Friday, January 25, 2019
ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට...
කලින් පෝස්ට් එක දැම්මේ යටි පෙළක් ඇතිව නෙමෙයි. මතක හැටියට පොඩි කාලේ අහපු කතාවයි ලිවුවේ. අන්තිම හරිය හරියටම මතක තිබුණේ නැහැ. මම අහපු කතාවෙත් අන්තිමට වුනේ කතා කතු විසින් සටහන් කර තිබුණ දේ හෝ GG විසින් සටහන් කර තිබුණ දේ වෙන්න පුළුවන්. බොහෝ විට කතාවේ වර්ෂන් කිහිපයක් තියෙන්න ඇති. ප්‍රතිචාර දමන්නට කාලය යෙදවූ සියල්ලන්ටම ස්තුති කරනවා වගේම ඒ ප්‍රතිචාර කියෙවුවහම අප උපයාගෙන තිබෙන ධනයක් වන මෙය කියවන පාඨකයින් ගැන සතුටක් හා ආඩම්බරයක් ඇති වෙනවා. කොහොම වුණත් කතාව සටහන් කළේ වෙන දෙයක් ගැන කතා කරන්න ප්‍රවේශයක් විදිහටයි.
තවත් ගොඩක් අය අහල තියෙන මේ කතාවේ හෝ මේ වගේ කතාවක හැටියට පුතා විසින් තමන්ගේ වයස්ගත අම්මව කැලේකට හෝ අමු සොහොනකට ගිහින් දාලා ඇගේ බරින් නිදහස් වෙන්න හදනවා. මේ සිද්ධිය කාගේ හරි හිතේ ඇඳුනු මනඃකල්පිත සිදුවීමක් පමණක්ද? නැත්නම් ඇත්ත සිදුවීමක් මත පදනම් වූ කතාවක්ද? ඒ වගේ ඇත්ත සිදුවීමක් වුණානම් එය එක් හුදෙකලා සිදුවීමක්ද? එසේ නැත්නම් නැන්දම්මා ලේලි ගැටුම් වගේ නිතර සිදුවුණු සාමාන්‍ය දෙයක්ද?
ජෝන් ෆර්ගසන් විසින් දහනවවන සියවසේ අග හරියේදී සටහන් කර තිබෙන පරිදි, ඒ සියවසේ මුල් කාලය වෙද්දීත්, ඒ කියන්නේ ඉංග්‍රීසින් ලංකාවට එන කාලය වෙද්දී, ලංකාවේ මේ වගේ දෙයක් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඔහු විසින් සටහන් කර තිබෙන පහත කරුණු මා අනුවර්තනය කර මෙහි පළ කරන්නේ බෞද්ධයින්ගේ දෙබිඩිකම පෙන්වා දීම සඳහා නෙමෙයි. ඒ කාලයේ සමාජය මොන වගේ එකක්ද කියන එක පෙන්වා දෙන්නයි. ජෝන් ෆර්ගසන් අදහස් කළේ බෞද්ධයින්ගේ දෙබිඩිකම පෙන්වා දීම වෙන්න පුළුවන්.
"සතුන් මැරීම මුළුමනින්ම තහනම් වූ බුද්ධාගමේ ආභාෂය ලබමින් දීර්ඝ කාලයක් හැදුණු මිනිස්සු වුවත් මේ අය ඇතැම් පොඩි සත්තුන්ට සලකන්න පුරුදු වී තියෙන්නේ ඉතිහාසයේ දැකිය හැකි කුරිරුම ආකාරයන්ටයි. කැස්බෑවන්ව පණ පිටින් පුච්චන පුරුද්ද නවත්තන්න අන්තිමට නීතියක් දාන්න පවා සිදු වුණා."
ඉබ්බන් වගේම කැස්බෑවනුත් පණ පිටින් පුච්චන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්ව තිබී ඇති බව තහවුරු කරන තවත් ජන කතාවක් වන්නේ අප හැමෝම වගේ අසා තිබෙන දස සිල් උපාසකගේ කතාවයි.
"මස් මෙළෙක් වෙනවායයි සිතා කළුකුමන් මරන්නට පෙර පණ පිටින් සිටියදී උන්ගේ දිව කපන එකත් මේ අයගේ පුරුද්දක්. ඔය වගේ දේවල් තව ලැයිස්තුවක් ලියන්න පුළුවන්."
ඔය විදිහටම ඌරෝ මරන්න කලින් මස් මෙළෙක් කර ගැනීමට උන්ට පොළු වලින් පහර දෙන එක වසර තිහ හතළිහකට පෙර කාලයේත් සිදු වූ බව මා අසා තිබෙනවා.
බෞද්ධයින්ගේ දෙබිඩිකම මසුන් මරණ බෞද්ධයින් කියන කතාව පහත කතාවෙන් පැහැදිළිව පේන බව ජෝන් ෆර්ගසන් සටහන් කරනවා (පිටුව 180).
"අපි මාලුන්ව මරන්නේ නැහැ. අපි කරන්නේ උන්ව වතුරෙන් ගොඩට ගන්න එක විතරයි. උන් මැරෙන්නේ ඉබේටයි."
මේ විදිහටම සත්තු මැරීමේ පවෙන් බේරිලා සත්තුන්ගෙන් නිදහස් වෙන්න බලු පැටවුන් හා පූස් පැටවුන් වාහනයකට අහුවෙන්න පාරක් මැදින් තබන බවත්, සර්පයින්ව වේවැල් කූඩයකට දමා ගඟ දිගේ මුහුදට පා කර අරින බවත් ඔහු කියනවා.
"මේ දේවල් වෙන්නේ හොඳම බෞද්ධයින් ඉන්න දකුණේ මාතර දිස්ත්‍රික්කයේ."
ඔන්න මාතර කට්ටියගේ ඉතිහාසය.
"මේ විදිහටම මහළු අසරණ මිනිස්සුන්ව ඔවුන්ගේ නෑදෑයින්ට කරදරයක් වීමෙන් බේරෙන්නට බත් මුලක් හා වතුර භාජනයක් අතට දී, වන සතුන්ට ගොදුරු වී මැරෙන්න ඉඩහැර මහ කැලේ තනිකර දමා එන එක මේ සියවසේ මුල දක්වාම තිබුණු පුරුද්දක්."
ඔය විදිහට අර ජනකතාවේ සිදුවීම මනඃකල්පිත හෝ කලාතුරකින් පමණක් සිදු වී තිබෙන සිදුවීමක් නෙමෙයි.
(Images: http://www.ips.lk/talkingeconomics/2016/06/15/world-elders-abuse-awareness-day-sri-lankas-greying-economy-an-impending-problem/)
Subscribe to:
Post Comments (Atom)
සාමානයෙන් ඌරන් මරන්නේ, මසුන් මරන්නේ ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන්නේද? අනික ලන්දේසින්, පෘතුගීසින්පැමිණීමට පෙර එහෙම ලොකුවටම ධිවර කර්මාන්තය ලංකාවේ සිදුඋනේ නැහැ. මාංශ සදහා සතුන් ඇති කිරීමත් සිදු උනේ නැහැ.
ReplyDeleteඉතිං ලන්දේසි සහ පෘතුගීසි පැමිණ සැහෙන කාලයක් මෙහි ඉදීමෙන් පසු ඉංග්‍රීසින් ආවේ. එතකොට තමයි ආගම් මාරු වෙලා, මස් මාංශ සදහා තැනක් ඇවිත් තිබුනේ.
බොහෝ විට වැද්දන් තමයි මස් සැපයීම කලේ. රජු වාසලට පවා මස් සැපයීමට වැද්දෙක් වෙනම හිටියා කියනවනි. සුදු වැද්ද/සුදු ගෝනා කතාවේ එහෙම සදහන් වෙනවා නේද?
ලංකාවේ රොඩී රැහැ පටන් ගන්නෙත් රත්නවල්ලි කුමරියව දඩ වැද්දාට දීමෙන් නේද?
Delete2030 වන විට ලංකාවේ වැඩිහිටි ජනගහනය වැඩිවෙනවලු. සතුන් සර්පයින් කෙසේ වෙතත් මේ අයට පිළිසරණක් තියේවිද?
ReplyDeleteමං වීඩියෝවක දැක්කා ජපානයේ රෙස්ටොරන්ට් එකක මාළු උයනවා පණ පිටින්. මේසෙට ගේන කොටත් පණ තියෙනවා. ඒත් මිනිස්සු රසයි කියමින් කෑලි කපාගෙන කනවා.
ReplyDeleteදෙමල්ලු,තම්බි, චිකන් සහ සේනා දළඹුවා හැර සියලු සත්වයෝ නිදුක් වෙත්වා.
ReplyDeletecommon mentality in asian countries.
ReplyDelete//සතුන් මැරීම මුළුමනින්ම තහනම් වූ බුද්ධාගමේ
ReplyDeleteබොරු!
බුද්ධාගමේ කිසි දෙයක් තහනම් නෑ.
එකඟයි. මම ලිවුවේ මෙහි තිබෙන වචනයට (forbidden) ගැලපෙනම වචනයයි. ලේඛකයා මෙය දකින්නේ ඔහුගේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි දෘෂ්ඨියෙන්. නමුත්, ඔහු නිරීක්ෂණය කර ඇති දේ නිවැරදිව වාර්තා කර ඇතැයි මා හිතනවා.
Delete