වෙබ් ලිපිනය:

Tuesday, January 22, 2019

1800 ගෙදර හා 2017 ගෙදර



උඩින් තිබෙන ඡායාරූප දෙක සහිත පෝස්ටුව මේ වන විට බුකියේ බොහෝ දෙනෙකු අත හුවමාරු වී තිබේ. කියන විදිහට එහි උඩින් තිබෙන්නේ 1800 අවුරුද්දේදී ලංකාවේ නිවසකි. පහළින් තියෙන්නේ 2017 ලංකාවේ නිවසකි. නිවෙස් දෙකම පොල් අතු සෙවිලි කළ, කටු මැටි ගැසූ නිවෙස්ය. සසඳා බැලූ විට 1800 නිවස 2017 නිවසට වඩා වර්ග ප්‍රමාණයෙන් තරමක් හෝ ලොකු එකක් බව පෙනේ. ඒ අනුව, මෙය සකස් කළ පුද්ගලයා විසින් පෙන්වන්නට හදන්නේ 1800-2017 අතර කාලයේ ලංකාවේ ජීවන තත්ත්වය අයහපත් අතට මිස යහපත් අතට හැරී නොමැති බවයි. එසේ නොමැතිනම් අවම වශයෙන් රටේ දුප්පතා එතැනම බව පෙන්වීමේ උත්සාහයක් මෙහි තිබේ. මෙය බෙදා හදාගෙන තිබෙන හා මෙයට කැමැත්ත පළ කරන ඇතැම් අයද එසේ සිතනවා වන්නට පුළුවන. එසේ නැත්නම් යුගයේ ජනප්‍රිය පුරුද්ද අනුව වැඩිදුර නොසිතා මෙය ප්‍රචාරය කළා විය හැකිය.

පළමුව, මෙහි පළමු ඡායාරූපය ලංකාවේ 1800 නිවසක් වීමේ හැකියාවක් නැත. ඒ වන විට මෙවැනි ඡායාරූප ගැනීමේ තාක්ෂනය ප්‍රචලිතව තිබුණේ නැත. ලංකාවේ මුල්ම ඡායාරූප 1840 පමණ කාලයේ ඒවාය. සාපේක්ෂව හොඳ මට්ටමේ මුල්ම ඡායාරූප 1850 හෝ පසු වසරකදී ගත් ඒවාය.

ඉහත ඡායාරූපයේ වඩා පැහැදිලි කොපියක් ලංකාපුර වෙබ් අඩවියේ තිබේ. එහෙත්, ඡායාරූපය පිළිබඳ වැඩිමනත් තොරතුරක් එහි නැත. මේ ඡායාරූපය වැඩිම වුනොත් දහනවවන සියවසේ දෙවන භාගයේදී ගත් එකක් මිස ඊට වඩා පැරණි එකක් නොවේ. කෙසේ වුවත්, එයින් 1800 පමණ කාලයේ ලංකාවේ සාමාන්‍ය නිවසක් නිරූපණය වන්නේය යන්න පිළිබඳව බොහෝ දෙනෙකු එකඟ වනු ඇත.

කියන විදිහට දෙවන නිවස 2017 වසරේදී ලංකාවේ නිවසකි. එම වසරේදී මෙන්ම අදටත් මෙවැනි නිවෙස් යම් ප්‍රමාණයක් ලංකාවේ නැතුවා නොවේ. ඒ නිසා, ඡායාරූප දෙක පිළිබඳව විශාල ගැටළුවක් නැත.

දහනවවන සියවස මුලදී ලංකාවේ ගෙවල් වැඩි ප්‍රමාණයක් උඩ ඡායාරූපයේ තිබෙන ආකාරයේ ගෙවල් විය. විසිවන සියවස මුලදීද එවැනි ගෙවල් විශාල ප්‍රමාණයක් තිබුණේය. මා කුඩා කළ, 1970 දශකයේදී වුවද ලංකාවේ ඇතැම් ගම් වල බොහෝ නිවෙස් ඉහත ආකාරයේ ඒවා විය.

එහෙත්, අද තත්ත්වය එසේ නැත. දෙවන ඡායාරූපයේ තිබෙන ආකාරයේ නිවෙස් අදටත් ලංකාවේ තිබෙතත් ඒ සුළු ප්‍රමාණයකි. අද එවැනි නිවෙසක් හොයා ගැනීම එතරම් පහසු නැත. 1800 නිවෙස කෙසේ වෙතත් 2017 නිවෙස කිසිසේත්ම එම වසරේ ලංකාවේ සාමාන්‍ය නිවෙසක් නිරූපණය කරන්නේ නැත.

අනෙක් අතට 1800 සිට වසර සියයක්, පන්සියයක් හෝ දහසක් පසුපසට ගියද ලංකාවේ සාමාන්‍ය නිවෙසක් ලෙස බොහෝ විට හමු වනු ඇත්තේ උඩ ඡායාරූපයේ දැකිය හැකි ආකාරයේ නිවෙසකි. ඒ තත්ත්වය සියවස් ගණනාවක් තිස්සේ වෙනස් වුනේ නැත. ඊට වඩා හොඳ ගෙයක් හදා ගැනීමට හැකි ආර්ථික ශක්තියක් ඒ කාලයේ ලංකාවේ සාමාන්‍ය ගැමියෙකුට තිබුණේ නැත. එවැනි හැකියාවක් තිබුණේනම් ඒ විශාල ඉඩම් හිමියන්, ප්‍රාදේශීය පාලකයින් වැනි සීමිත පිරිසකට පමණි. ඉතිරි බහුතරයට තිබුණේ නොමැරී ජීවත් වීමට ප්‍රමාණවත් යැපුම් මට්ටමේ ආදායමක් පමණි.

ආසන්න වශයෙන් දහනවවන සියවසේ මුල පටන් ඉහත තත්ත්වය වෙනස් වෙන්නට පටන් ගත්තේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය වෙනුවට මිනිසුන් අතර නිදහස් ගණුදෙනු ප්‍රචලිත වන්නට පටන් ගැනීමත් සමඟය. ඒ සමඟම ලෝකයේ අනෙක් රටවල මෙන්ම ලංකාවේ මිනිසුන් අතේද වඩා හොඳ ගෙයක් වෙනුවෙන් යෙදවිය හැකි අතිරික්ත ප්‍රාග්ධනයක් ඉතිරි විය. නමුත්, රටේ සියළු දෙනාම එක වර මේ පියවර තැබුවේ නැත. ඒ නිසා, රටේ සියලුම පොල් අතු ගෙවල් එකවර උළු ගෙවල් වුනේ නැත. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ කෙසේ වුවත්, ලංකාවේ ගම්බද ගෙවල් බොහොමයක් වඩා හොඳ ගෙවල් බවට පත් වූයේ 1980 පමණ සිට ගම්බද කාන්තාවන් ඇඟලුම් කම්හල් රැකියා හා මැදපෙරදිග රැකියා ආදිය හරහා ශ්‍රම බලකායට එක් වන්නට පටන් ගැනීමට සමාන්තරවය.

දහනවවන සියවස මුලදී ලංකාවේ උළු සෙවිලි කළ ගෙවල් තිබුණේ 20,000ක් පමණ ප්‍රමාණයකි. රටේ ජනගහනයෙන් අති මහත් බහුතරය ජීවත් වූයේ උඩ පළමු ඡායාරූපයේ ඇති ආකාරයේ නිවෙසකය. ඒ වන විට වැලි හා බොරළු ඇතිරූ පාරවල් මිස ගල් දැමූ පාරවල් කිසිවක් රටේ තිබුණේ නැත. වාහන කියා රටේම තිබුණේ කරත්ත 50ක පමණ ප්‍රමාණයකි.

සියවසේ අවසානය කිට්ටුව 1893 වසර වෙද්දී රටේ උළු සෙවිලි කළ ගෙවල් ප්‍රමාණය 550,000ක් විය. ගල් ඇතිරූ පාරවල් සැතපුම් 1,450ක් හා දුම්රිය මාර්ග සැතපුම් 265ක් හැදී තිබුණේය. රටේ ප්‍රධාන නගර බොහොමයක් කරත්ත පාරවල් වලින් යා වී තිබුණු අතර රටේ කරත්ත ප්‍රමාණය 25,000 දක්වා ඉහළ ගොස් තිබුණේය. මේ මාර්ග පද්ධතියේ උදවුවෙන් වැඩි වැඩියෙන් නිදහස් ගනුදෙනු සිදුවිය.

පසුගිය 2017 වසර වෙද්දී රටේ දුම්රිය මාර්ග පද්ධතිය කිලෝමීටර 1,562ක්ද, අධිවේගී මාර්ග කිලෝමීටර 170ක්ද, අනෙකුත් ප්‍රධාන මාර්ග කිලෝමීටර 12,210ක්ද හැදී රටේ ගම් නියම් ගම් සියල්ලම වාගේ ජාතික ආර්ථිකය සමඟ බද්ධ වී තිබුණේය. කාර් 756,856ක්, ත්‍රිරෝද රථ 1,139,524ක්, මෝටර් සයිකල් 4,044,010ක් ඇතුළුව මෝටර් වාහන 7,247,122ක් මේ මාර්ග වල ධාවනය විය. රටේ ගෙවල් වලින් 99.3%කටම විදුලි බලයද, 88.8%කට පානීය ජල පහසුකම්ද (49.2%කට පයිප්ප වතුරද) තිබුණේය. ඔය අතරේ ඉහත දෙවන රූපයේ පෙනෙන ආකාරයේ ගෙවල් යම් ප්‍රමාණයක්ද තවමත් ඉතිරිව තිබෙනවා විය හැකි වුවත් එවැනි නිවෙසකින් කිසිසේත්ම වත්මන් ලංකාවේ ජනජීවිතය නිරූපණය වන්නේ නැත. එවැනි නිවෙසක් දැන් හොයා ගත යුත්තේ ඉතා අසීරුවෙනි.

ඒ නිසා ඇත්තටම මේ ඡායාරූප දෙකෙන් පෙන්වන්නේ ඉතිහාසයට සාපේක්ෂව පසුගිය දෙසියවස තුළ ලංකාවේ ජන ජීවිතයේ දැකිය හැකි සුවිශාල ප්‍රගතියයි.

30 comments:

  1. 'ඒ නිසා ඇත්තටම මේ ඡායාරූප දෙකෙන් පෙන්වන්නේ ඉතිහාසයට සාපේක්ෂව පසුගිය දෙසියවස තුළ ලංකාවේ ජන ජීවිතයේ දැකිය හැකි සුවිශාල ප්‍රගතියයි. '

    මේකෙන් පෙන්නේ වෙන මොකවත් නෙමේ, ඔය පොස්ට් එක හදපු එකාගේ ගොන්කම. මීහරක් ෆේස්බුක් පේජස් කරන්න පටන් ගත්තම ඕක තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හදපු එක නෙමෙයි ප්‍රශ්නය, ඇනෝ. සාපේක්ෂව දැන උගත් අය ලෙස සැලකිය හැකි කී දෙනෙක් ලයික් හා ශෙයා කරල තියෙනවද කියන එකයි.

      Delete
  2. මේ පොස්ට් එකට අදාළ නොවුනත් 19 වන සියවස මැද සිට 20 වන සියවස මුල තෙක් වූ නිදහස් වෙළදාම නිසා සිදුවූ සංවර්ධනය ගැන අපි කතා කරනවා අඩුයි. සමාජ සංවර්ධනය( අධ්‍යාපන, සෞඛ්‍යය) ධනවාදී ආර්ථිකයක දී පිරිහෙන ලෙස ලංකාවේ හුගක් අය සිතුවත් අදටත් ලංකාවේ පවතින බොහෝ ජනප්‍රිය පාසල් හා රජයේ රෝහල් එකල නිදහස් වෙළදාම නිසා පොහොසත් වූ අයගේ ධනය හා ඉඩම් පරිත්‍යාගයෙන් ආරම්භ කිරීම සිදුවුනා.

    ReplyDelete
    Replies
    1. මගේ පුද්ගලික මතය මෙන්ම බහුතර ඇකඩමික්ලාගේ අදහස් අනුවද රටක ආර්ථික සංවර්ධනය යනු යම් රටක ජනතාවගේ ජීවන තත්ත්වය (ලිවින් ස්ටෑන්ඩර්ඩ්ස්) උසස් කිරීමේ ක්‍රියාවලියයි. ඕනෑම සමාජයක අද පවතින තත්ත්වයට වඩා උසස් සමාජ ආර්ථික මට්ටමකට ළඟා වීමට, අපේක්ෂා පවතියි. මිනිසුන්ගේ ජීවන තත්ත්වය, විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් බැලිය හැකි පුළුල් සංකල්පයක් වන අතර මිනිසාගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සම්පත් නිෂ්පාදනය වැඩි වේගයකින් වර්ධනය කළ යුතු බවත් එය ඒක පුද්ගල මූර්ත ආදායමේ වැඩි වීමකින් මැනිය හැකි බව විශ්වාස කළා. කෙසෙස නමුත් ලන්කාඅව්ඣෙ ආර්ථික වර්ධනේ වඩාත් වේගටවත්ව ඇරඹුනේ 1950-60 සහ 1960-70 දශකවලයි.

      රටක හොඳ ආර්ථික වර්ධන ‍වේගයක ලක්ෂණ වශයෙන් , කරුණු 03 ක් හඳුනා ගන්නා ලදී.

      අ. මට්ටමින් ඉහළ ( 50% ) වැඩි ඒක පුද්ගල ආදායමේ වර්ධනයක් පැවතීම.

      ආ. සැලකිය යුතු (දීර්ඝ) කාලයක් ( වසර 10 කට වඩා ) එම වර්ධනය පවත්වා ගෙන යාම.

      ඇ. අදාළ රට තුළින් ලබා ගන්නා සම්පත් , නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි වශයෙන් භාවිතා කිරීමෙන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් වන බවට තර්ක ගොඩනැගී ඇත.

      සාමන්යයෙන් ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බලන විට සමාජයක යටිතල පහසුකම් දියුණු වීම, ආදායම් විෂමතා අවම වීම, සේවා වියුක්ති අනුපාතය පහළ මට්ටමක පැවතීම,වැනි දර්ශකවලින් මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ ප්‍රගමනය බැලිය යුතු බවට තර්ක ඉදිරිපත්ව ඇත.

      කෙසේ නමුත් පසු කාලයේ දී මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ඉහත දැක්වූ ආර්ථික මිනුම් වලට අමතරව, සමාජීය, දේශපාලන, සංස්කෘතික, පෞරුෂ වැනි කරුණු ද සංවර්ධනය මැනීම සඳහා ඇතුළත් විය යුතු බවට විවිධ පැහැදිලි කර දෙන ලදී.

      රටක් සමාජීය වශයෙන් සළකන කළ , උපත් අනුපාතය අඩු වීම, මරණ අනුපාතය අඩු වීම, ළදරු අනුපාතය අඩු වීම, ‍රෝගීන් ප්‍රමාණයට සිටින වෛද්‍යවරු සංඛ්‍යාව , ගුරු සිසු අනුපාතය, පාසැල්වලට ප්‍රාථමික, ද්වීතියික, හා තෘතීයික මට්ටම් සඳහා ඇතුළත් වන අයගේ ප්‍රතිශතය ඉහළ යාම, සාක්ෂරතා අනුපාතය ඉහළ යාම, වැනි කරුණු තුළින් මිනිසාගේ ජීවන තත්ත්වයේ ඉහළ යාමත් මැනිය හැකි බව පෙන්වා දෙන ලදී.

      ලංකා‍ව පිළිබඳව මෙම අංශයෙන් බඇලිඋවොත් 1960- 1970 දශකවලදී ලංකාව ඉතාම හොඳ සමාජ සංවර්ධන මට්ටමක් පවතින රටක් ලෙස බොහෝ ජාත්‍යන්තර සංවිධාන පවා සළකන ලදී.

      වෙනත් පැතතකින්, දේශපාලන වශයෙන් සළකන විට , ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම, නියමිත කාලවලදී මැතිවරණ පැවැත්වීම, දේශපාලන ඝාතන සංඛ්‍යාව අඩු වීම, දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව අඩු වීම, මානව හිමිකම් සංඛ්‍යාව සුරැකීම, යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම , වැනි කරුණු සමාජයක ජිවන් වන මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ ප්‍රගමනයට හේතු වන බැවින් සංවර්ධන, මැනීම සඳහා ඒවා අත්‍යවශ්‍ය බවට , තර්ක ඉදිරිපත් වී ඇත.

      යම රටක ජන සමාජයක මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා කළ යුතු වෙනස්කම් නම් මිනිසුන්ගේ සිතුම් පැතුම්, සිරිත් විරිත්, ආහාර , ඇඳුම් පැළදුම්, භාෂාවන්, ජාලගත වීම් වැනි දෑ සැළකිල්ලට ගෙන සංස්කෘතිකමය පරිණාමනයන් සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බවට තර්ක ඉදිරිපත් වී ඇත.

      Delete
    2. එක්සත් ජනපදය (ඇමරිකාව) ඇතුළු බටහිර ලෝකය , ආර්ථිකමය, වශයෙන් ශක්තිමත් බැවින් ඔවුන්ගේ සංස්කෘතිකමය කරුණු සීග්‍රයෙන් සංවර්ධනය වෙමින් නැගී එන ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් කෙරෙහි දැඩි බලපෑමක් කරන බව විශ්වාස කරයි. සංස්කෘතික අපගමනයන් සෑම විටම මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම කෙරෙහි බල නොපාන බැවින් , නැගී එන රටවල දේශීය සංස්කෘතීන්ගේ හොඳ ලක්ෂණ රැක ගනිමින් , බටහිර රටවල හොඳ ලක්ෂණ යොදා ගැනීම , සංවර්ධනය කෙරෙහි සිදු විය යුතු බවට තර්ක ඇත. රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් වන විට ඔවුන් තුළ පවතින අභිප්‍රේරණය සහ පෞරුෂත්වය ඉහළ යා යුතු බවට තර්ක කෙරෙයි. මේ අනුව සංවර්ධනය යන්නට මිනිසාගේ ජීවන තත්ත්වය උසස් කිරීම කෙරෙහි බලපාන විවිධ පැතිකඩයන් , අන්තර්ගත වන බව විශ්වාස කරයි.

      හුදෙක් නිකන්ම් ආර්තික සංවර්ධනය හා තිරසාර සංවර්ධනය එකිනෙකට වෙනස්, එනම් සංවර්ධනය සහ තිරසාර සංවර්ධනය සැසඳූ විට තිරසාර සංවර්ධනයේ දී ලෝකයේ පවතින සම්පත් , අනාගතයේ දී ජීවත්වන මිනිසුන්ට ඉතිරි කරමින් , රටක දැනට වෙසෙන මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම පිළිබඳව සොයා බැලේ. වර්තමාන පරම්පරාව ආර්ථිකයක පවතින , බොහෝ සම්පත් අධිවේගයකින් පරි‍බෝජනය කිරීම නිසා පරිසරයට විශාල වශයෙන් හානි වී , දැනට පවතින සම්පත් අනාගත පරමිපරාවට ඉතිරි නොවී යා හැකි ය. එසේ ම මිනිසාගේ සීග්‍රඝාමී බලපෑම හේතුවෙන් , පරිසරය දක්වන ප්‍රතිචාර ලෙස, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, වැසි, කාලයට නොලැබීම, දීර්ඝ කාලීන නියඟයන් ඇති වීම , ගංවතුර ඇති වීම, ලැව් ගිනි ඇති වීම, වැනි ස්වභාවික විපත් ඉහළ යා හැකි ය. එසේ ම වැඩි වන ජනගහනයට සහ ඔවුන්ගේ වැඩි වන ආදායමට , අවශ්‍ය වන භාණ්ඩ හා සේවා තොගය, සීග්‍රයෙන් වැඩි කිරීමට යාමේ දී , ජලය, ගොඩබිම මෙන් ම වායුගෝලය ද , අපවිත්‍ර වේ. ඒවායේ ලක්ෂණ ඉතා කෙටි කාලයකින් වෙනස් වේ. එම නිසා මිනිසාගේ පැවැත්මට විශාල තර්ජනයක් ඇති විය හැකියි. තිරසාර සංවර්ධනයක් උදෙසා මිනිසා විසින් ඔහුගේ ආර්ථිකමය අභිමථතාර්තයන් අත්කර ගැනීමට , ලෝකයේ පවතින සම්පත් අධිවේගයෙන් උපයෝගී කර ගැනීම නිසා පරිසරයට හානි ඇති වේ. ඒවායේ වටිනාකම, පරිසර ආර්ථික විද්‍යාවේ , තාක්ෂණික විචල්‍යන් භාවිතා කරමින් මැනිය හැකි වේ. එම නිසා ආර්ථික වර්ධනයේ මිනිසා එය ලබා ගැනීම සඳහා පරිසරයට කරනු ලබන හානිය ( ගණනය කොට ) ඉවත් කළ යුතු වේ. ඒ මඟින් වර්තමානයේ පවතින සම්පත් අනාගතයට රැස් කර තබමින් , වර්තමානයේ දියුණු වීමක් සිදු වීම තිරසාර සංවර්ධනය ලෙස හදුන්වනු ලැබේ. එය මැනීම සඳහා හරිත ජාතික නිෂ්පාදිතය ( ජාතික නිෂ්පාදිතය + (-) එය ලබා ගැනීමේ දී පරිසරයට සිදු වන හානිය ගණන් බැලීම ) යොදතහැක.

      //අදටත් ලංකාවේ පවතින බොහෝ ජනප්‍රිය පාසල් හා රජයේ රෝහල් එකල නිදහස් වෙළදාම නිසා පොහොසත් වූ අයගේ ධනය හා ඉඩම් පරිත්‍යාගයෙන් ආරම්භ කිරීම සිදුවුනා. //

      ඔය පරිත්යාග සීලීන් බහුතරයක් පාරම්පරික ඉඩම් හිමි රදළයෝ, නැත්නම් අරක්කු රේන්දය, මිනිරන් පතල්, මැණික් වැනි වාසනා ගෙනා ධන නිධාන වලින් ගොඩ ගිහින් පස්සෙ දේශපාලනේට එන්න 'ඉඩම්' අල්ලස් විදිහට දීපු කපටින් පිරිසක්. නැත්නම් දුමින්ද සිල්වා, සජින් වාස්, දයා ගමගේ, අර්ජුන් ඇලොයිසියස් වගේ උනුත් නිදහස් වෙලඳාම නිසා දියුණු වුන පරිත්යාග සීලීන් කියල කියන්ට පුළුවනි. මොකද උන්දැල අයිටත් වඩා ධන පරිත්යාග එකසිය ගානට කරල තියෙනව.

      Delete
  3. කොහොමත් අපි අතීතය උඩ දාන්න කැමතියිනේ! සැඩසුළං, හතර මහ නිධානය, සාරවිට, සිඟිති සුරතල් වගේ ෆිල්ම්ස්වල තිබුණු ජාතිකාභිමානී ගී හතර විග්‍රහ කළත් පෙනෙයි ඒ ඒ කාලවලදීත් මේ 'අතීත විභූතිය පසසන' පදේම ගහලා තියෙන හැටි. (එක පාරම මට මතක් වුණු ගීත ගැන ලිව්වට, මතක් කලොත් තව ගොඩක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙත් තවත් මේ වගේම මිථ්‍යා මතයක්. ඕවත් ලෝකය නොදැකපු වෙනරටවල ජාතිකාභිමානී ෆිල්ම්ස් /ගීත / කතන්දර නොඇසූ /නොදුටු ළින්මැඩි මානසිකත්වයේ බයිලා.

      මේකෙත් දෙපැත්තකි.

      01. ජාතිකාභිමානී ෆිල්ම්ස් /ගීත / කතන්දර වලින් 'අතීත විභූතිය' උත්කර්ෂයට නැගීමෙන් ආර්‍තික සන්වර්ධනය වේ.

      02. දෙදාස් පන්සීයේ වැල්බයිලෙ ගැහුවට කිසි වැඩක් නැහැ, අපේ ඇති ලබ්බක් නැහැ, මේක මහ තුන්වෙනි ලෝකේ අමු හිඟන රටක්, අපි කාලකණ්ණි, සුදුමහත්වරු නෝනලා දෙවිවරු, සුද්දො අපිව පාලනය කොළා නම් විතරක් අපි දියුණු වෙයි, අපි අඩුකුලේ අමු හිඟන්නෝ ටිකක්, අපි ඉපදිල ඉන්නේ සුද්දන්ට වාල්කම් කරල උන්ගේ උපදෙස් පිට උන් යටතෙ වැඩ කරන්න මිසක් අපිට තනියම කවදාවත් ගොඩ යන්න බැහැ, සුද්දන්ගේ ටයි කෝට් ගහන බොරු අනුකාරකයො (රනිල් වගේ) විතරයි අපිව සුද්දන්ට පස්සෙ පාලනය කරන්න සුදුසු;

      ඔය ඔක්කොම වැල් බයිලා.

      ඔය වගේ ගීත / ෆිල්ම්ස්/ නාට්ටි/ කතන්දර අපට වඩා දස දහස් ගුනයකින් ජපානය, කොරියාව, චීනය විතරක් නෙවෙයි, ඉන්දියා පකිස්ථාන් එමෙන්ම යුරෝපයේත්, විශේශයෙන්ම ජර්මනිය, ප්‍රන්සය, රුසියාව වගේ රටවල්වලත් ඕනෙ තරම් තියෙනවා, ඕකෙන් ආර්‍තික සන්වර්ධනයට වෙන බලපෑම බොහොම අඩුයි. ඉහත 01 මගින් ධානාත්මකවත් 02 මගින් සෘණාත්මකවත් නොගිණිය හැකි බලපෑමක් වෙනවා කියා හිතන්න පුළුවන්.

      Delete
  4. මට නම් හිතුනේ මේක හදපු කෙනාගෙ උත්සහය ගෙවල් සසදන්න නෙමේ, ලංකාවේ පවුලට අද වෙලා තියන සන්තෑසිය පෙන්වන්න කියලයි.

    1800 දී ළමයි 11යි, 2017 දි ළමයි 1යි...

    ReplyDelete
    Replies
    1. මේකට හේතුව සිංහලයෝ පමණට වඩා අධ්‍යාපනයට උනන්දුවීම. මුස්ලිම්වරු අතරත්ි ඔයිට සමාන තත්වයක් අකින්න පුළුවන්. ළමයින්ව ආණ්ඩුවේ පාසල් වලට යවන මුස්ලිම් වරුන්ගේ පවුල්වල ළමයි වැඩියි. ජාත්‍යන්තර පාසල් වලට යවන මුස්ලිම් පවුල්වල ළමයි අඩුයි.

      Delete
    2. @Jagath

      ලංකාවේ දෙමළ/මුස්ලිම්වරුට තියෙන ප්‍රශ්නය සිංහල සංස්කෘතිය ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය හැටියට පිලිගන්න බැරිකමනේ.

      නමුත් ඔවුන්ට ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය හැටියට පිළිගන්න එක ගැටළුවක් නෙමෙයි.
      උදාහරණයක් හැටියට ජාතික ගීය සිංහලෙන් තිබීම දෙමළ අය්ට ප්‍රශ්නයක්. නමුත් ඇලෝපති වෛද්‍ය උපාධිය ඉංග්‍රීසියෙන් තිබීම දෙමළ අයට ප්‍රශ්නයක් නෙමෙයි.

      කොහොමත් දෙමළ අය කියන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යයේ කළු සේවකයන්. ලංකාවේ එම නිසා දෙමල අය හැමෝම බිරිතානිය, කැනඩාව වැනි ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවල් වලට යවන්න තියෙනවා නම් ඒක උන්ටත් හොඳයි අපිටත් හොඳයි.

      Delete
    3. jagath pathirana January 23, 2019 at 4:33 AM

      ඛාදීජා (වලි) තුමිය යුදෙව් ආගමට සම්බන්ධ ආගමක් අදහපු කෙනෙක්. ඒ වගේම ඇගේ ඥාති සහෝදරයෙක් වන වරඛා ඉබ්න් නව්ලේ (පල්) තුමා උගත් ක්‍රිස්තියානි පූජකයෙකු. ඉස්ලාමයේම සඳහන්වන පරිදි මුලින්ම නබි(වල්) තුමාට දේව වාක්‍ය ඇසුනවිට එය තේරුම්කරගත්තෙ වරඛා තුමාගෙන්.
      ඛාදීජා ජීවත්වන තුරුම මුහමු්මද් ජීවත්වුනේ ක්‍රිස්තියානි කාරයෙක් වගේ. ඉතියෝපියාවේ ක්‍රිස්තියානි රජු මුල්කාලේ මුස්ලිම් වරුන්ට දේශපාලන රැකවරණ ලබා දුන්නා. ඉස්ලාමය බිහිවි වසර 10කට පසු ඛාදීජා මියගියා. ඉන්පසුව තමයි නියම ඉස්ලාමය බිහිවුනේ. ඛාදීජා තව වසර 10ක් වැඩිපුර ජීවත් වුනානම් දැනට වඩා සම්පූර්ණයෙන් වෙනස් ඉස්ලාමයක් හැදෙන්න තිබුනා.

      මුස්ලිම් අය අන්යාගමිකයන් රවට්ටන්න පාවිච්චි කරන්නේ මුල් වසර 10 පහලවු දේව වාක්‍ය. නමුත් ඉස්ලාමයේ සඳහන් අන්දමට වඩාත් වැදගත් වන්නේ අවසානයට පහල වු දේව වාක්‍යයි.

      ISIS සංවිධානයේ වැදගත්කම වන්නේ ඔවුන් අවංකවම අවසන් වසර 10දී පහලවු දේව වාක්‍ය අනුව කටයුතු කිරීමයි. ISIS සංවිධානය ඉස්ලාමය නිරුවත්කලා. එක මුස්ලිම් පඬිවරයෙකුටවත් ISIS සංවිධානය ඉස්ලාමයට විරුද්ධ දෙයක් කලා යැයි කියන්නට හැකිවී නෑ. මිත්‍යා දෘෂ්ඨිකයන් වන අපි ISIS සංවිධානයට ස්තුතිකල යුතුයි.

      Delete
  5. ඉකෝන්
    1800 දි කැමරාව තිබුනද (දැ.ගැ.පි)

    ReplyDelete
    Replies
    1. නැහැ. කැමරා තාක්ෂණයේ මුල්ම අදියර (ආලෝක සංවේදී සිල්වර් ක්ලෝරයිඩ් භාවිතා කර රූපයක් තාවකාලිකව සටහන් කර ගත හැකි බව සොයා ගැනීම) වුවත් අඩු වශයෙන් ඊට අවුරුදු 16කටවත් පස්සේ. නමුත් එය ස්ථිරව පවත්වා ගත හැකි ආකාරය දැන ගන්න තවත් කාලයක් ගියා. මුල් කාලයේ කාලයේ කළේ දර්ශන තලයක ආලෝකය කඩදාසියක් මතට ප්‍රක්ෂේපණය කරගෙන එය පරිස්සමෙන් අතින් ඇඳ ගන්න එකයි. මම හිතන්නේ මේ මට්ටමේ ඡායාරූපයක් ගතහැකි කැමරා භාවිතයට ආවේ අඩු වශයෙන් 1880දීවත් පමණ කියා.

      Delete
  6. ඔබතුමා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ගම්බුදාවේද වැඩ කරන්නේ? ඒ නිසා දැන් ගෙවල් තියෙනවා කියලා නේද කියන්නේ?

    ReplyDelete
  7. ඇනෝ January 23, 2019 at 4:34 AM

    මෙන්න සජිත් ලොක්කගේ විෂන් එක;

    ///මාධ්‍ය වේදියා:

    ඔබ රටේ බලය ගත්තොත් මොනවද ආර්ථිකය දියුණු කරන්න ගන්නා ක්‍රියා මාර්ග...?

    සජිත් ප්‍රේමදාස:

    මගේ ඉලක්කය තමයි ලංකාවේ හැම පුරවැසියෙක් සඳහාම අඩුම ගානේ ගෙවල් පහ (05) ගානේ වත් හදලා දෙන එක. මම බලය ගත්තහම මුලින්ම වජිර හවුස් වගේ ඔක්කොම ගෙවල් හදන කම්පැනි ටික රජයට පවරා ගන්නවා. පෞද්ගලික අංශයට ගෙවල් හදන්න දෙන්න බෑ. මගේ පාලනය යටතේ ගෙවල් හදන එක කරන්නේ රජයෙන් විතරයි.

    මුළු ලංකාව පුරාම උදාගම්මාන ව්‍යපෘති ක්‍රියාත්මක කරනවා. උදාහරණ විදිහට කිව්වොත් පෝර්ට් සිටි එක "සයුරගම" කියල නම් කරලා උදාගම්මානක් කරනවා. කොල්ලුපිටිය සම්පුර්ණයෙන්ම ඩෝසර් කරලා "සෙත්තපෝච්චිගම" නමින් උදාගම්මනයක් හදනවා. දකුණු අධිවේගි මාර්ගය වහලා ඒක දිගටම ගෙවල් හදලා "සරිගම" කියලා උදාගම්මනයක් කරනවා. මේ වගේ 'ස'යන්නෙන් පටන් ගන්න උදා ගම්මාන හැම තැනම කරනවා.

    රටේ ඉඩ මදි උනොත් හදපු ඒවා කඩලා ආයිත් අලුතින් හදනවා. මීට අමතරව ඉන්දියානු රජය මට අවසර දුන්නොත් එහෙත් හදනවා. නාසා ආයතනයත් චීනයේ අලුත් අජටාකාෂ ප්‍රෝග්‍රෑම් එක එක්කත් සාකච්චා පවත්වනවා හඳේ උදාගම්මාන ව්‍යපෘතියක් කරන්න පුලුවන්ද බලන්න.//

    කෝමද ඒක?

    ReplyDelete
    Replies
    1. හඳේ හදන්නේ හඳගම සො..සොරි.. සඳගම ද දන්නේ නෑ.. :))))))))))))))

      Delete
  8. ඉකොනොමැට්ටත් සජිත් ප්‍රේමදාස පාක්ෂිකයෙක්ද?

    හෆොයි සජිත් ඉල්ලුවත් නම් මම මහින්දගෙ අපේක්ෂකයට හරි දෙනවා, කිලී මහා රාජගේ රූකඩ සජිත් පරද්දන එක හැම අතකින්ම රටට හොදයි. සිරිසේන ආවට වඩා හෙනයක් සජිත් ආවොත්. අනේ ඉකොනොමැට්ට ප්ලීස් ආයෙත් හිතන්න ඔය තීරණය ගැන.

    ReplyDelete
  9. //දහනවවන සියවස මුලදී ලංකාවේ උළු සෙවිලි කළ ගෙවල් තිබුණේ 20,000ක් පමණ ප්‍ර......... වාහන කියා රටේම තිබුණේ කරත්ත 50ක පමණ ප්‍රමාණයකි.//

    ඉකෙ‌ා්න් ඔබ ඉහත තොරතුරු සොයාගත් මූලාශ්‍රය දාන්න පුළුවනිද?

    ReplyDelete
    Replies
    1. Ceylon in 1893: Describing the Progress of the Island Since 1803, Its "Present Agricultural and Commercial Enterprises, and Its Unequalled Attractions" by John Ferguson

      https://www.amazon.com/Ceylon-1893-Agricultural-Enterprises-Attractions/dp/1143089901

      Delete
    2. කරත්ත ප්‍රමාණය ගැන විස්වාස කරන්න අමාරුයි වගේ.

      Delete
    3. මමත් 100%ක් නිවැරදි ලෙස සලකන්නේ නැහැ. නමුත්, මෙය වෙන්න බැරිකමක් නැහැ. ඉංග්‍රීසින් එන කාලය වෙද්දී නුවරට අශ්වයෙක් පිටින් යන්න තරමවත් හොඳ පාරක් තිබී නැහැ. උඩරට පළාත් වල තිබුණු ප්‍රධාන වාහනය "දෝලාව". කරත්ත අවශ්‍ය වුනේ ලන්දේසි කොටු හා වරාය ආශ්‍රිතව බඩු ප්‍රවාහනය කරන්නයි. නමුත්, ලන්දේසි කාලයේ මේ සඳහා වැඩිපුරම යොදාගෙන තියෙන්නේ ඇල මාර්ග. ඒ කාලයේ ඇල මාර්ග මහා මාර්ග වලට වඩා ප්‍රචලිත ප්‍රවාහන ක්‍රමයක්ව පැවතී තිබෙනවා. ඊට ගොඩක් පසුව වුවත් රට ඇතුළට ගමන් බිමන් හා භාණ්ඩ ප්‍රවාහනය බොහෝ විට සිදු වුනේ (මිණි ගං දෑළේ පෙන්වනවා වගේ) පාරු වලින්.

      Delete
    4. tks lot, found it in Cornell archive; https://archive.org/details/cu31924050044159/page/n8

      Delete
    5. 5,000 more carts and 50,000 more tiled houses during the 10 years from 1893-1903.

      Delete
  10. Buddha in a traffic jam නම් චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේ ඉන්දියාවේ එදා සහ අද නිවෙස් දෙකක් ඇත. ඒ සංසන්දනය ද මේ ආකාරයේ ම යි.

    ReplyDelete
    Replies
    1. ඔබ වගේ උග්‍රබෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදී ගෝත්‍රිකයන්ට තියෙන එකම ප්‍රශ්නය සිංහල (බෞද්ධ) සංස්කෘතිය ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය හැටියට පිලිගන්න බැරිකමනේ.

      නමුත් ඔබ වගේ උග්‍රබෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදී ගෝත්‍රිකයන්ට ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය හැටියට පිළිගන්න එක ගැටළුවක් නෙමෙයි.

      උදාහරණයක් හැටියට ජාතික ගීය සිංහලෙන් තිබීම දෙමළ ජාතිවාදී ගෝත්‍රිකයන්ට ප්‍රශ්නයක්. නමුත් ඇලෝපති වෛද්‍ය උපාධිය ඉංග්‍රීසියෙන් තිබීම දෙමළ ජාතිවාදී ගෝත්‍රිකයන්ට ප්‍රශ්නයක් නෙමෙයි.

      කොහොමත් දෙමළ ජාතිවාදීන් කියන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යයේ කළු සේවකයන්. ලංකාවේ එම නිසා දෙමල ජාතිවාදී ගෝත්‍රිකයන් හැමෝම ඔස්ට්‍රේලියා, බිරිතානිය, කැනඩාව වැනි ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවල් වලට යවන්න තියෙනවා නම් ඒක උන්ටත් හොඳයි අපිටත් හොඳයි.

      Delete
    2. Anonymous January 23, 2019 at 8:43 PM

      'ජාතික ගුවන් විදුලියේ දෙමළ සේවය' මුස්ලිම් අන්තවාදීන්ට උඩගෙඩි දෙනවා - ශ්‍රී ලංකාවේ පූර්ව මුස්ලිම් කවුන්සිලය

      ජාතික ගුවන් විදුලියේ දෙමළ සේවය මඟින් මුස්ලිම් අන්තවාදයට උඩ ගෙඩි දෙන දේශන සිදු කරන බවත් ඒවා නතර කිරීමට වහා පියවර ගත යුතු බවත් ශ්‍රී ලංකාවේ පූර්ව මුස්ලිම් කවුන්සිලය (CEMSL) ඉල්ලා සිටියි.

      ජනමාධ්‍ය වෙත 2019.01.23දා එම සංවිධානය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක ඒ පිළිබඳව සඳහන් කර ඇත. පසුගිය සඳුදා (21දා) පෙ.ව. 9.40ට පමණ විකාශය වූ වැඩසටහනක් මඟින් ද මුස්ලිම් අන්තවාදයට අනුබල දුන් බවද එම කවුන්සිලය සඳහන් කර ඇත. අලි අහමඩ් රශාධි නමැති මෞලවිවරයකු විසින් එම වැඩසටහන ඉදිරිපත් කළ බවද එම නිවේදනයේ දැක්වෙයි.

      මාවනැල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක බුද්ධ ප්‍රතිමාවලට පහරදීම, පුත්තලම වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීම ආදියෙන් මේ රටේ ඉස්ලාම් අන්තවාදය පවතින බව සැකයෙන් තොරව ඔප්පු වන බවත් ඒවා ඉස්ලාමීය සංවිධාන විසින් කාලාන්තරයක් කරගෙන යනු ලැබූ දේශන හා පුහුණු කිරීම්වල ප්‍රතිඵලයක් බවත් එම කවුන්සිලය සඳහන් කරයි. අධ්‍යාපන හා වෘත්තීය මඟපෙන්වීමේ වැඩසටහන් පවත්වන මුවාවෙන් විවිධ ඉස්ලාමීය සංවිධාන විසින් තරුණ පිරිස් හා සිසුන් නේවාසික පුහුණු කඳවුරුවලට ගෙන ගොස් කරන ඔවුන්ගේ "බුද්ධි ශෝධනය" ද වහාම නතර කළ යුතු බවත් කුරාණයේ සඳහන් ප්‍රචණ්ඩකාරී කොටස් ඉගැන්වීම හා දේශනා කිරීම ශ්‍රී ලංකාව තුළ නතර කළ යුතු බවත් එම සංවිධානය අවධාරණය කරයි.

      -ධම්මික රණවීර

      Delete
  11. ආ යු ක්‍රේසි නට් මැන් ......
    ඉකොනෝ මැට්ටා සංක්‍රමිකයෙක් මේ නලින් කියන ඉකොනෝ මැට්ටා පොර නොදන්නා XXX නැත කරන්නේ එහෙ සිට ලංකාව එම රටවලට සංස්කෘතියට , ආර්ථිකයට දේශපාලනයට සහ සමාජයට සන්සන්දනයකර මනස්ගාත දෙඩවිමයි, ලිවීමයි.
    ඔකේ මුලිකයා ලන්ඩන් අජියා නොහොත් ලෝටස් අජියා ඔසී සිපිපියා කැනඩාවේ මැන්ටල් ඩොකා තව ලංකාවේ රජයෙන් පැන්ෂන් එක ගන්න හැට පැන්න සෙට් එකක් එරටවලට වෙලා ගෙවල් වල කරන්න දෙයක් නැතිව ඔහේ මුන් කියන බයිලාවලට ඔලගු තියනවා.
    මුන් ඔය සෙට් එකම මැරෙන්න ලංකාවට එනවා හේතුව මළගමට ගෙවන්නවෙන ඩොලර් ගාන රුපියල් වලට කන්වර්ට් කරලා එකත් අඩු මුදලට කරගන්න

    ReplyDelete
  12. මටත් දැක්ක ගමන් හිතුනේ නම් අර උඩම ඇනෝ කියුව වගේ මේක හදපු එකාගේ ඔලමොට්ටලකම තමයි.. ෂෙයාර් කල්ලත්ලු නෙහ්.. ගොන්කම් අතින් නම් 2017 එවුන් 1800 එවුන්ව පරද්දනවා මයේ හිතේ..

    ReplyDelete
  13. කටුමැටි ගෙයක
    දිග පළල ගැන
    වගතුග කුමට

    පෙනේ අඩිතාලම
    සැබෑවන බව කියයි
    සිහිනය
    දිනක මතු දා
    සොඳුරු නිවසක

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: