බලන්න ආසම චරිතෙ අනුර කුමාර සහෝදරයා.

    https://www.youtube.com/watch?v=CGmg2nLqcL8

    ©Tissa Jananayake - All Rights Reserved ®

    විශ්වයේ සොඳුරු ජීව විද්‍යා දේශක, ජනප්‍රියතම සහ විශිෂ්ටතම ගුරු තරුව වූ තිස්ස ජනනායක ගුරුදේවයන්ගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත Youtube ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ Youtube චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

    https://sasipinstitute.com/cdn/sessions/file_159099903305.pdf

    ReplyDelete
  10. මම මෙච්චර කල් හිතන් හිටියේ රුපියල අවප්‍රමාණය වෙන්න නොදී තියන් ඉන්නේ රටේ බඩු මිල වැඩි වී ආණ්ඩුවට එන අප්‍රසාදය වලක්ව ගන්න ඕනේ නිසා කියලයි. එය එක අරමුණක් උනත් ප්‍රදානම අරමුණ වෙලා තියෙන්නේ වෙන එකක්. ඇත්තටම මේ 2010-2020 සෙල්ලම් කරපු පොන්සි ක්‍රීඩාවෙන් දිනන්න ඇත්තේ මොන සෙට් එකද? නැවත නැවතක් බැදුම්කර වල ආයෝජන (ආයෝජන කිව්වට එයාලට මේක සුදුවක්නේ) කරන්න ඇත්තේ මේ සෙට් එකනේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ප්‍රශ්නය දැන් ඔබට පැහැදිලියි කියලා. මෙය සංකීර්ණ දෙයක්. ක්‍රීඩාව නැවැත්තුවොත් මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි වගේ තමයි. නැවැත්තුවේ නැත්නම් මුට්ටිය බිඳෙනකම් මාලිගා හදන්න පුළුවන්.

      Delete
  11. පේන විදියට නම් අලුත් ක්‍රීඩකයෝ හොයාගන්න එක සෑහෙන අමාරුයි වගේ. 100 million USD හොයාගන්න තියපු අලුත්ම SLDB වෙන්දේසියේ මිලියන 11.5 වගේ තමයි හම්බ වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම වෙන එක ලංකාවට දිගුකාලීන වශයෙන් සෑහෙන හොඳයී නේද? පුළුවන් තරම් ණය ගැනීම අමාරු වැඩක් වෙලා හිර වෙච්ච දෙන්, මේ දක්වාම කරේ එකසිය ගානට බොන්ඩ් ආදී බැඳුම්කර වලින් ණය ගනිමින් සංචිත වැඩි කර ගැනීම නිසා රටම ණය උගුලක හිර කරපු එක. දැන් අනිවාර්යයෙන්ම අපනයන ආදායම් වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වෙලා.

      මහින්ද රාජපක්ෂ 2005 - 2014 කාලයේ ISB බොන්ඩ් ඩොලර් බිලියන 5 ක් ගත්තා. ඊට හපන් යහපාලන ආණ්ඩුව 2015 - 19 කාලේ රනිල් සහ මංගල ඇතුළු පිරිස ISB ඩොලර් බිලියන 12 කට වඩා අරගෙන තියෙනවා. ණය අරන් සංචිත වැඩි කරන එක මහ විකාරයක්. කොහොම හරි දැන් මේ ණය මොන ජාතියෙන් හරි ගෙවන්න වෙනවා. ඒ අතරේ තව ණය ලබා ගැනීමට බැරි වෙන එක නිසා අපනයන භාණ්ඩ හා සේවා වැඩි කර ගැනීම, මුදල් අච්චු ගැසීම අඩු කරන්න, රජයේ ආදායම් වැඩි කර ගැනීම, වියදම් සීමා කිරීම, රජයේ සේවකයන් අඩු කරන්න වගේ අත්‍යවශ්‍ය ඒත් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍යම අංගයක් බවට පත් වෙයි.

      ආනයනික භාණ්ඩ ලෙස අත්‍යවශ්‍යම ඛණිජ තෙල් බෙහෙත් පෝර, විදුලි උපකරණ, කම්පියුටර් ෆෝන් වගේ දේවල් විතරක් ආනයනය කරල අනිත් ඒවා හැකි තරම් අඩු කරන්න පුළුවන් නම් දිගුකාලීනව රටට හොඳයි. එතකොට අපනයන වලට සාපේක්ෂව විතරයි ආනයන වෙන්නේ.

      Delete
    2. කාවද රවට්ටන්න හදන්නෙ මරා ගත්තෙ ඩොලර් බිලියන 5ක් විතරයි කියල? ඌ රටේ විදේශ ණය බිලියන 35ක් වැඩි කරල ගියේ. ඒව ගෙවන්න ඉතින් ඊලඟ ආන්ඩුවටත් ණය ගන්න ඇරෙන්න ඇරූ මැදමූලන බූදලේ ඉතිරි කරල ගියෙ නැහැනෙ.

      Delete
    3. AnonymousJanuary 20, 2022 at 9:18 AM

      ඔබ හරි ඒත් ලංකාවේ ණය බර 2019 ඔක්තෝබර් මාසයේ අග භාගයේදී ඩොලර් බිලියන 56 ක් විතර.

      https://tradingeconomics.com/sri-lanka/external-debt#:~:text=External%20Debt%20in%20Sri%20Lanka%20averaged%2047244.74%20USD%20Million%20from,the%20fourth%20quarter%20of%202012.

      දැන් තියෙන ගාන ගැන හරියටම කියන්න දන්නෙ නෑ මම හිතන්නේ දැනුත් ඒ ගැනම නැත්නම් ඩොලර් බිලියන 50 ක් විතර වෙන බවත් රජයේ ඍජු ණය ඩොලර් බිලියන 30 ක් පමණ විය හැකි බවයි මගේ අදහස.

      ඇත්තටම මම ලංකාවේ ව්‍යාපාර කටයුතු වලට අමතරව පොලියට සල්ලි දිපු කෙනෙක්. ඩේලි ක්ලෙක්ෂන් එකක් කරා. එහෙම ණය ගත්තු අය අන්තිමට හිර වෙලා රට දලා, පවුල් කැඩිලා යනවා දැකපු අවස්ථා තිබ්බා. මටම ඒක එපා උනා. මමම හිතල නැවේත්තුවා ඒ වැඩේ. මට තේරෙන විදිහට එහෙම එකක් තමයි ලංකාවට වෙලා තියෙන්නේ. ලංකාව කියන්නේ තනි පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා ණය බරෙන් හිර වෙලා ඉන්නේ. එහෙම එකේ දැන් නිල්, කොළ, රතු කවුරු රජ උනත් වැඩක් නැ. උන් උන් හදාගන්නවා විතරයි. ඔබ කියන විදියට පොහොට්ටු සහ සජබ දෙකම පරද්දන්න පුළුවන් ඒත් මගේ මතය නම් ජේවිපි එකට වෙන්නේ ගොඨාට උන දේම තමයි. ගොඨාට රටක් පාලනය කරලා හරිහැටි අත්දැකීම් සහ නිසි පළපුරුද්දක් තිබ්බේ නැ. ඉතින් පාලනය නන්නත්තාර කරගත්තා.

      ලංකාවේ පාලනය අර ගත්තොත් ජේවිපි එකටත් ඒ වගේම තමයි අත්දැකිමක් නැ. රජයක් අරන් ඒ ගැන හිතනකොටම කාලය යයි. එතකොට රට තවත් අගාධයට වැටේයි. ජේවිපි එකේ ඉගෙනගත් අය හිටියාට,උගත් අය හිටියාට ඒ ගැන අධි තක්සේරු කරන්නත් බැ මොකද වියත් ම⁣ගේ සමහරු කරපු දේවල් දැක්කාම උගතුන්ගේ කෙරුවාව මතක් වෙනවානේ����..මේ හේතු නිසා ජේවිපි එක රට ගත්තා කියන්නේ තවත් වැටෙන් එක වැටෙනවා ඒක ස්තිරයි... අද කිව්වා කියලා මතක තියාගන්න දිනයත් එක්කම. හැබැයි මෙහෙම කිව්වා කියලා දැන් ඉන්න අය සහ හිටපූ දූෂිත යහපාලන සහ සජිත් ප්‍රේමදාස කොමිටල් ගොන් පාට් සෙට් එකේ හොර රැල හොදයි කියන්නෙත් නැ මම හොදේ. මට තවම හරි විසඳුමක් නෑ එච්චරයි.

      Delete
    4. 2005 විදේශ ණය- ඩොලර් බිලියන 11,354යි.
      2014 විදේශ ණය- ඩොලර් බිලියන 42,914යි.

      ඔය තරමට ණය වුනාට පස්සේ අළුතෙන් අමතර ණය නොගත්තත් පොලිය ගෙවන්න අවුරුද්දකට ඩොලර් බිලියන 2ක් පමණ යනවා. අවුරුදු පහක් යද්දී ඩොලර් බිලියන 10කින් පමණ ණය ඉහළ යනවා. යහපාලන ආණ්ඩුව බොහෝ දුරට කළේ අලුත් ණය වලින් පරණ ණය හා පොලිය ගෙවන එක.

      2019 විදේශ ණය- ඩොලර් බිලියන 54,812යි.

      Delete
    5. මම හිතන්නේ ඉකොනොමැට්ටාට වැරදිලා, 2015 වෙනකොට ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන් 64.9 ක් කියලා එවකට අගමැති රනිල් ජාත්‍යන්තරව පිළිගත් ෆෝර්බ්ස් මැග් එකට කියල තියෙනවා මේ බලන්න.

      The official estimate of what Sri Lanka currently owes its financiers is $64.9 billion — $8 billion of which is owned by China. The country’s debt-to-GDP currently stands around 75% and 95.4% of all government revenue is currently going towards debt repayment.

      Link

      https://www.forbes.com/sites/wadeshepard/2016/09/30/sri-lankas-debt-crisis-is-so-bad-the-government-doesnt-even-know-how-much-money-it-owes/

      ඒ වගේම ලංකාවේ සැබෑ විදේශ ණය ප්‍රමාණය කවුරුවත්ම දන්නේ නෑ කියලයි ඔහු මෙතනදි අවධාරණය කරන්නේ, මම හිතන්නේ ණය වල සංකීර්ණ ස්වභාවය නිසා කාටවත්ම තේරුම් ගන්න බැරි ඇති, අනෙක 2005-14 රෙජීමය සංඛ්‍යා ලේඛන බොරු කරමින් මහ බැංකු වාර්තා පවා හොරට හදපු නිසා ඔබ කියන සංඛ්‍යා වැරදි ඇති.

      “We still don’t know the exact total debt number,” Sri Lanka’s prime minister admitted to parliament in 2016 as follows:

      https://thewire.in/south-asia/sri-lankan-pm-wickremesinghe-blames-hidden-debt-for-financial-crisis

      මේ තියෙන්නේ නිල ලේඛන වල ගණන් වුණත් සැබෑ ගණන් මීට වඩා වැඩි ඇති.

      Sri Lanka external debt for 2019 was $ 56,095,468,647, a 6.02% increase from 2018.

      Sri Lanka external debt for 2018 was $ 52,909,414,662, a 4.22% increase from 2017.

      Sri Lanka external debt for 2017 was $ 50,765,585,410, a 8.8% increase from 2016.

      Sri Lanka external debt for 2016 was $ 46,661,487,970, a 6.23% increase from 2015.

      Can you explain this too?

      https://www.eastasiaforum.org/2016/05/27/responding-to-sri-lankas-economic-crisis/

      Under President Maithripala Sirisena, who came to office at the beginning of 2015, domestic debt grew by 12% and external debt by 25% without starting any new large-scale infrastructure projects.

      This fact has not gone unnoticed by former president Mahinda Rajapaksa, who recently issued a series of public taunts, claiming that with the money the current administration has so far borrowed he could have built “two Mattala Airports, one Hambantota Port, one Norochcholai Coal Power Plant, one Colombo-Matara Highway, one Colombo-Katunayake Highway, not one, but two Colombo Port cities and one 500 MW Sampur Coal Power Plant...”

      Sri Lanka may be in a debt trap that it can’t get out of. This year alone $4.5 billion is due to foreign lenders and next year $4 billion is owed — bills which the country has not yet figured out a way to pay.

      Various interim solutions to the debt crisis have been proposed, such as offering debt-for-equity swaps to countries, such as China, that Sri Lanka owes big and privatizing and outright selling loss-incurring SOEs, which have yet to receive much interest.

      මේ කියන සැඟවුණ ණය (Hidden debt - හිඩ්න් ඩෙබ්ට්) එක්ක මේ වෙන කොට ලංකාවේ මුළු ණය ඩොලර් බිලියන් 100 - 150 ක් විතර වෙන්නත් බැරි නෑ නේද?

      රාජපක්සලා හොරට ගත්තු ණය වගේම යහපාලන ආණ්ඩුවෙනුත්, විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අගමැති රනිල්ට හොරෙන් ගත් ණය එක්ක මේක කීයක් විතර වේවිද ඇත්තටම? දළ වශයෙන් ඩොලර් බිලියන 150ක් වත් ඇති.

      ඇත්තටම ඒ හොරට ගත්තු ණය නොගෙවා ඉන්න බැරිද? එතකොටත් ඩිෆෝල්ට් කේස් එකක් වෙන්න පුළුවන්ද?

      Delete
    6. //2015 වෙනකොට ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන් 64.9 ක් කියලා එවකට අගමැති රනිල් ජාත්‍යන්තරව පිළිගත් ෆෝර්බ්ස් මැග් එකට කියල තියෙනවා මේ බලන්න.//

      ෆෝර්බ්ස් එකේ කොහේද විදේශ ණය කියලා තියෙන්නේ? (අවශ්‍යනම් ගූගල් එකෙන් වුවත් පරිවර්තනය කර ගන්න පුළුවන්).

      "ශ්‍රී ලංකාව දැනට එහි මූල්‍ය සපයන්නන්ට ගෙවිය යුතු දේ පිළිබඳ නිල ඇස්තමේන්තුව ඩොලර් බිලියන 64.9 කි"

      //අනෙක 2005-14 රෙජීමය සංඛ්‍යා ලේඛන බොරු කරමින් මහ බැංකු වාර්තා පවා හොරට හදපු නිසා ඔබ කියන සංඛ්‍යා වැරදි ඇති.//

      එහෙමනම් 2015-19 මහ බැංකු වාර්තා බලන්න.

      //ඇත්තටම ඒ හොරට ගත්තු ණය නොගෙවා ඉන්න බැරිද?//

      කවුරුවත්ම දන්නේ නැති ණය තියෙනවානම් නොගෙව්වා කියලත් කවුරුවත්ම දන්නේ නැති නිසා ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැනේ!

      Delete
  12. ඉකනෝ.....ලංකාවේ ආණ්ඩුව යුරෝපයේ හෝ ඇමෙරිකාවේ බැංකුවලින් ගෙවන පොලියට වඩා වැඩි පොලියක් ගෙවන්නේ කොහොමද? එහෙම ගෙවන්න නම් සැබෑ ලෙසම ආර්‍තික ව්ර්‍ධනයක් භූමියේ තියෙන්න ඕනේ නේද? නැතිනම් ආයෝජකයෝ කිසි ලෙසකින්වත් එතැනට මුදල් යොදවන්නේ නැහැ නේද?

    යුද්ධයෙන් පස්සේ ලංකාවේ ආර්‍තිකය හොද දිශාවකට යොමු වෙන බවට සංඥා තිබ්බා. නමුත් ඒ සදහා අවශ්‍ය විදේශ විණිමය දෙන්න ගොඩක් කටිටිය හිටියේ නෑ. ඒකට විකල්පයක් ලෙස නේද රජය 2010 දී ඔබ කියන පොන්සි ක්‍රීඩාවට යොමු උනේ.

    ප්‍රශ්ණය තියෙන්නේ එසේ ලබා ගත් මුදලින් කෙරුණු යටිතල පහසුකම් සංව්ර්‍ධනයෙන් ලංකාවේ ආර්ථිකයට බලාපොරොත්තු වූ ආකාරයේ ධනාත්මක ප්‍රතිලාභයක් සිද්ධ උනාද කියන එක නේද? 2010 දී රුපියල අවප්‍රමාණය වෙන්න නොදී කරපු පොන්සි ක්‍රීඩාවෙන්, රට ඇතුලට ගලාගෙන ආපු ඩොල්ර් වලින් හරි හමං විදියට ලංකාවේ යටිතල පහසුකම් වල සංවර්ධනයක් සිද්ධ උනා නම් ඔබ විස්තර කරන පොන්සි ක්‍රීඩාවෙන් අදවෙලා තියෙන නස්පැත්තිය සිද්ධ වෙන්න විදිහක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. //ඉකනෝ.....ලංකාවේ ආණ්ඩුව යුරෝපයේ හෝ ඇමෙරිකාවේ බැංකුවලින් ගෙවන පොලියට වඩා වැඩි පොලියක් ගෙවන්නේ කොහොමද? එහෙම ගෙවන්න නම් සැබෑ ලෙසම ආර්‍තික ව්ර්‍ධනයක් භූමියේ තියෙන්න ඕනේ නේද? නැතිනම් ආයෝජකයෝ කිසි ලෙසකින්වත් එතැනට මුදල් යොදවන්නේ නැහැ නේද?//

      සක්විති ළඟත් මිනිස්සු සල්ලි දැම්මනේ නේද? අද සංවර්ධන බැඳුම්කර විකිණුවේ 8%ක පොලියකට. ඔය පොලිය ගෙවන්න වුවත් ලංකාවේ ඩොලර් හැදෙන්නේ නැති බව ඉතාම පැහැදිලියිනේ. නමුත්, පොලිය ඉහළනම් අවදානම ගන්න මිනිස්සු ඉන්නවා. (මේ පොලියට ගන්න ඉදිරිපත් වුනේ ඉතාම සුළු පිරිසක් පමණයි). දෙවසරකින් කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කර දැන් යන්නේ 45% පමණ පොලියකට. පොලිය වැඩිනම් ආයෝජකයෝ අවදානම අරගෙන මුදල් යොදවනවා. හැබැයි එසේ කරන්නේ වැඩේ නරක අතට හැරෙද්දී වහාම ආපසු ගන්න බලාගෙන කෙටිකාලීනව ආයෝජන ලෙසයි.

      //යුද්ධයෙන් පස්සේ ලංකාවේ ආර්‍තිකය හොද දිශාවකට යොමු වෙන බවට සංඥා තිබ්බා. නමුත් ඒ සදහා අවශ්‍ය විදේශ විණිමය දෙන්න ගොඩක් කටිටිය හිටියේ නෑ. ඒකට විකල්පයක් ලෙස නේද රජය 2010 දී ඔබ කියන පොන්සි ක්‍රීඩාවට යොමු උනේ.//

      ඒ වෙලාවේ ආණ්ඩුවේ දෘෂ්ඨි කෝණය වුනේ එය වෙන්න පුළුවන්. මම මේ කරන්නේ අතීතය ඇදලා අරගෙන විවේචනය කිරීමක් නෙමෙයි. වැඩේ වැරදිලා කියලා පැහැදිලි වුනාට පස්සේ එය තේරුම් ගෙන ගැලවෙන විදිහක් හිතන්න ඕනෑ නේද? ඒ වගේම, රටකට සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් හදද්දී එහි පැහැදිලි හා අනිවාර්ය අවසානය කුමක්ද කියා දකින්න බැරිනම් එහි ප්‍රශ්නයක් තිබෙනවා නේද?

      //ප්‍රශ්ණය තියෙන්නේ එසේ ලබා ගත් මුදලින් කෙරුණු යටිතල පහසුකම් සංව්ර්‍ධනයෙන් ලංකාවේ ආර්ථිකයට බලාපොරොත්තු වූ ආකාරයේ ධනාත්මක ප්‍රතිලාභයක් සිද්ධ උනාද කියන එක නේද? 2010 දී රුපියල අවප්‍රමාණය වෙන්න නොදී කරපු පොන්සි ක්‍රීඩාවෙන්, රට ඇතුලට ගලාගෙන ආපු ඩොල්ර් වලින් හරි හමං විදියට ලංකාවේ යටිතල පහසුකම් වල සංවර්ධනයක් සිද්ධ උනා නම් ඔබ විස්තර කරන පොන්සි ක්‍රීඩාවෙන් අදවෙලා තියෙන නස්පැත්තිය සිද්ධ වෙන්න විදිහක් නෑ නේද?//
      ඩොලර් ණයට ගන්නවානම් ඒ ඩොලර් වලින් ණය හා පොලිය ආපසු ගෙවිය හැකි තරමට ඩොලර් ඉපැයිය හැකි ක්‍රමයක් හැදෙන්න ඕනෑ. එවැනි ක්‍රමයක් හැදෙනවානම් එය පොන්සි ක්‍රීඩාවක් වෙන්නේ නැහැ. පොන්සි ක්‍රීඩාවක් කියා කියන්නෙම ආයෝජනය කර ඉපැයිය නොහැකි ප්‍රතිලාභයක් දෙන ක්‍රමයකට. 2004-2014 අතර වැඩි වූ ඩොලර් බිලියන 31.5ක පමණ විදේශ ණය වලින් මධ්‍යම රජයේ විදේශ ණය ඉහළ ගියේ බිලියන 14ක් වැනි ප්‍රමාණයකින්. සංවර්ධනයෙන් ලංකාවේ ආර්ථිකයට බලාපොරොත්තු වූ ආකාරයේ ධනාත්මක ප්‍රතිලාභයක් සිද්ධ වුනාද කියා ඔබ අසන ප්‍රශ්නය අදාළ වෙන්නේ මේ කොටසට. ඉතිරි කොටසෙන් (සහ මේ කොටසෙන්ද යම් ප්‍රමාණයකින්) සිදු වුනේ ආනයන ඉහළ නංවන එක. විණිමය අනුපාතය පහළින් තියා ගත් විට ආනයන ඉහළ යාම නොවැලැක්විය හැකියි (දැන් මෙන් සීමා නොදැම්මොත්). එය වලක්වා ගන්නනම් මේ ඩොලර් වෙළඳපොළෙන් ඉවත් කරගෙන සංචිත වලට එකතු කර ගත යුතුයි. එසේ එකතු කර ගත්තේ ඩොලර් බිලියන 6ක් පමණයි. ඊට වඩා සංචිත වලට එකතු කර ගත්තානම් ඩොලරයේ මිල ඉහළ යනවා. ඩොලරයේ මිල ඉහළ ගියානම් ඔය සල්ලි එන්නේ නැහැ. මේක තමයි මේ ක්‍රීඩාව සිදු විය හැකිව තිබුණු ක්‍රමය. පොන්සි ක්‍රීඩාවක් කරන්න වෙන්නේ එහි නීති අනුව. මෙහිදී සල්ලි ආකර්ශනය කර ගන්නේම මූර්ත ආයෝජනයකින් කවදාවත් ලැබිය නොහැකි ප්‍රතිලාභයක් ලබා දීම මගින් නිසා ඔබ කියන දෙය සිදු වීමේ හැකියාවක් නොතිබුනු දෙයක්. එය සමාන කළ හැක්කේ සක්විති තමන් එකතු කරගත් මුදල් ආයෝජනය කළානම් ව්‍යාපාරය කඩා වැටෙන්නේ නැහැ කීමටයි. සල්ලි ආයෝජනය කරලා 25-30% ප්‍රතිලාභයක් ලබන්න බැරි බව කවුරුත් දන්නවා. ආයෝජනය කරලා ඉපැයිය හැකි ප්‍රතිලාභයක් පමණක් දුන්නානම් මිනිස්සු ඔය තරමට සක්විති ළඟ සල්ලි දාන්නේ නැහැ.

      Delete
    2. තව ප්‍රශ්ණයක්...... ලංකාව ඩොලරය අවප්‍රමානය කරගෙන ගිය පොන්සි ක්‍රීඩාවේදී, ඩොලර් අයෝජනය ලංකාවෙන් ඉවත් කර ගතයුතු වෙලාව ගැන අයෝජයකයන්ට අදහසක් තිබ්බා. ඔබ කියා ඇති පරිදි මෙහි රටාවක් තිබ්බ නිසා අයෝජකයන්ට තමන්ට පාඩුවක් ඇති නොවෙන විදිහට තමන්ගේ අයෝජන ඉවත් කර ගැනීමක් කල හැකිව තිබ්බා. නමුත් ලංකා ආණ්ඩුව හරියට මේ ක්‍රීඩාව කලා නම් මේ ක්‍රිඩාවේ පරාජිතයා වෙන්න තිබ්බේ ලංකාව නෙමෙයි නේද....උදාහරනයක් විදිහට පටි තද කර ගෙන අන්තිම මොහොත වෙනක්න් ඉදලා, ‍රැපියල අවප්‍රමානය වෙන්න දෙනකං ඉන්නෙ නැතුව, අයෝජකයන් බලාපොරොත්තු නොවෙන වෙලාවකදී රුපියල අවප්‍රමානය වෙන්න දුන්න නම් , මේ පොන්සි ක්‍රීඩාවේ ජයග්‍රාහකයා වෙන්නේ ලංකා ආණ්ඩුව නේද ( ආසාධාරණ ජයග්‍රාහකයෙක් උනත්)

      Delete
    3. ඔබ කියන්නේ ලංකාවේ රජයට ආයෝජකයන්ට වඩා "ස්මාර්ට්" විය හැකිව තිබුණා කියන එකනේ. කරුණු දෙකක් නිසා මෙය කළ නොහැකියි. පළමුව, රජය කියන්නේ මේ ක්‍රීඩාවේ තනි ක්‍රීඩකයෙක්. රජය පැත්තේ ස්මාර්ට් පුද්ගලයින් කොපමණ සිටිනවාද කියන එක මත මෙය වෙනස් වෙන්නේ නැහැ. මොකද කොපමණ පිරිසක් හිටියත් අදින්න තියෙන්නේ එක ඉත්තයි. අනෙක් පැත්තේ ඉන්නේ තනි ක්‍රීඩකයෙක් නෙමෙයි. තනි තනිව තීරණ ගන්නා ක්‍රීඩකයින් විශාල පිරිසක්. ඔබ කියන වැඩේ කරන්නනම් රජය මේ එක් එක් තනි ක්‍රීඩකයින් සියලුම දෙනාට වඩා ස්මාර්ට් විය යුතුයි. රජයට වඩා ස්මාර්ට් එක් ක්‍රීඩකයෙක් හෝ සිටියොත් අනෙක් අයට සංඥාව යනවා. රජය පරදිනවා. (අයවැයෙන් සිගරැට් අඩු කරලා පස්සේ වැඩි කරනවා වගේ ගේම් ගහන්න පුළුවන් වුනේ අනෙක් පාර්ශ්වයේ තනි ක්‍රීඩකයෙක් හිටපු නිසා). පෞද්ගලික ව්‍යවසාය වලට සාපේක්ෂව රජය අකාර්යක්ෂම වෙන්නේ මේ හේතුව නිසා. රජයට තනි ඒකාධිකාරී ව්‍යවසායකයෙකුට වඩා ස්මාර්ට් වෙන්න පුළුවන්. නමුත්, තනි තනිව තීරණ ගන්නා ව්‍යවසායකයින් දහස් ගණනකට වඩා ස්මාර්ට් වෙන්න බැහැ.

      දෙවන හේතුව, මේ ක්‍රීඩාවේ ආකෘතිය අනුවම රජයට මේ වැඩේ කරන්න බැහැ. මොකද ආයෝජන ගෙන්වා ගන්නේම විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්න බව සංඥා කරලා. රජයට "කයිවාරු ගැහුවට" විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්න බැරි බව මේ ආයෝජකයෝ දන්නා නමුත් පුළුවන්කමක් පොඩ්ඩක් හෝ තියෙන තුරු විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්නා බවට වන විශ්වාසය මත තමයි සල්ලි ගේන්නේම. ඒ විශ්වාසය ඇති කරන්න බැරි වුනොත් සල්ලි ගේන්නේ නැහැ. රජය විසින් හිතාමතාම, ඔබ යෝජනා කරන ආකාරයෙන්, මාකට් එක ශොක් කළොත්, පළමු වටයේදී ආයෝජකයෝ පරාජය වෙනවා. හැබැයි ඉන් පසු රජයට අර විශ්වාසය නැවත තහවුරු කරන්න බැරි වෙනවා. ඒ වගේම, විණිමය අනුපාතය ඉහළ යන්න කලින් තමන්ගේ සල්ලි ඉවත් කරගන්න බැරි වෙන යම් පිරිසක් ඉන්නවා. ආයෝජකයෝ හැම දෙනෙක්ම ක්‍රීඩාවෙන් දිනන්නේ නැහැ. ඩොලරයේ මිල එක වර ඉහළ ගිය පසු මේ විදිහට පරාජය වන අය තමන්ගේ ආයෝජන ඉවත් කර ගන්නේ නැහැ. මොකද පාඩුව වෙලා ඉවරයි. ඉන් පසු කළ හැකි හොඳම දේ නැවත එවැනි අවස්ථාවක් එන තුරු අදින එක. ඔබ යෝජනා කළ විදිහට මාකට් එක ශොක් කළොත් එවැනි දෙයක් නැවත ඕනෑම වෙලාවක සිදු විය හැකි නිසා ඉතිරි පිරිසත් සල්ලි ඉවත් කර ගන්නවා. මේ පිරිස ක්‍රීඩාවට සහභාගී වන්නේම සල්ලි ආපසු ගත යුතු මොහොත තමන්ට පුරෝකථනය කළ හැකි වෙතැයි යන විශ්වාසය පෙරදැරිව. ඒ විශ්වාසය නැත්නම් සල්ලි ගේන්නේ නැහැ. දැන්, මේ මොහොතේ, සල්ලි ගේන්නේ නැත්තෙත් ඒ විශ්වාසය නැති නිසා. එහෙම නැත්නම් දැන් තිබෙන අවදානම හමුවේ වුවත් සල්ලි ගේන්න කැමති අය ඉන්නවා.

      Delete
  13. ලංකාව දැනට සිටින්නේ ඉතාමත් අන්ත අසරණ අනාථ වූ හිඟන්නෙකුගේ තත්ත්වයට වැටී බවත් එම තත්ත්වය සියලු දෙනා තේරුම් ගත යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඩී. විජේවර්ධන ඉතා දැඩි ලෙස අවධාරණය කරමින් පැවසුව එක ගැන ඉකොනොමැට්ටා මොකද හිතන්නේ?

    ආචාර්ය විජේවර්ධන මෙතනදි පෙන්වා දෙන්නේ මේ යන ආකාරයට ලංකාව අනිවාර්යයෙන්ම ඉතාමත් උග්‍ර ආර්ථික අර්බුදයට ලක් වනු ඇති බවත් ඉදිරි මාස දෙක තුනක් වැනි කාල සීමාවකදී ශ්‍රී ලංකාව ද ලෙබනනය, තුර්කිය, ග්‍රීසිය වැනි රටවල තත්ත්වයට පත්වුණු ඇති බවද ඔහු මාධ්‍ය මගින් පෙන්වා දුන්නේ.

    ලංකාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කී දේවල් වල සාරාංශයක්;

    "ලංකාවේ අපි ඇත්තටම දැනටමත් ඉන්නේ හිඟන්නන්ගේ තත්වයේ. ඒ නිසා හිඟන්නන්ට උණු බත් ලබාගන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ කාරණය අපි තේරුම්ගත යුතුයි. අඩුම තරමේ ඉදිරි මාස දොළහ පුරාවටම ජනතාව, විශේෂයෙන් ජනාධිපතිවරයාගේ සිට ඉතාමත්ම පහළ මට්ටමේ පුද්ගලයා දක්වා සියලුදෙනාම ඉතාමත්ම අසිරු හා අසීමිත කැප කිරිමක් සිදුකරන්න සූදානම් විය යුතුයි. එසේ නොකොලොත් සිදුවන්නේ උග්‍ර ආර්ථික ගැටලුවකට මුහුණාපාලා ලංකාව ලෙබනනය, තුර්කිය වගේ තත්වයකට පත්වීමයි. ඒ නිසා මහජනතාව මේ තත්වය අවබෝධ කරගන්න අවශයයි."

    "අනිත් පැත්තෙන් ඔය මහ බැංකුව වැනි ආයතන සුන්දර වචනවලින් තිබෙන තත්වය නගාසිටුවා ප්‍රකාශ කරනවා වෙනුවට රටේ සත්‍ය තත්වය රටේ ජනතාවට ප්‍රකාශ කර ජනතාවගේ සහය මේ සදහා ලබා ගැනීමයි සිඳුකළ යුත්තේ."

    "නමුත් වර්තමානයේ අපිට පෙනී යන්නේ සෑම අවස්ථාවකම මහ බැංකුව වැනි ආයතන කරන්නේ මෙවැනි දෙයක් නෑ අපි තව ටික දවසකින් ඕක ෂේප් වෙයි කියලා වචන කටිටලයකින් ජනතාව පිනවීමයි. ඇත්ත වශයෙන්ම ලංකාවේ මේ වනවිටත් සුව කළ නොහැකි ඉතාමත් උග්‍ර ආර්ථික අර්බුදයකට ලක්වෙලයි තිබෙන්නේ."

    "අතීතයේ 1971 වර්ෂයේ මෙවැනි තත්වයක් ලංකාවේ තිබුණා. ඒ වෙලාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා ගුවන් විදුලිය හරහා ජාතිය අමතලා ප්‍රකාශ කළා “අද අපි ඉන් ගිනිකන්දක් උඩ. එය ඕනෑම මොහොතක පුපුරා යන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා මේ ගිනි කන්දේ පිපිරීම වළක්වා ගන්න කටයුතු කර රට බේරා ගැනීමට කටයුතු කළ යුතුයි” යනුවෙන්. ඒ වගේ මම හිතන්නේ වර්තමානයේ ඇතිවී තිබෙන මේ තත්ත්වය දේශපාලන අධිකාරිය විසින් ඉතාමත් නිර්භයව සහ නිර්දය ලෙස රටට සහ ලෝකයට ප්‍රකාශ කළ යුතුයි"

    එසේ ආචාර්ය විජේවර්ධන පවසන ආකාරයට ලංකාව නැවතත් 1970 දශකයේ මුල් භාගයේ ලංකාවේ ඉතා මැනවින් සහ සාර්ථක ලෙස පැවති සමාජවාදී නිෂ්පාදන ආර්ථික සංවර්ධන මොඩලය නැවත වතාවක් එහි පැවති ඇතැම් අඩු පාඩු (හාල් පොලු මිරිස් පොලු කළු කඩ ආදී දේවල්) මගහරවා ගනිමින් නැවත ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    මම හිතන්නේ නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිස වර්තමාන ලංකාවේ බලය හොබවන ඇමරිකානු ඉන්දීය ගැති මැදමුලනේ බ්‍රෝකර් කල්ලියේ ආණ්ඩුවට එරෙහිව එබඳු වැඩපිළිවෙළක් ගෙන ආවොත් සහ ජවිපෙ සහය ද ලබා ගැනීමට පුළුවන් වුණොත් මම හිතන්නේ එය තමයි කළ හැකි හොඳම දේ.

    ලංකාවේ පාලනය ගත්තාම රාජපක්ෂ පවුල් ආණ්ඩු ක්‍රමය දැනටමත් අවුල් අනෙක් පැත්තෙන් සජිත් පිල සහ රනිල් ඇතුළු පිරිසටත් කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව තේරුමක් නැති පිස්සු කියවමින් ඉන්නවා විතරයි. ඒ කාලේ 2015 අපිත් ඡන්දෙ දාලා පත් කර ගත් විට ලංකාවේ මුළු ණය ප්‍රමාණයවත් කීයද කියලා දන්නේ නැහැ කියලා බයිලා ගැහුවානේ, අඩුම ගානේ CBSL වෙබ් අඩවියට ගිහින් external debt සහ ERD වෙබ් අඩවිය වගේ දේවල් ගැන වත් දන්නේ නැති මීහරක් වහන්සේල බව පෙන්නුම් කළා. ඉතින් එහෙම යක්කුන්ට දැන් කොහොමටවත්ම බැරි බව පේනවා.

    ඒ නිසා අලුත් ලෝකයට ගැලපෙන පරිදි මොඩිෆයි කරපු 1970 - 75 ආර්ථික සංවර්ධන සැලසුමක් නිර්මාණය කර ගන්න ඕන. ඔබට එවැනි ක්‍රමයක් හදුන්වා දෙන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. //එසේ ආචාර්ය විජේවර්ධන පවසන ආකාරයට ලංකාව නැවතත් 1970 දශකයේ මුල් භාගයේ ලංකාවේ ඉතා මැනවින් සහ සාර්ථක ලෙස පැවති සමාජවාදී නිෂ්පාදන ආර්ථික සංවර්ධන මොඩලය නැවත වතාවක් එහි පැවති ඇතැම් අඩු පාඩු (හාල් පොලු මිරිස් පොලු කළු කඩ ආදී දේවල්) මගහරවා ගනිමින් නැවත ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි නේද?//

      ඔහු සමාජවාදී නිෂ්පාදන ආර්ථික සංවර්ධන මොඩලයක් ගැන කියා ඇතැයි මා හිතන්නේ නැහැ. මා දන්නා තරමින් ඔහු එවැනි ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ.

      Delete
    2. //ඒ නිසා අලුත් ලෝකයට ගැලපෙන පරිදි මොඩිෆයි කරපු 1970 - 75 ආර්ථික සංවර්ධන සැලසුමක් නිර්මාණය කර ගන්න ඕන. ඔබට එවැනි ක්‍රමයක් හදුන්වා දෙන්න පුළුවන් වෙයි ද?//

      මා යෝජනා කරන සැලසුමේ දළ සැකසුම ගැන ඉදිරියේදී ලියන්නම්.

      Delete
  14. ISB නැතිව නිකන් විදේශ ණය ගත්තනම් මේ ප්‍රශ්නය එන්නෙ නැතිද?

    ReplyDelete
    Replies
    1. විදේශ ණය අරගෙන ඒ මගින් විණිමය අනුපාතය පාලනය කරද්දී ණය මොන විදිහට ගත්තත් මේ වගේ ප්‍රශ්නයක් එනවා.

      Delete
  15. සාමාන්‍යයෙන් ඕනෙම රටක පාහේ යම් පුද්ගලයකු ණය නොගෙවා සිටියහොත් අධිකරණයේ නඩු පැවැරිය හැකි අතර සමාගමක් ලබාගත් ණය අය කරගන්නට ද නීති ප්‍රතිපාදන තිබේ.

    නීතිමය ලියාපදිංචි සීමිත වගකීම් සමාගමක් බංකොලොත් වුවහොත් අධ්‍යක්ෂක මණ්ඩල වත්කම්වලින් හෝ අයකරගත හැකි නමුත් ණය ගෙවා ගත නොහැකි බව ප්‍රකාශ කරන රටක ණය අය කරගන්නට කිසිම ක්‍රමයක් නැත.

    සමගි ජන බලවේගයේ නායක සජිත් පවසන පරිදිම ගෝලීය වශයෙන් ගත්විට රටකට ණය ගෙවීමට බල කරන ජාත්‍යන්තර සංවිධාන ලෝකයේ නැත. එහෙත් ඔහු පවසන පරිදි ණය නොගෙවා ජනතාවට සහන මලු බෙදන්න තීරණය කරමින් ණය ගෙවිය නොහැකි බව ප්‍රකාශ කර සිටියහොත් මුහුණ දෙන්නට සිදුවන අනිටු විපාක රැසක් ඇති අතර නැවත ණය ගැනීමට ඇති හැකියාව අවලංගු වෙන බවත් අමතක නොකළ යුතුයි.

    ලංකාව දැනටමත් ප්‍රධානතම ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ සංවිධාන විසින් ණය අවදානමක් ඇති රටක් සේ නම් කරපු එකෙන් ණය අවදානම මත විදේශ විනිමය ගැටලු මතුවන අතරම උපයන ආදායම හැර විදේශ ආයෝජනවලට ඇති අවස්ථා අතිශය සීමා විය හැකි බවත් එය බරපතළ අර්බුද ඇති කරනු ඇති අතර රටට පැමිණෙන සියලුම ආයෝජන නතරවීම, සංචිත පිරිහීම හා එහි ප්‍රතිඵලයක් වශයෙන් රට ගැන ඇති විශ්වාසය තුරන්වීම, ජාත්‍යන්තරය ඉදිරියේ විශාල කලු පැල්ලමකි.

    ගෝලීය මූල්‍ය ඉතිහාසසය ගත්විට ණය ගෙවා ගත නොහැකි වූ රටවල් ලෝක ඉතිහාසයේ ඇතත් එම රටවලින් ඇතැම් ඒවා නැවත නැගී සිටියත් ඒ රටවල් සියල්ලම එසේ නැවත නැගිට්ටේ දැවැන්ත ප්‍රතිසංස්කරණ වලින් පසුව බව මතක් කළ යුතුය.

    ලංකාවේ බහුතරයක් ජනයා කිසිම අවස්ථාවක එබඳු කැපවීමකට කිසිසේත්ම සූදානම් නැති බව ඉතා මැනවින් පැහැදිලි අතර ජාත්‍යන්තරය සමග ඇති සබඳතා නතරකර ඉන්ධන ඇතුළු කිසිම දෙයක් ආනයනය නොකර පවතින හැකියාවක් නැති ලංකාව වැනි කුඩා රටකට එවැනි පසුබිමක දී ආනයනික අමුද්‍රව්‍ය හිඟ වීමෙන් දේශීය නිෂ්පාදන සහ භාණ්ඩ පමණක් නොව සේවා අපනයනයේ දී පවා ඉතාම කටුක තත්ත්ව ඇති විය හැකියි.

    ඒ වගෙම ලංකාවේ විපක්ෂයේ පක්ෂ සහ ආණ්ඩුවේම මෛත්‍රීපාල පාර්ශ්වය යෝජන කරන පරිදි ණය නොගෙවන තීරණය ක්‍රියාත්මක කළොත් ඒ සමග ණය පොලිය ඉතා අධික විය හැකි අතර විනිමය අනුපාතිකය තුළ දැවැන්ත අර්බුද මතුවෙයි. ව්‍යාපාරිකයන්ට හා මුල්‍ය අංශවලට එය ප්‍රශ්නයක් නොවන්නේ ව්‍යාපාරිකයෝ ගෙන්වන මිලට භාණ්ඩ අලෙවි කරන නිසාත් බැංකු කිසිසේත්ම සිය ලාභ තීරු අඩු කරන්නේ නැති නිසාත් වෙළඳ පොළේ නියම වන මිලට වඩා අඩුවෙන් පොලිය නියම නොකරන අතර විනිමය අනුපාතිකය පවා ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. එහෙත් හැබෑ ප්‍රශ්න මතු වෙන්නේ සාමාන්ය බහුතර පොදු ජනතාවටයි. විනිමය හා පොලි අනුපාත පාලනය කරගත නොහැකිවුවහොත් තවත් වටයකින් රටපුරා දැවැන්ත උද්ධමනයක් ඇති කරනු නිසැකය.

    ගෝලීය ආර්ථිකයන් ගැන බලනකොට 2022 ජනවාරි මස තත්ත්ව අනුව වෙනිසියුඒලා දේශයේ උද්ධමනය සියයට 9'526% ක් බව පැවසෙනවා, වෙනිසියුඒලා ලොව විශාලතම බොරතෙල් නිධි තියෙන රටක් වුණත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල පහත වැටීම සමග ජනතාවට ගෙවමින් තිබුණ අධික සහනාධාර පාලනය කරගත නොහැකිව කෙළ වී ගිය බවක් නිශ්චය කළ හැකි බව මගේ විස්වාසයයි.

    මීට හේතුඹ්හූත වූ ජල්තරයන් පිළිබඳ විමසීමේදී විශාල වශයෙන් මුදල් මුද්‍රණය කරන ලද අතර එහි ප්‍රතිඵලය ලෙස අධි උද්ධමන ඇතිවී ජනතාව ප්‍රකෝප වූ අතර ජාත්‍යන්තර මැදිහත්වීම මත මැතිවරණයකට යන්නට සිදුවිය. ඉන් අනතුරුව වෙනිසියුලා රටේ අලුත් ආණ්ඩුවක් පත් කරගත් අතර අලුතෙන් ආපු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නව රජය කොතරම් උත්සාහ කළත් ඔවුන්ට පවා කිසිම ආකාරයකින් විසඳුමක් සොයා ගැනීමට නොහැකි වී රටම කබලෙන් ලිපට වැටී ඇත. මෙම තත්ත්වය තවත් වසර ගණනක් අඩුම තරමින් දශක එක හමාරක්වත් වෙනිසියුලා රටේ බලපවත්වනු ඇති බව කියැවේ.

    මීට අමතරව ලංකාවේ මේ දිනවල ඉතා ජනප්‍රිය සුප්‍රසිද්ධ සිම්බාබ්වේ දේශයේ උද්ධමනය සියයට 676 % ක්, සුඩාන් සියයට 71 % ක් වශයෙන් වාර්තා වී ඇති අතර දක්ෂිණ ආසියානු කලාපයේ වැඩිම උද්ධමනය වාර්තා වෙන්නේ පකිස්තානයෙන් වන අතරම 2021 වසරේ ශ්‍රී ලංකාවේ උද්ධමනය අගය කලාපයේ දෙවැනි තැන ගෙන ඇති බව මතක් කළ යුතුය. නිසි පිළිවෙළ අනුව ඉතාමත්ම කල්පනාකාරී නොවී හදිසි තීරණ නොගතහොත් අවදානම වැඩි ඈතක නොවන බව අප සිහියට ගත යුතුයි.

    ReplyDelete
  16. Excellent series of articles for an independent analyst.

    ReplyDelete
  17. දැන් ඇත්තටම වෙන්නෙ සංචිත විකුණලා dollar එක අල්ලගෙන ඉන්නවට වඩා ඩොලරය ට පාලන මිලක් දාලා වගේ එකක් නේද? මේ වගේ දේකින් ක්‍රීඩකයන් ට යන්නේ ඉතාම negative signal එකක්. මේ වෙලාවේ අර රටාව බලලා dollar ගෙනාපු ක්‍රීඩකයෝ ආයිත් dollar ගෙනෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? Dollar එක කොයි මොහොතේ දැවැන්ත කඩා වැටීමකට ලක් වෙයිද කියලා පුරෝකථනය කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි දැන් ආර්ථිකය තියෙන්නේ. එහෙම තියාගෙන තව දුරටත් මේ ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා ආණ්ඩුවේ ඉහළ ඇවරිය ඇත්තටම බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා හිතන්න අමාරුයි. මෙක ගොඩක් වෙලාවට තමන්ගේ සල්ලි dollars කරගන්න ගත්ත පොඩි grace period එකක් වෙන්න තියෙන ඉඩකඩ සැහෙන වැඩියි

    ReplyDelete
    Replies
    1. @ Ano 11.36

      ඔවු මටත් එහෙම හිතෙනවා මේ දවස් වල තියෙන ආර්ථික අර්බුදය ඇත්ත එකක් වුණත් එය උවමනාවට වඩා ගොඩාක් භයානක විදියට මවල පෙන්වල තියෙන්නෙ රාජපක්ෂ කල්ලියේ කට්ටිය තමයි. ඕක යට තියෙන ගේම් එක තව ටික දවසකින් බලන්න ඕන හරියටම තේරුම් ගන්න අමාරුයි.

      Delete
  18. ඉකොනොමැට්ටා,

    මමත් හිතන්නේ ලංකාවේ රජයේ ආයතන හැකි තරමින් තරඟකාරී ලෙස පුද්ගලික ආයතන ගණනාවකට ලබා දීම සුදුසු බවයි. මොකද ලංකාවේ තනි විදුලිබල මණ්ඩලය වෙනුවට දුරකථන සමාගම් වැනි වූ එකිනෙකට වෙනස් සමාගම් හතරකට පමණ වෙන වෙනම කේබල් ඇද ඒවායින් නිවෙස් වලට විදුලිය ලබා දිය නොහැකිද?

    විදුලි බලාගාර ලෙස සුළං / එල් එන් ජී සහ වෙනත් ප්‍රභව වලින් පුද්ගලික සමාගම් වලට විදුලිය නිකුත් කළ හැකි අතර තරඟකාරීව එම ආයතන වලට කම්පෙටිටිව් මාකට් ප්‍රයිස් එකකට විදුලිය ග්‍රිඩ් සේවා සප්ලයර්ලාට ලබා දිය හැකි අතර ඔවුන්ට ඒවා තර්ඟකාරී මිලකට සහ බිඳ වැටීම් රහිතව පාරිභෝගික්යන්ට ලබා දිය හැකියි. හොඳම නෝ බ්ලැකවුට් සමාගමට වැඩි රේට් එකක් සහ බ්ලැකවුට් සහිත නමුත් අඩු මිලට ලෝ කොලිටි අයට සාමාන්‍ය අයට සේවය සැපයිය හැකියි. උපරිම මිල ගණන් සී.පී.ඒ. කන්සියුමර් ප්‍රොටෙක්සන් ඒජන්සියට (ඔතෝරිටියට.) තීරණය කළ හැකියි.

    මේ බලන්න රජයේ විදුලි සේවාවේ වෙලා තියෙන නස්පැත්තිය?

    ////ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව 2019 වර්ෂයේදී ගෙවනු ලැබ ඇතැයි පැවසෙන කාර්ය මණ්ඩලයේ දීමනා සහ අනිකුත් වියදම්වල වටිනාකම රුපියල් කෝටි 171කි.

    මේ අතර අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව 2009 PAYE Tax සංශෝධනය යටතේ සේවකයන්ගෙන් අයකර ගත යුතුව තිබූ උපයන විට ගෙවීම් බදු එසේ අය නොකර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 491 ක මුදලක් මණ්ඩලය 2016-2019 අතර කාලයේදී අතිරේක වියදමක් ලෙස දරා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

    මෙයට අමතරව විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා CA/WIRT/193/2015 දරණ උසාවි තීන්දුවට පටහැනිව 2019 වර්ෂයේදී රුපියල් කෝටි 3,850 ක පමණ මුදලක් වැටුප් ලෙස ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද විගණන අංශ තොරතුරු හෙළි කරගෙන ඇත.

    මේ අතර විදුලිබල පනතට පටහැනිව රජයේ ප්‍රසම්පාදන නීති අනුගමනය නොකර ගි.වො පැය 2,165 ක විදුලිය වෙනුවෙන් රැපියල් කෝටි 5,400 ක් වැයකර ජනන බලපත්‍ර නොමැති බලාගාරවලින් 2019 වර්ෂයේදී හදිසි මිලදී ගැනීම් කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බව විගණන කාර්යාලය පවසයි.//

    තව තවත් සොයා බැලුවොත් විදුලි කණුවක් මිල දී ගැනීමේ හෝ නිෂ්පාදනය කිරීමේ සිටම හොරකම් කරන හැටිද, පිරී ඉතිරී යන ජලාශ ඉක්මනින් ම හිස් වී පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලට ගෙන කොමිස් ගන්න හැටිද ආදී මහා වංචා සොයාගත හැකිවෙයි. ඔවුන් වෘත්තිය සමිති දාගෙන ආණ්ඩු වලට තර්ජන ගර්ජන කරමින් මිනිස්සුන්ව ඇපයට තබමින් කරන්නේ හොරකම් වලට පාරවල් කපාගන්න එක නෙවෙයිද?

    ඒ වගේම ලංකා මිල්ක් ෆුඩ්ස් මිල්කෝ (1956 දී ඇරඹූ ජාතික කිරි මණ්ඩලය "මිල්කෝ" ලෙස පරිවර්තනය වන්නේ ව්‍යවස්ථාපිත ආයතනයක් හෙවත් මිල්කෝ ව්‍යුහාත්මකව ගත් විට සියයට සියයක් භාණ්ඩාගාරය සතුව පවතින, සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ පෞද්ගලික සමාගමක් වන අතරම සමාගම 2019/20 කාලයේ ආනයනික කිරිපිටි සමග තරඟකර ලාභ ලබන තත්වයට ගෙනා වත්මන් සභාපති ලසන්ත වික‍්‍රමසිංහ ඉවත් කොට ඔහුට කාබනික නයිට්‍රජන් පොහොර සහ දේශීය පොස්පේට් සහ පොටෑසියම් පොහොර නිශ්පාදනය කිරීමට පවරා අත දින ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස ජනපතිවරයා පත් කර ඇත.

    මිල්කෝ 2020 දේශීය වෙළෙඳ පොළ තුළ තරග කළේ දැවැන්ත බහුජාතික සමාගම්වල නිෂ්පාදන සමඟ වුවත් ඕනෑම නිෂ්පාදන ආයතනයක පැවැත්ම තීන්දු කරන්නේ වෙළෙඳපොළ බව ප්‍රායෝගිකව ජයගත් මිල්කෝ ආයතනයේ විධායක සභාපති ලසන්ත වික්‍රමසිංහ මේ පිළිබඳ කියන්නේ මෙවැනි කතාවකි.

    “ඇත්තටම මිල්කෝ කියන්නෙම අභියෝගාත්මක ආයතනයක්. ‍මේ තියුණු වෙළෙඳපළ තරගයට අපට සම්ප්‍රදායිව ප්‍රවේශ වෙන්න බෑ. අපට කල්පනා කරන්න වෙන පරාසය වැඩියි. අපි කොහොමද මේ රටේ ජනතාවට සුබ සිද්ධිය සලසන ආයතනයක් විදියට මේ තියුණු වෙළෙඳ පොළ අභියෝගය ජය ගනිමින් අපේ තරගකරුවන් අබිබවා යන්නෙ කියලා හිතලයි අපි සැලසුම් හදන්න වෙන්නේ. නිෂ්පාදන භාණ්ඩ පැත්තෙන් අපේ උපාය මාර්ගික සැලැස්ම වුණේ ඉතාමත්ම හොඳ භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා දීම. අප එය ජයගත්තා. ඔබ දැන් දකිනවා පාරිභෝගිකයන්ගෙ අංක එකේ සන්නාමය බවට හයිලන්ඩ් සන්නාමය පත් වෙලා තිබෙනවා. මට අනුව මිල්කො ආයතනය පිහිටුවීමේ පරමාර්ථය ඒ අයුරින්ම ඉටුවුණු බවට සෑහීමකට පත්වීමට නම් නොහැකියි. මිල්කො ආයතනයෙහි විභවය පුළුල් ලෙස පැතිරුණු එකක්. අපි ඒ විභවය ඵලදායී කාර්යක්ෂමතාවකින් තවම පාවිච්චියට අරන් තිබෙනවා කියලා මා හිතන්නෙ නැහැ. ඒ නිසා ඇත්තට අපි පැමිණි දුරට වඩා බොහෝ දුරක් යන්න පුළුවන් හැකියාවක් අපට තිබෙනවා, අපට රට පුරා විසිරුණු කිරි ගොවි ජාලයක් ඉන්නවා. ඒ දැවැන්ත ශක්තිය අපි නිසි ලෙස කළමනාකරණය කරගෙන නෑ. අපේ දැක්ම මේ විභව හඳුනාගෙන ඉදිරියේ සැලසුම් සහගත ගමනක් යන එක."

    ReplyDelete
    Replies
    1. කෙසේ නමුත් භාණ්ඩවල ගුණාත්මක බව මෙන්ම ප්‍රමාණාත්මක සුලබතාව නොමැති නම් එහි වෙළෙඳපොළ පැවැත්ම ස්ථාවර නැත. ලංකාවේ පාරිභෝගිකයන් හොය හොය තරඟෙට මිලට ගන්න හෙව්ව්වත් ලොවෙත් නැති හයිලන්ඩ් කිරි ගැන පාරිභෝගිකයන් ලෙස අප අත්විඳ ඇත්තේ මේ නිෂ්පාදන හිඟයයි

      ලසන්ත මේ ගැන කිව්වේ ඇත්තටම මිල්කො ආයතනයෙහි සැපයුම් පිළිබඳ තමයි ගැටලුව තිබෙන්නෙ. අපට ලැබෙන කිරි ප්‍රමාණය අපේ නිෂ්පාදන සඳහා වන ඉල්ලුමට වඩා අඩුයි. අපි වෙළෙඳපොළ තරගය ජයගෙන අංක එකේ සන්නාමය වුණා තමයි. නමුත් නිෂ්පාදන ධාරිතාව අඩුයි. ඊට හේතු වෙන කරුණු කීපයක් තිබෙනවා. කිරි නිෂ්පාදනය ආයතන ගණනාවකට පැවරෙන වගකීමක්. මිල්කො ආයතනය තනිවම ගත් විට ව්‍යවස්ථාපිතව පැවරෙන වගකීම ඉතාමත්ම කුඩයි.

      කෙසේ වෙතත් ලාංකේය කිරි ගොවියාගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැන්වීමට මෙතෙක් දියත් කළ වැඩපිළිවෙළ පිළිබඳ වත්මන් පරිපාලනය තෘප්තිමත් නැත.

      ලසන්තට අනුව "මා දකින විදිහට කිරි නිෂ්පාදනය වැඩිකිරීමට අවශ්‍ය මූලික සරල කාරණාව වූ ගැටලු හඳුනා ගැනීමකින් පවා තොරවයි මෙතෙක් බොහෝ ව්‍යාපෘති දියත් වී ඇත්තේ. කිරි නිෂ්පාදනයට ඇති මූලික ගැටලුව තමයි එළදෙනුන්ගේ පෝෂණය මදිකම. සත්තුන්ට අවශ්‍ය තරම් ආහාර නෑ. මේ පෝෂණ ඌණතාව නිසාම සතුන් ගැබ් ගන්නව අඩුයි. අපට අලුත් ව්‍යවසායකයන් සොයා ගත හැකියි. ඒත් ඒ අයට දෙන්න සත්තු අපට නෑ. පරිපාලනයට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණවත් නෑ. මූලිකව විසඳාගත යුතු ප්‍රාථමික මට්ටමේ ගැටලු ගණනාවක් තිබෙනවා.

      “ඒ නිසා මේ සරල ගැටලු විසඳගෙන අපට විශාල වපසරියක් ආවරණය කළ හැකියි. ඒ සඳහා වෙනම ක්‍රමවේදයක් හදාගෙන අප අපේ ඉලක්ක සාධනය කරගන්නවා. උදාහරණයක් කියන්නම්. අප 2019 දෙසැම්බර් මාසයේ පෞද්ගලික ඉඩම් තිබෙන අය සම්බන්ධ කරගෙන අක්කර 500ක තණකොළ වගාවක් ආරම්භ කළා. ඔවුන්ගෙන් තණකොළ මිලදී ගන්නවා කියලා ඔවුන් එක්ක ගිවිසුම්ගත වුණා. ඒ තණකොළ කිරි ගොවීන්ට ලබා දෙන වැඩසටහනක් අපි හැදුවා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් තරුණයන් පුහුණු කළා වගේම අනෙක් ආයතනත් මේ සඳහා දිරිමත් කළා. මේ 2022 අවුරුද්ද අවසන් වනවිට අක්කර 4,000ක තණකොළ වවන්න අපි සැලසුම් කරලා තිබෙන්නේ. 2025 වන විට හෙක්ටාර 4,000 (අක්කර 10,000ක්) ක් ඉක්මවා වැඩිපුර කිරි ලබාදෙන යුරෝප්/ ඉස්‍රාඑල්/ ඉන්දීය මිශ්‍ර දෙනුන් සන්නදහා තෘණ සහ ධාන්‍ය/ පුන්නක්කු ආහාර සපයනවා. කිරි ගොවීන් වෙනුවෙන් අප විධිමත් වැටුප් ක්‍රමයක් ආරම්භ කළා. වසර දෙකක් තුළ විටින් විට කිරි මිල වැඩි කළා. ඔවුන්ගේ පවුල්වල සුබසාධනය පිළිබඳ ඍජුව කටයුතු කළා. අපගේ ශක්තිය ආඩම්බරය සහ පැවැත්ම ඔවුන්. මිල්කෝ ආයතනය මේ තැනට අරගෙන ආවේ ඔවුන් විසින්. මට දැනෙන විදියට අපි කිරි ගොවියා බලා ගත්ත ආකාරයේ බරකින්ම කිරි ගවයාත් රැක බලා ගත යුතුයි. කිරි අස්වැන්න වැඩි වෙන්නේ අප විසින් බලාගෙන නිසි ලෙස පෝෂණය කරන එළදෙනගෙන්. කිරි ගොවියා වෙනුවෙන් ගොඩ නගපු සුබසාධනය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා අතර කිරි ගොවියා රැකෙන එළදෙන පෝෂණය කරලා ගුණාත්මකව ඉහළ කිරි ප්‍රමාණයක් ලබා ගන්න අප සැලසුම් කරනවා. කිරි ගොවියාගේ ආර්ථික ශක්තිය එතකොට ඉබේම වැඩි වෙනවා. අපේ උපාය මාර්ගික සැලසුම එයයි.'

      නමුත් මෙය සාර්ථක වේවිද? අනිත් පැත්තෙන් රජය යටතේ තිබිලා මේ බලන්න වෙච්ච දේවල්?

      //2018 වසරේ මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 175කට වැඩි මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබියදීත් එකම කිරි ගවයකු හෝ ආනයනය කර බාරදී නැතැයි කියන සිද්ධියක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

      ඒ අනුව අදාල කොන්ත්‍රාත්කරුට 2018 වර්ෂයේදී මෙම රුපියල් මිලියන 1,750 ක පමණ ඇඩ්වාන්ස් මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ විදේශ බැංකුවකින් ලබාගත් විදේශ ණය මුදලකිනි.

      මෙනිසා එම මුදලට අමතරව මෙම ණය මුදල සඳහාවූ පොලිය මෙන්ම රුපියල අවප්‍රමාණයවීමේ අලාභයද රජයට දැරීමට සිදුවූ බව විගණන වාර්තාවක සඳහන් වේ.

      අමාත්‍යාංශය මුල් අදියර යටතේ ක්‍රියාත්මක කර ඇතැයි පැවසෙන 2016 දී කිරි ගවයන් 5000ක් ගෙන්වීමේ ව්‍යාපෘතිය අසාර්ථකවී තිබියදී පාර්ලිමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව ඉතිරි කිරි ගවයන් ගෙන්වීමට මෙලෙස අන්තනෝමතික ලෙස කටයුතු කර ඇතැයි විගණන අංශ පවසයි.

      අදාල බලධාරීන් රජයේ මුදල් මේ ආකාරයට වෙනත් පාර්ශවයන්ට අවභාවිතා කිරීමට ඉඩදී ඇති බවත් අත්තිකාරම් මුදල් කොන්ත්‍රාත්කරු ට ගෙවා තිබූ හෙයින් එම කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමට නීතිපතිවරයාටද නොහැකිවූ බවත් එම විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.//

      මේ සිද්ධියට වගකිවයුතු පාර්ශවයන්ට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේව කවුද විමර්ශනය කරන්නේ?

      Delete
    2. ලංකාවේ සමස්ත සාර්ව-ආර්ථික ගැටළු එක්ක සංසන්දනය කළාම විදුලිබල කර්මාන්තයේ හෝ කිරි කර්මාන්තයේ ප්‍රශ්න අඩු වැදගත්කමක් තිබෙන ප්‍රශ්න. මේවා කිසිසේත්ම නොවැදගත් නැහැ. නමුත්, මේ වගේ තනි කර්මාන්ත ගැන කතා කරන්න කලින් සමස්ත ප්‍රශ්නය ගැන කතා කර අවසන් කළ යුතුයි.

      ඔය මිල්කෝ එකේ ලාබ ගත්තේ කොහොමද කියා මම හදාරලා නැහැ. අපි හිතමු කිසියම් තනි පුද්ගලයෙක් මොන ආකාරයකින් හෝ ඒ වැඩේ කළා කියලා. ඔය ප්‍රවාදය අනුව දැන් ඒ පුද්ගලයාව අයින් කරලා වෙන කෙනෙක් දමපු ගමන් කලින් වගේ ලාබ ගන්න බැරි වෙනවා. අයින් කිරීම ප්‍රශ්නයක් කියා කියන්නේ ඒ පදනමින්නේ. ඒ කියන්නේ තිරසාර වෙනසක් වෙලා නැහැ කියන එක නේද? පෞද්ගලික අංශයේත් ආයතන ප්‍රධානීන් මාරු වෙනවා. නමුත්, ආයතනයේ ලාබ වලට එය විශාල ලෙස බලපාන්නේ නැහැ නේද? රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාවය කියන්නේ ආයතන ප්‍රධානීන් වෙනස් කිරීමෙන් තිරසාර ලෙස වෙනස් කළ නොහැකි ආකෘතිමය ප්‍රශ්නයක්. ඇතැම් ආයතන ඇතැම් වසර වර ලාබ පෙන්වයි. නමුත් පෞද්ගලික අංශයේ මෙන් ලාබ නොලබන ආයතන නිරන්තරයෙන් වෙළඳපොළෙන් ඉවත් වී ලාබ ලබන ආයතන වලට පමණක් අවස්ථාව ලැබීමක් වෙන්නේ නැහැ.

      Delete
  19. ඉකොන් පොස්ටුවට අදාල නැතත් පොඩි ප්‍රශ්නයක් අහන්න තියේනවා.
    චීනය සමග කල සමහර නය ගනුදෙනු වලින් අපිට සල්ලි ලැබෙන්න ඇත්තේ බැංකු ක්‍රමය හරහාද එහෙම නැත්නම් ඩොලර් නෝට්ටු වලින්ද? මම බලපු වීඩියෝ එකක පෙන්වාදෙන පරිදි එහෙම ඇවිත් තියෙනවලු. කොන්ටෙනර් වලින් ඩොලර් නෝට්ටු මිටි තොග ගණන් එන ක්‍රමයක් තියෙනවද?
    ඔහු මෙහිදී උදාහරණයට ගන්නේ ලෝක බැංකුව ආසියානු සංවර්දන බැංකු වැනි ආයතන අපේ රටේ සාමාන්‍ය බැංකුවක් ලෙස හා (නය මුදල් අතට නොදී අපේ බැංකු ගිණුමට දාන නිසා) චීනයෙන් ඉහල පොලියට ගත් ණය පොලී මුදලාලි කෙනෙකුගෙන් ගන්ත නය (ණය මුදල් එවෙලේම අතට දෙන නිසා) ලෙසයි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් සල්ලි එන්නේ බැංකු පද්ධතිය හරහා. කන්ටේනර් වලින් ඩොලර් නෝට්ටු ගේන්නේ නැහැ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් ගන්න ණය ලැබෙන ආකාරයේත් චීනයෙන් ගන්න ණය ලැබෙන ආකාරයේත් විශාල වෙනසක් නැහැ. ක්ෂණිකව හෝ කොටස් වශයෙන් ගිණුමකට බැර වෙන එකයි වෙන්නේ.

      Delete
  20. සංඛ්‍යානය ගණිතය දේශපාලන , යන බ්ලොග් පොස්ටුව යටතේ , අපහැදිලි තැනක් පැහැදිලි කර ගැනීමට සටහනක් දැම්මා, පොඩ්ඩක් එය බලල පිලිතුරක් දමන්න පුලුවන් ද!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: