වෙබ් ලිපිනය:

Friday, May 9, 2025

මුදල් සංසරණය 14.5% කින් ඉහළ යයි!

 

"2024 වසර තුළ භෞතික මුදල් සංසරණයේ පෙර නොවූ විරූ සියයට 14.5 ක වාර්ෂික වර්ධනයක් මහ බැංකුව වාර්තා කර ඇත."

මේ මේ වෙද්දී වේගයෙන් සංසරණය වන පුවතක්. ඔය වගේ දෙයක් දුටු විට ගොඩක් අය තල් අත්තට බෙලි ගෙඩිය වැටුණු වෙලාවේ වගේ කලබල වෙලා ඕක පස්සේ දුවනවා. මෙය ප්‍රශ්නයක් ලෙස දැකලා ප්‍රශ්නය විසඳන්න කරපු යෝජනාත් ගණනාවක්ම දැක්කා. 

පෙනෙන විදිහට මේ පුවතේ සම්භවය සාමාන්‍යයෙන් හැමදාම බැණුම් අහන සමාජ ජාලා කිසිවක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංග්‍රීසි මාධ්‍ය ජාතික පුවත්පතක්. ඔය වගේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් වුනත් තත්ත්ව පාලනය අතින් සමාජ ජාලා වලට වඩා ලොකුවට වෙනස් නැති බව දැනගන්න මේ පුවත හොඳ උදාහරණයක්.

"Sri Lanka sees unprecedented 14.5% surge in cash in 2024" - 8 May 2025, https://www.dailymirror.lk

සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ ඔය පුවත.

2024 වසර තුළ භෞතික මුදල් සංසරණය ඇත්තටම ඔය කියන විදිහට 14.5%කින් වර්ධනය වෙලාද?

ඔව්. 14.51%කින් වර්ධනය වෙලා තියෙනවා. ඒ කරුණේ කිසිම වැරැද්දක් නැහැ. 

එහෙමනම් මේ ප්‍රවෘත්තියේ තිබෙන වැරැද්ද කුමක්ද?

වැරැද්ද තියෙන්නේ "unprecedented" කියන වචනයේ. මෙය කිසිසේත්ම "පෙර නොවූ විරූ" වර්ධනයක් නෙමෙයි. සාමාන්‍ය කරුණක් ලෙස සංසරණයේ තිබෙන මුදල් ප්‍රමාණය සෑම වසරකදීම ඔය ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනවා. පහත තිබෙන්නේ පසුගිය වසර පහ තුළ භෞතික මුදල් සංසරණය වර්ධනය වූ ආකාරය.

2020 - 23.13%

2021 - 20.40%

2022 - 2.14%

2023 - 15.58%

2024 - 14.51%

පසුගිය අවුරුදු පහෙන් එක් අවුරුද්දකදී හැර අනෙක් සෑම අවුරුද්දකදීම භෞතික මුදල් සංසරණය වැඩි වීම පසුගිය වසරේ වර්ධනයට වඩා වැඩියි. පසුගිය වසරේ වර්ධනය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඇත්තටම කියනවානම් භෞතික මුදල් සංසරණය මීට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙන්න වුනත් හේතු මේ වෙද්දී තිබෙනවා.

භෞතික මුදල් සංසරණයේ ප්‍රමාණය තීරණය කරන සාධක මොනවාද?

මෙය ඉතාම සරල, ඒ වගේම බොහෝ දෙනෙකු දන්නා, මූලික මට්ටමේ ආර්ථික විද්‍යා න්‍යාය කිහිපයකින් පැහැදිලි කළ හැකි දෙයක්. 

මිනිස්සු භෞතික මුදල් භාවිතා කරන්නේ ගනුදෙනු කිරීමේ මෙවලමක් විදිහටයි. ඒ නිසා, රටේ ගනුදෙනු ඉහළ යද්දී මුදල් ඉල්ලුම ඉහළ යනවා. රටේ ආර්ථිකය වර්ධනය වෙද්දී ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. මුදල් වැඩියෙන් අතේ තියාගත් තරමට ගනුදෙනු කිරීම පහසු වෙනවා.

කෙසේ වුවත්, භෞතික මුදල් භාවිතය සීමා කෙරෙන සාධකත් තිබෙනවා. ප්‍රධානම සාධකය පොලී අනුපාතික. පොලී අනුපාතික ඉහළ යන තරමට සල්ලි අතේ තියා ගැනීමේ "ආවස්ථික පිරිවැය" ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි බැංකුවේ නොතියා අතේ තියා ගැනීම නිසා අහිමි වන පොලී ආදායම. යමෙක් අතේ තියා ගන්න භෞතික මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ පොලී ආදායම අහිමි වීමේ පාඩුව සහ ගනුදෙනු සඳහා අවශ්‍ය වන මොහොතේ අතේ සල්ලි නැති වීමේ පාඩුව කිරා මැන බැලීමෙන් පසුවයි. 

ඉහත දත්ත වල පෙනෙන පරිදි, 2022දී භෞතික මුදල් සංසරණයේ වර්ධනය ඉතා අඩු මට්ටමකට වැටී තිබෙන්නේ පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගිය නිසා. පොලී අනුපාතික ක්‍රමයෙන් අඩු වෙද්දී සල්ලි අතේ තියා ගැනීමේ ආවස්ථික පිරිවැයද නැවත ක්‍රමයෙන් අඩු වී තිබෙනවා. ඒ නිසා, මුදල් සංසරණය සාමාන්‍ය පරිදි වර්ධනය වී තිබෙනවා.

මීට අමතරව, 2022 කියන්නේ රුපියල පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු වසරක්. එවිට මිනිස්සු රුපියල් අතේ තබා ගැනීම සීමා කරනවා. ඒ වෙනුවට වාහන, ගෙවල්, ඉඩම්, රත්තරන්, ඩොලර් වගේ දේවල් මිල දී ගන්නවා. නැවත රුපියල පිළිබඳ විශ්වාසය ගොඩ නැගුනු පසුව ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා.

මේ හේතු අතරට එකතු කළ යුතු තවත් හේතුවක් වන්නේ මේ වන විට මාස අටක පමණ කාලයක් එක දිගට රටේ අවධමනයක් තිබීම. සල්ලි අතේ තියා ගැනීමේ එක් ප්‍රධාන අවාසියක් වන්නේ උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩු වීම. අව්ධමනයක් තියෙද්දී සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. ඒ කියන්නේ අතේ තිබෙන මුදල් වල වටිනාකම එන්න එන්නම වැඩි වීම.

ඔය කරුණු වලට අමතරව, රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම. බැංකු තැන්පතු පිළිබද තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දීම නිසා බදු ගොනු අරින්නට වීමේ අවදානම වගේ හේතු නිසාත් භෞතික මුදල් භාවිතය ඉහළ යන්න පුළුවන්.

ඔය වගේ හේතු ගොඩක් නිසා මේ වෙලාවේ භෞතික මුදල් භාවිතය ඉහළ යාම ඉතා සාමාන්‍ය දෙයක් වුනත්, ඇත්තටම එවැනි කැපී පෙනෙන වැඩි වීමක් වෙලා නැහැ. මේක "මහනුවරට නගරාන්තර දුම්රියක්!" වගේ ප්‍රවෘත්තියක්. හැබැයි පසුගිය දවස්වල ඔය විදිහේ ප්‍රවෘත්ති ගණනාවක්ම සමාජ ජාලා වලනම් තිබුණා.

14 comments:

  1. ඉන්දු පකිස්ථාන යුධ ගැටුම අපිට බලපාන විදිය ගැන ලිපියක් ලියන්නකෝ ඉකොනෝ.

    ReplyDelete
    Replies
    1. කතරගම - කුරුණෑගල බස් සේවාව.

      කතරගම සිට පිටත් වීම රාත්‍රී 10:00

      බුත්තල, වැල්ලවාය, බණ්ඩාරවෙල, වැලිමඩ, නුවරඑළිය, ටොප්පාස්, රම්බොඩ, ගම්පොල, පේරාදෙණිය, මහ නුවර, හරහා කුරුණෑගල.

      උදැසන 7:00 කිට්ටු වෙන විට කුරුණෑගලට ලගා වෙනු ලැබේ.

      මාධ්‍යම රාත්‍රී 12:00 වෙන විට ඇල්ල නගරය පසු කරනු ලැබේ.

      තේ පැන් පානයට සහ ගිමන් හැරීම සදහා වැලිමඩ, නුවරඑළිය සහ රම්බොඩ නගර වල විනාඩි 15 බැගින් බස් රථය නවතනු ලැබේ.

      කලින් ආසන වෙන්කරවා ගත හැක.

      පළපුරුදු A ශ්‍රේණියේ රියදුරු මහතෙකු බසය පදවනු ලැබේ.

      ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කතරගම ප්‍රාදේශීකය.

      Delete
  2. Like වැඩි කර ගන්න
    විව්ස් වැඩි කර ගන්න
    කුතුහලය අවුලන්න
    කෙරෙයි වැඩ ඔය ලෙසින

    ReplyDelete
  3. බැංකු නිලධරියෙක් විදයට මම දැකපු දේ තමයි මිනිස්සු දැන් මුදල් භාවිතයට බය නැහැ සහ
    දැනුවත්

    ReplyDelete
    Replies
    1. ලෙමන් ගෙඩියක් පුකේ ගහගන්න

      Delete
    2. උඹ ඇනෝ දාන් ආවට වැඩක් නෑ
      උඹ කවුද කියන්න මම දන්නවා

      Delete
    3. දන්නවනං කියන්න

      Delete
    4. උඹේ සායම යවන්න ඕනේ නැනේ

      Delete
  4. අනුර කුමාර ජනාධිපති උන දවසේ ඉදන් රටට වගතුවක් නෑ ඉකොනො

    ReplyDelete
  5. ඇමරිකා එක්සත් ජනපදයට තවත් චීනය වගේ තරගකාරී ආර්ථික බලයක් හදාගන්න ඕන වෙයිද?. ට්‍රම්ප් දැන් ආපස්සට හරවන්න හදන්නෙ ගෝලියකරණය නිසා වැරදුන තැන් ටික. ඒත් දැන් චීනය වට්ටන්න කොහොටවත් බැහැ බැහැ. ආයි ඉන්දියාව උස්සල තියල වරද්දගන්න ඇමරිකාවට ඕනත් නැහැ. චීනෙටත් ඕන නැහැ ප්‍රබල ඉන්දියාවක් දකින්න. ඇමරිකානු ගැති හමුදා පාලනයකින්, චීන ආයුධ වලින් තමයි ඉන්දියාවට වදින්නෙ. බටහිර මාධ්‍ය වල ඉන්දියාව තුට්ටු දෙකට දාල තමයි මේ දවස් වල නිවුස් යන්නෙ. අද වෙන කොට දකුණු ආසියාවෙ ඉන්දියාවට යන්තම් හරි හිතවත් රටක් තියෙනව ඒ ලංකාව විතරයි. ලංකාවෙත් කපටිකමට මුග්ධ මාලිමාණ්ඩුව ඉන්දියානු හිතවත් කමක් පෙන්නුවට, අතිබහුතර මිනිස්සු ඉන්දියාවත් එක්ක පට්ට තරහයි. ලංකාව ඇතුලෙ ඕන වෙලාවක ඉන්දියානු විරෝධයක් හදන එක ඉතාම සුලු දෙයක්. තමන්ගෙ වෙලඳපලට අලුත් තරඟකාරයෙක් එනකොට හැමෝම එකතුවෙලා ඌව වට්ටන එක කරන්නෙ. ඊට පස්සෙ ආයි තම තමන් ඇනකොටා ගන්නව. චීනයේ ආර්ථික බලය ඇමෙරිකා එක්සත් ජනපදය හදපු එකක් නෙවෙයි. ගෝලීය ලෝක වෙළෙඳපොළේ ඇතිවෙච්ච වෙනස්කම්වලට අනුගත වෙලා චීනය තමන්ගේ ආර්ථිකය වර්ධනය කරගත්තා. ඉන්දියාවට ඒ තරම් ලොකු හැකියාවක් නෑ. දැන් ඉන්දියාව ඉන්නේ ඇමෙරිකානු දේශපාලන කඳවුරේ. මෝඩි ඇමෙරිකාවට ගියෙත් වෑන්ස් ඉන්දියාවට ගියෙත් දෙපාර්ශ්වය අතර තියෙන ළඟ සම්බන්ධය හින්දා. ගෝලීයකරණය එක වටයකින් සීයට සීයක් ආපස්සට කරකවන්න ට්‍රම්ප්ට බෑ. ඉතින් ඇමෙරිකාව උත්සාහ කරන්නේ ඉන්දියාව උපකරණයක් කරගෙන චීනය දුර්වල කරන්න. දුර්වල උපකරණයකින් චීනයට ගහන්න බැරි බව ඇමෙරිකාව දන්නවා. ඉතින් ඇමෙරිකානු - ඉන්දියානු ගනුදෙනු තව තවත් ශක්තිමත් වෙයි නේද?

    ReplyDelete
  6. ඉකොනෝ ලංකාවේ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.

    ඒ අනුව 2025 පෙබරවාරි මාසයේ දී -3.9% ක් ලෙස වාර්තා වූ ලංකාවේ උද්ධමනය 2025 මාර්තු මාසය සඳහා -1.9% ක් දක්වා වැඩි වී තිබෙනවා.

    ඒ,වගේම 2025 පෙබරවාරි මාසයේ දී -1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මාර්තු මාසයේ දී 0.8% ක් දක්වා වැඩි වී ඇත.

    එමෙන්ම, 2025 පෙබරවාරි මාසයේ දී -6.0% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මාර්තු මාසයේ දී -4.1% ක් දක්වා වැඩි වී ඇත. මේ අනුව උද්ධමනය පාලනය කිරීමට අසමත් වීම නිසාම ලංකාවේ ආර්ථිකයට මොන ආකාරයට බලපෑම් එල්ල වේවිද?

    ReplyDelete
  7. ට්‍රම්ප් කාරයට කටෝත්‍තර නැති උනා නේද චීනෙට කෙලින්න ගිහිල්ල

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා

    ලංකාවේ මුදල් සංසරණය එහෙම නැත්නම් කෑෂ් ෆ්ලෝ එක වැඩි වුණා හෝ අඩු වුණා කියල ආර්ථික වර්ධනයට ඒකේ බලපෑමක් නෑනේ මොකද මුදල් සංසරණය (Cash Flow) කියන්නේ ව්‍යාපාරයක හෝ පුද්ගලයක ආදායම් සහ වියදම් අතර ඇති මුදල් ගැලීමේ (inflow/outflow) ගමන්මඟ නිසා මුදල් සංසරණයේ ප්‍රධාන වර්ග 3ක් තියෙනවා:

    1. මෙහෙයුම් මුදල් සංසරණය (Operating Cash Flow)

    දෛනික ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලින් ලබන මුදල්.

    උදා: විකිණීම් ආදායම, සැපයුම්කරුවන්ට ගෙවීම්.

    2. ආයෝජන සඳහා මුදල් සංසරණය (Investing Cash Flow)

    මේ ලාභ උපයනු පිණිස මූලධන (capital) ව්‍යාපෘති සඳහා වූ මුදල්.

    උදා: යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම්, මූලධන ආයෝජන, දේපල මිලදී ගැනීම් වගේ

    3. මුල්‍ය මුදල් සංසරණය (Financing Cash Flow)

    ණය ලබාගැනීම, කොටස් නිකුත් කිරීම, ණය ආපසු ගෙවීම වැනි මූල්‍ය ක්‍රියාකාරකම්.

    උදා: බැංකු ණය, කොටස් හිමිකම්, ණය අයදුම් කිරීම වගේ ඒවා

    උදාහරණයක්:

    ක්‍රියාකාරකම/ මුදල් ආදායම/ මුදල් වියදම

    පාරිභෝගිකයන්ගෙන් මුදල් ලැබීම් Rs. 100,000 -
    සේවක වැටුප් ගෙවීම් - Rs. 40,000
    යන්ත්‍ර මිලදී ගැනීම - Rs. 30,000
    බැංකු ණය ලබාගැනීම Rs. 50,000

    ශුද්ධ මුදල් සංසරණය = ආදායම් - වියදම් = Rs. 150,000 - Rs. 70,000 = Rs. 80,000

    මේ ටික Excel format එකකට දාල මුදල් සංසරණය උදාහරණයක් සකස් කරන්න පුළුවන්, නමුත් ඒක නෙවෙයි මේ වෙලාවේ ලොකුම ප්‍රශ්නය ලංකාව දැනට හසුව පවතින සමස්ත ආර්ථිකයට අහිතකර අධික බදු බර ප්‍රශ්නය ලංකාවට 2025 වසරේ වාහන ආනයනය කිරීමෙන් පසු වැඩි ඉල්ලුමක් වාහන සඳහා ලැබී නොමැති බව වාහන ආනයනකරුවන් මාධ්‍යවලට කියනවා දිගින්දිගටම.

    වාහන මත පනවා ඇති අධික බදු ප්‍රතිශතයන් මත ඒවායේ මිල අධික ලෙස ඉහළ යාම නිසා මෙම තත්වය උද්ගත වී ඇතැයි ඔවුන් පුන පුනා කියනවා.

    මේ වන විට අෙලවි වෙමින් ඇත්තේ මිල ගැන ගැටළුවක් නැති කෝටි 12 25 අතර ඉහළ ධනවත් පුද්ගලයන් සීමිත පිරිසක් භාවිතා කරන සුඛෝපභෝගී වාහන වර්ග කිහිපයක් පමණක් බවත් සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ගේ වාහන අලෙවිය අතිශය බරපතල අර්බුදයකට මුහුණ දී අලෙවිය ඉතා විශාල ලෙස අඩුවක් තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

    මෙම තත්ත්වය මත රජයේ අපේක්‍ෂිත බදු ආදායම් ඉලක්ක ද අහිමිවීමේ අවදානමක් ඇති බවද ඔවුන් කියා සිටිති. ලංකාවේ ආණ්ඩුව 2025 වසර තුල වාහන ආනයනය හරහා රුපියල් බිලියන 700කට අධික බදු ආදායමක් අපේක්ෂිත වුණත් තවම ලැබී ඇත්තේ බිලියන 90 ක් පමණයි. අනෙක මුලදී වාහන ටිකක් හොඳට විකුණන්න ලැබුණත් දැන් දැන් වාහන ආනයනය කිරීම දැන් දැඩි ලෙස සීමාවී තිබෙනවා ඉල්ලුම විශාල ලෙස අඩුවීම නිසා විශේෂයෙන්ම මධ්‍යම සහ කුඩා ප්‍රමාණයේ වාහන ආනයනය විශාල ලෙස බිඳ වැටීමත් අධි සුඛෝපභෝගී අධික මිල වාහන ටිකක් පමණක් ආනයනය කිරීමත් දකින්න ලැබුණා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: