ලංකාවේ ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය පිළිබඳ සාකච්ඡාව මෙතෙක් කේන්ද්‍රගත වුනේ රාජ්‍ය ණය අර්බුදය වටා. මෙය අලුත් ප්‍රශ්නයක් නෙමෙයි. ආසන්න වශයෙන් නිදහස ලැබූ කාලයේ සිටම ක්‍රමයෙන් වර්ධනය කරනු ලැබූ, ප්‍රධාන වශයෙන්ම ජාතික සමාජවාදී ප්‍රතිපත්ති නිසා ඇති වූ, ප්‍රශ්නයක්. 1972 වන විටත් ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 71.2%ක් දක්වා ඉහළ ගිහින්.
වසරින් වසර එක දිගටම අයවැය හිඟයක් නඩත්තු කළ ලංකාව, මහ බැංකුව පිහිටවූ තැන් පටන්ම, අයවැය හිඟය පියැවීම පිණිස සල්ලි අච්චු ගහන එක දිගින් දිගටම කළා. මේ විදිහට සල්ලි අච්චු ගහද්දී රට ඇතුළේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගයට වඩා වේගයෙන් රුපියල් සැපයුම ඉහළ ගියා. එහි ප්‍රතිඵලය රට ඇතුළේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමයි. එහෙත්, 1965 පමණ වන තුරුම විණිමය අනුපාතය වෙනස් නොවුණු නිසා ආනයනික භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියේ නැහැ.
දේශීය භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත්, ආනයනික භාණ්ඩ හා සේවා මිල එසේ ඉහළ නොයාමත් සිදු වෙද්දී අපනයන පහළ ගොස් ආනයන ඉහළ යනවා. රටට විදේශ විණිමය එනවාට වඩා වැඩියෙන් රටෙන් එළියට විදේශ විණිමය යනවා. නිදහස ලබද්දී ලංකාව සතුව සැලකිය යුතු විදේශ විණිමය සංචිතයක් තිබුණු නිසා කාලයක් යන තුරු මෙය ප්‍රශ්නයක් වුනේ නැහැ. එහෙත්, 1964 වෙද්දී මේ සංචිත අවසන් වුනා.
දේශීය භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා කියා කිවුවත් බොහෝ විට මිල පාලනය හරහා මේ සැබෑ මිල ඉහළ යාම නිරූපණය වෙන්න දුන්නේ නැහැ. එහෙත්, මෙසේ කිරීමේදී වෙන්නේත් රට තුළ භාණ්ඩ හිඟයක් ඇති වී ආනයනික භාණ්ඩ ඉල්ලුම ඉහළ යාමයි.
ඒ වගේම, මෙහිදී සංචිත අවසන් වුනා කියන එකෙන් අදහස් කෙරෙන්නේ දැන් සිදු වී තිබෙනාවක් මෙන් දළ සංචිත අවසන් වීමක් නෙමෙයි. ශුද්ධ සංචිත අවසන් වීමක්. ඒ කියන්නේ ලංකාවේ විදේශ වත්කම් ඉක්මවා විදේශ බැරකම් ඉහළ යාමක්. එය සිදු වූ තැන් පටන්ම ලංකාව ලෝකයට ණයකරුවෙක්.
මේ විදිහට ලංකාවේ විදේශ වත්කම් ඉක්මවා විදේශ බැරකම් ඉහළ යාමත් සමඟ ලංකාවට මුල් වරට දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න වුනා. අර්බුදය හමුවේ 1965දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වුනා. ප්‍රශ්නය විසඳුනා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිටෙන් ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගත්තත්, එයින් පසුවද ලංකාවේ අයවැය හිඟය එසේම නඩත්තු වුනා. අයවැය හිඟය පියවන්න සල්ලි අච්චු ගහන එක නැවතුනේත් නැහැ. ඒ නිසා, දිගින් දිගටම රුපියල අවප්‍රමාණය කරන්න සිදු වුනත්, 1977 වන තුරු අවශ්‍ය පමණට රුපියල අවප්‍රමාණය කෙරුණේ නැහැ. ඒ නිසා, දිගින් දිගටම ගෙවුම් ශේෂ ප්‍රශ්න ආවා. නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වුනා.
ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙස සමගි පෙරමුණු ආණ්ඩුව ආනයන පාලනය කළා. එහෙත්, එයින් සිදු වුනේ රට තුළ විශාල භාණ්ඩ හිඟයක් ඇති වීම පමණයි. ආර්ථික වර්ධන වේගයද විශාල ලෙස පහත වැටුනා.
ගෙවුම් ශේෂ ප්‍රශ්නය සඳහා විසඳුමක් ලෙස හැත්තෑ හතේ බලයට පත් වූ ජයවර්ධන රජය විණිමය අනුපාතය නිවැරදි කළා. ඒ ප්‍රශ්නය විසඳුනා. එහෙත්, ගෙවුම් ශේෂ ප්‍රශ්නයට පාදක වූ රාජ්‍ය ණය ප්‍රශ්නය එලෙසම තිබුණා. ජයවර්ධන රජය විණිමය අනුපාතය පාලනය කිරීම ප්‍රශ්නයක් සේ හඳුනා ගත්තත්, අයවැය හිඟය හෝ රාජ්‍ය ණය ප්‍රශ්නයක් සේ දැක්කේ නැහැ. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වුනේ රජය මුල් වී ණය ගෙන ආයෝජනය කිරීමයි. මෙහි වූ උපාය මාර්ගය වූයේ අදාළ ආයෝජන වල ප්‍රතිලාභ වලින් ගත් ණය හා පොලිය ගෙවා අමතර ලාබයක්ද ලැබීමයි.
දිගින් දිගටම අයවැය හිඟය නඩත්තු වුනා. 1989 වෙද්දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 108.7%ක් දක්වා තව දුරටත් ඉහළ ගියා. එහෙත්, කාලයත් සමඟ ණය වී කළ ආයෝජන වල ප්‍රතිඵල ලැබුණා. 1948-1977 යුගයට සාපේක්ෂව ආර්ථික වර්ධනය ඉහළ ගියා. ඒ නිසා, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය තව දුරටත් ඉහළ නොගොස් ස්ථාවර වුනා.
සල්ලි අච්චු ගැසීම දිගටම සිදු වීම නිසා උද්ධමනය ඉහළ යද්දී පෙර යුගයේදී මෙන්ම ගෙවුම් ශේෂ ප්‍රශ්න ආවත් ඒ හැම විටකම විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ හැර ප්‍රශ්නය විසඳා ගත හැකි වුනා. 1977-87 කාලයේ රජය මුල් වී සිදු කළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් විදේශ ණය ලබා ගැනීම නිසා රටේ ශුද්ධ විදේශ බැරකම් ඉහළ ගියත් 1987-2004 අතර කාලයේ රටේ ශුද්ධ විදේශ බැරකම් එසේ විශාල ලෙස ඉහළ ගියේ නැහැ. අයවැය හිඟය දිගටම පැවතුණත් එය බොහෝ දුරට පියැවුනේ උද්ධමනාත්මක මූලාශ්‍රද ඇතුළත්ව දේශීය ණය වලින්. ඒ නිසා, අයවැය හිඟය ඉහළ යද්දී උද්ධමනයද ඉහළ ගොස් විණිමය අනුපාතිකය මත පීඩනයන් ඇති වුනා. ඒ හැම විටෙකම විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීමෙන් පසු ප්‍රශ්නය විසඳුනා. කෙටියෙන් කිවුවොත්, නිදහසේ සිටම පැවති රාජ්‍ය ණය අර්බුදය එලෙසම තිබුණත්, ගෙවුම් ශේෂ ප්‍රශ්නය අද පවතින ආකාරයේ අර්බුදකාරී මට්ටමකට ඔඩු දිවුවේ නැහැ.
මේ තත්ත්වය වෙනස් වුනේ 2004-2014 කාලය තුළ ආරම්භ කළ රුපියල අධිප්‍රමාණය කිරීමේ පරීක්ෂණය තුළයි. ප්‍රශ්නය දරුණුම අඩියකට පත් කරනු ලැබුවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව 2010 වසරේදීයි. අද ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය 1947 සිට වර්ධනය වන රාජ්‍ය ණය අර්බුදයට සම්බන්ධ දෙයක් වුවත්, ඒ නිසාම ඇති වූ දෙයක් නෙමෙයි. මේ ප්‍රශ්නය සාපේක්ෂව මෑතකාලීනව හදාගත් ප්‍රශ්නයක්. රාජ්‍ය ණය අර්බුදය ප්‍රශ්නයක් වුවත්, ඒ ප්‍රශ්නය සමඟම වුවත් ලංකාවට තවත් කාලයක් ඉදිරියට යා හැකිව තිබුණා. එසේ කළ නොහැකි තැනකට රට පත් වුනේ අලුතෙන් හදාගත් විදේශ විණිමය අර්බුදය නිසයි.
ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයක් ඇති වීම පැවති ඓතිහාසික සන්දර්භය තුළ නිසගයෙන්ම සිදු වූ දෙයක්. ඒ බව මා විස්තර කර තිබෙනවා. ඒ හේතුව නිසා ඉදිරි කාලයේදී වුවත් රාජ්‍ය ණය අවුල ලෙහා ගන්න පහසු නැහැ. කෙටියෙන් කිවුවොත් රටේ බහුතරයක් ඒ අවුලේ පැටලී ඉන්න කැමතියි. එහෙත්, විදේශ ණය අර්බුදය එවැනි ඓතිහාසික සන්දර්භයක් තුළ හැදුනු අර්බුදයක් නෙමෙයි. එය යම් ආකාරයක අහම්බයක්. අදාළ වකවානුව තුළ වගකිවයුතු තනතුරු අතළොස්සක වෙනත් අය සිටියේනම් මේ අර්බුදය ඇති වන්නේ නැහැ. මෙය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමක්! ඉල්ලං කෑමක්!!
ලංකාවේ ආර්ථිකයේ දිගුකාලීන නිදන්ගත ප්‍රශ්නය වන රාජ්‍ය අයවැය හිඟය හා එම හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීම නිසා දිගින් දිගටම විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වුනා. එම පීඩනය නිදහස් වෙන්න ඉඩ නොලැබුණු විට ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇති වුනා. පීඩනය නිදහස් වෙද්දී රුපියලේ විදේශ අගය පිරිහුනා. හරියටම කිවුවොත් එහි වූ පිරිහීම වඩා නිවැරදිව පිළිබිඹු වුනා. ඩොලරයේ මිල දිගින් දිගටම ඉහළ ගියා එහෙත් ආර්ථිකය වර්ධනය වුනා.
මෙසේ තිබියදී, 2004-2014 කාලයේදී ලංකාව විශ්වකර්ම දේශීය විසඳුමක් හොයා ගත්තා. ඒ සල්ලි අච්චු ගැසීම දිගටම කරන අතර විදේශ ණය ලබා ගනිමින් ඩොලරයේ මිල ස්ථාවරව තබා ගැනීමයි. මේ අපූරු විසඳුම මගින් ලංකාවේ සාර්ව ආර්ථික නිර්ණායක හැම එකක්ම වගේ හොඳ අතට හරවන්න හැකි වුනා. හරියටම කියනවානම් හොඳින් ඇති බව පෙන්වන්න හැකි වුනා. ඇතැම් අය සිතනවාක් මෙන්, ඒ සඳහා බොරු සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්න අවශ්‍ය වුනේ නැහැ.
මේ අපූරු විශ්වකර්ම දේශීය විසඳුම ගැන පැහැදිලි කරන්න කලින් ඒ වන විට පැවති සාර්ව ආර්ථික සමතුලිතතාවය තේරුම් ගනිමු.
විසඳුමට පෙර යුගය
අයවැය හිඟය: රජය ආදායම ඉක්මවා වියදම් කරයි. අයවැය හිඟය පියවීම සඳහා දේශීය ණය, විදේශීය ණය හා සල්ලි අච්චු ගැසීම යන ක්‍රම තුන යොදා ගැනේ. (සල්ලි අච්චු ගැසීමද දේශීය ණය වල කොටසකි. මෙහි දේශීය ණය යන්නෙන් කළේ උද්ධමනාත්මක නොවන මූලාශ්‍ර වලින් ලබා ගන්නා දේශීය ණයයි.)
උද්ධමනය: සල්ලි අච්චු ගැසීමට අනුරූපව ඉහළ යයි.
පොලී අනුපාතික: දේශීය ණය ඉහළ යාමට අනුරූපව ඉහළ යද්දී, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින්ද ඉහළ දමයි.
විණිමය අනුපාතය: උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව ඉහළ යයි.
විදේශ ආයෝජන සඳහා ප්‍රතිලාභ: පොලී අනුපාතික ඉහළ නිසා රුපියල් වලින් වැඩි ප්‍රතිලාභයක් ලැබුණත්, විණිමය අනුපාතය ඉහළ යාම නිසා එතරම් විශාල නැත. රටේ පවතින ආයෝජන-හිතකර වාතාවරණය වැනි මූර්ත සාධක නිසා නොවේනම්, ලංකාවට ණය දීම හෝ ලංකාවේ ආයෝජනය කිරීම විශේෂයෙන් ආකර්ශනීය නැත.
ගෙවුම් ශේෂය: විණිමය අනුපාතය ඉහළ යාමට ඉඩ දීම හරහා වැඩි අපහසුවක් නැතිව සමතුලිතව පවත්වා ගත හැක.
රාජ්‍ය ණය ඉහළ යාම: අයවැය හිඟය නිසා රාජ්‍ය ණය ඉහළ යයි. ඊට අමතරව ඉහළ පොලී අනුපාතික නිසාත්, ඉහළ යන විණිමය අනුපාතය නිසාත් රාජ්‍ය ණය වැඩි වේගයකින් ඉහළ යයි.
ආර්ථික වර්ධනය: රාජ්‍ය වියදම් බදු වලට වඩා වැඩි නිසා තරමක් දුරට විභව මට්ටම ඉක්මවා ආර්ථිකය වර්ධනය වෙයි. ඒ නිසා, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ස්ථාවරව පවතී.
අර අපූරු විශ්වකර්ම දේශීය විසඳුමෙන් මේ හැම දෙයක්ම වඩා හොඳ අතට වෙනස් කළේ කොහොමද?
විසඳුමට පසු යුගය
අයවැය හිඟය: පෙර මෙන්ම රජය ආදායම ඉක්මවා වියදම් කරයි. අයවැය හිඟය පියවීම සඳහා දේශීය ණය, විදේශීය ණය හා සල්ලි අච්චු ගැසීම යන ක්‍රම තුන යොදා ගැනේ.
විණිමය අනුපාතය: උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව ඉහළ නොයයි. රජය මැදිහත් වී දේශීය වෙළඳපොළට දිගින් දිගටම ඩොලර් මුදා හැරීම මගින් විණිමය අනුපාතය ස්ථාවරව තබා ගනී.
විදේශ ආයෝජන සඳහා ප්‍රතිලාභ: පොලී අනුපාතික පෙර යුගයට සාපේක්ෂව අඩු වුවත් විදේශ රටවලට සාපේක්ෂව තවදුරටත් ඉහළ මට්ටමක පවතී. විණිමය අනුපාතය අවප්‍රමාණය නොවන නිසා ඩොලර් වලින්ද එම ඉහළ ප්‍රතිලාභයම ලැබේ. රුපියලේ මිල ඉහළ යද්දී ඩොලර් ප්‍රතිලාභ රුපියල් ප්‍රතිලාභද ඉක්මවයි. රටේ ආයෝජන-හිතකර වාතාවරණයක් නොපැවතියද, ණය ආපසු නොලැබීමේ අවදානමක් නැත්නම් ලංකාවේ ආයෝජනය කිරීම ඉතාම වාසිදායකය.
උද්ධමනය: සල්ලි අච්චු ගැසීමට අනුරූපව දේශීය භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යයි. එහෙත්, විණිමය අනුපාතය ඉහළ නොයන බැවින් ආනයනික භාණ්ඩ වල මිල අවශ්‍ය පමණ ඉහළ නොයයි (අදාළ විදේශ රටවල පවතින උද්ධමනය අනුව පමණක් ඉහළ යයි). ඒ නිසා, පෙර යුගයට සාපේක්ෂව උද්ධමනය අඩු මට්ටමක පවතී.
ගෙවුම් ශේෂය: ආනයනික භාණ්ඩ වලට සාපේක්ෂව දේශීය නිෂ්පාදන වල පිරිවැය ඉහළ යාම නිසා වෙළඳ ශේෂය ක්‍රමයෙන් ඉහළ යයි. එහෙත්, විදේශ ආයෝජන සඳහා ලැබෙන ඉහළ ප්‍රතිලාභ හේතුවෙන් මූල්‍ය ගිණුමට විදේශ විණිමය ලැබේ. එමගින් ගෙවුම් ශේෂය සමතුලනය කර ගත හැකිය. එසේ මූල්‍ය ගිණුමට ලැබෙන විදේශ විණිමය යොදා ගැනීමෙන්ම විණිමය අනුපාතයද ස්ථාවරව පවත්වා ගත හැකිය.
පොලී අනුපාතික: සල්ලි අච්චු ගැසීම සිදු වුවද විණිමය අනුපාතය පාලනය වී තිබීම නිසා සල්ලි අච්චු ගැසීමට අනුරූපව උද්ධමනය ඉහළ නොයයි. උද්ධමනය පාලනය කිරීමේ අවශ්‍යතාවය අඩු නිසා මහ බැංකුව විසින් පොලී අනුපාතික පෙර යුගයට සාපේක්ෂව පහළින් තබා ගනී. විදේශ ණය විශාල වශයෙන් ලබා ගන්නා බැවින් දේශීය ණය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් එපමණ නැත. ඒ නිසා, නාමික පොලී අනුපාතික මෙන්ම මූර්ත පොලී අනුපාතිකද පහළින් තබා ගත හැකිය. ඇතැම් විට දේශීය ආයෝජකයන්ට ලැබෙන මූර්ත පොලී අනුපාතික සෘණ අගයක් ගනී. එහෙත්, විණිමය අනුපාතය අවප්‍රමාණය නොවීම හෝ අධිප්‍රමාණය වීම නිසා විදේශ ආයෝජකයන්ට තවදුරටත් ඉහළ ප්‍රතිලාභ ලැබේ.
රාජ්‍ය ණය ඉහළ යාම: අයවැය හිඟය පුළුල් වීම නිසා රාජ්‍ය ණය ඉහළ යයි. එහෙත් සාපේක්ෂව පහළ පොලී අනුපාතික නිසාත්, ස්ථාවර විණිමය අනුපාතය නිසාත් රාජ්‍ය ණය පෙර යුගයට සාපේක්ෂව අඩු වේගයකින් ඉහළ යයි.
ආර්ථික වර්ධනය: රාජ්‍ය වියදම් බදු වලට වඩා වැඩි නිසා විභව මට්ටම ඉක්මවා ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙයි. මූර්ත පොලී අනුපාතික සෘණ මට්ටමක හෝ ඉතා අඩු මට්ටමක ඇති නිසා දේශීය ණය ඉල්ලුම හා පරිභෝජනය ඉහළ යයි. රාජ්‍ය මූලික ආයෝජන නිසාද ආර්ථිකය ප්‍රසාරණය වේ. ඒ නිසා, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය පහළ බසී.
කොයි තරම් අපූරු විසඳුමක්ද?
ඔබට මේ අපූරු දේශීය විසඳුමෙහි ඇති ප්‍රශ්නය පෙනෙනවද? එසේ නොපෙනෙන්නේනම් එය පුදුමයක් නෙමෙයි. මේ ප්‍රශ්නය දැකිය හැකි වූයේ ඉතා සුළු පිරිසකට පමණයි. ප්‍රශ්නයෙහි ප්‍රතිඵල පෙනෙන්නට තිබුණත්, බොහෝ දෙනෙකු තවමත් එම නරක ප්‍රතිඵල මිස ප්‍රශ්නය දකින්නේ නැහැ.
ඉකොනොමැට්ටා මේ කෙටි වීඩියෝ වල පාඨලී චම්පික රණවක මේ පවසන ආකාරයට ලංකාවේ ආණ්ඩුවට ඩොලර් බිලියන පහකට වඩා දිය හැකි රටවල් ඇත්තේ ලෝකයේම රටවල් වලින් පහක් පමණයි. චීනය, ජපානය, ජර්මනිය, සෞදි අරාබිය, නොර්වේ වැනි සීමිත රටවල් කීපයක් පමණක් වන අතර ඉන්දියාව, එක්සත් ජනපදය, වැනි රටවලට එපමණ මුදලක් දීමට හැකියාවක් නැති දුබල ආර්ථික ඇති රටවල් වන නමුත් ඔවුන්ගේ පරම හතුරෙක් වන චීනයෙන් අප ණය ආධාර ලබා ගැනීමට එරෙහිව ඉතා බරපතල විදිහට ලංකාවට අනර්ථකාරී දෙයක් සිදු කිරීමට කටයුතු කරන රටවල්, ඒ නිසා එම අවදානම නොගෙනම අපට ආධාර උපකාර ලබා ගැනීමට පවතින එකම රට වෙන්නේ ජපානය බවත් ජපන් ආධාර වැඩසටහන් වලින් ලංකාවේ ආර්ථික අර්බුදය පාලනය කරගන්න අවශ්‍ය විදේශ මුදල් සංචිතය වැඩි කර ගන්න පුළුවන් වන බවත් ඔහු පවසා තිබුනේ මේ පුංචි වීඩියෝ ක්ලිප් බලන්න
ReplyDeletehttps://fb.watch/ao1IjDEDyW/
https://fb.watch/ao3hypBfSb/
මම හිතන්නේ මේ කතාව ඇත්ත, මේ වගේ ඩීප් පොකට් තියෙන රටවල් වලින් අපට ඩොලර් බිලියන පහකට අතමාරුවක් ගොඩ දාගන්න පුළුවන් නම් මේ ප්‍රශ්නය ලේසියෙන්ම විසඳන්න පුළුවන් වෙයි නේද?
වීඩියෝ බැලුවේ නැහැ. ජපානයෙන් ගත්තත් නැවතත් ණය ගැනීමක්ම නේද?
Deleteජපානෙ තියෙනව ඩීප් පොකට්ස් xබ්බක්.
Delete//අයවැය හිඟය දිගටම පැවතුණත් එය බොහෝ දුරට පියැවුනේ දේශීය ණය වලින්. ඒ නිසා, අයවැය හිඟය ඉහළ යද්දී උද්ධමනයද ඉහළ ගොස් විණිමය අනුපාතිකය මත පීඩනයන් ඇති වුනා//
ReplyDeleteදේශීය ණය කිව්වම මුදල් අච්චු ගැසීමත් ඇතුළත් වෙනවද
ඔව්. සල්ලි අච්චු ගැසීම සේ සැලකෙන්නේ මහ බැංකුවෙන් ණය ගැනීම. එය දේශීය ණය වල කොටසක්.
Deleteඑහෙනම් ක්‍රම තුනක් ගැන සඳහන් වෙන්නෙ මොකද? ක්‍රම දෙකයිනෙ
Deleteතුනක් වෙන්නේ දේශීය ණය උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් (මහ බැංකුවෙන් හා යම් තත්ත්වයන් යටතේ වාණිජ බැංකු වලින්) ලබා ගන්නා ණය හා එසේ නොවන සාමාන්‍ය දේශීය ණය ලෙස වර්ග කළ පසුවයි. සංඛ්‍යාලේඛන වල සඳහන් දේශීය ණය වලට සල්ලි අච්චු ගැසීමද ඇතුළත්. එහෙත්, ආර්ථික විද්‍යා ඇසකින් බැලූ විට සල්ලි අච්චු ගැසීමත්, වෙනත් ආකාර වලින් දේශීය ණය ලබා ගැනීමත් අතර විශාල වෙනසක් තිබෙනවා.
Deleteමෙය පැටලිලි සහගත නිසා අදාළ වාක්‍යයට පැහැදිලි කිරීමක් එකතු කළා.
Deleteඔව්. දන් පැහැදිලියි
Deleteඉකොනොමැට්ටා මොකද හිතන්නේ මේක ගැන?
ReplyDeletehttps://www.bloomberg.com/news/articles/2022-01-07/top-china-diplomat-to-visit-sri-lanka-as-forex-crisis-deepens
චීනයේ මෙම සහන පැකේජය ලංකාවට ලබා දෙන එකක් නෑ මොකද ලංකාවේ දැනටමත් ඉන්දීය සහ ඇමරිකානු රූකඩ පාලකයන් සහිත රටක් නිසා. ඉන්දීය සමාගම් වලට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි රාශියක් (61 ක් විතර ලබා දීම සහ ආදානි සමාගමෙන් විශාල ප්‍රමාණයක් සුර්ය බල විදුලි ව්‍යාපෘති රැසක් උතුරු නැගෙනහිර පළාත් වල සහ මන්නාරම විශාල සුළං බලාගාර ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. කලින් චීන සමාගම් වලට දීමට උත්සාහ කළ නමුත් ඒක වෙනස් කර ඉන්දියාවේ ආදානිට මේ බලාගාර ව්‍යාපෘති ලබා දීම ගැන චීනය එතරම් සතුටු නැහැ නේද?
ලංකාවේ බංකොළොත් භාවයට සමීප කොට ඇති විදේශ විනිමය අර්බුදය ජය ගැනීම දැවැන්ත අභියෝගයක් නිසා ලංකාවේ නන්දසේන ජනාධිපතිවරයා විදේශ ආයෝජකයන්ට ආරාධනා කිරීම දෙස විපක්ෂය හා වම බලන්නේ රටේ දේපළ විකුණා දැමීමක් ලෙසයි. මේක ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
ඒ වගේම සූර්ය සහ සුළං බල ව්‍යාපෘති උදෙසා ආයෝජනය කිරීමට ජනාධිපතිවරයා කළ ආරාධනය බොහෝ ආයෝජකයන් පිළිගෙන තිබේ. ඒ සඳහා මුල සිටම චීන සහ ඕමානි සමාගම් ද දැන් දැන් ඉන්දියානු කෝටිපතිවරයකු වූ ගෞතම් ආදානි ප්‍රධාන ඉන්දීය සමාගම් ද දැඩි ලෙස උනන්දුව දක්වන බව පෙනේ. සූර්ය සහ සුළං බලශක්ති බලාගාරයකින් මෙ.වො. 1000 වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැකිය. දැනට දකුණු ඉන්දියාවේ ස්ථාපිත ඒවා සහ සසදා බැලූවිට ඒවායේ මිල ගණන් ද පිළිගත හැකි වේ. ආණ්ඩුවේ සැලසුම ඩීසල් සහ ගල් අගුරු බලාගාර අතහැර දමා නිව් ෆෝට්රස් එල් එන් ජී බලාගාරය සමග සූර්ය සහ හුළං බලාගාර වලින් රටට අවශ්‍ය සියලු බලශක්ති නිපදවීම බව කියන්නේ. එනම් හැකි උපරිම වශයෙන් ජල විදුලිය, සුළං හා සූර්ය විදුලිය භාවිත කරමින් මදි පාඩුවට එල් එන් ජී වලින් බැලන්ස් කරන බවයි, මේක කර ගන්න පුළුවන් වෙයි ද?
ඒ වගේම ලංකාවේ පවතින දැඩි කිරි හිඟය මගහරවා ගැනීමට ජනාධිපතිවරයා ජාතික පශු සම්පත් මණ්‍ඩලයෙන් ලබාගත් ඉඩම් වෘත්තීය සමිති වල දැඩි විරෝධය නොතකා පෞද්ගලික සමාගම්වලට වෙන් කර දී ඇති අතර ඔවුන් නිපදවන කිරි වසරක් තුළ වෙළෙඳපොළට එන බව කියන්නේ, එමගින් වසර තුනක් තුළ කිරිවලින් ස්වයං පෝෂිත බව ළඟා කරගත හැකි බවට කයිවාරු ගසන නමුත් ලංකාවේ මේ දේ කරන්න පුළුවන් වෙයි ද? ජවිපෙ ජාතික ජන බලවේගයේ මහාචාර්යවරයෙක් පැවසුවේ පශූ සම්පත් මණ්ඩලයේ අත්දැකීම් අනුව මේක අවුරුදු දහයක් පමණ දිගු කාලයක් යන වැඩක් බවයි. නමුත් ලංකාවේ දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් වන පැලවත්ත සහ මිල්කෝ සමාගම් ආදිය මේක පුළුවන් කියලා කියන්නේ.
ඒ වගේම විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නැති පැන්ෂන් ගිය ආමි කාරයෙක් වන ලංකාවේ ජනපතිවරයා කියන්නේ විශ්වවිද්‍යාල හා පාසල්වල අධ්‍යාපනය කඩිනම් වෙනස්කම්වලට ලක් කළ යුතු බවත් කලා උපාධිධාරීන් 3500ක් සඳහා ජනාධිපතිවරයා දැනටමත් තොරතුරු තාක්ෂණ උපාධි යෝජනා කර ඇති අතර graphic design, digital marketing වැනි පාඨමාලා ලිස්ට් එකක් කලා අංශයේ සිසුන්ට පුහුණු කරන්න කියලා ජනපති කරපු යෝජනා මෙය බොහෝ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය වරුන්ගේ දැඩි විරෝධයට ලක් වී තිබේ. ලංකාවේ ශිෂ්‍ය සංගම් මීට දැඩි විරෝධය සහ බාධා කරන නමුත් උඩඟු ජනපතිවරයා එම කිසි දෙයක් ගණන් නොගෙන බලෙන්ම එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරගෙන යන බව පේනවා. මේක ඉදිරියට තවත් ප්‍රශ්නයක් වේවි.
ඒ වගේම ජනාධිපතිවරයා බලාපොරොත්තු වන වැඩසටහන් සාර්ථක වුවහොත් සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වී වර්ධනය වන විට දැනට පවතින විදේශ විනිමය ගැටලු ලිහිල් වන බවට රජය පවසන නමුත් මෙය පිළිගත හැකි ද?
ලංකාවේ ආණ්ඩුව විදේශ ආයෝජන මත බොහෝ අපේක්ෂා පවතින බැවින් ඒවා සාර්ථක වෙයි ද?
ඇත්තටම ඔබත් මෙහි පෙන්වා දී ඇති පරිදි රටේ මූල්‍ය ගැටලු මතුව ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ නොසලකා හරිනු ලැබූ කාරණා නිසා, එම තත්ත්වය නිසා ලංකාවේ ආණ්ඩුවට බොහෝ මූලික කාරණාවන්ට විසඳුම් සොයන්නට සිදුව තිබේ.
කෙසේ නමුත් මේ ආණ්ඩුව දැනට කරගෙන යන දේවල් අනුව ඊළඟ වසර කිහිපයකදී මේ දැඩි අර්බුදය පාලනය කරගෙන සාමාන්‍ය මට්ටමේ ප්‍රශ්න සමග ඉදිරියට යාමට පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු තැබිය හැකි ද? නැත්නම් විපක්ෂ කණ්ඩායම් පවසන පරිදි ලංකාවේ ආර්ථිකය ඉතාමත් ඉක්මනින් කඩා බිඳ වැටීමක් ඔබත් දකිනවාද?
එසේ කඩා වැටීමකට පස්සෙ ලංකාවේ ආර්ථිකය ගොඩ ගත නොහැකි මහ අවුලක වැටේවි ද?
ඔය ප්‍රශ්න වලට කෙටි පිළිතුරු සපයන්න බැහැ. ලිපි පෙළ ඉදිරියට යද්දී මෙහි සඳහන් කරුණු ගණනාවක් ආවරණය වෙයි.
Deleteආචාර්ය හර්ෂ ද සිල්වාගේ ට්වීටර් ගිණුමේ දාල තියෙන විදියට ලංකාවෙ මහා බැංකුව සතුව තිබූ රන් සංචිතවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් විකුණා දමල කියන්නේ ඇත්ත ද ඉකොනො?
ReplyDeleteමේ වගේම සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියන්නේ ඩොලර් මිලියන 382 වටිනාකමකට ලංකාව සතුව තිබූ රන් සංචිත වලින් දැන් ඉතිරි ප‍්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 175.4ක් බවද මෙම තත්වය මත ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500ක ණය වාරිකය පියවන්නේ කෙසේදැයි ආචාර්ය හර්ෂ ප‍්‍රශ්ණ කරනවා. මේක ගැන පැහැදිලි කරන්න පුළුවන් ද?
ඒ වගේම මේ පොඩි ක්ලිප් එකේ තියෙන විදිහට නම් ලංකාවේ ජීවන වියදම ඉතා ඉහළ ගොස් ඇති බවත් ආනයන දැඩි ලෙස සීමා කිරීමට සිදුව ඇති බවත් බීබීසී ලෝක ප්‍රවෘත්ති සේවය වාර්ථා කරල තියෙන්නෙ, ඒ වගේම ලංකාවේ ජනතාවට එදිනෙදා ආහාර සපයා ගත නොහැකි තත්ත්වයකට පත්ව සාගතයෙන් පීඩා විඳින බවත් ආහාර මෙන්ම ගෑස්, ඉන්ධන, ඖෂධ ආදී ආහාර නොවන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යද වේගයෙන් ඉහළ ගොස් ඇති බවත් උද්ධමනය අති විශාල වශයෙන් වර්ධනය වී ඇති බවත් එම පුවත් වාර්තාව විකාශණය කරන්නෙ මේ බලන්න;
https://youtu.be/fc6XmLW414A
මේක ගැන ලංකාවේ ඉන්න කට්ටියට මොකද කියන්න තියෙන්නේ? මේක ඇත්ත නේද?
රන් සංචිත වලින් බාගයක්ම විකුණලා!
Deletehttps://emgesathapaha.blogspot.com/2022/01/blog-post_7.html
Does CBSL maintain a physical gold reserve or is it just a gold reserve in another country, which CBSL has a legal right?
Delete@ Ano 7.04 AM
DeleteSri Lanka started to buy gold aggressively when Governor Cabraal was running the agency in a previous term.
In 2009, Sri Lanka bought 15.8 tonnes of gold from the International Monetary Fund. After selling in 2010 and 2011, Cabraal bought 3.6 tonnes of gold in 2012 and 9.3 tonnes in 2014 as reserves recovered amid deflationary policy (sterilized purchases of forex).
However, Sri Lanka sold gold in 2015, 2018 and 2019 but did not buy any back as reserves fell in line with liquidity injections.
Here are some info about this FYI
https://economynext.com/sri-lanka-sells-down-monetary-gold-as-forex-reserves-drop-89414/
ඉකොනො,
රන් නෙවෙයි මේ දවස්වල ලංකාවෙ ඉන්න කට්ටියට නම් පාන් කියා ගන්නවත් බැරි වෙලා තියෙන්නේ පාන් ගෙඩියක් ගිණි ගණන්, පාන් හිඟයක් එන්න යනවා
මේ බලන්න මේක;
https://economynext.com/sri-lanka-bakery-owners-warn-of-possible-bread-shortage-89398/
දැන් ඉතින් කන්න තියෙන්නේ කොස් දෙල්, කැලෑ අල, බතල, මයියොක්කා සහ කැළෑ කොළ ජාති විතරයි. ගොවියන්ට පෝර ඇටයක් නෑ කියලා සාප කරනවා, තියෙන ඒවාත් අස්ප ගණන්. පෝර නැතුව හදන ඉන්නල සහ කැලෑ අල කොළ, කොහිල, වගේ ලට්ටවල් කාල මිනිස්සු කෘෂ වෙලා යයි ඉක්මනින්ම.
මේ බලන්න තරු පහේ හෝටල් වලට කෙළවිලා ගියපු ආකාරය... සංචාරකයන් දැන් දැන් ලංකාවට එනවා එකසිය ගානට ඒත් උන්ට දෙන්න දර ලිපේ හදපු කෑම තමයි තියෙන්නේ නොදකින් මේ බලන්න
https://thesinhalanews.lk/2022/01/05/leading-five-star-hotel-in-colombo-turns-to-firewood-due-to-gas-shortage-sri-lanka-news/
මුළු රටම විනාශ කරලා තියෙන්නේ ඒ මදිවට ෆේස්බුක්වල ආණ්ඩුවට කුලියට කහින ගෝතයෝ කියන්නේ දර ලිපේ කෑම කන්න සුද්දෝ ආසයිලු... බම්බුව තමයි
මේ තත්ත්වය තව කොච්චර කල් තියෙනවද? මම හිතන්නේ ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීමට බැරි වෙයි මෙහෙම කඩන් වැටිලා ආපහු 1950 කාලේ වගේ වේවි.
//Does CBSL maintain a physical gold reserve or is it just a gold reserve in another country, which CBSL has a legal right?//
DeleteI believe this a matter of national security and we should not discuss here. Anyway, from an economic point of view, both these options are identical. The actual physical location may change dynamically as CBSL purchases/sells gold/gold certificates.
එන පොට හොඳම නැත,
ReplyDeleteකෙල්ලව ගෙට ගන්නට විදිහක්ද නැත!
කොහොමත් ධනවාදය යටතේ මිට පිළිතුරු නැහැ. චීන සමාජවාදී පාලන ක්‍රමය තමයි කරන්න තියෙන හොදම දේ ලංකාවෙත්.
ReplyDeleteචීන සමාජවාදී ක්‍රමය නිසා ඇති වූ ප්‍රශ්න වලට එම ක්‍රමය ඇතුළේම විසඳුම් හොයන එකත් නරක අදහසක්ම නෙමෙයි. ධනවාදය යටතේ පිළිතුරු ලැබෙන්න ලංකාවේ මිනිස්සු ධනවාදය පිළිගන්නා තත්ත්වයක් ඇති විය යුතුයි. පළමු ක්‍රමය ඊට වඩා ප්‍රායෝගිකයි.
Deleteලංකාවේ පාලනය සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගැනීම කරන ආණ්ඩුවේ බලය ලබා ගන්නා ප්‍රධාන පක්ෂ දෙකේම අවුල වෙන්නේ, පක්ෂ නායකයන් විසින් ගන්නා තීරණවලට අනෙක් අයටත් එකග වෙන්න වීම. එතනදි තියෙන්නේ සාමූහිකව ගන්නා තීරණ නෙමෙයි. ඒකපාර්ශවීය තීරණ තමයි එතනදි ගන්නේ. එතකොට ඒ තීරණ වෙනුවෙන් පෙනී ඉන්නා විදියට අනෙක් අයට කියන එක සම්පුර්ණයෙන් වැරදියි. ඒකයි ජනාධිපති නන්දසේන කියන සාමුහිකත්වය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ කියන කතාව වරදින්නේ.
ReplyDeleteහැබැයි ජාතික ජන බලවේගයේ මූලික පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේදි වෙන්නේ මේකේ අනික් පැත්ත. ජවිපෙ පක්ශ අභ්‍යන්තරයේ මත ගොඩක් තියෙනවා. ඒවා ඉදිරිපත්කරන්න අවස්ථාව තියෙනවා. පක්ෂයේ නායකයාටත් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ අවසාන තීරණය පක්ෂයේ නායකයාගේ මතයම වෙන්නේ නැහැ. සමහර වෙලාවට පක්ෂයේ පහලම සාමාජිකයෙක්ගේ මතය, අවසාන තීරණය විදියට සම්මත වෙන්න පුළුවන්. ඔවුන් ඒ හැම මතයක්ම පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කරලා අවසානයේදි සම්මත වෙන මතය වෙනුවෙන් පෙනී ඉන්නවා. අන්න එතකොට තමයි හැමෝම සාමුහිකත්වයට බැදෙන්නේ. හැමෝම එකතුවෙලා ඔවුන් ගත් තීරණය වැරදුනත්, ඔවුන් ඔක්කොම එකතුවෙලා ගත්ත තීරණය නිසා ඔවුන් ඒක විවේචනය කරන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමයයි ප්‍රධාන පක්ෂ දෙකත් කරන්න ඕනේ.
නායකයාගේ මතය/තීරණය ක්‍රියාත්මක කරලා ඒක වැරදුනාම සාමුහිකත්වයක් ගැන කතාකරනවානම් ඒක සම්පුර්ණයෙන් වැරදියි.
මේක ගැන තවත් පැහැදිලි කිරීමක් කරන්න හොඳ උදාහරණයක් විදියට ලංකාවේ ඉතාමත් සාර්ථකව ස්ථාපනය කරගත් දේශපාලනික ව්‍යාපාරයක් වන ශිෂ්‍ය සංගම් ගන්න පුළුවන්. ශිශ්‍ය සන්ගම් ඇතුලෙත් ඔය ක්‍රමය තියෙනව. බැච් එකේ තීරණය ජෙනරල් බොඩ් එකකදි ඉදිරිපත් කරනව. එතනදි බැච්ජ් ඔක්ක්කොගෙම තීරණ සාකච්චා වෙනව. බහුතර මතය අනුව එක තිරෙනෙකට එනව. එක පීඨ ශිශ්‍ය සන්ගමයට දැනුම් දෙනව. ඒ විදියට සියලු පීඨ වල මතය මහා ශිශ්‍ය සන්ගමයෙදි සාකච්චා වෙනව. බහුතරය කැමති මතයට එකග වෙලා ඒ පනිවුඩය ආපහු පහලට යනව. පුද්ගලික මත වෙනස් උනත් අවසනෙදි පොදු මතය වෙනුවෙන් පෙනි සිටිනව. එහෙම බැරිනම් අයින් වෙලා ඉන්න වෙනවා, නැත්නම් බලෙන් අයින් කරලා දානවා.
මේ ක්‍රමය තමයි ජාතික ජන බලවේගයේ ඉදිරියේ දී ක්‍රියාත්මක කරන විශේෂ පාලන ක්‍රමයේ දී හඳුන්වා දීමට යෝජිත අලුත් ක්‍රමය. මේකෙන් ඔය ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට ලෙහෙසියෙන්ම පුළුවන්.
//සමහර වෙලාවට පක්ෂයේ පහලම සාමාජිකයෙක්ගේ මතය, අවසාන තීරණය විදියට සම්මත වෙන්න පුළුවන්. ඔවුන් ඒ හැම මතයක්ම පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කරලා අවසානයේදි සම්මත වෙන මතය වෙනුවෙන් පෙනී ඉන්නවා. අන්න එතකොට තමයි හැමෝම සාමුහිකත්වයට බැදෙන්නේ.//
Deleteමේක බටහිර රටවල (අඩු වශයෙන් මා වැඩිපුර දන්නා ඇමරිකාවේ) විවිධ මට්ටම් වලදී ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන සාමාන්‍ය ආකාරය. එසේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අදහස් වන්නේ මැතිවරණයකදී නියෝජිතයෙකු තෝරා පත් කරගෙන ඊළඟ මැතිවරණය වන තුරු පැත්තකට වී සිටීම නෙමෙයි. ප්‍රධාන පක්ෂ සම්බන්ධව මෙහි තිබෙන විවේචනය සමඟ එකඟයි. මම දන්නා තරමින්නම් ජවිපෙ තුළ කාලයක් තිස්සේ සිදු වුනෙත් ඕකම තමයි. සමහර විට ප්‍රධාන පක්ෂ වලටත් වඩා වැඩියෙන්. අඩු වශයෙන් මේ වෙද්දී ජවිපෙ/ජාජබ පක්ෂය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක විය යුතු ආකෘතිය මෙයය යන මතයේ අවංකවම ඉන්නවානම් එයම වුවත් අගය කළ යුතු දෙයක්. එම ආකෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේනම් අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. ජවිපෙ මුල් වී ඉතිහාසයේ හදා තිබෙන බහුජන ව්‍යාපාර ක්‍රියාත්මක වන බව පෙන්වුවේ බොහෝ විට මේ වගේ ආකෘතියක් තුළ වුවත්, ඒ ආකෘතිය තුළ සැඟවුණු වෙනත් රහසිගත බල ව්‍යුහයක් පැවතීම සාමාන්‍යයෙන් සිදු වූ දෙයයි. ශිෂ්‍ය සංගම් තුළ වුනේත් එවැන්නක්. පිටින් බලන බොහෝ දෙනෙකුට පෙනෙන්නේ හැම අදහසක්ම සාකච්ඡා වී පොදු අදහසක් මතු වන බවයි. එහෙත් ඇත්තටම සිදු වන්නේ එසේ පෙනෙන්නට සැලැස්වීමක් පමණයි. යටින් යන ගේම් එක දන්නේ සුළු පිරිසක් පමණයි. දැන් එසේ නොවී මතුපිටින් පෙන්වන දේ ඇත්තටමත් වෙනවානම් එය විශාල වෙනසක්.
ඉකොනොමැට්ටා ජවිපෙ සහ ජාතික ජන බලවේගය දෙසා ඉතා සමච්චල් සහගත ලෙස බලන්න හේතුව මොකක්ද? ලංකාවේ ඔය කියන කුජීත දේශපාලන පක්ෂ අවුරුදු 73 ක් විතර තිස්සේ ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කර රට බංකොලොත් කර තිබෙනවා නමුත් ජවිපෙ රටට කිසිම විදිහකින් හානියක් සිදු නොකරපු බවත් මහජන මුදල් එක සතයක් වත් හොරකම් නොකරපු ඉතාමත් ඉහළ විනයක් ඇති ඇත්ත ඇති සැටියෙන් පවසන ලංකාවේ තියෙන හොඳම දේශපාලන පක්ෂයයි. මීට වඩා හොඳ එකම එක පක්ෂයක් තියෙනවා නම් එය නම් කරන ලෙස මම ඉකොනොමැට්ටාට අභියෝග කරනවා, ඔබට ලංකාව ගොඩ ගැනීමට දේශපාලන පක්ෂය වලින් වෙන කිසිම තේරීමක් නෑ තියෙන්නේ ජාතික ජන බලවේගය පමණක් බව හොඳින් හිතට ගත යුතුයි.
Deleteකෙසේ නමුත් ලංකාවේ දැනට පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී එකම පවුලක ඒකාධිපති පවුල් පාලනයක් ඇති දූෂිත ආණ්ඩුව අවුරුදු දෙකක් ඇතුලත පළවා හැරීමට මම හිතන්නේ මේ වගේ ව්‍යාපාරයක් හරහා පුළුවන් වෙයි.
https://www.youtube.com/watch?v=ZLda3vNFPdI
කෙසේ නමුත් නීතිමය ප්‍රතිපාදන අනුව ලංකාවේ ආණ්ඩුවක් අවුරුදු පහක් සම්පූර්ණ වීමට පෙර මේ ආකාරයට ගෙදර යවන්න පුළුවන් වේවි ද?
මෙහි ඇති නීතිමය පසුබිම සහ ව්‍යවස්ථාවේ ඇති බලතලවලට අනුව මෙම ක්‍රමය හරහා ලංකාවෙ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් වේවි ද කියල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඒ වගේම මේ බලන්න ලංකාවේ දූෂිත වර්තමාන ආණ්ඩුව රටේ ඇති වටින ඉඩම් විදේශිකයන්ට/ විදේශීය බහු ජාතික මංකොල්ල කාර සමාගම් වලට විකුණන එක ගැන කෙටි විස්තරයක්;
https://www.facebook.com/indu.malalasiri/videos/277161887791399/
ඒ වගේම ලංකාවේ පවතින දැඩි ආර්ථික අපහසුතා පාලනය කර ගැනීමට ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයම පෙරට ආ යුතු බව මේකෙ විස්තර කරනවා;
https://www.facebook.com/indu.malalasiri/videos/227105899559675/
//ඉකොනොමැට්ටා ජවිපෙ සහ ජාතික ජන බලවේගය දෙසා ඉතා සමච්චල් සහගත ලෙස බලන්න හේතුව මොකක්ද?//
Deleteඒ ඔබ දකින ආකාරයනේ. මම මෙහි ලියා ඇති දේවල් වලින් ඒ ලියා ඇති දේවල් මිස වෙනත් දෙයක් අදහස් වන්නේ නැහැ. ඔබ කියන ආකාරයෙන් ජවිපෙ තමන්ගේ අතීතයෙන් මිදෙන්න උත්සාහ කරනවානම් එය ඇත්තටම හොඳ දෙයක්. මාක්ස්වාදය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය වෙනම සංකල්ප දෙකක්. පෙසපෙ කුමාර් ගුණරත්නම් වැනි අය දැනටත් සෘජුවම පෙනී සිටින්නේ මාක්ස්වාදය මත පදනම් වූ ප්‍රජාත්නත්‍රවාදය පිළිබඳ අදහස වෙනුවෙන්. කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ කොමියුනිස්ට් ක්‍රමයට පෙර අතරමැදි සමාජවාදී රාජ්‍යයක් අවශ්‍ය බව කියන්නේම ප්‍රජාතන්ත්‍රවාදය හැදීම සඳහා. එහෙත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. සෝවියට් දේශයේ තිබුනේත්, දැන් චීනයේ තියෙන්නෙත් මේ ක්‍රමය. එම ක්‍රමය ඇතුළේ මහජන මතය නියෝජනය කරන රජය හා පක්ෂය ලෙස බල ව්‍යුහයන් දෙකක් තිබෙනවා. අවසන් ඉලක්කය කෙසේ හෝ පක්ෂයට අවශ්‍ය පරිදි මහජන මතය වෙනස් කරගෙන පක්ෂයේ මතය ක්‍රියාත්මක කිරීම මිසක් මහජන මතය ක්‍රියාත්මක කිරීම නෙමෙයි. හැම විටම නිවැරදි මතය සේ සැලකෙන්නේ පක්ෂයේ මතයයි. 1986 පමණ සිට මා දන්නා ඉතිහාසය පුරාවටම ජවිපෙ කටයුතු කර තිබෙන්නේත් ඔය ක්‍රමයටයි. ඒ නිසා, දැන් මේ තත්ත්වයේ වෙනස් වීමක් සිදුවනවානම් එය අලුත් දෙයක්. හරිනි නිසා දැන් එවැනි වෙනසක් වීමේ යම් ඉඩකඩක් පේන්න තිබෙනවා. සමහර විට ඉතිහාසය පුරා පහළම සාමාජිකයෝ ජවිපෙ උඩටම ඇවිත් ඇති. සමාජවාදී පක්ෂ ඇතුළේ එය සිදු වෙනවා (එජාප, ශ්‍රීලනිප වැනි පක්ෂ තුළ පහසුවෙන් එවැන්නක් සිදු නොවන බවත් ඇත්ත). හැබැයි ඒ විදිහට පක්ෂය ඇතුළෙන් පහළ සිට උඩට එන්නේත් පක්ෂය ඇතුළෙන්ම ඉගෙන ගත්, පුහුණුව ලැබූ අය. ඒ නිසා සමාජවාදී පක්ෂ ඇතුළේ ඇත්තටම පහළ සිට උඩට එන්නේ පුද්ගලයින් මිසක් අදහස් නෙමෙයි. අදහස් හැම විටම යන්නේ උඩ සිට පහළට. මේ ආකෘතිය ඇතුළේ හරිනි අහම්බයක්. මොකද ඇය ජවිපෙ ඇතුළෙන්ම ඉගෙන ගත්, පුහුණුව ලැබූ කෙනෙක් නෙමෙයි. හරිනි සේ ජවිපෙට පිටින් ජවිපෙ ඉහළ ස්ථරයට සම්බන්ධ විය හැකි අය හරහා ජවිපෙට වෙනස් වීමට යම් තරමක විභවයක් ඇති වී තිබෙනවා. ඒ හරහා ජවිපෙ මාක්ස්වාදී ප්‍රජාතන්ත්‍රවාදයේ සිට බටහිර ප්‍රජාතන්ත්‍රවාදය කරා වෙනස් වෙයිද කියන එක නිරීක්ෂණය කළ යුතු කරුණක්. ඒ ගැන ලොකු නිගමන වලට එන්න තවමත් කල් වැඩියි.
//ලංකාවේ ඔය කියන කුජීත දේශපාලන පක්ෂ අවුරුදු 73 ක් විතර තිස්සේ ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කර රට බංකොලොත් කර තිබෙනවා//
Deleteමෙය ජවිපෙ විසින් කියන තවත් එක් බොරුවක් පමණයි. ලංකාව අද තිබෙන්නේ 1948දී තිබුණු තැන නෙමෙයි. මෙතෙක් ලංකාව පාලනය කළ දේශපාලන පක්ෂ යටතේ සිදු වූ විනාශ මෙන්ම සිදු වූ යහපත් දේවල්ද තිබෙනවා. ඒ වගේම, රට විනාශ කිරීමට දායක වී තිබෙන්නේ ආණ්ඩු බලය තිබූ පක්ෂ පමණක් නෙමෙයි. මම දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති එකින් එක ගෙන ඒ නිශ්චිත ප්‍රතිපත්ති වල හොඳ නරක විමසනවා මිස අදාළ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද කියන එක අනුව විවේචනය කරන්නේ නැහැ. නිවැරදි දේ කවර දේශපාලන පක්ෂය විසින් කළත් නිවැරදියි. වැරදි දේ වැරදියි. මම හොඳ හෝ නරක දකින්නේ ප්‍රතිපත්ති හා ක්‍රියා වල මිසක් පුද්ගලයන්ගේ හෝ පක්ෂ වල නෙමෙයි.
//නමුත් ජවිපෙ රටට කිසිම විදිහකින් හානියක් සිදු නොකරපු බවත් මහජන මුදල් එක සතයක් වත් හොරකම් නොකරපු ඉතාමත් ඉහළ විනයක් ඇති ඇත්ත ඇති සැටියෙන් පවසන ලංකාවේ තියෙන හොඳම දේශපාලන පක්ෂයයි.//
ජවිපෙ විසින් මේ දක්වා රටට කර තිබෙන විනාශය කාල වකවානු හෝ අයිතම යටතේ ඇස්තමේන්තු කර පෙන්විය හැකි දෙයක්. ඒ වගේම ජවිපෙ කියන්නේ ඔබ කියන පරිදි හැම විටම ඇත්ත ඇති සැටියෙන් පවසන දේශපාලන පක්ෂයකුත් නෙමෙයි. හමුදා විනයක් වැනි විනයක්නම් තිබෙනවා. එහෙත් එම විනය තුළ හැම විටම ජවිපෙ සාමාජිකයින් තුළ සැබෑ පරිවර්තනයක් වෙන්නේ නැහැ. මේ කරුණ තහවුරු වන හොඳම තැන ජවිපෙන් ඉවත් වූ අයගේ විනයයි. මේවා විස්තර කර ලිපි මාලාවක් ලියන එක අපහසු දෙයක් නෙමෙයි. සමහර විට ඔබ මේ දේවල් මා ලවා ලියවා ගැනීමේ අරමුණින් ජවිපෙ/ජාජබ හිතවතෙකු සේ පෙනී සිටිමින් මේ ප්‍රතිචාරය දමන සජබ පාක්ෂිකයෙක් හෝ රාජපක්ෂවාදියෙක් වෙන්න පුළුවන්. එය එසේ වුවත් නැතත් එය මට වැදගත් කරුණක් නෙමෙයි. මම ලෝකය අනාගතවාදීව දකින කෙනෙක්. ඉතිහාසය ගැන කතා කරන්නේ ඉතිහාසය නොදැන වර්තමානය තේරුම් ගත නොහැකි නිසා. වර්තමානය නිවැරදිව තේරුම් ගත යුත්තේ වර්තමානය හරියට තේරුම් නොගෙන අනාගතය වෙනස් කළ නොහැකි නිසා. අවසන් ඉලක්කය වඩා හොඳ අනාගතයක්. ඒ නිසා, මට ජවිපෙ හෝ වෙනත් පක්ෂයක අතීත වැරදි හා අඩුපාඩු ගැන කතා කරන්න අවශ්‍ය වන්නේ ඒවා අනාගතයට බලපනවානම් පමණයි. මේ අවස්ථාවේදී ජවිපෙ විසින් මේ දක්වා රටට කර තිබෙන විනාශය විස්තර කිරීම වෙනුවෙන් කාලය යෙදවීම අවශ්‍ය දෙයක් සේ මා සලකන්නේ නැහැ. එහෙත්, ජවිපෙ වත්මන් ප්‍රතිපත්ති නිසා රටට විනාශයක් විය හැකිනම් සහ ජවිපෙට සවන් දීමේ ප්‍රවණතාවක් රටේ ඇති වනවානම් මා එම ප්‍රතිපත්ති විවේචනය කරනවා. එය කරන්නේ ජවිපෙට හෝ ජවිපෙට සවන් දෙන පුද්ගලයින්ට නිවැරදි වීමට සුළු හෝ බලපෑමක් කිරීමේ අරමුණින්. ඒ සඳහා වුවද කාලය යෙදවීම සිදු වනු ඇත්තේ ජවිපෙට සවන් දීමේ ප්‍රවණතාවක් රටේ ඇති වන තරම අනුවයි. පක්ෂ වෙනස් කරන්න උත්සාහ කිරීමට වඩා සාධනීය දෙය පක්ෂ වලට සවන් දෙන මිනිස්සු වෙනස් කිරීමයි. එවිට පක්ෂ වලට වෙනස් නොවී ඉන්න බැරි වෙනවා.
ඉකොනොමැට්ටා මේ අවස්ථාවේ ජවිපෙ ජාතික ජන බලවේගය ඉතා අමාරුවෙන් කාලයක් තිස්සේ මහන්සි වෙලා දේශපාලනය කරලා සෑහෙන කලකට පස්සේ විශාල පිම්මක් පනින්න හදන කාලයක් නිසා මේ වෙලාවේ අවශ්‍ය වන්නේ සහාය ලබා ගැනීමට මිසක් විවේචනය කරන එක නෙවෙයි. ජවිපෙ විවේචනය කිරීමට ඔය යොදන කාලය හා ශ්‍රමය මිඩංගු කර ඊට කලින් ලංකාව මේ තරම් අමාරුවේ දාපු සල්ලි අච්චු ගසමින් අධි උද්ධමනය ඇති කරපු විශාල වශයෙන් දූෂණ වංචා කළ බවට ඔප්පු වී ඇති රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී පවුල් පාලනය විවේචනය කිරීමට යොදා ගන්න එකයි කළ යුත්තේ, ජවිපෙ විසින් ගොඩ නගන ඉතා පුළුල් පරාසයක පෙරමුණක් වන ජාතික ජන බලවේගයේ සාමාජිකයන් වීමට සිටින අය අතර සිටින විමල් වීරවංශ, ගම්මන්පිල, වාසුදේව සහ නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල, දයාසිරි, අමරවීර වැනි අය ගැන ඔබේ විවේචනය පිළිබඳ අපත් එකඟ වෙනවා නමුත් මේ ආණ්ඩුව කෙසේ හෝ පරාජය කිරීමට විශාල පිරිසකගේ සහය අවශ්‍ය වන බව ඔබටත් පිළිගන්න සිදු වෙනවා ඇති. නමුත් සමස්ත සන්ධානයේ නායකත්වය දරන ජවිපෙ කණ්ඩායමට මේ අය පාලනය කරගෙන ඉදිරියේදී දූෂණ වංචා කිසිම විදිහකින් කළ නොහැකි පරිදි ඉතා ප්‍රබල විනයක් සහිත රජයක් ගොඩ නැගීමට ඇති හැකියාව ඉතා මැනවින් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඔබ වැනි අය කෙසේ හෝ වත්මන් දූෂිත ආණ්ඩුව පරාජය කිරීමට සහය ලබා දීමයි කළ යුතු වෙන්නේ එහෙම නැතුව මේ වෙලාවේ විශාල රිස්ක් එකක් අරගෙන ආණ්ඩුවට එරෙහිව උපරිම බලය යොදවමින් නැගී සිටින ජවිපෙට පහර දීම ලංකාවට එරෙහිව කරන ද්‍රෝහි ක්‍රියාවක් නේද?
Delete//ඉකොනොමැට්ටා මේ අවස්ථාවේ ජවිපෙ ජාතික ජන බලවේගය ඉතා අමාරුවෙන් කාලයක් තිස්සේ මහන්සි වෙලා දේශපාලනය කරලා සෑහෙන කලකට පස්සේ විශාල පිම්මක් පනින්න හදන කාලයක් නිසා මේ වෙලාවේ අවශ්‍ය වන්නේ සහාය ලබා ගැනීමට මිසක් විවේචනය කරන එක නෙවෙයි.//
Deleteඒ කියන්නේ අපිට කඩේ යන්න, නැත්නම් කට වහගෙන පැත්තකට වෙලා ඉන්න කියන එකද? ඕකද ඔබ කියන ප්‍රජාතන්ත්‍රවාදය?
//ඒ නිසා මේ වෙලාවේ ඔබ වැනි අය කෙසේ හෝ වත්මන් දූෂිත ආණ්ඩුව පරාජය කිරීමට සහය ලබා දීමයි කළ යුතු වෙන්නේ එහෙම නැතුව මේ වෙලාවේ විශාල රිස්ක් එකක් අරගෙන ආණ්ඩුවට එරෙහිව උපරිම බලය යොදවමින් නැගී සිටින ජවිපෙට පහර දීම ලංකාවට එරෙහිව කරන ද්‍රෝහි ක්‍රියාවක් නේද?//
ටිකක් අහල පුරුදු ගතියක් තියෙන ප්‍රකාශයක්. "මේ වෙලාවේ සිටිය හැක්කේ කණ්ඩායම් දෙකක් පමණයි. ඔබ දේශප්‍රේමියෙක්නම්, ප්‍රගතිශීලීයෙක්නම්, රටට ආදරයක් තිබෙන කෙනෙක්නම් ඔබ සිටිය යුත්තේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමඟයි. ඔබ ජේආර් ජයවර්ධනගේ දූෂිත ඒකාධිපති ධනේශ්වර ආණ්ඩුව පරාජය කිරීම සඳහා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමඟ එක් වී එයට සහයෝගය දෙන්නේ නැත්නම් ඔබ දේශද්‍රෝහියෙක්, ප්‍රතිගාමියෙක්, බත්බැලයෙක්. ඔබට මේ කඳවුරු දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා. අතරමැදි තැනක් නැහැ."
මම ජවිපෙට පහර දෙන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුවට පහර දෙන්නෙත් නැහැ. ජවිපෙට, ආණ්ඩුවට හෝ වෙනත් පාර්ශ්වයකට සහයෝගය දීමක් කරන්නෙත් නැහැ. මා කරන්නේ මා දකින ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීම පමණයි. හරි දේ කරනවානම් එය කවුරු කළත් ප්‍රශ්නයක් නැහැ. කරන්න යන දේ වැරදිනම් කරන පුද්ගලයා මාරු වූ පමණින් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ජවිපෙ විසින් රජයට සම්බන්ධ ඇතැම් අය විසින් කරන දූෂණ අවම කිරීමේ විභවයක් ඇති බව මා විශ්වාස කරනවා. එහෙත්, එපමණකින් ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයට පාදක වී තිබෙන නිදන්ගත ප්‍රශ්න වලින් ගොඩ එන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහා කළ යුතු බොහෝ දේවල් තිබෙනවා. ලිපිමාලාව තුළ දැනට කතා කර තිබෙන කරුණු දෙකක් වන්නේ පෞද්ගලික අංශයට කළ හැකි දේවල් වලින් රජය ඉවත් වීම හා රජයේ බදු ආදායම් වියදම් හා ගැලපෙන පරිදි ඉහළ දමා ගැනීමයි. මෙය කළ හැකි ආකාරයක් හෝ අර්බුදයෙන් ගොඩ යා හැකි වෙනත් ආකාරයක් ජවිපෙ විසින් පෙන්වා දී නැහැ. රජයේ අයවැය හිඟය අතිරික්තයක් නොකර පවතින අවුල කිසිසේත්ම ලිහන්න බැහැ. ඔළුගෙඩි මාරුවකින් වෙන්නේ බලයට පත් වන ආණ්ඩුවක් ඉතා ඉක්මණින් අසාර්ථක වීම පමණයි.
Yes..
DeleteYes..
Deleteඉකෝන්
ReplyDeleteත්‍රීකුණාමලේ තෙල් ටැංකි විකිණීමෙන් බේරා ගැනීමට ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් වශයෙන් කළ හැකි ක්‍රියාමාර්ග මොනවද? උද්ඝෝෂණ ව්‍යාපාර වලට අමතරව මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන් වෙයි ද?
https://www.facebook.com/100044431986343/posts/463970701760659/
ඒ වගේම මේ කෙටි ක්ලිප් එකේ තියෙන විදිහට තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වලින් ලංකාවේ ආර්ථිකය දියුණුවට යොදා ගැනීම ගැන ඔබටත් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් ද?
මේකේ ජාතික ජන බලවේගයේ ඉදිරි ආර්ථික දැක්ම ඉතාමත් කෙටියෙන් නමුත් පූර්ණ වශයෙන් පැහැදිලි කර තිබෙනවා මේක බලන්න අනිවාර්යයෙන්ම ඔබටත් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා මේකේ;
https://fb.watch/ap7UzrM5E5/
සුනිල් හඳුන්නෙත්තිගේ ඔය ක්ලිප් එක මම කලින් බැලුවා. ජවිපෙ වෙනත් ප්‍රකාශ වලට සාපේක්ෂව මෙහි යම් සාධනීය හැරවුමක් පෙනෙන්න තියෙනවා. ආදායම් විෂමතා අඩු කිරීම සම්බන්ධව සමාජවාදී නොවන ප්‍රවේශය, අධ්‍යාපනය පෞද්ගලීකරණය පිළිබඳ විරෝධයෙන් ඈත්ව සිටීම වැනි. ඒ වචන වලින්ම නොකීවත් යමෙකුගේ ආන්තික ඵලදායීතාවය ඔහුට හෝ ඇයට ලැබීම වෙනුවෙන් හඳුන්නෙත්ති මෙහිදී පෙනී සිටිනවා. ලෝකයේ වැවෙන ඕනෑම දෙයක් ලංකාවේ වැවිය හැකියි වැනි පසුගාමී අදහස්ද තිබෙනවා. කාලයක් රටේ සාමාන්‍ය ජනතාවට වඩා පසුපසින් සිටි පක්ෂයක් වූ ජවිපෙ ටිකෙන් ටික පසුගාමී සමාජවාදී අදහස් වලින් මිදීම හොඳ දෙයක්. ඔය මාර්ගයේ ඉදිරියට ගියොත් ජවිපෙට අනාගතයක් තියෙයි.
Deletehttps://fb.watch/apxCqgFgIr/
ReplyDeleteඕක තමයි තත්ත්වය නේද? ඕක වැඩි වෙලාවක් තියෙන්න දෙන එකක් නෑ.
Deleteමේක නම් අහු නොවෙන්න හොඳට හදල තියෙනවා, හොඳ ස්ක්‍රිප්ට් එකක්, ඒ කාලේ 2015/16 කාලේ වගේ නම් හොඳට මාකට් කරන්න තිබුණා නමුත් මේ කාලේට ගැලපෙනවා අඩුයි, මේ දවස් වල එච්චරම මිනිස්සුන්ට මතක නැති සජිං වාස් වගේ ගෝතයෙක් සහ සල්ලි හංගපු කතා වගේ දේවල් මේ දවස් වල මාකට් කරන්න අමාරුයි.
Deleteමේ වෙනුවට බූරුවංස වගේ හාදයෙක් ජොන්ස්ටන්, අලුත්ගමගේ වගේ ගෝතයෙක්ට පෝර කේස් එක/ තෙල් ටැංකි සීන් එක වගේ හොඳට ජාතිය අමතා බනින එකක්, තව නිදහස් පක්ෂයේ දයාසිරි, අමරවීර වගේ කෙනෙක් ලොක්කගේ සමීප හිතවාදී කෙනෙක්/ පී බී ජයේ වගේ ගෝතයෙක් කබරයාට බනින එකක් වගේ හොඳ ස්ක්‍රිප්ට් එකක් ලස්සනට ලියලා දක්ෂ ඩබින් ආටිස්ට් ටීම් එකක් දාල වැඩේ කරන්න පුළුවන් වෙයි. සිරස සූර පප්පා ඇතුළු කාටුන් සහ ඉන්දීය/ කොරියන් ටෙලි ඩබ් කරන අය, එතකොට සමරේ ඇන් සමරේ වගේ ගොඩක් දක්ෂ බුද්ධිමත් අය වැඩේට යොදා ගන්න පුළුවන්, සිරස ස්ටයින් ස්ටුඩියෝ එක මරු, හොඳින් ප්ලෑන් කරලා සිරාම විදියට ඇතුලේ ලොකු කචල් එකක් වගේ පෙන්නන්න පුළුවන් නම් වැඩේ නැගලා යනවා, පහුගිය කාලේ නානසාර කහකඩයා තව මොකෙද්ද එදා වේල ටුවර්ස් හොර ගණයෙක්ට බනින සීන් එකක් නැගල ගියානේ අන්න ඒ වගේ හොඳට ප්ලෑන් කරලා දාන්න ඕන. අජිත්ලට පුළුවන් නම් යුරෝප් පැත්තෙන් ස්පොන්ස් කරන්න ස්පොන්සර්ලා හොයල දෙන්න අපි උනත් වැඩේ කරල දෙන්නම් හැබැයි upfront cash payment කරපන් පොලු තියල මාරු වෙන්න එපා හරිද?
තෙල් ටැංකි කේස් එකට එහෙම කචල් දාන එවුන්ට චයිනා බේස්ඩ් කම්පැනි වලින් ස්පොන්ස් කරනවා මේ දවස් වල, ඒ වගේ එකක් සෙට් කර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි, චයිනා වලින් නම් හොඳින් ගෙවනවා, ඉන්දියාවේ මගුල් වගේ හෙට්ටු කෙරිලි නෑ, රෙඩි කෑෂ් ගෙවන්නේ.
මාධ්‍යවේදිණිය: මිනිස්සු බයවෙලා ඉන්නවා ඉන්ධන හිගයක් එයිද කියලා. ඇත්තටම එහෙම එකක් එයිද?
ReplyDeleteබලශක්ති ඇමති උදය ගම්මන්පිළ: ඇත්තටම අවදානම තියෙනවා. අපිට ඉන්ධන ආනයනය කිරිමට අවශ්‍ය විදේශ විනිමය හොයාගන්න බැරිවුනොත්, ජනවාරි මැද සිට ඉන්ධන හිගවීමේ අවදානමක් තියෙනවා.
https://www.facebook.com/watch/?v=452778319813857&t=94
මේ නිසා ලංකාවේ විශාල ඉන්ධන අර්බුදයක් ඇවිත් මිනිස්සු පාරට වැටෙයි පෝලිම් වල ඉඳල මිනිස්සුන්ට මාර විදියට වාත වෙන්න වෙන බව ඉතාමත් ඉක්මනින් දැක ගැනීමට පුළුවන් වෙයි නේද? ලංකාව ඉවරෙටම ඉවරයි.
ලංකාවේ මේ සියලු ආර්ථික ප්‍රශ්න විසඳන්න නම් ජාතික ජන බලවේගය (NPP) පමණි එකම විසඳුම;
ReplyDelete"ජාතික ජනබලවේගය ඇයි?
ජාතික ජනබලවේගය ගැන නිෂේධාත්මක, සහ සමහරවිට වලංගු, විවේචන සියල්ල එක පැත්තකට දැමූ විට අනෙක් පැත්තට දැමීමට අඩුම තරමින් එක් සාධනීය සාධකයක් ඇත. මගේ අදහසේ හැටියට ඒ සාධකය අනෙක් පැත්තේ ඇති බරට වඩා බරින් වැඩිය.
එනම් මැතිවරණයක දී ඡන්දය දීම සදහා සැලකිල්ලට ගත හැකි බලවේග අතරින් ආර්ථිකය සම්බන්ධයෙන් මනුෂ්‍ය කේන්ද්‍රීය දැක්මක් (Human point of view) සදහා වූ විභවය ඇත්තේ ජාතික ජන බලවේගය තුළ පමණි. මතක තබාගන්න “දැක්මක්“ පමණි. “උපායමාර්ගයක්“ ඇතැයි මම නොකියමි. නමුත් ආරම්භයේ එය ප්‍රමාණවත්ය. අනෙක් බලවේගවල (මූලිකවම පොහොට්ටු කදවුර හා සමගි ජන බලවේගය) දැකිය හැක්කේ පැහැදිළිවම “ආර්ථිකය වෙනුවෙන් ආර්ථිකය“ (Economy for the sake of economy) ප්‍රෙව්ශයකි. එම ප්‍රෙව්ශය තුළ මනුෂ්‍ය අවශ්‍යතා ඉෂ්ට වීම ආර්ථික ක්‍රියාවලියේ අතුරු ඵලයක් පමණි. එම ප්‍රෙව්ශය තුළ ඇත්තේ දේශපාලන හා ආර්ථික ප්‍රභූ පංතීන්ගේ ද්‍රව්‍යමට වුවමනාවන්ය."
- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
වැඩි විස්තර දැන ගන්න පහත සබැඳි මගින්;
Link:
https://m.facebook.com/story.php?story_fbid=5113697875316332&id=100000285106001
ඉකොනොමැට්ටා මොකද හිතන්නේ මේ කෙටි වීඩියෝ එකේ කරන යෝජනාව ගැන? ලංකාවෙ විශේෂයෙන්ම සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කරන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති චැනල් වලින් ලැබෙන දේකුත් නෑ රටේ දියුණුවට, මමත් ගොඩක් දුරට රටේ ආර්ථික තත්ත්වය ගැන ගොඩාක් තොරතුරු ලබා ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් කරන වෙබ් සයිට්, පුවත්පත්, ඉංග්‍රීසි නිව්ස් චැනල් වලින්, මොකද ලොකූ කමකට නෙවෙයි හේතුව සිංහල ඒවා බලන්න අප්පිරිය වෙලා තියෙන්නේ, ඒවායේ තියෙන්නේ මහ කුජීත තොරතුරු, ඇත්තටම මේ හාදයා මේ කියන කතාව නම් හරියටම හරි කෙටියෙන් කිව යුතුදේ වතුර පල්විස් මෝඩයට හොඳට කියනවා, මුන් ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහතාට මඩ ගහපුවටත් එක්ක වදින්න හොඳට කියනවා පොර නම්... හරි විනෝදයි එක අතකට බලන කොට නම්...
ReplyDeletehttps://fb.watch/amUHFDNVrK/
මෙහි පළ කරන අදහස් සමඟ මම එකඟ නැහැ. ගෑස් පෝලිම් ඇති වී තියෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති වල වැරැද්දෙන්. මිනිස්සු රට හැර යන්න පෝලිම් වල ඉන්නෙත් රාජ්‍ය ප්‍රතිපත්ති වල වැරැද්දෙන්. මාධ්‍ය මේවා පෙන්වීමෙහි කිසිම වැරැද්දක් නැහැ. එහිදී මිනිස්සු නිශේධනාත්මකව බලනවානම් එසේ බලන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති දෙසයි. එයින් එම රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි පවතින විරෝධය මතු වී, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලපෑමක් ඇති වෙනවා. මාධ්‍ය නොවන්නට රිවස් වුනු ගැසට් බොහොමයක් රිවස් වන්නේ නැහැ. මාධ්‍ය සර්ව සම්පූර්ණ නොවුනත්, රටේ දරුණු ඒකාධිපතිත්වයක් හැදෙන එක වැලකී තිබෙන්නේ මාධ්‍ය වලද උදවුවෙන්.
Deleteමේ තරම් ප්‍රශ්න හමුවේත් මිනිස්සු එම ප්‍රශ්න විසඳමින් පවතින තත්ත්වයෙන් වාසි ගන්න ආකාරය මාධ්‍ය මගින් පෙන්වීම අවශ්‍ය නැහැ. (පෙන්වීමේ වැරැද්දකුත් නැහැ). ව්‍යවසායකත්වය කියන්නේ ඒකටයි. ප්‍රශ්න දකින විට එම ප්‍රශ්න තමන්ගේ වාසියට හරවා ගන්න එක දක්ෂ ව්‍යවසායකයෙකුගේ කාර්යයයි. ඒ හරහා අදාළ ප්‍රශ්න විසඳෙනවා. ඒ නිසා, මාධ්‍ය විසින් පවතින ප්‍රශ්න නැවත නැවත පෙන්වීම ඉතාම සාධනීයයි. එම ප්‍රශ්න සඳහා එක් ව්‍යවසායකයෙකු විසින් ලබා දෙන විසඳුම් මාධ්‍ය මගින් පෙන්වීම හා වෙනත් අය ඒ විසඳුම්ම කොපි කිරීම ව්‍යවසායකත්වය නෙමෙයි. ව්‍යවසායකත්වය කියන්නේ අලුත්ම විසඳුමක් හොයා ගැනීම. රජය විසින් හෝ මාධ්‍ය විසින් මිනිස්සුන්ට (බොහෝ විට රජය විසින්ම ඇති කරන) ප්‍රශ්න වලට විසඳුම් දෙන්න යාම සමාජවාදී ක්‍රමයයි. යම් හෙයකින් විසඳුම් යෝජනා කරන්නේනම් එහිදී සිදු විය යුත්තේ (දැනටද සිදු වන පරිදි) මිනිස්සු හා මාධ්‍ය විසින් රජයේ ප්‍රශ්න හා රජය විසින් ඇති කර තිබෙන මිනිසුන්ගේ හා රටේ ප්‍රශ්න වලට රජයට විසඳුම් යෝජනා කිරීමයි. ගෑස් පෝලිම් තිබෙන තුරු ඒ ගෑස් පෝලිම් නැවත නැවත පෙන්විය යුතුයි. සුපිරි වෙළඳසැලකට දරමිටි සපයා ආදායමක් ලැබිය හැකිය යන සංඥාව මිනිස්සුන්ට ලැබෙන්නේ එවිටයි. සුපිරි වෙළඳසැල් වල දරමිටි විකුණන්නට ඇති ආකාරය පෙන්වන එකේත් වරදක් නැහැ. එවිට, මේ වැඩේ දැනටමත් සිදු වන නිසා එයින් තවදුරටත් ලාබ ගන්න අසීරු බවත්, වෙන අලුත් දෙයක් ගැන හිතිය යුතු බවටත් වල සංඥාව මිනිස්සුන්ට ලැබෙනවා. තමන්ගේ සුපිරි වෙළඳසැලේ දැනට දර නොවිකුණන අයෙකුට එසේ කිරීමට සංඥාවක්ද ලැබෙනවා. ඒ හරහා තරඟයක් ඇති වී සුපිරි ලාබ ඇත්නම් ඒවා අහෝසි වී යනවා. කෙටියෙන් කිවුවොත් මාධ්‍ය විසින් කළ යුත්තේ පවතින තත්ත්වය ඇති සැටියෙන් වාර්තා කිරීමයි. එය රටේ දියුණුවට ඉවහල් වෙනවා.
@ Ano 3.23 AM
Deleteලංකාවේ දෙරණ/ හිරු/ සිරස විතරක් නෙමෙයි ලෝකේ කොහේවත් ඇත්ත ඇති සැටියෙන් පෙන්වන චැනල් නෑ තියෙන්නේ එම මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා බලවත් පුද්ගලයන්ගේ/ රාජ්‍ය වල න්‍යාය පත්‍රයට අනුව නැටවෙන ඇජෙන්ඩා එකක්.
ලංකාවේ ඔය දෙරණ වගේ ඒවා වල සිංහල චැනල් කරන්නේ තියෙන ප්‍රශ්න වවාගෙන කනවා වගේම නැති ප්‍රශ්න මවල පෙන්වනවා. සමහර දේශපාලන වලි වගේ ඒවා ගොඩක් වෙලාවට මවල පෙන්වන බොරු නාඩගම්. චිත්‍රපට/ ටෙලි නාට්‍ය වල උනත් චරිත අතර ගැටුම් ඇති කර ප්‍රශ්න තියෙනවා නම් තමයි නැගල යන්නේ අන්න ඒ වගේ තමයි රේටින් වලට කරන වැඩ.
ඒ නිසා සාමාන්‍යයෙන් මාධ්‍යයෙන් රටේ තත්ත්වය එක්කො අම්බානක් පොසිටිව් විදියට පෙන්වන අතර නැත්නම් අම්බානක් නෙගටිව් විදියට පෙන්වනවා. ලංකාවේත් එහෙමයි.
නිතර නිතර නෙගටිව් දේවල් විතරක් පෙන්වන කොට ප්‍රශ්න ගැන ගැන විතරක් කියන කොට මිනිස්සු නිකම්ම පැනික් වෙලා නෙගටිව් මානසිකත්වයක් සහිතව උකටලී වෙනවා, නැත්නම් පලා යාමේ මානසිකත්වයක් සහිතව වෙන රටකට පනින්න හිතනවා, නමුත් රටේ ප්‍රශ්න තියෙන බව පෙන්වා ඒවාට අනිත් මිනිස්සු එක එක විදියට වෙනස් විසඳුම් හොයාගෙන ගොඩ යන විදිය දකිනකොට ඒ මිනිස්සුම වෙනස් විදියට හිතන්න විසඳුම් හොයාගෙන ගොඩ යන්න කල්පනා කරනවා. ඒ හරහා අලුත් ලොවක් හදමු කියන බලාපොරොත්තුවෙන් මිනිස්සු රජය අමතක කරලා තනියම ගොඩ යන්න උත්සාහ කරන මානසිකත්වය හදන්න පුළුවන් නැත්නම් හැම මගුලටම ටීවී එක ඉස්සරහට වෙලා ආණ්ඩුවට බැන බැන දෑත බැඳන් ඉන්න නිකම්මු බෝ වෙනවා විතරයි.
මීට උදාහරණයක් විදියට මට මතක හැටියට වසර 1950 දී හාවඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු වූ Dr Curt Richter අපූරු පරීක්ෂණයක් කලා. ඒ මීයන් තුන් දෙනෙකු වෙනම තැබූ ජල බඳුන් 3 කට දැමීමෙන්.
ඔහු මේ මීයන් පිහින පිහිනා ජීවිත බේරා ගැනීමට දරණ උත්සහයට ගත වෙන කාලය මැන්නා. පලවෙනි වටයේදී මීයන් එසේ කලේ විනාඩි 15යි. ඊට පස්සේ උන් සියල්ල අතහැර හිත හදාගෙන උකටලී වී මරණය දක්වා ගිලෙන්න ගියා. ඒත් එක්කම වහාම ක්‍රියාත්මක වී එම පර්යේෂකයන් එම මීයන්ව බේර ගත්තා. අරගෙන පිහිදලා උණුසුම් කරලා විවේකයක් දුන්නා.
ඊට පස්සේ ආයෙත් ඒ බඳුන් වලටම දැම්මා. ඔබ හිතන්නේ මොකක් වෙන්න ඇති ද?
මීයෝ ටික කලින් සැරේ පීනුවේ විනාඩි 15යි. මහන්සි වෙලා පණ නැතුව ගිලෙන්න ගියා. එහෙනම් දන් විනාඩි 15 ට අඩු ඇති; ඔබට එහෙම හිතෙයි.
නෑ අත්තෙන්ම මීයෝ පැය 60 ක් ඉවසාගෙන හිටියා. පීනුවා, පාවුනා, දැඟලුවා, එක එක වෙනස් විධි වලට උත්සාහ කළා.
ඔව්, පැය 60ක්; විනාඩි නෙවෙයි. තනිකර දවස් දෙක හමාරක්... කන්න බොන්න නැතුව වතුර සමග පොර බදමින් !
ඒකට හේතුව ලෙස නිගමනය උනේ "බලාපොරොත්තු සහගත බව"
ඒ කලින් පාර මීයෝ දන්නේ නෑ උන්ට බේරෙන්න චාන්ස් එකක් තියෙනවා කියලා. උන් වැඩේ අතෑරියා. පැනික් වී ඍණාත්මක ලෙස හිතලා හිත හදාගෙන ගිලිල මැරෙන්න ගියා.
හැබැයි දෙවෙනි පාර උන් දන්නවා උන්ට තව දුරටත් අවස්ථාවක් තියෙනවා කියලා. තව තව අල්ලගෙන ඉන්න උන්ට බලාපොරොත්තුවක් ඇති උනා. ඒ බලාපොරොත්තුවේ ශක්තියෙන් උන් ගැම්මක් අරන් එක එක වෙනස් දේවල් කරමින් පැය 60 ක්ම බලාගෙන හිටියා.
ඒ නිසා ලංකාවේ ජනතාවත් මේ ඍණාත්මක ජඩ මාධ්‍ය වල බයිලා නිසා බලාපොරොත්තු අතෑර ගෙන සිටිය යුතු නෑ. මේ දුෂ්කර අවස්ථා වලත් නිර්මාණශීලී ලෙස හිතලා ගොඩ යන මිනිස්සු කොයි තරම් ඉන්නවා ද? ඉතින් අපටත් ඇයි බැරි? අපටත් නැගිටින්න දවසක් එනවා. ඒ නිසා ඒ ගැන විශ්වාසය තියා ගෙන මොනවා මොනවා හරි කරන්න ඕන කොහොම හරි අල්ල ගෙන ඉන්න ඕන සාර්ථක වෙනකංම.
ඒ වගේම රටකටත් එච්චරයි. රටත් ගිලෙන්න යනවා. ඒත් මිනිස්සු අමාරුවෙන් අල්ලං ඉන්නවා. කොහොම හරි ප්‍රශ්න වලට උත්තර අපි අපිටම හොයා ගන්න පුළුවන් ඒ නිසා ආණ්ඩුව යකාට ගියාවේ, අපි මහන්සි වෙලා මේක අල්ලං ඉන්න ඕනේ රට හදන නැවුම් බලාපොරොත්තුවත් එක්ක.
මේ චාටර් කාලය ඉවර උනාම අපිට ආයේ නැගිටින්න පුළුවන්.
ඒ නිසා මමත් කියන්නේ ලංකාවේ සාමාන්‍ය පුරවැසියන්ට අර මීයෝ වගේම අල්ලගෙන මේ අමාරු කාලේ පහව යනකං ඉවසීමෙන් විවිධ වෙනස් ආකාරයේ විසඳුම් සොයමින් හැමදේම ආණ්ඩුවට නොපවරා තමන් ගැනම දැඩි ආත්ම විශ්වාසයක් ඇති කරගෙන පාවෙන්න, පීනන්න.
අපිට පුළුවන් !!!
එයයි විය යුත්තේ,
මාධ්‍ය ගැන කියද්දි ඕකේ අනිත් පැත්ත වන චීනය වගේ රටවල ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය දැඩිව නියාමනය කිරීම මගින් සංවර්ධන ව්‍යාපෘතිවලින් අගතියට පත්වන ජනතාවගෙ හඩ මහා සමාජයට යන්න දෙන්නෙ නෑ. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති නිසා “අපි ආවොත් සංවර්ධන ව්‍යාපෘතිවල නරක ප්‍රතිවිපාක නැත්තටම නැති කරන ගමන්ම දැන් වගේ දහගුණයක් සංවර්ධනය කරනවා” වගේ දෙකයි පණහේ ලාබ පොරොන්දු දීලා බලය ගන්න කවුරැත් ඇත්තෙත් නෑ. මේ කොන්දේසි යුගලය නොවන්නට දෙං ක්ෂාඕපින්ගේ ඉඳලා හ්ෂී ජිංපැං දක්වා චීනයේ වූ විස්මිත අති සීග්‍රගාමී සංවර්ධනය ලගා කර ගන්නට තියා හිතන්නවත්ත් බැහැ. ලංකාවට වඩා හොඳ සිස්ටම් එකක් තිබිලත් ඉන්දියාවට වෙලා තියෙන්නේ ඒක.
කවුරුවත් ඉකොනො ලිපියෙ අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තියා හිතලවත් නෑ වගේ
ReplyDelete'ඇතැම් අය සිතනවාක් මෙන්, ඒ සඳහා බොරු සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්න අවශ්‍ය වුනේ නැහැ'. සම්පූර්ණයෙන්ම window dressing එකක්නේ.
ReplyDeleteනැහැ නේද මම හිතන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේව සියල්ලම ගැන ඉතාමත් සරල බසින් ඉදිරිපත් කරන විශිෂ්ට පැහැදිලි කිරීමක් මේකෙන් ඔබටත් බලා ගැනීමට පුළුවන් වේවි;
Deletehttps://fb.watch/aqSxB23mcs/
ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා මෙතන කරන පැහැදිලි කිරීමත් ඉතා වැදගත් විශේෂයෙන්ම දූෂිත රාජපක්ෂ දශකයේ අග භාගයේ සිදුවන දේ ගැන ඔහුගේ මෙම විග්‍රහය අනුව ගොඩක් දේවල් තේරුම් ගැනීමට පුළුවන්
https://fb.watch/aqX9smRyOX/
තව මේ වීඩියෝ ක්ලිප් එක තුලින් ලංකාවේ විවිධ දේශපාලකයන් අතර පවතින අන්තර් සබඳතා ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි
https://fb.watch/aqXeqD2DKx/
නෑ, window dressing එකකට වඩා සංකීර්ණ දෙයක්. window dressing එකක් පහසුවෙන් අහුවෙනවා. (window dressingද දිගටම සිදු වුනා සහ සිදු වෙනවා තමයි.)
Deleteඔබට මේ අපූරු දේශීය විසඳුමෙහි ඇති ප්‍රශ්නය පෙනෙනවද?
ReplyDeleteAccording to how I see the whole issue boils down to maintaining the exchange rate by flooding the market with hardly earned dollars. Since there is no corresponding increase in exports/foreign direct investment this flooding cannot be done continuously. What happened with corona is that the possibility of playing with sovereign bonds also stopped. However, as econo mentioned many in Sri Lanka don't see this as it does a minimal impact on the day to day life. However, even there is no pandemic our debt mountain was building and we are in a movement to doom.