කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි.
විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසුව අපගේ අදහස වූයේ අවධමනය පසුගිය මාසයෙන් අවසන් වනු ඇති බව වුවත්, සැපයුම් සාධක වල බලපෑම නිසා ජූලි මාසය තුළ සමස්ත මිල මට්ටමේම පහත වැටීමක් සිදු වී තිබෙනවා. කෙසේ වුවද, ජූලි මාසය අනිවාර්යයෙන්ම අවධමනයක් වාර්තා වන අවසන් මාසයයි.
පසුගිය මාසය තුළ එළවළු, මාළු හා පොල් මිල ගණන් වල විශාල අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, සමස්තයක් ලෙස ආහාර මිල ගණන් 2.5%කින් පහත වැටී තිබෙනවා. විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා භාණ්ඩ පැසෙහි ආහාර නොවන වියදම් රුපියල් 1,122කින් ඉහළ ගොස් ඇතත්, සමස්තයක් ලෙස ආහාර වියදම රුපියල් 1,531කින් අඩු වීම හේතුවෙන් එම ඉහළ යාමේ බලපෑම නිශේධනය වී තිබෙනවා.
පාරිභෝගික මිල දර්ශකය තුළ පොල් මිල අඩු වීමේ බලපෑම රුපියල් 567ක්ද, මාළු මිල අඩු වීමේ බලපෑම රුපියල් 616ක්ද, එළවලු මිල අඩු වීමේ බලපෑම රුපියල් 664ක්ද වන අතර, සැපයුම් සාධක නිසා තාවකාලිකව ඉහළ ගොස් තිබුණු දිය ලුණු මිල නැවත යථා තත්ත්වයට පත් වීම නිසා රුපියල් 150ක බලපෑමක් සිදුව තිබෙනවා.
ඉහත මිල ගණන් සියල්ල පහත වැටී තිබෙන්නේ වෙළදපොළ සාධක මතයි. ලංකාවේ එළවලු, මාළු මිල ගණන් වෙළඳපොළ තරඟය තුළ රට තුළම ඉල්ලුම් සැපයුම් තුලනය හරහා තීරණය වෙනවා. සැපයුම අඩු වෙන විට මෙම මිල ගණන් ඉහළ ගියද නැවත මිල අඩු වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. මෙවැනි වෙළඳපොළ කෙරෙහි රජයට බලපෑමක් කළ නොහැකි අතර එසේ කිරීමේ අවශ්‍යතාවයක්ද නැහැ.
හාල්, පොල් මිල ගණන් ඉහළ යද්දී විවිධ ප්‍රවාද ඉදිරියට ආවත්, පොල් මිල ඉහළ යාමට හේතු වී තිබුණේද සැපයුමේ සාමාන්‍යයෙන් සිදු වන තාවකාලික විචලනයන්ගේ බලපෑමයි. එම අවස්ථාවේදී පොල් නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ආනයනය කිරීමට රජය විසින් ගත් තීරණය හොඳ තීරණයක්. එයින් දේශීය පොල් මිල නැවත ස්ථාවර වීමට බලපෑමක් වෙන්න ඇති. රිලා සංගණනයනම් ඉතිහාසයට එකතු වූ විහිළුවක් පමණයි. නමුත් වඩා සැලසුම් සහගතව කරන්නේනම් එවැන්නක ප්‍රයෝජනයක් තිබෙනවා. සහල් මිලෙහිද, විශේෂයෙන්ම ලංකාවේ දිස්ත්‍රික්ක වැඩි ගණනක ජනප්‍රියම සහල් වර්ග වන රතු කැකුළු සහ සුදු නාඩු සහල් වර්ග වල මිල අඩු වීමක් ජූලි මාසය තුළ සිදු වී තිබෙනවා. දිය ලුණු මිල පහත වැටීම මගින් පෙන්නුම් කරන්නේ දේශීය දිය ලුණු සැපයුමද නැවතත් යථා තත්ත්වයට පත් වී ඇති බවයි.
සැපයුම් සාධක මත එළවලු, මාලු, හාල්, පොල් මිල ගණන් පහත වැටීම මගින් පිළිබිඹු වන්නේ නිෂ්පාදනය ඉහළ යාමයි. මෙහි බලපෑම තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය තුළද පිළිබිඹු විය යුතුයි.
මේ පෝස්ට් එක තුල ඉකොනොමැට්ටා ලංකාවේ භාණ්ඩ මිල අඩු වී ඇති බවට මහබැංකු වාර්තා සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ විසුළු සහගත ප්‍රකාශන දෙස බලා ප්‍රකාශ කළත්, පසුගිය මාස 9ක පමණ කාලය තුළ ජීවන වියදම අධික ලෙස ඉහළ ගොස් ඇති බවට ලංකාවේ ජනයා බොහෝ දෙනා පවසනවා.
ReplyDeleteමගේ අදහස අනුව මේ සඳහා බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා.
උද්ධමනය (Inflation) සහ මිල ඉහළ යෑම් ගත්තාම ආණ්ඩුව සහ මහ බැංකුව උද්ධමනය පාලනය කර ඇති බවට දත්ත පෙන්වා දුන්නත්, සාමාන්‍ය ජනතාවට එදිනෙදා ජීවිතයේදී භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී මුහුණ දීමට සිදුවන සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස් විය හැකියි.
ආහාර මිල ගණන් ඉහළ යාම ගැන කියද්දී සමහර දත්ත වලට අනුව ආහාර උද්ධමනය යම් ප්‍රමාණයකින් අඩු වී තිබුණත්, මූලික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවමත් සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි මට්ටමක පවතින බවට පැමිණිලි තිබෙනවා. බොහෝ විට 2021-2024 අතර කාලයේදී ආහාර මිල දෙගුණයකටත් වඩා වැඩි වූ බවත් වාර්තා පෙන්වා දෙනවා.
සැපයුම් දාම ගැටලු නිසාත් ඇතැම් අවස්ථාවලදී නිෂ්පාදන සැපයුමේ ඇතිවන ගැටලු, ප්‍රවාහන වියදම් ඉහළ යාම සහ කෘෂිකාර්මික අංශයේ අභියෝග (උදා: පොහොර මිල දැඩි ලෙස ඉහළට යාම වැනි ගෝලීය බලපෑම්) හේතුවෙන් භාණ්ඩවල මිල ඉහළ යාමට පුළුවන්. මෙය "පිරිවැය තල්ලු උද්ධමනය" (cost-push inflation) ලෙස හැඳින්වෙනවා.
දේශීය නිෂ්පාදනයට බලපෑම් ගත්තාම දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනයට ඇතිවන බලපෑම්, ආනයන සීමා කිරීම් වැනි කරුණු නිසා දේශීය වෙළඳපොළේ භාණ්ඩ හිඟයක් ඇති වී මිල ඉහළ යාමට පුළුවන්.
මේ සේරටම වඩා රජයේ බදු ප්‍රතිපත්ති සහ රාජ්‍ය ආදායම් ඉලක්ක විශේෂයෙන්ම IMF කොන්දේසි නිසා රජය සිය ආදායම වැඩි කර ගැනීම සඳහා නව බදු පැනවීම සහ පවතින බදු ඉහළ දැමීම ජීවන වියදමට සෘජුවම බලපානවා.
වක්‍ර බදු වැඩිවීම ඉහළට ගිය නිසාම භාණ්ඩ හා සේවා සඳහා පනවන වක්‍ර බදු (උදා: VAT) ඉහළ යාමෙන් ඒවායේ අවසාන මිල ඉහළ යන අතර, එහි බර සෘජුවම පාරිභෝගිකයා මත පැටවෙනවා.
ආදායම් බදු: ආදායම් බදු ප්‍රතිපත්ති වල වෙනස්කම් මගින් ජනතාවගේ පාරිභෝජනය සඳහා වන ආදායම අඩු විය හැකි අතර, එය ජීවන වියදම ඉහළ ගියාක් මෙන් දැනිය හැකියි.
විනිමය අනුපාතය සහ ආනයන
ලංකාව ආනයනය මත දැඩි ලෙස රඳා පවතින රටක් වන නිසා, විනිමය අනුපාතයේ වෙනස්වීම් ද ජීවන වියදමට බලපානවා.
රුපියල අවප්‍රමාණය වීමත්, විශේෂයෙන්ම පසුගිය කාලයේ රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දැඩි ලෙස අවප්‍රමාණය වූ අතර, එය ආනයනික භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වුණා. පසුව රුපියල යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළත්, අතීතයේ සිදු වූ අවප්‍රමාණය වීමේ බලපෑම තවමත් දැනෙනවා.
ආනයන සීමා තවම තිබෙන නිසාත් රටේ විදේශ විනිමය හිඟය හේතුවෙන් පනවන ලද ආනයන සීමා නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති වී ඒවායේ මිල ඉහළ යාමට පුළුවන්.
බලශක්ති මිල ගණන් මෑතකදී යලිත් ඉහළට ගිය නිසාත් බලපෑමක් වූණා මොකද
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම, විදුලි ගාස්තු වැඩිවීම වැනි බලශක්ති වියදම් ඉහළ යාම සමස්ත භාණ්ඩ හා සේවා මිල කෙරෙහි බලපානවා. ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා භාණ්ඩ නිෂ්පාදන පිරිවැය සහ බෙදා හැරීමේ පිරිවැය වැඩි වී එය අවසානයේ පාරිභෝගිකයා වෙත පැටවෙනවා.
ආර්ථික කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති, දිගුකාලීනව ආර්ථික කළමනාකරණයේ ගැටලු සහ සමහර ප්‍රතිපත්තිමය තීරණ ජීවන වියදම ඉහළ යාමට හේතු විය හැකියි.
විදේශ ණය: අධික විදේශ ණය සහ ඒවා ගෙවීමේ අවශ්‍යතාවය ආර්ථිකයට පීඩනයක් එල්ල කරනවා.
මුදල් මුද්‍රණය: අතීතයේදී අයවැය හිඟය පියවීමට මුදල් මුද්‍රණය කිරීම උද්ධමනයට හේතු වූ ප්‍රධාන සාධකයක්.
රාජ්‍ය වියදම්: රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාවය සහ අධික වියදම්ද අවසානයේ බදු වශයෙන් ජනතාව මත පැටවෙනවා.
වැටුප් සහ ආදායම් මට්ටම්
උද්ධමනයට සාපේක්ෂව ජනතාවගේ ආදායම් මට්ටම් සහ වැටුප් ප්‍රමාණවත් ලෙස ඉහළ නොයෑමද ජීවන වියදම අධික ලෙස ඉහළ ගියාක් මෙන් දැනීමට හේතුවක්. සැබෑ වැටුප් (real wages) 2019 මට්ටමට වඩා අඩු මට්ටමක පවතින බවටද වාර්තා පෙන්වා දෙනවා.
සාරාංශයක් ලෙස, ආණ්ඩුව නිල වශයෙන් උද්ධමනය පහත වැටී ඇති බව ප්‍රකාශ කළත්, බදු වැඩිවීම, ආනයන වියදම්, බලශක්ති මිල ඉහළ යාම සහ සමස්ත ආර්ථිකයේ පවතින අභියෝග හේතුවෙන් සාමාන්‍ය ජනතාවට දෛනික ජීවිතයේදී දැනෙන ජීවන වියදමේ බර තවමත් අධිකයි.
මෙම මහපොළොව තුල සැබෑ තත්ත්වය පිළිබඳව ඔබේ අදහස් මොනවාද? මේ ගැන විස්තර සහිතව ආර්ථික විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්ද?
'කෙසේ වුවද, ජූලි මාසය අනිවාර්යයෙන්ම අවධමනයක් වාර්තා වන අවසන් මාසයයි. '
ReplyDeleteමේ යකා කිව්වා නං ඕකේ අනික් පැත්ත වෙන්නේ