ඇමරිකාවේ අලුතෙන් පනවපු තීරු බදු පිළිබඳව ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර සිටම ජනාධිපති ට්‍රම්ප් විසින් කියපු කතාව වුනේ "අපි කරන්නේ ඇමරිකානුවන්ට බදු ගහන එක වෙනුවට විදේශිකයින්ගෙන් බදු අය කරන එක" වගේ කතාවක්. මීට ප්‍රතිපක්ෂව, ඇමරිකාවේ හා ලෝකයේ ලිබරල් කඳවුර විසින් දිගින් දිගටම කියපු කතාව වුනේ "මේ බදු ගෙවන්න වෙන්නේ ඇමරිකන් පාරිභෝගිකයාට" කියන එකයි. බටහිර මාධ්‍ය වලින්ද ඔය අදහසට බරක් තබා ඇති බව දැකිය හැකියි.
මූලික ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඔය අන්ත දෙකම ඇත්ත නෙමෙයි. ඕනෑම බද්දක බර, ගෙවන්නේ කවුරු විසින් වුනත්, අවසාන වශයෙන් පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යනවා. මෙය සිදු වන්නේ කවර අනුපාතයකින්ද කියන එක තීරණය වන්නේ මිල ප්‍රත්‍යස්ථතා මතයි.
ඇමරිකාවේ ආනයනික භාණ්ඩ හා අදාළව පාරිභෝගිකයා ඉන්නේ ඇමරිකාවේ වුවත් නිෂ්පාදකයා ඉන්නේ වෙනත් රටක. ඒ නිසා, ඇමරිකන් තීරු බද්දේ බර බෙදී යාම ඇමරිකානුවන් සහ විදේශිකයින් අතර බදු බර බෙදී යාමක්ද වෙනවා. බද්ද අය කර ගන්නේ ඇමරිකන් රජය විසින් නිසා අවසාන වශයෙන් සිදු වෙන්නේ ඇමරිකන් රජය විසින් විදේශිකයින්ගෙන් කවර හෝ මුදලක් එකතු කර ගැනීමක්. ඒ අතරම, ඇමරිකන් පාරිභෝගිකයින්ටත් බද්දේ බරෙන් කොටසක් දරන්න සිදු වෙනවා.
අපි හිතමු ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන අර්තාපල් කිලෝවක් මත රුපියල් 50ක අලුත් බද්දක් රජය විසින් අය කරනවා කියලා. සාමාන්‍ය කරුණක් ලෙස මේ විදිහේ බද්දක් අය කළ විට රට ඇතුළේ අර්තාපල් කිලෝවක් විකිණෙන මිලත් ඉහළ යනවා.
ලංකාවේ අර්තාපල් නිෂ්පාදනයක් නැත්නම්, අර්තාපල් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් පමණක්නම් සහ අර්තාපල් කියන්නේ පාරිභෝගිකයින්ට මිල දී නොගෙන ඉන්නම බැරි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක්නම්නම්, උපරිම වශයෙන් රුපියල් 50කින් දේශීය අර්තාපල් මිල ඉහළ යන්න පුළුවන්. අනෙක් අතට දේශීය අර්තාපල් ගොවීන්ට ඉන්දියාව එක්ක තරඟකාරී ලෙස ඉන්දියාවට වඩා අඩු මිලකට රටට අවශ්‍ය තරම් අර්තාපල් නිපදවීමේ හැකියාවක් තිබෙනවානම් ඔය බද්ද දැම්මා කියලා දේශීය අර්තාපල් මිල සතයකින්වත් වැඩි නොවෙන්න පුළුවන්. ඔය දෙකම තර්කානුකූලව සිදු විය හැකි දේ වුනත් ප්‍රායෝගිකව සිදු වන්නේ ඔය අන්ත දෙක අතර දෙයක්.
අර්තාපල් වෙනුවට ඉන්ධන වගේ දෙයක් සැලකුවොත් ලංකාව ඇතුළේ නිෂ්පාදනය කිරීමක් වෙන්නේ නැහැ වගේම එසේ කිරීමේ හැකියාවක්ද නැහැ. ඒ වගේම ඉන්ධන කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා, ඉන්ධන ලීටරයක් මත රුපියල් 50ක තීරු බද්දක් දැම්මොත් එහි බර වැඩි වශයෙන්ම වැටෙන්නේ පාරිභෝගිකයින් මතයි. නමුත් ඉන්ධන වගේ දෙයක් සැලකුවත්, මිල වැඩි වෙද්දී ඉල්ලුම සුළු වශයෙන් හෝ අඩු වෙනවා.
ඉල්ලුම අඩු වෙද්දී සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වෙනවා. ඒ නිසා, සැපයුම්කරුවන් විසින් ලාබ වැඩි කර ගැනීමේ අරමුණින් මිල තරමක් හෝ අඩු කරනවා. තෙල් සංස්ථාව විසින් මේ වැඩේ නොකළත්, ලාබ වෙනුවෙන් ලංකාවේ ඉන්ධන විකුණන IOC හෝ සිනොපෙක් වැනි සමාගමක් අනිවාර්යයෙන්ම ඔය වැඩේ කරනවා. ඒ නිසා, රුපියල් 50ක බද්දෙන් ශත කීපයක් හෝ අවසාන වශයෙන් නිෂ්පාදකයාටත් දරාගන්න වෙනවා. පාරිභෝගිකයා මත පැටවෙන බර රුපියල් 50ට වඩා ශත කිහිපයකින් හරි අඩුයි.
ලංකාවේ ආදේශක තිබෙන දේවල් වල මිලට ඔය විදිහේ තීරු බද්දක් නිසා සිදු වන බලපෑම ගොඩක්ම අඩුයි. පොල් වගේ දෙයක් සැලකුවොත්, ආනයනික පොල් මත රුපියල් 50ක බද්දක් දැම්මා කියලා රුපියල් 50ක් වැඩියෙන් පොල් විකුණන්න බැහැ. ආනයනික පොල් ලංකාවේ විකුණනවානම් විකුණන්න වෙන්නේ දැනට රටේ පොල් විකිණෙන මිලට ආසන්න මිලකටයි. ඕනෑනම් රුපියල් පහක් වගේ වැඩියෙන් විකුණන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ බද්දේ බර දේශීය පාරිභෝගිකයා මත නොවැටෙන තරම්.
තීරු බද්දක බලපෑම පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යන ආකාරය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙනවා. ඒ නිසා, ඇමරිකාව මෑතකදී කළා වගේ පොදුවේ සියලුම භාණ්ඩ වලට තීරු බදු ගහද්දී එහි සමස්ත බලපෑම ඇස්තමේන්තු කරන එක සංකීර්ණ වැඩක්. ධවල මන්දිරය විසින් උපකල්පනය කරලා තිබුණේ බදු නිසා මිල මත ඇති වන බලපෑම 25%ක් කියලයි. එයින් අදහස් වන්නේ ඇමරිකන් රජය විසින් තීරු බදු ලෙස ඩොලර් 100ක් අය කර ගනිද්දී එයින් ඇමරිකන් පාරිභෝගිකයාට ගෙවන්න වෙන කොටස ඩොලර් 25ක් පමණයි කියන එකයි. ඉතිරි ඩොලර් 75 විදේශ රටවල් වලින් අය කෙරෙන බද්දක්. නමුත් සමහර අය පෙන්වා දී සහ තර්ක කර තිබුණේ මෙම අනුපාතය 93%ක් තරම් ඉහළ අනුපාතයක් බවයි.
තීරු බද්දක බලපෑම පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යන බව න්‍යායාත්මකව පෙන්වා දිය හැකි වුවත් ඒ කවර අනුපාතයකින්ද කියා සොයා ගන්න වෙන්නේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පමණයි. ඉහත කී 25% හා 93% වැනි ඇස්තමේන්තු වලට පදනම් වී තිබුණේ එවැනි දත්ත විශේලේෂණ. එහෙත්, අදාළ ඇස්තමේන්තු සකස් කර තිබුණු තත්ත්වයන් මෑතකාලීන ඇමරිකන් තීරුබදු පැනවීමට හරියටම සමාන තත්ත්වයන් නෙමෙයි.
පසුගිය (2025) ජූනි මාසයේදී ඇමරිකාවේ තීරුබදු ආදායම ඩොලර් බිලියන 27 දක්වා ඉහළ ගියා. එය පෙර වසරේ ජූනි මාසයට සාපේක්ෂව ඩොලර් බිලියන 21ක වැඩි වීමක්. මේ වන විට නිකුත් වී ඇති 2025 ජූලි සංඛ්‍යාලේඛණ අනුව, එම මාසයේ තීරු බදු ආදායමද ඩොලර් බිලියන 28 දක්වා ඩොලර් බිලියන 21කින් වැඩි වී තිබෙනවා. මේ අනුව, පසුගිය මාස දෙකේ වැඩි කළ තීරු බදු වල බලපෑම ඩොලර් බිලියන 42ක් සේ සැලකිය හැකියි.
ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 30ක් පමණ වෙනවා. මාස දෙකට ඩොලර් ට්‍රිලියන 5ක් පමණ. ඒ අනුව, වැඩි වූ තීරු බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.84%ක්. දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානුවන් විසින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වැය කළ මුදල සේ සැලකුවහොත්, ඉහත සඳහන් ඩොලර් බිලියන 42ක තීරු බදු බර මුලුමනින්ම දැරුවේ ඇමරිකන් පාරිභෝගිකයින් විසින්නම්, ඒ හේතුව නිසා සමස්ත මිල මට්ටම 0.84%කින් පමණ ඉහළ යා යුතුයි. ඔවුන් මත පැටවුණේ එම බරෙන් කොටසක් පමණක්නම් සමස්ත මිල මට්ටමෙහි අනුපාතික ඉහළ යාමක් සිදු වී තිබිය යුතුයි.
මේ වන විට ප්‍රකාශිතව ඇති පාරිභෝගික මිල දර්ශක දත්ත අනුව, 2025 ජූනි මාසයේදී සමස්ත මිල මට්ටමේ ඉහළ යාම 0.3%ක් පමණද, ජූලි මාසයේදී එම ඉහළ යාම 0.2%ක් පමණද වෙනවා. එකතුව 0.48%ක්. ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරන්නේ උද්ධමනය 2% මට්ටමේ තබා ගැනීමට බැවින් මාස දෙකක කාලයක් ඇතුළත මිල මට්ටම 0.33%කින් ඉහළ යාම එම ඉලක්කය හා ගැලපෙන සාමාන්‍ය තත්ත්වයක්. පසුගිය දෙමස තුළ මිල මට්ටම තුළ දැකිය හැක්කේ ඊට වඩා සුළු වැඩි වීමක් පමණයි. ඒ නිසා, ජූනි මාසයේදී මෙන්ම ජූලි මාසයේදීද ඇමරිකාවේ උද්ධමනය 2.7% මට්ටමට සීමා වී තිබෙනවා. මීට සාපේක්ෂව, 2022දී ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියා.
මේ අනුව දැනට පෙනී යන්නේ අලුත් තීරු බදු වලින් වැඩි කොටසක් ඇත්තටම ගෙවා තිබෙන්නේ ඇමරිකන් පාරිභෝගිකයින් විසින් නොවන බවයි. ධවල මන්දිරයේ 25% ඇස්තමේන්තුව ඇතැම් විට නිවැරදි වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය ඇමරිකන් ආණ්ඩුවට දැන් යන මාර්ගයේම තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට ධෛර්යය සපයන්නක්.
මෙම දත්ත ප්‍රකාශයට පත් කෙරෙන්නට පෙර, තීරු බදු පැනවූ අළුතම, අප විසින් කියා ඇති එක් දෙයක් මෙම දත්ත වලද උදවුවෙන් නැවත අවධාරණය කළ හැකියි. එනම්, ඇමරිකාවේ අලුත් තීරුබදු නිසා ඇමරිකන් පාරිභෝගිකයින්ට දැනෙන බලපෑමක් සිදු නොවන බවයි. එමෙන්ම ඇමරිකන් ආණ්ඩුවට ඇමරිකාවේ පාරිභෝගිකයින් කෙරෙන් පීඩනයක් ඇති වීමේ ඉඩක් නොමැති බවයි.
"එකතුව 0.48%ක්. ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරන්නේ උද්ධමනය 2% මට්ටමේ තබා ගැනීමට බැවින් මාස දෙකක කාලයක් ඇතුළත මිල මට්ටම 0.33%කින් ඉහළ යාම එම ඉලක්කය හා ගැලපෙන සාමාන්‍ය තත්ත්වයක්."
ReplyDeleteHow this 0.33% derived sir ??
2%*(1/12)*2 = 0.33%
DeleteThank you 👍
Deleteඉකොනොමැට්ටා මේක හොඳ ලිපියක් හැබැයි මේ බ්ලොග් ලියන්න වැය කරන කාලය ඉතුරු කර ගන්න AI සහ LLM (විශාල භාෂා ආකෘති) භාවිතා කරලා බ්ලොග් එකක් ලියන එක බොහොම පහසුයි. AI එකට පුළුවන් සංකීර්ණ මාතෘකා වුණත් ඉක්මනින්ම සරල කරලා දෙන්න විශේෂයෙන්ම ඉංග්‍රීසි වගේ භාෂා වලින්. ඒ වගේම, ලිපිවලට අවශ්‍ය තොරතුරු, උදාහරණ, සහ ව්‍යුහයත් හදලා දෙන්න පුළුවන්. ඒත් මෙතැනදී එක ප්‍රශ්නයක් තියෙනවා. AI එකෙන් ලියනකොට බොහෝ වෙලාවට සිංහල භාෂාව හරියට එන්නේ නැහැ. සමහර වාක්‍ය රටා හරිම අමුතුයි, විකාර සහගතයි, වචන යෙදීම් නිවැරදි නැහැ. සමහර වෙලාවට තෙලිඟු වචනත් මේක අස්සේ එනවා ඒ නිසා, AI එකෙන් ලිපියක් ලිව්වත්, අපි ඒක නැවත ඉතාම පරීක්ෂාකාරීව කියවලා, සිංහල භාෂාවට හරියට එන විදියට නැවත හරියට හදන්න ඕන. ඒකට තමයි "humanize" කරනවා කියන්නේ. ඒ කියන්නේ, ලිපියට මිනිස් ස්පර්ශයක් දීලා, එය කියවන කෙනෙකුට ස්වාභාවික දෙයක් විදියට දැනෙන්න සලස්වන එක. ඒ වගේම, ඔබේම අදහස් සහ අත්දැකීම් එකතු කිරීමෙන් ලිපියේ විශ්වාසනීයත්වය සහ වටිනාකම වැඩි වෙනවා. හැබැයි ඉතින්, AI එක කියන්නේ අපිට ලොකු උදව්වක්. ඒත් අවසාන ප්‍රතිඵලය ලස්සනට හදලා හරියට හරිගස්සන්න වෙන්නෙ අපිටමයි.
ReplyDeleteමම දකින විදියට හොඳම එක
චීනයේ Deepseek, ඒ වගේම චීන AI පට්ට, සිංහල භාෂාවටත් හොඳටම සපෝට් කරනවා ඒත් ඔයා එක්සත් ජනපදයේ ඉන්න නිසා මම හිතන්නේ Grok වගේ එකක් යොදාගෙන බලන්න චීන ඒවා බ්ලොක් කරලා ස්ලෝ ඇති එහේ
ඔය Grok කියන්නෙ Elon Muskගේ xAI සමාගමෙන් නිර්මාණය කරපු LLM කෘතිම බුද්ධිමය මොඩලයක් (AI model). xAI කියන්නේ හැමෝම දන්න 2023දී ආරම්භ වූ සමාගමක්, ඒකේ ටාගට් එක විශ්ව ගවේෂණ space X වැඩ වලට සඳහා AI සංවර්ධනය කිරීම. Grok භාෂා මොඩලයක්, LLM විදියට ක්‍රියාත්මක වෙන නිසාත් සිංහල ඇතුළු බොහෝ භාෂාවන්ට යම් සහයක් දක්වන නිසාත් එය grok.com, x.com (ඉස්සර Twitter), හෝ මොබයිල් ඇප් වලින් යූස් කළ හැකියි. නොමිලේ භාවිතයට සීමා තිබුණත්, SuperGrok දාගත්තොත් හොඳ සපෝට් එකක් ලබාගත හැකියි (විස්තර සඳහා x.ai/grok බලන්න).
ඒ වගේම $150ක් වටින ChatGPT Team Plan එක මාසෙකට €1 ට (රු.361) ට ගන්න ඔයාට ක්‍රමයක් කියල දෙන්නම්, මේකෙදී ChatGPT Team Plan එක අඩුවට tryout කරන්න පුළුවන් විදිහක් තියෙනවා ඒකේදී ඔයාට මේ Team Plan එකේදි ඔයාගෙ වැඩවලටම වෙන්වුණු Workspace එකක් create කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒත් එක්කම upto 05 people (05 seats Max) මේ workspace එකට invite කරන්න පුළුවන් වෙනවා.
මීට අමතරව පහළ තියන ඔක්කොම features included වෙනවා:
- GPT-4o with higher usage limits
- File uploads, persistent memory, custom GPTs
- Shared workspaces for teams
- Admin tools and centralized billing
ඒ වගේම Canvas, Sora, Code Interpreter සහ image generation වගේ tools වලටත් ඔයාට full access හම්බවෙනවා.
මේ Team Plan එක €1ට ගන්න නම් මුලින්ම ඔයාට VPN එකක් අවශ්‍ය වෙනවා. මම කාලයක් තිස්සෙ ඉඳලා Mac එකට use කරන free VPN එකක් තමයි Urban VPN කියන්නෙ. එහෙමත් නැත්නම් වෙනත් පිළිගත් VPN service එකක් පාවිච්චි කරලා "Netherland 🇳🇱" region එකට connect වෙන්න.
ඊට පස්සෙ ChatGPT home page එකට ගිහිල්ලා, url එකේ අගට මේ extension phrase එක [ ?promo_campaign=team1dollar#team-pricing ] add කරලා continue කරන්න. (without brackets)
ඊට පස්සෙ ඔයාට ChatGPT Team Plan එකක් €1ට Welcome Offer එකක් එක්ක display වෙයි. සාමාන්‍ය විදියට continue කරන් ගිහින් payment screen එකේදි payment method එක PayPal වලට change කරන්න, ඊට පස්සෙ ඔයාගෙ Card එක through හරි PayPal එක through හරි Payment එක කරන්න විතරයි තියෙන්නෙ.
හැබැයි මේ Team Plan එක €1ට ඔයාට ලැබෙන්නෙ First Month එකේ Welcome Offer එකක් විදිහට විතරයි. ඒ නිසා first month එකෙන් පස්සෙ Cancel කරගන්න.
එක්සත් ජනපදයේ වැඩ කරන චීන AI තියෙනවා නම් වැඩේ සෑහෙන ලේසියි, වඩාත් නිවැරදිව සිංහලෙන්ම ලියන්න පුළුවන් ලස්සනට සාහිත්‍යය යොදාගෙන පවා, කවිත් ලියන්න පුළුවන් වෙයි.
Hobby එකක් විදියට කරන journaling/blogging වැඩක් මොකටද AI වලින් කරවගන්නේ... 🤔
Deleteකාලය ඉතුරු කරගන්න අවශ්‍යනම් නොලියාම ඉන්න එක ඊට වඩා පහසුයිනේ. මගේ සමහර වැඩ වලට මම LLM භාවිතා කරනවා. එයින් කාලය ඉතිරි වීමක් හා ගුණාත්මක භාවයේ ඉහළ යාමක් වෙනවා. නමුත් LLM භාවිතා කළත් බ්ලොග් එකක් නඩත්තු කරන්න සැලකිය යුතු කාලයක් යනවා. අවශ්‍ය කාලය යොදවන්න බැරිනම් නොලියා ඉන්නවා. මෙය කරන්නම අවශ්‍ය දෙයක් නෙමෙයිනේ. සමහර වකවානු වල එක දිගටම දවස් ගාණක් ලිපි නැති වන්නේ ඒ නිසා.
Deleteඉකොනෝ
ReplyDeleteඑක්සත් ජනපදයේ නිෂ්පාදන කර්මාන්ත පිළිබඳව කියැවෙන මේ කතාව ඇත්ත ද?
https://m.youtube.com/watch?v=O5ba2hf_C3s&pp=0gcJCf8Ao7VqN5tD
මේ පොඩි ක්ලිප් එකේ එක්සත් ජනපදයේ නව නිෂ්පාදන කර්මාන්ත ගැන විස්තර කෙරෙනවා
ඒ වගේම මගේ අත්දැකීම් අනුව නම් චීනයේ නව කෘත්‍රිම බුද්ධි භාෂා වැඩසටහන් තමයි ලෝකයේ හොඳම ඕපන් ඒඅයි චැට් ජීපීටී ගූගල් ජෙමිනි වගේ ඒවාට වඩා චීන ඒ අයි අතිවිශිෂ්ට ලෙස සාර්ථකව වැඩ කරනවා, සුපිරියි ඇත්තටම (Several Chinese AI companies and their large language models (LLMs) are making significant strides in the field, with most of them outperforming models from established players like OpenAI and Google. Key Chinese AI players include Baidu (Ernie), Alibaba (Qwen), ByteDance (Doubao), Moonshot AI (Kimi), DeepSeek, and MiniMax. These companies are not only developing powerful proprietary models but also increasingly contributing to the open-source community, fostering innovation and collaboration.)
මේකත් බලන්න ඒ අයි ගැන පොඩි ක්ලිප් එකක්
https://m.youtube.com/watch?v=xvV9-3oqn2Y&t=351s&pp=2AHfApACAQ%3D%3D
ඇත්තටම ඔයාට පුළුවන්ද චීනයේ විශාල ලෙස මහාපරිමාණ නිෂ්පාදන කර්මාන්ත මේ දවස්වල වේගයෙන් වර්ධනය වන සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය Dark Factories 🏭 ගැන විශේෂයෙන්ම BYD 24/7 නිෂ්පාදන කරන ෆැක්ටරි සහ Xiomi නෙක්ස්ට් ජෙනරේෂන් ඩාක් ෆැක්ටරි ගැන?
ලෝකයේ නවීනතම ස්වයංක්‍රීය Automated නිෂ්පාදන කර්මාන්ත එනකොට ලංකාව වගේ රටවල ලාභ ශ්‍රමය අවශ්‍ය නැති නිසා ලංකාව වගේ රටවල ජනතාවට මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වේවිද? විදේශ ආයෝජන එන එකක් නෑ නේද?Ai නිසා disrupt වෙන job market එකට ලංකාව රටක් හැටියට ලෑස්ති නෑ තාම. මට තාමත් හිතාගන්න බෑ අපේ මිනිස්සු මේ ගැන දැනුවත් නැත්තේ ඇයි කියලා 🤷
ඒ වගේම SAAS කියන්නෙම මාර opportunity එකක්. Coding ගැන කිසිම දැනුමක් නැති Solopreneur founders ලා $ Million ගනන් හොයන startups 24/25 කාලේ build කරල තියෙන්නෙ (Cal AI) මමත් SAAS tool කීපයක් හදාගෙන යනවා🤞බලමු කොහොමද කියලා. මේ ගැනත් විස්තර සහිතව ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
ලංකාවට තියෙන හොද ඔපොචුනිටි එකක් කෘෂිකාර්මාන්තය කියන්නේ. ලංකාවේ තියෙන පොලව සහ දේශගුණය එක්ක. හැබැයි ලංකාවෙ හාල් ගොවියෝ වගේ අඩන බබාලා නෙවෙයි technology එක්ක කාර්‍යක්ෂ්මව වැඩ කරන්න පුලුවන් අනිත් රටවල් එක්ක තරග කරන්න පුලුවන් රටක් වෙන එක. ඒකට රට තුල RnD සහ තාක්ෂණික දේවල් එකතු වෙන්න ඕන. දැනටමත් තාක්ෂණිකව දියුණු නැති ඒ වෙනුවෙන් ආයෝජනය කරන්න අපහසු ගොඩක් රටවල් කෘෂිකාර්මාන්තය පැත්තට යමින් ඉන්නවා. ලංකාවේ අය වෙන රටක supermarket එකකට ගියොත් එකම බඩුව එක එක නම් වලින් value addition කරලා ,අහාරපාන ගත්තත් sugar free ,colosroll free , වගේ විවිධ කැටගරීස්. මේ වගේ පොඩී පොඩී දේවල් නිසා ඒ මිනිස්සූ ඉතා සුලු දේවල් වලට ලොකු මාකට් එකක් හදාගෙන තියෙනවා. නමුත් ලංකාවේ ගොවිතැන කියන්නේ ඉගෙන ගත්තෙ නැත්තම් වෙන කරන්න දෙයක නැතිකමට කරන දෙයක් වෙලා තියෙනවා. අනික ගොවිතැන් කරන මිනිස්සු උනත් එදා වේල ගැටගහගන්න මිසක් buisness model එකක් විදිහට , ව්‍යාපාරයක් විදිහට මේක ගොඩනගන්නේ නැ. වැස්සත් , සත්තු කෑවත් වගකීම් ඔක්කොම රජයට පවරලා ඔහේ වගාකරනවා.
දේශීය ගොයියන්ව රකින්න කියලා පිටරටින් එන කොලිටී බඩු වලට ටැක්ස් ගහන මේ වගේ ගොබ්බ පාලකයො එක්ක හැමදාම මේවා දිළිඳු රටවල් විතරයි.සරලවම starlink ආපු නිසා Slt ලට Fup එක අයින් කරන්න උනා. දැන් තමන්ගේ Service එක රැකගන්න විවිධ ක්‍රම ගේනවා. ඒ වගේම තමයි මිනිස්සු තරගකාරී වෙන්න වෙන්න තමයි ඕනම ක්ශේත්‍රයක් දියුණු වෙන්නේ. එහෙම නේද?
ඊළඟ එක තමයි Service sector එක. Newzealand වගේ ඉතා අඩු ජනග්‍රහනය ඉන්න රටක් උනත් GDP එකෙන් 70% ට දායක වෙන්නේ Service sector එක. එතකොට ඒ මිනිස්සුන්ව රැකගන්න ඕන.
Deleteලංකාවේ දැනට තියෙන ලොකුම ගැටලුවක් වැඩ කරන්න පුලුවන් කමක් තියෙන මිනිස්සු රටින් පිටට යන එක. ඒක graduate වෙන Doctor කෙන්ක් විතර නෙවෙයි මහන්සිවෙලා වැඩ කරන්න පුලුවන් කොල්ලෙක් korea යනවා කියන්නෙත් ඒ කාල සීමාව තුල ඒක රටට අඩුවක්.ඒකට ඉතිං හැම මගුලටම tax ගහලා මිනිස්සුන්ට එපා කරවන එක නෙවෙයි කරන්න ඕන මිනිස්සුන්ට මේ රටේ ඉන්න හේතුවක් හදන එක.අනුර ඇවිත් අස්වැසුම තව මෙච්චරකට දෙනවා කිව්වම කෙනෙක්ට හුරේ තියන්න පුලුවන්. හැබැයි ටිකක් හරි මොලේ තියෙන එකෙක්ට තෙරෙන්න ඕන ඕකේ බරපතල කම. මිනිස්සුන්ට දේවල් නිකන් ලැබෙනවා කියන්නේ වගකීමක් නැතුව ජිවත් වෙන්න පාත් එකක් හදනවා කියන එක.
Tourism මේකත් අපි හැමදාම සීගිරියයි, nine Arch එකයි පෙන්නන එකෙන් එලියට යන්න ඕන. අපේ රටට වියදම් කරලා Enjoy කරන්න එන Tourism එකක් අවශ්‍යයි. දැන් තියෙන්නේ Budget destination ක්‍රමයක්. ලංකාවට ඕන ඇවිලා රොටියයි, කහටඑකයි බීලා යන ක්‍රමය නෙවෙයි.maldives වගේ ගියාම ගාන කීය කිව්වත් tourists ඒවා Enjoy නොකර ඉන්න බැ.ඒ වගේම තමයි.
(මම දැකපු සරලම උදාහරණයක් Srilanka vs Bangaladesh match එකේදී colombo city night view එක drone වලින් පෙන්නුවා. හැබැයී ඊට වඩා ලස්සන shots මම දැක්කා ඉට පස්සේ තිබ්බ local match එකක. මේ වගේ පුංචී පුංචී දේවල් උනත් රටක් විදිහට වැදගත්. අපි ලංකාව ලෝකෙට පෙන්නද්දී උනත් මැච් එකක් අස්සේ ගස් උඩ නටන උන්ව නෙවෙයී ඊට වඩා දෙයක් අපිට කරන්න පුලුවන්. රටක්විදිහට අපි negative දේවල් වලට ලොකූ ප්‍රචාරනයක් දෙනවා. Social media විතරක් නෙවෙයි Tv channels පවා) මේවාටත් address කරලා හරි විදිහට strategic plan එකක් හදාගන්න ඕන නේද?