වෙබ් ලිපිනය:

Sunday, July 23, 2017

නිදහස් අධ්‍යාපනය නොතිබුණානම්...



ලංකාවේ බොහෝ දෙනෙක් බොහෝ විට කියනු ඇසිය හැකි කරුණක් වන්නේ නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් තමන් දැන් සිටින තැනට එන්නට නොලැබෙනු ඇති බවයි. අවස්ථා සීමා වී ඇති බව කවුරුත් දන්නා උසස් අධ්‍යාපනය පැත්තකින් තිබ්බත්, සාමාන්‍ය පිළිගැනීම අනුව ලංකාවේ ඕනෑම දරුවෙකුට පාඨමාලා ගාස්තු නොගෙවා වසර 13ක මූලික අධ්‍යාපනයක් රජය මඟින් පාලනය කෙරෙන පොදු පාසැල් පද්ධතිය හරහා ලබා ගැනීමේ අවස්ථාව තිබේ. ඊට අමතරව, පෙළ පොත්, පාසැල් නිල ඇඳුම් ආදියද සිසුන්ට නොමිලේ ලැබේ.

ඉහත සඳහන් "නොමිලේ දෙන" දේවල් වෙනුවෙන් රජය පිරිවැයක් දැරිය යුතුය. මේ (2017) වසරේ අධ්‍යාපන අමාත්‍යංශයේ වියදම් ලෙස රජය විසින් ඇස්තමේන්තු කර ඇති අරමුදල් ප්‍රමාණය රුපියල් මිලියන 76,943.7කි. රජය විසින් මෙසේ වියදම් කරන්නේ රටේ ජනතාවගෙන් බදු ලෙස අය කරගන්නා මුදල් නිසා අවසාන වශයෙන් නිදහස් අධ්‍යාපනයේ පිරිවැය වැටෙන්නේ රටේ ජීවත්වන මිනිසුන් මතමය. ලංකාවේ ජනගහණය මිලියන 21.2ක්  සැලකූ විට, මූලික අධ්‍යාපන පිරිවැය ලෙස රටේ එක් පුද්ගලයෙකු වසරකට ගෙවන මුදල රුපියල් 3,630ක් පමණ වේ. ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයුකාලය වසර 75ක් පමණ බව සැලකූ විට, එක් පුද්ගලයෙකු විසින් සිය ජීවිතකාලය තුළ මූලික අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන පිරිවැය, අද මුදලින්, රුපියල් 272,000ක් පමණ වේ.

ඉතා සරල ලෙස කියනවානම් රජය විසින් ලබාදෙන මූලික අධ්‍යාපනය නොලැබේනම්, ජීවිත කාලය තුළ, එක් පුද්ගලයෙකු අතේ රුපියල් 272,000ක් ඉතිරි වේ. රජය මඟින් ලබා දෙන අධ්‍යාපනයේ වටිනාකම සැසඳිය යුත්තේ මෙසේ ගෙවන මුදලට සාපේක්ෂවය. ලැබෙන අධ්‍යාපනයේ වටිනාකම ගෙවන මුදලට වඩා වටීනම් එයින් අදහස් වන්නේ මූලික අධ්‍යාපනය ලබා දීමේදී  රාජ්‍ය යාන්ත්‍රනය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවයි. එසේ නොවේනම්, එයින් අදහස් වන්නේ රජය අකාර්යක්ෂම බවයි. 

මෙසේ එක් පුද්ගලයෙකු විසින් ගෙවන රුපියල් 272,000ක මුදල වෙනුවෙන් ඔහුට හෝ ඇයට ආපසු ලැබෙන්නේ මොනවාද?

ලංකාවේ නීතිය අනුව වයස 14 වන තුරු පාසැල් අධ්‍යාපනය අනිවාර්යය වේ. ඒ නිසා, ඒ වයස් කාණ්ඩයේ දරුවෝ විශාල පිරිසක් පාසැල් අධ්‍යාපනය ලබති. කෙසේවුවද, මේ ප්‍රමාණය 100%ක් නොවේ. අනිවාර්ය පාසැල් අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාවෙන් පසුව පාසැල් හැර යන ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහත වැටේ. මේ සඳහා හේතු වන කරුණු කෙරෙහි මේ ලිපියේ අවධානය යොමු නොකරන නමුත් කරුණක් ලෙස අවධාරණය කළ යුත්තේ වසර 13ක පාසැල් අධ්‍යාපනයක් නොමිලයේ ලබා ගැනීමේ අවස්ථාව සෑම ශ්‍රී ලාංකික දරුවෙකුටම තිබුණත්, එය ඒ අයුරින්ම සිදු නොවන බවයි.

ලංකාවේ එක් එක් වයස් කාණ්ඩ වල දරුවන්ගෙන් පාසැල් යන ප්‍රතිශතය පහත පරිදිය.

වයස අවුරුදු 6-10 - 99.2%
වයස අවුරුදු 11-14 - 98.3%
වයස අවුරුදු 15-16 - 86.1%
වයස අවුරුදු 17-18 - 59.8%

මේ අනුව, ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත පාසැල් කාලය වසර 11.8කි. මෙය මුළු පාසැල් වසර ගණන වන අවුරුදු 13න් 90.85%කි. 

සෑම ශ්‍රී ලාංකිකයෙකුම අධ්‍යාපනය ලබන්නේ රජය මඟින් පාලනය කරන පොදු පාසැල් පද්ධතිය තුළ නොවේ. මේ වන විට, ලංකාවේ පෞද්ගලික පාසැල්, පිරිවෙන් හා ජාත්‍යන්තර පාසැල් වැනි විකල්ප ගණනාවක් තිබේ. 2014 වසරේදී ලංකාවේ සිසුන් 4,345,810ක් අතරින් රජයේ පාසැලක ඉගෙනුම ලැබූ සිසුන් ගණන 4,077,989ක් පමණි. මේ අනුව, කිසියම් ලාංකික සිසුවෙකු රජය මඟින් පාලනය වන පොදු පාසැලක් තුළ සිටීමේ සම්භාවිතාව 0.9384ක් හෙවත් 93.84%ක් වේ.

කිසියම් හෝ පාසැලක ඉගෙනුම ලබන්නේ පාසැල් යායුතු වයසේ දරුවන්ගෙන් 90.85කි. රජයේ පාසැල් තුළ සිටින්නේ ඔවුන්ගෙන් 93.84ක් හෙවත් පාසැල් යායුතු වයසේ දරුවන්ගෙන් 85.25%කි. මේ අනුව, එක් ශ්‍රී ලාංකිකයෙකු විසින් රජයෙන් ලබා ගන්නා පාසැල් අධ්‍යාපනය සාමාන්‍ය වශයෙන් වසර 11.08කි.

දැන් අපට සැසඳීමක් කිරීම වඩා පහසුය. එක් ශ්‍රී ලාංකිකයෙකු විසින් ජීවිත කාලය තුළ රජයට ගෙවන රුපියල් 272,000ක මුදල වෙනුවෙන් රජයෙන් වසර 11.08ක පාසැල් අධ්‍යාපනයක් ආපසු ලබාගනී. මේ අනුව, එක් පුද්ගලයෙකු එක් පාසැල් වසරක් වෙනුවෙන් රජයට ගෙවන මුදල රුපියල් 24,550ක් පමණ වේ.

දැන් අපට මූලික අධ්‍යාපනය ලබාදීමේදී රජයේ කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය වෙනත් අයුරකින් ඇසිය හැකිය. රජය මඟින් බදු මුදල් අය කරගැනීමෙන් අනතුරුව, කිසියම් සිසුවෙකුට පහත විකල්ප දෙක ලබා දෙන්නේයැයි සිතමු. පළමු විකල්පය වන්නේ දැන් සිදුවන පරිදි රජය මඟින් පාලනය වන පොදු පාසැල් පද්ධතියෙන් අධ්‍යාපනය ලබා ගැනීමයි. දෙවන විකල්පය වන්නේ රජය විසින් එක් සිසුවෙකුට ලබාදෙන වසරකට රුපියල් 24,550ක මුදලක් ලබාගෙන වෙනත් තැනකින් පාසැල් අධ්‍යාපනය ලබා ගැනීමයි. රටේ බොහෝ දෙනෙක් මේ රුපියල් 24,550ක මුදල ලබා නොගෙන රජය මඟින් පාලනය වන පොදු පාසැල් පද්ධතියෙන් අධ්‍යාපනය ලබා ගැනීමේ විකල්පය කෙරෙහි යොමු වනවානම් එයින් අදහස් වන්නේ රජය විසින් කාර්යක්ෂම ලෙස මූලික අධ්‍යාපනය ලබාදෙන බවයි.

රටේ ප්‍රධාන නගරයක ඇති ජනප්‍රිය පාසැලකින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලැබෙන අයෙකුට වසරකට රුපියල් 24,550 ඉක්මවන වටිනාකමක් ඇති අධ්‍යාපනයක් ලැබෙන්නේයැයි අපට සිතිය හැකිය. එමෙන්ම, ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබාදෙන ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබීම සඳහා වසරකට ගෙවිය යුතු ගාස්තුව ඉහත මුදල ඉක්මවන බව මගේ අදහසයි. එවැනි අවස්ථා සැලකූ විට අධ්‍යාපනය ලබාදීමේදී රජය කාර්යක්ෂමය. කෙසේ වුවද, ගුරුවරු සීමිත ගණනක් සිටින, පානීය ජලය හෝ සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසැල් විශාල ගණනක් ඇති ලංකාවේ 'සාමාන්‍ය' පාසැලක වසරක අධ්‍යාපනය මේ මුදලට තරම් වන්නේද යන්න සැක සහිතය. 

රජය මඟින් ලබාදෙන වෙනත් බොහෝ සේවාවන් මෙන්ම අධ්‍යාපන සේවා සැපයුමද අකාර්යක්ෂම විය හැකි වුවත්, මගේ අදහස වනුයේ අධ්‍යාපන සේවා සැපයීම රජය විසින් කරන වෙනත් කටයුතු වලට සාපේක්ෂව අඩුවෙන් අකාර්යක්ෂම බවයි. එයට එක් හේතුවක් වන්නේ අධ්‍යාපන සේවා සැපයුම පිළිබඳ තීරණ වලට හැටදහසක පමණ පිරිසකගේ දායකත්වය සෘජුව ලැබීමයි. මෙයට අමතරව දෙමවුපියන්, ආදිසිසුන් ආදී කණ්ඩායම් වල වක්‍ර දායකත්වයද මේ තීරණ වලට බලපායි. තමන්ට හොඳම දේ සොයන වැඩි දෙනෙකුගේ අදහස් එකිනෙක ගැටීම (අතළොස්සක පිරිසක් විසින් තීරණ ගැනීමට සාපේක්ෂව) කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වේ. ඒ හේතුව නිසා රජයේ පාසැල් පද්ධතිය හරහා අධ්‍යාපන සේවාවන් සිසුන් වෙත ලබාදීම (delivery of education) සාපේක්ෂව කාර්යක්ෂම වුවත් ලබාදෙන අධ්‍යාපනයේ ස්වභාවය (what to be delivered) තීරණය කරන්නේ විෂය මාලා සංවර්ධනය භාරව සිටින සීමිත පිරිසක් විසින් නිසා තමන් ඉගෙනගත යුතු දේ පිළිබඳවනම් සිසුන්ට ලොකු තේරීමක් නැත.

(Image: https://www.adb.org/news/features/linking-education-jobs-sri-lanka)

55 comments:

  1. ලංකාවෙ බහුතරයක් රජයේ පාසැල්වල හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නෙ නෑ. ගුරුවරු බහුතරයක් අයිස් ගහනවා, ළමයිට සලකන්නෙ වහල්ලුන්ට වගේ. ගුරුවරු බහුතරයක් තවමත් ඉන්නෙ වැඩවසම් මානසිකත්වයෙ. ආණ්ඩුවලට පාසැල් පවරගත්තු එක මැතිණියගෙ ආණ්ඩුව ගත්ත තවත් එක් ගොබ්බ තීරණයක්. ඔය ජාතික පාසැල්, ජනප්‍රිය පාසැල් කියන එව්වයෙත් වැඩි වෙනසක් නෑ. ළමයි ඉගෙන ගන්නෙ ටියුෂන් ගිහිල්ලා. ක්‍රිකට් වගේ ක්‍රීඩාවකින් ඉදිරියට යන්න නම් ඔය සුපිරි පාසැල් යම් උදව්වක් වෙනවා.
    ඉස්කෝල මේ විධියට පත්වීම නිසා ළමයිට ඉගෙන ගන්න ටියුෂන් බඩ ගාන්න වෙනවා, ඒකෙන් වෙන්නෙ ළමයිගෙ කාලෙ විනාශවීම සහ මහමග රස්තියාදු වීම. ගොඩක් ළමයිට විෂය බාහිර දේවල් කරන්න, ක්‍රීඩා කරන්න අවස්ථාව නැතිව යනවා. අනික ළමයිගෙ මානසික ආතතිය වැඩිවෙනවා. හරිනම් කරන්න තිබුණෙ පෞද්ගලික පාසැල් විශාල ප්‍රමාණයකට ඉඩ දීල, රජයේ පාසැල් එක්ක තරඟකාරීත්වය වැඩි කරන්න. දක්ෂ ළමයිටත් පුද්ගලික පාසැල්වල ඉගෙන ගන්න ශිෂ්‍යත්ව රජයෙන් දීම වගේ දේවල්. අසාර්ථක සමාජවාදී ක්‍රම නිසා රට පස්සට යනවා.

    ReplyDelete
    Replies
    1. අසාර්තක සමාජවාදී ක්‍රම හින්ද රට පස්සට යනවලු................
      අනේ පවු..............
      77න් පස්සෙ ගෙනාපු පට්ට දනවාදී වැඩකෑලි ටික නිසා ලoකාව පට්ට විදියට ඉස්සරහට යන්න ඵපැයි ඵහෙමනම් ඔය පරන සමාජවාදි නිදහස් අද්‍යාපන නිදහස් ස්වුක්කිය දෙක පාස් කොරගෙන............
      77න් පස්සෙ පට්ට දනවාදය ගෙනල්ලා පට්ට ලoකාවක් හදනවා කිව්වට තාම මේ රටේ බහුතරයක් නොමැරි ඉන්නෙ ඔය පන ඇද ඇද හරි තියන නිදහස් අද්‍යාපනයයි නිදහස් සවුක්කියයි කියන දෙකට පින් සිද්ද වෙන්න...............

      පන ඇද ඇද හරි ඔය දෙක නොතිබුනානම් උබලගෙ පට්ට දනවාද මේ රටේ බහුතරයක් මිනිස්සුන්ව පට්ටම ගහල ගොඩක් කල්.........................අපි නොදන්න ලන්කාවේ දනවාදේ.............

      දනවාදෙට කඩේ යනවය කියන සමහර පට්ට පොශ් ගොබ්බයො ආන්ඩුවෙ ඉස්කෝල වල ඉගන ගත්ත උන් උනාට අපි නම් ගියෙ ප්‍රයිවට් ඉස්කෝල වලට.අපි නොදන්න උබල දන්න ප්‍රයිවට්...............රෙද්ද තමා. ලෝකෙ වෙන රටවල උන් සල්ලි වලට දෙන ඵ්වා ජනසතු කරපල්ලා කියල කෑගහනවා.ලන්කාවෙ ගොබ්බයො මහජනයා ගෙවන බදු මුදලින් තමන්ට ලැබෙන ඵකම සොච්චම් සේවය වන නිදහස් අද්‍යාපනයයි සවුක්කියයි විකුනපල්ලා කියල කෑගහනවා..............ඉක්මනට විනාශ වන මෝඩ ජාතියක ලක්ශන තමයි ඔව්වා..................

      Delete
    2. //ලෝකෙ වෙන රටවල උන් සල්ලි වලට දෙන ඵ්වා ජනසතු කරපල්ලා කියල කෑගහනවා.//

      මොන වෙන රටේද ?

      Delete
    3. //මොන වෙන රටේද ?//
      කියවන්න 2017 එන්ගලන්තයේ ලේබර් පාටි මැනිෆැස්ටෝ එක.
      For the meny,not the few.
      ඔයගොල්ලො ඔය ආවඩන දනවාදයද මොකද්ද එක පටන්ගත්තේ එහේලු.ඇඩම් ස්මිත්ලා ඩේවිඩ් රිකාඩෝලා සේරම ඉපදුනේ එහේ තමයි.

      Delete
    4. ලංකාවේ අධ්‍යාපනය විනාශ කලේ 2005-2014 තුළ දූෂිත රාජපක්ෂ රෙජීමය විසින්. කෙසේ නමුත් එම දූෂිත රෙජීමය යාන්තම් වැඩි ඡන්ද ලක්ෂයකින් පමණ දිනූ 2005 ජනපතිවරණය දිනුවේ "ජවිපෙ" ඇතුළු කාලකණ්ණි වාමාංශික ජඩයින් රාජපක්ෂ පල් හොරා වෙනුවෙන් ලැජ්ජා සහගත ලෙස කඩේ ගිය නිසා, පසුව ජවිපෙ වැරදි හදාගෙන 2010 හා 2015 ජනතාවාදීව කටයුතු කළත් අධ්‍යාපන විනාශයට ජවිපෙ ඇතුළු වාමාංශිකයින් දැඩිව වගකිව යුතුයි. රාජපක්ෂ කල්ලිය සමග ජවිපෙටත් ඊට දඬුවම් දිය යුතුයි. ජවිපෙ දැන්වත් වත්මන් රජයේ ජනතාවාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට උපරිම සහාය දිය යුතු අත්‍ර විකාර උද්ඝොෂණ විගඩම් නවතා රජය සමග එකතු විය යුතුයි. නැතිනම් ජවිපෙටත් "අබසරණ" පමණයි.

      Delete
    5. මචං,
      කාලකන්නින්,හොරුන්,ජඩයන් වගේ කතා කියන්නේ තර්ක නොවෙයි.ඔයා කිසිම පැහැදිලි දත්ත එක්ක තර්කයක් ඉදිරිපත් කරලා නැහැනේ.

      Delete
    6. AnonymousJuly 24, 2017 at 1:52 AM

      :D Manifesto එකේ කවුද කෑගහන්නේ ? එකේ තියෙන්නේ ප්‍රතිපත්ති නේ. ප්‍රතිපත්ති කෑ ගහනවද ?

      මොකෝ මේ "ලු."

      ඔය සමජවදේ කරතියාගෙන යන ලංකාවේ එවුනුත් ආරක්ෂාවට කියල පැනල ගිහින් මීයෝ වගේ හැංගෙන්නේ ප්‍රන්ශේ නැතිනම් ඕස්ට්‍රේලියාවේ. කවුද අනේ කියුබාවට හරි වෙනිසියුලාවට හරි උතුරු කොරියාවට හරි ගියේ ? :D කුඩාරමට ඔළුව දා ගතිපු ඔටුවා වගේ එංගලන්තෙට ඊයේ පෙරේද රිංගපු හිගන්නෝ තමයි ඔය නාහෙන් අඩන්නේ. කෑ ගහනවා නෙවේ ඒවත් නිකන් චුරු චුරු ගාල නාහෙන් අඩනවා විතරයි.

      Delete
    7. :D Manifesto එකේ කවුද කෑගහන්නේ ? එකේ තියෙන්නේ ප්රතිපත්ති නේ. ප්රතිපත්ති කෑ ගහනවද ?
      මෙතැන අදහස් කලේ එංගලන්තයේ ලේබර් පාටි එක ඒ වෙනුවෙන් කෑගසන බවයි.

      මොකෝ මේ "ලු."
      ලු නැත හරියටම එය ඇත්තකි.

      ඔය සමජවදේ කරතියාගෙන යන ලංකාවේ එවුනුත් ආරක්ෂාවට කියල පැනල ගිහින් මීයෝ වගේ හැංගෙන්නේ ප්රන්ශේ නැතිනම් ඕස්ට්රේලියාවේ. කවුද අනේ කියුබාවට හරි වෙනිසියුලාවට හරි උතුරු කොරියාවට හරි ගියේ ? :D
      මරා දැමූ 60000ක් ගැන කතා නොකර පැන ගිය කිහිපදෙනෙක් ගැන කතා කරන්නේ ඇයි.තක්කඩිකම කියන්නේ එයටයි.
      කුඩාරමට ඔළුව දා ගතිපු ඔටුවා වගේ එංගලන්තෙට ඊයේ පෙරේද රිංගපු හිගන්නෝ තමයි ඔය නාහෙන් අඩන්නේ. කෑ ගහනවා නෙවේ ඒවත් නිකන් චුරු චුරු ගාල නාහෙන් අඩනවා විතරයි
      නැත.එලෙස කෑ ගසන්නේ ලේබර්පාටි එක හා තරුන තරුනියන්ය.විරුද්ද වන්නේ වයසක නාකි සුද්දන් පමනි.

      Delete
    8. @ AnonymousJuly 24, 2017 at 5:46 AM


      // D Manifesto එකේ කවුද කෑගහන්නේ ? එකේ තියෙන්නේ ප්‍රතිපත්ති නේ. ප්‍රතිපත්ති කෑ ගහනවද ? //


      ඉතිo ඵකනේ යකෝ වැඩියෙන්ම හොද............
      යකෝ කෑගහනව කියන්නෙ හඩ නගනවා කියන ඵක.
      ප්‍රතිපත්ති ප්‍රකාශ වලට ඇතුලත් කරනවා කියන්නේ හඩ නෑගීමට නිල වශයෙන් පිලිගැනීමක් දෙනවා කීයන ඵක.
      නිකන්ම නිකන් හඩ නගනවටත් වැඩිය ප්‍රතිපත්ති ප්‍රකාශයටම ඇතුලත් කරන ඵක වඩාත් ස්තිරසාරයි..............
      අනික බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තුල ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඉතා ස්තීර පිලිගැනිමක් තියනවා.............
      නොදනන මගුල් කතා නොකර ඔය රටවල දේශපාලන ක්‍රමය ගැන හදාරලා වරෙන්.................
      ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුලත් කරනවා කියන්නේ හඩ නැගීමේ උච්චතම ස්තානය............!


      // ඔය සමජවදේ කරතියාගෙන යන ලංකාවේ එවුනුත් ආරක්ෂාවට කියල පැනල ගිහින් මීයෝ වගේ හැංගෙන්නේ ප්‍රන්ශේ නැතිනම් ඕස්ට්‍රේලියාවේ. කවුද අනේ කියුබාවට හරි වෙනිසියුලාවට හරි උතුරු කොරියාවට හරි ගියේ ? :D කුඩාරමට ඔළුව දා ගතිපු ඔටුවා වගේ එංගලන්තෙට ඊයේ පෙරේද රිංගපු හිගන්නෝ තමයි ඔය නාහෙන් අඩන්නේ. කෑ ගහනවා නෙවේ ඒවත් නිකන් චුරු චුරු ගාල නාහෙන් අඩනවා විතරයි. //

      ඵහෙනම් බන් පට්ට දනවාදී ඇමරීකාව කොමියුනිස්ට්වාදි කියලා උන්ම බනින චීනෙන් ඩොලර් බිලියන ගනන් ණය ගන්නේ................මොකටද ඇමරිකාවේ චීනෙන් ණය ගන්නේ ණය ගන්න ඵපැයි දනවාදී සිරි කොතෙන්.................

      උබ හිතනවද ලoකාවෙ උන් ඔස්ටේලියාවට ගිහින් ඇපල් කකා වයින් බිබී ඉන්නවා කියලා...............උබලගෙ නොදන්න කම තමා ඉතින් ඉන්දියාවෙන් ඵහාට ගිහිල්ලා නැති ගම් බයි නෙ තොපි...........ඵ්කයි මේ වගේ ගොන් කතා කියන්නේ..................සිරාවටම කියුබාවට හරි උතුරු කොරියාවට හරි ගියානම් ඔස්ට්‍රේලියාවට වඩා සැපට නිදහසේ ඉන්න පුලුවන්..............ඵ් උනාට ඵ් රටවල ලන්කාවේ මිනිස්සු අඩුයි නේ...........අපේ රටේ දේසපාලනය කරන්න යනවනම් යන්න ඔනේ අපේ උන් ඉන්න රටකට. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් නිසා ඵ් වාසියත් ගන්න පුලුවන්..........නතුව ලන්කාවේ උන් ඵහේ ගිහින් ඇපල් කකා වයින් බිබී ඉන්නේ නෑ වහු පැටියො................අනේ ගොන් බූරු පුතේ පීස් නොදන මගුල් කියවන්න ඇවිල්ලා තව නාගන්නෙ නැතිව පලයන් බන් යන්න............................

      යකෝ 1948 ඉදන් දනවාදෙට කඩේ ගිහින් තාම ජනගහනෙන් 44%කගෙ ආදායම දවසට ඩොලර් දෙකටත් අඩියි..............
      ඩෙගු හැදිලා මැරෙනවා බල්ලො බලල්ලු වගේ.කියුබාවෙන් නිකන් දුන්න බැක්ටීරියාව ඒත් ඉහගන්න බෑ..........
      කිව්වට තරහ වෙන්න ඵපා රෙන්_ පු_ ගූ නැති උනාට දනවාදෙට කඩේයන කතාව.වහල්ලු යකෝ වහල්ලු...........වොක්ස්වැගන් කාර් පැදපු දනවාදියො ටිකනෙ පවු යකෝ......................1948 ඉදන් රැවටුනා තාම ඉවර නෑ........

      Delete
    9. //ඵහෙනම් බන් පට්ට දනවාදී ඇමරීකාව කොමියුනිස්ට්වාදි කියලා උන්ම බනින චීනෙන් ඩොලර් බිලියන ගනන් ණය ගන්නේ................මොකටද ඇමරිකාවේ චීනෙන් ණය ගන්නේ ණය ගන්න ඵපැයි දනවාදී සිරි කොතෙන්.................//

      බයියෝන්ට දෙවෙනි නැති කුරුටුගාමියෝ.

      Delete
    10. //බයියෝන්ට දෙවෙනි නැති කුරුටුගාමියෝ//
      උඹලට පුලුවන් ඔච්චර තමයි බන්.උඹලගේ ගොන් කතාවකට උත්තර දුන්නහම උඹලා හිතනවා මුන් අර පක්ශෙට සම්බන්දයි කියලා.ඊට පස්සේ ඒ පක්ශෙටයි මාක්ස්ටයි ලෙනින්ටයි හැමෝටම පලුයන්න බනිනවා.උඹලා ඇමරිකාවේ හිටියත් කැනඩාවේ එංගලන්තේ හිටියත් කරන්නේ ඕකම තමයි බන්.

      Delete
    11. //ඩෙගු හැදිලා මැරෙනවා බල්ලො බලල්ලු වගේ.//
      ලංකාවේ වෛද්‍ය විද්‍යාල වලින් හදල තියෙන සිරා දොස්තරලා හා ලංකාවේ සිරා නිදහස් සෞඛ්‍ය සේවය තියෙද්දී එහෙම වෙන්නේ කොහමද? ඔය කියන්නෙ ඉන්දියාව ගැන වෙන්න ඇති.

      Delete
    12. මෝඩයෝ දිලිසෙනවා කිව්වට කුරුටුගාමි කලාමැදිරියොත් කළුවරේ පොඩ්ඩක් දිලිසෙනවා නේ ? : D

      Delete
    13. //මෝඩයෝ දිලිසෙනවා කිව්වට කුරුටුගාමි කලාමැදිරියොත් කළුවරේ පොඩ්ඩක් දිලිසෙනවා නේ ? : D//
      උඹලට පුලුවන් ඔච්චර තමයි බන්.උඹලගේ ගොන් කතාවකට උත්තර දුන්නහම උඹලා හිතනවා මුන් අර පක්ශෙට සම්බන්දයි කියලා.ඊට පස්සේ ඒ පක්ශෙටයි මාක්ස්ටයි ලෙනින්ටයි හැමෝටම පලුයන්න බනිනවා.උඹලා ඇමරිකාවේ හිටියත් කැනඩාවේ එංගලන්තේ හිටියත් කරන්නේ ඕකම තමයි බන්.

      Delete
    14. ////ඩෙගු හැදිලා මැරෙනවා බල්ලො බලල්ලු වගේ.//
      ලංකාවේ වෛද්ය විද්යාල වලින් හදල තියෙන සිරා දොස්තරලා හා ලංකාවේ සිරා නිදහස් සෞඛ්ය සේවය තියෙද්දී එහෙම වෙන්නේ කොහමද? ඔය කියන්නෙ ඉන්දියාව ගැන වෙන්න ඇති.//
      ඩෙංගු ඔය විදියටවත් කොන්ට්රෝල් වෙලා තියෙන්නේ ඒ මිනිස්සු මාන්සිවෙලා වැඩකරන හින්දා තමයි.පොඩ්ඩක් හොයලා බලපන්.ගොන් කතා නොකියා.අපි කොහොමත් සව්ක්ය දර්ශක අතින් ඉන්දියාවට වඩා උඩින් තමයි ඉන්නේ.ඒ දොස්තරලා මහන්සි වෙලා වැඩ කරපු හින්දා.උඹලා කරපු දෙයක් තියෙනවා නම් කියපන්. ගොන් තියරි හද හදා අපහාස කරකර ඉන්නවා ඇරෙන්න උඹලා කරපු එක දෙයක් කියපන්.
      දැන් බැනපන් දිස්ත්රික් බේස් එකටයි.ගමෙන් ආවා කියලයි.පෙරටුගාමී එකටයි.උඹලට පුලුවන් එච්චරයි.

      Delete
  2. මෙතන නිදහස් අධ්‍යාපනය කියනවාට වඩා සුදුසු වෙන්නේ නොමිලේ අධ්‍යාපනය (අර්ධ වශයෙන් හෝ) කියන එක නේද? නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් තමන් දැන් සිටින තැනට එන්නට නොලැබෙනු ඇති බව කියන කාරණයට මමත් කොන්දේසි විරහිතව එකඟයි. මෙම අධ්‍යාපන ක්‍රමය නොතිබුණානම් මම ඇතුළු බොහෝ මධ්‍යම පාන්තික පිරිසකට උගත් වෘත්තික ජීවිතයකට යොමු වීමේ අවස්ථාව ඉතා අල්ප විය හැකිව තිබුණා.

    ඒවගේම ඉකොන් මතුකරන අධ්‍යාපන සේවා සැපයීම රජය විසින් කරන වෙනත් කටයුතු වලට සාපේක්ෂව අඩුවෙන් අකාර්යක්ෂම බව කියන කාරණයත් සත්‍යක්. වැදගත් ලිපියක්!

    ReplyDelete
    Replies
    1. //මෙතන නිදහස් අධ්‍යාපනය කියනවාට වඩා සුදුසු වෙන්නේ නොමිලේ අධ්‍යාපනය (අර්ධ වශයෙන් හෝ) කියන එක නේද?//
      නිදහස් කියන වචනය කොයි තරම් ගැලපෙනවද කියන එක ප්‍රශ්නයක් තමයි. මේ හරහා සිදුවී ඇති එක් හානිකර දෙයක් වන්නේ රටේ අනාගත පරම්පරාව හිතන ආකාරය සකස්කිරීම සම්බන්ධව ඒකාධිකාරයක් සුළු පිරිසකට ලැබීම. දශක ගණනකට පසුව සමාජ ජාලා ඇතුළු අන්තර්ජාලය නිසා මේ ඒකාධිකාරය දැන් අභියෝගයට ලක්වෙනවා.

      Delete
  3. මේ වගේ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක් ගැන කතා කිරීමෙන් ලොකු තේරුමක් ඇත්තේ නෑ. නිදහස් හෝ නොමිලේ අධ්‍යාපනය නැති වුණා නම් වෙනත් යාන්ත්‍රණ ඒ වෙනුවෙන් මතු වෙනවා. මේ තියෙන පද්ධතියෙන් නිදහස් අධ්‍යාපනය ඉවත් කරලා ගණන් හැදීමෙන් ඒ අසම්භාව්‍ය ක්‍රියාව ගැන නිගමය කරන්න අමාරුයි.

    අනික ඉකොනො ගේ ගණන් හුදු ඉලක්කම් විතරයි වගේ පෙන්නේ. මුළු ජීවිත කාලය තුල එක් පුද්ගලයෙකු විසින් මූලික අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන පිරිවැය අද මුදලින්, රුපියල් 272,000ක් පමණ වෙනවය කියන එක ඉලක්කමක් විතරයි.

    උප නගරයක තිබෙන පාසලේ සිට කොළඹ සුපිරි පාසලකට 1 වසරට ළමයෙක් දාගන්නම විතරක් දෙමවුපියෝ 100,000 - 1,000,000 ඊටත් වැඩි මුදල් පමණක් නොවෙයි මවුවරුනට ලිංගික අල්ලස් පවා දෙන්න වෙලා. අවුරුද්දට ගුරුවරියන්ට සාරි. ඉසකොලේ ගුරුවරුන්ගේ ටියුෂන් වලට යන්නම ඕනේ. එතැන් සිට තව මිලියන බාගයක්වත් වියදම් කරනවා උසස්පෙළ අවසන් වන විට.

    දැන් අපි ඉන්නේ 2017. නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍යය අකාර්යක්ෂමයි. හැබැයි ඒ අකාර්යක්ෂමතාවය ඒ අකාර්යක්ෂම යාන්ත්‍රණයේ ගිලි ඉන්න කෙනෙකුට පෙන්නේ නෑ. නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍යය අහෝසි කල යුතුයි. හැබැයි සමහරු කුලප්පු වෙලා කගහනවා වගේ එක රැයකින් හෙට නොවෙයි. එසේ කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ක්‍රමයෙන් සකසමින් ඒවාගේ ක්‍රම වල අඩුපාඩු සකසමින් තව වසර 20-30 පමණ කාලයකදී සැලසුම් සහගතව ඒවා අහෝසි කිරීමයි සුදුසු.

    ReplyDelete
    Replies
    1. //අනික ඉකොනො ගේ ගණන් හුදු ඉලක්කම් විතරයි වගේ පෙන්නේ. මුළු ජීවිත කාලය තුල එක් පුද්ගලයෙකු විසින් මූලික අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන පිරිවැය අද මුදලින්, රුපියල් 272,000ක් පමණ වෙනවය කියන එක ඉලක්කමක් විතරයි.//

      මෙයින් අදහස් කළේ නිදහස් අධ්‍යාපන ආකෘතිය යටතේ සිදුවන දෙය පැහැදිලි කිරීම පමණයි. ඉහත ඇස්තමේන්තුව තමන් ලබන අධ්‍යාපනය වෙනුවෙන් එක් පුද්ගලයෙකු විසින් රජයට ගෙවන මුදල පිළිබඳ දළ ඇස්තමේන්තුවක්. කිසියම් පුද්ගලයෙකු විසින් සෘජුව වියදම් කරන, එහෙත් රජය විසින් එකතු කර නොගන්නා ඔබ සඳහන් කරන ආකාරයේ වියදම් එයට ඇතුළත් නැහැ. ඒවා ගැන සලකා බැලිය යුත්තේ පුද්ගලයෙකු විසින් අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය වැනි දෙයක් සලකා බැලීමේදී.

      Delete
    2. ඔබ කියන්නේ නිදහස් අධ්‍යපන ආකෘතිය යටතේ සෛද්ධාන්තිකව සිදුවිය යුතු දේ. රජයේ පාසල් වල පාසලට ආධාර ආදිය ලෙස ඇතුලත් වෙන ළමුන්ගෙන් ගන්න මුදලුත් රජයට ගෙවන ගෙවීම්. වැහෙන්න යන ඉල්කොලෙකට මිස වෙන එකකටවත් ළමයෙක් දාන්න බෑ එහෙම නොදී.

      ඔබ තුමා ඉකොනොමැට්ටා මිසක් ස්ටැට්මැට්ටා හෝ කැල්කියුලේශන්මැට්ටා නෙවෙයි නේ ? :D

      Delete
    3. ඔබ මෙහි කියන දෙයට පදනමක් තියෙනවා. නමුත්, මෙහි ඔබ සඳහන් කරන වියදම් සහ මා සඳහන් කළ වියදම් අතර පොඩි වෙනසක් තිබෙනවා. මම ලිපියේ සඳහන් කළ වියදම් වලින් කිසිවෙකුටත් ගැලවීමක් නැහැ. මෙහි සඳහන් වියදම් හා අදාළව පුද්ගලයෙකුට තේරීමක් තිබෙනවා. (පහසුකම් ගාස්තු වැනි එසේ නැති කොටසකුත් තිබෙනවා) ඔබේ වචන වලින් කියනවනම් "වැහෙන්න යන ඉස්කෝලෙකට මිස වෙන එකකටවත් ළමයෙක් දාන්න බෑ එහෙම නොදී." මෙතැනදී දෙමවුපියෙක්ට රජයෙන් කොහොමටත් ගන්නා මිල පමණක් ගෙවා දරුවෙකු යැවිය හැක්කේ ගුණාත්මක භාවයෙන් අඩු පාසැලකට පමණයි. අපේක්ෂිත පාසැලේ ගුණාත්මක භාවය වැඩිවන තරමට ගෙවන්න වන අමතර මිල වැඩියි. මේ කරුණු මම අමතක කළා නෙමෙයි. ලිපිය දිග වැඩිවන නිසා පසුව පළ කරන්න නියමිත වෙනත් ලිපියකට ඉතිරි කරගත්තා පමණයි. ඒ වගේම, මේ ලිපියේ කතා නොකළ තවත් කරුණු කිහිපයක්ම තිබෙනවා. උදාහරණයක් ලෙස වෙනත් වියදම් නිසා පාසැල් අධ්‍යාපනයෙන් බැහැර වන කොටස් හා රජයට අධ්‍යපනයේ මිල ගෙවීමෙන් පසුව රජයේ පාසැලකට දරුවන් නොදා ජාත්‍යන්තර පාසැල් වැනි වෙනත් තැන් වලට දරුවන් යවන විශාල පිරිස ගැන. උඩින්ම ඇති කමෙන්ට් සෙට් එකට ප්‍රතිචාරයක් නොදැම්මෙත් පෝස්ට් එකකින්ම මිස කෙටියෙන් පිළිතුරු දෙන්න අමාරු නිසා.

      Delete
  4. ඔබ විසින් කියන අයුරට පුද්ගලයකු රුපියල් 272000ක් ගෙවන්නේ වසර 75ක් තුලදීය.නමුත් ඔහු වසර 18දී ඉගෙනුම අවසන් කරයි.නමුත් ඔහු ඒ වන විට ගෙවා ඇති මුලු මුදල
    3630 මෙන් 18 ගුනයකි. හෙවත් 65340. නොමැතිනම් හැම කෙනෙකුම පාසැල් ගොස් අවසන් වන විට පොදු සමාජයට රුපියල් ලක්ශ දෙකකට වඩා නයය.
    තවද මේ මුදල ලබා දෙන්නේ කිසිදු ඇපයක් තබාගෙන නොවේ.හෙවත් මේවා පවතින්නේ සම්පූර්නයෙන්ම අවදානම් කලාපයේය.

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට ඔබ කියන දෙය හරි. ඕනෑම පුද්ගලයෙක් ගත්තහම ඒ පුද්ගලයා වැඩිහිටියෙක් වන තුරු කළ යුතු වියදම් සියල්ල වෙනත් අයෙකු විසින් කරන ආයෝජනයක්. නිදහස් අධ්‍යාපනය අමතක කළොත්, මානව ඉතිහාසයේ ආරම්භයේ පටන්ම මිනිසුන් තමන්ගේ දරුවන් වෙනුවෙන් කිසියම් ආයෝජනයක් කරනවා. තනි පුද්ගලයෙක් ගත් විට එය (රජය පැත්තෙන්) සාර්ථක ආයෝජනයක් වෙන්න හෝ නොවෙන්න පුළුවන්. නමුත්, පොදුවේ (on average) එය සාර්ථක ආයෝජනයක්. ළමුන් වෙනුවෙන් (මානව සංවර්ධනය වෙනුවෙන්) කරන ආයෝජන ඉතිහාසය පුරාම ක්‍රමයෙන් වැඩි වී තිබෙන්නේ ඒ නිසයි. රජය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල සැලකූ විටත් තත්ත්වය එසේමයි. ඇතැම් අය සාර්ථක පුද්ගලයින් වී වැය කරන මුදල මෙන් කිහිප ගුණයක් ආපසු රජයට ලබා දෙන්න ඉඩ තිබෙනවා. තවත් සමහර අය එසේ ලබා නොදෙන්න ඉඩ තිබෙනවා. සමස්තයක් ලෙස ගත් විට රජයට මෙහි අවදානමක් නැහැ. මේ ලිපියේ ඇති ආකාරයට පුද්ගලයෙක් නොසලකා පවුල් ඒකකයක් සැලකුවොත් මෙය වඩාත් පැහැදිලි වෙයි. යම් නිවසක සිටින වැඩිහිටියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් කොහොමටත් ආයෝජනයක් කරනවා. අප පරම්පරා තුනකට අයත් වයස 5,6 දරුවන් දෙදෙනෙක්, වයස 35,36 වැඩිහිටියන් දෙදෙනෙක් හා වයස 65,66 ජ්‍යෙෂ්ඨයින් දෙදෙනෙක් සිටින පවුල් ඒකකයක් ගැන හිතුවොත් මෙය පැහැදිලි වෙයි. දැන් මේ පවුල් ඒකකය විසින් හය දෙනා වෙනුවෙන්ම රජයට බදු මුදල් ගෙවනවා. මෙසේ රජය විසින් එකතු කර ගන්නේ පවුල් ඒකකයේ වැඩිහිටියන් විසින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ හැකිව තිබුණු මුදල්.

      Delete
    2. හලෝ, උත්තරය අල කරනවා කියන්නේ ඕකටයි.ඕකට කියන්නේ තක්කඩිකම කියලා.මෙතැන ඔයා කතා කලේ පවුල් ඒකක ගැන නෙවෙයි.තනි පුද්ගලයන් ගැන.පවුලේ වයසක අය ඉන්නවානම් ඔවුන් අර ලක්ශ 2 නය වෙච්ච අය ඔවුන් ගෙවන්නේ ඔවුන් වෙනුවෙන් මිසක් ලමයින්ට නොවෙයි.ඔවුන් ගෙවන ඒවා ලමයින්ට අදාල කර කතා කරන්නනට බැහැ.ඇත්තටම බැලුවොත් තත්වය මීටත් දරුනුයි.මොකද පලමු වසරේ දරුවෙකුට ආන්ඩුව ඔබ කියන විදියට රුපියල් 24000ගෙවන විට ඇත්තට ඔවුන් වෙනුවෙන් ආන්ඩුවට වසර 6කට අය වී ඇත්තේ රුපියල් 20000 පමනයි.නයට ඉගෙනගෙන කුලියට කහින අයියලාගැන මොන කතාද. ඇත්තටම ඔබ මෙතැන කියන්නේ පට්ට ගොන් කතාවක්.අද්යාපනයට අදාලව කතා කරන විට ඔය වගේ ආර්තිකයට විතරක් අදාලව කතා කරන්නේ නැහැ.ඔබට මෙතැන අවශ්ය වුනේ නිකම් ඉගෙන ගෙන ප්රයිවෙට් යුනි වලට පක්ශ වෙන එක සාදාරන කරන්න තර්කයක් ගොඩ නගන්න විතරයි

      Delete
    3. දැන් ඔබ කියන්න හදන්නේ කිසියම් පුද්ගලයෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව විසින් මුලින්ම වියදමක් දරා තිබෙනවා කියන එකනේ. කරුණාකර කියන්න පුලුවන්ද ආණ්ඩුව එසේ වියදම් කරන්න සල්ලි හොයාගත්තේ කොහොමද කියලා? "පොදු සමාජය" "ආණ්ඩුව" කියන ඒවා සංකල්ප විතරයිනේ. මුදල් උපයන්න පුළුවන් වෙන්නේ පුද්ගලයින්ට පමණයි. දැන් මේ සල්ලි කාගෙද?

      Delete
    4. තර්කයෙන් පිට පනින්න එපා.මූලික ප්‍රශ්නය කතා කරන්න.මම කියන්නේ ඔබේ කරුනු මූලිකවම වැරදියි.ඔබ මෙම වැරදි තර්කයකින් හදන්නේ පිනට ඉගෙන ගෙන ප්‍රයිවෙට් යුනි වලට ආවඩන එක සාදාරනය කරන්න.ඔයා ඔය ලිපියෙන් කරන තර්කය මෝඩ කතාවක් කියලා තේරෙන්නේ නැද්ද.

      Delete
    5. //පිනට ඉගෙන ගෙන ප්‍රයිවෙට් යුනි වලට ආවඩන එක//
      පිනට ඉගෙන ගන්න අය කොහෙද ඉන්නේ? පිනට ගන්න කෙනෙක් ඉන්නවනම් පිනට දෙන කෙනෙකුත් ඉන්න ඕනෑ. රජය විසින් කරන්නේ තමන්ගේ දරුවන්ට තමන් හොඳයැයි සිතන අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් දෙමවුපියන්ට වියදම් කළ හැකි මුදල් ඔවුන්ගෙන් පැහැරගැනීම මඟින් එසේ තමන්ට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ඔවුන්ට ලබා දීමට ඇති අවස්ථාව නැති කර නිදහස් අධ්‍යාපනය කියන ලේබලය යටතේ රජයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ලබා දීමයි. එහි වියදම දෙමවුපියන් විසින් හෝ වැඩිහිටි පරම්පරාවේ වෙනත් අයෙකු විසින් රජයට ගෙවා අවසානයි. ඇත්තටම රජය විසින් නිදහස් අධ්‍යාපනය කියන ලේබලය පෙන්වා ලබා දෙන අධ්‍යාපනයේ වටිනාකමට වඩා බොහෝ වැඩි මිලක් මුලදීම අයකරගෙන අවසන්.

      ඔබ මේ කියන්නේ මුල් කාලයේ මිෂනාරි පාසැල් වෙනුවෙන් කළ වියදම් දැරීමට මුදල් යෙදවූ බටහිර රටවල ක්‍රිස්තියානි පල්ලි වල දායකයන් වැනි අය ගැනනම් ඔබේ කතාවේ ඇත්තක් තියෙනවා. ඔවුන්නම් ස්වර්ග සැප පතා මුදල් වියදම් කළ අය.

      Delete
    6. ඔයා ලිපිය පටන් ගන්නේම ගොන් තර්කයකින්.ඒක ඔයා දන්නවා කියන දේවල් අනුව බැලුවහමත් වැරදියි.ඔයා ඊට පස්සේ ඒක වහගන්න උත්තරය අල කරලා දානවා.ඔයා ඔය සංකල්ප අරවා මේවා ඇදලා ගන්නේ ඒකට.ඔයා සංකල්ප දන්නවා නම් අද්යාපනය ආර්තිකයට ලගුකරලා පිස්සුලියන්නේ නැහැ.ඔයාට උත්තර දෙන්න පුලුවන්.වැඩක් නැහැ.ඔයා තව විකාර ලියයි. ඔයා කිසිම වෙලාවක මමලියපු මූලික කරුනට උත්තර දීලා නැහැ.උත්තරයේ වෙන කොටසකට උත්තර ලියනවා.මම කියන්නේ ඔයා ඔය ගනන් කැල්කියුලේට් කරපු හැටිම වැරදියි.ඒක තක්කඩිකමක්.ඔයා ඇමරිකාවේ ඉන්න සිරා පොරක් කියනවනේ.ඔය ලිපිය ඉංග්රීසියෙන් ලියලා ඔහේ පත්තරයකට හරි ආර්තිකය දන්නා කෙනෙකුට හරි යවන්න.ලැබෙන උත්තරය අපිටත් කියන්න. ඔයත් අර මොනරා වගේ තමයි.නටන කොට පස්ස එලියේ.

      Delete
    7. ඔබ මතු කරපු මූලික කරුණට මෙහි පිළිතුර පැහැදිලි මදිනම් ඊළඟ පෝස්ට් එකේ වඩා විස්තරාත්මක පිළිතුරක් තියෙනවා. "ගොන් තර්ක", "උත්තරය අල කරලා දානවා" "තක්කඩිකමක්" වගේ කතා කිවුවට මට පිළිතුරු දෙන්න අමතර ප්‍රශ්න කිසිවක් මෙහි ඔබ ඉදිරිපත් කර නැහැ. ලිපියේ පැහැදිලි මදි මොනවා හෝ කොටසක් තියෙනවනම් ඒ කොටස ගැන කිවුවොත් වැඩි පැහැදිලි කිරීමක් කළ හැකියි.

      http://economatta.blogspot.com/2017/07/blog-post_24.html

      //මම කියන්නේ ඔයා ඔය ගනන් කැල්කියුලේට් කරපු හැටිම වැරදියි.ඒක තක්කඩිකමක්.//
      එහෙමනම් කරුණාකරල හරි විදිහ කියා දෙන්න පුලුවන්ද?

      //ඔයා ඇමරිකාවේ ඉන්න සිරා පොරක් කියනවනේ.//
      කවුද ඔහොම කියන්නේ?

      Delete
    8. මනුස්සයෝ කියන දේ තේරුම් ගන්නවා.ඔයාගේ ලිපියේ ඔය තර්කය වැරදියි කියලා මම සරලව පලමු කොමෙන්ට් එකෙන්ම පෙන්නලා තියෙනවා.ඔයා ඒක වහන්න ඉතිහාසයයි පවුල ඒකකයි පටලවලා පල් හෑල්ලක් ලියනවා.ඔහොම අනාගතයේ දේවල් වර්තමානයට අදාලව කැල්කියුලේට් කරන්නේ නැහැ.ඔයාගේ දෙවෙනි ලිපියත් ඒ වගේම තමයි.උත්තරදෙන්න පුලුවන්.වැඩක් නැහැ.ඔයා ඔයාගේ තර්ක හරි සිරාකියලා හිතාගන්න.කැමතිනම් මේකටත් උත්තරයක් විදියට තව මොනවා හරි පටලවලා ලියන්න.

      Delete
    9. ඔයාගේ ලිපි දෙක එකිනෙකට ගැලපෙන්නේ නැහැ කියලවත් ඔයාට තේරෙනවද?ඔයාගේ දෙවෙනි ලිපිය තර්කානුකූලව කියෙව්වොත් ඔයාගේ පලමු ලිපිය විහිලුවක් කියලා ඔප්පු කරන්න පුලුවන්.ඇත්තටම ඔයාගේ ඔය දෙවෙනි ලිපියට අනුව ඔයා ලියපු බොහෝ දේවල් විහිලු කියල ඔප්පු කරන්න පුලුවන්.වැඩක් නැහැ.ඔයා තව විකාර ලියයි.ඔයා දිනුම් කියලා හිතාගන්න

      Delete
    10. ඉකොනෝ,
      නිදහස් අධ්‍යාපනය, සමාජවාදය වගේ දේවල් ගැන විවේචනාත්මක අදහස් දැක්වීම නුසුදුසු බව හිතමින් ඒවා ආගම් වගේ අදහන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මිනිස්සු දෙවියෝ අදහන්නේ අසරණ කමට වුනත් ඒ ඇදහීම වුවමනාවට වැඩිය ගියොත් කපුවෝ ඒකෙන්ම මිනිස්සු අන්දලා තව අසරණ කරනවා. ඒ වගේ මේ අයත් මේවා අදහන්නේ අසරණකමට. හැබැයි වුවමනාවට වැඩිය ෆුල් ටයිම් මේවා අදහන්න ගිහින් සමහරු කපුවන්ට ඇන්දීලා.

      Delete
    11. //ඔහොම අනාගතයේ දේවල් වර්තමානයට අදාලව කැල්කියුලේට් කරන්නේ නැහැ.//
      සරල පිළිතුර. එහෙම කරනවා. ඒ ගැන දන්නේ නැත්නම් ඒ ගැන මට කරන්න දෙයක් නැහැ.

      //ඔයාගේ දෙවෙනි ලිපියත් ඒ වගේම තමයි.උත්තරදෙන්න පුලුවන්.වැඩක් නැහැ.//
      //ඇත්තටම ඔයාගේ ඔය දෙවෙනි ලිපියට අනුව ඔයා ලියපු බොහෝ දේවල් විහිලු කියල ඔප්පු කරන්න පුලුවන්.වැඩක් නැහැ..//
      දිගටම කියල තියෙන්නේ ඕකනේ. කරන්න පුළුවන්. ඒත් කරන්නේ නෑ. ඕක හරියට අපිට විසඳුම් තියෙනවා. අපිට බලය ලැබුනම කරල පෙන්නනම් කියන කතාවමනේ .

      Delete
    12. AnonymousJuly 25, 2017 at 5:34 AM
      කපුවෝ "නිදහස්" කියා කියන අධ්‍යාපනය වෙනුවෙන් ඔය තරම් දඟලන්නේ ඒ හරහා ඔය වගේ අදහන්නන් පිරිසක් බිහි කර ගත හැකි වීම නිසා තමයි.

      Delete
    13. ඔයාගේ ඔය සිරා තියරි ඔයා ඉන්න රටේ පත්තරයකට හෝ ඉකොනොමිස්ට් වගේ සගරාවකට හරි ලියලා පෙන්නන්න .ඔයාගේ ඔය ගොන් තියරි හොඳයි ඔයාටයි ඔයව උඩදාන මෝඩ ඇම්බැට්ටයන්ටයි.ඔය කපුවෝ කතාව ඔයා කන්නඩියක් ඉස්සරහට ගිහින් කියා ගන්න.

      Delete
    14. යෝජනාවට ස්තුතියි! සිරා තියරි පිළිගත් ජර්නලයකට යවනවා මිස පත්තර වලට හෝ ඉකොනොමිස්ට් වැනි සඟරා වලට යවන්නේ නැත. පත්තර වල හා ඉකොනොමිස්ට් වැනි සඟරා වල (ඉඳහිට සිරා තියරි එකකට මුල් වන මූලික අදහස් පළවුනත්) සිරා තියරි පළවන්නේ නැත. සිරා තියරි හදන කිසිවෙක් ඒවා පත්තර වලට යවන්නේත් නැත. පත්තර වල හා ඉකොනොමිස්ට් වැනි සඟරා වල සිරා තියරි හොයන අයත් සිටිනවා විය හැකිය.

      Delete
    15. You Tube වලින් තියරි හොයන සිතුවිලි තියෙන අයත් ඉන්නවා.

      Delete
    16. //ඔයාගේ ඔය සිරා තියරි ඔයා ඉන්න රටේ පත්තරයකට හෝ ඉකොනොමිස්ට් වගේ සගරාවකට හරි ලියලා පෙන්නන්න//

      කටපාඩම් කරවන ලද දේ කියන තෙක් පමණක් කිසිත් නොදත්තෙකුටද දැනුවතෙකු සේ පෙනීසිටිය හැකිය. උන්දලාට කෙන්තිගොස් ඉන්න තැන අමතක වී එතනින් එහාට ගියොත් මෙතන වුනා මෙන් නිකන්ම චොස් වී යයි. :D

      Delete
    17. කටපාඩම් කරගෙන නැති ප්‍රැක්ටිකල් පොරවල් කියන්නේ සිංහලෙන් ගොන් කතා ලියන අයට වෙන්න ඇති.පව් අප්පා. නියම තියරි.තනි පුද්ගලයෙකුට ගාන හදලා පෙන්වනවා.එතකොට නයයි නේද කියලා ඇහුවහම පවුල් ඒකකයි ඉතිහාසෙයි කතා කරනවා.ඔයාගේ ඔය ගොන් තියරි වලින් වැඩක් වෙන්නේ නැහැ.සයිටම් කාරයන්ට මොකද වෙන්නේ කියලා බලාගන්න.

      Delete
    18. සිරා තියරි කිව්වේ ඔයාගේ ඔය ගොන් ලිපිය ගැනයි.වෙනත් අය ගැන මා කතා කලේ නැත.ඔතැන අලුතෙන් හොයාගත් මොකුත් නැති බව වැටහෙන්නට අමුතු මොලයක් වුවමනානැත.ඕක පරිවර්තනය කර පිලිගත් සඟරාවක පල කරපෙන්න කිව්වේ එබැවිනි.කරලා පෙන්නන්නකෝ පුලුවන්නම්.අපට සිංහලෙන් ලොකු කතා කිය කියා ඉන්නේ.මොකද කියන්නේ පුලුවන්ද.බැහැ නේද.

      Delete
    19. සයිටම් එවුන්ට මොනවා වෙන්නද ඉතින්. ආණ්ඩුව ඔන්න කොලොන්නාවෙන් වැඩ පටන් අරගෙන තියෙන්නේ. අවාසනාවන්ත මෝඩයෝ ටිකක් ටයර් එකේ යාවි හෙට අනිද්දට. අන්තිමට ඉතින් රන්ජන් විජේරත්නට බෝම්බ තියන්න ගියපු කුලතුංග අයියගේ තාත්තට වුණා වගේ ළමයි දොස්තරලා වෙලා එනකම් බලන් හිටපු දෙමවුපියෝ ඔලුව නරක් වෙලා දුක් විදලා මැරිලා යාවි. පැත්තක හැංගිලා ඉදන් පෝර දාපු කුලප්පු කරපු හාදයෝ ඒ මිනිස්සු දකිනකොට අහක බලාගෙන ශේප් එකේ මාරු වේවි.

      සයිටම් කාරයෝ ටිකක් NCMC එකෙන් ආපු එවුන් වගේ consultantල වේවි.

      කොච්චර නැටුවත් ඔච්චර තමයි :D

      Delete
    20. මචං,සයිටම් කාරයන්ගේ පවුල් ඒකක ගැනයි ඉතිහාසය ගැනයි කියලම ඔයටික කියපන්කෝ.ඊටපස්සේ තියරියක් හදපන්.ඛනිජ තෙල් වගේ ආමි එක දාලා ඉස්පිරිතාල රන් කරන්න කියපන්.පුලුවන්නම්.අනේ ගොනෝ ආමිකාරයන්ට ඕවා කරන්න බැහැ.උන් ඔන්නම් ට්‍රොලි තල්ලු කරයි ඔන්නම්.

      Delete
    21. මොකද කියන්නේ ඔයාගේ ලිපිය කොහේ හරි පලකරලා පෙන්නන වාද.හරි එහෙනම් ජර්නල් එකක පලකරලා පෙන්නන්නකෝ.

      Delete
    22. //ඔතැන අලුතෙන් හොයාගත් මොකුත් නැති බව වැටහෙන්නට අමුතු මොලයක් වුවමනානැත.ඕක පරිවර්තනය කර පිලිගත් සඟරාවක පල කරපෙන්න කිව්වේ එබැවිනි.කරලා පෙන්නන්නකෝ පුලුවන්නම්.අපට සිංහලෙන් ලොකු කතා කිය කියා ඉන්නේ.මොකද කියන්නේ පුලුවන්ද.බැහැ නේද.//
      //මොකද කියන්නේ ඔයාගේ ලිපිය කොහේ හරි පලකරලා පෙන්නන වාද.හරි එහෙනම් ජර්නල් එකක පලකරලා පෙන්නන්නකෝ.//

      ඇනෝ කමෙන්ට් ගණනාවක් වැටී ඇති නිසා මේ කමෙන්ට් දෙක දෙදෙනෙකුගේද කියා හරියටම නොදනිතත් මුලින් ප්‍රතිචාර දමාගෙන ආ ඇනෝගේයැයි සිතමි. මේ ලිපිය දැනටමත් පළකර අවසන්ය. මේ බ්ලොග් එක වෙනුවෙන් සිංහලෙන් ලියූ මෙම ලිපිය එය පළ කිරීමට අවශ්‍ය තැන පළකර තිබේ. ලිපිය මෙහි පළ කිරීමෙන් බලපෑමක් සිදු වී ඇති බව ඔබේ ප්‍රතිචාර වලින් පෙනේ. එය නැවත වෙනත් තැනක පළ කරන්නට අවශ්‍ය නැත. මේ බ්ලොග් එක භාවිතා කරන්නේ අලුතින් හොයාගත් දේවල් පළකරන්නට නොවේ. ඒ වගේම ජර්නල් කියවන අය පමණක් ඉලක්ක කරගෙනද නොවේ. ඒවා කියවන අයට මෙවැනි දේ අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මේ බ්ලොග් එක පවත්වාගෙන යන්නේ ලෝකයේ කොහේ හිටියත්, කියවන්නට වෙන මාධ්‍ය කොපමණ තිබුණත්, සිංහල බ්ලොග් හොයාගෙන කියවන්නට එන, ඒවාට විශාල කැමැත්තක් දක්වන ඔබ වැනි පාඨකයින් වෙනුවෙනි. ජර්නලයක ලිපියක් පළ කිරීම යනු සිංහලෙන් ලියූ බ්ලොග් ලිපියක් ඉංග්‍රීසියට පරිවර්තනය කර යැවීම වැනි සරල දෙයක් කියා හිතනවානම් ඒ ගැන කණගාටුව පලකරනවා හැර වෙනත් කළ හැකි දෙයක් නැත.

      Delete
    23. ඔබ දන්නවා ඉකොනොමැට්ටා තුමනි ඇතැමුන්ට ඇතැම් දේ තේරුම් කරන්නට අපහසුයි. එසේම එවැනිදේ ඔවුන් නොදන්නවාය කියලා පිලිගන්නත් ඔවුන් අකමැතියි.. ඔවුනගේ මතය මොන විදියට වැරදියි කිව්වත් ඔවුන් කරන්නේ කුඩා දරුව්න වගේ පුද්ගලික යම් යම් දේවල් සහ පටු මතිමතාන්තර වලින් පහරදිම පමනයි.. මා සිතන්නේ ඔබ තුමා මෙවැනි කමෙන්ට් කරුවන්ට උත්තර සැපයීමට ලොකු කාලයක් මිඩංගු කීරීම තේරුමක් නැහැ..මොකද ඔබගේ අඩවිය කියවන සිය ගානක් සෙනග අතරින් මේ එක හරකෙකු පමණයි.ඔවුනගේ වගාඩම්බර ඔවුන් ගාවම තියාගෙන ඔවුන්ගේ උත්කෘෂ්ඨ තියරි ඔවුන්ම හොදයැයි පට්ට ගහගෙන ඔවුන් ජීවත් වේවි..
      ඕනෑම දෙයක් දෙන්න පුලුවන් ගන්න යම්තරමක හරි කැමැත්තෙන් ඉන්න උදවියට විතරයි.. අනිප්පැත්ත හරවපු කෝප්ප වලට වතුර දාන්න යන එක තේරුමක් නෑ.නෙව..

      Delete
    24. දිරිගැන්වීමට ස්තුතියි, අමිල! (තුමනි කෑලිනම් අවශ්‍ය නැහැ. මමත් ඔබ වගේම බ්ලොග්කරුවෙක්.) වෙනත් මතවාද වල සිටින අය මෙය කියවීම ගැන මම සතුටු වෙනවා. සමහර අයට තමන් සිටින තැනින් ඉවතට එන එක වඩා අසීරුයි.

      Delete
  5. ඉකොනොමැට්ටා මහත්මයා ඔබගේ පසුගිය පෝස්ටුවේ සඳහන් සුදු වෑන් රියකින් සරසවි සිසුවෙකු පැහැරගෙන යාමට උත්සාහ කිරීම පිලිබඳ සත්‍යය අනාවරණය වී තිබෙනවා. මේ සිද්ධිය තනිකරම පොලීසියේ පසුගිය රජය විසින් පත්කල දූෂිත පුද්ගලයින් විසින් රජය අපකීර්තියට පත් කිරීමට කල කුමන්ත‍්‍රණයක් බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා අනාවරණය කළා. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේ මෙහෙමයි. https://youtu.be/vytDuZ4cZjw

    දූෂිත රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ හොර කල්ලිය කෙසේ හෝ ආණ්ඩුව පෙරලීමට විවිධ ගර්හිත කුමන්ත්‍රණ රැසක් සිදුකරමින් විශාල ව්‍යසනයක් රටට කරනවා. අධ්‍යාපනයේ පර්ශන වලට හේතුවත් පසුගිය දූෂිත රාජපක්ෂ හොර කල්ලිය විසින් ඔවුන්ගේ වනචර දශකයේ සිදුකල දැවැන්ත විනාශයයි !

    ReplyDelete
  6. ඩෙන්ගු ගැන ලියන්න හොද කාලය නේද

    ReplyDelete
  7. ඔබ විසින් 2016 වසරේ රජය අධ්‍යපනයට වෙන් කල මුදල ගුනාකාරයක් ලෙස ගැනීම එතරම් සුදුසු නෑ ඒක සමහර විට ගන්න ඇත්තේ මතයක් ගෙඩනගන්න විතරක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එකඟයි. මෙය සිදුවන දෙය පැහැදිලි කිරීමට ඉදිරිපත් කරන ආකෘතියක් හා ඒ මත පදනම් වූ දළ ඇස්තමේන්තුවක් පමණයි. 2017 අධ්‍යාපනයට වෙන් කළ මුදල මෙන් තුන් ගුණයක් පමණ පෙර වසරේ (සංඛ්‍යාලේඛණ අනුව) වෙන් කර තිබුණා. එහෙත්, එය "සංඛ්‍යාලේඛණ විජ්ජාවකින්" පෙන්වා තිබුණු ගණනක් පමණක් නිසා 2017 ගණන ගැනීම වඩා නිවැරදියි කියා හිතුවා. වඩා නිවැරදි ක්‍රමය වසර ගණනක සාමාන්‍ය අගය (මුදලේ අගය උද්ධමනය නිසා වෙනස්වීම ගලපා) ගැනීමයි.

      Delete
  8. නිදහස් අධ්‍යාපනය නොතිබුනානම් කුමක් වෙයිද ?
    මගේ පියාගේ පියා ගොවිතැනින් ජිවත්වුනේ . මගේ පියාව (born in 1922) ඉගෙන ගන්න යවල තියෙන්නේ පිරිවෙනට . ඒත් අපේ තාත්තා තමන්ගේ පව්ලේ වැඩිමල් දියනිය ඒ කියන්නේ අපේ ලොකු අක්කාව දාල තියෙන්නනේ English convent එකට ඔය 1950ස් ගනන් වල .පස්සේ අපි ඉපදෙනකොට මේව රජයට අරං . ඟේකෙන් තේරුම් යන්නේ 1930 ගනන් වලත් දෙමව්පියෝ දරුවන්ට තමන්ටවඩා උසස් අධ්‍යපනයක් දෙන්න උත්සාහ කලා කියන එක නේද ? සිදහස් අධ්‍යපනය නොතිබුනත් අදවෙනකොට තියෙන සුපිරි පාසල් සහ ජනප්‍රිය නොවන පාසල් වගේ විවිධ ප්‍රමාණයෙන් මුදල් අය කරන පාසල් තියෙන්න පුළුවන් කියල මට හිතෙන්නනේ . එක හොඳක් විදියට අමතර ටියුශන් නැතිවෙන්නත් ළමාකාලය අපි ගෙව්වා වගේ විනෝදයෙන් අදත් ගතකරණ ළමයි පිරිසක් ඉන්නත් ඉඩ තිබුණා. මම ලිව්වේ ධනාත්මක පැත්ත විතරයි.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++

      මේ වගේ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක් ගැන කතා කිරීමෙන් ලොකු තේරුමක් ඇත්තේ නෑ. නිදහස් හෝ නොමිලේ අධ්‍යාපනය නැති වුණා නම් වෙනත් යාන්ත්‍රණ ඒ වෙනුවෙන් මතු වෙනවා. මේ තියෙන පද්ධතියෙන් නිදහස් අධ්‍යාපනය ඉවත් කරලා ගණන් හැදීමෙන් ඒ අසම්භාව්‍ය ක්‍රියාව ගැන නිගමය කරන්න අමාරුයි.

      Delete
    2. කමෙන්ට් දෙකටම එකඟයි. ලිපියේ කතා කළේ රජයට ගෙවන මිල හා ඒ වෙනුවෙන් ලැබෙන දෙය ගැන පමණයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: