වෙබ් ලිපිනය:

Monday, July 14, 2025

අහෝ දුකකි, පිරමිඩ උගුලකි!


මහ බැංකුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. පිරමිඩ ගැන මීට පෙර ලියා තිබෙන නිසා නැවත මූලික කරුණු විස්තර කරන්න යන්නේ නැහැ. පිරමිඩ හැදෙන එක ගැන ටිකක් කතා කරමු. 

යමෙක් හුවමාරුවක් කරන්නේ ඇයි? එසේ කරන්නේ තමන්ට සාපේක්ෂව තමන් සතු දෙයක වටිනාකමට වඩා වෙනත් දෙයක වටිනාකම වැඩි නිසා සහ එම තමන්ට සාපේක්ෂව වඩා වටිනා දෙය හුවමාරු කර ලබා ගැනීමේ හැකියාවක් තිබෙන නිසා. පෙර ලිපියෙහි විස්තර කර ඇති පරිදි මෙවැනි හුවමාරු සතුන් අතර පවා සිදු වෙනවා. හුවමාරුවක් සිදු වීම සඳහා අනෝන්‍ය විශ්වාසයක් අවශ්‍ය වෙනවා. මිනිසුන්-මිනිසුන් අතර මෙන්ම මිනිසුන්-සතුන් හා සතුන්-සතුන් අතර පවා මේ ආකාරයේ අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩ නැගෙන්න පුළුවන්. ඊට හේතුව සහජාශයද නැත්නම් වෙනත් දෙයක්ද කියා මම දන්නේ නැහැ. 

සතුන්ටත් වටිනාකම් තිබෙනවා. එම වටිනාකම් ශ්‍රේණිගත කරන්නත් පුළුවන්. එය පර්යේෂණ වලින් තහවුරුව තිබෙන දෙයක්. හුවමාරුවට හේතුව කෙසේ වෙතත් සතුන්ගේ මේ වටිනාකම් වලට හේතුවනම් සහජාශය වෙන්න පුළුවන්. සතුන්ට වටිනාකමක් ඇති සේ තහවුරු වී තිබෙන්නේ සීමිත භාණ්ඩ හා සේවාවන් ප්‍රමාණයක් පමණයි. ඒ අතර ආහාර හා ලිංගිකත්වය ප්‍රධානයි. ඒ නිසා, ආහාර හා ලිංගිකත්වය මිනිසුන්ට වටිනා දේ වී තිබෙන්නේද සහජාශය නිසා කියා හිතන්න පුළුවන්. නමුත් එතැනින් එහාට දේවල් වටිනා දේවල් වී තිබෙන්නේ මිනිසාගේ සමාජ ජීවිතය නිසා. වරින් වර හමු වී තිබෙන කුඩා කල සිටම සතුන් සමඟ හැදී වැටුණු මිනිසුන්ට අවශ්‍ය වන්නේ ආහාර හා ලිංගිකත්වය පමණයි.

ආහාර හා ලිංගිකත්වයෙන් එහාට ඇඳුම් වැනි මූලික දෙයක් පවා සමාජයීය අවශ්‍යතාවයක්. අවශ්‍යතාවය සමාජයීය වුවත්, එම සමාජයීය අවශ්‍යතාවය මත පාදක වූ පුද්ගල කැමැත්තක් මෙහිදී ඇති වෙනවා. පුද්ගලයෙකුට එවැනි භාණ්ඩයක හෝ සේවාවක වටිනාකමක් පෙනෙන්නේත් හුවමාරුවක් සිදු වන්නේත් ඒ නිසා. නමුත් මේ විදිහට ඒකීය පුද්ගල කැමැත්ත පමණක් මත පදනම්ව, වටිනාකම පිළිබඳ තමන්ගේ විශ්වාසය මත යමෙක් ගනුදෙනුවක් සිදු කරන්නේ පාරිභෝගික භාණ්ඩ අත්පත් කර ගැනීමේදී පමණයි. එහිදී වටිනාකමේ මූලය අදාළ භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කිරීමේ හැකියාව හා ඒ සඳහා වන අවශ්‍යතාවය. පරිභෝජන අවශ්‍යතාවයට හේතුව සහජාශය හෝ සමාජයීය කරුණක් වෙන්න පුළුවන්.

වත්කමක් හිමිකර ගැනීම සඳහා ආයෝජනයක් කරද්දී මේ තත්ත්වය වෙනස්. එහිදී වැදගත් වන්නේ හුවමාරු කරන දෙයෙහි තමන්ට ඇති වටිනාකම නෙමෙයි. එහි වටිනාකම පිළිබඳව වෙනත් අයට ඇති වටිනාකම පිළිබඳව තමන්ගේ විශ්වාසය. මිනිසුන් මුදල් ගනුදෙනු කරන්නේද මේ විශ්වාසය පෙරදැරිවයි. 

මිනිසුන් අතර මේ ආකාරයේ ගනුදෙනුද සිදුවීමේ ප්‍රතිඵලයක් වන්නේ තමන්ට කිසිසේත්ම වටිනාකමක් නැති දෙයක් හුදෙක් වෙනත් අයෙකුට වඩා වැඩි වටිනාකමක් ඇතැයි යන විශ්වාසයෙන් අත් පත් කර ගැනීම. බොහෝ දෙනෙක් මේ විදිහට හිතද්දී කිසිවෙකුටත් වටිනාකමක් නැති දෙයකට විශාල ඉල්ලුමක් හැදෙන්න පුළුවන්. මිල බුබුළු හැදෙන්නේ මේ විදිහටයි. මෙහිදී ක්‍රියාකාරී වන්නේ සාමූහික විශ්වාසය. එය සමූහයේ ඕනෑම තනි පුද්ගලයෙකුගේ විශ්වාසයට වඩා වෙනස්. අදාළ දෙයෙහි කිසිම කෙනෙකුට වටිනාකමක් නැහැ. නමුත් වෙනත් අයෙකුට වටිනාකමක් ඇතැයි සියල්ලන් විසින්ම හිතනවා. මේ සාමූහික විශ්වාසය අභියෝගයට ලක් වන සීමාවේදී මිල බුබුල බිඳ වැටෙනවා. 

මේ ආකාරයේ ගොඩනැගුම් වල ආන්තික තත්ත්වයක් වන පිරමිඩ් ක්‍රම වල ආයෝජනය කරන අය එසේ කරන්නේ වෙනත් අයද එසේ කරනු ඇතැයි යන විශ්වාසයෙන්. මිල බුබුළු හැදීම වගේම පිරමිඩ් ක්‍රම පැවතීම මගින්ද පෙන්නුම් කරන්නේ ධනවාදී ක්‍රමයේ පවතින ස්වභාවික දුර්වලතාවයක්. මේවා පිරිසිදු ධනවාදී ක්‍රමයක ලක්ෂණම මිසක් ධනවාදය හරියට ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵල නෙමෙයි. නියාමනය මගින් පිරමිඩ් ක්‍රම පාලනය කිරීම වගේම මිල බුබුළු හැදීම වැළැක්වීමද අපහසු වන්නේ ඒ නිසා. 

6 comments:

  1. මේක හින්දා ශ්‍රී ලංකාවයි ඊජීප්තුවයි අතර රාජ්‍යත්‍රාන්තරික ගැටීමක් වුණත් ඇතිවෙන්න පුළුවන් නේද ඉකුනෝ

    ReplyDelete
  2. 'ආහාර හා ලිංගිකත්වය මිනිසුන්ට වටිනා දේ වී තිබෙන්නේද සහජාශය නිසා '

    ඉකොනොමැට්ටා අතේ ගහලා කැරි කනවද

    ReplyDelete
  3. 'රනිල්නම් වූ ගැලවුම්කාරයා'

    කියලා ඉකොනො ලියපු පොස්ට් එක ගැන දැන් මොකද හිතන්නේ

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා EconomattaMay 20, 2022 at 11:41 PM
    මම අදහස් කළේ ලබන සතියේ මැතිවරණයක් පැවැත්විය යුතු බව නෙමෙයි. රනිල් වික්‍රමසිංහට මාස හයක වැනි කාලයක් ඇදගෙන යන්න පුළුවන් වෙයි. ඊට වඩා අදින්න අමාරුයි

    ReplyDelete
  5. ඉකොනෝමැට්ටා මෙහි ඉදිරිපත් කරන ලද පිරමීඩ පිළිබඳව සටහන, ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් තුළ පවතින අධික කලකිරීම, අවිශ්වාසය සහ සමහර විට වාමවාදී මාක්ස්වාදය හෝ දෘෂ්ටිවාදී පදනමක් මත ගොඩනැඟුණු ආත්මීය අදහස් සමුදායක් ලෙස සැලකිය හැකියි. එහි සඳහන් සමහර නිරීක්ෂණ (උදා: ජනප්‍රිය චරිතවලට එල්ල වන විවේචන) පොදු ලක්ෂණ වුවත්, ඒවාට ලබා දී ඇති අර්ථකථන (විශේෂයෙන් "ගුණමකකම" වැනි) ආත්මීය වන අතර, සමස්ත ජාතියක් පිළිබඳ සාමාන්‍යකරණයක් කිරීමට යොදා ගැනීම භයානක විය හැකියි. යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවන්ගෙන් සමාජයේ වෙනසක් සිදුවිය හැකි නමුත්, එය "ජන්ම ගතියක්" ලෙස අර්ථ දැක්වෙන පොදු ලක්ෂණයක් වෙනස් කිරීමට තරම් ප්‍රබල වේද යන්න හෝ කුණු බැනුම් ඇසීමට සිදුවේද යන්න පිළිබඳව නිශ්චිතව කිව නොහැකියි. සමාජ විද්‍යාත්මකව මෙය වඩාත් සංකීර්ණ ලෙස අධ්‍යයනය කළ යුතු විෂයයක්.

    අනෙක ලංකාවේ අද වෙන දේවල් දැක්කම, අපේ රට IMF ගිලගත්තු අගාධයකට වැටිලා වගේ දැනෙනවා. මහජන මුදල්, විශේෂයෙන් අමාරුවෙන් ගෙවන බදු, "අස්වැසුම" වගේ වැඩසටහන් හරහා "නිකමුන්ට" බෙදලා දමන "නාස්තිකාර විකාර වැඩ" අපි දැඩිව හෙළා දකිනවා. මෙහෙම සල්ලි නිකන් බෙදද්දී, රටේ ආර්ථිකය දියුණු කරන්න, ව්‍යාපාර දිරිගන්වන්න, රැකියා උත්පාදනය කරන්න සල්ලි ඉතිරි වෙන්නේ නැහැ.

    මහ බැංකුවත් මොකද කරන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. එක පැත්තකින් පොලී අනුපාත අඩු කරලා, අමාරුවෙන් හම්බ කරපු සල්ලිවල වටිනාකම කනවා. අනිත් පැත්තෙන් පිරමීඩ ජාවාරම්වලට මිනිස්සු අහුවෙද්දී "බයිලා" ගහනවා. ඇත්තටම, මිනිස්සු පිරමීඩවලට අහුවෙන්නේ මේ වගේ ආර්ථික අස්ථාවරත්වය සහ මුදල් ඉපයීමට ඇති මං නැති වීම නිසයි.

    IMF සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති, රටේ පොදු ජනතාව තව තවත් අමාරුවේ දමන, නාස්තිකාර සහ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණයකට මඟ පෑදීලා තියෙනවා. මේක නිසාම රටේ අනාගතය උකස් කරන "විගඩමක්" කියලයි බහුතර ජනතාව හිතෙන්නේ.

    මේ "අස්වැසුම" වැනි වැඩසටහන්වල කාර්යක්ෂමතාව සහ ආර්ථික බලපෑම ගැන සහ "අස්වැසුම" වැනි සෘජු මුදල් හුවමාරු වැඩසටහන්, කෙටිකාලීන සමාජ සහනයක් ලබා දුන්නත්, ආර්ථික උත්තේජනය (economic stimulus) සහ දිගුකාලීන ආර්ථික වර්ධනය (long-term economic growth) සඳහා ඒවායේ සැබෑ කාර්යක්ෂමතාව කෙතරම්ද? විශේෂයෙන්, බදු ආදායම මත අධික ලෙස යැපෙන මෙවැනි වැඩසටහන්, උද්ධමනකාරී පීඩනය (inflationary pressure) ඇති කරන්නේ කෙසේද?

    ඔය මහ බැංකුව විසින් තැන්පතු පොලී අනුපාත දැඩිලෙස පහත හෙලීම සහ මහබැංකුව වැරදි සමස්ත මූල්‍ය ප්‍රතිපත්ති (monetary policy), පිරමීඩ ජාවාරම් වැනි අවදානම් සහිත ආයෝජන වෙත ජනතාව යොමු වීමට දායක වන්නේ කෙසේද? මූල්‍ය සාක්ෂරතාවය (financial literacy) අඩු පරිසරයක, මහ බැංකුවකට මුදල් ස්ථාවරත්වය සහ මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව අතර සමබරතාවක් පවත්වා ගත හැක්කේ කෙසේද?

    ලංකාවේ බදුකරණයේ සාධාරණත්වය සහ ආර්ථික විකෘතිතා සමග රටේ ආර්ථිකය අර්බුදයක පවතින විට, අධික බදු පැනවීම සහ "අස්වැසුම" වැනි සමාජ සුබසාධන වියදම් පවත්වා ගැනීම, ආර්ථික විද්‍යාත්මකව සාධාරණීකරණය කළ හැකිද? මෙම ප්‍රතිපත්ති, නිෂ්පාදන අංශයට (productive sectors) සහ පුද්ගල ආයෝජනවලට බලපාන ආකාරය පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්ද?

    විදේශීය භූදේශපාලන අවශ්‍යතා මත කටයුතු කරන IMF වැඩසටහන් සහ දේශීය ප්‍රමුඛතා අතර ගැටුමේදී IMF ණය වැඩසටහන්වල බරපතල කොන්දේසි, ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය යැයි රජය අසත්‍ය ප්‍රචාර ප්‍රකාශ කළත්, ඒවා දේශීය සංවර්ධන ප්‍රමුඛතාවන්ට (උදා: කෘෂිකාර්මික සංවර්ධනය, යටිතල පහසුකම්) බලපාන්නේ කෙසේද? ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල බලපෑම යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති, රටක දීර්ඝකාලීන ස්වෛරී ආර්ථික උපාය මාර්ග (long-term sovereign economic strategy) විනාශ කරන නීසා රටේ ආර්ථිකය කඩාවැටීමට කරන බලපෑම ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete
  6. ඉකොනෝමැට්ටා මෙහි ඉදිරිපත් කරන ලද පිරමීඩ පිළිබඳව සටහන, ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් තුළ පවතින අධික කලකිරීම, අවිශ්වාසය සහ සමහර විට වාමවාදී මාක්ස්වාදය හෝ දෘෂ්ටිවාදී පදනමක් මත ගොඩනැඟුණු ආත්මීය අදහස් සමුදායක් ලෙස සැලකිය හැකියි. එහි සඳහන් සමහර නිරීක්ෂණ (උදා: ජනප්‍රිය චරිතවලට එල්ල වන විවේචන) පොදු ලක්ෂණ වුවත්, ඒවාට ලබා දී ඇති අර්ථකථන (විශේෂයෙන් "ගුණමකකම" වැනි) ආත්මීය වන අතර, සමස්ත ජාතියක් පිළිබඳ සාමාන්‍යකරණයක් කිරීමට යොදා ගැනීම භයානක විය හැකියි. යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවන්ගෙන් සමාජයේ වෙනසක් සිදුවිය හැකි නමුත්, එය "ජන්ම ගතියක්" ලෙස අර්ථ දැක්වෙන පොදු ලක්ෂණයක් වෙනස් කිරීමට තරම් ප්‍රබල වේද යන්න හෝ කුණු බැනුම් ඇසීමට සිදුවේද යන්න පිළිබඳව නිශ්චිතව කිව නොහැකියි. සමාජ විද්‍යාත්මකව මෙය වඩාත් සංකීර්ණ ලෙස අධ්‍යයනය කළ යුතු විෂයයක්.

    අනෙක ලංකාවේ අද වෙන දේවල් දැක්කම, අපේ රට IMF ගිලගත්තු අගාධයකට වැටිලා වගේ දැනෙනවා. මහජන මුදල්, විශේෂයෙන් අමාරුවෙන් ගෙවන බදු, "අස්වැසුම" වගේ වැඩසටහන් හරහා "නිකමුන්ට" බෙදලා දමන "නාස්තිකාර විකාර වැඩ" අපි දැඩිව හෙළා දකිනවා. මෙහෙම සල්ලි නිකන් බෙදද්දී, රටේ ආර්ථිකය දියුණු කරන්න, ව්‍යාපාර දිරිගන්වන්න, රැකියා උත්පාදනය කරන්න සල්ලි ඉතිරි වෙන්නේ නැහැ.

    මහ බැංකුවත් මොකද කරන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. එක පැත්තකින් පොලී අනුපාත අඩු කරලා, අමාරුවෙන් හම්බ කරපු සල්ලිවල වටිනාකම කනවා. අනිත් පැත්තෙන් පිරමීඩ ජාවාරම්වලට මිනිස්සු අහුවෙද්දී "බයිලා" ගහනවා. ඇත්තටම, මිනිස්සු පිරමීඩවලට අහුවෙන්නේ මේ වගේ ආර්ථික අස්ථාවරත්වය සහ මුදල් ඉපයීමට ඇති මං නැති වීම නිසයි.

    IMF සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති, රටේ පොදු ජනතාව තව තවත් අමාරුවේ දමන, නාස්තිකාර සහ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණයකට මඟ පෑදීලා තියෙනවා. මේක නිසාම රටේ අනාගතය උකස් කරන "විගඩමක්" කියලයි බහුතර ජනතාව හිතෙන්නේ.

    මේ "අස්වැසුම" වැනි වැඩසටහන්වල කාර්යක්ෂමතාව සහ ආර්ථික බලපෑම ගැන සහ "අස්වැසුම" වැනි සෘජු මුදල් හුවමාරු වැඩසටහන්, කෙටිකාලීන සමාජ සහනයක් ලබා දුන්නත්, ආර්ථික උත්තේජනය (economic stimulus) සහ දිගුකාලීන ආර්ථික වර්ධනය (long-term economic growth) සඳහා ඒවායේ සැබෑ කාර්යක්ෂමතාව කෙතරම්ද? විශේෂයෙන්, බදු ආදායම මත අධික ලෙස යැපෙන මෙවැනි වැඩසටහන්, උද්ධමනකාරී පීඩනය (inflationary pressure) ඇති කරන්නේ කෙසේද?

    ඔය මහ බැංකුව විසින් තැන්පතු පොලී අනුපාත දැඩිලෙස පහත හෙලීම සහ මහබැංකුව වැරදි සමස්ත මූල්‍ය ප්‍රතිපත්ති (monetary policy), පිරමීඩ ජාවාරම් වැනි අවදානම් සහිත ආයෝජන වෙත ජනතාව යොමු වීමට දායක වන්නේ කෙසේද? මූල්‍ය සාක්ෂරතාවය (financial literacy) අඩු පරිසරයක, මහ බැංකුවකට මුදල් ස්ථාවරත්වය සහ මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව අතර සමබරතාවක් පවත්වා ගත හැක්කේ කෙසේද?

    ලංකාවේ බදුකරණයේ සාධාරණත්වය සහ ආර්ථික විකෘතිතා සමග රටේ ආර්ථිකය අර්බුදයක පවතින විට, අධික බදු පැනවීම සහ "අස්වැසුම" වැනි සමාජ සුබසාධන වියදම් පවත්වා ගැනීම, ආර්ථික විද්‍යාත්මකව සාධාරණීකරණය කළ හැකිද? මෙම ප්‍රතිපත්ති, නිෂ්පාදන අංශයට (productive sectors) සහ පුද්ගල ආයෝජනවලට බලපාන ආකාරය පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්ද?

    විදේශීය භූදේශපාලන අවශ්‍යතා මත කටයුතු කරන IMF වැඩසටහන් සහ දේශීය ප්‍රමුඛතා අතර ගැටුමේදී IMF ණය වැඩසටහන්වල බරපතල කොන්දේසි, ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය යැයි රජය අසත්‍ය ප්‍රචාර ප්‍රකාශ කළත්, ඒවා දේශීය සංවර්ධන ප්‍රමුඛතාවන්ට (උදා: කෘෂිකාර්මික සංවර්ධනය, යටිතල පහසුකම්) බලපාන්නේ කෙසේද? ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල බලපෑම යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති, රටක දීර්ඝකාලීන ස්වෛරී ආර්ථික උපාය මාර්ග (long-term sovereign economic strategy) විනාශ කරන නීසා රටේ ආර්ථිකය කඩාවැටීමට කරන බලපෑම ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: