ජනප්‍රිය අදහසක් සටහන් කරලා මම මේ ලිපිය පටන් ගන්නම්.
"ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. ඒ නිසා, ඒ පරතරය පියවා ගන්න ලංකාවට ණය ගන්න වෙනවා."
මේ අදහස තුළ ආනයන පාලනය කිරීම ප්‍රශ්නයට විසඳුමක්ය යන ව්‍යංගයද තිබෙනවා.
කරුණක් ලෙස ගත්තොත් ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. එය නිවැරදියි. නමුත් ඒ නිසා ලංකාවට ණය ගන්න වෙනවා කියන එක වැරදි අදහසක් නොවේනම් අවම වශයෙන් යල් පැන ගිය අදහසක්. ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තීබූ පමණින් ලංකාව විසින් ණය ගත යුතු වන්නේ නැහැ. ඒ වගේම, ණය ගැනීම ආනයන හා අපනයන අතර විශාල පරතරයක් නඩත්තු වීමට හේතුවක් මිසක් ඒ සඳහා විසඳුමක් නෙමෙයි.
මේ අදහස වත්මන් සන්දර්භයේදී වැරදි අදහසක් වුනත්, කලකට පෙර පදනමක් තිබුණු අදහසක්. ඒ රන් සම්මතය හෝ වෙනත් එවැනි ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් තිබුණු කාලයේදී. 2001 වසරේ සිට ලංකාවේ තිබෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක්. පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදී මේ පැහැදිලි කිරීම වලංගු නැහැ. ඒ නිසා, දැන් මේ අදහස ලංකාවේ සන්දර්භයේදී යල් පැනගිය අදහසක්.
නිදහස ලබන විට ලංකාවේ රුපියලක වටිනාකම රන් ට්‍රෝයි අවුන්ස 0.00864ක වටිනාකමට සමාන වුනා. ඒ වෙද්දී බ්‍රිතාන්‍ය පවුමක් වටිනාකමෙන් රන් ට්‍රෝයි අවුන්ස 0.11514කටත්, ඇමරිකන් ඩොලරයක් රන් ට්‍රෝයි අවුන්ස 0.02857කටත් සමානයි. මේවා ජාත්‍යන්තර එකඟතා. ඒ අනුව විවිධ රටවල් වල මුදල් ඒකක වල සාපේක්ෂ වටිනාකම් නියතව තිබුණා. බ්‍රිතාන්‍ය පවුමක් ඇමරිකන් ඩොලර් 4.03ක්. රුපියල්නම් 13.33ක්. ඒ අනුව, ඇමරිකන් ඩොලරයක් රුපියල් 3.30ක් වුනා.
ඔය වගේ ක්‍රමයක් තියෙද්දී ආනයන හා අපනයන කවර මුදල් ඒකකයකින් සිදු වුනත් අවසානයේදී මේ ගනුදෙනු රන් වලට හරවන්න පුළුවන්. ලංකාවේ ආනයන වලට වඩා අපනයන වැඩිනම් වෙනස රන් විදිහට ලබා ගන්න පුළුවන්. ඒ ක්‍රමයට රන් සංචිතයක් හදා ගන්න පුළුවන්. කිසියම් වසරක අපනයන වලට වඩා ආනයන වැඩිනම් වෙනස රන් වලින් ගෙවන්න වෙනවා. එවිට රන් සංචිතය පහළ යනවා. පරතරය ගොඩක් වැඩිනම්, ගෙවන්න තරම් සංචිතත් නැත්නම්, වෙනත් රටකින් ණය ගන්න වෙනවා. එහෙම නැත්නම් ආනයන සීමා කරන්න වෙනවා.
ඔය ක්‍රමය තියෙද්දී සංචිතය රන් වලින්ම තියා නොගෙන ඩොලර් හෝ පවුම් වැනි විදේශ මුදලකින් තියා ගන්නත් පුළුවන්කම තිබුණා. මේ මුදල් වර්ග වල වටිනාකම රන් හා බැඳී තිබුණු නිසා දෙකේ වෙනසක් තිබුණේ නැහැ. වැදගත්ම කාරණය මේ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයේදී සක්‍රිය ලෙස නඩත්තු කරන විදේශ සංචිතයක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වීම. ඊට හේතුව මේ ක්‍රමයේදී විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම සමතුලිත නොවීමයි. ඉල්ලුම වැඩිනම් සංචිතයෙන් අරගෙන අඩුව පුරවන්න වෙනවා. සැපයුම වැඩිනම් අමතර ප්‍රමාණය සංචිතයට එකතු කරගන්න වෙනවා. ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් තවමත් තිබෙන මැදපෙරදිග රටවල් ඇතුළු රටවල දැනටත් සිදු වෙන්නේ මේ ක්‍රියාවලිය.
පාවෙන විණිමය අනුපාත ක්‍රමය මීට වඩා වෙනස්. එම ක්‍රමයේ පදනම වන්නේ විදේශ විණිමය සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්න ඉඩ හැරීමයි. මේ වැඩේ හරියටම වෙන්න ඉඩ හරිනවානම් සංචිතයක් කියා එකක් අවශ්‍ය වන්නේම නැහැ. ඒ කියන්නේ මහ බැංකුව විසින් විණිමය වෙළඳපොළට කිසිදු මැදිහත්වීමක් කළ යුතු නැහැ.
අපි හිතමු රටට විදේශ විණිමය ලැබෙන සහ රටෙන් විදේශ විණිමය එළියට යන එකම ආකාර වන්නේ ආනයන සහ අපනයන කියලා. එහෙමනම්, පාවෙන විණිමය අනුපාත ක්‍රමය යටතේ කිසිම ආනයන අපනයන පරතරයක් ඉතිරි වෙන්නේ නැහැ. ආනයන හා අපනයන හරියටම තුලනය වෙනවා. නමුත් ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේනම් ඉතා දුලබ අහම්බයක් සිදු නොවුනහොත්, අනිවාර්යයෙන්ම ආනයන අපනයන පරතරයක් ඉතිරි වෙනවා.
මෙහිදී අපි කතා කරන්නේ මහ බැංකුව විසින් කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් ගැන. එවැනි ක්‍රමයකදී ආනයන කළ හැක්කේ රටට ලැබෙන විදේශ විණිමය වැය කරමින් පමණයි. රටේ විදේශ විණිමය අඩු වෙද්දී රටේ මුදල් ඒකකය දුර්වල වෙනවා. ඒ කියන්නේ රුපියලට ඩොලරයක මිල ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ආනයන සීමා වෙනවා. අපනයන ආදායම් වැඩිනම් ලැබෙන ඩොලර් විකුණද්දී ඩොලරයක මිල පහත වැටෙන නිසා ආනයන ඉල්ලුම ඉහළ යනවා. අවසාන වශයෙන් ආනයන සහ අපනයන තුලනය වෙනවා.
දැන් මේ විදිහට ආනයන අපනයන පරතරයක් නැතිව තුලනය විය හැකි ආර්ථිකයකට ශ්‍රමික ප්‍රේෂණ ලැබුණු විට වෙන්නේ කුමක්ද?
රටට ශ්‍රමික ප්‍රේෂණ විදිහට ඩොලර් ලැබෙන තරමට ඩොලරයක මිල පහළ යනවා. ආනයන ඉල්ලුම ඉහළ යනවා. ආනයන හා අපනයන අතර පරතරයක් ඇති වෙනවා. මෙය නවතින්නේ රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයේ තරමටම ආනයන අපනයන පරතරයක් ඇති වුනාට පස්සේ. ඒ නිසා, පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් තිබියදී රටට ශ්‍රමික ප්‍රේෂණ එනවානම්, ඒ එන ප්‍රමාණයටම ආනයන අපනයන පරතරයකුත් හැදෙනවා.
සංචාරක ඉපැයීම් ලෙස රටට ඩොලර් ලැබෙද්දී වෙන්නෙත් මෙයමයි. ඩොලර් ලැබෙන තරමට ආනයන අපනයන පරතරය ඉහළ යනවා. මේ හේතු නිසා ආනයන අපනයන පරතරයක් ඇති වෙන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඒ වගේම, මේ හේතු නිසා ආනයන අපනයන පරතරයක් හැදිලා එය දිගටම නඩත්තු වුනා කියලා එහි හානියකුත් නැහැ. විස්තර කිරීමේ අරමුණින් පමණක්, රටේ කිසිම නිෂ්පාදනයක් සිදු නොවී ශ්‍රමික ප්‍රේෂණ වලින් පමණක් අවශ්‍ය තරම් ආනයන කරන්න පුළුවන්නම්, ශ්‍රමික ප්‍රේෂණ අඛණ්ඩව ලැබෙන තුරු රටේ ආර්ථිකය අර්බුදයට යන්නේ නැහැ.
නමුත් විදේශ ණය ගත් විට සිදු වෙන්නේ වෙනත් දෙයක්. එහිදීත් විදේශ ණය ලෙස ලැබෙන ඩොලර් නිසා රුපියල ශක්තිමත් වෙනවා. ඩොලරයක මිල අඩු වෙලා ආනයන ඉහළ යනවා. මෙහි තිබෙන වෙනස ණය ලෙස ලබා ගන්නා ඩොලර් පොලියත් සමඟ ආපසු ගෙවිය යුතු වීමයි. එසේ ආපසු ගෙවන අවස්ථාවේදී රටේ ආර්ථිකය අර්බුදයකට යන්න පුළුවන්. ලංකාවට වුනේ ඒකයි. නමුත් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් නැවත ආපසු නොගෙවිය යුතු නිසා ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.
ඉහත පැහැදිලි කළ පරිදි, විදෙස් ණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ආනයන අපනයන පරතරයක් හැදෙනවානම් එය රටට හානිකරයි. නමුත් ශ්‍රමික ප්‍රේෂණ හෝ සංචාරක ආදායම් ලෙස රටට ලැබෙන ඩොලර් නිසා ආනයන අපනයන අතර පරතරයක් හැදෙනවානම් එහි කිසිම වැරැද්දක් නැහැ.
ශ්‍රමික ප්‍රේෂණ නිසා ආනයන අපනයන පරතරය වැඩි වූ ආකාරය සංඛ්‍යාලේඛණ ඇසුරෙන් වුවත් පෙන්වන්න පුළුවන්. ලංකාව පාවෙන විණිමය අනුපාත ක්‍රමයකට ගියේ 2001දී. ඒ අවුරුද්දේ වෙළඳ හිඟය, ඒ කියන්නේ ආනයන අපනයන පරතරය, ඩොලර් මිලියන 1,157ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණු මුදල ඩොලර් මිලියන 1,155ක්. ඒ මුදලින් වෙළඳ හිඟය හරියටම වගේ පියවුනා.
ඉන් පසු වසර වලදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. 2020දී ඩොලර් මිලියන 7,107ක ශ්‍රමික ප්‍රේෂණ ලැබුණා. ඊට අනුරූපව වෙළඳ හිඟයද ඩොලර් මිලියන 6,008 දක්වා ඉහළ ගියා. පසුගිය 2024 වසරේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 6,069ක්. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණු මුදල ඩොලර් මිලියන 6,429ක්.
ශ්‍රමික ප්‍රේෂණ නිසා ඊට සමාන වෙළඳ හිඟයක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් වගේම පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් තුළ අනිවාර්යයෙන්ම සිදු වන දෙයක්. එහි බයවෙන්න දෙයක් නැහැ. ඒ වගේම, මේ හේතුව නිසා ඇති වෙන වෙළඳ හිඟය නැති වෙන්නනම් රටට ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන එකත් නැති වෙන්න ඕනෑ. ඔය දෙකෙන් එකක් විතරක් වෙන්නේ නැහැ.
කෙසේ වුවත්, ලංකාවේ වෙළඳ හිඟයට එකම හේතුව ශ්‍රමික ප්‍රේෂණ නෙමෙයි. උදාහරණයක් විදිහට 2011 වැනි වර්ෂයක් පෙන්වන්න පුළුවන්. ඒ අවුරුද්දේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 9,710ක් වුනත් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණු මුදල ඩොලර් මිලියන 5,145ක් පමණයි. ඒ ප්‍රමාණයට වඩා නොවැඩි වෙළඳ හිඟයක් තිබුණානම් ඒකේ අවුලක් නැහැ. නමුත් වෙළඳ හිඟය තිබුණේ ඊට වඩා ගොඩක් ඉහළින්. ඊට හේතුව රජය විසින් විශාල ලෙස ණය ගැනීම. ණය වලින් ආනයන කිරීමේ ප්‍රශ්නය ගත් ණය පසුව ආපසු ගෙවන්න සිදු වීම. ගෙවන්න වෙන්නේ පොලියත් එක්කයි.
දැන් ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව ආනයන අපනයන පරතරය නැති කිරීමේ ඉලක්කයක් නැහැ. එවැනි ඉලක්කයක් තියා ගන්න අවශ්‍යත් නැහැ. නමුත් ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක ඉපැයීම් ඇතුළු අනෙකුත් ක්‍රම වලින් රටට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයට වඩා විශාල වෙළඳ හිඟයක් තියෙනවානම් පමණක් එය ප්‍රශ්නයක් වෙනවා. වාහන ආනයන කරන්නේ මේ විදිහට උපයන ඩොලර් වලින්. ඒ නිසා වෙළඳ හිඟය සීමාව ඉක්මවා යන්නේ නැහැ. වාහන ආනයන සඳහා සංචිත වැය කරන්න අවශ්‍ය වන්නේත් නැහැ. වාහන ආනයන නිසා රටේ ආර්ථිකය නැවත අස්ථාවර වෙන්නෙත් නැහැ.
නමුත් මේ හැම දෙයක්ම ප්‍රශ්නයක් නොවෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ පමණයි. ඒ ක්‍රමය යටතේදී වාහන ආනයන ඕනෑවට වඩා ඉහළ ගියොත් ඩොලර් ඉල්ලුම වැඩි වීම නිසා ඩොලරයක මිල ඉහළ යනවා. එවිට වාහන සඳහා තිබෙන ඉල්ලුම අඩු වෙනවා. යම් හෙයකින් මහ බැංකුව විසින් එසේ ඩොලරයක මිල ඉහළ යාම වලක්වන්න උත්සාහ කළොත් පමණක් සංචිත නාස්ති වෙන්න පුළුවන්.
ඉකොනො
ReplyDeleteඇ.එ.ජ. තීරුබදු, ජාතික ජන බලවේග රජයේ බදු බර සහ ගෙවුම් ශේෂ අර්බුදය - ද්විත්ව පහරකින් මිරිකෙන ලංකාව ගැන කතන්දරේ මෙහෙමයි
ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර කරමින්, රටේ අපනයන අංශයටත්, සාමාන්‍ය ජනතාවටත් දැවැන්ත පහරක් ලෙස එක්සත් ජනපදය විසින් පනවන ලද අධික 30%ක තීරුබදු බර සහ ජාතික ජන බලවේග (එන්පීපී) රජය විසින් ජනතාව මත පටවා ඇති අධික බදු බර සැලකිය හැකියි.
මේ ද්විත්ව පීඩනය නිසා රටේ වෙළඳ ශේෂය සහ ගෙවුම් ශේෂය (Balance of Payments - BoP) තවදුරටත් ගැඹුරු අර්බුදයකට ඇදෙමින් පවතින බව ආර්ථික විද්‍යාත්මකව පැහැදිලියි.
1. ඇමරිකානු එක්සත් ජනපදයේ 30%ක තීරුබදු බර - අපනයන ආදායමට මරු පහරක්!
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 30%ක අධික තීරුබදු පැනවීමට කටයුතු කර තිබෙනවා. මෙය 2025 අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මුලින් 44%ක් ලෙස යෝජනා වූ මෙය දැන් 30% දක්වා අඩු වූවද, මෙය ශ්‍රී ලංකාව වැනි කුඩා, අපනයන මත දැඩිලෙස පදනම් වූ ආර්ථිකයකට එල්ල වන දැවැන්ත පහරක්.
ආර්ථික විද්‍යාත්මක බලපෑම:
අපනයන ආදායම අඩුවීම: ඇඑජ යනු ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළඳපොළයි, විශේෂයෙන්ම ඇඟලුම් සඳහා. 30%ක තීරුබද්දක් නිසා ලංකාවේ නිෂ්පාදන ඇමරිකානු වෙළඳපොළේදී අතිශයින් මිල අධික වන අතර, වියට්නාමය (20%), බංග්ලාදේශය (25%), තායිලන්තය (26%) වැනි තරඟකාරී රටවල්වලට වඩා බරපතල ලෙස අවාසි සහගත තත්ත්වයකට ලංකාව පත් වෙනවා. මෙය ලංකාවේ අපනයනවලට ඇති ඉල්ලුම (Export Demand) තියුණු ලෙස පහත වැට්ටවීමට හේතු වේවි.
වෙළඳ ශේෂය තවදුරටත් පිරිහීම:
මේ අපනයන ආදායම අඩු වීමත් සමඟ, රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය අඩු වනවා. මෙය දැනටමත් වෙළඳ හිඟයක් පවතින ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂය (Trade Balance) තවදුරටත් අයහපත් අතට හැරවීමට සෘජුවම බලපානවා.
රැකියා අහිමිවීම්: ඇඟලුම් අංශය වැනි අපනයන කර්මාන්ත විශාල පම්මණයක් සපයනවා. මෙම තීරුබදු නිසා අපනයන ඇනහිටියහොත්, 50,000කට ආසන්න රැකියා ප්‍රමාණයක් අහිමි විය හැකි බවට විග්‍රහකයන් අනතුරු අඟවා තිබෙනවා.
විදේශ විනිමය සංචිතවලට බලපෑම: අපනයන ආදායම අඩු වීමෙන් රටේ විදේශ විනිමය සංචිත (Foreign Exchange Reserves) තවදුරටත් ක්ෂය වීමේ අවදානමක් පවතිනවා. මෙය අත්‍යවශ්‍ය ආනයන (ඉන්ධන, ඖෂධ, ආහාර) සඳහා දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
2. ජාතික ජන බලවේග රජයේ අධික බදු බර - ජනතා නොසතුට
එක්සත් ජනපදයේ තීරුබදු අර්බුදයත් සමඟම, ජාතික ජන බලවේග රජය විසින් ජනතාව මත පනවා ඇති අධික බදු බර තත්ත්වය තවත් බරපතළ කර තිබෙනවා. "රට ගොඩනඟනවා" කී රජය කරමින් සිටින්නේ, ජනතාව තව තවත් අසරණ කරන එක බවටයි බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ.
මේවායේ ආර්ථික බලපෑම:
Deleteඅඩු වන ඉවත දැමිය හැකි ආදායම (Disposable Income): ආදායම් බදු, වැට් බදු (VAT) වැනි බදු දැඩි ලෙස වැඩි කිරීම නිසා සාමාන්‍ය ජනතාවගේ ඉවත දැමිය හැකි ආදායම විශාල ලෙස අඩු වී තිබෙනවා. මාසික ආදායම රුපියල් ලක්ෂයක් ඉක්මවන්නේ නම් පවා දැන් බදු ගෙවීමට සිදුවීම, මධ්‍යම පාන්තිකයන්ට දැවැන්ත පහරක්.
ජීවන වියදම ඉහළ යාම: වැට් බදු වැඩිවීම සෘජුවම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ දමනවා. මෙය දැනටමත් ඉහළ උද්ධමනයකින් පීඩාවට පත් වී සිටින ජනතාවට දරාගත නොහැකි බරක් වී තිබෙනවා.
ඉල්ලුම පහත වැටීම: ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වීම නිසා, දේශීය වෙළඳපොළේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම (Aggregate Demand) පහත වැටෙනවා. මෙය දේශීය ව්‍යාපාර අඩපණ වීමටත්, රැකියා අහිමිවීම් වැඩි වීමටත් හේතු වෙනවා.
ව්‍යාපාර අඩපණ වීම: අධික බදු බර ව්‍යාපාරවලට (විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ) දැඩි බලපෑමක් කරනවා. මෙහෙයුම් පිරිවැය ඉහළ යාම, ලාභ අඩු වීම, සහ නව ආයෝජන සඳහා දිරිගැන්වීමක් නොමැතිකම නිසා ව්‍යාපාර වසා දැමීමට හෝ මෙහෙයුම් කප්පාදු කිරීමට පෙළඹෙනවා.
ලංකාවේ "බුද්ධි ගලනය" උග්‍රවීම: අධික බදු බර සහ ජීවන වියදම හේතුවෙන්, රටේ දක්ෂයින්ට, උගත් වෘත්තිකයන්ට ලංකාවෙ ජීවත් වීමට අපහසු වී තිබෙනවා. ඔවුන් විදේශගත වීමට පෙළඹීමෙන් රටට අහිමි වන්නේ අනාගත සංවර්ධනයට අත්‍යවශ්‍ය මානව සම්පතයි.
3. ගෙවුම් ශේෂ අර්බුදය
ඇමරිකානු තීරුබදු සහ දේශීය බදු බර යන සාධක දෙකම එකට ක්‍රියාත්මක වීමෙන්, ලංකාවේ ගෙවුම් ශේෂය දරුණු අර්බුදයකට තල්ලු වෙමින් පවතිනවා. ගෙවුම් ශේෂය යනු රටක් සහ ලෝකයේ අනෙකුත් රටවල් අතර සිදුවන සියලුම මුදල් ගනුදෙනු වාර්තා කරන ක්‍රමවත් වාර්තාවයි. මෙහි හිඟයක් ඇතිවීම රටක ආර්ථික ස්ථාවරත්වයට ඉතා භයානකයි.
වත්මන් අර්බුදයේ තත්ත්වය:
වෙළඳ හිඟය වර්ධනය: 2025 මැයි වන විටත් ආනයන වියදම් (විශේෂයෙන්ම පුද්ගලික වාහන ආනයන වැඩිවීම 1,610.6% - 3,300% වැනි අතිවිශාල වර්ධනයක් පෙන්නුම් කිරීම) ඉහළ යාම සහ අපනයන එම වේගයට සාපේක්ෂව ඉතාම සෙමින් වැඩිවීම සහ ඉදිරියේ ඍණ වර්ධනයක් වීමටත් නියමිත නිසා වෙළඳ හිඟය දැඩිලෙස වැඩි වී තිබෙනවා. ඇමරිකානු තීරුබදු මේ තත්ත්වය තවත් භයානක කරනවා.
විදේශ විනිමය ප්‍රවාහයට ද්විත්ව පහරක්:
අපනයන ආදායම අඩු වීම: ඇමරිකානු තීරුබදු නිසා අපනයන ආදායම කඩා වැටෙනවා.
විදේශ ප්‍රේෂණ පහත වැටීමේ අවදානම: දේශීය ආර්ථිකයේ පවතින අස්ථාවරත්වය සහ විදේශගත වන ශ්‍රමිකයන්ට නව බදු පැටවීම් වැනි සාධක, විදේශ ප්‍රේෂණ (remittances) නිල මාර්ග ඔස්සේ රටට ගලා ඒම අඩාල කළ හැකියි.
සෘජු විදේශ ආයෝජන (FDI) ඇදගැනීමට අභියෝග: ඉහළ බදු, ප්‍රතිපත්තිවල අස්ථාවරත්වය සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් නිසා ශ්‍රීලංකාවට සෘජු විදේශ ආයෝජන ඇදගැනීම දුෂ්කර වී තිබෙනවා.
ණය සේවාකරණයේ පීඩනය: දැනට ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු වුවත්, ඉදිරියේදී (එය අවසන් වූ පසු) විදේශ ණය සේවාකරණය (debt servicing) සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රවාහයක් නොමැති වීමෙන්, රට නැවත ණය පැහැර හැරීමේ (debt default) අවදානමකට තල්ලු විය හැකියි. මෙය ගෙවුම් ශේෂ අර්බුදය තව තවත් උග්‍ර කරනවා.
මුදල් අවප්‍රමාණය වීමේ අවදානම: විදේශ විනිමය හිඟය නිසා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ ප්‍රබල අවදානමක් පවතිනවා. මෙය ආනයන මිල ගණන් තවත් ඉහළ දමා, ජනතාවට දැනෙන උද්ධමනය වැඩි කරයි.
ලංකාවේ ජනතාව සහ ආර්ථිකය
ඇමරිකානු තීරුබදු යනු බාහිර බලපෑමක් වුවද, එයට මුහුණ දීමට ශක්තිමත් ආර්ථික පදනමක් සහ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති අත්‍යවශ්‍යයි. නමුත්, වත්මන් ජාතික ජන බලවේග රජය අධික බදු පැනවීම මගින් ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය හූරා කමින්, දේශීය ආර්ථිකය අඩපණ කරමින් සිටිනවා.
මේ ද්විත්ව පහර හමුවේ, ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂය සහ ගෙවුම් ශේෂය දරුණු ලෙස පිරිහී, රට නැවත අගාධයකට ඇදී යාමේ භයානක තත්ත්වයකට මුහුණ දී සිටින බව පැහැදිලියි.
මේ නිසා මගේ අදහස වහාම මෙවැනි ප්‍රතිපත්ති රටට සහ ජනතාවට කෙතරම් සාධාරණද යන්න පිළිබඳව නැවත සිතා බදු ප්‍රතිපත්තිය සහ අපනයන සහ ආනයන පිළිබඳව මූලෝපායික සැලැස්ම සම්පූර්ණයෙන්ම වෙනස්කළ යුතුමයි!
එකෝන්
ReplyDeleteමට මෙහෙම දේවල් ටිකක් ගැන විස්තර දැනගන්න ඕනේ
01.ඇත්තටම මේ ගෙවුම් ශේෂ අර්බුදය හුදෙක් බාහිර කම්පනවල ප්‍රතිඵලයක්ද, නැතහොත් එය දශක ගණනාවක් තිස්සේ පැවති ව්‍යුහාත්මක අසමතුලිතතාවන්ගේ (structural imbalances) ප්‍රතිඵලයක්ද?
දැනට ක්‍රියාත්මක IMF වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි වත්මන් විසඳුම් කෙටි කාලීන ස්ථායිතාවයක් ගෙන ආවත්, අපනයන පදනම පුළුල් කිරීමේ (export diversification), ආනයන ආදේශනයේ (import substitution) සහ විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණයේ පවතින ගැටලු සැලකිල්ලට ගත් විට, මෙම විසඳුම් දීර්ඝ කාලීනව ගෙවුම් ශේෂ අතිරික්තයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් වේ යැයි ඔබ සිතනවාද? එසේ නොමැති නම්, එළඹිය යුතු මීළඟ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මොනවාද?
2. එක්සත් ජනපද තීරුබදු සහ අපනයන අංශයේ අනාගතය
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා අපනයන සඳහා පැනවීමට නියමිත 30%ක තීරුබද්ද, ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළට (විශේෂයෙන් ඇඟලුම් අංශයට) එල්ල කරන සෘජු බලපෑමට අමතරව, ලංකාවේ සමස්ත අපනයන උපාය මාර්ගයට (export strategy) සහ ගෝලීය සැපයුම් දාමයන්හි (global supply chains) ලංකාවේ ස්ථානයට ඇති විය හැකි දීර්ඝ කාලීන බලපෑම් ඔබ දකින්නේ කෙසේද? මෙම තත්ත්වය හමුවේ, GSP+ වැනි දැනට පවතින වෙළඳ වාසි මගින් හෝ නව වෙළඳ ගිවිසුම් (FTAs) මගින් මෙම තීරුබදු බරෙහි බලපෑම අවම කර ගත හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?
3. අධික දේශීය බදු බරෙහි දේශීය ආර්ථිකයට ඇති අවපාත බලපෑම (Recessive Impact) නැතිනම් ලංකාවේ ජාතික ජන බලවේග රජය විසින් පනවා ඇති අධික ආදායම් බදු සහ වැට් බදු වැනි පියවර, රජයේ ආදායම ඉහළ නැංවීමට (fiscal coconsolidation) පැනවුවා වුවද, ඒවා සමස්ත ආර්ථිකයේ ඉල්ලුම (aggregate demand) සහ පරිභෝජනය (consumption) පහත හෙළීම මගින් ආර්ථික වර්ධනයට (economic growth) සෘණාත්මකව බලපාන බව බොහෝ දෙනා පෙන්වා දෙනවා. මෙම "Recessive Impact" වල ස්වභාවය සහ එය ව්‍යාපාර අංශයට (business sector) කෙලෙස බලපාන්නේද? මෙම බදු ප්‍රතිපත්ති මගින් රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගනිමින්ම, ආර්ථික වර්ධනයට දිරිදෙන සුළු බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් මොනවාද?
4. ව්‍යාපාර අංශය මුහුණ දෙන ද්විත්ව අභියෝගය සහ එහි ප්‍රතිවිපාක ගත්තොත් මේ නව තීරුබදු නිසා අපනයන ව්‍යාපාරවල තරඟකාරීත්වය අඩුවීම සහ දේශීයව පනවා ඇති අධික බදු බර නිසා දේශීය ව්‍යාපාරවල මෙහෙයුම් පිරිවැය ඉහළ යාම නම් ද්විත්ව අභියෝග හමුවේ, ලංකාවේ ව්‍යාපාරික පරිසරයට (business environment) සිදුවන විනාශය ඔබ දකින්නේ කෙසේද? විශේෂයෙන්ම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) මෙම පීඩනයට ඔරොත්තු දීමට ගන්නා උපාය මාර්ග මොනවාද? තවදුරටත්, මෙය විරැකියාව (unemployment) සහ ආර්ථිකයේ වර්ධන විභවය (growth potential) කෙරෙහි ඇති කරන දීර්ඝ කාලීන බලපෑම් මොනාද?
Cont'd
Cont'd
Delete5. ලංකාවේ "බුද්ධි ගලනය" (Brain Drain) සහ මානව ප්‍රාග්ධනයේ අනාගතය ගත්තාම මේ අධික බදු බර, අධික ජීවන වියදම සහ ආර්ථික අවිනිශ්චිතතාව නිසා ලංකාවේ දක්ෂයින්, වෘත්තිකයන් සහ උගත් තරුණයින් සැලකිය යුතු පිරිසක් විදේශගත වීමේ "බුද්ධි ගලනය" උග්‍ර වී තිබෙනවා. මෙය රටේ මානව ප්‍රාග්ධන සංචිතයට (human capital stock) සහ අනාගත ආර්ථික සංවර්ධන අපේක්ෂාවන්ට කෙලෙස බලපායිද? ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින්, මෙම බුද්ධි ගලනය නැවැත්වීමට හෝ එහි සෘණාත්මක බලපෑම් අවම කිරීමට ගත හැකි වඩාත් ඵලදායී ප්‍රතිපත්තිමය පියවර මොනවාද? (උදා: විශේෂ බදු සහන, රැකියා උත්පාදනය, ජීවන තත්ත්වය උසස් කිරීම වගේ ඒවා).
6. ගෙවුම් ශේෂය ස්ථායි කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති (Monetary Policy) සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති (Fiscal Policy) අතර සමතුලිතතාවය
පවතින ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති (උදා: පොලී අනුපාත කළමනාකරණය) සහ රජයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති (උදා: බදු, වියදම්) අතර වඩාත් සුදුසු සමතුලිතතාවය (optimal balance) විය යුත්තේ කුමක්ද? උද්ධමනය පාලනය කිරීමට දැඩි මුදල් ප්‍රතිපත්ති සහ රාජ්‍ය ආදායම වැඩි කිරීමට දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, සමස්ත ආර්ථිකයටම හැකිලීමේ (contractionary) බලපෑමක් ඇති කරනවා නේද? මෙම ප්‍රතිපත්ති දෙක එකිනෙක අනුපූරක වන ආකාරයෙන් ක්‍රියාත්මක කරමින්, ගෙවුම් ශේෂ හිඟය පාලනය කර ආර්ථික වර්ධනයට දිරිදීමට ඇති අවකාශය කුමක්ද?
7. ජාතික ජන බලවේග රජයේ ආර්ථික දැක්ම සහ විශ්වසනීයත්වය ගැන ලංකාවේ ජනතාවටත් බරපතල ලෙස සැක පහල වී ඇති මොහොතක මේ පවතින අභියෝග හමුවේ, ජාතික ජන බලවේග රජය ඉදිරිපත් කරන ආර්ථික දැක්ම සහ ප්‍රතිපත්ති, ගෝලීය ආයෝජකයින් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන (උදා: IMF, World Bank) තුළ කොතරම් විශ්වසනීයත්වයක් (credibility) ගොඩනගාගෙන තිබෙනවාද? ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින්, ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට දීර්ඝ කාලීන ස්ථාවරත්වයක් සහ වර්ධනයක් ගෙන ඒමේ හැකියාව තිබේද? නැතහොත්, මේවා තවත් කෙටි කාලීන, වේදනාකාරී විසඳුම් පමණක්ද? දැනටමත් ජනතාවට ආණ්ඩුව එපා වී ඇති පසුබිමක ජනතා සහයෝගය සහ ආයෝජක විශ්වාසය නැවත දිනා ගැනීම සඳහා, ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සැලැස්මේ වඩාත් අවධානය යොමු කළ යුත්තේ කුමන අංශ කෙරෙහිද?
1. ඔය දෙකේම එකතුවක්. ව්‍යුහාත්මක අසමතුලිතතා නොතිබුණානම් බාහිර කම්පන වලට පහසුවෙන් මුහුණ දෙන්න තිබුණා. බාහිර කම්පන ආවේ නැත්නම් එවැන්නක් එන තුරු ව්‍යුහාත්මක අසමතුලිතතා එකක්ම ඇදගෙන යන්න පුළුවන් වෙනවා.
Delete2. තරමක් සංකීර්ණ ප්‍රශ්නයක්,
3. මේ මොහොතේ පළමු ඉලක්කය විය යුත්තේ බදු ආදායම් අවශ්‍ය ප්‍රමාණයට වැඩි කර ගැනීමයි. වසර දෙක තුනකින් පසුව යම් වෙනස්කම් කරන්න පුළුවන් වෙයි.
4. මම විශාල ප්‍රශ්නයක් දකින්නේ නැහැ. පොලී අනුපාතික අඩුවීම, ඩොලරයක මිල අඩුවීම ආදී හේතු නිසා පිරිවැය අඩුවීමකුත් තියෙනවනේ.
5. එසේ කළ යුතුයි කියා මම හිතන්නේ නැහැ. ලංකාව සතුව මානව ප්‍රාග්ධනය ඕනෑවටත් වඩා තියෙනවා. නැත්තේ එම මානව ප්‍රාග්ධනය කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා අවශ්‍ය භෞතික ප්‍රාග්ධනයයි.
6. ආර්ථිකය හැකිලීමක් වෙන්නේ නැහැනේ. අඩු වේගයකින් වුවත් වර්ධනය වෙනවා.
7. ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන මම නිශ්චිතව දන්නේ නැහැ.