වෙබ් ලිපිනය:

Sunday, September 3, 2017

ලංකාවේ මාතෘ මරණ

පසුගිය සියවසේ මුල් කාර්තුවේදී ලංකාවේ මාතෘ මරණ අනුපාතය ලක්ෂයකට 2000-2500 පරාසයේ ඉහළ අගයක පැවතුණු අතර එම පරාසයද ඉක්මවා 2679.6 මට්ටමට ගිය අවස්ථාද තිබුණේය. රටේ සමාජ-ආර්ථික සංවර්ධනය, සාක්ෂරතාව වැඩි වීම සමඟ ජනගහණයේ සෞඛ්‍ය දැනුම ඉහළ යාම, නිදහස් සෞඛ්‍ය සේවය, ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු වීම, සංක්‍රාමික රෝග පාලනය වීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැපයීම විධිමත් ලෙස සිදුවීම ආදී හේතු නිසා මේ අනුපාතය ක්‍රමයෙන් අඩු වූ අතර මේ වන විට (2016) ලක්ෂයකට 33.7ක පමණ ඉතා පහළ මට්ටමකට අඩු වී තිබේ. 

දියුණු වෙමින් පවතින රටවල මාතෘ මරණ වලට බලපාන ප්‍රධානම හේතුවක් වන්නේ පසුප්‍රසව රුධිර වහනයයි. ලංකාවේ මේ හේතුව නිසා සිදුවන මරණ මේ වන විට ඉතාම අඩු ප්‍රමාණයකි. රම්‍යා කුමාර් විසින් 2013දී පළ කළ පර්යේෂණ පත්‍රිකාවකට අනුව 2001-2008 කාලය තුළ පසුප්‍රසව රුධිර වහනය නිසා සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව, නීති විරෝධී ගබ්සා හේතුවෙන් සිදුවන මාතෘ මරණ සංඛ්‍යාවේ මට්ටමට ඉතා සීඝ්‍රයෙන් අඩු වී තිබේ.


2014 වන විට නීති විරෝධී ගබ්සා නිසා සිදුවන මරණ ප්‍රමාණය තිබෙන්නේ පසුප්‍රසව රුධිර වහනය නිසා සිදුවන මාතෘ මරණ සංඛ්‍යාවටද වඩා ඉහළිනි. පෙනහළු ආශ්‍රිත ආබාධ හා හෘදයාබාධ හැරුණු විට ලංකාවේ මාතෘ මරණ වලට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ අවිධිමත් ලෙස සිදුවන ගබ්සාවන්ය.


10 comments:

  1. ලිපියේ අරමුණ පැහැදිලි නැත.
    නොයෙක් ආකාරයෙන් සිතා ගැනීමට ඉඩ ඇත

    ReplyDelete
    Replies
    1. පසුව වඩා විස්තරාත්මක ලිපියක් දමන්නම්!

      Delete
  2. මේක නම් හදිස්සියෙන් ලියල වගේ...ඉකොනොමැට්ටාගේ කෙටිම ලිපියද මන්දා. මටත් මේකේ අරමුණ පැහැදිලි මදි!

    ReplyDelete
    Replies
    1. මෑතකදී ලියූ ලිපි කිහිපයක්ම සාමාන්‍ය බ්ලොග් ලිපියක තිබිය යුතු ප්‍රමාණයට වඩා බොහෝ දිග නිසා මෙය හිතාමතාම කෙටියෙන් දැම්මා. නමුත්, පෙනෙන විදිහට බොහෝ පාඨකයින් ඉකොනොමැට්ටාගේ දිග ලිපි වලට හුරු වෙලා වගේ!

      Delete
  3. ලංකාවේ ගබ්සා සදහා වැඩිපුරම යොමු වන්නේ විවාහක කාන්තාවන්. ඒ අනාචාරයේ ගිහිලා හම්බෙන්න ඉන්න ළමයි නෙමෙයි. තමුන්ගේ නිත්‍යානුකූල විවාහය තුල ස්වාමියාට දාව හම්බෙන්න ඉන්න දරුවන්. ගබ්සාවට හේතුව ඉතිං ආර්ථික ප්‍රශ්න වගේ ඒවා නිසා දරුවන් උස්මහත් කරන්න තියෙන නොහැකියාව තමයි.

    බම්බලපිටියේ ප්‍රසිද්ධ ගබ්සා මධ්‍යස්ථානය වෙත මා හිතවත් පවුල් කිහිපයක්ම මා යොමුකොට ගබ්සා සිදුකර ගෙන තිබෙනවා. එහි ගාස්තුව දැන් රුපියල් 40,000 යි. හැබැයි සෞඛ්‍ය ආරක්‍ෂිතව වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රසිද්ධ VOG ලා පවා පෞද්ගලික රෝහල් වල මේක කරනවා. පෞද්ගලිකව ගබ්සා කරන්නේ නැති VOG කෙනෙක් හම්බෙලා ගබ්සාවක් කරගන්න ඕනි කිවොත් ඒ අය මේක කරන රෝහල්, වෛද්‍යවරු සදහා යොමු කිරීමත් කරනවා.

    මුදල් හිගකම හා නිවැරදි ස්ථානයට යෑමට නොදන්නා කම නිසයි ගබ්සා කිරීමට ගොසින් මරණ සිදුවන්නේ. අදාලය කළලය දරා සිටින කාන්තාව සිතනවා නම් ඇයට එය අනවශ්‍ය බව එය ඉවත්කිරීමේ අයිතිය ඇය සතුයි. ඉන් එහාට කිසිම කතාවක් වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.

      මෙහෙම ගියොත් වැසිකිලි යන කාරියත් කරන්න වෙන්නේ සංස්කෘතික ඔස්තාර්ලා කියල හිතාගෙන ඉන්න ගවයොන්ටත්, එක එක පාට රෙදි පොරවගතිපු නොයෙකුත් ආගමික පූජකයන්ටත් ඕනේ හැටියට තමයි.

      Delete
  4. පින්කැට වලට වලට දාන සල්ලි වලින් කොටසකුත් ගබ්සා වලට වැය වෙනවා, නිරතුරු නඩත්තු වැය වලට වඩා එකවර ගාස්තු පහසුයි.

    ගබ්සා නිත්‍යානුකුල වුණොත් අයකරන ගාස්තු තරඟකාරීව අඩුවෙයි, එයට වෛද්‍යවරු වුනත් එච්චරම කැමති වෙන එකක් නැ. නමුත් සුදුසුකම් නැති අය අතින් සිදුවන මරණ සහ සංකුලතා ගණන බින්දුවට බහීවි.

    ReplyDelete
    Replies
    1. මේ සමඟ කිසියම් නියාමනකුත් පැමිණෙයි කියා හිතනවා.

      Delete
  5. සාධාරණ හේතු තියනවනම් මස තුනට අඩු නම් ගබ්සා කිරීම දෙමාපියන් හෝ කාන්තාවගේ අයිතියක්. ලංකාව ආසියාවේ මාතෘ මරණ අඩුම රටක්. නමුත් ගබ්සා මරණ වැඩිම රටක්. ඉකොන් කියන්නේ එකනේ. මම එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඉතා කෙටි පිළිතුරක් ලෙස මගේ අදහස ඔබ කියන එකට කිට්ටුයි. දිගු පිළිතුරක් ඊළඟ පෝස්ට් එකේ දානවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: