වෙබ් ලිපිනය:

Tuesday, April 9, 2019

වේවැල් කෝටු සංස්කෘතිය


ගුරුවරුන් විසින් පාසැල් සිසුන්ට ශාරීරික දඬුවම් දීම හා රජයේ සරසවි වල නවක වදය කාලයෙන් කාලයට උඩට මතුවන මාතෘකා දෙකක්. පාසැල් ගුරුවරියකට උසාවියකින් දඬුවම් නියම කිරීමත් එක්ක පළමු කරුණත්, සරසවි සිසුවෙකු සිය දිවි නසා ගැනීම සමඟ දෙවන කරුණත් මැතකදී නැවතත් උඩට ආවා.

මම දකින විදිහටනම් මේ දෙකම එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්. ඒ විතරක් නෙමෙයි, මේ කරුණු දෙකටම සම්බන්ධ තවත් තුන්වන කරුණුත් තියෙනවා. ලී ක්වාන් යූ පන්නයේ නායකයෙක් ඇවිත් රට හදයි කියා බලාපොරොත්තු වීම එවැන්නක්. නමුත්, මේ කරුණු වලදී දෙවිදිහකට ප්‍රතිචාර දක්වන අය අඩු නැහැ.

ලංකාවේ සරසවියකට නොගිය අය අතර නවක වදය වෙනුවෙන් පෙනී සිටින අය නැති තරම්. එහෙත්, රජයේ සරසවියකට ගිය ඇතැම් අය නවක වදය වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව පෙනී සිටිනවා. නමුත්, එවැනි අය හැමෝම නෙමෙයි.

නවක වදයට එරෙහිව කතා කරන ගොඩක් අය පාසැල් සිසුන්ට ශාරීරික දඬුවම් පැමිණවීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම එවැනි ගොඩක් අය ලී ක්වාන් යූ පන්නයේ නායකයෙක් පත් කර ගැනීම වෙනුවෙනුත් පෙනී සිටිනවා. මෙතැනදී මා අවධානය යොමු කරවන්නේ කිසියම් නිශ්චිත පුද්ගලයෙක් දෙස නොවන බවත්, මේ වර්ගයේ කවුරු හෝ නායකයෙක්ට රටේ තිබෙන ඉල්ලුම ගැන පමණක් බවත් පැහැදිලිව කිව යුතුයි. විවිධ පුද්ගල චරිත ගැන අදහස් පළ වෙන්නේ ඒ ඉල්ලුම නිසයි.

රජයේ සරසවි වලට ගිය අය අතරින් ඇතැම් අය නවක වදය වෙනුවෙන් පෙනී සිටිනවා. තවත් අය නවක වදයට විරුද්ධ නොවී නිහඬව සිටිනවා. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රජයේ සරසවි වලට ගිය ගොඩක් අය එක්කෝ සෘජුව හෝ වක්‍රව නවක වදයට සම්බන්ධව සිටි අය වීම. එසේ නැත්නම් අඩු වශයෙන් එයට විරුද්ධ නොවූ අය වීම. නමුත්, රජයේ සරසවියකට නොගිය අයෙකුට එවැනි ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මේ ප්‍රශ්නය දිහා බලන්නේ බාහිර පුද්ගලයින් ලෙසින් නිසා මෙහි තිබෙන අවුල පැහැදිලිව පෙනෙනවා.

ගුරුවරුන් විසින් දරුවන්ට දඬුවම් දීම කියන කරුණේදී රටේ ගොඩක් අයට මේ විදිහට ප්‍රශ්නය දිහා බාහිර පුද්ගලයින් සේ බලන්න බැහැ. එයට හේතුව ලංකාවේ බොහෝ දෙනෙක් ගුරුවරුන් ලෙසම නොවූවත්, අඩු වශයෙන් දෙමවුපියන් හෝ වැඩිහිටියන් ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා ඇති අය වීමයි. මෙතැනදී මේ විදිහට දරුවන්ට වද හිංසා කරන්නේ ඔවුන්ගේ අනාගත යහපත වෙනුවෙන්ය කියන හිතුවිල්ල හෝ ප්‍රකාශය අස්සේ රිංගලා කෙනෙක්ට තමන්ගේම හිත රවට්ටගන්න පුළුවන්. "අපි අද මෙතැන ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහල හදපු නිසා" කියා කියන එකත් ඔය බොරුවේම කොටසක්.

ටික කලක සිට ලංකාවේ නීතිමය වරදක් වුවත් ගුරුවරුන්ට දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා සමාජ විරෝධීන් ලෙස නොව සමාජ ශෝධකයින් සේ පෙනී සිටින්න හැකි වී තිබෙන්නේ ගෙවල් වලදී දෙමවුපියන් හා අනෙකුත් වැඩිහිටියන් විසින්ද දරුවන්ට එවැනිම ශාරීරික දඬුවම් පැමිණවීමයි. තමන්ගේ දරුවා හදාගන්න කියා ගෙදරදී දරුවාට ශාරීරික දඬුවම් දෙන දෙමවුපියෙකුට පාසැලේදී ගුරුවරයෙකු විසින් ඒ දේම කළාම එයට විරුද්ධ වෙන්න අමාරුයි. ඒ වගේම, "දැනුම් තේරුම් තිබෙන" පාසැල් ගුරුවරුන් විසින් සිසුන්ට ශාරීරික දඬුවම් දෙන විට ගෙවල්වල වැඩිහිටියන්ටත් ඒ දේම කරන්න උත්තේජනයක් ලැබෙනවා.

සරසවි වල නවක වදය දිගින් දිගටම පවතින්න හේතු වෙන්නෙත් "අපි අද මෙතැන ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහල හදපු නිසා" කියා හිතන මානසිකත්වයමයි. නවක වදය හේතුවෙන් තමන්ට යමක් ලැබුණු බව බොහෝ සරසවි සිසුන් හිතනවා. ඒ හැඟීම ගොඩක් දෙනෙක්ට තියෙන තාක් කල් නවක වදය නැති කරන්න අමාරුයි. සරසවි නවක වදයේ වගේම ඒකාධිපති පාලකයින් අපේක්ෂා කරන මානසිකත්වයේත් මුල තිබෙන්නේ කුඩා කාලයේදී වැඩිහිටියන් හා ගුරුවරුන් විසින් දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තමන්ට අවශ්‍ය ආකාරයට දරුවන් විනයගරුක කිරීමේ පුරුද්දයි.

මෙය කියවන අපේ පරම්පරාවේ ගොඩක් අය ඕනෑ තරම් පාසැලේදී ගුරුවරුන්ගෙන් ගුටි කා ඇති. පුළුවන්නම් එවැනි අවස්ථා දහයක් මතක් කරගන්න. මේ විදිහට ගුරුවරුන්ගෙන් වැඩිපුරම ගුටිකන්න වී තිබෙන්නේ මොන වගේ දේවල් වලටද? ගොඩක් වෙලාවට විනය සේ හැඳින්වෙන කරුණු හා අදාළවයි. කොණ්ඩය කපා නොතිබීම, අදාළ කාලයේ මෝස්තරය අනුව කලිසම කොට වීම හෝ දිග වීම, කමිසයේ උඩ බොත්තම පියවා නොතිබීම, ප්‍රමාද වී පැමිණීම, ගැහැණු ළමයින් හා අදාළව නියපොතු පාට කර තිබීම, ගවුම කොට වැඩි වීම...සරසවි නවක වදයේත් ඔය මූලික ලක්ෂණ ටික ඒ විදිහටම තියෙනවා.

විනය වැදගත් නොවන බව මා කියන්නේ නැහැ. නමුත්, එසේ විනය වැදගත් වන තැනකදී එය එසේ වැදගත් වන්නේ ඇයි කියන එක තවත් අයෙකුට පැහැදිලි කරන්න අමාරු නැහැ. බොහෝ විට ශාරීරික දඬුවම් අවශ්‍ය වෙන්නේ එවැනි විශේෂ වැදගත්කමක් නැති දෙයක් විනය කියන ලේබලය යටතේ බලාත්මක කරන විටයි. දඬුවම් ලබන අයෙක් විනයගත වෙන්නේ දඬුවමෙන් බේරෙන්න මිසක් එසේ විනයගත වීමේ වැදගත්කමක් දකින නිසා නෙමෙයි. මූලික අරමුණ දඬුවමෙන් ගැලවීම නිසා එතැන් සිටම කල්පනා කරන්නේ දඬුවමෙන් ගැලවී කලින් කළ දේ දිගටම කරන්නේ කොහොමද කියන එක ගැනයි.

දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීමෙන් සිදු වන්නේ කුඩා කාලයේ සිටම නිර්මාණශීලිත්වය මොට කරනු ලැබූ අණ පිළිපදින්නන් පරම්පරාවක් බිහි වීමයි. ඔවුන්ට හිතන්න අවශ්‍ය නැහැ. ඒ නිසා, තමන් වෙනුවෙන් හිතන හා තීරණ ගන්නා කවුරු හෝ ඉන්නවාට ඔවුන් කැමතියි. ඒකාධිපතියන්ට ඉල්ලුමක් එන්නේ එවැනි අයගෙනුයි.

(Image: http://conceptnewscentral.com/index.php/2016/01/18/kill-fail-lick-crime-duterte-tells-gensan-folks/)

12 comments:

  1. I am 100% against both (I am was in a local Uni) Simple reason is, sick people using the pretext for mental torture and low class JVPs using to torture middle and upper class. Students from all political parties involved in this and turn blind eye to this. (remember the history of Rajitha S, Nirmal D)

    This must be stop, Lee Kuan Yew or Rodrigo Duterte style, full stop.

    ReplyDelete
  2. නවක වදය කියන්නේ පැහැදිලිවම දේශපාලනික ක්‍රියාවලියක්. නවක වදයට ලක් නොවුවත් මම එය වි.වි දී පැහැදිලිව දැක්කා. මෙතන තියෙන්නේ ලොකු සමාජ ප්‍රශ්නයක්. අධ්‍යාපනය, දේශපාලනය සහ ආගම එකට පටලවාගෙන යනතාක් කල් ලාංකික සමාජයේ මේවා මේ විදියටම සිදු වේවි.

    ReplyDelete
  3. නවක වධය හරියට ලංකාවෙ ජනාධිපති කම වගේ. කිසිමකෙනෙකුට ඕන නෑ.හැබැයි තියෙනවා!

    ReplyDelete
  4. ඉකොනො ඔබ මරාගේ මිනීමොර මල්ලි බය ගෝටා ගේ ඇමරිකන් සිටිසන් කැන්සලින් + ලසන්ත ඝාතන නඩු ගේම් එක = ජනපති අපේක්ෂක සමීකරනය විසඳීම ඇරඹුව එක ගැණ ස්තූති කරමි. දැන් "ගෝටාභය ජනපති කිරීම අනවශ්‍යය" යන අපේ ස්ථාවරය සෙමෙන් සෙමෙන් රටතුල තහවුරු කිරීමට කටයුතු කරමු.

    දැන් ලංකාවේ සියලූම දේශපාලන පක්‍ෂ අස්ථාවර අතර පාර්ලිමේන්තුව ද අස්ථාවරය. පළාත් සභා කීපයක් අහෝසි වී ඇත. මෙම මාසයේ බස්නාහිර සහ දකුණ පළාත් සභා අහෝසි වීමට නියමිතය. පළාත් සභා නමයම අහෝසි වුවත් පවතින එජාප රජය පළාත් සභා ඡන්දය නොපවත්වන බව ද පැහැදිලිය.

    ලංකාවේ 2015 - ජනවාරි 9 සිට 2018 ඔක්තෝබර් 26 දක්වා ක‍්‍රියාත්මක වූ එජාප - ශ‍්‍රී.ල.නි.ප රජය පළාත් පාලන ඡන්දය පැහදිලි හේතුවක් නොමැතිව ඉත අධික ලෙස කල් දැම්මත් අවසානයේ 2018 පෙබරවාරි 10දින පැවැති පළාත් පාලන ඡන්දයෙන් දරුණු පරාජයක් ලැබී එ.ජා.ප. සහ ශ‍්‍රී.ල.නි.ප. නැත්තටම නැති විය.

    ලංකාවේ මැතිවරන වාර්තා අනුව එ.ජා.ප.ය සහ ශ‍්‍රී.ල.නි.ප.ය ලැබූ පරාජය මේතාක් බලයේ සිටි පක්‍ෂයක්/ පක්‍ෂ කිහිපයක් ශ‍්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ලැබූ ප‍්‍රබලම පරාජය විය.

    අනෙක් පැත්තෙන් මරා කල්ලිය වසර දෙකකට අඩු කාලයකට පෙර පිහිටුවනු ලැබූ පොදුජන පෙරමුණ රටේ ප‍්‍රබලම දේශපාලන ප‍්‍රවාහය බවට පත්විය. නමුත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණද අද වන විට අර්බුදයකට මුහුණ දී ඇත.

    මෛත්‍රීපාලගේ කුප්‍රකට අශික්ෂිත 2018 ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළිය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අත්කර දුන් වාසියක් නැත. කවුරු කෙසේ විමසා බැලූවත් ඔක්තෝබර් 26 එජාපය දින 50 කට බලයෙන් පහ කිරීමේ මෙහෙයුමට එකතුවීමෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පොට වරද්දා ගත් බව පැහැදිලිය.

    ලංකාවේ 2018 පෙබරවාරි 10 දින පළාත් පාලන ආයතන ඡන්දයේදී ඉත කෙටිකලක් තුල සියලු පක්ෂ පරදවමින් අතිවිශාල ජයක් වාර්තා කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නැතහොත් ‘පොහොට්ටු පක්‍ෂය’ කියන රාජපක්ෂවාදී කණ්ඩායම ජාතික තලයේ මැතිවරණයකදී තම පක්‍ෂයට ලබාගත හැකිව තිබූ භූමියේ වාසිය 2018 ඔක්තෝබර් 26 මෙහෙයුමට සහභාගි වීම හේතුවෙන් අහිමි කරගෙන ඇත.

    මේ වන විට සෝ කෝල්ඩ් සින්හල-බහුද්ද ජාතිකවාදීන් හෙවත් මහින්ද රාජපක්ෂ නායකත්වය දෙනු ලබන පාර්ශ්වය තම 2019 ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමේදී මුහුණ දී ඇති ප‍්‍රබලම ප‍්‍රශ්නයට ප‍්‍රධාන හේතුව 2018 ඔක්තෝබර් 26 ශ‍්‍රීලනිපය සමඟ නැවතත් එකට කටයුතු කිරීමට ගත් මුග්ධ තීරණයයි.

    ලංකාවේ 2019 ජනපතිවරණයට නාම යෝජනා කැඳවීමට මාස හතක් තිබියදී දේශපාලන පොරපිටියේ ප‍්‍රධාන බල කඳවුරු දෙකම තම ජනපති අපේක්ෂක කවුදැයි ප‍්‍රකාශ කිරීමට මැලිකමක් දැක්වීම ඇත්ත වශයෙන්ම රටක් වශයෙන් කනගාටුදායක ඉතාම අවාසනාවන්ත තත්වයකි.

    ලංකාවේ දැනට පවතින දැඩි දේශපාලන ව්‍යාකූලත්වය තවදුරටත් තීව‍්‍ර කිරීමට විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීමේ ජ.වි.පෙ. වෑයම තවත් හේතුවක් වී ඇත. ජ.වි.පෙ. (එ.ජා.ප. උපදෙස් අනුව) යෝජනා කරන 20 වන සංශෝධනය මාර්ගයෙන් විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ ෂවලින් නොලැබෙන්නේ නම් තමන්ද ජනපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනු ලබන බව ජවිප පවසයි. ජවිප තම යෝජනාවලිය සම්බන්ධයෙන් එජාපය, ද්‍රවිඩ ජාතික සංධානය, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කර ඇත. පොදුජන පෙරමුණ ජවිප විකිණීමට උත්සාහ කරන 20 වන සංශෝධනයට සහයෝගය පළ නොකරයි. ජවිප මෙහෙයුම හුදු දේශපාලන ක‍්‍රියාවලියක් බව පැහැදිලිය. 2019 ජනාධිපතිවරණයට පෙර කිසිදු ආකාරයක එකඟතාවක් 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ඇතිකර ගැනීමට නොහැකි බව ජවිප නායකත්වයට දැනෙන බව පැහැදිලිය.

    මරාවාදීන්ගේ පොදුජන පෙරමුණ 20 වන සංශෝධනය දැනටම ප‍්‍රතික්‍ෂේප කර ඇත; 2019 මාර්තු 25 බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීමේ මෙහෙයුමට තමන්ගේ සහයෝගයක් නොමැති බව මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පැවසූ ගමන් අසල අසුන් ගෙන සිටි පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය GL පීරිස්, අලහප්පෙරුමගේ ප‍්‍රකාශය අනුමත කළ නමුත් දින කීපයකට පසුව පොහොට්ටු ‘නායක’ මහින්ද රාජපක්‍ෂ තම කණ්ඩායමේ ජනපති අපේක්‍ෂක සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් නොමැති බව මාධ්‍ය ඉදිරියේ පැවසීය.

    ReplyDelete
    Replies
    1. පොදුජන පෙරමුණ 2019 ජනපති අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් ප‍්‍රධාන දේශපාලන දහරාවන් බරපතළ අර්බුදයක බව පැහැදිලිය. පොහොට්ටු කණ්ඩායමේ ඉදිරියෙන් ම සිටින්නේ ගෝඨාභය වුවත් මහින්ද රාජපක්‍ෂ 2015 ජනවාරි ජනපතිවරණය මෛත‍්‍රිපාල සිරිසේනට පරාජය වීමෙන් අවුරුද්දකට පමණ පසු ගෝඨාභය රාජපක්‍ෂ ‘වියත් මඟ’ සහ ‘එළිය’ සිවිල් සංවිධාන හරහා සිය දේශපාලන ව්‍යාපාරය ආරම්භ කර එම සංවිධාන දෙකටම නායකත්වය දෙමින් වේගවත් රැල්ලක් සමජයේත් සමාජ මාධ්‍යවලත් වඩා බලවත් බවක් පෙන්වීය. ගෝඨාභය රාජපක්‍ෂගේ වේගවත් නැඟීම ලංකාවේ සාම්ප‍්‍රදායික දේශපාලන ක‍්‍රමවේදයේ තිබෙන අසාර්ථකභාවය සමග ගත්විට ඉතා බලසම්පන්න එකකි.

      ලංකාවේ පාර්ලිමේන්තුව ක‍්‍රියාත්මක වන නමුත් ඉතා අස්ථාවර ව්‍යාකූල කිසිවකුටත් බහුතරයක් නැති විගඩමකි. රජයේ ප‍්‍රබල ඇමැතිවරු දෙදෙනකු වන පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධනගේ අමාත්‍යාංශවල වැය ශීර්ෂ ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ගේ නොපැමිණීම හේතුවෙන් පරාජය වීම අදහාගත නොහැකිය. අදාළ ඡන්ද ගන්නා විටදී එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ ද පාර්ලිමේන්තුවේ සභා ගැබේ නොසිට මාරු වී සිටීම ඉතාඅමත් ප්‍රශ්නකාරීය. සභානායක ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල ද නැත. එලෙසම ආණ්ඩු පක්‍ෂ කණ්ඩායමේ හතරෙන් තුනක් නැත. සුළුතර එජාපයේ ගැලවුම්කරු වන ද්‍රවිඩ ජාතික සංධානයේ 16 දෙනාගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බොහෝ දෙනකු ද නැත. මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන 90 වැඩි පාර්ලිමේන්තු කණ්ඩායමේ ද අති බහුතරයක් නැත. එදා විපක්‍ෂයේ නායකත්වය ලබා ගැනීමට මහා සටනක් කළ ඒකාබද්ධ විපක්‍ෂය ද තම වගකීම ඉටු කරන ආකාරය ප‍්‍රශ්න සහගතය. මෙවැනි පාර්ලිමේන්තුවක් කුමකටද?

      ලංකාවේ වසර 70 ක පාර්ලිමේන්තු ඉතිහාසයක් සම්බන්ධයෙන් බොරු පුරාජේරු කතා කියන කිසිදු පක්‍ෂ නායකයකුට තම කණ්ඩායම නිසියාකාරව හසුරුවා ගැනීමට ශක්තිය නැත. පාර්ලිමේන්තුවේ පිරිහීම රටේ පිරිහීමයි. මුළු පාර්ලිමේන්තු ක‍්‍රමයම අර්බුදයකට ලක් වී ඇත. මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු නොවේද?

      ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තම යුතුකම් සහ වගකීම් ඉටුකරන බව ජනතාවට දැනෙනවාද? රට කරවන මෙම කුලූනු තුනම යම් යම් ප‍්‍රමාණයට අර්බුදයට ලක් වී ඇති බව පැහැදිලිය. ඇත්තටම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්‍ෂ මෙම තත්ත්වයට වගකීම බාරගත යුතුය. ඉතා ආත්මාර්ථකාඅමී ලෙස තම පක්‍ෂයේ සහ නායකයන්ගේ අනාගත දේශපාලන සුරක්‍ෂිතභාවය තහවුරු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්‍ෂ ක‍්‍රියා කරන අතර පාර්ලිමේන්තුවේ වටිනාකම නැති වී යෑමට මූලික වූ කරුණු කිහිපයෙන් ප‍්‍රධාන කරුණ අන් කිසිවක් නොව අශික්ෂිත ලෙස ජාතික ලැයිස්තුව අපයෝජනය කිරීමයි. ජනතාව මහ මැතිවරණයකදී ප‍්‍රතික්‍ෂේප කළ ඇතැම් අමනයින් ජනපති විසින් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව හරහා ඇතුළු කිරීම තුච්ඡ ක‍්‍රියාවකි. පාර්ලිමේන්තු ක‍්‍රමයට මරු පහරක් එල්ල කළ පරාජිතයන් පාර්ලිමේන්තුවට පත් කිරීම 2020 මහ මැතිවරණයේදීවත් නවතා දැමිය යුතුව ඇත. පාර්ලිමේන්තුව ඡන්දය දෙන ජනතාවට වගකිව යුතුය. සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මෑතකදී පැවසූ ආකාරයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රටේ නීතියට යටත් විය යුතුය. එසේ නම් රටේ ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ පුද්ගලයන් ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට පත්වීම් ලබන්නේ කෙලෙසද?

      ලංකාවේ විධායක ජනපති ක‍්‍රමය ව්‍යවස්ථානුකූලව අහෝසි කිරීම ශ‍්‍රී ලංකාව අද මුහුණ දී සිටින අර්බුදවලට තිබෙන ප‍්‍රධානතම ප‍්‍රතිකර්මය ලෙස දකින දේශපාලන නායකයන්, මංත‍්‍රීවරුන් සහ සිවිල් සංවිධාන පාර්ලිමේන්තුව හැසිරෙන අසාධාරණ ආකාරය පිළිබඳව මුනිවත රකිති. විධායක බලය සහිත ජනපතිවරයකු සිටින මේ මොහොතේ පාර්ලිමේන්තුව ක‍්‍රියාකරන ආකාරය සාධාරණද, අසාධාරණ ද යන්න ජනතාවගෙන් විමසා බැලිය යුතුව ඇත. ජනපතිවරයා බල රහිත වීම තුළ පාර්ලිමේන්තුවේ ක‍්‍රියාකලාපය කෙසේ වේවිද?

      Delete
    2. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමට පෙර ලංකාවේ විධායක ජනාධිපති ඒකාධිපති ලෙස හැසුරුන බවට තිබුණ චෝදනාව අනුව ජනාධිපති සිරිසේන ඒකාධිපතියකු ලෙස කටයුතු කළේ යැයි කිසිවකුට චෝදනා කළ නොහැක. ජනාධිපති සිරිසේන 2018 ඔක්තෝබර් 26 එජාප රජය ඉවත් කිරීම ඒකාධිපතියකුගේ ක‍්‍රියාවක් ලෙස හැඳින්වීමට යම් පාර්ශ්ව ක‍්‍රියා කළත්, එම තීරණය ගැනීමට හේතු වූ කරුණු සාධාරණව සලකා බලන ඕනෑම පුද්ගලයකු ජනපතිවරයා ගත් ක‍්‍රියාමාර්ගය ඒකාධිපතියකුගේ ක‍්‍රියාවක් ලෙස හඳුන්වන්නේ නැත. නමුත් මම නම් ජනාධිපතිවරයාගේ මෙහෙයුමට ඒකාබද්ධ විපක්‍ෂය/ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වීම කිසිසේත් අනුමත කරන්නේ නැත.

      කෙසේ නමුත් ශී‍්‍රල. නිප සමග පොදුජන පෙරමුණ ‘ගිවිසුම්’ ගත වීම තුළ ඒකාබද්ධ එම කණ්ඩායමේ ජනපති අපේක්‍ෂයා වීමට වර්තමාන ජනපති සිරිසේනට අවස්ථාවක් තිබේද? ජනපතිවරයා 2019 ජනපතිවරණයට ඉදිරිපත් වීමේ තම අභිලාෂය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් තවමත් කර නොමැති නමුත් ශ‍්‍රීලනිපය සිරිසේන අපේක්‍ෂකත්වය පිළිබඳව ප‍්‍රකාශ කර ඇත. බලයේ සිටින ජනපති ලෙස නැවත වරක් ජනපතිවරණයට ඉදිරිපත් වීමට ඇති අයිතිය කිසි ලෙසකවත් අභියෝග කළ නොහැක. ඒකාබද්ධ විපක්‍ෂය/ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ‍්‍රීලනිපයේ යෝජනාවට නම්මා ගැනීමේ අවස්ථාවක් තිබේද?

      ගෝඨාභය හිටපු ආරක්‍ෂක ලේකම් තම අභිලාෂ පැහැදිලිව රට හමුවේ තබා ඉන් අඩියක් ඉදිරියට තබා එජාප හෝ එම පක්‍ ෂයේ නායකත්වය යටතේ තමා සමග තරගයට ඉදිරිපත් වීමට අවස්ථාව ඇති පුද්ගලයා ලෙස මෑතකදී කථානායක කරු ජයසූරියව නම් කළේය. එසේ වූයේ කරු ජයසූරියගේ බෑනා වන නවීන් දිසානායක ගෝඨාභය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයට පිළිතුරු ලෙසිනි.

      කෙසේ වුවත් ගෝඨාභයගේ ජනාධිපති අපේක්‍ ෂකත්වය සම්බන්ධයෙන් එකඟතාවයක් නොමැති බව පැහැදිලිය. ගෝඨා 2019 ජනපතිවරණය ඉලක්ක කර ක‍්‍රියාත්මක කරන ‘එළිය’ වැඩසටහන මෑතකදී වේගවත් කළේය. දිවුලපිටිය, ගෙලිඔය, බදුල්ල සහ කොටිකාවත්තේ පැවැති රැස්වීම් හතර සමස්තයක් ලෙස එක්සත් ජනතා නිදහස් සංධානයට අයත් මන්ත‍්‍රීවරුන් ආකර්ෂණය කර ගැනීමට සමත් විය. බදුලූ රැස්වීමේදී තත්ත්වය යම්තාක් දුරට වෙනස් විය. ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරු ගෝඨාභයගේ රැස්වීමට සහභාගි නොවී මන්ත‍්‍රී තේනුක විදාන ගමගේ පමණක් බදුල්ල නියෝජනය කරමින් සහභාගි විය. කොටිකාවත්ත රැස්වීමට පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය GL පීරිස් සහභාගි වූ නමුත් එම පක්‍ෂය තවමත් නිල වශයෙන් ගෝඨාභය තම අපේක්‍ ෂකයා ලෙස නම් කර නැත. කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල්, ගෝඨාභය ජනපතිවරණය සඳහා ඉදිරිපත් වීම අගය කිරීම සැලකිල්ලට ගත යුතුය. බැසිල්ගේ නියෝජිතයන් සහ ශ‍්‍රී ල.නි.ප නියෝජිතයන් අතර අනාගත දේශපාලන වැඩපිළිවෙළක් සඳහා එක තැනකට ගෙන ඒමට සාකච්ඡා කර ඇත. 2019 ජනපතිවරණයේ එදෙකේ ජනපතිවරණ අපේක්‍ ෂක කවුද යන්න මත එම සාකච්ඡාවල සාර්ථක බව තීරණය වන බව තේරුම් ගත යුතුය.

      Delete
    3. එක්සත් ජනතා නිදහස් සන්ධානෙන් පසුගිය 2015 අගෝස්තු මහමැතිවරණයේදී පත්වූ මන්ත‍්‍රීවරු 95 ක පාර්ලිමේන්තු කණ්ඩායමේ අති බහුතරයේ කැමැත්ත ගෝඨාභයට බව පැහැදිලිය. එයට හේතුව 19 වන සංශෝධනය හේතුවෙන් දෙවරක් ජනපති වූ මහින්ද රාජපක්‍ෂට නැවත ජනපතිවරණයකට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි නිසා මහින්ද නොමැති නම් ගෝඨාභය තමන්ට ඉදිරිපත් කළ හැකි හොඳම අපේක්‍ ෂක ලෙස බොහෝ දෙනකු පිළිගනියි. කේසේ නමුත් 19 වන සංශෝධනය අනික් පැත්තෙන් ගෝඨාභයට බරපතළ බාධාවක් ඇතිකර තිබේ. 2015 අපේ‍්‍රල් මස නීතියට ඇතුළු වූ 19 සංශෝධනය හේතුවෙන් මහින්ද රාජපක්‍ ෂ ජනපති පොර පිටියෙන් ඉවත් කර දැමීය. දෙවරක් ජනපති ධුරය හෙබ වූ කිසිදු පුද්ගලයකුට නැවත එම තනතුර සඳහා තරග කිරීමට ඇති අවස්ථාව ව්‍යවස්ථානුකූලව අහිමි කර ඇත. 18 වන සංශෝධනය බල රහිත කරමින් ගෙන ආ 19 සංශෝධනය මහින්දට බලපා ඇති ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට ගෝඨාභයට බලපා ඇත. එනම් ද්විත්ව පුරවැසිභාවය ලැබූ කිසිවකු ජාතික තලයේ මැතිවරණයකට ඉදිරිපත් වීමේ අවස්ථාව 19 වන සංශෝධනය හරහා අවහිර කිරීමෙන් ගෝඨාට දේශපාලනයට ඉදිරිපත් වීමේ අවස්ථාව ඇමරිකානු රජයේ අභිමතයට යටත් කර ඇත. ඒ ගෝඨාභය ඇමරිකානු පුරවැසිභාවය ලබා ඇති බැවිනි. පසුගිය මස ගෝඨා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ක‍්‍රියාවලියට අවතීර්ණ විය. එම උත්සාහය සාර්ථක හෝ අසාර්ථක වීම මත පොදුජන පෙරමුණේ ජනපති අපේක්‍ ෂකත්වය තීරණය වීම ඇත්ත වශයෙන්ම බරපතළ තත්ත්වයකි. වෙනත් ආකාරයකට පැවසුවහොත් 2019 ජනපතිවරණය සඳහා එක් ප‍්‍රධාන පාර්ශ්වයක් හරහා නාමයෝජනා බලාපොරොත්තු වන එම කණ්ඩායමේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයාගේ අපේක්‍ ෂකත්වය රඳා පවතින්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මතය. මෙවැනි තත්ත්වයක් ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදු දිනයක තිබුණේ නැත. බැසිල් පැවසුවේ 19 වන සංශෝධනයෙන් එකවිට කුරුල්ලන් හතරදෙනකු බාගෙන ඇති බවත් 19 වන සංශෝධනය හරහා මහින්ද දෙවරක් ජනපති ධුරය දැරීම හේතුවෙන් නැවත ජනපතිවරණයකට ඉදිරිපත් වීමට නුසුදුස්සෙක් කර තමා සහ ගෝඨාභය ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ද නාමල්ට වයස බාධාවක් කර ඇතැයි ද කියාය.

      කුප්‍රකට 19 වන සංශෝධනය පිටුපස සිටි සටකපට තක්කඩියන් කණ්ඩායම රාජපක්‍ ෂ කල්ලිය 2019/2020 ජාතික මැතිවරණ පිටියෙන් ඉවත් කිරීමට ව්‍යවස්ථානුකූලව කළ යුතු කුමන්ත්‍රණකාරී කාර්යභාරය කර ඇත. පුදුමය හිටපු ජනපති මහින්ද රාජපක්‍ ෂගේ ආශිර්වාදයෙන් ඔහුට හිතවත් 70 ක් පමණ වූ මන්ත‍්‍රී කණ්ඩායමේ සහයෝගයෙන් මෙම සංශෝධනය 200 ට වැඩි බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමයි. 19 සංශෝධනයට එරෙහිව ඡන්දය දීමට ශක්තිය තිබූ එකම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා රියර් අද්මිරාල් සරත් වීරසේකර පමණයි. එවකට පාර්ලිමේන්තුවේ සිටි මහාචාර්ය GL පීරිස්ගේ නිවසේ රාත‍්‍රි පැවැති සාකච්ඡාවේදී ද 19 වන සංශෝධනයට එරෙහිව ඡන්දය දීමට සිටි 70 ක් පමණ කණ්ඩායම ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ බලවත් ඉල්ලීම මත එම නීතිය සම්මත කර ගැනීමට අවශ්‍ය 2/3 ලබා දුන්නේය.

      දැන් දැන් පොදුජන පෙරමුණ 19 යේ හිර වී ඇත. එම ගැටයෙන් ගැලවීමට හැකියාවක් එම දේශපාලන ප‍්‍රවාහයට නැත. ගෝඨාභයගේ අපේක්‍ ෂකත්වය තවමත් ඇමරිකාව අතේය. ඇමරිකාව ගනු ලබන තීරණය මත 2019 තරගකරුවා තීරණය වනු ඇත. ඇමරිකාව ගනු ලබන තීරණය මත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රීලනිපය අතර ගනුදෙනුව තීරණය වනු ඇත. ඇමරිකාව ගෝඨාභයට එරෙහි තීරණයක් ගතහොත් ශ‍්‍රීලනිප ජනපතිවරණයට යෝජනා කරන වර්තමාන ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ මාර්ගය විවෘත වනු ඇත.

      ලංකාවේ 2010 ජනපතිවරණයේදී ඇමරිකාව එවකට ජනපති මහින්ද රාජපක්‍ෂට එරෙහිව ජෙනරාල් සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීමට කළ කාර්යභාරය රහසක් නොවේ. යුද්ධය දිනු ජනපති පැරදවීමට ශ‍්‍රී ලංකාවේ සාර්ථකම හමුදාපති ෆොන්සේකා වෙනුවෙන් එජාප - ජවිපේ - ද්‍රවිඩ ජාතික සන්ධානයේ හවුල ගොඩනැඟීමට ඇමරිකාව කළ මෙහෙයුම ‘විකීලික්ස්’ වෙබ් අඩවිය පසු කලෙක හෙළි කළේය. මානව හිමිකම් කැඩූ බවට යුද හමුදාවට චෝදනා කරන ඇමරිකාවට ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීම ප‍්‍රශ්නයක් වූයේ නැත. එදත්, අදත් හෙටත් බටහිර බලවත්තු තීන්දු තීරණ ගැනීම තම ව්‍යාපෘතිවලට ගැලපෙන ආකාරයට සිදුවනු ඇත. 2019 ජනපතිවරණයේදීද තත්ත්වය එයම වනු ඇත. මේ ගැන ඔබ දකින්නේ කෙසේද?

      Delete
  5. ඉකොනොමැට්ටා,

    මේ ගැන හිතෙන්නෙ මොකක්ද?

    ///ගෝඨාභය ගැන ජනඝාතක භීතිකාවක් ජනතා විමුක්ති පෙරමුණ මවන්නේ ඇයි?

    අද ජවිපයට ගෝඨාභය අභියෝගයක් වන්නේ ඇයි?

    කොටින්ම අද ජවිපයේ නායකයා ගෝඨාභය ආවොත් මහින්දගේ දේශපාලනය සහ ඔහු වටා ඇති සිවිල් බලය ඉවර බවත් ඒ මගින් නාමල් රාජපක්ෂගේ අනාගත දේශපාලනය ඉවරයි කියන ගෝඨාභය එන එක මහින්දට පවා තර්ජනයක් ලෙස මහින්ද කදවුරට පෙන්වන්න හදන්නේ ඇයි.

    සරළයි ඒ ජවිපයට 2005 මහින්ද බලයට ඇවිත් අහිමි වුන සටන් පාඨ සහ ජනතා ආකර්ෂණයේ දෙවැනි වටය ගෝඨාභය බලයට ඒමෙන් අහිමි වන නිසා.

    සරළව කීවොත් ජවිපය අද කියන

    නීතියේ ආධිපත්‍යය නිවරදිව ජව්පය ආවොත් ක්‍රියාත්මක කරනවා කියන සටන් පාඨය මුලින් ගිලිහෙනවා.

    * ගෝඨාභය නොවේ මීලග දශකයට පත් වෙන ඊලග නායකයාට මෙයින් මිදෙන්න බෑ. ඒ අතරේ නීතිය ගැන දැඩි විශ්වාසයෙන් විනය යන්න අංක එක ලෙස කැමැත්තෙන් ඉටුකරන ගෝඨාභය වැන්නෙකු පැමිණීම තුළ

    රටේ නීතිය විනය හදන්න ජවිපයම එන්න ඕන නෑ කියන ප්‍රායෝගික අත්දැකීම ජනතාවට ලැබෙනවා.

    (ඔබට මතකද චන්ද්‍රිකා පාලන කාලය තුළ හොර ජන්ද දැමීම දේශපාලන කලාවක් වුනා .ඒ කාලේ ජවිපය කීවා ඔවුන්ගේ පාළණයක් තුළ හොර ජන්ද දැමීම නතර කරනවා කියලා .මිනිස්සුත් හිතුවා ජන්ද මංකොල්ල කන එක නවත්වන්න ජවිපය වගේ උංට බලය එන්න ඕනෑ කියලා අද ජන්දයට හැදුනුම්පත අනිවාර්යයෙන් අවශ්‍ය වීම මත අද කවුරැත් හොර ජන්ද වැටීම වැලැක්වීමට ජවිපය ආ යුතුයි කියන්නේ නෑ වගේ තමයි)

    *මේ රටේ ඊලග දශකය තුළ අනිවාර්යයෙන් දේශීය නිෂ්පාදනය කොහොම හරි වැඩි කරන ව්‍යාපෘති වලට යන්නම ඕන

    අද වෙනකොට ලිබරල් ආර්ථිකය ගැන කථා කලත් රනිල් පවා උත්සාහ කරන්නේ ඒකට

    ගෝඨාභය ආවොත් මේ රටේ මහින්දලා අනුගමනය කරපු දේශීය කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සහ බලපෑම් කොන්දේසි නොමැති ජාත්‍යන්තර වෙළද ආර්ථික ප්‍රතිපත්ති සමග ආර්ථිකය ඉහළ නංවන බව දන්නවා.

    ඊලග පාළණයක අවශ්‍ය නව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බව ඔවුන් දන්නවා

    සැබවින්ම මහින්ද චින්තනය ක්‍රියාත්මක වූ 2005-2015 කාලය තුළ ජවිපයට ග්‍රාමීය ජන්ද පදනම සහ සහ මුලින් විනාශ වුනා.

    ජවිපයට අද ඔවුන්ගේ පදනම නාගරික දිළිදු සහ නාගරික මධ්‍යම පහළ පංතියට සීමා කරන්න සිදුවෙලා තියනවා.

    ඔවුන් දන්නවා ගෝඨාභයගේ පැමිණීම සහ පොදුජන පෙරමුණ මහින්ද ප්‍රමුකව පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීම අනාගතයේදී ඔවුන්ගේ දේශපාලන පදනම දෙවැනි වරට නාය යන්නට ලක්වෙන බව.

    අන්න ඒකයි අද ජවිපය තදින් ගෝඨාභයට පහර දෙන්නේ.

    ඊලග ජනාධිපතිවරණයට එජාපයෙන් රනිල් එන තරමට ජවිපය කැමතියි. නැත්නම් දුර්වල කරෑ ජයසුරිය හෝ ඔවුන්ට අරක්ෂා විය හැකි සජිත් එන එකට ඔවුන් කිසිදාක පහර ගහන්නේ නෑ .

    මොකද ඒ පාර්ශවය හා ජවිපය බෙදා වෙන්කරලා ජවිපයට ජනතාව ලගට යන්න සටන් පාඨ ඉතුරැ වෙනවා අද 2014 වඩා ජවිපය සටන් පාඨ ඉදිරිපත් කරන්නේ අන්න ඒකයි.

    මේ ආන්ඩුව යටතේ සියළු ජන පීඩක ව්‍යාපෘති සිදුවෙන කොට ජවිපය ගෝඨාභය ගැන කියවන්නේ ඒකයි

    කුමන තත්වයක් යටතේ වත් ජවිපය ඊලග ජනාධිපතිවරණයට ගෝඨාභය එක පාර්ශවයකින් ආවොත් අපේක්ෂකයෙක් දාන්නේ නෑ

    මොකද ඊලග ජනාධිපතිවරණයට සියළු කරැණු පෙළ ගැහෙන්නේ එදා 2015 මහින්ද පරාද කරගන්න පෙළ ගැහුන විදිහට තමයි.

    මේ රටේ අද පවතින තත්වය වෙනස් කරන්න පුළුවන් මහින්දට එන්න බැරි විදිහට ව්‍යවස්ථා බාධක දාලා තියෙන නිසා

    ගෝඨාභය පුළුවන් බව ජනතාව තීන්දු කරලා ඉවරයි ජන්දය විතරයි තියන්න.ඕන.

    ජවිපය මේක දන්නවා ජවිපයේ ලක්ෂ 7 ජන පදනම ඔවුන්ට ආරක්ෂා කර ගන්න.ඕන අවම තරමින්.

    රට හදන්න බැරි සිරිසේන විශ්වාස කරන්න ජනතාව පෙළඹෙවිව ජවිපය අද

    ඇත්තටම රට හදන්න පුළුවන් මේ පවතින තත්වය එදා මහින්දට වගේ වෙනස් කරන්න පුළුවන් ගෝඨාභය ගැන ජනතාව අතර ජවිපය සැකයම වපුරන්නේ ඇයි?

    උත්තරය දේශපාලනිකයි.
    හැබැයි රටේ වාසනාවට අද අනුරගේ ජවිපය ඉන්න තැන රටේ ජනතාව නෑ.

    -නුවන් මොණරවිළ ///

    මේක ගැන ඔබේ අදහස ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  6. නවක වධය, සිසු දරුවන්ට තැලීම වගේ හැම දේම පරපීඩක මානසිකත්වයෙන් තොරව, යහපත් චේතනාවෙනුත් යුතුව කරනවා නම් තමයි හොඳ. ඒවා විනාශකාරී වෙන්නේ කරන්නන්ගේ මුග්ධ මනෝභාවයන් නිසා කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  7. එතකොට "කිරි හොදි" කතාව බොරුද?

    මම නම්, අමානුෂික නොවන ලෙස දඩුවම් කිරීම වෙනුවෙන් පෙනීසිටිනවා..

    ReplyDelete
  8. මම ඉගෙනගත්තේ කොළඹ 7 ග්‍රෙගරි පාරේ දොන් ස්ටෙෆාන් කන්‍යාරාමයේයි.
    මම පාසලේදී දැකපු දෙයක් තමයි දෙමළ ගුරුවරු දෙමළ ළමයින්ට ගහනවා බනිනවා වැඩියි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: