වෙබ් ලිපිනය:

Friday, November 6, 2020

ඇමරිකාවේ මොකද වෙන්නේ?


මේ වෙලාවේ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ ඇමරිකාව දිහා. ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයක් තවමත් නිකුත් වෙලා නැහැ. ඇමරිකාවේ මොකද වෙන්නේ?

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ පසුගිය නොවැම්බර් 3 වන දින හා ඊට පෙර පැවැත්වුණු, තවමත් පවත්වා ඉවර නැති, ඡන්ද වලින් ඇමරිකාවේ ජනාධිපතිවරයාව නිශ්චිත ලෙස තෝරා පත් කර ගැනෙන්නේ නැහැ. ඇමරිකාවේ ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 14 වනදා. දෙසැම්බර් 14 දින ලබා දෙන ඡන්ද ගණන් කර ජයග්‍රාහකයා තීරණය කරන්නේ ජනවාරි 6 වනදා.

ඇමරිකාවේ ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා 538 දෙනෙකු ඡන්දය භාවිතා කරනවා. එසේ ඡන්දය භාවිතා කරන්නේ එක් එක් ප්‍රාන්තයේ නියෝජිතයින් ලෙසයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන නියෝජිතයින් ප්‍රමාණය ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කැලිෆෝර්නියා ප්‍රාන්තයට නියෝජිතයින් 55 දෙනෙකු හිමි වන නමුත් මොන්ටානා, වයෝමින්, උතුරු ඩකෝටා, දකුණු ඩකෝටා, ඇලස්කා, ඩෙලවෙයා වැනි ප්‍රාන්ත වලට හිමි වන්නේ නියෝජිතයින් 3 දෙනෙකු බැගින් පමණයි. වොෂින්ටන් ඩීසී අගනුවර නියෝජනය කරමින්ද නියෝජිතයින් 3 දෙනෙකුට ඡන්දය භාවිතා කළ හැකියි.

එක් එක් ප්‍රාන්තය නියෝජනය කරන නියෝජිතයින් විසින් ඡන්දය භාවිතා කළ යුතු ආකාරය තීරණය වෙන්නේ අදාළ ප්‍රාන්තයේ නීතිය අනුවයි. ප්‍රාන්ත දෙකක් හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත විසින් දැනට කරන්නේ තමන්ගේ ප්‍රාන්තයේ ඡන්දදායකයින් වැඩිම පිරිසකගේ සහයෝගය ලබන ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රාන්තයට හිමි ඡන්ද සියල්ල ලබා දීමයි. ප්‍රාන්ත දෙකක් පමණක් මිශ්‍ර ක්‍රමයක් අනුගමනය කරනවා.

නොවැම්බර් 3 වන දින පැවැත්වුණේ තනි මැතිවරණයක් නෙමෙයි. වොෂින්ටන් ඩීසී අගනුවරද ඇතුළුව එක් එක් ප්‍රාන්තයේ මැතිවරණ නීතිය අනුව පැවැත්වුණු මැතිවරණ 51ක්. මේ මැතිවරණ වල ප්‍රතිඵල අනුව, එක් එක් ප්‍රාන්තයට තමන්ට හිමි නියෝජිතයින් ප්‍රමාණය තෝරා ගන්නා ආකාරය තීරණය කරන්නට දෙසැම්බර් 8 දක්වා කල් තිබෙනවා. මෙය කරන්නේ නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් ප්‍රාන්තයක නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ දිනයේ සිට සති දෙකක පමණ සිට මාසයක් පමණ දක්වා කාලයක් ගත වෙනවා. ලංකාවේ මෙන් මැතිවරණයට පසු දින නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර අවසන් කරන්නේ නැහැ.

මේ වන විට විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වන මැතිවරණ ප්‍රතිඵල කිසිවක් නිල ප්‍රතිඵල නෙමෙයි. අදාළ මාධ්‍ය වල විශ්ලේෂකයින් විසින් පිළියෙල කර තිබෙන අපේක්ෂිත ප්‍රතිඵල. මේ අපේක්ෂිත ප්‍රතිඵල වැරදෙන්න විශාල ඉඩක් නැතත් එවැන්නක් සිදු වෙන්න බැරිකමක් නැහැ.

විවිධ මාධ්‍ය ආයතන වලට සම්බන්ධ හා වෙනත් ස්වාධීන විශ්ලේෂකයින් විසින් පිළියෙළ කර ප්‍රසිද්ධ කරන මැතිවරණ ප්‍රතිඵල බොහෝ විට සමාන වුවත් හැම විටම එසේ වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ප්‍රංශ පුවත් සේවයේ විශ්ලේෂකයින් විසින් ඇරිසෝනා ප්‍රාන්තයේ ජයග්‍රහණය කලින්ම ජෝ බයිඩන්ට ලියා දී ඇති නමුත් අනෙක් විශ්ලේෂකයින් හැම දෙනෙකුම මෙන් තවමත් එම ප්‍රාන්තය සලකන්නේ අවසන් ප්‍රතිඵලය ස්ථිර ලෙස තීරණය නොවූ ප්‍රාන්තයක් ලෙසයි.

බොහෝ විශ්ලේෂලකයින්ට අනුව, මේ වන විට ප්‍රාන්ත හයක හැර අනෙකුත් ප්‍රාන්ත වල ප්‍රතිඵලය තීරණය වී අවසන්. ඒ අනුව, ඔවුන් එම ප්‍රාන්ත රතු, නිල් හෝ මිශ්‍ර පැහැයකින් පාට කර තිබෙනවා. එහෙත්, එසේ කර තිබෙන්නේ ඡන්ද ගණන් කර අවසන්ව ඇති නිසා නෙමෙයි. 

උදාහරණයක් ලෙස ප්‍රංශ පුවත් සේවයට අනුබද්ධ විශ්ලේෂකයන්ගේ ඇස්තමේන්තු අනුව, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මේ වන විට ගණන් කර අවසන්ව තිබෙන ඡන්ද ප්‍රමාණය වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 77.6%ක්. එම ගණන් කර අවසන් ඡන්ද ප්‍රමාණයෙන් 65.08%ක් ජෝ බයිඩන් විසිනුත්, 33.04%ක් ට්‍රම්ප් විසිනුත් ලබා ගෙන තිබෙනවා. ප්‍රංශ පුවත් සේවයේ වගේම අනෙකුත් විශ්ලේෂකයන්ගේ නිගමනය අනුව, ඉතිරි ඡන්ද ප්‍රමාණය ගණන් කිරීමෙන් පසුව කැලිෆෝර්නියා ප්‍රාන්තය තුළ ට්‍රම්ප්ට ඉදිරියට එන්න කිසිදු ඉඩක් ඉතිරි වී නැහැ. මේ අයුරින්ම මේරිලන්ඩ් ප්‍රාන්තයේ මේ වන විට ගණන් කර අවසන්ව තිබෙන ඡන්ද ප්‍රමාණය 74.28%ක් පමණක් වුවත්, එම ඡන්ද ප්‍රමාණයෙන් 62.47%ක්ම ලබා ගෙන තිබෙන්නේ ජෝ බයිඩන් විසින් නිසා ට්‍රම්ප්ට ඉදිරියට එන්න කිසිදු අවස්ථාවක් නැහැ. 

කැලිෆෝර්නියා හා මේරිලන්ඩ් වැනි ප්‍රාන්ත හා අදාළව ඉහත ආකාරයේ නිගමනයකට පැමිණෙන්න අසීරු නැහැ. එහෙත්, ඇරිසෝනා ප්‍රාන්තය වැනි ප්‍රාන්තයක් සම්බන්ධව එවැනි නිගමනයකට පැමිණෙන්න අමාරුයි. මේ වෙද්දී, ප්‍රංශ පුවත් සේවයේ ඇස්තමේන්තු අනුවම ඇරිසෝනා ප්‍රාන්තයේ ඡන්ද වලින් ගණන් කර අවසන්ව ඇත්තේ 92.81%ක් පමණයි. එම ඡන්ද වලින් 50.07ක් බයිඩන් විසින් ලබා ගෙන ඇතත්, ට්‍රම්ප් විසින්ද 48.53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මක පරතරය ඡන්ද 47,052ක් පමණයි. ඉතිරි ඡන්ද ගණන් කර අවසන් වෙද්දී මේ ප්‍රතිඵලයේ වෙනසක් වෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා, අනෙකුත් විශ්ලේෂකයින් විසින් තවමත් ඇරිසෝනා නියෝජනය කිසිදු අපේක්ෂකයෙකුට ලියා දී නැහැ.

හැම ප්‍රසිද්ධ මාධ්‍යයක්ම වාගේ බයිඩන් දිනන බව පැහැදිලිව පෙනෙන්නට ඇති ප්‍රාන්ත කළින්ම නිල් පාටින් ලකුණු කරන්න හදිස්සි වී ඇතත්, ට්‍රම්ප් දිනන බව පැහැදිලිව පෙනෙන ප්‍රාන්ත රතු පාටින් ලකුණු කරන්නට එසේ හදිසි වී නැහැ. උදාහරණයක් ලෙස මේ වන විට ට්‍රම්ප් විසින් 62.11%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබෙන ඇලස්කා ප්‍රාන්තය කිසිදු විශ්ලේෂකයෙකු විසින් තවමත් රතු පාටින් පාට කර නැහැ.

කෙසේ වුවත්, මේ වෙද්දී ට්‍රම්ප්ට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් නැති තරම් කියා කියන්න පුළුවන්. අවිනිශ්චිත ප්‍රාන්ත සියල්ල අත හැරීමෙන් පසුව දැනට බයිඩන්ට 253ක නියෝජනයක් හිමිව තිබෙනවා. ජයග්‍රහණය සඳහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ නියෝජිතයින් 17 දෙනෙකු පමණයි.

මේ සඳහා පහසුම මාර්ගය පෙනිසිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමයි. ඒ සමඟම, අනෙක් ප්‍රාන්ත වල තත්ත්වය කුමක් වුවත්, බයිඩන්ගේ නියෝජිතයින් ප්‍රමාණය 273 දක්වා ඉහළ ගොස් ඔහුගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. මේ වන විට තත්ත්වය අනුව පෙනිසිල්වේනියා ප්‍රාන්තයෙන් ජෝ බයිඩන් ඉදිරියට පැමිණ තිබෙනවා. දැනට ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය 5,587ක් පමණක් වුවත්, එම ප්‍රාන්තයේ ගණන් කිරීමට ඉතිරිව තිබෙන ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක්ද ලැබෙන්නට ඉඩ තිබෙන්නේ ජෝ බයිඩන්ටයි. 

ඇලස්කා හා උතුරු කැරොලයිනා ප්‍රාන්ත ජයගන්නට ඉඩ තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බව පෙනෙන්නට තිබෙන අතර බයිඩන් දැනට ඉදිරියෙන් සිටින ජෝර්ජියා, නෙවාඩා හා ඇරිසෝනා ප්‍රාන්ත හා අදාළවද තවමත් අවිනිශ්චිත බවක් තිබෙනවා. එහෙත්, පෙනිසිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය නොකර ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මේ අනුව, ට්‍රම්ප්ගේ අවසන් බලාපොරොත්තුවත් සුන් වෙන්නට ආසන්නයි.


26 comments:

  1. ෆ්‍රාන්ස් 24 විතරක් නෙමේ ට්‍රම්ප් ගේ අතිජාත මිතුරු fox එකෙත් ඇරිසෝනා බයිඩන්ට එකතුකරලා, ගූගල් උපුටගන්නේ AP එකෙත් එහෙමයි ....ඔබගේ කතාව ඇත්ත කෙසේ වෙතත් ට්‍රම්ප් ගේ ඇජෙන්ඩා එක අවසානයේ ඉටුවුනා ඔහුට තිබුනේ ego එකක් කෙසේහෝ ජනපතිවීමේ සිහිනය එමෙන්ම ඔහුට අවශ්‍ය වුනා නොබෙල් සාම තෑග්ග ගන්න එනිසා කිසි වැදගැම්මකට නැති උතුරු කොරියා සාම කතා ( photo op ) පැවැත්තුවා , පලස්තිනෙට වෙනස්කම් කරකර අරාබියේ රටවල් ඉශ්‍රයෙල් එක්ක ගිවිසුම් ගැස්සුවා ඔහු සැබවින්ම පසුගිය වසර 4 තුල කල මහා දෙයක් නැත .. චීන බඩු වලට tax ගහවුවට චීනෙට රිදුනේ නැහැ ලොකුවට උන් under invoice කරලා බඩු එවනවා, වියට්නාමේ හරහා එවනවා උනේ රටේ මිනිස්සුන්ට භාණ්ඩ සදහා වැඩි මිලක් ගෙවන්න උනෙක ... ගොවියන්ට සහනයක් උනා එකෙන් මොකද කෘෂි උපකරණ සහ ගොවි නිෂ්පාදන චීනෙට විකුණගන්න හැකිවීම නිසා එමනිසාම ND ,SD ,MT ID ,WY ,NE වගේ ජනපදවල ගොවීන් ට්‍රම්ප්ට කෘතුගුණ දැක්කුව ...කවුරු කොහොම කීවත් ට්‍රම්ප් ජාතිවාදය වපුරුව charlottesville සිද්දියේ ඉදල BLM දක්වා සහ කුප්‍රකට proud boy කතාවෙනුත් එක ඔප්පු වුනා ..obamacare එක අයින්කරන්න දගලුවට කිසිම ප්ලනක් තිබ්බේ නැහැ උසාවිය තීන්දු කලොත් මිලියන 30කට දෙවිපිහිටයි ...ඔබාමාගේ tax system එකේ හිල් තියනවා එනිසා මමත් එකෙන් ප්‍රයෝජනය ගන්නවා කියල $750 ගෙවන නායකයෙක් තමා ට්‍රම්ප්....හිතුවක්කාර කම සහ තම මතයට පමණක් ගරුකරන්නෙක් නිසා ඔහු ලග වැඩකළ 415 දෙනෙක් ඔහු හැර ගිහින් හෝ ඔහු එලවා දමා තියනවා https://en.wikipedia.org/wiki/List_of_Trump_administration_dismissals_and_resignations
    එමෙන්ම ඔහු ආදර්ශමත් නායකයෙක් නොවීය ආගම පවුල දෙක නොඅදුනන අයෙක් ගැහැණු සොඩෙක් ස්ටෝමි දනියෙල්ගේ සිට තම දුව වන ඉවන්කා පිලිබදවත් ඔහු අශික්කිත ප්‍රකාශ කළා ....කොවිඩ් සම්බන්දයෙන් ඔහු කිසි දෙයක් කලේ නැහැ NY ගවනර් උදවු ඉල්ලද්දී මග අරිය අන්තිමේ fauci ව එලවන්න පවා plan කළා කොටින්ම කොවිඩ් වලින් ඇමරිකාව කප් ගහවුවේ ට්‍රම්ප් නිසා මේගැන woodward ගේ පොතේ තියනවා රේකොඩින් එක්ක
    මොහුව මිනිසුන්ට කොපමණ එපා වීදැයි හොදටම පැහැදිලි වන්නේ මෙවර සෙන්ට් සහ කොන්ග්‍රස් දෙකටම සම්ප්‍රදායික ලෙසින පරණ අයවලුන්ම එම පක්ෂ දෙකෙන් පත්වීමත් ට්‍රම්ප්ව එළවීමට එම පාක්ෂිකයාම චන්දය දීමත් තුලිනි ...
    මා නිර්පාක්ෂිකයෙකි 2000දී බුෂ්ටත් පසුව ඔබාමටත් පසුව ට්‍රම්ප්ටත් සහය දැක්වූවෙකි එමෙන්ම මෙවර චන්දයට ඔහු ඉදිරිපත්වෙද්දී පවා ඩොනේෂන් පවා කලත් ඔහුගේ white supremacy වැඩ සහ tax වංචාව මට ඔහු අප්‍රිය කරවිය ...ඉකොනොමට්ට ඔබ තව දුරටත් මගේ විස්තරය විග්‍රහ කර එකග වීම නොවීම පෙන්වාදෙන්න

    ReplyDelete
    Replies
    1. ට්‍රම්ප් ගැන ඔබ කියා ඇති බොහෝදේ සමඟ එකඟයි. ඇත්ත, ට්‍රම්ප් ආදර්ශමත් නායකයෙක් කෙසේ වෙතත්, අඩුම තරමේ හොඳ මිනිහෙක්වත් නෙමෙයි. ඒත් බයිඩන් වෙනසක් කරාවිද? නැත්නම් ඔබාමාටත් එහා ගිහින්, කටින් බතල හිටවාවිද?
      ට්‍රම්ප්ගේ හිතුවක්කාරකම, අන්ප්‍රෙඩික්ටබල් ගතිය තමා ඔහුගෙ තිබ්බ හොඳම දේ.

      Let me call it "necessary evil". While the rest of the world was in bed with China( busy making sister cities, Hag a Chinese, Belt & Road "debt" diplomacy"), this insane guy challenge the dragon king and his henchmen.Having said that, I do appreciate Chinese stuff and Chinese people. It's just CCP I can't stand.

      Well, how do I express it? Imagine a two headed dragon. One head for all the evil of Communism, and the other for the Capitalism. The dragon is a god-father, running a Mafia. Gauss what, who was feeding the dragon? The West. For decades, Americans were paranoid about Russian "commies". Well, they didn't see this coming.

      Delete
  2. ඔයා කියන දෙයක් තමයි වෙන්නේ. හේ හේ - බයිඩන් දිනලා ඉවරයි මටනම්.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියේ මේ තමයි නූතන ලෝක දේශපාලනයේ ප්‍රධාන අතුරු ඵල.
      ඔබේ කරුනු ඒක පාක්ශිකයි. ලෝක බලය අල්ලන්න ආරම්භ වෙන්නේ වර්තමාන සියවසේ ජර්මනියේ හිට්ලර් ඒ පූර්ණ ජාතික වාදි සුද්දයකින් ජර්මන් ජාතිය ආර්ය ජාතියක් කියලා. මෙහිදී ලංකාවෙ අපිටත් කික් එකක් තියෙනවා ආර්ය කිව්වුම.

      යුද්ධය කියන්නේ බලය වෙනුවෙන් ලෝක ආරම්බය තුල ඉදන් තිබ්බ දෙයක්. වහලුන් නිශ්පාදනය පටන් ගත්තේ මැදපෙරදිග කලාපයෙන් වසර 1,000 ට එහා. මම හිතන්නේ ඊජිප්තුවේ පිරමිඩ අවුරුදු 3,000 ට එහා නිර්මාණය කලේ දශක ගනන් අල්ලන් එන වහ්ලුන්ගෙන් මැරෙන කන් වැඩ අරන්. කෙටියෙන් එන්නම් වර්තමානය තුලට.

      90 දශකයට එනකන් ලෝකයේ කිසිම රැඩිකල් ඉස්ලාම් තර්ජනයක් තිබ්බේ නැහැ තිබ්බේ ඇමෙරිකාව සහ සෝවියට් යූනියන් එක නැත්නම් ඒ දෙපිල අතර සීතල යුද්ධය. වර්තමානය වගේ ඉන්ටර්නෙට් නැති අය්.බි.එම් පත පරිගනක පාවිච්චි කල යුගය ඔබට මතක ඇති.

      ඉරානය එන්නේ මෙතනදි. ඉරානය ශියා ඉස්ලාම් රටක්.ශියා වරුන් විශ්වාස කරන්නේ රැඩිකල් ඉස්ලාම් අලි කියන ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මහමුද් නබි තුමාගේ අනුප්‍රාප්තිකයෙක්.නබි තුමා අයත් වෙන්නේ සුන්නි නිකායට.

      ලෝකය සාමය වෙනස් වෙන්නේ ඉරානයෙ අයතුල්ලා කොමෙනි කියන ශීයා රැඩිකල් නායකයා එක්ස්සයිල් වෙලා නිදහස් ප්‍රංශයට එතන ඉදන් ආගමික විප්ලවය පටන් ගත්තා. එ ඉරාන රජු ගේ ශා අනුගමනය කලේ සුන්නි න්‍යාය ඔහු උපතින් ශියා භක්තිකයෙක් උනත් මිනිසුන් ට ආගමික නිදහස දුන්නා. මේ කාලයේ ඇමෙරිකාව උනත් ඔක්කොම පාවිච්චි කලා. ඒ වගේම සෝවියට් රුසියාව නැගෙනහිර යුරොපීය ධනය කොල්ල කැවා.

      ආයිත් ප්‍රස්තුතය ට. රැඩිකල් ඉස්ලාමික් ශියා විප්ලවය ක් මගින් අයටොල්ලා කොමෙනි උත්තර තිර නායකයා වෙනවා.ඒක නාමික නාමයක්.
      ආගමික රාජ්‍යක් ගොඩ නගනවා .ජිමි කාටර් එවකට හිටපු ඇමෙරිකානු ජනපති අසාර්ථක මෙහෙයුමක් කරනවා ඇමෙරිකානු එම්බසි එක ඇරෙස්ට් කරලා ඉන්න ඉරාන විප්ලවීය සේනාංකය ට එරෙහිව. ගේම ලොස්ට්.

      ඊලග එන්නේ සිනියර් බුශ් .ඔහු රිපබ්ලිකන්, රතු අලියා. අන්න ස්ටාට් ගේම් එක.ඒ කාලේ ඇෆ්ගනිස්තානයේ බලය රුසියානු අනුග්‍රහය යටතේ තලෙබාන් ටීම එහෙකට .රැඩිකල් ඉස්ලාම් ගේම් එහෙකට එරෙහිව සුන්නි සෞදි රජ පෙලපතකට සම්බන්ද බටහිර අද්‍යාපනය ලබපු ඔසාමා බින්ලාඩන් ට සි. අයි. එක අනුග්‍රහය දක්වනවා. ඇමෙරිකාව ට වරදින්නේ එතන.

      හේතුව රැඩිකල් ඉස්ලාම් කියන්නේ ශියා විතරක් නෙවෙයි සුන්නි උනත් ඒ මග යනවා. ශොට් ඇන්ඩ් ස්විට් අන්තිමේ බින්ලාඩන් අරිනවා ඇමෙරිකාව ට.සදාම් සුන්නි.ඌත් බලය වෙනුවෙන් යුද්ධය පටන් ගන්නවා .මේ මසාල කෝස් එක්ක ඇමෙරිකාවේ එජෙන්ඩා එක වෙන්නේ ඇමෙරිකාව තුල ඉන්න සිටිසන් ශිප් ගත්ත අරාබි ඉස්ලාම් රැඩිකල් උන හැදෙන්න ඉස්සෙල්ලා මුලට ගහන්න ඕන යුදමය ලොජික් එක.ඩොලර් මිලියන ගනන් වියදම් කරන්නේ ඒකට .මහන්සි කොටන්න බැහැ දන්න දෙ කාලයක් ජේන් ඩිෆෙන්ස් ඩයරි වෙබ් එකින් එසේම මැදපෙරදිග කාලයක් ඉන්න මම.
      කෙසේ හො බින්ලාඩන් ,එසේම අයි.සිස් ලොක්කා මලේ රිපබ්ලිකන් ට්‍රම්ප් ඉන්න කාලේ .පොලිසි එක එකයි.
      ඇමෙරිකාව ට මොකා ආවත් මම කැමතියි.

      උග්‍ර රැඩිකල් ශියා ඉරාන සහ සුන්නි රැඩිකල් ත්‍රස්තවාදී න් ට එරෙහිව ක්‍රියාත්මක ලෙස ඉන්නේ ඇමෙරිකාව පමණයි .ජෝ.බි ඩින් ආවත් ට්‍රම්ප් ආවත් සිස්ටම් එක එකයි.

      2006ට පසු කොටින්ව අපි හුරතල් කලේ නැහැ වගේ ඇමෙරිකාව උනත් එකම රට රැඩිකල් ඉස්ලාම් අන්තවාදී න්ට එරෙහිව.

      ට්‍රම්ප් මානව හිමිකම් අන්තර් ජාතික නාටක වලින් අයින් උනා. ලංකාවෙ එහෙම නොවුනත් ඇමෙරිකානු ව්‍යවස්ථාව අනුව ග්‍රාන්ට් කලාම යමක් එක ප්‍රසිඩන්ට් කෙනෙක් සිස්ටම් එක එකයි.

      Delete
    2. AnonymousNovember 7, 2020 at 12:51 AM

      ට්‍රම්ප් හොඳ මිනිහෙක්ද එයාගේ කයිවාරුව විතරද වැඩක් පුළුවන් ද කතා සංවර්ධිත රටවල් කියන කල්ලියේ උන්ට අදාළ ප්‍රශ්න. යූකේ, ඔසී වල ඉන්න අයට ඒවා අදාළ වෙන්නේ ඒකයි. ලංකාවේ අයට එහෙම නොවෙන්නෙත් ඒකයි. සංවර්ධිත රටවල් කල්ලියේ නැති අපට ඒවා අදාළ නැ.

      Delete
    3. පලවෙනි එක. මම ඕක ලිව්වේ විහිළුවට. බයිඩන් දැනට ස්ටේට් හතරකින් ඉහල ඉන්න නිසා. බයිඩන් ආවොත් විදේශ ප්‍රතිපත්තිය තමයි හුඟක් වෙලවට් වෙනස් වෙන්න ඉඩ තියෙන්නේ. වෙන දෙයක් නම් වෙන්නේ නැහැ. නමුත් ඇමෙරිකන් වාසීන්ට නොමිලේ හෙල්ත් කෙයාර් ලැබෙනවා නම් හොඳයි. ඔයා හරි අපට බලපානවා බයිඩන් එන එක. එංගලන්තයේ NHS ට්‍රම්ප් ඉල්ලන නිසා මේ බ්රෙක්සිට් එකේ නිසා.
      // අන්න ස්ටාට් ගේම් එක.ඒ කාලේ ඇෆ්ගනිස්තානයේ බලය රුසියානු අනුග්‍රහය යටතේ තලෙබාන් ටීම එහෙකට .රැඩිකල් ඉස්ලාම් ගේම් එහෙකට එරෙහිව සුන්නි සෞදි රජ පෙලපතකට සම්බන්ද බටහිර අද්‍යාපනය ලබපු ඔසාමා බින්ලාඩන් ට සි. අයි. එක අනුග්‍රහය දක්වනවා. ඇමෙරිකාව ට වරදින්නේ එතන.// මේක නම් වැරදි. සෝවියට් දේශය ටලිබාන් උන් ප්‍රොමෝට් කලී නැහැ. සම්පුර්න වැරදි කටහ්වක්. උන් උදව් කලේ කොමියුනිස්ට් පක්ෂයට සහ බබ්‍රක් කර්මාල් යටතේ මුස්ලිම් නොවන ද්නුවක් තිබුනේ. ගැහැනුන්ට වැඩ කරන්න පුළුවන්. අගමැ නැති. අමන අමෙරිකනුන් (සි අයි ඒ ) තමා ටලිබාන් ගෙනාවේ. බින් ලාඩන් එක්ක. කොහොමත් අයිසිස් ගෙනාවෙත් අමෙරිකවම තමයි. බයිඩනුත් එතන හිටිය. අයිසිස් ගෙනේ ගේම් එකේ. ට්‍රම්ප් හිටියේ නැහැ. ඒක හරි.

      Delete
  3. දුෂිත මැතිවරණ ක්‍රමය පරදවමු. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභිතව සටන් වදිනා ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අපගේ සහය.

    ReplyDelete
  4. ආපහු තියයි නේද ඉලෙක්ශන්ස්

    ReplyDelete
  5. මෙහෙමයි ඉකෝන් තමන්ට අදාළ වෙන්නේ තමන්ට බලපාන ඒවානේ. ඒකයි මම කිව්වේ ලංකාවේ ජීවත්‍ වෙන මිනි්සසු බලන්නේ තමන්ගේ කෝණයෙන්. සුද්දෝ බලන්නේ උන්ගේ කෝණයෙන්. ට්‍රම්ප් කියන්නේ රාජ්‍ය පාලනයට කිසිසේත් නුසුදුසු තකතීරු මෝඩයෙක්. ඒ මිනිහා ආව කාලේ international liberal order කියන එකට ලොකු හානියක් කළා. අන්න ඒකට මම කැමතියි. උගේ අවුලක් මට නැ, උගේ ප්‍රශ්න ලංකාවට බලපාන්නේ නැතිතාක්.

    ට්‍රම්ප් කළේ ඇමරිකන් බල අධිකාරිය රැඳිලා තියන බලකණු දුර්වල කිරීම. ඒකයි උන් ට්‍රම්ප්ට කැමති නැත්තේ. ට්‍රම්ප්ගේ කොහොමත් චාටර් ගති තියනවා. නමුත් සුද්දෝ අකමැති ඇත්ත‍ හේතුව අර මුලින් කිව්ව දේ. ක්ලින්ටන් හොඳ කෙනෙක්ද ipstein කේස් එකම බලන්නකෝ. ඒ වුණාට ට්‍රම්ප්ට තරම් ගහන්නේ නැනේ ඇමරිකන් ජඩ මාධ්‍ය සෙට් එක සහ ලිබරල් අමන ගෝත්‍රිකයින් ලෝකය පුරාම.

    ReplyDelete
  6. ඇත්තටම ඔහෙ මැකෝ කෙනෙක් නැද්ද හරියට ප්‍රතිඵල ටික දී ගන්න, මාධ්‍ය කාරයො උන්ට ඕන ඕනා එවා දෙන්නෙ?

    බයිඩන් එන එක ලංකාවෙ බයියන්ගෙ ඇඟට ගුණ නෑ කියලා තමා BBC එකෙන් කියලා තිබුනෙ..

    ReplyDelete
    Replies
    1. සෙන්නා ඇමරිකාවේ ක්‍රමය හින්ද ට්‍රම්ප් පැරදුනත් ඌට ගෙදර යන්න තියෙන්නේ 2021 ජනවාරි 20 වෙනිදා, ඇමරිකන් හොර චන්ද දාන්නෙ යම් පක්ෂයක් තමන්ට පරිපාලන බලයක් තියෙන තැන් වල. තැපැල් ඡන්ද වංචනික බව, හැම චන්දයක්ම ගනන් කල යුතුයි කියල ඩිමොක්‍රටික්ල උද්ගෝෂණය කරන එකෙන්ම පේනව. හොරාට කලින් කෙහෙල කැන වැට පනිනවලු. චන්ද විමසීමට දුන්න කාලය අවසන් උනාට පස්සේ ලැබුන චන්ද ගනන් කරන්න කියන්නෙ ඇයි?

      පහුගිය දවස් වල අධිකරණයටත් ට්‍රම්ප් අත දැම්මා. ඡන්ද කටේ තියාගෙන ඒමි බැරට්ව සුප්‍රීම් කෝට් ජජ් නොමිනේට් කළේ හදිසියෙවත් කචල් එකක් ආවොත් උසාවි යන්න බලාගෙන තමයි. නමුත් දැන් තියෙන විදියට මේක සුප්‍රීම් කෝට් යන එකකුත් නෑ.

      එනිවෙ මේකෙන් පස්සේ ඇමරිකාවෙ මේමයි අරමයි කියන උන්ටික අතුගෑවිලාම යාවි.

      දේශපාලන යෙන් සමුගත්තට පස්සෙ ඉන්න ඕන විදිය ගැන පරමාදර්ශී ලොකු ටෝක් දුන් ඔබාමා කියන හිවල ලැජ්ජා නැතුව බැහැලම කැම්පෙයින් කරනව.
      මිනිස්සු කවුන්ටින් කරන තැන්වල ගහගන්නව. ප්‍රධාන අපේක්ෂකයෙක් වුණ වර්තමාන ජනාධිපතිම කියනව මැතිවරණය දූෂිතයි කියල. නොදකින් ලංකාවේ තත්ත්වය මීට වඩා සෑහෙන හොඳයි.

      Delete
    2. සෙන්න, ඇමරිකානු මැතිවරණය වලදී ශ්‍රි ලංකාවේ මැකෝ වගේ කෙනෙක් ගේ අඩුව තේරෙන්නේ මේ වෙලාවට තමයි. ඇමරිකානු ජනාධිපතිවරණය තියෙනවා. කවුරැවත් කිසිම සද්දයක් නැහැ. අපේ රටේ වගේ ඇමරිකන් මැතිවරණ කොමසාරිස්වරයෙක් ඉන්නවාද නැද්ද කියලාවත් ඇමරිකන් කාරයෝවත් දන්නේ නැහැ. ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවාද? ��

      Delete
    3. මැකොත් ඉන්න රටක තමයි නාග ලෝකෙන් ගෙනා ධාතු පෙන්නුවේ.

      Delete
    4. සෙන්නා සහ තවත් අයෙක් මේ ප්‍රශ්නය අසා තිබෙන නිසා පිළිතුරක් දෙන්නම්. ඇමරිකාව කියා කියන්නේ ලංකාව වැනි ඒකීය රටක් කියා හිතන නිසයි මෙහි අවුලක් තිබෙනවාක් මෙන් ගොඩක් අයට තේරෙන්නේ. ජාතික මැතිවරණයක් කියා කිවුවත් මේ පැවැත්වුනේ ප්‍රාන්ත හා ප්‍රාදේශීය මැතිවරණ විශාල ප්‍රමාණයක්. එම මැතිවරණ පැවැත්වෙන්නේ අදාළ ප්‍රාන්ත වල නීති අනුව.

      හැම ප්‍රාන්තයකම මැකෝ කෙනෙක් (තනතුරේ නම කුමක් වුවත් නිසි බලධාරියෙක්) ඉන්නවා. ඔවුන්ට නිල ප්‍රතිඵල ලබා දෙන්න යම් නිශ්චිත දිනයක් තිබෙනවා. එය ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා.

      උදාහරණයක් විදිහට දැනට ප්‍රතිඵල අවිනිශ්චිතව තිබෙන ජෝර්ජියා ප්‍රාන්තයේ නීතිය අනුව මැතිවරණ දිනට පසු දින සිට එළඹෙන දාහත්වන දින පස්වරු 5ට පෙර (මේ අවුරුද්දේනම් නොවැම්බර් 20) ප්‍රාන්ත ලේකම් විසින් මැතිවරණ ප්‍රතිඵල සහතික කර ප්‍රාන්ත අධිපති (ගවනර්) වෙත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම නෙවාඩා ප්‍රාන්තයේ නීතිය අනුව ප්‍රතිඵල ලබා දිය යුත්තේ ඡන්දය පැවැත්වූ දිනයෙන් පසු එළඹෙන සිවුවන අඟහරුවාදා. මේ අවුරුද්දේනම් දෙසැම්බර් පළමුවැනිදා.

      ලංකාවේ මෙන් ඇමරිකාවේ මැතිවරණය පැවැත්වුණු වහාම බල හුවමාරුවක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඇත්තම ඡන්දය තිබෙන්නේ ජනවාරි 6 වෙනිදා. ජනාධිපති දිවුරුම් දෙන්නේ ජනවාරි 20 දවල් 12ට. මේ හැම දෙයක්ම සිදු වෙන නිශ්චිත පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙළ හදා තිබෙන්නේ අවශ්‍ය වැඩේ හරියට කරන්න අවශ්‍ය වන කාල පරතර සහිතවයි.

      උදාහරණයක් විදිහට මැද පෙරදිග හමුදා කඳවුරක සේවය කරන සෙබලෙකුගේ තැපැල් ඡන්ද පත්‍රිකාව ඇමරිකාවේ අදාළ ප්‍රාන්තයට හා ප්‍රාන්තයේ නිශ්චිත කවුන්ටියට එන්න සති කිහිපයක් ගත වෙනවා. එවැනි ඡන්ද වල ප්‍රතිඵලය එකතු කරන තුරු නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. මා කියන්නේ මේ අවුරුද්ද ගැන පමණක් නෙමෙයි. ඕනෑම අවුරුද්දක තත්ත්වය එයයි.

      නමුත්, මාධ්‍ය වලට හා මාධ්‍ය ප්‍රේක්ෂකයින්ට ඒ තරම් කල් බලා ඉන්න බැහැ. ඔවුන්ට මැතිවරණ ප්‍රතිඵල දැනගන්න විශාල හදිස්සියක් තිබෙනවා. ඒ නිසා, සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ගණන් කර අවසන් වූ පසු ඔවුන් ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව ජයග්‍රාහකයින්ව නිවේදනය කරනවා. සාමාන්‍ය අවුරුද්දකදී පසු වී ලැබෙන ඡන්ද නිසා මේ ප්‍රතිඵලය සමස්තයක් ලෙස වෙනස් වෙන්නේ නැහැ.

      ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලම ජයග්‍රාහකයා කවුද කියා ඇස්තමේන්තු කර නිවේදනය කළ පසු මිනිස්සු එය පිළි ගන්නවා. අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙක් බොහෝ විට පරාජය පිළිගන්නවා. එයින් පසුව ජයග්‍රහකයා තමන්ගේ ජයග්‍රහණයේ කතාව පවත්වනවා. නමුත්, මේ කිසිවක් සිදු වන්නේ නිල වශයෙන් නෙමෙයි. නිල වශයෙන් ජනාධිපතිවරයා තේරෙන්නේ ජනවාරි මාසයේදී.

      Delete
    5. ඒක මාරාම ක්‍රමයක්නෙ අප්පා.. එතකොට පරාජය පිළිගත්තට පස්සේ ඇත්තටම එයා නිල වශයෙන් දිනලා තිබ්බොත් ! මට මතක කලින් ඡන්ද වලනම් පහුවදාම ප්‍රතිඵල කිව්වා වගේ. එකම එක පාරක් අවුලක් ගියා මතකයි ජෝර්ජ් W. බුෂ් පත්වෙච්ච වෙලාවෙ...

      Delete
    6. එවැනි ප්‍රශ්නයක් ඇති වෙන්න කිසිම ඉඩක් නැහැනේ. කවුරු දිනුවත් ජනවාරි 20 වන තුරු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. එම දිනය මොනම ආකාරයකින්වත් වෙනස් වෙන්නේ නැහැ. පැරදුනා කියලා ඔහු හැම දෙයක්ම ජෝ බයිඩන්ට දීලා අකුලාගෙන ගෙදර යන්නේ නැහැ. ජෝ බයිඩන්ට දිනුවත් ජනවාරි 20 දක්වා බලා ඉන්න වෙනවා. ඒ වන විට ඔහුගේ ජයග්‍රහණය නිල වශයෙන් ස්ථිරව තහවුරු වෙලා. ඔහුට ජනාධිපති සේ ක‍ටයුතු කරන්න ඉඩ ලැබෙන්නේ එයින් පසුවයි.

      ඒ වගේම වැඩි ප්‍රාන්ත ගණනක් පැහැදිලිවම දිනුවට පස්සේ ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. අපි හිතමු ලංකාවේ මාතලේ වැනි එක එක පොඩි දිස්ත්‍රික්කයක (ඡන්ද ප්‍රමාණය අනුව) ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය කිසියම් හේතුවක් නිසා ප්‍රමාද වෙනවා. අනෙක් හැම දිස්ත්‍රික්කයකම ඡන්ද 75%ක් පමණ එකම අපේක්ෂකයෙකු විසින් ලබා ගන්නවා. ඔය වගේ වෙලාවක නිල ඡන්ද ප්‍රතිඵල ආවේ නැතත් ප්‍රතිඵලය ඉතාම පැහැදිලියි. මේ අවස්ථාවේදී ඇමරිකාවේ එවැනි පැහැදිලි ස්ථිර ජයග්‍රහණයක් තවමත් කිසිවෙකුට නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ වන තුරුත් පරාජය බාර ගෙන නැත්තේත්, ජෝ බයිඩන් විසින් තවමත් තමන්ගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කර නැත්තේත් ඒ නිසයි.

      ඔබ ඔය කලින් ඡන්ද වල ප්‍රතිඵල ඒ වෙලාවෙම කිවුවා කියන්නෙත් මාධ්‍ය ආයතන විසින් කිවුවා කියන එක මිසක් නිල ඡන්ද ප්‍රතිඵල ගැන නෙමෙයි. පසුව ප්‍රසිද්ධ කෙරෙන නිල ඡන්ද ප්‍රතිඵල ඇමරිකාවේ පවා ගොඩක් අයගේ අවධානයට ලක් වෙන්නේ නැහැ.

      Delete
    7. //එකම එක පාරක් අවුලක් ගියා මතකයි ජෝර්ජ් W. බුෂ් පත්වෙච්ච වෙලාවෙ...//

      බ්ලොග් එක පටන්ගත් මුල් කාලයේ ඒ ගැන ලියූ ලිපියක්.

      http://economatta.blogspot.com/2015/07/blog-post_54.html

      Delete
    8. ස්තූතියි ඉකොනො. වැඩි ජන්ද වලින් දිනලනම් ඒකෙ අවුලක් නෑ තමා. අපි මේකම ගමුකො. ගල උඩ සටනකින්දැ පස්න්සසෙ trump පරාජය බාර ගත්තොත් හැබැයි දෙසැම්බර් හය හරි ප්‍රථිඵල වලින් දිනලා තිබ්බොත් අවුලක් වෙන්නැද්ද?

      දැනටනම් ට්‍රම්පච්චි යන්න ලෑස්තියක් නෑ වගේ. උන්දැවත් කෝල් එකක් දීලා ජනේල්ලෙක එල්ලන්න වෙයිද?

      මේ බොහොම කාලෙකින් නේද ඇමරිකාවෙ බලයේ ඉන්න ජනපති කෙනෙක් පරදින්න යන්නෙ?

      Delete
    9. සුළු මොහොතකට පෙර ජෝ බයිඩන් විසින් ජයග්‍රහණය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ට්‍රම්ප්නම් එය කළින්ම කළානේ. කොහොමත් ට්‍රම්ප් ලේසියෙන් පරාජය බාර ගන්න බවක් පෙනෙන්නේ නැහැ. ඔහු විවිධ හේතු මත නඩු ගොනු කරයි.

      Delete
    10. ඇමෙරිකාවට එක්සත්ජනපදයට ආදරය හිතෙන තැනක් තමයි කමලා හැරිස් ගේ ජයග්‍රහණය. සංක්‍රමණික පවුලකින් පැමිණෙන කාන්තාවකට එතනට යන්න පුලුවන් වීම. ඒවා වෙන රටවල ලෙහෙසි නැහැ.

      Delete
    11. මෙවර සංක්‍රමණික පවුලකින් නොපැවතෙන හය දෙනෙක් කොන්ග්‍රසයට තේරී පත් වී තිබෙනවා. තේරී පත් වුනු ඉතිරි සියලුම දෙනා සංක්‍රමණික පවුල් වලින් පැවත එන අය.

      https://www.cbsnews.com/news/six-native-americans-elected-to-congress-record-breaking/

      Delete
  7. හොඳින් බැලුවම පේන්නෙ ට්‍රම්ප්ගේ වැරදි ගැන සුදු රටවල අය ඇරෙන්න අනිත් රට වල මිනිස්සු ලොකුවට දොස් කියන්නේ නැහැ නේද? සුදු රටවල අය විතරයි එයාට ජාතිවාදියා කියන්නේ. ඒ රටවලින් පිට කළු/ දුඹුරු මිනිස්සු එහෙම කියන්නේ නැ. මැදපෙරදිග වුණත් එහෙමයි. ඒකට හේතුව ඒ මිනිස්සුන්ට ඒවා අදාළ නොවීම. ඒකයි ලංකාවේ ට්‍රම්ප්ට යම් අනුකම්පාවක් තියෙන්නේ. ඒ අය බලන්නේ තමන්ට වෙන බලපෑම විතරයි

    ReplyDelete
  8. ඇත්තටම මෙහෙමයි වැඩේ, ට්‍රම්පච්චී ඉන්නවනම් අපි වගේ පොඩි රටවල් වලට ලොකු කරදරයක් නෑ.. ඔය මානව හිමිකම්, UN වලින් ලොකුවට අපෙන් ලොකුවට ගේම ඉල්ලන්නේ නෑ.. ඇමෙරිකාවටත් ආර්ථික වශයෙන් හොඳයි මිනිහා.. අලුත් රැකියා, නිෂ්පාදන, වෙළදපොල වගේ දේවල් ගොඩාක් හොඳට පෆෝම් කලා මිනිහා ආවට පස්සේ.. මිනිහගේ ඔය ජාතිවාදී වැඩ, මිනිහගේ MAGA සපෝටර්ලා ගේ වැඩ තමයි ටිකක් අවුල්.. මොකද නුතන ඇමෙරිකාව හැදුනේ Immigrants ලාගෙන් නේ.. Nation of Nations... මට හිතෙන්නේ මිනිහා පරදින බව පේන්නෙ.. ඒ පරදින්නේ වෙනදට චන්දෙ දාන්නේ නැති උන් මේල් මගින් චන්දෙ දැම්මොත් සහ කපටි ඩිමොක්‍රටික් හොර ඡන්ද දැමීම් ඇතුළු ජාවාරම් වලින්.. එයාගේ ඡන්ද බේස් එක, southern ඇන්ඩ් agricultural states වල ගොඩාක් ස්ට්‍රොන්ග් නෙහ්..

    පැරදී යන මෑන් ගැන කොන්ක්ලූෂනයක් වශයෙන් කියන්න තියෙන්නේ;

    (1): 2016න් පස්සේ යුද්ධ නැහැ. අඩුම ගානේ, වරෙන් යුද්ධයට කියලා අඩගැහුවත් යුද්ධ කරන්න ගියේ නැහැ!

    (2): මානව හිමිකම් කියලා අනෙක් රටවල් අල්ලගන්න හෝ ඒ රටවල්වලට බලපෑම් කරන්න ගියේ නැහැ!

    අනික් හැමෝම කලේ, තමාගේ රටේ එකාව බේරගන්න ගමන්, ලෝකයේ අනෙක් මිනිසුන්ව බිල්ලට දීපු එක. පක්ෂග්‍රාහී ඩිමොක්‍රටික් සහ ලිබරල් ජඩ මාධ්‍ය මේ හාදයා හෙනම අවුල් කිවුවට, ඇත්තටම අවුල් කවුද කියලා හිතෙන්නේ මේ විදියට හිතුවමයි.

    ඇමරිකා එක්සත් ජනපදයේ මිනිස්සු මොනවා හිතුවත්, ලෝකයේ අනෙක් රටවල් මේවා හිතන්න ඕනේ නැද්ද?

    ReplyDelete
  9. ඉකෝන් පංචිකාවත්ත කිව්වම අපිට එකපාර මතක් වෙන සංකේත දෙකයි . එකක් පංචිකාවත්ත අපේ පක්ෂ කාර්යාලය .. අනික මුනේ...

    මුනසිංහ සහෝදරයා . ..

    ඕන වෙලාවක අපේ වාහනයක් කැඩුනොත් එකපාරටම මතක් වෙන්නේ මුනසිංහ සහෝදරයා .. විස්තරේ කියන්න විතරයි තියෙන්නේ යනකොට හොයලා තියෙනවා .. ඒ අතරෙත් ඉන්නේ වැඩ කරන තැන නෙමෙයි එක්කෝ හම්බන්තොට වාහනේට නැත්නම් සමන්ත සහෝදරයාට බදුල්ලට උදව් කරන්න දුවනවා .. ඒ මුනේගෙ හැටි..

    බඩු ගන්න තැන් වලට ගිහිනුත් ඒ මුදලාලි ලාට කියන්නේ මේක අපේ වැඩක් .. දන්නවනෙ පක්ෂයේ හැටි.. මේ සහෝදරවරු ජීවත් වෙන්නේ මෙච්චර අති දුෂ්කරතා රැසක් මධ්‍යයේ .. බඩු විකුණන මිනිස්සුන්ට පංති නොකරනවා විතරයි .. ඒ මුනේගෙ හැටි ..

    අපේ පක්ෂය කියන ඕනෑ වැඩක් තමන්ගේ වැඩකට වඩා විශාල හැගීමක් ඇතුව වැඩ කල හොඳ හදවතක් දැන් හදිසියේම අපෙන් සමුගෙන ... ��

    අපේ මුනසිංහ සහෝදරයගේ හැටියට කවදාවත් එයාට හැදෙයි කියලා හිතන්න බැරි ලෙඩක් ... ඒත් එයාට ඒක හැදුනා.. පක්ෂයේ හැමෝම .. පංචිකාවත්තේ යාලුවො විතරක් නෙමෙයි ... ලෙඩේ සනීප කරන්න බෑ කියල දන්න පිලිකා රෝහලේ දොස්තර මහත්තුරු පවා මුනේ ගොඩ දාන්න .. ආයේ අපි අතරට ගන්න මාර විදියට උත්සාහ කලා..

    ඒත් අද උදේ මුනසිංහ සහෝදරයා සදහටම සමුගත්තා ඉකෝන් ...

    මාරම දුකයි තමයි ඒත් මොනවා කරන්න ද .. දැන් පංචිකාවත්ත මතක් උනාම ඉතිරි වෙලා තියෙන්නේ අපේ පක්ෂයේ කාර්යාලය විතරයි ..

    මේ සටන හරිම අමරුයි .. ඊට වඩා සමුගැනීම අමාරුයි. ඒත් සමුගනිමු සහෝදරයා ! ඔබ ඇතුළු පක්ෂය හා සමාජවාදී අරගලය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කළ සියලුම සහෝදර සහෝදරියන්ගේ නාමයෙන් අරගලය ජයග්‍රහණය කරනවාමයි. එතෙක් ඔබට සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. කොන්ද කැඩෙන්නට තරම් වුනත් බර
      ගෙනියන්නම්, මං ගෙනියන්නම්
      ඉවසන්නම් මං දකින්න දෙව්පුර
      ඉවසන්නම් මං ඉවසන්නම්

      Could be some good foot solders, but what a waste?

      Delete
  10. හැබැටම ඉකෝ කෝවිඩ් 19 හෙම්බිරිස්සාවක් වැනි යැයිද ඒ සමග ජීවත්වීමට පුරුදු විය යුතු බවත් මුලින් පැවසූ බටහිර රටවල් අන්තිමට ඇන ගත්තානේ. මෙයට හේතුව herd immunity සහ PCR පරීක්ෂණ ගැන තාක්ෂණික කමිටු මගින් ඒ ඒ රජයන්ට දුන්නු වැරදි නිර්දේශයන්. දැන් ඔවුන් විශාල මරණ සංඛ්‍යාවක් පාළනය කර ගත නොහැකිව කුජීත ලෙස දඟලයි. ඇත්තෙන්ම මේ වසරේ මුල යුරෝපය සහ ඈමරිකාව විසින් මුල් අවස්තාවේම ලොක් ඩවුන් කිරීමකට ගියා නම් ලෝකය පුරා මෙතරම් දරුණු ලෙස කොරෝනා රෝගය ව්‍යප්ත නොවීමට ඉඩ තිබුණි.

    ලංකාවත් ලොක් ඩවුන් කිරීමකට ගොස් (Hammer) මුල් වටයේ කොරෝනා මරණ සහ පැතිරීම පාලනය කර ගත් නමුත් සංචාරක ව්‍යාපාරයත් නැවතිලා, ගාමන්ට් factory ත් වැහිලා, අපනයන නැවතිලා, රජයට ආදායමක් නැති වෙලා, කොරෝනා වාට්ටු හදන්න නිරෝධායන මධ්‍යස්ථාන හදන්න බිලියන ගනන් වියදම. ගත්තු ණය ගෙවන්නත් තියෙනවා. නිරෝධායනය වෙන කට්ටියට 10,000ක බඩු මල්ලකුත් දෙනවා. රස්සානැති කට්ටියට 5,000කුත් දෙනවා. ඒ සියලු දේ සැබෑය. නමුත් ලංකාව දැනට ඉන්න stage එක ගැන අරගෙන තියෙන තීරණය හරිද කියලා නැවත සලකා බලන්න ඕනෙ. ලංකාවේ දැන් ඇත්තටම එලබ ඇත්තේ හතර වන අවධිය එනම් අග මුල සොයා ගත නොහැකි පොකුරු තැනින් තැන මතුවන අවස්තාව නේද? PCR පරීක්ෂණ වාර්තා කඩිනමින් නොඑන, ලෙඩුන් හමුවන ප්‍රස්ථාරය වක්‍රාකාරව ඉහලට එසවෙන (Exponential), තැනින් තැන හදුනානොගත් රෝගීන් මියයන අවස්තාවක නේද මේ අපි ඉන්නේ? අනික මේ වතාවේ ලංකාවේ හමුවන වයිරස් ප්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරෙන බවත් කියැවෙනවා.

    එන්නතක් හොයා ගන්නකල්ම රට වහන්න කියලා නෙමෙයි කියන්නේ. රෝගීන් මතුවන වේගය අඩුවෙනකල් කලානම් සම්ප්‍රේෂණය අඩු කර ගත හැකියි. නැතිනම් වෙන්නෙ මේ දවස් කීපයට දාපු ඇදිරි නීතියෙනුත් වැඩක් නැති වෙන එක. අසාර්ථක බව ඔප්පු කල බටහිර පාලකයන් ගේ ක්‍රම අනුව නොයා, lockdown හී ආදීනව කතා කරමින් නොසිට, dance එක නතර කර, රටම මිනී කනත්තක් වීමට පෙර අවම තරමින් දිස්ත්‍රික් මායිම් තව කාලයක් වසා තබමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: