වෙබ් ලිපිනය:

Thursday, May 23, 2019

ඇමරිකන් නිවාඩු



එළැඹෙන සති අන්තය අපට දිගු සති අන්තයක්. ඒ, මැයි මාසයේ අවසන් සඳුදා දිනයේ සිහි කිරීමේ දින නිවාඩුව යෙදෙන නිසයි. මේ දවසේ මෙලෙස සිහිපත් කෙරෙන්නේ ඇමරිකානු ආරක්ෂක හමුදාවන්හි සේවය කර මිය ගිය අයයි. අවශ්‍යනම් ඇමරිකන් රණ විරුවන් කියා කියන්නත් පුළුවන්.

නිවාඩුවේ අරමුණ රට වෙනුවෙන් දිවි පිදූවන් සිහි කිරීම වුවත්, බොහෝ දෙනෙක් මේ දිගු සති අන්තය විනෝද චාරිකාවක් වැනි කටයුත්තක් වෙනුවෙන් යොදා ගන්නවා. ඇමරිකාවේ හැම පැත්තකම නොවූවත්, බොහෝ පැති වල පාසැල් වල අධ්‍යයන වසර අවසන් වීමත්, කාළගුණය උණුසුම් වී ග්‍රීෂ්ම සෘතුවේ ආරම්භය ඇඟට දැනෙන්න පටන් ගැනීමත් නිසා මේ සති අන්තය විනෝද චාරිකා හා එළිමහන් සාද සඳහා ඉතා යෝග්‍යයි.

ඊටත් වැඩියෙන් වගේ මේ සති අන්තය වාණිජ කටයුතු ඉහළ යන කාලයක්. ස්තුති කිරීමේ දිනය හා නත්තල යෙදෙන සති අන්ත වලදී තරම් නැති වුනත් සිහි කිරීමේ සති අන්තයේදීත් බොහෝ භාණ්ඩ හා සේවා වට්ටම් මිලකට ලබා ගත හැකියි. ඇමරිකාවේ හැම නිවාඩුවක් එක්කම වගේ මෙවැනි වට්ටම් ලබා දෙනු දැකිය හැකියි.

සිංහල බෞද්ධ රටක් නොවන ඇමරිකාවේ වෙසක් පෝය දිනය නිවාඩුවක් නොවන බව ලංකාවේ ගොඩක් අය අහල පුරුදු කතාවක්නේ. ඇත්ත. එහෙමනම් ඇමරිකාවේ නිවාඩු දවස් මොනවාද?

ඇමරිකාවේ නිවාඩු දවස් මොනවාද කියන එක පොදුවේ කතා කරන්න අමාරු දෙයක්. මුළු ඇමරිකාවටම බලපාන එවැනි නිවාඩු දින කැලැන්ඩරයක් නැහැ. නිවාඩු දවස් මොනවාද කියන එක ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වගේම, ආයතනයෙන් ආයතනයටත් වෙනස් වෙනවා.

ඇමරිකානු ෆෙඩරල් රජයට බලය තිබෙන්නේ ෆෙඩරල් රාජ්‍ය සේවකයන්ට හා කිසිදු ප්‍රාන්තයක කොටසක් නොවන වොෂින්ටන් ඩීසී ප්‍රදේශයට බලපාන නිවාඩු තීරණය කිරීමට පමණයි. ඇතැම් ෆෙඩරල් නිවාඩු බොහෝ ප්‍රාන්ත වල රාජ්‍ය සේවකයන්ට නිවාඩු දින නෙමෙයි. ඒ වගේම, ප්‍රාන්ත වලට පමණක් බලපාන නිවාඩු දිනත් තිබෙනවා. මේ ප්‍රාන්ත නිවාඩු බලපාන්නේත් අදාළ ප්‍රාන්ත වල රාජ්‍ය සේවකයින්ටයි. මිලියන 130ක් පමණ වන පූර්ණකාලීන රැකියාවක නියුතු ඇමරිකානුවන් අතර සිටින ෆෙඩරල් රාජ්‍ය සේවකයින් ප්‍රමාණය මිලියන දෙකකට වඩා නැහැ. ප්‍රාන්ත රාජ්‍ය සේවකයන් ප්‍රමාණය එමෙන් දෙගුණයක් පමණ වෙනවා.

මා සේවය කරන්නේත් ප්‍රාන්ත රජයට අනුබද්ධ ආයතනයක වුවත් ෆෙඩරල් හෝ ප්‍රාන්ත නිවාඩු දින සියල්ලම අපට නිවාඩු දින නෙමෙයි. අපේ නිවාඩු දින ලැයිස්තුව පහත තිබෙනවා.

1. අලුත් අවුරුදු දිනය- ජනවාරි පළමුවැනිදා
2. මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දිනය- ජනවාරි මාසයේ තෙවන සඳුදා
3. සිහි කිරීමේ දිනය- මැයි මාසයේ අවසන් සඳුදා
4. නිදහස් දිනය- ජූලි 4
5. කම්කරු දිනය- සැප්තැම්බර් මාසයේ පළමු සඳුදා
6. ස්තුති කිරීමේ දිනය (හා පසු දිනය)- නොවැම්බර් මාසයේ සිවුවන බ්‍රහස්පතින්දා (හා සිකුරාදා)
7. නත්තල් දිනය- දෙසැම්බර් 25

මේ අතරින් ස්තුති කිරීමේ දිනයට පසු දිනය හැර අනෙකුත් නිවාඩු දින සියල්ල ෆෙඩරල් නිවාඩු දිනයි. ඊට අමතරව, ජනාධිපති දිනය ලෙස ප්‍රචලිතව ඇති වොෂින්ටන්ගේ උපන් දිනය, කොලොම්බස් දිනය හා වෙතරානුවන්ගේ දිනයද ෆෙඩරල් නිවාඩු දින ලැයිස්තුවේ තිබෙනවා. ෆෙඩරල් නිවාඩු දින සියල්ලම අපේ ප්‍රාන්තයේද නිවාඩු දින වන අතර ඊට අමතරව මහ සිකුරාදා දිනයේ, ප්‍රාථමික හා මහ මැතිවරණ පැවැත්වෙන දින වල හා ලින්කන්ගේ උපන් දිනය වෙනුවෙන් අපේ ප්‍රාන්ත රජයේ සේවකයින්ට නිවාඩු හිමි වෙනවා. එසේ වුවත්, අපට ලැබෙන්නේ ඉහත ලැයිස්තුවේ ඇති නිවාඩු පමණයි.

අපට ලැබෙන නිවාඩු වලින් මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දින නිවාඩුව හැර අනෙක් නිවාඩු සියල්ලම වාගේ බොහෝ පෞද්ගලික ආයතන වල සේවකයින්ටද හිමි වෙනවා. ඊට අමතරව, අලුත් අවුරුද්දට පෙර දිනයත් (දෙසැම්බර් 31) බොහෝ පෞද්ගලික ආයතන වල නිවාඩු දිනයක්.

අපේ නිවාඩු දින ලැයිස්තුවෙන් තුනක්ම හැම විටම යෙදෙන්නේ සඳුදා දින වල නිසා එම සති අන්ත හැම විටම දිගු සති අන්තයි. ස්තුති කිරීමේ දිනයෙන් පසුව එළැඹෙන සිකුරාදා දිනයද අපට නිවාඩු දිනයක් නිසා එම සති අන්තය වඩාත් දිගු සති අන්තයක්. අලුත් අවුරුදු, නත්තල් හා නිදහස් දින නිවාඩු සතියේ කවර දිනක වුවත් යෙදෙන්නට පුළුවන් වුවත් මේ නිවාඩු දින යෙදෙන වකවානු කොහොමටත් පාසැල්, සරසවි ආදියට නිවාඩු දවස් නිසා දරුවන් හා එක්ව කිසියම් කටයුත්තක් සැලසුම් කරන අයෙකුට එයින් අපහසුවක් ඇති වන්නේ නැහැ.

17 comments:

  1. 'එළැඹෙන සති අන්තය අපට දිගු සති අන්තයක්. ඒ, මැයි මාසයේ අවසන් සඳුදා දිනයේ සිහි කිරීමේ දින නිවාඩුව යෙදෙන නිසයි. මේ දවසේ මෙලෙස සිහිපත් කෙරෙන්නේ ඇමරිකානු ආරක්ෂක හමුදාවන්හි සේවය කර මිය ගිය අයයි. අවශ්‍යනම් ඇමරිකන් රණ විරුවන් කියා කියන්නත් පුළුවන්.'

    ඇත්ත ඇත්ත. ඇමරිකන් උත්තමයෝ හදේ පවා ඇවිදලා තියෙනවානි. ඒ වගේ උත්තමයෝ ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ එහෙම යුද්ද කරන්නේ ලෝක සාමය වෙනුවෙන්. එතුමන්ලට බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. "මේ පාර ඇමරිකාව හඳට යාමෙන් නොනැවතී හඳ මත තමන්ගේ ආධිපත්‍යය පැතිරීමේ සිට එයින් ඔබ්බට අත පොවන එක දක්වා ගොඩක් දේවල් නොවෙන්න හේතුවක් නැහැ."

      http://economatta.blogspot.com/2018/10/2020.html

      Delete
  2. ලින්කන් ගේ උපන් දිනය සමරන්නේ සිවිල් යුද්ධය නිසාද වහල් සේවය අහෝසි කල නිසාද? දෙවැනි හේතුව නම් මාටින් ලූතර් කිං දිනයත් එක්ක බොහෝ දිනයන් නිදහස තේමා කරගත් දින නේද?

    ReplyDelete
    Replies
    1. සිවිල් යුද්ධය හා වහල් සේවය අහෝසි කිරීම කියන කරුණු දෙකම සෑහෙන දුරකට එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්නේ, ලොකු මල්ලී. ඒ නිසා, ඒ කරුණු දෙකේ බලපෑම් වෙන් වෙන්ව සලකන එක ටිකක් අසීරු වැඩක්.

      Delete
  3. තේ හදපු මිනිහෙක්
    භාරතය හොල්ලයි
    පිටුදකී දූෂණය
    ලොව මවිත කරමින්

    ග්‍රාම සේවක කෙනෙක්
    නිදහස් කරයි
    තෙර නමක්
    සිරගත කලාවූ
    අපහාස කල
    අධිකරණයට
    අපහාස කරමින්


    ReplyDelete
  4. අයියෝ, ඇමෙරිකාවේ නිවාඩු තියෙන හැටි ඇහුවාම නම් අපේ රජයේ සේවකයන් මළාට එහෙ යන එකක් නැහැ!

    ReplyDelete
  5. දැන් එතකොට ඔහෙ නිවාඩු නැද්ද?

    අනිවාර්්‍ය වැකේෂන් එහෙම ගන්න ඕනි කතාවක් අහල තියනව?

    ReplyDelete
  6. After all, the best part of a holiday is perhaps not so much to be resting yourself, as to see all the other fellows busy working.

    Kenneth Grahame

    ReplyDelete
  7. Replies
    1. නිවාඩුවට රෂි වත් හිටියා නං ලග...

      Delete
    2. Anno 9.50 AM

      FYI

      //AnonymousApril 5, 2017 at 1:55 AM

      බ්ලොග් පාඨකයින්ගේ ජීවිතයට සාමාන්‍ය දැනුම;

      A. ඇමරිකාව සොයා ගත්තේ - කිස්ඩෝපර් කොලම්බස්

      B. ඔස්ට්‍රේලියාව සොයා ගත්තේ - කැප්ටන් කුක් සහ රසිකලොජිස්ට්

      C. ටැස්මේනියාව සොයා ගත්තේ - ඒබල් ටැස්මන්

      D. ලංකාව සොයා ගත්තේ - ලොරන්සෝ ද අල්මේදා

      01. ලංකාවට බ්ලොග් හඳුන්වා දීම කළ සහ සිංහල බ්ලොග්වල බලපත්‍රලාභී නිල අයිතිකරු - ලන්ඩන් ඇල්බට් නොහොත් ඇජීට් ඩැර්මා (විශේෂඥ සූර චෞර)

      02. ලංකාවට මනෝ විද්යාව හඳුන්වා දුන්නේ - වෛද්‍ය මහාචාර්ය රුවන් ජයතුංග මනෝ විශ්ලේෂණ විශේෂඥ

      03. ලංකාවේ ජනතාවට හොඳ නරක කියාදෙන්නේ - සාස්තරපති නැකැත්පති පේරාදෙණි ගෝත්‍රික දෙපිටකාට්ටු මනපහත් මනාධම අන්තවාදී ජාතිවාදී රසිකොලොජිස්ට් නොහොත් සිනුවර මහා ප්‍රා(අ)ඥ (මේ දවස් වල උන් වහන්සේ ඔස්ට්‍රලියාවේ සමරිසි නිකායේ ප්‍රධාන සංඝනායක සිනුවරවාසී පරකන්දෙණියේ චුල්ලවට්ටි තලිසෙනදිට්ඨ නායක ස්ථවිරයන් වහන්සේ නමින් මහණදම් පුරමින් ජාතිවාදී අවජාතකය ඇසුරෙන් බන තලන විචිත්‍ර ධර්ම කථිකයෙකි!)

      04. ලංකාවේ ජනතාවට දේශපාලනය කියාදෙන්නේ - මතුගම මහා ප්‍රාඥ අජිත් පැරකුම් ජයසිංහ

      05. ලංකාවේ බ්ලොග් සම්භන්දයෙන් නිසි බලධරයා - බ්ලොග් පොලිස්පති ලිංතොටගේ ඉයන් ප්‍රනාන්දු (කැපුවත් කොළ ග්‍රීන් බ්ලඩ් යාවජීව සාමාජික)

      06. බ්ලොග් වලින් මඩ ගැසීමේ කලාව සොයාගත්තේ - කුමාර බලුආරච්චි නොහොත් සරස නොහොත් දන්ගොතා

      07. මඩ බ්ගොල් කඩමාලුවල මාගල් වැනි ආලෝචන පළ කර පොරවල්වීමේ කලාවේ පිකාසෝලා - මයුර විලයා හා කුදලා ගමයා

      08. බ්ලොග්වල මෙලෝ රහක් නැති ගොන් කතා ලියමින් ඒවා ජෝක් යැයි සිතාගෙන ස්වයංවින්දනයේ යෙදෙන්නා - නීතිඥ ප්‍රදීප් ජයතුංග නොහොත් ප්‍රා ජේ

      09. බ්ලොග්ලොව හිතහොඳ මෝඩයා - ප්‍රියන්ත හේවගේ හෙවත් ළමාතන්///

      Delete
  8. "වෙතරානුවන්ගේ දිනයද ෆෙඩරල් නිවාඩු දින.... "
    හ්ම්, හරියට සුදු හාලේ බතුයි චිලී ගාලික් සෝසුයි වගේ.
    ඔහොම යං සෑර්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  9. හොදට තෙල් පෑදෙන්න ඒදපු හරක් මස් කෑල්ලක් සමග බත් කෑමට පකිස්තානයේ නිම්නයක සංචාරයක නිරත වෙමු. තෙරුවන් සරණයි

    ReplyDelete
    Replies
    1. Yeah Pakistani meat dishes could be considered as among the best meat related cuisines in the world considering the great taste & super value for extremely affordable prices.

      Once I went to pilgrimage to Buddhist monasteries in ancient Pakistan & consequently I used to have enjoyed Pakistani cuisine. Actually the "Bhunna Gosht" is a delicious Pakistani Beef Curry that’s made with tomatoes and a handful of spices. Beef Curry is served with naan, roti or rice, with a side of Kachumber Salad. "Tala hua gosht" or fried beef is another form of lusciousness and taste that we could have in Pakistan. The 'Roast Raan', just heard the name and mouth started watering. Yes, it's another option for you to best utilize the beef to enjoy scrumptious spicy roasted leg. It can be prepared with mutton leg as well. Pakistani beef biryani, a richly spiced and aromatic dish that is perfect for celebrations and their beef stew, beef vindaloo etc. also perfectly superb. Usually Meat plays a much more dominant role in Pakistani cuisine compared to other South Asian cuisines including SL and India. According to reports, an average Pakistani consumes three times more meat than an average Indian and of all the meats, the most popular are chicken, lamb, beef and goat. They are mastered in many meat dishes mostly mutton, lamb, beef and chicken.

      Delete
  10. ඉකොනොමැට්ටා දන්නේ නැහැ වගේ චීන මහා ගිනිප්‍රාකාරය (The Great firewall of China) මඟින් සියළුම අන්තර්ජාල ගනුදෙනු පෙරහන් කරමින් IP අවහිර කිරීම්, සහ ආකේතනය නොකරන ලද දත්ත පැකට් පරීක්ෂාවට ලක් කර සංවේදී Keywords සඳහා පරීක්ෂා කරන බව?

    චීන රජය DNS poisoning සහ URL පෙරහන් කිරීම් යොදා ගනිමින් ඔවුන් වෙබ් අඩවි වෙත පිවිසුම් වළකනවා. අතිශය අසාධාරණ ලෙස ලොව සම්පත් සුරා කෑම සිදුකරන ඇමරිකා එක්සත් ජනපදයේ Google, Gmail වැනි තොරතුරු චෞර සමාගම් පමණක් නොව පක්ෂග්‍රාහී නූතන ගොබෙල්ස් න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන BBC, New York Times වැනි කාලකණ්ණි ජඩ මාධ්‍ය වෙබ් අඩවි ද අවහිර කර තිබෙනවා.

    ලංකාවේ අපට මෙන්ම මුළු ලෝකයටම හුරුපුරුදු වෙබ් අඩවි වෙනුවට ඔවුන් අන්තර්ජාල සෙවුම් සඳහා Baidu, සමාජ ජාලය වශයෙන් WeChat ආදිය භාවිතා කරන අතර මෑතකදී ප්‍රසිද්ධ වූ TikTok ඇප් එක ගැන සෙවීම කලත් තාමත් ඒක චීනයේ වාරණය කර නැහැ. මේ සේවාවන්ට හුරුව ඇති නිසා වෙනත් රටකට ගිය විට මහත් අපහසුතාවට ලක්වන බව චීන වැසියන් විදේශ වෙබ් අඩවි වලට පවසනවා. නමුත් චීනය තුල එම අවහිරකිරීම් ගැන ඔවුන්ගේ කිසිම අප්‍රසාදයක් නොමැති අතර රටේ දියුණුව වෙනුවෙන් ඔවුන් ඊට ඉතාමත් කැමැත්තෙන් කැපවී ඉන්නා බවයි චීනයේ අතිශය බහුතරයක් දෙනා පවසන්නේ. චීනයේ අන්තර්ජාල නීති වෙනුවෙන්ම වූ ‘අන්තර්ජාල ‍පොලීසියක්’ යොදවා ඇති අතර අන්තර්ජාල ආරක්ෂාව, වීඩියෝ පරීක්ෂාව, මුහුණු පරීක්ෂාව වැනි තාක්ෂණයන් ද බහුලව එරට යොදා ගැනෙනවා.

    දැනට Huawei, ZTE, Xiomi වැනි චීන සමාගම් සුපිරි පරිගණක, අධි සංගෘහිත ඩිජිටල් පරිපථ, 5G සන්නිවේදන, AI කෘත්‍රිම බුද්ධි, මයික්‍රෝ ප්‍රොසෙසර්, ජෛව තාක්ෂණය, රොකට් හා චන්ද්‍රිකා තාක්ෂණය, ඉලෙක්ට්‍රික් කාර් තාක්ෂණය ආදී දියුණු ලෝකයේ ඉහලම තාක්ෂණයන් සියල්ලෙහිම පාහේ චීනය ප්‍රථම ස්ථානය දිනා ගමින් සිටින මේ යුගයේ ඇමරිකානුවන් කුමන්ත්‍රණ කරමින් සිටින්නේ චීන සමාගම් විනාශ කර චීනුන් යනු තාක්ෂණය සඳහා ඇමරිකා එක්සත් ජනපදය මත යැපෙන, ඇමරිකන් පේටන්ට් බළපත්‍ර නොමැතිව කිසිවක් කරගත නොහැකි දුබල රටක් බවට පත්කිරීමට බවයි මධ්‍යස්ථ විචාරකයින් පවසන්නේ.

    චීනයේ බයිඩු ඉලෙක්ට්‍රික් කාර් සමාගම, ඇමරිකාවේ ටෙස්ලා වැනි ඉලෙක්ට්‍රික් කාර් සමාගම් පරදවමින් සිය බැටරි තාක්ෂණය දියුණු කර ඇති අතර Driverless කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන වාහන නිපදවීමේ ද ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ. දැනටමත් 5ජී තාක්ෂණයෙන් බටහිර සමාගම් වලව වඩා ඉතාම හොඳ මෙන්ම මිලෙන් ඉතා අඩු තාක්ෂණයක් Huawei සමාගම සතුයි.

    මේ අතරේ 2030 වනවිට ලෝකයේ දියුණුම AI කෘත්‍රිම බුද්ධි තාක්ෂණ මෘදුකාංග නිපදවීම සඳහා චීන රජය දැනට ඩොලර් ට්‍රිලියන ගණනක් වෙන්කොට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු කරන සමාගම්වලට මේ අරමුදල් ලබාදෙන අතර එම තාක්ෂණ වාණිජකරණය කිරීමෙන් චීනය ඩිජිටල්
    කාර්මික විප්ලවයක් කරා ගෙනයාම චීන රජයේ අරමුණක්.

    චීනය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් වේගයෙන් ලබමින් සිටින ජයග්‍රහණ පෙන්ටගනය හා ඇමරිකානු ආර්ක්ෂක අංශ අධික ලෙස බියෙන් ත්‍රස්ත කර ඇත්තේ එම තාක්ෂණය ඉතා පහසුවෙන් බිහිසුණු යුධ අවි සඳහා අනුවර්තනය කරගත හැකි නිසා මෙන්ම දියුණු කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආධාරකරගෙන සුවිශේෂී නව නිර්මාණ බිහිකර ලෝකය පුරාම අණසකට යටත් කර ගන්න හැකිවෙන බවට ලොව පිළිගත් බොහෝ විද්‍යාඥයින් Prediction කොට තිබීමත් නිසා නේද ඉකොනොමැට්ටා?

    ReplyDelete
  11. සාරගර්භ කතාවක්.
    නමුත් මට තේරෙන්නේ නැත්තේ ඇයි මෙච්චර තාක්ෂනය දියුණු චීනේ අමෙරිකාවෙන් එංගලන්තෙන් 'චිප්' ගන්නේ ඒ අයගේ Huawei, ZTE, Xiomi ටෙලිපෝන් නිෂ්පාදනය කරන්න. ඇයි තව ඇන්ඩ්‍රෝයිඩ් එකට මෙච්ච්ච්ර ආසා.

    ReplyDelete
    Replies
    1. කැලුම් රියෙන්සි යාපා,

      ///මෙච්චර තාක්ෂනය දියුණු චීනේ අමෙරිකාවෙන් එංගලන්තෙන් 'චිප්' ගන්නේ ඒ අයගේ Huawei, ZTE, Xiomi ටෙලිපෝන් නිෂ්පාදනය කරන්න. //

      චිප නිපදවනු ලබන ව්‍යාපාර අවු. ගණන් research & development කර ඒ ගැන expertise වී ඇත. Patent හිමි ඔවුන්ගෙන් චීන සමාගම් චිප මිලට ගෙනෙන නිසා චීනයේ වාර්ෂික තෙල් ආනයන වියදමට වඩා වියදමක් ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු බටහිර රටවලින් මයික්‍රෝ-ප්‍රොසෙසර්, මෙමරි චිප් හා වෙනත් ඩිජිටල් උපාංග ආනයනයට වියදම් කරා. චීනයේ නිපදවන බොහෝ ඉලෙක්ට්‍රොණික භාණ්ඩතුල ඇත්තේ එක්සත් ජනපදයේ හා වෙනත් බටහිර රටවලින් ආනයනය කල හෝ එම රටවල් චීනය තුල නිෂපාදනය කරන ඉලෙක්ට්‍රොණික උපාංග හා තාක්ෂණයයි.

      https://techcrunch.com/2019/05/20/several-chip-companies-including-qualcomm-and-intel-have-reportedly-stopped-supplying-huawei-after-blacklist/

      ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ටෙල් (Intel), ක්වෑල්කොම් (Qualcomm), සිලිනික්ස් (Xilinix) බ්‍රෝඩ්කොම් (Broadcom) වගේ සමාගම්, ඇමරිකන් රජයෙන් Huawei සමාගම සමග ගණුදෙනු සඳහා සම්භාදක පැනවීමත් සමගම තම මයික්‍රෝචිප් හා වෙනත් උපාංග Huawei සමාගමට ලබාදීම නවතා දමා ඇත.

      නමුත් Huawei කියන්නේ මේ අනතුර කල්තියා හඳුනා අත්‍යාවශය මයික්‍රෝ-ප්‍රොසෙසර් හා උපාංග විශාල අමතර තොග ඇණවුම් කොට ගබඩා කර ඇති බවත් ඒ අනුව Huawei ස්ටොක් තෙමසකට සෑහෙන උපාංග ගබඩාවල තිබෙන බවයි.

      හැබැයි අනිත් පැත්තෙන් Huawei සමාගම, 2017 සිට තමන්ගේම මයික්‍රෝ-ප්‍රොසෙසර් හා වෙනත් උපාංග නිර්මාණයට අරඹා ඇති නිසා ඉතා ඉක්මණින්ම ඇමරිකන් මයික්‍රෝ-ප්‍රොසෙසර් හා උපාංග වෙනුවට Huawei විසින්ම නිෂ්පාදනය කරන ලද උපාංග යොදාගෙන ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් හා ලැප්ටොප් නිෂ්පාදනයට තමන්ට හැකියාව තිබෙන බව Huawei පවසනවා.

      //ඇයි තව ඇන්ඩ්‍රෝයිඩ් එකට මෙච්ච්ච්ර ආසා.//

      ඇන්ඩ්‍රොයිඩ් යනු Google නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී Google සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් (Freeware open source) පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක. Google එකෙන් Huawei ට දී තිබූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති බළපත්‍රය (Android license) අත්හිටුවලා.

      චීනය තම රටේ වෙනත් රටවල් වල නිෂ්පාදිත බොහෝ තාක්ෂණික උපකරණ/ මෙවළම් භාවිතා නොකරති. Apple හැරුණු විට එක්සත් ජනපදයේ නිෂ්පාදිත බොහෝ තාක්ෂණික නිෂ්පාදනයන් චීනය තුළ භාවිතය නොවේ; චීනය තුළ Google, Facebook, Windows ආදී නිෂ්පාදන භාවිතා නොකර ඒ වෙනුවට චීනය නිර්මාණය කල විකල්ප භාවිතා කරන නිසා ඇමරිකාව තුළ Huawei නිෂ්පාදන තහනම් වීමට මෙයද හේතු වීමට හැක.

      Huawei කියා සිටින්නේ ඔවුන් විසින් සියලුම Huawei දුරකථන සහ Huawei නිෂ්පාදන සඳහා ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් ළඟදී හඳුන්වාදීමට සුදානම් බවත් මෙහෙයුම් පද්ධතිය “HongMeng OS" නමින් නුදුරේදීම වෙළඳපොළට නිකුත් කරනු ඇති බවට පුවත් ඇති අතර Huawei නිෂ්පාදන වලට ආවේණික වූ නව මෙහෙයුම් පද්ධතියක් ළඟදීම වෙළඳපොළට පැමිණීම බොහෝ විට ඉතා පැහැදිලිව පෙනෙන දෙයක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: