වෙබ් ලිපිනය:

Wednesday, January 26, 2022

බැඳුම්කරේ ගෙවුවේ යාළුවන් නිසාද?


ජනවාරි මාසයේදී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කරය පියෙවුවේ එහි ආයෝජනය කර තිබුණු බොහෝ දෙනෙක් ආණ්ඩුවේ හිතවතුන් වූ නිසා කියා කතාවක් පැතිර තිබෙනවා. ඇතැම් අය මේ ගැන අපෙන් අදහස් විමසලත් තිබෙනවා. මේ වගේ දෙයක් ගැන අපට කතා කළ හැක්කේ එවැන්නක් සිදු වීමට සෛද්ධාන්තික හැකියාවක් තිබුණේද යන පදනමින් පමණයි. 

මම ආණ්ඩුවේ හිතවතෙක් වුනානම්, මේ වගේ දෙයකට වැය කළ හැකි තරමේ සැලකිය යුතු මුදලක් අතේ තිබුනානම්, මම පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණ මේ බැඳුම්කරය වෙනුවෙන් ආයෝජනය කරනවා. ඒ නිසා, සල්ලි අතේ තිබුණු ආණ්ඩුවේ හිතවතුන් එසේ නොකළා වෙන්න බැහැ. ඒ වගේම, මම ආණ්ඩුවේ හිතවතෙක් නොවුනත්, මේ වගේ දෙයකට වැය කළ හැකි තරමේ සැලකිය යුතු මුදලක් අතේ තිබුනානම්, ඒත් මම ඔය වැඩේම කරනවා.

ගෙවපු බැඳුම්කරය පැත්තකින් තියමු. තව හය මාසයකින් ගෙවන්න නියමිත බැඳුම්කරකුත් තියෙනවනේ. ඔය බැඳුම්කරයත් ආණ්ඩුව නියමිත පරිදි ගෙවයි කියන එක මගේ විශ්වාසයයි.

ජූලි 25 කල් පිරෙන මේ බැඳුම්කරයේ ඩොලර් 200,000ක මුහුණත අගයක් ගන්න අද ගෙවිය යුත්තේ ඩොලර් 154,500ක් පමණයි.  මාස හයකින් ඩොලර් 205,875ක් අතේ. ලාබය කෙළින්ම ඩොලර් 51,375ක්!

අතේ සල්ලි නැත්නම් ගෙයක් ඇපයට තියලා ඔය ගාන ගත්තත් ඕනෑනම් ඩොලර් 1000ක් පොලිය ගෙවන්න වෙයි. ඒත් ඩොලර් 50,000කට වඩා අතේ. ඩොලර් මිලියන 3ක් පමණ ආයෝජනය කළොත් කෙළින්ම ඩොලර් මිලියනයක් ගොඩ දාගන්න පුළුවන්. ඉතිං මම හිතන්නේ අතේ සල්ලි තියෙනවානම් ආණ්ඩුවේ හිතවතුන්ට වගේම ආණ්ඩුවේ තරහ කාරයින්ට වුනත් හොඳ අවස්ථාවක් තවමත් තිබෙනවා. 

ඇතැම් අය අහන්නේ මේ වෙලාවේ මහ බැංකුව විසින් සංචිත මුදල් යොදවා මේ බැඳුම්කර මිල දී නොගන්නේ ඇයි කියලා. මුළු බැඳුම්කරයම මිල දී ගන්නනම් බැහැ. මොකද තමන්ගේ බැඳුම්කර කොටස් විකුණන්නේ සීමිත පිරිසක්. හැබැයි ඩොලර් මිලියන 30ක වගේ මුදලකට බැඳුම්කර කොටස් මිල දී ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. බැඳුම්කරය කොහොමටත් ගෙවනවානම් සංචිත මුදල් යොදවා ඩොලර් මිලියන 40ක මුහුණත අගයක් ඩොලර් මිලියන 30කට පමණ මිල දී ගත්තොත් මාස හයෙන් ඩොලර් මිලියන දහයක් බේරිලා. ලූණු බිකත් බඩට කිවුවා වගේ වෙලාවේ හැටියට ඩොලර් මිලියන දහයක් වුනත් වටිනවනේ. මම හිතන්නේ වාණිජ බැංකු කොහොමටත් ඔය වැඩේ කරනවා ඇති. 

බැඳුම්කර කොටස් යම් ප්‍රමාණයක් මිල දී ගත් වහාම කොටසක මිල ඉහළ යනවා. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කළ යුතු නැහැ. සමහර විට ඩොලර් මිලියන පණහක් හැටක් වුනත් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ජනවාරි බැඳුම්කරයේ මිල හදිසියේ ඉහළ ගියේ එවැනි දෙයක් කළ නිසා වෙන්නත් පුළුවන්. ඒ ගැන, දැනගෙන සිටි කෙනෙකුට ඉතාම කෙටි කාලයකින්, සමහර විට දවස් ගාණකින්, විශාල ලාබයක් ලබන්න පුළුවන්කමකුත් තිබුණා. හැබැයි යමක් වෙන්න පුළුවන් කියන එකෙන් වුනා කියන එක අදහස් වෙන්නේ නැහැ.

ජූලි බැඳුම්කරය ගැන උනන්දු ආණ්ඩුවේ හිතවතෙකුට මේ වෙලාවේ පවා තිබෙන විශේෂ වාසිය සල්ලි ආපසු ලැබෙන බවට තිබෙන සහතිකය. ලංකාවට විශේෂ සම්බන්ධයක් නැති විදේශ ආයෝජකයෙකුට මේ සහතිකය නැහැ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ආණ්ඩුවේ හිතවතුන් සල්ලි හම්බ කරනවානම් එහි පෙන්විය හැකි වැරැද්දක් නැහැ. ඒ වගේම, එයින් ආණ්ඩුවට අමුතු පාඩුවක් වෙන්නෙත් නැහැ.

කිහිප දෙනෙක් අහපු තවත් ප්‍රශ්නයක්නම් ඩොලරය 200 මට්ටමේ තියාගෙන ඉන්නේ කළු සල්ලි රටින් එළියට පන්නන්නද කියන එක. මේ වගේ දෙයක් වුනත් සිදු වෙන්න පුළුවන්කමක් තිබෙනවා. සිදුවනවාද නැද්ද කියා මම දන්නේ නැහැ.

මා සතු විශාල කළු සල්ලි ප්‍රමාණයක් රුපියල් වලින් ලංකාවේ තිබෙනවා කියා කියමු. දැන් මට මේ සල්ලි ඩොලර් කර රටින් පිට කර ගන්න ඕනෑ. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඔය දෙකෙන් එකක්වත් ලේසි නැහැනේ. රුපියල් ඩොලර් කරන එක වගේම රටින් පන්නන එකත් ගොඩක් අමාරුයි. හැබැයි දැන් තියෙන්නේ අසාමාන්‍ය තත්ත්වයක්. 

ලංකාවට සල්ලි යවන්න ඕනෑ අය ලෝකය පුරාම ඉන්නවනේ. අපි හිතමු ඇමරිකාවේ, කැනඩාවේ ඉන්න එහෙම අයට ඩොලරයට රුපියල් 220 ගානේ දෙන්න පොරොන්දු වුනා කියලා. දැන් මට ඉතා පහසුවෙන් ඩොලර් එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවේ තිබෙන රුපියල් වලින් ගෙවන්න පුළුවන්. අන්තිමට ලංකාවේ හිර වෙලා තිබුණු රුපියල් ටික ඩොලර් වෙලා රටෙනුත් එළියට ඇවිත්. මම හිතන විදිහට රටට එන ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමට මේ වගේ දේවල් සිදු වීමත් එක් හේතුවක්.

22 comments:

  1. ///මම හිතන විදිහට රටට එන ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමට මේ වගේ දේවල් සිදු වීමත් එක් හේතුවක්.///
    ඉකොන් උන්ඩියල් ක්‍රමයට මුදල් ලබාගත්තා/මුදල් ලබාදුන්නා කියලා අහුඋනොත් රජයට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද? මහබැංකු වාර්තාවලින්ම පෙන්වා දෙන පරිදි මේ වෙනකොට ඩොලර් මිලියන 300-400 වත් මාසෙකට උන්ඩියල් වෙනවා. මේවා කලින් ආනයන කරන්න, ඩොලර් නය ගෙවන්න වියදම් කරපු මුදල්.

    ReplyDelete
    Replies
    1. නීති හා රෙගුලාසි පිළිබඳව මම යාවත්කාලීන වී නැහැ. ඒ නිසා, නිශ්චිත තොරතුරු දන්නේ නැහැ. නමුත්, නීති හා රෙගුලාසි ගණනාවක් තිබෙන නිසා අහු වුනොත් මොන විදිහෙන් හෝ නඩු පැවරීමක් කරයි. හැබැයි මේ විදිහට අල්ල ගන්න පුළුවන් කමක් තියෙන්නේ අන්තිම කොණේදී හෝ බැංකු පද්ධතිය ගෑවුනොත් විතරයිනේ. ඒ කියන්නේ සල්ලි අවසාන වශයෙන් ලංකාවේ බැංකු ගිණුමකට දැම්මොත්. එසේ නොකර අතට සල්ලි දුන්නොත් අල්ලගන්න අමාරුයි. උපාය දූතයින් දමා අල්ලා ගෙන නඩු පැවරිය හැකි ආකාරයේ හොරකමකුත් නෙමෙයිනේ. ඩොලර් විකුණන තැන් ඒ විදිහට අල්ලන්න පුළුවන් වුනත්, රුපියල් ගෙවන තැන් අල්ලන්න අමාරුයි. ඩොලර් මිලියන 300-400 වත් මාසෙකට උන්ඩියල් වෙනවා කියලා මමත් හිතනවා. එහෙම වෙන එකෙන්ම පේන්නේ අල්ලන්න අමාරුයි කියන එකනේ. දැන් සංචාරකයින්ට සේවා සපයන තැන් වලට ඩොලර් වලින්ම අය කිරීම් කරන්න නියෝග පනවා තිබෙන නිසා රට ඇතුළේ ඩොලර් ගනුදෙනු සාමාන්‍ය දෙයක් වූ පසු වැඩේ තවත් අමාරු වෙනවා. පුළුවන්කමක් තිබේනම් මේ වෙලාවේ සල්ලි රටින් පිට කරගන්න බලා ඉන්න ගොඩක් අය ඉන්න බවත් පැහැදිලි කරුණක්නේ. ඒ අය සම්බන්ධ වෙන ගනුදෙනු වලදී වෙන්නේ රට ඇතුළේ රුපියල් ප්‍රමාණයක් අතකින් අතකට යන එක පමණයි. ඉතිරි කොටස වෙන්නේ රටින් පිට. ඒ නිසා, අල්ලන්න ඉතාම අමාරුයි.

      Delete
  2. නීතිය නොකඩා මෙච්චර හොරකං කරන්න තිබිලත් මදිද බොලේ
    රීරි මාංසෙම උරලා බිව්වත් මදි වාගෙයිනේ මුන්ට බොලේ
    ක්‍රමයෙ වැරැද්දද- කරන වැරැද්දද කියන්න නොදැනේ, අවුල් මොළේ
    තව ඉස්සරහට මොනවා වේවිද - මෙහෙමට වුණොතින් මංකොල්ලේ

    ReplyDelete
    Replies
    1. අයිසේ නිදී,

      කේන්ති ගන්න එපා සෞඛ්‍යයට පොඩ්ඩක් වත් හොඳ නෑ නේ, අර සින්දුවක් තිය්න්නේ ඉක්මන් කෝපේ හොඳ නෑ මගේ ස්වාමී කියලා, ඒ නිසා ඉවසීමෙන් යූ බටේ පොඩි කොමිට් කෑල්ලක් බලලා මිස්ට බීන්/ ඒස් වෙන්චුරා/ ඔස්ටින් පවර්ස්/ ඇමෑරිකන් පෛ series, පොලිස් ඇකැඩමි, දිස් ඉස් ඉස්පින ටැප්, එයාප්ලේන් (1980), Monty Python ලෛෆ් ඔෆ් බ්‍රයන්/ බොරාත් (Borat කසාක්ස්ථාන්)/ ඇලඩීන් වගේ මොකක් හරි ලෙය පිරිසිදු කරන රසවත් හාස්‍යජනක නිර්මාණයක් රසවිඳිමින් විඩාව සහ හිතේ ඇති දැඩි වේදනාව දුරු කර ගන්න පුළුවන් වෙයි.

      ලංකාවේ හිටපු මහ උන්ගෙන් හොඳටම කරපු එකෙක් වත් නම් නැ අපේ නන්දේ සෙන් සර් ඇරෙන්න එත් නරක අඩු නැත්නම් ලාවට හරි හොඳ කරේ කව්ද කියලා බලමු,

      මොන දේ උනත් මම එක දෙනවා මහින්දට ලංකාවේ මෙතෙක් හිටපු හොඳම ජනාධිපති විදිහට, රටේ බරපතලම ප්‍රශ්නය වෙලා තිබ්බ යුද්දේ නතර කරන්න නායකත්වය දුන්නා, රටේ මිනිස්සු එක අරමුණකට ගත්තා, අවංකවම රට සංවර්ධනය කරන්න උවමනාව තිබ්බා, කබරයාට, පී බී ජයේට, බැසිල්ට සහ සජින් වාස්ලාට ආර්ථිකය සහ විදෙස් ප්‍රතිපත්ති පාලනය කරන්න දීලා තිබ්බ උන් කරපු දේවල් නිසා හොඳ නරක දෙකම වුණා. හැබැයි 2012/13 කාලෙන් පස්සේ ජාතිවාදය විතරක්ම මත පදනම් වූ අන්ත දූෂිත අශිෂ්ට වනචර පාලනයක් ගෙන ගිය මෝඩ පුත්තුන්ට ගොන් පාට් දාන්න සලසැMඓණ් මෑන් ෆුල් නසරානියෙක් වෙච්චි නිසා එළවන්න සිද්ද වුණා.

      ඊළඟට මට නම් මොනවා උනත් දෙක සිරිසේන ජනතිපති, හේතුව, අඩුම තරමේ පරිසරය රැකගන්න අවංකව මහන්සි වුණා, රක්ෂිත ගැසට් කරා, වකුගඩු රෝහල් ටිකක් හැදුවා, ප්‍රසිද්දියේ මයිලෝ වගේ බහුජාතික සමාගම්වල විස පාන වර්ග බොන්න එපා කිව්වා, සිගරට් කම්පැනි වලට එරෙහිව ගේම ඉල්ලුවා හැබැයි ගැම්ම මදි වුණා, ඊළඟට අමරබන්දු සින්දුව කීවා ආතල් ගොඩක් දුන්නා (හැබැයි නන්දේ සර් කොච්චර උත්සාහ කරත් සිරිසේන තරමටම ආතල් අතින් නම් ඒ තරම් හොඳටම කරේ නැහැ කියල බය නැතුව කියන්න පුළුවන්)

      තුන ප්‍රේමදාස ජනාදිපති, 89 රට පුරා ටයර් සෑ දාලා, මෘග පාලනයක් ගෙන ගියා තමයි, මොනවා උනත් ඇමරිකන් මාකට් එකට එක්ස්පෝට් කරන්න රට පුරා පැතිරුණු කුඩා හා මධ්‍යම ප්‍රමාණ වල ගාමන්ට් ටික, ගම් උදාව ආශ්‍රිත සැනකෙළි වගේ දේවල් හරහා කැළඹුනු ජන මනස සුවපත් කිරීමට කටයුතු කිරීම වගේ ප්ලස් පොයින්ට් තියෙනවා

      හතර විස්කි මැඩම්, කොච්චර ගොන් පාට් දැම්මත් ආර්ථිකය පැත්තෙන් නොතේරෙන මගුල් කරන්න ගිහින් පාන් 3.50 ට දෙන්න ගිහින් සමුර්ධිය නිදහස් පක්ෂයේ හෙන්චයියන්ට බෙදලා රජයේ ජොබ් පාක්ෂිකයින්ගෙන් අම්බානට පුරවලා හොඳටම ඇන ගෙන යුද්දෙත් කෙලවගෙන 2001 පස්ස බිම ඇනුනට පස්සේ මහ බැංකුවේ ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් පරිදි 2001 රුපියල ෆ්ලෝට් කරලා ආර්ථිකය ගොඩ දාගන්න පුළ්වන් වුණා, 2000/01 යාපනේ වට කරලා 40,000 ක් සෙබළු ප්‍රාන ඇපයට අරන් සෙබළු 25,000 ක් විතර මැරිලා හමුදාවේ 60,000 ක් විතර ආමි එකෙන් පැනලා ගිහින් රට පුරා මංකොල්ල කෑම් අපරාධ කරපු එක වුණත් යුද්ධය නැති වෙන්න කෑවම ඊට පස්සේ අකමැත්තෙන් උණත් ජානක පෙරේරා සහ සරත් ෆොනීට යාපනේ බාරදීලා ටෙරාලගේ නොනවතින රැල්ල හෝල්ට් කළා

      පහ ජේ ආර් ජනපති ලන්කාවට විවෘත ආර්තික ක්‍රමයක් ගේන්න උත්සාහ කලත් අමුම අමු ගොබ්බ විදෙස් ප්‍රතිපත්ති සහ මුග්ධ පාලන ක්‍රමය සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී අවකල් ක්‍රියා නිසා රට අවුරුදු 30 ක යුද්ධය/ 88/89 සහ මහ ණය කන්දක හිර කළා - රිදී රේඛා ලලිත් ගේ මහපොළ ඇතුලු වැඩ පිළිවෙළ/ ගාමිණී - මහවැලි සංවර්ධන ව්‍යාපාරය - ප්‍රෙමේ ගේ ගම් උදා ඇතුළු නිවාස සංවර්ධන සහ වෙනත් සුබ සාධන වැඩ සටහන්

      ඉති ඊට පස්සේ හොනරබල් මෙන්ෂන් විජේතුංග ජනපති - නරක අඩු ප්තෝල වැටකොළු නායකයෙක් හැබැයි හෙනම රේසිස්ට් පසුගාමී පොරක් නේද?

      PS: අන්න අර උදිතයට මේ කමෙන්ට් එක කවුරු හරි පෙන්නහල්ල. ඌ තව කීයක් හරි හොරකම් කරගන්නේ නැතෑ

      Delete
  3. කියවලා බැලුවම මේ ලිපියේ කිසිම අදහසක් නැහැනේ? පතෝල වගේ තමයි. අපරාදේ වෙලාව මේ ලිපිය බලන අයගේ.

    ReplyDelete
  4. පව් අප්පච්චි පව්

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා නිකන් පතෝල වැටකොළු වගේ බයිලා ලියන්නේ නැතුව හරියට ලියන්න රාජපක්ෂ හොර පවුල ලංකාවේ සල්ලි ජාවාරම් කරමින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වංචා කරමින් හොරා කාපු ටික පමණක් සාක්ෂි සහිතව.

    උගන්ඩාවට ටොන් සිය ගණනක් බර ඩොලර් නෝට්ටු ලංකාවේ සිට ගුවන් යානයකින් පන්නා ගෙන ගිය එක ගැන විස්තර කරන්නේ නැත්තේ ඇයි?

    මේ බලන්න මේක

    https://m.youtube.com/watch%3Fv%3DhfzFjb2ryT8&ved=2ahUKEwjS16OXgND1AhW74jgGHYzjD0QQo7QBegQICxAF&usg=AOvVaw0J0JMDko06woAacUG5qo2U

    ReplyDelete
  6. හරි හම්බකරපු මුදලත්
    දුක් මහන්සියෙන්
    උදිතයටම දුන්නා මං
    හිතේ මනාපෙන්

    ReplyDelete
    Replies
    1. .... ඔය සොච්චම අර ගත්තට දැනෙන්නෙ කාටද ඇත්තට
      පොල් ලෙල්ලක් ගියා වගෙයි ගඟකින් මෝයක් පැත්තට

      Delete
    2. @ ඇනෝ සහ නිමල්,

      ලංකාවේ කාලයක් මුළුල්ලේ පරිභෝජනය කලේ ඉන්දියාවෙන් ඉතා අඩු මිලට ගෙනවිත්, දේශීය වෙළෙඳපොලේ අලෙවි කළ කහ (Turmeric powder) කුඩු නමුත් ඒවා වගාකල ආකාරය, වගාවට යෙදු රසායනිකයන්, අස්වනු සැකසීමේ දී හෝ කල්තබාගැනීම වෙනුවෙන් යොදා ඇති රසායනිකයන් පිලිබඳ තොරතුරු කිසිවක් දේශීය පාරිභෝගිකයන් දැන සිටියේ නැති අතරම ආනයනික කහ වෙළෙඳපොලේ හිඟ වීමත් සමඟ, ක්‍රම ක්‍රමයෙන් දේශීය කහ භාවිතය නැවතත් ව්‍යාප්ත විය. නමුත් විදේශීය කහවල තිබෙන දීප්තිමත් කහ පැහැයට සාපේක්ෂව දේශීය කහවල තිබෙන ලාක්ෂණික රතු පැහැයට හුරු තැඹිලි පැහැයට මුල් අවධියේ දී දේශීය පාරිභෝගිකයන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් එම පැහැය තුළ ගැබ්ව ඇති ඉහළ වටිනාකම ගැන ඔබ දන සිටියා ද?

      සාමාන්‍යයෙන් කහවල වර්ණයට මෙන්ම ඖෂධීය ගුණයට වගකියන එහි ඇති ක්‍රියාකාරී රසායනික සංයෝගය වන්නේ "කර්කියුමින්". කර්කියුමින්වලින් ආහාර වර්ණ ගැන්වීමට අමතරව ශරීරයේ විෂ හරණ හැකියාවත්, පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවත්, තුවාල සුව කිරීමේ ගුණත් ඇති බව වෛද්‍ය පර්යේෂණවලින් සොයාගෙන ඇත.

      කෙසේ වෙතත් ආනයනික කහ තුල මෙම කර්කියුමින් ප්‍රතිශතය සාමාන්‍යයෙන් 2.9 %කට වඩා අඩු ප්‍රතිශතයකින් පවතින බවත්, ලංකාවේ පොළොවේ වැවෙන කහවල ඇති කර්කියුමින් ප්‍රමාණය සෑම විට ම 4 - 8% අගයක පවතින බවත් පර්යේෂණාත්මකව සොයාගෙන ඇත. එනම් ලංකාවේ කහ ගුණාත්මක බවින් අද්විතීය වේ. එපමණක් නොවෙයි ඒවා පහසුවෙන් වස විස රහිතව ලංකාවේ සෑම ප්‍රදේශයක ම පාහේ වගාකරන්නත්, නිවසේ දී ම සකසාගන්නත් පුළුවන්.

      ඉතින් එහෙම නම් ගුණාත්මයෙන් ඉහළ ලංකාවේ කහ භාවිතයට නිසි පරිදි දැනුවත් වීමෙන් ගුණ අඩු කහ පැහැය වෙනුවට නියම තැඹිලි පැහැයට ඇස හුරුකර ගත යුත්තකි.

      ලංකාවේ කහ වල තැඹිලිමය කහ පාට කර්කියුමින් නිසා එන වර්ණයක්. ඊට අමතරව කුරුට්ට (අලය වටේ ඇති පොත්ත) නිසා අඳුරු පැහැයක් එනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ වැවෙන කහවල මදයේ වර්ණය තදයි. අමුකහ හොඳින් පිරිසිදුකර හොඳින් තම්බා වියලීමට හෝ පල්පය සෑදීමට පෙර කුරුට්ට සූරා සකස් කිරීමෙන් නියම වර්ණය ලබාගන්න පුළුවන්.

      කහ තැම්බීමේන් ලැබෙන වාසි.

      1. කහ අලවල මධ්‍යයේ ඇති සෛල පුපුරා ඒවායේ ඇති කර්කියුමින් අලය අභ්‍යන්තරය පුරා විසිරේ. එනිසා වාණිජ මට්ටමින් ඇඟිලි අල ලෙස වේලා කුඩු කිරීමේ දී මුලින් ලා පැහැ කුඩුත් පසුව තද පැහැ කුඩුත් ලැබීම වැලකේ.

      2. තැම්බීමේ දී අලයේ ඇති ජලය යම් ප්‍රමාණයක් විසරණය මඟින් ඉවත් වේ. මේ නිසා වියලීම පහසු ය.

      3. අල මතුපිට ඇති දිලීර බීජාණු වැනි විශබීජ විනාශ වේ.

      4. අලවල මඩ තවදුරටත් ඉවත් වී හොඳින් පිරිසිදුවීම සිදුවේ.

      5. කහ අලවල ඇති අමු ගඳ ඉවත් වේ.

      පහුගිය කාල වකවානුවේ කහ ආනයනය පිළිබඳ ඇතිවූ ගැටලු මාධ්‍යයේ ලංකාවේ බොහෝ දෙනා මුඩු ඉඩම් වල මහා පරිමාණයෙනුත් ගෙවතුවල ගෘහාශ්‍රිත භාවිතයටත් කහ වගා කිරීමෙන් රටතුළ දැන් කහවලින් ස්වයංපෝෂිත වන බව දකින්නට ලැබීම සතුටක් ..නමුත් අම්පාර ,මැදවච්චිය ආදී පලාත්වල මහාපරිමාණයෙනුත් ,තම තමන්ගේ ගෙවතුද වගා කිරීමෙන් ලැබෙන අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගැනීමේ ගැටලු , ඇතිබව විවිධ සමාජ මාධ්‍ය තුලිනුත් දක්නට ලැබෙනවා (උදා: 27/01/2022 news 1st ප්‍රවෘත්ති ) එනිසා ලංකාවේ කහ ගොවි ජනතාවගේ ඒ ගැටලුව නැතිකර ඒ ඇතිවු කලකිරීම, පසුබෑමකට ලක්නොකර ගන්නට නිවැරැදි වැඩපිළිවෙළක් , ග්‍රාමසේවා වසම් මාර්ගයෙන් හෝ ඇති කලොත් අපට කහ තුලින් ඉමහත් ජයක් ලබන්නට හැකි බව පේනවා. මේ වනවිට ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩසටහනක් යටතේ කහ වගාව ව්‍යාප්ත කර export කිරීමට පියවර ගෙන ඇති අතර දැන් ලංකාවේ ගම්වල හොදින් වගා කරනවා. පෝච්චියක, කවරයක උනත් ගෙදර පරිභෝජනයට වගා කරගත හැකි කහ දැන් විශාල වශයෙන් අපනයනය කිරීමට විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින නිසා ඉන් ප්‍රයෝජන ලබා ගැනීමට හැකි අයුරින් හැමෝම හොඳින් දැනුවත් කරන්න.

      Delete
    3. ස්තුතියි, 2020 කහ නැති වුනාම මං වත්තේ වවාගෙන හිටි අමුකහ ගලවලා- කොළත් එක්ක තම්බලා වේලලා කුඩු කර ගත්තා.
      දැන් ආයෙමත් තියෙනවා වැවුණු කහ පඳුරු ටිකක්.

      Delete
  7. @ Econ,

    Quoted,

    // https://www.youtube.com/watch?v=tUbonjSjO2s

    රට ‌ගොඩගන්න එක සහෝදරයෙක් ඩොලර් මිලියනයක් දෙන්නම් කිව්වා, හොරාකාපු සල්ලි අරගෙන අවුරුදු 4කින් දෙන්න,//

    As you explained above, it doesn't need for years for this so called buggar to get + 1/3 RoI isn't it?

    This so called guy could invest this 1 million dollars at the moment in CBSL and within five months the RoI would be 1.222 M dollars to 1.330 M $ isn't it? Could you please further explain about this?

    ReplyDelete
    Replies
    1. If you invest $1M now, you collect $1.3325M in 6 months. That is guaranteed, unless the bond would be defaulted.

      Delete
  8. බණ්ඩාරණායකලා සමාජවාදීන් එක්ක එකතුවෙලා විනාශකරපු දේශීය ව්‍යවසායකයන්ව / ආයෝජකයන්ව, රාජපක්ෂලා ඒ පැරණි සමාජවාදීන් වත් එකතුකරගෙනම නැවත නගා සිටුවීමට උත්සහ කිරීම සාධනීය විදිහට දකිමුද?

    ReplyDelete
  9. මෙය ලංකාවේ මෙන්ම ලෝකයේත් අඩු වැඩි වශයෙන් පැතිරී තිබෙන ප්‍රශ්නයක්, ඒ නිසා ගජමිතුරුවාදය පවුල්වාදය පිටුදැකීමට ලාංකීය සමාජය තව තවත් සංවාදශීලීව කටයුතු කළ යුතුයි. එමෙන්ම මම හිතන්නේ වර්ගවාදයත් ජාතිවාදයත් දුටු තැන ප්‍රතික්ෂේප කර දැමීමට අප මෙන්ම අපගේ දරුවන්ටවත් ඉගැන්විය යුතු නොවේද? ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් මිල අධික බව ඇත්තක් වන නමුත් අප යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍යත්වය හැකි තරම් තදින් අල්ලා සිටිය යුත්තේ එනිසා මයි. මන්දයත් එය අපෙන් ගිලිහුණහොත් නැවත ලබාගැනීමේ වන්දිය ලේ, කඳුළු, දහදිය විශාල වශයෙන් හෙළීමක් පවා විය හැකි නිසා, එහෙම නෙවෙයිද?

    ReplyDelete
  10. මෙතනදි තව විශේෂ දෙයක් කියන්නම ඕනෙ ඉකොනොමැට්ටා, සාමාන්‍යයෙන් ඕනම දෙයක අවුලක් වුණු ගමන් ලංකාවේ මිනිස්සු කෙළින්ම බනින්නේ ඒ වෙලාවේ පවතින ආණ්ඩුවට. මේ දවස්වල ආනයන සීමා කරලා ආනයනික භාණ්ඩ මිල ඉහළ මට්ටමක පවතින අතර ලංකාවේ ජනතාව ඇබ්බැහි වී තියෙන ආනයනික භාණ්ඩ (උදා: කිරි පිටි, පාන් පිටි ආහාර, ටින් මාලු පරිප්පු අල ළූණු වගේ ගොඩක් දේවල්) හිඟකම හේතුවෙන් මිනිස්සු පීඩා විඳින විඳවන කාලයක් තුළ ආණ්ඩුව තියෙන විදේශ සංචිත වලින් ණය හිමියන්ට ගෙවන එකට ප්‍රයෝරිටි දෙන කොට මිනිස්සුන්ට ඉතා තදින් කේන්ති ගියා. විපක්ෂ කණ්ඩායම් මේ ණය නොගෙවා ඒ සල්ලි වලින් ආනයනික භාණ්ඩ වලට ගෙවා පොදු ජනතාවගේ යහපත උදෙසා බඩු මිල අඩු කර ජන දුක නිවන්න කියලා කියන්නේ. එතකොට ආණ්ඩුව කළ යුතු මොකක් ද ඇත්තටම? ජනතාව ගැන හිතන එක නේද?

    මෙච්චර කල් තිබ්බ කිසිම ආණ්ඩුවක් පට්ට ප'ෆෙක්ට් නෑ. ඇත්ත. ඒත් අපි ආණ්ඩුවලටම බනින්නේ, මිනිස්සුන්ගේ පැත්තෙන් සිද්ධ වෙන්න ඕන දේවල් ටික හරියට ඉෂ්ඨ කරලා ද කියලා හිතෙන්න ගත්තේ සමාජ ජාල වල වයිරල් වෙන පෝට් සිටි පෝලිම් සහ රිළා පාට් සිද්ධියේ ෆොටෝ සෙට් එක දැක්කම.

    එතන වැරදි දෙකක් තියෙනවා. එක, කොරෝනා නෑ කියලා හිතාගෙන රෝන්දෙ යන්න පටන් ගත්ත එක. ඕමික්රෝන් නෙවෙයි තව මොන මොන ප්‍රභේද හැදෙයි ද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට, දෙයියනේ කියලා ආපහු ඔලුව උස්සන්න හදනකොට, ඕං පටන්ගත්තා "අප්‍රේල් නිවාඩුව පාට් ටූ, ජනවාරි මිනි ට්‍රිප් නිවාඩුව" ගත කරන්න.

    ඔය වගේම අනිත් වැරැද්ද තමයි අලුත් දුම්රිය තුල පේන්න තියෙන සිද්ධිය. පොදු දේපල ලස්සනට තියන් ඉන්න, පරිස්සමෙන් පාවිච්චි කරන්න, තමන්ගෙන් පස්සේ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉතුරු කරලා එන්න අපිට හැබිට් එකක් ඇත්තේම නෑ. පොළොන්නරුව පැත්තේ වඳුරෝ මිනිස්සුන්ගේ ගෙවල්වලට පැනලා, කුස්සි විනාස කරලා, පිටි සීනි කාලා, තමන්ගේ ආතල් එක අරගෙන ආපහු වනගත වෙන විදිහ එක එක ඩොකියුමෙන්ට්‍රීස්වල මං දැකලා තියෙනවා. ඒකෙයි මේකෙයි වෙනසක් නෑ වගේ ද කියලත් හිතෙනවා.

    ස්ටිකර් එකක් දැක්කාම, ඒක දැක බලාගෙන එන්ජෝයි කරන්න පුළුවන් හැබිට් එක නෑ. චුට්ටක් කොණකින් හූරලා බලලාම, "ආ මේක ස්ටිකරයක් නේ" කියලා තේරුම් ගන්න ඕනේ.

    බස් එකේ කෝච්චියේ සීට් කුෂන් එක කුෂන් එක විදිහට තියන්න දෙන්න බෑ, මොකක් හරි පලුද්දක් පාදගෙන, තුවාලෙ වේලුණු හම ඇදලා කඩලා අයින් කරනවා වගේ රවුම් රවුම් ගලවලා අයින් කරන්නම ඕනේ.

    වාහනේක දොර හෙමින් වහන්න කියලා දොරේ හැන්ඩ්ල් එක ළඟින් ස්ටික'ස් ගහලාම පෙන්නන්න ඕන.

    අවුරුදු දහයක් විතර පරණ චැට් ඇන්ඩ් මියුසික් එකකට ආව බන්දු සමරසිංහ කියන පට්ට කතාවක් තියෙනවා, ඒක මේ වෙනකොට හැමෝම වගේ බලලා ඇති කියලා මං හිතනවා.

    "මං දැකලා නෑ ලෝකෙ කොහෙවත්, මූත්‍රා කළාට පස්සේ වතුර ගහන්න කියලා ගහලා තියෙනවනේ මේ රටේ, චෝක් කෑලිවලින් අඟුරු කෑලිවලින් ලැකර්වලින් නිකල්වලින්, අනේ මන්දා ඒ රටවල් එක්කෝ වැරදියි." ඒ රටවල ගහලා නැත්තේම නෑ. හැබැයි අපේ තරම් අ යන්නේ ඉඳලා ඉසෙඩ් වෙනකං අරක කරන්න මේක කරන්න කියලා බෝඩ් ගහලා නෑ අවශ්‍යම කාරණේකට ඇරුණහම.

    මීගමුවේ බස් ස්ටෑන්ඩ් එකේ වොෂ් රූම්වලට සෙන්ස'ස් එක්ක ටොයිලට් ෆිට් කළා අවුරුදු ගාණකට කලින්. සෙන්සරේ ඔබන්න එපා කියලා කියන්න වෙනම මනුස්සයෙක් දාන්න වුණා. පස්සේ ඒවා එහෙම්මම විනාස වුණා කියලා ආරංචි වුණා. දැන් කොහොමද දන්නෑ. ආකේඩ් එකේ වොෂ් රූම්වලටත් ඔය සන්තෑසියම සිද්ධ වුණා. ඔබන්න ඔච්චර ආස නං ඔබාගනිං කියලා, සෙන්ස'ස් අයින් කරලා, ඔබලම ෆ්ලෂ් කරන්න හැදුවා.

    "මෙහි කුණු දැමීම තහනම්" කියන්නේ කුණු දාන්න හදපු තැනකට කියන තවත් නමක් වගේ. හැබැයි "මෙතන කුණු හලන සැමගේ දෙමව්පියන්ට, අඹු දරුවන්ට සාප වේවා! නැතිභංගස්ථාන වේවා!" කියලා දාලා බලන්න, හුළඟට පාවෙලා එන රොඩුත් බිම පෙරළි පෙරළි අයින් කරලා නීට් එකට තියාගනීවි.

    පෝට් සිටි නෙවෙයි ඇට්ලෑන්ටික් සිටි හැදුව‍ත් වැඩක් නෑ රටේ මිනිස්සුන්ගේ මොළේ කැපෑසිටි එක අඩු නං.

    කමක් නෑ, එක අතකට නෙලුම් කුලුන ඔහොම්මම වහලා තිබ්බදෙන්. පැනල නොමැරී ඉතුරු වෙයිනේ ටික දෙනෙක් හරි...

    ReplyDelete
  11. ඒ දවස්වල බැදුම්කර ගැන කියල කොච්චර බැන්නද බ්ලොග් වල හෙම , අන්තිමට ඒ හොරු ඇල්ලුවෙත් නැහැ. බැනපු අයත් බ්ලොග් වලින් ගිහිල්ල. අලුත් හොරුත් ඇවිල්ල. අපි එතනමයි . 😀

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අජිත් අංකල්, ලංකාවේ සංස්කෘතිය අනුව කොතනක හරි වැරැද්දක් කරපු මනුස්සයෙක් ඊට පස්සෙ
      කොච්චර හොඳ කරත් වැඩක් නැ...
      මිනිස්සු කියවන්නෙම එකම එක වැරැද්දක් ගැන... මේක බලලා තියෙනවා නේද?

      https://fb.watch/aPdvTH5WMj/

      දැන් මේ දවස් වල ලංකාවේ බලය අත්පත් කරගෙන සිටින අන්ත දූෂිත ඒකාධිපති පවුල් වාදය රජකරන රාජපක්ෂ දූෂිත ආණ්ඩුවට සීනි බදු වංචාව, සුදු ළූණු හොරකම, මහා පරිමාණයෙන් කරපු ගෑස් වංචාව, නිව් ෆෝට්රස් හොර ගිවිසුම් වංචාව, ත්‍රී කුණාමලයේ තෙල් ටැංකි හොර ගිවිසුම් වංචාව, ඩොලර් බිලියනයක ඇමරිකානු පයිසර හොර වැක්සීන් වංචාව,... etc etc. මහා රාශියක් හොරකම් + + + ජනවාරි 18 ඩොලර් මිලියන 500 ක මහා බොන්ඩ් ගජමිතුරු වංචාව දක්වා සෑහෙන හොර වංචා මගඩි කළා වගේ දැනට මේවා විවේචනය කරමින් මේ වංචා දූෂණ ඉතා මැනවින් සහ තදින් ජනගත කරමින් කොහොම හරි ආණ්ඩුව පෙරලීම සඳහා සෑහෙන වෙහෙස මහන්සි වී වැඩ කරන්න වෙනවා. එහෙම තමයි දේශපාලනය කියන්නේ. දැන් හිතන්න මේ ආණ්ඩුව පෙරළිලා වෙන සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ජවිපෙ ආණ්ඩුවක් ආවා කියලා. එතකොට ඒ වෙලාවේ විපක්ෂයට සෙට් වෙන දැනට බලයේ ඉන්න හොර පවුල මොකද කරන්නෙ කියලා කියන්න කල්පනා කරලා? ඒත් ඕකම පමණක් නේද? වෙන කරන්න දෙයක් නෑ ඉතින් ඒක ලෝක ස්වභාවය ඒ නිසා ඔය ගැන වැඩිදුර හිතන්න සහ හිතලා හිතලා හිත අවුල් කරගන්න එපා, නිකන් අංකල් ලෙඩ වෙන එක විතරයි. ඕව අමතක කරලා ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන හිතන්න පුළුවන් නම් වටිනවා නේද?

      Delete
    2. මම නම් වැරැද්දක් කරලා නැහැ පුතා . මම කල්පනා කරේ ඒ දවස්වල ඒ ආණ්ඩුවට සහයෝගය දෙනවා කියල වරදවා වටහාගෙන වල්ගේ පාගාගෙන කා ගහපු කට්ටිය ගැන. පව් ඒ ගොල්ලෝ. පහුගිය අවුරුදු හැත්තෑව තිස්සේ පත්වේච්ඡ හැම ආණ්ඩුවම ඔය වගේ තමා. මම මේ හිනාවෙනවා විතරයි ඒවාට.

      Delete
  12. @ අජිත්,

    ඔබේ ෆේස්බුක් ගිණුමේ ලියූව බව කියැවෙන පහත දැක්වෙන පෝස්ට් එක What's App group chat වල ෂෙයාර් වෙනවා. මේක ලිව්වේ යම් කිසි පිළිගත හැකි මූලාශ්‍ර වලින් තොරතුරු ලබා ගෙන ද?


    //ලංකාව වගේ දූෂිත දේශපාලකයන් සිටීන පසුගාමී රටවල බොහෝ දේශපාලකයන්ට නිල පවුල වගේම හොර ගැනුත් හතර අතේ ඉන්නවා..

    ඒ ගෑනුන්ගේ ඕනෑ එපා කම් බලන්නෙ ගොඩක් වෙලාවට පුද්ගලික ලේකම් ල තමයි..

    තමන්ට ලැබෙන සමහර ආදායම් ස්ටෑන්ඩින් ඕඩර් වලින්ම අර හොර වයිෆ්ලගේ නඩත්තුවට යවනව වගේම ඒ ආදයම් මාර්ග නිත්‍යානුකූල පවුලෙන් වසන් කරගෙන බැලැන්ස් කරන එකේ වගකීම තියෙන්නෙත් අර ලේකමාට..

    ඔය වගේ ඩබල් ගේම ගහපු දේශපාලකයෙන් ඊයෙ පෙරෙදා මැරෙන්න ඔන්න මෙන්න අසනීප වුනා.. පව්ලෙ උන් කලේ මෑන් මැරෙන්න කලින් අන්තිම කැමති පත්‍රය ලියා ගන්න ට්‍රයි කරපු එක.. ඒක ලියා ගන්න ආදයම් ගැන බලන කොට තමයි මෑන් අර හොර ගෑනූ නඩත්තු කරන්න පවත්වාගෙන ගිය ගිනුමේ තොරතුරු එලි වුනේ..

    දැන් කසාද ගෑනී අර මනුස්සය මරණ මංචකයේ කියා නොබලා මේ ගැන හාර අවුස්සනව ඉවරයක් නෑලූ..

    බැරිම තැන දේශපාලකයා ලේකමාට කිවලු...

    "උඹයි ඕකෙන් මටත් හොරා සල්ලි ඇද්දේ කියලා පිලිගනින් මන් පොලීසි නොගිහින් උඹව බේරා ගන්න තැනට වැඩේ ශේප් කරන්නම්.
    මගේ හොඳ කොල්ලා මේ ගෑනිගෙන් මේ අන්තිම කාලේ මාව බේර දියන් කියලා

    - From Ajith Dharmakeerthi Facebook

    (Ajith Dharmakeerthi- Middlesex UK)"

    මේක ගැන වැඩි විස්තර දැන ගන්න කැමතියි මේ කියන දේශපාලනඥයාගේ නම මොකක්ද? මේ ගැන තවත් විස්තර කියන්නකෝ?

    ReplyDelete
  13. අනේ මම නම් දන්නේ නැහැ. මම ලිව්ව දෙයක් නෙමේනේ. ෆේස්බුක් එකේ සෑහෙන පිරිසක් අයින් කරන්න හිතන් ඉන්නේ. ඔයවගේ වැඩ කරන නිසා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: