මහ බැංකුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. පිරමිඩ ගැන මීට පෙර ලියා තිබෙන නිසා නැවත මූලික කරුණු විස්තර කරන්න යන්නේ නැහැ. පිරමිඩ හැදෙන එක ගැන ටිකක් කතා කරමු.
යමෙක් හුවමාරුවක් කරන්නේ ඇයි? එසේ කරන්නේ තමන්ට සාපේක්ෂව තමන් සතු දෙයක වටිනාකමට වඩා වෙනත් දෙයක වටිනාකම වැඩි නිසා සහ එම තමන්ට සාපේක්ෂව වඩා වටිනා දෙය හුවමාරු කර ලබා ගැනීමේ හැකියාවක් තිබෙන නිසා. පෙර ලිපියෙහි විස්තර කර ඇති පරිදි මෙවැනි හුවමාරු සතුන් අතර පවා සිදු වෙනවා. හුවමාරුවක් සිදු වීම සඳහා අනෝන්‍ය විශ්වාසයක් අවශ්‍ය වෙනවා. මිනිසුන්-මිනිසුන් අතර මෙන්ම මිනිසුන්-සතුන් හා සතුන්-සතුන් අතර පවා මේ ආකාරයේ අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩ නැගෙන්න පුළුවන්. ඊට හේතුව සහජාශයද නැත්නම් වෙනත් දෙයක්ද කියා මම දන්නේ නැහැ.
සතුන්ටත් වටිනාකම් තිබෙනවා. එම වටිනාකම් ශ්‍රේණිගත කරන්නත් පුළුවන්. එය පර්යේෂණ වලින් තහවුරුව තිබෙන දෙයක්. හුවමාරුවට හේතුව කෙසේ වෙතත් සතුන්ගේ මේ වටිනාකම් වලට හේතුවනම් සහජාශය වෙන්න පුළුවන්. සතුන්ට වටිනාකමක් ඇති සේ තහවුරු වී තිබෙන්නේ සීමිත භාණ්ඩ හා සේවාවන් ප්‍රමාණයක් පමණයි. ඒ අතර ආහාර හා ලිංගිකත්වය ප්‍රධානයි. ඒ නිසා, ආහාර හා ලිංගිකත්වය මිනිසුන්ට වටිනා දේ වී තිබෙන්නේද සහජාශය නිසා කියා හිතන්න පුළුවන්. නමුත් එතැනින් එහාට දේවල් වටිනා දේවල් වී තිබෙන්නේ මිනිසාගේ සමාජ ජීවිතය නිසා. වරින් වර හමු වී තිබෙන කුඩා කල සිටම සතුන් සමඟ හැදී වැටුණු මිනිසුන්ට අවශ්‍ය වන්නේ ආහාර හා ලිංගිකත්වය පමණයි.
ආහාර හා ලිංගිකත්වයෙන් එහාට ඇඳුම් වැනි මූලික දෙයක් පවා සමාජයීය අවශ්‍යතාවයක්. අවශ්‍යතාවය සමාජයීය වුවත්, එම සමාජයීය අවශ්‍යතාවය මත පාදක වූ පුද්ගල කැමැත්තක් මෙහිදී ඇති වෙනවා. පුද්ගලයෙකුට එවැනි භාණ්ඩයක හෝ සේවාවක වටිනාකමක් පෙනෙන්නේත් හුවමාරුවක් සිදු වන්නේත් ඒ නිසා. නමුත් මේ විදිහට ඒකීය පුද්ගල කැමැත්ත පමණක් මත පදනම්ව, වටිනාකම පිළිබඳ තමන්ගේ විශ්වාසය මත යමෙක් ගනුදෙනුවක් සිදු කරන්නේ පාරිභෝගික භාණ්ඩ අත්පත් කර ගැනීමේදී පමණයි. එහිදී වටිනාකමේ මූලය අදාළ භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කිරීමේ හැකියාව හා ඒ සඳහා වන අවශ්‍යතාවය. පරිභෝජන අවශ්‍යතාවයට හේතුව සහජාශය හෝ සමාජයීය කරුණක් වෙන්න පුළුවන්.
වත්කමක් හිමිකර ගැනීම සඳහා ආයෝජනයක් කරද්දී මේ තත්ත්වය වෙනස්. එහිදී වැදගත් වන්නේ හුවමාරු කරන දෙයෙහි තමන්ට ඇති වටිනාකම නෙමෙයි. එහි වටිනාකම පිළිබඳව වෙනත් අයට ඇති වටිනාකම පිළිබඳව තමන්ගේ විශ්වාසය. මිනිසුන් මුදල් ගනුදෙනු කරන්නේද මේ විශ්වාසය පෙරදැරිවයි.
මිනිසුන් අතර මේ ආකාරයේ ගනුදෙනුද සිදුවීමේ ප්‍රතිඵලයක් වන්නේ තමන්ට කිසිසේත්ම වටිනාකමක් නැති දෙයක් හුදෙක් වෙනත් අයෙකුට වඩා වැඩි වටිනාකමක් ඇතැයි යන විශ්වාසයෙන් අත් පත් කර ගැනීම. බොහෝ දෙනෙක් මේ විදිහට හිතද්දී කිසිවෙකුටත් වටිනාකමක් නැති දෙයකට විශාල ඉල්ලුමක් හැදෙන්න පුළුවන්. මිල බුබුළු හැදෙන්නේ මේ විදිහටයි. මෙහිදී ක්‍රියාකාරී වන්නේ සාමූහික විශ්වාසය. එය සමූහයේ ඕනෑම තනි පුද්ගලයෙකුගේ විශ්වාසයට වඩා වෙනස්. අදාළ දෙයෙහි කිසිම කෙනෙකුට වටිනාකමක් නැහැ. නමුත් වෙනත් අයෙකුට වටිනාකමක් ඇතැයි සියල්ලන් විසින්ම හිතනවා. මේ සාමූහික විශ්වාසය අභියෝගයට ලක් වන සීමාවේදී මිල බුබුල බිඳ වැටෙනවා.
මේ ආකාරයේ ගොඩනැගුම් වල ආන්තික තත්ත්වයක් වන පිරමිඩ් ක්‍රම වල ආයෝජනය කරන අය එසේ කරන්නේ වෙනත් අයද එසේ කරනු ඇතැයි යන විශ්වාසයෙන්. මිල බුබුළු හැදීම වගේම පිරමිඩ් ක්‍රම පැවතීම මගින්ද පෙන්නුම් කරන්නේ ධනවාදී ක්රමයේ පවතින ස්වභාවික දුර්වලතාවයක්. මේවා පිරිසිදු ධනවාදී ක්රමයක ලක්ෂණම මිසක් ධනවාදය හරියට ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵල නෙමෙයි. නියාමනය මගින් පිරමිඩ් ක්‍රම පාලනය කිරීම වගේම මිල බුබුළු හැදීම වැළැක්වීමද අපහසු වන්නේ ඒ නිසා.
මේක හින්දා ශ්‍රී ලංකාවයි ඊජීප්තුවයි අතර රාජ්යත්රාන්තරික ගැටීමක් වුණත් ඇතිවෙන්න පුළුවන් නේද ඉකුනෝ
ReplyDelete'රනිල්නම් වූ ගැලවුම්කාරයා'
ReplyDeleteකියලා ඉකොනො ලියපු පොස්ට් එක ගැන දැන් මොකද හිතන්නේ
ඔබ මතක් කළ නිසා නැවත කියවා බැලුවහම 100%ක්ම නිවැරදියි. එම ලිපියේ සංක්ෂිප්ත අදහස "සිම්බාබ්වේ පාරේ නොයන්නනම් එකම විසඳුම වියදම් කපා, ආදායම් වැඩි කරගෙන අයවැය හිඟය තුලනය කර ගැනීම පමණයි." කියන එකයි. පහත ප්‍රතිචාරයක ඇති පරිදි එය නොකර මාස හයකට වඩා රටේ ආර්ථිකය පවත්වා ගැනීමේ හැකියාවක් ඒ වන විට තිබුණේ නැහැ.
Deleteඉකොනොමැට්ටා EconomattaMay 20, 2022 at 11:41 PM
ReplyDeleteමම අදහස් කළේ ලබන සතියේ මැතිවරණයක් පැවැත්විය යුතු බව නෙමෙයි. රනිල් වික්‍රමසිංහට මාස හයක වැනි කාලයක් ඇදගෙන යන්න පුළුවන් වෙයි. ඊට වඩා අදින්න අමාරුයි
ඔව්. අදාළ ලිපියේ දීර්ඝ ලෙස විස්තර කර ඇති පරිදි, විශාල බදු වැඩි කිරීමක් හා වියදම් කැපීමක් නොකර රනිල් වික්‍රමසිංහට මාස හයකට වඩා වැඩි කාලයක් රටේ ආර්ථිකය ඇදගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මගේ යෝජනාව වූයේ එය කළ යුත්තේ මහමැතිවරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බවයි. නමුත් රනිල් වික්‍රමසිංහ එසේ මහජන අනුමැතිය ලබා නොගත් බැවින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසුවත් ඔහුව ප්‍රතික්ෂේප වී ගෙදර යන්න වුනා.
Deleteදැන් ආයේ වතාවක් රනිල් බලයට එන්නේ නැද්ද එතකොට ඉකොනො
Deleteඉකොනෝමැට්ටා මෙහි ඉදිරිපත් කරන ලද පිරමීඩ පිළිබඳව සටහන, ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් තුළ පවතින අධික කලකිරීම, අවිශ්වාසය සහ සමහර විට වාමවාදී මාක්ස්වාදය හෝ දෘෂ්ටිවාදී පදනමක් මත ගොඩනැඟුණු ආත්මීය අදහස් සමුදායක් ලෙස සැලකිය හැකියි. එහි සඳහන් සමහර නිරීක්ෂණ (උදා: ජනප්‍රිය චරිතවලට එල්ල වන විවේචන) පොදු ලක්ෂණ වුවත්, ඒවාට ලබා දී ඇති අර්ථකථන (විශේෂයෙන් "ගුණමකකම" වැනි) ආත්මීය වන අතර, සමස්ත ජාතියක් පිළිබඳ සාමාන්‍යකරණයක් කිරීමට යොදා ගැනීම භයානක විය හැකියි. යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවන්ගෙන් සමාජයේ වෙනසක් සිදුවිය හැකි නමුත්, එය "ජන්ම ගතියක්" ලෙස අර්ථ දැක්වෙන පොදු ලක්ෂණයක් වෙනස් කිරීමට තරම් ප්‍රබල වේද යන්න හෝ කුණු බැනුම් ඇසීමට සිදුවේද යන්න පිළිබඳව නිශ්චිතව කිව නොහැකියි. සමාජ විද්‍යාත්මකව මෙය වඩාත් සංකීර්ණ ලෙස අධ්‍යයනය කළ යුතු විෂයයක්.
ReplyDeleteඅනෙක ලංකාවේ අද වෙන දේවල් දැක්කම, අපේ රට IMF ගිලගත්තු අගාධයකට වැටිලා වගේ දැනෙනවා. මහජන මුදල්, විශේෂයෙන් අමාරුවෙන් ගෙවන බදු, "අස්වැසුම" වගේ වැඩසටහන් හරහා "නිකමුන්ට" බෙදලා දමන "නාස්තිකාර විකාර වැඩ" අපි දැඩිව හෙළා දකිනවා. මෙහෙම සල්ලි නිකන් බෙදද්දී, රටේ ආර්ථිකය දියුණු කරන්න, ව්‍යාපාර දිරිගන්වන්න, රැකියා උත්පාදනය කරන්න සල්ලි ඉතිරි වෙන්නේ නැහැ.
මහ බැංකුවත් මොකද කරන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. එක පැත්තකින් පොලී අනුපාත අඩු කරලා, අමාරුවෙන් හම්බ කරපු සල්ලිවල වටිනාකම කනවා. අනිත් පැත්තෙන් පිරමීඩ ජාවාරම්වලට මිනිස්සු අහුවෙද්දී "බයිලා" ගහනවා. ඇත්තටම, මිනිස්සු පිරමීඩවලට අහුවෙන්නේ මේ වගේ ආර්ථික අස්ථාවරත්වය සහ මුදල් ඉපයීමට ඇති මං නැති වීම නිසයි.
IMF සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති, රටේ පොදු ජනතාව තව තවත් අමාරුවේ දමන, නාස්තිකාර සහ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණයකට මඟ පෑදීලා තියෙනවා. මේක නිසාම රටේ අනාගතය උකස් කරන "විගඩමක්" කියලයි බහුතර ජනතාව හිතෙන්නේ.
මේ "අස්වැසුම" වැනි වැඩසටහන්වල කාර්යක්ෂමතාව සහ ආර්ථික බලපෑම ගැන සහ "අස්වැසුම" වැනි සෘජු මුදල් හුවමාරු වැඩසටහන්, කෙටිකාලීන සමාජ සහනයක් ලබා දුන්නත්, ආර්ථික උත්තේජනය (economic stimulus) සහ දිගුකාලීන ආර්ථික වර්ධනය (long-term economic growth) සඳහා ඒවායේ සැබෑ කාර්යක්ෂමතාව කෙතරම්ද? විශේෂයෙන්, බදු ආදායම මත අධික ලෙස යැපෙන මෙවැනි වැඩසටහන්, උද්ධමනකාරී පීඩනය (inflationary pressure) ඇති කරන්නේ කෙසේද?
ඔය මහ බැංකුව විසින් තැන්පතු පොලී අනුපාත දැඩිලෙස පහත හෙලීම සහ මහබැංකුව වැරදි සමස්ත මූල්‍ය ප්‍රතිපත්ති (monetary policy), පිරමීඩ ජාවාරම් වැනි අවදානම් සහිත ආයෝජන වෙත ජනතාව යොමු වීමට දායක වන්නේ කෙසේද? මූල්‍ය සාක්ෂරතාවය (financial literacy) අඩු පරිසරයක, මහ බැංකුවකට මුදල් ස්ථාවරත්වය සහ මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව අතර සමබරතාවක් පවත්වා ගත හැක්කේ කෙසේද?
ලංකාවේ බදුකරණයේ සාධාරණත්වය සහ ආර්ථික විකෘතිතා සමග රටේ ආර්ථිකය අර්බුදයක පවතින විට, අධික බදු පැනවීම සහ "අස්වැසුම" වැනි සමාජ සුබසාධන වියදම් පවත්වා ගැනීම, ආර්ථික විද්‍යාත්මකව සාධාරණීකරණය කළ හැකිද? මෙම ප්‍රතිපත්ති, නිෂ්පාදන අංශයට (productive sectors) සහ පුද්ගල ආයෝජනවලට බලපාන ආකාරය පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්ද?
විදේශීය භූදේශපාලන අවශ්‍යතා මත කටයුතු කරන IMF වැඩසටහන් සහ දේශීය ප්‍රමුඛතා අතර ගැටුමේදී IMF ණය වැඩසටහන්වල බරපතල කොන්දේසි, ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය යැයි රජය අසත්‍ය ප්‍රචාර ප්‍රකාශ කළත්, ඒවා දේශීය සංවර්ධන ප්‍රමුඛතාවන්ට (උදා: කෘෂිකාර්මික සංවර්ධනය, යටිතල පහසුකම්) බලපාන්නේ කෙසේද? ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල බලපෑම යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති, රටක දීර්ඝකාලීන ස්වෛරී ආර්ථික උපාය මාර්ග (long-term sovereign economic strategy) විනාශ කරන නීසා රටේ ආර්ථිකය කඩාවැටීමට කරන බලපෑම ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
ඉකොනෝමැට්ටා මෙහි ඉදිරිපත් කරන ලද පිරමීඩ පිළිබඳව සටහන, ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් තුළ පවතින අධික කලකිරීම, අවිශ්වාසය සහ සමහර විට වාමවාදී මාක්ස්වාදය හෝ දෘෂ්ටිවාදී පදනමක් මත ගොඩනැඟුණු ආත්මීය අදහස් සමුදායක් ලෙස සැලකිය හැකියි. එහි සඳහන් සමහර නිරීක්ෂණ (උදා: ජනප්‍රිය චරිතවලට එල්ල වන විවේචන) පොදු ලක්ෂණ වුවත්, ඒවාට ලබා දී ඇති අර්ථකථන (විශේෂයෙන් "ගුණමකකම" වැනි) ආත්මීය වන අතර, සමස්ත ජාතියක් පිළිබඳ සාමාන්‍යකරණයක් කිරීමට යොදා ගැනීම භයානක විය හැකියි. යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවන්ගෙන් සමාජයේ වෙනසක් සිදුවිය හැකි නමුත්, එය "ජන්ම ගතියක්" ලෙස අර්ථ දැක්වෙන පොදු ලක්ෂණයක් වෙනස් කිරීමට තරම් ප්‍රබල වේද යන්න හෝ කුණු බැනුම් ඇසීමට සිදුවේද යන්න පිළිබඳව නිශ්චිතව කිව නොහැකියි. සමාජ විද්‍යාත්මකව මෙය වඩාත් සංකීර්ණ ලෙස අධ්‍යයනය කළ යුතු විෂයයක්.
ReplyDeleteඅනෙක ලංකාවේ අද වෙන දේවල් දැක්කම, අපේ රට IMF ගිලගත්තු අගාධයකට වැටිලා වගේ දැනෙනවා. මහජන මුදල්, විශේෂයෙන් අමාරුවෙන් ගෙවන බදු, "අස්වැසුම" වගේ වැඩසටහන් හරහා "නිකමුන්ට" බෙදලා දමන "නාස්තිකාර විකාර වැඩ" අපි දැඩිව හෙළා දකිනවා. මෙහෙම සල්ලි නිකන් බෙදද්දී, රටේ ආර්ථිකය දියුණු කරන්න, ව්‍යාපාර දිරිගන්වන්න, රැකියා උත්පාදනය කරන්න සල්ලි ඉතිරි වෙන්නේ නැහැ.
මහ බැංකුවත් මොකද කරන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. එක පැත්තකින් පොලී අනුපාත අඩු කරලා, අමාරුවෙන් හම්බ කරපු සල්ලිවල වටිනාකම කනවා. අනිත් පැත්තෙන් පිරමීඩ ජාවාරම්වලට මිනිස්සු අහුවෙද්දී "බයිලා" ගහනවා. ඇත්තටම, මිනිස්සු පිරමීඩවලට අහුවෙන්නේ මේ වගේ ආර්ථික අස්ථාවරත්වය සහ මුදල් ඉපයීමට ඇති මං නැති වීම නිසයි.
IMF සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති, රටේ පොදු ජනතාව තව තවත් අමාරුවේ දමන, නාස්තිකාර සහ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණයකට මඟ පෑදීලා තියෙනවා. මේක නිසාම රටේ අනාගතය උකස් කරන "විගඩමක්" කියලයි බහුතර ජනතාව හිතෙන්නේ.
මේ "අස්වැසුම" වැනි වැඩසටහන්වල කාර්යක්ෂමතාව සහ ආර්ථික බලපෑම ගැන සහ "අස්වැසුම" වැනි සෘජු මුදල් හුවමාරු වැඩසටහන්, කෙටිකාලීන සමාජ සහනයක් ලබා දුන්නත්, ආර්ථික උත්තේජනය (economic stimulus) සහ දිගුකාලීන ආර්ථික වර්ධනය (long-term economic growth) සඳහා ඒවායේ සැබෑ කාර්යක්ෂමතාව කෙතරම්ද? විශේෂයෙන්, බදු ආදායම මත අධික ලෙස යැපෙන මෙවැනි වැඩසටහන්, උද්ධමනකාරී පීඩනය (inflationary pressure) ඇති කරන්නේ කෙසේද?
ඔය මහ බැංකුව විසින් තැන්පතු පොලී අනුපාත දැඩිලෙස පහත හෙලීම සහ මහබැංකුව වැරදි සමස්ත මූල්‍ය ප්‍රතිපත්ති (monetary policy), පිරමීඩ ජාවාරම් වැනි අවදානම් සහිත ආයෝජන වෙත ජනතාව යොමු වීමට දායක වන්නේ කෙසේද? මූල්‍ය සාක්ෂරතාවය (financial literacy) අඩු පරිසරයක, මහ බැංකුවකට මුදල් ස්ථාවරත්වය සහ මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව අතර සමබරතාවක් පවත්වා ගත හැක්කේ කෙසේද?
ලංකාවේ බදුකරණයේ සාධාරණත්වය සහ ආර්ථික විකෘතිතා සමග රටේ ආර්ථිකය අර්බුදයක පවතින විට, අධික බදු පැනවීම සහ "අස්වැසුම" වැනි සමාජ සුබසාධන වියදම් පවත්වා ගැනීම, ආර්ථික විද්‍යාත්මකව සාධාරණීකරණය කළ හැකිද? මෙම ප්‍රතිපත්ති, නිෂ්පාදන අංශයට (productive sectors) සහ පුද්ගල ආයෝජනවලට බලපාන ආකාරය පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්ද?
විදේශීය භූදේශපාලන අවශ්‍යතා මත කටයුතු කරන IMF වැඩසටහන් සහ දේශීය ප්‍රමුඛතා අතර ගැටුමේදී IMF ණය වැඩසටහන්වල බරපතල කොන්දේසි, ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය යැයි රජය අසත්‍ය ප්‍රචාර ප්‍රකාශ කළත්, ඒවා දේශීය සංවර්ධන ප්‍රමුඛතාවන්ට (උදා: කෘෂිකාර්මික සංවර්ධනය, යටිතල පහසුකම්) බලපාන්නේ කෙසේද? ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල බලපෑම යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති, රටක දීර්ඝකාලීන ස්වෛරී ආර්ථික උපාය මාර්ග (long-term sovereign economic strategy) විනාශ කරන නීසා රටේ ආර්ථිකය කඩාවැටීමට කරන බලපෑම ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
@ Economatta
ReplyDeleteලංකාවේ මහබැංකුව මේ පිරමීඩ කතන්දර කියමින් රටේ මූල්‍ය ආයතනවලට බලපෑම් එල්ල කරද්දී පුරවැසියන්ට වගේම මහ බැංකුවේ ස්වාධීනත්වය සහ පාර්ලිමේන්තු අධීක්ෂණය අතර හොඳම සමබරතාවය සොයා ගැනීම සෑම රටකටම ඇති ප්‍රධාන අභියෝගයක්.
ලංකාවේ අත්දැකීම් අනුව, මහ බැංකුවට අධික, නිරපේක්ෂ බලයක් පැවරීම භයානක වී ඇති බව ඉතාම පැහැදිලියි. දේශපාලන මැදිහත්වීම්වලින් තොරව තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතු අතරම, එම තීරණවලට වගවීමේ යාන්ත්‍රණයක් තිබීම අත්‍යවශ්‍යයි.
පාර්ලිමේන්තුවට වගකියන, පුළුල් නියෝජනයක් සහිත ආර්ථික කමිටුවක් යනු හොඳ අදහසක් වුවත්, එය දේශපාලනීකරණයෙන් ආරක්ෂා කර ගැනීම සහ නිවැරදි ආර්ථික දැනුම සහිත පුද්ගලයන්ගේ දායකත්වය සහතික කිරීම අභියෝගයක් වේවි. සමහර විට හොඳම විසඳුම වෙන්නේ, ශක්තිමත් වගවීමේ යාන්ත්‍රණ සහිත, නමුත් දේශපාලන බලපෑම්වලින් ආරක්ෂිත, ස්වාධීන මහ බැංකුවක් තිබීම විය හැකියි. එසේත් නැතිනම්, මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කරන ශක්තිමත් පාර්ලිමේන්තු කමිටුවක් තිබීම විය හැකියි.
මෙහිදී, ඇමරිකානු කොන්ග්රස් මණ්ඩලයේ තීරුබදු බලතල පිළිබඳ විවාදය මෙන්, බලය බෙදී යාම සහ සමබරතාවය ඉතා වැදගත්.
මෙම සංකීර්ණ ගැටලුවට තනි, සරල විසඳුමක් නැහැ එය රටේ පවතින දේශපාලන සංස්කෘතිය, ආයතනික ශක්තිය සහ මහජන අපේක්ෂාවන් මත රඳා පවතිනවා නේද?
ලංකාවේ අර්බුදයේදී, මහ බැංකුවේ අධික ස්වාධීනත්වය, විශේෂයෙන්ම 'දණ්ඩමුක්තිය' (impunity) පිළිබඳ කතිතාවක් ද ඇති කරලා 'අති-ස්ථාවර' (hyper-independent) මහ බැංකුවක්, සමාජ-දේශපාලන ප්‍රතිපෝෂණ (socio-political feedback) යාන්ත්රණවලින් ඈත්වීම, දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරත්වයට සහ ප්රජාතන්ත්රවාදී පාලනයට පරිණාමීය අවාසි (evolutionary disadvantages) ඇති කරන්නේ කෙසේද?
එවැනි ආයතනයක්, 'සැඟවුණු පාලන ක්‍රමයක්' (shadow governance) ලෙස ක්‍රියාත්මක වීමේ අවදානම ආර්ථික විද්‍යාත්මකව විශ්ලේෂණය කළ හැකිද?"
එම "ප්‍රඥාවන්ත" තීරණ සහ ආයතනික සැලසුම්කරණය තුලදී "මහ බැංකු ස්වාධීනත්වය යනු 'නිවැරදි තීන්දු ගැනීමට බලය' ලබා දීම වුවද, ලංකාවේ අත්දැකීමෙන් පෙනෙන්නේ, එම 'බලය' සෑම විටම 'ප්‍රඥාවන්ත' තීරණවලට තුඩු නොදෙන බවයි. 'ආයතනික සැලසුම්කරණයේදී' (institutional design), ආර්ථික විද්‍යාත්මක තාර්කිකත්වය (rationality) සහ ප්‍රායෝගික දේශපාලන යථාර්ථයන් (practical political realities) අතර පරතරය අවම කළ හැක්කේ කෙසේද? 'අසාර්ථක වූ ස්වාධීනත්වය' (failed independence) වැනි සංකල්පයක් ආර්ථික විද්‍යාවේදී විග්රහ කළ හැකිද, එසේනම් එහි නිර්ණායක මොනවාද?"
පාර්ලිමේන්තු අධීක්ෂණයේ "දේශපාලනීකරණ" උභතෝකෝටිකය තුල"පාර්ලිමේන්තුවට වගකියන පුළුල් නියෝජනයක් සහිත ආර්ථික කමිටුවක්, මහ බැංකුවේ අධික බලයට විකල්පයක් ලෙස යෝජනා වෙතත්, එවැනි කමිටුවක් 'දේශපාලනීකරණය' වීමේ ඉහළ අවදානමක් පවතින බව ඉකොනෝ අවධාරණය කළා. ආර්ථික තීරණ දේශපාලනීකරණය වීම අවම කර ගනිමින්, පාර්ලිමේන්තු අධීක්ෂණයේ 'ජනතා වගවීම' (public accountability) සහ 'තාක්ෂණික නිපුණත්වය' (technical competence) අතර ප්රශස්ත සමබරතාවය පවත්වා ගත හැකි ආයතනික ආරක්ෂක යාන්ත්‍රණ (institutional safeguards) මොනවාද?"
ආර්ථික"විශේෂඥ ආධිපත්‍යය" සහ ප්රජාතන්ත්රවාදී අඩුව නිසා "මහ බැංකුවක 'විශේෂඥ දැනුම' (expert knowledge) ආර්ථික තීරණ ගැනීමේදී අත්‍යවශ්‍ය වුණත්, එය ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියෙන් ඈත්ව, 'තාක්ෂණික ආධිපත්‍යයක්' (technocratic dominance) බවට පත් විය හැකිද?
ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී 'පුරවැසි සහභාගීත්වය' (citizen participation) සහ 'විනිවිදභාවය' (transparency) ඉහළ නැංවීම සඳහා, මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන පරිදි ක්‍රියාත්මක කරතෑකි, අන්තර් සම්බන්ධිත යාන්ත්‍රණ (interconnected mechanisms) මොනවාද?
රටක 'ආර්ථික ප්රජාතන්ත්රවාදය' (economic democracy) යන සංකල්පය මෙම සන්දර්භය තුළ අර්ථකථනය කළ හැක්කේ කෙසේද?"
"දේශපාලන සංස්කෘතිය" සහ ආයතනික ප්‍රතිසංස්කරණ ආර්ථික ගැටලුවලට සරල විසඳුමක් නොමැති අතර, එය රටේ 'දේශපාලන සංස්කෘතිය' සහ 'ආයතනික ශක්තිය' මත රඳා පවතී.ම ලංකාව වැනි දුබල රටක, රජය සහ මහබැංකුව කෙරේ බරපතල ලෙස මහජන අප්‍රසාදය ඇතිවී විශ්වාසය (trust) ඛාදනය වී ඇති සහ ආයතනික විශ්වසනීයත්වය (institutional credibility) පහළ මට්ටමක පවතින තත්ත්වයක් තුළ, මහ බැංකුවේ ස්වාධීනත්වය සහ වගවීම කියන දෙකම තහවුරු කළ හැකි, 'පහළින්-ඉහළට' (bottom-up) සහ 'ඉහළ-ඉන්පහළට' (top-down) යන දෙයාකාරයෙන්ම ක්‍රියාත්මක විය හැකි, ප්‍රතිසංස්කරණ උපාය මාර්ග මොනවාද? දේශපාලන සංස්කෘතියක්, ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට බලපාන ප්‍රධාන ජීව විද්‍යාත්මක හා මානසික (biological and psychological) සාධක මොනවාද?