වෙබ් ලිපිනය:

Tuesday, May 14, 2019

අහස කළු කරලා...


පහුගිය සති කිහිපයේම බ්ලොග් ලිපියක් ලියා මෙහි පළ කරන්න තරම් විවේකයක් තිබුණේ නැහැ. අන්තිම ලිපිය පළ කර තිබෙන්නේ අප්‍රේල් 9 වෙනිදා. සති පහකට කලින්. එතරම් කාලයක් බ්ලොග් එක යාවත්කාලීන නොකර හිටියේ පළමු වරටයි.

දැනට කියලත් ලොකු විවේකයක් නැහැ. සති ගාණක් කාලය යොදවමින් සිටි වැඩක එක අදියරක් යන්තම් ඉවර කරගත්තා. නමුත් වැඩේ ඉවරයක් නැහැ. බ්ලොග් එක හරහා සිංහලෙන් කියවන ටික දෙනෙකුට මොනවා හෝ ලියනවා වෙනුවට වඩා ලොකු පිරිසක් අමතන්න වේදිකාවක් ලැබෙන වෙලාවක ඒ වාසිය නොගෙන ඉන්න එක අපරාදයක්.

අන්තිම ලිපිය පළ කළාට පසුව ගොඩක් දේවල් වුණා. මුලින්ම සිංහල අවුරුද්ද ගෙවුනා. නොත්‍රදාමය ගිණි ගත්තා. කිහිප වරක්ම බ්ලොග් ලිපි ලියන්න පටන් ගත්තත් ලිපියක් ලියා අවසන් කරලා පළ කරන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ එක වර සිදු වූ බෝම්බ පිපිරීම් ගණනාවක් එක්ක දශකයක් පමණ තිස්සේ ලංකාවේ තිබුණු සාමකාමී පරිසරය වෙනස් වුණා. එතැන් පටන් සිදු වූ හා සිදු වෙමින් තිබෙන සිදුවීම් දාමය ගැන නැවත සඳහන් කළ යුතු නැහැ.

බෝම්බ පිපිරීම ගැන දැනගත් වහාම අමාරුවෙන් කාලය හොයාගෙන බ්ලොග් ලිපියක් ලියන්න පටන් ගත්තා. පහත තියෙන්නේ පළ නොකළ ඒ ලිපියෙන් කොටසක්.

"ලංකාවේ සිදු වූ මේ සිදුවීමට සමස්ත බටහිර ලෝකයම බොහෝ සේ සංවේදී වී සිටින බව කාට වුවත් පැහැදිලිව පෙනෙන කරුණක්. ඇමරිකන් මිතුරන්ගෙන් හා ඇමරිකාවේ සිටින වෙනත් විවිධ රටවල් වලින් සංක්‍රමණය වූ අයගෙන් වගේම වෙනත් තෙවන රටවල් වලදී දැන හඳුනාගෙන සිටි මිතුරන්ගෙනුත් කෙළවරක් නැතිව විද්‍යුත් ලිපි ලැබෙනවා. ඒ අය අමතර විස්තර ඇහුවත් මම දන්නෙත් ඒ අය දන්න ටිකම තමයි.

ලංකාව ආයෙත් අසූ තුනේදී වගේම හන්දියකට ඇවිත් වගේ. ඉදිරිය ගොඩක් අවිනිශ්චිතයි.

ලංකාවේ මොනවා හෝ අවුලක් වෙන්න පුළුවන්කමක් තිබුණු නමුත් මේ බෝම්බ පිපිරවීම සිදු වූ ආකාරයේ පොඩි අවුල් ගතියක් තියෙනවා. රූකඩ වල නූල් තියෙන්නේ කාගේ අතේද කියන එක හිතාගන්න එක දින පණහේ නාඩගමේදී තරම් ලේසි නැහැ. දින පණහ ගැන වුනත් මම හිතපු විදිහ ලියන්න අවස්ථාවක් ලැබුණේ නැහැ."

ලිපිය අවසන් නොකළත් තවත් ටිකක් එහාට ලිවුවා. ඒ අතරේ ලංකාවේ සමාජ ජාලා අවහිර කෙරුණා. පැවති තත්ත්වයත් එක්ක මේ සිදුවීම හා අදාළව ලියනවාට වඩා නොලියා ඉන්න එක හොඳයි කියා හිතුණා.

මේ වෙද්දී මේ බ්ලොග් එක කියවන වැඩි දෙනෙක් මෙහි එන්නේ වත්පොත හරහා. ලංකාවේ සිට වත්පොතට පිවිසෙන එක සැලූන් දොරක් වුනාට පස්සේ හදිසියේ දොර ඇරුණු වෙලාවක වත්පොතට එන කෙනෙකු මේ බ්ලොග් එකට එන එක ප්‍රමුඛතාවයක් කරගන්න හේතුවක් නැහැ. කාමරයේ අලියෙක් ඉඳිද්දී වෙන අනං මනං ලියන එකේ තේරුමකුත් නැහැ. ලංකාවේ ඉන්න අයට ලිවිය යුතු දේ රටින් පිට ඉන්න අයට පමණක් ලියන එකේත් තේරුමක් නැහැ. ඔය ඔක්කොටම වැඩිය ලියන දෙයක් කවුරු හෝ වැරදියට කියවීමේ ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන් බව හිතා ලියූ වරින් වර ලියූ ලිපි කිහිපයකුත් අන්තිමේදී පළ නොකරම ඉන්න තීරණය කළා. මේ වගේ වෙලාවක ලංකාවෙන් පිට සිට ලංකාවේ තත්ත්වය විග්‍රහ කරන්න යන එක එතරම් නිවැරදි දෙයක් නෙමෙයි.

කොහොම වුනත් මේ සිදු වීම හා අදාළව මා දුටු දේ වෙනත් අයත් ඒ විදිහටම දැක තිබුණු නිසා මා ඒ දේවල් නොලිවීම අඩුපාඩුවක් වුණේ නැහැ. දින පණහේ දේශපාලන අර්බුදය පසුබිමේ සිදුවුණේ කුමක්ද කියා වැඩිපුර නොහිතූ අය මේ වෙලාවේදීනම් පැහැදිලිව නොපෙනෙන දේවලුත් දැක තිබුණා. පාස්කු බෝම්බ පිපිරීම වැනි දෙයක් ගැන කිසිදු අදහසක් නොතිබුණත්, ඉදිරි මැතිවරණයකට පෙර ලංකාවේ මේ වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන සැකයනම් දින පණහ අවසන් වෙද්දීම වගේ ඇති වුණා. දැන්නම් තිත් යා කර ගන්න එක ඒ තරම්ම අමාරු නැහැ.

රටක් විදිහට සිය දිවි නසා ගන්නවාද කියා හිතන්න තවමත් කාලය තියෙනවා. සියදිවි නසාගැනීමෙන් අගතියට මිස සුගතියට පාර කැපෙන්නේනම් නැහැ.

8 comments:

  1. Just say it Econ, are you saying YOU KNEW or guessed someone will bring IS terrorism to Sri Lanka to support Ranil+MS+JVP or Gota+MR? to win elections or stay in power without holding elections?

    After the fact (350/250) dead, everyone seems to say I knew this will happen and I told X and so on.

    1983 black July is a product of UNP govt, 88/89 Bheema Samaya is a product of JVP+UNP. Ester Sunday is a product of MS+UNP+JVP govt. Already some UNP's Gunasekara's name in the news as a person arrested in North-West for violence. (you can guess who start and who will be blamed)

    All of the above used by UNP to stay in power, even this time around already late elections will be postponed by MS+UNP+JVP govt to delay the inevitable defeat.

    Govt is arresting more Sinhala people (see the numbers) for the terrorist act and collecting weapons by Muslims. Do you see the logic? this will create more hate and violence. Current govt took 3 weeks to plan and action this and will blame it on Gota+MR to stay in power.

    ReplyDelete
    Replies
    1. I didn't even guess that someone will bring IS terrorism to Sri Lanka. It was a complete surprise to me. I just saw some connections between various things happened during past years, not before but after those incidents, and guessed "something" could happen before elections. What is happening now can be connected to the past events.

      Delete
  2. ඉකොනො, මේ වෙලාවෙ අපි තිත් යානොකර ඉමු. මේ වගේ දෙපැත්තට වැනෙන අවසානයක් නැති ලිපි වලින් වෙන්නේ මිනිස්සු තම තමන්ට ඕන දේවල් හිතාගෙන අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කරණ එක සහ කර ගන්න එක.
    -බලයේ ඉන්න උන් හදන්නේ මේක දඩ මීමා කරගෙන බලයේ රැදෙන්න.
    -බලය නැති එකා හදන්නේ මේකෙන් බලයට එන්න.
    -ජාතිවාදියා / ආගම්වාදියා බලන්නේ මේක උපයෝගී කරගෙන අනිත් ජාතීන්ව/ආගමිකයන්ව විනාශ කරන්න.
    -බිස්නස් අඩු ව්‍පාරිකයන් බලන්නේ මේකෙන් තම්න්ගේ ගොඩ වැඩිකරගන්න..

    තත්ත්වෙ හරිම සංකීර්ණයි, හයියෙන් යන පඩයකුත් ඇති ලොකු අවුලක් හදන්න..

    ReplyDelete
  3. සමහර වෙලාවට නිහඬතාව වඩා දොඩමළුයි තමා.

    ReplyDelete
  4. අසූතුනේ කලු ජූලි හන්දියට රට කැරකෙන එක නතර කරන්නට අපට නැතත් ලොවට මහත් ලෙස ඕනෑ වී ඇත.විදේශ සංවිධාන වලින් ලක් රජයට කෙරෙන බලපෑම ඒ සඳහාය.කාදිනල් තුමාගේ අගනා මැදිහත්වීමද ඒ උත්සාහය වෙනුවෙනි. මධුමාධවට,දයාසිරිට නොතේරෙන දෙයත් එයමය.සිරිසේන ගැන කතා නොකරම ඉමු.

    ReplyDelete
  5. මුස්ලිම් ව්‍යාපාර වර්ජනයේ ආර්ථික බලපෑම ගැන ලියන්න

    ReplyDelete
  6. තිහ හතළිහක් ලක් දරු කැළ මරාගෙන
    ඒ ගණනටම සුද්දොත් දිවි පුදාගෙන
    සිය ගනනින් මිනිස් ජීවිතද බිලිගෙන
    මරුවා නටයි පාස්කු දින උදෑසන

    දහම් සිරිසේන මඟුලට සැරසෙන්නා
    රටම දනී කවුදැයි මා පිය දෙන්නා
    සිදුවූ විපත ගැන තැවුලක් නොම පෙන්නා
    ලේ ගඟ රතු පලස කොට පියවර මැන්නා

    ලක්මව හඬයි දරු කැල මියගිය සොවිණි
    බත්කන දනෝ තවමත් පෙළෙති දුකිනි
    දුක්දෙන කතා නැත අඩුවක් ලක දෙසිනි
    සුබ මංගලම් දෙපලට ජනපති පුතුනි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: