වෙබ් ලිපිනය:

Monday, January 24, 2022

දෙවන මොනාක් ප්‍රකාශනය



හතළිස් තුන් වන සේනාංකයේ ජාතික සමුළුවේදී ඉදිරිපත් කර තිබෙන "ගොඩ එමු ගොඩ ගනිමු" ප්‍රකාශනය මා මහත් උද්‍යෝගයෙන් කියවූ දේශපාලන ලියැවිල්ලක්. මා මෙය දෙවන මොනාක් ප්‍රකාශනය ලෙස හඳුන්වන්නේ මීට පෙර මේ ස්ථානයේම පැවැත්වුණු ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුවේදී ඉදිරිපත් කළ පළමු මොනාක් ප්‍රකාශනයක්ද තිබෙන නිසයි. ඒ "අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්" නම් වූ ලියැවිල්ලයි.

මේ ලියැවිලි දෙකම ඉදිරිපත් වන්නේ එකම සන්දර්භයක. ඒ නිසා, මේ ලියවිලි දෙක එක ළඟින් තියා සංසන්දනයක් කළ හැකියි. පළමු මොනාක් ප්‍රකාශනය කියවද්දීත් එය කළේ යම් උනන්දුවක් සහිතව වුවත්, එය ගැඹුරු හැදෑරීමක් නැතිව කඩිනමින් සකස් කළ සරල ලියැවිල්ලක්. පරිපූර්ණ හෝ සම්පූර්ණ (perfect or complete) ලියැවිල්ලක් නොවූවත්, දෙවන මොනාක් ප්‍රකාශනය පුළුල් හැදෑරීමක් කර සකස් කර තිබෙන, බරක් තිබෙන ලියැවිල්ලක්. මේ මට්ටමේ දේශපාලන ලියැවිලි ලංකාවේ සුලබ නැහැ. 

මොනාක් ප්‍රකාශන දෙකෙන් එකක්වත් අපක්ෂපාතී හෝ ස්වාධීන ලියැවිලි නෙමෙයි. ඒවායින් අදාළ දේශපාලන ධාරා නියෝජනය වෙනවා. අපේක්ෂා කළ යුතු පරිදිම මේ දේශපාලන ධාරා දෙක අතර තිබෙන සැලකිය යුතු තරමේ මතවාදී වෙනස්කම් ලියැවිලි වල අන්තර්ගතය කෙරෙහි බලපා ඇති නමුත් ඒ දෙකෙහි හඳුනා ගත හැකි සමානකම් ගණනාවක්ද තිබෙනවා.

දළ ප්‍රකාශයක් ලෙස 43 සේනාංකය පෙනී සිටින්නේ කෞශල්‍යතන්ත්‍රවාදය වෙනුවෙන්. කෞශල්‍යතන්ත්‍රවාදය පිළිබඳව පෞද්ගලිකව මට මූලධාර්මික ගැටළු තිබෙනවා. සමාජවාදය මෙන්ම කෞශල්‍යතන්ත්‍රවාදයද පෙනී සිටින්නේ යම් තෝරා ගත් පිරිසක් විසින් අනෙක් අය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම වෙනුවෙන්. මේ කාරණයේදී 43 සේනාංකය හා ජාජබ අතර වෙනසක් නැහැ. ප්‍රායෝගික තලයේදී කණ්ඩායම් දෙකම පෙනී සිටින්නේ රජයේ සරසවි වලින් උපාධි ලැබූ, මාද අයත් වන පරම්පරාවේ උගතුන් මගින් මෙතෙක් ලංකාවේ නඩත්තු වන ප්‍රභූ-මූලික දේශපාලනය විස්ථාපනය කිරීම වෙනුවෙන්.

මේ අදහස වෙනුවෙන් පෙනී සිටින්නේ මේ කණ්ඩායම් දෙක පමණක් නෙමෙයි. මතවාදී වෙනස්කම් කෙසේ වුවත්, ගෝඨාභයව ජනාධිපති පුටුවට තල්ලු කළ වියත්මග ස්ථාවරයද මීට කිට්ටු එකක්. මේ වෙද්දී කෞශල්‍යතන්ත්‍රවාදය ලංකාවේ ජනප්‍රිය වෙමින් තිබෙනවා වගේම නුදුරු අනාගතයේදී ප්‍රභූ-මූලික දේශපාලනය විස්ථාපනය කිරීමේ විභවයක්ද ඒ සතුව තිබෙනවා. කෞශල්‍යතන්ත්‍රවාදය පිළිබඳව මූලධාර්මික ගැටළු තිබුණත් මෙවැනි වෙනසක් පිළිබඳව නිශේධනීය අදහසක් මට නැහැ. එහෙත් ලොකු විශ්වාසයක්ද නැහැ.

උගතුන් විසින් දේශපාලනය මෙහෙයවීම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලද සිදුවන දෙයක්. එහෙත්, එය සිදු වන්නේ වෙනස් ආකෘතියකයි. එහිදී පළමුව උගතුන් විසින් ජනමතය මෙහෙයවනවා. දෙවනුව ජනමතය විසින් දේශපාලනය හසුරුවනවා. ඒ මිසක්, උගතුන් විසින් වෙනත් අය වෙනුවෙන් තීන්දු ගැනීමක් වෙන්නේ නැහැ. පසුගිය කාලයේ ඇමරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල ඇතැම් දේශපාලනඥයින් උඩට මතු වුනේ, උගතුන්ට සුපුරුදු පරිදි ජනමතය හැසිරවීමට අපහසු වූ පසුබිමකයි. වසංගතය නිසා චක්‍රය නැවත ආපසු කැරකුනා.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බලෙන් පැල කරනු ලැබුවද සමාජය පූර්ණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වී නැති, වැඩවසම් නෂ්ඨාවශේෂ වලින් නොමිදුනු, ලංකාව වගේ රටවල බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහිදී උගතුන් අතින් සිදු වෙන්නේ වැඩවසම් ප්‍රභූ දේශපාලනය පෝෂණය වීමයි. උගතුන් කරන්නේ ඔවුන්ගේ ස්වාමිවරුන්ට අවශ්‍ය දෙය. මේ තත්ත්වයට සාපේක්ෂව කෞශල්‍යතන්ත්‍රවාදය සාධනීය වෙනසක් වුවත් කෞශල්‍යතන්ත්‍රවාදය වෙනුවට ස්වාමියා මාරු වීමක් පමණක් සිදුවීමේ අවදානමද මෙහි තිබෙනවා.

පළමු මොනාක් ප්‍රකාශනය දෙවැන්න හා ලඟින් තැබිය නොහැකි එකක් කියා මම කිවුවනේ. එසේ වුවත්, දෙවන මොනාක් ප්‍රකාශනයේ වපසරියටත් වඩා ලොකු වපසරියක් ආවරණය කරන වෙනත් ලියැවිලි ගණනාවක් ජාජබ විසින් කලින්ම පිළියෙල කර තිබෙනවා. ඒ නිසා, දෙවන මොනාක් ප්‍රකාශනය සමඟ පළමු මොනාක් ප්‍රකාශනය සැසඳීමට පෙර අඩු වශයෙන් තවත් එක් ලියැවිල්ලක් එයට අමුණන්න වෙනවා. ඒ, "ආර්ථිකය- ගුණාත්මක ජීවිතයක් නොසැලෙන ආර්ථිකයක්" නම් වූ ලියැවිල්ලයි. මෙය දෙවන මොනාක් ප්‍රකාශනය හා සැසඳිය හැකි නිශ්චිත කරුණු සහිත ලියැවිල්ලක්.

මීට සමාන ලියවිලි කිහිපයක් වියත්මග විසින්ද එළි දක්වා තිබෙනවා. ඒ අතරින් වැදගත්ම ලියැවිලි දෙක "පිරිපුන් දේශයක් වෙනුවෙන්" හා "සෝදාපාළුව" සේ නම් කර තිබෙන ලියැවිලි දෙකයි. අවශ්‍යනම් මෙයටම මහ බැංකුවේ සයමාසික වැඩ පිළිවෙලත් එකතු කළ හැකියි. දෙවන මොනාක් ප්‍රකාශනය ගැන හදාරන අයෙක් පළමු මොනාක් ප්‍රකාශනය හා ආශ්‍රිත අනෙක් ලියැවිල්ල ගැන වගේම ඉහත ලියැවිලි සමඟත් සංසන්දනයක් කළ යුතුයි. 

මේ කිසිදු පාර්ශ්වයක් සමඟ මට පෞද්ගලික හෝ දේශපාලන පක්ෂපාතීත්වයක් නැහැ. එහෙත්, ඉහත ලියැවිලි අතරින් මගේ මතවාදී පක්ෂපාතීත්වය දිනා ගන්නේ දෙවන මොනාක් ප්‍රකාශනය හෙවත් "ගොඩ එමු ගොඩ ගනිමු" ලියැවිල්ලයි. තවදුරටත් සංවාදයට ලක් විය යුතු හා වැඩි දියුණු විය යුතු මූලික ලියැවිල්ලක් පමණක් වුවත්, මෙහි දැන් ක්‍රියාත්මක "ගොඩ ගහ ගනිමු ගිලෙමු" ක්‍රමයට පැහැදිලි හා ප්‍රායෝගික විකල්පයක් තිබෙනවා. 

කෞශල්‍යතන්ත්‍රවාදය පිළිබඳව බලාපොරොත්තු තබා ගෙන සිටින උගතුන්ට හා වෘත්තිකයන්ට මගේ යෝජනාව මේකයි. 

- ඔබ එන්නේ ඉහත කඳවුරු තුනෙන් එකක් සමඟනම් පළමුව ඔබේ කඳවුර විසින් ඉදිරිපත් කර ඇති ලියැවිල්ල කියවා, තේරුම් ගෙන ප්‍රශ්න කරන්න. දෙවනුව, ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙකේ ලියැවිලි කියවා ඔබේ විශ්වාසය පරීක්ෂාවට ලක් කරන්න.

- ඔබට ඔය කඳවුරු තුනෙන් එකක් සමඟවත් ආත්මීය බැඳීමක් නැත්නම් ඔය ලියැවිලි තුනම කියවා සංසන්දනයක් කරන්න. 

43වන සේනාංකයේ ප්‍රකාශන 

ජාතික ජන බලවේගයේ ප්‍රකාශන 

වියත්මග ප්‍රකාශන 

මහ බැංකුවේ සයමාසික සැලැස්ම 


පසු එකතු කිරීම:

ඔබට අවශ්‍යනම් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයද කියවිය හැකියි. මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ වත්මන් ආණ්ඩුවේ කාර්ය සාධනය විමසා බැලීම සඳහායි. අදාළ ප්‍රකාශනයේ වැදගත්ම තැන 2020 -2025 සාර්ව ආර්ථික ඉලක්ක ඇතුළත් 36 පිටුවයි. 

දෙවන මොනාක් ප්‍රකාශනය සෞභාග්‍යයේ දැක්ම හා ජාජබ ආර්ථික වැඩ පිළිවෙළ වැනි වෙනත් ඒ ආකාරයේ ලියැවිල්ලකින් වෙනස් වන්නේ එහි සඳහන් ඉලක්ක හා වැඩ පිළිවෙළ යථාර්ථවාදී වීම තුළයි. මේ මොහොතේ ජනතාව සමඟ සංවාදයක් ඇති කර ගත යුත්තේ ප්‍රායෝගිකව ලඟා කරගත නොහැකි මනෝරාජික ඉලක්ක අතහැර බිම් යථාර්තයන් මත පදනම්වයි.

23 comments:

  1. ඉකොනොමැට්ටා,

    ඇත්තටම කෞශල්‍යතන්ත්‍රවාදය සහ සොඳුරු ආඥාදායකයකු ඉල්ලීමේ ලාංකේය ප්‍රවේශය පිළිබඳ වූ මගේ පුද්ගලික හැදෑරීම් තුලින් මා වටහාගත් ප්‍රධානතම ෆැක්ට් එක වනුයේ සංවර්ධනය පිළිබඳව ලාංකීය (සිංහල සමාජය විශේෂයෙන්) සංවාදය තුළ බොහෝ විට මතුවෙන කාරණයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා සංවර්ධන කටයුතු පමාවෙන බවයි. මේ අදහස සම්පූර්ණයෙන් වැරදි අදහසක් පමණක් නොව පසුගාමී එකක් ද වන බව මගේ මතයයි. කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ලංකාව සතුව ඇති වටිනාකම්වලින් එක් වැදගත්ම කරුණක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් අප සිටින තැන, හැම හැම පුරවැසියාටම තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතියෙන් ආරම්භ වන මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ව්‍යවස්ථාවෙන්ද ඉතාමත් නිශ්චිතව ආරක්ෂා කර තිබීම ඉතාමත් වැදගත්. පාර්ලිමේන්තුවේ වැදගත්කම වන්නේ ලංකාවේ ජනතාවගේ හඬ තමන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් මතු කිරීමේ අවකාශය බවට එය පත්වන නිසාය.

    මගේ පුද්ගලික අවබෝධය අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්ම ගුණාංගය වන්නේ එය මගින් යම් රටක ප්‍රතිපත්ති, නීති, රාජ්‍ය පාලනය සම්බන්ධව ගනු ලබන තීරණ සමාජයේ හා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජන වීම හේතුවෙන් එය වඩාත්ම නිවැරදි වීමේ ඉඩ උපරිම වශයෙන් තිබීමයි. කෙටියෙන්ම කිවහොත් ලෝකයේ අඩුවෙන්ම අනතුරුදායකත්වයට ලක්වන්නේ වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල් බව මගේ නිරීක්ෂණයයි.

    ඔබ පිළි නොගත්තත් වර්තමාන රාජපක්ෂ රෙජීමය පවා කලින් පැවති 2005 - 2014 රෙජීමයට සාපේක්ෂව සෑහෙන තුරට ප්‍රජාතන්ත්‍රවාදී බව මගේ නිරීක්ෂණයයි. ගැසට් රිවස් කිරීම, ජනපතිට පවා දැඩි ලෙස විවීචන එල්ල කිරීම වැනි දේ වලින් එය පිළිබිඹු වන අතර ලාංකීය පොදු සමාජය 2015 සිට මෙසේ ලැබුණු නිදහස වල්බූරු බහුබූතයක් කර නොගෙන හරවත් ෆැක්චුවල් පදනමක් සහිත හරවත් සංවාදාඅත්මක විවේචන ගොඩ නගා ගැනීම දක්වා දියුණු කිරීම රටෙන් පිටත සිටින අපේ මෙන්ම ලංකාවේ සිටින දැන උගත් බුද්ධිමත් මිනිසුන්ගේ වගකීමයි. කෞශල්‍යතන්ත්‍රවාදය නමැති සංකල්පය මීට ප්‍රවේශයක් ලෙස ගත හැකි වෙයිද?

    එක්සත් ජනපදය මෙන්ම, ජර්මනිය, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර යුරෝපයත් ඉදිරියේදී චීනය හා ඉන්දියාවත් ලෝකයේ ආධිපත්‍යය දරන තත්වයට යාමට හේතු අතර එක් ප්‍රධාන එකක් වන්නේ ඒ රටවල තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බව මගේ තර්කයයි. චීනයේ ප්‍රජාතන්ත්‍රවාදය තුල බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැතත් බිම් මට්ටමේ සිට ඉතා හොඳ තනි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින අතරම ඉතාම පහළ සාමාජිකයෙක්ටත් ඉහළට පැමිණිය හැකි අවස්ථා තියෙන බව පැවසෙනවා. නමුත් චීන ප්‍රජාතන්ත්‍රවාදය ගැන වෙනම සාකච්ඡා කර අපි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දීයුණු කිරීම් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔය දේවල් අනුව ලංකාවේ සංවර්ධන උපායමාර්ග හා වැඩපිළිවෙළ වේගවත් කරන තරමටම ප්‍රජාතන්ත්‍රිය අවකාශය පුළුල් සහ නිදහස් කිරීම සෑම රටකම දියුණුව හා ශක්තියට හේතුවක් බව පිළිගැනීම අත්‍යවශ්යයි. වත්මන් රජයට සම්බඳ වියත් මග කණ්ඩායම/ ආචාර්ය චරිත හේරත් ඇතුළු බොහෝ දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදී අදහස් සහිත අය වීම වැදහත් වුණත් ඇතැම් පසුගාමී භික්ෂූන් වැනි පිරිස් රජෙක්/ හිtලර් ඉල්ලා සිටීම නම් ලංකා ජන සමාජයෑන් ප්‍රතික්ෂේප වීමත් විශේශයෙන් පාලන බලය හොබවන රාජපක්ෂලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වීමත් ඔවුන්ට පැසසුමක් වශයෙන් කීමට කැමති නමුත් ඔවුන් කොළේ වහල ගහන්නේ නැතුව පාර්ලිමේන්තුව හරහා සංවාදශීලීව හැම දෙයක්ම කරනවා නම් මීට වඩා ගොඩක් ප්‍රශ්න විසඳා ගැනීමටත් ජන අප්‍රසාදය වලකා ගැනීම ගැසට් රිවස් වැනි රට කෝලම් වලකා ගැනීමටත් හැකි වේවි.

      2015 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විවේචනය කිරීමට ලැබුණු නිදහස රනිල්ටත් පාලනය කරගත නොහැකි වෙමින් අසීමිත එකක් දක්වා වර්ධනය වූ අතර කෙමෙන් කෙමෙන් එම පුරුද්ද සමාජගත විය. එහි ප්‍රතිඵලයක් ලෙස දැනටමත් රජයේ පොහොර ප්‍රතිපත්තියට විරුද්ධව විවිධ පොහොර සමාගම් සහ විපක්ෂයේ මූල්‍ය හා පිරිස් බල අනුග්‍රහයෙන් කෙරෙන උද්ඝෝෂණ වලට අමතරව වෙනත් සංවිධානයක මැදිහත්වීමකින් තොරව පවා ඇතැම් ගොවියෝ ප්‍රසිද්ධියේ සිය දුක් අඳෝනා ප්‍රකාශ කරති. එම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතා හොඳ බව මගේ පුද්ගලික මතයයි.

      ලංකාවේ අනාගත ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සංවාදයකදී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් ක්ෂේත්‍රයක් ලෙස රාජ්‍යය හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ගත හැකියි. රාජ්‍ය ආයතනවල පිරිහීම නිසා ජනතාවට ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අඩු වී තිබේ. එනිසා මේ පිරිහීම රටට අයහපත්. එය එතකින් නතර වෙන්නේ ද නැත. රාජ්‍ය පිළිබඳව ඇතිවෙන කලකිරීමක තත්ත්වයට වර්ධනය විය හැකි නිසා රාජ්‍ය දෙපාර්තමේන්තු 98 ක රාජ්‍ය සේවකයෝ ලක්ෂ ගණනක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 කත් රාජ්‍ය සංස්ථා 214 ක්, සංස්ථා නොවන රජයට අයත් සමාගම් 125 ක් රාජ්‍ය බැංකු 08 ක් රජය විසින් කළමනාකරණය කරනු ලබනු අරමුදල් (ෆන්ඩ්ස් Funds) 65 ක්, විදේශ ණය යටතේ ආරම්භ කර ඇති ව්‍යාපෘති 124 ක්, පළාත් සභා 9 ක් පළාත් පාලන ආයතන 341 ක් පළාත් සභා අමාත්‍යාංශ සහ ප්‍රඥප්ති යටතේ පිහිටු වූ ආයතන ගණන 270 ක්, මේ සියල්ලේම මූල්‍ය බර ජනතාව මත පිහිටන අතර මේ ආයතන පද්ධතිය අතරින් සමහර ඒවා කිසිදු ඵලදායක ක්‍රියාවලියක් සිදුකරන්නේ නැති ඒවායි.

      ඒ නිසා ලංකාවේ මේ රටේ හැටියට ඉතා විශාල රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන්නේ කෙසේද කවදාද සහ කවුරුන් විසින්ද යන කාරණය මෙහිදී අපේ අවධානයට ගත යුතු ප්‍රධානතම ගැටලුවයි. ලංකාවේ සමහර රාජ්‍ය ව්‍යවසාය ආරම්භ කරන කාලයේ පෞද්ගලික අංශයක් අපේ රටේ පැවතියේ නැති බව ඉතාමත් පිළිගත් කාරණයකි. 1948 සිට රජය ආරම්භ කළ සමහර ව්‍යවසාය ඒ කාලයේ රජය විසින් ආරම්භ කළ යුතුව තිබූ ඒවා යැයි සිතිය හැකි නමුත් අද වන විට ලංකාවේ ශක්තිමත් පෞද්ගලික අංශයක් වර්ධනය වී ඇති තත්ත්වයක් යටතේ තවදුරටත් සමහර ව්‍යාපාර රජය මගින් සිදු කළ යුතුද යන කාරණය විමසිය යුතු නොවේද?

      ජනපති ගෝඨාභය මෑතදී පැවැත්වූ රාජාසන කතාවේ මේ කාරණය පිළිබඳව යම් ආකාරයක හරවත් අදහසක් ඉදිරිපත් කර තිබුණු අතර එය වඩාත් ශක්තිමත් පදනමක් කරා වර්ධනය කිරීම අත්‍යවශ්‍යයි, මේ ගැන 43 සෙට් එක මෙන්ම ජාතික ජන බලවේගයේ ප්‍රවේශයත් වත්මන් රජයේ ප්‍රවේශයත් අතර පුළුල් සංවාදයක් ගොඩ නගා ගැනීමෙන් රටට වඩාත්ම ගැලපෙන සේ පෙනෙන හොඳම වැඩපිළිවෙලක් බහුතර කැමැත්තෙත් (කෞශල්ය + පොදු ජන ) නිර්මානය කළ හැකි නම් රට ගොඩ ගැනීමේ අපේක්ෂා ලාංකිකයන්ට එතරම් දුර නැති වෙයි නේද?

      මේ ගැන ඔබේ අවංක අදහසත් මෙහිදී සංවාදයට බඳුන් කළ හැකියි.

      Delete
    2. මෙතනදී තවත් ඉතා වැදගත් කාරණයක් විදිහට ගතහැකි ෆැක්ට් එකක් නම් වත්මන් ජනපති ගෝඨා ජනපති කිරීමට රටේ බහුතර ජනතාව පෙළඹවූයේ ඉතා ආකර්ෂණීය වැඩපිළිවෙලක් ලෙස රසවත්ව ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය නිසා බව.

      එය ඉතා සැලකිල්ලෙන් විශ්ලේෂණය (Scrutinize & analyze) කළොත් එය ප්‍රධාන තර්ක 03 ක් මත පදනම් වන බවත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් දී ඇති පොරොන්දු ප්‍රධාන කලාප 3 කට ගොනු කළ හැකි බවත් පේන්වා,

      මෙන්න ඒවා:

      1. ආර්ථික සංවර්ධනය ඇති කිරීම (Economic Development),

      2. ජාතික ආරක්ෂාව සැලසීම (National Security) සහ

      3. දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම (Political Reforms)

      මෙය ගැන මගේ තේරුම් ගැනීමට අනුව මේ ප්‍රධාන ක්ෂේත්‍ර 3 න් මෑතදී කරපු ජනපතිගේ රාජාසන කතාවේ වැඩියෙන්ම අවධානය යොමුකර තිබුණේ ආර්ථික සංවර්ධනය පිළිබඳ මාතෘකාවට. ඒ කාරණය සම්බන්ධව දැනට සිදුකරමින් පවතින යෝජනා ක්‍රම පැහැදිලි කිරීම හැරුණු විට ආර්ථික සංවර්ධනය පිළිබඳව ඉදිරි ප්‍රතිපත්ති ගැන වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුව තිබූ බවත් ආර්ථික මූල්‍ය ක්ශේත්‍ර වල විද්වතුන් ප්‍රමුඛ බොහෝ දෙනෙක්ගේ අදහස.

      කෙසේ වෙතත් ලංකාවේ ආර්ථික සංවර්ධනය දුලබ හා පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ හේතු කීපයක්ම නිසා; එක පැත්තකින් ලංකාව තුළ සංවර්ධන උත්තේජනයක් (Stimulation) ඇති කරන්නට සමත් ප්‍රතිපත්ති සංවාදයක් (පොලිසි ඩිබේට් එකක් - Policy Debate) ලංකාවේ නොමැති වීම බරපතළ කාරණයක්. අනෙක් පැත්තෙන් මැතිවරණ පොරොන්දු මත නිවැරදි ආර්ථික විධි ක්‍රම ක්‍රමානුකූලව හා බුද්ධිමත්ව ගොඩනගා ගැනීම අතින් ලංකාව හැමදාම හිටියේ යම් ආකාරයක පසුගාමී තැනක. මැතිවරණ පොරොන්දු ඒ ලෙසින්ම ආර්ථික ප්‍රතිපත්ති බවට පරිවර්තනය කරන්නට යාම නිසා 1970 සිට මෙපිටට හැමදාම වාගේ සිදුවූ ගැටලුකාරීත්වයන් රාශියක්ද, දේශපාලන පොරොන්දු සහ ආර්ථික ප්‍රතිපත්ති (Political Promises and Economic Policies) යනු එකක් නොව දෙකක් ලෙසින් තේරුම් ගැනීමත් දේශපාලන පොරොන්දු ඉටුවන ආකාරයෙන් ආර්ථික ප්‍රතිපත්ති කාරණයේදී බරපතළ වෘත්තීයභාවයක් (Serious Professional approach) ඇති කිරීමත් රටක් ලෙස අපි කළ ප්‍රධානතම වැඩක් බව මගේ අදහස, ඔබ මීට එකඟ නොවන හේතු කාරනා ෆැක්ට්ස් සමග කෙටියෙන පවසත හැකිද?

      Delete
    3. //සංවාදය තුළ බොහෝ විට මතුවෙන කාරණයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා සංවර්ධන කටයුතු පමාවෙන බවයි. මේ අදහස සම්පූර්ණයෙන් වැරදි අදහසක් පමණක් නොව පසුගාමී එකක් ද වන බව මගේ මතයයි.//

      ප්‍රජාතන්ත්‍රවාදය නිසා දිගුකාලීනව ආර්ථික සංවර්ධනය පමා වන්නේය යන්න මිත්‍යාවක්. අනාගතයේදී චීනය විසින් එය තහවුරු කරනු ඇති. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය නිසා සංවර්ධන කටයුතු සේ හැඳින්වෙන රජය විසින් කරන ආයෝජන පමා විය හැකියි. ඒ හේතුවෙන් කෙටිකාලීනව ආර්ථික සංවර්ධනය පමා විය හැකියි. එසේ වන අවස්ථාවක තෝරා ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි.

      //පාර්ලිමේන්තුවේ වැදගත්කම වන්නේ ලංකාවේ ජනතාවගේ හඬ තමන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් මතු කිරීමේ අවකාශය බවට එය පත්වන නිසාය.//

      ලංකාවේ මෙය ප්‍රමාණවත් අයුරින් සිදු වන්නේයැයි මා සිතන්නේ නැහැ.

      //ඔබ පිළි නොගත්තත් වර්තමාන රාජපක්ෂ රෙජීමය පවා කලින් පැවති 2005 - 2014 රෙජීමයට සාපේක්ෂව සෑහෙන තුරට ප්‍රජාතන්ත්‍රවාදී බව මගේ නිරීක්ෂණයයි.//

      මම එය පිළිගන්නවා. එසේ වීමට තත්ත්වයන් විසින් බල කර තිබෙනවා.

      //හරවත් ෆැක්චුවල් පදනමක් සහිත හරවත් සංවාදාඅත්මක විවේචන ගොඩ නගා ගැනීම දක්වා දියුණු කිරීම රටෙන් පිටත සිටින අපේ මෙන්ම ලංකාවේ සිටින දැන උගත් බුද්ධිමත් මිනිසුන්ගේ වගකීමයි.//

      මුළුමනින්ම එකඟයි.

      //මැතිවරණ පොරොන්දු ඒ ලෙසින්ම ආර්ථික ප්‍රතිපත්ති බවට පරිවර්තනය කරන්නට යාම නිසා 1970 සිට මෙපිටට හැමදාම වාගේ සිදුවූ ගැටලුකාරීත්වයන් රාශියක්ද, දේශපාලන පොරොන්දු සහ ආර්ථික ප්‍රතිපත්ති (Political Promises and Economic Policies) යනු එකක් නොව දෙකක් ලෙසින් තේරුම් ගැනීමත් දේශපාලන පොරොන්දු ඉටුවන ආකාරයෙන් ආර්ථික ප්‍රතිපත්ති කාරණයේදී බරපතළ වෘත්තීයභාවයක් (Serious Professional approach) ඇති කිරීමත් රටක් ලෙස අපි කළ ප්‍රධානතම වැඩක් බව මගේ අදහස, ඔබ මීට එකඟ නොවන හේතු කාරනා ෆැක්ට්ස් සමග කෙටියෙන පවසත හැකිද?//

      හැම විටම නොවුවත්, ලංකාවේ සන්දර්භයේදී දේශපාලන පොරොන්දු සහ ප්‍රශස්ත ආර්ථික ප්‍රතිපත්ති අතර බොහෝ විට විශාල පරතරයක් දැකිය හැකි වෙනවා. එහිදී ඔබ කියන "දේශපාලන පොරොන්දු ඉටුවන ආකාරයෙන් ආර්ථික ප්‍රතිපත්ති කාරණයේදී බරපතළ වෘත්තීයභාවයක් පෙන්වීම" කළ නොහැකි දෙයක් බවට පත් වී දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා. මෙහිදී දේශපාලන පොරොන්දු වලට අඩු බරක් දී බරපතළ වෘත්තීයභාවයක් පෙන්වන්න යන අය රියැදුරු අසුනින් එළියට වීසි වෙනවා. රියැදුරු අසුනේ ඉඩ වෙන්වන්නේ වෘත්තීයභාවයට අඩු බරක් දී දේශපාලන පොරොන්දු කෙසේ හෝ ඉටු කිරීමට වැඩි බරක් දෙන අයටයි. මෙයට එක් හේතුවක් වන්නේ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන වැඩ පිළිවෙලවල් සංගත නොවීම. මේ ප්‍රශ්නය විසඳෙනු ඇත්තේ මේ වැඩපිළිවෙළවල් ඒවා ක්‍රියාත්මක වීමේ අවස්ථාව දක්වා යාමට පෙර සංවාදයට බඳුන් කිරීමෙන් පමණයි. එවැනි වැඩ පිළිවෙළක් ජනසම්මතය ලැබීමෙන් පසුව බරපතළ වෘත්තීයභාවයක් පෙන්වීම සඳහා ලැබෙන්නේ ඉතා සීමිත ඉඩක්.

      Delete
  2. ඉකොන් මහත්මයා,

    මට ආපු ගැටලු නම් මේවායි.

    දෙවන මොනාක් කියන්නේ මොකක්ද? පලවෙනි මොනාක්ට මොකද උනේ? 43 සේනාංකේ සේනාධිපති සවේන්ද්‍ර සිල්වාද?

    ReplyDelete
    Replies
    1. මෙතනදී තවත් ඉතා වැදගත් කාරණයක් විදිහට ගතහැකි ෆැක්ට් එකක් නම් නිසා බව විශ්ලේෂණය

      කෙසේ වෙතත් පොලිසි ඩිබේට් එකක්

      ඔබ මීට එකඟ නොවන හේතු කාරනා ෆැක්ට්ස් සමග කෙටියෙන පවසත හැකිද?



      ඇනෝ උන්නැහේ තමුන්නැහේ මොනක් (තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනෑක්) හෝටලයේ වැඩ කරන සුළු සේවකයෙක් නේද?

      ඒ වගේම තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනෑක් එක බැසිල් රාජපස්ස උන්නැහේගේ එකක් කියලා කියන්වානේ, ඒ නිසා ඔකේ තිබ්බ නන්දසේන (කාබනික ) ගොයියාගේ සවු බාගේ දැක්ම විගඩම වගේම ජෙප්පන්ගේ තොඉලේ සහ දැන් පාට පාට ලේ උන්නාන්සේගේ මේ කෙහෙල්මලත් බැසිල ඉන්ස්පොන්ස් කොරලා තියෙනවා කියන්නේ ඇත්ත නේද?

      බැසිලා රතු පාටිය සහ නොම්මර 43 කල්ලිය සල්ලි වලට අරන් කියන්නේ ඇත්තද? විපක්ෂය කෑලි කෑලි වලට කඩා දාලා පෞල රැක ගන්න පැලෑන මේ සැරේ හරි යන එකක් නැහැ හැබැයි කොච්චර දැඟලුවත්.

      Delete
    2. ජනපති ගෝඨාභය මෑතදී පැවැත්වූ රාජාසන කතාවේ මේ කාරණය පිළිබඳව යම් ආකාරයක හරවත් අදහසක් ඉදිරිපත් කර තිබුණු අතර

      රාජපක්ෂ රෙජීමය පවා සාපේක්ෂව සෑහෙන තුරට ප්‍රජාතන්ත්‍රවාදී බව මගේ නිරීක්ෂණයයි


      ආර්ථික සංවර්ධන (Economic Development),

      ජාතික ආරක්ෂාව (National Security) සහ දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම (Political Reforms)

      :D :D :D කටින් බතල හිටවනවා විතරයි

      ඇනෝ උන්නැහේ තමුන්නැහේ හොඳ කම්පියුටරයිස්ඩ් ටෙලස්කෝප් එකක් අරන් ලොකු කාචෙ පැත්තට ගුද මාර්ගය තියලා එහා පැත්තෙන් ෆෝන් කැමරාවට ටයිමර් තියලා ෆොටො ගහපන්.

      උබට වලතාරි මන්දාකිණිය බලාගන්න පුලුවන් වෙයි


      Delete
  3. ඉකෝන් මාතෘකාවට අදල නැති පොඩි දෙයක් දැන ගන්න අහන්නේ ඔබ දන්නවා නම් දැන ගන්න. බෙංගාල බොක්කේ පීඩන වෙනස් වීම පිලිබදව දත්ත ගන්න පුලුවන් ආයත්නයක් ඔබ දන්නවා ද? (හෝ මූලාශ්‍රයක්)

    ReplyDelete
    Replies
    1. බෙංගාල බොක්ක ආශ්‍රිත සාගර අභයභූමිය සහ පොදුවේ බෙංගාල බොක්ක හා අවට ප්‍රදේශයේ කාලගුණිකවිපර්යාස පිළිබඳ සියලු තොරතුරු අප්ඩේට් සංඛ්‍යාලේඛන ලබා ගැනීමට පුළුවන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව India Meteorological Department (IMD) සමග සම්බන්ධ වීමෙන්.

      විශේෂයෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කොලිකතා මධ්‍යස්ථානය මගින් මේ පිළිබඳ වැඩිදුර දත්ත හුවමාරු කිරීම සහ අප්ඩේට් ලබා ගැනීමට පුළුවන් වේවි. ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම ලංකාවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා එම ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සමග නිතරම සමීපව සම්බන්ධ වී කටයුතු කරන බැවින් ඔවුන්ගෙන් මේ පිළිබඳ වැඩිදුර දත්ත ලබා ගැනීමට පුළුවන් වේවි. මම ලංකාවේ හිටපු කාලේ දැනට දශක එක හමාරක් විතර කලින් ලංකාවේ වරාය ඉදිකිරීමේ ව්‍යාපෘති වල කටයුතු කළ සමයේ අප sea energy තත්වයන් සහ tidal effects වඩදිය බාදිය ආදිය inundation ආදිය පිළිබඳ වැඩිදුර දත්ත ලබා ගැනීමට ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා විවිධාකාරයෙන් තොරතුරු වාර්තා ලබා ගැනීමට පුළුවන් වුණා. දැනුත් එහෙම වෙන්න පුළුවන්.

      ඉන්දියාවේ මෝසම් වෙබ් අඩවියේ අප්ඩේට් බැලුවේ නැද්ද?

      https://mausam.imd.gov.in/imd_latest/contents/press_release.php&ved=2ahUKEwjtnJPorc31AhVDIbcAHavkBgUQFnoECAUQAQ&usg=AOvVaw2PvJBeV0haKEixjrG-a0Ld

      කොල්කතා IMD එක;

      http://imdkolkata.gov.in/acwc/seaarea/view&ved=2ahUKEwjtnJPorc31AhVDIbcAHavkBgUQFnoECBkQAQ&usg=AOvVaw2cp5Mt650f95syIjzSWjhC

      මේකෙන් අදාළ bulletins ලබා ගැනීමට පුළුවන් වේවි

      https://mausam.imd.gov.in/imd_latest/contents/index_coastal.php

      Delete
    2. AnonymousJanuary 25, 2022 at 12:08 PM

      ස්තුතියි, ඇනෝ. ඔබේ පිළිතුර උඩ ඇනෝට උදවුවක් වේයැයි මම හිතනවා. මෙය මට ලබා දිය හැකිව නොතිබුණු විස්තරාත්මක පිළිතුරක්.

      Delete
    3. AnonymousJanuary 25, 2022 at 12:08 PM
      බොහොම ස්තූතියී , තොරතුරු දීම පිලිබදව , මහත්මයා හෝ නෝනා.

      Delete
    4. #AnonymousJanuary 25, 2022 at 9:08 PM

      මල්ලි කොහෙද ඉන්නේ? අපි හම්බෙමු. ඊමේල් කරන්න.

      gtrz@elakiri.com

      -AnonymousJanuary 25, 2022 at 12:08 PM Ano-

      Delete
  4. JVP and it's members live in a virtual world. Its leaders follow the Jekyll and Hyde life styles. Other than criticizing 70 year old system they have not any practical methods to address real issues in real world. Their only Mantra is curbing the corruption.

    ReplyDelete
    Replies
    1. ඉයන් ජනතා විමුක්‌ති පෙරමුණ කියන්නේ ඔය වගේ දෙකයි පණහේ අවලාද නැගීමෙන්, මඩ ප්‍රහාරවලින් වට්‌ටන්න පුළුවන් පක්‍ෂයක්‌ නෙමෙයි. මේකෙන් තහවුරු වෙන්නේ මඩ ප්‍රහාර එල්ල කරන්නන්ගේ තියෙන කුහක තුච්ච ගොන් මී හරක්මය ස්වභාවය.

      මඩ කරියෙක් වගේ මඩ වලේ බැහැගෙන මඩ තලි නාගෙන මඩ ගහන්න කලින් මේක බලල හිටහන්,

      http://www.colombofirst.com/2021/10/12.html

      /විමල් වීරවංශ උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 12ක් ආණ්ඩුවට සහය දීමට ඉදිරිපත්වන බවට ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
      මේ වනවිට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආණ්ඩුවට සහාය පල කරන අතර හේශා විතානගේ හා චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන්ගේ නම්ද පසුගිය දිනවල ආණ්ඩුව හා එක්වනු ඇතිබවට මාධ්‍ය වාර්තා වල පලවී තිබිණි.තවත් මන්ත්‍රීවරුන් 9දෙනෙකු මෙසේ ආණ්ඩුවවට සහාය පලකිරීමට එකගතාවය පල කර ඇත.

      දැනටමත් සමගි ජන බලවේගය සමග කලකිරී සිටින සුළු ජාතීන් නියෝජනය කරන නායකයකු රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඇති අතර ආණ්ඩු පක්ෂ ප්‍රබලයකු සමග හෙට දින සාකච්ඡාවක් පැවත්වීමටද නියමිතය./

      ඔන්න ජවිපෙ ජාතික ජන බලවේගයට මඩ තලි ගහන සමගි ජන ගොන් රැලේ ඇත්ත තත්වය, සල්ලි වලට ඔනෙම දෙයක්, දෙමව්පියන් බිරිඳ පවා විකුණන්න පුළුවන් දෙකයි පණහේ පක්ෂවලින් නගන මඩ අවලාද සෝශල් මීඩියා වල පළ කරන පච අවලාද ගැන ජනතාව තීරණයක්‌ ගනීවි කියලා අපි විශ්වාස කරනවා. පවතින දූෂිත පවුල් පාලනය පෙරළා දමන්න විවිධ ආකාරයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ මූලිකත්වය ගෙන ක්‍රියා කරනවා. එදා 2012 - 2015 ත් කළා, රාජපක්‍ෂ කල්ලියත් එදා වගේම අදත් කුපිත වී සිටින්නේ මේ නිසයි.

      ඒ වගේම තව දෙයක්‌ මේ මෝඩ වාහේලාට කියන්න අවශ්‍යයි. ජවිපෙ නායකත්වය දරන සහෝදරවරුන් මේ දේශපාලනය තෝරාගෙන තිබෙන්නේ තමන්ගේ ඇස්‌ ඉදිරිපිට තම සහෝදර පාක්ෂිකයින් දරුණු වධ දී ඝාතනය කරනවා දැක දැකයි. ඒ නායකත්වය ලබාදෙන සහෝදරවරුන් වගෙම තරුණ පාක්ෂිකයන් වන අපි කවුරුත් එක හා සමානව ශක්තිමත්, ඒ නිසා මේ දේශපාලනය වෙනුවෙන් අපි මරණයට වුවත් මුහුණදෙන්න පැකිලෙන්නේ නැහැ. ඒ නිසා ඔය වගේ තුට්ටු දෙකේ අවලාදවලින් අපව නවත්වන්න උත්සාහ කරනවා නම් සජිත් ප්‍රේමදාස, අජිත් පී. පෙරේරාගේ සිට ඉයන් දක්වා වන බාල බොලඳ මඩ කල්ලියට අපි කියන්නේ ඔවුන්ට වැරදී ඇති බවයි. මේ ප්‍රශ්නය දැන් ජනතාව ඉදිරියේ තියෙන්නේ, ඉදිරි මැතිවරණ වලදී අපට ජනතා අධිකරණයෙන් නිවැරදි තීන්දුවක් දැක බලා ගන්න පුළුවන්.

      Delete
    2. Be on your sweet dream of social ism while your top brass indulge in their cozy lives. JVP is a political party which has been repeatedly rejected by people nearly half century.
      Your use of the language is a classic example of JVP mentality. Other than blindly faithful to their leaders, JVP members lack the patience to heed other opinions.
      Civilize your language and then discuss.
      I have no idea about your your mentioned name Ian.

      Delete
    3. වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ,

      අයිසේ මෝඩ ඉයන්, මෙන්න මේ සම්පූර්ණ කතාව වත් අහපන්, එතකොට ඔය කවදාවත් පාවිච්චි නොකර මලකඩ කාල පිනි බාල හිට වෙලා තියෙන මොළේ පොඩ්ඩක් සුද්ද වෙලා ටික ටික විචාර බුද්ධිය පහළ වේවි, ගොන් ආතල් දෙන එක නවත්වපන් බන් අප්පිරියය්යි බොලා වගේ උන් ගොබ්බ කතා කියන කොට ඔහොම

      මෙදාපාර ජවිපෙ ජය නවත්තන්න ජගතෙක් නෑ.ජවිපෙ විකල්පය නෙමෙයි විසදුම විතරයි.

      Check link =

      t.ly/12Sa

      අනිවාර්යයෙන්ම අපි ඊළඟ පාර ජාතික ජනබලවේගය වටා එකතු වෙලා මේක වෙනස් කරනවා.

      Delete
    4. මෙදාපාර ජවිපෙ ජය නවත්තන්න ජගතෙක් නෑ.ජවිපෙ විකල්පය නෙමෙයි විසදුම විතරයි.
      Try at a pradeshiya Sabha level. Then you can ground safely from the sky.

      Delete
  5. කියවා බලා විතරක් සෑහෙන්නෙ නැත
    අතු පාරවල්වල යන්නත් වගෙයි හිත
    වෙලාව නං ඇති පදමට ඇත්තෙ නැත
    දෙතුන් වතාවක්වත් කියවන්නට වටිත!

    ReplyDelete
  6. මගේ පුද්ගලික මතය නම් ඔය ප්‍රකාශන කිසිවක් මත විස්වාසය තැබීමට රටේ මිනිසුන් එකග නොවන බවයි. නමුත් වර්තමාන දේශපාලන තරග බිමේ ජාතික ජනබලවෙගයට සැලකිය යුතු ජනතා ආකර්ශනයක් වීමි වීමට ලොකු ඉඩක් තිබෙනවා. එයට එක හේතුවක් ඔව්න් හොරුන් වංචාකාරයන් නොවන බවට ජනතාවට ඇති විස්වාසයි. මේ රට මෙතරම් ලොකු ප්‍රපාතයකට තල්ලු උනේ උගත් රාජ්‍ය සේවයක් නැති නිසාවත් උගත් දේශපාලකයන් නැති නිසාවත් නෙමෙයි. අප මේ විදින්නේ අවංක උගත් දේශපාලකයන් රට පාලනය නොකිරීමේ ප්‍රතිවිපාකයි. එම සුදුසුකම් දෙකම ජාතික ජනබලවේගයේ සිටින කණ්ඩායම විසීන් මේ මොහොතේ සම්පුර්ණ කරනවා. නමුත් ඔවුන්ට රටේ වත්මන් තත්වය පිළිබද හා රට ගොඩනැගීම පිළිබද 100% නිවැරදි දැක්මක් නැති වෙන්න පුළුවන්. අපිට කිසිවෙකුගෙන් වත් 100% බලාපොරොත්තු වෙන්න බෑ. ඒහෙත් ඔව්න් අනුන්ගේ හඩට කන් දෙන කණ්ඩායමක්. එමනිසා රටේ අවංක උගතුන් ඔවුන් සමග එකතු වීය යුතුයි එකතු වෙයි කියන හැගීමක් තියෙනවා. අනිත් කරණය ඔවුන් අතීතයේ සිටම ජාතිවාදය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කල කණ්ඩායමක්. එය අනිත් කිසිම බලවේගයකට (සජබේ/එජාපෙ හැර) නැති තවත් සුදුසුකමක්.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ ජාතික ජන බලවේගයේ බිහිකිරීමට නියමිත රජයන් යටතේ ආගම් වාදී අයට ඇමතිකම නෑ. ඇමතිකමක් දරන්න අඩුම සුදුසුකම විශ්වවිද්‍යාල උපාධිය අනිවාර්‍යය කිරීම හා අදාල විෂය පථයේ සුදුසුකම් හා පලපුරුද්ද අවශ්‍යයි. නමුත් ජවිපෙ නොවන ජා.ජ. බ. යට අලුතෙන් එකතු වීමට නිදහස් පක්ශයෙන් සහ වීරවංශ කණ්ඩායමෙන් පැමෙණීමට දැනට සාකච්ඡා පවත්වන අයට මෙය තරමක් ලිහිල් කරන ලෙසට දැනට කෙරෙන සාකච්ඡා ඉදිරියේදී සාර්ථක වේවි. ජාතික ජනබලවේග කණ්ඩායම වහා ක්‍රියාත්මක නොවුනහොත් ඇති නැතී සැමට පකෂ විපකෂ සැමට දරුණු ප්‍රතිඵල වළට මුහුණ දී මට සිදුවන බව අවධාරණය කර සිටින අතර, බළය සහ හොරකම පමනක් අරමුණු කරනා දූෂිත රාජ පක්‍ෂ චංචනිකයන් පන්නා දමා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිව්‍යුහගත කර දශක අටකට ආසන්න කාලයක් දුෂිත වහල් පාළකයන් විනාශ කරනා ලද සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය වහාම ප්‍රතිසංස්කරනයකට ලක්කළ යුතුයි. එමෙන්ම මන්ද බුද්ධික SJB සහ එජාප UNP අමන ප්‍රෝඩාකාරී හොර රැලද සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් අතුගා දමා මංමුලා වි සිටිනා අසරණ ජනතාව පළදායි ළෙස නගාසිටුවීමට නව සමාජ දේශපාලනික ආර්ථික ක්‍රම සම්පාදනය කළ යුතුයි.

      රට පුරා දූෂණය මර්දනය කර විනාශවු හර පද්ධති නැවත වේගයෙන් ස්ථාපිත කළ යුතුයි. දූෂණ නිසා වීනාශවූ ජන ජීවිත සැබැ ලෙසම ප්‍රකුර්ථිමත් කලයුතුයි. ජාතික සම්පත් රැකගනිමින් රාජ්‍ය හාන්ඩාගාරය පෝෂනය කිරීම වහාම ක්‍රීයාත්මක කළ යූතුයි.

      විනාශකාරී කොල්ලකාරී අධිරාජ්‍යවාදී රටවල් වන ඇමරිකන් සහ ඉන්දියන් ගැති නූතන රූකඩ පාලකයන් එලවා දමා චීනය වැනි මිතුරු රටවල් වල සම්පූර්ණ සහාය සහිතව නැවත මේ රට ගොඩ නැංවීමට ජාතික ජන බලවේගය ඉතාමත්ම ශක්තිමත්ව ජවිපෙ, නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පෙරටුගාමී/ සමසමාජ/ කමියුනිස්ට් ආදී සියලු වාමාංශික දේශපාලන ප්‍රවාහයන්, එකතු කරගෙන මහින්ද අමරවීර සහ ලාල් කාන්ත සහෝදරයා සහ තවත් සම කැඳවුම්කරුවන් කිහිපදෙනෙකුගේ නායකත්වයෙන් පුළුල් සංධානයක් ගොඩ නැගීමට නියමිතයි. ඉතාමත් ඉක්මණින් මැද මුලන / වික්‍රමසිංහ/ ප්‍රෙමදාස හොර හවුල සහ උන්ගේ චක්ගෝල හෙංචයි කුජීත බොරුකාර හොර රැලත් එම පවුල්වල වහල්ලුන්ගේත් අවසානය අත ළඟයි. අලුත්ම දේශපාලන සංස්කෘතියකට මග විවර වෙමින් පවතී. වීරවංස, ගමන්පිල, වාසුදේව වගේම නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල දයාසිරි එස් බී වගේම මහින්ද අමරවීර වැනි අය සමග සංවිධානගත වීම සමග ජවිපෙ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම විශාල වශයෙන් වැඩි කර ගැනීමට පුළුවන් වෙයි.

      මේ දවස්වල මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂක වෙන්න තදබල උත්සාහයක, ජවිපෙ ජාතික ජන බලවේගයටත් තව සැලකිය යුතු මට්ටමකින් විශාල ඡන්ද ප්‍රමාණයක් ගැනීමට නම් ශ්‍රීලනිප සිටින ප්‍රජාතන්ත්‍රවාදී හොරකමට විරුද්ධ කණ්ඩායම එකතු කර ගැනීම මම දකින විදිහට ඉදිරිගාමී පියවරක්, නමුත් ජවිපෙ දැඩි පාලනයක් යටතේ ඔවුන් යහපාලන රජය කාලේ එක්සත් ජාතික පක්ෂයේ හොර මුලේ බලපෑම යටතේ කළ සොරකම් අවකල් තක්කඩි වැඩ වගේ දේවල් පාලනය කළ යුතුයි, එය ජවිපෙට ලෙහෙසියෙන්ම කළ හැකියි.

      දැනටම රනිල් නමැති මහල්ලා සමගම වලපල්ලට ගිහින් තියෙන එක්සත් ජාතික පක්ෂය වගේම සමගි ජන බලවේගයත් වල පල්ලට යන දේශපාලනික අඳ බාල විගඩම්. රාජපක්ෂ විරෝධී කඳවුර ලෙස ජාතික ජන බලවේගය බලවත් වීමත් සමග ටී එන් ඒ වගේම මුස්ලිම් කොන්ග්‍රසය වගේ පක්ෂ සේරම වේගයෙන් නැගී එන ජා.ජ.බ.ට එකතු වීමත් සමග බාල බොළඳ මානසික අවවර්ධිතයින්ගේ පක්ෂයක් බව පෙනෙන සමගි ජන බලවේගය ත්‍රීවීල් පක්ෂයක් ලෙස නාය යයි. කෙසේ හෝ සිරිසේන වෙනුවට ජා.ජ.බ. අනුර සහෝදරයා ජනපති තනතුරට සුදුසුයි. එය ජා.ජ.බ. සාමූහිකව තීන්දු කරාවි. අනුර සහෝදරයා පොදු අපේක්ෂක ජනපති ලෙස නම් කරමින් සිරිසේනට අගමැති තනතුර යෝජනා කරන එක තමයි දැනට පවතින බව පේන සැලසුම. නමුත් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. වැඩි විස්තර මේ වීඩියෝ සාකච්ඡාවෙන් බලාගන්න පුළුවන්;

      t.ly/LOE4

      t.ly/WtUA

      https://www.youtube.com/watch?v=5Xyc235aDSE

      https://www.youtube.com/watch?v=ZN0zpOvawhU

      Delete
  7. හැමෝම මේ වීඩියෝ එක බලන්න මෙයයි රටට අවශ්‍යම දෙය ලංකාවේ ඉන්න අයට නම්

    https://www.youtube.com/watch?v=xMFDFJt9Xt4

    පිටරට අයත් මේක බලලා හැකි උපරිමයෙන් ලංකාවේ ජනතාව දැනුවත් කරලා අවශ්‍ය වෙනස කිරීමට හැම දෙනාම පොළඹවන්න

    https://www.youtube.com/watch?v=tUbonjSjO2s

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා,

    මේක බලන්න, ලංකාවේ පිටරට සිටින සහෝදර ජනතාව මවුබිමට කොතරම් ආදරේද කියලා;

    https://www.youtube.com/watch?v=tUbonjSjO2s

    රට ‌ගොඩගන්න එක සහෝදරයෙක් ඩොලර් මිලියනයක් දෙන්නම් කිව්වා, හොරාකාපු සල්ලි අරගෙන අවුරුදු 4කින් දෙන්න, ලංකාවේ ආර්ථිකය බේරා ගැනීම ලොකු කජ්ජක් නොවන බව මේකෙන් තේරුම් ගන්න

    ReplyDelete
  9. ඉකොනොමැට්ටා මොකද හිතන්නේ තිස්ස ජනනායක කියන තක්කඩි හොර ටියුෂන් කම්බ හොරා ගැන? සට කපටි ලෝකෝත්තර තක්කඩියකු වන ඌ ඉතාමත් පහත් උප්පරවැට්ටි ක්‍රමවේදයන් යොදා ගනිමින් සමාජය නොමගට යවන මෙම තක්කඩියාගේ පන්ති වල ළමයි ගෙන්න ගන්න අදාල කාල වකවානූවලදී කාලීන රටේ ජනප්‍රිය මාතෘකාවක් ගෙන හැරදක්වමින් තමන්ගේ වෙළඳ ප්‍රවර්ධන කටයුතු වලට භාවිතා කරනවා.. දැනට තියන උණුසුම්ම කතිකාව ගොඩනගන්න පුලුවන් පුද්ගල චරිතය තමයි අනුර කුමාර සහෝදරයා හෙවත් AKD.. පිටට තට්ටුවක් දැම්මාත් රට කළබන නිව්ස් එකක්නේ.. ඉතිං මෙයා ඒක පාවිච්චි කරලා පොසිටිව් නෙගටිව් දෙකම කලවම් කරලා කතාවක් නිර්මාණය කලා... මොකෝ මේක බොරු කතාවක් කියලා මේකට උත්තර බදින්න වැය කරන්න මේ වෙලාවේ අර වැදගත් වැඩ රාශියක හිරවෙලා ඉන්න ඒ අයට කාලයක් නෑ කියලා මේ කම්බ හොරා හොඳටම දන්න නිසා.. ඔලු වැඩ කරන බහුතරයක් දැන් මේ විගඩම් ගැන ඇත්ත කෑල්ල දන්නවා.. මේ හොරා ඒ කාලේ එම් සී සී ගිවිසුම ගැන පැහැදිලි කිරීමක් කරපු එක නම් ඇත්ත වෙන්නත් පුළුවන් ඒත් ඒකේ වාසිය ජනතා විමුක්ති පෙරමුණට නොගිහින් ගියේ ත්‍රාඩපක්ෂ හොර පවුලට අන්තිමට ඒකයි අවුල තියෙන්නෙ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: