වෙබ් ලිපිනය:

Wednesday, November 4, 2020

මැතිවරණයෙන් පසු...


ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ජයග්‍රාහකයා කවුද කියන එක මේ මොහොත වන තුරුත් නිශ්චිත ලෙස තීරණය වී නැහැ. බොහෝ දුරට ජයග්‍රාහකයා වනු ඇත්තේ ජෝ බයිඩන්. ජනාධිපතිවරණය කියා කිවුවත් මෙහිදී වෙන්නේ ජනාධිපතිවරයාව තෝරා ගැනීමේ බලය තිබෙන නියෝජිතයින් 538 දෙනෙකු තෝරා පත් කර ගැනීමයි. ජයග්‍රාහකයා වෙන්නනම් එයින් නියෝජිතයින් 270 දෙනෙකුගේ ඡන්ද ලබාගත යුතුයි. 

විවිධ රූපවහිනී නාලිකා වලින් පෙන්වන්නේ එම නාලිකා වල ඇස්තමේන්තු මිස නිල ප්‍රතිඵල නෙමෙයි. ඒවා එකිනෙකින් වෙනස් වන්නේ ඒ නිසයි. දැනට ගණන් කර අවසන් ඡන්ද ප්‍රමාණ අනුව මේ ප්‍රතිඵල නිවැරදි වෙන්න විශාල ඉඩක් තිබුණත් එසේ නොවෙන්නත් පුළුවන්. 

දැනට තිබෙන තත්ත්වය අනුව හා මා ඇස්තමේන්තු කරන ආකාරය අනුව වඩාත්ම ඉඩ තිබෙන්නේ බයිඩන්ට නියෝජිතයින් 270ක් හා ට්‍රම්ප්ට නියෝජිතයින් 268 ලෙස නියෝජිතයින් බෙදී යන්නයි. එසේ වුවහොත් එය කෙස් ගහෙන් කඩඉම පැන ලබන ජයග්‍රහණයක්. 

මේ ප්‍රතිඵලය මෙසේ නොවී වෙනස් වෙන්න ඕනෑ තරම් ඉඩ තිබෙනවා. බයිඩන්ගේ නියෝජිතයින් ගණන සැලකිය යුතු ලෙස වැඩි වීමේ සිට ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම දක්වා දේවල් සිදු වෙන්න තවමත් ඉඩ තිබෙනවා. ඒ වගේම, ජනවාරි දක්වා කාලය තුළ ජනාධිපතිවරණය හා අදාළ නඩු තීන්දු ඇතුළු තවත් බොහෝ දේවල් දෙස බලා ඉන්න වෙයි. කෙසේ වුවත්, මේ වෙද්දී ට්‍රම්ප්ට නැවත ජනාධිපති වීමට තිබෙන ඉඩකඩ බොහෝ දුරට ඇහිරී අවසන්.

ජනමත සමීක්ෂණ මත පදනම් වෙමින් ජෝ බයිඩන් දිනන බව බොහෝ තැන් වල පුරෝකථනය කෙරී තිබුණා. එහෙත්, ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. පසුගිය 2016 ජනාධිපතිවරණයේදී මේ ආකාරයෙන්ම සිදු කළ පුරෝකථන නිවැරදි නොවීම එයට හේතුවයි. 

මෙවර පුරෝකථන සිදු කළ අය 2016 සිදුවීමෙන් පාඩමක් උගෙන තමන්ගේ ආකෘති සීරුමාරු කර තිබුණත් දැන් දැකිය හැකි ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ එසේ සීරුමාරු කිරීමෙන් පසුවද එම ආකෘති එතරම් ඵලදායී වී නැති බවයි. දිනුවත් පැරදුනත් පුරෝකථන වලට සාපේක්ෂව ට්‍රම්ප් බොහෝ ඉදිරියෙන් ඉන්නවා.

සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජනාධිපති මාරු වුනා කියා රට ඇතුළේ මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. බොහෝ ඇමරිකානුවන් ඡන්දය දමන්නවත් උනන්දු නොවෙන්නේ ඒ නිසයි. එහෙත්, මේ වෙද්දී ඇමරිකානුවන් පක්ෂ වශයෙන් ධ්‍රැවීකරණය වී තිබෙන තරම අනුව හා තවත් හේතු නිසා පෙර නිරීක්ෂණය අනාගතයට එලෙසම වලංගු නොවෙන්න පුළුවන්.

ඇමරිකානුවෙකුගේ දේශපාලන පක්ෂය බොහෝ විට රහසිගත, පෞද්ගලික කරුණක් නෙමෙයි. බොහෝ දෙනෙක් කිසියම් පක්ෂයක ලියාපදිංචි සාමාජිකයෙක්. මා ජීවත්වන ප්‍රදේශය බහුතර රිපබ්ලිකන් ප්‍රදේශයක්. එහෙත්, මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්.

මා මේ පක්ෂ දෙකෙන් එකකවත් සාමාජිකයෙකු නෙමෙයි. මගේ පෞද්ගලික අනන්‍යතාව සාමූහික අනන්‍යතාවයකට යටපත් කරගන්න මම පෞද්ගලිකව කැමති නැහැ. 

පෞද්ගලිකව මට ට්‍රම්ප් කියා කියන්නේ මගේ ඇතැම් මිතුරු මිතුරියන්ට මෙන් නම ඇහෙන කොට මළ පනින, පෙන්නන්න බැරි පුද්ගලයෙක් නෙමෙයි. ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ ගත් විවිධ තීරණ නිසා රටක් ලෙස ඇමරිකාව කෙරෙහි හා ඇමරිකාවේ ආර්ථිකය කෙරෙහි සාධනීය බලපෑමක් සිදු වූ බව මගේ අදහසයි. එහෙත්, මා තීරණ ගන්නේ පළමුව මවුබිම යන පදනමින් හෝ පළමුව ආර්ථිකය කියන පදනමින් නෙමෙයි. 

පළමු පරම්පරාවේ සංක්‍රමණිකයෙකු වන මා ඇමරිකාවේ ජීවත් වෙද්දී සංක්‍රමණිකයෙකුට හෝ පොදුවේ සුළුතර කණ්ඩායමක සාමාජිකයෙකුට හිමිවන සාමාජික අවකාශය පුළුල් වන සමාජ දේශපාලනික වටපිටාවක් පවතිනු දකින්න කැමතියි. ට්‍රම්ප් වැනි නායකයෙකු දිගටම බලයේ සිටීම ඒ අවකාශය පුළුල් කර ගැනීමට බාධාවක්.

සාමාන්‍යයෙන් මා හැම විටම වාගේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර බල තුලනයක් දකින්න කැමති කෙනෙක්. එසේ වූ තරමට ආණ්ඩුවකට ලොකු දේවල් කරන්න තිබෙන ඉඩකඩ ඇහිරෙනවා. කවුරු දිනුවත්, මේ මැතිවරණයෙන් පසුව ඇමරිකාව තුළ එවැනි බල තුලනයක් දකින්නට ලැබෙන බවනම් පැහැදිලියි. 



22 comments:

  1. ඉකොනෝ මහත්තයා පැත්ත මාරු කරන්න වගේ යන්නේ. මෙච්චර කල් ඉකොනෝ මහත්තයා ට්‍රම්ප් ආණ්ඩුවේ ගජ මිතුරෙක්. දැන් ඉතිං ට්‍රම්ප් පැරදෙන්න යන නිසා කියනවා ඒ වගේ අය දිගටම ඉන්න එක හොද නැහැ කියලා. ආයේ කියනවා ඉකොනෝ මහත්තයාගේ යාලුවෝ ඔක්කොමත් බයිඩින්ට ජන්දේ දුන්නු අය. මහත්තයා නං ඔය පක්ෂ දෙකේම සාමාජිකයෙක් නෙමේ කියලා. මෙච්චර කල් ට්‍රම්ප්ට කඩේ ගිය තරමට එක පාරම කියන්නත් බැහැනි ජන්දේ දුන්නේ බයිඩින්ට කියලා. ඒ නිසා දැන් මෙහෙම කියලා ශේප් වෙන්න ලෑස්ති.

    හෙට අනිද්දා ඉදන් බයිඩන් ආණ්ඩුවේ රස්සාවක් හම්බෙයි නේද මහත්තයට? කවුරුදිනන්නත්අපිහම්බකරොත්අපිකනවා.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Can you write an article on impact of US election on SL.

    ReplyDelete
    Replies
    1. ඉම්පැක්ට් ගැන කෙටියෙන් කියනවනම් මෙදා පාරත් අන්ත ජාතිවාදී බෙදුම් වාදී ලාංකීය සංක්‍රමණක කොටි කල්ලිය දිනුම් බව පේන්නෙ. ට්‍රම්ප් පරදින එක විතරයි අපේ සමහර අයට පෙනෙන්නේ. ඔය අනික් අපේක්ෂකයා සමග එකතු වෙලා ඉන්න කමලාට කොටි ඩයස් පෝරාව කෝටි ගානක් වියදම් කරේ උන්ට වාසි ගන්න හිතාගෙන. ට්‍රම්ප් හිටිය නම් ලන්කාවට වාසි වැඩියි, මොකද එයා කොටි කල්ලියට ඕනෑ විදියට වැඩ නොකර නිසා සහ ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳ පොළ වුණ ඇමරිකානු එක්සත් ජනපදය ආර්ථික වශයෙන් බලවත් වෙන එක හින්දා. හැබැයි ඩිමොක්‍රටික් හාල්පාරු අමන ආණ්ඩුවක් හින්දා ඉස්සරහට ජිනීවා වල සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් එන බලපෑම නිසා හැම දාම අපිට ලෙඩ.

      ඇමරිකන් එක්සත් ජනපදයේ පැත්තෙන් ගත්තොත් පසුගිය චන්දෙදී ට්‍රම්ප් රුසියාව සමග රහසිගත වැඩපිළිවෙලක සිටි බවට චෝදනාවක් එල්ල වුනා.
      සෙනෙට් එක හා සී ඓ ඒ එක ට්‍රම්ප්ව හලන්න තීරණය කරන්න ඇති.
      මේ දෙකට අවනත නොවන ජනපතිවරයෙකුට ඇමරිකන් එක්සත් ජනපදයේ පැවැත්මක් නැහැනේ.

      Delete
  4. ඇත්තටම ඉකොනො ඔබාම වගේම බයි-ඩනුත් වචන හරඹ සහ බොරු ෂෝ වලින් ලෝකයේ සෝබනකාර මානසිකත්වයේ මිනිස්සුන්ව අල්ලන්න දක්ෂයි වගේ, ලෝකයට ඇත්තටම දෙයක් කරනවාට වඩා. බයි-ඩන් කියන්නේ කැම්පේන් කරන අයගේ පඹයෙක් විතරයි.

    ඇමරිකා එක්සත් ජනපදයේ ස්වාධීන අදහස් තියන නායකයෝ උන්නේ ඉතාම පොඩ්ඩයි. ට්‍රම්ප් එක්කෙනෙක්. මෑන් වෙන වෙන ඇජෙන්ඩා නැතුව කෙළින් වැඩ ටික කරගෙන ගියා.

    ඒ වගේම ලංකාවේ පැත්තේ ඉඳන් බලන විට මෙහෙම කියන්න පුළුවන්;

    පරණ කතාවක් තියෙනව,

    "සාමකාමියෝ නිහතමානියි කපටියි, සටන්කාමියෝ උද්දච්චවයි මෝඩයි කියල"

    ට්‍රම්ප් කාරයටයි බයි-ඩන් කාරයටයි ඕක හොඳට ගැලපෙනව, පරිස්සම් වෙන්න ඕන එකා කවුද කියල තේරෙනවනෙ

    ReplyDelete
  5. Election results show there is a great support for Trump though he is going to lose. Trump, Modi, Gotabhaya, Xi, Bolsenaro, Putin all are birds of same feather.

    ReplyDelete
  6. සන්නද්ධ අරගලයකින් ඇමරිකාවේ බලය අල්ලා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සහය දෙමු. අපට යුද්දේ නැතුව පාළුවෙන් ඉන්නා නිසා කාගේ හරි යුද්දෙකට මැදිහත් වෙමු. ඉල්ලන්කා යුද්ධ හමුදාව එහාට යවමු. සන්නද්ධ පුහුණුව සහිත හිටපු ජෙවිපේ සහ කොටි සංවිධානයේ කාඩර්වරුන්ගේ සහයත් සටනට ලබා දෙමු. හිරු නගිනා විට ඇමරිකාවේ බලය අල්ලා ගෙන ට්‍රම්ප් මහතාට ලබා දෙමු.

    ReplyDelete
  7. ට්‍රම්පච්චි ට්‍රම්පච්චි ඔබයි රටට අප්පච්චි.
    බොක යන්නේ නැහැ බොලව්. මුළු රටම අඳුරු වෙලා. බත් ඉදෙන්නේ නෑ.
    මරලා හරි ගන්ඩ තිබ්බනි ට්‍රම්පච්චි.


    ට්‍රම්ප් සුළග පටන් ගමු.

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් අප්පච්චි.

      බුදුබව අත්වෙයි ඉකොනෝ පුතාට...
      මං වැඳලා කියන්නං පව් නෑ නුබට...
      කවදාවත් එපා ඉකොනෝ ට්‍රම්පච්චිට පිටුපා යන්න...
      මං මැරුණු දාට එපා පුතේ ට්‍රම්ප්පච්චිව පාලු කරන්න.

      Delete
  8. මම දකින විදිය වෙනස් ඉකෝන් ඉතිහාසයේ වැඩිම තැපැල් ඡන්ද ඡන්ද ප්‍රමාණයක් මේ පාර ඇමරිකාවේ ඡන්දදායකයන් ජනාධිපතිවරනයට පාවිච්චි කර ඇත, ඒ මිලියන 100ක්. එම තැපැල් ඡන්දවලින් 60% ත් 70% ආසන්නම ඩෙමොක්‍රැටික් පක්ෂයේ ජෝ බයිඩන් වැටී ඇති බව අනුමාන කර තිබේ දැන් ඒවා තමයි ගණනය වෙන්නේ. දින්නොත් දිනන්නෙ පෙන්සිල්වේනියා ජනපදය සහ ජෝර්ජියා ජනපදය කියන දෙක පමණයි! එම ජනපද දෙක පමණක් ජයග්‍රහණය කොට "270 වේ ඉලක්කයට කිසිසේත් ම ළඟා විය නොහැකියි. ට්‍රම්ප් මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් නිසැකයෙන්ම ඔහු පරාදය වනු ඇත.

    ලංකාවේ මෙලෝ රහක් නැති දේශපාලන දැනුමෙන් හිඟන්නන් වෙන ගෝතයන් බයිඩන් දිනුවට සතුටු වෙනවා උන් දන්නෙ නැද්ද දන්නෑ ජෝ බයිඩන්ගෙ ඩිමොක්‍රටික් පක්ශය දිනනවා නම් තමයි ඊලාම් හිතවාදින් වැඩියෙන්ම කැමති.. හේතුව බයිඩන් ජනාධිපති උනාම රාජ්‍ය ලේකම් කරන්නෙ තමිල්නාඩු සම්භවයක් තියෙන ගෑනියක්ව.. ඩයස්පෝරාවට අතිශයින් හිතවත්

    ට්‍රම්ප්ගෙ පාලන කාලය තුල යටගිය යුධ අපරාධ නඩු මානව හිමිකම් නඩු වල ෆයිල් උස්සන් දැන් ලංකාවට හැමදාම ජිනීවා බඩගාන්න වෙද්දි බයිඩන්ට හුරේ දාපු උන්ට සනීපෙට තියෙයි..

    ට්‍රම්ප් ලොක්කා ඒ අතින් වෙන කිසිම රටක අභ්‍යන්තර කටයුතු වලට පමණට වඩා ඉන්වෝල් උන් නෑ.. අනවශ්‍ය යුද්ධ වලට පැටලුනෙ නෑ

    ට්‍රම්ප් ගෙදර යාම අපේ ප්‍රශ්නයක් නොවුනත් පස්සේ ලංකාවේ අපිට තරු විසිවෙන්නෙ බයිඩන් ලොක්කගේ නම යටතේ ඉන්න සෙට් එක වැඩ පටන් ගත්තාම...

    ReplyDelete
  9. බයිඩන් ලොක්ක දිනුවොත් අපේ ලොක්කගේ ඇමරිකන් පුරවැසිකම අහිමි කරගැනීමේ ක්‍රියාදාමය නිවැරදිවඋනාද කියන ප්‍රශ්නය නැවත කරලියට ඒවිද?

    ReplyDelete
  10. නිත්‍යානුකූලව චන්දය පාවිච්චි කරපු මිනිස්සුන්ගෙ චන්ද ගනන් කිරීම නතරකරන්න කියලා උසාවියන මිනිස්සු ඉන්න රටක්උනා ඇමරිකාව!

    ReplyDelete
  11. මේ කට්ටිය (සමහරු) කමලා හැරිස් ලන්කාවෙ extreme organisations වලට උදව් කරයි කියන speculations වල valid basis එකක් තියෙනවාද, Econ? මටනම් හිතෙන්න ප්‍රමුඛතාව තියෙන්නෙ ට්‍රම්ප් කරපු පිස්සු e.g. Paris Agreement, නිවැරදි කරන්න කියලා.

    ReplyDelete
    Replies
    1. නැහැ ඉයන් ජෝ බිඩන් කියන්නේ ඔබාමාගේ හිටපු උප ජනපති ඒවගේම හිලරි කියන්නේ ඔවුන්ගේ හිටපු රාජ්‍ය ලේකම්, අපි කවුරුත් දන්නවා හිලරි වෙනුවෙන් ලංකාවෙන් පැන්න ඩයස් කොටි කල්ලිය වැඩකලේ කොහොමද කියල, ඒවගේම අපි කවුරුත් දන්නව ඔබාමා පාලනය අපිව මානව හිමිකම් උගුලේ හිරකලේ කොහොමද කියල. ඒවගේම ඔවුන්ගේ ඒ උගුලේ ස්ව කැමැත්තෙන්ම වැටෙන්න අපේ මංගල සමරවීර කියන කාලකන්නි ජඩ දේශපාලුවා කටයුතු කලේ කොහොමද කියල. මංගල සමරවීර, චන්ද්‍රිකා, රනිල්, සජිත් මේ කට්ටිය ඔක්කොම සහය දෙන්නේ ඔය බිඩන් ,කමලා ,ඔබාමා ,හිලරි කට්ටිය ඉන්න ලිබරල් ඩිමොක්‍රටික් කඳවුරට. ඒ කියන්නේ ට්‍රම්ප් හොඳයි අපිට කියන එක නෙවෙයි නමුත් ට්‍රම්ප් තමන්ගේ රට ඇතුලේ ත්‍රස්තයන් ක්‍රියාත්මක වීම නුරුස්සන කෙනෙක්. පොම්පියෝ ඇවිත් අපිට කෙලින්ම මානව හිමිකම් ගැන පුස් ටෝක් එකෙක් දුන්න නමුත් හිලරිලා බිඩන් ලා ඔබාමාලා ඊට එහාට ගිහින් අපිට බේරෙන්න බැරි තැනට කරදර කරනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් චීනය සමග බිඩන් ලා හිලරිලා හොඳ නිසා චීනය උනත් අපි වෙනුවෙන් මැදිහත් වෙන එකක් නෑ ඒ මදිවාට කමලා හැරිස් කියන ගෑනි බාගයක් තමිල්නාඩු බාගයක් කළු ඩයස් කොටි කල්ලිවල ගජමිතුරු ගෑනියෙක් ඔය ගෑනි අනිවාර්යෙන්ම අපිට විරුද්දව මහා විශාල වැඩ කොටසක් කරනවා කියල පැහැදිලියි. ඇමරිකාවේ මේ අලුත් බලපෙරලිය එක්ක මන්ගල, රනිල්, සජිත් සමග කොටි හවුල රාජපක්ෂ කල්ලියට එරෙහිව නැගී සිටීම අනිවාර්ය අංගයක් ලෙස දකින්න පුළුවන්. ඒ සමගම ඩයස් කොටි කල්ලිය ලංකාවේ රජයට විරුද්දව නව පණක් ලබා කටයුතු කරාවි. ඒක බොහොම පැහැදිලිව පේනවා.

      Delete
    2. ithin eka honda deyakne.

      Delete
  12. පළමු පරම්පරාවේ සංක්‍රමණිකයෙකු වන මා ඇමරිකාවේ ජීවත් වෙද්දී සංක්‍රමණිකයෙකුට හෝ පොදුවේ සුළුතර කණ්ඩායමක සාමාජිකයෙකුට හිමිවන සාමාජික අවකාශය පුළුල් වන සමාජ දේශපාලනික වටපිටාවක් පවතිනු දකින්න කැමතියි. ට්‍රම්ප් වැනි නායකයෙකු දිගටම බලයේ සිටීම ඒ අවකාශය පුළුල් කර ගැනීමට බාධාවක්.

    මේ කොටස අපැහැදිලියි.
    ඉකොනොමැටිටලාගේ පවුලේ තුන්වෙනි පරම්පරාව සිංහලයන් නොවන බව රංග ඩයස්ට බටහිර විද්‍යාඥයෙක් වෙන්න බැරිබව තරම්ම සහතිකයි.

    එනම් ඉකොනොමැටිටලාගේ පවුලේ තුන්වෙනි පරම්පරාව අයිතිවෙන්නේ මහජාතියට.
    ට්‍රම්ප් වැනි නායකයෙකු දිගටම බලයේ සිටීම ඔවුන්ට වාසියි.

    ReplyDelete
    Replies
    1. //එනම් ඉකොනොමැටිටලාගේ පවුලේ තුන්වෙනි පරම්පරාව අයිතිවෙන්නේ මහජාතියට//

      ඇමරිකාවේ මහ ජාතිය හෝ සුළු ජාතීන් කියන එකෙන් අදහස් වෙන්නේ සංස්කෘතික වෙනසක් නෙමෙයි. හමේ පැහැය. ඒ නිසා, තුන් වෙනි පරම්පරාව කවදාවත් සුද්දෝ වෙන්නේ නැහැ. වැඩිම වුනොත් "මිශ්‍ර" වෙයි.

      නලින් ද සිල්වා සිංහල ජාතියට අනෙකුත් ජනවර්ග ඇතුළු කර ගැනීමක් ගැන කතා කළත්, ඇතැම් බලකා වල අය ඉන්නේ දෙමළෙක්, තම්බියෙක් දුටු තැන පහර දෙන මානසිකත්වයක. නලින් ද සිල්වා විසින් අනුමත කළත්, නොකළත් ඔහුගේ මතවාද නිසා වක්‍ර ලෙස ඔය වගේ බලකා පෝෂණය වෙනවා. මුසම්මිල් විමල් වීරවංශගේ දකුණු අත වගේ හිටියත් ඔය වගේ බලකායකට ඔහු තවත් එක් තම්බියෙක් පමණක් වෙන්න පුළුවන්.

      Delete
    2. ඉකෝ "මහ ජාතියේ අය" කියලා අදහස් කලේ ඇමරිකානු සුදු ජාතිකයොද?

      හැබැයි ඇමරිකන් සුදු අයටත් වඩා හැම අතින්ම උග්‍ර ලෙස වර්ණභේදවාදී ජාතිවාදී වර්ගවාදී සුදු ඕස්ට්‍රේලියානුවොත් මේ දවස් වල හිනාවෙනවා ලෝකෙ අනික් රටවල ප්‍රජාතන්තවාදේ ගැන හොයන්න ගිය ඇමරිකාවට උන දේ ගැන.

      ඉකෝ ඇත්තටම ඔය ඇමරිකාවේ මිනිස්සු (බහුතරය ගැන මං අහන්නෙ) ඡන්දෙ ගැන උනන්දුයිද?

      මොකද ඕස්ට්‍රේලියාවේ චන්දෙ නොදැම්මොත් කෙහෙල්මල් දඩයක් ගහන නිසා හැමෝම අකමැත්තෙන් බැණ බැණ ඡන්දෙ දාන්න යනවා.

      හැබැයි ඊට පස්සෙ ලේබර් රජය පෙරලිලා ලිබරල් ආන්ඩුවක් ආවත් ඒකේ අනික් පැත්ත උනත් කිසිම කෙනෙක් ඒ ගැන කතා කරන්නෙ නෑ. හැබැයි ආණ්ඩුවක් පිහිටවන්න ඡන්දෙ දීපු උනුයි නැති උනුයි හැමෝම හැමදාම පාලක පක්ෂයට වැඩියෙන් සහ විපක්ෂයට ඊට අඩුවෙන් අවලාද අපහාස දෝෂාරෝපණ නගමින් බැන බැන ඔහේ කරබාගෙන වැඩ ටික කරගෙන ඉන්නවා.

      හැබැයි මෙහෙ මිනිස්සු, විශේෂයෙන්ම සංක්‍රමණික අය සාමාන්‍යයෙන් යමෙක් ඉන්න වීසා එකයි, වයසයි, හම්බෙන පඩියයි, ඡන්දෙ දෙන්නෙ කාටද කියන එකයි ගැන අහන්නෙ නෑ. සුද්දන් ගෙන් කොහොමටවත් අහන්නේ නෑ ඉතිං නිකන් කචල් දාගන්න බැහැනේ.

      Delete
  13. ඔයවගේ නාටක මෑතක දී මුලින්ම කළේ ජූනියර් බුශ්, හැබැයි ඉතින් ඔය තරමටම කුජීත කරේ නෑ ඒත් 2000දි එයා දින්නෙත් කාලයක් ගිහින් කලින් ඇල්ගෝර් දිනපු ෆ්ලොරිඩා ආපහු බුශ්ට ගිහින්. ඒකත් හෙන නාඩගමක් තමයි ඉතින් ☺️

    ඒත්, යම් පදනමක් තියෙන චෝදනාවක් කරන්න පුළුවන්. ඒකත් සිස්ටම් එකේම කොටසක්. හැබැයි දැන් වෙන්නේ ඒකද? බේස්ලස් චෝදනා හරහා වෙන්නේ, ලොකු අවුලක්. ඒ හරහා කරන්නේ, අර ඡන්දය දුන්නු ඇමරිකන් මිනිසුන්ට අපහාසයක් නේද ඉකොනොමැට්ටා?

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 4.12 AM

      බේස්ලස්ද නැද්ද දන්නෙ නෑ.
      ඒත් ට්‍රම්ප් ඇමරිකානු සිස්ටම් එකෙන් එලියෙ ඉන්නෙ. ඇතුලෙ ඉන්න උන් පොර පරද්දන්න ඕන දෙයක් කරයි කියල හිතනව.

      ගියපාර ට්‍ර්ම්ප් දිනුව දවස්වල CNN වල එහෙම ගියේ ජනාධිපති උනාට ආන්ඩු කරනන්න තිය තනතුරු වලට පත්කරන්න වත් කට්ටිය නෑ වගේ. මීඩියා හිලරිට කඩේ ගියේ රෙදි නැතුව.

      ලෝකයේ අන් කිසිම රටකට වඩා ඉතාමත් කුජීත ලෙස සකස් වුණු සිස්ටම් එකක් පවත්වාගෙන යන ඇමරිකන් එක්සත් ජනපදයේ ඔය ඉලෙක්ට්‍රොල් කොලේජ් (ඡන්ද ඉස්කෝල) කියන්නෙම ඓතිහාසික හේතු නිසා පවත්වගෙන යන විකාරයක්, ඇමරිකාවේ සිස්ටමැටික් අවුල් අම්බානක තියනවා , ෆවුන්ඩින් ෆාදර්ලා කරේ තියන් යන නිසා තාම වෙනස් නොකර.

      මම හිතන්නෙ රටක ජනාධිපතිවරයෙක් තෝර ගන්න ඕනි පොපියුලර් වෝට් එකෙන්, ඒ කියන්නේ එක මිනිහෙක් ගේ රිප්‍රසන්ටේශන් එක තමන් මිසක් ආයේ ඉලෙක්ටර්ස්ලා කියලා තෝල්කයෝ ජාතියක් ඕනි නෑ.

      කලින් නම් ඉලෙක්ටර්ස්ලා කියන එවුන් ජනපදයේ ඡන්ද වලට පිටින් ඡන්දය දුන්නත් කරන්න දෙයක් නෑ තිබුණ නිති අනුව, හැබැයි දැන් මේ අවුරුද්දෙ දි නීතිය වෙනස කරා, තමන් පක්ෂපාතී කියල පොරොන්දු උන කෙනාටම දන්දෙ දෙන්න ඕන.

      එහෙම නොකරොත් වෙන කෙනෙක් පත් කරන්නත්, ප්‍රශ්න විසදගන්න කන් ජනාධිපති නම් කිරීම හා දිවුරුම් දීම කල් දාන්නත් පුලුවන්.

      ඒත් ඉලෙක්ටර්ස්ලා කියලා ජාතියක් ඕනිම නම්, එක ඉලෙක්ටර් කෙනෙක්ගෙන් සමාන ජනතාවක් නිරුපණය වෙන්න ඕනි, ඒත් ඇමරිකන් එක්සත් ජනපදයේ ජනපද 16ක් , පොපියුලර් වෝට් දිනන අයට , ඉලෙක්ටර්ස්ලා දෙන්න යෝජනා සම්මත කරන් තියනවා මම දන්න තරමින්. ඉකොනො වැරදි නම් කියන්න බලන්න මොකද්ද අලුත්ම නීතියේ තත්ත්වය කියලා.

      Delete
  14. මට තේරෙන විදිහට නම් ලෝකෙ තියෙන ජරාම මැතිවරණ ක්‍රමයක් තමා ඇමරිකා එක්සත් ජනපදය කියන රටේ තියෙන්නෙ.. හොඳ මැතිවරණ ක්‍රමයක් ඕනෙ නම් ලංකාවෙ ක්‍රමය බලන්න..

    Mail in ballot කියන්නෙම හරිම අවුල් සහගත හොර ඡන්ද වලට පාර කියන අමන ක්‍රමයක්.. විහිලුවක්.. අනිත් එක එක එක ප්‍රාන්ත වල එක එල මැතිවරණ නීති තියෙන එක. මොන විගඩමක් ද ෆෙඩරල් මහ ඡන්දයකදීවත් හැමෝම එකතු වෙලා එක නීතියක් ක්‍රියාත්මක කරන්නේ නැතුව.

    ඇත්තටම කියන්නේ ඔය වගේ ක්‍රමයක් ලංකාවෙ තිබ්බ නම්, මං එක මැතිවරණයක්වත් විශ්වාස කරන්නෙ නෑ.

    ReplyDelete
  15. ඉකොනෝමැක්ටා මොකද හිතන්නේ මේ දවස්වල නිව්ස් වල කියන අමෙරිකා එක්සත් ජනපදයේ අවුරුදු 120ක (එනම් 1900 ඉපදුන) අය පවා ඡන්දයට රෙජිස්ටර් වෙලා ඡන්දයත් ප්‍රකාශ කරලා තියෙනවා කියන කතා ගැන? ඒ කියන්නේ ඇත්තද?

    විවිධ ජනපද වලින් අවුරුදු 115 පැනපු බොහෝමයකගේ ඡන්ද මෙලෙස ප්‍රකාශිත වි ඇති බව වාර්තා වෙනවනේ.

    ඒ වගේම විශේෂත්වය වන්නේ මොවුන් කිසිවෙකුත් දැනට ජීවතුන් අතර නොමැති වීම කියල කියන්නේ ඇත්තද?

    මිචිගන් ජනපදයේ රජය මගින් පවත්වාගෙන යන මේ Voter Information වෙබ් අඩවියට පිවිස ඔබටත් එම ප්‍රවෘත්ති පත්‍ර වල තියෙන දත්ත ඇතුළත් කර මේ කතාව සැක හැර බලාගන්න පුලුවන්.

    https://mvic.sos.state.mi.us/Voter/Index

    මේක ඇත්තක් නම් ලෝක ඉතිහාසයේ දූෂිතම මැතිවරණ වලින් එකක් අමරිකා එක්සත් ජනපදයේ වාර්තා වෙයි කියලා කියන්න වෙන්නේ ��

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: