වෙබ් ලිපිනය:

Monday, December 28, 2020

මැදවච්චි නොයන කිලිනොච්චි හරක්



ඉහත ඡායාරූප හා තොරතුරු උපුටා ගත්තේ කිලිනොච්චිහි ජීවත්වන මාධ්‍යවේදියෙකු ලෙස තමන්ව හඳුන්වාදෙන තමිල්සෙල්වන් මුරුගයියාගේ වත්පොත් පිටුවෙන්. මා ඔහුව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. 

මුරුගයියා කියන විදිහට මේ වෙද්දී කිලිනොච්චි හරක් සාගින්නෙන් මිය යමින් සිටිනවා. ඡායාරූප වල දැකිය හැකි හරකුන්ගේ අයිතිකරු සුවේන්ද්‍රන් නමැත්තෙක්. ඔහුගේ පියා එළු තංගවේල් එහෙමත් නැත්නම් හරක් තංගවේල් ලෙස කවුරුත් දැන සිටි, හරක් දහස් ගණනක් අයිතිව සිටි කෙනෙක්ලු. 

මේ හරක් කාලයක් තිස්සේම පොදු ඉඩම් වල තණකොළ උලා කමින් ජීවත්ව තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. කිලිනොච්චි ඉඩම් වගා බිම් ලෙස සංවර්ධනය වෙද්දී හරකුන්ට තණකොළ කන්න තිබෙන ඉඩම් ටිකෙන් ටික අඩු වෙලා. හරක් තැන් තැන් වල වගා පාළු කරන විට එහි වගකීම අයිතිකරුට ගන්න වීමේ අවසන් ප්‍රතිඵලය විදිහට හරකුන්ට බඩගින්නේ ඉන්න වෙන එකයි වෙලා තියෙන්නේ. දැනටම හරක් අට දෙනෙක් මැරිලලු.

කිලිනොච්චි දිස්ත්‍රික්කය මඩකලපුව, අම්පාර, වවුනියාව, අනුරාධපුර, මන්නාරම, කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් පසුව ලංකාවේ වැඩිම හරක්ගහණයක් සිටින දිස්ත්‍රික්කයයි. ඉහත කී අනෙකුත් දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව පසුගිය වසර වලදී කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ මස් පිණිස හරක් මරා තිබෙන්නේ ඉතාම අඩුවෙන්. 

එහෙම වුනා කියා කිලිනොච්චි හරක්ගහණය අනෙකුත් දිස්ත්‍රික්ක වලට වඩා වේගයෙන් වර්ධනය වී නැහැ. කිරි නිෂ්පාදන කාර්යය තුළ ඵලදායී නොවන කිලිනොච්චි හරක් එම දිස්ත්‍රික්කය තුළදී මස් වුනේ නැතත් වෙනත් දිස්ත්‍රික්කයකදී මස් වුනු බව විශ්වාස කරන්න අමාරු නැහැ. සමහර විට කිලිනොච්චි හරක් මැදවච්චියේදී මස් වෙන්න ඇති!

මාස කිහිපයකට පෙර ආණ්ඩුව විසින් මස් පිණිස හරක් මැරීම තහනම් කිරීමට තීරණය කළා. ආණ්ඩුවේ ඉලක්කය ලෙස සඳහන් කළේ රට තුළ හරක්ගහණය වර්ධනය කර ගැනීමයි. ලංකාව වැනි රටේ ජනගහණයට සාපේක්ෂව සීමිත වගා ඉඩම් ප්‍රමාණයක් ඇති රටක වී වවන්න තිබෙන්නේත්, බඩ ඉරිඟු වවන්න තිබෙන්නේත්, කහ වවන්න තිබෙන්නේත්, හරකුන්ට තණකොළ කන්න තියෙන්නේත් ඔය තියෙන සීමිත ඉඩම් ටිකේ. ලංකාවේ කෘෂිකර්මය දියුණු කළ හැක්කේ රටේ තිබෙන ඉඩම් ප්‍රමාණයේ සීමාව තුළයි.

මස් පිණිස නොමැරෙන හරකුන්ගේ අවසන් ඉරණම සාගින්නෙන් මැරෙන එකද?

4 comments:

  1. මහත්තයා කිලිනොච්චියේ හරක් පට්ටියක හිමිකරුවෙක්ද?

    ReplyDelete
  2. ලංකාවේ අපි සාමාන්‍යයෙන් අතින් කාලා, පයින් ගිහින්, අනුන්ගේ හරක් බලන්න දක්ෂ මිනිස්සු.

    කිරි කර්මාන්තය සහ හරක් මස් කර්මාන්තය අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධතාවයක්. කිරි විකුණා ගත් මුදලින් පසුකාලීනව එළදෙනුන් මිය යන තුරුම බලා කියා ගන්නා ලංකාවකට වෙන්නේ මැරඩෝනාට වුන දෙයයි!

    ලංකාවේ හරක් මස් කර්මාන්තය දියුණු කිරීමට නම්;

    Low stress cattle transportation system/Livestock haulers එකක් වහාම ලංකාවට හඳුන්වා දී ලංකාව පුරා විසිරී සිටින  මස් පිණිස තෝරන එළදෙනුන් සහ එළගවයන් සෞඛ්‍යාරක්ෂිතව සහ වෙළඳපොලට ගැලපෙන අයුරින්  මස් කරනු පිණිස වහාම කටුනායකට එවිය යුතුයි.

    ගෙරි මස් බෙල්ලේ එල්ලාගෙන කන්නේ නැතුව ශිෂ්ඨාචාරයක් සහිත මිනිසුන් අනුභව කරනා  ලෙස හරක් මස්වලින් සැකසූ ආහාර තරඟකාරී මිලට සපයන ජාත්‍යන්තර මට්ටමේ  resturants ලංකාවේ සෑම පලාතකම ඇති කල යුතුයි.

    ලංකාවේ හරක් මස් වෙළඳපොල එක් ජන කොටසකට පමණක් නොව සෑම ජනකොටසකටම තරඟකාරී ලෙස ගනු ⁣දෙනු කල හැකි- competitive market equality තැනක් බවට පත් කල යුතුයි.

    ReplyDelete
  3. ගව ඝාතනය වේදනාකාරී නොවන එකක් කිරීම වඩා පලදායී වෙන බව මගේ හැඟීමයි. ('ටෙම්පල් ග්‍රෑන්ඩින්' චිත්‍රපටිය බලන්ටම වටින්නෙ මේ ගැන වැඩි විස්තර තියෙන, ලස්සන film එකක් නිසයි.)

    ReplyDelete
  4. ඇමරිකන් හමුදාව කැඳවා මාවනැල්ල නගරයේ පරිපාලනය ලබා දෙමු. සන්නධ අරගලයකින් මාවනැල්ල නගරයේ පරිපාලනය අත්කරගමු. කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලයේ නියුතු විමුක්ති ගරිල්ලන් සටනට කැඳවමු

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: