විකල්ප දැනුමක උදවුවෙන් අලියෙක් එළවන්න හදපු කෙනෙක්ට අන්තිමේදී ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා. ඔහු අලියාව එළවන්න යන විදිහෙන් පෙනෙන්නේ තමන් සතු වූ විකල්ප දැනුම ගැන ඔහුට කොපමණ විශ්වාසයක් තියෙන්න ඇද්ද කියන එකයි. නමුත්, අලි එළවන එක හිතන තරම් පහසු නැති බව කලින් තේරුම් නොගැනීම නිසා ඔහුට ගෙවන්න වී තිබෙන මිල ඉතාම විශාලයි. කණගාටුදායක සිදුවීමක්!
ලංකාවේ ඉතිහාස කතාව ගලා යද්දී අලින්ගේ කතාවකුත් පසුබිමෙන් ගලා ගෙන යනවා. කුරුඳු අපනයනය ප්‍රචලිත වන තුරුම ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ වුනේ අලි ඇත්තු හා මුතු. විශාල අලි ඇතුන් ගහණයක් හිටපු ලංකාවේ අලි ඇල්ලීම හා හීලෑ කිරීම සැලකිය යුතු පිරිසකගේ රැකියාව වී තිබෙනවා. මේ මිනිස්සු ජීවත් වන්නට ඇත්තේ කොයි වෙලාවක අලියෙක් ගහයිද කියන අවදානම දරාගෙනයි. ඊට අමතරව හේන් කුඹුරු කරපු බහුතර මිනිස්සුන්ට වගේම ගෙවල් වලට වී හිටපු මිනිස්සුන්ට පවා අලින්ගෙන් වෙන උවදුරු ගැන කල්පනාවෙන් ඉන්න සිදු වී තිබෙනවා.
අලි බැලීම, මුතු කිමිදීම හා අතුරේ යාම ඉතාම අවදානම් රැකියා ලෙස සැළකී තිබෙනවා. මුල් දෙක ලංකාවේ පැරණිම අපනයන කර්මාන්ත. තුන්වැන්න පසුකාලීනව නැගලා ගිය කර්මාන්තයකට සම්බන්ධයි. මේ වෘත්තීන් තුනෙන්ම අවදානමට සරිලන වාසි ලැබෙන්න ඇති. ඒ වාසි ලැබුණේ අවදානම් ගත් අයටම නොවෙන්න පුළුවන්. කොට අදින අලි හා පෙරහැරේ යන අලි වෙනම ඉන්නවනේ. අලි මේච්චල් කරන්න යන අයට තමන් ගන්න අවදානම ගැන හරි අවබෝධයක් තිබෙනවාද යන්න නොපැහැදිලියි.
දැවැන්ත සතෙක් වන අලියෙක් එක්ක මිනිහෙක්ට බාහු බලයෙන් සටන් කරලා දිනන්න බැහැ. ඒ වැඩේට කිසියම් ආකාරයක තාක්ෂණයක් උපයෝගී කරගන්න වෙනවා. වෙඩි බෙහෙත් යුගයට කලින් අලි එළවන්න උදවු කරන්න ඇත්තේ ගින්දර හා ශබ්ද කිරීම් වැනි මූලික උපක්‍රමයි. ඒ උපක්‍රම ඒ තරම්ම සාර්ථක නොවූ නිසා විකල්ප උපක්‍රම ගැන හොයන්න උනන්දුවක් ඇති වෙන්න ඇති. මොන උපක්‍රම යොදා අලි මෙල්ල කරගත්තත් පොඩි වැරදීමකින් අලියා ඉස්සර වෙන්න පුළුවන්. කරන්දෙණියේ පෙරහැරකදී අලියෙකු ඇත්ගොව්වාව පාගා මරා දමා දැන් සති දෙකයි. බුත්තල - කතරගම පාරේදී අලි මන්තර වල හාස්කම් පෙන්නන්න ගිය අයෙක්ව අලියෙක් විසින් පාගා මරා දමන්නේ ඉන් සතියකට පසුවයි. ඊටත් කලින් අලියෙක් ඇත්ගොව්වාව මරා දමනු පහත වීඩියෝවේ දැකිය හැකියි. (සංවේදී අය නොබලා ඉන්න)
අලි මන්තර කියන ඒවා ලංකාවේ කාලයක් තිස්සෙම අලි එලවන්න යොදාගෙන තිබෙනවා. මේ මන්තර ඇත්තටම වැඩ කළාද නැද්ද කියන එක කොහොම වුනත්, වැඩ කරන බව දැඩි සේ විශ්වාස කළ මිනිස්සු දිගින් දිගටම ජීවත් වී තිබෙනවා. එසේ නැත්නම් ඒවා පවතින්න විදිහක් නැහැ.
සුද්දෝ ආවට පස්සේ ලංකාවේ අලින් විශාල ගණනකට වෙඩි තබා මරා දමපු බව ප්‍රචලිත කරුණක්. නමුත්, මේ වෙඩි තැබීම් දිහා අද කෝණයෙන් බලන එක නිවැරදි නැහැ. සුද්දෝ එන කාලය වන කොටත් ලංකාවේ අලි කියන්නේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජනජීවිතයට විශාල තර්ජනයක්. බොහෝ අවස්ථා වල අලින්ට වෙඩි තබා තියෙන්නේ මහජන යහපත ගැන හිතලා. ඒ ගැන ඒ කාලේ ගොඩක් මිනිස්සු කැමැත්තෙන් සිට ඇති බව පැහැදිලියි.
අලි එළවන්න වෙඩි බේත් යොදා ගත හැකි බව දැන් ප්‍රධාන ධාරාවේ දැනුමක්. අලි මන්තරත් කාලයක් ඒ විදිහට ප්‍රධාන ධාරාවේ දැනුමක් වී තියෙන්න ඇති. දැනුම කියන එක පදනම් වෙන්නෙත් මිනිස්සුන්ගේ විශ්වාස මතයි. දිවයින පත්තරේට අනුව පසුගිය සතියේ මිය ගිය පුද්ගලයා විසින් "මීට පෙර දුටුවන් මවිත කරමින් බුත්තල - කතරගම මාර්ගයේදී වන අලි රංචු පිටින් පලවා හැර" තිබෙනවා. මේ පුද්ගලයා අලියා වෙත යන ආකාරයෙන් ඔහුට අලි මන්තරේ බලය ගැන කිසිදු අවිශ්වාසයක් නැති බව පේනවා. ඔහු මේ වැඩේ කරන්නේ පළමු වරට නොවන නිසා වෙන්න ඇති.
අලි ඇත්තු ඉදිරියට බය නැතිව ගිය සුද්දෝ ගැන වාර්තා තිබෙනවා. ඔවුන් ඒ විදිහට අලින්ට කිට්ටු වෙන්නේ තමන්ගේ රයිපලේ ගැන තිබෙන විශ්වාසය මතයි. එවැනි විශ්වාසයක් තිබුණු, අලි විශාල ගණනක් වෙඩි තබා මරා දැමූ පුද්ගලයින්ව පවා අලින් විසින් මරා දමා තිබෙනවා.
අලි මන්තර ගැන පෞද්ගලිකව මගේ කිසිදු විශ්වාසයක් නැහැ. ඒ නිසා, මොන අලි මන්තරයක් ලැබුණත් මමනම් ඒකේ බලය අත්හදා බලන්න අලියෙක්ට කිට්ටු වෙන්නේ නැහැ. හැබැයි කවුරු හෝ අලි මන්තර වලින් අලි මෙල්ල කළ හැකි බව කියනවානම් එය පට්ටපල් බොරුවක් කියා කියන්න මට පුළුවන්කමක් නැහැ. කාලයක් අලි මන්තර වලින් අලි එළවා පෙන්වා ආදායම් ඉපැයූ අයෙක්ට අන්තිමේදී අලි ප්‍රහාරයකින් මිය යන්න සිදුවීම නිසා අලි මන්තර බොරු බව ඔප්පු වෙන්නෙත් නැහැ. හැමදාම වෙඩි තබා අලි මරපු කෙනෙක්ට එක දවසක වෙලාවට කොකා ගස්සාගන්න බැරි වෙන්න පුළුවන්.
මත්පැන්, දුම්වැටි, සීනි නිසා අකාලයේ මැරෙන අයගේ උදවුවට බදු ගහන්න ආණ්ඩුව ඉන්නවා. සාමාන්‍යයෙන් ආණ්ඩු කියන්නේ මේ වගේ බදු ගහන්නේ සමාජ යහපත තකා කියලයි. මත්පැන් බොන අයෙක් මත්පැන් නිසා මැරෙන්න තිබෙන සම්භාවිතාව කොපමණද? එතකොට දුම්වැටි, සීනි නිසා ඒ දේවල් පරිභෝජනය කරන කී දෙනෙක් මැරෙනවද? අලි බලන කෙනෙක් අලියෙක්ගේ පහර දීමකින් මැරෙන්න තියෙන සම්භාවිතාව ඊට වඩා අඩුද? ඒ අවදානම අඩුකරගත හැකි ක්‍රියාමාර්ග නැද්ද? අලි බැලිල්ල නියාමනය කළා කියා ආණ්ඩුවට දැනෙන තරමේ ආදායමක් ලැබෙන්නේනම් නැහැ.
මෙයින් නිසැකම ඔප්පු වන්නේ ඩී ඇස්ලාගේ ඩඩ්ලිලාගේ කාලේ අලි දැන් නැතිබවත්. අලින්ගේ සාක්ශරතාවය මෙන්ම පෝන් කෑලි කන්වල ගසාගෙන සිටිම නිසා උන්ගේ කන් ඇසීමද දුර්වල වී ඇති බවත්ය
ReplyDeleteඅලි (වී)පරිණාමය. :)
Deleteමේක තමයි යතාර්ථය. UNP ගොන් හැත්ත රටේ කෑලි කෑලි විකුනනවා මිසක් රටට වැඩක් කරේ නැහැනෙ. වැඩක් කරපු එකාට ඊර්ෂ්‍යා කරනවා. ඕකම තමා මේරටට කෙලවිලා තියෙන්නේ.
Deleteමේවාට අවලාද නගන අයට නොපෙනෙන දෙයක් තියනවා. අදවනවිට රටේ ආර්ථික මර්මස්ථානය මුස්ලිම් එකාට බාරදීලා. රටේ පලාත් නමයයි. එයින් දෙකක් මුස්ලිම්වරුන්ට බාරදීලා. නැගෙනහිර සහ බස්නාහිර ආන්ඩුකාරවරු මුස්ලිම්. බදියුර්දීන් රිසිසේ රටෙි රක්ෂිත වනාන්තර කපමින් මුස්ලිම් කොළනි සාදනවා. ආන්ඩුව පිටරැටියන්ට රිසිසේ ඉඩම් දෙවා. මේවා මහින්ද කළත් රනිල් කළත්. කෙලවෙන්නේ මේරටේ සිංහලයාට. මේ තේරෙන්නැ ඔලුවක් නැති උන්ට.
මහත්මයා මෙතන තියෙන්නේ හැදියාව පිළිබඳ ගැටළුවක්. ඔය අලියා ඒකිය අලියෙක්. අලි මන්තර කාරයත් ඒකීය පුද්ගලයෙක්. ඔය සිද්ධිය වුන ස්ථානයත් ඒකීයස්ථානයක්. සිද්ධිය වු දිනය/වෙලාව ත් ඒකීය දේවල්.
ReplyDeleteඉතින් මේ සිද්ධිය නිසා අලි මන්තර කියන්නේ මිත්‍යාවක් කියලා කවුරුහරි කියනවා නම්, එයාට තියෙන්නේ වැඩවසම් කොමියනිස්ට් හැදියාවක්.
ජගත් ලංකාවේ එජාප ආණ්ඩුවේ දේශපාලකයිනුත් සිංහලයා විවේචනය කරන ඊනියා "ආර්ථික විශේෂඥයිනු"ත් රටේ ඉදිරි දැක්ම ගැන දරන්නේ එකම ආකාල්ප බව පෙනේ, නමුත් රටේ සාමාන්‍ය මිනිසුන්ගේ දැක්ම ඊට වෙනස්.
Deleteලංකාවේ එජාප ආණ්ඩුවේ ආර්ථික ව්‍යාපෘති, ජාත්‍යාන්තර ව්‍යාපාර ද ඔවුන් දකින්නේ පමණ ඉක්මවා යෑම් ලෙසය, නැත්නම් කම් සැපෙහි ගැලීම් ලෙසය. කොටින්ම අපට අනවශ්‍ය දෑ ලෙසය. බහුතරයක්වූ සාමාන්‍ය මිනිසුන්ට ආණ්ඩුව පිළිබද ඇති කණස්සල්ල මෙයයි. ඔවුන්ගේ ප්‍රශ්ණය අර උගතුන්ගේ ප්‍රශ්ණයට වඩා මුලින් ඇති එකකි.
ලංකාවේ අපි so called ඊනියා "විවෘත වෙළඳ ආර්ථික"යකට යොමුවුනේ දැනට වසර හතලිහකට පමණ ඉහතදීය. එකල ඉන්දියාවත් චීනයත් "මධ්‍යස්ත ආර්ථික ප්‍රතිපත්ති" අනුගමණය කරමින් සිටි නමුත් ඔවුන් විසින් මෑතකදී අත් කරගෙන ඇති බටහිර ආරේ ආර්ථික සංවර්ධනයට සමාන්තර සංවර්ධනයක් අපට වසර හතලිහක් ගෙවා ගෙන වත් ලඟාවීමට හැකි වී නැත. එපමණක් නොව, ආසියාවේ අනිත් රටවල් හා සසඳන විට අප ඊනියා 'නිදහස' ලැබෙනවිට ඔවුන් හා කරට කර සිට අද පසුබා සිටින බව බොහෝ විශේෂඥයින්ගේ මතයය.
ලංකාවේ මේ කාලය තුල විටින් විට රටේ දේශපාලන ස්ථාවරත්වයක් නොතිබුන බව ඇත්ත නමුත් අපේ අසල්වැසි සමහර රටවල් තරමට බටහිර ආරේ ආර්ථික සංවර්ධණයක් අපට ඇති කර ගත හැකි නොවුනේ ඒ නිසාම නොවේ.
ලංකාවේ අපේ නොහැකියාවක් ඇත; විශේෂයෙන්ම එය රටේ බහුතරයක් වන සිංහල බෞද්ධයින්ගේ නොහැකියාවකි. ඒ නොහැකියාව මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයකි.
සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව අධි පාරිභෝගිකත්වය, පුද්ගල නිදහස වැනි ලක්‍ෂණ සහිත ධනවාදී ආර්ථික ක්‍රමයකින් ලඟා කරගන්නා සංවර්ධනය බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ලෙස හැඳින්විය හැකිය. අද බටහිර ආධිපත්‍ය හමුවේ ලොවපුරා බොහෝ රටවල් උත්සාහ කරන්නේ එවැනි සංවර්ධනයක් අත් කර ගැනීමටය. රජය මඟින් ඉඩ පහසුකම් සලසා දුන්නත් බටහිර ආර්ථිකය දුවවන්නේ පෞද්ගලික අංශය මිස රජය නොවේ. පෞද්ගලික අංශයද අවසානයේ ගත්කල තනි පුද්ගලයින්ගේ (ඒකීය පුද්ගල) ක්‍රියා කාරකම්ය. නව පාරිභෝගික භාන්ඩ හෝ සේවා නිර්මාණය කර ඒ තුලින් එතෙක් කල් නොතිබුනු පාරිභෝගික අවශ්‍යතාවක් නිර්මාණය කර ඒ මත පදනම්ව ව්‍යාපාර ඇරඹෙන්නේත් ඒවා මහා වෙලඳ ව්‍යාපාර බවට දියුනු වන්නේත් බොහෝවිට එම විශයෙහි දක්‍ෂ තනි පුද්ගලයින් අතින්ය. එවැනි හැකියාවක් ඇති පුද්ගලයින් (ඒකීය පුද්ගලයින්) විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් අතර දුලබය. ඔවුන්හට පොදුවේ බටහිර චින්තනය තුල නව දැනුම නිර්මාණය කිරීමේ ඇති නොහැකියාව මීට හේතුව විය හැකිය. බටහිර ආර්ථිකය දිව වීමට පාරිභෝගිකයින්ගේ දායකත්වයද අවශ්‍යය. නමුත් සිංහල බෞද්ධ සමාජය (පුද්ගලයින්) අධි පරිභෝජනය හෙලා දකියි. මේ කරුණු නිසා අප රටේ බටහිර ආරේ ආර්ථික සංවර්ධණයක් ඇති කර ගැනීමට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පිටුවහලක් ලැබෙන්නේ නැත. අප රට දියුණු නොවන්නේ බුද්ධාගම නිසා යැයි හිටපු පාප්තුමෙකු පැවසූ බව සඳහන්වේ. එතුමා මොන අරමුණින් ඒ අදහස් දැක්වූවත් බටහිර ආරේ ආර්ථික සංවර්ධනයකට අවශ්‍ය නිර්මාණ කරුවනුත් පාරිභෝගිකයිනුත් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බිහි කරන්නේ නැති බව පැහැදිලිය.
නමුත් ජගත් සිංහල බෞද්ධ අප බටහිර ආර්ථික සංවර්ධණය පසුපස නොයා යුත්තේ ඒ නිසා පමණක් නොවේ. බටහිර ආර්ථික විද්‍යාවටද බටහිරුන් අපේක්‍ෂා කරන "සංවර්ධනය" අත් කර දීමට නොහැකිය. අද ඊනියා "දියුණු යැයි සලකන" බටහිර රටවල පවා දුප්පත් පොහොසත් පරතරය වැඩිවෙමින් පවතින බව "ආර්ථික විශේෂඥ"යෝ (ඊනියා) පවසති. ඒ පරතරය අඩු කිරීම ඊනියා ආර්ථික සංවර්ධනයේ එක් මූලික අපේක්‍ෂාවකි. නමුත් ඊනියා "ධනවාදී සංවර්ධනය"ට විභවයක් වන්නේද ඒ පරතරයමය. එනම් ඊනියා "ආර්ථිකය සංවර්ධනය" වන්නේ තමන් දුප්පතුන් යැයි සිතන පිරිසක් පරිභෝජනය හරහා සමාජයේ ඉහලට යන්නට තැත් කරන බැවිනි. දුප්පත් පොහොසත් පරතරය එම පරතරය නිසාම දිවෙන ආර්ථික ක්‍රමයකින් පියවිය හැකි නොවේ. එහි පරස්පර විරෝධීතාවක් ඇත. අද බටහිර ආරේ ආර්ථික ක්‍රමයක් අනුගමනය කරමින් සංවර්ධනය වන බොහෝ රටවල සාපේක්‍ෂ දුප්පත්කම වැඩිවෙමින් පවතින්නේ ඒ නිසා නොවේද?
Deleteඊනියා බටහිර ආරේ "ආර්ථික සංවර්ධනය" මුලාවක් පමණි. අපි ඒ පසු පස බඩගාමින් යා යුතු නොවේ. අපි අපට අවේනිකවූ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගත යුතුය. ඊට අවශ්‍ය උපාංග දැනටමත් අපේ ආර්ථිකයේ ගිලී සැඟවී පවතී.
එහි පදනම විය යුත්තේ, සංවර්ධනයේ අරමුණ විය යුත්තේ සමාජ විශමතා අවම කරගනිමින් ස්වයංපෝෂණය වීම මිස ඊනියා "උසස් ජීවන තත්වයක්" ඇති කර ගැනීම නොවේ. ඊනියා බටහිර "ආර්ථික සංවර්ධනය" හරහා අපේක්‍ෂා කරන ඊනියා "උසස් ජීවන තත්ත්ව" ඔවුනට කෙදිනකවත් අත්පත් කරගත නොහැක.
අපට උරුම ආර්ථික ක්‍රමයකට ඇවැසි හැකියාවන් ආකල්ප හා සංකල්ප අදටත් අප ආර්ථිකයේ මුල් බැස තිබේ යැයි මම සිතමි. අපිට බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමට නොහැකි මේ නිසාය. එසේ නමුත් අපි ආර්ථිකව නොවැටෙන්නේද ඒ නිසාය. සිදුවිය යුත්තේ බටහිර සංකල්ප යටපත් කර අපේ ආර්ථික ලක්‍ෂණ ඉස්මතු කර ගැනීමය. අවාසනාවකට මෙරට සාමාන්‍ය ජනයාට රට නොයායුතු ගමන් මඟ පිළිබඳ යම් වැටහීමක් තිබුනත් ඔවුන් බටහිර සංවර්ධන මායාවෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී නැත.
ඉකොනොමැට්ටා කුරුණෑගලදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවක් අමතමින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී එහි අඩි 03ක වියදම Rs. 1,850,000 ක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ReplyDeleteඔහු මේ බව කියා සිටියේ වසර කිහිපයකට පෙර දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල අවස්ථාවේදී එම මාර්ගය "ඇඹුල් තියල් ගෙනෙන්න"දැයි ජවිපෙ නායකයා විසින් කරන ලද ප‍්‍රකාශයක් සංවාදයට ලක් විය.
මාර්ග තදබදය ගැන අදහස් පලකරමින් පෙරේදා ජවිපෙ නායකයා කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයකදී කියා සිටියේ මහරගම සිට පිටකොටුවට පැය එකහමාරක් තුල ගියහොත් ලොතරැයියක් ඇදුනා හා සමාන බවයි. ඔබ මේ ගැන කියන්නෙ මොනවාද ඉකොනොමැට්ටා?
වාලම්පූරියකිනුත් අලි මෙල්ල කරන්න පුලුවන්, එහෙම නැත්නම් ෆෙන් ෂුයි ක්‍රමයට පුලුවන්.
ReplyDeleteබුදුහාමුදුරුවන් වහන්සේටත් අවසන් කාලයේ දිනෙක පවසින් පීඩිතව ටික වෙලාවක් ඉන්නට වුණා නේද? කර්මය විපාක දීම එහෙම නම්?
ReplyDeleteඅලි මන්තර වලින් අලි මෙල්ල කරන්න පුලුවන්ද නැද්ද මම දන්නෑ. ඒත් සත්ව විද්‍යාඟයින් කියන විදිහට අලියා, වලසා වගේ සත්තුන්ගෙ මොලේ හරිම අන්ප්‍රෙඩික්ටබල්. එක වෙලාවක යකෙක් වගේ ඇටෑක් කරන්න දුවගෙන එන වලස්සු අන්තිම තත්පරේ ආපහු හැරලා දුවනවා. අලියත් එහෙමයි. අනිත් එක අලිය ඉස්සරහට ගිහින් අර වගේ අත උස්සලා ඉන්න පොසිෂන් එකේද අලියට අපිව පේන්නෙ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකුවට. ඕනෙම සතෙක් තමන්ට වඩා විශාලව පෙනෙන සතෙකුට ඇටෑක් කරන්න පැකිලෙනව.
ReplyDeleteඅනිත් එක අලින් ගේ රියල් චාජ් එකයි මොප් චාජ් එකයිකියල දෙකක් තියෙනවා. මොප් චාජ් එකකදි අලිය එන්නෙ ඇත්තටම ඇටෑක් කරන්න නෙමෙයි.... ඉස්සරම ඉන්න කෙනාව බය කරන්න. ඒ වෙලාවට අපි නොසැලී හිටියොත් සියයට අනූවක්ම අලියා ආපහු හැරිල යනවා. අපේ අය අලි මන්තර වැඩ කලා කියන්නෙ මේ මොප් චාජ් එකක ඉන්න අලියෙක් ආපහු හැරිල ගියාම. ඒත් ඒ අලියම රියල් චාජ් එකකදි තත්වෙ වෙනස්...