වෙබ් ලිපිනය:

Wednesday, July 9, 2025

ඇමරිකාවෙන් 30%ක බද්දක්!



ඇමරිකාව විසින් ලංකාවේ අපනයන මත පනවන බද්ද 30% ලෙස තීරණය කර තිබෙනවා. මෙය මුලින් යෝජනා වූ 44%ක බද්දට වඩා අඩු වුවත්, ලංකාවට දැනෙන මට්ටමේ බලපෑමක් කරන බද්දක්. අලුත් බද්ද අගෝස්තු 1 දින සිට ක්‍රියාත්මකයි. 

මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු පරිදි 10%ක බද්දකින් ලංකාවට විශාල බලපෑමක් සිදු නොවන නමුත් බදු අනුපාතය ඊට වඩා වැඩි වුවහොත් රටේ ආර්ථික වර්ධනය 0.25%-1.5% අතර ප්‍රමාණයකින් පහත වැටිය හැකියි. මේ වන විට පනවා තිබෙන 30% බද්ද 10% මට්ටමට වඩා 44% මට්ටමට ආසන්නයි. ඒ අනුව, ආර්ථික වර්ධනය මත මෙම බද්දේ සෘණාත්මක බලපෑම 1%ක් පමණ විය හැකියි.

මූල්‍ය අරමුදල විසින් 3.5%ක ආර්ථික වර්ධන වේගයක් ඇස්තමේන්තු කර තිබුණේ මෙම බද්ද 10% ලෙස සලකමිනුයි. ආර්ථික වර්ධනයට අමතරව අපනයන ආදායම් හා රැකියා නියුක්තිය කෙරෙහිද මෙහි දිගුකාලීන බලපෑමක් තිබෙනවා.

ඇමරිකන් අපනයන මත ශ්‍රී ලංකාව විසින් අය කරන බදු හා අනෙකුත් බාධා අඩු කරන්නේනම් මෙම 30% බද්ද පිළිබඳව තව දුරටත් සලකා බැලීමට ඇමරිකාව සූදානම් බවද ලිපියේ සඳහන්ව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව විසින් ඇමරිකාව තුළ කිසියම් ව්‍යාපාරයක් අරඹන්නේනම් ඒ සඳහා ක්ෂණිකව පහසුකම් සැලසීමට සූදානම් බවද එහි සඳහන්. 

2 comments:

  1. ඇමරිකන් ජනාධිපතිතුමා අනුර කුමාර ජනාධිපතිතුමාට එවපු මෙම ලියුම ඉකොනෝමැට්ටාට හම්බුනේ කොහොමද?

    මේ ගැන පරීක්ෂණයක් පවත්වා ඉකොණොමට්ටාව අත්අඩංගුවට ගන්නා මෙන් අප ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටිමු

    ReplyDelete
  2. මේ ලියුමේ පචකොටාගේ නම වැරදිනේ.

    අරුණද මොකක්ද කියලා තියෙන්නේ.

    මේක ඇත්ත එකක් කියලා ෂුවර්ද ඉකොනො

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: