වෙබ් ලිපිනය:

Friday, May 14, 2021

අඹ කැඩීම හා අඹ බෙදීම


ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න. එවිට තවත් අමතර කරුණු ඉදිරිපත් කළ හැකියි.

මේ ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිතුරු තිබෙනවා. ඒ පිළිතුරු වලටද පිළිතුරු තිබෙනවා. එහෙත් කවුරු හෝ විසින් පළමුව නිසි පිළිතුරක් ලබා දෙන තුරු, අප විසින්ම මේ ප්‍රශ්න ඉදිරිපත් කර අප විසින්ම පිළිතුරුද සපයන්න අප අපේ කාලය නාස්ති කරන්නේ නැහැ. 

ආදායම් විෂමතා තිබීම මේ ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිගත හැකි පිළිතුරක් නෙමෙයි. ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ දකින අයෙකු එයින් පියවරක් පසුපසට ගොස් ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් වන්නේ ඇයි කියන එක පැහැදිලි කළ යුතුයි. ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ අප විසින්ද හඳුනා ගන්නා නමුත් ඒ ආදායම් විෂමතා තිබීම යන කරුණ මතම පදනම්ව නොව එහි ද්විතීයික ප්‍රතිඵල මත පදනම්වයි. ආදායම් විෂමතා තිබීම නිසා ඇති වන හෝ ඇති විය හැකි ප්‍රශ්න වලට විසඳුම් ලැබේනම් ආදායම් විෂමතා තිබීම තිබීම ප්‍රශ්නයක් නොවනවාක් මෙන්ම බොහෝ හේතු මත ආදායම් විෂමතා තිබීම සාධනීය දෙයක් ලෙස හඳුන්වන්නද පුළුවන්.

වසර හයකට ආසන්න කාලයක් අප සමාජවාදයට එරෙහිව ධනවාදය වෙනුවෙන් පෙනී සිටියා. එසේ සමාජවාදය විවේචනය කිරීමේ පදනම මේ වන විට පැහැදිලි කර අවසන්ව තිබෙනවා කියා මම හිතනවා. අපේ සමාජවාදී විරෝධය ජනතා විමුක්ති පෙරමුණ විසින් අසූඅට අසූනවය කාලයේ සිදු කළ බස් ගිණි තැබීම හා මිනී මැරීම ආදිය වැනි දේවල් මත පදනම් වූ සරල විරෝධයක් නොවන බව කාට වුවත් පැහැදිලි විය යුතුයි.

අප සමාජවාදයට එරෙහිව ලියද්දී ඇතැම් අය මෙහි පැමිණ ධනවාදයට හා ඇමරිකාවට එරෙහිව වට්ටෝරු ප්‍රතිචාර දමනවා. වැරදි කරුණු ඉදිරිපත් වන විට අපට වෙලාව තිබෙන අවස්ථා වලදී මේ වට්ටෝරු ප්‍රතිචාර වලටද ප්‍රතිචාර සපයා ඇතත්, අපට ධනවාදය හෝ ඇමරිකාව සමඟ අනුරාගී බැඳීමක් නැති බවද කිව යුතුයි. අප සමාජවාදයට එරෙහිව ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ කරුණු හා තර්ක මත පදනම්වයි. ඇමරිකාව ගැන බොහෝ විට කතා කරන්නේ සංසන්දනයක් කිරීමක් කළ යුතු වූ විටයි. ධනවාදය හා ඇමරිකාව කියන්නේ කරුණු දෙකක්. ඇමරිකාවේ සිදුවන හැම දෙයක්ම සිදු වන්නේ ධනවාදයේ මූලධර්ම අනුව නෙමෙයි.

ධනවාදය කියා කියන්නේ කෝකටත් තෛලයක් නෙමෙයි. එය සමාජවාදයට සාපේක්ෂව කාර්යක්ෂමයි. එය ඉතාම පැහැදිලියි. එහෙත් කාර්යක්ෂමතාවය හැම විටම සමාජයක එකම ඉලක්කය විය යුතු නැහැ. වෙනත් සමාජයීය අරමුණු වෙනුවෙන් කාර්යක්ෂමතාවය කැප කළ යුතු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම ධනවාදයේ සීමාවන් තිබෙනවා. මේ සීමාවන් ගැන කතා කරන්න කලින් සමාජවාදය පැත්තකට කර තියන්න වෙනවා. 

ධනවාදය පවතින තත්ත්වය එලෙසම නඩත්තු කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ධනවාදය තුළ සමාජ ප්‍රගමනය සිදු වන්නේ නිරන්තරයෙන්ම පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කර ගැනීම හරහායි. එහි ආරම්භක පියවර ලෙස පවතින තත්ත්වයේ අඩුපාඩු හඳුනාගෙන විවේචනය කළ යුතුයි. අප විසින්ද මෙය කරනවා. එහෙත් ඒ සමාජවාදී ප්‍රවේශයකින් නෙමෙයි. 

යහපත් වෙනසක් සඳහා පවතින තත්ත්වය එකවර උඩුයටිකුරු කළ යුතුයැයි අප සිතන්නේ නැහැ. ආර්ථික කළමනාකාරණයේ සිට දේශපාලනය වෙතට පැමිණියොත්, දේශපාලනය ස්ථානගත විය යුත්තේ දැන් අප ජිවත් වන මේ මොහොතේ මිස අතීත ශ්‍රී විභූතියක හෝ මනෝරාජික අනාගතයක නෙමෙයි. ධනවාදය යනු අතීතයෙන් පාඩම් ඉගෙන, අනාගත දැක්මක් ඇතිව, මේ මොහොත කළමනාකරණය කර ගැනීමයි. මේ මොහොත වෙනස් කර ගැනීමයි.

සම්පත් බෙදීම පිළිබඳ ධනවාදී පරමාදර්ශය වන්නේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ශ්‍රම සම්පාදකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ප්‍රාග්ධන සම්පාදකයාටත් ලැබිය යුතු බවයි. මාක්ස්වාදය විසින් ඓතිහාසික තර්කනයක් මත පදනම්ව ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ප්‍රාග්ධන සම්පාදකයාට හිමි වීම ප්‍රතික්ෂේප කරනවා. එහෙත්, මාක්ස්වාදී පරමාදර්ශය තුළද වක්‍ර ලෙස මේ දෙයම සිදු වෙනවා. 

මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ශ්‍රමයේම වෙනත් ස්වරූපයක් සේ හඳුනා ගන්නවා. ඒ අනුව, ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වෙන් නොකෙරුණත්, ප්‍රාග්ධනය නිර්මාණය කිරීම සඳහා වැය කෙරුණු ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් කිරීම හරහා වක්‍ර ලෙස මේ දෙයම සිදු වෙනවා. මේ හේතුව නිසා පරිපූර්ණ ධනවාදයකත්, මාක්ස්වාදය මත පදනම් වූ පරිපූර්ණ සමාජවාදයකත්, ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ විශාල ලෙස වෙනස් වෙන්න හේතුවක් නැහැ. මෙහිදී මා ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ කියා කියන්නේ සියලුම ශ්‍රමිකයින් සමස්තයක් සේ සලකා මිස ශ්‍රමිකයන් තනි තනිව ගෙන නෙමෙයි. ශ්‍රමිකයන් තනි තනිව ගත්තොත්නම් අනිවාර්යයෙන්ම වෙනසක් තිබෙනවා. මේ කරුණට අපි පසුව එමු.

පරිපූර්ණ ධනවාදී හෝ පරිපූර්ණ සමාජවාදී සමාජ ලෝකයේ කොහේවත් නැහැ. කවදාවත් තිබිලත් නැහැ. එහෙත් වඩා ධනවාදී හා වඩා සමාජවාදී රටවල් අපට පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. මේ රටවල් වල නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී ගොස් තිබෙන ආකාරය පරීක්ෂා කළ විට ධනවාදී රටවල ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටසේ අඩුවක් නැති බව හා බොහෝ විට වැඩි බව අපට පැහැදිලිව පෙනෙනවා. මෙය ඉතා පැහැදිලිව පෙනෙන්න තියද්දී ප්‍රාග්ධනය විසින් ශ්‍රමය සූරාකෑම ගැන කතා කරන එක තේරුමක් නැති, පදනමක් නැති දෙයක්.

අතිරික්තය බෙදී යාමේ විෂමතා ගැන කතා කරන්න අපට ප්‍රාග්ධනය ගාවගන්න අවශ්‍ය නැහැ. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් නොකෙරෙන ශ්‍රමය වෙනුවෙන් පමණක් ප්‍රතිලාභ වෙන් කෙරෙන මනඃකල්පිත ධනවාදයක් ගැන අපි හිතමු. ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙනවා කියන එක ඇත්තටම වෙන්නේ අපි ඉගෙන ගන්න, උගන්වන ධනවාදී ආකෘතිය ඇතුළේ. මේ ආකෘතියත් මාක්ස්වාදී ආකෘතිය වගේම වියුක්ත ආකෘතියක්. සැබෑ ලෝකය තියෙන හැටියටම තියෙද්දී අප‍ට වියුක්ත ලෙස මේ ධනවාදී ආකෘතිය පමණක් වෙනස් කරන්න පුළුවන්. මේ විකල්ප ආකෘතියේ ප්‍රාග්ධන හිමියෝ නැහැ. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභත් නැහැ. එහෙත් ප්‍රාග්ධනය සම්පාදනය කිරීම සඳහා ශ්‍රමය යෙදවූ අයට ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ආකෘතිය මේ විදිහට වෙනස් කළත් සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් වෙන දේ ඒ විදිහටම වෙනවා. වෙනස් වන්නේ එය අප තේරුම් ගන්න විදිහ පමණයි. මාක්ස්වාදී ආකෘතියේ තිබෙන සූරාකෑම දැන් තියෙන්නේ කොහේද?

ධනවාදී බෙදීම හා මාක්ස්වාදී බෙදීම එකිනෙකින් වෙනස් වන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස මත කියන එක මතුපිටින් පෙනෙන්න තියෙන දෙයක් පමණයි. එසේ පෙනෙන්නේ අපේ විග්‍රහයන් තුළ. ආකෘති තුළ. ආකෘති වෙනස් කළොත්, අඩු වශයෙන් පරමාදර්ශී තත්ත්වයන් තුළ, ලොකු වෙනසක් නැහැ. එහෙමනම්, මේ දෙකේ වෙනස කුමක්ද?

ප්‍රාග්ධනය පැත්තකටම කරලා මේ වෙනස පැහැදිලි කරන්න පුළුවන්. ප්‍රාග්ධනයේ කොටස අයින් කරලා ශ්‍රමයේ පංගුව නියතයක් සේ සැලකුවත්, ක්‍රම දෙකේදී එම පංගුව එක් එක් ශ්‍රමිකයන් අතර බෙදී යන්නේ එකම ආකාරයට නෙමෙයි. මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ආදාන (input) මත පදනම් වූ බෙදීමක්. ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රතිදාන (output) මත පදනම් වූ බෙදීමක්. 

මෙය තේරුම් ගැනීමට පහසු සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ගෙඩි පිරුණු විශාල අඹ ගසක් තිබෙනවා. අවශ්‍යනම් මෙය පොදු ප්‍රාග්ධනයක් කියා හිතමු. කුඩා දරුවන් කණ්ඩායමක් අඹ කඩා ගන්න අඹ ගහට පොලු ගහනවා. පොලු ගැහුවේ නැත්නම් අඹ කන්න ලැබෙන්නේ නැහැ. එහෙත් ගහන පොලු හැම එකක්ම අඹ වල්ලක වදින්නේ නැහැ. අඹ කන්නනම් පළමුව පොලු ගහන්න මහන්සි විය යුතුයි. එක දිගට වැඩි වෙලාවක් පොලු ගහන දරුවාට බොහෝ විට වැඩියෙන් අඹ ලැබෙනවා. දෙවනුව පොලු ගැහීමේ කුසලතාවයක් තිබිය යුතුයි. එක සමාන මහන්සියක් වෙන දරුවන් දෙදෙනෙකු අතරින් ඉලක්කයට පොලු ගැසීමේ කුසලතාවය තිබෙන අයෙකුට බොහෝ විට වැඩියෙන් අඹ ලැබෙනවා. මීට අමතරව ඇතැම් විට වාසනාවද බලපානවා. ලොකු අඹ වල්ලකට මුල් වරම කණා ෂොට් එකක් වදින්න පුලුවන්. ධනවාදයක් ඇතුළේ සාර්ථක වීමට ඔය කරුණු තුනම බලපානවා.

දැන් ධනවාදය විසින් යෝජනා කරන බෙදීම කුමක්ද? අඹ වල අයිතිය එම අඹ කඩා ගැනීම සඳහා පොල්ල ගැසූ දරුවාටයි. මේ පදනම මත සියලුම දරුවන් අතර අඹ සමසමව බෙදී යන්නේ නැහැ. එහෙත්, සියලුම දරුවන්ට අඹ කඩා ගන්න සමාන අවස්ථා තිබෙනවා. මහන්සි වී පොලු නොගැසීම නිසා හෝ ගහපු පොලු අඹ වලට නොවැදීම නිසා අඹ නොලැබුණු අයෙකුට අඹ කන්න ලැබෙන්නේ අඹ කඩාගත් අයෙකුගේ සහකම්පනය මතයි. ආදාන කොපමණ වුවත් ප්‍රතිදාන නැත්නම් එයින් පලක් නැහැ.

මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ආදාන මත පදනම් වූ බෙදීමක්. ඒ අනුව, අඹ කැඩීම වෙනුවෙන් වැය කළ ශ්‍රම කාලය අනුව අඹ බෙදී යා යුතුයි. සියලු දෙනාම අඹ කඩන්න පැය බැගින් මහන්සි වුනානම් අඹ සමසමව බෙදෙනවා. බෙදෙනවා කියා කිවුවත් මේ බෙදීම කරන කෙනෙක් සිටිය යුතුයි. ලැබෙන අඹ ඉදුණු අඹද අමු අඹද කියා තීරණය වන්නේ මේ බෙදන්නා මතයි. ඒ වගේම බෙදන්නා එක අඹයක්වත් නොකැඩූ අයෙක් වෙන්න පුළුවන්. එක් දරුවෙකු අඹ කඩන්න ආවේ පැය බාගයකට පසුවනම්, එතෙක් කිසිවකු විසින් අඹ කිසිවක් කඩාගෙන නොතිබුණේ හා අඹ වැටුනේ ඔහුගේ පළමු පොලු පාරෙන් වුවත්, ඔහුට ලැබෙන්නේ අනෙක් අයට ලැබෙන අඹ ප්‍රමාණයෙන් බාගයක් පමණයි.

මාක්ස්වාදී බෙදීම තුළ කවුරුවත් ඉලක්කයට පොලු ගහන්න මහන්සි වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ පුළුවන් තරම් මහන්සි වී පොලු ගැසීම මිසක් ගහන පොලු අඹ වල වැදෙන එක නෙමෙයි. එහෙත්, ධනවාදය තුළ ඉලක්කය පුළුවන් තරම් අඹ කඩා ගැනීම මිසක් පුළුවන් තරම් මහන්සි වී පොලු ගැසීම නෙමෙයි. මේ වෙනස නිසා, ධනවාදී ක්‍රමයකදී වැඩියෙන් අඹ කැඩෙනවා. එහෙත් අඹ සමානව බෙදෙන්නේ නැහැ. සමාජවාදී ක්‍රමයකදී කැඩෙන අඹ ටික ආසන්න වශයෙන් සමානව බෙදෙනවා. 

ධනවාදී ක්‍රමයේදී සාධාරණත්වය තීරණය කිරීමේ බලය සතු අඹ කඩන දරුවා හොඳම අඹය කනවා. සමාජවාදී ක්‍රමයේදී සාධාරණත්වය තීරණය කිරීමේ බලය සතු අඹ බෙදන දරුවා හොඳම අඹය කනවා. අඹ වෙනුවට කෝවිඩ් එන්නත් වගේ ඕනෑම දෙයක් දමාගන්න පුළුවන්.

31 comments:

  1. චාර්වකMay 14, 2021 at 11:05 PM

    "ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්."

    මේක මෝඩ ප්‍රශ්නයක්! ඕනෑම ප්‍රශ්නයකට ධනවාදී පිලිතූරක් දෙන්නත් පුළුවන්, සමාජවාදී පිලිතුරක් දෙන්නත් පුළුවන්.

    ටිකක් පැහැදිලිව හිතලා හිතලා ප්‍රශ්නය අහන්න ආයෙ...

    ReplyDelete
    Replies
    1. ඔබට ගාලු මුවදොර වරාය නගර පිවිසුමේ සිට සිට පිටකොටුව බෝගහ හන්දිය දක්වා ත්‍රිරෝද රථයක යන්නත් පුළුවන්. පයින් යන්නත් පුළුවන්. මේ විසඳුම් දෙකම ගාලු මුවදොර සිට පිටකොටුව දක්වා යා හැක්කේ කොහොමද කියන මූලික ප්‍රශ්නයට තිබෙන විකල්ප විසඳුම් දෙකක්. විසඳුම් දෙකෙන්ම (හා බස් එකේ යාම වැනි තවත් විසඳුම් වලින්) ප්‍රශ්නය විසඳෙනවා. නමුත් ත්‍රිරෝද රථයක යාමෙන් වඩා ඉක්මණින් යා හැකියි. මෙහිදී පයින් යාමේ විකල්පයෙන් නොවිසඳෙන අමතර ප්‍රශ්නයකටද (බොහෝ විට මෙය ඇතුළු අමතර ප්‍රශ්න කිහිපයකටම) ත්‍රිරෝද රථ විකල්පය විසින් විසඳුමක් සපයනවා. බොහෝ දෙනෙක් ගාලු මුවදොර සිට සිට පිටකොටුව දක්වා පයින් යන්නේ නැහැ.

      එහෙත් පයින් යන අයද සිටිනවා. පයින් යන කෙනෙක් එසේ කරන්නේ මුදල් වැය නොකර ගාලු මුවදොර සිට පිටකොටුව දක්වා යා හැකි නිසයි. එවැනි කෙනෙකු හා අදාළව ත්‍රිරෝද රථ විකල්පය විසින් විසඳුමක් නොසපයන අමතර ප්‍රශ්නයකට (බොහෝ විට මෙය ඇතුළු අමතර ප්‍රශ්න කිහිපයකටම) පයින් යාමේ විකල්පය විසින් විසඳුමක් සපයනවා. ප්‍රශ්නයකට වැඩකට ඇති විකල්ප විසඳුම් කිහිපයක් තිබිය හැක්කේ එක විසඳුමකින් නොවිසඳෙන අමතර ප්‍රශ්නයකට වෙනත් විසඳුමක් පිළිතුරු සපයන සන්දර්භයකයි. එක විකල්පයකින් පිළිතුරු සපයන සෑම ප්‍රශ්නයකටම දෙවන විකල්පයකින් අඩු වශයෙන් ඒ තරමටම හොඳ විසඳුම් සපයනවානම් සහ එක් ප්‍රශ්නයකට හෝ වඩා හොඳ විසඳුමක් සපයනවානම් පළමු විකල්පය වැඩකට නැති විකල්පයක්. එවැනි විකල්ප යම් කාලයක් පැවතිය හැකි වුවත් පරිණාමයේදී නැති වී යනවා.

      ඕනෑම ප්‍රශ්නයකට ධනවාදී හෝ සමාජවාදී පිළිතුරු නැහැ. ධනවාදය විසින් විසඳුම් දෙන්නේ වඩාත්ම කාර්යක්ෂම ලෙස ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සම්පත් බෙදීම කියන නිශ්චිත ප්‍රශ්නයට. මේ හරහා වක්‍ර ලෙස මිස සෘජුව ධනවාදය විසින් වෙනත් ප්‍රශ්න වලට විසඳුම් සපයන්නේ නැහැ. කරුණාකර පෙර ලිපි කියවන්න. ලිපි ගණනාවක පියවරෙන් පියවර විස්තර කළ දේවල් නැවත ලියන්න බැහැ. මාක්ස්වාදය මත පදනම් වූ සමාජවාදය විසින්ද මේ ප්‍රශ්නයටම විකල්ප විසඳුමක් ඉදිරිපත් කරනවා. එය ධනවාදයට වඩා අකාර්යක්ෂම බව න්‍යායාත්මක ලෙස වගේම අනුභූතික ලෙසද මම පැහැදිලි කර තිබෙනවා. මේ ගැන එකඟ නොවනවානම් ඔබට ඒ බව පෙන්වා දීමේ අවස්ථාව තිබෙනවා. එසේ නොකරනවානම් ධනවාදය වඩා කාර්යක්ෂම බව පිළිගන්න වෙනවා.

      දෙවනුව, ධනවාදය බොහෝ දුරට බලහත්කාරකින් තොරව පවත්වා ගෙන යා හැකියි. සමාජවාදය (මාක්ස්වාදය මත පදනම් වූ "විද්‍යාත්මක" සමාජවාදය) දැඩි බලහත්කාරකින් තොරව පවත්වා ගෙන යා නොහැකියි. මාක්ස් විසින්ම යෝජනා කළ ආකාරයට අතරමැදි සමාජවාදී රාජ්‍යයක් අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගන්නයි. නමුත් සියලුම ප්‍රායෝගික නිදර්ශන වලින් පෙනෙන්නේ එහි අනෙක් පැත්තයි. මෙය පළමුවැන්න මෙන් න්‍යායාත්මක අනිවාර්යතාවයක් නෙමෙයි. සෛද්ධාන්තික ලෙස බලහත්කාරයක් නොමැතිව සමාජවාදයක් පවත්වාගෙන යා හැකි තරමට මිනිස්සු වෙනස් කළ හැකි වෙන්න හෝ ඉබේම වෙනස් වෙන්න පුළුවන්. නමුත් එය දුරස්ථ ඉලක්කයක්. ඒ වගේම මිනිස්සු ඒ විදිහට වෙනස් වෙනවානම් පවතින ධනවාදයේ ස්වරූපයත් ඉබේම වෙනස් වන නිසා විකල්පයක අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ. න්‍යායාත්මක අනිවාර්යතාවයක් නොවුනත් මේ විදිහට මිනිස්සු වෙනස් වන බවක් අපට පෙනෙන්න නැහැ. සමාජවාදය බලහත්කාරය රහිතව නඩත්තු කළ හැක්කේ මිනිස්සු වෙනස් වුනොත් පමණයි. එහෙත් ධනවාදය මිනිස් ස්වභාවය වෙනස් වීම හා එසේම පැවතීම යන තත්ත්වයන් දෙකම යටතේ පහසුවෙන් නඩත්තු කළ හැකියි.

      ධනවාදී ක්‍රමයක තිබෙන, සමාජවාදී ක්‍රමයක නැති, සාපේක්ෂ වාසි දෙකක් මෙහි පැහැදිලිව විස්තර කර තිබෙනවා. සමාජවාදී හෝ සමාජවාදී නොවන වෙනත් විකල්පයක් ගැන යෝජනා කරන කෙනෙක් එම විකල්පය ධනවාදයට වඩා සාධනීය වන්නේ කවර තත්ත්වයන් යටතේද කියන එක පැහැදිලි කළ යුතුයි. වෙනත් විදිහකින් කිවුවොත් සමාජවාදය විසින් විසඳන ධනවාදය විසින් නොවිසඳන අමතර ප්‍රශ්න මොනවාද? ප්‍රශ්නය පැහැදිලියි කියා හිතනවා.

      Delete
    2. චාර්වකMay 16, 2021 at 10:46 PM

      ධනවාදී ක්‍රමයක තිබෙන, සමාජවාදී ක්‍රමයක නැති, සාපේක්ෂ වාසි දෙකක් මෙහි පැහැදිලිව විස්තර කර තිබෙනවා.

      කාර්යක්ෂම
      බලහත්කාරකින් තොරව

      කාර්යක්ෂමතාව, කැමැත්ත (බලහත්කාරයකින් තොරව) ඩිෆයින් කරන්න තියෙන්නෙ එකම ක්‍රමයක් නෙමෙයි. ඒකට පදනම් වෙන්නෙ ඒන්ඩ් ගෝල් එක. ඒන්ඩ් ගෝල් දෙකක් තියෙන්නෙ. ඉතිං කවදාවත් අහන්න බැරි ප්‍රශ්නයක් ඕක...

      පොඩ්ඩක් ආයෙ කියවලා බලන්න හෙමීට මොකද්ද කියලා තියෙන්නෙ කියලා.

      Delete
    3. //කාර්යක්ෂමතාව, කැමැත්ත (බලහත්කාරයකින් තොරව) ඩිෆයින් කරන්න තියෙන්නෙ එකම ක්‍රමයක් නෙමෙයි. ඒකට පදනම් වෙන්නෙ ඒන්ඩ් ගෝල් එක. ඒන්ඩ් ගෝල් දෙකක් තියෙන්නෙ.//

      ඔබේ එන්ඩ් ගෝල් එක අනුව ඔබට අවශ්‍ය පරිදි කාර්යක්ෂමතාව, කැමැත්ත (බලහත්කාරයකින් තොරව) ඩිෆයින් කරලා ඔබේ පිළිතුර සපයන්න. ප්‍රශ්නයක් නැහැ.

      ඔබේ එන්ඩ් ගෝල් එක අනුව (එය පැහැදිලිව සටහන් කර) ඔබට අවශ්‍ය පරිදි කාර්යක්ෂමතාව, කැමැත්ත (බලහත්කාරයකින් තොරව) ඩිෆයින් කිරීමෙන් පසුව ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද?

      Delete
    4. චාර්වකMay 17, 2021 at 1:15 AM

      පන්තිභේදයකින් තොර සමාජයක් බිහිකරන්න "ඔය කියන" කාර්යක්ශමතාවයෙ කිසිම අවශ්‍යතාවයක් නැහැ. පුද්ගලයාගේ කැමැත්ත අකමැත්ත අදාලත් නෑ.

      එහෙම හිතෙන්නෙ, කාර්යක්ෂමව, දියුණුව කරා නොතිත් ගමනක් යා යුතුයි කියලා මතයක් "නිශ්පාදනය" කරලා තිබෙන නිසා. පුද්ගල කැමැත්ත අකමැත්ත "පැරමවුන්ට්" කියලා කාවද්දලා තියන නිසා. එහෙත් ඔය දෙකම හුදු කන්ස්ට්‍රක්ට්ස්.

      මානසික හා සමාජීය කන්ස්ට්‍රක්ට්ස්.

      දැං ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්නෙ මටත් අර නොතිත් දියුණුව අවශ්‍යයි කියලා හිතාගෙන. ඒක වැරදි අසම්ප්ශන් එකක්. පුද්ගල කැමැත්ත අකමැත්තක් එච්චරයි. අත්දකින දේ, කලහැකි දේ අනුව තමා කැමැත්ත අකමැත්ත තීරණය වෙන්නෙත්.

      ක්ලාස්ලස් සොසයිටියකට ඔය කිසිවක "ධනවාදී අර්ථකතන" වැඩක් නැහැ...

      ඔය දේවල් වර්ථමාන වෙස්ටර්න් පේට්‍රියාකල් පවර් ස්ට්‍රක්චර්ස් පවත්වාගෙන යන්න ගහන ගැට. ඔබතුමත් අහුවුන කෙනෙක්...

      ///ඔබේ එන්ඩ් ගෝල් එක අනුව (එය පැහැදිලිව සටහන් කර) ඔබට අවශ්‍ය පරිදි කාර්යක්ෂමතාව, කැමැත්ත (බලහත්කාරයකින් තොරව) ඩිෆයින් කිරීමෙන් පසුව ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද?///

      ආයෙත් අර කරන්න බැරිදේම කරන්න කියනවා. මෙතෙක් කිව්ව කිසිවක් තේරිලා නැහැ වගේ...

      Delete
    5. පිළිතුර යම් තරමකින් පැහැදිලියි. ඔබ කියන්නේ ධනවාදය පවතින තුරු ක්ලාස්ල්ස් සොසයිටි එකක් හදන්න බැහැ. ඔබ විශ්වාස කරන කුමක් හෝ විකල්ප ක්‍රමයෙන් එවැනි එකක් හදන්න පුළුවන් කියන එකනේ. ඒ කියන්නේ ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්නය වන්නේ ක්ලාස්ල්ස් සොසයිටි එකක් හැදීම. ඒ සඳහා, වෙස්ටර්න් පේට්‍රියාකල් පවර් ස්ට්‍රක්චර්ස් නැති කළ යුතුයි වගේ අදහසක් ඔබ ලියා ඇති දේ තුළ පෙනෙන්න තිබෙනවා. එහෙත් එය කරන හැටි හෝ වෙන හැටි ඔබ කියා නැහැ.

      ඔබ වැනි සුළු පිරිසකට කවදාවත් කොහේවත් නොතිබුණු පංති කියා දෙයක් තිබෙන බව විශ්වාස කරන්න උගන්වා තිබෙනවා. ඒ වගේම ඒ පන්ති නැති කර පංති රහිත සමාජයක් බිහි කිරීම ගැනත් උගන්වා තිබෙනවා. මම හිතන විදිහට ඔබට අනෙක් හැම ඉලක්කයක්ම ද්විතියිකයි. නමුත් ලෝකයේ අති මහත් බහුතරය ඔය වගේ විශ්වාසයක නැහැ. ඔවුන්ට අවශ්‍ය භෞතික දියුණුව හා/හෝ මානසික නිදහස. ලෝකයේ අති මහත් බහුතරය ඔබ මෙන් නොසිතන්නේ වෙස්ටර්න් පේට්‍රියාකල් පවර් ස්ට්‍රක්චර්ස් නිසා කියා ඔබ හිතනවා. ඊනියා නිර්ධන පංතියකට ඊනියා පංති විඥානයක් නොතිබීම ප්‍රශ්නයට මුල කියා ඇතැම් අය සිතුවා. ඔබ ඒ වෙනුවට වෙස්ටර්න් පේට්‍රියාකල් පවර් ස්ට්‍රක්චර්ස් හේතුව සේ දකිනවා. ඔබ විසින් ඔබට අවශ්‍ය පරිදි ලෝකය දැකීමේ වැරැද්දක් නැහැ. ඒ සඳහා හේතු තිබීම අවශ්‍ය නැහැ. එහෙත් ඔබ විසින් පුද්ගල කැමැත්ත වැදගත් සේ නොසැලකීම තුළ ඔබ මෙන් නොසිතන (ඔබට අනුව කිසි දෙයක් නොතේරෙන) අනෙක් අය මත බලහත්කාරය හා/හෝ ප්‍රචණ්ඩත්වය යෙදීම කරා යොමු වුවහොත් එහිදී ඔබ තවදුරටත් ආගමික විශ්වාස වල සිටින අනෙක් පුද්ගලයින්ට සමාන වන්නේ නැහැ. එහිදී ඔබව දමන්න වෙන්නේ ඉතා සුළු පිරිසක් වන ආගමික අන්තවාදීන්ගේ ගොඩටයි.

      ඔබ සාධනීය හෝ නිශේධනීය විකල්ප අදහසක් දරන අයෙක් පමණක්ද නැත්නම්, සමාජයීය යහපත තකා කවර හෝ වියදමකින් විනාශ කර දැමිය යුතු ආගමික අන්තවාදයක් නියෝජනය කරන අයෙකුද කියන එක තීරණය වන්නේ ඔබේ විග්‍රහය අනුව ඔබ දකින වෙස්ටර්න් පේට්‍රියාකල් පවර් ස්ට්‍රක්චර්ස් නැති කිරීම සඳහා ඔබ යෝජනා කරන ක්‍රියාමාර්ගය අනුවයි. එම ක්‍රියාමාර්ගය සාමකාමී ලෙස දැනුවත් කිරීමක් වැනි දෙයක්නම් එහි ප්‍රශ්නයක් නැහැ.

      Delete
  2. මම හිතන්නේ මේ ප්‍රශ්නය තේරුමක් නැති පඹයා දැමීමක් බවයි. උදාහරණයක් විදියට බුදු දහමට පිළිතුරු දිය නොහැකි කිතු දහමට පිළිතුරු දිය හැකි ප්‍රශ්න මොනවාද කියලා අහන එක වගේ. එතකොට කිතුණු අය කියයි පවු සමා කරන එක, ආනන්තරිය පාප කර්ම වලට පවා කන්ෆෙෂන් පාපොච්චාරණයක් කරලා සමාව ගතහැකි බව. නමුත් බොදුනුවන් මේක පිළිගන්නේ නැහැ.

    අන්න ඒ වගේම තමයි සමාජවාදී/ කොමියුනිස්ට් ආගමික අන්ත වාදීන් සහ ධනවාදී ලිබරල් අන්තවාදී ආගමික කණ්ඩායම් සමග ඇති මේ ආගමික වාදය. සමාජවාදී ආගමික කණ්ඩායම් වලට සෑම ප්‍රශ්නයකටම ඔවුන්ගේම පිළිතුරු තියෙනවා. ලිබරල් නිදහස් වෙළඳ පොළ/ධනවාදී අන්තවාදී ආගමික කණ්ඩායම් වලටත් එහෙමයි. මේව ගැන දීර්ඝ ලෙස සාකච්චා කරමින් වාද කරන එක තේරුමක් නැති මගුලක්.

    ලෝකයේ මේ වන විට වේගයෙන්ම පැතිරෙන දහම මහ මදික දහමයි. වැඩිම පිරිසක් අදහන්නන් විවිධ කිතු දහම් ප්‍රභේද සතුයි. නමුත් ඊට සාපේක්ෂව සුළුතරයක් වූ බෞද්ධයන් හෝ නිරාගමිකයන් පිළිගන්නේ නෑ ඉහත දහම් සත්‍ය බවට.

    අන්න ඒ වගේ පහුගිය කාලෙ වසර 25 - 30ක් විතර ලිබරල් ධනවාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි රටවල් ආර්ථික වශයෙන් බලවත් වුණා. නමුත් දැන් ඊට වෙනස් චීනය, ගිනිකොණ දිග ආසියාවේ රටවල් සහ ඉදිරි කාලයේදී අප්‍රිකා මහද්වීපය විශාල වෙළඳ පොළක් ලෙස විකල්පයක් නිර්මාණය කරමින් වෙනම පිම්මක් පනින්න සූදානම්. දකුණු අප්‍රිකානු ජාතික එලෝන් මස්ක්ට පින් සිද්ද වෙන්න සූර්යය ශක්තිය හා සුළං බලය මගින් ලාබෙට බලශක්තිය නිපදවීම, විදුලි වාහන විප්ලවය සහ අභ්‍යවකාශයේ ජනපදකරණය වගේ දේවල් වල පිහිටෙන් ගිලෙන ඇමරිකානු සහ යුරෝපීය රටවල් වලට ටික කලක් සටන් කරන්න පුළුවන් වෙයි. ඒත් ඉන්දියාව වුණත් යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදී ගතියක් ඇතත් ඉතාමත් ආත්මාර්ථකාමී අධික ලෙස ආරක්ෂණවාදී කපටි ලිබරල් විරෝධී රටක් නිසා හිතන තරම් දියුණුවක්ලබා ගනී කියල හිතන්න අමාරුයි.

    කොහොමත් ඉදිරි කාලයේදී චීනය හා ආසියාවේ රටවල් සහ අප්‍රිකානු මූලික සමාජ දේශපාලන ආර්ථික ක්‍රමයක් ලෝකයේ බලවත්ම ක්‍රමය බවට පත්වන බව පැහැදිලියි නමුත් ඒකට ඕන නමක් දාගන්න පුලුවන් වෙයි. ඊටත් පස්සේ ඒක බිඳ වැටී වෙනමම ක්‍රමයක් බලවත් සම්ප්‍රදාය බවට පත්වන බව පැහැදිලියි.

    ඒ වගේම ඉකොනො අද ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතේ පලමු මාත්‍රාව අවුලක් නෑ. දෙවන මාත්‍රාව ගහපු ගමන් සන්කූලතා ගොඩයි. විශේෂයෙන්ම වර්ජිනියා වගේ පළාත්වල මොඩර්නා ජනප්‍රිය වුණාට ඒකත් ෂුවර් නෑ නේද? ඒ වගේම එංගලන්තයේ එහෙම ආසාත්මිකතා තියෙන අයට ෆයිසර් දෙන්නෙ නෑ.

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එකේ අවුල ඉතා කලකලාතුරකින් ලේ කැටි ගැසීම. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා ගහල සතියක් පමණ යනකම් හුගක් තේ/වතුර බොන්න ඕනෙ. රෑට නිදා ගන්න කොට වතුර එකක් බොන්න ඕනේ. රුධිරගත ජල සාන්ද්‍රණය වැඩි කර තබා ගන්න එය හේතු වෙනවා. එවිට ලේ කැටි ගැසීම අවම වෙනවා.

    ආරංචි වුණ විදියට ස්පුට්නික් වී ගොඩක් දුරට හොඳයි සයිනොෆාර්ම් සහ සිනොවැක් එකත් හොඳයි නමුත් රෝගය වැලඳීමෙන් වන ආරක්ෂාව චුට්ටක් විතර අඩු වුණත් මරණ වාර්තා නොවන බවත් කියනවා මේක ගැන මොකද හිතෙන්නෙ?

    ඒ වගේම චීනය අඟහරුට යැවූ යානය සමග චීන අභ්‍යවකාශ වැඩසටහන් ගැන මොකද හිතෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. කරුණාකර උඩ ප්‍රතිචාරයට ලබා දුන් පිළිතුර කියවන්න. චීනය ගැන පසුව තවදුරටත් කතා කරමු. චීන ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය අභිබවා ඉදිරියට පැමිණීම මගින් පෙන්නුම් කරන්නේ සමාජවාදය වඩා කාර්යක්ෂම බව නෙමෙයි. චීන ජනගහණය ඇමරිකන් ජනගහණය මෙන් හතර ගුණයක්. චීන ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය මෙන් හතර ගුණයක් වුවත් එයින් සමාජවාදය වඩා කාර්යක්ෂම බව තහවුරු වෙන්නේ නැහැ. චීන ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය මෙන් හතර ගුණයක් නොවීමෙන් පෙන්වන්නේ සමාජවාදයේ අකාර්යක්ෂමතාවයයි.

      Delete
  3. උස-මිටි භේද මෙන් ආලෝකය-අඳුර
    තිබෙන එකේ වරදක් වේවිද කවර
    සම කර කළෝතින් ඒවගෙ තැන් ඉවර
    පැතලි- නිරස ලොවකට දොර වෙයි විවර

    ReplyDelete
  4. ඔය වගේ සරල විදිහට අරකට මේක බැරි උනත් මේකට ඒක පුළුවන් කියලා සරලව පැහැදිලි කරන්න බැහැ මොකද හැම දෙයක්ම සම්බන්ධව ධනවාදී සහ සමාජවාදී ක්‍රමවල හැම කාරණයක්ම සම්බන්ධව ඉතාමත් ගැඹුරින් විස්තර කරමින් ප්‍රායෝගිකව සිදුවූ දේ ගැන උදාහරණ දෙමින් මේක ගැන ලොකු සංවාදයක් ගන්න වෙනවා. ඔබ යෝජනා කරන ඔය තත්වය යථාර්තයම නෙමෙයි. උදාහරණ වශයෙන් නවෝත්පාදන ව්‍යවසායක අවස්ථා (innovative business opportunities) සහ නවෝත්පාදන (innovations) පිළිබඳ ගත්තොත් නිදහස් වෙළඳ පොළ තුල (free market) තියෙන තරගකාරීත්වය තුලින් competition හරහා හොඳ ප්‍රතිඵල ලැබිය හැකියි කියා මම හිතනවා. ඇත්තටම free market කියලා objectively දෙයක් නැහැ. ආණ්ඩු විසින් ඒව නියාමනය regulate කරනවා තමයි. නමුත් මේ regulate කිරීමේ හැකියාව ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉතාම අඩුයි. මේ regulate කිරීමේ හැකියාව මත තමයි මාකට් කොතරම් free ද නැද්ද කියල තීරණය වෙන්නේ. ධනවත් බලවත් රටවල් තම බලගතු ආර්ථික හැකියාව ප්‍රයෝජනයට ගෙන free market වලට වැඩි බලපෑමක් ඇති කරන නීති හදනවා. මේක ඌන සංවර්ධිත රටවලට කරන්න බැරි නිසා ලංකාව වගේ රටවල් free market වලටම යට වෙනවා. දැන් අනිත් කාරණය ගෝලීය large corporations ඒගොල්ලන්ගෙ අති විශාල මහා වත්කම් ප්‍රයෝජනයට අරගෙන කනෙක්ෂන්ස් ප්‍රයෝජනයට අරගෙන regulation වල loop hole හොයාගෙන තවතවත් විශාල වෙනවා. මේ අවස්ථාව වන විට දියුණු වන හෝ දියුණු රටවල් කියලා නැහැ විශාල සමාගම් එම රටවල් සේරටම වගේ බලපෑම් කරනවා නමුත් කුඩා ආර්ථික වලට බලපෑම් ඉතා වැඩියි.

    බොහො ලිබරල්වාදී ධනවත් රටවල් පරිධියේ රටවලට රාජ්‍ය සතු වටිනා සම්පත් සියල්ල පුද්ගලික අංශයට විකුණන්න යෝජනා කරනමුත් එසේ යෝජනා කරන ගමන් තමුන්ගෙ රටේ පෞද්ගලික අංශය රජයෙන් සෘජුවම මැදිහත් වෙලා අවශ්‍ය පරිදි කොන්ට්‍රෝල් කරනවා. හිතේ හැටියට නටන්න දෙන්නෙ නෑ. එහෙම ධනය රැස් කරන්න අවස්තාව ලැබෙන්නෙ ඉතා සීමිත පිරිසකට පමණයි. අන්න ඒක ඇතුලෙ තමයි ඔය කියන ධනවාදී සුභ සාධනය පවත්වාගෙන යන්නෙ. (අර මම ගොඩක් කලින් පෝස්ට් එකක විස්තර කරල කියුවේ වියට්නාමෙට ගහන්න ප්‍රධාන හේතුව උන් ආසියා කලාපයේ exemplary economic model එකක් වෙයි කියන එකට බයට කියලා. ඒ වගේම පහුගිය කාලේ ලංකාවේ protectionist policies වලට EU එක නොසතුට පල කලේ)

    මේ කාරණා ගැන ගැඹුරින් අපුරු සංවාදයක් පහුගිය කාලේ වියත් මග කණ්ඩායම් පවා සිදු කලා ඔබට මතක ඇති. ඒ වගේම ධනවාදයට නිදහස් වෙළද පොළත් නිදහස් වෙළඳ පොලට ධනවාදයත් නැතුව පවතින්න පුළුවන්. නිදහස් වෙලද පොළක් පවතින්න රජයෙ බලපෑමක් අවශ්‍ය නෑ. උදාහරණයක් විදියට ලංකාවේ පිටකොටුවෙ මැනිං වෙලද පොළට එන දේශිය නිෂ්පාදන හුවමාරුව supply සහ demand මත එන ලොරි එළවළු ලෝඩ් එකෙ සිගැරැට් පෙට්ටි කෑල්ලක හිස් ලොරියෙ ආපහු නුවරඑළි යනකොට ගෙනියන ලෝඩ් එක ලියනවා. දවසෙ සීට්ටුවට ගණුදෙණු වෙනවා. බැංකු ආදයම් බදු කුවිතාන්සි ඒකට අදාළ වෙන්නෙ නෑ.

    නමුත් පිටරටින් එම වෙළද පොලට එන දේ වලට යම්කිසි ආකාරයකට බදු හරහා රජය මැදිහත් වෙනවා. (හොරෙන් ගේන ඒවාට නොවේ). ධනවාදි ආර්ථිකය ප්‍රාග්ධනය යොදලා නිෂ්පාදන කරලා ලාභය තනි පුද්ගල ලාභ ගැන කියද්දි නිදහස් වෙළඳ පොළ ලාභය සේවා භාණ්ඩ හුවමාරුවකට යනවා.

    ReplyDelete
    Replies
    1. තව දෙයක් තමයි උතුරු යුරෝපීය නෝර්ඩික් ආර්ථිකය ගැන ජෙරි මැන්න්ඩර්ගෙ හදුන්වාදීම ධනවාදයෙ සහ සමාජවාදයෙ මිශ්‍ර්ණයක් කියන එක (Hybrid system which features a blend of capitalist and economics with socialist values) සමාජ සුභ සාධනය ඉහළ ධනේශ්වර රාජ්‍යයන් ලෙස බොහොමයක් දියුණු ආර්ථික සහිත ධනවාදී රජයන් රජයේ මැදිහත් වීමෙන් ආර්ථිකය ධනවාදී වෙළඳ පොළටම ඕන ලෙස හැසිරෙන්න නොදි පාලනය කරනවා. එහෙම mix එකක් තියාගෙන බැලන්ස් කරගෙන තමයි ලංකාව වගෙ රටවල් වල සියල්ලම පෞද්ගලීකරණය කරපියව් කියන්නෙ. මම හිතන්නේ මේ ඕස්ට්‍රේලියාව තරම් විශාල වශයෙන් රජය විසින් පෞද්ගලික අංශයට තෙරපුමක් දෙන රටක් වෙන තියනවද දන්නෙ නෑ. හැම පෞද්ගලික වියාපාරයක්ම ආන්ඩුවෙ බොඩි එකකින් සෘජුව හෝ වක්‍රව පාලනය වෙනවා. ඕස්ට්‍රේලියානු රාජ්‍ය අංශය සංඛ්‍යාත්මකව ගත්තොත් ලංකාවේ ගානට වටා ටිකක් වැඩියි ජනගහනයට සාපේක්‍ෂව. ඒත් ඉතින් දුප්පත් ලංකාවට කියනවා රජය තව කුඩා කරන්න. ඒ වගේම Mainstream මාධ්‍ය තුල Communism කියන්නේ පාවිච්චි නොකළ යුතු වචනයක් ඇමරිකා එක්සත් ජනපදයේ 1980 /90 දශක වගේ වෙනකම්. අති විශාල වැරදි දෘෂ්ටිවාදයක් ඇමරිකා එක්සත් ජනපදයේ එඩ්ගා හූවර්ලාගේ පටන් දැඩිව ව්‍යාප්ත කරලා තිබුණා. මේක ඇත්තටම රුසියාවේ වුණු ඒකාධිපති පාලනයකට වඩා එහා ගිය නපුරක් හැටියටයි අති බහුතරයක් ඇමරිකන් ජාතිකයෝ හිතන් හිටියේ. කොමියුනිස්ට් කියන්නේ ත්‍රස්තවාදියෝ විදිහටයි ඇමරිකාවේ බහුතර සාමාන්‍ය ජනතාව දැනන් හිටියෙ. මේක නොතේරෙන අයට ඒ කාලේ ඇමරිකානු ජනප්‍රිය ෆිල්ම් එහෙම බලනකොට උනත් ඕක දකින්න පුලුවන් වෙයි.

      ඒ,වගේම ඇමරිකන් එක්සත් ජනපදයේ සමාජවාදී ආර්ථික සංකල්ප ගැන academics අධ්‍යයනය ඉතාමත් සුළු වශයෙන් සිදු වුණේ, ඇත්තටම යම්තාක් හෝ හොයන්න ගත්තෙත් 2008 ආර්ථික අවපාතයෙන් පසු.

      කොහොම වුණත් ඕක මේ මිනිස් සමාජය සැකසිලා තියන විදිහෙ inevitable ප්‍රතිඵලයක්.

      මිනිස් සමාජයත් ආදි වානර සමාජය වගේම රංචුව (සමාජය) පාලනය වෙන්නෙ ශරීර ශක්තියෙන් බලවත්ම පිරිමි සත්තු කල්ලියක් විසින්. උන්ගෙ සමාජයේ වරප්‍රසාද ඔක්කම (මධ්‍යහ්නෙ රස්නෙ වැඩිවෙන වෙලාවට බැහැලා ඉන්න වතුර වලේ හිමිකාරීත්වයේ ඉඳන් ගහක තියන හොඳටම ඉඳිලා පැහුණු ඵල දක්වා හැමදේම) බුක්ති විඳින්නෙ ඒ කල්ලිය විසින්. කල්ලියෙන් පිට එකෙක් වතුර වලට බහින්ඩ තරම් නිර්භීත වුණොත් ඌට මුළු කල්ලියෙන්ම දළ ගුටි. ඉතිං ඒ වරප්‍රසාද ප්‍රාර්ථනා කරන රැලේ අනිත් පිරිමි සතෙකුට අනිවාරෙන් සිද්ධ වෙනවා එක්කෝ තමන්ගෙ කාය ශක්තිය පෙන්නලා කල්ලිය තුළට පිළිගනු ලබන්න. එහෙම නැත්තං තවත් පිරිමි සත්තු කීපදෙනකු එක්ක එකතු වෙලා වෙනම කල්ලියක් හදාගෙන, අර දැන් බලවත් කල්ලිය වයසට ගිහාම උන්ව කාය ශක්තියෙන් පරද්දලා උන්ගෙ තැන තමන්ට ගන්න.

      මිනිස් සමාජෙ මේ කාය ශක්තිය අද කාලෙ replaced වෙලා තියෙන්නෙ, ආර්ථික බලය, වත්කම් ආදිය විසින්.

      මම මේ ළඟදි දැක්කා, අප්‍රිකාවෙ සමස්ත කෘෂිකාර්මික ඉඩම්වලින් 31% ක අයිතිය අද අයිති කරන් ඉන්නෙ යුරෝපය, ඇමරිකා එ.ජ., සහ මැදපෙරදිග ඉන්න ධනවත්ම මිනිස්සු කීපදෙනා කියලා (මගේ සංඛ්‍යා වැරදි ඇති, ඒත් මෙහෙම දෙයක් ඇත්තටම තියෙනවා).

      https://www.washingtonpost.com/news/wonk/wp/2015/05/21/rich-countries-are-buying-up-farmland-from-poorer-ones-around-the-world/

      ඇමරිකා එ.ජ. වගා ඉඩම්වල ඉරණමත් ඒකමයි. බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් විතරක් මිලට අරන් තිබුණා ඇමරිකා එ.ජ.යේ ජනපද 18කට අයිති කෘෂිකාර්මික ඉඩම් අක්කර 242,000 ක්! ඇමරිකාවෙ කෘෂිකාර්මික ඉඩම්වලින් 40%ක්ම එහෙම ධනවත් පුද්ගලයින් අතලොස්සක් විසින් මිලට අරන් ගොවියන්ට ණයට දීපුවා. වැඩවසම් කාලෙ වගේම තමයි.

      https://www.foodandwine.com/news/bill-gates-privately-owned-farm-land

      වතුර වලයි, පළතුරු ගහයි "මගේ" කියලා exclusive club එකකට අයිතිකරගන්න එක සොබාවිකයි, එහෙම බැලුවාම මේ ලෝකෙ ඇත්තටම අයිති ධනවත් සුළුතර කල්ලියකට නෙවෙයි ද ඉකෝන්?

      Delete
    2. //ධනවත් බලවත් රටවල් තම බලගතු ආර්ථික හැකියාව ප්‍රයෝජනයට ගෙන free market වලට වැඩි බලපෑමක් ඇති කරන නීති හදනවා. මේක ඌන සංවර්ධිත රටවලට කරන්න බැරි නිසා ලංකාව වගේ රටවල් free market වලටම යට වෙනවා.//

      ඔබේ නිරීක්ෂණයට යම් පදනමක් තිබෙනවා. එහෙත් මෙහිදී වෙන්නේ ඔබ කියන ආකාරයේ ආර්ථික හැකියාව ප්‍රයෝජනයට ගැනීමක් නෙමෙයි. දැනුම ප්‍රයෝජනයට ගැනීමක්. නිදහස් වෙළඳපොළක් කියා කියන්නේ ස්වභාවිකව පවතින දෙයක්. ස්වභාවිකව පවතින දෙයක් වෙනස් කරන්න බලයක් යෙදිය යුතු වෙනවා. සමාජවාදී ප්‍රවේශයට සාපේක්ෂව නියාමන ප්‍රවේශයේදී වෙන්නේ මෘදු බලය දීමක්. වැඩි දෙනෙකුට දඬුවම් පමුණුවමින් කරන නියාමනයක් සාර්ථක වන්නේ නැහැ. බටහිර රටවල නියාමනයේදී ඉඳහිට කෙනෙකුට දඬුවම් දුන්නත් වැඩි දෙනෙකු ස්වේච්ඡාවෙන් නියාමනය සමඟ අනුගත වෙනවා. අනෙක් පැත්තෙන් කිවුවොත් නියාමන රෙගුලාසියක් පනවන්නේ බොහෝ දෙනෙකු එවැනි නියාමන කොන්දේසියක් සමඟ එකඟ වන පසුබිමකදී පමණයි. නියාමන කොන්දේසි සමඟ බොහෝ දෙනෙකු එකඟ වන්නේ දැනුම මත පදනම්ව. අවශ්‍යනම් දැනුමේ ආධිපත්‍යය කියා කියන්නත් පුළුවන්. ධනවාදය පිළිගන්නා රටක් හැම විටම වාගේ නියාමනය ගැන හිතන්න පටන් ගන්නේ නියාමනයක් නැති තත්ත්වය හොඳම තත්ත්වය කියන තැනින් පටන් ගෙන එය එසේ නොවිය හැකි හේතු පැහැදිලිව විශ්ලේෂණය කර හඳුනාගැනීමෙන් පසුවයි.

      //(අර මම ගොඩක් කලින් පෝස්ට් එකක විස්තර කරල කියුවේ වියට්නාමෙට ගහන්න ප්‍රධාන හේතුව උන් ආසියා කලාපයේ exemplary economic model එකක් වෙයි කියන එකට බයට කියලා.//

      මොකක් ගැනද මේ කියන්නේ.

      //එහෙම mix එකක් තියාගෙන බැලන්ස් කරගෙන තමයි ලංකාව වගෙ රටවල් වල සියල්ලම පෞද්ගලීකරණය කරපියව් කියන්නෙ.//

      මම හිතන්නේ නැහැ සියල්ලම පෞද්ගලීකරණය කරපියව් කියා කවුරුවත් ලංකාවට කියනවා කියලා. කවුරුත් එහෙම කියන නිසා කළ යුතුත් නැහැ. එහෙත් ලංකාවේ නිදහසින් පසු පැවති ආර්ථික ප්‍රතිපත්ති වලින් තව දුරටත් ඉදිරියට යන්න බැහැ කියන එක පැහැදිලි කරුණක්. ඉදිරියට යන්න අවශ්‍යනම් එය කළ යුත්තේ ලංකාවට වඩා ඉදිරියෙන් සිටින තැන් දෙස බලා පාඩම් ඉගෙන ගෙනයි.

      //ඕස්ට්‍රේලියානු රාජ්‍ය අංශය සංඛ්‍යාත්මකව ගත්තොත් ලංකාවේ ගානට වටා ටිකක් වැඩියි ජනගහනයට සාපේක්‍ෂව. ඒත් ඉතින් දුප්පත් ලංකාවට කියනවා රජය තව කුඩා කරන්න.//

      ලංකාවේ රජය කුඩා කළ යුත්තේ ලංකාව දුප්පත් නිසාම තමයි. ඕස්ට්‍රේලියාව ලෝකයටම ණය වී හිර වෙලා නැහැ. ඒ නිසා රාජ්‍ය අංශයේ බර නඩත්තු කළ හැකියි. ලංකාවට තව දුරටත් එය කළ නොහැකියි.

      //කොමියුනිස්ට් කියන්නේ ත්‍රස්තවාදියෝ විදිහටයි ඇමරිකාවේ බහුතර සාමාන්‍ය ජනතාව දැනන් හිටියෙ.//

      ඒ අදහසේ වැරැද්දක් නැහැ. කොමියුනිස්ට්වාදය කියන්නේම (සම්ප්‍රදායික අර්ථයෙන්) ත්‍රස්තවාදයක් හා ව්‍යාප්තවාදයක්. කොමියුනිස්ට්වාදය කරා යන මාර්ගය වැටී තිබෙන්නේම (ඇතැම් ගුරුකුල හැර) බලය යෙදවීම හරහා.

      //මිනිස් සමාජෙ මේ කාය ශක්තිය අද කාලෙ replaced වෙලා තියෙන්නෙ, ආර්ථික බලය, වත්කම් ආදිය විසින්.//

      මේ වෙනස සාධනීය දෙයක් මිසක් නිශේධනීය දෙයක් කියා මම හිතන්නේ නැහැ.

      //එහෙම බැලුවාම මේ ලෝකෙ ඇත්තටම අයිති ධනවත් සුළුතර කල්ලියකට නෙවෙයි ද ඉකෝන්?//

      ඇතැම් අයට වැඩි බලයක් තිබෙනවා. නමුත් එම පිරිස අනන්‍ය (exclusive) පිරිසක් නෙමෙයි.

      Delete
  5. ඉකොනොමැට්ටා මොකද හිතන්නේ මේ මස්ක් ලොක්ක ගහන බයිලා ගැන;

    US is Far Behind China
    ===============

    There's a lot of really smart and hard-working people in China.

    The Chinese economy will be three times that of the US, at least double!

    This would only require getting to a GDP Per capita of only half of the US.

    In the absence of radical innovation, the US will be militarily second, basic math!

    China will be ahead of the US in electric vehicle production as they are super pro EV.

    Chinese environmental policies are way ahead of the US (contrary to the popular notion).

    ~ Elon Musk!!!

    Link;

    https://m.youtube.com/watch?v=U8Jyq0pJBPc

    ඒ වගේම මේක ඇත්ත ද ඉකෝන්;

    https://youtu.be/0X0MU6FZUfs

    ReplyDelete
    Replies
    1. වීඩියෝනම් බැලුවේ නැහැ. චීන ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය මෙන් දෙතුන් ගුණයක් වෙනවා කියන එක පැහැදිලි කරුණක්.

      Delete
  6. ඉකොනොමැට්ටා,

    මාක්ස් ධර්මය සහ ඇමරිකානු ධනවාදී ධර්මය යන ධර්මයන් ගැන සාකච්ඡා කිරීමට පෙර අප දෘෂ්ටිවාද වල ඉතිහාසය මදක් විමසා බලමු. පුරාණයේ ක්‍රි.ව. 4 වෙනි සියවසේදී රෝමානු අධිරාජයාවූ කොන්ස්තන්තීනූන්ට කැමති ආගමක් රාජ්‍ය ආගම බවට පත්කර ගැනීමට එක හා සමාන හැකියාවක් තිබුණා. එක අතකින් යුදෙව් ආගම, අනෙක් පස එතෙක් පැවති රෝමානු බහුදේවවාදය, තවත් පසක Manichaeism, Mithraism යන ආගම්, මීට නොදෙවෙනි ආසියාකරයේ ව්‍යාප්ත වූ බුදුසමය, නමුත් මේ සියල්ල හැර ඔහු (රෝමානු) කතෝලික දහම තෝරා ගෙන ක්‍රිස්තු ධර්මය වැළඳගත් පළමු රෝමානු අධිරාජයා බවට පත්විය. යේසුස් ක්‍රිස්තුස් තුළ ඔහු කැමති කුමක් හෝ සුවිශේෂී යමක් තිබුණේද? රාජ්‍යයම එකම පාලනයක් යටතට ගැනීමට ක්‍රිස්තු දහමෙන් වාසි ඇති වන බව ඔහු තීරණය කළේද? ක්‍රිස්තු ධර්මය එවකටත් ප්‍රචලිතවී ගෙන එන බැවින් වහාම ක්‍රියාත්මකවී එය රාජ්‍ය ආගම කරගැනීමට උපදේශකයන් ඔහුට උපදෙස් දුන්නාද? කොන්ස්තන්තීනු ක්‍රිස්තු ධර්මය වැළඳගත්තේ ඔහුගේ මව වන හෙලේනා රැජනගේ බලපෑමෙන් ද? ඊට පෙර සිටි නීරෝ රෝම අධිරාජයා කිතුනුවන් වධහිංසනයට ලක් කර මරාදැමුවෙකි. පසුව පාප් වහන්සේ විසින් හෙලේනා තුමිය ශුද්ධවරියක ලෙස ප්‍රකාශයට පත් කලේ ඇයි? මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු අප කිසිවෙක් හරියට නොදනී. ඉතිහාසඥයන්ට සිදුවූ දෙය අනුමාන කළ හැකි වුවත්, මෙම සිදුවීම් පෙළ ගැස්මට හේතු වුණු කරුණු හරියටම මෙයැයි කියා කිසිදිනක සොයාගත නොහැකිය.

    මීට වෙනස් විදියකට කිව්වොත් ඉතිහාසයේ සිදුවීම් සිදුවූයේ 'කොහොම ද' කියල දැන ගත හැකි වුවත්, එම සිදුවීම් වූයේ "ඇයි" යන්නට ඉතිහාසඥයන්ට නිවැරදිම හේතුන් ඉදිරිපත් කළ නොහැකි "How" දැනගත හැකි වුවත් "Why" දැනගත නොහැකිවීමේ අර්බුදයයි.

    අනුමාන ලෙස හෝ මෙම How (කොහොමද) හා Why (ඇයි?) අතර ගැටලුවට How හෙවත් කෙසේද යන්නට අනුමානයක් හොයාගන්නේ, එකකින් අනික සිදුවූ සිදුවීම් පිලිවෙල සොයා (උදා: A සිදුවීමෙන් පසු B සිදුවීම සිදු විය. ඉන්පසු C සිදුවීම සිදු විය ආදී වශයෙන්) Why හෙවත් ඇයි? යන්න මෙම එක්තරා විශේෂිත සිදුවීමක් පමණක් සිදුවී, අනෙක් සිදුවීම් සිදු නොවුනේ ඇයි කියා දැන ගැනීමයි. ඉහත උදා: මෙන් කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා ක්‍රිස්තු ධර්මය පමණක් රාජ්‍ය ආගම ලෙස වැළඳගෙන, අනිත් ආගම් රාජ්‍ය සඳහා ආදේශ කර නොගත්තේ 'ඇයිද' යන ප්‍රශ්නයට හේතු සාධක සෙවීමයි.

    මේ වගේම 1812 දී ප්‍රංශයේ නැපෝලියන් රුසියාව ආක්‍රමණය කළේ ඊජිප්තුව,බෙල්ජියම, ඉතාලිය, ඔස්ට්‍රියාව, පෝලන්තය ආදී රටවල් අත්පත් කරගෙන අවසානයෙදි රුසියාවට ඇතුළු වෙමින්, නැපෝලියන්ගේ හමුදාව සමඟ මුලදී ඇතිවූ සටන් වලින් පසුව, රුසියානුවෝ යුද්ධය දිනුවේ සටන් කිරීම ප්‍රතික්ෂේප කර පසුබැසීමෙන්. රුසියානුවෝ පසු බසින සෑම විටම, භූමියේ බෝග අස්වැන්නට ගිනි තියන ලෙස කොසැක්වරුන්ට පැවරූ නිසා නැපෝලියන්ගේ හමුදාවට භූමියෙන් කෑම සපයා ගැනීමට නොහැකිව අර්බුදයකට මුහුණදීල කන්ට තිරිඟු ඇටයක්වත් සොයාගත නොහැකි වූවා. අස්වනු වලට කොසැක්වරු ගිනි තබා සලාක සැපයීමට බොහෝ අසීරු වී සීත සෘතුවේ රුසියානු මාර්ග අති දුෂ්කර නිසා ආහාර,බේත් හේත් සලාක භට හමුදාවට නොලැබී කෑම බිම නැතුව දුර්වලවූ නැපෝලියන්ගේ හමුදාව ට්සාර්ගේ යටත්වීම අපේක්ෂාවෙන් මොස්කව් වලට එන විට මොස්කව් නගරය ජනශුන්‍යයි. යුරෝපයේ එවක සම්ප්‍රදාය අනුව ප්‍රධාන අගනුවර අත්පත්කර ගත් පසු යුද්ධය දිනූ ලෙස සැලකූ බැවින් මෙම අවස්ථාව රුසියානුවෝ නැපෝලියන්ට ලබා නොදී ඉතිහාසය නැවත ලියූවේ රුසියාවට ඇතුළු වූ හාර ලක්ෂ විසි දාහකට වැඩි නැපෝලියන්ගේ හමුදා යුද්ධය පැරදී එළියට ගියේ විසිදාහක් ලෙස ලක්ෂ හතරක් පමණ මරු තුරුලට යවමින්.

    නමුත් මෙහිදී සැලකිය යුතු පරිදි පරාජය පෙනී පෙනී නැපොලියන් තවදුරටත් රුසියාව අභ්‍යන්තරයට ඇදුනේත් මුලදීම රුසියාව ආක්‍රමණය නොකරන ලෙස උපදේශකයන් ඔහුට අනතුරු අඟවන විටත් එය නොසලකා නැපෝලියන් ඉදිරියට ගියේ කුමන පරමාර්ථයක් සඳහා ද? බ්‍රිතාන්‍යය වෙළඳාමෙන් කොන් කිරීමටද? පෝලන්තය නිදහස් කරගැනීමටද? රුසියාව ප්‍රංශයේ අනාගත සතුරෙක් වීමෙන් වැළැක්වීමටද? එසේ නැතහොත් තමාගේ විශිෂ්ඨත්වය විදහා පාන්නට තවත් යුද්ධයක් දිනීමටද, එසේ නොමැති නම්, තමාගේ පාලනය කිරීමට නොහැකි Death Drive එක හෙවත් විනාශ මුඛයට ගියත් එයම නැවත නැවත කරන්නට ඇති ආශාව නිසා ද කියන කාරණය අනුමානයකින් තොරව ප්‍රකාශ කළ හැකිද? මෙයට නිවැරැදිව හේතු හොයාගත්තොත් කලින් විස්තර කළ 'ඇයි?' යන පැනයට උත්තර ලැබේ. ඒ Why සහ how පිළිබඳ ප්‍රශ්නයේ ස්වභාවයයි.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ මිනිස් ඉතිහාසයේ සැකසීමේ අභ්‍යන්තර රටාව හෙවත් පොදු සාධකය ගැන හැමෝම දන්නා ප්‍රසිද්ධ දාර්ශනිකයන් දෙදෙනෙක් තම තීසිස ඉදිරිපත් කර තිබුණා. එකක් මාක්ස්ගේ ඓතිහාසික දයලෙක්තික භෞතික වාදය සහ අනෙක හේගල්ගේ ඉතිහාසය පිළිබඳ දර්ශනයයි. මේ දෙකම අන්ත දෙකක ඇති අදහස් දෙකක් සහ ඒ දෙක අන්ත දෙකක් වන්නේ ඇයිද යන්න කෙටි පැහැදිලි කිරීමක් කළහොත් මාක්ස්ට අනුව මිනිසාගේ ඉතිහාසය යුගයෙන් යුගයට වෙනස් කරනු ලැබුවේ නිෂ්පාදනය, භෞතික ලෝකය සමඟ ඔහුගේ සම්බන්ධතා වලින් සමන්විත ආර්ථික හා සමාජීය 'පන්ති ගැටුම්' වුනත් හේගල්ට අනුව මිනිසාගේ ඉතිහාසය තැනුනේ මිනිසාට නිදහස නැමැති සවිඥානක සිතුවිලි අත්පත් කරගැනීමට යන දයලෙක්තික ක්‍රියාවලියකින්.

      මේ වගේම මාක්ස් කියපු 'භෞතික ලෝකය' මූලික කොටගත් මිනිසාගේ ක්‍රියාවලි වලින්, ඉතිහාසය වෙනස් කෙරැණු බවත්, හේගල්ට අනුව 'මනුෂ්‍ය චින්තනයේ වර්ධනය' මූලික කොටගෙන ඉතිහාසය වෙනස් කෙරුණු බවත් කියැවෙන නිසා, ඒ දෙක ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් බව පැහැදිලියි, මාක්ස්ගේ ඉතිහාසයේ ප්‍රගමනය නිමවන්නේ කොමියුනිස්ට් සමාජයෙන්. හේගල්ට අනුව අති සංවර්ධිත අදහස වන (absolute idea) අත්පත් කර ගැනීම දක්වාම සමාජය විකාශනය වේ. මේ ගැන කතා කිරීම අති දීර්ඝ වන නිසා එය මදකට නවතමු.

      මීට පරිබාහිරව හැම්ප්ල්ගේ දර්ශනය ඉතිහාසය ඇති වන්නේ හේතුඵල සම්බන්ධය අනුව බවත් බ්‍රිතාන්‍ය ඉතිහාසඥ හා දාර්ශනිකයෙකු වන කොලින්වුඩ්ට අනුව ඉතිහාසය කියා දෙයක් නොමැති 'History doesn't exist' කියා ඇත්තේ ඉතිහාසය සඳහා කතන්දරයක් තැනීමට ප්‍රයෝජනවත් වන දත්ත, පොත්, පුස්කොලපොත්, ලියවිලි කැනීම්, නටඹුන් ආදී දේ පමණක් නිසා ඒවා අපි අධ්‍යයනය කරන්නේ වර්තමානයේ සිට බැවින් ඒවා උපයෝගී කරගෙන ඉතිහාසඥයා විසින් වර්තමානයේ සිට 'ඉතිහාස කතන්දරය' නිර්මාණය කරමින් සිදුවීම් සිදුවූයේ 'ඇයි?' කියන හේතුව සඳහා සාධාරණ උපකල්පන ඉදිරිපත් කරමින්, පවතින දත්ත උපයෝගී කරගෙන ඉතිහාස කතන්දරය ගොඩනඟන බවයි. උදා: ඔගස්තීන්ගේ රෝමානු අධිරාජ්‍යය කෙසේ වීදැයි කතා පුවතක් ගොඩනඟන විට වර්තමානයේ අපට එම දත්ත නැත්නම් ඊට අදාළ ඉතිහාසයකුත් අපට නැති බවයි.

      ඉතිහාසඥයන් ගොතන කතාන්දර (Narratives) ලිවීම සඳහා ක්‍රම හතරක් තිබෙනා බවත් ඉන් එක ක්‍රමයක් ඕනෑම මොහොතකදී කතාන්දරය ගොඩනැගීම සඳහා ඉතිහාසඥයන් භාවිතා කරන බවත්, Metahistory කරළියට ගෙනා හේඩන් වයිට් යන ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසඥයා පැවසුවේ ඉතිහාස කතාන්දරය වූ කලී, සිදුවීම් පෙළ ගැස්මක් පමණක් නොවන බවත් එම සිදුවීම් එකිනෙකට සම්බන්ධ කර ගැට ගසනා කතාන්දරයක් අවශ්‍ය බවත් එම කතන්දරය ලියනා ක්‍රමය තෝරාගනු ලබන්නේ කතාන්දරය ලියන පුද්ගලයා බවයි. මේ ව්‍යුහ හතර ඇසුරෙන් එම කතාන්දරය ලියවේ යැයි ඔහු කියයි.

      01. අනුරාගී/ රොමාන්තික (Romantic) හොඳ විසින් නරක පරදා ජය ගනීම. උදාහරණයට දෙවන ලෝක යුද්ධයේ ඇක්සිස් ෆැසිස්ට් නාසි ජර්මනිය හෙවත් නපුර පරදා යහපත් ලෝකය හෙවත් ඇලීස්ලා ලබාගත් ජයග්‍රහණය ඉදිරිපත් කළ ගොතන ලද ප්‍රබන්ධ කතන්දර ව්‍යුහය.

      02. සුඛාන්ත/ කොමඩී (Comedy) එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේග/ ආකල්ප අවසානයේදී සමථයකට පත්වීම. උදා: යුරෝපයේ ධනවාදී හා සමාජවාදී බල කඳවුරු දෙක සමාදාන වී ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධන රාජ්‍යය (Democratic welfare state) එකක් ඇතිවීම පිළිබඳ ඉතිහාස ප්‍රබන්ධ ව්‍යුහය.

      03. ශෝකාන්තය (Tragedy) උදා: හැටේ දශකයේ ආරම්භයේ සිට ආදරය, සාමය, සතුට ආදී, පරමාදර්ශයන් පූර්ණ වශයෙන් ලඟා කර ගැනීමට නොහැකිවූ මානව සමාජය දැනුම පමණක් සහිතව, අවම සතුට යටතේ ජීවත්වීමට ඉගෙන ගැනීම අරභයා වූ ඉතිහාස කතන්දරයේ ව්‍යුහය.

      04. උපහාස (Satire) ඉතිහාසය සිදු වන්නේ කිසිම තර්කානුකූල ක්‍රමයකට නොව, සිදුවීම් අහබු ලෙස සිදුවී මේවා සිදුවීමට කිසිදු හේතුවක් සැපයිය නොහැකි බවට ලියවෙන කතන්දර ව්‍යුහය.

      මේ අනුව හේගල්ගේ ඉතිහාසය පිළිබඳ දර්ශනය මින් වැටෙන්නේ කුමන ව්‍යූහයට ද ප්‍රශ්න කළොත් එය දෙවැනි වර්ගය හෙවත් සුඛාන්ත (comedy) යන අර්ථ නිරූපණයට යටත්වන බවයි. (මේ Comedy යන්න සාමාන්‍ය විහිළුවක් යන අර්ථය නොවේ)

      Delete
    2. හේගල්ගේ දර්ශනය අනුව අදහස් සංවර්ධනය වන්නේ දයලෙක්තික ක්‍රියාවලියකින් බව (කෙටියෙන් යම් මුල් අදහසක් ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ අදහසක්ද ඇති බවත් එම අදහස් දෙකේ ඝට්ටනයෙන් වඩාත් සංවර්ධිත අදහසක් දක්වා පෙර අදහස දියුණු වන) කියන නිසා ඝට්ටනය සමථයට පත් වන ක්‍රියාදාමය වන දෙවන වර්ගයේ කතා ව්‍යුහය ගත හැකිය.

      ඒ වගේම ඉතිහාසයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ න්‍යායික උපකල්පන/ උපන්‍යාස එසේ වෙද්දී අපට නිසඟයෙන්ම පෙනෙන්නේ යම් යුගයක් පිළිබඳ හොඳටම දන්නේ එම යුගයේ ජීවත්වන මිනිසුන් බවත් වර්තමානයේ සිට අතීතය ගැන කියනවාට වඩා ඒ අතීත යුගයේ ජීවත් වූ මිනිසුන් අප අද දින නොදන්නා කරුණු කාරණා ඉතා විශාල ප්‍රමාණයක් ගැන ගැඹුරින් දන්නා බවයි. නමුත් මේ ප්‍රකාශය සෑම විටම සත්‍යය වෙයිද?

      නූතනයේ අපේ යුගය තව අවුරුදු 20 කින් හෝ 30 කින් අතීතයට එකතු වන වන විට ඇමරිකා එක්සත් ජනපදය පරදා එමෙන් පස් හය ගුණයක් විශාල දැවැන්ත ආර්ථිකයක් බවට පත්වන චීනය ලෝකයේ සුපිරි බලවතා වී ඇති බව මොහොතකට උපකල්පනය කරමු. තවද නූතන පාරිසරික අර්බුද මිනිසාට විසදන්නට පුලුවන් වී තාක්ෂණය මිනිස් ශ්‍රමය සම්පූර්ණයෙන්ම අතික්‍රමණය කර ඇති බවත් ධනවාදය වෙනත් ආර්ථික ක්‍රමයක් දක්වාත් පරිවර්තනය වී ඇති බවත් සිතමු. එතකොට මේ ආකාරයෙන් කුමක් හෝ ඇත්තටම එසේ සිදු වුනත්, අවුරුදු තිහකින්, අද දින ගැන විමර්ශනය කරන ඉතිහාසඥයෙකුට, ඒවා එසේ සිදුවන බව දැන් ජීවත් වන ජනයාට අවබෝධයක් තිබුණා කියා කිව හැකිද? මම හිතන්නේ කිසිම විදිහකින් නොහැකි බව මොකද එවැන්නක් සිදුවන බවට අවබෝධයක් අද දින අපටත් නැහැ, අපේ අනාගතය ගැන දැක්ම මීදුමක් වගේ වෙන්නේ කුමක්දැයි අපි හරියට දන්නේ නැතත් අදින් දශක කීපයකට පසු අනාගතයේ මිනිසුන් ආපසු හැරී බලා මේ සියලු ප්‍රශ්නවලට උත්තර හරිම පැහැදිලි යැයි කියාවි.

      මේ වගේම සිදුවීමකට ඉතා කුඩා හැකියාවක් පමණක් ඇතැයි වර්තමාන ජනතාව කියනා දේවල් අනාගතයේ ලේසියෙන්ම සිදුවිය හැකියි.

      මොකද කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා ක්‍රිස්තු වර්ෂ 306 දී රෝමයේ ඔටුන්නට හිමිකම් කියනවිට ඉතා සුළු ආගමක්ව පැවතුණු ක්‍රිස්තු ධර්මය තව සියවස් කීපයක් තුළ මුළු යුරෝපය පුරාම ව්‍යාප්ත වන්නේ ඇයි යමෙක් කීවා නම් එකල ජනතාව එයට සිනාසෙනු ඇත්තේ තව අවුරුදු 30කින් ඇමරිකාවේ ආගම 'හරේ ක්‍රිශ්නා හරේ රාම්' බවට පත්වන බව අද කීවොත් අප සිනා සෙන අයුරින්. නමුත් 1913 දි බෝල්ෂ්වික්වරැ කුඩා රැඩිකල් වාම සංවිධානයක් ලෙස එකල ඉතාමත් හොඳින් දේශපාලන කරුණු කාරණා දන්න විශේෂඥයෙක් වුණත් තව අවුරුදු 4කින් ඔවුන් මුළු රුසියාවේම බලය අත්පත් කර ගන්නා බවට නොසිතන්නට ඇති නේද? නමුත් සියලු දේම සිදුවීමට හැකියාවක් නැහැ, ඒවා භූගෝලීය, ආර්ථික, ජීවවිද්‍යාත්මක ආදි වූ නොයෙකුත් සීමා කිරීම් වලට යටත්වීමට සිදුවන නමුත් මේ සීමා බාධක මධ්‍යයේ පවා ඒවා විකාශනය වීමට නොසිතූ ලෙස අවකාශ සැලසෙන්නේ අප දන්නා කිසිදු නියතිවාදයකට (Determinism) යටත් නොවී බවත් ඒවා සිදු වූයේ කිසියම් සුවිශේෂ වූ නීතියකට, හේතුවකට අනුව යයි කීම බොහෝ අවස්ථාවල ඉතාමත් අපහසුයි. වර්තමානය යනු අතීතයේම දිගුවක්ම ලෙස සිතන බොහෝ දෙනෙකුගේ අකමැත්තට පවා මෙය හේතු වේ.

      කෙසේ වෙතත් ඒ ඉතිහාසය නියතිවාදයට අනුව දැක්වීම දුෂ්කර එය ඇත්තටම Chaotic හෙවත් ව්‍යාකූල නිසා, බොහෝ වැදගත් /නොවැදගත් සිදුවීම් එක විට සිදුවී ඒවායේ සමස්ත බලපෑම සංකීර්ණ වෙලා ඉතිහාසය වූ කලී 2nd Level chaotic system හෙවත් දෙවන මට්ටමේ ව්‍යාකූල පද්ධතියක් නිසාත්. (මේ ගැන ඊශ්‍රායෙල් ඉතිහාසඥයකු/ දාර්ශනිකයෙකු වන යුව්ල් නොආහ් හරාරි රචිත "සේපියන්" පොතේ පිටු පන්සියයක් පමණ වන තරමක් දිගට වැදගත් අදහස් බොහෝ ගණනක් විස්තර කරලා ලියලා තියෙන නිසා එය කියවීමට ඉතා හොඳ පොතක් බව පවසමි).

      Delete
    3. ඔබේ අදහස් දැක්වීම් ගැන ස්තුතියි!

      Delete
  7. ආත්ම බුදින්නන් සහ දිව්‍ය මන්ත්‍රයන් හැම තැනම.

    ReplyDelete
  8. මම කොමිනිස්ට් ක්‍රමය පිලිගන්න අයෙක් නෙවෙයි. එහෙත් ඔබ අසා ඇති ප්‍රශ්ණය නිසා මට මේ වගේ ප්‍රශ්ණයක් මතු කරන්න හිතුනා.

    ධනවාදය යනු ප්‍රාග්ධනය වඩා කාර්‍යක්ශමව කලමණාකරණය කර හැකි ක්‍රමය නම්, ස්භාවික සම්පත් ප්‍රයෝජනයට ගත හැකි කාර්‍යක්ශම ක්‍රමයත් මෙයයි. ඔබගේ අඹ කැඩීමේ උදාහරණයෙන් ගතහොත්, අඹ නැමැති ස්භාවික සම්පත, ඉතාම කාර්‍යක්ශමව, නෙලා ගැනීමේ ක්‍රමයයි. මේ උදාහරනයේදී හොදම ඉලක්කයට අඹ වලට ගහන එක්කෙනාට පුලුවන් වැඩිපුර අඹ කඩාගෙන වැඩි හරිය අනිත් අයට විකුනන්න. එහෙම කරලා සල්ලි එකතු කර ගෙන තමන් කැමති වෙන දේවල් ලබා ගන්න. ඒ වගේම අඹ කන්න කැමති නැති අය ඉන්නවනම්, නැත්තං අඹ කෑම ගැන නියුට්‍රල් තැනක ඉන්න අයට, අඹ කෑමේ කැමත්ත වැඩි කරවන්න, මාකටින් කරන්න මාකටිං දන්න අය යොදවන්නත් පුලුවන්. ඒ තුලින් අඹ මාකට් එක ලොකු කර ගෙන, ලාබය වැඩි දියුණු කර ගන්න පුලුවන්.

    දැන් ඇත්තටම අඹ ඕනේ අයයි, අර මාකටින් හරහා අඹ කන්න ආපු අයයි ඔක්කොමලා අඹ කනවා. අපි මේකට කියමු "අධික පරිභෝජනය" කියලා. ධනවාදී ක්‍රමය ඇතුලේදි මේ 'අධික පරිභෝජනය' අවශ්‍යයි. එතකොට තමයි අඹ කඩන එක්කෙනාගේ ලාභය වැඩිවෙන්නේ. අර මාකටිං පොරවල්වලට රස්සා හම්බ වෙන්නේ. ඒ වගේම ඒ ලාභයෙන් කොටසක් යොදවලා ඉලක්කයට අඹ ගැසීම ගැන 'රිසර්ච්' කරන්නත් පුලුවන්. එතකොට අඹ වලට පොලු ගහන්න ඕනේ කෝනය ගැන, වේගය ගැන හොදට හදාරලා තව වැඩිපුර අඹ කඩන්න පුලුවන්

    දැන් අපි හිතමු එක අඹ ගහයි තියෙන්නේ. වෙන අඹ ගස් කෘතිමව හදන්නත් බෑ ස්භාවිකවම හට ගන්නත් ඕනේ කියලා.

    මේ වගේ අවස්ථාවක සමහර විට අර මුලින්ම අඹ බිස්නස් එක පටන් ගත්ත කෙනාට පුලුවන් මුලු අඹ ගහම කපලා ඔක්කොම ගෙඩි ටික විකුණලා හොද ලාභයක් හොයාගෙන පැත්තකට වෙන්න, හම්බ කර ගත්ත ලාභයෙන් ජීවීතේ ඉතිරි කාලය සැපවත්ව ඉන්න, නැත්තං ඒ මුදලින් වෙන බිස්නස් එකක් පටන් ගන්න. පූර්‍ණ ධනවාදී ක්‍රමයක් නිසා, රජයේ හෝ වෙන කිසිම බලපෑමක් නැති නිසා, අර විදිහට අඹ ගහ කපන එක නතර කරන්නත් විදිහක් නෑ.

    දැන් ඇත්තටම බැලුවොත්, ධනවාදී ක්‍රමයක් ඇතුලේ උනේ අඹ කැඩීමේ කාර්‍යක්ශමතාව වැඩි වෙලා, ඒසදහා අධික පරිභෝජ්නවාදී සමාජයකුත් නිර් මානය වෙලා, අන්තිමට ඉදීරි පරම්පරවටත් කන්න තිබ්බ අඹ ගහත් නැති උන එකයි. ඒ කියන්නනේ සස්ටේනබිලිටි එක නැති උන එකයි.

    ඒ නිසා කාර්‍යක්ශම පූර්‍ර්ණ ධනවාදී ක්‍රමයක් ඇතුලේදි ඇතිවන, ' අධික පරිභෝජනය" හා ස්භාවික සම්පත් වල 'සස්ටේනබිලිටි' එක නැතිවෙන එක ප්‍රශ්ණයක්. නමුත් සමාජවාදය ඇතුලේ ස්භාවික සම්පත් ලාභය මුල් කරගෙන ප්‍රයෝජනය නොගන්න නිසාත්, රජයක පාලනයක් ඇති නිසාත් මේ ප්‍රශ්ණයට එක්තරා ආකාරයක විසදුමක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. තව කෙනෙකුට කියන්න පුලුවන් මේකට උත්තරෙත් ඉල්ලුම හා සැපයුම කියලා. උදාහරනයක් විදිහට ඉල්ලුම වැඩි වෙනකොට අඹ ගෙඩි සැපයුම එහෙම වැඩි නොවන නිසා අඹ ගෙඩියෙ මිල ඉහල යනවා, ඒ නිසා පරිභෝජනය සීමා වෙනවා කියලා. ඒ වගේම පූර්ණ ධනවාදයක් යටතේ අඹ ගෙඩියේ මිල තීරනය කරන කොට එයට අදාල සියලු externilities, මිලට එකතු වෙන්න ඕනේ කියලා.

      ඒත් නිකං කන්න තිබ්බ අඹ ගෙඩිය මිල ඉහල ගිහිල්ලා සල්ලි තියෙන අයට විතරක් කන්න හම්බ වෙන එක, සමාජයක අසහනය වැඩි වෙන්න හේතුවක්.

      උදාහරනයක් විදිහට අඹ වෙනුවට මෙතැන ජලය, ඔක්සිජන් ආදේශ කෙරුවොත්, අනාගත ලෝකයේ, සල්ල්ලලි තියෙන කීප දෙනෙක් (80-20 තියරිය) මේ වගේ ස්භාවික සම්පත්, මිල හරහා පාලනය කරාවි.

      Delete
    2. //දැන් ඇත්තටම අඹ ඕනේ අයයි, අර මාකටින් හරහා අඹ කන්න ආපු අයයි ඔක්කොමලා අඹ කනවා. අපි මේකට කියමු "අධික පරිභෝජනය" කියලා. ධනවාදී ක්‍රමය ඇතුලේදි මේ 'අධික පරිභෝජනය' අවශ්‍යයි. එතකොට තමයි අඹ කඩන එක්කෙනාගේ ලාභය වැඩිවෙන්නේ. අර මාකටිං පොරවල්වලට රස්සා හම්බ වෙන්නේ. ඒ වගේම ඒ ලාභයෙන් කොටසක් යොදවලා ඉලක්කයට අඹ ගැසීම ගැන 'රිසර්ච්' කරන්නත් පුලුවන්. එතකොට අඹ වලට පොලු ගහන්න ඕනේ කෝනය ගැන, වේගය ගැන හොදට හදාරලා තව වැඩිපුර අඹ කඩන්න පුලුවන්.//

      ඔබ විසින් "අධික පරිභෝජනය" කියන යෙදුම යොදාගෙන ඇති ආකාරය ගැන මම එකඟ නැහැ. පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමට ඉඩක් නැති නිසා සමාජවාදී ක්‍රමයකදී අධි පරිභෝජනය දිරිගැන්වෙනවා. තමන්ට අවශ්‍ය වුවත් නැතත් තමන් උපයන දේ ඒ අවස්ථාවේම පරිභෝජනය කර අවසන් කරන්න වෙනවා. එහෙත් ධනවාදී ක්‍රමයකදී එවැනි දෙයක් වෙන්නේ නැහැ. තමන් උපයන දේ හා තමන්ට පරිභෝජනය කරන්න අවශ්‍ය දේ අතර පරතරයක් ඇති විට අතිරික්තය පෞද්ගලික ප්‍රාග්ධනය විදිහට ඉතුරු කර ගන්න පුලුවන්. මාකටින් වලින් වෙන්නේ පුද්ගලයෙකු තමන් සතු විකල්ප පිළිබඳව වඩ වඩා දැනුවත් වෙන එකයි. මේ දැනුම මත පදනම්ව තමන් උපයන දෙය තමන්ට වැඩි වටිනාකමක් ලබා දෙන විකල්ප ගණනාවක් අතරින් වැඩිම වටිනාකම ලබා දෙන දෙය සමග හුවමාරු කර ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මාකටින් වලින් හැම විටම වගේ වෙන්නේ කාර්යක්ෂමතාවය හා අතිරික්තය වැඩි කරන එක.

      ඔබේ තර්කයේ තිබෙන අඩුපාඩුවක් වන්නේ මාකටින් කිරීම හරහා පමණක් අසීමිත ලෙස (හෝ බොහෝ විශාල ලෙස) වෙළඳපොළ විශාල කර ගත හැකි සේ සැලකීමයි. මෙහිදී ඔබ ගනුදෙනුවේ අනෙක් පැත්ත පිළිබඳව අඩු අවධානයක් යොමු කරනවා මෙන් පෙනෙනවා. කොයි තරම් මාකටිං කළත් අඹ විකුණන්න පුළුවන් වෙන්නේ අනෙක් පැත්තේත් අඹ වැනිම හුවමාරු භාණ්ඩයක් හෝ සේවාවක් ඇත්නම් පමණයි. එක්කෙනෙක් අඹ විකුණද්දී තවත් කෙනෙක්ට අඹ මිල දී ගන්න පුළුවන් වෙන්නේ ඇය සතුව දිවුල් හෝ පේර තිබුණොත් පමණයි. එවැනි කිසි දෙයක් නැත්නම් මාකටිං කළා කියලා අඹ විකුණන්න බැහැ. අඹ තිබෙන කෙනෙක් දිවුල් සමඟ අඹ හුවමාරු කර ගන්නේ ඔහුට තමන් සතු අඹ වලට වඩා අනෙක් තැනැත්තිය සතු දිවුල් වටින නිසා. දිවුල් තිබෙන තැනැත්තිය අඹ මිල දී ගන්නේත් ඒ හේතුවම නිසා. දිවුල් තිබෙන කෙනාට තමන්ගේ දිවුල් අඹ සමග හෝ පේර සමග හුවමාරු කර ගන්න පුළුවන්. ඇයට ඒ දෙකම තමන් සතු දිවුල් වලට වඩා වටිනවා. ඒ නිසා ඔය දෙකෙන් කොයි හුවමාරුව කළත් අතිරික්ත වටිනාකමක් හැදෙනවා. නමුත් ඒ විකල්ප දෙකෙන් එකකින් වැඩි අතිරික්ත වටිනාකමක් හැදෙනවා. අඹ ගැන නොදැන හිටියානම් දිවුල් හුවමාරු වන්නේ පේර සමගයි. අඹ මාකටිං කිරීමේදී සිදු වන්නේ දිවුල් සමග හුවමාරු කළ හැකි පේර වලට වඩා හොඳ විකල්පයක් පිළිබඳව දැනුවත් කිරීමක්. මෙහිදී තමන් සතුව දිවුල් තිබෙන පාරිභෝගිකයා විසින් පේර වෙනුවට අඹ ආදේශ කරන එක මිසක් අධිපරිභෝජනයක් කියා දෙයක් කරන්නේ නැහැ. කෙනෙකුට පරිභෝජනය කළ හැකි තමන් සතු හුවමාරු වටිනාකම් වල සීමාව තුළ පමණයි. එක දෙයක් මිල දී ගන්නා හැම විටම වෙනත් දෙයක් අතහරින්න වෙනවා. ඒ අත අරින දෙය තමන් විසින් නිර්මාණය කරන දෙයක්.

      ඔබ කියන මාකටිං පොරවල් වලට රස්සා ලැබීම, ඉලක්කයට අඹ ගැසීම ගැන 'රිසර්ච්' කිරීම වගේ දේවල් වලින් වෙන්නේ දිවුල් හැදීම වැනිම දෙයක්. ධනවාදී ක්‍රමයකදී මාකටිං පොරට හෝ 'රිසර්ච්' පොරට ආදායම් සේ ඉපැයිය හැක්කේ ඔවුන් විසින් එකතු කරන අතිරික්ත වටිනාකමයි. ඒ කියන්නේ ඔවුන් කරන්නේ අලුතින් දිවුල් නිර්මාණය කරනවා වගේ වැඩක්.

      Delete
    3. //දැන් අපි හිතමු එක අඹ ගහයි තියෙන්නේ. වෙන අඹ ගස් කෘතිමව හදන්නත් බෑ ස්භාවිකවම හට ගන්නත් ඕනේ කියලා.//
      ඔබ අදහස් කරන දේ මට තේරෙනවා.

      //දැන් ඇත්තටම බැලුවොත්, ධනවාදී ක්‍රමයක් ඇතුලේ උනේ අඹ කැඩීමේ කාර්‍යක්ශමතාව වැඩි වෙලා, ඒසදහා අධික පරිභෝජ්නවාදී සමාජයකුත් නිර් මානය වෙලා, අන්තිමට ඉදීරි පරම්පරවටත් කන්න තිබ්බ අඹ ගහත් නැති උන එකයි. ඒ කියන්නනේ සස්ටේනබිලිටි එක නැති උන එකයි.//

      අධි පරිභෝජනවාදය ගැන කොටසට එකඟ නැහැ. එය මම විස්තර කළා. නමුත් ඔබ මෙහි විස්තර කරන ගැටළුව මම භාර ගන්නවා. මෙය පොදුවේ ප්‍රාග්ධනය ක්ෂය වීම පිළිබඳ ගැටලුවේම කොටසක්. ස්වභාවික නොවන ප්‍රාග්ධනය වුවත් ක්ෂය වෙනවා. එසේ ක්ෂය වන කොටස නැවත ප්‍රතිපූරණය නොකළොත් ප්‍රාග්ධන සංචිතය ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපි හිතමු ඔබට දෙමවුපියන්ගෙන් උරුම වූ විශාල වත්කමක් තිබෙනවා කියා. බැංකුවේ තිබෙන විශාල මුදලක් කියා කියමු. එයින් ඔබට මාසිකව සැලකිය යුතු පොලී ආදායමක් ලැබෙනවා. ඔබ වෙනත් රැකියාවක් කරන්නේ නැහැ. ඔබ මාස්පතා පරිභෝජනය සඳහා වැය කරන මුදල මාසිකව ලැබෙන පොලී ආදායමට වඩා අඩුනම් ඔබේ වත්කම් මාසයෙන් මාසය තවත් ඉහළ යනවා. පරිභෝජනය ආදායමට වඩා වැඩිනම් වත්කම් ටිකෙන් ටික අඩු වෙනවා. පරිභෝජනය ආදායමට වඩා ගොඩක්ම වැඩිනම් වත්කම් සියල්ල ටික කලකින් ක්ෂය වී යන්න පුළුවන්. විවිධ පුද්ගලයින් හා අදාළව ඔය ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ස්වභාවික සම්පත් සම්බන්ධව තත්ත්වයත් ඔය වගේම තමයි.

      අඹ ගස් කෘතිමව හදන්න බැරිනම්, ස්වභාවිකවම හටගත යුතුනම්, එසේ ස්වභාවිකව අඹ හැදෙන වේගයට වඩා වේගයෙන් අඹ පරිභෝජනය කළොත් යම් අවස්ථාවක අඹ නැතිව යන්න පුළුවන්. පළමුව, වත්මන් ලෝකයේ ආර්ථික වර්ධනය සැලකුවොත් ඒ සඳහා ස්වභාවික සම්පත් වල දායකත්වය ඉතාම අඩුයි. එවැනි කාලයක් තිබුණා. අඹ ගස්ම වුනත් ඉබේ හැදුනු කාලයක් එතරම් ඈත නොවන අතීතයකදී තිබුණා. නමුත් තෙල් හදන රටවල් හැර වත්මන් ආර්ථිකයන් ඕනෑම එකක් ගත්තොත් ආර්ථික වර්ධනය සඳහා ස්වභාවික සම්පත් වල දායකත්වය නොසලකා හළ හැකි තරම්. මෙය ඇමරිකාවට, චීනයට වගේම ලංකාවටත් පොදු දෙයක්. ඔබේ රැකියාව කුමක්ද කියා මම හරියටම දන්නේ නැහැ. එය බොහෝ විට වෘත්තීය රැකියාවක් කියා මම හිතනවා. අපි හිතමු ඔබ උපයන්නේ ඔබ විසින් නිපදවන ආන්තික ඵලදායීතාවය කියා. ඒ සඳහා ස්වභාවික සම්පත් වල දායකත්වය කොපමණද කියා හිතා බලන්න. මම මෙහිදී ස්වභාවික සම්පත් වේගයෙන් ක්ෂය කිරීම සාධාරණීකරනය කරන තර්කයක් ගොඩනගනවා නෙමෙයි. මම ඇත්තටම පෙන්වා දෙන්නේ එහි අනෙක් පැත්ත. ඇතැම් අය ලොකුවට කියනවා වගේ වත්මන් ආර්ථික වර්ධනය දිගින් දිගටම පවත්වා ගැනීම සඳහා ස්වභාවික සම්පත් වැය කර අවසන් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. එවැනි අවශ්‍යතාවයක් කිසිසේත්ම නැහැ. මිනිසුන්ට අවශ්‍යනම් ස්වභාවික සම්පත් ස්ථායී මට්ටමක පවත්වා ගනිමින් ආර්ථික වර්ධනයද පවත්වා ගත හැකියි. ඒ වගේම මෙය ධනවාදී සමාජවාදී බෙදීමෙන් බාහිර වෙනත් මානයක තිබෙන සංවර්ධන කතිකාව පිළිබඳ කරුණක්.

      Delete
    4. කෙසේ වුවත්, තවමත් ඔබේ ප්‍රශ්නයට මම ඔබට පිළිගත හැකි පිළිතුරක් සපයා නැහැ. ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා ස්වභාවික සම්පත් වැය කර අවසන් කළ යුතු නැතත් ධනවාදය යටතේ එවැන්නක් සිදු නොවන බවට තිබෙන සහතිකය කුමක්ද? එවැනි සහතිකයක් තිබෙනවාද? නැත්නම් ධනවාදය යටතේ ස්වභාවික සම්පත් විකල්ප ක්‍රමයකදී සිදුවනවාට වඩා වේගයෙන් ක්ෂය වී යනවාද?

      පළමුව අපට ස්වභාවික සම්පතක් රැක ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරක් හොයන්න වෙනවා. ස්වභාවික සම්පතක් කියන්නේත් ස්වභාවික නොවන සම්පතක් වගේම අනාගතයේදී කිසියම් වටිනාකමක් ජනනය කරන දෙයක්. එසේ නොවන දෙයක් "ස්වභාවික" විය හැකි වුවත් "සම්පතක්" වන්නේ නැහැ. ඔබේ උදාහරණයේ අඹ ගහ ස්වභාවික සම්පතක් වන්නේ එම අඹ ගහේ හැදෙන අඹ වලට අනාගතයේදීද වටිනාකමක් තිබීමේ උපකල්පනය මතයි. ලබන අවුරුද්දේ සිට කුණු ප්‍රතිශක්තිකරණය කරලා ස්වභාවික අඹ වලට කිසිම වෙනසක් නැති කෘතීම අඹ ඉතාම අඩු වියදමකින් හැදිය හැකි ක්‍රමයක් හොයාගත්තොත් ස්වභාවික අඹ වලට දැන් තිබෙන වටිනාකම අවසන් වෙනවා. එවැනි සන්දර්භයකදී අඹ ගහ කපා දමන එක වාසිදායක වෙන්න පුළුවන්. හැබැයි එසේ කළා කියලා එයින් අනාගතයේ ජිවත් වන අයට අඹ කන්න නැති වෙන්නේ නැහැ. ඒ සඳහා විකල්පයක් තිබෙනවා. මෙය පරිකල්පනීය උදාහරණයක්නේ. ඔබ අදහස් කරන්නේ මෙවැනි තත්ත්වයක් නෙමෙයි. අඹ වලට අද මෙන්ම හෙටත් වටිනාකමක් තිබෙන බව අප‍ට උපකල්පනය කළ හැකියි. ඔබ එය රැකගත යුතු ස්වභාවික සම්පතක් සේ සලකන්නේ එම පදනමින් කියා මම හිතනවා.

      මේ වගේ තත්ත්වයක් යටතේ අඹ ගස අයිතිකාරයා ලාබ වෙනුවෙන් අඹ ගස කපයිද?

      ඔබ කියන විදිහට අයිතිකාරයා අඹ ගස කපා ලබාගත් මුදල ආයෝජනය කර එයින් ජිවත් වෙනවා. අඹ ගස කැපීමෙන් ඔහුට අඹ සියල්ල විකුණා මුදල් ලැබිය හැකියි. අඹ ගහ නොකැපුවත් එම මුදලම ලැබිය හැකියි. ඊට අමතරව ඉදිරි කාලයේත් අඹ විකුණා ආදායම් ලැබිය හැකියි. ඒ නිසා ලාබ හොයන කෙනෙක් අඹ ගස කපන්නේ අඹ සියල්ල විකුණා ලැබිය හැකි මුදලට වඩා යමක් ලැබේනම් පමණයි. නැත්නම් වෙන්නේ පාඩුවක්. පරිකල්පනීය ලෙස අපි හිතමු අඹ ගස කැපීම මගින් ඉදිරි වසර දහය තුළදී ගස නොකපා ලබා ගත හැකි අඹ ප්‍රමාණය අද ලබාගත හැකියි කියලා. බොහෝ ස්වභාවික සම්පත් හා අදාළව ගැලපෙන්නේ මේ වගේ උදාහරණයක්. උදාහරණයක් විදිහට අඹ ගසේ කඳ ලී වලට විකුණා ඉදිරි වසර දහය තුළ අඹ විකුණා ලැබිය හැකි ආදායම අද ලැබිය හැකියි. දැන් මේ පුද්ගලයා අඹ ගස කපා උපයන මුදල මූල්‍ය වත්කමක ආයෝජනය කරනවා. එයින් ඔහුට මාස්පතා හෝ වාර්ෂිකව පොලී ආදායමක් ලැබෙනවා. මේ විදිහට පොලී ආදායමක් ලැබෙනවා කියා කියන්නේම පොලිය ගෙවන කෙනෙකුත් අනෙක් පැත්තේ ඉන්නවා. ඒ අනෙක් පුද්ගලයා විසින් පොලිය ගෙවන්නේ ණයක් අරගෙන මූර්ත වත්කමක් මිල දී ගෙන එයින් ලැබෙන ආදායමෙන් පොලිය ගෙවීමෙන් පසුවද ලාබයක් තිබෙන නිසයි. අවශ්‍යනම් මේ පුද්ගලයින් දෙන්නාම එකම පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහිදී අඹ ගස කපා ලැබෙන ව්‍යාපාරය එම පුද්ගලයා විසින් තමන්ගේම ව්‍යාපාරයක ආයෝජනය කරනවා. මෙම ක්‍රියාවලිය කොටස් දෙකකට විසංයෝජනය කළ විට ඉහත තත්ත්වයටම සමානයි.

      වැදගත් කරුණ වන්නේ අනෙක් කොනේ සෘජුව හෝ වක්‍රව මූර්ත වත්කමක කර ඇති ආයෝජනයක් තිබෙනවා කියන එකයි. ඒ කියන්නේ අඹ ගස කපා උපයන මුදල යොදවන්න වෙන්නේ තවත් අඹ ගසක් හෝ දිවුල් ගසක් මිල දී ගන්න. එවැනි අවස්ථාවක් තිබෙනවා කියා කියන්නේම අඹ ගස කපන එක තේරුමක් නැති වැඩක් කියන එකයි. අඹ ගස ඇත්තටම සම්පතක්නම්, අනාගතයටද එහි වටිනාකමක් තිබෙනවානම් එය කපා උපයන මුදලට වඩා මුදලක් අඹ ගස එලෙසම තියා ගැනීමෙන් උපයන්න පුළුවන්. නැත්නම් අඹ ගස නොකපා එලෙසම වෙනත් කෙනෙකුට විකුණා උපයන්න පුළුවන්. ඒ නිසා, ලාබ සොයන්නන් සිටින ධනවාදී පසුබිමක මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. ඇත්තටම මේ වගේ දේවල් වෙන්නේ ලාබ සෙවීම අතහැර වෙනත් ඉලක්ක පසුපස යන සමාජවාදී ක්‍රමයකදී.

      //උදාහරනයක් විදිහට අඹ වෙනුවට මෙතැන ජලය, ඔක්සිජන් ආදේශ කෙරුවොත්, අනාගත ලෝකයේ, සල්ල්ලලි තියෙන කීප දෙනෙක් (80-20 තියරිය) මේ වගේ ස්භාවික සම්පත්, මිල හරහා පාලනය කරාවි.//

      සල්ලි තියෙන කීප දෙනෙක් ලෝකය පාලනය කරනවා කියන එක ධනවාදී අදහසක් නෙමෙයි. ධනවාදය පෙනී සිටින්නේ ඕනෑම කෙනෙකුට සම්පත් අයිතිකර ගැනීමට අවස්ථා සැලසීම වෙනුවෙන්. කාලයක් තිස්සේ ඇමරිකාවේ ධනවාදය දියුණු වෙද්දී සිදු වන්නේ මෙයයි. එහෙත්, චීන සමාජවාදය ව්‍යාප්ත වීම තුළ මේ ප්‍රවණතාව වෙනස් වෙන්න පුළුවන්. චීනය වගේ විශාල රාජ්‍ය ඒකාධිකාරයක් හැදුනු විට චීනයෙන් පිටත ඇමරිකාව වගේ රටක ව්‍යවසායකයින්ට පැවතිය හැක්කේ ඒ සමඟ තරඟ කළ හැකි ඒකාධිකාර හදාගෙන පමණක් වෙන්න පුළුවන්. ඇමරිකාවේ රාජ්‍යය මේ තරම් ශක්තිමත් වෙන්න හේතු වුනේත්, ඇමරිකාවට බොහෝ යුද්ධ වලට පැටලෙන්න සිදු වුනෙත් ලෝකයේ පැත්තක කොමියුනිස්ට් අධිරාජ්‍යවාදය පැවතීම නිසා කියා මම හිතනවා. මේ ආකාරයෙන්ම චීනය බලවත් වීමත් එක්ක පෞද්ගලික ප්‍රාග්ධනය හා වෙළඳපොළ තරඟය මුල් කරගත් ඇමරිකාවේ ප්‍රගතිය ආපසු හැරවෙන්න පුළුවන්.

      ඔබේ ප්‍රතිචාරයට මම කැමතියි. අවශ්‍යනම් මේ කරුණු පිළිබඳව වැඩි දුරටත් කතා කළ හැකියි.




      Delete
  9. @ මයියා,

    ඔබේ අදහස් නිවැරදි නමුත් ඇමෙරිකානු එක්සත් ජනපදය කියලා කියන්නේ සටකපට උපක්‍රම යොදා ලෙයින් හා යකඩින් ගොඩ නැගූ රටක් මිසක් හුදෙක් ආර්ථික ක්‍රමයේ ඇති කෙහෙල් මල් කාර්යක්ෂමතාවක් නිසා දියුණු වූ රටක් නෙමෙයි, අඩු වැඩි වශයෙන් ස්තාලින්ගේ සෝවියට් සංගමය හෝ ඇඩොල්ෆ් ගේ නාට්සි ජර්මන් ජනරජය වගේ.

    මීට සරල උදාහරණයක් විදියට මේ දවස් වල කතා කරන ඊශ්‍රායෙල් මැද පෙරදිග අර්බුදය ගත්තොත් දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමග ලෝකයේ තීරණාත්මක දේශපාලනික වෙනස්කම් ලෙස බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය බිඳ වැටීම සහ කිසිදු රටකට යටත් විජිත තබා ගන්න අයිතියක් නොමැති බවට සෝවියට් සමුහාණ්ඩුව විසින් ඉදිරිපත් කළ සම්මුතියට ඒ මොහොතේ බලවත් රටවල් වලට එකඟ වන්නට සිදු වුණා. මේ නිසා ලෝක යුද්ධය අවසන් වුණ 1945න් පසුව ලෝකය පුරා වේගයෙන් වර්ධනය වූ ජාතික විමුක්ති අරගල සීඝ‍්‍ර ලෙස සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව දෙසට නැඹුරුවනු දුටු බටහිර (බ්‍රිතාන්‍ය, ඇමරිකානු) අධිරාජ්‍යවාදී රටවල් ඒවාට නිදහස ලබාදී බලය තමන්ට ගැති මානසික්තවයන් සහිත රූකඩ ස්වදේශික පාලක පන්තියකටම පැවරීව වඩාත් උචිත බව වටහා ගත්තා. ලංකාව ඇතුලූ බොහොමයක් රටවලට නිදහස ලැබුණේ ඒ ආකාරයටයි.

    ඉන්දියාව ප්‍රමුඛ ආසියාවේ යටත් විජිත වල විශාල ආර්ථික ශක්තිය තුලින් බලවත් වූ බි‍්‍රතාන්‍ය සතු හිරු නොබසින අධිරාජ්‍ය බිඳ වැටුණු පසු එංගලන්තය ඉතා දුබල වූ අතරම නව අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස එක්සත් ජනපදය සීඝ‍්‍ර ලෙස නැගී සිටියා. කලින් දශකවලට වඩා ඉදිරියට එන දශක පෙට්‍රෝලියම් සහ වටිනා ඛණිජ මත පදනම්වන ආර්ථිකයක් සහිත බැවින් එක්සත් ජනපදය මැද පෙරදිග බණිජ තෙල් සම්පත් ආකරය දෙස ගිජු බැලූම් හෙලමින් සිටි අතර බි‍්‍රතාන්‍යයන් මෙන් ඍජුවම භූමිය ආක‍්‍රමණය නොකළ එක්සත් ජනපදය රටවල්වල රූකඩ පාලකයන් පත් කිරීම, විවිධ ණය වැනි උගුල්වල සිර කිරීමේ සහ ආර්ථික වහල්භාවයේ හෙලා දැමීමේ නව යටත්විජිතවාදී ක‍්‍රමය ජයටම අත්මදා බැලුවා. ඊට අමතරව කලාපීය ස්ථානවල තමන්ගේ රූකඩ රජයන් පිහිටුවිමෙන් තමන්ගේ අවශ්‍යතාවයන් මැනවින් සිදු කර ගැනීමට හැකියාව ඇති බව වටහාගත් ඔවුහු ආසියාවේ චීන සෝවියට් විරෝධී තායිවාන්, දකුණු කොරියාව, සිංගප්පූරුව, හොං කොං සහ පසුව බිඳ වැටුණු දකුණු වියට්නාමය වැනි රටවල් බිහි කළා.

    සූවස් ඇල ආශ්‍රිත ඊශ‍්‍රායෙලය බිහි වන්නේ මේ ආකාරයේම භූ දේශපාලනික අවශ්‍යතාවයන් අනුවයි. එක්සත් ජනපද දේශපාලනික අවශ්‍යතාවයන්ට ඍජුව බැඳී සිටින රූකඩ රජයක් මැද පෙරදිග පිහිටුවීමෙන් ඔවුන්ට බොහෝ දේවල් සිදු කරන්නට, මැද පෙරදිග අර්බුද ඇති කරන්නට, ආර්ථිකය පාලනය කරන්නට, සතුරු රටවල ඝාතන සහ මහත් විනාශයන් කිරීමට හැකි විය. ඊශ‍්‍රායෙලයේ පළමු ජනාධිපතිවරයා ලෙස කීර්තිධර විද්‍යාඥයෙකු වු ඇල්බට් අයින්ස්ටයින්ට ඇරයුම් කළද, ඒ වකවානුවේ දේශපාලනික තත්ත්වය ගැන මනා වැටහීමක් තිබුණු ඔහු ඇමරිකන් සැලසුම් වලට එරෙහිව එය ප‍්‍රතික්ෂේප කළා. ලෝකය පුරා විසිර සිටි යුදෙව් ජන කොටස් විශේෂයෙන්ම නාසි ආක‍්‍රමණයෙන් බැටකෑ මිනිසුන් ගාසා කලාපය තුළ ස්ථානගත කළා. අධිරාජ්‍යවාදය මිය ගියද එහි මිලේච්ඡ තුවාල කැලලි ඉතිරි කරන බවට ගාසා අර්බුදය විශිෂ්ඨ සාක්ෂියක්. බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් වූ පලස්තීනයට වාර්ගික අර්බුදයක් ඉතිරි වූ අතර, හිට්ලර්ගෙන බැට කෑ යුදෙව්වන්ම අද හිට්ලර්ගේ භූමිකාව රඟ දැක්වීම දක්නට හැකිය.

    ReplyDelete
    Replies
    1. තමන් සහ බ්‍රිතාන්‍ය එක්ව ගොඩ නැගූ ඊශ‍්‍රායෙලය ආරම්භයේ සිටම බලවත් යුධ ශක්තියක් සහිත රාජ්‍යයක් කරන්නට එක්සත් ජනපදය පියවර ගත්තේ එහි නවීන යුධ උපකරණ, තාක්ෂණය, විෂේශඥයින් ස්ථාපිත කරමින්, ඊශ‍්‍රායෙලය පිහිටුවා කෙටි කළකින්ම එල්ල වූ අරාබි ආක‍්‍රමණය තුළ එක්සත් ජනපද යුධ ශක්තිය සහ ඒවායේ බුද්ධි තොරතුරු වල උපයෝගීතාවය ප‍්‍රදර්ශනය විය. ලෝකයේ ඇති බොහොමයක් ඇමෙරිකන් ගැති රාජ්‍යයන් මෙන්ම ඊශ‍්‍රායෙලයටද එක්සත් ජනපද ආධාර සහ සැපයුම් නැතිව පැවැත්මක් නොමැත. මේ කාරණය නිසා එය අරාබි කලාපය තුළ නින්දිත ක‍්‍රියාකාරකම් විශාල ගණනාවක් ක‍්‍රියාවට නැංවීය. යාබද රටවල්වය යුධ ශක්තිය බිඳ දැමීම, පර්යේෂණ සිදු කරණ විද්‍යාඥයින් මරා දැමීම, රජයන්වල දේශපාලනික තත්ත්වයන් පාලනය කිරීමටද එක්සත් ජනපදය සමග කළා.

      ඒ වගේම සෝවියට් සමූහාණ්ඩුව බිඳ දැමීමට (1960) කුමන්ත‍්‍රණ දියත් කිරීම (ජොයින්ට් ෆෝ රහස් බුද්ධි අංශ) සහ පසුව රුසියන් සමාජවාදී අධිරාජ්‍යවාදීන් සහ ඇෆ්ගනිස්ථානය අතර ඇති යුද්ධය සඳහා එක්සත් ජනපදයේ සුවච කීකරු ගෝලයෙකු ලෙස කටයුතු කළා. පසුව වියට්නාම් යුද්ධය තුළදී පවා එක්සත් ජනපදයට සහය දැක්වීමට එහි බල ඇණි වලට අණ දීමට අරාබි ආක‍්‍රමණය මොහොතේ සිටි දක්ෂ යැයි සැලෙකන ඊශ‍්‍රායෙල අණ දෙන නිළධාරීන් යැවුවද වියට්කොං ගරිල්ලන්ගේ උපක‍්‍රමික ප‍්‍රහාර හමුවේ ආක‍්‍රමිණික හමුදා අන්ත පරාජයට ලක් වූයේ එක්සත් ජනපද ආර්ථිකයත් පල්ලම් බස්සවමින්. එක්සත් ජනපද සමාගම් වලට යපස් සහ බොක්සයිට් කණින්නට ඉන්දියාවේ බටහිර බෙංගාලයේ වනාන්තර අක්කර මිලියන ගණන් ඉන්දියානු රජය ඇමෙරිකා සමාගම් වලට විකුණූ පසු ප‍්‍රාදේශිය ජනතාව ඉන්දීය හමුදා සමග සන්නද්ධ යුද්ධයක නියැලූණු අතර ඒවා මර්දනය කිරීමට, කැරලි නායකයින් තෝර තෝරා ඝාතනය කිරීමට, ඔත්තු බැලීමට ඊශ‍්‍රායෙල සහය පැතූ අතර යම් ඝාතන ප‍්‍රමාණයක් සාර්ථකව සිදු කිරීමට ඊශ‍්‍රායෙල සහය තිබුණු ඉන්දියානු හමුදාව සමත්වූවද, ලෝකයේ තිබූ දියුණුම ඩ්‍රෝන යාත‍්‍රා ලෙස මාධ්‍ය වලින් පුම්බා තිබූ ඊශ‍්‍රායෙලය නිෂ්පාදනය කළ අහසේ ඔත්තු බැලීම් රවටා වැටලීම් තුළට ඉන්දියානු හමුදාව ඇද ගැනීමට කැරලිකාරයින් සමත් වූ අතර රජය අන්ත පරාජයක් ලැබූ අතර ඊශ‍්‍රායෙල තාක්ෂණය සහ දැනුම පමණක් නොව යුධ අත්දැකීම්ද දැඩි ලෙස අසමත් විය.

      ඇමරිකානු එක්සත් ජනපදයට එරෙහිව යුධ විරෝධතා වැඩි වෙද්දී නව උපක‍්‍රමයක් ලෙස එක්සත් ජනපදය සහ ඊශ‍්‍රායෙලය එහි මැද පෙරදිග හෙංචයියන් වන තුර්කිය සමග එක්ව අයිඑස් අයිඑස් නම් සංවිධානය නිර්මාණය කොට පුහුණුව ලබාදී, තමන්ගේ අවශ්‍යතාවයන්ට කුර්ආණය පවා සංශෝධනය කොට තරුණයින් සහ දරුවන් මොල සේදීමට ලක් කොට අයිඑස් අන්තවාදී සංවිධානයන්ට බඳවා ගැනීමට කටයුතු කරන ලදි. කොබානි නගරය මේ ත‍්‍රස්තවාදීන් වට කිරීමේදී කුර්දි සහ මුස්ලිම් ජනතාව, විප්ලවවාදී කණ්ඩායම් මහජන හමුදාවන් සංවිධානය කොට ධෛර්යසම්පන්න ලෙස සටන් කරද්දි තුවාල ලත් අයිඑස් අයිඑස් භටයින් ගිලන් රථ යවා තුර්කි දේශ සීමා හරහා ගෙන්වා ගෙන ප‍්‍රතිකාර කිරිමට පමනක් නොව පුහුණුව, සැපයුම් ලබා දීමද සිදු කළහ. අයි එස්වරු ළඟ තිබු බොහොමයක් යුධ උපාංග, හමර් රථ, ස්නයිපර්, බර අවි, යුධ ටැංකි එක්සත් ජනපදය ප‍්‍රමුඛ නේටෝ රටවල් ලබා දුන් ඒවා බව ඉතාමත් පැහැදිලි වීමත් සමඟ මේ අපකීර්තිමත් සත්‍යය ලෝකය තුළ අනාවරණය වීම නිසා ඊශ‍්‍රායෙලය සිදු කලේ කලින් දැනුම් දී අයිඑස් පුහුණු කඳවුරු සහ ස්ථානවල හිස් භූමියට ජීවිත හානි නොවන ලෙස බෝම්බ දැමීමයි. පලස්තීනයේ හමාස් සහ යේමනයේ හූති, ලෙබනනයේ පවතින බොහෝ සටන්කාමී කණ්ඩායම් තාලේබාන්, අල්ක්යිදා සහ අයිඑස්අයිඑස් සංවිධාන තමන්ගේ සතුරන් බව දැන සිටි අතර මේ ප‍්‍රදේශවල මෙම ත‍්‍රස්ත කණ්ඩායම් වලට විසිරීමට නොහැකි හේතුව අයිඑස් සහ අල්ක්ආයිදා ඇමෙරිකන් අවතාර වැද්ද නොගැනීමට සහ ඔවුන්ට තේරෙන විදියට සන්නද්ධමය ප‍්‍රතිචාර දැක්වීමට මෙම කණ්ඩායම් කටයුතු කිරීමයි.

      Delete
    2. ඒ වගේම තවත් දෙයක් තමයි මැද පෙරදිග ශරියා නීතිය අහෝසි කොට තිබූ මුල්ම රටවල් වූ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය රජයෙන් නොමිලේ ලබා දුන් වඩා ආගමික වශයෙන් නිදහස් රාජ්‍යයන් වූ ඉරාකය, ලිබියාව එක්සත් ජනපදය විසින් විනාශ කර දැමූයේ මැද පෙරදිග දැවැන්ත ඛණිජ තෙල් සම්පත හිමි කරගෙන කලාපයේ තමන්ගේ දේශපාලන බලය සංතුලනය කර ගැනීමේ අභිලාශයෙන්. මේ සෑම කාර්යභාරයක් තුළම ඊශ‍්‍රායෙලය කීකරු ගණිකාවක් මෙන් සිය සහය හැමවිටම ලබා දුන්නා.

      මේ වගේම හුදෙක් සිදුවීම් තනි තනිව ක්ෂණික දත්ත මත පදනම්ව නිරීක්ෂණයෙන් සිදු වන්නේ මිනිසුන් මුලාවට පත් වීම සහ අසාධාරණය, අයුක්තිය වැනි දේවල් සඳහා ඉන්ධන සැපයීමයි. ශරියා නීතිය යනුද මුස්ලිම් ආගමික ඉගැන්වීමක් නොවන අතර එය ඊජිප්තු රජ කුමරෙකු විසින් රචනා කොට දේශපාලනයේ පහසුව සඳහා භාවිතා කළ උපක‍්‍රමයක් වු අතර ආගමට රාජ්‍ය අනුග‍්‍රහය ලැබීමේ අල්ලස හේතුවෙන් එය මුස්ලිම් ආගමික ඉගැන්වීම් වලට ඒකාබද්ධ විය. නො ඒසේනම් ලෝකයට වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු සහ වාරි තාක්ෂණය, ඉදි කිරීම් කාත්ෂණය, කාරකා විද්‍යාව, රසායන විද්‍යාව වැනි උසස් දැනුම් සම්භාරයක් ලබා දුන් අරාබි ශිෂ්ඨාචාර අද බුද්ධිමය මන්දගාමීත්වයක් දක්වන්නට හේතුවක් නැත.

      මේ වගේම මිනිස් සංහතියයට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සහ එහි හෙංචයියන් විසින් සිදු කළ අපරාධවල ප‍්‍රමාණය ඉතිහාසයේ කිසිදු අධිරාජ්‍යවාදියෙකු විසින් සිදු කළ ප‍්‍රමාණයන්ට වඩා වැඩිය. තලෙයිබාන් සහ අයිසිස් වැනි මිලේච්ඡ ත‍්‍රස්තවාදි කණ්ඩායම් සිදුකළ සැම මිලේචඡ ක‍්‍රියාවක් පිටුපසම එක්සත් ජනපදය, සහ ඊශ‍්‍රායෙලය ඇතුලූ එහි මැද පෙරදිග සහ යුරෝපීය හෙංචයියන්ගේ සෙවනැල්ල වැටී තිබෙනවා. මාධ්‍ය සන්දර්ශන සහ මාධ්‍ය ආධිපත්යයක් විසින් සිදු කරන ප‍්‍රචාරක යුද්ධයේ ප‍්‍රතිපලයක් ලෙස ඊශ‍්‍රායෙලය කොටියෙකු ලෙසට පුම්බවා ඇතත්, ඇමෙරිකන් ආධාර නොමැතිව පැවතිය නොහැකිය. මේ දක්වා දශක ගණනාවක් තිස්සේ ඇමරිකන් එක්සත් ජනපදය ඩොලර් බිලියන තුනක් හැම වසරකම ඊශ්‍රායලයට නිකම් දෙනවා. ඊට අමතරව තව බොහොමයක් දේවල් ආධාර උපකාර සහිතව එහි බලයේ මූලාශ‍්‍රය එයයි. ඊශ‍්‍රායෙල තරුණයන් සිය අධ්‍යාපන මොඩලයෙන් වර්ගවාදී මානසිකත්වයට නතු කොට ඇති අතර එය ස්වකීය රාජ්‍ය පාලනය පවත්වා ගැනීමට රුකුලක් කොට ඇත. නිරායුධ පලස්තීන දරුවන් දුසිම් ගණන් ස්නයිපර් ප‍්‍රහාරවලින් වෙඩි තබා මරා දමන විට මිය ගියේ මනුෂ්‍යත්වයයි. එවැනි යුද්ධයක නීචත්වය මිස වීරත්වය නොමැති. සුදු පොස්පරස් වැනි රසායනික ප‍්‍රහාර සිවිල් මිනිසුන් සිටින තැන්වලට ගුවනින් හෙලන විට එදා ඒජන්ට් ඔරේන්ජ් දමා වියට්නාම් විනාශ කළ ඇමරිකන් එක්සත් ජනපදයට නොදෙවෙනිව ඊශ‍්‍රායෙලයද මිලේච්ඡත්වයේ රාජ්‍යයක් බව එහි සිටින මිනිස්සුන්ටද දැනෙන්නට පටන් ගෙන තිබුණි. අද ඊශ‍්‍රායෙලයේ මිලේච්ඡ ආක‍්‍රමණික යුද්ධයට එරෙහිව සටන් වදින ඊශ‍්‍රායෙල ජාතිකයින්ගේද පෙරමුණු බිහි වී තිබේ. පලස්තීන සරණාගත කඳවුරුවල ස්වේච්ඡාවෙන් සේවය කරන්නට ඊශ‍්‍රායෙල වෛද්‍යවරු, සහන සේවකයින්, උපාධිධාරීන්, විද්වතුන් සිය ජීවිත අවදානම නොතකා ඉදිරිපත් වී ඇත. භිතියේ සහ මිලේච්ඡත්වයේ ගිනිදැල් අතර හැමවිටම මනුෂ්‍යත්වයේ බලාපොරොත්තු නැගී සිටියි.

      චීන නායක සභාපති මාඕ ත්සේතුං වරෙක මෙසේ කියා ඇත;

      /ලේ නොහැලෙන යුද්ධය නම් දේශපාලනය වන අතර යුද්ධය යනු ලේ හැලෙන දේශපාලනයයි, ලෝකයේ යුද්ධ වර්ග දෙකක් ඇති අතර ඒ යුක්ති සහගත යුද්ධ සහ අයුක්ති සහගත යුද්ධයි.

      ආක‍්‍රමණිකයෙක්, ප‍්‍රතිගාමියෙක්, අධිරාජ්‍යවාදියෙක් විසින් සිදු කරන ඕනෑම යුද්ධයක් අයුක්තිසහගත යුද්ධයන් බවත් පීඩනයට, සූරාකෑමට, ආක‍්‍රමණයන්ට එරෙහි යුද්ධ යුක්ති සහගත යුද්ධයන් බවත් අප විස්වාස කරමු/

      මේක තමයි මේ ගැන කෙටියෙන් කියනවනම් ඔන්න ඔහොමයි.

      Delete
  10. මේ ධනවාදී සමාජ වාදී අඬදබර අස්සේ මට කාලෙකට කලින් ටයිටැනික් ෆිල්ම් එකේ IMBD වල තිබ්බ Plot එක කියෙව්වාම දැකපු කාරණයක් මතක් වුණා.

    ඒ කතාවේ 1997 ගිය සිනමා නිර්මාණයේදී සිදුවීම් ගොඩකට මූණ දීලා අන්තිමට ජැක් මැරිලා රෝස් බේරිලා, රෝස් තමන්ගේ පරණ කථාව කියද්දී මෙහෙම දෙයක් කියනවා.

    ඒ කාලේ රෝස් ජැක් එක්ක නැවේදී ආදරයෙන් බැඳුනට විවාහ ගිවිසගන්න සූදානමින් ඉන්නෙ
    කාල් හෝක්ලි කියන ධනවත් බලවත් ආයෝජක කර්මාන්තකරු/ ව්‍යාපාරිකයා එක්ක.

    ඒත් ටයිටැනික් අනතුරේදී කාල් හොරෙන්ම දිවි ගලවාගන්නා යාත්‍රාවක නැගලා බේරෙනවා. පස්සේ නිව්යෝර්ක් වලට බේර ගත්ත අයව Carpathia නැවෙන් ගේනවා. එතනදී කාල් රෝස්ව හෙව්වත් රෝස්ව හොයා ගන්න බැරුව කාල් යනවා.

    කාලෙකට පසුව රෝස් ට ආරංචි වෙනවා
    කාල් 1929 උන Wall Street Crash එක නිසා
    සිය දිවි නසා ගන්නවා කියලා.

    හැබෑටම මොකක්ද මේ කාල්ට සියදිවි නසාගන්න හේතුවෙන Wall Street Crash කියලා කියන්නේ ඉකොනොමැට්ටා?

    ආර්ථික විද්‍යාව නොදැන සිටි මමත් ඔන්න ඕක ගැන පොඩ්ඩක් විස්තර හෙව්වා. ඒ අනුව 1914 ජුලි මාසයේදී පළමුවන ලෝක යුද්ධය පටන් ගන්නවා, ඒ යුද්ධයේදී මුලින්ම ඇමෙරිකා එක්සත් ජනපදය කපටි අවස්ථාවාදී කල දුටු කල වල ඉහ ගැනීමට යුද්ධයේ කිසිම පාර්ශවකරුවකු වෙන්නේ නැතුව දෙපාර්ශවයටම අවශ්‍ය යුධ අවි, ඉන්ධන, උපකරණ, ආහාර වැනි අතවශ්‍ය ද්‍රව්‍ය විකුණලා අති දැවැන්ත ලාභයක් උපයන වැඩේ.

    ඒත් යුද්ධය අවසාන කාලයේදි යම් විටක ජර්මනිය විසින් ඇ.එ. ජනපද නෞකාවලට පහර දෙනවාත් එක්කම අමෙරිකාවත් යුද්ධයට සම්න්බධ වෙනවා. කොහොම හරි පළමු ලෝක යුද්ධයෙන් ඇමරිකා එ.ජ.යට විශාල වාසියක් වෙමින් ඒ යුද්ධයේන් ඇමරිකාව අතිශය විශාල
    ප්‍රාග්ධනයක් එකතු කරගන්නවා.

    ඔන්න ඔය වගේ 1918 නොවැම්බර් පමණ වන විට පළවෙනි ලෝක යුද්ධය අවසන් වෙන්නේ
    සම්පූර්ණ යුරෝපයම විනාශ කරලා. යුද්ධය ඉවර වෙන කොට එතෙක් ලෝක ආර්ථික බලවතා වූ බ්‍රිතාන්‍ය දැඩි ආර්ථික-සමාජීය අර්බුදයකට ගොදුරු වෙන අතරේ අනෙකුත් බලවත් යුරෝපීය රටවල් වලටත් ඒකම වෙනවා. මේ සමගම යුරෝපය පුරා විරැකියාව, කර්මාන්ත බිද වැටීම, වෙලදපොල බිදවැටීම උපරිමයට සිදුවෙනවා.

    ඔය සමගම යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවලට ඇමෙරිකාවෙන් විශාල වශයෙන් ණය ලබා ගැනීමට සිද්ධ වෙන නිසා පළවෙනි ලෝක යුද්ධයෙන් විශාල දැවැන්ත ප්‍රාග්ධනයන් ඇමෙරිකාව හිමිකර ගත්ත නිසා දැවැන්ත ආර්ථික වර්ධනයක් ඇති කරගන්නවා.

    ඒ අනුව 1920 වසරේ ඉඳලා එලඹෙන වසර 9 ක පමණ කාලය තුළ සිදු වූ මේ ආර්ථික වර්ධනයට කිව්වේ The Roaring Twenties/ මේඝ නාදයේ දශකය කියලා.

    තම ආර්ථිකය සදාකාලික සෞභාග්‍ය කරා යනවා කියලා ඇමරිකානුවන් හිතුවේ. තමන් සතු ප්‍රාග්ධනයේ සිදු වූ මේ වේගවත්වූ වර්ධනයත් එක්ක විශාල “කාර්මික නිෂ්පාදන” ක්‍රියාවලියකට ඇමෙරිකාව යොමු වෙනවා. මේ එක්කම රටපුරා විදුලිබලය සපයනවා. Ford මෝටර් රථ අති දැවැන්ත ප්‍රමාණයකින් නිශ්පාදනය වෙනවා, මධ්‍යම පාන්තිකයන් ගෙවල් වලට බඩු භාණ්ඩ ගෘහභාණ්ඩ ඕනවට වඩා මිළදී ගන්නවා. ඇමෙරිකාව දැඩි “පරිභෝජනවාදී” ආර්ථිකයට යොමු වෙනවා.

    ඔවුන් ගේ වෙළදපල ආදර්ශ පාඨය වූයේ;

    Live today.
    Enjoy today.
    This is the life.
    Stop worrying about tomorrow.

    අද ජිවත් වෙන්න.
    අද සතුටු වෙන්න.
    ජීවිතය යනු මෙයයි.
    හෙට ගැන තැවීම නවතන්න.

    මේ සමගම කොටස් වෙළෙඳපොළේ ආයෝජනයට යොමු වෙන බොහෝ මැද පන්තියේ ඇමරිකානු ජනයාට තමන්ගේ සියලු දේපළ විකුණලා ඒ මුදල් කොටස් වෙලඳපොලේ ආයෝජනය කරලා එකෙන් ලැබෙන ලාබයෙන් රස්සාවක් නොකර ජීවත්වෙන අය බවට පත් වෙනවා විතරක් නෙමේ. ඇමරිකාවේ සපත්තු මදින කොළු ගැටයන්පවා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා. මේකෙන්
    මුළු ආර්ථිකයම මහත් සේ විනෝද ආර්ථිකයක් බවට පත් වෙනවා. මේ තත්වය තවත් උඩුදුවන්නේ ඉතිහාසයේ පළමු වතාවට
    මහා පරිමාණයෙන් පුද්ගල ණය ලබා දීමට ඇමෙරිකානු බැංකු මගින් ආරම්භ කිරීමත් එක්ක.

    ඒ කාලේ ඕක ප්‍රසිද්ධ උනේ..

    Buy today.
    Pay tomorrow.

    අද මිළට ගන්න හෙට ගෙවන්න
    කියලා. ඒත් අවුරුදු 9ට පස්සේ මොකද උනේ?

    ReplyDelete
    Replies
    1. එකපාරටම 1929 සැප්තැම්බර් 04 වැනිදා නිව්යෝක් කොටස් වෙලඳපොලේ කොටස් මිල ගණන් හදිසියේ පහල වැටුනා. මෙහෙම දෙයක් වෙනවා කියලා ඇමරිකාවේ කිහිප දෙනෙක් දැනගෙනත් හිටියා. ඒකෙන් එක්කෙනෙක් තමයි
      ඒ එතකොට ඇමෙරිකානු ජනාධිපති හර්බට් හුවර්, හැබැයි ඒ වෙනකොට කරන්න දෙයක් නෑ. කොහොම හරි 1920 ඉඳලා 1929 වෙනකන් තිබ්බ දැවැන්ත ආර්ථික වර්ධනය නිසා ඉහළ සහ මධ්‍යම පාන්තික ඇමෙරිකානුවන් විස්වාස කළ සදාකාලික සෞභාග්‍ය යෙන්පිරි ඇමෙරිකාවක් ගැන.ඒ නිසා
      මේ කඩා වැටීම ඇමරිකානුවන් ගණං ගත්තේ නෑ.

      හැබැයි ඉතින් 1929 සැප්තැම්බර් 20 ලන්ඩන් කොටස් හුවමාරුවේ බිද වැටීම සමඟ
      ඇමරිකාවේ ඇස් ඇරුනා. 1929 ඔක්තෝබර් 29
      (කළු අගහරුවාදා-Black Tuesday) දා ඇමෙරිකානුවන්ගේ මේඝ නාදයේ දශකයේ The Roaring 20’s අවසානය උදාකරමින් නිව්යෝක් කොටස් හුවමාරුව ලෝක ආර්ථික ඉතිහාසයේ දරුණුතම කඩාවැටීමට ලක් උනා.

      මේ සමග එක් දිනක් තුල ඇ.ඩො. බිලියන 30 ක් පමණ ආයෝජන මේ වෙනකොට නැති වෙනවා. ඇමරිකානු ආර්ථිකයට මරු පහරක් වන මෙය ඇමෙරිකානු බැංකු සහ මූල්‍ය ආයතන බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරන තැනට පත් උනා. මේ අර්බුදය බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඔස්ට්‍රියාව, පෝලන්තය ඇතුළු යුරෝපීය රාජ්‍යයන්ගේ ආර්ථිකයන්ටත් දැඩි බලපෑමක් උනා.

      මේකට හේතුව උනේ පළවෙනි ලෝක යුද්ධයේ ආර්ථිකය බිද වැටීම හේතුවෙන්
      යුරෝපයේ රටවල් ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 8 ක පමණ ණයක් ලබා ගෙන තිබීම සහ අර්බුදයත් සමගම ඇමරිකානු බැංකු වලට එම ණය මුදල් කප්පාදු කිරීමට සිදුවීමයි. 1929-1932 කාලය අතරතුර පමණක් ලෝක “දළ දේශීය නිෂ්පාදිතය”දළ වශයෙන් 15% පමණ ඇද වැටෙන්න මේක හේතු උනා. මේ කඩා වැටීමට කිව්වේ Wall Street Crash කියලා, මොකද නිව්‍ යෝර්ක් කොටස් වෙළඳපොල තිබ්බේ මේ වෝල් ස්ට්‍රීට් එකේ.
      ව්‍යාපාරිකයන් විශාල වශයෙන් කොටස් වෙළඳපොල බිඳ වැටීම නිසා මේ වෝල් ස්ට්‍රීට් එකට ඇවිල්ලා ගැටුම්ඇති කර ගත්තා. ගොඩක් ව්‍යාපාරිකයන් මේ සිද්ධිය එක්ක
      බංකොලොත් උන නිසා සියදිවි නසා ගත්තා. ඒ වගේම ටයිටැනික් කථාවේ අන්තිමට රෝස් විවාහ ගිවිසගෙන හිටපු කාල් හෝක්ලි
      ටයිටැනික් අනතුරෙන් දිවි ගලවාගත්තත්
      මේ වෝල් ස්ට්‍රීට් ක්රෑෂ් එකෙන් දිවිතොර කරගන්නේ මෙන්න මේ නිසා. කොහොම හරි මේ සිදුවීම ගැන ආර්ථික විද්‍යාත්මක පසුබිම අධ්‍යනය කරලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
  11. Economatta, I am in a dilemma on US policy in MiddleEast. I feel its more to do with markets rather than preventing/blocking any socialist element. However, in acquiring the markets some of the strategies that US employ are immoral. How do you describe such behavior?

    ReplyDelete
    Replies
    1. "US policy in MiddleEast" is a broad topic. I am not an expert on that subject. If you can explain a specific policy strategy with a connection to an economic issue, I may answer.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: