වෙබ් ලිපිනය:

Saturday, January 26, 2019

සාධාරණ සමාජය



පවුල් සැලසුම කියන සංකල්පය අලුත් එකක් නෙමෙයි. සියවස් ගණනක් තිස්සේ ලෝකයේ බොහෝ සංස්කෘතීන් වල ජීවත් වූ මිනිස්සු පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කරලා තියෙනවා. වෙනස තියෙන්නේ කරපු ක්‍රමයේ.

ඉතිහාසයේ වැඩි කාලයක් පුරා පවුල් සැලසුම් කිරීම කියන එකෙන් අදහස් වුනේ අනවශ්‍ය දරුවන් උපන් අළුතම මරාදැමීම හෝ මැරෙන්නට හැරීමයි. ඊට අමතරව, දරුවන් අවශ්‍ය අයෙක් සිටීනම් දරුවා හදා ගන්න දීමත් සිදුවෙලා තියෙනවා.

ග්‍රීක හා රෝම සංස්කෘතීන් පැතිර තිබුණු ප්‍රදේශ වල උපන් අළුත දරුවන් මරා දැමීම ඉතා සාමාන්‍ය දෙයක් ලෙස මෙන්ම පිළිගත් සමාජ සම්මතයක්ව පැවතී තිබෙනවා. මෙය වරදක් ලෙස සලකා නැත්තේ උපන් අළුත දරුවෙකු මිනිසෙකුව නැතැයි යන පදනමින්. තර්කානුකූලව බැලූ විට මෙය අද බොහෝ සමාජ වල ගබ්සාව සමාජ සම්මතයක් වීමෙන් වෙනස් වන්නේ නැහැ.

ඔක්සිරින්කස් ප්‍රදේශයේ සිට ඇලෙක්සැන්ඩ්‍රියාවට රැකියාව පිණිස පැමිණ සිටි හිලරියන් විසින් ගමට යන කණ්ඩායමක කෙනෙකු අතේ ඔහුගේ ගැබ්බර බිරිඳට ලිපියක් යවනවා.  ක්‍රිස්තු පූර්ව 1 වසරේ ජූනි 17දා (සීසර්ගේ 29 වෙනි අවුරුද්දේ පවුනි මාසයේ 23 වෙනිදා) පැපිරස් පතක ලියන මේ ලිපියේ ඔහු බිරිඳට මෙහෙම කියනවා.

"අනෙක් අය ගමට එද්දී මම ඇලෙක්සැන්ඩ්‍රියාවේ නතරව සිටීම ගැන කණගාටු වෙන්න එපා. පොඩි පුතාව ආදරයෙන් බලාගන්න. පඩි ලැබුණු ගමන් සල්ලි එවන්නම්. මා එන්න කලින් දෙයියන්ගේ පිහිටෙන් කරදරයක් නැතුව දරුවා ලැබුනොත්, පුතෙක්නම් තියාගන්න. දුවෙක්නම් ගිහින් දාන්න."

දැන් මේ විදිහට දුවෙක්නම් ගිහින් දාන්න කියන එකෙන් කියන්නේ අලුත උපන් අනවශ්‍ය දරුවන් ගෙනිහින් දමන තැනකට ගිහින් දාන්න කියලයි. එවිට දරුවන් අවශ්‍ය අයෙක්ට කැමතිනම් දරුවා එතැනින් අරගෙන ගිහින් හදාගන්න පුළුවන්. නමුත් බොහෝ විට වෙන්නේ දරුවා මරණයට පත් වෙන එකයි. ආබාධිත දරුවන් මරා දැමිය යුතු බව කලක් රෝම නීතියේ කොටසක්ව තිබී තිබෙනවා. මේ වගේ පුරුදු පාලනය වී තිබෙන්නේ ක්‍රිස්තියානි ආගම පැතිරීමෙන් පසුවයි. මේ ආකාරයටම මැදපෙරදිග බිළිඳුන් මරා දැමීම පාලනය වී තිබෙන්නේ ඉස්ලාම් ආගම පැතිරීමෙන් පසුවයි. චීනයේ, ජපානයේ හා ඉන්දියාවේ අනවශ්‍ය බිළිඳු දරුවන් මරා දැමීම දහනවවන සියවස දක්වාම ප්‍රචලිතව තිබී තිබෙනවා. ජපානයේ මෙය හැඳින්වී තිබෙන්නේ කප්පාදු කර දැමීම යන අදහස ඇති මබිකි (まびき) යන නමින්.

පසුගිය සටහනේ පලකළ රොබට් නොක්ස්ගේ සටහන අනුව දිය බඳුනක හිස ගිල්වීමෙන්, පණ තිබියදීම වලලා දැමීමෙන් හා මිය යන තුරු කෑම බීම නොදී සිටීමෙන් ලංකාවේ අනවශ්‍ය දරුවන් මරා දමා තිබෙනවා. තමන්ගේම කුලයේ අයෙක් ඉදිරිපත් වූ අවස්ථාවලදී දරුවාව හදාගන්න දී තිබෙනවා. රොබට් නොක්ස් කියන්නේ මේ පුරුද්ද නැවැත්වීමට එවකට කිසිදු නීතියක් නොවූ බවයි. එහෙත්, පසුකාලීනව එවැනි නීතියක් පනවා තිබෙනවා.

1825 අගෝස්තු 25දා ගාලු කොටුවෙන් ලංකාවට ගොඩ බැස ලංකාව පුරා සංචාරය කරන රෙජිනෝල්ඩ් හෙබර් බිෂොප් වරයා විසින් ඒ වන විටත් ලංකාවේ බිළින්දන් ඝාතනය වෙමින් තිබීම ගැන 1825 සැප්තැම්බර් 16 දින සටහන් කරන්නේ මෙහෙමයි (පිටුව 252).

"උපන් අළුත බිළිඳියන් මරා දැමීමේ බිහිසුණු පුරුද්ද දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්ක වල තවමත් තිබේ. පසුගිය 1821 සංගණනයට අනුව රටේ පිරිමින් ගණන ගැහැණුන් ගණනට වඩා 20,000කින් වැඩිය. එක් දිස්ත්‍රික්කයක පිරිමින් 100කට ගැහැණුන් සිටින්නේ 55ක් පමණි. ගැහැණු පිරිමි අනුපාතය සමානව තිබෙන්නේ තනිකරම මුසල්මානුවන් පමණක් ජීවත් වන ප්‍රදේශ වල පමණි. මේ අස්වාභාවික හැසිරීමට හේතුව එක් ගැහැණියක පිරිමින් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු සමඟ පවුල් කෑමේ අමුතු සිරිත හේතුවෙන් ගැහැණු දරුවන් විවාහ කර දීම අපහසු වී තිබීම හා ගැහැණියක අවිවාහකව ජීවත්වීම ලැජ්ජාවට කරුණක් සේ සැලකීමයි. ගැහැණු උපතක් සිදු වූ වහාම නැකත්කරු විමසනු ලැබ ඈ නරක ග්‍රහ පිහිටීම් සහිතව උපත ලබා ඇත්නම් වන මෘගයෙකුට ගොදුරු වී හෝ කූඹි කා මිය යන්නට ඉඩ හරිමින් කැලෑවක අතහැර ඒම සිදු වේ. කෙසේ වුවද, මෙය සිදුවන්නේ මවුවරුන්ගේ කැමැත්තෙන් නොවන බව අසන්නට ලැබීම සතුටට කරුණකි."

17 comments:

  1. මේක නම් අති මානුෂීය කරුණක්.. හැබැයි ඔය සමහර ආගම් වලින් දාපු නීති සහ සුද්දන් ගෙනාපු සමහර නීති නම් අපේය කියල තිබ්බ නිදහස් චින්තනයට බාදාවක්.. එක ගෙයි කෑම වගේ ඒවා පුද්ගල කැමැත්ත මත තීරණය කරන්න තිබ්බනම් වඩා හොඳයි කියල හිතෙනවා.. විශේෂයෙන්ම අද කාලේ උනත්, පවුලක් නඩත්තු කරන්න ඕනි ආදායම වගේම ගෙදර දොරේ ළමයින්ගේ වැඩ රාජකාරි කන්දරාව දැක්කම එක පවුලකට පිරිමි දෙන්නෙක් හිටියනම් පට්ට වටිනවා කියල හිතෙනවා.. වෙන මොකුත් ඕනි නෑ.. නීතියෙන් බාදාවක් නොවුනානම් මම අපේ පවුලට තව මනුස්සයෙක් බැඳ ගන්න කියනවා කිසිම චකිතයක් නැතුව.. හෙහ් හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. මල්ලි සමලිංගිකද?

      Delete
    2. ඉතින් ඕකට බැඳගන්නම ඕනෑය? නෝනට එක්කෙනෙක් ගෙදර එක්කන් එන්න කියන්නකො!

      Delete
    3. නෝනා කැමති නෑනේ ඒකට.. බැඳලා නම් හා ලු.. :) :D

      Delete
    4. සමහර මිනිස්සු ඉන්නවා, ඒ අය ලිංගිකව තෘප්තිමත් වෙන්නේ තමුන්ගේ බිරිඳ සමග වෙන පිරිමියෙක් ලිංගිකව එකතුවෙනවා බලලා. මේක මානසික ලෙඩක් තරමටම දුරදිග යන එකක් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද බිරිඳ අකමැති නම් වෙනින් පිරිමියෙක් සමග ලිංගිකව එකතු වෙන්න. තමුන්ගේ ස්වාමියාගේ ඉල්ලීම ඇයටත් මානසික පීඩනයක්. මෙහි සදහන් අන්දමට මේ කෙනා තමන්ගේ බිරිඳගෙනුත් මේක අහලා..

      ඒ වගේම මට දිනක් මහරගමදී බෝඩිමක් බැලීමට ගිය විටදී මේ දෙය සිදුඋනේ. බෝඩිම අයිති පිරිමි කෙනා අවුරුදු 40 ක වගේ කෙනෙක්. ඔහුගේ බිරිය අවුරුදු 35 ක පමණ කාන්තාවක්. පිරිමි කෙනා නම් ඉංජිනේරුවෙක් කියලා කිව්වේ. ඔහුගේ බිරිය බැංකු නිලධාරීනියක්. හරිම ලස්සන කාන්තාවක්. ඔහු සමග කතාබහ කරද්දී ඔහු කිවේ ඔවුන්ගේ නිවසේ මාව නොමිලේම නවතා ගන්නම්, ඔහුගේ බිරිඳ සමග ඉන්නට අවස්ථාවත් ලබා දෙන්නම් කියලා. ඔහු සමරිසියකු බලද්දී. ඔහුට ඕනා බෝඩිම්කරුවා සමග ඉන්න, ඔහුගේ බිරිද බෝඩිම්කරුවාට ලබා දී.

      Delete
    5. //මෙහි සදහන් අන්දමට මේ කෙනා තමන්ගේ බිරිඳගෙනුත් මේක අහලා..// තමන්ට පිස්සු උන් ඔක්කොම වගේ හිතන්නේ අනුන්ට පිස්සු කියල බං.. :D :D :P

      Delete
    6. Ano 8.34 PM

      Read this before that please.

      http://www.divaina.com/2017/06/04/feature08.html

      Delete
    7. AnonymousJanuary 27, 2019 at 9:22 AM

      මේ UNP ලංකා නිවුස් වෙබ් එකේ නිවුස් එකක්.

      ///නාවික හමුදා කප්පම්කරු මවගේ කණකරත් පැහැරගෙන !

      විශේෂ පුවත්...

      කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධ නඩු විභාගයේදී එක් කප්පම්කරුවකු හඳුනා ගැනීමට සාක්ෂිකරුවන් පසුගිය 09 වනදා සමත් විය.

      කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ පැවැත්වුණු හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එසේ සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන ඇත්තේ "අන්නාචී" නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන නාවික හමුදා නිලධාරියෙකි. ඔහු තනතුරින් "බල නැවියකු" වන අතර නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කර ඇත.

      මෙකී නාවික හමුදා කප්පම් කල්ලිය විසින් පැහැරගත් එක් දරුවකුගේ මවට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබාදෙමින් කප්පම් මුදල් ඉක්මනින් ලබාදෙන ලෙස තර්ජනය කර ඇති අතර එහිදී එම මව ප්‍රකාශ කර ඇත්තේ මුදල් ගෙවීමට පෙර තමන්ට තම දරුවා දැක ගැනීමට අවශ්‍ය බවයි.

      අවසානයේ එම කල්ලිය ඊට එකඟවී ඇති අතර රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලත් රැගෙන ත්‍රිකුණාමලයේ තඹලගමුව ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී ඇත. ඒ අනුව එහි ගිය මව හමුවීමට පැමිණ ඇත්තේ "අන්නාචී" නම් නාවික හමුදා කප්පම්කරු ය.

      ඔහු එහිදී බලහත්කාරයෙන් එම මව සතු රුපියල් ලක්ෂ පහක මුදල මෙන්ම ඇගේ කණකර ආභරණ ද පැහැරගෙන පළාගොස් තිබේ. එම සිදුවීම නිසා ඔහුගේ හැඩරුව, මුහුණුවර ඉතාම හොඳින් ඇයගේ මතකයේ සටහන්ව ඇති අතර ඇය විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී ඔහුව නිශ්චිතවම හඳුනාගෙන ඇත.

      අන්නාචි නම් සැකකරු සහ තවත් නාවික හමුදා සාමාජිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය දෙසැම්බර් 18 වනදා ය.

      2008 වසරේදී පුද්ගලයින් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව හිටපු නාවික හමුදාපති 'වසන්ත කරන්නාගොඩ' මහතා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කෙරේ.

      මීට අදාළව අත් අඩංගුවට ගෙන සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු පිරිසක් මේවන විට ඇප මත නිදහස් කර තිබේ.///

      මොන මිනිස්සුද බං නේවි එකේ ඉන්නේ? එක්කෝ හොර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, මිනිස් ජාවාරම්කාරයෝ, කප්පංකාරයෝ, මිනීමරුවෝ. ලැජ්ජයි නේ. නොදකින් නොදකින් නොදෝමකින්

      Delete
    8. ඔයා මාරයි ඇනෝ ඈ! සියල්ල දකිමින් සියල්ලට ඉහළින් ඉන්න හිරු වගේ.. :)) හැබැයි Gallantry Medals ගැසට් එක සුළු අතපසුවීමකින් මිස් වෙලා..:D :D btw, සොරි ඉකෝන්.. මම කොමෙන්ට් එකෙන් කියන්න අදහස් කරපු පණිවුඩේ පැත්තක තියෙද්දී මේ ආතල් එකකට සෙට් වෙන්න උනාට.. මම මේක මෙතනින් නතර කරනවා.. Some of above information published by above Ano are very personal to me.. (even though I'm not that affected).. You may decide whether to keep them or remove them. Thanks!

      Delete
    9. පත්තරේක තිබුන ලිපියක්, ගැසට් එකේ ගිය ලිපියක් බෙදා හදා ගන්න එක ප්‍රශ්නයක් නෙමේයිනේ. එව්වා ප්‍රසිද්ධ උන දේවල්. ගැසට් එකේ තියෙන්නේ ආණ්ඩුවෙන්ම ප්‍රසිද්ධ කරපු ලේඛන.

      Delete
    10. හිතවත් කල්යාන,

      ඉහත ඇනෝවරුන් විසින් ඔබව අපහසුතාවයට පත්කිරීම මමද අනුමත නොකරමි. නමුත් බ්ලොග් ඇතුළු සමාජ ජාලා වල තමන් හෙන පොරක් ලෙස පෙන්වමින් ලිපි ලියමින් සිටි සියල්ලන්ටම පාහේ මෙබඳු අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. ඔය කියන ඇනෝ කාරයා ළඟ ඔබේ ගැසට් එකට අදාල කොපීස් ඇති. අනෙක බලෙන් කමෙන්ට් ඩිලීට් කිරීම මගින් අදහස් වාරණය කළ හැකි යයි සිතීම මහත් මෝඩකමක්.

      බ්ලොග් වල නෙලුම් යාය එජාප හිතවාදී දේශපාලන ව්‍යාපෘතිය අසාර්ථක වීම සහ බ්ලොග් පොලීසියක් පිහිටවීමේ යෝජනා ගෙනා අයට සිදුවූ දෙය ඔබත් දකින්නට ඇති. දැන් ඔවුන්ට වෙනත් බ්ලොග් එකක නමින් කමෙන්ට් එකක් දැමීමත් හෙන ප්‍රශ්නයක්. මේ නිසා කලබල නොවී බුද්ධිමත්ව කටයුතු කරන මෙන් ඉලා සිටිමි. නැත්නම් රට වටේට බ්ලොග් වලයි ගොසිප් සයිට් වලයි ෆේස් බුක් එකෙයි මේ යක්කු මේක කමෙන්ට් විදිහට පබ්ලිෂ් කොරල තවත් මඩ කතන්දර ගොතල ඔබට පහර ගහවි. ඔබ පොලෝසි ගානෙ ගිහින් වාත වීම ගැන අවන්කවම කණගාටු වෙමි, සිරිලන්කා පොලොස් සේවාවේ හැටි ඉතින් ඔහොම තමයි. ඉවසීමෙන් සහ ධෛර්‍යියෙන් කටයුතු කරන්න. හොඳින් ඉන්න.

      Delete
    11. @ කල්‍යාණ මිත්‍ර January 27, 2019 at 10:32 PM

      ///"ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නයි ජනාධිපතිගෙන් ඉල්ලීමක් (2017 මාර්තු මස 16 ප.ව. 09:29 ලාංකාදීප )

      සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නෞකාවට වෙඩි නොතබන ලෙසත් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙසත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සෝමාලියානු ආරක්ෂක අංශ වෙත ඉල්ලීමක් කර ඇත.

      ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා බහරේන්හි ඒකාබද්ධ නාවික බළකාය මාර්ගයෙන් සෝමාලියානු ආරක්ෂක අංශය වෙත මෙම දැනුම්දීම කර තිබේ.

      නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ද නාවික හමුදාපතිවරයා එරට ආරක්ෂක අංශයෙන් ඉල්ලා ඇත."//

      අනේ බන් මොකද උඹගේ මහ ලොකු වීර කැප්ටන් හැඩෝක් නන්දිකඩාල් පටබැඳිගේ බඩ තඩි පිස්සු රැවුලා ඉල්ලීම් කර කර ඉන්නේ. සි රිග් ද මොකක්ද බොරුනමක් කියලා ශේප් කරන්න හදපු අර චූටි සකලබුජන් කොටකලිසම් කබලයි ටීශර්ට් එකක්කුයි ඇදගෙන ගිහින් දෙන්න එපයි මුහුදු කොල්ලකාරයොන්ට කන හරහා. දීලා අපේ මිනිස්සු ටික බෙර ගන්න එපයි. නොදකින් කාලකණ්ණි දෙකයි පනහේ බතලයා !

      (ප.ලි. එසේම ඇඟ බේරාගෙන පොඩි එවුන් කඩේ නොයවන ඔබේ මහා වීරයා නැගෙනහිර මහ ඇමති නාවික හමුදා නිලධාරියකුට පහත් අයුරින් බැණ වැදුනු විට මෙලෙස මහ ඇමතිගේ බෙල්ලෙන් අල්ලාගනු අපි නොදුටුවෙමු. එයා යෝශිතට වැඳගෙන ඉන්න පින්තූරෙකුත් ඔය FB එකේ ගියේ, හොඳට මරාටත් ගොට්ට අල්ලලා තියෙනව නේද? )

      Delete
    12. කොමෙන්ට් ටික මෙතන ඩිලීට් කරාට වැඩක් නෑ මෝඩස්. එව්වා අපි කලින්ම බ්ලොග් කීපයකම පබ්ලිෂ් කරා. ගුගල් කරලා බලහං කොමෙන්ට් තියෙන සයිට් ටික බලාගත්ත හැකි. ගොන් වහන්සේ මේ කොමෙන්ට් අයින් කරන්න කිව්වේ නැත්තං මේ සීමිත පිරිසක් බලන ඉකොනෝගේ බ්ලොග් එකට එන අය විතරයි දකින්නේ. දැන් උනේ මේක හැම තැනම ගිය එක.

      මෝඩස්ගේ නෝනාට විවහා යෝජනා එහෙම එනකොට සනීප වෙයි දැන්. ගොසිප් වලත් වැටෙයි ආ 'තමුන්ගේ බිරිඳට සහකරුවකු සොයන සැමියා' වගේ ටොපික් වලින්.

      Delete
  2. ඉන්දියාවේ ගෑණු දරුවෝ ඉපදුන දවසේම බකට්වල දාලා පාර අයිනේ තියන කතන්දරේ 2000ත් සිද්දවුනා, ඒවැනි ළමුන් ඉන්නා අනාතනිවාසෙකට මම ගිහින් තියනවා, ස්තීරව වඳභාවයට පත්වෙන පිරිමින්ට රජයෙන් මුදලක් ගෙවන වාසෙක්තමී පවුල් සැලසුම් ක්‍රමය ආවාට පස්සේ පාරට ළමයි දාන ඒක අඩුවුනා කියලා ඔවුන් කීවා. හොරෙන් කොච්චියේ ගිහින් අහුවෙලා දඩ ගෙවාන්න බැරි අය දම්වැල් වලින් ගැටගහගෙන ඒ සැත්කම කරන තැනට ගෙනා බව එහි වෛද්‍යවරිය කීවා.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා සෝවියට් රුසියාව තියෙන කාලේ ඒ රටේදි නම මතක නැති චිත්‍රපටයක් හැදෙනවා නම අමතක අධ්‍යක්ෂක වරයෙක් අතින්. මේ චිත්‍රපටය බලන සෝරියට් බලධාරීන් එහි සෝවියට් සිස්ටම් ගැන උත්කර්ශ්යට නංවන ආකාරය දැකලා චිත්‍රපටයට සම්මාන දෙනවා. නමුත් එයින් වසර ගණනාවකට පස්සේ බලධාරීන්ට තේරෙනවා අධ්‍යක්ෂක වරයා කලේ සෝවියට් දේවල් අතිශයෝක්තියට නගමින් සාකාස්ම් මගින් ඒවා පීචං කිරීමයි කියලා. ඉන් පසුව නිර්මාණ කරුවාට මරණ වරෙන්තු නිකුත් කරනවා

    ඩිරෙක්ට්ලි කියන් දේවල් වලට අමතරව සංඛේත භාවිතයෙන් දේවල් කියන එක හොඳ චිත්‍රපටි කරුවෙකුගේ හැකියාවක්.

    ගින්නෙන් උපන් සීතල එකේ Anuruddha Jayasinghe ඒ වැඩේ නියමෙට කරනවා.

    වනගතව ජීවත් වෙද්දී කෙරෙන එක දෙබසක් තියෙනවා මෙහෙම

    විජේවීර : "පරාජයන් හමුවේ පරදින වෙලාවට පසුබැස ගිහිං වනගතව සංවිධානය වෙන එක අපි විතරක් නෙමේ පිදෙල් කැස්ත්‍රෝ, චේ ගුවේරා වගේ අය පවා පිළිපැදපු ජාත්‍යාන්තර ප්‍රැක්ටිස් එකක්"

    මස් පුච්චමින් ඉන්න සටන් සගයා කෝටුවේ ඇමිණූ මස් කැබැල්ල දෙස බලා : "මදි නේහ්"

    සිනමාපටයක් ලෙසින් ගත්තාම ගින්නෙන් උපං සීතල ට මම පට්ට ආසයි. හැබැයි විජේවීරගේ දේශපාලනය ගැන කතා කරනවා නං වඩා වැදගත් වෙන්නේ හදපු ළමයි ගානට වඩා ඔහු කියපු කරපු දේවල් මොනවාද ඔහු ලංකාවේ කරන්න හදපු දේවල් මොනවාද කියන ඒවා සාකච්ඡා කිරීමයි.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ රෝහණ විජේවිර ගේ හඬින්ම යූ ටියුබ් එකේ දැනටත් හොයා ගත හැකි ඔහුගේ ප්‍රකාශ කිහිපයක්

      -"අන්න තිරිකුණාමල වරාය තෙල් ටැංකි 98ක් එක්ක ජේ අර්ගෙ ආඅණ්ඩුවෙං අවුරුදු 25කට බදු දීල තියෙනවා ඇමරිකන් බහුජාතික සමාගමකට. ඇමරිකන් කාරයොන්ට බදු දුන්නාම වරායක් ඇමර්කින් කාරයෙන්ගෙ පස්වෙනි මිනීමරු නාවුක හමුදව මේ රටේ මුහුදු සීමාවෙ නැංගුරම් ලාගෙන ඉන්නවා. එතකොට සෝවියට් දේශය වගේ රටවල් වලට මේ රට සතුරු රටක් හැටියට සළකන්න සිද්ධ වෙනවා. එහෙම නං සෝවියට් දේශෙට අද සිද්ධ වෙලා තියෙනවා උස්බෙකිස්තානෙ හරි ටජිකිස්ථානෙ හරි එහෙම නැත්නං සයිබීරියාවෙ කෙළවරක හරි ලංකාවට මානලා රොකට් හයි කරන්න. අපි මොකද ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවාම මොකද කරන්නෙ. අපි කියනවා ජනතා විමුක්ති පෙරමුන බලයට පත් වුන පලවෙනි පැයේම ජේ ආර්ගෙ සම්මුතිය සම්පූර්ණයෙන්ම ඉරලා දාලා ඇමරිකන්කාරයොංගෙ කලිසං මිනිස්සුංගෙ කලිසං ගලෝලා වීසි කරනවා සැතපුම් 200ක් ඈතට"

      -- "ඊ ළඟට මේ ආණ්ඩුව අයුක්ති සහගත කොන්දේසි යටතේ ණය අරගෙන තියෙනව රුඉයල් කෝටි හයදාස් දෙසිය හැත්තෑ නමයක්. අපි බලයට පත් වුන ගමන් අපි කියනව ලෝකෙටම මේ රට මේ ජාතිය ලෝකයේ කිසිවෙකුට ණය නැති ජාතියක් කියලා අපි ණය අහොසි කරලා දානවා"

      - "හරි කවුරු හරි කියන්න පුලුවං ණය අර ගෙන අපි නොකෑවට උං (ජේආර්ලා) හරි කෑවනේ අපි අමාරුවෙං හරි ණය ගෙවමු කියලා. අපි ඒකට කියනවා මෙහෙම ලෝරෙන්සෝද අල්මේදා කැප්ටන් පෘතුගීසි කාරයා 1505 ලංකාවට ගොඩ බැස්ස දා ඉඳලා අවුරුදු 453ක් පරංගීයි ඕලන්දකාරයොයි ඉංග්‍රීසි කාරයොයි අපේ තේ දළු ටිකයි, මුතු මැණික් ටිකයි, කෝකෝවා ටිකයි රබර්කිරි ටිකයි කොල්ල කාගෙන ගියා. අද මේ පරම්පරාවෙ උගත් බුද්ධිමත් තරුණ ආර්ථික විද්‍යාඥ්ඥයො ගණිතඥ්ඥයෝ ඔක්කොම ඉන්නෙ අපි ගාව. අපි ඒ ගොල්ලොන්ට කියලා බොහොම සාධාරණව අර අවුරුදු 453යි ජේආර්ලා සිරිමාවෝලාගේ අවුරුදු 35යි මංකොල්ල කාපු ප්‍රමාණය ගණං හදනවා. හදලා අර කෝටි 6279 ඒ ටික අඩු කර ගෙන ඉතුරු ටික අපිට ගෙවන්න කියනවා. ඒක තමා අපේ ප්‍රතිපත්තිය" (ටෙනිසන් කුරේ නෙමෙයි කියන්නෙ ඈ රෝහන විජේවීර :v :v )

      - "නිදහස් වෙළෙඳාකපාලය කියල එකක් හදලා හොඳට තාර දාලා අපේ සල්ලි වලිං හැදලා සල්ලි හම්බු කරනවා. අපි බලයට ඇවිත් පල වෙනි පැයේම ඔය නිදහස් වෙළෙඳ කලාපෙ ට ගෙනැල්ල තියෙන විදේශිකයෝ කොම්පැනි යන්ත්‍ර සූත්‍ර තඹ සතයක් ගෙවන්නෙ නැතුව රාජ සන්තක කරනවා අපි"

      - "අපි බලයට පත් වුණොත් උපාලි විජේවර්ධනලගේ සල්ලි ඔක්කොම තඹ සතයක් වන්දි ගෙවන්නෙ නැතුව රාජසන්තක කරලා මේ රටේ සංවර්ධනයට යොදා ගන්න එකයි අපේ ප්‍රතිපත්තිය"

      -"මගෙං ඇහුවා මිහින්තලේ ගොවියෙක් එහෙනං සහෝදරයා ඉදිරි දහ අට මාසේදී අපි ණය ගත්තට කමක් නැද්ද කියලා.මං කියනවා තමුන්නාන්සේලට කමක් නෑ. පුලුවං නං ඕනෙ තරං ණය ගන්න. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවාම තමුන්නාන්සේලාගෙං ඒ ණය ආපහු ඉල්ලන්නෙ නෑ."

      - "මේ ආණ්ඩු වලිං මිනිස්සුන්ට ගෙපැලක් කපා ගන්න හේනක් කොටා ගන්න අවසර දෙන්නෙ නෑ උස්සං ගිහිල්ලා හිරේ දානවා. එහෙනං අපි කියනවා තමුන්නාන්සේලාට කැලෑ කොටන්න අපේ ආණ්ඩුවක් ආවාම ඉඩ ලබා දෙන එකයි අපේ ප්‍රතිපත්තිය" (බදුර්දීන් නෙමේ ඈ. විජේවීර විජේවීර)

      - "ජේ ආර් ජයවර්ධන උන්නැහේ රාජ්‍ය ඇමතිව ඉන්න කාලේ ඩඩ්ලිගෙ ආණ්ඩුවෙ යෝජනාවක් ආවා මැණික් ගඟ හරහා බැම්මක් බැඳලා ගොවියොන්ට ජීවත් වෙන්න කුඹුරු කරන්න ජලාශයක් හදන්න කියලා. එයා කිව්වා ඒකට ඉඩ දෙන්න බෑ. එතකොට යාලෙ සත්තු මැරෙනවා වතුර නැතුව කියලා. මින්ස්සින්ට වඩා සත්තු වටින ආන්ඩුවක්"

      - "අපි විතරයි මේ රටේ එකම දේශපාලන පක්ෂය පැහැදිලි ප්‍රතිඥ්ඥාවක් දීල තියෙන්නෙ. ජනාධිපතිට අගමැතිට ඕනෙ කෙනෙකුට පුහුණු කම්කරුවට ගෙවනවට වැඩියෙං තඹ සතයක් ගෙවන්නෙ නෑයි කියලා"

      -"- අපි පඩියකට වැඩ කරල නෙමෙයි මේ කෑ ගහන්නෙ. මගේ ජීවිතේ කවමදාවත් මම පඩියකට වැඩ කරල නෑ"

      - "අද අපිට සංවර්ධන සභා මන්ත්‍රීලා ඉන්නවා 13 දෙනෙක්. ඒ දහතුන් දෙනාට පඩිය හම්බු වෙනවා දහතුන්දාහක්. ඒ දහතුන්දාහෙං සතයක් ඒ ගොල්ලො ගන්නවද නෑ. දහතුන් දාහම පක්ෂෙ මුදල් ලේකම්ට බාර දෙනවා හැම මාසෙම. පියසේන රාමනායක තමුන්නන්සෙලගේ මන්ත්‍රීත් එහෙමයි දාහම දෙනවා. එයාට පඩියක් නෑ එය දුප්පත් මිනිහෙක්. පොඩි දරුවෙකුත් ඉන්නවා. එහෙම කියල සල්ලි දීල යන ගමං ඉල්ලනවද සහෝදරයා කීයක් හරි ආපහු ගන්න පුලුවංද කියලා. නෑ දරුවා ලෙඩ වුනොත් පක්ෂෙ යමක් කමක් තියෙන සහෝදරයෙක් ලඟට ගිහිං කියලා ඉල්ල ගන්නවා. එහෙම නැත්තං කියනවා අපිට පොල්ගෙඩි ටිකක් දෙන්න හාල් ටිකක් දෙන්න. අපිට ඉල්ලන්න ලැජ්ජ නෑ"

      මේ යූටියුබ් එකේ තියෙන එක වීඩියෝ එකක තිබ්බ ඒවා විතරයි. රෙකෝඩ් නොවෙන තැං වල මොන මොනවා කිව්වද දල්ලෑ

      Delete
  4. නිතර නොලියැවෙන ඒත් සැගවුණු ඉතිහාස තොරතුරු හරි ලස්සනට ලියල තියෙනවා . ඔය වගේම ලංකාවේ එකගෙයි කෑම වගේම ලෝකයේ බහු විවාහ ක්‍රමයට තුඩුදුන් සැබෑ කාරණා ගැනත් ලියන්න . එංගලන්තයේ ඇතුළු බොහෝ රටවල රජවරු බහු විවාහයන්ට ගිහින් තියෙන්නේ කිරුළට හිමිකම් කියන්න පුත්තු නැති වෙලාවට .

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: