වෙබ් ලිපිනය:

Saturday, August 9, 2025

ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම මේ අවුරුද්දේදීද?


ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාර්ලිමේන්තු කතාව අනුව, "2015 සිට 2025 දක්වා ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ දත්ත පිළිබඳ විමසා බැලූ විට මේ වසරේ මුල් මාස හය තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබා ගෙන තිබෙනවා."

මේ කතාව ඇත්තද?

පහත තිබෙන්නේ මහ බැංකු දත්ත අනුව අදාළ වසර වල පළමු මාස හයක කාලය තුළ ලංකාව විසින් ඉපැයූ අපනයන ආදායම්.

2015- ඩොලර් මිලියන 5,444.4
2016- ඩොලර් මිලියන 5,130.3
2017- ඩොලර් මිලියන 5,397.6
2018- ඩොලර් මිලියන 5,731.9
2019- ඩොලර් මිලියන 5,999.2
2020- ඩොලර් මිලියන 4,412.8
2021- ඩොලර් මිලියන 5,699.1
2022- ඩොලර් මිලියන 6,522.2
2023- ඩොලර් මිලියන 5,871.0
2024- ඩොලර් මිලියන 6,144.4
2025- ඩොලර් මිලියන 6,492.1

මෙම දත්ත දෙස බැලූ විට පෙනී යන පරිදි, වෙනස සුළු වෙනසක් වුවත්, වසරේ පළමු අර්ධය තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම් වාර්තා වී තිබෙන්නේ මෙම (2025) වසරේදී නොව 2022 වසරේදීයි. 

ඒ කියන්නේ අනුර පාර්ලිමේන්තුවේදී කිවුවේ බොරුවක්ද?

අනුර මේ ප්‍රකාශය කරන්නේ මහ බැංකු දත්ත මත පදනම්ව නොව අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත මත පදනම්ව විය යුතුයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව, 2025 පළමු මාස හයෙහි අපනයන ආදායම ඩොලර් මිලියන 6,504.7ක් ලෙස සඳහන් වන නමුත් එම අගය සැලකුවද 2022 පළමු මාස හයෙහි අපනයන ආදායම ඉක්මවා යන්නේ නැහැ. 

අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට වඩා මහ බැංකුවේ දත්ත නිවැරදි සේ සැලකිය හැකියි. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මුලින්ම ප්‍රකාශයට පත් කරන දත්ත සහ  මහ බැංකුවේ දත්ත අතර සාමාන්‍යයෙන් යම් වෙනසක් තිබෙනවා. එහෙත් බොහෝ විට අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පසුව සංශෝධනය කෙරෙනවා. එම සංශෝධිත දත්ත සාමාන්‍යයෙන් මහ බැංකුවේ දත්ත සමඟ ගැලපෙනවා. ඊට හේතුව මහ බැංකුව විසින් දත්ත ප්‍රකාශයට පත් කරන්නේ රේගුවෙන් ලබා ගන්නා දත්ත පරීක්ෂාවට ලක් කර, නොගැලපීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය නිවැරදි කිරීම් කිරීමෙන් පසුව වීමයි. 

ඉහත දත්ත භාණ්ඩ අපනයන ආදායම් හා අදාළ දත්තයි. මෙයට සේවා ලැබීම්ද එකතු කළ විට, මහ බැංකු දත්ත අනුව, තත්ත්වය මෙසේයි.

2015- ඩොලර් මිලියන 8,539.7
2016- ඩොලර් මිලියන 8,623.5
2017- ඩොලර් මිලියන 9,156.5
2018- ඩොලර් මිලියන 9,979.5
2019- ඩොලර් මිලියන 9,910.7
2020- ඩොලර් මිලියන 6,448.6
2021- ඩොලර් මිලියන 6,683.6
2022- ඩොලර් මිලියන 8,178.5
2023- ඩොලර් මිලියන 8,306.8
2024- ඩොලර් මිලියන 9,462.7
2025- ඩොලර් මිලියන 10,101.6

මේ අනුව පෙනී යන්නේ භාණ්ඩ අපනයන ආදායමට සේවා ලැබීම්ද එකතු කළ විට වැඩිම අගය වාර්තා වී තිබෙන්නේ මෙම වසර තුළදී බවයි. 

කෙසේ වුවද, අනුර කුමාර ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ ඉහත ගණන් වලට වඩා වෙනස්. ඔහුට අනුව, 2025 පළමු මාස හයේ අපනයන ආදායම ඩොලර් බිලියන 8.4ක්. ඔහු මේ කතා කරන්නේ අපනයන ආදායමට සේවා ආදායම් වලින් කොටසක් පමණක් එකතු කොට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යාලේඛණයක් මත පදනම්වයි. එයට ඉදිකිරීම්, මූල්‍ය, ප්‍රවාහන, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන හා වෙනත් ව්‍යාපාරික සේවා සැපයීම් වෙනුවෙන් ලැබුණු විදේශ විණිමය ආදායම් ඇතුළත් වන නමුත් සංචාරක, මූල්‍ය, රක්ෂණ, නඩත්තු, නිෂ්පාදන, විනෝදාස්වාද ඇතුළු වෙනත් සේවා ගණනාවක් වෙනුවෙන් ලැබුණු විදේශ විණිමය ආදායම් ඇතුළත්ව නැහැ. 

මෙම වසරේ පළමු මාස හය තුළ ලැබුණු භාණ්ඩ අපනයන ආදායමට ඉහත සේවා අංශ වලින් ලැබුණු ආදායම පමණක් එකතු කළ විට මුළු අගය ඩොලර් මිලියන 8,337.9ක්. දැනට වැඩිම භාණ්ඩ අපනයන ආදායමක් වාර්තා වී ඇති 2022 වසරේදී ඉහත අගය ඩොලර් මිලියන 7,476.8ක් පමණයි. මේ අනුව පෙනෙන පරිදි, 2022 වසරට සාපේක්ෂව 2025 වසරේ පළමු මාසය හයේ භාණ්ඩ අපනයන ආදායම සුළු වශයෙන් අඩු වුවත්, සේවා ආදායම් ඉහළ යාම නිසා අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණයේ ඉහළ යාමක් දැකිය හැකි වී තිබෙනවා. 

මේ තත්ත්වය ගැන කොයි තරම් සතුටු විය හැකිද?

භාණ්ඩ අපනයනය පමණක් සැලකුවද, වසරේ දෙවන අර්ධයේ අපනයන ආදායම් වල සැලකිය යුතු වර්ධනයක් සිදු වුවහොත්, මෙම වසර ඉහළම අපනයන ආදායමක් වාර්තා වන වසර විය හැකියි. නමුත් එය එසේ වුවද ඒ හේතුව නිසාම සතුටු විය හැකි කරුණක් වන්නේ නැහැ. 

රටේ අපනයන ප්‍රමාණයේ කිසිදු වර්ධනයක් සිදු නොවුවද අපනයන ආදායම් සේ ලැබෙන ඩොලර් ප්‍රමාණය වසරින් වසර ඉහළ යාම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඊට හේතුව ඇමරිකාවේ උද්ධමනය නිසා ඩොලරයක වටිනාකම වසරින් වසර බාල්දු වීමයි. උදාහරණයක් ලෙස 2022 ජූනි මාසයේ ඇමරිකන් ඩොලර් 100ක 2025 ජූනි වටිනාකම ඩොලර් 108.86ක්. ඒ කියන්නේ රටේ අපනයන වල කිසිදු වර්ධනයක් සිදු නොවුවද, මෙම කාලය තුළදී රටට ලැබෙන අපනයන ආදායමේ ඩොලර් අගය 8.86%කින් ඉහළ යා යුතු බවයි. ඒ නිසා, කිසියම් වසරක අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව අඩු වී ඇත්නම් එය කනස්සළු විය යුතු කරුණක් වුවත්, ඇමරිකාවේ උද්ධමන බලපෑම නොඉක්මවන අපනයන ආදායම් වර්ධනයක් කියන්නේ සතුටු විය යුතු කරුණක් නෙමෙයි.

ඇමරිකන් ඩොලරයේ අගය වෙනස් වීම සැලකූ විට 2022 පළමු මාස හයේ අපනයන ආදායමේ දැන් වටිනාකම ඩොලර් මිලියන 7,100.0ක්. ඒ අනුව, සිදු වී තිබෙන්නේ 2022 වසරට සාපේක්ෂව 2025දී ලංකාවේ භාණ්ඩ අපනයන ප්‍රමාණය 8.6%කින් අඩු වී තිබීමයි. 

සේවා ලැබීම්ද සලකන්නේනම් මීට පෙර වැඩිම නාමික ඩොලර් ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ 2018 පළමු මාස හයක කාලය තුළයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 9,979.5ක්. ඩොලරයේ වටිනාකම වෙනස්වීම සැලකූ විට මෙය 2025 ජූනි ඩොලර් වලින් මිලියන 12,774.4කට සමානයි. මේ හා සංසන්දනය කරද්දී 2025 පළමු මාස හයක කාලය තුළ උපයා ඇති ඩොලර් මිලියන 10,101.6 මගින් පෙන්නුම් කරන්නේ 20.9%ක අඩුවීමක්. ඒ අනුව පෙනෙන පරිදි, මෙම වසරේ පළමු මාස හය තුළ "ඉතිහාසයේ වැඩිම භාණ්ඩ හා සේවා අපනයන ආදායම්" උපයා ඇතත් එය ඩොලරයේ වටිනාකම අඩු වීම නිසා සිදු වී තිබෙන නාමික වර්ධනයක් පමණයි. 

11 comments:

  1. 'ඒ කියන්නේ අනුර පාර්ලිමේන්තුවේදී කිවුවේ බොරුවක්ද?'

    ඔය යකා හැම තැනම කියන්නේ බොරු තමයි ඉකොනෝ. මිනිහගේ පවුල් ජිවිතේ ඉදං බොරුව. ඒකනේ පච කොටා කියලා රට්ටු කියන්නේ.

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා

    ඇත්තටම අනුර කුමාර දිසානායක මහතාට සමාජ මාධ්‍ය ජාල වල නූතන චේතිය කියන නම විශාල ලෙස පටබැඳීමට හේතුව නිතරම මෙවැනිම අසාර්ථක අසත්‍ය ප්‍රචාර පතුරුවන නිසා වන්නට පුළුවනි.

    කෙසේ වුවද ලංකාවේ සමාජ මාධ්‍ය ජාලයන්හි පළවී ඇති ප්‍රකාශන අනුව, ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව උණුසුම් සංවාදයක් ඇතිවී තිබෙනවා. මෙම සංවාදයේ ප්‍රධාන කරුණු කිහිපයක් පහතින් දක්වා ඇති අතර, මේ පිළිබඳව ඔබගේ විශේෂඥ මතය සහ විචක්ෂණශීලී විශ්ලේෂණයක් දැනගැනීමට අපි අපේක්ෂා කරමු.

    ​1. අනුර කුමාර දිසානායක මහතාගේ ඔය කී පාර්ලිමේන්තු ප්‍රකාශය සහ අභ්‍යන්තර දේශපාලන ගැටුම් පිළිබඳව ඔය පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා "කුමන්ත්‍රණ" පිළිබඳව සිදු කළ ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ අර්ථකථන පැතිර යනවා. මෙම මතයන්ට අනුව, එතුමාගේ ප්‍රකාශය සාමාන්‍ය ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන විපක්ෂය ඉලක්ක කරගෙන සිදු කළ එකක් නොව, විශේෂයෙන්ම ජාතික ජන බලවේගය (NPP) තුළ සිටින, හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් ඉලක්ක කරගෙන සිදු කළ එකක් බව කියැවේ.

    මගේ ප්‍රශ්නය මෙම තත්ත්වය මත අනුර කුමාර දිසානායක මහතාගේ මෙම ප්‍රකාශයේ සැබෑ දේශපාලන අරමුණ කුමක් විය හැකිද? මෙය NPP සන්ධානය තුළ පවතින බවට කියැවෙන අභ්‍යන්තර බෙදීමක සලකුණක්ද, නැතිනම් මෙය දේශපාලන උපාය මාර්ගයක් පමණක්ද?

    ​2. ජාත්‍යන්තර බලපෑම් සහ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව වූ
    සමාජ මාධ්‍ය සටහන්වල තවත් මතයක් වන්නේ, හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු කණ්ඩායමට යම් "ජාත්‍යන්තර බලවේගවල" සහයෝගය ලැබෙන බවයි. මෙම තත්ත්වය, ජාතික භූදේශපාලනික අවශ්‍යතා මත පදනම්ව, අනුර කුමාර දිසානායක මහතාගේ කණ්ඩායමට අභියෝගයක් වී ඇති බවට තර්ක කරනවා.

    ​එතකොට ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ ජාත්‍යන්තර බලවේගවල බලපෑම ඇත්තෙන්ම කෙතරම්ද? එවැනි බලපෑම් දේශපාලන ස්ථාවරත්වයට සහ ආර්ථික ප්‍රතිසංස්කරණවලට බලපාන්නේ කෙසේද? මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව අප යළි සිතා බැලිය යුතු අවස්ථාවක්ද?

    ​3. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දේශපාලන අස්ථාවරත්වය ගැන කියවෙන තවත් කරුණක් ලෙස දැක්වෙන්නේ, IMF නිර්දේශයන්ට අනුකූලව හර්ෂණ සුරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයට පත්වීමෙන් පසු, ඔහුගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පිරවීම පවා NPP අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ප්‍රමාද වී ඇති බවයි. මෙය රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සෘජුවම බලපෑම් කළ හැකි බවට මතයක් තිබෙනවා.
    දැන් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමට දේශපාලන ස්ථාවරත්වය කෙතරම් තීරණාත්මකද? අභ්‍යන්තර දේශපාලන ගැටුම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අතර ඇති සම්බන්ධය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? මෙම ගැටුම් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට දරන උත්සාහයට තර්ජනයක් විය හැකිද?

    ​4. විශ්වාසභංග යෝජනාව සහ රජයේ ස්ථාවරත්වය ගැනත් කියවෙන තවත් කරුණක් ලෙස දැක්වෙන්නේ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානමක් ඇති බවයි. සමාජ මාධ්‍ය සටහන්වලට අනුව, මෙම යෝජනාවට විපක්ෂ කණ්ඩායම්වලට අමතරව, හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු රජයේ ඇතැම් පිරිස්වල සහයෝගයද ලැබෙන බව කියැවේ. මෙම තත්ත්වය රජයේ අභ්‍යන්තර අස්ථාවරත්වය පිළිබිඹු කරන බවට මතයක් තිබෙනවා. එවිට මෙකී විශ්වාසභංග යෝජනාවක් පිළිබඳව පැතිර යන මෙම ආරංචිමාර්ග අනුව, රජයේ ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකිද? එවැනි තත්ත්වයක් තුළ, වර්තමාන ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රයේ අනාගතය පිළිබඳව ඔබ දකින්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම සමාජ මාධ්‍ය සටහන්වලට අනුව, ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව (විශේෂයෙන් හරිනි අමරසූරිය මෙනවියගේ කණ්ඩායම) ස්වාධීන වුවහොත්, එය ආණ්ඩුවේ පැවැත්මේ අර්බුදයක ආරම්භය විය හැකි බවට මතයක් පළවී තිබෙනවා. ඒ අනුව;

      1. දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව විශ්ලේෂණය කරද්දී, ආණ්ඩු පාර්ශ්වයේ එක් කණ්ඩායමක ස්වාධීන වීම කෙතරම් දුරට ආණ්ඩුවක බිඳවැටීමට බලපාන සාධකයක් විය හැකිද?

      මෙම තත්ත්වය මගින් නිර්මාණය විය හැකි දේශපාලන අස්ථාවරත්වය, රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බලපාන්නේ කෙසේද?

      ​2. දේශපාලන සන්නිවේදනයේ ස්වභාවය සහ මහජන මතය
      ​සමාජ මාධ්‍ය සටහන්වල, "චිචී රොකට් කතා වස්තුව" වැනි සිදුවීම් පිළිබඳව අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කණ්ඩායමේ හැසිරීම, "අතාර්කික" සහ "රෝගී කතිකාවක්" ලෙස හැඳින්වෙනවා. මෙමගින් රාජපක්ෂ-රනිල්-සජිත් විරෝධය ජවිපෙ සහ මාලිමා කණ්ඩායම් අතර බෙදීමක් ඇති කර ඇති බවට මතයක්ද තිබෙනවා.වර්තමාන දේශපාලන සන්නිවේදනයේදී, දේශපාලන පක්ෂ විසින් යථාර්ථය සහ මිථ්‍යාව අතර පවතින සීමාව නොසලකා හැරීම කෙතරම් දුරට සාමාන්‍ය දෙයක්ද? එවැනි සන්නිවේදන රටාවන්, රටක ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය වන සබුද්ධික මහජන විවාදයට බලපාන්නේ කෙසේද? දේශපාලන පක්ෂවලට, මහජනතාව තුළ පවතින පදනම් විරහිත සැකයන් උපයෝගී කරගෙන, තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගත හැකිද?

      ​3. දේශපාලන උපාය මාර්ග සහ ප්‍රතිපත්ති මත සමාජ මාධ්‍ය සටහනේ තවත් මතයක් වන්නේ, ජවිපෙ සහ මාලිමා කණ්ඩායම් අතර පවතින ගැටුමේදී, එක් පාර්ශ්වයක් "උගන්ඩා කතාව" වැනි ප්‍රකාශන තවදුරටත් ඉදිරියට ගෙන නොගිය අතර, අනෙක් පාර්ශ්වය තවමත් එවැනි අතාර්කික අදහස්වල එල්බගෙන සිටින බවයි. දේශපාලන පක්ෂයක් තුළ, මහජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා, යථාර්ථවාදී නොවන දේශපාලන මතවාද සහ සංකල්ප ඉදිරියට ගෙන යාම කෙතරම් ඵලදායී උපාය මාර්ගයක්ද? එක් කණ්ඩායමක් එවැනි උපාය මාර්ගයක් අත්හැරීම සහ අනෙක් කණ්ඩායම එය තවදුරටත් පවත්වාගෙන යාම මගින්, එම කණ්ඩායම් දෙකේ දිගුකාලීන දේශපාලන අරමුණු පිළිබඳව අපට අනුමාන කළ හැක්කේ කුමක්ද?

      ​4. ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය ගත්කල සමාජ මාධ්‍ය සටහන්වලට අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය කොවිඩ් වසංගතය වැනි බරපතල ගෝලීය අර්බුදයක් හමුවේ ඒ සමග පොරබදමින් වුවද වසර දෙකක් පැවති නමුත්, වර්තමාන රජය මාස දහයක් වැනි කෙටි කාලයක් තුළ අතිශය බරපතල ලෙස අස්ථාවර වී ඇති බවට තර්ක ඉදිරිපත් වෙනවා, ආර්ථික අර්බුදයක් හමුවේ, රජයක දේශපාලන ස්ථාවරත්වය තීරණය කරන ප්‍රධාන සාධක මොනවාද? ආර්ථික කඩා වැටීමක් වැනි අතිශය දුෂ්කර තත්ත්වයක් තුළ, රජයක පැවැත්මට ජාත්‍යන්තර ආධාර, දේශපාලන ප්‍රතිසංස්කරණ, සහ මහජන විශ්වාසය බලපාන ආකාරය පිළිබඳව ඔබගේ විචාරාත්මක විශ්ලේෂණය කුමක්ද? මේ ගැන කරුණු සහ විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
  3. Can you please publish the central bank statistics report

    ReplyDelete
    Replies
    1. Go to the CBSL website and look at the monthly external sector performance press releases during the past 11 years. If not go to the data portal and retrieve data. There's no single report.

      Delete
  4. පූගැට්ටේ මයිලානන්ද
    පොක දෙනවා සචින්ට
    එක්කෝ නොමල්ලිගේ යට දෙක

    ReplyDelete
  5. ඉකොනො නංගි ඇඹුල ගෙනල්ලා
    ගොයිරාල ගොඩට ඇවිල්ලා

    ReplyDelete
  6. @ Economatta

    ඔයා ජනපතිවරයාගේ සාවද්‍ය ප්‍රකාශ ගැන විස්තර සහිතව පැහැදිලි කරපු එකට ස්තූතියි මම හිතන්නේ ඔහුට කරුණු පැටලිලා. ජවිපෙ අය කටපාඩමින් විශාල ලෙස තොරතුරු කීමට හපන් වුවත් ඒවායේ නිරවද්‍යතාවය රැකගැනීමට අවශ්‍ය වෘත්තීයමය පුහුණුවක් හෝ අවශ්‍යතාවයක් ඔවුන්ට නැති බවයි මගේ හැඟීම.

    මොකද අද ජාජබ ජවිපෙ (NPP JVP) මහජන නියෝජිතයෙකු ඇමතිවරයෙකු වන වසන්ත සමරසිංහ, 'සුප්‍රීම් සැට්' චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහජන රැස්වීමක සිදු කළ අසත්‍ය ප්‍රකාශයන් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ පුළුල් සංවාදයක් ඇති වී තිබෙනවා. එම ප්‍රකාශයන්හි ඇති සාවද්‍ය කරුණු කිහිපයක්.

    ​1. අභ්‍යවකාශය රටකට අයිතිද?

    ​වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රකාශයන්හි ප්‍රධානම සාවද්‍ය කරුණ වන්නේ, "ලංකාවට අයිති අභ්‍යවකාශය" යන්නයි. ජාත්‍යන්තර නීතියට අනුව, කිසිදු රටකට අභ්‍යවකාශයේ කොටසකට හෝ එහි ඇති ස්වාභාවික සම්පත්වලට හිමිකම් කිව නොහැකියි. 1967 අභ්‍යවකාශ ගිවිසුම (Outer Space Treaty) මගින් මෙය පැහැදිලිවම තහවුරු කර තිබෙනවා.

    ​රටකට අයිති වන්නේ එහි ගුවන් කලාපය (airspace) පමණයි. එනම්, භූමියට ඉහළින් ඇති නියමිත උසක් දක්වා වූ කලාපය පමණයි. මෙම ගුවන් කලාපය භාවිත කරන ගුවන් යානා සඳහා අදාළ රටට ගාස්තු අය කළ හැකියි. නමුත්, චන්ද්‍රිකා කක්ෂගත කරන්නේ ගුවන් කලාපයෙන් ඔබ්බට, එනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ කලාපයේයි. ඒ සඳහා රටවලට වෙන් කරන ලද කොටස් හෝ සීමා නොමැති අතර, චන්ද්‍රිකා කක්ෂගත කිරීම සඳහා ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) නීති රීති අනුගමනය කළ යුතුයි. වසන්ත සමරසිංහ මහතා මෙම මූලික තාක්ෂණික හා නීතිමය කරුණු නොදැන හෝ හිතාමතාම මහජනතාව නොමඟ යවන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

    ​2. 'සුප්‍රීම් සැට්' ව්‍යාපෘතියේ මූල්‍ය ස්වභාවය

    ​සමාජ මාධ්‍ය වාර්තා අනුව, වසන්ත සමරසිංහ මහතා විසින් "සුප්‍රීම් සැට්" ව්‍යාපෘතිය මහජන මුදල් යොදවා කළ වංචාවක් ලෙස හැඳින්වුවද, එහි සත්‍ය තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව පෙනී යනවා.

    ​100% ක් පෞද්ගලික ආයෝජනයක්: 'සුප්‍රීම් සැට්' යනු රජයේ හෝ මහජන මුදල් යොදවා ආරම්භ කළ ව්‍යාපෘතියක් නොව, ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ක්‍රියාත්මක වූ සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයෝජනයක්. BOI ආයෝජන සඳහා රජයේ මුදල් වියදම් නොවන අතර, ටෙන්ඩර් කැඳවීමට අවශ්‍ය වන්නේ රජයේ අරමුදල් භාවිත කරමින් ව්‍යාපෘතියක් සිදු කරන්නේ නම් පමණයි.

    ​ආදායම්:

    පෞද්ගලික ව්‍යාපෘතියකින් රටට ආදායම් ලැබෙන්නේ ව්‍යාපාරය විසින් ගෙවන බදු හරහා පමණයි. ව්‍යාපාරයේ ලාභ හෝ අලාභ පිළිබඳව රජයට සෘජු වගකීමක් නොමැති අතර, එය රජයට අදාළ වන්නේ බදු ගෙවීම සම්බන්ධයෙන් පමණයි.
    ​වසන්ත සමරසිංහ මහතා විසින්, මෙම ව්‍යාපෘතියට අදාළ සත්‍ය කරුණු නොසලකා, 'ටෙන්ඩර් කැඳවා නැති බව' හෝ 'රජයේ මුදල් නාස්ති කළ බවට' චෝදනා කිරීම තුළින් දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙනවා.

    මට මෙතන ඇතිවන ප්‍රශ්න මේවායි

    ​ඉහත කරුණු පදනම් කරගෙන, වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රකාශයේ සාවද්‍ය භාවය සහ එහි දේශපාලන අරමුණු පිළිබඳව ඔබට මේවා පැහැදිලි කරන්න පුළුවන්ද?

    ​තාක්ෂණික දැනුම සහ දේශපාලන තීරණ: 'සුප්‍රීම් සැට්' ව්‍යාපෘතිය වැනි සංකීර්ණ තාක්ෂණික ව්‍යාපෘති පිළිබඳව දේශපාලනඥයන් සිදු කරන ප්‍රකාශයන්හි අඩංගු සාවද්‍ය කරුණු, මහජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් කෙරෙහි කවර ආකාරයේ බලපෑමක් එල්ල කරනු ඇත්ද? දේශපාලනඥයන් විසින් විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු හිතාමතාම විකෘති කිරීම, රටේ අනාගත තාක්ෂණික හා ආර්ථික සංවර්ධනයට බාධාවක් වන්නේ කෙසේද?

    ​ජාත්‍යන්තර නීතිය සහ ආයෝජන ප්‍රතිපත්තිය: අභ්‍යවකාශය පිළිබඳ ජාත්‍යන්තර නීති රීති නොසලකා හැරීම, විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසයට බලපාන්නේ කෙසේද? මෙවැනි ව්‍යාපෘතිවලට අදාළව, රජයේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව පවතින සැබෑ නීතිමය රාමුව කුමක්ද?

    පෞද්ගලික අංශය සහ ආර්ථික වර්ධනය: පෞද්ගලික අංශයේ ආයෝජනයක් වූ "සුප්‍රීම් සැට්" ව්‍යාපෘතිය, රජයේ මූල්‍ය සම්පත් භාවිත කළ බවට චෝදනා එල්ල වීම, මෙවැනි ආයෝජන මණ්ඩල ව්‍යාපෘති පිළිබඳ මහජන මතය වෙනස් කිරීමට බලපාන්නේ කෙසේද? දිගුකාලීන ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන පෞද්ගලික ආයෝජන කෙරෙහි ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීමට දේශපාලන පක්ෂවලට ඇති වගකීම කුමක්ද?

    ​සන්නිවේදන උපාය මාර්ග: වසන්ත සමරසිංහ ඇමතිවරයා වැනි දේශපාලනඥයන්, අතාර්කික හෝ සත්‍ය නොවන මෙබඳු විකාරසහගත ප්‍රකාශ සමාජගත කරන්නේ ඇයි? මෙමගින් ඔවුන් අපේක්ෂා කරන දේශපාලන වාසිය කුමක්ද? එමෙන්ම, මෙම උපාය මාර්ගය, ජාතික ජන බලවේග ආණ්ඩු පක්ෂයේ ප්‍රතිපත්තීන් සහ දර්ශනය පිළිබඳව සමාජයට වගේම ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබා දෙන පණිවුඩය කුමක්ද? මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete
  7. ආර්ථික විද්‍යාත්මකව බැලුවොත් ලංකාවට ඉංග්‍රීසි භාෂාව ලාබද, පාඩුද?

    ReplyDelete
    Replies
    1. @ Jagath Pathirana

      මම නම් ආර්ථික විද්‍යාව ගැන දන්නේ නෑ ඒත් සාමාන්‍ය දැනුම අනුව ඉංග්‍රීසි භාෂාවේ ඇති සමාජීය බලපෑම පිළිබඳව පහත කරුණු අනුව පැහැදිලි කළ හැකියි:

      ​ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙන පොදු වාසි

      ​අධික ආදායම් සහ රැකියා අවස්ථා: ඉංග්‍රීසි භාෂා දැනුම හොඳින් ඇති පුද්ගලයන්ට රට තුළ සහ විදේශයන්හි වැඩි ආදායම් ලබන රැකියා අවස්ථා හිමි වෙනවා. තොරතුරු තාක්ෂණ (IT), සංචාරක, බැංකු, විදේශ වෙළඳාම, සහ ඇමතුම් මධ්‍යස්ථාන (Call Center) වැනි ක්ෂේත්‍රවල රැකියා සඳහා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා.

      ​වෙළඳාම සහ අපනයන: රටක පුරවැසියන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි වන විට, ජාත්‍යන්තර වෙළඳාමට සහ අපනයන වෙළඳපොළට පහසුවෙන් පිවිසිය හැකියි. එමගින්, රටේ ජාතික ආදායම (GDP) ඉහළ නැංවීමටත්, අපනයන ආදායම වැඩි කිරීමටත් හැකි වෙන බවයි මගේ අදහස.

      ​විදේශ ආයෝජන (FDI): විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට ඉංග්‍රීසි භාෂාව ප්‍රබල මෙවලමක් විය හැකියි.

      ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව විදේශීය සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ කිරීමට පහසුකම් සපයනවා.

      උසස් අධ්‍යාපනය සහ දැනුම හුවමාරුව: ඉංග්‍රීසි භාෂාව දැනුම ලබා ගැනීම සඳහා ඇති ප්‍රධාන මාර්ගයක්. ජාත්‍යන්තර ප්‍රමිතියේ පර්යේෂණ, විද්‍යාත්මක සොයාගැනීම් සහ නව තාක්ෂණික දැනුම ලබා ගැනීමට ඉංග්‍රීසි භාෂාව වැදගත් වෙනවා. මෙය රටේ සමස්ත මානව සම්පතේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.

      ඉංග්‍රීසි භාෂාවේ බලපෑම නිසා ලංකාවට බලපාන අවාසි සහ අසමානතා

      ​ඉංග්‍රීසි භාෂාව පොදු වශයෙන් ලාභදායී වුවත්, එය සමාජීය වශයෙන් අහිතකර ප්‍රතිඵල ඇති කළ හැකියි.

      ​සමාජ-ආර්ථික පරතරය:

      ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සඳහා ප්‍රවේශය ලැබෙන්නේ සමාජයේ ඉහළ මට්ටමේ සිටින පිරිස්වලටයි. මේ නිසා, ඉංග්‍රීසි දැනුම, සමාජ තරාතිරම සහ ආදායම අතර පරතරය පුළුල් කිරීමට හේතු වී තිබෙනවා. ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශවල සිසුන්ට නිසි ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති අවස්ථා සීමාසහිතයි.

      රැකියා වෙළඳපොළේ අසමානතාව: ඉංග්‍රීසි භාෂාව නොදත් දක්ෂ පුද්ගලයන්ට පවා බොහෝ අවස්ථාවලදී ඉහළ තනතුරු සහ රැකියා අවස්ථා අහිමි විය හැකියි. එමගින්, ඔවුන්ගේ හැකියාවන්ට සාධාරණයක් ඉටු නොවන අතර, රටේ මානව සම්පත උපරිම ලෙස භාවිත කිරීමට ඇති අවස්ථාවන්ද අහිමි විය හැකියි.

      ​අධ්‍යාපන පද්ධතියේ ගැටලු: සියලුම සිසුන්ට එකම ප්‍රමිතියෙන් යුත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීමට රජයට නොහැකි වී තිබෙනවා. මේ නිසා, ඉංග්‍රීසි භාෂාව දැනුම, සමාජ අසමානතාව සහ සීමිත රැකියා අවස්ථා අතර සම්බන්ධයක් ඇති වී තිබෙනවා.

      ​සාරාංශයක් ලෙස, මගේ දැනුමේ හැටියට බැලූ විට, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය රටට ආර්ථික වාසි රාශියක් ගෙන එන බවට සැකයක් නැහැ. නමුත්, රටේ සියලු පුරවැසියන්ට සමාන ඉංග්‍රීසි අධ්‍යාපන අවස්ථා නොලැබීම හේතුවෙන්, එය සමාජ-ආර්ථික අසමානතාව වැඩි කිරීමටත් හේතු විය හැකි බව පෙන්වා දිය හැකියි. මේ පිළිබඳව ආර්ථික විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම ඉකොනො මැට්ටාගේ වගකීමයි.

      Delete
  8. @ ඉකෝන්

    මෙන්න මේක ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න

    // වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමති සුනිල් වටගල නමැති වටපඩයා ජනාධිපතිගේ ලේකම්වරයා රජයේ වාහනය අවභාවිත කර තම බිරිඳගේ පෞද්ගලික ගමන් වලට යොදාගෙන වාහනය අනතුරට ලක්ව වැඩේ මාට්ටු වෙච්ච එක ගැන වැරැද්ද වහන්න තව තවත් අතේ පැලවෙන අමු ගොබ්බ කැත විදිහට පච කියනවා.. හරි එහෙම උනාම කියමුකෝ..එකම රියදුරා අතින් එසේ උනානම් සනත් නිශාන්ත කියන සක්කිලියාගෙ රියදුරාගෙ පාරේ යන එකෙක් මූත්, ඒ කියන්නේ ඊලග පාර කෙලින්ම එලොව තමයි... 👍මේව වෙන්න නෙවෙයි 159ක් දුන්නෙ.. මෙහෙම ගියොත් ආණ්ඩුව ගෙදර.. උඹල හිර ගෙදර..නූපන් දරුවත් අවසන්..දන්නවනෙ හිටපු උන්ගෙ කෙරුවාව.. අඩුම තරමේ උඹල 159+1 ට වෙන දේ ගැන හිතලවත් පිස්සු කෙලින් නැතුව පතෝලයො වෙන් නැතූව කරන දෙයක් කරපල්ලා//

    මගේ දැනුමේ හැටියට ලංකාවේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් රජයේ වාහන භාවිතය පිළිබඳව පැහැදිලි මාර්ගෝපදේශ සපයා තිබෙනවා. මෙම චක්‍රලේඛවල ප්‍රධාන කරුණු මෙසේයි:

    ​1. නිල සහ පෞද්ගලික භාවිතය
    ​නිල කටයුතු: රජයේ වාහන ප්‍රධාන වශයෙන්ම යොදාගත යුත්තේ නිල කටයුතු සඳහා පමණයි.

    උදාහරණයක් ලෙස, රැස්වීම්වලට යාම, රාජකාරි ස්ථානවලට ගමන් කිරීම සහ නිල අවශ්‍යතා වෙනුවෙන් සිදු කරන වෙනත් ගමන් බිමන් සඳහා.

    පෞද්ගලික භාවිතය: යම් යම් තනතුරු දරන නිලධාරීන්ට (උදා: අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන්) තම පෞද්ගලික ගමන් බිමන් සඳහාද රජයේ වාහනයක් භාවිත කිරීමට අවසර තිබෙනවා. නමුත්, මේ සඳහා නිශ්චිත ගාස්තුවක් රජයට ගෙවීමට සිදුවන අතර, මෙය සියලුම නිලධාරීන්ට අදාළ වන වරප්‍රසාදයක් නොවේ.

    ​2. පවුලේ සාමාජිකයන් සහ වෙනත් අයගේ භාවිතය

    ​රජයේ වාහන නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීමට අවසර නැත.
    මෙම රීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් උපදෙස් දී තිබෙනවා. රජයේ වාහනයක් පෞද්ගලික කටයුත්තකට යොදාගැනීමට අවසර ඇත්තේ අදාළ නිලධාරියාට පමණයි.

    ​කෙසේ වෙතත්, යම් හදිසි අවස්ථාවකදී (උදා: රියැදුරු නොමැති අවස්ථාවක), අදාළ නිලධාරියාගේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම් හෝ මාධ්‍ය ලේකම් වැනි පුද්ගලයන්ට එම වාහනය නිල කටයුත්තක් සඳහා භාවිත කිරීමට අවසර තිබෙනවා. නමුත්, මෙයද සීමාසහිත වන අතර, පෞද්ගලික ගමන් බිමන් සඳහා අදාළ වන්නේ නැහැ.

    ​3. දඬුවම් සහ විනය ක්‍රියාමාර්ග

    ​මෙම නීති උල්ලංඝනය කරන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබෙනවා. රජයේ වාහනයක් පෞද්ගලික කටයුත්තකට යොදාගැනීමෙන් අනතුරක් සිදු වුවහොත්, එම අනතුරින් සිදුවන හානියට අදාළ නිලධාරියා වගකිව යුතු අතර, ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමටද නීතියෙන් ඉඩ තිබෙනවා.
    ​සාරාංශයක් ලෙස, රජයේ වාහන භාවිතය පිළිබඳ නීතිරීති ඉතා පැහැදිලියි. රජයේ වාහන යොදාගත යුත්තේ නිල කටයුතු සඳහා පමණක් වන අතර, පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික කටයුතු සඳහා එම වාහන යොදාගැනීමට නීතියෙන් අවසර නැත. මෙය උල්ලංඝනය කිරීම, නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හේතුවක් විය හැකියි.

    කෙසේ වුවද මේවාට ව්යතිරේඛ exception clause තිබෙනවාද යන්න පිළිබඳව විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: